You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Mar 2015 04:18 PM

එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’

(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල සිදුකළ පළතුරු වෙළෙන්ඳකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.


 හේ පළතුරු වෙළෙන්දා මෙන් ජීවත්වූ අයෙකි. ඔහු සිය වෙළෙඳසලේ කෙසෙල් කැන් එල්ලා තැබුවේය. එළදෙනක එම කැනෙන්  ගෙඩි දෙකක් කනවා දුටු ඔහුට මාරාවේශ ආවේය. ඔහු හනිකට කෙසෙල් කැන් කැපීමට තිබූ පිහිය ගෙන එළදෙණ කෑ කෙසෙල් ගෙඩි ගණනට සතාට පිහියෙන් ඇන්නේය.


එළදෙන කෑ කෙසෙල් ගෙඩි ගණන දෙකකි. ඔහුද එළදෙනට ඇන්න පිහි පහරවල් ගණන දෙකකි. ඔහුගෙන්  පිහිපහරකෑ එළදෙන මරළතෝනි දීගෙන එතනින් එහාට  මෙහාට වේගයෙන් දිවගියේ පිහිපහර ඇනීමෙන්වූ වේදනාව දරා ගැනීමට නොහැකිවය.


 මේ එළදෙන ලේ පෙරාගෙන එහාට මෙහාට යනු දුටු අය මේ පිළිබඳව විමසිලිමත් වුහ. අවසානයේදී ඇයට සිදුවූ දේ දැනගත් විට බොහෝ අය පළතුරු  වෙළෙන්දාට  පහර දෙන්නට තැත් කළේ මේ තිරිසනාට කළ තිරිසන් කි‍්‍රයාවට පාඩමක් උගැන්වීමටය. තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි.


 පිහිපාර කා මස් වැදැල්ලක්ද එල්ලෙමින් ලේ පෙරාගෙන එහාට මෙහාට දිවගිය එළදෙන දුටු පිරිසක් මේ පිළිබඳව ජංගම දුරකථනවලින් පශු වෛද්‍යවරයාට දැනුම් දුන්හ. ඒ සමගම කි‍්‍රයාත්මක වූ පශූවෛද්‍යවරයා පැමිණ එළදෙනට ප‍්‍රතිකාර කළේය. එළදෙනගේ පිහි ඇනුම් තුවාලය යථා තත්ත්වයට පත් කිරීමට පශුවෛද්‍යවරයාට මැහුම් දැමීමටද සිදුවිය. ඒ වෙනුවෙන් මැහුම් දාහතරක් දැමීමට ඔහුට සිදුවිය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Mar 2015 03:58 PM

2015-03-03 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8400 , විකුණුම් මිල රු.134.6200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.201.9400 , විකුණුම් මිල රු.207.6600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.6200 , විකුණුම් මිල රු.151.4800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.136.9500 , විකුණුම් මිල රු.141.8000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.104.6000 , විකුණුම් මිල රු.108.0400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.4700 , විකුණුම් මිල රු.105.4900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.96.1400 , විකුණුම් මිල රු.99.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0943 , විකුණුම් මිල රු.1.1299 |

 
 

පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම රු. 82 ක් වෙලා

කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරයේ සිටි නිලධාරිනියටය. ලදුපත ලබාගත් ඔහු තම සාක්කුවෙන් බැංකු පොතක් ගෙන ”මිස් මේක මට අප්ඬේට් කරලා දෙන්න” යැයි පැවසීය. බැංකු පොත ගත් නිලධාරීනිය සුළු වේලාවකින් ”මේ පොත කාගේදැයි” විමසුවාය. මේක මගේ එකවුන්ට් බුක් එක” තරුණයාගේ පිළිතුර විය.


”සර් ඩිපොසිට් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ කැපෙනවා. ඇය කීවාය ”මට තේරුණේ නැහැ” තරුණයා විමසීය. එවිට නිලධාරිනිය ”සර්ගේ පොතේ බැලන්ස් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ අඩුවෙනවා” යැයි පවසා ”මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයිනේ” යැයි කීවාය.


” ඕකේ රුපියල් ලක්‍ෂ එකහමාරට වඩා තියෙන්න  ඕනේ. දැනුත් රුපියල් පන්දාහක් දැම්මනේ” තරුණයා විශ්මයෙන් පැවසීය. ”ඒ උනාට මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයි” නිලධාරිනිය නැවත පැවසූවිට, ”එහෙම වෙන්නේ කොහොමද?” තරුණයා පුදුමයෙන් ඇසීය. ”ආ සර්, මෙන්න පොත බලන්න” ඇය බැංකු පොත ඔහුට දිගු කළාය. ”හත් වලාමයි” ඔහුට කියැවිණි. ඔහු ගෙනැවිත් තිබුණේ තම බිරිඳගේ බැංකු පොතය. ”වෙරි සොරි මිස්” යැයි පැවසූ හෙතෙම බැංකුවෙන් පිටතට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සිපියන්)

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Mar 2015 03:59 PM

සාජ්ජේ දාගෙන ගිය බස්දෙක දැක මගියෙක් බිමට පැනලා

(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය)
එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ සිට පැමිණි ටාටා බස් දෙකක් සාමාන්‍ය වේගයකින් හෙට්ටිපොළ නගරය පසුකරමින් හලාවත දෙසට ඇදෙන්නට විය.


බස් රථ දෙකෙහිම දෝංකාර දෙන සංගීත නාදය නිසාත් අත්පුඩි ශබ්දය නිසාත් මගදෙපසෙහි බඩු මිලදී ගනිමින් සිටි කීප දෙනෙක් බසය දෙස බැලූහ.
බස් රථ දෙකෙහිම තරුණ පිරිස සාජ්ජය පැවැත්වූවේ හිටගෙනය.


තරුණයන් අතරින්පතර තරුණ විය ඉක්මවූවන් කිහිප දෙනෙක් එලෙසින් සාජ්ජයට එක්වී සිටියහ. මේ අතර ඉදිරියෙන් ගමන් ගත් බස් රථයෙන් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් බස් රථයෙන් බිමට පැන්නේය. තමා ගමන් ගත් බස් රථයේ දී ලබාගත් සතුට අනෙක් බස් රථයෙන් ද ලබා ගැනීමට ඔහුට සිතෙන්නට ඇත.


බස් රථයෙන් පැන්න ඔහු බිම ඇදවැටිණි. බස් රථය සෙමින් ගමන් කළ නිසාවෙන් ඔහුට අනතුරක් නොවීය. වැඩ පෙන්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයෙන් ලැජ්ජාවට පත් ඔහු නැගිට කඩිමුඩියේ දිව ගොස් පිටුපසින් ආ බසයට නැග්ගේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Mar 2015 04:00 PM

අයියාගේ පෙම්වතිය අල්ලන්න නංගීගෙන් අපූරු උප්පරවැට්ටියක්

(තිහගොඩ උපසේන ලියනගම)
තමා සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟලූම් කම්හලකට නව මෝස්තර දැමීම සඳහා පැමිණි අයියාගේ පෙම්වතියට ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කළ නංගී කෙනකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ පිළියන්දල පැත්තෙනි.


නංගී පවත්වාගෙන ගිය ඇඟලූම් කම්හලේ රෙදිවලට යොදන මෝස්තර පැරණි නිසා තමා හඳුනන රෙදි මෝස්තර ශිල්පිනියක් ගැන අයියා කීවිට නංගී ඇය කැඳවා ගැනීමට එකඟ විය.


ඇය සේවයට පැමිණ වැඩ කරගෙන යාමේදී මේ අයියාගේ පෙම්වතිය යැයි සැක සිතූ නංගී ඇගෙන් විවිධ ප‍්‍රශ්න ඇසීම නිසා මේ මෝස්තරකාරියට එය මහා වදයක් විය.


ඇය මේ ගැන අයියාට කීවාය. ඇයි නංගි මොනවත් අහනවා දැයි අයියා ඇගෙන් ඇසූ විට ”ප‍්‍රශ්න එකක් දෙකක් නෙමෙයි ප‍්‍රශ්න පත්තරයක්” ඇය කීවේ කෝපයෙනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
03 Mar 2015 07:13 PM
Posted By samantha on 01 Mar 2015 04:18 PM

එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’

(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල සිදුකළ පළතුරු වෙළෙන්ඳකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.


 හේ පළතුරු වෙළෙන්දා මෙන් ජීවත්වූ අයෙකි. ඔහු සිය වෙළෙඳසලේ කෙසෙල් කැන් එල්ලා තැබුවේය. එළදෙනක එම කැනෙන්  ගෙඩි දෙකක් කනවා දුටු ඔහුට මාරාවේශ ආවේය. ඔහු හනිකට කෙසෙල් කැන් කැපීමට තිබූ පිහිය ගෙන එළදෙණ කෑ කෙසෙල් ගෙඩි ගණනට සතාට පිහියෙන් ඇන්නේය.


එළදෙන කෑ කෙසෙල් ගෙඩි ගණන දෙකකි. ඔහුද එළදෙනට ඇන්න පිහි පහරවල් ගණන දෙකකි. ඔහුගෙන්  පිහිපහරකෑ එළදෙන මරළතෝනි දීගෙන එතනින් එහාට  මෙහාට වේගයෙන් දිවගියේ පිහිපහර ඇනීමෙන්වූ වේදනාව දරා ගැනීමට නොහැකිවය.


 මේ එළදෙන ලේ පෙරාගෙන එහාට මෙහාට යනු දුටු අය මේ පිළිබඳව විමසිලිමත් වුහ. අවසානයේදී ඇයට සිදුවූ දේ දැනගත් විට බොහෝ අය පළතුරු  වෙළෙන්දාට  පහර දෙන්නට තැත් කළේ මේ තිරිසනාට කළ තිරිසන් කි‍්‍රයාවට පාඩමක් උගැන්වීමටය. තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි.


 පිහිපාර කා මස් වැදැල්ලක්ද එල්ලෙමින් ලේ පෙරාගෙන එහාට මෙහාට දිවගිය එළදෙන දුටු පිරිසක් මේ පිළිබඳව ජංගම දුරකථනවලින් පශු වෛද්‍යවරයාට දැනුම් දුන්හ. ඒ සමගම කි‍්‍රයාත්මක වූ පශූවෛද්‍යවරයා පැමිණ එළදෙනට ප‍්‍රතිකාර කළේය. එළදෙනගේ පිහි ඇනුම් තුවාලය යථා තත්ත්වයට පත් කිරීමට පශුවෛද්‍යවරයාට මැහුම් දැමීමටද සිදුවිය. ඒ වෙනුවෙන් මැහුම් දාහතරක් දැමීමට ඔහුට සිදුවිය.

 

 

 

 

 

 

 

 

මු නම් මිනිහෙක් නෙමෙයි තිරිසනෙක් 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
03 Mar 2015 07:17 PM
Posted By samantha on 03 Mar 2015 03:58 PM

2015-03-03 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8400 , විකුණුම් මිල රු.134.6200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.201.9400 , විකුණුම් මිල රු.207.6600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.6200 , විකුණුම් මිල රු.151.4800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.136.9500 , විකුණුම් මිල රු.141.8000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.104.6000 , විකුණුම් මිල රු.108.0400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.4700 , විකුණුම් මිල රු.105.4900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.96.1400 , විකුණුම් මිල රු.99.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0943 , විකුණුම් මිල රු.1.1299 

 

 

 

පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම රු. 82 ක් වෙලා

කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරයේ සිටි නිලධාරිනියටය. ලදුපත ලබාගත් ඔහු තම සාක්කුවෙන් බැංකු පොතක් ගෙන ”මිස් මේක මට අප්ඬේට් කරලා දෙන්න” යැයි පැවසීය. බැංකු පොත ගත් නිලධාරීනිය සුළු වේලාවකින් ”මේ පොත කාගේදැයි” විමසුවාය. මේක මගේ එකවුන්ට් බුක් එක” තරුණයාගේ පිළිතුර විය.


”සර් ඩිපොසිට් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ කැපෙනවා. ඇය කීවාය ”මට තේරුණේ නැහැ” තරුණයා විමසීය. එවිට නිලධාරිනිය ”සර්ගේ පොතේ බැලන්ස් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ අඩුවෙනවා” යැයි පවසා ”මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයිනේ” යැයි කීවාය.


” ඕකේ රුපියල් ලක්‍ෂ එකහමාරට වඩා තියෙන්න  ඕනේ. දැනුත් රුපියල් පන්දාහක් දැම්මනේ” තරුණයා විශ්මයෙන් පැවසීය. ”ඒ උනාට මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයි” නිලධාරිනිය නැවත පැවසූවිට, ”එහෙම වෙන්නේ කොහොමද?” තරුණයා පුදුමයෙන් ඇසීය. ”ආ සර්, මෙන්න පොත බලන්න” ඇය බැංකු පොත ඔහුට දිගු කළාය. ”හත් වලාමයි” ඔහුට කියැවිණි. ඔහු ගෙනැවිත් තිබුණේ තම බිරිඳගේ බැංකු පොතය. ”වෙරි සොරි මිස්” යැයි පැවසූ හෙතෙම බැංකුවෙන් පිටතට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සිපියන්)

 

 

 

 

 

 

 

මේවානම් දෙයියෝ සාක්කි දාන්න තරම් දෙයක් නෑ 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Mar 2015 04:48 PM

දරුවාගේ බර කිරද්දී මවත් තරාදියට නැඟලා

(මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර)
ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත‍්‍රයට නැගීමේ පුවතක් හෙම්මාතගම රෝහලෙන් අසන්ට ලැබුණි.
සිද්ධිය මෙසේය.


අඟහරුවාදා හෙම්මාතගම සතිපොළ පැවැත්වෙන නිසා මේ කාන්තාවත් අසල ගමක සිට බසයෙන් නගරයට පැමිණ පොළෙන් බඩුද රැගෙන හෙම්මාතගම රෝහලට ගොස් ඇත්තේ තම දරුවාගේ බර කිරීමටය. එහි ගිය ඈ එහි බර කිරන තරාදියට නැග ඇත්තේ සොපින් එකේ දමාගත් බඩුත් ළමයාත් සමගය.
එය දුටු ප‍්‍රධාන වෛද්‍යවරයා එම මවට පිරිස ඉදිරියේ බැණ වැදී ඇති අතර එය දුටු සියලූදෙනා සිනා සුණේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
05 Mar 2015 07:59 PM
Posted By samantha on 04 Mar 2015 04:48 PM

දරුවාගේ බර කිරද්දී මවත් තරාදියට නැඟලා

(මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර)
ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත‍්‍රයට නැගීමේ පුවතක් හෙම්මාතගම රෝහලෙන් අසන්ට ලැබුණි.
සිද්ධිය මෙසේය.


අඟහරුවාදා හෙම්මාතගම සතිපොළ පැවැත්වෙන නිසා මේ කාන්තාවත් අසල ගමක සිට බසයෙන් නගරයට පැමිණ පොළෙන් බඩුද රැගෙන හෙම්මාතගම රෝහලට ගොස් ඇත්තේ තම දරුවාගේ බර කිරීමටය. එහි ගිය ඈ එහි බර කිරන තරාදියට නැග ඇත්තේ සොපින් එකේ දමාගත් බඩුත් ළමයාත් සමගය.
එය දුටු ප‍්‍රධාන වෛද්‍යවරයා එම මවට පිරිස ඉදිරියේ බැණ වැදී ඇති අතර එය දුටු සියලූදෙනා සිනා සුණේය.

 

 

 

 

 

 

මේකනම් පට්ට සීන් එකක් ..අපිටත් හිනා යනවා අහද්දි  

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Mar 2015 05:18 PM

ඉංජිනේරුවා වාහනයේ බෝම්බයකුත් පටවාගෙන ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
උතුරු පළාතේ සංවර්ධන කටයුතුවල නිරතවන ප‍්‍රධාන පෙළේ දෙමළ ඉංජිනේරුවරයෙකි. පසුගියදා වාහනයෙන් සේවයට  යාමට සූදානම් වන විටම බිරියද වාහනයට නැග්ගේ හිතවත් රෝගියකු බැලීමට යාමට අවශ්‍ය බව කියමිනි.


බිරිඳගේ හිතුවක්කාරකම සහ මුරණ්ඩු බව දන්නා ඔහු ”හරි හරි යං” කීවත් සිත යට කෝපයක් තිබිණි. වාහනයට නැගගත් මොහොතේම වායුසමන යන්ත‍්‍රය නතර කිරීමට කීවේ තමාට පීනස් ගතිය ඇති නිසාය.


මඳ දුරක් ගිය ඔහුට  මතක් වූයේ වැඩපළට රිවට් ඇණ කීපයක්ද ගෙන යා යුතු බවය. ඔහු ඒ බව බිරියට කියා යකඩ බඩු සාප්පුවට ඇතුළු විය. බිරිය වහා එන ලෙස කීවත් සාප්පුවේ වැඩ ඉතා ප‍්‍රමාද විය. කීප වරක් සේවකයාට මේ ගැන කීවත් බැරිම තැන ”ළමයෝ කාර් එකේ බෝම්බයක්. ඒක පුපුරන්න කලින් යන්න  ඕනෑ” කීවේ බිරියගේ හැටි දන්නා නිසාය.


බඩු පොදිය රැුගෙන එන විට ප‍්‍රමාදය නිසා බිරිය සිටියේ කෝපයෙන් පුපුරමිනි. ඔහු කතාවක් නැතිව ටික දුරක් ගිය විට නගරය අබියසදී පොලිස් නිලධාරිහු දෙදෙනෙක් වාහනයේ අංකය පරීක්ෂා කොට එය නැවැත්වූහ.


”සර් වාහනය චෙක් කරන්න වෙනවා.” ඔවුන් කීවේ යටහත් බවක් පෙන්වමිනි. හදිසියේ යමක් සිහිවූ ඉංජිනේරුවා තමා යකඩ කඩයේ බඩුගනිමින් සිටියදී ”කාර් එකේ බෝම්බයක් තියෙනවා” යි කී කතාව ඇසුණු අයකු 119 දුරකතන අංකයට ඇමතුමක් දී ඇති බව සිතිණ. මේ කතාව පොලිස් නිලධාරියාට කී විට ඔහු බිරිඳ දෙසද බලා සිනාසී යාමට අවසර දුන්නලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Mar 2015 05:19 PM

2015-03-09 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8600 , විකුණුම් මිල රු.134.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.197.8300 , විකුණුම් මිල රු.203.4100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.142.0600 , විකුණුම් මිල රු.146.7700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.132.9100 , විකුණුම් මිල රු.137.5700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.9200 , විකුණුම් මිල රු.107.3400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.100.6000 , විකුණුම් මිල රු.104.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.95.0600 , විකුණුම් මිල රු.98.1200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0864 , විකුණුම් මිල රු.1.1217 |

 
 

විහිළුවටම හිත ගිහින් බසයට කකුල යට කරගෙන

(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
තමා සේවය කළ බස් රථයටම යටවී පාදය කැඞීගිය බව කියන කොන්දොස්තරවරයකු (5) කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලිස් රථවාහන අංශය කියයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ මොරටුව කොළඹ මාර්ගයේ ධාවනය කළ බස්රථ කොන්දොස්තරවරයෙකි. අදාළ බස් රථය පැදවූ සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


මොරටුව දුම්රියපොළ ඉදිරිපිට බුදු මැදුර වටකොට ඇති වැට අසල රැඳීසිටිමින් රියැදුරන් සහ යහලූවන් සමග විහිලූ තහලූ කරමින් බුදු මැදුරේ වැටේ එල්ලී සිටි බව කියන තුවාලකරු තමා සේවය කරන බස්රථය තමා අසළින් ධාවනය වෙනු දැක නොමැති බව කියන පොලිසිය එම අවස්ථාවේ තුවාලකරුගේ පාදය බස් රථයට යටවී ඇති බව පවසයි.


ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස රථවාහන අංශ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක වයි.කේ. රංජිත් ජයන්ත මහතා සහ නිලධාරීහු  පරීක්‍ෂණ පවත්වති.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Mar 2015 05:20 PM

2015-03-09 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8600 , විකුණුම් මිල රු.134.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.197.8300 , විකුණුම් මිල රු.203.4100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.142.0600 , විකුණුම් මිල රු.146.7700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.132.9100 , විකුණුම් මිල රු.137.5700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.9200 , විකුණුම් මිල රු.107.3400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.100.6000 , විකුණුම් මිල රු.104.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.95.0600 , විකුණුම් මිල රු.98.1200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0864 , විකුණුම් මිල රු.1.1217 |

 
 

මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්

(බටපොල දීපාල් ද සිල්වා)
 මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුල්ලාව මංසන්ධියේදී බසයෙන් බැසයන විට බස්රථයේ යතුර ද උදුරාගෙන පලාගිය බව බස්රථයේ රියැදුරා පැවසීය.


 බස්රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී උස්මුදුල්ලාව මංසන්ධිය ආසන්නයේදී සීනුව නාදවී ඇත. ඒ අනුව රියැදුරා නිසිලෙස බස්රථය මංසන්ධියේ බස්නැවතුමේ නැවැත්වීය. මගීන් කිහිප දෙනෙකු කඩිමුඩියේ ඉදිරිපස දොරටුවෙන් බැසගත් අතර බසයෙන් බැසගත් තරුණ මගියෙක් රියැදුරාට පරුෂ වචනයෙන් එකි දිගට බැණ වැදුනේය. ඒ දුටු මගීහු රියදුරාගෙන් විමසුවේ කාරණාව කිමද යන්නයි.


”මම මොනවත් කිව්වේ නෑ. ඒ මනුස්සයා බස් එකේ යතුර උදුර ගත්ත. යතුර නැතුව යන්නෙ කොහාමද දැන් බස්එකේ ඔල්ටනේටර් එක පිච්චෙන්න පුළුවන්” ඒ සමඟ රියදුරා බසයෙන් බැස පලායන මගියා පිටුපස හඹා ගියේය.


ඒ සමඟ මගීන් කිහිප දෙනෙක්ද දිව ගියහ. පලායන මගියා මාදම්පා මාවත ඔස්සේ දිවයමින් සිටියදී අල්ලාගෙන යතුර රැුගෙන රියැදුරා සමඟ මගීන් පැමිණ නැවත බස්රථය ඉදිරියට ධාවනය කරවීය. මේ හේතුවෙන් බස්රථය විනාඩි 15 ක් පමණ උස්මුදුල්ලාව මංසන්ධියේ ප‍්‍රමාද වීමට සිදුවිය.


 පෙරේදා (7) රාතී‍්‍ර 8ත් 8.30ත් අතර මෙය සිදුවිය. එම මගියා සමග අසුනේ සිටි මගීන් පැවසුවේ ඔහු බීමතින් සිටි තරුණයකු බවයි. කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2015 05:27 PM

sthuthi aiyya,,,,apuru weda thama mewage wenne

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
09 Mar 2015 09:09 PM

මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්

2015 මාර්තු මස 09 00:00:38 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (බටපොල දීපාල් ද සිල්වා)

 

 මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුල්ලාව මංසන්ධියේදී බසයෙන් බැසයන විට බස්රථයේ යතුර ද උදුරාගෙන පලාගිය බව බස්රථයේ රියැදුරා පැවසීය.


 බස්රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී උස්මුදුල්ලාව මංසන්ධිය ආසන්නයේදී සීනුව නාදවී ඇත. ඒ අනුව රියැදුරා නිසිලෙස බස්රථය මංසන්ධියේ බස්නැවතුමේ නැවැත්වීය. මගීන් කිහිප දෙනෙකු කඩිමුඩියේ ඉදිරිපස දොරටුවෙන් බැසගත් අතර බසයෙන් බැසගත් තරුණ මගියෙක් රියැදුරාට පරුෂ වචනයෙන් එකි දිගට බැණ වැදුනේය. ඒ දුටු මගීහු රියදුරාගෙන් විමසුවේ කාරණාව කිමද යන්නයි.


”මම මොනවත් කිව්වේ නෑ. ඒ මනුස්සයා බස් එකේ යතුර උදුර ගත්ත. යතුර නැතුව යන්නෙ කොහාමද දැන් බස්එකේ ඔල්ටනේටර් එක පිච්චෙන්න පුළුවන්” ඒ සමඟ රියදුරා බසයෙන් බැස පලායන මගියා පිටුපස හඹා ගියේය.


ඒ සමඟ මගීන් කිහිප දෙනෙක්ද දිව ගියහ. පලායන මගියා මාදම්පා මාවත ඔස්සේ දිවයමින් සිටියදී අල්ලාගෙන යතුර රැුගෙන රියැදුරා සමඟ මගීන් පැමිණ නැවත බස්රථය ඉදිරියට ධාවනය කරවීය. මේ හේතුවෙන් බස්රථය විනාඩි 15 ක් පමණ උස්මුදුල්ලාව මංසන්ධියේ ප‍්‍රමාද වීමට සිදුවිය.


 පෙරේදා (7) රාතී‍්‍ර 8ත් 8.30ත් අතර මෙය සිදුවිය. එම මගියා සමග අසුනේ සිටි මගීන් පැවසුවේ ඔහු බීමතින් සිටි තරුණයකු බවයි. කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය.
 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Mar 2015 05:15 PM

2015-03-10 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8600 , විකුණුම් මිල රු.134.6700 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.2900 , විකුණුම් මිල රු.203.9600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.141.8900 , විකුණුම් මිල රු.146.6300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.132.7300 , විකුණුම් මිල රු.137.3800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.7800 , විකුණුම් මිල රු.107.2100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.100.1000 , විකුණුම් මිල රු.104.0700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.94.8800 , විකුණුම් මිල රු.97.9300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0785 , විකුණුම් මිල රු.1.1136 |

 
 

මිතුරා ආයතනයේ සෙකියුරිටි වුණැයි ලොක්කාට ඩෝං ගිහින්

ආරක්‍ෂක නිලධාරියා බැරියරය ඔසවා මෝටර් රථය ආයතනය තුළට ඇතුළුවීමට සැලැස්වීය.

රථය ඉදිරියට ගොස් නැවැත්වූ අතර එතැනට පිවිසි ආරක්‍ෂක නිලධාරියාට දක්නට ලැබුණේ අව් කණ්ණාඩියක් දමාගෙන ටයි පටියක් පැළඳ සිටි මහත්මයෙකි. ” මාව හඳුනනවාද?”

මහතා ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. ”නැහැ සර්” හෙතෙම කීය. අව්කණ්ණාඩිය ගැලවූ මහතා දුටු ආරක්‍ෂක නිලධාරියා ”හලෝ මචං සෙනේ උඹ කොහේද මෙහෙ” යනුවෙන් විමසීය. ”මම පස්සේ හමුවෙන්නම්” පැවසූ මහතා, කාර්යාලයට පිවිසියේය. ”කව්ද අයියා එයා” අනෙක් ආරක්‍ෂක නිලධාරියා විමසීය.

”මාත් එක්ක එකම පන්තියේ හිටපු යාළුවෙක්” කැම්පසුත් ගියා. හෙතෙම පැවසීය. පැයක් ගතවිය. කඩිමුඩියේ යතුරුපැදියකින් පැමිණි සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියාට කථා කොට, ”ඉක්මනට ෂර්ට් එකක් දාගෙන ඇඳුම් බෑගයක් අරගන්න” යැයි පැවසීය.

ආරක්‍ෂක නිලධාරියාව යතුරු පැදියේ නංවාගත් සංචාරක නිලධාරීයා පිටවිය. මොකටද සර් මාව අරන් යන්නේ, ආරක්ෂක නිලධාරීයා පුදුමයෙන් විමසීය. ” මෙහෙ සර් කෙනෙක් එක්ක ඔයා කථා කළාද? සංචාරක නිලධාරියා ඇසීය.

ඔව් සර් මගේ ක්ලාස් මේට් කෙනෙක් හම්බවුණා. ඔහු පැවසීය. ”එයා මෙහෙට අලූතෙන් ආපු ඩිරෙක්ටර් කෙනෙක්. එයා අපේ ඔෆීස් එකට කෝල් කරලා. අඳුනන කෙනෙක් සෙකියුරිටි එකේ ඉන්න එක එයාට හොඳ නැහැලූ. ඒ නිසා ට‍්‍රාන්සර් කරන්නලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
11 Mar 2015 09:10 PM

මහ රෑ ගෙට පැන්න වඳුරා නිවැසියන් බිය වද්දලා

2015 මාර්තු මස 11 00:00:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ )
 

මහ ? බඩගිනි වූ වඳුරකු ගෙදරකට පැන කළ කලබලයක් නිසා හොරුන් ඇවිත් යැයි බියට පත් අහළ-පහළ නිවැසියන් කීපදෙනකු නින්දෙන් අවදිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ.


නිවැසියන් මේ වෙලාවේ සුව නින්දේ පසුවිය. නිවස්වල වහළ මතින් ද කෙටි තාප්ප උඩින් ද කිසිවෙක් දුවයන හඬ ඇසී දොරවල් ඇරගෙන විදුලිපහන් දල්වා අහළ-පහළ කීපදෙනෙක්ම අවදිවී සෝදිසි කර බැලූහ. යාබද නිවැසියෝ කිහිපදෙනෙක් මේ නිසා අවදි වූහ.


වටපිටාවේ සොයා බැලූවත් කිසිවකු පෙනෙන්නට නොසිටි නිසා තව තවත් වත්තපිටියේ සොයා බලන්නට විය. එවිට එක් අයකුට හොඳින් වැඞී තිබුණු තම වත්තේ කෙසෙල් පඳුරේ කැනක් ඇද තිබෙණු දක්නට ලැබුණි. වඳුරකු පැමිණ කෙසෙල් කැන කෑමට උත්සාහ දරා ඇති බව පෙනීගියෙන් සොරබිය දුරුවිය. බඩගිනිවූ වඳුරකු එසේ පැමිණ ඇති බව ගම්වාසීහු විශ්වාස කළහ.

 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
11 Mar 2015 09:12 PM

ගෙදර යන්න හදද්දී ගේට්ටුව වහලා: අලි ජංජාලයක් වෙලා

2015 මාර්තු මස 12 00:00:20 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (හිඟුරානේ - නවරත්න සමරතුංග)

සේවය නිමකොට සවස නිවෙසට යාමට සූදානම් වූ කාර්මිකයෙක් එදින උදෑසන ආරක්ෂිත ස්ථානයක නතර කරගිය යතුරුපැදියට නැගීමට යද්දී එම ආයතනයේ ගේට්ටුව වසා තිබුණ බැවින් විශාල ඉලූක් කැලෑවක මීටර් සිීයක් පමණ පාරක් තනාගෙන නිවෙසට ගිය සිද්ධියක් එක්තරා ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.
ඔහු සේවය කරන ස්ථානයට යාබදව තිබුණේ රජරට අනුබද්ධ ආයතනයකි. එහි අංගණයට ඇතුළුවීමට ගේට්ටුවක් ඇති අතර, එය විවෘතකර තිබිණ. සිරිත් පරිදි එම භූමියේ තම යතුරු පැදිය නතරකළ කාර්මිකයා සවසට යතුරු පැදියේ නැග නිවෙසට ගියේය.


එතෙක් සිද්ධියවූ දින ඔහුට වැඩ අධික වූයෙන් රාත‍්‍රි 7.00ට පමණ වැඩ නිමවී නිවෙසට යාමට යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට යනවිට එහි ගේට්ටුව වසා තිබිණ.


අන්ද මන්ද වූ හෙතෙම ඒමේ අත බලා කිසිවකුට හෝ නොපෙනෙන්නට ගේට්ටුව උඩින් පැනගත්තේය. එහි පිටුපස එක් ප‍්‍රදේශයක ඇත්තේ ඉලූක්ගාලකි. අනෙක්පස ඇත්තේ රාජ්‍ය බැංකුවකි. එහි ආරක්ෂක නිලධාරින්ද සිටින බැවින් වෙල්යායක් අද්දරින් ඇති ඉලූක්ගාල හරහා යාමට ඔහු තීරණය කළේය.
ඉලූක් ගාල දෙපසට කරමින් පැයක් පමණ පාරක් සකස්කර එය මැදින් යතුරුපැදිය තල්ලූකළ කාර්මිකයා දහඩිය පෙරාගෙන ප‍්‍රධාන මාර්ගයට පිවිසියා පමණය.


එතැනට පැමිණි ඔහුගේ මිතුරෙකු මේ මොකදැයි විමසීය. ගේට්ටුව වහලා මාර කට්ටක්නේ කෑවේ. කාර්මිකයා කීය. කට්ටක් නම් කෑවට කමක් නෑ.

පොලොංගු නොකෑ එකමයි පුදුමය යැයි කියද්දී කාර්මිකයා යතුරුපැදිය පණගන්වාගෙන එතැනින් ඉගිළ ගියේය.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
12 Mar 2015 11:45 PM

සිඟිති පොළේ බඩු ගෙනයන්න තොග වෙළෙන්දෝ ඇවිත්

2015 මාර්තු මස 13 00:00:03 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)

පාසල් දරුවන්ගේ පරිසරය හා ගණිත විෂයන්ගේ පාඩම් මාලාවකට අනුව පසුගිය 11 වැනිදා බදාදා ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලක පැවැති සිඟිති පොළක බඩු එක පොදියකට රැගෙන යාමට තොග වෙළෙන්ඳන් හා වෙළෙන්දියන් පස්දෙනෙකු පැමිණීමේ පුවතක් වාර්තා විය.


මෙම පොළට දරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගිවූ නිසා විදුහල්පතිවරයා එය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කළේය. පෙරවරු 8.30 ට පොළ ඔහු හා ගුරු මණ්ඩලය අතින් විවෘත කොට ඊළඟට පොළේ බඩු ගැනීමට මව්පියන්ට අවස්ථාව ඇති බව නිවේදනය කළේය.


ඒ මොහොතේ නාඳුනන පිරිසක්ද සිටිනු දැක ඒ ගැන විමසා බැලීමේදී ඔවුන් සිඟිති පොළේ බඩු රැුගෙන යාමට ආ අය බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ඒ පිරිසට ඇතුළුවීම තහනම් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.


මෙම වෙළෙන්ඳෝ ප‍්‍රදේශයේ සිකුරාදා දින පැවැත්වෙන ජනප‍්‍රිය පොළකට බඩු රැුගෙන ගොස් වැඩිලාභයක් ලැබීමට සූදානම්ව සිටියහ.


රුපියලත් රුපියල් විස්සත් අතර සිඟිති පොළේ සෑම බඩුවක්ම මිල කොට තිබුණි. දරුවන්ට මුදල් හුවමාරුව පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදීමට පැවති සිඟිති පොළේ අරමුණ ගැන තොග වෙළෙන්ඳන්ට පවසා ඔවුන් ආපසු හරවා යැවීමට විදුහල්පතිවරයා සමත් විය.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Mar 2015 05:14 AM

 apooi apooi wena dewal ....

sthuthi

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Mar 2015 05:24 AM
තොග වෙළෙන්දොත් සිගිත්තෝද කියලා බලන්න එපාය.. එහෙමද දන්නේ නැහැනේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
13 Mar 2015 09:49 PM

කැන්ටිමේ හොරුන් අල්ලන්න ගහපු ගැටේට මුදලාලි අහුවෙලා

2015 මාර්තු මස 14 00:00:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)

 

ලොරි රථ රියැදුරන් අතර ජනපි‍්‍රය ආපනශාලාවක නිතරම සිදුවන කෑම හොරකමක් අල්ලන්න ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කරන්නට ගිය එම ආපනශාලාවේ හිමිකරුවාට වූ ඇබැද්දියක් පසුගියදා වයඹ පළාතේ නගරයකින් වාර්තා විය.


මෙම ආපනශාලාව උදේ සවස නිතරම ජනයාගෙන් පිරී තිබෙන්නක් වූයේ මෙය කාලයක සිටම හොඳින් පවත්වාගෙන ආපු නිසාය. මුදලාලි මහත්මයත් කඬේට එන සියලූම දෙනාට හොඳින් සලකයි.


එත් ටික දවසක ඉඳලා හවසට ලාභ පාඩු බලපු මුදලාලි මහත්මයාට ආදායමේ පොඩි අඩුවීමක් නිසා එය සොයා බැලූවත් හොයා ගන්න බැරුව ගිය නිසා ඔහුගේ හිතවතකු දීපු උපදෙසක් මත කඬේ සියලූම පැති පේන විදියට බර ගාණක් වියදම් කර ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ.


දින කිහිපයකට පසුව එම දර්ශන තමන්ගේ බිරිය හා නිරීක්‍ෂණය කරද්දී දිනපතා එහි එන පූස් තඩියෝ කීප දෙනෙක් බේකරි නිෂ්පාදන හොරා ගෙන යන ආකාරය දිස් වීමෙන් හොරු අල්ලාගත් නිසා මුදලාලි සතුටට පත්වෙලා සිටියත් ඉදිරි දර්ශනවලදී කඬේට එන රුව ඇති ළඳුන්ට මුදලාලි නොමිලයේම බඩු දෙන ආකාරයද බිරිය දැකගත් නිසා මුදලාලිට දෙවියෝ බුදුන් සිහිවුණාලූ.


මුදලාලි බිරිය තම හිතවතුන්ට පවසා ඇත්තේ කඬේ හොරුන් කෙසේ වෙතත් අලූත් කැමරාව නිසා තම සැමියාගේ හොරකම් අල්ලගන්න නම් පුලූවන්වුණ බවය. එදා සිට ගෙදරට වී සිටින මුදලාලි අලූත් කැමරාවක් නිසා තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ.

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>