Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 03:27 AM by Poddi ~~~~ගීත අසමු~~~~ 125 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 7 << < 12345 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 11:05 PM Quote Reply සිත්තම් කර සිහින අතර මා තනිවෙන්නම් දුප්පත්කම අභියස ප්‍රේමය අසරණ නම් ඩිංගක් හරි ඔය හිත මට පෙම්කෙරුවා නම් පුදුමයි මේ හැටි දඬුවම් දුන්නේ කෙලෙසින් පිටුව පිටුව පුරවා එවු සොඳුරු පෙම් කවි නිතර නිතර දකිනා විට හද ම ගිණි ගනී නුඹට තරම් ආදරෙ පණටවත් මා නැතී එහෙම කියූ ඔබ මට අද කඳුළු දෙන හැටී සිත්තම් කර සිහින .................. සිතුව පැතුව දේ කෙතරම් කියනු මට බැරී ඔබව නැතිව වෙන සැනසුම් කොහෙද නොම දනී මතක ලොවට සමුදී හැර යන්න සිදුවුණී කෙලෙස කියා දෙන් මට හිත හදා ගනු බැරී සිත්තම් කර සිහින .................. ගායනය :- කැලුම් හෙට්ටිආරච්චි 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Mar 2015 11:32 PM Quote Reply මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 11:34 PM Quote Reply Posted By Ind007ka on 28 Mar 2015 11:32 PM මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො බොහොමත් ම ස්තූතියි අයියා 0 MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 11:35 PM Quote Reply අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේ වී කල්පයක් සේ දැනේ වී අපි කතා නොකර හිඳිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ කෙලෙස ද නෑවිත් ඉන්නේ අපි කතා නොකර ඉමු ..... අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක මල් පුසුඹක් සේ ඔබ දැනුණේ මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ කෙලෙස ද නෑවිත් ඉන්නේ ගායනය :- ජානක වික්‍රමසිංහ 0 HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 09:22 PM Quote Reply aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 29 Mar 2015 09:24 PM Quote Reply Posted By Himali on 29 Mar 2015 09:22 PM aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada? ඔව් එහෙම ගායකයෙක් ඉන්නව. ඇල්බම් එහෙම කරල තියෙනව එයා. අහල බලන්නකො තව ඒව දාන්නම් 0 RosiSuper Senior MemberPosts:5335 30 Mar 2015 02:38 AM Quote Reply ස්තුති මල්ලි ....අලුත් සින්දු ගොඩයි . 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:01 AM Quote Reply දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල ගන්න අඩුපාඩු කම් දැනෙයි ඔයාට ඉවසන් ඉන්න හැමවිට ම හිතට ශක්තිය ධෛර්යය අරගන්න මට දෑස් නැතිවුණත් පුතාගෙ ඇස් පාදන්න සුදු මැණිකෙ අපිට දවසක සතුටින් මියයන්න දෛවයේ නියමය ද ................... ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස් 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:02 AM Quote Reply asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:03 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 03:02 AM asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:05 AM Quote Reply මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම් අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම් මම අහසක් වෙන්නම් ..... මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම් ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම් ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම් ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම් මම අහසක් වෙන්නම් ..... ගායනය :- අජිත් පෙරේරා 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:07 AM Quote Reply Posted By Malinga on 30 Mar 2015 03:03 AM ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ sanda hamine album eke sindu mage langa tiyanava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:08 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 03:07 AM Posted By Malinga on 30 Mar 2015 03:03 AM ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ sanda hamine album eke sindu mage langa tiyanava එහෙනම් අහල බලන්න ඒකෙ තියෙන්නෙ ඔයා සිංදුව. ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නෙ නෑ ඒක නිසා ඔයාට 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:25 AM Quote Reply සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සොඳුරු සිතුවම් ළඟ මැවෙයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක් තිබුණත් එය ද සතුටක් ලෙස සිතේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... ගායනය :- කුමාරසිරි පතිරණ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:33 AM Quote Reply ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ කලප ගන්න පෙරුම් පුරා සොයා ආවෙ මා වැටෙන වැටෙන හැම කඳුළ ම උරුම මට නිසා විඳිමි මම සදා ඔබට තියෙන ආදරේ .............. හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා රිදෙන රිදෙන හැම මොහොත ම මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා ඔබට තියෙන ආදරේ .............. ගායනය :- රොෂාන් ප්‍රනාන්දු 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:38 AM Quote Reply ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑස ම මා සෙව්ව තරම් ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම් ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන් කඳුළැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඇස ගැටෙනා දස දහසක් ......... ඔබෙ නෙතු දැහැනේ සමවැදී මෙමා ඔය නෙතු තුළ මා සිතූ සිතුම් බොඳවු සිතුවම් බිඳුණු හසරැල් සොවින් මා ඒ හෙලූ සුසුම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඇස ගැටෙනා දස දහසක් ......... ගායනය :- ශිහාන් මිහිරංග 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:41 AM Quote Reply ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ පසු තැවි තැවී හිත සැලි සැලී ආදරයක් මේ හැටි වදදෙන්නේ ඇයි කියන්න බෑ ඔබෙ නෙත් දෙක දුටුදා ................ සුළඟට හෝ වලාකුලට සිත ඇති දුක පවසන්නම් එය ඔබ වෙත දැනෙනා තුරු මම නිසලව ඉවසන්නම් දින සති වෙවී කල් යයි ගෙවී නොලැබුණොත් ඔබේ පෙම ඒ දුක තනිවම විඳගන්නම් ඔබෙ නෙත් දෙක දුටුදා ................ ගායනය :- වරුණ මධුෂංක 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:43 AM Quote Reply lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 03:45 AM Quote Reply Posted By Himali on 30 Mar 2015 03:43 AM lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi ශිහාන්ගෙ සිංදුවනම් කොහොමත් ඇතිනෙ? හැබැයි ඒකෙ වර්ෂන් දෙක්ක තියෙනව. වරුණගෙ ඔබයි මමයි කියන ඇල්බම් එකේ ආපු එකක් ද කොහෙද ඕක. 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 07:34 PM Quote Reply ඉකිගසා හඩන අතීතයක කදුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා. ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Add Reply Page 3 of 7 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit