Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:52 PM by indika76 මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න 173 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 9 << < 56789 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 19 Jul 2019 10:31 AM Posted By Ind007ka on 18 Jul 2019 11:27 AM අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි // හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් අදත් විඳින්නේ මා පමණයි අපි ආයෙත් හමු නොවුනා නම් සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ // ආදරයේ කඳුළින් මියයන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ අපි ආයෙත් හමු නොවුනා නම් ගී පද: අජන්තා රණසිංහ සංගීතය: වික්ටර් රත්නායක අපගේ යෞවන වියේදී ගොඩක් සිත්ගත් ගීතයක්... අජන්තා හා වික්ටර් රත්නායකයන්ගේ සුන්දර එකතුවක්... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jul 2019 10:31 AM මා කැමති ගීතය 06. සෝමතිලක ජයමහනුග සෙවනක් සේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 19 Jul 2019 10:34 AM Posted By Udari on 18 Jul 2019 09:44 PM ආදරයේ උණුසුම ලඟ ...............මට දුක දැනෙන්නෙ නෑ........😅 සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ මමත් ගොඩක් ආස ගීතයක්.. මේ ගීතයෙන් ජීවිතයට ලොකු පාඩමක් කියා දෙනවා... 0 indika76Most Senior MemberPosts:10449 19 Jul 2019 10:41 AM Posted By Imalka on 18 Jul 2019 09:54 PM සෝමතිලක ජයමහ මහත්මාගේ මගේ ප්‍රියතම ගීතය සැදෑ අඳුර ලොව ගලන වෙලාවට මේ ගීතය අසන විටම සැන්දෑ කාලය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්. ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට" ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2019 09:10 PM මා කැමති ගීතය - 07. අබේවර්ධන බාලසූරිය 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2019 09:12 PM කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ - ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා 0 Ruwan_Sampath01Advanced MemberPosts:687 21 Aug 2019 01:04 AM ralakin thaniwee wana mada sarana 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Aug 2019 09:34 AM Posted By indika76 on 20 Aug 2019 09:12 PM කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ - ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා මගෙත් ප්‍රියතම ගීතය මෙය තමා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 21 Aug 2019 04:28 PM Posted By Ruwan_Sampath01 on 21 Aug 2019 01:04 AM ralakin thaniwee wana mada sarana ආදරය සහ ගැහැණිය, සැබෑ ප්‍රේමයේ බලසම්පන්නකම, අපූර්වත්වය පිළිබඳ පිරිමියකු විසින් ගයන අති විශිෂ්ට ගීතයකි. රැලකින් තනිවී වනමැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වගේයි මට ඔබගේ ප්‍රේමේ හබල බිඳී ගොස් පෙරලුනු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල කවා පොවා සනහා පෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරණා ගී පද : ප්‍රේමකීර්තිද අල්විස් සංගීතය : රෝහණ වීරසිංහ 0 indika76Most Senior MemberPosts:10449 21 Aug 2019 04:35 PM Posted By Ind007ka on 21 Aug 2019 09:34 AM Posted By indika76 on 20 Aug 2019 09:12 PM කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ - ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා මගෙත් ප්‍රියතම ගීතය මෙය තමා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගී තනු රැසකට සිය ගායනයෙන් හඬ මුසු කිරීමට අබේට හැකි විය. කේමදාසයන්ගේ සංගීත රචනා ද කිසිම දින කිසිවකුට අභියෝග කළ නො හැකි වන පරිද්දෙන් නිර්මාණය කර තිබේ. ඒවා ද දැවැන්ත නිර්මාණ කාර්යයෝ වෙති. කේමදාස සිනමා පසුබිම් සංගීතයක ද සරල ගීයක ද, එකිනෙකට වෙනස් හැඩතල මත පිහිටා විවිධ අත්හදා බැලීම් ඔස්සේ නිර්මාණකරණයේ නියැලුන දැවැන්තයෙකි. අබේ ගැයූ “කල්පනා ලොව මල් වනේ” එ බඳු ගීයකි. මේ ගීය තුළ මතු කරන්නා වූ හුදකලාව, පාලු බව, සහ හිතේ හටගන්නා වූ සංතාපය එකිනෙකට පරයා වෙනස් වෙවී නැගෙනවයලීන රැසකින් වන වැයුමකින් ද, ඒ වයලීන යටින් හිතේ නැගෙන්නා වූ සංතාපය, පාලු බව මතු කිරීම සදහා වයලීන අතරින් ඊට යටින් මන්ද්‍ර ස්වරයෙන් පංතියක් සමග එකතු වනචෙලෝ වාදනය ද ගීතයේ බටහිර සංධ්වනි සංගීත ආකෘතියක සියළු හැඩතල ගෙනෙයි. අබේවර්ධන බාලසූරියගේ ගායනය ද සංධ්වනි සංගීතයක ඇසෙන්නා වූ ගායනාවක් බඳු ය. මේ ගීය ගී රසයේ උල්පතක් ව දෙසවන් කර්ණ රසායනයෙන් පුරවන්නේ ඒ නිසා ය. (අන්තර්ජාලයෙනි) 0 maduranga001Most Senior MemberPosts:14118 24 Aug 2019 07:40 PM මීදුම් සැදෑ... ආනන්දයේ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ruwan_Sampath01Advanced MemberPosts:687 24 Aug 2019 09:43 PM මීදුම් සැදෑ... ආනන්දයේ... me heethaya tiyana album eka mokakda ka lagawath nadda mama sinduwa ahala tiyanawa man laga na maduranga aiyya kiwama ahanna hithuna tibenam dennako 0 indika76Most Senior MemberPosts:10449 24 Aug 2019 11:56 PM කන්දෙන් එහා නිල් නිම්නයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි මීදුම් සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි කඳු රෑනේ හැන්දෑවේ - සිත පාළුයි පාළුයි නේ පවනැල්ලේ මා එනවා - සුබ සැන්දෑවක් වාගේ සිරි සිරි හඬින් සිරි පොද වැටී සිතිවිලි මගේ සීතලයි මේ ගීතය තියෙන්නේ නිරංජලා සරෝජිනීගේ නිල් නිම්නා කැසට් පටයේ 0 indika76Most Senior MemberPosts:10449 25 Aug 2019 12:01 AM ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - මහින්ද බණ්ඩාර https://www.youtube.com/watch?v=C09Ec9uYGDM 0 Ruwan_Sampath01Advanced MemberPosts:687 25 Aug 2019 10:23 PM thanks indika aiyye 0 ImalkaVeteran MemberPosts:4533 28 Aug 2019 04:54 PM අබේවර්ධන බාලසූරිය - මළවුන්ගේ නගරයේ මමයි මමයි හමුවුණා තෙදවන් කටහඬක් ඇති සංගීතවේදියාණන්...විවිධ තේරුම් ඇති ගීතාවලියක් ඔහු විසින් ගයාඇතත් ඔහුගේ ගීත අතර මම දුටු සුවිශේහී ගීතයක් මම ඔබ වෙනුවෙන් මතක් කරදෙන්නම් මේක යුග ගීතයක් නිරංජලා මහත්මිය සමග ගායනා කරන්නේ සමාජයේ පවත්නා පිළිවෙත් හා නොගැලපීම් නිසාවෙන්, නොයෙක් බාධක නිසාවෙන් එකතු වීමට නොහැකිවුණු පෙම් යුවලකගේ බලාපොරොත්තු හා බැඳුනු කතන්දරයක් ගැන කියවෙන අනුවේදනීය ගීතය එතුමන්ගේ ගීත අතරින් මම මෙසේ ලියා තබන්නම් 0 indika76Most Senior MemberPosts:10449 29 Aug 2019 09:33 AM මලවුන්ගේ නගරයේ ඔබයි මමයි හමු උනා මලවුන්ගේ නගරයේ මමයි ඔබයි හමු උනා සජීවි සක්වල තළයේ වරම් නොමැත හමුවන්නට එක වහලක් යට ඉදගෙන එක අහරක් වලදන්නට ඉතාමත් සුන්දර ගීතයක්... 0 hasithadSuper Senior MemberPosts:5795 30 Aug 2019 11:05 PM මේ ගීතය මම අහලා නෑ අයියේ. අහන්න ලබා දුන් එකට ගොඩක් ස්තූතීයි. 0 indika76Most Senior MemberPosts:10449 02 Nov 2019 08:34 AM මා කැමති ගීතය - 08. එච්වඩ් ජයකොඩි මේ ඉර හද යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනෙහෙ වඩපු අය ලග පාතකවත් නෑ අද නුබ කොතනද..අද මා කොතනද දන්නෙ නෑ නුබ මටත් හොරා ජීවන මහමග සටන් වෑදී ඈත නා දුනනා පෙම්වතුන් වෙලා දැන හදුනා ගත් කාලේ ඉදලා ලබෑදි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කදුලක් ඉතිරි වෙලා 0 indika76Most Senior MemberPosts:10449 02 Nov 2019 08:35 AM මේ… ඉර හඳ යට හමු වී “අති ගෞරවනීය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ විසින් රචනා කරන ලද එම් ආර් චූලසිංහ ප්‍රවීන සංගීත වේදියා විසින් රචනා කරන ලද විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කළ ‘මේ ඉර හඳ යට ‘ කියලා ඇරඹෙන ගීතය අපේ ජීවිත වල එක්තරා පැතිකඩක් විවෘත කරලා දක්වනවා කියන කාරනාවයි මට කල්පනා වෙන්නේ. මේ ගීතය ශ්‍රවණය කරන බොහෝ දෙනා කියන්නේ මේ ගීතය ප්‍රේම ගීතයක් ය කියලා. බැලූ බැල්මට පෙනන අසන දකින දේවල් අනුව නිගමනයකට බහින කෙනෙකුට ඒ උත්තරය තුලත් නිවරදි බවක් තියනවා ය කියලා කල්පනා වෙන්නට පුළුවන්. අපි මේ ලෝකේ උප්පත්තිය ලබන කොට ඉර පායලා තියනවා අහසේ. අපි මේ ලෝකයේ උප්පත්තිය ලබලා ජීවත් වෙන කොටත්, ඒ ඉර ඒ වගේම අහසේ පවතිනවා. හඳත් ඒ වගේ තමයි. මේ ජීවිත කාලය පුරා ලබන අත්දැකීම අපට ලබාදුන්න අය අද කොහෙද ඉන්නේ.? අද ඔබ ඔය තරමට දැනුමෙන් පෝෂණය වන්නට ඔබට අත්දැකීම් දුන්න අය අද කොතනද ඉන්නේ… මේ ඉර හද යට ඔබට මේ ලෞකික ජීවිතය තුල හමුවුන අය අනන්තයි අප්‍රමාණයි. ඔබ දන්නේ සංසාරේ මේ ජීවිත කාලේ හමුවුන අය ගැන විතරයි. ඔබට නම් ගම් කියන්න පුළුවන් මේ ජීවිතයේ දී හමුවුන අය ගැන විතරයි. ඒ අය අතරිනුත් ඔබේ මතකයේ තියනේනේ කීයෙන් කී දෙනා ද? “ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රද්ධා ගුවන්විදුලියේ විකාශය වූ ගී රස විනිස වැඩසටහනට ඉදිරිපත් කරන ලද ගී පද විවරණය 0 You are not authorized to post a reply. Page 7 of 9 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games