Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by maduranga001 Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 37 of 59 << < 3536373839 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 20 May 2017 08:46 PM Posted By Ind007ka on 20 May 2017 07:24 PM ස්‍රිමති තිලකරත්නගෙ ඇල්බම්ස් වැටුනා මට මතකයි ... කොහෙද කොයි හිරියේද ආ .... ඔය වැටිලා තිබුනේ??? මට අහුලලා දෙන්නකෝ ඉතින් ..................... ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 May 2017 09:23 PM ඉන්නකො ඉන්නකො ඔයාට ඔක අහුලල දෙන්නම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 20 May 2017 10:58 PM තැන්ක්ස් .... එහෙනම් අහුලා දෙන්නකෝ මම බලන් සිටිනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 May 2017 11:17 PM http://www.sl-stun.com/Forum/aft/602/afpg/14 බලන්න ඔකට ගිහින් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DushanVeteran MemberPosts:2536 22 May 2017 06:14 AM සියත Top 20 ඇල්බම් එක තියන කෙනෙක් ලබා දෙනවද? 0 samanthaMost Senior MemberPosts:13190 23 May 2017 10:42 PM මේ ඇල්බම් එක හොයා ගන්න නැද්ද? නුගේගොඩ KDN එකේ තියෙන බව සඳහන් වෙලා තියෙනවා. My dear friends, Now You Can Buy "Sonduru Ahasa" CD from KND Enterprises at Nugegoda Super Market & Sarasavi Book Shops. Thanks Shanika Sumanasekara සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:06 PM Posted By samantha on 23 May 2017 10:42 PM මේ ඇල්බම් එක හොයා ගන්න නැද්ද? නුගේගොඩ KDN එකේ තියෙන බව සඳහන් වෙලා තියෙනවා. My dear friends, Now You Can Buy "Sonduru Ahasa" CD from KND Enterprises at Nugegoda Super Market & Sarasavi Book Shops. Thanks Shanika Sumanasekara මේ ඇල්බම් එක හොයලා දෙන්න බලන්නම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 24 May 2017 09:08 PM ස්තූතියි චාමර මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 May 2017 08:04 AM mama nitharama nugegoda nam yanawa peredath giya mama balannam thibunoth aran ewannam මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 25 May 2017 06:10 PM අලුත් එකක් වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 25 May 2017 09:29 PM Posted By Ind007ka on 25 May 2017 06:10 PM අලුත් එකක් වගෙ මම හිතන්නේ මේ ඇල්බම් එක 2015 නිකුත් කරපු එකක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 26 May 2017 06:04 PM අයියේ මන් සරසවියේ බුක්ශොප් එකට ගියා.එකේ නෑ කිවුවා කිරිබත්ගොඩ තියන එකේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 26 May 2017 09:24 PM නුගේගොඩ සුපර් මාර්කට එකේ KDN එකේ නම් ඇති.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 26 May 2017 09:25 PM හදිස්සියක් නැහැ. හෙමින් සැරේ උත්සාහ කරමු සොයා ගන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 26 May 2017 10:30 PM මාත් බලන්නම් අයියෙ 0 tharindudarAdvanced MemberPosts:952 27 May 2017 10:32 PM Posted By samantha on 23 May 2017 10:42 PM මේ ඇල්බම් එක හොයා ගන්න නැද්ද? නුගේගොඩ KDN එකේ තියෙන බව සඳහන් වෙලා තියෙනවා. My dear friends, Now You Can Buy "Sonduru Ahasa" CD from KND Enterprises at Nugegoda Super Market & Sarasavi Book Shops. Thanks Shanika Sumanasekara නැහැ අය්යා මගේ ලග 0 maduranga001Most Senior MemberPosts:14118 27 May 2017 10:44 PM සොඳුරු අහසේදී හමුවන සිංහල ගීතයේ සුභාවිතය... ජානක ලියනආරච්චි විශාරද ශානිකා සුමනසේකර නමැති ප්‍රතිභාන්විත යොවුන් ගායිකාව විසින් සොඳුරු අහස නැමැති ගී සමුච්ඡයක් ඉදිරිපත් කර ඇත්තීය. අද දින (27 දා) සවස හතරට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු බී ශාලාවේදී සොඳුරු අහස එළි දකින්නේය. නව පරපුරේ විදග්ධ නිර්මාණකරුවන් මෙන්ම ස්‌වකීය පූර්වගාමී සම්භාව්‍ය නිර්මාණකරුවන් එකමුතු කර ගනිමින් පුරා වසර පහළොවක් තිස්‌සේ කළ දුෂ්කර ක්‍රියාවකින් අනතුරුව ඇය සිය නිර්මාණ සමුච්ඡය සමාජගත කරනු ලබන්නීය. විශාරද ශානිකා සුමනසේකර සොඳුරු අහස යටට අප කැඳවන්නී අතිශය මනරම් ගීතාවලියක් සමගිනි. රත්න ශ්‍රී විඡේසිංහ, බන්දුල නානායක්‌කාරවසම්, වසන්ත කුමාර කොබවක යන ප්‍රවීණ ගීත රචකයන්ගේ නිර්මාණ හතරක් මේ ගී සමුච්චයට ඇතුළත්ය. අනතුරුව ඇය වැඩි බර තබන්නී අපේ කාලයේ හමුවන විදග්ධ ගී පද රචකයන් කෙරෙහිය. රවී සිරිවර්ධන නමැති සම්මානිත යොවුන් ගේය පද රචකයා සොඳුරු අහස වෙනුවෙන් ගී පද රචනා පහක් නිර්මාණය කරයි. අසංක රුවන් සාගර, අමිල තේනුවර, යසනාත් ධම්මික බණ්‌ඩාර, සුනෙත් රූපසිංහ, තරංගා නානායක්‌කාර, අමා සූරියබණ්‌ඩාර, ඉන්ද්‍රසිරි සුරවීර, චන්දිමා ලියනආරච්චි වැනි අලුත් පරම්පරාවේ සම්භාව්‍ය ගී පද රචකයෝ අනතුරුව සො`ඳුරු අහස සරසති. සංගීත නිර්මාණය විෂයෙහිත් මේ විචිත්‍රත්වය පෙනේ. අපේ කාලයේ ජීවත්වෙමින් සිටිනා සම්භාවනීය සංගීතඥයා ලෙස අවිවාදිත රෝහණ වීරසිංහයෝ සොඳුරු අහස වෙනුවෙන් සංගීත රචනා හතරක් කරති. නවරත්න ගමගේ නැමැති ගෞරවණීය සංගීතඥයා ගීතාවලියේ එක් ගීයක් ස`දහා සංගීතය සපයයි. එහෙත් සොඳුරු අහස මුළුමනින්ම මෙන් දර්ශන වික්‍රමතුංග නැමැති සම්භාව්‍ය යොවුන් සංගීතඥයාගේ සංගීත පෙළහරකි. රාගධාරී ශාස්‌ත්‍රීය සංගීතය ඇසුරින් විචක්‌ෂණ නිර්මාණකරණයක යෙදෙන දර්ශන වික්‍රමතුංගයන් විසින් සංගීත නිර්මාණය කළ ගී අටක් මේ ගීත සමුච්ඡයෙහි ඇතුළත්ය. අපේ කාලයේ අපට හමුවන සිරිමත් සංගීතඥයෙක් වන දර්ශන රුවන් දිසානායක සිය ස්‌වර රචනාවකින් අතිශය මනරම් අන්දමින් සොඳුරු අහස හැඩ කරයි. ඉන්ද්‍රජිත් මිරිහාන හා සරත් පීරිස් මේ ගීතාවලියට එක්‌කරන ස්‌වර වර්ණ, ආනන්දයක් උපදවයි. නූතන ලාංකීය සංගීතඥයන්ගේ මෙන්ම ගේය පද රචකයන්ගේ පොහොසත්කම්හි ප්‍රමාණය විමසීම ස`දහා වන කදිම ඉඩක් සොඳුරු අහස ගී සමුච්චය හරහා සහෘද රසවතුන්ට සැලසෙන ආකාරය පෙනේ. මෑත කාලයේ රත්න ශ්‍රී විඡේසිංහයන් විසින් රචිත සොඳුරුම ගී පද රචනාවක් වන 'හී සර සේම' ගීතය සොඳුරු අහස ගීතාවලියට අලුත්ම වර්ණයක් ගෙන දෙනු දැනේ. තරුණ බිරි`දකගේ අවබෝධාත්මක උපේක්‌ෂාව ගී නිමිත්ත වී තිබේ. එවන් උපේක්‌ෂා සහගත පතිනියන්ගේ වත විටෙක චිරන්තන සාහිත්‍යයේ පැණේ. උම්මග්ග ජාතකයේ එන අමරාවෝ එවැන්නියක් වෙති. මේ පද පෙළ ඒ උපේක්‌ෂාව සිහි ගන්වයි. හී සර සේම රැ`දී තියුණු බැල්මේ ඒ දෑස උතුරන නිලන කැල්මේ අනුහසින් මම සැ`ගව ගන්නෙමි ඔබෙ ළයේ දෑතේ ලතා ගුල්මේ පමා වී එත දොර හරින්නට පැණ නොවිමසා මුදු සිනාසෙන්නට නිදි මත දරාගෙන බත බෙදන්නට කුමරුනේ මට හැකිය තාමත් හිතේ ඇමිණෙන්ට කටු අයින් කොට ඔබෙ දෙපා උණු දියෙන් තවන්නට බිලිsඳෙකුව සැතපෙනු බලා ඉන්නට කුමරුනේ මට හැකිය තාමත් ගේහසික ප්‍රේමයේ අවබෝධාත්මක යථාර්ථය දැක්‌වීම ස`දහා රත්න ශ්‍රී විඡේසිංහයන් ස්‌පර්ෂ කරන්නේ නැවුම් නිමිත්තකි. ඇය සිය සහවාසී සොඳුරාගේ හී සර සේම රැ`දි තියුණු බැල්මෙහි ගැබ් වු නිලන කැල්මද දකින්නට හැකි අනුචාරිකාවකි. ඒ බැල්ම ඇය ද්වේෂයෙන් විකල් නොකරයි. එහි අනුහසින් ඔහුගේ ළය ම`ඩලේ සැ`ගව ඔහුගේ දෑතේ වෙලෙන්නට ඇය ගන්නට ප්‍රාර්ථනා කරයි. සිය ප්‍රියයා පමා වී නිවසට පැමිණීම ඇය තුළ කුකුසක් නූපදවයි. තම නිදිමත දරාගෙනම පැණ විමසීමකින් තොරව ඔහුට බත බෙදන්නට ඇයට හැකිය. විඩාපත් ගත සිත සනසවා ඔහු නොදරුවෙක් සේ සැතපෙනු බලා සිටින්නට හැකි බව ඔහුට ඇය පවසන්නේ කුමරුනේ යන ප්‍රේමාන්විත ආමන්ත්‍රණයෙනි. සොඳුරු අහස ගී සමුච්චය විමසීමේදී එහි සමස්‌ථ ගීත මාධුර්ය හුවාදැක්‌විය හැකි කදිම ආදර්ශය සඳගිරි පව්ව ගීතයය. සඳගිරි පව්ව රවී සිරිවර්ධනගේ ගේය පද රචනයකි. මේ පද රචනාවේ අධ්‍යාත්මය ස්‌පර්ශ කරන දර්ශන වික්‍රමතුංග එය ස්‌වර මාධුර්යයෙන් සුසර කරවනා ආකාරය සහෘද හදවත් පුරවාලයි. චිරන්තන කාව්‍ය සාහිත්‍යයේ පැනෙනා අඹු සැමි ප්‍රේමයේ උත්තම ප්‍රතිමානය සඳකිඳුරු දා කවය. පරමාදර්ශ රහිත සමාජයක බිඳ වැටෙනා විවාහ සංස්‌ථාවන්හි ඛේදවාචකය ගැන කියන්නට කවියා තමන් චිරන්තන සාහිත්‍ය ඇසුරින් ලද පරිචය උපයුක්‌ත කොට ගනී. සඳගිරි පව්ව උසයි කිඳුරා හරිම වසයි මං ගෙදර එන්න ආවා අම්මේ දොර හරින්න නුඹ විතරයි ඉන්නේ රත්තරන් කියා කඩු තුඩ මං ඇනගත්තේ පපුවට උඹ එපා කියද්දීමයි අම්මේ ඒ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේ සල්පිලෙන් අරගෙන නටවන කඳුරියන් රඟන සඳගිර මට අරුමෝසම් හුරු නෑ අම්මේ නිය පවුරු වැදුණු හිත බලපන්නේ සඳ කිඳුරිය වැළපෙන්නී බි`දී ගිය අනාගත සුබ සිහින අබියසය. සඳගිරි පව්ව ඇයට ළඟා විය හැකි දුරක නොවේ. ඒ සඳගිරි පව්වේ රඟන කිඳුරියෝ මේ වාණිජවාදී සමාජයේ විකිණෙමින් ඇත්තියෝය. ඇයට මේ සල්ලාල පැවතුම් හුරු නැත. අවසානයේදී විවාහයේ සුබ සිහිනය හැර යන සඳ කිඳුරිය ස`ඳ කිඳුරා විසින් අපේක්‌ෂා භංගත්වයට පත්කරමින් සූරා දැමු හදවතේ ප්‍රාර්ථනා සිහිකර වැළපෙන්නීය. දර්ශන වික්‍රමතුංගයන්ගේ විශිෂ්ට ස්‌වර රචනාව තුළ සුසර වන ශානිකාගේ හ`ඩින් සඳගිරි පව්ව ගැයෙන විට අපට දැනෙන්නේ අප සුභාවිත නිර්මාණ විෂයෙහි දුගීන් නොවන බවය. ප්‍රේමයේ මනරම් ඉසව් ස්‌පර්ශ කෙරෙන නිර්මාණ ගණනකින් සැරසෙන සොඳුරු අහස ගී සරණියේ අධ්‍යාත්මය කැටිකරගත් විශිෂ්ට නිර්මාණය දෙවොල් බෙරේ කර තියාන ගීතය බව අපගේ හැඟීමය. මේ රටේ විචාරක සහෘදයන් මේ ගීය ඇසිය යුතු බව අප විශ්වාස කරන්නේ නූතන පරම්පරාවේ සුභාවිත ගීතයේ ප්‍රභූත්වය කියන සොඳුරුම ආදර්ශයක් ඉන් සැපයෙන බැවිනි. මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම පද රචනාවන් සඳහා නිර්දේශ වුණු මේ ගීතය ජන සංගීතාශ්‍රිත හො`දම සංගීත නිර්මාණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ භාවපූර්ණ පද පෙළ රචනා වන්නේ අසංක රුවන් සාගර නැමැති අපේ කාලයේ මියුරු කවියා අතිනි. නූතන පරම්පරාවේ සංගීත ඥානය නොසිස් බව කියනු ලබනා ප්‍රභාමත් සලකුණ වු දර්ශන රුවන් දිසානායක මෙම ගීතය ස්‌වර වර්ණ ගන්වන්නේ ගැමි නාද මාලා ඇසුරු කර ගනිමිනි. රාගධාරී සංගීතයෙන් ශික්‌ෂණය ලද ශානිකා සුමනසේකර ඒ ගැමි නාද මාලා ගයන විට උපදින්නේ මනරම් නැවුම් වර්ණ සමුදායකි. ගීයට නිමිත්ත ගැමි නෘත්‍ය ශිල්පියෙකුගේ ජීවිත යථාර්ථයය. ඒ ගැඹුරු කතාව කීමට කවියා හසුකරගන්නේ පහසුවෙන් නිර්මාණකරුවෙකුට හසු නොවන මානයකි. ඒ පදපෙළ තුළ ගැබ්වන්නේ සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට සටන් කරන සිය දුගී සැමියා නොමැතිව රාත්‍රියේ හුදකලාවන තරුණ ගැමි බිරි`දකගේ වේදනාවය. ඇයගේ සැමියාගේ වෘත්තිය ලෝකයට ශාන්තිය උපදවා දීමය. ඒ ස`දහා වරම් ගන්නේ පත්තිනි දේවියගෙනි. එහෙත් දෙවොල් බෙරේ කරේ තබාගෙන ගොස් රාත්‍රිය දෙවොල් මඩු පොළේ රඟනා ඔහුගේ ජීවිත අවනඩුව අසන්නට පත්තිනි දේවියවත් නැත. දෙවොල් බෙරේ කර තියාන හැන්දැ කොරේ උඹ යනකොට මගේ හිතට කලුවර එනවා සළඹ තියා වරාම් ගන්න පත්තිනි දේවිත් නොඇසුව මේ අවනඩු කාට කියනවා නාග දරණ ගුරුළු රාජ කැටයම් ඔප කළ නුඹ හැදු වෙස් මුහුණ අන්න රට සල්පිල්වල නැති බැරිකම් හතරවටින් එබිකම් දෙනකොට පෑල දොරට අගුල දමා මං රෑ තනියම පණික්‌කි රාළෙ කැරැකෙන බඹර වළල්ලක රෑට මඩු පොළේ නටනා පෙළහර පාමින මී තෙල් පන්දම් එළියෙන් නුරා මුකුලු දෙන වාවන් නෑ මයෙ දෙයියෝ මේ ඒ නුඹමද සියල්ලට මිලක් නියම කර ඇති සමාජයක පණික්‌කිරාළ නැමැති ගෞරවණීය ගැමි ශිල්පියාගේ ආධ්‍යාත්මික වටිනාකම සල්පිල්වල විකිණෙන අයුරු කවියා දකී. ලෝකය ඔහුව අලෙවි කරද්දී ඔහුගේ කුටුම්භය පෙළන නැතිබැරිකම හමුවේ පලා යන්නට ඔහුගේ පතිනිය සූදානම් නැත. ඇය නේක පිරිපත සමග එන නපුර ගෙට නොවදිනු සේ පෑළ දොරට අගුල් ලා ඇත. උදෑසන ඇය දකින්නේ රාත්‍රිය පුරා මී තෙල් පන්දම් එළියට නුරා මුකුළු දෙමින් බඹර වළල්ලක ර`ගා ලෝකය හමුවේ පෞරුෂවත් වන සිය සැමියාගේ විඩාපත් මලානික වතය. මේ අර්ථපූර්ණ පැදිපෙළ මෙන්ම එහි අර්ථ උද්දීප්ත කරනා සංගීතය හා ගැයුම වචනයකට හසුනොවන මායිමකට සහෘද රසවතුන් කැටිව යයි. තරුණ නිර්මාණකරුවන් මෙවන් සුභාවිත නිර්මාණ එළිදැකීමේ ආරංචි මාත්‍රය පවා අප තුළ උපදවනු ලබන්නේ මහත් ආනන්දයකි. මක් නිසාද යත් අප ජීවත් වෙමින් ඇත්තේ සංවේදනා විහීන විකල් සමාජ පරිසරයක වීමය. ගතවන පැයේ අප දකිමින් හි`ඳින්නේ කලාකාරයා විසින් කරත්තකාරයා හෝ මාළුකාරයා හෝ පාන්කාරයා හා තමන් අතර ඇති අන්තරය දේශපාලන අගුපිල්වල සිට ස්‌වේච්ඡාවෙන් දිය කර ගනිමින් සිටිනා අප්‍රසන්න යථාර්ථයය. සමාජය විසින්ම සුරුවම් කළ මහා ගාන්ධර්වයෝත්, සිනමාකරුවෝත්, මහා කාව්‍යක්‌කාරයෝත්, සාහිත කලා විෂයෙහි බහුශ්‍රැතයෝත් ස්‌වකීය ආධ්‍යාත්මික දුගී බව ප්‍රකට කරමින් සිටිනා විකල් කලෙකය. එවන් විකල් සමාජයක පරමාදර්ශ උපදින්නේ නැත. විශාරද ශානික සුමනසේකරලා, දර්ශන වික්‍රමතුංගලා, දර්ශන රුවන් දිසානායකලා, රවී සිරිවර්ධනලා, අසංක රුවන් සාගරලා එක්‌ව සොඳුරු අහසක් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ ප්‍රතිමාන බි`දීගිය අහසක් පොලොවක් නැති වටපිටාවක බව අප තේරුම් ගත යුතුය. හැත්තෑව හා අසූව දශකයන්හි අපේ පූර්වාගාමී විදග්ධයින් ගී ගැයුවේත්, ගී නිර්මාණය කළේත් පුළුල් කථිකාවක් හරහා ගොඩ නගා දුන් රසික සමාජයකටය. ඒ සඳහා ප්‍රවේශ මාධ්‍ය තුළ ප්‍රමිතියක් තිබිණි. එදා ඒ ප්‍රමිතිගත පරිසරය තුළ පැවතීම ස`ඳහාම යහපත් නිර්මාණ කළ යුතු වුයේය. ඒ විදග්ධ රසික සමාජය වනසා දමනු ලැබීම සඳහා වූ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර තුළ තමන් විසින් අවභාවිත තම කළ හෘද සාක්‌ෂිය පිළිබ`ද මේ පිරිස් ස්‌වයං විවේචනයක යෙදෙනු වටී. මේ ඛේදවාචකය කෙතෙක්‌ද කියනවා නම් කපුගේ අද ඉපදී ඔහුගේ ගීතාවලිය ගැයුවානම් ඔහු විහිළුවක් නොවන්නේදැයි අප අපෙන්ම ප්‍රශ්න කළ යුතුය. නව පරපුරේ නිර්මාණකරුවන් අබියස ඇති ගැටලුව නිර්මාණකරණයේ යෙදීම නොවේ. ස්‌වකීය නිර්මාණ හා වි`දිය හැකි රසික සමාජයක් නිර්මාණය කර ගැනීමය. ඔවුන්ට නිර්මාණකරණයේ යෙදීමට සිදුවී ඇත්තේ ඒ සමාජ සංවාදයත් උපදවාගන්නා අතරතුරය. කිසි කලෙකත් මේ රටේ එෆ්. එම්. නාලිකාවලින් ඇසෙතැයි නොසිතෙන, රින්ගින් ටෝන් ස`දහා මාර්කට් වෙතැයි නොසිතෙන, මියුරු ගීතාවලියක් අතේ ඇති තුට්‌ටුදෙක වියදම් කරමින් එළිදක්‌වනා නිර්මාණකරුවන් පිළිබඳ අප තුළ මහත් ගෞරවයක් උපදින්නේ ඒ නිසාය. හදවත්වල ප්‍රමාණය අපට පෙනෙමින් ඇති නිසාය. සොඳුරු අහස, අප දකිනා සොඳුරුතම අහසටත් වඩා මනරම් බව අපට හැෙ`ගන්නේ එබැවින්ය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 27 May 2017 10:56 PM ඉතා හොද නිර්මාණ ටිකක් වගේ.. මාත් කොහොම හරි මේක මිලදී ගන්නවා... 0 tharindudarAdvanced MemberPosts:952 27 May 2017 11:00 PM Posted By Dushan on 22 May 2017 06:14 AM සියත Top 20 ඇල්බම් එක තියන කෙනෙක් ලබා දෙනවද? ඔය ඇල්බම් එක නම් මගේ ලග ඇති 0 maduranga001Most Senior MemberPosts:14118 27 May 2017 11:03 PM මේ ඇයගේ එක ගීතයක්. විශේෂත්වය මේ ගීතය ලියල තියෙන්නේ මුස්ලිම් කාන්තාවක්. පදවැල් අහන්න. කටහඬ ඉතා ලස්සනයි වගේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 37 of 59 << < 3536373839 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala