You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 14 << < 910111213 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 May 2015 01:04 PM
ඔව්.. එක සැරයක් මෙයාට ඒ අරාබියන් මනුස්සයා මහා රෑ ගහලා (ඒ කිව්වේ ගුටි තඩි බාලා) මහ මග දාල ගිහින් තිබුණා.. පස්සේ පොලිසියට බැනලා තිබුනා අපේ පවුල් ප්‍රශ්න අපි විසදගන්නම් ඒවට අත දාන්න එන්න එපාය කියලා.. ඉතින් ඒවා කියවලා අපි හොදට විනෝද වුණා.. මොකෝ ඉතින් ඔහොම විහිළු වලට අපි අඩන්නය..

සමහර විට මේ ඒ අරාබි කාරයාද දන්නේ නැහැ.. ගමේ බින්න බැහැලා නමත් වෙනස් කරගෙන.. ජීවන රටාවත් වෙනස් කරගෙන එහෙම..
මේ යන විදියට එහෙම නොවෙන්නත් බැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2015 01:08 PM
නයෙක් කසාද බැඳගත්තත් පුදුම වෙන්න දෙයක් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 May 2015 01:10 PM
Posted By samantha on 07 May 2015 01:08 PM
නයෙක් කසාද බැඳගත්තත් පුදුම වෙන්න දෙයක් නැහැ.

 

නයෙක් නේද මුළින්ම කසාද බැඳලා හිටියේ.. මම හිතුවේ අරාබි කාරයා බැන්දෙ ඊට පස්සෙය කියලා..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 May 2015 06:06 PM
Posted By maduranga001 on 07 May 2015 01:04 PM
ඔව්.. එක සැරයක් මෙයාට ඒ අරාබියන් මනුස්සයා මහා රෑ ගහලා (ඒ කිව්වේ ගුටි තඩි බාලා) මහ මග දාල ගිහින් තිබුණා.. පස්සේ පොලිසියට බැනලා තිබුනා අපේ පවුල් ප්‍රශ්න අපි විසදගන්නම් ඒවට අත දාන්න එන්න එපාය කියලා.. ඉතින් ඒවා කියවලා අපි හොදට විනෝද වුණා.. මොකෝ ඉතින් ඔහොම විහිළු වලට අපි අඩන්නය..

සමහර විට මේ ඒ අරාබි කාරයාද දන්නේ නැහැ.. ගමේ බින්න බැහැලා නමත් වෙනස් කරගෙන.. ජීවන රටාවත් වෙනස් කරගෙන එහෙම..
මේ යන විදියට එහෙම නොවෙන්නත් බැහැ..

 

 

 

මොන පිස්සුද මොන අරබි කරයෙක්ද මෙ ? මූ ගමෙ පොල් කඩන එකෙක් වගෙ ....මොලෙ තියෙන එකෙක් මෙ වගෙ එකක් එක්ක බින්න බහීද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 May 2015 07:27 PM
අරාබි කාරයා මම දැකලා තියෙනවා.. මම කිව්වේ විහිළුවට..

හැබැයි ඉතින් මොලේ තියෙනවා කියලා හිතන එවුන් තමයි වැඩිපුර ඔය වගේ ඒවාට කර ගහන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 May 2015 08:06 PM
ආයෙත් මතුවෙලා නේද ..............නයා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2015 09:56 PM
 

2015-05-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.90 , විකුණුම් මිල රු.135.73 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.201.04 , විකුණුම් මිල රු.206.77 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.147.86 , විකුණුම් මිල රු.152.75 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.142.47 , විකුණුම් මිල රු.147.42 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.52 , විකුණුම් මිල රු.113.14 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.72 , විකුණුම් මිල රු.108.91 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.48 , විකුණුම් මිල රු.102.69 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.10 , විකුණුම් මිල රු.1.13 |

‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් දීලා

(හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හදිසියේ හමුවී ඉල්ලා සිටි උදව්වට උපකාරයක් වශයෙන් උදව්ව කළ අයට අයත් රුපියල් 84 දහසක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් පැහැරගෙන ගිය තරුණයකු එම දුරකතනය ද සමග අත්අඩංගුවට ගත හැකිවූ බව හලාවත මූලස්ථානය පොලිසිය  කියයි.


හලාවත කෝපියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි අයකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයට ප‍්‍රතිකාර ලබාගැනීම පිණිස සිය මෝටර් රථයෙන් හලාවත මයික්කුලම ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික වෛද්‍යවරයකු මුණගැසීමට ගියේය.


අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගෙන යළි නිවෙස බලා ඒමට සිය මෝටර් රථයට නගින විට හති අරිමින් දුව ආ තරුණයකු ”අනේ සර් මාව බේරාගන්න, මට කට්ටියක් ගහන්න එනවා”යි බැගෑපත්වී ඇත. ඔහුගේ විලාපයට තෙත්වූ හදවතක් ඇති ඔහු වහාම මෝටර් රථයේ නංවාගෙන එය  ඉදිරියට ධාවනය  කළේය.


ටික දුරක් යනවිට රථය අතර මග නවතාගත් තරුණයා ”අනේ මහත්තයාට බුදු බව අත්වෙන්න  ඕනෑ” කියා යන්න ගියේය.


මහත්තයා ද යළි රථය පණගන්වාගෙන මද දුරක් යනවිට හදිසි ඇමතුමක් ගත යුතුව ඇති බව සිහියට පැමිණ එම අමතුම දීමට තම දුරකථනය සෙවීය. මෝටර් රථයේ තිබූ දුරකථනය තිබුණේ නැත.


ඒ වනවිට මෝටර් රථයෙන් බැසගිය තරුණයා වාෂ්ප වී හමාරය. එම දුරකථනය රුපියල් අසූහතර දහසක් වටී.


මහත්තයා වහාම පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ අතර පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළේය. හලාවත පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ විය. පැය කිහිපයක් යනවිට අතුරුදන්ව ඇති දුරකතනය සමග සැකකාර තරුණයා කොටු කරගත හැකි විය.


ඔහු හලාවත මයික්කුලම කොට්ටමුරුච්චියාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 May 2015 10:02 PM
පාරේදී ඔහොම මනුස්සයෙක් අත දැම්මම මට උනත් හිතෙන්නේ ඕකමයි.. අඳුනන්නේ නැති මනුස්සයෙකුට උදව්වක් උපකාරයක් කිරීම වගේ දෙයක් කරන්න බැහැ මේ වගේ මිනිස්සු නිසා.. හදිසියකට වත් මනුස්සයෙකුට උදව්වක් කරන්න බයයි..
දන්නා මිනිස්සුත් දැන් විශ්වාස නැති එකේ නොදන්න මිනිස්සු කොහොම විශ්වාස කරන්නද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 May 2015 10:46 PM

2015-05-08 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.9500 , විකුණුම් මිල රු.135.7800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.8000 , විකුණුම් මිල රු.210.6400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.4500 , විකුණුම් මිල රු.153.3700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.143.1800 , විකුණුම් මිල රු.148.1500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.2100 , විකුණුම් මිල රු.112.8100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.103.8200 , විකුණුම් මිල රු.108.0000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.3000 , විකුණුම් මිල රු.102.5000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1035 , විකුණුම් මිල රු.1.1393 |

බකිංහැම් මාළිගයෙත් නැති ඩෙවල් බයිට්

(ශ‍්‍රාවස්තිපුර සීසර් කුරුනේරු)

මධුවිතෙන් හා රස මසවුලෙන්ද යුතු නව අවුරුදු සාදයකට සහභාගි වූ අඹ යාලූවන් දෙදෙනකුට ”බඩජාරිකම” නිසා කිරි ඉතිරෙන නව වසරක් වෙනුවට බේත් හේත් උතුරාගිය, උදරාබාධයෙන් සපිරි වසරක් රෝහලේ ඇඳන් දෙකක සුව පහසුව යටතේ ගත කරන්නටවූ බව කියැවෙන පුවතක්, අනුරාධපුරයට අතේ දුරින් පිහිටි ප‍්‍රදේශයකින් වාර්තා වේ.

නව වසරේ ජනවාරි 01 වැනිදා සිටම රැුහැයියන් අඬන්නාසේ සිංහල අලූත් අවුරුද්දට ”හොඳ බෝතල් පාටියක්” ඉල්ලමින් කේවල් කළ මිතුරන් කීප දෙනෙකුගෙන් බේරීමට ඉටාගත් අයෙක් ඔවුන්ට මදි නොකියන්නට ගල් බෝතල් පාටියක් දුන්නේය.

සාදයේ කට ගැස්මට (බයිට්එකට) සකස් කර තිබූ කුකුළු මස් තෙම්පරාදුව (චිකන් ඩෙවල්) මිතුරන්ගේ රසනහර කුල්මත් කළේය.

මධුවිතෙන් පදම ඉක්මවා සිටි මිතුරෝ ”ෂා! මෙහෙම බයිට් එකක් බකිංහෑම් මාලිගාවෙත් නැතුව ඇති. මාර බයිට් එක කියමින් මස් දීසි කිපයක්ම සහමුලින්ම සේදෙන පරිදි හිස්කර දැමුවෝය.

ඇඟිල්ලක් ගසන්නට බැරි තරමට බඩ පුරා කා බී සාදය නිමකොට සමුගෙන යන්නට කලින් සුලූ පරිමාණයේ ශරීර අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට මිතුරෝ එම නිවෙසට මඳක් නොදුරින් පිහිටි පඳුරු මුවාවක් දෙසට පානැඟූහ.

ඒ ආසන්නයේ එක්තරා ස්ථානයක සුදුපාට පිහාටු ගොඩක් අයාලේ යන සුනඛයන් විසින් අවුස්සා දමා තිබූ අයුරු ඔවුහු දුටුවෝය.

එම පිහාටු ගොඬේ හොට සහිතවම කපා ඉවත් කරන ලද කොක්කුන්ගේ බෙලි රැසක්ද විය.

එය දුටු මිතුරන් දෙදෙනෙක් බිමට පාත්වී ඔක්කාර කරමින් නොනවත්වා වමනය කරන්නට විය. සෙසු මිතුරෝ පිට අතගාමින් කෑ කෝ ගසමින් ඔවුන් සනසන්නට වූහ.

”යකෝ මුන් තමා නියම යාලූවෝ. අපිට බයිට් එකට කුකුල් මස් කියලා කවලා තියෙන්නේ වැව පිටියේ ගස්වල රොද බැඳල ඉන්න කොක්කු නේද? කියමින් මිතුරෝ කෑ ගසනු ඇසුණු කෙණෙහි සාදය පිරිනැමූ මිතුරාගේ නිවසේ විදුලි එලි නිවී දොර ජනෙල්ද වැසෙනු ඇසිණි.

බකිංහැම් මාලිගයේත් නැති තරමේ ඉස්තරම් ”චිකල් ඩෙවල්” කෑ දෙදෙනෙක් ”කොක් බයිට්” එකට දෙස් දෙවොල් තබමින් දින දෙකක්ම රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සුබ නව වසරක උදාව සැමරූහ.

දැන් සාදය පිරිනැමූ සගයාත් සාදය භූක්ති විඳි මිතුරනුත් කාක්කන් හා බකමූණන් වගේ වෙලා යැයි පවසති.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 May 2015 10:27 PM

රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා

(දුනගහ බටේපොල විජයසිරි)

 

 

 

මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය.

ඇය කටුනායක ගුවන් තොටුපළින් බැස අසළ තිබූ කුලී රියකින් යාමට ආවත් නිවෙස පිහිටි තැන අමතකවී ගමේ පාරක් පාරක් ගානේ කුලී රියෙන් ගොස් නිවෙස සොයාගෙන ඇත්තේ ඉතා දුෂ්කර ලෙසටය.

මේ අපූරු සිදුවීම ඇසූ ගමේ කතුන් කියන්නේ අවුරුදු දෙකට ගෙදරට එන පාර අමතක වුණා නම් අප අඳුනන්නේම නැතිව ඇතැයි කියාය. ඒ නිසාම ගමේ කතුන් තවම ඇය හමුවන්නට ඇගේ ගෙදර ගියේ නැතිලූ. ඇයද ගෙදරින් පිට ගියේම නැතිලූ.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 May 2015 10:28 PM

2015-05-11 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.9700 , විකුණුම් මිල රු.135.8000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.3900 , විකුණුම් මිල රු.210.2200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.147.5200 , විකුණුම් මිල රු.152.4000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.141.6100 , විකුණුම් මිල රු.146.5300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.1900 , විකුණුම් මිල රු.112.8000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.0900 , විකුණුම් මිල රු.108.2100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.3700 , විකුණුම් මිල රු.102.5700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1043 , විකුණුම් මිල රු.1.1402 |

රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා

(බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න)
වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප‍්‍රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැකියාවක් කරමින් සිටි ඔහු සහකාරියක් වශයෙන් මනාලියක් සොයා ගැනීමට අදහස් කළේය. තම මිතුරන් සමග මනාලියන් කිහිප දෙනකුම සොයා ගියේය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සොයන මනාලිය රාජ්‍ය සේවිකාවක් නොවූ හෙයින් ඒ සියල්ල මග හැරිණි.


දිනක් මෙම තරුණයා කිතුල් හකුරු මුලක් සොයා ගැනීමට අසල ගම්මානයකට ගියේය. මනාලිය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් අසල නිවසකට ගොඩ වැදුණේය.


නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත්, එකම දියණියත් එක්ව ගෙවත්තෙන් ලබාගත් ගම්මිරිස් වගාව අව්වෙන් වේලමින් සිටි දුටු මෙම තරුණයා අවට ගස් දෙස හිස ඔසවා බැලීය. නිවෙස වටා තිබූ පුවක් ගස් දෙසීයක් පමණ ඉදුණු පුවක් වලූවලින් ගහනව තිබෙනු දුටු ඔහු විශ්මයට පත්විය. දළ වශයෙන් පුවක් අස්වැන්නේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවා යයි.


අවට පරිසරයේ සියලූම ගස් වටා වේලී තිබුණු ගම්මිරිස් ඉදුණු ගෙඩිවලින් සමන්විත වී තිබුණි. ඔහු විසින් එහි අස්වැන්න සිතින් තක්සේරු කරනු ලදුව දළ වශයෙන් ලක්ෂ දහයකට තක්සේරු කළේය.


බිම වේලමින් තිබූ ගම්මිරිස් ප‍්‍රමාණය කිලෝ සීයය ඉක්මවා තිබුණි. වියළන ලද ගම්මිරිස් කිලෝව රුපියල් එක්දහස් දෙසීයක් පමණ වූ අතර ඉන් පමණක් රුපියල් ලක්ෂ දහයක් ඔවුනට ලබාගත හැකි බව මෙම තරුණයාට වැටහිණි.


තමා මනමාලියක වශයෙන් තෝරා ගැනීමට උත්සාහ කළේ රාජ්‍ය සේවයක නියුතු තරුණියකි. රාජ්‍ය සේවයක නියුතු තරුණියක් උපයා ගන්නා මුදලට වඩා ඇයගේ පියා සතු උපයන මුදල වැඩි බව තරුණයා සිතට ගති. හකුරු මුලක් ගෙනියන්නට පැමිණි මෙම තරුණයාට ඒ බව මතක නැති විය. ගෙහිමියා උපයනු ලබන මුදල සිතට ගත් ඔහු ‘මාමේ මං තකහනිියක් දුවගෙන ආවේ මාමගේ දුව බඳින්නයි. ආයි මොටද මේක කල් දාන්නේ? හෙටම කච්චේරියට ගිහින් මම මාමගේ දුව බඳින්න කැමතියි කියා මාමට පැවසීය. පසුදිනම විශේෂ අවසරයක් මත විවාහය සිදුවිණි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 May 2015 10:40 PM
ඔය වගා කරන ඕනෑම කෙනෙක් ගොවිතැන් කරන අය තමයි.. ඕවා හරියට කරන අය කොම්පැණි රස්සාවල් වලට වඩා හොද ආදායමක් ලැබෙනවා..
ගොවියා රජකමටත් සුදුසුය කිව්වේ.. ගොවියා මොකෝ.. ගොවියාගේ දුව මොකෝ.. බැදලා රජා වගේ ඉන්න පුළුවන්...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 May 2015 10:59 PM
අපරාදේ ඒ කෙල්ල. මූ හොයලා තියෙන්නේ බිරිඳක් නෙමෙයි. සල්ලි. මේ කෙල්ලවත් සල්ලි හොයන මැෂිමක් කරගනියි ඉදිරියට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 May 2015 11:11 PM
ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් තමයි මිනිහා හොයා තියෙන්නේ.. ඔය කියලා තියෙන්නේ පැහැදිළිවම.. කාලා බීලා ඇඳලා හීතලයා වගේ ඉන්න පුළුවන් විදියක් සෙට් කර ගන්න තමයි මාන බල බලා ඉඳලා තියෙන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 May 2015 11:01 PM

රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ

(මොණරාගල අතිරේක - කේ.එම්.පි. බණ්ඩාර)
දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් පෙම්වතියගේ ගෙට රිංගා පෙම්සුව විඳීමට ගිය ගමන නොසිතූ මොහොතක පොලිසියට මාට්ටු වී අත්අඩංගුවට පත් වූ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.


මෙම පාසල් පෙම් යුවළ එකම පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටිති. කාලයක් තිස්සේ ආදරයෙන් වෙලී සිටි මෙම දෙදෙනාගේ ආදරය දෝරේ ගලන්නට පටන්ගත් පසුව රාත‍්‍රී කලයේ හමුවීමට යෝජනා කරගන්නේ පෙම්වතියගේ නිවසේදීය.


ඒ මවුපියන් නින්දට ගිය පසුවය. මෙසේ දින ගණනාවක් මෙම හමුවීම දෙදෙනා විසින් සිදු කර ඇති අතර සුපුරුදු පරිදි ජනේලයෙන් ගෙට රිංගන පෙම්වතා ජනේලයෙන්ම ආපසු පලා යන්නේ පෙම්වතියගේ ද උදව් උපකාර ඇතුවය.


ඉකුත්දා (10 දින) රාත‍්‍රියේ ද එසේ පැමිණ ආපසු යන අතරතුරේදී සංචාරක පොලිස් කණ්ඩායමකට පෙම්වතා කොටුවී ඇති අතර සැකකටයුතු හැසිරීම් නිසා ප‍්‍රශ්න කිරීමේදි නොයෙක් පිළිතුරු දී සත්‍ය වසන් කර ඇත. පසුව පොලිසිය හමුවේ සත්‍ය හෙළි කිරීමට ඔහුට සිදු වී ඇත. පොලිසිය විසින් දෙදෙනාගේම මවුපියන් පොලිසියට ගෙන්වා සිද්ධිය පිළිබඳ දැනුම් දි අවවාද කිරීමට කටයුතු කරන බව කියයි. වැඩිදුර පරීක්ෂණ සිදුවේ.


සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 May 2015 12:11 AM

ඔන්න දැක්ක නේ රෑට ගෙදෙට්ට වෙලා ඉන්නේ නැති වුනාම වෙන දේවල්.. මේවා ඉතින් කාට කාටත් හොද පාඩම්...

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
14 May 2015 12:41 AM
Posted By maduranga001 on 14 May 2015 12:11 AM

ඔන්න දැක්ක නේ රෑට ගෙදෙට්ට වෙලා ඉන්නේ නැති වුනාම වෙන දේවල්.. මේවා ඉතින් කාට කාටත් හොද පාඩම්...

 

කාටත් කිව්වේ...උඹටත් එහෙම උනාද ?

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 May 2015 12:56 AM
ඔකෙත් මාර ආතල් එකක් තියෙන්නෙ බොලව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 May 2015 01:04 AM
Posted By Ind007ka on 14 May 2015 12:56 AM
ඔකෙත් මාර ආතල් එකක් තියෙන්නෙ බොලව්

 

රෑට රෑට කූරු ගනින්න ගිහිල්ලා අන්තිමට මහා උළු ගෙදර කුරු ගනින දවසට තේරේවි ආතල් එක..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 May 2015 10:27 PM

2015-05-14 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.133.0500 , විකුණුම් මිල රු.135.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.208.7500 , විකුණුම් මිල රු.214.6900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.149.8800 , විකුණුම් මිල රු.154.8300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.144.2600 , විකුණුම් මිල රු.149.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.7800 , විකුණුම් මිල රු.114.4400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.107.3400 , විකුණුම් මිල රු.111.5700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.1000 , විකුණුම් මිල රු.103.3200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1108 , විකුණුම් මිල රු.1.1469 |

යාළුවා දුන් තෑග්ග අන්තිමේ හූනියමක් වෙලා

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු මිල ජංගම දුරකතනයක් තමන්ට ලබාදීම නිසා වසර දෙකකට පසු පොලිසි යන්නට වීමෙන් වූ අකරතැබ්බයක් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ නගරයකින් පසුගියදා වාර්තා විය.


සිද්ධිය මෙසේය.
කම්කරු රැකියාවක නිරත වූ අයකු තම රැකියාවට යන අතරතුර මාර්ගයේ කැබලි වලට වෙන්ව වැටී තිබූ දුරකතනයක් දැක එය අහුලා මෙම තැනත්තාට ලබා දී ැඅත්තේ කිසිදා දුරකතනයක් භවිතා නොකරපු නිසාය. එම පුද්ගලයාට එය මහාමෙරක් නිසා එය දන්න කියන අයකු ලවා එකලස්කරගෙන භාවිතා කර ඇත්තේ එහි සිම්පතක් නොතිබූ නිසා තමන් නමින් අලූත් සිම්පතක් ද එම දුරකතනයට දා ගනිමිනි.


මෙසේ කාලයක් ගෙවුණු පසු ඔහුට ප‍්‍රදේශයේ පොලිසියෙන් ලද කැඳවීමක අනුව එහි ගිය විට දැන ගත හැකි වී ඇත්තේ දුරකතනයේ හිමිකරු තාක්ෂණ උපකාරයෙන් ඉහත දුරකතනය භාවිතා කරන තැනැත්තා සොයාගෙන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කැඳවා ඇති බවයි.


ඒ හිමිකරු ගැන නොදන්නා නිසා තමන් එම දුරකතනය භාවිතා කල බවත් දැන් හිමිකරු දන්න නිසා එම දුරකතනය හිමිකරුට බාරදීමට තමන් සූදානම් බව පැවසූවත් දුරකතනයේ හිමිකරු පවසා ඇත්තේ නීතිමාර්ගයෙන්ම කටයුතු කළයුතු බවයි.


ඉතා අසරණ කම්කරු රැකියාවක් කරන තැනැත්තා තමන්ගේ දුප්පත්කම හා අසරණකම පැහැදිලි කර කෙසේ හෝ එම දුරකතනය වෙනුවෙන් අලාභය ගෙවන්න පොරොන්දු කරවාගෙන පොලිසියෙන් පිටව ගිය අතර දැන් ඔහු පාරේ වැටී ඇති කොළයක් දිහාවත් බලන්නේ නැතිලූ. යාළුවෝ දෙන දෙයක් සොයා නොබලාගන්නෙත් නැතිලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 11 of 14 << < 910111213 > >>