You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jun 2015 07:16 AM

මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින්

(උනවටුන ඞී.ජී. සුගතපාල)

දකුණේ ගම්බද ප‍්‍රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප‍්‍රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් ඒවා පරාල යටලී බාල්කවලට ඉරා විකිණීම කළේය.

ඔහු තරමක් නාහෙට නාහන අයකු වුවද ලී මඩුව සාර්ථකව කරගෙන ගියේය.

මේ අතර දිනක් රාත‍්‍රී කාලයේ ඔහුගේ ලී මඩුවේ තිබූ හයරියන් පරාල පහක් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙස අසල්වැසියන් කීවත් ඔහු කල්පනා කළේ එය නිශ්ඵල ක‍්‍රියාවක් බවය.

එහෙත් ලී සොරකම් කළේ කවුද යන්න දැනගැනීමට ඔහුට ලොකු  ඕනෑකමක් තිබිණි. මෙය තනි පුද්ගලයකුට එක්වර ගෙන යාමට බැරිය. එක්කෝ වාහනයක පටවාගෙන යා යුතුය. නැතිනම් දෙතුන් දෙනෙකු පැමිණ කර තබාගෙන යා යුතුය.

සිදුවූ අලාභයට වඩා මෙය තමාට සිදුවු මදි පුංචිකමක් ලෙස කල්පනා කරමින් සිටියදී මිතුරකු අපූරු යෝජනාවක් කළේය. ”අපි යමු පේනයක් අහන්න” පොලිසියට යනවාට වඩා ඔහු මිතුරාගේ යෝජනාවට එකඟ විය.

ගමේ සිට කිලෝ මීටර් පහක් හයක් දුරින් සිටි පේනකරුවා සොයා ඔවුහු ගියහ. බුලත් අතක් සමඟ රුපියල් තුන්සිය දහයක් මල්බුලත්තටුව මත තැබීමෙන් පසු රතු රෙද්දක් ඉණවටා දමාගත් පේනකරු කුඩා සීනුවක් නාද කරමින් ස්ත්‍රෝත‍්‍ර ගායනා කරමින් පරල වන්නට විය.

”හ්ම් හ්ම් මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ නැතිවූ දෙයක් ගැන අහන්නයි. හරිද හරිද?” පේනකරුවා හති දමමින් ඇසුවේය.

ඔහුගේ ඉහේ මලක් පිපුණා සේ විය. ”එහෙමයි සාමි එහෙමයි”

”මේක සොරකම් කරල තියෙන්නෙ ගෙදරකට නිතර යන එන පුද්ගලයෙක් හරිද හරිද තේරුණාද දරුවා”

”එහෙමයි සාමි මොනවගේ කෙනෙක්ද? කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන්නේ”

”දරුවා මිටි පුද්ගලයෙක් මේක ඉනේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා තේරුණාද?”

පොල්ලී පහක් ඉනේ ගසාගෙන යන්නේ කොහොමදැයි ඇසූ ඔහු මල් බුලත්තටුව වෙත තැබූ රුපියල් තුන්සිය දහයද ආපසු රැුගෙන මිතුරා සමඟ යතුරුපැදියට නැග ගියේ මහ හඬින් සිනා සෙමිනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jun 2015 07:17 AM

ඉඩම මායිමේ රබර් ගසෙන් අයිය මලෝ සමගියෙන් කිරි කපාගෙන

(තිහගොඩ - උපසේන ලියනගම)
තම පියාට අයත් අක්කර තුනක් වූ රබර් ඉඩමක් දෙකට බෙදීමේදී එක් රබර් ගසක් හරියටම ඉඩමේ මායිමට ආවිට දෙපස ඉඩමේ හිමිකරුවන් වූ පුතුන් දෙදෙනා එම රබර් ගසේ දෙපැත්තේ කිරි කපා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පළාතෙනි.


රබර් ඉඩමේ මුල්හිමිකරුවා වූ පියාගේ උරුමය පිළිබඳව ආරවුල් කරගත් මේ පුතුන් දෙදෙනාට ඉඩම අක්කර එකහමාර බැගින් සමසේ බෙදීමේ දී මායිමට ආ රබර් ගස පිළිබඳව දෙදෙනා ආරවුල් නොකොට මෙසේ කිරි කපාගත් අතර පසු කලෙක මේ මුළු ඉඩමේ පැරණි රබර් ගස් ඉවත් කිරීමට ගස් මිලදී ගත් කොන්ත‍්‍රාත්කරු මේ රබර් ගසේ දෙපැත්තෙන් කිරි කපා ඇති ආකාරය දැක ඒ ගැන විමසූ විට මේ අපූරු පුවත දැනගෙන අසල්වාසීන්ට කියා තිබේ.


මේ රබර් ගසත් එකගෙයි දීග කන කෙනෙක් වගේ කෙට්ටු වී ගොස් තිබූ බවද ඔහු පැවසුවාලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
02 Jun 2015 06:05 PM
එකගෙයි දීගකනකොට කෙට්ටු වෙනවද ???
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jun 2015 09:49 PM
දීහ කලා බලලාම තමයි කියන්න වෙන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jun 2015 09:50 PM

දෑවැද්ද නොදුන්නැයි බඩු බලෙන් ගෙනිහින්

(උනවටුන - ඞී.ජී. සුගතපාල)
ඇය සාමාන්‍ය පවුලක බාල දියණිය වූවාය. දුකෙන් තොර සැපෙන් බර අනාගතයක් උදෙසා ඇය තරුණ වයසේදීම විදේශ ගත වූවාය. විදේශයක සිට ලේ කඳුළු සලමින් උපයා ගත් මුදල් එව්වේ අම්මාටය.


වසර කිහිපයක් එතෙර සිටි ඇය යළිත් මෙතෙරට ආවේ විවාහයක් ද අතින් අරගෙනය. විවාහයෙන් පසු සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා නිවෙසකට අවශ්‍ය බඩු මුට්ටු රැුසක්ද ඇය ගෙනාවාය.


ඇයගේ පෙම්වතා ඇයගේ පළාතේ සිට තරමක් දුර බැහර කෙනෙක් විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයට මව දැඩි ලෙස විරුද්ධ වූවාය. එහෙත් ඇය ආදරයේ උපරිම අවස්ථාවට පැමිණ තිබිණි. එනිසා නිවසේ අයට හොර රහසේම ගොස් ආදරණීය සැමියාගේ කැදැල්ලේ තුරුලූ වූවාය.


ටික දිනකට පසු ඇය තමා දුකසේ උපයාගත් මුදලින් ගත් බඩුමුට්ටු ගෙනයාමට නිවෙසට ආවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ‘‘මෙහි ඇති බඩුවක් නැහැ ගිය තැනකට යන්න.’’ කියමින් අම්මා ගෝරනාඩු කළාය. ඇයගේ මල්ලී ද එයට හවුල් විය.


හිස් අතින් ගිය ඇය ලොරියක් ද රැුගෙන පසුදින උදේ යළිත් ආවාය. ඇයගේ උදව්වට අල්ලපු ගමේ සිටි අක්කා ද අක්කාගේ සැමියා සහ පුතා ද පැමිණියහ. විනාඩි කිහිපයක් ඇතුළත බඩු සියල්ල ලොරියට පැටවිණි.


එම අවස්ථාවේ නිවසේ සිටියේ මව පමණි. ඇය වහාම පොලිසියට ගොස් නිවෙස කඩා බඩු මුට්ටු ගෙන ගිය බවට තම දරුවන්ට විරුද්ධව පැමිණිල්ලක් කළාය.


මේ අතර එම අවස්ථාවේ නිවසේ නොසිටි පුතාද

මවගෙන් සිද්ධිය දැන ගැනීමෙන් පසු පොඩි අක්කාට බඩු ගෙන යාමට උදව් කිරීම නිසා ලොකු අක්කාගේ නිවසට ගොස් එහි බඩු මුට්ටු පොඩි කළේය.
පසුව දේපාර්ශවයම පෝද්දල පොලිසියේ පෙනී සිටියහ. පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන අබේරත්න සහ පාලිත යන මහත්වරුන් විසින් දෙපාර්ශවයම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Jun 2015 10:22 PM

කොම්පැණියේ නම විකුණා විශ‍්‍රාමිකයාගේ 12,500කට විදලා

(ගලේවෙල - මහින්දසිරි පේ‍්‍රමලාල්)
ඔහු විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ නිවසේ ශිතකරණය ක‍්‍රියාවිරහිත විය. නගරයේ පිහිටි එම ශීතකරණය නිෂ්පාදිත සමාගමේ වෙළඳ නියෝජිතයා වෙත ගිය ඔහු තම ශීතකරණය අලූත්වැඩියා කරදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඔහුගේ ඉල්ලීමට සවන් දුන් එම ආයතන කළමනාකරු ඉක්මණින් කාර්මිකයකු එවන බව පවසා එම පුද්ගලයාගේ ලිපිනය ද ලබා ගත්තේය.


පසුදා උදෑසන එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට වාහනයක් නතරවිය. වාහනයෙන් බැසගත් තරුණයෙකු තමා අසවල් සමාගමේ කාර්මික නිලධාරියෙකු බවත්, පෙරදින කළ ඉල්ලීමට අනුව ශීතකරණය අලූත්වැඩියාව සඳහා පැමිණි බවත් පැවසීය.


ගෙහිමියා වඩාත් සතුටට පත්වී ශීතකරණය තිබූ ස්ථානයට තරුණ කාර්මික නිලධාරියා කැඳවාගෙන ගියේය. විනාඩි 10ක් 15ක් වැනි කාලයක් ඇතුළත ශීතකරණයේ කොටස් ගලවා පරීක්‍ෂා කර බැලීය. ශීතකරණයේ ගෑස් අවසන් වීම නිසා එය අක‍්‍රිය වී ඇතිබව පැවසීය. ගෑස් පුරවා ශීතකරණය අලූත්වැඩියාවට රුපියල් 12,500/-ක් ගෙවීමට එකඟදැයි විමසීය. ගෙහිමියා ඊට එකඟතාව පල කරනා ලදී. ගෑස් පුරවා  ශීතකරණය යළි සකස්කළ කාර්මිකයා ගාස්තුව ලබා ගත්තේය. පසුදා වනතුරු ශීතකරණය ක‍්‍රියාත්මක නොකරන ලෙසට උපදෙස් දී පිටව ගියේය.


ගෙහිමියා පසුදින ශීතකරණය ක‍්‍රියාත්මක කළද එය අක‍්‍රිය තත්ත්වයේම පැවතුනි. අදාළ සමාගමේ අලෙවි නියෝජිත ආයතනයට ගිය ඔහු තමාගෙන් රුපියල් 12500/- ක් ලබාගෙන ශීතකරණය අලූත්වැඩියා කළ ද එය අක‍්‍රිය තත්ත්වයේම පවතින බව පැවසීය. ආයතන කළමනාකරුගෙන් ඔහුට ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරකි. තම සමාගමේ කාර්මික නිලධාරියා තවම එම කටයුත්තට නොයැවූ බව පවසා ඇත.


තමා කිසියම් කපටියකුගේ උගුලකට හසුව ඇති බැව් දැනගත් විශ‍්‍රාමිකයා සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Jun 2015 10:06 PM
Posted By deepika on 02 Jun 2015 06:05 PM
එකගෙයි දීගකනකොට කෙට්ටු වෙනවද ???

රබර් ගහ කෙට්ටු උනාට... එකගෙයි දීගකනකොට කෙට්ටු වෙන්නෙ නෑ  

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jun 2015 10:18 PM

බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන


පොසොන් පොහොය දා උදෑසන සිල් සමාදන් වීමට ගමේ පන්සලට එක්තරා උපාසක මාතාවක් පැමිණියේ මෙතෙක් නිවසේ තමන්ට මහත් හිසරදයක් වූ බලූ පැටවුන් රොත්ත ද සමගිනි. මෙසේ කුඩා බලූ පැටවුන් පන්සලේ භූමියෙහි ගෙනැත් දමනු දුටු විහාරාධිපති හිමියන් උපාසක ඒ ගැන විමසූ විට ඇය දුන් අපූරු පිළිතුරක් පිළිබඳව හස්තියකු වැනි පව්වක් ඇති ප‍්‍රදේශයකින් වාර්තා විය.


මෙම උපාසක මාතාවගේ නිවසේ වෙසෙන බැල්ලියක්  පසුගිය දිනක පැටවුන් කිහිප දෙනෙක් වැදුවාය. කුඩා බලූ පැටවුන් නිවෙස පුරා හා මිදුල පුරා දුවමින් දකින දකින සියලූ දේ හපමින් අවුස්සමින් දඟලන්නට ගැනීම උපාසක මාතාවට මහත් හිසරදයක් විය.


දින ගණනක් මෙම බලූ කරදරයෙන් මිදීමට උපායක් කල්පනා කළ ඇය අන්තිමට තීරණයක් ගත්තාය.


පොසොන් පොහොය දින එළඹිණි. උදේ පාන්දරම අවදි වූ ඇය සුදු වතින් සැරැුසී නිවසේ තිබූ පොහොර උරයකට බලූ පැටවුන් ද දමාගෙන පන්සල බලා පිටත් වූවාය.


ඇය පන්සලට පැමිණෙන විට තරුණ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිටියේ පන්සල් මිදුල අමදිමිනි. ඇය වහා බලූ පැටවුන් සහිත උරය පන්සලේ මිදුලේ පසෙකින් තබා ස්වාමීන් වහන්සේ අත තිබූ ඉදල ඉල්වාගෙන මිදුල අමදින්නට වූවාය.


විහාරාධිපති හිමියන් එතැනින් ඉවත් වූ වහාම ඇය පොහොර උරය ඇර බලූ පැටවුන් පන්සල් භූමියට මුදාහැරියාය. ඉතාම රහසිගතව ඇය එය කළ නමුත් කෙසේ හෝ එය ඇස ගැසුණ විහාරාධිපති හිමියෝ ”හා.... හා... උපාසකම්මේ. මොකද ඔය කරන්නේ” යැයි විමසූහ.


උපාසක මාතාව දොහොත් මුදුන් තබා ගත්තාය. ‘‘අනේ අවසරයි අපේ හාමුදුරුවනේ. ඉස්සර අපේ රජ සිටුවරු පෝය දවසට පන්සලට අලි ඇත්තු දන් දුන්නා. දුප්පත් අපි කොහොමද එහෙම කරන්නේ. අපිට පුළුවන් මෙහෙම දානයක් දෙන්න විතරයි. සාදු... සාදු... සාදු...’’ යැයි මහා හඬින් පැවසුවාය.


ඇයගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ විහාරාධිපති හිමියෝ නිහඬව ඉක්මන් ගමනින් ආවාස ගෙය දෙසට වැඩම කළහ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jun 2015 10:19 PM

බල්ලන්ට ගෙනගිය මස්වල රහ කියන්න ගිහින් අමාරුවේ

ගෙදර ඇති කරන බලූ රංචුවට කියා ගෙන ගිය මස්වල අමුතු රහක් ඇති බව පැවසීමෙන් ප‍්‍රදේශයේ ධනවතකුට වු අකරතැබ්බයක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේ විය.


වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මස් වෙළෙඳසැලකි. මෙම වෙළෙඳසැල සති අන්තයේ මෙන්ම සතියේ දිනවලද පාරිභෝගිකයන්ගෙන් පිරී යන්නේ එම වෙළෙඳසැලේ අයිතිකරු පාරිභෝගිකයන්ගේ උවමනා එපාකම් අනුව සාධාරණව තම වෙළෙඳාම කරන බැවිනි.


කාලයක සිටම තමන්ගේ හොඳ පාරිභෝගිකයකු වූ ප‍්‍රදේශයේ හොඳ ධනවතකු තම පවුලේ පරිභෝජනයට මෙන්ම තම නිවසේ ඇති දැඩි කරන බලූ රංචුවකටත් මස් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටියාලූ බොහෝ මස් වෙළෙඳසැල්වල බල්ලන් වෙනුවෙන් ඉවත දමන මස් ලබා දෙන අතර ඒ සඳහා ඉතා අඩු මුදලක් අය කරයි.


එලෙස දිනක් මස් රැගෙන ගිය ඉහත ධනවතා පසු දින පැමිණ මස් වෙළෙඳසැල් හිමියාගෙන් විමසා ඇත්තේ දීපු මස්වල අමුතු රහක් තිබුණනේ මුදලාලි අපිට පරණ මස් දීලා වගේ කියලා.


මෙයට උත්තර දුන් මුදලාලි පවසා ඇත්තේ මහත්තයා ඊයේ මස් අරන් ගියේ බල්ලන්ට මස් කියලා නේද? ඉතින් ඒවයෙ රහ කොහොමද මහත්තයා දන්නේ.
තමන්ට වුන වැරදීම අවබෝධ කරගත් පාරිභෝගිකයා එදයින් පස්සේ මස් කඬේ පැත්තෙවත් ආවේ නැහැල්ලූ. මුදලාලි ළඟ හිටපු අයට පවසා ඇත්තේ හැමදාම බල්ලන්ට මස් කියලා අරන් ගිහිං ගෙදර අයගේ කෑමට අරන් වගේ කියලා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jun 2015 10:21 PM

කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා

කෙසෙල් කැන් හොරා අල්ලා දීමට බෝගසක් උපකාරවූ රසවත් පුවතක් නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබිණි.

ඔහුට රැුකියාවක් නැත. දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය. අහල පහළ ඉඩමක පුවක් වල්ලක් කඩාගෙන, කෙසෙල් කැනක් කපාගෙන ඔහු දවස ගෙවයි.

එදා ඔහුගේ අතේ සතේ නැති දවසකි. අල්ලපු වත්තේ තිබූ කෙසෙල් කැනකට ඔහුගේ අවධානය යොමුවිය. කෙසෙල් කැන කපාගෙන අසල කඩයකට ගියවිට, කෙසෙල් ඇවරි අතර රැුඳී තිබුණ බෝ කොළ දෙකක් මුදලාලිගේ නෙත ගැටුණි. ”ළමයෝ මේ කෙසෙල් කැන පන්සලේ වත්තෙන්ද කපාගෙන ආවේ” යැයි, මුදලාලිගේ ප‍්‍රශ්නය විය. ”නෑ මුදලාලි මේ අපේ වත්තේ බෝගහ යට කෙසෙල් පඳුරෙන්” බව ඔහුගේ පිළිතුර විය. ගනුදෙනුව බේරාගත් ඔහු එතැනින් මාරුවිය.
තමාගේ කෙසෙල් කැන කපාගෙන ගොස් ඇතිබව දැනගත් ඉඩම් හිමියා කඩයක් ගානේ ගොස් සොයා බලන්නට විය. එක කඩයක තමාගේ කෙසෙල් කැනට සමාන කෙසෙල් කැනක් තිබෙනු දැක ඒ ගැන මුදලාලිගෙන් විමසීය.

”මේක ගෙනාවේ අසවලා බවත් කෙසෙල් ඇවරි අස්සේ බෝකොල දෙකක් තිබුණ බවත්” මුදලාලි කීය. මේ තමාගේ වත්තේ බෝගහ යට තියන කෙසෙල් පඳුරේ කැනක් බව සැක හැර දැන ගැනීමට බෝගහ පිහිට විය. හොරා තමන් දන්නා අහල පහළ අයෙක් නිසා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ඔවුහු කැමති වූහ. 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jun 2015 11:44 PM
Posted By samantha on 07 Jun 2015 10:19 PM

බල්ලන්ට ගෙනගිය මස්වල රහ කියන්න ගිහින් අමාරුවේ

ගෙදර ඇති කරන බලූ රංචුවට කියා ගෙන ගිය මස්වල අමුතු රහක් ඇති බව පැවසීමෙන් ප‍්‍රදේශයේ ධනවතකුට වු අකරතැබ්බයක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේ විය.


වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මස් වෙළෙඳසැලකි. මෙම වෙළෙඳසැල සති අන්තයේ මෙන්ම සතියේ දිනවලද පාරිභෝගිකයන්ගෙන් පිරී යන්නේ එම වෙළෙඳසැලේ අයිතිකරු පාරිභෝගිකයන්ගේ උවමනා එපාකම් අනුව සාධාරණව තම වෙළෙඳාම කරන බැවිනි.


කාලයක සිටම තමන්ගේ හොඳ පාරිභෝගිකයකු වූ ප‍්‍රදේශයේ හොඳ ධනවතකු තම පවුලේ පරිභෝජනයට මෙන්ම තම නිවසේ ඇති දැඩි කරන බලූ රංචුවකටත් මස් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටියාලූ බොහෝ මස් වෙළෙඳසැල්වල බල්ලන් වෙනුවෙන් ඉවත දමන මස් ලබා දෙන අතර ඒ සඳහා ඉතා අඩු මුදලක් අය කරයි.


එලෙස දිනක් මස් රැගෙන ගිය ඉහත ධනවතා පසු දින පැමිණ මස් වෙළෙඳසැල් හිමියාගෙන් විමසා ඇත්තේ දීපු මස්වල අමුතු රහක් තිබුණනේ මුදලාලි අපිට පරණ මස් දීලා වගේ කියලා.


මෙයට උත්තර දුන් මුදලාලි පවසා ඇත්තේ මහත්තයා ඊයේ මස් අරන් ගියේ බල්ලන්ට මස් කියලා නේද? ඉතින් ඒවයෙ රහ කොහොමද මහත්තයා දන්නේ.
තමන්ට වුන වැරදීම අවබෝධ කරගත් පාරිභෝගිකයා එදයින් පස්සේ මස් කඬේ පැත්තෙවත් ආවේ නැහැල්ලූ. මුදලාලි ළඟ හිටපු අයට පවසා ඇත්තේ හැමදාම බල්ලන්ට මස් කියලා අරන් ගිහිං ගෙදර අයගේ කෑමට අරන් වගේ කියලා.

 

 

 

 

 

 

 

බල්ලෝ වෙන්න ඇති කියන්න ඇත්තේ...පරණ මස් කියලා 

 

 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Jun 2015 11:06 PM

නිවෙස වයි-ෆයි කලාපයේදැයි ඇහුවාම තෙත් කලාපයේ කියලා

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
සියලූ පහසුකම් සහිත දෙමහල් නිවෙසක් කුලියට දීමට තිබේ යනුවෙන් පුවත්පතක පළකළ දැන්වීමක් ගැන විමසූ තරුණයකු නිවෙස පිහිටා තිබෙන්නේ වයිෆයි කලාපයක ද කියා නිවෙස හිමිකරුගෙන් විමසූ විට නෑ පුතා තෙත්කලාපයක කියා පිළිතුරු දුන් සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ලෝකය ශීඝ‍්‍රයෙන් දියුණුවෙමින් තිබෙන අතර නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ද සමාජයේ දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ අනුව විවිධ සන්නිවේදන ක‍්‍රම භාවිතය අපේ රටෙත් ව්‍යාප්ත වෙමින් ඇත. අලූත් පරපුරේ අය මේවා ගැන හොඳින් දන්නා නමුත් පැරැුන්නෝ වැඩි කොටසක් මේ ගැන නොදනිති.


මේ සිද්ධියත් එවැන්නකි. තරුණයා අන්කල් වයිෆයි තිබේද යනුවෙන් ඇසූ ප‍්‍රශ්නයෙන් අන්දුන් කුන්දුන් වූ ගෙහිමියා තව ඉදිරියට මොන ජාතියේ ඒවා සමාජ පරිහරණයට එක්වේදැයි සිතාගන්නට බැරිව නිහඬ වී ඇත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jun 2015 11:15 PM
ගමකට එනවනම් ADSL හරි නැත්නම් ඔය ඩොන්ගලයක් හරි ගන්නේ නැතිව එනවා මූත් මේ මිනිස්සුන්ගෙන් තව වයි ෆයි ඉල්ලගෙන.. පිනටම ඉන්න බලන එකෙක් ද කොහෙද..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Jun 2015 09:55 PM

කුලී ඉඩමේ හැදුණු කෙසෙල් කැන අයිතිකරු කපාගෙන ගිහින්

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
කාලයක් රැක බලාගත් කෙසෙල් පඳුරක තිබූ හොඳින් හැදුණු කෙසෙල් කැන, අසල ඉඩමේ හිමිකරු බලෙන් රැගෙන ගිය පුවතක් නයිනමඩම ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තා වේ.


කුලීවැඩ කරමින් බිරිය හා දරුවන් සමඟ අගහිඟකම් මැද්දේ දිවි ගෙවූ අයකු තමන්ට අයිතියක් නැති ඉඩමේ වගාවක් නොකර අසල මාර්ගයේ ඉඩකඩ ඇති තැනක කෙසෙල් පඳුරක් සිටුවාගෙන ඇත්තේ වැඩි පරිස්සමට බවයි වාර්තා වුණේ.


මෙයට සාත්තු කරමින් ඉතා හොඳින් රැුක බලාගත් නිසාම කෙසෙල් කැන් කීපයක්ම හැදීමෙන් මේ අසරණ පවුලට ආදායමක් ලැබිණි. මෑතකදී එම කෙසෙල් පඳුරේ හටගත් කෙසෙල් කැනට කරු තබා වතුර ගසා රැුකබලාගෙන ඇත්තේ තමන්ගේ දරු පවුලට එයින් සුළුවෙන් හෝ ශක්තියක් ලැබෙන නිසාලූ.


ඒත් එක උදෑසනක කෙසෙල් ගස මායිම්ව තිබෙන ඉඩමේ හිමිකරු කිසිදු සොයා බැලීමක් නොකර හොඳින් වැඩුණු කෙසෙල් කැන කපාගෙන යමින් පවසා ඇත්තේ එය කවුරු සිටෙව්වත් කවුරු සාත්තු සප්පායම් කළත් මාර්ගයේ තිබුණත් එහි මුල් හා අතු තම ඉඩමට විහිදී ඇති නිසා එම කෙසෙල් කැන අයිති තමන්ට බවයි.


ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකු නිසා කිසිත් කර කියා ගත නොහැකිව සිටින කම්කරු පුද්ගලයාට මතක් වුණේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත්වෙන අවස්ථා තියෙන බව කියන ඒ පැරණි ප‍්‍රස්ථා පිරුළලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2015 10:03 PM
ඒ මනුස්සයා ධනවත් වෙන්න ඇත්තේ ඒ වගේ ක්‍රම වලින් වෙන්න ඇති...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Jun 2015 09:38 PM

විසිකරන කෑම දුප්පතුන්ට දී රැකියාවට ආයුබෝවන් කියලා

කොළඹ නගරයට ආසන්නයේ පිහිටි ආපනශාලාවක සේවය කරන ගම්බද තරුණයෙකි. මෙහි රාත‍්‍රියට ඉතිරිවන රොල්ස්, පැටිස්, කට්ලට්ස් වැනි කෙටි ආහාර පාර අයිනේ තිබූ කසළ බඳුනට දැමිය යුතු බව ආපනශාලාවේ හිමිකාරිය පවසා තිබිණි. මෙසේ ඉතිරිවන ආහාර කුණු බඳුනට දැමීම තරුණයාගේ සිරිත විය.

දිනක් ඔහු ඉතුරුවූ ආහාර බෑගයකට දමා විසි කිරීමට යෑමේදී අවට ආයතනවල සේවකයෝ දෙදෙනෙක් ඔහු අමතා ”මල්ලි ඕවා ඩස්ට්බින් එකට දාන්න එපා. ඒක අපරාදෙනේ. අපිට කන්න දෙන්න. අපේ බඩත් පිරෙනවා. ඔයාට පිනුත් ලැබෙනවා.” යැයි කීහ.

ඒ අනුව දිනපතාම තරුණයාගේ කාරුණික අනුග‍්‍රහයෙන් ඉතිරිවන ආහාර කුණු බඳුනට යනු වෙනුවට අහළ පහළ සේවකයන්ගේ කුස තුළට යැවිනි. දිනක් පැටිස් දහයක් රොල්ස් පහළොවක් අඩංගු පාර්සලය කුණු බඳුනට නොදා අවට සේවකයින්ට දෙනවිට ආපනශාලාවේ හිමිකාරියට හසුවිය.

”මම තමුසෙට කියලා තියෙනවා නේද ඉතිරිවන කෑම කාටවත් දෙන්න එපා ඩස්ට්බින් එකට දාන්න කියලා. අහුවුණොත් එදා දවසේ පඩිය කපනවා.” ඇය කේන්තියෙන් පැවසුවාය. ”අනෙක ඔහොම කෑම නිකන් හම්බුවෙනකොට ඔය මිනිස්සු හැමදාම කෑම ලැබෙන්න ඕනෙ කියලා ප‍්‍රාර්ථනා කරනවා. එතකොට අපේ කෑම හැමදාම ඉතිරි වෙනවා” ඇය ගෝරනාඩු කළාය. තරුණ සේවකයාට දුක හිතිණි. පසුදින සිට ඔහු රැුකියාවට පැමිණියේ නැත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Jun 2015 09:39 PM

ටොකු නොකා ගැලවුණු සිකුරිටි නිලධාරියා

ක‍්‍රිස්ටෝපර් සීපියන් , අනුරාධපුරය

ආරක්ෂක නිලධාරියා සිය රාජකාරියේ යෙදී සිටියදී කාර්යාලයකට පැමිණියේ තලතුනා මහත්මයෙකි. කාර්යාලයට එන අයගෙන් පැමිණි කාරිය විමසන ලෙසට ආරක්ෂක නිලධාරියාට ඉහළින් ලැබී තිබූ උපදෙස් අනුව ”ගුඞ් මෝනින් සර්” කියමින් හෙතෙම අමුත්තාට ආචාර කළේය. කිසිවක් නොදෙඩූ අමුත්තා ඉදිරියට යන්නට විය.


”එක්ස්කියුස් මී, සර් කොහාටද යන්නේ”? ආරක්ෂක නිලධාරියා විමසුවේ ගරුසරු ඇතිවය. ”තමුසේ කව්ද ඒ ගැන අහන්න. මම යන්න  ඕන තැන දන්නවා.” හෙතෙම කෝපයෙන් පැවැසීය. ”එහෙම කියන්න එපා සර්, මේක මගේ රාජකාරියනේ.” ආරක්ෂක නිලධාරියා විනීතව පැවැසීය. ”තමුසේ සෙකියුරිටි නේද. තමුසෙටයි මටයි කතාවක් නැහැ.” පැවැසූ අමුත්තා කාර්යාලයට ඇතුළු විය. ආරක්ෂක නිලධාරියා ඉන්පසු දිව ගියේ අමුත්තා පැමිණි රථයේ රියැදුරා හමුවීමටය. ”දැන් ගිය සර් එක්කද ඔයා ආවේ?” ඔහු විමසීය. ”ඔව් ඇයි ප‍්‍රශ්නයක් වුණාද?” රියැදුරා ඇසීය. ”එයා හරි සවුත්තු මහත්තයෙක්. මම ඔච්චර හොඳට කතා කරලත් මට බැන්නා. අපි නිල ඇඳුම ඇඳලා එක එකාගෙන් බැනුම් අහනවා. මට මේ ජොබ් එක තිත්ත වෙලා තියෙන්නේ.” ඔහු පැවැසීය. එවිට රියැදුරා, ”අයියා  ඕවා ගණන් ගන්න එපා. ඔය මනුස්සයාට කොළඹ ගෙවල් දෙකක් තියනවා. ළමයි රට ඉන්නේ. මුල් කසාදේ කටුගාලා දැන් ඉන්නේ වෙන කෙනෙක් එක්කයි. මම වාහනේ එළවද්දී, වාහනේ වමට දකුණට හරවන්න කියලා කියන්නේ ටොක්කක් ඇනලයි. දැන් මට ඒක පුරුදුවෙලා.” රියැදුරා පැවැසීය. ඊළඟ මොහොතේ අමුත්තා රථයට ගොඩවී රියැදුරාට ටොක්කක් අනිනු දුටු ආරක්ෂක නිලධාරියා දිගු සුසුමක් පිට කළේය. මෙය අගනුවරදී සිදුවූවකි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Jun 2015 10:10 PM

2015-06-12 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.4300 , විකුණුම් මිල රු.135.6600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.8300 , විකුණුම් මිල රු.211.3100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.1400 , විකුණුම් මිල රු.153.5000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.9400 , විකුණුම් මිල රු.146.3100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.107.0900 , විකුණුම් මිල රු.111.2000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.7000 , විකුණුම් මිල රු.106.0500 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.0500 , විකුණුම් මිල රු.101.5200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0674 , විකුණුම් මිල රු.1.1054 |

වඳින්න ගිය දේවාලය කඩහිමියාගේ හිස මත

2015 ජූනි මස 13 00:00:11 | . , කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ

කඩ කුලී නොදී පැන ගොස් සිටි අයකුගෙන් කඩ කුලී ඉල්ලීමේදී කඩ හිමියා තම බඩු මුට්ටු සොරා ගත්තා යැයි ලක්‍ෂ දහයක වන්දියක් ඉල්ලා කඩ හිමියාට එරෙහිව පොලිසි යෑමේ සිද්ධියක් කොස්ගොඩ පොලිස් වසමෙන් වාර්තා විය.

කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප‍්‍රදේශයේ කඩ කාමර කීපයක් ආපනශාලාවක් පවත්වාගෙන යාම සඳහා කඩ හිමියා පිටස්තර අයෙකුට බදු දී තිබුණි. ආරම්භයේදී කඩ කුලිය නියම ලෙස ගෙවූ මුත් පසුව එය මග හරින්නට විය. හිටිහැටියේම ආපන ශාලාව පවත්වාගෙන ගිය අය මාස ගණනක කඩ කුලිය නොගෙවා කඩය වසා දමා අතුරුදන්විය. මේ නිසා කඩ හිමියා ආපන ශාලාවට සීල් තබා ඉබි යතුරු දැමීය. වසරක් වැනි කාලයක් බලා සිට යළි කඩයේ දොර ගුල විවෘත කළ කඩ හිමියා එය අලූත්වැඩියා කොට වෙනත් අයෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා කුලියට දී තිබේ.

මෙය ආරංචි වූ වහාම පොලීසියට පැමිණි ආපන ශාලාව කලින් පවත්වාගෙන ගෙන ගිය කඩකාමර කුලිය නොදී මග හැරී අය කඩ හිමියාට එරෙහිව බොරු පැමිණිල්ලක් කොට ඇත.

ආපන ශලාවේ තිබූ තමාට අයත් උපකරණ හා බඩු භාණ්ඩ ලක්‍ෂ දහයක පමණ දේපොළ කඩ අයිතිකරු සොරාගෙන ඇති බවත් ඒ සඳහා ලක්‍ෂ දහයක වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

මෙම කඩ පෙළ අයිතිකරුවන් පොලීසිය ඉදිරියේ සැබෑ තත්ත්වය හෙළිකර සිටියදී කඩකුලි නොදී මඟ හැරි අය නිරුත්තර වී ඇති අතර ප‍්‍රශ්නය උසාවි නොගොස් ගොඩින් බේරා ගන්නැයි පොලිස් ස්ථානාධිපතිවරයා දෙපාර්ශවයටම උපදෙස් දී ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Jun 2015 09:50 PM

යතුරු පැදි බලපත ගන්න ඇවිත් අපූරු අටක් ගහලා

 

යතුරුපැදි රියැදුරු බලපත‍්‍රය ලබාගැනීම පිණිස පවත්වන ප‍්‍රායෝගික පරීක්ෂණයකදී අදාළ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් 8 ගසන ලෙස දැනුම් දුන් අවස්ථාවේ එක් බලපත‍්‍ර අයදුම්කරුවෙකු ගැසූ අපූරු අටක් පිළිබඳව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ. එදා රියැදුරු බලපත‍්‍ර සඳහා ප‍්‍රායෝගික පරීක්ෂණය පවත්වන දිනයකි. න්‍යායාත්මක පරීක්ෂණයට සමත්වූ බොහෝදෙනෙක් මෙම ප‍්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට පැමිණ සිටියහ. මෝටර් රථ දෙපාර්තමේන්තු පරීක්ෂකවරුන් පැමිණි වහාම බර වාහන, සැහැල්ලූ වාහන, ත‍්‍රිරෝද හා යතුරුපැදි සඳහා වෙන වෙනම ස්ථාන බෙදා පරීක්ෂණය ආරම්භ කෙරුණි. මෙම පරීක්ෂණයට සහභාගී වූ පිිරිස අතර එක්තරා රියැදුරු පාසලකින් පැමිණ සිටි කණ්ඩායමකි. යතුරුපැදි බලපත‍්‍ර ලබාගැනීම පිණිස ඔවුන් පැමිණ සිටියේ රියැදුරු පාසලෙන් ලබාගත් යතුරුපැදියක්ද සහිතවය. සියලූදෙනා තම ජංගම දුරකථන ක‍්‍රියාවිරහිත කරගන්න යැයි ලැබුණු අණින් පසු ප‍්‍රායෝගික පරීක්ෂණය ආරම්භවූ අතර මුලින්ම ඉහත කී රියැදුරු පාසලෙන් පැමිණි ජැණ්ඩියට හැඳ පැළඳගත් තරුණයෙකුට අවස්ථාව ලැබුණි. ”හොඳයි අට ගහන්න බලන්න” යැයි පරීක්ෂකවරයා ලබාදුන් අවසරය මත ”හරි සර්..” කියමින් යතුරුපැදියට නැග සෙමින් එය පදවාගෙන එම ස්ථානයෙන් ඉවත් වූයේ සියලූදෙනා මවිතයට පත් කරමිනි. ටික වේලාවක් ගත වුවත් ඔහු ආපසු නොපැමිණි හෙයින් හා ජංගම දුරකතනය ක‍්‍රියා විරහිතකොට ඇති බැවින් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි හෙයින් පරීක්ෂකවරයා වෙනත් යතුරුපැදියක් යොදාගෙන පරීක්ෂණය නැවත ආරම්භ කළේය. පැය භාගයකින් පමණ පෙරකී තරුණයා යතුරුපැදිය පැදගෙන පරීක්ෂකවරයා සිටි ස්ථානයට පැමිණි අතර ඔහු ඉතාමත් ජයග‍්‍රාහී ලීලාවෙන් යතුරුපැදියෙන් බසිමින් පැවසූයේ ”ඔන්න සර් හරියටම කිලෝමීටර් අටක් ගියා. මීටරේ බලන්න කියාය.” මොහු අට ගැසීම යන්න වටහාගෙන ඇත්තේ කිලෝමීටර් අටක් පැදවීම බව තේරුම් ගත් පරීක්ෂකවරයාට උඩ බිම බැලූවේ කීමට කිසිවක් කටට නොආ බැවිනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jun 2015 09:59 PM
මගේ යාලුවෙක් හිටියා නවරත්න කියලා.. මිනිහට අට ගහන්න කිව්වහම අටේ අන්තිම කොටසේදී වැටුනලු..

පරීක්ෂකට ඇවිත් කිව්වලු..

"මම නවරත්න.. මම මොකටද අට ගහන්නේ.. ඔන්න නවයක්ම ගැහුවා" කියලා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 13 of 14 << < 1011121314 > >>