Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 27 Mar 2018 08:53 PM by Ind007ka 2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි 21 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 10 Mar 2015 05:22 PM බජාජ් RE60 අඩුමිල මෝටර් රථය මෙරටට හඳුන්වාදීමට කැබිනට් පත්‍රිකාව සූදානම් ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ. මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථය වෙනම වර්ගයක් (different category) යටතේ ලියාපංදිචි කරන ලෙසයි. කෙසේවෙතත්, මෝටර් රථ ලියාංපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ දක්වා එම කටයුතු සිදුකර නොමැත. මෙහිදී, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා වෙනමම වර්ගයක් ඇතිකළ යුතු අතර එයට අදාළව මෝටර් රථ ප්‍රවාහන පනත වෙනස් කළ යුතුවේ. එය කළ හැක්කේ කැබිනට් මණ්ඩල අනුමැතිය තුළින් බව ඩේවිඩ් පීරිස් සමාගම සඳහන් කර තිබේ. සමාගම පවසා තිබෙන්නේ වාහනයේ සවිස්තර තොරතුරු සඳහන් කරමින් මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර අනුමැතිය සඳහා මේ වනවිට යවා තිබෙන බවයි. මෙම කැබිනට් අනුමැතිය ලැබුණු විගසම ලංකාවට RE60 මෝටර් රථය හඳුන්වාදෙන බව සමාගම පවසා ඇත. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 10 Mar 2015 07:31 PM තවත් පුංචි වාහනයක්. (මේකේ ෆොටෝ එක මිසින් වෙලා සමන්ත අයියේ.. ටිකක් ඒ ගැන බලන්න.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Mar 2015 07:33 PM thawath indian kunugodak.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Mar 2015 07:36 PM ඔව් ඉතින්.. ඕවා තමයි මෙහෙ ගොඩගහන්නේ.. අපෙන් මොනවා වත් එහෙට යන්නේ නැහැ.. අර මම කලින් දවසක කිව්වා වගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 10 Mar 2015 08:05 PM Posted By Ind007ka on 10 Mar 2015 07:33 PM thawath indian kunugodak.. kathawa sahatika atha.......... 0 samanthaMost Senior MemberPosts:13190 29 Jan 2016 07:55 AM ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතර ජනප්‍රිය ජීප් රථයක් වන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද (29) සිට අත්හිටුවීමට නියමිත වේ. එය ප්‍රථම වරට වසර 1948දී ඇම්ස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබේ. වෙළඳ පළට එක්වූ කාලයේ සිටම ඉහළ ජන්ප්‍රියත්වයක් දිනාගත් ඩිෆෙන්ඩර් රථ 8000ක් නිෂ්පාදනය ඇරඹූ වසරේ වෙළඳ පළට එක් කර ඇති අතර ඒ සියල්ල විකිණී තිබේ. ඩිෆෙන්ඩර් රථය වෙළඳ පළට එක්වී මේ වනවිට වසර 68කට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම රථ මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ. ලොව ආරක්ෂක හමුදා රැසක් භාවිතා කරන එය ඇෆ්ගනිස්තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා සේනාංකවල ප්‍රියතම වාහනය බව පැවසේ. බ්‍රිතාන්‍ය රැජිණද විශේෂ කැමැත්තක් දැක්වූ ඩිෆෙන්ඩර් රථය වෙනුවට නව අනුවාදයක් හඳුන්වාදෙන බව ලෑන්ඩ් රෝවර් සමාගම ප්‍රකාශ කර තිබේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 29 Jan 2016 08:45 AM දැන්මම වාහන 4 ක් 5 ක් අරන් තියාගන්න ඕන... 0 RosiSuper Senior MemberPosts:5335 29 Jan 2016 09:13 AM මාත් ආස වාහන ජාති වලින් එකක් ... ඉන්දික අයියා ඔයා ගන්නකොට මටත් එකක් අරන් දෙන්න 0 indika76Most Senior MemberPosts:10449 29 Jan 2016 09:23 AM සුළු දෙයක්නේ.. ලංකාවේ මේව යොදා ගන්නේ පොඩි පොඩි සෙල්ලම්වලට (පැහැරගැනීම් වැනි) 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jan 2016 05:22 PM ශික් අපරාදෙ මම එකක් ගන්නයි හිටියෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ChandimaAdvanced MemberPosts:509 29 Jan 2016 06:10 PM ekenuth lankawata tama padu 0 maduranga001Most Senior MemberPosts:14118 29 Jan 2016 06:49 PM තග් සීන් ටිකක් දාල පොර වගේ ඉන්න බ්ලැක් ඩිෆෙන්ඩරයක් ගන්න තමයි මමත් හිටියෙ. ශිහ්..! ඒකටත් ඉතිං බලහල්ලකෝ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jan 2016 10:21 AM මමත් ගොඩක් ආස කරන වහනයක් තමයි මේක ,මොකද දන්නේ නෑ එක පාරටම නිෂ්පාදනය නවත්තන්නේ ....? 0 samanthaMost Senior MemberPosts:13190 03 Apr 2016 10:05 PM මොරිස් මයිනර් වැඩපළ Morris Minor Workshop in Sri Lanka.....! මොරිස් මයිනර් හැදූ එංගලන්තයටත් අමතර කොටස් යවන ගාල්ලේ මොරිස් මයිනර් වැඩපළ Morris Minor Workshop in Sri Lanka එංගලන්තය ලංකාවට ක්‍රිකට් ඉගැන්නුවේය. ලංකාව එංගලන්තයට වඩා හොඳට ක්‍රිකට් ගසා පෙන්වීය. මේ ගුරුගෝල මාරුව අද ඊටත් එහා ගොස් තිබේ. ඒ ක්‍රිකට් ලෙසින්ම ලංකාව එංගලන්තයට ‘මොරිස් මයිනර්’ හදන හැටිද කියා දී ඇති හෙයිනි. අපි ඒ ශ්‍රී ලාංකිකයන් පිරිස සොයා ගියෙමු. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බටදූවේ වෙල්යායකට මායිම්ව මේ මොරිස් මයිනර් රෝහල පිහිටා තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ 1948 වසරේ ආරම්භක ඉතිහාසයේ ලියැවීමට පටන්ගත් මොරිස් මයිනර් කාරයේ විපත ලියැවෙන්නේ 1971 දී පමණය. නෆීල්ඩ් සාමිවරයා ලාංඡනයද සාදා දී වෙළෙඳ පොළට එවූ මොරිස් මයිනර් කාර් රථ ආයතන වැසෙන මොහොත වනවිට ලෝකය පුරා එබඳු රථ 1368291 ක් අලෙවි වී තිබුණි. අවාසනාවට මෙන් ආයතනය වැසෙන මොහොතෙන් පසු සාදා අවසන් කළ ලක්ෂ සංඛ්‍යාත කාර්වලට අවැසි අමතර කොටස් සැදීම ද නැවතිණි. ඒ සමගම සිදු වූයේ මොරිස් මයිනර් රථ හිමියන් අසරණ වීමයි. ගාල්ලේ මොරිස් මයිනර් රෝහල ඇරඹීමේ පසුබිම සැකැසෙන්නේ ඒ අනුවය. බටදූව මොරිස් මයිනර් ආයතනයේ ප්‍රධාන කාර්මික නිලධාරී ඩබ්.ඒ. විමලසිරි මහතාගේ වදනින්ම මින් ඉදිරියට කථාව අසමු. “මම පනස් ගණන්වල මුලින්ම ලංකාවට මොරිස් මයිනර් කාර් ගෙන්වපු නියෝජිත ආයතනයේ රැකියාවට ගියා. එතකොට මම තරුණයි. මුලින් කාර් හේදුවා. පස්සේ ශිල්පය ඉගෙන ගත්තා. අවුරුදු කීපයක් එතන වැඩකළා. එංගලන්තයේ මොරිස් මයිනර් හදන එක නවත්තන්න වෙනවා වියදම වැඩියි කියලා. ඒකෙන් වුණේ ලංකාවේ අපිටත් රස්සා නැතිව ගිය එක. මට ඒ වෙද්දී පෙට්‍රල් එංජිම ගැන හොඳ තේරුමක් තිබුණා. ටික කාලයකට මම මොරිස් මයිනර් වලින් දුරස් වුණා. වෙන තැන්වල වැඩ කළා. ඒත් මගේ ඇඟේ් මොරිස් මයිනර් තාක්ෂණය තිබුණා." අසූවේ දශකය ආරම්භ වනවිට ගාල්ලේ පදිංචි ධනපාල සමරසේකර නම් අයෙක් එංගලන්තයේ රැකියාව කරමින් සිටියේය. ඔහුට එංගලන්තයේ මොරිස් මයිනර් කාර් අලුත්වැඩියා කරන ආයතනයක හිමිකරුවා වූ චාල්ස් වෙයාර් නමැති මිතුරෙක්ද විය. මේ මිත්‍රයාට 80 දශකයේ මැද වනවිට සිය ආයතනයේ අලුත්වැඩියා කරන රථවලට අවශ්‍ය අමතර කොටස් හිඟයකට මුහුණ දීමට සිදුවිය. එංගලන්තයේ නම ලොව ප්‍රසිද්ධ කළ මොරිස් මයිනර් රථයේ කොටස් එංගලන්තයේත් සොයාගත නොහැකි වී තිබිණ. අවසානයේ ඔහු ධනපාල සමරසේකර සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය. "අපි ලංකාවේදී මොරිස් මයිනර් අලුත්වැඩියා කරන ශාඛාවක් පටන් ගනිමු. මම උදව් කරන්නම්. ඔයාලා මට ඕන කොටස් එහේ හදලා එවන්න.” ධනපාල සමරසේකර මේ යෝජනාව හිතේ තබාගෙන මෙරටට පැමිණියේය. “මම ඒකාලේ සමුපකාර ගරාජ් එකේ වැඩකළා. දවසක් මට හදන්න ලැබුණු මොරිස් මයිනරයක් මම හොඳම තත්වයෙන් හැදුවා. මේක ගරාජ් එකට ඇවිත් හිටිය ධනපාල මහත්තයා දැක්කා. එයා මාව හොයාගෙන ආවා. ඇවිත් කිව්වේ මේක අභියෝගයක්. ඔයා මාත් එක්ක එකතුවෙලා මේක කරමු කියලා. මට රැකියාව දාලා එක පාර එන්න බෑ. ඒත් මම උදව් කරන්නම් කිව්වා.” ඒ අනුව 90 දශකයේ මුල බටදූවේ වැඩපොළ ආරම්භ විය. එහි මොරිස් මයිනර් කොටස් ස්වල්ප වශයෙන් සෑදු නමුත් ඒවා නිසි ප්‍රමිතියෙන් තොරවිය. 91 වසරේ චාල්ස් වෙයාර් අවශ්‍ය උපකරණද සහිතව ‘ඩියුරබල් කාර්ස් ලංකා’ නමින් මෙය ආරම්භ කරන්නට යෙදිණි. ඒ ධනපාල සමරසේකර මහතාගේ නිවස ඉදිරිපිටය. “එදා ඉඳන් අද වෙනක්ම අපි කාර්වලට ඕන කොටස් හදනවා. අපි එන්ජින් කොටස් හදන්නේ නැහැ. ඇත්තටම මොරිස් මයිනර් එන්ජිම හදන්න ඕන නෑ. එදා තත්ත්වයෙන්ම අදත් තියෙනවා. මටත් මයිනර් එකක් තියෙනවා. මම ඒකෙන් රට වටේම රවුමක් ගිහින් ආවා. පෙට්‍රල් ගහපු එක විතරයි කළේ.” අද වන විට මසකට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක මොරිස් මයිනර් බඩු ඔවුහු එංගලන්තයට අපනයනය කරති. ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ආදි රටවලට වෙනම අපනයනය කෙරෙයි. ඩෙන්මාර්ක් රටින් අඩි 40 කන්ටේනරයක බහා කාර් තුනක් මෙරටට එවා තිබුණේ ඒවා සාදා නැවත එවන ලෙස ඉල්ලමිනි. “මම ඒ කාර් හදලා යැව්වා. අපි මෙහේ ටෙස්ට් කළෙත් නෑ. අයිති කෙනා නැවෙන් බාලා කිලෝමීටර් 400 ක් එක කාර්එකක් එක දිගට පැදගෙන ගිහින්. එයා මට කථා කරලා කිව්වා ‘හරි පුදුමයි’ කියලා. මොරිස් මයිනර් අමතර කොටස් හදනවාට අමතරව ඔවුන් මෙරට පාරිභෝගිකයන්ගේ මයිනර් රථ අලුත් වැඩියාවද සිදුකරයි. “අපි අන්තිම ඇනේට යනකම් ගලවනවා. ගලවලා කොම්පැනියේ තත්ත්වෙටම අලුතින් හදනවා. ඊට අඩු කොලිටියෙන් හදන්නේ නෑ. ඒකනේ අපි ඩියුරබල් කාර්ස් ලංකා කියලා නම දැම්මේ” ඔහු තම ආයතනයේ නාම පුවරුව දෙස බලමින් සිනාවේ. මෙරට භාවිතා වන බොහෝ දෑ Made in යන්නට පසු වෙන රටක නමකින් සැරසී ඇතිදෑය. එවන් තත්ත්වයක් තුළ රැජිනගේ රටේත්, වෙනත් යුරෝපා රටවලත් Made in Sri Lanka යන්නෙන් සැරසුණු මෝටර් රථ අමතර කොටස් හෝ තිබිම සතුටකි. එයත් ඔවුන් ගෞරවයෙන් සලකන මොරිස් මයිනර් නාමය යටතේ වීම ආඩම්බරයකි. (උපුටා ගැනීමක්) පසුවදන : අපේරටෙත් ඉන්නවා හොද වැඩකරුවෝ ඔහුන්ට නිසි ආකාරයෙන් පුහුණුවක් සහ ක්‍රමවත්ව තම ගරාජ් එක පවත්වාගෙන යාමට රජයෙන් හෝ වෙනත් ආයතන වලින් නිසි සහයෝගයක් ලැබෙනවානම් අපේරටේම ඔය විරැකියාවට පස්න විසදන්න පුළුවන්. අනිත්එක වෘර්තිය පුහුණුවක්හෝ මොනයම් කාර්මික පටමාලාවක් හදාරන පිරිස් හටද තමාගේ උගත්කමෙන් ප්‍රයෝජනයක් ලබාගැනීමට ඉස්තනයක් නොතිබීම.. Source : https://www.facebook.com/groups/Carindustrial/permalink/540569759438239/ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ChandimaAdvanced MemberPosts:509 03 Apr 2016 10:14 PM age karanam ona wadak nadda aaaaaa 0 sha733Super Senior MemberPosts:7332 04 Apr 2016 03:49 AM හරි ආඩම්බරයක් දැනෙනව එදා පිරිස් ගැනත් 0 hasithadSuper Senior MemberPosts:5795 04 Apr 2016 08:45 AM කොච්චර දෙයක්ද..... 0 DushanVeteran MemberPosts:2536 04 Apr 2016 09:44 AM මේ වගේ අයට තමයි ලංකාවේ තැන දීල තව ටිකක් සහයෝගයක් දෙන්න ඕනේ ඉස්සරහටත් හොදට කරගෙන යන්න 0 samanthaMost Senior MemberPosts:13190 21 Mar 2018 09:52 PM 2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි ජපානයේ ටෝකියෝ නුවර 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ප්‍රවාහන කටයුතු තවදුරටත් පහසු කිරීමට ජපානය විසින් නවතම අධිවේගී දුම්රියක් හඳුන්වා දී තිබේ. ෂින්කන්සන් N700S හෙවත් ෂින්කන්සන් සු ලෙස නම්කර තිබෙන මෙම දුම්රිය ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාදිලියේ නවතම නිෂ්පාදනයකි. මෙම දුම්රිය 2020 වර්ෂයේ දී ටෝකියෝව සහ ෂින්-ඔසාකා අතර ධාවනයේ යෙදවීමට සැලසුම් කර තිබේ. මෙහි පර්යේෂණ මෙහෙයුම් මේ වසරේ මාර්තු මස සිට ආරම්භ කරන බව ජපාන දුම්රිය බලධාරින් පවසයි. වඩාත් ආකර්ෂණීයව මෙන්ම දුම්රිය මගීන්ගේ පහසුව පිළිබඳව ද සුවිශේෂී අවධානයක් යොමු කරමින් හඳුන්වා දී ඇති මෙම දුම්රියේ මගී ආසන වඩා වැඩි පරතරයක් සහිතව සකස් කර ඇත. තව ද එම සෑම මගී ආසනයක්ම විද්‍යුත් උපාංග ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට හැකි පහසුකම්වලින්ද සමන්විතවේ. මෙම නවතම දුම්රිය ටොකයිඩෝ ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාර්ගයේ නව යුගයක් සංකේතවත් කරන බව ජපාන දුම්රිය බලධාරිහු කියති. ඩේලි මේල් ඇසුරෙනි (නිසංකා සංදීපනී) සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 21 Mar 2018 09:57 PM සුපිරිතම ස්පිඩ් එකක් ඇති..මෙහෙම වගේ ලංකාවේත් තියනවනම් කොච්චර හොදද?. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Aviation and Transportation Automobiles