Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Jan 2019 07:09 AM by maduranga001 ~~~~~~~~~~~~රස කතා - තාත්තට වෙන අකරතැබ්බි රස කරලා කියන හැටි ~~~~~~~~~~~ 18 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages PoddiVeteran MemberPosts:2100 15 Nov 2018 10:48 AM Quote Reply තාත්තට වෙන අකරතැබ්බි රස කරලා කියන හැටි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 15 Nov 2018 11:19 AM Quote Reply මේක නම් මේ ළගදීම වෙච්චි සිද්දියක්.... ************ රාත්‍රී 7 ට පමණ තාත්තා මට කෑමත් අරගෙන කඩේට එද්දී එයාගේ ඇහැට කොස්සෙක් ගිහිල්ලා. "ළමයෝ මගෙ ඇහැට කොස්සෙක් වැදු...ණා .... බලන්න..කෝ ටිකක් ඉන්න බෑ දනවා'' ඉතින් මම ටෝච් එළියෙන් තාත්තගේ ඇහැ බැලුවත් කොස්සෙක් පේන්න හිටියේ නෑ . හැබැයි ඇහැ රතු වෙලා තිබුණා .. වතුරෙනුත් ඇහැ හොද ගත්තත් දැවිල්ලයි. එදා හොදටම වහින හින්දා පුතත් එක්ක ගෙදර නොගිහින් අපි කඩේම නැවතුණා. පහුවදා උදයේ තාත්තගේ ඇහේ වේදනාව දැඩි නින්දත් සමග තරමක් පහව ගොස් තිබුණා .. කොස්සා වැදිල ඇහැ චුට්ටක් තුවාල වෙලයි තිබුණේ '' තාත්තේ මම පුතාගේ කෑම එක හදනකම් කඩේ දොර අරින්නකෝ...'' මම ගොඩක්ම කැමති තාත්තා හරි මගෙ මහත්තයා හරි කඩේ දොර අරිනවනම්... (බිස්නස් චුට්ටක් හරි වැඩි ඒ දවස්වලට) තාත්තත් ඉතින් කඩේ දොර අරින්න ගියා... අනේ විකුනන්න තිබුණ ඉදල් ටික දොර කෙලවරේම තියන්නේ. තාත්තගේ අර ඇහේ ම ඉදලේ ඉරටු කුරකුත් ඇනිලා.. දැන් හොදටම අමාරුයි. ඉතිං අම්ම කොහොම හරි කෑ ගහලා තාත්තට බෙහෙත් අරගෙන එන්න කියලා පිටත් කළා. තාත්තා බෙහෙත් ගෙන්න ගියා . '' මොකද ජයතිලක '' දොස්තර මහත්තයා බෙහෙත් තුන්ඩුවේ වු නම බලමින් විමසුවේය. ''කොස්සයි,ඉදලයි දෙකම මේ ඇහේ වැදුනා මහත්තයා. දැන් ඉන්න බෑ දනවා . ''මොකද ගෙදර වලියක්වත් ගියාද ? ඉදලයි කොස්සයි දෙකම වද්දගත්තේ .... ''නෑ නෑ මහත්තයා කොස්සා ඊයේ බයික් එකේ යද්දී වැදුනේ.'' '' අහ්හ් ඒක මිසක්.. මන් බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්..'' බෙහෙත් අරගෙන ආපු තාත්තා අත තිබුණු බෙහෙත් ටික මට දීලා ''පුතේ මේ බෙහෙත් ටික තෝරලා දෙන්නකෝ '' පැවසුවේය ''බෙහෙත් ගොඩයි ... මොකද තාත්තේ මෙච්චර බෙහෙත්..'' ඉදලයි කොස්සයි දෙකම වැදිලා හින්ද තමයි ඉතින්...'' තාත්තා සිනාසෙමින් කිවේය. තව ෆාමසියෙනුත් ගන්න එකක් ලියල තිබුණා ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 15 Nov 2018 11:28 AM Quote Reply පව් තාත්තා... 0 samanthaMost Senior MemberPosts:13190 15 Nov 2018 02:24 PM Quote Reply කෘමියෙක් වුණ කොස්සා දොස්තර ලඟදී ගෙදර කොස්ස වුණ අපූරුව. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 15 Nov 2018 02:26 PM Quote Reply Posted By samantha on 15 Nov 2018 02:24 PM කෘමියෙක් වුණ කොස්සා දොස්තර ලඟදී ගෙදර කොස්ස වුණ අපූරුව. එකනේ මාමේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 15 Nov 2018 02:27 PM Quote Reply Posted By indika76 on 15 Nov 2018 11:28 AM පව් තාත්තා... මොනවම් හරි කර ගන්නවනේ තාත්තා . අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 15 Nov 2018 05:52 PM Quote Reply කොස්ස කරපු තරම ඉදල් කුරුත් ඇනගෙනද මන්දා.