You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 35 << < 56789 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Aug 2018 06:52 AM
හම්මේ අපිට නැතත් හරි වැදගත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:02 PM

අලුත උපන් දරුවා යක්ෂයෙක් වෙලා

දරුවකු ලැබීම මවකට තිබෙන සිහිනයකි. එම දරුවා රැකබලා ගැනීම, හොඳ අධ්‍යාපනයක් දීම, හොඳ ගති ගුණ ඔහු තුළට ඇතුළු කිරීම එම සිහිනයේ තවත් කොටසක්. මෙම සිහිනය තුළට යාමට මවක් යහපත් මානසික හා ශාරීරික සෞඛ්‍යයකින් හෙබි විය යුතුයි. ගමේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගර්භනී කාලය තුළ පසුවන මවකට අවශ්‍ය පෝෂණය, ශරීරයේ බර, එන්නත් කිරීම් යනාදිය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙයි. නමුත් මේ දැනුමට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැනුම් කාණ්ඩය ඇතුළත් වෙන්නේ නෑ. දරු ප්‍රසූතියෙන් පසු මවක් සාමාන්‍යයෙන් ප්‍රධාන මානසික ගැටලු තුනකට මුහුණ දෙන්න පුළුවන්.

1. ප්‍රසූතියෙන් පසු ඇති වන දැඩි ආතතිය
(Postpartum blues)

2. ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි මානසික අවපීඩනය
(Postpartum Depression)

3. ප්‍රසූතියෙන් පසු ඇතිවන සයිකෝසියාව
(Postpartum Psychosis)

ප්‍රසූතියෙන් පසු ඇතිවන දැඩි ආතතිය
(Postpartum blues)

ඕනෑම මවක් දරු ප්‍රසූතියෙන් පසු යම් ආකාරයක ආතතියකට ගොදුරැ වේ. මව්වරු 100ක් ගතහොත් 80ක් මේ තත්ත්වයට ගොදුරු වන බව වෛද්‍යවරැ පවසනවා. මෙය අසනීප හෝ රෝගී තත්ත්වයක් නොවේ. ප්‍රසූතියෙන් පසු ඇතිවන විඩාව මෙන්ම මවගේ ආකල්ප ද මෙයට බලපාන්න පුළුවන්. මේ ලක්ෂණ මොනවාදැයි අපි බලමු.

නින්ද නොයාම හෝ කෑම අරුචිය.

අධික තෙහෙට්ටුව හෝ වැඩ කිරීමට ඇති අපහසුව.

කිසිම හේතුවක් නැතිව ඇඬීම.

තමාට දරුවා බලාගැනීමට අපහසු යැයි සිතීම.

මීට ප්‍රධානම හේතුව ලෙස සොයාගෙන ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන හෝමෝනවල වෙනස් වීමයි. ගර්භාෂය තුළ ඇති වැදෑමහ ශරීරයෙන් ගැලවීමත් සමඟ ක්ෂණිකව ඊස්ට්‍රජන් (Estrogen) පොජෙස්ටරෝන් (Progesterone) සහ එන්ඩොෆින් (Endorphin) යන හෝමෝනවල අසමතුලිතතාවයන් ඇති වේ. මවගේ ශරීරය තුළ මෙම හෝමෝන නැවත යථා තත්ත්වයට පත්වීමට මාස 6ක පමණ කාලයක් ගතවේ. නමුත් මව තුළ ඇතිවන මෙම වෙනස්කම් සති දෙකක පමණ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වේ.

ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනය
(Postpartum Depression)

මව්වරුන් 100ක් ගත්තොත් 12ක් හෝ 13 දෙනකුට මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. මෙහිදී මවකට ඇතිවෙන ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ,

නුරුස්නා බව සහ කිපෙනසුළු බව

ශරීරයට දැනෙන අප්‍රාණික බව සහ තමාට දරැවා බලා ගැනීමට නොහැකි යැයි නිතර සිතීම.

කෑම අරුචිය.

ජීවිතය එපා වීම, කලකිරීම හෝ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි.

නින්ද නොයාම හෝ උදෑසන නින්දෙන් අවදි වීම.

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනයට හේතු 

දරු ප්‍රසූතියට පෙර සිටම මේ තත්ත්වය තිබීම.

මීට ඉහත දරු ප්‍රසූතියකදී මානසික අවපීඩනයට ගොදුරැ වී තිබේ නම් ඊළඟ ප්‍රසූතියේදී නැවත අවපීඩනයට යාමේ හැකියාව 60%කි.

ගර්භනී සමයේදී CRH (Corticotrophin Releasing Hormone) නම් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම.

දරු ප්‍රසූතියෙන් පසු මොළය තුළ ක්ෂණික ස්නායු උත්තේජකවල ඇතිවන අසමතුලිතතාවය. (Neuraadoptine Dysregulation)

දරු ප්‍රසූතියෙන් පසු මවට ලැබෙන සහයෝගය අඩු වීම හෝ නැති වීම හෝ දැඩි මානසික පීඩනයකට ගොදුරු වීම. 

Ex - දරුවා රැකබලා ගැනීමේදී උපකාරක පරිසරයක් නොමැති වීම. (Poor Supporting Environment)

ප්‍රසූතියෙන් පසු සයිකෝසියාව

මව්වරුන් දහසක් ගතහොත් තුන්දෙනකු පමණ සයිකෝසියාව (Postpartum Psychosis)  නැමති ඉතා දරුණු මානසික තත්ත්වයට ගොදුරු විය හැක. මෙහිදී මව දරුවාට හානි කිරීමට ඇති හැකියාව ඉතා වැඩිය. තම දරුවා කරදරකාරයකු ලෙස හෝ විකෘති දරුවකු ලෙස හෝ යක්ෂයකු ලෙස හෝ අසාමාන්‍ය දරුවකු ලෙස පෙනෙන්නට පුළුවන්. මේ නිසා දරුවාට හානි කිරීමට තිබෙන හැකියාව ඉතාම වැඩිය. මවගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර නින්ද නොයාම සමඟ ප්‍රචණ්ඩ සහ කලහකාරී තත්ත්වයට පත්විය හැකිය. මෙහිදී මව තමාගේ ජීවිතයට හානිකර ගැනීමේ අවදානම වැඩි වේ. මෙහිදී මව දරුවාගෙන් වෙන්කර තැබිය යුතුය. ඉතා ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය. නමුත් බොහෝ විට සිදුවන්නේ භූත දෝෂයක් යැයි සිතා ගොඩ වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට යොමු වීමයි. මින් ඔබේ කාලය සහ ධනය දෙකම නැති වන අතර දරුවා සහ මව යන දෙදෙනාම දැඩි අවදානමකට ලක්වේ.

