Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 29 of 35 << < 2728293031 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 06:21 AM පුරස්ථි ග්‍රන්ථය ඉදිමෙන්නේ ඇයි? ප්රශ්නය - පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම නැත්නම් විශාල වීම (Prostate Enlargement Benign Prostatic Hyperplasia&zwnj මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වුණා. මොකක්ද මේ රෝග තත්ත්වය. වෛද්‍ය පුෂ්පකුමාර - පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමත් එය පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය නොවීමත් තමයි මේ රෝගය මගින් සිදුවන්නේ. පිරිමි ළමයකු වැඩිමහලු මනුෂ්‍යයකුගේ තත්ත්වයට පත් වන කාල සීමාව තුළදී පුරස්ථි ග්‍රන්ථිය වර්ධනය වන අවස්ථා දෙකක් තිබෙනවා. මෙයින් පළමු අවස්ථාවේදී එනම් පිරිමි ළමයකු වැඩිවිය පත්වීමට පෙර පුරස්ථි ග්‍රන්ථිය ප්‍රමාණයෙන් දෙගුණ වෙනවා. දෙවැනි වර්ධනය අවුරුදු 25 දී පමණ ආරම්භ වන අතර, ඉතිරි ජීවිත කාලය පුරාම වර්ධනය වෙමින් පවතිනවා. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම සිදුවන්නේ මෙන්න මේ දෙවැනි අවස්ථාවේදී. මෙසේ ඉදිමීමේදී මුත්‍රවාහිනිය පීඩනයකට, තෙරපීමකට ලක් වෙනවා. මුත්‍රා බොක්ක ඝන තත්ත්වයට පත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුත්‍රා බොක්ක දුර්වල වන අතර මුත්‍රා කිරීමේදී එහි පිරී පවතින සම්පූර්ණ මුත්‍රා ප්‍රමාණය බැහැර කර ගැනීමට බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කිසියම් මුත්‍රා ප්‍රමාණයක් නිතරම එහි ඉතිරි වනවා. පීඩනය නිසා මුත්‍රා මාර්ගය අවහිර වීම, මුත්‍රා බොක්ක සම්පූර්ණ වශයෙන් හිස් නොවීම යන කාරණා තමයි පුරස්ථි ඉදිමුම නිසා ඇතිවන ප්‍රධාන ගැටලු. ප්රශ්නය - පුරස්ථිතිය කියන්නේ මොකක්ද? වෛද්‍ය පුෂ්පකුමාර - මෙය පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් කොටසක්. මෙහි ප්‍රධානතම කාර්යය වන්නේ ශුක්‍රාණු අඩංගු ශුක්‍ර තරලය නිෂ්පාදනය කිරීමයි. පිරිමියකුගේ සරුභාවයට බලපාන ප්‍රධානතම අංගයක් ලෙස පුරස්ථිති ශ්‍රාවය හෙවත් තරලය සැලකිය හැකියි. මුත්‍රා බොක්ක මුල, මුත්‍රවාහිනිය අසල තමයි මෙය පිහිටා තිබෙන්නේ. පුරස්ථිති ග්‍රන්ථියට කොටස් දෙකක් හෝ වැඩි ගණනක් තිබෙනවා. මුත්‍ර වාහිනියේ පහළ කොටසට අයත් ග්‍රන්ථි දෙකක් ලෙස මුත්‍රා බොක්ක සහ පුරස්ථිතිය හඳුන්වන්න පුළුවන්. ප්රශ්නය - පුරස්ථිති ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි? වෛද්‍ය පුෂ්පකුමාර - මෙය හරියටම අර්ථකථනය කර ගැනීමට බැරි තත්ත්වයක්. එහෙත් මෙය වැඩිපුරම හටගන්නේ වයසින් වැඩි පුද්ගලයන් තුළයි. යොවුන් වියට එළඹීමට පෙර විවිධ හේතු මත වෘෂණ කෝෂ ඉවත් කරන්නට සිදුවන පිරිමින්ට මේ රෝගය හටගන්නේ නැහැ. ඒ අනුව පර්යේෂකයන් කියන්නේ පුරස්ථිති ඉදිමුම සහ වෘෂණ කෝෂ අතර සම්බන්ධයක් තිබෙන බවයි. ඒ අතර මහලු විය ද මේ රෝගයට හේතුවක් වන බව ඔවුන් කියනවා. පිරිමියකුගේ ශරීරය තුළ පිරිමි හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් සහ ස්ත්‍රී හෝමෝනයක් වන ඊස්ට්‍රජන් ස්වල්පයක් නිෂ්පාදනය වෙනවා. කෙනෙකු ක්‍රමයෙන් වියපත් වන විට රුධිරයේ තිබෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය පහළ බහිනවා. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 06:24 AM අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් සිදු කරන සිංහල බෙහෙතක්! ප්රශ්නය - දියවැඩියා රෝගය බෝ නොවන රෝගයක් වුවත්, ඉතා වේගයෙන් ජන සමාජය ඔස්සේ පැතිර යන බව දන්නවා. අප අද සිට මේ ලිපි පෙළ පටන් ගන්නේ දියවැඩියා රෝගය සුව කිරීම සඳහා ශාකසාර ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාවේ සිදු කෙරෙන පර්යේෂණ මාලාවක් සම්බන්ධයන් පාඨකයන් දැනුවත් කිරීමටයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නෙල්ලි, කරවිල, කුරුඳු, කෝමාරිකා යන ශාකවලින් පර්යේෂණ සිදු කරන බවත් එම පර්යේෂණ සාර්ථක වූ බවත් The Times of India නමැති පුවත්පත සඳහන් කරනවා. දියවැඩියාව කියන්නේ මොකද්ද? ශරීරයේ රුධිර සීනි ප්‍රතිශතය සාමාන්‍ය මට්ටම ඉක්මවා යැමයි. අප ගන්නා ආහාර ග්ලූකෝස් බවට පත් වී සෛලවලට ප්‍රවාහනය වීම සිදුවෙනවා. මේ ග්ලූකෝස් ශක්තිය බවට පත්වන අතර ඒ සඳහා පාදක වන්නේ Insulin නමැති ද්‍රව්‍යයයි. එහෙත් ඒ කාරණයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැති වුණාම රුධිරයේ සීනි මට්ටම ඉහළ නගිනවා. මේ තත්ත්වය සමනය කිරීම සඳහා නෙල්ලි වලින් අපූරු ඖෂධයක් සාදා ගන්නට පුළුවන්. නෙල්ලි ගෙඩි 3 ක් තුනී තලපයක් වන පරිදි අඹරා ගත යුතුයි. ඉන් පසු රෙද්දකට මේ තලපය දමා තද කර ඉස්ම ලබා ගත යුතුයි. මේ නෙල්ලි ඉස්ම තේ හැඳි දෙකක් වතුර මිලි ලීටර් 200 කට දමා මිශ්‍රකර හැම උදැසනකම හිස්බඩ පානය කරනවා නම් රුධිර සීනි මට්ටම ඉදිරි පැය 24 තුළ පාලනය කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. මේ මිශ්‍රණය විටමින් C වලින් සමන්විතයි. ඒ නිසා ඔබේ අග්න්‍යාශය පරිස්සම් කර ගැනීමටත් පුළුවන්. නෙල්ලි යොදාගෙන දියවැඩියාව පාලනය කරන ක්‍රම ගණනාවක් අපේ පාරම්පරික වෛද්‍ය ක්රමයේ තිබෙනවා. නෙල්ලි ගසේ පස් පංගුවම බෙහෙතට ගන්නවා. ආයුර්වේදයට අනුව විග්රහ කරනවා නම්, නෙල්ලි මගින් ත්‍රිදොaෂ පාලනය සිදු වෙනවා. ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමෙත් තිබෙනවා රස වර්ග 6 ක්. එයින් 5 ක් ම නෙල්ලි ගෙඩියේ තිබෙනවා. මෙහි තිබෙන සිසිලකරන ගුණය නිසා පිත් දෝෂය පාලනය වී පිත අඩු වීම සිදුවෙනවා. එසේම මේ සිසිල්කරන ගුණය නිසා ශරීරයේ අග්න්‍යාශය ඇතුළු අභ්‍යන්තර ඉJද්රියන් ආරක්ෂා වෙනවා. ශරීරයේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට යොදා ගන්නා 'ච්යාවන්පුශ්' නමැති රසායනයේ ප්‍රධානතම අමුද්‍රව්‍යය තමයි නෙල්ලි. මේ රසායනය ගැන චරක සංහිතාවේ එනවා. අග්න්‍යාශය ප්‍රතිසංස්කරණය කරගත හැකි නම් එහි තිබෙන සෛල ක්‍රියාත්මක වී ඉන්සියුලින් නිපදවීම මාස 2න් අරඹනවා. නෙල්ලි පදනම් කරගත් අපේ පාරම්පරික ඖෂධවලට පුළුවන් නිදන්ගත තත්ත්වයට පත් නොවූ දියවැඩියාව සුවපත් කරන්නට. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 06:26 AM අංශභාග රෝගියකු දැනගත යුතු කරුණු පක්ෂාඝාතයේදී එක් පසෙක අත හා පාදය බොහෝ විට අකර්මණ්‍ය වේ. එහෙත් මෙහිදී ඇතිවන ව්‍යාධිවේදීය තත්ත්වය එක් අතක් හෝ පාදයක් හෝ මුහුණේ පැත්තක් පණ නැතිවීමේදීද සිදුවේ. එකම ව්‍යාධිවේදීය තත්ත්වය වුවද හටගන්නා එය ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. පක්ෂාඝාත හෝ අංශභාග රෝගියා ශාරීරික මෙන්ම මානසිකව ගිලන්ව සිටින මේ මොහොතේ රෝගියා කෙරෙහි පවුලේ අයගේ එනම් බිරිඳ/ ස්වාමි පුරුෂයා, දරුවන්, අසල්වාසී අයගේ අවධානය, ආදරය, කරුණාව ලැබිය යුතුවේ. ඔහු මානසිකව බිඳ වැටී ඇත්නම් උෙද්‍යාaගය ඇතිවන පරිදි කටයුතු කළ යුතුයි. රෝගියා පවා තමාට හැකි පමණ උනන්දුවෙන් සිය කටයුතු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මුහුණ සෝදා ගැනීම, මුව පිරිසිදුව තබා ගැනීම, හිස පීරා ගැනීම, කමිසයක් ඇඳ සිටින්නේ නම් බොත්තම් දමා ගැනීමට උත්සාහ දැරීම, ආධාරකයක් උපකාර කරගෙන පියවර කීපයක් ඇවිදීම වැනි සුළු ක්‍රියාකාරකම් වල යෙදිය යුතුයි. එහෙත් මේ සෑම දෙයකදීම තවත් අයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාකිරීම අවශ්‍ය වේ. ඊට හේතුව වන්නේ තනිව ක්‍රියාකිරීමට යැමේදී ඇදවැටීම් ආදියට ගොදුරු නොවිය යුතු වීමයි. රෝගියාගේ මළ, මුත්‍රා පිටවීම ආහාර අරුචිය පිළිබඳ මනා අවධානයකින් සිටිය යුතුයි. සමහර රෝගීන්ට කතා කිරීමේ අපහසුතාවය ඇති නිසා ඉහත කරුණු පිළිබඳ සිය අවශ්‍යතා හෝ හැඟීම් ප්‍රකාශ කළ නොහැකි බැවින් උපස්ථායක වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඖෂධ භාවිතය වෛද්‍ය උපදෙස් අනුව නොවරදවා කළ යුතුයි. එමෙන්ම සිරුරට දැනෙන පහසු අපහසුතා නොසඟවා රෝගී පුද්ගලයා විසින් ප්‍රකාශ කළ යුතුවේ. පක්ෂාඝාත රෝගියා ගෙයි අඳුරු කාමරයකට සිරකර තැබිය යුතු නොවේ. ඇතැම් පිරිස් රෝගියාගේ මළ මුත්‍රා නොදැනී පිටවීම නිසා රෝගියා ගෙයි කොණක අඳුරු කාමරයකට සීමා කරයි. මෙයින් රෝගියා මානසික අවපීඩනයකට පත්වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 06:28 AM ඉරුවාරදයට හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදයේ තිබෙන බව පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්ෂි රෝග 76 ක්, මුඛ රෝග 65 ක් කර්ණ රෝග 23 ක් නිසා රෝග 31 ක් ම සහ ශිරෝ රෝග 11 ක් තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක් තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක් ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්. මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්ථාවක්. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්වභාවයයි ඉරේ ස්වභාවයයි අතර තිබෙනවා සමාන ලක්ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස් වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස් වන විට අඩුවෙලා යනවා. ප්රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්ද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස් කබල සහ පිටත සම අතර හිස් අවකාශ කිහිපයක් තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස් අවකාශය තුළ තිබෙනවා සෙම.... ප්රශ්නය - මේ හිස් අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස්කබල සහ සම අතර කිසිදු හිස් අවකාශයක් නැතිව සම හිස්කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස් කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස් කබල සහ එහි සම ආශ්‍රිතව Ventilation (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 06:29 AM ගෙවුණු කාටිලේජ සනීපකර ගන්නේ මෙහෙමයි ප්රශ්නය - පසුගිය දෙසතිය තුළ අප කතා කළේ අස්ථි රෝග අතර ඉතා ප්‍රකට රෝගයක් වන කාටිලේජ දියවීම පිළිබඳවයි. ඒ සඳහා තිබෙන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප කතා කළා. වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි රෝගවලට ප්‍රතිකාර කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ආයුර්වේදයේ සැමදාමත් තිබුණා. එයට හේතුව තමයි සන්ධි රෝග අතීතයේ පටන් මනුෂ්‍යයාට බලපෑ ප්‍රමුඛතම රෝගයක් වීම. මනුෂ්‍ය වර්ගයා මුල් කාලයේදී ආහාර සපයා ගත්තේ ඉතාම මහන්සියෙන් වැඩ කිරීමෙන්. මෙසේ වැඩ කරන විට ඔවුන්ට නිතරම සන්ධි ආබාධ ඇති වුණා. මේ නිසා අවුරුදු දහස් ගණනකට පෙර සිටම සන්ධි ආබාධ සඳහා ඖෂධ සොයා ගනු ලැබුවා. ප්රශ්නය - කාටිලේජ යළි වර්ධනය වීමට ඖෂධ සොයා ගැනීම සිදු වන්නේත් ඒ ආකාරයෙන්ද? වෛද්‍ය වසන්ත උදයජීව - අස්ථි ආබාධයකදී කාටිලේජ දියවීම ඉතා සුලබයි. ඒ නිසා කාටිලේජ දිය වීමට ඖෂධ සෙවීමත් ඉතාම පරණයි. කාටිලේජයක් දියවීම දවසකිsන් සිදුවන්නේ නැහැ. එය දිගුකාලීන වැඩක්. හැම වයසකම අයට මේ රෝගය හට ගන්නවා. ආයුර්වේද ප්‍රතිකාරයක් සිදු කරන්නෙ පියවර තුනකට. මුලින්ම කරන්නේ රෝගියාගේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා කයිරෝසර ගුග්ගුලි පෙති, යෝගරාජ ගුග්ගුලි පෙති, ෂඩ්හරනම් චූර්ණ යනාදිය යොදා ගන්නවා. සච්චරාදි තෛලය සහ කොට්ටම් චුක්තාදි තෛලය ගානවා. ඊළඟ පියවර තමයි දියවුණු කාටිලේජය වටා තිබෙන මාංශ පේෂීන් ශක්තිමත් කිරීම. මේ සඳහා රහසිගත වට්ටෝරු අනුව සිඳින ලද තෙල් පරිහරණය කරනවා. ඒ එක්කම කල්කයක් වගේ දෙයක් මුඛ මාර්ගයෙක් රෝගියාගේ ශරීර ගතකරනවා. මේ කල්කයෙන් තමයි කාටිලේජ වර්ධනය නැවත වරක් සිදු වෙන්නේ. මේ ප්‍රතිකාර කරන විට රෝග මූලය සිඳී ගිහින් අවසන්. අවසන් පියවර තමයි රෝගය යළි පැන නැඟීමට හේතු විය හැකි කාරණා විනාශ කරන එක. ප්රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව කියන පරිදි විනාශයට පත් වූ ගෙවී ගිය කාටිලේජයක් ප්‍රතිසංස්කරණය කරන්නට බැහැ... වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයක තිබෙන ප්‍රධාන නව සංඝටකය තමයි කොලැජන්. මෙය ප්‍රොaටීනයක්. මේ ප්‍රොaටීනය හැදෙන්නේ විටමින් C වලින්. ඒ අනුව විටමින් C ලැබෙන දොඩම්, දෙළුම් වැනි පලතුරුවලින් කාටිලේජ වර්ධනය කරගන්න පුළුවන්. නිවුඩ්ඩ වැඩි සහල්වලිනුත් එයම කළ හැකියි. නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 12:18 PM ලිපි පෙල බොහොමත් වැදගත් 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 06:07 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Oct 2018 02:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 22 Oct 2018 08:53 PM හම්මේ 35 ට කලින් නම් හදනවාමයි 0 chamaramindMost Senior MemberPosts:13471 23 Oct 2018 06:35 AM කාන්තාවන් 38 කගෙන් එක් අයකුට පියයුරු පිළිකා අවදානමක් නාරි දේහ ලාලිත්‍යයේ අනන්‍යතා ලකුණ එදා අපේ පුරාණ කවීන් උපමා කළේ රණහංස යුවළකටය. ඒ සුන්දර ශරීරාංගය වන පියයුරු මව්කිරෙන් දරුවන් පෝෂණය කරමින් මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු කිරීමට, සොඳුරු හැඩයක් ඇති සිරුරකින් යුතුව දිවිගෙවීමට කාන්තාවන්ට ලබාදෙන ආශිර්වාදය අතිමහත්ය. නමුත් දැන් දැන් කාන්තාවන් සහ පියයුරු අතර තිබෙන මේ සුන්දර සබඳතාවය ගැන අසන්නට ලැබෙන තොරතුරු නම් අසුන්දර කතාන්දරයක් බවට පත්වෙමින් තිබේ. මුළු ලෝකයටම ප්‍රබල, සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙන පියයුරු පිළිකාව ගැන කතා කරන්නට සෑම වසරකම ඔක්තෝබර් මාසයම වෙන්කොට තිබෙන්නේ එනිසාමය. පිළිකාව යන නම ඇසූ සැනින් කෙනෙකුගේ සිහියට එන අනෙක් වචනය මරණයයි. නමුත් මෙය මිථ්‍යාවකි. පිළිකා අතරින් 1/3ක් යහපත් හුරුපුරුදු වලින් වළක්වා ගත හැකිය. (උදා : - මත්පැන්, දුම්පානය, බුලත් සැපීම, ශරීරයේ බර පාලනය කරගෙන ක්‍රියාශීලී දිවි පෙවතකට හුරුවීම ආදියෙන්) තවත් 1/3ක් ඉක්මනින් හඳුනාගැනීම තුළින් නිසි ප්‍රතිකාර පද්ධතියකින් නිට්ටාවට සනීප කරගත හැකිය. පිළිකා නිසා ගැටලු මතුවන්නේත් කලින් හඳුනාගත නොහැකි වන්නේත් ඉතිරි 1/3 පමණය. පියයුරු පිළිකාව අයත් වන්නේ මේ දෙවන වර්ගය වන කලින් හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි පිළිකා වර්ගයටය. කළ යුතු එකම දෙය නම් නිතරම ඔබේ පියයුරු ගැන සැලකිලිමත්ව පරීක්ෂාවෙන් කල්ගත කිරීමය. අවම තරමින් මාසයකට වරක්වත් ඇඟිලි තුඩුවලින් පියයුරු අතගා පරීක්ෂා කර බලන්න. පියයුරේ හැඩයේ වෙනසක් ගැටිත්තක්, පෙනුමේ වෙනසක් ඇතුළට ගිලා යාමක් පියයුරක දිගටම පවතින වේදනාවක් හෝ අපහසුතාවයක්. ගෙඩියක්, තනපුඩුවේ වෙනසක්, සමේ ඝනවීමක් හෝ ඕනෑම වෙනසක් ඇත්නම් හෙට නොව අදම ක්‍රියාත්මක වන්න. ඔබ පළාතේ “සුවනාරි” සායනයකින් “සුවදිවි” සායනයකින් හෝ ඕනෑම සායනික පුහුණුව ලත් වෛද්‍යවරයෙකු, හෙදියක පවුල් සෞඛ්‍ය සේවිකාවක ලවා පරීක්ෂා කරවා ගන්න. ඕනෑම රජයේ රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත හැකිය. එසේම කොළඹ ජාතික රෝහලේ සෑම බ්‍රහස්පතින්දාවකම උදේ වරුවේ පැවැත්වෙන සුවනාරී සායනයට පැමිණ ඔබගේ අවශ්‍යතාවය පවසා පරීක්ෂාවන්ට ලක්විය හැක. එසේම නාරාහේන්පිට පිහිටා තිබෙන පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයෙන්ද සායනික පරීක්ෂාවන් නොමිලේ කරගත හැකිය. ඔබගේ පියයුරු ගැන මේ තරම් සැලකිලිමත් විය යුත්තේ ඇයිදැයි මේ තොරතුරු කියවීමෙන් වැටහී යනු ඇත. “කාන්තාවන් අතර ව්‍යාප්ත වන පිළිකා අතුරින් ඉහළින්ම තිබෙන්නේ පියයුරු පිළිකාවන්ය. ලංකාවේ වසරකට අලුත් පියයුරු පිළිකා රෝගීන් 3000ක් පමණ හමුවෙයි. අපේ රටේ කාන්තාවන් 38 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දවසකට අලුත් පියයුරු පිළිකා රෝගීන් 6-7ක් පමණ හමුවීම තුළම ඔබේ ජීවිතයට තිබෙන අවදානම හඳුනා ගන්න. මෙය ඉතා ඉක්මනින් පැතිරී ජීවිතයට අවදානමක් විය හැකි තත්ත්වයක් බැවින් වෙනසක් දුටු වහාම ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න. ඔබේ ජීවිතය ඔබේ පවුලේ අනාගතය, ප්‍රාර්ථනා බලාපොරොත්තු පියයුරු පිළිකාවකට විනාශ කරන්නට ඉඩ දීම මොන තරම් ඛිෙදවාචකයක්ද? “අනේ අපිට ඕවා හැදෙන්නෙ නැහැ” “ඕවා හැදෙන්න තරම් අපි පව් කරල නැහැ” “අපො කාටවත් ඔය වගේ ලෙඩ නම් හැදෙන්නෙ නැහැ” ඔබත් මෙවැනි මිථ්‍යා මත දරන කෙනෙකු නම් ඉක්මනින්ම වෙනස්වන්න. මෙවැනි අදහස් දරන කාන්තාවන් ගැන ඔබ දන්නේ නම් ඒ අයවද එම තත්ත්වයෙන් මුදවා ගැනීමට උදව්වන්න. පිළිකා වැලඳෙන්නේ කරුමයක් නිසා නම් නොවේ. එය කරුමයක් වන්නේ සඟවාගෙන, ප්‍රතිකාර නොලබා සිටීමෙන් බව අමතක නොකළ යුතුය. ඔබ කාන්තාවක් වීමම පියයුරු පිළිකාවකට ගොදුරුවීමට තිබෙන අවදානමකි. එසේම පවුලේ කෙනෙකුට පිළිකාව වැලඳී තිබෙන අය ජානමය හේතු නිසා වැඩි අවදානමක් දරයි. විවාහ නොවූ දරුවන් නොලැබූ දරුවන්ට නිසි කාලය තුළ මව්කිරි නොදුන්, වයස්ගත වූ අය වැනි අවදානම් සාධක බොහොමයකි. ඒ කෙසේ වෙතත් සෑම කාන්තාවක්ම තම පියයුරු ගැන අවධානයෙන් සිට වෙනසක් දුටු වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමට පිළිකාව නිසා ජීවිතය අනතුරකට ලක්වීම වැළැක්වීම සඳහා යහපත් පියවරකි. මේ සඳහා ඇති එකම විසඳුම පිළිකාවක් තිබෙන බව කලින් හඳුනාගැනීමය. ස්වභාව ධර්මයා විසින් කාන්තාවන්ට එය හඳුනා ගැනීමට විශේෂ වරමක් ලබාදී තිබේ. පියයුරු ශරීරයෙන් පිටතට නෙරා පිහිටා තිබිමම එය හඳුනා ගැනීමට පහසු කරවන්නකි. හෙට නොව මේ දැන්ම ඔබේ පියයුරු අතගා බලන්න. කිසියම් වෙනසක් තිබේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න. ඉක්මනින්ම හඳුනාගත් තරමට ඔබට ඔබේ පියයුරු ආරක්ෂා කරගත හැකිය. අද පවතින අති නවීන ප්‍රතිකාර විධි හරහා පියයුරේ හැඩය, වෙනස් නොවන ආකාරයට එසේම ජීවිතයට හානියක් නොවන ලෙස අඩු මාත්‍රා වලින් යුතු ඖෂධ වලින් පිළිකාව නිට්ටාවටම සුවකර ගත හැකිය. නමුත් මේ සියලු වරප්‍රසාද ඔබට ලැබෙන්නේ ඔබ ඉක්මන් වන තරමට බවද සිහියේ තබා ගන්න. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා වෛද්‍ය අසංග හේමරත්න යන මහත්ම මහත්මීන්ට අපගේ ස්තූතිය. සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Oct 2018 06:37 AM මානසික පීඩාවට ලක් වූ දරුවෙකු හඳුනාගන්නේ කොහොමද? සරල මානසික පීඩාවන්ට පත් වූ සහ පත් විය හැකි ආකාරයේ දරුවන් අපට හමුවන අවස්ථා තිබේ. එවැනි දරුවන් හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යොදමින් ඔවුන්ට උපකාරී වීම ඔවුන්ගේ අනාගත යහපතට මහඟු රුකුලකි. විශේෂයෙන්ම පාසලේ දී ගුරු මව්පියවරුන්ට මෙවන් දරුවන් හඳුනාගත හැකි අවස්ථා කීපයක් මෙසේය. * පාසල් ගමන කඩින් කඩ සිදු කරයි. * හැසිරීම්, සිතුවිලි හා හැඟීම්වල අන් දරුවන්ට වඩා වෙනසක් පවතී. * අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් දක්වයි. * අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ඇති උනන්දුව අඩුය. * පාඩමට අවධානය යොමු නොකර අන් කල්පනාවක හෝ අන් කර්යයක නිරත වේ. * සනීපාරක්ෂාව ගැන කිසිම සැලකීමක් නැත. ඇඳුම් පැලඳුම් පොත පත පවා පරිහරණය අපිළිවෙළය. * පැහැදිලි බර අඩුවීමක් හෝ බර වැඩිවීමක් ඇතිවේ. * අසාමාන්‍ය කතාබහ හා හැසිරීම. * හිසරදය හා බඩේ අමාරුව ගැන නිතර පැමිණිලි කිරීම. * මිතුරු කණ්ඩායම් වලින් ඉවත් වීම. * කිසිම කටයුත්තකට ඉදිරිපත් නොවීම / පසුබෑම. * සමාජගත නොවීම හා සමාජශීලී නොවීම. * මුහුණේ ප්‍රියමනාප බව අඩු වීම. මෙවැනි ලක්ෂණ එකක් හෝ කීපයක් පෙන්නුම් කරන දරුවෙකු මානසික පීඩාවට ලක් වී ඇතැයි අනුමාන කළ හැකිය. මෙම තත්ත්වය මුල් අවදියේම හඳුනා ගැනීමෙන් විශාදය, සාංකාව වැනි මානසික රෝග වලින් දරුවා වළක්වා ගත හැකිය. දරුවන් දිනා ගන්නේ කොහොමද? යහපත් අන්තර් පුද්ගල සබඳතාවයන් ඔස්සේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කළ හැකිය. දරුවා සමග මිතුරුකම් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නැත. දරුවාට ළං විය යුත්තේ දරුවාට නොදැනෙන ලෙස දරුවාට ගරුත්වයක් ද ලබා දෙන අතරය. මේ සඳහා ඔබ අනුගමනය කළ යුතු වඩාත් යහපත් පිළිවෙත් මෙලෙසය. * දරුවාට හොඳින් ඇහුම්කන් දෙන්න. * අදහස් විමසන්න. * පවුලේ යම් යම් තීරණ ගැනීමේදී දරුවා ද සහභාගී කරවා ගන්න. * විශ්වාසය නොබිඳෙන, පළුදු නොවන ලෙස කටයුතු කරන්න. * විශේෂයෙන්ම දරුවාගේ අඩු පාඩු පිළිබඳව රහස්‍යභාවය සුරකින්න. දරුවන් වැරදි කිරීමෙන් මුදා ගැනීමට ඇති හොඳම මග වන්නේ වරදට දඬුවම් දීමට වඩා වරදේ ආදීනව පෙන්වා දරුවන්ගේ සිත් දිනා ගැනීමයි. එවිට දරුවන් අතින් සිදු වන වැරදි බොහෝ අඩුකර ගත හැකියි. දරුවන් වරදක් කළ විට ඉතාම කරුණාවෙන් සිත් ගන්නා සුළු ආකාරයෙන් වරද පහදා දෙන්න. වරද වරදක් ලෙස දැකීමට ස්වයං පෙළඹවීමකට දරුවාට මග පෙන්වන්න. ඒ දිරිදීම දරුවාගේ මානසික පෞරුෂයට ඉතාම වැදගත්ය. වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරිනි සටහන රඹුක්කන කීර්ති එස්. කුමාර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 23 Oct 2018 07:44 PM හොඳ ලිපියක් 0 ImalkaVeteran MemberPosts:4533 23 Oct 2018 08:01 PM සයිට් එකේ හැමෝටම ප්‍රයෝජනවත් එකක්.....ළමා වයසේ අයත් ඉන්නවා ළමයි ඉන්න අයත් ඉන්නවා 0 You are not authorized to post a reply. Page 29 of 35 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner