You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:47 AM

2015-04-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.6400 , විකුණුම් මිල රු.135.4600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.9200 , විකුණුම් මිල රු.209.7400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.5900 , විකුණුම් මිල රු.151.4400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.1900 , විකුණුම් මිල රු.145.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.2400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.0200 , විකුණුම් මිල රු.109.2400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.9800 , විකුණුම් මිල රු.103.2100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1106 , විකුණුම් මිල රු.1.1467 |

 

සරසවි සිසු පුතා අමුතු බුලත් හුරුල්ලක් දී තාත්තාට වැඳලා

(ගාල්ල අතිරේක - වේරගොඩගේ සජීව විජේවීර)
ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඈත එපිට ගමක පාසලේ ඉගෙන ගෙන උසස් පෙළ සඳහා ගාල්ල නගරයේ පාසලකට පැමිණි ඔහු උසස් පෙළ හොඳින් සමත්වූයේ මවගේත් පියාගේත් කැපවීම හේතුවෙනි.


විශ්වවිද්‍යාලයට යාමටත් පෙර ඔහුට ටැබ් පරිගණකයක් ලැබුණේ රජයේ උසස් නිලධාරියකු වූ තාත්තාගෙනි. ටැබ් එක අතට ගත් මේ පුත‍්‍රයා නිතරම තම විවේක කාලය ගත කළේ ෆේස්බුක් හා අන්තර්ජාලයේ සැරිසරමිනි. කොයි වේලාවෙත් ඔහුගේ අතේ ටැබ් එක වැරදුණේ නැත.


අලූත් අවුරුද්දට ගමේ ආ පුතා අම්මාත් තාත්තාත් නැගණියත් සමඟ එක්ව නිවෙස පිරිසුදු කිරීමේ පටන් සියලූ දෑ සිදු කළේය. එසේ වුවද විවේකයක් ලැබෙන සෑම විටකදීම ටැබ් එක අතට ගෙන පරිගණක ක‍්‍රීඩාවක යෙදීම ඔහුගේ පුරුද්ද වී තිබිණි.


අලූත් අවුරුද්දත් උදා විය. නැකතට කිරිබතක් සෑදූ අම්මා එය මේසයට ගෙනැවිත් තැබුවාය. ආහාර අනුභව නැකතට කිරිබත් ටිකක් අතට ගත් තාත්තා තම පුතාට ද කිරිබත් කටක් කැවුවේ මහත් සෙනෙහසිනි. ආහාර අනුභවයෙන් පසු අලූත් අවුරුද්දේ මාපියන්ට බුලත් අතක් දී වැඳීම සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. අන් සෑම අවුරුද්දකදීම එය මේ නිවසේ ද සිදුකැරිණි.


ටැබ් එක අතට ගත් මේ පුතා තාත්තා අසළට ගියේය. ටැබ් එක දෑතින්ම අල්ලා එය තාත්තා අත තැබිණි. පුතාගේ අතින් ටැබ් එක තාත්තා අතට මාරුවෙද්දී පුතා තාත්තාගේ කකුල් දෙක අල්ලා පසඟ පිහිටුවා වැන්දේය. බුලත් හුරුල්ලක් රැුගෙන තාත්තාට වඳින්නට ආ නංගී අයියා කළ ඒ දෙය තේරුම් ගත නොහැකිව බලා සිටියාය.


තාත්තා ටැබ් එක දෙස බලද්දී එහි තිරය මත දිස්වන්නේ බුලත් හුරුල්ලක ඡුායාරූපයකි.


ගමක ඉපදී හැදී වැඞී විශ්වවිද්‍යාලයට ගොස් තාක්ෂණය සමඟ දිවිගෙවන මේ පුතා අලූත් අවුරුද්දට මාපියන්ට බුලත් දුන්නේ ඒ ආකාරයෙනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:48 AM

2015-04-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.6400 , විකුණුම් මිල රු.135.4600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.9200 , විකුණුම් මිල රු.209.7400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.5900 , විකුණුම් මිල රු.151.4400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.1900 , විකුණුම් මිල රු.145.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.2400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.0200 , විකුණුම් මිල රු.109.2400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.9800 , විකුණුම් මිල රු.103.2100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1106 , විකුණුම් මිල රු.1.1467 |

 

පිය පුතු ගැටුම බේරන්න ආ මිතුරාගේ කකුල සපාකාලා

(හාලිඇල ලලිත් දිසානායක)
අවුරුදු සාජ්ජයක් අවසානයේ පිය-පුතු ගැටුමකින් මිතුරෙකුගේ කකුලෙන් මස් කෑල්ලක් අහිමිවීමේ සිද්ධියක් බදුල්ල නගරයට ආසන්න ගමකින් වාර්තාවේ.


අලූත් අවුරුදු සැමරුමට එකතු වූ මිතුරන් පිරිසකි. මේ අතරට එක මිතුරෙකුගේ පියෙකු ද එකතු විය. ඔහු මද වශයෙන් ඔල්මාද ගති ඇත්තෙකි.

සාජ්ජය මධු විතින් ඉතිරී ගොස් සැවොම පදම් වී සිටියහ. අල්ලාප සල්ලාපයේ මෙන්ම ගීත මිහිරෙන් ද මත් වූ පිරිස අතර එකවරම පියා සහ පුතු අතර ගැටුමක් ඇතිවිය. පුතා පියාට දිගට හරහට පහර දේනනට විය. මෙය බලා සිටි මිතුරෝ කෝපයට පත්ව පුතාට පහර දෙන්නට වූහ. දැන් මිතුරන් අතරේ ගැටුමකි.

එක්වරම පුතා අනෙකුත් යහළුවන්ගේ පහරින් බේරා ගැනීම සඳහා මිතුරකු ඔහුගේ ඉඟවටා දෑත් යවා තරයේ අල්ලා ගත්තේය. මෙයින් බේරීමට පොර බැලූ ඔහු දෙකට නැමී තමා අල්ලාගත් මිතුරාගේ කකුල සපා කෑවේය. වේදනාවෙන් කෑ ගැසූ මිතුරාඔහු අත හැරියේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:49 AM

කලිසමට පෙම්බැඳි මනාලයාට මඟුල්දා සරමක් තෑගිකරලා

(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ආසන්නයේ වූ මංගල්‍ය උත්සවයකි. එහි ගිය මනාලයාගේ හිතවතකු මනාල යුවළට වටිනා ත්‍යාගයක් පිරිනැමූ අතර මනාලයාට වෙනම පාර්සලයක් පිළිගැන්වීය. එහි වූයේ සරමකි.


මේ මනාලයා සිය ජීවිත කාලය තුළ කවදාවත් සරමක් ඇඳ තිබුණේ නැත. ගමන් බිමන්වලදී දිගු කලිසමත් නිවසේදී කොට කලිසමත් ඇඳි ඔහු රාත‍්‍රියේ පවා කොට කලිසම ඇඳ නිදා ගත්තේය.


මේ බව දත් හිතවතා විවාහයෙන් පසුව ඔහුට සරමක අවශ්‍යතාවක් ඇතැයි සිතා විහිළුවට මෙන් සරමක වාසි ගැන කියැවෙන වගන්ති කීපයක්ද ලියා එය සරමත් සමග ඔහුට තෑගි කළේය.


සිය මනාලිය සමග තෑගි පිරික්සීමේදී මේ සරමත් එහි වාසි දැක්වෙන වගන්ති කීපයක් දුටු ඔහු එය මනාලියගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තද ඇය ක්‍ෂණිකව එය උදුරා ගත්තාය.


සරම් ඇඳීමේ වාසි පිළිබඳව එහි ලියා තිබූ ඇතැම් කරුණු කියවූ ඇය ”ඊයා” කියමින් එය ඔහුගේ මුහුණට දමා ගැසුවාලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:50 AM

කැදැල්ල හැරගිය කිරිල්ලිට කුරුල්ලාගෙන් යස පාඩමක්

(උණවටුන ඞී.ජී. සුගතපාල)
ඇය තිස් හැවිරිදි දෙදරු මවකි. සැමියා කුලී වැඩ කරමින් තම දරු පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය.  ඔහු තම බිරිදට කොතරම් ආදරේද කිවහොත් බිරිඳගේ නමින් ගිණුමක් ආරම්භ කොට හැකි සෑම අවස්ථාවකම කීයක් හෝ ඉතිරි කිරීමටද පියවර ගත්තේය.


කාලය ගෙවී ගියේය. අහම්බෙන් ඇයට හමුවූ පුද්ගලයෙක් මේ සොඳුරු කැදැල්ල කනපිට හැරෙව්වේය. ඔහු එම ගමේ සිට කිලෝමීටර් විසි පහක් තිහක් තරම් දුරගමනක පදිංචි විවාහකයෙකි.


මෙයට මාස දෙකකට පමණ පෙර ඇය තම කැදැල්ල හැරදා  ඔහුගේ කැදැල්ල වෙත ගියාය. ඒ ඔහුගේ යතුරුපැදියේ එල්ලී ගෙනය. දැඩිලෙස කනගාටුවට පත් සැමියා තමාගේ සහ දරු දෙදෙනාගේද මතු ආරක්‍ෂාව පතා ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට අමතක කළේ නැත.
ඇය තමාගේ කණකර බඩු සහ ජංගම දුරකථනය පමණක් ගෙන ගොස් තිබූ අතර  ඇයගේ නමට තිබූ ඉඩමේ ඔප්පුව ගෙනගොස් නොතිබීම ඔහුට මහත් සැනසිල්ලක් විය.


අවුරුද්ද පසුවී දින තුන හතරකට පසු ඇය යළිත් ගෙදර ආවාය. ඇයගේ පැමිණීම දරුවන්ට සතුටක් වුවද ඔහුට සතුටක් නොවීය. ඇය නිවසින්   යනවිට ගෙනගොස් තිබූ  කණකර කිසිවක්ද නොවීය. ඇයගේ පැමිණීම ගැන සැක සිතූ ඔහු ඒ බව නොහැෙඟන පරිදි සිතීමට වගබලා ගත්තේය. වහාම ඔහුට ඉඩමේ ඔප්පුව සහ බැංකු පොත සඟවා  තැබුවේය.


ඇය යළිත් පැමිණියේ හොඳට නොවන බව සිතාගත් ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය.  ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය.


යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය  වහාම එම  යතුරුපැදියට නැගී වේගයෙන්  යළිත් පියඹා ගියාය.


ගෑණියේ උඹට මාව රවටන්න බැරිවුණා. උඹ ආවෙ බැංකු පොතයි ඔප්පුවයි ගෙනියන්නනේ දැන් ඉතින් ඔහොම පලයන්. ආයිත්නම් මා රවටන්න උඹට බැහැ කියු ඔහු ඔවුන් ගිය දේ මඳ වේලාවක් බලා සිට ගෙදර ගියේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:51 AM

2015-04-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.6400 , විකුණුම් මිල රු.135.4600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.9200 , විකුණුම් මිල රු.209.7400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.5900 , විකුණුම් මිල රු.151.4400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.1900 , විකුණුම් මිල රු.145.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.2400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.0200 , විකුණුම් මිල රු.109.2400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.9800 , විකුණුම් මිල රු.103.2100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1106 , විකුණුම් මිල රු.1.1467 |

 

බිරියට පාඩමක් උගන්වන්න සැමියා අවුරුදු දා කෑමට 20 කට එන්න කියලා

(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
අමනාපයෙන් සිටින බිරිඳට පාඩමක් උගන්වා ඇයගෙන් වාඩුව ගැනීමට තමාගේ මිතුරන් රැුසකට අවුරුදු උදාවූදා ගේ ඉඳුල් කරන්න නිවෙසට පැමිනෙන්නැයි සැමියකු කළ ආරාධනයක් නිසා ඒ සැම දෙනාටම සංග‍්‍රහ කිරීමට බිරිඳකට සිදුවීමේ පුවතක් බළපිටියේ ගම්මානයකින් වාර්තා විය.


මේ නිසා ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරිය ද සමග එක්වී ලහිලහියේ අවුරුදු උදාවූ සුබ මොහෙතේ සිට දෙදෙනා එක්වී කෑම පිසීම සිදුකොට තිබේ.


සිද්ධිය මෙසේය.  මෙම අඹු-සැමි යුවළ කලක සිට අමනාපයෙන් පසුවිය. බිරිඳ අවුරුදු ප‍්‍රීතිය නිමිත්තෙන් වත් අමනාපය අත්හරිතියි සැමියා සිතුවේය. එහෙත් බිරිඳ තමා සමග තරහෙන් සිටින බව සැමියාට වැටහුණි. ඔහු බිරිඳට හොඳ පාඩමක් උගැන්වීමට කල්පනා කළේය. ඒ අනුව අවුරුදු ලබන දා තම ගේ ඉඳුල් කිරීමට ඔහු මිතුරන් රැුසකට ආරාධනා කළේය. නැකැත් වේලාව ළංවන විට මිතුරන් විසි ගණනකට වැඩි පිරිසක් ගෙදරට පැමිණියහ. මේ සැමියාගේ ක‍්‍රියාව නිසා බිරිඳට හීන්දාඩිය දැම්මාය. ඇය ඒ නිසා හඬමින් කුස්සියට වී සිටියාය.


මේ අතර ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගෙය ඉඳුල් කිරීමට ඇගේ මිතුරියද නිවෙසට පැමිණියාය. මිතුරියට සැමියාගේ උපාය ගැන ගෙහිමි කාන්තාව සියල්ල කියා සිටියාය.


දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න නොදී පුළුවන්ද? තියෙන දෙයක් ගිහින් හදලා දෙන්න. කියමින් ඇය ගෙහිමි කාන්තාව සමග එක්ව ලහි ලහියේ ආහාර පිසින්නට විය. පරිප්පු, සලාද, සමග කුකුළු මස් වෑංජන සමග කඩිමුඩියේ දෙදෙනා දිවා භෝජනය සකසා තිබේ.


කුඩා දරුවකුද සිටින ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරියගේ ප‍්‍රමාදයට ඇයගේ නිවසින් කීපවතාවක් දුරකතන ඇමතුම් ලැබී තිබුණි. එහෙත් ඇය ඒ සියල්ල අමතක කොට තම මිතුරියගේ ජාම බේරා ගැනීමට ඇයට උදව් කළ බව මෙම පුවත හෙළිකරමින් ඇය කීවාය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:53 AM

අල්ලපු ගෙදර කැසට් යන්ත‍්‍රයේ හඬ ඉවසන්න බැරිව මිදුලට පැන

 \

 

දිනපතා මහ හඬින් සින්දු දමන්නට එපා යැයි අල්ලපු නිවසේ අයට කොතරම් කීවත් අසන්නේ නැති තැන අඹු දරුවන් සමඟ තම නිවසේ මිදුලට බැස එම සින්දුවල රිද්මයට නටන්නට පටන් ගත් මහත්මයකු පිළිබඳව වයඹ ප‍්‍රදේශයෙන් වාර්තා වේ. වයඹ ප‍්‍රදේශයේ ගමක වැදගත්තාලයට ජීවත්වන මහත්මයෙකි. දරුවන් හා බිරිය ද ඉතාමත් යහපත් අය වෙති.

අසල්වැසියන් සමඟ ද ඔවුහු බොහෝ සුහදව දිවි ගෙවති. මේ අතර එම නිවෙසට යාබඳව පිහිටි නිවෙස්හිමියා අලූත්ම මාදිලියේ කැසට් යන්ත‍්‍රයක් මිලට ගත්තේ ඔහු සින්දු ඇසීමට මහත් ආශාවක් දක්වන්නෙක් වූ බැවිනි. කැසට් යන්ත‍්‍රය ගෙන ආ මුල් දිනයේ ලංකාවේ ජනප‍්‍රිය පැරණි ගායකයන්ගේ ගීත උදේ පටන් මධ්‍යම රාත‍්‍රිය වනතුරුම ඇසුනේ පළාතම දෙවනත් වන අයුරිනි.

පසු දින ද එම කැසට් යන්ත‍්‍රය පෙර ලෙසම ඉතා උස් හඬින් ක‍්‍රියාත්මක විය. තුන්වන දිනයේ ද තත්ත්වය එසේමය. හතරවන දිනය වනවිට යාබඳ නිවෙසේ වෙසෙන මහත්මයාට මෙය මහත් කන්දොස්කිරියාවක් බවට පත් විය. තවත් මෙම කැසට් යන්ත‍්‍රයේ හඬ ඉවසා සිටිය නොහැකි තැන මහත්මයා ගොස් යාබඳ නිවැසියන්ට සුහදව කීවේ හඬ ටිකක් අඩු කරන ලෙසයි. ඒ අනුව කැසට් යන්ත‍්‍රයේ හඩ මදක් අඩු වූ නමුත් පැය කිහිපයකින් නැවතත් පෙර ලෙසම හඬ වැඩිවිය. ඊට පසු දින ද මෙම තත්ත්වය වෙනසක් නොවිණි. අවසානයේ මහත්මයා තීරණයක් ගත්තේය.

මහත්මයා සහ බිරිය දරුවන් ද සමඟ මිදුලට පැන සියල්ලෝම නටන්නට පටන් ගත්හ. ඔවුහු නොකඩවා පැය කිහිපයක් මෙසේ නැටුවෝය. පසු දින ද යාබද නිවසේ කැසට් යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කරනවාත් සමඟම මිදුලටබට පිරිස කලින් දින මෙන්ම හූ කියමින් නැටුම පටන් ගත් අතර මෙය දුටු අසල්වැසියෝ එළියට පැමිණ බලා සිටියහ. දින කිහිපයක් මෙසේ සිදුවන විට යාබඳ නිවසේ කැසට් යන්ත‍්‍රයේ හඬ කෙමෙන් අඩු වූ අතර අවසානයේ අද වනතුරුත් උස් හඬින් නම් එය ක‍්‍රියාත්මක වූයේ නැත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:54 AM

2015-04-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.6400 , විකුණුම් මිල රු.135.4600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.9200 , විකුණුම් මිල රු.209.7400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.5900 , විකුණුම් මිල රු.151.4400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.1900 , විකුණුම් මිල රු.145.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.2400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.0200 , විකුණුම් මිල රු.109.2400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.9800 , විකුණුම් මිල රු.103.2100 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1106 , විකුණුම් මිල රු.1.1467 |

 

කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා

 නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු

කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක‍්‍රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවකයකුට වූ අකරතැබ්බයක් වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 

වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ජනප‍්‍රිය හෝටලයකට ඉතා දුරබැහැර ප‍්‍රදේශයකින් පැමිණ එම හෝටලයේම නැවතී සේවය කරන සේවකයකු තමන්ට නිවාඩු වේලාවට නිතරම අවට කැලෑරොදවල හා හෝටල් උද්‍යානයට පැමිණෙන සතුන් ගැන සොයා බලමින් සිටීම පුරුද්දක් ලෙස කරමින් සිට ඇත.

එක් දිනක් කිරල ජෝඩුවක් අවට භූමියේ ගැවසෙමින් සිටි නිසා මේ හෝටල් සේවකයා ඒ ගැන සොයා බැලීමේදී දැක ඇත්තේ කිරල බිත්තර රකිමින් සිටින කිරල ජෝඩුවකි. අවට පරිසරයේ මෙම බිත්තර කා දැමීමට වෙන සතුන් පැමිණෙතැයි බියෙන් මෙම සේවකයා කර ඇත්තේ කිරල බිත්තර තිබූ තැනින් ගෙන ආරක්ෂිත තැනකට ගොස් තැබීමයි. එමෙන්ම අව්වෙන් වැස්සෙන් බේරීමට එම බිත්තර උඩින් කුඩයක්ද තබා ඇත.

සේවකයාගේ මෙම ක‍්‍රියාව දැනගත් හෝටල් කළමනාකරු එසේ නොකරන ලෙස අවවාද දී ඇතත් එය නොසලකපු සේවකයා දිනක් ඉහත බිත්තර බැලීමට යාමේදී කිරල ජෝඩුව මෙම සේවකයා පසුපස පන්නමින් ඔළුවට හා මුහුණට කොටා දැඩි තුවාල කර ඇති අතර කිරල ප‍්‍රහාරයෙන් බේරීමට යාමේදී අසල තිබූ වළකට වැටී පාදයකට ද හානිවී මාසයක්ම නිවසේ සිට ප‍්‍රතිකාර ගන්නට සිදුවී ඇත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Apr 2015 12:55 AM

කුඩු අරන් කොට්ටා පොර තරගයට ආ මිතුරෝ දෙදෙනා පොලිස් කූඩුවේ

(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු උත්සවයකදී කොට්ටාපොර තරගයට ගිය තරුණයකු තම උඩ සාක්කුවේ තිබූ මුදල් ඇතුළු බඩු භාණ්ඩ මිතුරකු අතට දී අට්ටාලයට නැග්ගේය. දුන් බඩු අතර ගිනිපෙට්ටියක්ද විය.


අවුරුදු උත්සවයේ ආරක්ෂක කටයුතුවලට පැමිණ සිටි පොලිස් නිලධාරියකුට දුම්වැටියක් දල්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිව ඔහුගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගත්තේය. ඔහු එය රැුගෙන පසෙකට ගියේ අප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නටය.


එහෙත් ක්ෂණිකව ආපසු ආ පොලිස් නිලධාරියා ගිනිපෙට්ටිය දුන් තරුණයාත් එය අයිති තරගකරුවාත් අල්ලාගෙන පසෙකට ගෙන ගියේ හැම දෙනාම මවිතයට පත් කරමිනි.


ගිනිපෙට්ටියේ ඇතුළත තිබී ඇත්තේ ගිනිකූරු නොව මත්කුඩු පැකට් කීපයකි. තරගකරු මේ පිළිබඳව නිදහසට නොයෙකුත් කරුණු කීමට උත්සාහ ගත්තත් පොලිස් නිලධාරියා ඒවා පිළිගත්තේ නැතිලූ.


බස්නාහිර පළාතේ අවුරුදු උත්සවයකදී සිදුවූවකි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 May 2015 01:56 AM

තැපෑලේ නැතිවුණා: මේසය මත තිබී හමුවුණා

\

කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. ජාතික හැදුනුම්පත අපහැදිලිවීම නිසා අලූතින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුයේ මාස තුන හතරකට පෙරදීය. ඒ අනුව සියලූ කටයුතුකර ඉල්ලූම් පත‍්‍රය ග‍්‍රාම නිලධාරී මගින් යවනු ලැබීය.

මසකින් පමණ නව හැදුනුම්පත තැපෑලෙන් ලැබෙනු ඇති බව ප‍්‍රකාශ වුවත් මේ අයට එය ලැබුණේ නැත. ග‍්‍රාම නිලධාරීන්ගෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනු ලැබුවේ ඒ නිසාය.

ඉල්ලූම්කර දින කිහිපයක් ඇතුළත නව හැදුනුම්පත නිකුත් කර එය අදාළ ලිපිනයට තැපැල් කර ඇති බව අන්තිමේ දැන ගන්නට ලැබිණි. ඒ සමගම චෝදනාව එල්ලවූයේ තැපැල් දෙපාර්තමේන්තුවටය. එය තැපෑලේදී අවස්ථානගත වෙන්නට ඇතැයි සැකයක් ඇතිවිය. හැඳුනුම්පත තැපැල් කළ දිනය ඇතුළු විස්තර ලබාගෙන කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ නියමිත දිනවලදීම එය නිවසේ අයෙකුට බාරදී ඇති බවය.

නිවසේ සිටි ඥාතියා හැඳුනුම්පත අඩංගු ලිපිය බාරගෙන එය මේසයක් මත තැබූ බව සිහිපත් කිරීමෙන් පසු කීය. ඒ අනුව පරීක්ෂා කිරීමේදී එය තිබූ තැනම තිබී හමුවීමෙන් මාස තුනක් තිස්සේ පැවති ගැටලූවක් අවසන් විය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 May 2015 02:15 AM
ඔය මෙසේ රෙද්ද යට නැති දෙයක් නැහැ.. මගේ ඉතා වැදගත් ලිපි කීපයකටම ඔය සෙතේ උනා.. මොකද සමහර ලිපි යන්නේ මහා ගෙදරට.. එහෙදි ගන්න කෙන්න ගහන්නේ මෙසේ රෙද්දේ යට.. ඉතින් කවුරු හරි ඩියුටි දාන්න වෙනවා මෙසේ රෙද්ද යට චෙච්ක් කරන්න හැමදාම.. ඔය කියපු සිද්දියම උනා මගේ බැංකු ලියවිල්ලකට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 May 2015 02:19 AM
Posted By maduranga001 on 01 May 2015 02:15 AM
ඔය මෙසේ රෙද්ද යට නැති දෙයක් නැහැ.. මගේ ඉතා වැදගත් ලිපි කීපයකටම ඔය සෙතේ උනා.. මොකද සමහර ලිපි යන්නේ මහා ගෙදරට.. එහෙදි ගන්න කෙන්න ගහන්නේ මෙසේ රෙද්දේ යට.. ඉතින් කවුරු හරි ඩියුටි දාන්න වෙනවා මෙසේ රෙද්ද යට චෙච්ක් කරන්න හැමදාම.. ඔය කියපු සිද්දියම උනා මගේ බැංකු ලියවිල්ලකට..

 

 

 

ඒකනේ මම මේස වලට රෙදි දාන්නේ නැත්තේ ...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 May 2015 02:30 AM
Posted By samantha on 01 May 2015 02:19 AM
Posted By maduranga001 on 01 May 2015 02:15 AM
ඔය මෙසේ රෙද්ද යට නැති දෙයක් නැහැ.. මගේ ඉතා වැදගත් ලිපි කීපයකටම ඔය සෙතේ උනා.. මොකද සමහර ලිපි යන්නේ මහා ගෙදරට.. එහෙදි ගන්න කෙන්න ගහන්නේ මෙසේ රෙද්දේ යට.. ඉතින් කවුරු හරි ඩියුටි දාන්න වෙනවා මෙසේ රෙද්ද යට චෙච්ක් කරන්න හැමදාම.. ඔය කියපු සිද්දියම උනා මගේ බැංකු ලියවිල්ලකට..

ඒකනේ මම මේස වලට රෙදි දාන්නේ නැත්තේ ...

 

ගහට බඩගාපු මනුස්සයටත් කියන්න හේතුවක් තිබුනලු..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 May 2015 10:21 PM

සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)
දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප‍්‍රදේශයේ පවත්වනු ලබන වෙසක් දන්සලට ද එකිනෙකා පරයා දෙදෙනා විසින් අනුග‍්‍රහ දැක්වූ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.


දෙදෙනාම එකතුව සමගියෙන් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකි. එකම වහලක් යට එකට පවත්වාගෙන ගියත් මෑතක සිට දෙදෙනා සිටින්නේ දේශපාලන වශයෙන් බල කඳවුරු දෙකකය. දේශපාලනය කතා කළොත් දෙදෙනා කැත්තට පොල්ල මෙනි. මෙයින් වඩාත් ඔරොප්පුවන්නේ ව්‍යාපාරික කාන්තාවයි. මේ දෙදෙනාගේ විරසකය මතින් වාසි සලසා ගන්නා. අයද නැතුවා නොවේ.


දෙදෙනාගේ මේ දේශපාලන පිල් බෙදීම නිසා තරුණ පිරිස ඔවුන් හඳුන්වන්නේ ”.........පිළ’’ සහ ”........ පිළ” වශයෙනි.


කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවලින් ඉකුත් අවුරුදු සමයේද දෙදෙනාගේ අතමිට හොඳටම සරුවිය.


ඉකුත් දිනෙක ප‍්‍රදේශයේ වෙසක් දන්සලට ආධාර එකතු කිරීමට තරුණ පිරිසක් මෙම ව්‍යාපාරික ස්ථානයට ගියහ. ඔවුන් සමඟ දේශපාලනය ටිකක් කතාකළ ව්‍යාපරිකයා රු. 5000 ක් පරිත්‍යාග කළේය. තරුණ පිරිස එතැනින් නික්ම යනවිට පැමිණි ව්‍යාපාරික කාන්තාව ද ඔවුන් සමඟ වත්මන් දේශපාලනය ගැන කතා  කළාය. ස්වාමියා රු. 5000 ක් දී ඇති බවද ඇය දැන ගත්තාය. වහා නිවසට ගොස් පැමිණි ඇය තරුණ පිරිස අත ඇයගෙන් ද රු. 7000 ක් තැබුවාලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 May 2015 09:50 PM

දුරකථනයෙන් පෙම් බස් දොඩමින් ගාලූ යන්න මාතර බසයක නැඟලා

 වේරගොඩගේ සජිව විජේවීර

ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි.


ගමේ යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඉදිරි වසරේ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තම පෙම්වතිය ගමේ සිටීම නිසාය. සිකුරාදා වනතුරු ඇඟිලි ගනිමින් සිටින ඔහු හැකි ඉක්මණින් මහරගමට පැමිණ අධිවේගී බසයකින් ගාල්ලට යන්නේ තම ගමනේ කාලය කෙටිවීම ගැන මහත් සතුටිනි.


මේ යන ගමනේ දී ඔහුගේ ජංගම දුරකථනයට නම් කිසිදු විවේකයක් නැත. ඔහු හැමදාමත් බසයට නගින්නේත් බසයෙන් බසින්නේත් දුරකථනය කනේ ගහගෙනය. අනෙක් පැත්තේ ඉන්නේ පෙම්වතියයි.


තොඳොල් බස් කතා කරමින් ආදර වදන් දොඩමින් කෙරෙන මේ කතා බහ කිසිවෙකුට ඇහෙන්නේද නැත. ඒ තවත් සිකුරාදා දිනයකි. මහරගමින් අධීවේගී මාර්ගයේ ගාල්ලට යන අවසන් බසය අල්ලා ගැනීමට කඩිනමින් මහරගමට පැමිණි ඔහු පිටත්වෙමින් තිබෙන බසයක් දුටුවේය. ඒ වනවිටත් ජංගම දුරකථනය ඔහුගේ දකුණු කනට බරවී තිබිණි. බසයේ සිටි සේවකයා ද සීට් තියෙනවා යැයි කියූ බැවින් ඔහු දිව ගොස් බසයේ එල්ලූණි. පිටත් වී තිබූ බසයේ නැගුණු ඔහු ”බස් එකට නැංගා” යැයි පෙම්වතියටත් කීවේය.


ඇය වේලාව බැලූවාය. තවත් පැය එකහමාරකින් ඔහු ගාල්ලෙන් බසින බව ඇය දනියි. දැන් බසය හැල්මේ ගමන් කරයි.


ඔහුත් ඇයත් දුරකථනයේය. ඔහුට මෙලෝ සිහියක් නැත. කොන්දොස්තර ඔහු අසලට පැමිණ ටිකට් කඩද්දී ඔහු 1000 නෝට්ටුවක් දික් කළේය. ඉතිරි මුදල දෙසවත් නොබැලූ ඔහු එය සාක්කුවේ  රුවා ගත්තේය.


විනාඩියෙන් විනාඩිය ගෙවීගොස් පැයක් ගතවී ගියේය. බොහෝ දෙනෙකු නින්දේය.


”තාම ඔය බස් එක හයිවේ එකේද?” පෙම්වතිය අසයි. ඇය සිතා සිටින්නේ බසය දැන් ගාල්ලට පැමිණෙන්ට ඇතැයි කියාය. ගතවූ වේලාව අනුව ඇය නිවැරදිය.


කවුළුවෙන් පිටත බැලූ ඔහු ”නෑ. තවම හයිවේ එකේ. වහිනවානේ හෙමින් එන්නේ” කීවේය.


බසය නතර කැරිණි. ”හැමෝම බහින්න. ස්ටෑන්ඞ් එකට ආවා.” ඒ කොන්දොස්තරගේ හඬයි.


”ගාල්ලට ආවා” කියමින් ඔහු බසයේ දොර වෙත ගමන් කළේය.


බසයෙන් බැස්ස ද තැන නුහුරුය නුපුරුදුය. පුදුමයකි. ඔහු මාතරට පැමිණ ඇත. බසයේ නාමපුවරුවේ මහරගමxමාතර ලෙස සඳහන්ව ඇත.
දුරකථනයෙන් පෙම්වතිය අමතමින් පැමිණි ඔහු කලබලයට නැග ඇත්තේ මාතර බසයේය.


දැන් ගාලූ යන්නට බස් නැත.


අලූයම වනතුරු මාතර බස් නැවතුමේ රැුය පහන්කළ ඔහු මුලින්ම කොළඹ යන බසයේ නැග ගාල්ලෙන් බැස ගත්තේ මට මේවා හොඳ පාඩම් යැයි සිතමිනි.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 May 2015 10:51 PM

2015-05-05 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.81 , විකුණුම් මිල රු.135.65 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.200.32 , විකුණුම් මිල රු.206.05 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.147.25 , විකුණුම් මිල රු.152.13 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.141.30 , විකුණුම් මිල රු.146.30 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.18 , විකුණුම් මිල රු.112.79 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.103.31 , විකුණුම් මිල රු.107.47 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99. , විකුණුම් මිල රු. | ජපානය යෙන් ගැනුම් මිල රු. , විකුණුම් මිල රු. |

නිවෙසට ආ මිතුරා දුව පැහැරගෙන පැදුරටත් නොකියා යන්න ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු දකුණ ප‍්‍රදේශයේය. අනෙකා කන්ද උඩරටය.


පසුගිය අවුරුදු සමයේ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාගේ නිවෙසට ආවේ අවුරුදු අසිරිය විඳ ගැනීමටය. දින තුනක් එහි නතර වී සිටි ඔහු හතරවැනි දින උදෑසනම පැදුරටත් නොකියා ගොස් තිබුණි.


කරුණු සොයා බලන විට අනාවරණය වූයේ දකුණේ නිවසේ යහලූවාගේ බාලම දියණියද අතුරුදන් වූ බවකි. ගිනි පත්තු වූ මව තම අඩු වයස් බාල දියණිය පැහැරගෙන ගිය බවට තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමට දිව ගියාය.


පොලිස් පරීක්‍ෂණ ඇරැඹිණි. සැකකරු අත්අඩංගුවට ගත් අතර බාල වයස් දියණිය පරීක්‍ෂණ කටයුතු සඳහා අදාළ අංශයට බාර දුන්නාලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 May 2015 11:04 PM
අවුරුදු අසිරිය විඳලා නැහැ. අවුරුදු අසිරිය විදලා තියෙනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 May 2015 09:31 PM

සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

(ඌරගස්මංහන්දිය - බී.ජී. අමරසිංහ)

දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය.

අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේ කැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකි. උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය.

එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා සැඟවුණු අමුත්තා සවස දෙක පමණවත්ම බමන මතින් සිටිනු දක්නට ලැබිණි. උදය වරුවේ වැඩි වේලාවක් උත්සව භූමියේ නොසිටි සැඟවුණු අමුත්තා පසුව වෙරිමතින් සිටීම නිසා සැඟව සිටීම අමතක විය.

මේ අතර සැඟවුණු අමුත්තාගේ හොඳම මිතුරෙක් ඔහුගේ නිවෙසට නෑගම් ආවේය. වසර ගණනකින් නොදුටු මිතුරා නිවසේ නොසිටි බැවින් මිතුරා උත්සව භූමියට පැමිණියේය.

එම ගම් ප‍්‍රදේශය නුහුරු මිතුරා කාර්යාලයට ගොස් මිතුරාගේ නම පවසා ඔහු විමසීය. එහි සිටි ගැහැණු ළමයකු උත්සව භූමියේ කෙළවරක ගසක් මුල ඉඳගෙන සිටි පුද්ගලයා පෙන්වීය. මිතුරා ළඟට ගිය පිටතින් පැමිණි මිතුරා පිටට තට්ටුවක් දමා මේ ඉන්නෙ සැඟවුණු අමුත්තා යැයි විහිළුවක් කළේය.

බමන මතින් සිටි සැඟවුණු අමුත්තා සිය මිතුරා අතින් ඇදගෙන කාර්යාලය දෙසට ගොස් මයික් එක අතට ගෙන උදේ පටන් බොහෝ දෙනා සෙවූ සැඟවුණු අමුත්තා තමන් බවත් එම තරඟයේ ජයග‍්‍රාහකයා විජේසිරි මහතා බවත් පැවැසීය.

අවුරුදු උත්සවයේ තරඟ ලියාපදිංචි කිරීමේ නිලධාරිනිය වහා ප‍්‍රධාන සංවිධායකවරයා වෙත ගොස් සැඟවුණු අමුත්තා තරගයෙන් දිනා ඇත්තේ ලියාපදිංචි නොවූ අයකු බව පැවැසුවාය. ඔහු වරක් සැඟවුණු අමුත්තා තරගයේ තරඟ කරුවන්ගේ ලේඛනය පිරික්සීය. සැඟවුණු අමුත්තා ලෙස නම් කර තිබුණු පුද්ගලයා සමඟ කතා කළ ප‍්‍රධාන සංවිධායකවරයා සැඟවුණු අමුත්තා තරගය අවලංගු කර තරග කරුවන්ගේ මුදල් ආපසු ගෙවීය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 May 2015 10:07 PM
නයි නළඟන යළි කරළියට - ළමයා විකුණද්දි මාට්ටු

GossipClanka.com

මාස 10ක් වයසැති තම දරුවා මුදලට විකිණීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන සහ ඇගේ සැමියා වන රුවන් ලක්මාල් යන අය ඊයේ දහවල් කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. කෙසේවෙතත් දරුවා මුදලට විකිණීමට තමන් උත්සහ නොකළ බවයි පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී නිරෝෂා විමලරත්න ප‍්‍රකාශ කර තිබෙන්නේ. දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවකට භාරදීමට උත්සහ කළ බවද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව නිරෝෂා විමලරත්න

 

හෙවත් නයි නළඟන සහ ඇගේ සැමියා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලා දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවට ලබාදීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම නිරෝෂා විමලරත්න සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.

නාගයෙකු සමග රාත‍්‍රී සමාජ ශාලාවකදී නර්තනයේ යෙදෙමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඇය අත්අඩංගුවට ගැනුණා. නයි නළඟන ලෙස ඇය ප‍්‍රසිද්ධියට පත්වූයේ ඉන් අනතුරුවයි.

 

2015-05-07

 
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 May 2015 10:33 PM

ඔන්න නයා 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2015 01:00 PM
ඉස්සර මෙයා බැඳලා හිටිය කිව්වේ අරාබිකාරයෙක් නේද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 10 of 14 << < 89101112 > >>