Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Oct 2018 04:28 PM by Udeshika Herath ඔයාටත් තරහ යනවද 20 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 10 Oct 2018 04:28 PM Quote Reply Posted By Imalka on 09 Oct 2018 04:09 PM Posted By Udeshika Herath on 05 Oct 2018 08:30 PM ඔයාටත් තරහ යනවද උණුවතුර බෝතල් පාවිච්චි කරනවාද.... එහෙනම් මේක ටිකක් කියවලා බලන්නකෝ... පොඩියට හරි වැදගත් වෙයි.... හිතට ලොකු දුකක් කේන්තියක් දැණුනාම කරන්න පුළුවන් ලොකුම දේ.... කේන්තිය හරි දුක හරි ඉවර වෙනකල්ම භාජන හෝදන එක.... හෝදපු එව්වා හරි කමක් නෑ ඇදලා අරං... හයියෙන් එහෙට මෙහෙට හප්ප හප්ප හෝදන කොට පුදුම විදියට අර මානසික ආතතිය අඩු වෙලා යනවා.. මේ ඇත්තමයි කියන්නේ... ඉතිං ඒ වෙලාවට හෝදන්න හොඳම දේ තමයි උණුවතුර බෝතලේ.... හැබැයි ඉතිං හප්ප හප්ප හේදුවොත් නම් ඊළඟට වෙන දේ මං කියන්න ඕන නෑනේ... බොහෝම කල්පනාවෙන් සීග්ගරේට කරන්න ඕනා වැඩක් මේක..... ඊට කළිං මේකත් අහන්නකෝ.... ඔය උණුවතුර බෝතලේ කියන එක හැම දෙනාමත් පාවිච්චි කරන්නේ නෑ... හැබැයි වැඩි දෙනෙකුට මේක නැතුවත් බෑ.... ඒ නිසා උනුවතුර බෝතලයක් ගන්න කොට හොඳම බ්‍රෑන්ඩ් එකකින් ගන්නම ඕනේ.. මොකද උණුවතුර බෝතයක් කියන්නේ හරියට පාවිච්චි කරනවා නම් ජීවිත කාලෙටම එකක් වෙන්නත් පුළුවන්... මගේ මේ 14 වසරක විවාහ ජීවිත කාලෙට මං මේ පාවිච්චි කරන්නේ 2නි බෝතලේ.... ඔය බ්‍රෑන්ඩ් එක බලන්න... මට නම් බොහෝම විශ්වාසවන්ත එකක්.. ගත්තේ ආර්පිකෝ එකෙන්.... එක එක ප්‍රමාණ වලින් තියෙනවානේ.... ඉතිං පුංචිම බෝතලේකුයි ලොකු බෝතලේකුයි 2ක් ගන්නවා.. ඒ මොකද දන්නවද.... සාමාන්‍යයෙන් උණුවතුර දාන බෝතලේටම තේ, කෝපි දැම්මාම කරදරයි....ලොකු බෝතලෙට නිතරම උණුවතුර එකක් පුරවලා තියාගන්න පුළුවන්.. නිතර නිතර තේ කෝපි බොන කෙනෙක් නම් පොඩි බෝතලේකට ටිකක් තදට කහට හදලා දාලා තියාගන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට කහටයි උණුවතුරයි කලවමට දාලා තේ කෝපි හදාගන්න පුළුවන්... ඒ වගේම තමයි නිතරම බෝතලේකට උණුවතුර දාලා තියාගන්න එක හරිම වටිනවා.. හදිස්සියකට උණු වතුර ටිකක් ඕන උනාම අමුතුවෙන් රත් කර කර ඉන්න ඕන නෑනේ.... සමහරු නම් උණුවතුර බෝතලේ දාලා තියලා තේ බොන්න කැමති නෑ... ඒක වෙනමම කතාවක් .. මං මේ කියන්නේ නිතර උණුවතුර බෝතල් පාවිච්චි කරන අයට හොඳේ.... සමහරු උණුවතුර බෝතලයක් හොයන්නේ කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කළාම... ඉතිං රට වටේ දුවනවා හොය හොයා... අල්ලපු ගෙදර බෝතලේ පිනට ඉල්ලගෙන එනවා.. ඒකේ තියෙන කහට ඇරලා හෝදලා ලස්සන කරලා ඉස්පිරිතාලේ යන කොට ලෙඩා මැරිලා... හා නැද්ද මං අහන්නේ... ඊළඟ වැදගත්ම කතාව බෝතලේ පිරිසිදු කරන එක.... හරි ඔන්න ඔතනට එන්න තමයි මේ වටින් ගොඩින් ආවේ... දැන් බලන්නකෝ ඔයාලගේ උණුවතුර බෝතලේ ඇරලා... හුඟක් වෙලාවට බෝතලේ ඇතුලේ තදට කහට බැඳිලා ඇති....කට වටේ පවා... එහෙම නේද... කොහොමද ඔයාලා මේක පිරිසිදු කරන්නේ.. දන්නේ නැති අය ඉන්නවා නම් අහගන්න හොඳේ.... උණුවතුර බෝතලේ උණුවතුර අහක්කරපු ගමන් ඇල්වතුර දාන්න එපා... ටිකක් වෙලා තියන්න.. රස්නේ ගියාම පත්තර කරදහියක් හරි පරණ ඇස්සයිස් පොතක පිටු දෙක තුනක් හරි පොඩි කෑලි වලට ඉරලා දාන්න බෝතලේ ඇතුලට..... කැමති නම් පුංචි සබන් කෑල්ලකුත් දාන්න.... වතුර කෝප්පයක් දාලා මුඩිය වහලා හොඳට හොලවන්න.. විනාඩියක් දෙකක් හොලවලා මුඩිය ඇරලා වතුර ටික අහක්ක කරලා බලන්නකෝ... ඔයාගෙම මුණ බෝතලේ ඇතුලේ තියෙනවා දැකලා බය වෙන්න එපා ඕං.. හොඳේ.... දැන් ඉතිං ආයේ වතුර දාලා හොඳට පිරිසිදු කරලා ගන්න... ඊළඟට පරිස්සමින් බෝතලේ යට මුඩිය වගේ කොටස ගලවලා කෑලි ටික වෙන් කර ගන්න... ඔය උණුවතුර දාන කොටස පරිස්සමට පැත්තකින් තියලා කවරේ ගන්නකෝ අතට.... අප්පේ ඒකේ තියෙන ජාති නේද.... ගන්න හොඳ ස්පොන්ජ් එකක්.... ඒ වගේම ගන්න බේබි සබන් කැල්ලක්... (සුදු පාට බේබි සබන්ගන්නවා නම් වඩා හොඳයි.. මොකද තද සුවඳ තියෙන ඒවා භාජන හෝදන්න ගන්න එපා..) හොඳට ස්පොන්ජ් එකේ බේබි සබන් ගාලා ප්ලාස්ටික කවරේ සියලු කොටස් හොඳට අතුල්ලලා සෝදන්න... දාර සහිත තැන් බ්‍රෂ් එකකට බේබි සබන් ගාලා හොඳට අතුල්ලලා හෝදන්න... දැන් පිරිසිදු වතුරෙන් හෝදලා බලන්නකෝ... අද ගෙනාවා වගේ නැද්ද කියලා.... මේක මං දන්න රහසක් හොඳේ... සියලුම ප්ලාස්ටික් භාජන හෝදන කොට බේබි සබන් පාවිච්චි කරලා බලන්න... කොහොමද වෙනස කියලා... සමහර විට ඔයාලා පුදුම වෙයි.... ඒ වගේම මං වීදුරු කෝප්ප, පිඟන් සෝදන්න පාවිච්චි කරන්නෙත් බේබි සබන්... බොහෝ වෙලාවට තේ බොන කෝප්ප වල කට වටේට තදට අල්ලන කහට පැල්ලම් හරිම පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්... මෙතනට අදාල නැති උනත් තව රහසක් කියන්නම්... දරුවන්ගේ සුදු ඇඳුම් බේබි සබන් ගාලා හෝදලා බලන්නකෝ... කොලර් වල.. අත් කටවල් වල.. කිහිලි කටවල් වල මෙච්චර කල් ඔයාලට යවා ගන්න බැරි වෙච්චි පැල්ලම් හොයාගන්න බැරි විදියට හෝදගන්න පුළුවන්.... මේ විදියට හෝදගත්ත භාජන... උනු වතුර බෝතලේ එහෙම අව්වේ තියලා වේලලා ගන්නත් පුළුවන් නම් තවත් හොඳයි..... කරලා බලමු නේද.... මට නම් තරහා යන්නේ නැහැ අවශ්‍ය තැනදී අවශ්‍ය මාත්‍රාවෙන් තරහා ගන්නවා.......... හිටං මේ ලිපිය කියෙව්වම උණු වතුර බෝතලේ උඩ වීසි කරලා ඔලුව අල්ලන්න හිතෙනවා හිටං හත්වලාමේ ඇයි මේ කස්ටියට මේ වගේ නිර්මාණශීලී අදහස් එන්නෙ... මං වැරදි දෙයක් වත් කිව්වද ඉදං... 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit