You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 May 2015 08:32 PM
ඔය වගේම දෙයක් සිදු වුනා මම ඉතා හොදින් දන්නා හිතවතෙකුට.. එයාට නම් එක දවසයි රෑ හිරගෙයි කූරු ගනින්න උනේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 May 2015 10:00 PM
එක දවසක් කූරු ගැන්නම මොකො කාලයක් ආතල් ගත්තා නම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 May 2015 10:22 PM

අවුරුදු තෑග්ගට ‘බත්කොළ’ මිටියක්

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ දුරස්ථ නෑකමක් ඇති මේ පවුල් දෙක අතර තිබුනේ දැඩි මිත‍්‍රත්වයකි. එහෙත් පසුගියදා මේ මිත‍්‍රත්වයට කණ කොකා ඇඬුවේ අපූරු අවුරුදු තෑග්ගක් දීම නිසාය.


මේ හිතවතුන් අතර එක් අයකුට විශාල කෙසෙල් වගාවක් තිබුණේ අනෙක් යහළුවාගේ නිවස අසලය. එම කෙසල් වගා බිමේ නිතර කෙසෙල් කැන් වතු මෝ ආදිය සොරු කපන නිසා අසල වූ හිතවතාගෙන් මේ ගැන ඇසුවත් ඔහු කීවේ මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවකි.


දිනක් ඉඩම් හිමියාට වත්තේදීම අසල්වැසි හිතවතා හමුවූයේ පිහියක්ද රැුගෙන සිටියදීය.”මම දරුවන්ගෙ  බත් පාර්සල් බඳින්න කෙහෙල් කොළයක් කපාගන්න ආවා” ඔහු කීවේ අනිකා ඒ ගැන අසන්නටත් පෙරය.


පසුගිය අවුරුදු සමයේ සිරිත් පරිදි පවුල් දෙක අතර සීනි, තේ කොළ, කේක් හුවමාරු විය.


එහෙත් කෙසෙල් ඉඩම් හිමියා තමා ගෙනා කේක් එක සමග බත් පාර්සල් බඳින පොලිතින් කොළ මිටියක්ද එවා තිබීම නිසා කරුණු අවබෝධ කරගත් අනෙක් මිතුරා මේ සම්බන්ධය නවත්වලාලූ.....

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 May 2015 10:35 PM

පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක්

(සුජීව එදිරිසිංහ)

තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ පෙම්වතකු පිළිබඳ පුවතක් මධ්‍යම පළාතෙන් වාර්තා විය. මෙකී පුද්ගලයා වෙළෙඳසලක සේවය කරන අයෙකි.

ඔහුගේ පෙම්වතිය සෑම දිනම පාහේ මොහුට යම් යම් දේවල් තෑගි ලෙස ලබා දෙන්නේ ඇය යමක්කමක් ඇති පවුලක තරුණියක් නිසාය. එහෙත් මෙම තරුණයා වෙළෙඳසලක සේවය කරන නිසා ඔහුට ඇයට තරම් මුදල් තිබුණේ නැත.

මොහු අත මුදල් නොමැතිම අවස්ථාවක සිය පෙම්වතිය ඔහුට තරමක් ලොකු චොකලට් එකක් තෑගි ලෙස ලබා දුන්නාය. නමුත් මෙම අවස්ථාවේ මෙකී තරුණයා අත මුදල් නොමැතිවීම නිසා තමා සේවය කළ වෙළෙඳසලේ තිබූ හොඳින් ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් කපා යහමින් ඔතා තරුණියට පරිත්‍යාග කළේය. ඇය ද සිත සතුටින් පෙම්වතා දුන් ත්‍යාගය රැුගෙන ගියාය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 May 2015 10:48 PM
Posted By Ind007ka on 15 May 2015 10:00 PM
එක දවසක් කූරු ගැන්නම මොකො කාලයක් ආතල් ගත්තා නම්

 

ඒත් කොහොමද අර වගේ පොරෝ පාරක් බෙල්ලට වඩම්මව ගත්තම දැනෙන ආතල් එක..?

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 May 2015 10:30 PM

මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක්

(අලූත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා)
මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වාර්ෂික සුහද හමුවකට මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ ආයතනයකින් ආරාධනාවක් ලැබිණි.


එම ආරාධනාව පිළිගෙන එහි ගිය කාර්මිකයාට එම ස්ථානයේදී තම වෘත්තියේ දන්නා හඳුනන පිරිසක්ද හමුවිය. පැවැති උත්සව සභාවේදී ඔවුනට ත්‍යාග කට්ටලයක් බැගින්ද එම ආයතනය ලබා දී තිබිණි.


කලකින් ලැබෙන මේ සාදයේදී මිතුරන්ද සමග පදමට රත්වන තෙක් මධුවිත පානය කර අවසානයේ තම ගමට පැමිණෙද්දී ?බෝ වී තිබිණ. වෙනදාට හමුවන මිතුරන් සමගද ‘හීන් අඩියක්’ ගසා යන සිතිවිල්ලෙන් කාර්මිකයා ඔවුන් සමගද පැයක් පමණ ගතකර මිතුරු වූ ධීවර කාර්මිකයකුගෙන් ලැබුණ මාළු පාර්සලයක්ද තමාට ලැබුණ කාර්මිකයා ඇඳුම් සහිත ත්‍යාගයද අතැතිව’ උජාරුවෙන් නිවෙසට ගොඩවෙද්දී ඔහුගේ බිරිය නිදිමතේම දොර විවරකර නින්දට ගොස් ඇත.


මධුවිතෙන් සප්පායම්ව සිටි කාර්මිකයා ‘ඇඳුම් සහිත බෑගය’ ශීතකරණයට දමා මාළු පාර්සලය මේසය උඩ තබා නින්දට ගොස් තිබිණි. මාළු පිලිගඳ දැනෙද්දි උදේ බිරියට කාරණය වැටහිණි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 May 2015 10:31 PM

එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා

(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක් ඇන්දවීමේ පුවතක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ.


කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක වෙසෙන ව්‍යාපාරික කාන්තාවකි. සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය තරමක් විශාල එළු පට්ටියක හිමිකාරියකි.


දිනක් ඇයගේ එළු පට්ටියේ සිටින ගැබ්බර එළුදෙනකගේ කකුල බල්ලෙක් සපා කෑමෙන් තුවාල විය. දින කිහිපයක් තිස්සේ එම තුවාලයට තමන් දන්නා තරම් ගොඩවෙදකම් කළත් පලක් නොවූ නිසා ඇය අවසානයේ ප‍්‍රදේශයේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලයක් වෙත ත‍්‍රිරෝද රියකින් එළුදෙන ගෙනගියේ නිසි ප‍්‍රතිකාරයක් ලබා ගැනීමටය.


එළුදෙන පරීක්ෂා කළ පශු වෛද්‍යවරයා බෙහෙත් වර්ග කිහිපයක් දී උදේ හවස තුවාලයට දැමීම පිණිස එක්තරා කුඩු වර්ගයක් ද දුන්නේ ඒවා දැමීමෙන් අනතුරුව එළුදෙනට තුවාලය ලෙව කෑමට ඉඩ නොදෙන ලෙස හිමිකාරියට උපදෙස් දෙමිනි.


එළුදෙන සමඟ ආපසු නිවෙසට පැමිණි හිමිකාරිය ඌට කන්නට දී කකුලේ තුවාලයට වෛද්‍යවරයා දුන් බෙහෙත් කුඩු දමා එතැන ලෙවකෑමට නොහැකි වන අයුරින් එළුදෙන ලණුවෙන් කොටකර කණුවක බැන්දාය.


බෙහෙත් කුඩු දැමීමෙන් පසු තුවාලයේ ඇති වූ වෙනසක් නිසා හෝ  වෙනත් කරුණකට කොතරම් කොටකර බැන්ද නමුත් එළුදෙන තත්ත්පරයක් පුරාම තුවාලය ලෙවකෑමට උත්සාහ කරනු දුටු හිමිකාරිය එයට කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටින විට ඇයට කදිම අදහසක් පහළ විය.


වහා නිවෙස තුළට ගිය ඇය තම කුඩා පුතුගේ පරණ කලිසමක් සොයාගෙන විත් එළුදෙන බෑ බෑ කියද්දීම ඌට ඇන්දුවාය. ඉන්පසු එළුදෙන කොතරම් ලෙවකෑවත් උගේ දිවට ස්පර්ශ වන්නේ තුවාලය නොව කලිසම බැවින් හිමිකාරිය මහත් සැනසීමෙන් යුතුව දවසේ ඉතිරි වැඩවල නිරත වූවාය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 May 2015 03:34 AM

අරාබි රැකියාවකට ගිහින් ඇවිත් අමු ආනමාලූ කාලා

(ඉංගිරිය - නිමාලි කහවල)
අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර මෙරටට ආ මොහු පිටරට රැකියාවේ රස්නය  ඕනෑවටත් වඩා පෙන්වීමට ගිය අයෙකි.
ඉනිමඟක් නැතිව කුඩා ළමයකුට නැගිය නොහැකි තරමට උස යතුරුපැදියේ නැගී මොහු ගමේ අතුරු පාරවල්වල රවුම් ගැසුවේ තාර නැති පාරවල දුහුවිලි අවුස්සමිනි.


මෙසේ එන ගමනකදී පාර අයිනේ ආප්ප කඩයක හොඳට කහපැහැ ගැන්වී ඉදී තිබුණු කෙසෙල් කැනක් එල්ලා තිබෙනු දැක සිය යතුරුපැදිය හඬ නංවමින් නතරකළ මොහු ඉන් බැස කෙසෙල් කැන ළඟට ගොස් එහි ගෙඩියක් කඩාගැනීමට හැදූ නමුත් එය ලෙහෙසියෙන් ගැලවී නැත.


අඟල් 8 ක් පමණ දික්වූ එම ආනමාලූ ගෙඩිය අමාරුවෙන් කඩාගත් ඔහු තවත් එකක් කඩාගැනීමට යළි මහ සටනක යෙදුණි.


එය දුටු කඩය හිමි වයස්ගත කාන්තාව,


”හා හා දරුවෝ, ඔය ආනමාලූව අමුයි, අද උදෙයි ගත්තේ. අර ඉදිච්ච කෙසෙල් කැනක් අතන තියෙන්නෙ” යැයි පසෙක වූ කෙසෙල් කැනක් පෙන්වන විට ඔහු දෙවන ගෙඩියද කඩාගෙන හමාරය.


”එහෙනම් මේ හොඳට කහපාටවෙලා තියෙන්නේ” ඔහු මතුකළ ගැටලූව විය.


”කහපාටට පේන්නේ ඔය දරුවාගේ අව් කණ්ණාඩියේ පාටට වෙන්න ඇති.   ඕක ගළවලා බැලූවා නම්” ඒ මහලූ කාන්තාවගේ පිළිතුර විය.


තමන් පැළඳ සිටි අව් කණ්ණාඩියේ කහපාට වීදුරුවේ පාටින් මුළු පරිසරයම කහපැහැ ගැන්වී ඇති බව ඔහුට වැටහිණි.


මෙය දැක ගමේ තරුණයින් දෙතුන් දෙනෙක් එතැනට එනු දුටු ඔහු කෙසෙල් ගෙඩි දෙකේ ගණන ගෙවා යතුරුපැදියේ පිහිටෙන් විගසින් එම ස්ථානයෙන් මාරුවිය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
21 May 2015 03:40 AM
සමහර මිනිස්සු මාසයක් රට ගිහින් ආවත් සිංහල බැහැ වගේ දගලනවා මම දැකල තියෙනවා නිකන් ලංකාවේ හිටියේ නැහැ වගේ...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 May 2015 04:08 AM
සහතික ඇත්ත ..එහෙම එවුන් මමත් දැකලා තියෙනවා ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 May 2015 07:51 AM
Posted By maduranga001 on 21 May 2015 03:40 AM
සමහර මිනිස්සු මාසයක් රට ගිහින් ආවත් සිංහල බැහැ වගේ දගලනවා මම දැකල තියෙනවා නිකන් ලංකාවේ හිටියේ නැහැ වගේ...

 

මේ කතාවනම් සහතික ඇත්ත  

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 May 2015 10:37 PM

2015-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.133.3500 , විකුණුම් මිල රු.136.1900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.208.2600 , විකුණුම් මිල රු.214.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.147.5000 , විකුණුම් මිල රු.152.3700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.141.5100 , විකුණුම් මිල රු.146.4100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.108.8300 , විකුණුම් මිල රු.112.4100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.5300 , විකුණුම් මිල රු.108.6700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.5900 , විකුණුම් මිල රු.102.7800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0977 , විකුණුම් මිල රු.1.1333 |

රාත‍්‍රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)
නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ නගරයකිනි.


රජයේ ආයතනයක සේවය කළ ඔහු සුහද සාදවලට බෙහෙවින් ලැදි අයකු නිසා මධුවිත තොලගාගෙන හවස නිවෙසට ඒම සුලබ දැක්මක් විය.


පසුගියදා හැන්දෑවේ හතර ගාතෙන් ගෙදර ආවේ ඔහු කෑමට ඉතා ප‍්‍රිය වූ රට දෙල් ගෙඩියක් ද පොලිතින් උරයක දාගෙනය. ”මේක උදේට තම්බලා දීපන්” බිරියට කී ඔහු වේලාසනම නින්දට ගියේය.


ඔහුට උදේම ඇසුණේ බිරිඳගෙ හඬය. ”අපූරු දෙල්ගෙඩිය, කවුදෝ මේ මනුස්සයට ජම්බෝල ගෙඩියක් දීලා රවට්ටලා. බීගත්තම ඔහොම රැවටෙනවා.” කීවේ බාල පුතාටත් ඇසෙන්නටය. ”එහෙනං අරූ මාව රැවැට්ටුවා” කියමින් සැමියා වෙළෙන්දාට දොස් කීවත් මවත් පුතාත් මහ ? එක්ව දෙල්ගෙඩිය ජම්බෝල ගෙඩියට මාරු කිරීම පිිළිබඳව ඔහු තවමත් දන්නේ නැතිලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 May 2015 10:38 PM

සියයට දහයේ පොලියට 10000 ක් අරන් සියයට විස්සට මිතුරියට දීලා

පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකි. දිනක් එක් කාන්තාවක් අනෙක් කාන්තාව  අමතා ”ගෙදර තීන්ත ගාන්නත් තියෙනවා. කාගෙන්හරි පොලියට රුපියල් දහදාහක් අරන් දෙන්න පුළුවන් දැයි” විමසුවාය. ”ගෙවල් පැත්තේ තැනක් තියෙනවා. මම බලන්නම්” අනෙක් කාන්තාව පැවසුවාය.”අනේ කොහොම හරි වැඬේ කරලා දෙන්න. පොලිය නොවරදවාම අපි පඩි දවසට ගෙවනවා” පළමු කාන්තාව කිවාය. නිවෙසට පැමිණ මුදල් ලබාදීමට පොරොන්දු වූ කාන්තාව ඇය හඳුනන පොලියට මුදල් දෙන තැනැත්තියක් හමුවුවාය.


”අක්කේ  මට මුදල් හදිස්සියකට රුපියල් දහදාහක්  ඕනේ” ඇයගේ ඉල්ලීම විය. ”ඔයා මාත් එක්ක ගනුදෙනු කරන නිසා සල්ලි දෙන්නම් සීයට දහයේ පොලියට” පැවසූ පොලී කාන්තාව රුපියල් දස දහසක් දුන්නාය. පසුදින සේවා ස්ථානයේ යෙයෙහළිය හමුවූ කාන්තාව ”බොහොම අමාරුවෙන් මම ”සියයට විස්සේ” පොලියට සල්ලි ටික ගත්තා”. යැයි පවසා රුපියල් දස දහස යෙහෙළිය අත තැබුවාය.


සෑම මාසයකම වැටුප් දිනයේදී  සියයට විස්සේ පොලිය වශයෙන්  රුපියල් දෙදහසක් ලැබිණි. පොලිය ගත් යෙහෙළිය පොලී කාන්තාව හමුවී සියයට දහයේ පොලිය වශයෙන් රුපියල් දහස බැගින් දී ඉතිරි රුපියල්  දහස එකතු කළාය. මාස එකොළහක් ගතවූ පසු තමා එකතු කළ රුපියල් එකොළොස් දහස පොලී කාන්තාවට දී මුදල සහ පොලිය  පියෙව්වාය.


 මේ බව නොදන්නා මුදල් ණයට ගත් කාන්තාව පොලිය වශයෙන් සෑම මසකම රුපියල් දෙදහස බැගින්  තම යෙහෙළියට ගෙවන බව කොළඹින් වාර්තාවේ.
(කි‍්‍රස්ටෝපර් සීපියන්)

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 May 2015 10:42 PM

බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා

සැමියාගේ දැනුම්දීම මත බිරිය හොඳින් වැඩුණු ආනමාලූ කෙසෙල් ගසකට  ආධාරකයක් ලෙස කරුවක් තියන්නට ගොස් කෙසෙල් ගස කඩා වැටුණු පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ. 

සැමියා රැුකියාවක නිරතය. නිතර ගෙදර නැත. වත්තේ තිබූ කෙසෙල් ගස හොඳින් ඵල බරවී තිබෙනු ඔහු දැක්කේය. බිරියට කතා කළේය. අර කෙහෙල් ගහට කරුවක් තියන්න. නැතිනම් බරට ගහ කඩා වැටෙයි. ඔහු කීය.


මේ බිරිය විවිධ පුරසාරම් ගැන අතීතයේ පටන් කියවෙන ගම්මානයක උපන් තැනැත්තියකි. සැමියා රස්සාවට ගිය අතරේ ලී දඬු දෙකක් කපා කරුවක් සැකසුවාය. පුටුව උස මදි නිසා මේසයක් අරගෙන ගියේ දරුවාගේද සහාය ඇතිවය. දරුවාගේ විරෝධය මැද මේසයට නැගුණු ඇය කෙසෙල් ගසේ කට්ටයක් කපා කරුව ඊට හේත්තු කළේ ගසට ආධාරකයක් වන පරිදිය.


හැන්දෑවේ සැමියා නිවසට ආ පසු ඇය තමා කෙසෙල් ගසට ආධාරකයක් තැබූ බව කීවාය. සැමියා ඒ ගැන හාරා නොඇසුවේය. සැමියා රාති‍්‍ර ආහාරය ගනිද්දී ගසක් කඩා වැටෙන ශබ්දයක් ඇසුණේය. ඒ ගැන බලන්නට යද්දී දුටුවේ කෙසෙල් ගස කඩා වැටී ඇති අන්දමය.


අනේ කෙහෙල් ගහ කඩා වැටුණේ කොහොමද? මම කට්ටයකුත් කපලානේ කරුව තිබ්බේ ඇය සැමියාට කීවාය. සියල්ල තේරුම් ගත් සැමියා සිදුවූ රුපියල් දහසක පමණ අලාභය විඳදරා ගනිමින් ”ගමේ හැටියට වැඬේ කළානේ ඒ ඇති” කියා ගෙට ගියේ කෙසෙල් ඇවරි කපා මැල්ලූමක්වත් හදන්න කියමිනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 May 2015 09:56 PM

රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්

කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්වාම ධාවනය වූවත් යතුරුපැදි හිමිකරුවෝ මෝටර් රථය අසීරුවෙන් නැවැත්වූහ.


රියදුරු අසුනේ සිටියේ බීමත් තැරණයෙකි. යතුරුපැදි හතරකට හානි සිදුවී තිබිණි. ”බලනවා තමුසෙගෙ වැඩ හින්දා අපේ අලූත් සයිකල්වලට වෙච්ච දේ” තරුණයෙක් කෝපයෙන් පැවැසීය. එවිට බීමත් තරුණයා ”හරි හරි ඔය සයිකල් ඔක්කොම මම හදලා දෙන්නම්” යැයි කීය. බිමත් තරුණයාගේ මිතුරන් කිහිපදෙනෙක් එතැනට පැමිණ ” ඕවාට ඉන්ෂුවරන්ස් ගෙවන නිසා උඹ සල්ලි දෙන්නේ මොකටදැයි” පැවසූවිට යතුරුපැදි හිමි තරුණයන් සේවය කරන ආයතනයේ උසස් නිලධාරියෙක් 119ට ඇමතුමක් ගත් අතර එය කාර්ය බහුල විය. ”තෝ 119ට ගත්තට කථා කරන්නේ නැහැ. ඔන්න යහපාලනය. නෝ ආන්සර්” නිලධාරියා ඔලොක්කුවට සිනාසුනේය. තවත් නිලධාරියකුට තම ජංගම දුරකතනයෙන් 119ට පණිවිඩයක් දීමට හැකිවිය. පළමු නිලධාරියා, ”කෝ තවම නැහැනේ. ඒ කාලේ නම් මෙලහකටත් ඇවිල්ලා.” යැයි පැවැසීය. විනාඩි දහයක් ගතවිය. පොලිස් ජීප් රථයක් වේගයෙන් එතැනට පැමිණියේය. එවිටම පොලිස් යතුරුපැදියක් ද පැමිණි අතර තත්පර කිහිපයකින් පොලිස් මෝටර් රථයක් ද අනික් පසින් පැමිණ ප‍්‍රශ්නය නිරාකරණය කළේය. ”ඉස්සර ආවේ එකයි. දැන් යහ පාලනය නිසා එකට තුනක්ම ඇවිල්ලා” තරුණයෙක් පැවසූ විට ඔලොක්කුවට සිනාසුණු නිලධාරියාට කට උත්තර නැති විය.


ක‍්‍රිස්ටෝපර් සීපියන්,
අනුරාධපුරය

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 May 2015 09:47 PM

හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා

(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට පත් වූ තරුණ රූමත් කාන්තාවක් එම හෝටලයේ සූපවේදියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් පසුගිය දිනක ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා විය.


එම වාර්තාවට අනුව මෙම සිද්ධියට මුහුණපෑ කාන්තාව බියගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරන ඇය විවාහක තරුණ රූමත් කාන්තාවකි.


බස්නාහිර පළාතේ හෝටලයක පැවැති මෙම මංගල උත්සවය ද එම ආයතනයේම සේවිකාවකගේය. මේ සඳහා ආරාධනා ලැබු අදාළ කාන්තාව ද සිය සැමියා සමඟ මේ සඳහා සහභාගි වූ අතර, ඊට අමතරව එම ආයතනයේ මෙන්ම මනාල යුවළගේ පාර්ශ්වවලින් ද සැලකිය යුතු පිරිසක් මෙම මංගල උත්සවයට සහභාගි වී සිටියහ.


සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍රවලින් අනතුරුව මංගල සාදයේ වැඩකටයුතු ආරම්භ විය. එය වඩාත් හැඩ වැඩ ගන්වන්නට හෝටලය ගානේ කඨෝර සංගීතයක් ද සපයා තිබිණි. ඇතැම්හු කති, බොති, නටති, ගී ගයති. ඇතැම්හු මුකුත්ම නැතිව ඒ දෙස බලා සතුටු වෙති.


කෑම කන අය අතර අදාළ කාන්තාව ද වූවාය. බත්පතින් හරි අඩක්වත් කන්න ඇයට ඉඩක් ලැබුණේ නැත. වම්පස හස්කේ දිරාපත් වෙමින් තිබියදී ළඟදී ගලවා දැමූ දතකට සම්බන්ධ කුහරය තුළ යමක් තදින් සිරවීම නිසා ඇති වූ වේදනාව හේතුවෙන් කෑම ගැනීම තියා ඇයට උන්හිටි තැන් පවා අමතක වී එක් වරම කට අල්ලාගෙන ”අම්මෝ.....” යැයි කීවාය. එහෙත් මේ වන විට මංගල සාදය උණුසුම් අවස්ථාවට පැමිණ තිබූ නිසා ඇගේ කෑ ගැසීම ළඟ සිටි යෙහෙළියන් කීප දෙනකුට හැර සෙස්සන්ට ඇසුණේ නැත.


ඒ අනුව ක‍්‍රියාත්මක වූ යෙහෙළියන් දෙදෙනකු සිද්ධියට මුහුණපෑ කාන්තාව හෝටලයේ කාමරයකට රැුගෙන ගොස් ඇගේ මුඛය පරීක්ෂාවට ලක්කර අනතුරුව එහි දත් කුහරයක සිරවී තිබූ කඩල ඇටයක් තරමේ ගල් කැටයක් පිටතට ගත්තාය. එයින් නොනැවතුණු ඔවුහු එම හෝටලයේ සූපවේදියා සොයා හෝටලයේ මුළුතැන්ගෙට ද ගියහ. එහිදී සූපවේදියා හමුවූ මෙම පිරිස ‘‘මෙන්න ඔහේගේ මඟුල් මුද්දෙ ගල ද කොහෙද ඒක අපේ යාළුවගෙ හක්කෙ තිබිල මේ දැන් හමුවුණේ. පරිස්සම් කරල අරන් තියා ගන්නවා” යැයි කියා ගල් කැටය සූපවේදියා අත තැබීමට ද ඔවුහු අමතක නොකළහ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 May 2015 11:24 PM

අක්කාගේ දානෙගෙදර ඇවිත් නංගිගේ මුද්ද උස්සලා

(තලාතුඔය - ටී.එච්. සරත්)
අක්කාගේ නිවසේ පැවැති දානයට පැමිණි නංගී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන යාමේ පුවතක් තලාතුඔය ප‍්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේය.


අක්කාගේ නිවසේ සාංඝික දානයක් සූදානම්කර තිබූ අතර නංගීද ඊට සහභාගීවීමට ඇගේ ගම පළාතේ සිට පැමිණ ඇත. අක්කාගේ ලොකු පුතා, බිරිය සහ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවාද එම නිවසේ පදිංචිව සිටී. ලොකු පුතාගේ බිරිය දානයේ කටයුතු සඳහා උදව් පදව් කිරීමට යාමට පෙර තමා පැළැඳ
සිටි රන් ආභරණ ගලවා නිදාගන්නා ඇඳේ කොට්ටය යට තබාගොස් ඇත්තේ වැඩි ආරක්‍ෂාවටය. ඇඳේ සෙල්ලම්කරමින් සිටි කුඩා දරුවා රන් ආභරණ අතරින් මුදුවක් ගෙන ඒ මේ අත දමමින් සෙල්ලම්කර තිබේ. මෙය දුටු නංගී කුඩා දරුවා රවටා රන්මුදුව සඟවාගෙන ඇත.


රන්භාණ්ඩ තිබූ තැනින් මුදුව නැති බව දැනගත් හිමිකාරිය ඒ පිළිබඳ විමසා බැලීමේදී මුදුව දරුවා වෙතින් තම පුංචි අම්මා රැගෙන ඇති බවට සාක්‍ෂි ලැබී තිබේ. ඒ අනුව තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගැනීමට තලාතුඔය පොලිසියට හැකිවී තිබේ. මුදුව ගත් බවට සැක කෙරෙන කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 May 2015 11:25 PM

2015-05-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.134.4500 , විකුණුම් මිල රු.137.7700 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.205.9000 , විකුණුම් මිල රු.212.3800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.145.8900 , විකුණුම් මිල රු.151.1800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.8800 , විකුණුම් මිල රු.146.1900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.107.4300 , විකුණුම් මිල රු.111.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.102.5200 , විකුණුම් මිල රු.106.9000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.1800 , විකුණුම් මිල රු.102.6700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0816 , විකුණුම් මිල රු.1.1199 |

නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපියල් විසිපහ ගණනේ අලෙවි කරමින් සිටියාය. ඒ අසළට ආ අව් කණ්නාඩි පැළඳගත් කාන්තාවක් මුළු නාරංගොඬේ ගෙඩි කොපමණ ඇත්දැයි ඇසුවේ ගෙඩි කීපයක් අතගාමිනි.


”ගෙඩි දෙසිය දහයයි නෝනා ගෙඩිය තුනයි පනහ ගානේ දෙන්නම් එතකොට හත්සිය තිස් පහයි. හත්සීයක් දෙන්නකො” කියමින් නාරං ගොඩම බෑගයකට දැමීමට සූදානම් වූවාය.


කලබල වූ පාරිභෝගික කාන්තාව නෑ නෑ මට  ඕනෑ එක ගෙඩියයි. ඔයා කලින් වික්කෙ ගෙඩිය රුපියල් පහටනෙ. තුනයි පනහට ගෙඩියක් ගන්න බැලූවෙ.” කී විට දෙවියන් සිහිවූ වෙළෙඳ කාන්තාව ”නාරං ගොඩ අතගාල කල්පනා කරපු හැටියට මං හිතුවෙ නාරං ටික විතරක් නෙමෙයි. ඉඩමත් සල්ලිවලට ගනීවි කියලා” වෙළෙඳ කාන්තාව කීවේ හැමෝම හිනස්සමෙනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 May 2015 11:41 PM

අව් කන්නාඩියත් ඔය විදියට තමයි මේ මසුරු ගෑණි ගන්න ඇත්තේ..
ඔය වගේ මනුස්සයෙකුට කීයක් හරි වැඩියෙන් දීලා ගන්න ඕනේ එකේ තව එකයි පනහේ ලාබෙත් හොයනවා හීන් නුලෙන්..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 May 2015 10:29 PM

2015-05-29 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.134.7000 , විකුණුම් මිල රු.137.9500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.205.9900 , විකුණුම් මිල රු.212.2900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.8300 , විකුණුම් මිල රු.152.0000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.142.0900 , විකුණුම් මිල රු.147.3000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.107.9300 , විකුණුම් මිල රු.111.7100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.102.4100 , විකුණුම් මිල රු.106.6900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.6200 , විකුණුම් මිල රු.103.0300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0849 , විකුණුම් මිල රු.1.1223 |

පෙට්රල් බෝතලය අයිස් පෙට්ටියේ

(ගලහ ඩබ්.ඒ. අසේල)
තලාතුඔය ප‍්‍රදේශයේ පදිංචි පොලිස්  සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු   සුව අතට පත්විය. තම නිවසේ සිට තලාතුඔය රෝහලට දෙතුන් පාරක් ඔහුගේ ඥාති සහෝදරයකු විසින් තම මෝටර්  රථයේ මේ රෝගියා සඳහා ගමන් පහසුව සලසන ලදී. මේ සඳහා කිසියම් මුදලක් ගෙවීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ  කළද ඔහු මුදල් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. 


දිනක් මෙම පොලිස් නිලධාරයා තලාතුඔය නගරයට ගොස් එනවිට විශාල ප‍්‍රමාණයේ බීම බෝතලයකට තලාතුඔය  ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදී ගෙන අදාළ ඥාති සොහොයුරාට මුදල් වෙනුවට ඉන්ධන ටිකක්  හෝ ලබා දීම සඳහා ඔහුගේ නිවසට පැමිණ ඇත. එවිට නිවසේ  කිසිවකු නොසිටි නිසා පෙට‍්‍රල් පිරවූ බෝතලය දොරකඩ තබා ඔහු ගොස් ඇත. 


අදාළ සොහොයුරාගේ මව ස්වල්ප  වේලාවකින් නිවසට පැමිණි අතර දොරළඟ බීම බෝතලයක් දැක ඇත. කවුරුන් හෝ ඥාතියකු නිවසට පැමිණ  කිසිවකු නොමැති නිසා බීම බෝතලය තබා යන්න ඇතැයි සිතා එය රැුගෙන ශීතරණයේ තබා ඇත. 


දින දෙකකින් පමණ පිපාසයට බීම ටිකක් බීමට ශීතකරණය ඇර වීදුරුවකට දා අතට ගත්විට එහි ඇති අමුතු බව නිසා දියණියට කතාකොට මෙම බීම බෝතලය පෙන්වා ඇත. එවිිට ඇය විසින් මෙහි ඇත්තේ පෙට‍්‍රල් බව පවසා නොසැලකිලි ලෙස මෙවැනි දේ නොකරන ලෙසට මවටද කරුණු පහදාදී ඇත
පසුව මෙම පෙට‍්‍රල් ලැබුණේ  කෙසේද කියා සොයා බැලීමේදී සත්‍යය හෙළිවිය. 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 12 of 14 << < 1011121314 > >>