මවට ඇතිවන මෙම සයිකෝසියාව නැමති තත්ත්වය ප්‍රජාව තුළ වැදූගෙයි සන්නිය ලෙස කටවහරේ ප්‍රචලිතය. මනෝ විශේෂඥයන් පවසන පරිදි මෙම රෝගී තත්ත්වය දිවිද්‍රැව රෝගයේම (Bipolar Disorder) අවස්ථාවක් බව පෙන්වා දෙයි. දිවිද්‍රැව රෝගය යනු කාලයක් අධික දුක හෝ ජීවිතය කලකිරීම හෝ තවත් කාලයක් අධික සතුට හෝ අසාමාන්‍ය ජවය සහිත එකිනෙකට වෙනස් හැසිරීම් රටාවන් දෙකකින් යුතු අසනීපයකි. මෙම රෝගයට ගොදුරු වන මවකගේ පවුල් ඉතිහාසය තුළද මෙවැනි දිවිද්‍රැව රෝගීන් සිටිය හැකිය. මෙම රෝගයට දැඩි ජානමය සම්බන්ධතාවයක් පවතී.

අපේ සංස්කෘතිය සහ සමාජ වටපිටාව තුළ මවකට විශේෂයෙන්ම ගර්භනී කාලය තුළ සහ දරු ප්‍රසූතියෙන් පසු ලැබෙන සහයෝගය ඉතාමත්ම විශාලයි. මවට උදව් වීමට සියලුම නෑදෑ හිතමිතුරන් එකතු වේ. නිසි වෙලාවට සායනයට යොමු කිරීමට, හොඳ ආහාර පාන ලබා දීමට, දරුවා බලාගැනීමට මුළු පවුලේම සහයෝගය ලැබේ. නමුත් ඒ ඉපැරණි සමාජය යම් ප්‍රමාණයකට දෙදරා ගොස් ඇත. සමහර මව්වරු හුදකලාව සහ අසරණභාවයට පත්ව ඇත. මීට අමතරව සැමියා රට යාම, මත්පැන් සහිත පරිසරය, මත්ද්‍රව්‍යවලට ගොදුරැ වීම, ඊර්ෂ්‍යාව සහ කුහකකම්වලට ගොදුරු වීම දැන් බොහෝවිට දක්නට ඇත. මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික ගැටලු නිසි ලෙස හඳුනා නොගෙන නොයෙකුත් බලි, තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්ති කර්ම පිටුපස යාම ද සෞඛ්‍යට ප්‍රබල තර්ජනයක් වී ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:04 PM

විස්මිත ගුණ දෙන කරපිංචා

කරපිංචා කොළ සතුව විශ්මිත ගුණ රැසක් ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් දැන් තහවුරු කර තිබෙනවා. විටමින් A, B, C සහ B2, කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ මෙන්ම අල්කලොයිඩ් වැනි සංයෝගවලින් පොහොසත් කරපිංචා කොළවලින් විශ්මිත සෞඛ්‍යමය වාසි රැසක් අ‍ත්වෙනවා. දියවැඩියාව පාලනය කිරීම, නරක කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, විෂ සහිත සංයෝග නැසීම, බර අඩු කිරීම, උදාරාශ්‍රිත රෝග සමනය කිරීම, ගර්භනී සමයේදී ඇතිවන උදෑසන අපහසුව, ආතතිය පාලනය කිරීම, හිසකෙස් වර්ධනය වේගවත් කිරීම ඇතුළු ගුණ රුසක් අමුතු සුවඳක් සහිත රසකාරකයක් වන කරපිංචා සතුය.

ඔබ දියවැඩියා රෝගියෙක් නම් ස්වභාවික ක්‍රමයක් උයෝගී කර දියවැඩියා රෝගය පාලනය කිරීමට යොමු වීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනවා. ඒ ඔබ පිස ගන්නා ව්‍යංජන සඳහා වැඩි වශයෙන් කරපිංචා කොළ යොදා ගැනීමෙනි. කරපිංචා කොළ මඟින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කර ඔක්සිකාරක බලපෑම ද පාලනය කරනු ලබනවා. ඊට අමතරව කරපිංචා කොළ මගින් අති සාර්ථක ලෙස ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කර රැධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබනවා. ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත් වනවා නම් ඔබ ආහාරයට ගන්නා ව්‍යංජන සඳහා කරපිංචා එක්කර ගැනීමට අමතරව උදෑසනම හිස්බඩ කරපිංචා කොළ කිහිපයක් අමුවෙන් සපන්න පුරුදු වන්න. 

දිනපතා කරපිංචා කොළ ආහාරයට ගන්නවා නම් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය වනවා. කරපිංචා කොළ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන නිසා ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩි කර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය කරනු ලබනවා. මේ නිසා අකල් මරණ සිදු වන හදවත් රෝග සහ රැධිර නාලිකා සිහින්වීමේ රෝගවලින් ආරක්‍ෂාව සලසා ගන්නට පුළුවන්. 

ඔබ ශරීරයේ බර වැඩි කම නිසා ලතවන අයෙක් නම් ඔබේ ආහාර සඳහා අදම කරපිංචා කොළ එක්කර ගන්න. කරපිංචා කොළ ආහාරයට ගැනීම මඟින් ශරීරයේ ඇති විෂ සහිත සංඝටක සියල්ලම මුත්‍රා සහ මළපහ මගින් ඉවත් කර දමන අතර අතිරික්ත මේදය සහ කාබෝහයිඩ්‍රේට දහනය කර ශරීරයේ බරත් නිසි පරිදි අඩු කරනවා.

සමෙහි කැපීම් සිරීම් නිසා ඇති වන තුවාල සුවපත් වීමේ වේගය කරපිංචා කොළ මගින් වේගවත් කරනවා. මේ සඳහා සහාය වන්නේ කරපිංචා කොළ සතු ප්‍රතිඔක්සිකාරක බලය සහ බැක්ටීරියා නාශක බලයයි. කරපිංචා කොළ සතුව වේදනා නාශක බලයක් අන්තර්ගත වන බව 2010 වසරේදී “Journal of Advanced Pharmaceutical Technology & Research” සඟරාව මගින්ද තහවුරු කර තිබෙනවා. ඔබේ සමේ තුවාලයක් තිබෙනවා නම් කරපිංචා කොළ කොටා පත්තුවක් සකස් කර දිනකට කිහිප වතාවක් තුවාලය මත තබන්න.

ආතතිය මගින් ශාරීරිකව සහ මානසිකව විශාල හානියක් සිදු වනවා. ආතතිය දුරු කර ගැනීම සඳහා බොහෝ ක්‍රම තිබුණත් කරපිංචා කොළත් මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා ඔබට කරපිංචා මගින් නිස්සාරණය කරන ලද සුගන්ධ තෙල් භාවිතා කරන්නට පුළුවන්.

හිස කෙස්වල මූල කේශ සවිමත් කිරීමේ හැකියාවක් කරපිංචා සතු වනවා. මීට අමතරව කරපිංචා තුළ අන්තර්ගත වන පෝෂණ ගුණයන් මඟින් හානියට පත් හිසකෙස් නිසි ලෙස නැවත වර්ධනය වීමට ද උපකාර කරනවා. එමෙන්ම කරපිංචා කොළ තුළ අඩංගු වන විටමින් B6 මගින් හිසකෙස් වැටීම වළකාලන හෝමෝන උත්තේජනය කිරීම ද සිදු කරනවා.

කරපිංචා පත්‍ර මඟින් ආහාර ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම උත්තේජනය කර ආහාර ජීර්ණ පද්ධතිය සංසිඳුවනවා. ගර්භනී සමයේදී පළමු මාස තුන ඇතුළත උදෑසන යම් අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වනවා. ගර්භනී කාන්තාවන්ට මෙලෙස බොහෝසෙයින් ඇති වන ඔක්කාරය, වමනය සහ වෙනත් විවිධ අපහසුතා දුරැ කර ගැනීම සඳහා කරපිංචා කොළ භාවිතා කරන්නට පුළුවන්.

PHYTOLOGY NEWS

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:18 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43052.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43053.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43054.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43055.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43056.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43057.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43058.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/43059.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:32 PM

කට වරද්දාගෙන ඉල්ලන් හදාගන්නා මාරක ලෙඩේ High Blood Pressure!

එදිනෙදා කට වහරෙදි ‘ප්‍රෙෂර්’ කියලා අපේ අය හඳුන්වන අධිරුධිර පීඩනය (High Blood Pressure) කියන්නේ අනතුරැ හැඟවීමකින් තොරව එන ‘නිහඬ මාරකයක්. එහෙම කියන්නෙ මේ රෝග තත්ත්වය ඇති බව පෙන්වන කැපීපෙනෙන ලක්ෂණ දකින්නට  නොලැබෙන නිසායි.

අධිරුධිර පීඩනයේදී ඔක්කාරය, නිතර දහදිය දැමීම, නින්ද ලැබීම අපහසුවීම වගේ රෝග ලක්ෂණ මතුවන බව සාමාන්‍ය පිළිගැනීමක් වුණත් එය සත්‍යයක් නොවන බවයි නවතම පර්යේෂණ පෙන්වා දී ඇත්තේ. බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් මතුවන්නේ නැහැ කියන කාරණය තමා වෛද්‍යවරු කියන්නේ. 

ඉතින් මෙය දැනගන්නට ලැබෙන්නේ රුධිර පීඩනය මැන බැලීමෙන්ම පමණයි!

ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත් මේ රෝගය ඉහළ යන තත්ත්වයක් තමා වාර්තා වී  තිබෙන්නේ. 

අවුරැදු 25ට වැඩි ශ්‍රී ලාංකිකයන් අතරින් 42%කට අධිරුධිර පීඩනය ඇති බවත්, ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයෙන් 41.9%කට හා කාන්තා ජනගහනයෙන් 37%කට අධිරුධිර පීඩනය පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන් තහවුරු කර තිබෙනවා. මේ නිසා අධිරුධිර පීඩනය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන සෞඛ්‍ය තර්ජනයක් හැටියටයි..!

ලෝකයේ තත්ත්වය සැලකුවත් වැඩි වෙසක් නෑ. ලෝක ජනගහනයෙන් බිලියනයකට ආසන්න පිරිසකට අධිරැධිර පීඩනය ඇති අතර එයින් 2/3ක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල වැසියන් බවත්, වර්ෂ 2025 වනවිට ලෝක ජනගහනය තුළ වැඩිහිටියන් බිලියන 1.56ක් අධිරුධිර පීඩනයෙන් පෙලෙනු ඇති බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ ජගත් සමීක්ෂණ වාර්තා මගින් අනතුරු අඟවා තිබෙනවා...!

සිරුරට උවමනා කරන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අරගෙන රුධිරය සිරුර පුරා  ගමන් කරවන්නේත්, ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවී ඇති රුධිරය එකතුකරගෙන යළි පෙනහල්ලටත් ගෙනයන කාර්යභාරය ඉටුකරන්නේත්, හෘදයවස්තුවෙනුයි... හදවත වරෙක හැකිලෙමින් සහ වරෙක දිගහැරෙමින් තමයි සිරුරේ රුධිර පොම්පාගාරය විදිහට ක‍්‍රියාත්මක වෙන්නේ.

මේ අන්දමට රැධිරය සිරුර පුරා ගමන් කරවන්නේ රුධිර නාල ඔස්සේයි. එලෙස ලේ ගමන් කරවන්නට කිසියම් පීඩනයක් යෙදීම අවශ්‍යයි. ඉතින් හෘදයවස්තුවෙන් රැධිරය පොම්ප කරනවිට සහ හෘදයවස්තුව විවේකීව තිබෙන විට හටගන්නා මේ පීඩන අගයන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුධිර පීඩනය මැනබලන විට ඒ අවස්ථා දෙකේ මනින ලබන පීඩන අගයන් දෙක අනුපාතයක් ලෙස දක්වනවා. එය මනින්නේ රසදිය මිලිමීටර් (mmHg) කියන ඒකකයෙන්. සාමාන්‍ය රැධිර පීඩනය ලෙස හඳුන්වන මේ අනුපාතයට වැඩි අගයක් රැධිර පීඩනය පෙන්වන්නේ නම් අන්න එය අධිරුධිර පීඩන තත්ත්වයක් ලෙස දක්වනවා. 

සාමාන්‍ය නිරෝගි අයකුගේ රුධිර පීඩන අගය – 120/80 mmHg

සාමාන්‍ය අගය මෙසේ වුවද වයස හා බර මත රැධිර පීඩන අගයන් වෙනස් වනවා. 

දැන් බලමු අධිරුධිර පීඩනයට බලපාන හේතු මොනවාද කියා.

• ප්‍රධානම හේතුව තමා මේදය හෝ දුම්වැටිවල අන්තර්ගත නිකොටීන් හෝ රුධිර නාලවල තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම.

• ඊළඟට ජානමය හේතු නිසා රුධිර නාල සිහින් වීම. තෙල් සහිත ආහාරපාන අධිකව ගැනීම. නිතර මානසික පීඩාවන්ගෙන් පෙළීම හා  අවිවේකී බව. දියවැඩියා රෝගයෙන් පෙළීම. දීර්ඝකාලීනව වකුගඩු රෝගවලින් පෙළීම.

මේ රෝගය නොසලකා හැරියොත් මොකද වෙන්නේ...?

සාමාන්‍ය අයෙකුට වඩා අධිරුධිර පීඩන රෝගියෙකුට ආඝාතය (Stroke) වැළඳීමේ ප‍්‍රවණතාවය 7%කින් ඉහළයි. හදවත් රෝග වැළඳීමේ අවදානම 3%කින් ඉහළයි. රැධිර කැටි ඇතිවීමේ අවදානමත් ඉහළයි. දියවැඩියාව සෑදීමේ අවස්ථාව වැඩියි. එවිට වකුගඩු අක‍්‍රිය වීම, හෘදයාබාධ ඇති වීම, මොළයේ රුධිර නාළ පුපුරායාම, අංශභාගය වැනි මාරාන්තික අවදානමක් ඇති විය හැකියි.

රෝගයෙන් වළකින්න නම් කළයුතු කුමක්ද...?  

• අධික මේදය සහ අධික ලුණු සහිත ආහාර පානවලින් ඈත්වෙන්න. 

• ටින්වල ඇසිරූ ආහාර, කරවල, ලුණු මිශ්‍රිත අලපෙති, සෝස් වර්ග, කල්පවතින ලෙස සකස් කළ ආහාරවල අධික ලුණු ප‍්‍රමාණයක් අන්තර්ගතයි.

• මස්, බේකන්, හැම්, ලිංගුස්, මස්පෙති යෙදු බර්ගර් ආදියේ මේදය අධිකයි.

• ඒ වගේම මත්පැන් හා දුම්වැටි භාවිතය නවත්වමු. ආහාර රටාව හා ජීවන චර්යාවන් වෙනස් කරගමු. නිවුඩු සහල්, කුරක්කන්, තල, මෙනේරි, මුං, පළතුරැ, එළවළු, මත්ස්‍ය ආහාර වැඩිපුර ආහාරවේලට එක්කර ගනිමු. ගොරකා සහ කරපිංචා මේදය පාලනය කරන අතරේම රුධිර පීඩනයත් පාලනය කරනවා.

මේ සියල්ලටත් වඩා ආතතියෙන් සහ කනස්සල්ලෙන් තොරව දිවිගෙවීම ඉතාමත් වැදගත්!

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:44 PM

ගිනියම් වුණත් ගම්මිරිස් හරි ගුණයි

උද්භිද විද්‍යාවට අනුව Piper nigrum ලෙසින් හඳුන්වන ගම්මිරිස් විවිධ වූ ඖෂධ වට්ටෝරු සඳහා කුළුබඩුවක් ලෙස ද භාවිතයට ගැනේ. ආයුර්වේදයට අනුව ගම්මිරිස් හඳුන්වනු ලබන්නේ තීක්ෂණ සහ ඌෂ්ණ ගුණ සහිත කුළුබඩුවක් ලෙසයි. ගම්මිරිස් ගිනියම් සහිතය. ගිනියම් ගුණය ඇතත් ගම්මිරිස් කෑමෙන් දැඩි අගුණයක් නොදැනෙන්නේ එය බොහෝවිට සුළු ප්‍රමාණයක් අනුභව කරනා නිසාය.

ගම්මිරිස් සුළු ප්‍රමාණයක් ආහාරයට එක්කළ විට බඩගිනි ඇතිවේ. මෙය සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, කැස්ස වැනි රෝග සඳහා ඉතා ගුණදායක වේ.

විශේෂයෙන් මස්, මාළු පිසිනා විට ගම්මිරිස් එකතු කරගැනීමෙන් අධික ප්‍රෝටීන්, අධික මේදය තුනී කර ආහාර දිරවීම පහසු කරයි. එමෙන්ම එවැනි ආහාරයක් ගත්විට උදරයේ ඇතිවන වාතය පිරීම, ආහාර උගුරට ඒම වැනි අපහසුතා නැති කර ශරීරයට සැහැල්ලුවක් ලබාදේ. ආහාර මාර්ගයේ චලනය වැඩිකර ආහාර බර අඩු කරයි.

එමෙන්ම රාත්‍රී කාලයේදී ගනු ලබන ආහාර දිරවීම ප්‍රමාද කරනා විට ගම්මිරිස් එයට හොඳ ඔසුවකි. ගම්මිරිස්වල පවතින තීක්ෂණ ගුණය නිසා රෝගීන්ගේ රුධිර ගමන ශක්තිමත් කරයි. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන අම්ල ගතිය ගම්මිරිස්වලින් නැතිකර දමයි.

ගම්මිරිස්වල ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වේ. ගම්මිරිස් ආහාරයට ගත්විට මේදය ග්‍රෑම් 6, කෙඳි ග්‍රෑ 2ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක්, සෝඩියම් මිලිග්‍රෑම් 3, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 4ක් අඩංගු වේ. මීට අමතරව පොටෑසියම්, ඛනිජ ලවන, විටමින්, සින්ක්, මැග්නීසියම්, මැංගනීස්, යකඩ, කැල්සියම් අඩංගු වේ. විශේෂයෙන් නිර්මාංශ අය ගම්මිරිස් අනිවාර්යයෙන්ම තමන්ගේ ආහාරයට එකතු කරගත යුතුයි.

මානසික ආතතිය දුරු කිරීමට, මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයන්ට, ලිංගික බෙලහීනතාවයට, ඔසප් චක්‍ර දෝෂ ඇතිවිට, ශරීරය ඉදිමුම අඩු කිරීමට ද ගම්මිරිස් ගුණදායක වේ.

ශරීරයේ විවිධ අවස්ථාවල එක්රුස්වන අපද්‍රව්‍ය මළ කොටස් බැහැර කිරීමට ගම්මිරිස් උපකාරී වේ. මෙහි ප්‍රතිඔක්සිකාරක ද අන්තර්ගත වේ.

උගුරු බැරැණ්ඩිය, මුඛ දුර්ගන්ධය සහ අත්වල නහර පෑදීම ආදී අවස්ථාවලදී ගම්මිරිස් ඉතා ගුණදායක ඖෂධයකි. ගම්මිරිස් තම්බාගත් උණු වතුරට ලුණු ස්වල්පයක් එක්කර කට සේදීමද සුදුසු වේ. අර්ශස් රෝගීන්ගේ ගුද මාර්ගයේ ඇතිවන වේදනාවන්ට ගම්මිරිස් හොඳ ඔසුවකි. අධික සෙම් සහිත අවස්ථාවලදී ගම්මිරිස් කුඩු ස්වල්පයක් මී පැණි සමඟ කලවම් කර දිවේ ගෑම සෙම් පිටවීම පහසු කරයි.

එමෙන්ම ඉරුවාරදය මෙන්ම ඇතිවන හිසේ කැක්කුම් අවස්ථාවලදී බොහෝ විට ගම්මිරිස් අඩංගු ආලේපයන් නළලේ ආලේප කරන්න.
වේදනා නාශකයක් ලෙස ද ගම්මිරිස් හැඳින්විය හැක. මේ නිසා ගම්මිරිස්, සුදු ලූනු තැම්බූ වතුර පානය කිරීමද ඉතා ගුණදායක වේ.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2018 07:44 PM

රස්සාවෙදී ගෙදරදී අත්වල ඇඟිලි හිරිවැටෙනවද?

වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන රෝගයක් ලෙසින් අත්වල හිරිවැටීම හැඳින්විය හැක. මේ අතර වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ද අත්වල සහ ඇඟිලිවල හිරිවැටීම සම්බන්ධව වෛද්‍යවරයාට පැවසීම නිරන්තරයෙන් දැකිය හැකිය.

මෙවැනි අත්වල සහ ඇඟිලිවල හිරිවැටීමට විවිධ හේතු බලපාන අතර වර්තමානයේදී හඳුන්වනු ලබන Carpal Tunnel Syndrome නැමැති අවස්ථාව ද බහුල ලෙස මේ රෝගයට හේතුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ඝනයට අයත් වන රෝගයකි. මැණික් කටු සන්ධියේ යම් ව්‍යුහයක් තුළින් ගමන් ගන්නා ස්නායුවක් (Median Nerve) පීඩාවට පත්වීම හේතුවෙන් රෝග ලක්ෂණ හටගන්නා අතර මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවයේ බලපෑම් ද හේතුවෙයි.

මීට අමතරව මැණික් කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යුහයන් (Carpal Tunnel) හරහා ඇඟලිවලට විශේෂයෙන්. මහපටඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදඟිල්ලෙහි කොටසකටත් ස්නායු ආවේග සපයන ස්නායුව (Median Nerve) ගමන් ගනී. මෙය අස්ථි හා අස්ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්ඩරා (Muscles Tendons) හා ස්නායුව (Median Nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යුහය ඇතුළත පීඩනය යම් හේතුවක් නිසා ස්නායුව තෙරපීමකට ලක්වේ. එවිට රෝග ලක්ෂණ ඇතිවේ.

රෝග ලක්ෂණ:-

මෙම රෝගයේ රෝග ලක්ෂණ එක්වරම හටනොගනී. රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් ඇතිවී එය එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති කරයි. කාලයක් ගතවෙද්දී මෙය ඉතා දරැණු රෝගයක් බවටද පත්විය හැක.

අතෙහි මැදගිල්ල, වෙදඟිල්ල, මහපටැඟිල්ල වැනි ඇඟිලිවල වරින්වර ඇතිවන නළියන සේ දැනෙන ස්වභාවය (Tinseling Sensation) දාහය හා හිරිවැටීම වැනි තත්ත්වයන් මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

වේදනාවට අමතරව ඇතැම් විට අතට අප්‍රාණික තත්ත්වයක් දැනීමද රෝග ලක්ෂණයක් වේ. එදිනෙදා වැඩකටයුතු සිදුකරද්දී අත හිරිවැටීම හේතුවෙන් ඇතැම් විට අතින් ගනුලබන විවිධ දෑ බිම වැටීම දක්නට ලැබිය හැක. විශේෂයෙන් යම් දෙයක් වැඩි වේලාවක් අල්ලා ගෙනසිටිය නොහැකි තත්ත්වයක් ද ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට බොහෝ දෙනා එය එදිනෙදා වැඩකටයුතුත් සමඟ ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා රෝගය එතරම් ගණන් නොගෙන සිටිති. නමුත් මේ ගණන් නොගැනීම නිසා පසුකාලීනව සිදුවන්නේ ඔබ කවුරැවත් නොසිතන දෙයකි.

බොහෝ විට මේ නිසා රාත්‍රී කාලයේදී නින්දට බාධා ගෙනදිය හැකිය. අතේ ඇති වේදනාවක් සමඟ අත පහළට එල්ලා වැටෙන අයුරින් තබා ගැනීමෙන් යම් තාවකාලික සුවයක් ගෙනආවද එය සාර්ථක පිළියමක් නොවේ.

මේ ආබාධය ඇතිවීමට විවිධ හේතු බලපායි. තයිරොක්සින් හෝමෝනයේ විෂමතාවයක් පැවතීම, දියවැඩියාව වැනි රෝග ඇතිවීම, අති ස්ථූලතාවය හේතුවෙන් ස්නායු ගමන් මාර්ගය අවහිර වීම. අවට පටකවල මේද තැන්පත් වී ස්නායු මත තෙරපීමක් ඇතිවීම වැනි හේතු මෙහි ප්‍රධාන වේ. එමෙන්ම මැණික් කටුව ආශ්‍රිතව සිදුවූ යම් අනතුරකින් ද හෝ අස්ථි බිඳීයාමකින් පසුව ඇති තත්ත්වයන් මතද මෙය ඇතිවිය හැක. බොහෝ විට සිදුවන්නේ අස්ථි බිඳීමකදී (Trauma) ස්නායුවට හානි සිදුවීමය.

ස්නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක් හෝ මේද තැන්පත් වීමක් සිදුවීම (Lipoma) නිසාද කුහරයට ව්‍යුහය තුළ පීඩනය වැඩිවීම හේතුවෙන්ද මෙය ඇතිවිය හැක.

ගර්භනී කාලවලදී වැඩිපුර දක්නට ලැබෙනා අතර දරු ප්‍රසූතියෙන් පසුව එවැනි කාන්තාවන්ගේ මෙම තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවද දක්නට ලැබේ.

පුද්ගලයන් විසින් කරනු ලබන රුකියාවන් අනුව මෙම රෝග ලක්ෂණ ඇතිවීම වැඩිපුර දක්නට ලැබේ. විශේෂයෙන් ලියන්නන් දැඩි ලෙස කම්පනය ඇතිවන උපකරණ භාවිතා කරන්නන් (Vibrating Tools) බොහෝ විට මෙම ආබාධයට වැඩිපුර ගොඳුරු වේ.

එමෙන්ම නිතර නිතර රෙදි සේදීම, පොල් මිරිකීම වැනි කාර්යයන්හි නිරතවන ගෘහණියෝද වැඩි ලෙස මෙයට ගොදුරු වන අය වෙති. විශේෂයෙන් මැණික් කටුව ආශ්‍රිත දැඩි පීඩනයක් ලබාදෙන අවස්ථාවලදී මේ වේදනාව දැඩිලෙස දැනේ. විශේෂයෙන් මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශය නිතර නිතර නැවීම සහ දිගහැරීමෙන් මේ වේදනාව දැනෙයි.

මේ ආකාරයට ඇති වූ විට දිගින් දිගටම අත මෙහෙයවන වැඩවල නිරත නොවිය යුතුය. අඩුම තරමේ පැයකට වරක්වත් අතට විවේකය ලබාදීම අවශ්‍යය. මැණික් කටු සන්ධිය ආශ්‍රිතව සුදුසු ව්‍යායාම්වල නිරත වීම ඒ ආශ්‍රිත ප්‍රදේශය සම්භාහනය කිරීම මඟින්ද මෙම රෝග තත්ත්වයෙන් අත්මිදිය හැක. එමෙන්ම නිවැරදි ලෙස අත තබා ගැනීමද ඉතා වැදගත්වේ.

නවීන විද්‍යාවට අනුව මේ සඳහා සුළු ශල්‍යකර්මයක් මගින් ස්නායුව මත ඇතිවන පීඩනය අවම කිරීමේ ප්‍රතිකාරයක් ද භාවිතා වෙයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඉතා සාර්ථක ප්‍රතිකාර මේ සඳහා ඇත. ශරීරය අභ්‍යන්තරයට ලබාදෙන ඖෂධවලට අමතරව බාහිරව ඒ ආශ්‍රිත ප්‍රදේශයට ලබාදෙන තෙල් ආලේපනය, පැලැස්තර යෙදීම මෙන්ම කරනු ලබන සරල ව්‍යායාම් ක්‍රම මගින් ද ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

මේ පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් දීර්ඝකාලීනව මෙම තත්ත්වය උග්‍රවී ඒ අවට මාංශපේෂී ක්ෂය වීම හෝ දුර්වල වියහැකි වන බැවින් ඉතා ඉක්මනින් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Aug 2018 08:27 PM
වැදගත් ලිපියක් චාමර
ස්තුතියි..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Aug 2018 08:44 PM
වටින ලිපියක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

SK1967
Basic Member
Basic Member
Posts:125






--
10 Aug 2018 08:56 PM
වැදගත් ලිපියක් ...........

අපහා බෙදාගැනීම ගැන..........ස්තුතියි  
SK1967
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Aug 2018 09:43 PM
මගෙත් ටිකක් අත නම් හිරි වැටෙනව
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Aug 2018 10:55 PM
ගොඩ දෙනෙක්ට තියෙන්නේ හිරි වැටීමටත් වඩා අත්වල කැක්කුම්.. විශේෂයෙන් මැණික් කටුව අසල..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Aug 2018 11:54 PM
වැදගත් ලිපියක් ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:00 PM

koduප්‍රශ්නය - අද ඔබ අපේ පාඨකයන් සමග බෙදාහදා ගන්නා අත්දැකීම කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අදත් මම කියන්නේ ස්‌නායු හිරවීමක්‌ නිසා හටගත් ශාරිරීක අකර්මණ්‍යතාවයෙන් පෙලුන පුද්ගලයකු සුවපත් කළ ආකාරය ගැනයි. ඔහු වෘත්තියෙන් ලිපිකරුවෙක්‌. වයස අවුරුදු 48 යි. මෙයට වසර 5 කට පමණ පෙර සිට ඔහුගෙ ගෙළ අසල වේදනාවක්‌ හට ගත්තා. එය දිගින් දිගටම පැවතුණේ නැහැ. මුලදී සතියකට දෙතුන් පාරක්‌ ආවා. ඉඳගෙන ලියමින් සිටියදී ඔහුගේ ගෙල හරහා විදුලියක්‌ මෙන් වේදනා දහරාවක්‌ ඇදී ගියා. මුලදී මෙය එතරම් ගණන් නොගත්තාට අවුරුද්දක්‌ විතර ගතවන විට දරා ගන්න බැරි තරම් වේදනාවක්‌ බවට වර්ධනය වුණා. මුලදී මෙය තිබුණේ ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය යන කොටස ආශ්‍රිතව විතරයි. පසු කාලය වන විට මෙය ටිකෙන් ටික කොඳුඇට පුරුක්‌ දිගේ පහළට ගමන් කරන ගතියක්‌ දැනුණා. තවත් ටික කලකට පස්‌සේ මේ වේදනාව සම්පූර්ණ කොඳු ඇට පේළිය ආක්‍රමණය කරනවා. ඊළඟට ඔහුගේ දෑත් සහ දෙපා රිදෙන්නට පටන් ගන්නවා. මෙය අවසන් වන්නේ කොන්ද නැවීමට හෝ දිග හැරීමට බැරි අබ්බගාතයකුගේ තත්ත්වයට ඔහු පත් කරමින්.

ප්‍රශ්නය - ඔබට මේ රෝගියා ලැබෙන්නේ කොයි කාලෙද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙයට මාස 2 කට පෙර ඔහු මා වෙත එනවා. ඔහු පරික්‍ෂා කිරීමේදී මට තේරුම් යනවා ජීවිතයේ කිසියම් අවස්‌ථාවක හටගත් වැටීමක්‌, තද ගැස්‌සීමක්‌ වැනි දෙයක්‌ නිසා ඔහුගේ ස්‌නායු තුවාල වී ඇති බව.

ප්‍රශ්නය - මෙයට බටහිර විද්‍යාත්මක අර්ථකථනයක්‌ තිබෙනවාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර විද්‍යාවේදී මෙයට කියන්නේ Radiculopathy කියලයි. මෙහි ස්‌වභාවය තමයි ස්‌නායු තුවාලවීම. එය කෙනිත්තිල්ලකින් හටගත් තුවාල හා සමානයි. මෙහිදී ස්‌නායු එකක්‌ හෝ කිහිපයක්‌ හානියට පත් වෙනවා.

kodu3ප්‍රශ්නය - ශරීයේ කොඳුඇට පෙළ සහ ගී්‍රව අස්‌ථිය ඇතුළේ තිබෙන දෙයක්‌ කෙනිත්තිල්ලකට ලක්‌ වන්නේ කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට පේළියේ තිබෙන ස්‌නායු කොඳු ඇට පේළිය අවිධිමත් වීම නිසා තුවාල වෙනවා. ඔබ ඉඳගෙන වැඩ කරන්නේ ඇදේට කියලා අපි හිතමු. නැත්නම් ඔබේ කොඳු ඇට එකිනෙක හිරවෙලා පීඩනයට පත්වෙලා ඒ අස්‌සේ තිබෙන ස්‌නායු තෙරැපෙනවා කියලා හිතමු. නැත්නම් ස්‌නායුවක්‌ කොඳුඇට පෙළ අස්‌සෙන් පිට පැන්නා කියලා හිතමු. අන්න ඒ වැනි අවස්‌ථාවල රැඩිකියුලෝපති තත්ත්වය හට ගන්නවා.

(ලබන සතියේ රෝගියා සුවපත් කළ හැටි)

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:00 PM

bagandarawaප්‍රශ්නය - භගන්දර රෝග සැත්කම් මගින් සුවපත් කරන්නට බැරි බවත්, සුවපත් කළ හැකි එකම ක්‍රමය ආයුර්වේදය බවත් ඔබ පෙන්වා දුන්නා. අද සාකච්ඡා කරන්නේ මෙය සුව කිරීම සඳහා ආයුර්වේදය මගින් යොදා ගන්නා ඖෂධ මොනවාද කියන එකයි.

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - භගන්දර රෝගය සම්බන්ධයෙන් අප කළ ආයුර්වේද පර්යේෂණ ගණනාවක්‌ තිබෙන බව මෙහිදී කිව යුතුයි. කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකතුවෙලත් අප පර්යේෂණ කරලා තිබෙනවා. මේ පර්යේෂණවලට අදාළ පත්‍රිකා ඇමරිකාවේත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සමීක්‍ෂා සඟරාවේත් පළකර තිබෙනවා. මේ අතර මේ රෝගයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන තිබෙන ක්‍ෂාර සූත්‍ර නමැති බෙහෙත් නූල් ප්‍රතිකාර ක්‍රමයයි. ක්‍ෂාර කියන්නේ ALKALINE. සූත්‍ර කියන්නේ නූල. අප නූලක්‌ ගෙන වසර දහස්‌ ගණනක්‌ පැරැණි විද්‍යාත්මක ක්‍රමයකට අනුව එයට මුලින්ම ක්‍ෂාර වර්ගයකුත් ඊළඟට දලුක්‌ කිරිත් ඊළඟට කහ චූර්ණයත් ආලේප කරනවා.

ප්‍රශ්නය - ක්‍ෂාර හැටියට ඔබ ගන්නේ කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - අපාමාර්ග නමැති ශාකයේ අළු තමයි අප ගන්නේ. අපාමාර්ග ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Achyranthus Aspera මේ ශාකය තුළ ඖෂධීය වටිනාකමක්‌ ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක්‌ තිබෙනවා. අතීතයේ සිටි ඉන්දියානුවන් මෙය ඖෂධ සෑදීමට යොදා ගත්තා. ආතතිය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමේදීත් මෙය ඖෂධයක්‌ හැටියට පාවිච්චි කරනවා. අපාමාර්ග ගසට සිංහලෙන් කියන නම තමයි ගස්‌කරල් හැබ. එහෙමත් නැතිනම් කරල් සැබ. ඊළඟට අප ගන්නවා දලුක්‌ ගහේ කිරි, Euphorbia antiquoram නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතොක්‌ වර්ගයේ ශාකයක්‌ තමයි, දලුක්‌ කියන්නේ. වසර දහස්‌ ගණනක සිට විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට දලුක්‌ ශාකය යොදාගෙන තිබෙනවා. ශාරීරික වේදනාව, මළබද්ධය, ඇඟේ හටගන්නා ඉදිමුම, චර්ම රෝග, කන් කැක්‌කුම, ස්‌නායු පද්ධතියේ රෝග, බෙලහීනතාව, උදර රෝග, අක්‌මාවේ රෝග, රුමැටික්‌ ආතරයිටීස්‌, කැස්‌ස, ඇදුම, දියවැඩියාව අර්ශස්‌ රෝගය යනාදිය මේ ශාකය යොදාගෙන සුවපත් කළ හැකියි. මෙහි අතුවලින් එන කිරිත්, මුල්වල පොතුත් ඖෂධ සෑදීමට යොදා ගන්නවා. එහෙත් අප මෙහිදී දලුක්‌ කිරි යොදා ගන්නේ ගම් එකක්‌ හැටියටයි. අපාමාර්ග හෙවත් කරල්සැබ ක්‍ෂාරයත්, දලුක්‌ කිරිත් කහ චූර්ණයත්a කවන ලද නූල භගන්දර නලය දිගේ ඇතුළට යවා නිශ්චිත කලක්‌ තබනවා. විටින් විට නූල මාරු කරනවා. භගන්දර නලය තුළ ඇති නරක්‌ වූ පටක සහ රෝගී පටක ඉවත් කිරීමටත්, අලුත් නිරෝගී පටක වර්ධනය කිරීමටත් මේ ක්‍රියාවලියට පුළුවන්. ඊට පසු ක්‍රමයෙන් තුවාලය තුළ මස්‌ වර්ධනය වී භගන්දරය සුවපත් වෙනවා. සාමාන්‍යයෙන් සතියකට සෙන්ටිමීටරයක්‌ විතර තමයි සුවපත් කරගන්න පුළුවන් වන්නේ. සති කිහිපයක්‌ තුළ රෝගියා සෞඛ්‍ය සම්පන්න නිරෝගී කෙනෙක්‌ බවට පත් වෙනවා. මෙය තමයි භගන්දර රෝගයට තිබෙන විශිෂ්ටතම ප්‍රතිකාරය. එක කැපුම් පහරක්‌ නැතිව රෝගය සුව කරන්නට හැකි ක්‍රමය මෙයයි.

මෙම ලිපිය පාඨකයන් සිය ගණනකගේ ඉල්ලීම පරිදි නැවත පළකරන ලද්දකි.

ලබන සතියට

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

bagandarawa1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:01 PM

pinas* බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දිනපතා බහුතර රෝගීන් පිරිසක්‌ මෙම රෝගය වැලඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.

* මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි.

* පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට වැලඳෙන තවත් රෝග රැසක්‌ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌ හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි.

බහුතර පීනස්‌ රෝගීන් පිරිසක්‌ ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා.

* ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ලෙස නොව නිට්‌ඨාවටම සුවකළ හැකියි. නමුත් බොහෝ දෙනෙක්‌ මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යෑයි සිතා සිටිනවා. නමුත් අපට ඉතා පැහැදිලිsවම කිව හැකියි නිවැරැදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්‌ඨාවටම සුවය ලැබිය හැකියි.

බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක්‌ මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්‌න ක්‍රම කර, සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන නමුත් රෝගය සුව නොවී අප කරා එනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග තිබෙනවාද? එසේ නම් ඒ මොනවාද කියා සොයා බලා ශරීරයේ සෙම ඇතිවීමට හේතු සොයා බලා ඒ ඒ රෝගියාට වැලඳී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් තමයි මෙම රෝගය සුවකළ හැක්‌කේ. ඒ අනුව එකම රෝගය වුවත් ප්‍රතිකාර ක්‍රම විවිධ විය හැකියි.

ලබන සතියට

pinas1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:01 PM

swethaප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය එහෙමත් නැත්නම් සුද යැම නමැති තත්ත්වයට සෑම කාන්තාවක්‌ම පාහේ තම ජීවිතයේ එක්‌ අවස්‌ථාවකදී හෝ මුqහුණ දෙනවා. මෙය රහස්‌ රෝගයක්‌ සේ සලකා කාටවත් ඒ ගැන නොකියා ඉන්නට සමහර නව යොවුන් ගැහැනු දරුවන් පරෙස්‌සම් වෙනවා. මෙය රෝගයක්‌ද, එහෙනම් නැත්නම් රෝග ලක්‍ෂණයක්‌ ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ පිළිබඳ කතා කරන විට මුලින්ම කියන්නට සිදුවන්නේ මෙය රහස්‌ රෝගයක්‌ සේ සලකා නිහඬව සිටීම ලොකු මෝඩකමක්‌ බවයි. මෙය තවදුරටත් රහස්‌ රෝගයක්‌ නොවන බවට තම තරුණ දූවරුන් දැනුවත් කිරීම මවුවරුන්ගේ යුතුකමක්‌. ශ්වේත ප්‍රදරය රෝගයක්‌ වෙන්නටත් පුළුවනි. ඒ වගේම රෝග ලක්‍ෂණයක්‌ වෙන්නටත් පුළුවන්. බටහිර විද්‍යාවේ අර්ථකථනයත් එයමයි.

ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය හටගන්නේ ඇයි?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නවීන විද්‍යාවට අනුව නම්, ඇතැම් විට රෝග ලක්‍ෂණයක්‌ වුණත් එය සාමාන්‍ය තත්ත්වයක්‌. හැබැයි දේශීය සිංහල වෙදකම සහ ආයුර්වේදය මගින් එය අර්ථකථනය වන්නේ වෙනස්‌ ආකාරයකටයි. සමහර අවස්‌ථාවලදී සුද යන විට එයට හේතුව වන්නේ යෝනි මාර්ගය ආශ්‍රිතව හට ගත් ආසාදන තත්ත්වයක්‌ වෙන්නට පුළුවන්. එවැනි සුද යැමක්‌ හඳුන්වන්නේ අසාමාන්‍ය සුද යැමක්‌ හැටියටයි. එහි වර්ණය කහ පාට හෝ ලා කොළ පාට විය හැකියි. සමහර විට ඝන වූ සෙම කැටි හෝ තද පැහැ වර්ණයෙන් යුතු කැබලි එහි තිබෙනවා වෙන්නට පුළුවන්. තවත් විටෙක එයින් දුර්ගන්ධයක්‌ නිකුත් වෙනවා විය හැකියි. එවැනි තත්ත්වයක්‌ හටගන්නේ යෝනි මාර්ගය තුළ ඊස්‌ට්‌ හෝ බැක්‌ටීරියාවක්‌ වර්ධනය වීම නිසයි.

ප්‍රශ්නය - විවාහක කාන්තාවක්‌ට සුද යනවා නම් එයින් හැඟෙන්නේ එම කාන්තාව දරු ගැබක්‌ හට ගැනීමේ මූලික අවස්‌ථාවේ සිටින බව කියලා සමහරු කියනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වෙන්න පුළුවන්. ගර්භනී බවේ මූලික ලක්‍ෂණයක්‌ තමයි සුද යැම. ඩිම්බයක්‌ සහ පුරුෂ බීජයක්‌ සාර්ථක ලෙස එක්‌ වී දින 6 සිට 12 දක්‌වා කාලය තුළ මෙසේ සුද යනවා. මේ ශ්වේත ප්‍රදරය සුදු පැහැතියි. එය පිටතට එන්නේ යෝනි මාර්ගය තුළින්.

(විශාල වශයෙන් සුද යැම සිදු වෙනවා නම් එයින් කියෑවෙන්නේ කුමක්‌දැයි කියා ලබන සතියේ කියවමු.)

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

swetha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:02 PM

earප්‍රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක්‌ බව අප මෙතෙක්‌ උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්, ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - එය කුඩා මුට්‌ටියක්‌. ඒ මුට්‌ටියේ තිබෙනවා දිග නලයක්‌ සම්බන්ධ පියනක්‌. ඒ මුට්‌ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි.

ප්‍රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්‌ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක්‌ නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්‍රිත රෝගයක්‌ වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්‌. නික කියන්නේ කෘමි නාශකයක්‌. ඒ වගේම ක්‍රිමි නාශකයක්‌. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්‌මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්‌කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක්‌ තිස්‌සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්‌. කෘඛ නමැති හිතකර කොලෙස්‌ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එය විශබීජ නාශකයක්‌ වගේම පිටගැස්‌මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්‌. සුවඳ කොට්‌ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්‌ථි ශක්‌තිමත් කරනවා. ප්‍රතිශක්‌තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි.

ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්‍රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක්‌ පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්‌තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක්‌ හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා.

(ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරය.)

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර

011-5289248/077 7620948

ear1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Aug 2018 07:02 PM

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන් වෙනුවෙන් අද ඔබ දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම පැරැණි ආයුර්වේද කසායක්‌ මා පාඨකයන්ට දෙනවා. තොටිල මුල්, දියමිත්ත, කොහොඹ පොතු, පාවට්‌ටා මුල්, අරළු, බුලු, නෙල්ලි, කටුකරෝසන, ඇහැල පොතු, බෝදි ඇට, මුරුවා මුල්, රසකිඳ යනාදිය කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 ට දමා ළිප තබා 1 කෝප්පයට සිඳ සීනි මී පැණි යොදා පානය කරන්න. මෙය දින 12 ක්‌ උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි.

ප්‍රශ්නය - මේ කසායේ විශේෂත්වය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ හැම කසායක්‌ම එකකට එකක්‌ වෙනස්‌. සුදුසු පුද්ගලයාට සුදුසු කසාය වගේම සුදුසු කාලයට සුදුසු කසාය යනුවෙන් සංකල්පයකුත් ආයුර්වේදයේ තිබෙනවා. මා පසුගිය මාස කිහිපය තුළ දුන් කසාය සියල්ලම කාලයට ගැළපෙන විදියට තමයි දුන්නේ. මේ දිනවල ඉතාම වියළි සිසිල් කාලගුණයක්‌ පවතිනවා. යුරෝපයේ වඩාත්ම දරුණු සීත කාලයක්‌ මෑතකදී ආවා නම් ඒ තමයි මේ සීත කාලය. ශීත කාලයක්‌ කියන්නේ අස්‌ථි සම්බන්ධ රෝග තිබෙන කෙනෙකුට ඉතාම නරක කාලයක්‌. ඒ නිසා මේ කාලයේදී අප දෙන්නේ කාලයට අනුරූප කසාය. එම කසාය මගින් ආත්‍රයිටිස්‌ රෝගය විතරක්‌ නෙවෙයි ශීත කාලයට වැළඳෙන සෙසු රෝග පවා සුව වෙනවා.

ඉහත සඳහන් කසායේ අඩංගු ඖෂධ වර්ග ශරීරයේ සම සීතෝෂ්ණ ගුණය සමාන්තරව පවත්වා ගෙන යනවා. ඒ විතරක්‌ නෙවෙයි ශරීර අභ්‍යන්තරය ශෝධනය කිරීමත් මේ ඖෂධ මගින් සිදුවෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

atharaitice1

atharaitice2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 7 of 35 << < 56789 > >>