Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 35 << < 2627282930 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 14 Oct 2018 06:44 AM ගෙල ඇටය දිරායැමේ භයානක තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද? ප්රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්රීව අස්ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්රීව අස්ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක් හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්ථා තිබෙනවා. ග්රීව අස්ථිය දිරා යැම වෙනම ලෙඩක්. එය Degenerative neck bone dies esa කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක් සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක් පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක් නොවෙයි. ලොකුම ප්රශ්නය හට ගන්නේ මෙම අස්ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි. ප්රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්රීව අස්ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක් ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්රතිකාරවලින් පසු ඔවුන් 100% ක් ම සුවපත් වෙනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Oct 2018 06:53 AM ස්නායු මාර්ග අවහිර කරමින් වේදනාව ගෙනදෙන සන්ධි වර්තමානයේ බහුල ලෙසටම කතා බහට ලක්වෙන මොනවාද මේ සන්ධි ගත වාත රෝග සෛල කියන්නේ? ශරීරයේ පිහිටි ලොකු කුඩා විශේෂ සන්ධිස්ථානයන්ගෙන් වේදනාව, පීඩාව, ඉදිමුම, හිරිය, ප්‍රදාහය, ඒවායේ ක්‍රියාකාරීත්වයේදී පැන නඟින පීඩාව විකෘතිතාවය ආදී කී නොකී ලක්ෂණ බොහෝමයක් සමග පැන නඟින රෝගාබාධ තත්ත්වයක් වේනම් එය සන්ධිගත වාත රෝගයක් වේ. එහෙත් මේ සඳහන් කලාවූ සියලුම ලක්ෂණ සෑම සන්ධි ගත රෝගයකදීම එකවිට පැන නොනඟී. ඉන් කීපයක් පළමුව ඇතිවනව. රෝගය උත්සන්න වන විට ඉහත ලක්ෂණ බොහෝමයක් එම රෝගියා තුළින් දිස්වේ. මෙම රෝගයේදී බහුල ලෙසටම පීඩා විඳින ශරීර සන්ධි මොනවාද? දණ හිස සන්ධි, වළලුකර සන්ධි, වැලිමිට සන්ධි, උරහිස සන්ධි, කොඳුඇට පෙළ සන්ධි, මැණික් කටුව සන්ධි, ඇඟිලි පුරුක් සන්ධි, ආදී කී නොකී බොහෝ සන්ධිස්ථාන ඇසුරු කරමින් ඒ ඒ හේතුන්ට අනුව රෝග ලක්ෂණ පහලවේ. මේවායින් සමහරක් අවස්ථා සුළු ප්‍රතිකර්ම වලින් පවා සුවකළ හැක. එහෙත් හේතු ලක්ෂණ අනුබද්ධ දොaස ප්‍රබලත්වය යන කාරණා මත ඇතැම් සන්ධිගත වාතරෝග මනාපිළියම්වලින් තොරව සුව කිරීම දුෂ්කර වනවා. එනිසාම දක්ෂ වෛද්‍යවරයකු වෙත යොමුවී නිවැරදිව රෝගී තත්ත්වය හඳුනාගෙන ඊට අනුව ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. වර්තමානයේ බහුලවම දැකිය හැකි සන්ධි රෝග මොනවාද? ශරීරයේ සියලුම සන්ධීන්ට බලපෑම් කළ හැකි සන්ධිගත වාත රෝග අතර ආම වාතජ සන්ධිවාත රෝගය හා වාත රක්තජ සන්ධි වාත රෝගය යන අවස්ථා දෙක ප්‍රධානය. ඊට අමතරව ස්ථානික වාත කෝපතාවය හේතුවෙන් ඒ ඒ සන්ධීන්ට පමණක් බලපවත්වන සන්ධි රෝග බොහෝමයක් පවතී. වර්තමානයේ බහුලවම දැකිය හැකි සන්ධි රෝග මොනවාද? ශරීරයේ සියලුම සන්ධීන්ට බලපෑම් කළ හැකි සන්ධිගත වාත රෝග අතර ආම වාතජ සන්ධිවාත රෝගය හා වාත රක්තජ සන්ධි වාත රෝගය යන අවස්ථා දෙක ප්‍රධානය. ඊට අමතරව ස්ථානික වාත කෝපතාවය හේතුවෙන් ඒ ඒ සන්ධීන්ට පමණක් බලපවත්වන සන්ධි රෝග බොහෝමයක් පවතී. වර්තමානයේ වයස් භේදයකින් තොරව මෙවැනි රෝගීන් දක්නට ලැබෙනව. ඊට බලපාන හේතු මොනවාද? වර්තමානයේ මෙවැනි රෝගාබාධ සඳහා ප්‍රධානම හේතුකාරක කීපයක් ඉවහල් වේ. වැරදි ජීවන රටා, ආහාර පාන රටා, ව්‍යායාමයෙන් තොරවීම, අධික වෙහෙසීම, පෝෂණ ඌණතා, අධික ස්ථූලතාවය, අවිධිමත් ඖෂධ භාවිතය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසිලෙස පාලනය නොකිරීම, ආදී කරුණු දැක්විය හැකිය. මෙවැනි රෝගාබාධ වළක්වා ගැනීමට හා රෝග පීඩාවන්ට ලක් වූවන්ට සිදුකළ යුතු පිළියම් මොනවාද? අප පෙර සඳහන් කළාසේ මෙවැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස ආහාර පාන ඇවතුම් පැවතුම් ආදී යහපත් ජීවන රටාවකට හුරුවිය යුතුය. එසේම කුඩා කල සිටම නිසි ව්‍යායාම සඳහා යොමුවිය යුතුයි. ශරීරයේ සියලු සන්ධීන්ගේ ක්‍රියාකාරීත්වයට එය මහඟු උපකාරයකි. ප්‍රතිකාර පිළිබඳව කතා කරනවනම් රෝග තත්ත්වය හරියටම විනිශ්චය කර ඊට සාපේක්ෂව ප්‍රතිකාර කළ යුතුයි. එහිදී රෝගය මැඬලීමට කසාය ආදීවූ පාන ඖෂධ වර්ග අභ්‍යන්තරවද බාහිරින් තෛල අභ්‍යංග, තැවිලි, පත්තු, ලේප, ආදීවූ චිකිත්සා උපක්‍රම යෙදීම සිදුවෙනවා. මේවා නිසියාකාරව සිදුකිරීමෙන් ඕනෑම තත්ත්වයක පවතින සන්ධි වාත රෝග සුවකළ හැක. ප්‍රතිකාර සිදුකරන කාලය තුළ රෝගියාගේ රෝග තත්ත්වයට අනුව පත්ය අපත්‍ය පිළිපැදීම තුළින් මෙවැනි රෝග ඉක්මනින්ම සුව කිරීමේ හැකියාව රදා පවතී. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Oct 2018 06:55 AM මොකක්ද මේ යුනානි වෙදකම? - ලෙඩ සුව කරන්නේ කොහොමද? (අද සිට ඇරඹෙන විශේෂ ලිපි පෙළ) ප්රශ්නය :- 'දිවයින වෙදකම වෛද්‍ය සංග්‍රහය' මගින් පසුගිය කාලය තුළ ආයුර්වේදය, හෝමියෝපති වෙදකම, දේශීය සිංහල වෙදකම යනාදී වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු හෙළි කර තිබෙනවා. අද සිට අප ඔබෙන් බලාපොරොත්තු වෙනවා යුනානි වෙදකම ගැන දැනගැනීමට. වෛද්‍ය අශ්රොෆ් :- යුනානි කියන්නේ උර්දු වචනයක්. මෙය තමයි පර්සියානුවන් සහ අරාබි ජාතිකයන් මෙයට වසර දහස් ගණනකට පෙර පරිහරණය කළ සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමය. ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය පැවති කාලයේදීත් දකුණු ආසියාවේ ඉස්ලාමීය සංස්කෘතිය පැවති කාලයේදීත් වඩාත්ම ජනප්‍රිය වූ වෛද්‍ය ක්‍රමය තමයි යුනානි වෛද්‍ය ක්‍රමය. යුනානි කියන උර්දු වචනයේ තේරුම 'ග්‍රීක' කියන එකයි. මේ ඖෂධ ක්‍රමය සොයා ගත්තේ Ibn Sina හෙවත් අව්සෙන්නා කියන වෛද්‍යවරයා යි. ක්‍රි. ව. 8 සිට 14 දක්වා ගත වූ කාලයේදී පැවැති ඉස්ලාමීය ස්වර්ණමය යුගය නමැති වකවානුවට අයත් විශිෂ්ටම වෛද්‍යවරයා හැටියට අව්සෙන්නා හඳුන්වනු ලැබුවා. ඔහු වෛද්‍ය වෘත්තියට අමතරව දාර්ශනිකයකු සහ තාරකා විද්‍යාඥයකු ලෙසත් කටයුතු කළා. ඔහු පොත් 450 ක් ලියූ අතර එයින් 240 ක් අදටත් සුරැකී පවතිනවා. ඒවායින් 150 ක් දර්ශනවාදී පොත්, 40 ක් වෛද්‍ය ග්රන්ථ. මධ්‍යකාලීන යුගයේ විශ්වවිද්‍යාල ගණනාවකම මේ වෛද්‍ය ග්රන්ථ පරිහරණය කෙරුණා. ප්රශ්නය :- යුනානි ඖෂධවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න? වෛද්‍ය අශ්රෝෆ් - අප හිතමු රුධිර ගත ක්ෂුද්‍ර ජීවීන්ට මේ වෛද්‍ය ක්‍රමය මගින් ප්‍රතිකාර කරනවා කියලා. එතැනදී සිදුවන්නේ රුධිරයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් මර්දනය කිරීම සඳහා සුදුසු ඖෂධ ශරීරගත කිරීමයි. යුනානි ක්රමයේ මූලධර්ම කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි රෝගකාරකය නැති කිරීම. ඊළඟට ශරීරයේ උද්වේග සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සිදුවෙනවා. තුන්වැන්න තමයි ශරීරයේ පටක හෙවත් ඉන්ද්‍රීන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම. මේ සඳහා ඖෂධ යොදාගන්නවා. ඒ ඖෂධ සහ යුනානි වෛද්‍ය ක්‍රමය ගැන ලබන සතියේ තවදුරටත් සාකච්ඡා කරමු. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Oct 2018 06:56 AM කරදරකාරි අර්ශස් * වෛද්‍යතුමනි, ඇත්තටම මොකක්ද මේ අර්ශස් රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි අර්ශස් කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි. නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්ම පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා. විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්ෂණ ද බලපෑමක් සිදු කරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්ථාවේදීම මෙම රෝග ලක්ෂණ දරුවාට ඇති වීමට හැකියාවක් තිබෙනවා. මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝගය වැළඳ ගන්නා තත්ත්වයක් ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරු වීම සිදුවෙනවා. පෙර පාසල් යන වයසේ සිට සලකා බැලු විට ඉතා උදෑසනම මව්පියන් විසින් ඔවුන් අවදි කර ගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන්ට අනුවය. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක් යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස් දීම සිදු කරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදුවන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක් යත්ම දරුවන් මෙය පුරුද්දක් බවට පත්කර ගන්නේය. * වෛද්‍යතුමනි මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇති වීම, නිසි ලෙස මළ පිට නොවීම මළ මාර්ගයේ ගෙඩි හටගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ හඳුන්වා දිය හැකියි. * වෛද්‍යතුමනි, මෙම රෝගීන්ට මේ රෝගය සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද? අර්ශස් රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්කුම, ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය, වාත රක්ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි. * වෛද්‍යතුමනි, මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද? ඔව්. පැහැදිලිවම අර්ශස් රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ නිසි පරීක්ෂණයකින් පසුවයි. මන්ද අර්ශස් සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධ ද රෝගීන්ට පැවැතිය හැකි නිසා එක් එක් රෝගියකුට එක් එක් ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි. පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 071-3007000/ 071 300 9088 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Oct 2018 06:57 AM අංශභාග රෝගයේ විද්‍යාත්මක පදනම ප්රශ්නය - පසුගිය දිනවල අප ඔබ සමග කතා කළේ අංශභාගය පිළිබඳ ආයුර්වේද මතයයි. අද අප මේ පිළිබඳ බටහිර ලෝකයේ විද්‍යාත්මක මතය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - බටහිර ක්‍රමවේදයට අනුව අංශභාගය හෙවත් පක්ෂාගාතයේදී සිදුවන්නේ ශරීරයේ මාංශපේශීන්වල ක්‍රියාකාරිත්වය නැතිවීමයි. එයට හේතු මොළයේ මාංශපේශීන් අතරින් නිසි ලෙස පණිවුඩ හුවමාරු නොකිරීමයි. පක්ෂාගාතය ශරීරයේ එක් පැත්තකට වැළඳීමට පුළුවන් වගේම දෙපැත්තටම වැළඳීමටත් පුළුවන්. සමහර විට එය ශරීරයේ කිසියම් සීමාසහිත තැනක විතරක් හට ගන්නටත් පුළුවන්. එසේ හටගත් තැන සිට දිගටම, ශරීරය පුරා පැතිර යන්නටත් පුළුවන්. ප්රශ්නය - අංශභාගයේ මූලික රෝග ලක්ෂණ මොනවාද? මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - සාමාන්‍යයෙන් සියලු රෝගීන්ට පොදු වන රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. දරාගන්න බැරි තරම් දරුණු හිසේ වේදනාවක්, ඇස් පෙනීම දුර්වල වීම හෝ තමාට දර්ශනය වන වස්තූන්වල ස්වරූපයෙහි අවුල් සහගත තත්ත්වයක් හට ගැනීම ද අමතක වීම හෝ මතකය දුර්වල වීම, ව්‍යාකූලතාවක් හට ගැනීම, ශරීරයේ සමබරතාව නැතිවීම, හිසේ බර ගතියක් ඇතිවීම, අත් පා හෝ මුහුණේ පැත්තක හදිසි හිරිවැටීමක් ඇතිවීම, කටහඬ පැටලීම හෝ කටහඬෙහි අසාමාන්‍ය තත්ත්වයක් හටගැනීම. ප්රශ්නය - තාවකාලික අංශභාගය යනුවෙන් රෝගයක් ඇති බව අප අසා තිබෙනවා. මේ රෝගයේ ස්වරූපය කුමක්ද? මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - සමහරුන්ට තාවකාලික අංශභාගය නිසා ශරීරයේ පැත්තක් පණ නැති වීම, අතක් පයක් පණනැති වීම වැනි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - ස්නායු පද්ධතියට හානි සිදුවීම තමයි අංශභාගයේ මූලික හේතුව. දැන් අපි බලමු මේ හානිය සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියලා. කොඳුඇට පෙළ මැදින් ගමන් ගන්නා මොළයේ හටගන්නා සංඥා ශරීරය පුරා බෙදාහරින ප්‍රධාන රැහැන්පට වන සුෂුම්නාව තුවාල වීම, ආඝාතය සහ වෙනත් ව්‍යාධීන් නිසා ස්නායු තුවාල වීම, පර්යන්ත ස්නායුව තුවාල වීම, පාකින්සන් රෝගය යනාදිය නිසාත් අංශභාගය වැළඳීම සිදුවෙනවා. ප්රශ්නය - අංශභාගය හෙවත් පක්ෂාඝාතය සුව කිරීමේ මූලික ක්‍රමවේදය කුමක්ද? වෛද්‍ය ආරියවංශ හෙට්ටිආරච්චි - සුෂුම්නාව තුවාල වුණාම යළි සුව වීමේ ක්‍රමවේදයක් නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් මෙය සුව කරන්නට බැහැ. එහෙත් ආයුර්වේදයට අනුව නම් මෙය සුව කරන්නට පුළුවන්. ඒ සඳහා යෝග්‍ය වූ තෙල්, තැවිලි, කසාය යනාදිය ආයුර්වේදයේ තිබෙනවා අංශභාගය ගැන තව විස්තර ලබන සතියේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 14 Oct 2018 11:48 AM ස්තුතියි අය්ය මේ වැදගත් ලිපි වලට 0 chamaramindMost Senior MemberPosts:13471 15 Oct 2018 05:00 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Oct 2018 05:02 