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 16 Nov 2018 02:21 AM Quote Reply අනේ......තාත්තටම නේ වෙන්නෙ 0 PoddiVeteran MemberPosts:2100 16 Nov 2018 03:48 PM Quote Reply එක්තරා දවසක්. තාත්තා හයර් එකක් ගියා ලොරියේ... මගදී ලොරිය පාරේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්‍ර පරීක්ෂාවක් සදහා නවත්තලා . තාත්තා ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්‍ර බහාලා තිබු ඉටි කවරය පිටින්ම ඔවුන් අතට දීල තියෙන්නේ. එක පොලිස් නිලධාරියෙක් ඉටි කොලේ අස්සට ඇගිල්ලක් දම දම ඔට්ටු වෙනවලු. තාත්තා හිතලා තියෙන්නේ ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්‍රය ගන්න අපහසු වෙලා කියලා .. "ඇයි රාළහාමි ගන්න බැරිද කොළ ටික " " හරි හරි පුළුවන්.... හදිස්සිද යන්න." " නැ නැ රාළහාමී " තාත්තා එහෙම කියලා බලාගෙන හිටියලු. " මෙන්න ඉන්ෂුවරන්ස් . වැඩේ හරි. තේ එකක්වත් බොන්නම්කො " රාළහාමි සිනාමුසු මුහුණින් ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්‍ර ය තාත්තාට දුන්නලු.." "තාත්තට ඉතින් තනියම හිනාලු ' මොකද දන්නවද? දවසක් ඒ ඉටි කවරේ ඇතුලේ මොකක්දෝ එකකට ගන්න කියලා තාත්තා දාලා තිබුණ රුපියල් 50 ගන්න තමයි අර රාලහාමිලා ඔට්ටු වෙලා තියෙන්නේ " ගෙදර ඇවිත් ඒ විස්තරය පැවසු තාත්තා අන්තිමට ගත්ත තීරණේ තමයි මේ .. "පව් පාරවල් වල ඉන්න පොලිසියෙන්... ආයේ යනකොට තේ බෝතලයක් හදාගෙන ගිහින් දෙන්න ඕනේ " ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Nov 2018 04:40 PM Quote Reply පට්ට හිනා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 16 Nov 2018 04:40 PM Quote Reply තාත්තා දන්නේ නැතිවම පගා දීලානේ... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Nov 2018 05:32 PM Quote Reply එක නම් මාරම පගාවක්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 16 Nov 2018 07:10 PM Quote Reply අනේ ඔව් ඔය බාප්පලාට තේමයි ගෙනියන්න ඕන 0 sha733Super Senior MemberPosts:7332 17 Nov 2018 02:39 PM Quote Reply රු 50 ට ඒව බලල නෑ පුදුමයි 0 PoddiVeteran MemberPosts:2100 17 Nov 2018 03:25 PM Quote Reply ඒකනේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Nov 2018 03:47 PM Quote Reply හෙ හේ රුපියල් 50 උස්සලා.. ඕමමයි ඕකල Udeshika Herath 0 ImalkaVeteran MemberPosts:4533 27 Nov 2018 03:34 PM Quote Reply තේ බෝතලයක් 50/- වඩා මිලයි...ඒ නිසා ෆිෆ්ටියක් දීලා මාරු වෙන එක වඩා වාසියි 0 maduranga001Most Senior MemberPosts:14118 27 Nov 2018 09:15 PM Quote Reply පව් පොලිස් මාමල. රුපියල් පනහට වැටිල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Jan 2019 07:09 AM Quote Reply නැද්ද තව තාත්තට වෙච්ච අකරතැබි එහෙම රස කර කර බලන්න? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit