You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 35 << < 2829303132 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Oct 2018 09:45 AM
Posted By Imalka on 23 Oct 2018 08:01 PM
සයිට් එකේ හැමෝටම ප්‍රයෝජනවත් එකක්.....ළමා වයසේ අයත් ඉන්නවා ළමයි ඉන්න අයත් ඉන්නවා

කවුද බං අපේ ළමා වයසේ ඉන්න එකා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Oct 2018 07:14 AM

ජංගම දුරකථනයේ මුහුණත තිබෙන විෂබීජ පාවහන්වල අඩියේ තිබෙන විෂබීජවලටත් වඩා වැඩි බව දන්නවාද?

https://i.imgsafe.org/27/2708c3966d.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Oct 2018 06:29 PM
මේ දැන්ම හොඳට ක්ලීන් කරා ඔන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Oct 2018 06:32 PM
මාත් වොෂින් මැෂින් එකට දැම්මා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 07:05 AM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47941.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47942.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47943.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47944.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47945.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47946.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47947.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47948.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 09:13 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 09:14 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 09:14 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Oct 2018 09:14 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Oct 2018 09:38 PM
කලින්ම මේ ගැන සැලකිළිමත් වෙනෝ නම් අනතුරු අඩු කර ගන්න තිබ්බ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:29 AM

handප්‍රශ්නය - මැණික්‌ කටුව සහ අල්ල අතර ඇති ස්‌නායු සමුච්ඡයේ හටගන්නා රෝග තත්ත්වයක්‌ නිසා ඇතිවන Carpal Tunnel Syndrome රෝගය ගැන මෙයට දෙසතියකට පෙර කතා කළා. එහිදී ඔබ කියා සිටියා අත් දෙකම හෝ එක්‌ අතක්‌ නිතර පරිහරණය කරන රියෑදුරන්ට, කේෂාලංකරණ ශිල්පීන්ට, Type setting කරන අයට, සම්භාහන තෙරපිවරුන්ට හා තෙරපිවරියන්ට, ලේඛකයන්ට මේ රෝගය හටගන්නා බව.

වෛද්‍ය කුමුදු වීරසේකර මෙය භයානක රෝගයක්‌ද?

මෙය භයානක රෝගයක්‌ම නොවෙයි. හැබැයි වැළඳුනාම හරිම අපහසු රෝගයක්‌. මේ රෝගය තිබෙන අය දිගින් දිගටම තමන්ගේ දෛනික කටයුතුවල නිරත වෙනකොට ස්‌නායු තවදුරටත් පීඩනය වීමට පටන් ගන්නවා. එවිට අත හිරිවැටෙනවා. නැත්නම් අධික ලෙස වේදනා දෙනවා. බටහිර විද්‍යාවේ කියන්නේ මෙය සුව කරන්න නම් සැත්කමක්‌ කළ යුතු බවයි. එහෙත් එසේ නැතිව තෙල් වර්ග හා සම්භාහනය කිරීමෙන්, තැවීමෙන් සහ කසාය මඟින් මේ ස්‌නායු තද ගතිය නැති කරන්නට ආයුර්වේදයට පුළුවන්. දැන්a තියෙනවා මධ්‍ය ස්‌නායුව කියල එකක්‌. අතේ මහපට ඇඟිල්ලට සහ ඉතිරි ඇඟිලි තුනට අදාළ සියලු සංවේදන පාලනය කරන්නේ ඒ හරහා. මෙය අත හරහා වැටී තිබෙනවා. මෙය පීඩනයට පත් වුණාම සමහර විට අත වෙවුලන්නට පවා පටන් ගන්නවා.

ප්‍රශ්නය - ආයුර්වේදයට අනුව මේ රෝගය සුව කරන්නට ගතවන කාලය කොපමණද?

වෛද්‍ය කුමුදු වීරසේකර - ආයුර්වේදයට අනුව ප්‍රතිකාර කළාම මාස 3 කට අඩු කාලයකින් මෙය සුවපත් කළ හැකියි. රෝගය පරණ වී ඇත්නම්, ස්‌නායු ඕනෑවට වඩා තැලී ඇත්නම් සුවපත් වීමට ගතවන කාලය වැඩි විය හැකියි.

ප්‍රශ්නය - මේ රෝගය වැළඳගෙන එන බව හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය කුමුදු වීරසේකර - ඔබේ දෙඅත් පොළොවට අංශක 90 ක්‌ සමාන්තරව දිගු කර මැණික්‌ කටුව ළඟින් පහළට අත ලිහිල් කර විනාඩියක්‌ පමණ සිටින විට අත් වෙවුලන බවත්, හිරියක්‌ හෝ වේදනාවක්‌ දැනෙනවා නම් එයින් කියෑවෙන්නේ ඔබට රෝගය හැදීගෙන එන බවයි.

ප්‍රශ්නය - මෙය නිධන්ගත රෝග තත්ත්වයකට පත්වීමටත් පුළුවන්ද?

වෛද්‍ය කුමුදු වීරසේකර - සෙම්ප්‍රතිශ්‍යාවක්‌ වුණත් ප්‍රතිකාර නොකර අත්හැර දැමුවාම නිධන්ගත වෙනවා. මේ රෝගයේ එක්‌ අවස්‌ථාවක්‌ තිබෙනවා මාංශපේශී දියවීමේ රෝගය හෝ මධ්‍ය ස්‌නායුවට හානි වීම සමඟ සම්බන්ධ වුණු. එවිට රෝගය සුව කිරීම අමාරුයි. මොකද ඉහත සඳහන් රෝග දෙකටත් වෙනම පිළියම් කර ඒවා සුවපත් කරන්න වෙනවා.

(මේ රෝගයට සුදුසු ප්‍රතිකාර මොනවද?)

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

hand1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:30 AM

anusප්‍රශ්නය - පසුගිය දිනවල ඔබ සමඟ කළ සාකච්ඡාවලදී ගුද භ්‍රංශය හෙවත් Rectal Prolapse නමැති රෝගයක්‌ ගැන සඳහන් කළා. මෙය කුමක්‌ද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙය ගුද ගත රෝගයක්‌. Rectal කියන්නේ ගුදය. Prolaps කියන්නේ ශරීරාංගයක්‌. එය පිහිටා තිබීමට නියමිත තැනින් වෙනත් තැනකට යැමයි. මේ අනුව ගුදය සහ චර්මය එක්‌වන කොටස පිටතට පැමිණීම Rectal Prolapse හෙවත් ගුද භ්‍රංශය හැටියට හඳුන්වනවා. ගුද භ්‍රංශය හටගැනීම ශාරීරික වශයෙන් ලොකු අපහසුවක්‌.

ප්‍රශ්නය - ගුද භ්‍රංශය හටගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර- නිදන්ගත මළ බද්ධය හෝ නිදන්ගත පාචන තත්ත්වය දිගින් දිගටම හටගැනීම

2. බඩවැලේ හටගන්නා අස්‌වාභාවික චලනයන් හෝ බඩවැල් අධික ලෙස පහළට ඇදී යැමේ තත්ත්වය දීර්ඝ කාලීනව පැවතීම.

3. මහලු විය

4. ගුදයේ ස්‌නායු දුර්වල වීම

5. ගුදයේ ස්‌නායු හානියට පත්වීම

6. වෙනත් ආසාදන හෝ රෝග

7. ගුදයට හෝ ගුද මාර්ගයට හානි සිදුවීම.

ප්‍රශ්නය - ගුද භ්‍රංශය සුවපත් කිරීම සඳහා සැත්කමක්‌ සුදුසු බව ඔබ යෝජනා කරනවාද? සැත්කමක්‌ නොකර වෙනත් ප්‍රතිකාර මගින් මෙය සුවකළ හැකිද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ගුද මාර්ගයේ හෝ ගුදය ආශ්‍රිත රෝගවලට සැත්කම් කිරීමේදී පසුකාලීන අතුරු ආබාධ ඇතිවිය හැකියි. එනම්,

1. සැත්කම කිරීමට පෙර වේදනාව සමනය කිරීම සඳහා යොදන නිර්වින්දන ඖෂධ මගින් ආසාත්මිකතා හට ගැනීමේ ඉඩ

2. විවිධ ආසාදන හට ගැනීම.

3. රුධිර වහනය.

4. ගුද මාර්ගයේ හෝ එය ආශ්‍රිත රුධිර නාල සහ ස්‌නායුවලට සිදුවිය හැකි හානිය.

5. ගුදය හෝ මුත්‍රා බොක්‌කට සිදුවිය හැකි හානිය.

6. Necrosis තත්ත්වයක්‌ හටගැනීම, එනම් ගුද බිත්තිය මියයැම.

7. සැත්කමින් පසුවත් නැවත වතාවක්‌ ගුද භ්‍රංශය හටගැනීම.

එහෙත් ආයුර්වේදය, සැත්කමකින් තොරව ගුද භ්‍රංශය සුවපත් කරනවා. ආයුර්වේදය මගින් ශල්‍යකර්ම බැහැර නොකරන බව මෙහිදී සඳහන් කිරීම වැදගත්. ආයුර්වේද ශාස්‌ත්‍රය තුළ ශල්‍ය චිකිත්සා ලෙස හැඳින්වෙන වෙනම කොටසක්‌ තිබෙනවා. මේ ශල්‍ය චිකිත්සාව යොදන්නේ අත්‍යවශ්‍යම තැනකදී විතරයි. ආයුර්වේද ප්‍රතිකාරවල මූලික සිද්ධාන්ත මෙසේ විමසා බලමු. එනම්,

1. රෝගයක්‌ සුව කිරීම සඳහා මූලික වශයෙන් සැත්කම් අවශ්‍ය නැත.

2. රෝගයක්‌ සඳහා දෙන ඖෂධවලින් පසුකාලීන අතුරු ආබාධ හටගන්නේ නැත.

3. ඖෂධ මගින් කරන ප්‍රතිකාර නිසා අවදානම ඉතා අඩුයි.

4. රෝග ලක්‍ෂණ මර්දනය කර යට ගැසීම වෙනුවට රෝග මූලය හඳුනාගෙන ප්‍රතිකාර මගින් එය ඉවත් කිරීම සිදුකෙරේ.

ඉහත සඳහන් කරුණු කියෑවීමෙන් ගුද භ්‍රංශයේදී සැත්කමකට යනවාද නැත්නම් ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිකාර කරනවාද යන්න තීන්දු කිරීමට රෝගියාට පුළුවන්.

ගුද භ්‍රංශයේදී හටගන්නා තවත් නරකම තත්ත්වයක්‌ තමයි රෝගියා මළපහ කිරීමට බිය වීම. මොකද, ඔහු දන්නවා මළපහ කරන විට ගුදය එළියට එන බව. මෙහෙම මළපහ කරන විට ශරීරයේ පහළ කොටසෙහි පිරෙන මළ නිසා අයහපත් ප්‍රතිඵල ඇති විය හැකියි. ඒ නිසා රෝගියා අමාරුවෙන් හෝ මළපහ කළ යුතුයි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

anus1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:32 AM

ukulඅද අප ඔබට කියන්නට යන්නේ ෙවෛද්‍ය එම්. ඒ. මදනායකගේ තවත් විස්‌කමක්‌. මෙය තිස්‌ හැවිරිදි කාන්තාවක්‌ පිළිබඳ කතාවක්‌. ඇයගේ වයස අවුරුදු 48 යි. මෙයට වසර 5 කට පෙර ඇගේ ඉණ ප්‍රදේශයේ සහ දෙකලවාවලට උඩින් උකුල් ඇටය ආශ්‍රිතව සිහින් වේදනාවක්‌ හට ගන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගට වර්ධනය වුණා. වේදනාව හටගෙන අවුරුද්දක්‌ පමණ ගත වෙද්දී ඇගේ උකුල එහාට මෙහාට හැරවීම දුෂ්කර වුණා. දෙවැනි වසර වනවිට වේදනාව දරන්න බැරි තරම් වර්ධනය වුණා. දවස්‌ ගණන් ඇඳෙන් නැඟිට ගන්න බැරිව සිටි ඇය මුලින් පැරසිටමෝල් වේදනා නාශකයටත් පසුව ඊට වඩා බලගතු වේදනා නාශකවලටත් ඇය පුරුදු වුණා. විවිධ ගොඩ බෙහෙත් කළත් වේදනාව සුවපත් වූයේ නැති නිසා ඇය වෛද්‍යවරයකු වෙත ගියා. එවිට ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කෙරුණා. එතැනදී එක්‌ස්‌රේ කිහිපයක්‌ සහ ස්‌කෑන් පරීක්‍ෂණ කිහිපයකුත් ලබාගත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ඇගේ උකුල් ඇටය දිරාගොස්‌ ඇති බවයි. ඊළඟට කළ යුත්තේ කුමක්‌ද කියා ඇය හැඬූ කඳුළින් යුතුව වෛද්‍යවරයාගෙන් විමසුවා.

"කෘත්‍රිම උකුල් ඇට බද්ධ කිරීම පිටරටවල තිබෙනවා. ඒත් ලංකාවේ එය හරියාකාරව කෙරෙන්නේ නැහැ. මේකට විකල්පයක්‌ නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඇඳට වෙලා විවේක ගැනීම. තව අවුරුදු කිsහිපයක්‌ ගියාම ඔබට ඇවිදින්න පවා බැරිව යනවා..." තිබෙන ලෙඩක්‌ මුහුණට ම කීම පුරුද්ද කරගත් වෛද්‍යවරයා කිව්වා.

ඉතින් ඇය ඇඳට වෙලා හැඬූ කඳුලින් කාලය ගත කළා. වෛද්‍ය එම්. ඒ. මදනායක ගැන ඇයට ආරංචි වන්නේ එවිටයි. සිංහල බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් ගැන එතරම් විශ්වාසයක්‌ නැති වුණත් ස්‌වාමියාගේ සහ දරුවන්ගේ ඇවිටිල්ලමත ඇය වෛද්‍ය මදනායක වෙත ගියා. එතැන් සිට කතාව අපි වෛද්‍ය මදනායකගෙන් විමසමු.

ප්‍රශ්නය - මේ කාන්තාවගේ උකුල් ඇටය දිරා ගියේ කොහොමද?

වෛද්‍ය මදනායක - ඇය මා ගාවට ගෙනෙන විට උකුල් ඇටය දිරා ගිහින් බව ලෙඩාගේ භාරකරුවන් කිව්වේ නැහැ. ඔවුන් කිව්වෙ ඇයට දරුණු කොන්දෙ අමාරුවක්‌ තිබෙන බවයි. ඉතින් මම මුලින්ම ඇගේ නාඩි බැලුවා. එතැනදී මට තේරුණා. ඇගේ ඉනෙන් පහළ බරපතළ රෝග තත්ත්වයක්‌ තිබෙන බව. ඊළඟට මෙම ඇගේ උකුල් ඇටය දෙපැත්ත ඇඟිලිවලින් තද කරලා බැලුවා. එතැනදී තමයි මට තේරුණේ ඇගේ උකුල් ඇටය දිරා ගිහින් තිබෙන බව. මෙය අවුරුදු 3 ක්‌ විතර පරණ තත්ත්වයක්‌ බව මට තේරුණා. මම ඒ බව ඇයට කිව්වාම ඇගේ සැමියා දිරාගිය උකුල් ඇටයේ X කිරණ ඡායාරූප ඉදිරිපත් කළා. ඔබ ඇහුවා ඇගේ උකුල් ඇටය දිරා ගියේ කොහොමද කියලා. මෙය රෝගයක්‌. උකුල් ඇටය මාංශ පෝෂීන් සමග සම්බන්ධවෙලා තිබෙනවා. මේ පේෂින් අතරින් ගමන් කරන රුධිර නහර උකුල් ඇටයට රුධිරය සපයනවා. උකුල් ඇටයේ පැවැත්ම තීරණය වන්නේ ඒ අනුවයි. සමහරුන්ගේ උකුල් ඇටයට තිබෙන ලේ සැපයුම විවිධ හේතූන් මත නවතිනවා. එතැන් සිට උකුල් ඇටය පෝෂණය වීම නවතිනවා. එවිට උකුල් ඇටයේ ඝණත්වය අඩුවීමට පටන් ගන්නවා. ඊට පසු එය දිරනවා. මේ දිරායැමේ භයානකකම මෙයයි. උකුල් ඇටය දිරාගිය රෝගියා බිම වැටුණාම ඇටය දෙකට කැඩෙන්නට ඉඩ තියෙනවා. නැත්නම් පුපුරන්නට ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ අස්‌ථි භග්නයක්‌ (කැඩීමක්&zwnj වුණාට එය ටික කලක්‌ යද්දී කැල්සියම් මගින් හයි වෙනවා. එහෙත් උකුල් ඇටය දිරායැමේ රෝගයට ගොදුරු වුණ කෙනකගේ ඇටයක්‌ එහෙම හයිවෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබ ඇයට ප්‍රතිකාර කළේ කොහොමද?

වෛද්‍ය ඒ. ඒ. මදනායක - මා මුලින්ම කළේ ඇගේ වේදනාව නැති කිරිමයි. එය කළේ තනිකරම කසාය මගින්. අප ළඟ තිබෙනවා වේදනා නාශක සහ ප්‍රතිජීවක වශයෙන් ක්‍රියා කරන කසාය වට්‌ටෝරු. ඒවා මගින් රෝගියාගේ වේදනාව සතියක්‌ ඇතුළත නවත්වන්න අපට හැකි වුණා. එතකොට තමයි උකුලේ වේදනාව නිසා තුන් අවුරුද්දක්‌ අපා දුක්‌ විඳි ඇය මුල් වතාවට වේදනාවක්‌ නැතිව හිටියේ. ඊළඟට තමයි උකුල් ඇටයට ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. ඒ සඳහා සුදුසු තෙල් වර්ග අප ළඟ තිබෙනවා. මෙම තෙල් වර්ගවලට ගන්න අමුද්‍රව්‍ය ඉතා දුර්ලභයි. එහෙම කිsයලා අපි රෝගියාව ගසා කන්නේ නැහැ.

ප්‍රශ්නය - දැන් මේ රෝගී කාන්තාවගේ තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - දැන් ඇයට සම්පූර්ණයෙන් ම සුවයි. ඇය ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කරගෙන කල්ගත කරනවා. හැබැයි ඇය කැල්සියම් සහ ඛනිජ ලවන ඇති එළවළු, හාල්මැස්‌සන් වැනි දේ අනුභව කළ යුතුයි. මස්‌මාළු නොකන අයට කැල්සියම් වර්ධනය පවත්වාගෙන යන්න සුදුසු ඖෂධ අප ළඟ තිබෙනවා.

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

ukul1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:35 AM

mentalඅප රටට ම අවේණික හෙළ වෙදකම රාවණා රජ සමයේ පටන් ඒ කියන්නේ වසර පන්දහසක පමණ සිට පැවත එන්නක්‌. මා හෙළ වෙදකම උපයෝගී කරගෙන ආයුර්වේද ප්‍රතිකාර කරන අතර චීන කටු චිකිත්සාව ද කරනවා. ඒ වගේම කොරියාවේ ඉපැරණි වෙදකම හා එරට නවීන තාක්‍ෂණය භාවිත කරමින් රෝගීන්ට ඉතා ඉහළ සේවාවක්‌ ලබා දෙනවා. ඒ අතර ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්‌ටමකින් පවත්වා ගැනීම වෙනුවෙන් මා කැප වන බව කිව යුතුයි. මම මනෝ උපදේශිකාවක්‌ වශයෙන් ද කටයුතු කරනවා. මනෝ උපදේශනය ද රෝගීන්ගේ සුවය වෙනුවෙන් උපයෝගී කර ගන්නවා. ඒ සියල්ල ආශ්‍රය කරගනිමින් තමයි මම ප්‍රතිකාර කරන්නෙ. නමුත් අපේ හෙළ වෙදකම ඉදිරියට ගෙන යැමට තමයි වැඩි කැප කිරීමක්‌ කරන්නේ. ශ්‍රී ලාංකීය ප්‍රෙෘඪත්වය අපි ඉදිරියට ගෙන යා යුතුයි. අපි එය ලෝකයට හඳුන්වා දිය යුතුයි.

රෝගියකු වෙනුවෙන් ඔබ විශාල කාලයක්‌ වැය කරනවා. ඇයි ඒ.?

අපි මුණ ගැහෙන්නේ රෝගීන් නෙමෙයි කියන හැඟීමෙන් තමයි මම ප්‍රතිකාර කරන්නෙ. මොකද රෝගියා ඒ තත්ත්වයට පත් වෙන්න කලින් නීරෝගී පුද්ගලයෙක්‌. ඒ අයගේ සිතුම් පැතුම් වෛද්‍යවරු ලෙස අපි හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසයි රෝගීන් සමග වැඩි වෙලාවක්‌ මම කතා කරන්නේ. මා හමු වෙන්න එන අයට මම හිතවතියක්‌ මවක්‌ වැඩිහිටියන්ට ඇතැම් වෙලාවට දියණියක්‌. මම එහෙම කරන එක ඒ අයගේ මානසිකත්වයට ශක්‌තියක්‌. මනෝ උපදේශනය මම රෝගීන් වෙනුවෙන් යොදා ගන්නවා. ඔවුන්ට සුහදශීලීව කතා කිරීම අවශ්‍යයි. මානසික මට්‌ටම හොඳ මට්‌ටමකට ගෙනෙනවා කියන්නෙ රෝගයෙන් අඩක්‌ සුව වෙනවා කියන එකයි. ඉතින් වෛද්‍යවරු ලෙස ඒ ගැන අපි මනා අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි. මනස කියන්නෙ ලෙඩ රෝගවලට ප්‍රධාන වශයෙන් ම බලපාන දෙයක්‌.

උදාහරණයක්‌ වශයෙන් සන්ධිගත රෝග උත්සන්න වීම කෙරෙහි මානසික මට්‌ටමත් බලපානවා. පිළිකාව දියවැඩියාව වුණත් එහෙමයි. මානසික මට්‌ටම මත ඒ රෝගී තත්ත්වයන් උග්‍ර විය හැකියි. එ වගේම තමයි ආහාර රටාවත්. නිවැරදි ආහාර රටාවක්‌ නැත්නම් එයත් රෝගී තත්ත්වයන්ට හේතුවක්‌.

ඔබ මනෝ උපදේශිකාවක්‌ හැටියට මානසික නිදහසින් ඉන්න ලබා දෙන උපදෙස්‌ මොනව ද?

අද සමාජය ඉතාමත් සංකීර්ණයි. නිදහස්‌ මනසකින් කටයුතු කිරීම පහසු නැහැ. මනස නිදහස්‌ කර ගැනීමට නම් ප්‍රශ්නවලින් නිදහස්‌ විය යුතුයි. ඒ සඳහා හොඳම දේ තමයි තමතමන්ගේ ආගම් අනුව ධර්මයේ හැසිරීම. ඒ වගේම රැල්ලට නොයා යුතුයි. අයහපත් දේ වෙනුවට යහපත් දේ ගැන වැඩි අවධානයක්‌ ගත යුතුයි. පරිසරයට ආදරය කිරීම පොත පත කියවීම වැනි දේත් මානසික සුවයට ඉතාමත් වැදගත්.

අපේ ආහාර රටාව ගැන?

ඇත්තෙන් ම දේශීයව අපිට ආවේණික පලතුරු වර්ග රැසක්‌ තිබෙනවා. කොළ වර්ග තිබෙනවා. පිරිසුදු ජලය තිබෙනවා. අපේ රටේ සම්පත් ගැන අසන දකින විදේශිකයන් පුදුම වෙනවා. පිළිකාව දියවැඩියාව වැනි රෝගවලට එරෙහි පලතුරු වර්ග තිබෙනවා. ඒවා ගැනීමෙන් මේ රෝග වළක්‌වා ගත හැකියි. අපි ගන්නා ආහාර ගැන හොඳ ආබෝධයක්‌ අවශ්‍යයි.

වෙළෙඳ ප්‍රචාරණය ඔළුගෙඩි අවුල් කරනවා නේ ද?

ඒ නිසයි මම කියන්නෙ රැල්ලට ම යන්න එපා කියලා. දැන්වීම්වල ඉන්න නිරූපිකාව හෝ වෙනත් පුද්ගලයන් ඒ භාණ්‌ඩ පාව්ච්ච් කරන්නේ නැහැ. මොකද ඒ අයගේ අරමුණ අලෙවිය පමණයි. ආයු_වේදය ගත්තොත් ප්‍රචාරණය අඩු මට්‌ටමක පවතින්නේ මොකද රෝගියාට අවශ්‍ය ඖෂධ තීරණය කරන්නෙ වෛදවරයා නිසා.

වර්තමානයේ බෝ නොවන රෝග වර්ධනය වීමක්‌ දකින්න පුළුවන්?

මානසික නිදහස නොමැති කම, ආහාර රටාව, පරිසරය යන මේ සියල්ල ඒ සඳහා බලපානවා. ලාබාල වියේ පමණක්‌ නෙමෙයි තරුණ දරුවන් පවා බෝ නොවන රෝගවලින් ඒ කියන්නෙ පිළිකා දියවැඩියාවැනි රෝලවලින් පීඩා විඳිනවා. මේ තත්ත්තවය ඉතාම ෙශෘaචනීයයි. ඉන් මිදීමට නම් අපේ ජීවන රටාව මෙන් ම ආහාර රටාවත් වෙනස්‌ කර ගත යුතුයි. විශේෂයෙන් ම කුඩා කල සිට දරුවන් හොඳ ජීවන රටාවකට හුරු කිරීම අවශ්‍යයයි.

දිගින් දිගටම ඖෂධ ගැනීමේ දී ශරීරයේ වෙනත් ඉන්ද්‍රීයයන්ට බලපෑමක්‌ වෙන්න පුළුවන් ද?

ආයුර්වේද ක්‍රමය තුළ වැඩි වශයෙන් පාවිච්චි කෙරෙන්නේ පරිසරයෙන් ලබා ගන්නා දේ නිසා බිය විය යුතු නැහැ. අමතර බලපෑම් අවමයි. අපේ වෛද්‍යවරු පිළිකා වැනි දරුණු රෝග සුව කරලා තිබෙනවා ඇතැම් විට දීර්ඝ කාලයක්‌ බෙහෙත් පාවිච්ච් කළ යුතුයි. නමුත් අමතර බලපෑම් නැහැ.

වෙනත් රටවල් හා සසඳන විට අපේ රටේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම දැනුවත් කිරීම් අඩුයි. කොරියාව වගේ රටක්‌ ගත්තොත් රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා උපරිම වශයෙන් රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබෙනවා. අපි ඒ අතින් ඉතා පහළ මට්‌ටමක සිටින්නෙ.

රෝගීන් සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් කොහොම ද?

මා ආයුර්වේද වෛද්‍යවරියක්‌ වශයෙන් ඉතා සතුටුදායක අත්දැකීම් ලබා තිබෙනවා. ඒ මා පිළිකා රෝගීන් කෙරෙහි දක්‌වන විශේෂ අවධානය සහ මා කළ ප්‍රතිකාරවලින් ඔවුන් සුව වී සතුටින් ජීවිත ගත කරනවා දැකීමෙන්. ඉතා දරුණු රෝගවලින් පීඩා විඳි අයත් අද සුවය ලබා සතුටින් සිටිනු දැකීම තරම් සතුටක්‌ තවත් නැහැ. මේ සුවය ලැබූ රෝගීන් අතර වැඩි වශයෙන් අස්‌ථි, වාත, චර්ම හා කාන්තා රෝගීන් ද වෙනවා. මානසිකව වැටුණු අයට මම ශක්‌තියක්‌ වෙලා ඔවුන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා දී තිබෙනවා. දේශීය වෛද්‍යවරියක්‌ වීමට හැකි වීම ගැන මම ඉතාම ආඩම්බර වෙනවා.

අද වන විට මම ඖෂධ නිෂ්පාදනය කරන මට්‌ටමට පැමිණ සිටිනවා. ඖෂධ නිෂ්පාදනාගාරයක්‌ පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතිකය මට තිබෙනවා. කොරියානු ඉන්දියානු ඖෂධ අපේ දේශීය ඖෂධ හා සංයෝග කරමින් මගේ ම බෙහෙත් වට්‌ටෝරු නිෂ්පාදනය කරනවා. ඕනෑම කෙනකුට අවශ්‍ය නම් මගේ නිෂ්පාදන පිළිබඳ පරීක්‍ෂණ කළ හැකියි. මගේ බලාපොරාත්තතු තව තවත් ඉදිරියට ගොස්‌ සුවැති ජනතාවක්‌ බිහි කිරීමයි. ඒ වෙනුවෙන් මේ දක්‌වා මා හට උපකාර කළ මාගේ දෙමව්පියන්ටත් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ටත් මාගේ හෘදයාංගම ස්‌තුතිය පුද කරනවා.

නොමිලේ විස්‌තර සඳහා

0773628982

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

mental1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:38 AM

boneප්‍රශ්නය - පසුගිය සති කිහිපයේ අප ඔබ සමග සාකච්ඡා කළේ පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදය යොදගන්නා ආකාරයයි. ඒ අතර අපට දැනගන්නට ලැබුණා Pagetts Disease නමින් අස්‌ථිවල රෝගයක්‌ තිබෙන බවත් මෙය හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මඟින් සුවපත් කළ හැකි බවත්...

වෛද්‍ය අනුෂා හේමකුමාර - ඔබ දන්නවා, අපේ ශරීරයේ කොටස්‌ වැහැරෙන විට හෝ ක්‍ෂය වනවිට ඒවා අලුත්වැඩියා කිරීමේ යාන්ත්‍රණයක්‌ ඉබේම හටගන්නවා. අපේ අස්‌ථිවල පටක දිරාපත් වනවිට ඉහත සඳහන් යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් අලුත් පටක අස්‌ථි මත වර්ධනය වෙනවා. Pagetts රෝගය මඟින් සිදුවන්නේ මේ යාන්ත්‍රණය කඩා වැටීමයි. එවිට ඇට දිරාපත් වීම, අස්‌ථි ඇදවීම යනාදිය හටගන්නවා. උකුළු ඇටය, හිස්‌ කබල, කොඳු ඇට පෙළ, පාද යනාදියට තමයි මේ මඟින් වැඩිම හානිය සිදුවන්නේ.

ප්‍රශ්නය - මෙය අවදානම් සහගත රෝගයක්‌ද?

වෛද්‍ය අනුෂා හේමකුමාර - මෙහි අවදානම හටගන්නේ කෙනකු මහලු වීමත් සමගයි. ඔබේ පවුලේ අයකුට මේ රෝගය තිබෙනවා නම් එය ඔබට වැළඳීමට ඇති ඉඩ ප්‍රමාණය ඉතාම වැඩියි. මේ රෝගය නිසා අස්‌ථි භග්නය හෙවත් ඇට පිපිරීම සිදුවෙනවා. ඒ අතර අස්‌ථි වේදනාදීමටත් පටන් ගන්නවා. ඒ අතර සමහර අස්‌ථිවලින් අලුත් අස්‌ථි කොටස්‌ ඉදිරියට නෙරා ඒමත් සිදුවෙනවා. පාදවල අස්‌ථි ඇදවීම ස්‌පරූපය වෙනස්‌ වීමට එය බලපානවා.

ප්‍රශ්නය - මෙය පවතින්නේ ශරීරයේ එක්‌ තැනක විතරද?

වෛද්‍ය අනුෂා හේමකුමාර - මෙය ශරීරයේ එක්‌ තැනක හටගෙන තවත් තැන්වල පැතිරෙන්නට පුළුවන්. කලින් සඳහන් කළ උකුළු ඇටය, හිස්‌ කබල, කොඳුඇට පෙළ, පාද යනාදිය එම ස්‌ථාන ලෙස හඳුන්වා දිය හැකියි.

ප්‍රශ්නය - මේ රෝගය හටගන්නේ කවර අවස්‌ථාවලදීද?

වෛද්‍ය අනුෂා හේමකුමාර - අවුරුදු 40 ඉක්‌ම වූ අයට මෙය හටගැනීමට ඉඩ තිබෙනවා. මෙය වැඩියෙන්ම හැදෙන්නේ කාන්තාවන්ට නොව පිරිමින්ටය.

(ලබන සතියේ තව කොටසක්&zwnj

නොමිලේ විස්‌තර සඳහා

011-2731695 හෝ 0718250716/17

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

bone1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:40 AM

semaආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ-

මිනිසාගේ සිරුරේ ප්‍රධානතම ඉන්ද්‍රීය මොළයයි. ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානය වන්නේ ද මොළයයි. මොළයෙන් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ කශේරුකා පන්තියට ඇතුළු වී එම කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රීය හා අවයව කරා දිව යැම සිදුවෙනවා. මේ නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රියක සෙම් දෝෂයක්‌ හටගත්තොත් එය මොළයට බලපෑම් කිරීමක්‌ වෙනවා. මෙලෙස ඇති කරන බලපෑම්වල උච්චතම අවස්‌ථාව ලෙස රදය නැතහොත් හිසරදය ලෙස හැඳින්විය හැකියි.

හිසරදය සහ සෙම් තත්ත්වය අතර බැඳීමක්‌ තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

අප කරා පැමිණෙන බොහෝ හිසරදය රෝගීන්ට එම රෝගය වැළඳී ඇත්තේ සෙම කුපිත වීම නිසයි. ශරීරයේ සෙම බහුල වීමට බලපාන ප්‍රධානතම හේතුව ලෙස හැඳින්විය හැක්‌කේ ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම අධික උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට බලපෑම් කරනු ලබන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සියුම් සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ වීමේ තර්ජනයකට ලක්‌ වේ. එම නිසා එම සෛල ආරක්‍ෂා කර ගැනීමට මොළය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගැනීම සිදුකරන අතර එලෙස ගෙන්වාගන්නා සෙම නාස්‌ කුහර හරහා මොළයට පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමට ලක්‌වීමෙන් එම සෙම නරක්‌ වීමේ අවස්‌ථාවට පත්වන අතර එවිට හිස බර ගතිය හා වේදනාව හටගැන්ම සිදුවන අතර එහි බරපතළම අවස්‌ථාව ලෙස හිසරදය හැඳින්වීමට හැකියි. මීට අමතරව සිරුරේ හටගන්නා වෙනත් රෝගාබාධ නිසා ද හිසරදය ඇතිවීමට හැකියාවක්‌ තිබෙනවා.

මේ සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා,

සෙම ඉවත් කිරීම, වියළීම සඳහා වේදනා නාශක භාවිත කිරීමෙන් පසුකාලීනව බරපතළ රෝගාබාධ ඇතිවිය හැකියි. මේ තුළින් උෂ්ණාධික බව තවත් ඉහළ යැමට හැකිවන අතර එවිට මොළයේ සෛල පවා විනාශ වීමේ අවදානමක්‌ තිබෙනවා. එම නිසා මොළය ආශ්‍රිත ප්‍රදේශය සිසිලනය කිරීම සඳහා ආයුර්වේදයේ නිවැරදි ප්‍රතිකාර තිබෙනවා. මෙහිදී මුළු සිරුරේම උෂ්ණාධික බව අඩු කිරීම සිදුකරනවා. එවිට රෝගියාගේ සම්පූර්ණ සිරුරම උෂ්ණාධික බවෙන් මිදෙන අතර එවිට මොළයේ සිසිලනය ද නිවැරදිව පහව ගොස්‌ සම්පූර්ණ සුවය අත්කර ගත හැකියි. විශේෂයෙන්ම මෙහිදී රෝගියාට ඇති අනෙකුත් රෝගාබාධයන් ද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතු වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

071-3007000/

071 300 9088

sema1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:43 AM

ඇස් වාට්ටුවට ආයුබෝවන් කියමු!

අපේ බොහෝ දෙනා නොදන්න කාරනාවක් තමා තමන්ගෙ ඇස් දෙක කවදාකවත් ඇස් රෝහලට නොගොස් ආරක්ෂා කරගත හැකි බව. ඇස් කියන්නෙ මාංශ පේශී බහුල අවයවයක්. මාංශ පේශී කියන්නෙ හොඳට නිරතුරුව භාවිතාවට ගත යුතු, ව්‍යායාම ලබාදිය යුතු දෙයක්. ක්‍රමානුකූලව ව්‍යායාමයට ලක් නොවන විට මේ පේශී අඩපණ වෙනවා. නිසිලෙස ක්‍රියා නොකර ලෙඩ දෙනවා. ඇස්වලට වෙන්නෙත් ඒකම තමයි. අද කාලේ අපි කරන ගොඩක් රස්සා පරිගණක හා සම්බන්ධයි. ඒ මදිවට දුරකථන තිර, රෑපවාහිනී තිර හැම තැනම. ඉතින් අපේ දෑස් හැදිලා තියෙන අක්ෂි පටක100%ක්ම භාවිතා වෙනවා වෙනුවට වෙන්නේ, එකම තැනක් දිහා මුළු දවසම ඇස්වලින් බලන් ඉන්න එක විතරයි. මේ තත්ත්වය නිසා අපේ ඇස් පෙනීම ඉක්මනටම දුර්වල වෙනවා. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදෙන්න නම් අපේ ඇස් දෙක අවට තියන මාංශ පේශිවලටත් යම්කිසි ව්‍යායාමයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.

ඒ නිසා ඇස් රැක ගන්න නම් දිනපතා නිසි වේලාවක ඇස්වලටත් ක්‍රමානුකූලව ව්‍යායාම ලබා දිය යුතුයි. පින්තූරයේ  දක්වා ඇති විදිහට සෑම අතටම ඇස් ක්‍රමානුකූලව යොමුවන අන්දමට විනාඩි කිහිපයක් ගතකර ව්‍යයාම ලබාදීමෙන් ඇස් නිරෝගිව තබා ගත හැකියි. ඒ සමඟ ඔබ අහාර ගැනීමත් පාලනය කළ යුතුයි. ශරීරය වෙහෙස වන ව්‍යායාමයක සතියකට 3න් වරක්වත් යෙදීමත් වැදගත්! 

ඒ අන්දමට දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල් වගේ ලෙඩ හැදෙන එක වළක්වා ගත්තොත් ඔබට නිරෝගි ඇස් දෙකක් ලැබේවි. ඒ සඳහා අදම රෑපයේ දැක්වෙන ව්‍යායාම අරඹන්න. උදේ කාලය තමා මේ සඳහා හොඳම!  

-  spkamed

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:47 AM

whatප්‍රශ්නය - පසුගිය සතිවල ඔබ පක්‍ෂාගාත රෝගය පිළිබඳව අපට පැහැදිලි කළා. එය හටගන්නා ආකාරය සහ එයට ලබාදිය හැකි ප්‍රතිකාර ගැන තේරුම් කර දුන්නා. මේ අතර පාඨකයන් විශාල ප්‍රමාණයක්‌ අපෙන් විමසා තිබුණා Dementia‌ නමැති රෝග තත්ත්වය ගැන. මොකක්‌ද මේ ඩිමෙන්ෂියාව කියන්නේ? එය මාරක රෝගයක්‌ද?

මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - මුලින්ම උත්තර දිය යුත්තේ ඩිමෙන්ෂියාව මාරාන්තික ද කියන ප්‍රශ්නයටයි. නියුමෝනියාව හැදුණු මනුස්‌සයා එයින් හටගන්නා ආසාදන නිසා මිය යනවා. එවැනි ආසාදන නිසා ඔහුගේ උගුර සහ පෙනහලු අභ්‍යන්තරය ඉදිමෙනවා. ඔත්පල වෙලා ඇඳට වෙලා එකම ඉරියව්වෙන් ඉන්න කෙනකුගේ පෙනහලුවල ලේ කැටියක්‌ හිරවෙලා එතැන නහරය පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයකින් මියයන්න පුළුවන්. මා මේ උදාහරණ දෙන්නේ ඕනෑම දෙයකින් මරණය සිදුවීමට පුළුවන් බව පෙන්වා දෙන්නයි. ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධයෙන් කියන්න තියන්නෙත් ඒ ටිකම තමයි. එහි අතුරු ආබාධවලින් ඕනෑම දෙයක්‌ සිද්ධ වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඩිමෙන්ෂියාව එකවරම හැදෙන ලෙඩක්‌ද?

මහාචාර්ය හෙට්‌ටිආරච්චි - මෙහි අවස්‌ථා අටක්‌ තිබෙන බව තමයි, බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන්නේ. එහි ආයුර්වේද අර්ථකථනය එයට වඩා බොහෝ පැරණි, එනම් වසර හාරපන්දහසක්‌ පැරණි අර්ථකථනයක්‌. ඩිමෙන්ෂියාවේ මූලික ලක්‍ෂණය තමයි මතකය - ඥනය යන දෙක ක්‍රමයෙන් දුර්වල වීම. මෙවැනි සිහි මඳ රෝග ගැන ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය - ඩිමෙන්ෂියා රෝගයේ අවස්‌ථා 8 ගැන අපට විස්‌තර කරන්න?

මහාචාර්ය හෙට්‌ටිආරච්චි - මූලික අවස්‌ථාව, මූලික මධ්‍ය අවස්‌ථාව, මධ්‍ය අවස්‌ථාව, පශ්චාත් අවස්‌ථාව කියලා මූලික අවස්‌ථා 4 ක්‌ තිබෙනවා. ඊළඟට මධ්‍යස්‌ථ සිහි මඳ ගතිය, මධ්‍යස්‌ථ නමුත් සිහි මඳ තත්ත්වය නරක අතට හැරුණු අවස්‌ථාව, වඩාත් දරුණු අතට හැරුණු අවස්‌ථාව සහ ඩිමෙන්ෂියා තත්ත්වයෙන් අවසන් අවස්‌ථාව යනාදී වශයෙන් එම අවස්‌ථා 8 දැක්‌විය හැකියි.

ප්‍රශ්නය - මේ රෝගය හටගෙන කෙතරම් කාලයක්‌ ගිය විට ද රෝගියා මියයන්නේ?

මහාචාර්ය හෙට්‌ටිආරච්චි - ඇල්සයිමර් කියලා රෝගයක්‌ තිබෙනවා ඔබ අහල ඇති. මෙයත් පාකින්සන් වගේම මතකය හීන වීම නිසා හටගන්නා ලෙඩක්‌. ඇල්සයිමර් හැදුණ රෝගියෙක්‌ අවුරුදු 8 - 10 ක්‌ පමණ ජීවත් වෙනවා. එහෙත් ඩිමෙන්ෂියාව කළමනාකරණය කරගත්තොත් එම රෝගියා අවුරුදු 30 ක්‌ විතර ජීවත්වන අවස්‌ථා තිබෙනවා.

(ඩිමෙන්ෂියාවේ රෝග ලක්‍ෂණ ලබන සතියේ)

what1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:48 AM

ආයුර්වේද අත්බෙහෙත්

සෙම්ප්‍රතිශ්‍යා උණ
කොත්තමල්ලි, අමුඉඟුරු, කටුවැල්බටු, පත්පාඩගම්. කළං තුන බැගින් ජලය පත අට එකට සිඳ සීනි දමා පත භාගය බැගින් උදේ සවස බොන්න.

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණ
තිප්පිලි කළං එකයි අමුඉඟුරු කළං දෙකයි බැදපු කොත්තමල්ලි කළං තුනයි ජලය පත අට හතරට සිඳුවා කළං හයක් දමා පත එකට සිඳ බීමට ගන්න.

දත්වලින් රුධිරය ගලනවිට
පේරකොළ සහ පොතු තම්බා කට සෝදන්න.

සෙම් ගෙඩි ප්‍රදාහයට
ගම්මිරිස් සහ ලුණු කුඩු ගෙන දෙහි එකතු කර කුඩා පොට්ටනියක් සාදාගන්න. මෙය උගුරේ තබා සෙම අරින්න.

තැල්මකදී
ගොරකා, මීපොතු, මදටිය කොළ හා පොතු, හාතවාරිය කොළ, අමුකහ එක සමානව ගන්න. එය දියලුණු ස්වල්පයක් දමා කොටා මලවා තැල්ම ඇතිවූ ස්ථානයේ බඳින්න.

බඩ පිපුම/ බඩේ අජීර්ණය
ගම්මිරිස්, අමුඉඟුරු, සුදුලූනු එකට හොඳින් අඹරා තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න.

අකලට හිසකෙස් සුදුවෙනවා නම්
බෙහෙත්නෙල්ලි ගෙඩි පහක් සහ පොල්තෙල් මිලිලීටර් 100ක් ගන්න. බෙහෙත්නෙල්ලි ඉතා කුඩා කැබලිවලට කපාගන්න. භාජනයක් ලිප තබා එයට තෙල් එක්කොට එයට කපාගත් නෙල්ලි කැබලි එක්කරන්න. මෙය පැය භාගයක් පමණ හොඳින් රත්කරන්න. මඳගින්නේ රත්කරගත් මෙය ළිපෙන් බා නිවෙන්නට හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. මෙම තෙලෙන් ස්වල්පයක් ගෙන හිස්කබලේ ගා රාත්‍රියට නින්දට යන්න. පසුදා උදෑසන සුපුරුදු පරිදි හිස සෝදන්න. මෙමගින් හිසකෙස් වර්ධනය වෙනවා මෙන්ම අකලට හිසකෙස් සුදුවීම වළකාලයි.

සම අවපැහැගැන්වීම වැළැක්වීමට
පොතු ඉවත්කරගත් පිපිඤ්ඤා පෙත්තක් ගන්න. කුඩා තක්කාලි ගෙඩියක්ද ගන්න. පිපිඤ්ඤා පෙත්ත ඉතා කුඩා කැබලිවලට කපාගන්න. ඉන්පසුව රෙදි කැබැල්ලකින් මෙම පිපිඤ්ඤා යුෂ හොඳින් කුඩා භාජනයකට මිරිකාගන්න. තක්කාලි ගෙඩියද රෙදි කැබැල්ලකින් මිරිකා යුෂ ගන්න. පසුව තක්කාලි යුෂ මේස හැන්දක් සහ පිපිඤ්ඤා යුෂ මේස හැන්දක් එකට කලවම් කරගන්න. මෙම මිශ්‍රණයෙන් ඔබේ මුහුණ, අත් පා ආලේප කර විනාඩි පහළොවක් පමණ වේලාවක් තබා සෝදාහරින්න. මෙය හිරු එළියට අවපැහැගැන්වූ සම පැහැපත් කිරීමට උදව් වේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2018 06:50 AM

ඇඟට යකඩ දෙන කොත්තමල්ලි කොළ

කොරියන්ඩ්‍රම් සැටිවුම් (Coriandrum Sativum) නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොත්තමල්ලි ඉතා ගුණවත් පැලෑටියක් මෙන්ම ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැක. විශේෂයෙන් කොත්තමල්ලි බීජය ඉතා ගුණවත් ඖෂධයකි.

කොත්තමල්ලි බීජය මෙන්ම කොත්තමල්ලි කොළය ද ඉතා ගුණදායක වුවත් මෙය බොහෝ දෙනකු නොදන්න කරුණකි. බොහෝ රෝග සුවපත් කරගැනීමට කොත්තමල්ලි කොළවලින් ප්‍රබල ශක්තියක් ලැබෙන අතර යකඩ වැඩි ප්‍රමාණයක් බහුල පළා වර්ගයකි. අත්‍යවශ්‍ය මේද අම්ල, ඔලෙයින්, ෆාම්ටික් වැනි මේද අම්ලවලින් බහුල කොත්තමල්ලි කොළවල මැග්නීසියම්, පොස්පරස් අන්තර්ගත වේ. එමෙන්ම තන්තු බහුල පළා වර්ගයක් වන මෙය කැල්සියම් බහුලව පවතී. එය ඔස්ටියෝ පොරෝසිස් රෝගයට ඉතා ගුණදායක වේ.

ආතරයිටීස් සහ වෙනස් සන්ධි රෝග සඳහාත් රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහාත් උපකාරී වේ. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන සන්ධි රෝගවලදී කොත්තමල්ලි ඉතා ගුණදායක පළා වර්ගයකි. එමෙන්ම කාන්තාවන්ගේ ආර්තවහරණයේදී රුධිරය අඩුවෙන් පිටවීමටත්, එම රුධිරය පිටවීමේදී ඇතිවන වේදනාව නැතිකර ගැනීමටත් කොත්තමල්ලිවල ප්‍රබල හැකියාවක් පවතී.

කොත්තමල්ලි කොළවල විටමින් සී සුලබව පවතින නිසා කොලොස්ටරෝල් පාලනයට ඉතා වැදගත් වන HDL කොලොස්ටරෝල් සංයුතිය වැඩි කරයි. රුධිර නාළ තුළ කොලොස්ටරෝල් තැම්පත් වීම අඩුකර හෘදයාබාධ අඩු කරයි.

අධික රුධිර පීඩනය පාලනයට උදවු වේ. එමෙන්ම කොත්තමල්ලි කොළ දියවැඩියාවට ඉතා ගුණදායක වේ. අගන්‍යාසයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගනිමින් ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි. ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරයි. මෙය දියවැඩියාවට ගුණදායක වේ.

ස්නායු පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලට කොත්තමල්ලි ගුණදායක වේ. මොළය ආශ්‍රිතව ඇති රසායනික ද්‍රව්‍යවල සමතුලිත බව පවත්වා ගැනීමට කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා මොළයට ඇතිවිය හැකි ආබාධ වළකාලයි. නොසන්සුන් බව දුරලයි.

ආහාර දිරවීම සඳහා කොත්තමල්ලි කොළ උපකාරී වේ. මෙය ඉතා හොඳ ප්‍රතිශක්තිකාරකයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම ද හොඳින් පිත නිපදවීම ද සිදු කරයි. මෙමඟින් ආහාර හොඳින් දිරවීම සිදුවේ.

වමනය, බඩ පුරවා දැමීම, දියර සහිත මළ වැඩි වාර ගණනාවක් පිටවීම වැනි අවස්ථාවලදී කොත්තමල්ලි කොළ ඉතා ගුණදායක වේ. තුවාල ඉතා ඉක්මනින් සුව කරගැනීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් මහා අන්ත්‍රයේ තුවාල සුව කිරීම සඳහා කොත්තමල්ලි කොළ යොදා ගනී. සමේ ඇතිවන රෝග බොහෝමයක් සුව කර ගැනීමට උපකාරී වේ. මුත්‍රා මාර්ගයේ අසාදනය සමනය කර හොඳින් මුත්‍රා පිටකිරීමට උදවු වේ.

මුඛයේ ඇතිවන තුවාල සඳහා කොත්තමල්ලි ඉතා ගුණදායක වේ. මුඛයේ තුවාල සාදන බැක්ටීරියා විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කොත්තමල්ලි සතුව පවතී. පීනසවලට මෙන්ම සෙම ගතිය ඇති අයට සෙම පිටකිරීමට ද කොත්තමල්ලි කොළ උපකාරී වේ.

කොත්තමල්ලි කොළ ගැබිණි මව්වරැන් මුල් මාස තුනේදී ආහාරයට එක්කර ගන්න එපා. ඒ හැර කොත්තමල්ලි කොළ සලාද, සුප් එකක් සාදද්දී එක්කර ගැනීම, කොළ කැඳ සාදනවිට එක්කකර ගැනීම වැනි විවිධ ක්‍රම මඟින් ආහාරයට ගතහැකි ඉතා ගුණදායක ඖෂධයක් වේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 30 of 35 << < 2829303132 > >>