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Oct 2018 04:37 PM දරුවන් සඳහා එන්නත් ලබාදීමේ දී ලිව්වේ ආශිර්වාදිනි හෙට්ටිආරච්චි නිරෝගී පැවැත්ම උදෙසා බිලිඳා, කලලයක් ලෙසින් වැඩෙන අවධියේ පටන් බොහෝ දේ සිදුකරයි. මෙලොව එළිය දකින දරුවා ඉපදුණු මොහොතේ පටන් එන්නත් සඳහා යොමුවන්නේ ප්‍රතිශක්තිකරණය අත්‍යවශ්‍ය අංගයක් වන නිසාවෙනි. බාහිරින් එල්ලවන රෝග සමඟ සටන් කිරීමේ හැකියාව ඇත්තේ ප්‍රතිශක්තිකරණය යහපත් මට්ටමේ පැවතුණහොත් පමණි. උපතේ සිට නියමිත වයස්වල දී එන්නත් ලබාදෙන්නේ ප්‍රතිශක්තිකරණය මුළු ජීවිත කාලයටම වැදගත්වන නිසාය. විවිධ රටවල ප්‍රතිශක්තිකරණ ලේඛණය එකිනෙකට වෙනස් වේ. මෙහිදී සජීවි එන්නත් මෙන්ම අජීවි එන්නත් ද ලබා දේ. සජීවි විසබීජ යොදා සකස් කරනුයේ සජීවි එන්නත්ය. සජීවි එන්නත් ලබාදුන්විට ක්‍රියාකාරිත්වය අඩපණ වේ. රෝග බෝවීමක් සිදුවන්නේ නැත. අජීවි එන්නත්වල ප්‍රාණවත් බවක් නොමැත. මේවා මුළුමනින්ම අජීවි කරන ලද විසබීජ යොදා ගනිමින් නිපදවා ඇත. සාමාන්‍යයෙන් එන්නත් ශරීරගත කරවන්නේ විදීම මඟිනි. නමුත් මුඛය මඟින් බිංදු වශයෙන් දෙනු ලබන එන්නත් ද තිබේ. ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු නොවන එහෙත් අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ට වුව ජලභීතිකා රෝගය සඳහාවන එන්නත ලබා දේ. මෙයට අමතරව රජයේ ප්‍රතිශක්තිකරණ ලේඛණයට අයත් නොවන පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන් සඳහා ලබාදෙන එන්නත් කිහිපයක් ද වේ. විටමින් K උපන් විගසම ඕනෑම දරුවකුට එන්නතක් මඟින් හෝ මුඛ බිංදු වශයෙන් විටමින් K ලබා දේ. කුඩා දරුවන්ට රුධිර වහනයවන රෝග ඇතිවන්නේ විටමින් k අඩුවීම නිසාය. මෙය ලබා දෙන්නේ ඒ සඳහාය ය. බී. සී. ජී. එන්නත අලුත උපන් දරුවා රෝහලෙන් නික්මීමට පෙර ලබාදෙන්නේ ක්ෂය රෝගය වැළැක්වීම සඳහා වු බී. සී. ජී. එන්නත යි. පෙනහැල්ල පුරාම පැතිරෙන ක්ෂය රෝගය සහ මොළය ආශ්‍රිතව පැතිරෙන මෙනින්ජයිටිස් වශයෙන් ක්ෂය රෝගය වර්ග දෙකක් අවුරුදු 2 න් 3 න් පහළ දරුවන්ට ඇතිවීමට පුළුවන. බී. සී. ජී. එන්නත ලබාදෙන්නේ ඉහත කී තත්ත්වයන් සඳහා යි. බී. සී. ජී. එන්නත ලබා දුන් ස්ථානය යම් පැසවීමකට ලක්වේ. ඉන්පසු එතැන කැලලක් හටගනියි. කැලැලක් හට නොගත්තේ නම් මාස 6 - 8 අතර කාලයේ නැවත වතාවක් බී. සී. ජී. එන්නත ලබාදිය යුතුවේ. බී. සී. ජී. කැලල නැතැයි අවුරුදු 5 පමණ දරුවකු ගෙනආවෝත් එවැනි කෙනකුට මෙම එන්නත ලබාදෙන්නෙ නැත. පංච සංයුජ එන්නත සමඟ පෝලියෝ බිංදු මීළඟට ලබා දෙන්නේ මාස 2, 4, 6 න් ලබාදෙන ගලපලටය, පිටගැස්ම, කක්කල් කැස්ස සඳහා වූ ත්‍රිත්ව එන්නත, හෙපටයිටීස් බී, හිමොෆීලස් ඉන්ෆ්ලුවන්සා බී යන එන්නත් එකතුව සෑදුණු පෙන්ටා සංයුජ එන්නත සහ පෝලියො මුඛ එන්නත ලබාදේ. පුද්ගලික අංශයේ දී ඉහත රෝග පහ සහ පෝලියෝ සඳහා ද මුඛ එන්නතක් ලෙස නොව එන්නතටම එකතුකොට හෙක්සා එන්නත ලෙසින් ලබා දේ. හුස්ම ගැනීම අපහසුවීම නිසා පෙනහලුවලට අවශ්‍ය වාතය නොලැබීමෙන් පෙනහලු හැකිළී මරණයට පත්වීම කක්කල්කැස්ස යි. ඇස්පෙනීමේ අඩුකම, ස්නායු ආබාධ, හෘදයාබාධ, ආහාර ගිලීමේ අපහසුතාව යන රෝග සියල්ල එක්ව හටගන්නේ ගලපටලය සෑදුණු විටයි. M. M. R. මාස 9 සම්පූර්ණ වූ විට ලබාදෙන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝගවලින් වැළකීම සඳහා වූ ර් ර් අ එන්නත යි. J. E. මාස 12 සම්පූර්ණ වූ විට ජපන් නිදිකර්පථ ප්‍රදාහය හෙවත් ජැපනීස් එන්සෆලයිටිස් සඳහා වු එන්නතයි. මෙය සජීවි එන්නතකි. යම් හෙයකින් දරුවාට උණ වලිප්පුව සෑදුණි නම් උණ වලිප්පුව සෑදී වසරක් ගතවනතුරු මෙම එන්නත ලබාදීම සුදුසු නැත. M. M. R. 2 මාස 18 සම්පූර්ණ වූ පසු දරුවාට ත්‍රිත්ව එන්නත සහ පෝලියෝ මුඛ එන්නත ලබා දේ. අවුරුදු 3 සම්පූර්ණ වූ පසු සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සඳහා වූ ර් ර් අ 2 එන්නත ලබා දේ. ද්විත්ව එන්නත අවුරුදු පහ සම්පූර්ණ වූ පසු ගලපටලය හා පිටගැස්ම සඳහා වූ ද්විත්ව එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබා දේ. පෞද්ගලික අංශයේ දී මේ සඳහා කක්කල්කැස්ස ද ඇතුළුව බූස්ටික්ස් නමැති එන්නත ලබා දේ. A. T. D. අවුරුදු 11 සම්පූර්ණ වූ පසු ලබා දෙන්නේ ගලපටලය හා පිටගැස්ම සදහා වූ ඒ. ටී. ඩී. එන්නත (වැඩිහිටි පිටගැස්ම හා ගලපටලය) යි. පිටගැස්ම සඳහා වූ එන්නත සාමාන්‍යයෙන් වසර 5 ක පමණ කාලයක් වලංගු වේ. මලකඩ ඇණයක් ඇනුණේ නම් නැවත එන්නත් කළ යුතු වේ. මීට පසු ගැහැනු ළමුන් සඳහා රුබෙල්ලා එන්නත ලබා දේ. එහෙත් මින් පෙර රුබෙල්ලා එන්නත වාර දෙකකදී (මාස 9 හා අවුරුදු 3 සම්පූර්ණ වූ විට) ලබා දුන්නේ නම් නැවත දීම අවශ්‍යම නැත. ගැහැනු දරුවන්ට ගැබ්ගෙල පිළිකාව සඳහා හියුමන් පැපිලෝමා එන්නත පුද්ගලික අංශයෙන් ලබාගත හැකිවේ. රජයේ ප්‍රතිශක්තිකරණ ලේඛනයට ඇතුළත්ව නොමැති දරුවන් සඳහා පෞද්ගලික අංශයෙන් පමණක් ලබාගත හැකි රෝගයන් කිහිපයක් වේ. පැපොල රෝගය සඳහා එන්නත මාත්‍රා දෙක දී ලබාදීම, හෙපටයිටීස් ඒ හෙවත් සෙංගමාලය සඳහා වූ එන්නත, මාස 2, 4, 6 කාලවලදී රොටා වෛරසය ශරීරගතවීම නිසාවන පාචනය තත්ත්වය වැළැක්වීමට රොටා එන්නත, නියුමෝනියාව සඳහා නියුමොනොකොල් එන්නත ලබාගත හැකි වේ. ලංකාවේ එතරම්ම ජනප්‍රිය නොවන රෝගයක් වුවත් උණසන්නිපාතය සදහා ද එන්නතක් පවතී. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වැනි රටවල සංචාරය කරද්දී මෙය ලබාගත හැකිවේ. අප්‍රිකානු රටවල සංචාරය කරද්දි ඇතැමෙක් කහඋණ සඳහා වූ එන්නත ලබා ගනියි. දරුවාට මාස 6 සිට මාස 6 කට වරක් විටමින් ඒ අධිමාත්‍රාව අවුරුදු 5 ක් දක්වා ලබාදීම වැදගත් වේ. බොහොමයක් එන්නත් ලබාදෙන්නේ දරුවාගේ අතටයි. කකුලට එන්නත් ලබාදෙන අවස්ථා ද තිබේ. මීට අමතරව ඇතැම් එන්නත් වාරවලදී එකම පැත්තේ අතට හා කකුලට එන්නත් කරන අවස්ථා ද තිබේ. නියමිත වයසේදී අදාළ වයස් සම්පූර්ණ වීමෙන් පසු එන්නත් ලබාදීම අනිවාර්යය වේ. එන්නත් ලබා නොදුන් දරුවන්ට රෝග බෝවීමට ඇති ඉඩකඩ වැඩිය. ඒවා මාරාන්තික වීමට පවා පුළුවන. නොමේරූ දරුවන් සඳහා නොමේරූ දරුවන් සඳහා උපතේ දී දෙනුලබන බී. සී. ජී. එන්නත තරමක් පමා වී ලබාදුන්න ද සෙසු එන්නත් පමා කළ යුතු නැත. අදාළ පරතරයන් තබා වෛද්‍ය උපදේශයන් මත එන්නත් ලබාදීම සිදුකළ හැකියි. අසාත්මිකතා එන්නතක් ශරීරයට ලැබීමෙන් පසු ඇතැම් දරුවන් ඒ සඳහා අසාත්මිකතා දක්වයි. මෙය තදබල සහ සාමාන්‍ය වශයෙන් කොටස් දෙකකි. තදබල අසාත්මිකතාවක් ලෙස ගැනෙන්නේ මුල් පැය 24 - 48 තුළ හටගන්නා තද උණ, දරුවා කෑගසමින් නිතරම අඬන්නේ නම්, හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ. සාමාන්‍යයෙන් එන්නතක් දුන් පසු විනාඩි 20 - 30 ක කාලයක් ඒ අසල සිටීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍ය උණක් හටගන්නේ නම් පැය 6 න් 6 ට වේදනානාශක දරුවාගේ බරට අනුව අදාළ මාත්රාවන්ගෙන් දිය යුතුවේ. එන්නත ලබාදීමට පෙර මෙහිදී සෞඛ්‍ය වර්ධක සටහන් පොත රැගෙන යෑම අත්‍යවශ්‍ය වේ. කලින් එන්නත් වාරවලදි අසාත්මිකතා ඇතිවූයේ නම්, දරුවාට වෙනයම් විශේෂ රෝගයන් ඇත්නම් ඒ බව නොවළහා පැවසිය යුතුවේ.ඇතැමුන් එන්නත් දීමට පෙර දරුවාට වේදනානාශක ලබා දේ. මෙය අවශ්‍ය නොවන කරුණකි. ඇතැම් දරුවන්ට එන්නත් සඳහා උණ හට ගන්නා අතර තවත් දරුවන්ට එසේ නොවේ. ඡායා - අන්තර්ජාලය ඇසුරිණි උපදෙස් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද පතිරණ http://www.tharunie.lk/ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 15 Oct 2018 07:58 PM ඒකනේ...නියමිත වයසට නියමිත එන්නත දෙන්න ඕන 0 chamaramindMost Senior MemberPosts:13471 17 Oct 2018 05:21 AM දෑස්වල ආරක්ෂාවට අත්‍යවශ්‍යම තොරතුරු වර්තමානයේ ජීවත් වන මිනිසුන් පරිගණකය, ජංගම දුරකථන, රූපවාහිනිය භාවිතා කිරීම අධික වීම නිසා ඇස් වලට ඇතිවන රෝගී තත්වයන් ද බහුල වී පවතී. ඇසේ සුද, ග්ලෝකෝමා, වෙනත් අක්ෂි ආබාධ මෙන්ම විවිධාකාර ඇස් වල දෝෂ තත්වයන් සඳහා ප්‍රතිකාර වලට යොමු වන රෝගීන් රජයේ මෙන්ම පෞද්ගලික අක්ෂි සායනවල පෝලිම්වලට එකතු වීම අද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය වේගයෙන් ඉහළ යාම මෙන්ම පෙනීම අයහපත් කරවන ක්‍රියාකාරකම්, අහිතකර ආහාර භාවිතය, දැඩි උණූසුම, වෙනත් රෝග සඳහා භාවිතා කරන ඖෂධ, දියවැඩියා රෝගීන් හා අධි රුධිර පීඩන රෝගීන් බහුල වීම නිසා අක්ෂි රෝග වල ඉහළ වර්ධනයක් ඇති වීමද සිදුවෙමින් පවතින බව පෙනේ. ඇස් පෙනීමට හානි කරන සරල හේතු කීපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසුමට ලක් කෙරෙයි. පරිගණකය භාවිතා කළ යුතු නිවැරදි ක්‍රමය ඔබේ පරිගණකය නිවසේ හෝ කාර්යාලයේ හෝ ස්ථාන ගත කර ඇති ස්ථානය පිළිබඳව ඔබ මුලින්ම සැලකිලිමත් විය යුතුය. පරිගණක තිරය මතට ඍජුවම හිරු එළිය හෝ විදුලි බල්බයේ ආලෝකය එල්ල වීම ඉතාමත්ම නුසුදුසුය. එසේ වීමෙන් ඔබේ දෑස් ඉක්මනින්ම විඩාවට පත් වේ. විදුලි ආලෝකය හෝ සූර්යාලෝකය පරිගණක තිරය මතට පතිත නොවන ස්ථානයක පරිගණකය ස්ථාන ගත කර ගැනීමට ඔබ සැලකිලිමත් වීමෙන් එම දුර්වලතාවය මග හරවා ගත හැකිය. නිවසේ දී ඔබට මෙය පහසුවෙන් කළ හැකිවේ. කාර්යාලයේ දී ද එවැනි තත්වයක් ඇති වී නම් වගකිව යුත්තන් දැනුවත් කර හෝ පරිගණකය සුදුසු ලෙස ස්ථාන ගත කර ගැනීමට බුද්ධිමත් විය යුතුය. පරිගණක තිරයේ දීප්තිමත් බව දෑසට අපහසු නොවන තරමට අඩු කර ගන්න. පරිගණක තිිරය මුහුණට වඩාත් ළංවන සේ තබා නොගැනීමට ද වග බලා ගත යුතුය. ඇස් මට්ටමින් හෝ තරමක් ඊට අඩුවෙන් හෝ තබා ගැනීම සුදුසුය. දෑස් බොඳ වීම, නිතර හිසරදය ඇති වීම වැනි ගැටළු ඇති වුණි නම් අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලැබීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. පරිගණක සමඟ කටයුතු කරන විට වරින් වර තිරයෙන් දෑස් ඉවත් කර වෙනත් බාහිර දේ දෙසට දෑස් එල්ල කිරීමට මතක තබා ගන්න. සාමාන්‍යයෙන් එය විනාඩි 20 කට තත්පර 20 ක් ලෙස විය යුතුය. අක්ෂි වෛද්‍යවරයෙකු හමු වීමේදී අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනිමට ඔබ වෛද්‍යවරයෙකු හමු වන විටදී මේ කරුණු විශේෂයෙන්ම මතක තබා ගත යුතුය. අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇත්නම් අමතක නොකර ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. විවේක අවස්ථාවලදී ඔබ එය ගත කරන ආකාරය ද නිවැරදිව ප්‍රකාශ කරන්න. පරම්පරාවේ රෝග පිළිබඳ ඉතිහාසය ද හෙළි කළ යුතුය. දෑස් වල ආරක්ෂාවට තවත් උපදෙස් නිවසේ මෙන්ම කාර්යාලයේ වාතය සිසිල්ව තබා ගැනීමට කල්පනාකාරී විය යුතුය. මිදුලේ මෙන්ම ජනෙල් අවට පවා සිසිලස රැුඳෙන සේ නොඋස් විසිතුරු ශාක වර්ග සිටු වීමෙන් මෙය සිදු කළ හැකිය. ආරක්ෂිත කණ්ණාඩි නොපළඳා රසායනික ද්‍රව්‍ය ආශ්රිත කටයුතු වල නොයෙදිය යුතුය. ස්නානයේ දී සබන් හෝ ෂැම්පු දෑස්වලට නොයන ලෙස කටයුතු කළ යුතුය. (ඇස් වලට එවැනි යමක් ඇතුළු වීමෙන් වෙනසක් වී නම් අලූත් සේලයින් වතුරෙන් දෑස සේදීම යහපත්ය.* නිවස පිරිසිදු කරන ද්‍රව්‍ය හෝ රෙදි සෝදන සේදුම් කුඩු යම් හෙයකින් ඇසට ඇතුල් වීමක් සිදු වුවහොත් සේලයින් වතුරෙන් දෑස් සෝ්දා වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමු වන්න. පරිගණකය හා ජංගම දුරකථනය භාවිතා කිරීමේදී සෑම මිනිත්තු 20 කටම වරක් අඩුම තරමින් තත්පර විස්සක් වත් ඉන් ඉවත බැලිය යුතුයි. පොත් පත්තර කියවීමේදී පවා මෙම ක්‍රමය අනුගමනය කිරීම ඉතාම සුදුසුය. ඇස ළංකර ගෙන කරන ඕනෑම කටයුත්තකදී වුවද (ඔරලෝසු, ජංගම දුරකථන, ගුවන් විදුලි යන්ත්‍ර හෝ රූපවාහිනී යන්ත්‍ර අළුත් වැඩියාව මෙම නීතිය පිළිපැදීම ඉතාම සුදුසුය.* පොතපත කියවීමේදී මෙන්ම පරිගණක කටයුතු වලදී පවා වරින්වර සිතා මතාම ඇසිපිය සැලීම ද ඉතාම යහපත්ය. එවැනි කටයුතු වලදී අවධානය දැඩි බැවින් සමහර විට ඇසි පිය ගැසීමට පවා අමතකව යාම නුසුදුසුය. ඇසිපිය සැලීමෙන් ඇස් අනවශ්‍ය ලෙස වියළි වීම වළක්වා ඇස් වල තෙතමනය රැුක ගැනීමට ද ඇස් වලට අහිතකර ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ද හැකිය. දැඩි හිරු එළියෙන් ඇස් රැුක ගන්න. ඇසේ සුද මතු වීමට හා ඇස් වියපත් වීමට දැඩි සූර්යාලෝකයෙන් වැඩි බලපෑමක් සිදු කරයි. හිරුගෙන් ලැබෙන පාරජම්බුල කිරණ මගින් ඇස් වලට සිදු වන හානිය වළක්වා ගැනීමට ප්‍රමිතියෙන් උසස් අව් කණ්ණාඩි පැළඳීම සුදුසුය. පාසැල් දරුවන් දැඩි හිරු තාපයේ ක්‍රීඩා කිරීමේදී ද වඩාත්ම සැලකිලිමත් විය යුතුය. කුඩා කල සිටම දෑසේ ආරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දරුවන්ට ලබා දීම ඉතාම උචිතය. ඇස් අධිකව වියළිබවට පත් වීම පසු කාලීනව දෑසේ පෙනුමට දැඩි අහිතකර තත්වයක් ඇති කරන බව දරුවන් දැනුවත් කළ යුතුය. ඇස් වලින් නිතර කඳුළු ගලනවා නම් ! ඇසිපියවල ආසාදනයන් වලදී දෑසින් නිතරම කඳුළු ගැලීමක් සිදු විය හැකියි. දැඩි සුළඟට මුහුණ දීම, වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් රැුඳීම, විවිධ රෝගී තත්වයන් හා ඒ සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග, දෑස් බාගෙට පියවී නිදා ගැනීම වැනි තත්වයන් නිසා මෙසේ දෑස්වල කඳුළු අසාමාන්‍ය ලෙස ඇති විය හැකිය. බාහිරින් යමක් ඇසට වැටීමෙන් ද මෙවැනි තත්වයන් ඇති විය හැකියි. මෙවන් විටෙක හැකි ඉක්මනින්ම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය. රඹුක්කන කීර්ති එස් කුමාර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 07:02 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 20 Oct 2018 06:13 PM චාමර අය්යට දේශීය වෙදකම ගැන ලොකු විස්වාසයක් තියේ වගේ........හොරු නැතුව ඇත්තටම දේශීය වෙදකම හදාරපු අයව හොයාගන්න ඕනි 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 08:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 08:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 08:57 PM වාජීකරණ බෙහෙත්වලට බයවෙන්නෙ මොකටද? වර්තමානයේදී අප රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මඳසරු බවින් පෙළෙන බව වාර්තා වී ඇත. මෙම තත්ත්වය මත ඔවුන් විවාහ වූ විටදී දරුඵල නොලැබීම සහ ලිංගික ජීවිතයේ පවතින අතෘප්තිමත් බව නිසා නොයෙකුත් ගැටලු මතු වී තිබේ. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති වාජීකරණ ඖෂධ මඟින් ලබාගත හැකි ප්‍රතිඵල මහත්ය. වාජීකරණ ඖෂධ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ වැරදි මතයි. මෙමඟින් ලබාගත හැක්කේ ලිංගික උත්තේජනයක් බව සමහරු පවසති. ඒ නිසා වාජීකරණ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට බොහෝ දෙනා තුළ ලජ්ජාවක් පවතී. ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට පැවත එන මෙම වාජිකරණ ඖෂධ මඟින් සිදුකරන්නේ කාන්තාවක සහ පිරිමියකු කායික නිරෝගී බව ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ඇති කිරීමයි. මෙම කායික නිරෝගී බව නිසා ඔවුන් ක්‍රියාශීලීව හා ශරීරය පැහැපත් වීම සිදුවේ. අන් අයගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට සමත් වේ. වර්තමානයේදී තරුණ තරුණියන් විශාල පිරිසක් විවිධ කායික රෝගවලින් පෙළෙති. ඒ නිසා ඔවුන්ගේ ලිංගික ක්රියාවලියෙහි දුර්වලතා පවතී. යුග දිවියට පත් බොහෝ අඹු සැමියෝ දරුඵල පමාවීම ගැන පමණක් නොව තම ලිංගික ජීවිතයේ අතෘප්තිමත් බව පිළිබඳව පසුතැවෙති. ඔවුහු මෙම ගැටලුව සඟවාගෙන මානසික පිඩාවන්ගෙන් පෙළෙති. ඕනෑම සැමියකු හෝ බිරියකගේ ලිංගික ශක්තිය සඳහා කායික නිරෝගි බව මෙන්ම මානසික නිරෝගී බව බලපායි. කායික රෝගීබවකින් හෝ මානසික ගැටලුවකින් පෙළෙන විට ලිංගික ශක්තිය දුර්වල වේ. කායික රෝග අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ප්‍රධාන තැනක් ගනී. මෙවැනි රෝගවලින් දීර්ඝකාලයක් පෙළෙන විට එහි සංකූලතා ලෙස ලිංගික ශක්තිය ද දුර්වල වේ. ඒ අතර හෝමෝන ගැටලු මතුවීම නිසා පවතින දුර්වලතාවය දෙගුණ තෙගුණ විය හැක. මේ සඳහා අප ගනු ලබන ආහාර පාන ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. කෘතිම රසකාරක සහිත පෝෂ්‍ය ගුණයට වඩා රස ගුණයට මුල්තැන දුන් ආහාර පාන ගැනීම බරපතළම ගැටලුවක් වී තිබේ. තමාගේ එදිනෙදා ජීවිත චර්යාවන් ද ලිංගික දුර්වලතා ඇති කිරීමට හේතු වේ. මත්පැන්, මත්ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහි වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රුකියා කිරීම වැනි හේතු මත පුරැෂයන්ගේ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපායි. එම නිසා යම් පුද්ගලයකු ලිංගික දුබලතාවයකින් පෙළෙන්නේනම් පළමුව එම පුද්ගලයාගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලිය යුතුය. ඒ අනුව රෝගයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර හා උපදෙස් ලබා දීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකිය. වාජීකරණ ඖෂධ මඟින් පමණක් මතුව ඇති ලිංගික දුර්වලතාවයන් මඟහරවා ගත නොහැක. පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් වාජීකරණ ඖෂධ භාවිතා කිරීම තුළින් ලිංගික ශක්තිය වර්ධනය කරගත හැක. නිරෝගී පුද්ගලයන්ට ද වාජීකරණ ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමෙන් තමාගේ ලිංගික ශක්තිය පමණක් නොව කායික නිරෝගීතාවය ද වර්ධනය කරගත හැකිය. එබැවින් වාජීකරණ ඖෂධ යනු ලිංගික උත්තේජන ඖෂධයක් පමණක් නොව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා උපකාරී වන පෝෂණීය අතිරේකයක් ලෙස ද හැඳින්විය හැක. කුමුදුනී ද සිල්වා ආයුර්වේද වෛද්‍ය B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය) සෙත්සුව ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 09:06 PM මොළය වඩන දියවැඩියාවටත් ගුණ වටුකුරුළු බිත්තර බිත්තර සම්බන්ධව කතා කරද්දී බොහෝ දෙනකු ආහාරයට ගනු ලබන්නේ කිකිළි බිත්තර පමණි. ඒවායේ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ඇතිබව නොරහසකි. පසුගියදා බිත්තරවල පෝෂණය පිළිබඳව අපි කතා කළෙමු. නමුත් කිකිළි බිත්තර පමණක් නොව වැව්මාළු බිත්තර, ලොකු මත්සයන්ගේ බිත්තර සහ වටුකුරැළු බිත්තරවලද බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුය. පෝෂ්‍ය පදාර්ථ ඉහළින්ම පවතින මාළු බිත්තර පෝෂ්‍යදායී ආහාරයක් මෙන්ම රසවත් ආහාරයකි. විටමින් B12, ඔමේගා 3, පැටී ඇසිඩ්, විටමින් A, විටමින් K2 යනාදිය මෙහි බහුලව පවතී. විටමින් B12 වැඩිපුර ඇති නිසා මානසික ආතතිය, මානසික පීඩනය දුරැකිරීමට ඉතා ඉවහල් වේ. මෙහි ඇති ඔමේගා 3, සහ ෆැටී ඇසිඩ් ශරීරයට ඉතා හිතකර වේ. මේවාට අමතරව මාළු බිත්තරවල සින්ක්, කැල්සියම්, යකඩ සහ මැග්නීසියම් ආදී පෝෂ්‍ය පදාර්ථද අඩංගුව පවතී. මොළය වර්ධනය වීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මාළු බිත්තරවල අන්තර්ගතව පවතී. අතීතයේදී බොහෝ පැරැණ්නන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම වන්ද්‍යාභාවයට හොඳම ඔසුව ලෙසින් මාළු බිත්තර හැඳින්වීය. කුඩා දරුවන්ට සුපිරි ආහාරයක් ලෙසද මාළු බිත්තර ලබාදිය හැක. විටමින් සහ ඛනිජලවණ බහුලව පවතින වටුකුරැළු බිත්තර පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු ආහාරයක් ලෙසින් හැඳින්විය හැක. එමෙන්ම රෝග ගණනාවකට ප්‍රතිකාර ලබාදෙන ඖෂධයක් ලෙසද රෝග බොහොමයක් වළක්වාගත හැකි ඖෂධයක් ලෙසද වටුකුරුළු බිත්තර හැඳින්විය හැක. සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා වටුකුරැළු බිත්තර ප්‍රමාණයෙන් කුඩාය. නමුත් වටුකුරැළු බිත්තරයක ඇති පෝෂ්‍ය ගුණය කිකිළි බිත්තරයට වඩා වැඩිවේ. කිකිළි බිත්තරයක ප්‍රෝටීන් 11%ක් පවතින අතර වටුකුරැළු බිත්තරයක ඇති ප්‍රෝටීන් ප්‍රමාණය 13% කි. කිකිළි බිත්තරයකට වඩා පස් ගුණයකින් වටුකුරැළු බිත්තරයක පොටෑසියම් හා යකඩ අඩංගු වේ. මේ පවතින පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් වටුකුරැළු බිත්තර බොහෝ රෝගවලට ඖෂධයක් ලෙසද යොදාගනී. මෙය කිසිවකුට අසාත්මිකතා නොවන අතර අසාත්මිකතා ඇතිවන විටදී ඔසුවක් ලෙසද වටුකුරැළු බිත්තර යොදාගත හැකිය. ආමාශයේ ඇතිවන තුවාල, ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ රෝග මෙන්ම ශරීරයේ ඇතිවන තුවාලවලදීද වටුකුරැළු බිත්තර ඉතා ගුණදායක ඔසුවකි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකිරීම, මතක ශක්තිය වැඩිකිරීමට, ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට හා ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටද වටුකුරුළු බිත්තර ඉතා ගුණදායක වේ. අධ්‍යාපන කටයුතුවල නියැලෙන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට, නිතරම ඇතිවන ස්නායු ආසාදන රෝගවලට ගොදුරැවන කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය ඇතිකිරීමට සහ සෙම බහුල අයට සෙම්රෝග දුරුකිරීමට වටුකුරැළු බිත්තර ඉතා ප්‍රයෝජනවත් වේ. චීනයේ ජනතාව වටුකුරැළු බිත්තර ඇදුම, ක්ෂය රෝගය වැනි රෝග දුරැකරගැනීම සඳහා යොදාගනිති. එමෙන්ම ඔවුහු දියවැඩියා රෝගය සඳහාද ඖෂධයක් ලෙස මේවා ආහාරයට එක්කර ගනිති. සමේ පෝෂණය සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස වටුකුරුළු බිත්තර යොදාගනී. මුඛයේ කෙළවර පැලීමේ රෝගී තත්ත්වයට වටුකුරුළු බිත්තර ඉතා ගුණදායක වේ. ඇසේ වර්ණ අන්ධතාවයට මෙන්ම සමේ ඇතිවන වෙනත් ආසාදනවලදීද වටුකුරැළු බිත්තර ඉතා ගුණදායක ඔසුවකි. කැල්සියම් විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. හිසකෙස් වර්ධනය සඳහා ඉතා ගුණදායක වන වටුකුරැළු බිත්තර සෑම වයසකම පුද්ගලයන්ට ඉතා සුදුසු, කිකිළි බිත්තරවලට වඩා ඉතා ගුණදායක ආහාරයකි. විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරැණෑගල ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 09:08 PM ජීවිතය විඳවන දුම්වැටිය ශ්‍රී ලංකාව තුළ එක දිනකට ලක්ෂ 15ක ජනතාවක් සිගරට් මිලියන 11ක් දල්වන බව වාර්තා වෙනවා. එමෙන්ම වාර්ෂිකව 25000ක් පමණ දෙනා මිය යන්නේ දුම්වැටි ආශ්රිත රෝගවලින් බව හෙළිවී ඇත. මේ මරණවලින් 10%ක් මිය යන්නේ ඔවුන් දුම්බොන නිසා නොව අන් අයගේ දුම්වැටි නිසාය. සිගරට්, සුරුට්ටු ආදිය නිපදවන්නේ වේලුන දුම්කොළවලින්ය. මේවායේ රසවත් භාවය සහ සුවඳ වැඩි කිරීමට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. දුම්වැටියක් ගතහොත් ඒ තුළ තිබිය හැකි රසායන ද්‍රව්‍ය දහසකටත් වැඩිය. මේවායින් පිළිකා කාරක ලෙස හැඳින්වියහැකි රසායනික ද්‍රව්‍ය 70ක් පමණ තිබෙන බව සොයාගෙන ඇත. මේවායින් කිහිපයක් නම් නිකොටීන්, හයිඩ්රිජන් සයනයිඩ්, ෆෝමැල්ඩිහයිඩ්, ඊයම්, ආසනික්, කාබන් මොනොක්සයිඩ්, බෙන්සීන් යනාදියයි. සියලුම පිළිකාවලින් 19%ක් පිළිකා ඇති වන්නේ දුම්වැටිය හේතුවෙනි. සියලුම පිළිකාවලින් මිය යන සංඛ්‍යාවෙන් 29% මිය යන්නේ දුම්වැටිය ආශ්රිත පිළිකා නිසාය. දුම්වැටියට හෝ සිගරට්වලට ඔබ ඇබ්බැහි වී ඇත්දැයි සොයාගත හැකි ක්‍රමය පහත සඳහන් ප්‍රකාශවලින් අවම වශයෙන් ප්‍රකාශ දෙකක්වත් ඔබට ගැලපේ නම් ඔබ දුම්වැටියට ඇබ්බැහි වූවකු ලෙස සැලකේ. 1. පාලනයක් නොමැතිව දුම්බීම, 2. නතර කරන්න ආසයි ඒත් කරගන්න බෑ, 3. මොනව කරන්න ගියත් ඉස්සරලම හිතට එන්නෙ දුම්වැටිය ගැන, 4. දුම්බීම සමඟ එදිනෙදා වැඩකටයුතු අඩාල වීම. 5. වෙනදා ආශාවෙන් කළ විනෝද වැඩ පසෙකලා දුම්බීමට මුල් තැන දීම. (Ex: වෙනදා බෝල ගැහුවා දැන් එම කාලය තුළ යාළුවන් සමඟ එකතු වී දුම් බීම.) 6. නුපුරැදු ස්ථානවලදී දුම් බීම. (Ex:- බසය තුළ, නිදාගන්න විට) 7. දුම්බීමෙන් ඇති වන කායික සහ මානසික විනාශය දැන දැනම දුම්බීම. 8. දුම්බීම නැවැත් වූ විට දැනෙන අසහනය මඟහැරීමට දුම්බීම. දුම්බීමට ඇබ්බැහි විය හැකිද? ඔව්... අපි බලමු කොහොමද කියලා. ඉතා ප්‍රබල ලෙස ඇබ්බැහි වීමට පුළුවන. මෙහි තිබෙන ප්‍රබල ඇබ්බැහි වීමේ රසායනිකය තමයි නිකොටින්. (Nicotine) නිකොටින්වලට සංවේදී ප්‍රතිග්‍රාහක (Nicotine Acetylcholine receptors) ඇත. මෙම ප්‍රතිග්‍රාහක තිබෙන්නේ ඩෝපමීන් (Dopamine) ශ්‍රාවය කරන ස්නායු සමඟයි. දුම්බොන කෙනෙකුගේ සතුට සහ ඇබ්බැහි වීම දෙකම ඇතිවනුයේ මෙම සතුට ගෙන දෙන රසායනිකයක් වන ඩෝපමීන් නිසයි. දිගටම දුම්බොන කෙනෙකුට දුම්බීම නවතා පැය 24ක් වැනි කාලයක් තුළ පහත සඳහන් අපහසුතා ඇති විය හැකියි. 1. තරහ යාම සහ නොසන්සුන්කම. (Irritability, Frustration and anger) 2. දැඩි ආතතියක් දැනීම. (Anxiety) 3. කල්පනා කිරීමේ හැකියාව අවුල් වීම. (Difficulty Concert rating) 4. ආහාර රුචිය වැඩි වීම. (Increased appetite) 5. මානසික ශක්තිය බිඳ වැටීම. (Depressed Mood) 6. නින්ද නොයාම. (Insomnia) දුම්වැටියට ඇබ්බැහි වූවෙකුට ප්‍රතිකාර කළ හැකිද? ඔව්... මෙහිදී ඖෂධ ප්‍රතිකාර වගේම මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරනවා. දුම්වැටියට ඇබ්බැහි වූවෙකුට කිසිම උදව්වක් නැතිව තම කැමැත්තෙන්ම දුම් බීම නවත්වා ගතහැකි බව සමහර සමීක්ෂණවලින් පෙනීගොස් තිබෙනවා. නමුත් මෙය සාර්ථක ක්‍රමයක් නොවන බවද සංඛ්‍යා ලේඛනවලින් පෙනීගොස් තිබෙනවා. මෙය සාර්ථක කරගෙන ඇත්තේ මෙසේ උත්සාහ කරන අයගෙන් 3%ක සිට 5% පමණ අතර සංඛ්‍යාවකි. මින් වැඩි දෙනෙක් වැඩිම වුණොත් දවස් 8ක් දුම් නොබී සිටීමට සමත් වූවත් නැවත එය පටන්ගෙන තිබෙනවා. දුම්වැටියට ඇති ආශාව අඩු කිරීමට ඖෂධ ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තිබෙනවා. 1. නිකොටින් ආදේශක භාවිතා කිරීම. (Nicotine – replacement therapy) 2. බියුප්රොපියෝන් (Beupropion) සහ වෙරනිසිලීන් (Vareniciline) යන ඖෂධ දෙක භාවිතා කිරීම. සමීක්ෂණවලට අනුව ඖෂධ භාවිතයෙන් දුම්බීමට ඇති ආශාව අඩු කිරීමේ හැකියාව 20%ක් 30%ක් අතර බව වාර්තා වෙනවා. මනෝ චිකිත්සක ප්‍රතිකාර ඉතා සාර්ථක බව පෙනී ගොස් තිබෙනවා. මෙහිදී ප්‍රධාන ප්‍රතිකාර දෙකකි. 1. සිතුවිලි ප්‍රතිකාරය. (C.B.T.) 2. තෑගි දීමෙන් මනස උත්තේජකරන ප්‍රතිකාර. (Contingency management) සිතුවිලි ප්‍රතිකාර ක්‍රමයේදී දුම්බීමට හිතෙන අවස්ථා මනසින් ඈත් කිරීමේ ක්‍රමවේද, දුම්බීම සමඟ ඇති වන මානසික ගැටලු දෙස විවෘත මනසකින් බැලීමට පුරැදු කිරීම. සිතුවිලි ප්‍රතිකාරය අනුව දුම්බීම යනු පරිසරයෙන් ඉෙගන ගත් හානිකර හැසිරීමකි. මෙහිදී ඇබ්බැහි වූ තැනැත්තාට හානිකර සිතුවිලි හා හැසිරීම් වෙනුවට නිවැරදි හැසිරීම් සහ සිතුවිලි රටාවන්ට පුහුණු කරනු ලැබේ. සිතුවිලි ප්‍රතිකාරය යොදා ගන්නා ආකාරය පුංචි කතාවක් ඇසුරෙන් බලමු. ඔහු සුමල්. වයස අවු. 18යි. දවසකට සිගරට් 10කට වඩා බොනවා. ඔහු සිගරට් බොන්න පටන් ගත්තෙ අවු. 17දී. සුමල්ගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටුණු පසු තමයි මේ විදිහට සිගරට් බොන්න පටන් ගත්තෙ. ඔහු මෙහෙම කියනවා. “මගේ girl Friend මට නැති වුණා. මට හුඟාක් දුකයි, පීඩාකාරීකමයි මට වද දෙනකොට මම සිගරට් බොනවා. ඇත්තටම මට එතකොට සහනයක් එනවා. ඒත් ඉතින් ඉස්සර වගේ නෙවෙයි. මගේ මනසටත් ශරීරයටත් හරිම මහන්සියි. පුංචි පඩිපෙළක්වත් නගින්න බෑ. මට ඉක්මනින් හති වැටෙනවා. මගේ යාළුවෝ තමයි මට මේ සිගරට් එක පුරැදු කරේ. එයාලා මට කීවේ ප්‍රශ්නයක් ආවම හිත සැහැල්ලු කරගන්න නම් සිගරට් එකක් බොන්න කියලා. මෙහි එන සුමල් දැඩි ආතතියකින් සහ පීඩනයකින් සිටින බව හොඳින්ම පෙනෙනවා. මිත්‍යා විශ්වාස සහ ආකල්ප නිසා එම පීඩනය අවම කරගැනීමට දුම්වැටිය හොඳ ක්‍රමවේදයක් ලෙස ඔහු විශ්වාස කරනවා. මෙම විශ්වාසයෙන් සුමල් එළියට ගැනීමට සිතුවිලි ප්‍රතිකාරය යොදාගත් ආකාරය පිළිවෙළින් පිළිවෙළ බලමු. A. දෙගිඩියාව තුළින් මනස එළියට ගැනීම. දුම්බීමේ වාසි අවාසි සුමල් සමඟ සාකච්ඡා කිරීම. ඔහුට ඒ පිළිබඳ ගැඹුරින් සිතීමට අවස්ථාවක් ලබාදීම. දුම්බීම ආතතිය අවම කිරීමේ ක්‍රමයක් නොවන බව ඔහුට ඒත්තුගැන්වීම. B. දුම්බීමට ආසාව ඇති කරන අවස්ථා සොයාගෙන ඒවායෙන් මඟ හැරෙන ක්‍රමවලට ඔහු යොමු කිරීම. සුමල් බොහෝ විට දුම්බීවේ ඔහුගේ යහළුවන් සමඟයි. එය බොහෝ විට සිදුවූයේ හවස 5ත් 7ත් අතර කාලයේදීය. සුමල් වොලිබෝල්වලට ආශා කළ තරුණයෙකි. දුම්බීමට ආශාව ඇතිවන සවස 6ත් 8ත් අතර කාලය තුළදී වොලිබෝල් කණ්ඩායමක් සාදාගෙන එම ක්‍රීඩාවේ යෙදීමට සැලැස්වීම. C. ඔහුට නිතර ඇති වන ආතතීන් සොයාගෙන ඒවා කළමනාකරණය කිරීමට මනස පුරැදු කිරීම. මෙහිදී සිතුවිලි දින පොත, තරහ පාලනය කර ගැනීමේ ක්‍රම වේද, මනස සැහැල්ලු කිරීමේ ව්‍යායාම ආදියට ඔහු පුරුදු කිරීම. D. ආත්ම විශ්වාසය ඇති කිරීම හා අනාගත අරමුණු ගොඩ නැගීම. ඉතිරි කොටස ලබන සතියට..... කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 09:11 PM ලජ්ජා හිතෙන වදකාර ලෙඩේ වෙරිකෝස් වෙරිකෝස්, නැතිනම් නහර ගැටගැසීම අද බොහෝවිට රූපලාවණ්‍ය ගැටලුවක් ලෙස තරුණ ජනතාව අතර බහුලව ඉස්මතු වන්නකි. නමුත් බොහෝ දෙනා මේ සඳහා යෙදිය හැකි සරල ප්‍රතිකාර මගහැරීම නිසාම අසාධ්‍ය මට්ටමට පත්වෙති. වෙරිකෝස් හටගත් විට සම මතුපිටට ආසන්නව ඇති නහර ඉදිමී ගැටගැසුණු ස්වභාවයක් දැකගත හැකිවේ. මෙය බහුලව පාද, කලවා සහ වළලුකර ආශ්‍රිතව හටගනියි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් බරපතළ නොවුවද දියවැඩියාව වැනි අතුරු ආබාධ සමඟ එක්වූ විට ඒ හේතුකොට වෙනත් බරපතළ රෝග සහ ආසාදන හටගත හැකිය. මේ නිසා මුල් අවධියේම කකුල් ඉහළින් තබාගැනීම, ස්ටොකින්ස් පැළඳීම වැනි සරල පහසු චර්යා වෙනසකට යොමුවී මේ රෝගයෙන් වැළකීමට කටයුතු කිරීම යහපත්ය. හැදෙන්නෙ කොහොමද? පාදවල ඇති ශිරාවල කපාටවල ඇතිවන දුර්වලතාවය මෙයට ප්‍රධාන හේතුව වේ. එවිට හෘදය දෙසට ගමන් කරන රුධිරය පාදවල එක්රුස් වේ. ඒ ස්ථානවල ලේ රුස් වී පීඩනයක් හටගනියි. නහර ඉදිමුණු ගැටගැසුණු ස්වභාවය එලෙස ඇතිවන පීඩනයේ ප්රතිඵලයකි. හැදෙන්නෙ කාටද? බොහෝ වේලාවක් සිටගෙන රැකියාවේ නිරතවන්නන්, තරබාරැ පුද්ගලයන්, ගර්භණී මව්වරැන්, මහළු පුද්ගලයන්, වැරිකෝස් ඉතිහාසයක් සහිත පවුල්වල සාමාජිකයන්. රෝග ලක්ෂණ මොනවාද? තද නිල් පැහැගත් ඉදිමුණු සහ ගැටගැසුණු නහර, සිටගෙන සිටීමෙන් පසු හා ඇවිදීමෙන් පසු (නහර දිගේ) වර්ධනය වන කැක්කුම, පාදවල බර ගතිය, ඉදිමුණු නහර කැසීම. මේ තත්ත්වයට සාමාන්‍යයෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවුවද එම ප්‍රදේශ ආශ්‍රිතව තුවාල ඇතිනම්, කුඩා සීරීමකින් වුවද රැධිර වහනය වේ නම්, අසාමාන්‍ය ලෙස පාද ඉදිමේ නම්, පපුවේ වේදනාව හෝ හුස්මගැනීමේ අපහසුතාවක් වේ නම් වෛද්‍ය අවවාද ලබාගැනීම අවශ්‍ය වේ. මේ තත්ත්වය වළක්වාගන්නෙ කෙසේද? පාද ඔසවා ඉහළින් තබා වාඩිවී සිටීම; දවස නිමාවේ නින්දට පෙර සුළු වේලාවක් මෙසේ සිටීම මුල් අවස්ථාවේදීම රෝගය පාලනයට වැදගත් වේ. දිග මේස්, නැතිනම් ස්ටොකිංග්ස් (compression stockings) පැළඳීම. බර අඩුකරගැනීම. මත්පැන් භාවිතයෙන් වැළකීම, ඇඟට හිර ඇඳුම් නොපැළඳීම, වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් හා එකදිගට වාඩිවී සිටීමෙන් වැළකීම, ඉදිමුණු නහරවලට බෙහෙත් එන්නත් කොට එමගින් ඒවා වසාදැමීම, ලේසර් (Laser) ප්‍රතිකාර; නැතිනම් අවසාන ලෙස සැත්කම් මගින් අදාළ නහර කොටස් ඉවත් කිරීම දැනට ඇති ප්‍රතිකාරයි. - Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Oct 2018 09:15 PM වැස්ස ගංවතුර එක්ක නොවරදින මාරකය මීඋණ වැස්ස සහ ගංවතුර සමඟ කෙමෙන් හිස ඔසවන, කලින් කල දිවයින පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින සහ ආසාදිත වූවන් අතරින් 5 - 10% පමණ ප්‍රමාණයකට මරැකැඳවන රෝගයකි, මීඋණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව. එය ශ්‍රී ලංකාව තුළ දැනුම් දිය යුතු අවදානමක් පවතින රෝග අතුරින් මුල්තැන ගත් එකකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මීඋණ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් සිදුවූ වර්ෂය වශයෙන් 2008 වර්ෂය වාර්තාගත වී තිබේ. එම වසරේ මීඋණ රෝගයට 7406 දෙනෙක් ගොදුරු වී ඇති අතර ඉන් 200ක් පමණ මියගියහ. මේ වනවිටත් පවතින අධික වර්ෂා තත්ත්වය මත මීඋණ රෝගය පැතිරයාමේ අවදානම ඉහළ ගොස් ඇත. එහෙයින් ඒ ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමට සිතුවෙමු. වෛද්‍ය විද්‍යාවට අනුව ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ලෙසින් හඳුන්වන මේ රෝගය “ලෙප්ටෝස්පයිරා” නම් ඉතාමත් වේගයෙන් චලනය වන &ස්පයිරොකීටා* වර්ගයේ බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි. මේ කාණ්ඩයට අයත් බැක්ටීරියා ප්‍රභේද දෙසීයක් (200)ක් පමණ අද වනවිට ලෝකය පුරා රටවල් කිහිපයකින්ම හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ද ප්‍රභේද හයක් සොයාගෙන තිබේ. මෙම බැක්ටීරියාවෙන් පතුරුවන රෝග තත්ත්වය ලෝකය පුරා වාර්තා වුවද නිවර්තන හා උප නිවර්තන රටවලින් බහුලව රෝගීන් හමුවේ. ශ්‍රී ලංකාවට ආවේණික රෝගයක් වන, ජනවහරේ මීඋණ නමින් හඳුන්වන රෝග තත්ත්වය ද වැළඳෙන්නේ මෙම රෝගකාරකය මගිනි. රෝග ව්‍යාප්තිය මෙම රෝගකාරක බැක්ටීරියාව, විශේෂයෙන්ම ගොවිපොළ සතුන්, සුනඛයන්, පූසන්, මීයන්, ඌරැමීයන් හා මුගටියන් ඇතුළු කැලෑබද ක්ෂීරපායී සතුන්ගේ වකුගඩුවලින් ස්වාභාවිකව හමුවේ. මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව මීගවයන්ගේ මළ සහ මුත්රාවලද මෙම රෝගකාරක විෂබීජය අන්තර්ගතව ඇතිබවට සාධක හමුවී ඇත. ඒ අනුව රෝගකාරක ලෙප්ටෝස්පයිරා නමැති බැක්ටීරියාව මීයන් හා ගවයන්ගේ මුත්‍රා මගින් ජලයට එක්වීම නිසා මිනිසුන්ට රෝගය ආසාදනය වේ. එහිදී මෙම බැක්ටීරියාව ප්‍රධාන ලෙසම මිනිස් සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මගිනි. එමෙන්ම එම ජලය මගින් මුහුණ, ඇඟ පත සේදූවිට ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මගින්ද ශරීරගත විය හැකිය. බොහෝවිට ගොවියන් වගා කටයුතුවල යෙදී සිටියදී වක්කඩවල තිබෙන ජලය පානය කිරීම නිසා එම ජලයේ බැක්ටීරියාව තිබේ නම් මුඛයේ ශ්ලේෂ්මල පටලය මගින් බැක්ටීරියාව සිරුරට ඇතුළු වීමට ඉඩ තිබේ. මූලිකවම කුඹුරැ, ඇළ වේලි, පතල් ආශ්රිත රුකියා කරන පුද්ගලයන් මෙම රෝගයට ගොදුරැවීමේ අවදානම වැඩිය. කුඹුරුවල, නියරවල ගුල් සාදාගෙන ජීවත් වන මීයන් අප රටේ ලෙප්ටොස්පයිරෝසිස් රෝගය බෝකරන ප්‍රධානම රෝග වාහකයෝ වෙති. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් පසුව රුධිර සංසරණයට ඇතුළු වී සිරැරෙහි සියලුම අවයව හා පටක ආක්‍රමණය කරයි. රෝගය වැළැක්වීමට වෛද්‍ය උපදෙස් මෙම රෝගයට අයත් මූලික ලක්ෂණ පහළ වූ වහාම ඵලදායී ප්‍රතිජීවක භාවිත කොට අප්‍රමාදව ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය. කිසිවිටෙකත් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු ප්‍රතිකාර ප්‍රමාද නොකළ යුතුය. ඊට හේතුව රැධිර පරීක්ෂණයෙන් මෙම රෝගය වැළඳී තිබේදැයි හඳුනාගත හැක්කේ රෝග ලක්ෂණ පහළ වී සතියක් පමණ කාලයක් ගතවීමෙන් පසුව වීමයි. රෝග ලක්ෂණ ඇතිවූ වහාම රෝගීන්ගේ ශරීරයේ තරල හා අයන සමතුලිතතාව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය. වකුගඩු අක්‍රියවීමක් සිදුවුවහොත් ඉතා ඉක්මනින්ම කෘත්රීමව රුධිරය පිරිසුදු කළ යුතු වේ. රෝගය පිළිබඳව ලක්ෂණ පහළ වූ වහාම රජයේ රෝහල් වෙත යොමුවීම ඉතා වැදගත්ය. රෝග ලක්ෂණ ආසාදිත සතුන්ගේ මුත්‍රා හෝ පටලවලට නිරාවරණය වී දින 7 – 14 ත් අතර මීඋණ රෝග ලක්ෂණ ආරම්භ වේ. නමුත් 90% – 95%ක් පමණ ආසාදන, රෝග ලක්ෂණ මතුනොවන හෝ යන්තමින් උණ මතුවන අවස්ථාය. රෝගය නියමාකාරයෙන් වර්ධනය වනුයේ අවස්ථා 2කිනි. මීඋණ පළමු අවධියේදී, විශේෂිත නොවූ උණ තත්ත්වය, හිසරදය, මාංශපේෂි රුදාව, කෑම අරැචිය, අප්‍රාණික බව, ඉහළ ආලෝකය සහ ඇස් කැක්කුම, වෙව්ලා උණ ගැනීම, ඇස් රතුවීම හා ඇස්වල දියර ගැලීම, අක්මාව හා ප්ලීහාව ඉදිමීම, වසා ග්‍රන්ථි ඉදිමීම හා සමේ ලප ඇතිවීමද විටෙක දැකිය හැක. දෙවැනි අවධිය ඇතිවනුයේ, මුල් රෝගයෙන් සනීප තත්ත්වයක් ඇතිවී දින කිහිපයකිනි. එවිට උණ, බෙල්ල තද ගතිය හා කැක්කුම හෝ සමහර රෝගීන්ගේ අක්ෂි ස්නායු, මොළය හෝ සුෂුම්නා ප්‍රදාහයන් ඇතිවිය හැක. උදරයේ දකුණු ඉහළ පෙදෙසේ ඇතිවන කැක්කුමද බහුලව ඇතිවිය හැක. උණ හා අක්මා, වකුගඩු රෝග ඇතිවිට එය විල්ස් සහ - ලක්ෂණය ලෙස හඳුන්වන අතර ඇස් කහ පැහැගැන්වීම එයට ආවේණික ලක්ෂණයකි. උග්‍ර අවස්ථාවේදී වකුගඩු අක්‍රීය වීම, හෘදය අක්‍රීය වීම, පෙනහළුවල ලේ ගැලීම් හෝ රැධිර සංසරණය අක්‍රීයවීම දැකිය හැක. රෝගය හඳුනාගැනීම/ ප්‍රතිකාර මෙහි රෝග ලක්ෂණ ඇතැම්විට ඩෙංගු උණ, ඉන්ෆ්ලුවන්සාව, මෙනින්ජි පටල ප්‍රදාහය හා අක්මා ප්‍රදාහය හෙවත් හෙපටයිටීස් වැනි රෝග ලක්ෂණවලට ද සමාන විය හැකිය. එකවර හටගත් උණ, සීතල, ඇස් රතුවීම, හිසරදය, කොන්ද හා කොන්ද ආශ්‍රිතව මස්පිඬු වේදනාව ඇතිවූ විට සැලකිලිමත් විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇතිනම්, එමෙන්ම රෝග අවදානම සහිත රුකියා කරන පුද්ගලයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මෙම රෝග ලක්ෂණ පහළ වූ විට රෝගීන්ගේ රැධිරයේ ප්‍රතිදේහ පරීක්ෂාව, මුත්‍රා පරීක්ෂණයේ දී ඇල්බියුමින් ප්‍රෝටීන් තිබීම මෙන්ම රුධිර පරීක්ෂණයේදී සුදු රුධිරානු (WBC /DC) වැඩිවීම වෛද්‍යවරැන්ට රෝග නිර්ණයට උපකාරී වේ. රෝග වැළැක්වීම මෙම රෝගයෙන් මිදීමට නිසැකවම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රුසක් පවතී. රෝගය වළක්වාගැනීම සඳහා මිනිස් වාසයට ආසන්න පරිසරය පිරිසුදුව තබාගැනීම අතිශය වැදගත්ය. රෝගකාරක විෂබීජ ඇතිවන ස්ථාන හා මාර්ග විනාශ කිරීමට පියවර ගත යුතුය.. ගෙවතු, ක්‍රීඩාපිටි ආදී ළමයින් ක්‍රීඩා කරන ස්ථාන ආසන්නයේ රෝගකාරක විෂබීජය පතුරුවන සතුන් ගැවසීම වැළැක්වීම. ගොවිපොළවල හා සත්ත්ව පාලනයේ නියැලෙන පිරිස් අවදානම් කටයුතු ස්ථානවලදී ආරක්ෂිත ඇඳුම් පැළඳීම. අපවිත්‍ර ජලය ඇතුළු නොවන පරිදි තුවාල ආවරණය කර ගැනීම (විශේෂයෙන් මෙහිදී කුඹුරර ගොවීන් ඉතා සැලකිලිමත් විය යුතුය) උතුරුවා නිවාගත් ජලය පානය කිරීම. ගංවතුරෙහි ගමන් කිරීමෙන් වැළකීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට ජනතාව මෙහිදී අවධාරණය කරගත යුතුය. ප්‍රතිජීවක ඖෂධ රෝගය වැළැක්වීමට කුඹුරු ගොවීන් සඳහා කුඹුරට බැසීමට පෙර භාවිත කිරීමට සුදුසු යැයි වෛද්‍යවරුන් විසින් අනුමත කරන ලද ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් සැලකෙන ඩොක්සිසයික්ලින් (Doxycycline) නම් ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමට පියවර ගෙන තිබේ. එමගින් මෙම රෝගකාරක බැක්ටීරියාවට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තීකරණයක් ඇතිකරනු ලබයි. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් මෙම ඖෂධය ගොවීන් වෙත නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම ඖෂධය වුවද ලබාගැනීමේදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතුමය ! සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 28 of 35 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner