Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Apr 2019 06:15 PM by Dilki අවුරුදු රබන් පද 140 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 8 << < 34567 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 03:40 AM ඔව් ඔව් කොල්ලො උම්බලා රත් කරලා තියපල්ලකො අපි පස්සෙ අවිල්ලා පලලා යන්නම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2015 04:03 AM උබලට පලන්න තියන්නේ නෑ ........ 0 RosiSuper Senior MemberPosts:5335 07 Apr 2015 03:36 PM හ්ම්ම්ම්ම් ඔයාලා රබාන රත් කර කර ඉන්න පද නොකියා වැල්ලේ වත්තේ වැලි කද පිට නෙල්ලි කඩනවා නෙල්ලි පොත්ත බිම තිය තිය මල්ල බදිනවා තක දොන් මල්ල බදිනවා 0 isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2015 05:56 PM 60 වසරක් තිස්සේ රබන් වයන කඳනගොඩ ගමේ අදිකාරම් පවුලේ ඇත්තෝ රබන් වයන්නියෝ අවුරුද්ද හැඩවෙන්නේ රබානක් ද වැයුණු විටය. අද ගමින් ගම රබන් නොතිබුණ ද කඳනගොඩ ගමේ නම් තවමත් රබන් වැයෙන්නේය. සිංහල අවුරුද්දට පමණක් නොව මඟුල් ගෙවල්වල ද, උත්සව වල ද රබන් වයන්නට යන කඳනගොඩ චන්ද්‍රපාල හා සිරිපාල ගුරුතුමන්ගේ රබන් කණ්ඩායම්වලට දිගු ඉතිහාසයක් ඇත්තේය. බංකු රබන් පරපුරේ අලුත්ම කණ්ඩායම පුහුණු කැරෙන්නේ මේ බක්මහේ වැඩ අල්ලන නැකතටය. ඒ චන්ද්‍රපාල ගුරුතුමා යටතේය. සිසුවියන්ගේ වයස අවුරුදු අටත් දහයත් අතරය. කඳනගොඩ අලුත් පරම්පරාව බංකු රබන් කලාවේ අනාගතයයි. අපි ගමන ආරම්භ කළේ හිමිදිරියේමයි. කළුතර නගරය පසුකොට නාගොඩ හන්දියෙන් මතුගම පාරේ ගොස් තුඩුගල නගරයේ අතුරු පාරකින් කඳනගොඩ ගම්මානයට පිවිසියෙමු. වෙල්යාය මැද්දෙන් රබර්වතු මැද්දෙන් ගම්මානයට ගිය ඒ ගමන සොඳුරුය. ‘ඕන් ඔය හරියෙන් නතර කරමුකො.’ මඟ පෙන්වීමට ගිය දයා විජේරත්න රියැදුරාට මඟ කියයි. එයා බාගෙට ඉදිවෙමින් පවතින නිවෙසකි. අපි මිදුලට ගොඩවූවෙමු. “ආයුබෝවන්” ඉදිරියට පැමිණියේ චන්ද්‍රපාල අදිකාරම්ය. ඔහුට පිටුපසින් ඔහුගේ බිරිය කුසුමා ද දියණියෝ ද පුතණුවෝ ද ඥාතිහු ද වූහ. "කොච්චර සන්තෝෂ ද අපිව බලන්න ආපු එක. පදයක් ගහලම බලමු ද? අපෙන් එසේ අසන අතරේ ම චන්ද්‍රපාල ගිනි අගුරු කබලට රබාන රත් කරන්නේ ය. තකහනියේ ම අපි කඳනගොඩ ගමට චන්ද්‍රපාල සොයා ගියේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත. මේ භාග්‍යවන්ත වූ මාසයයි. බක්මහ එළැඹෙන්නේ පරිසරයට අමුතු සිරියාවකුත් කැන්දාගෙනයි. අපි පුංචි සන්දියේ නම් එරබදු මල් පිපෙන්නට ඕනැ තරම් එරබදු වැටවල් තිබිණි. දැන් වැටවල් තිබුණ ද ඒ වැටවල එරබඳු ගස් නැත. ඒ නිසාම අවුරුද්දට කලින් පරිසරයේ එරබදු මල් පිපෙන බව අද සමාජයේ ළමයි දන්නේ ද නැත. කොහා හඬන්නේ ද දුරාවාරයෙනි. ඉස්සර නම් ගම්වල ඕනැතරම් කොහෝ කුරුල්ලෝ සිටියහ. උන් කුහු කුහු ගාන විට අපි ද කුහු කුහු ගෑවෙමු. ඇතැම් විට කොහාට සරදම් කරන්නේ යැයි වැඩිහිටියන්ගෙන් ටොක්කක් ද කෑවෙමු. කෙසේ හෝ දැන් ළමයි කොහා සමඟ කුහු කුහු සිරිපාල ගුරුතුමා ගාන්නට දන්නේ ද නැත. ඉස්සර අපේ ගමේ රබානක් තිබුණේය. අපි ඒ ගෙදරට කීවේ රබන් ගෙදර කියාය. රබාන තිබුණේ උඩකය. අවුරුදු කාලයට මේ රබාන එළියට ආවේය. නැන්දා රබාන රත් කරන්නේය. ගමේ ගැහැනු පිරිමි භේදයක් නැතිව රබාන වයන්නෝය. “එගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩෙත් රත්තරං....” එගොඩ ගොඩෙත් - මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරං...” ආදි වශයෙන් රබන් පද වැයෙන්නේ ය. චන්ද්‍රපාල ගුරුතුමා එදා අපි අත්දුටු ගම අද නැත. දැන් අවුරුද්දට රබානක් වැයෙන්නේ කලාතුරකිනි. අපේ ගමේ එදා රබන් වැයූ නැන්දා දැන් ජීවතුන් අතර නැත. රබාන ද නැත. ඒ ඒවා ඉදිරියට ගෙන යන්නට කෙනෙකු නොසිටි නිසා ය. ඇතැම් විට ඔබට අපිට සිංහල අවුරුදු සමෙය් රබන් හඬ නෑසුණ ද කඳනගොඩ ගම්මානයේ ඇත්තන්ට නම් තවමත් රබන් සුරල් හඬ ඇසිය හැකිය. ඒ චන්ද්‍රපාල ගුරුන්නාන‍්සේගේ ගෙදරිනි. ඔහු විටෙක රබාන වයයි. තවත් විටෙක රබන් කවි ගායනා කරයි. ඔහුගේ බිරිය දියණිය මිනිබිරිය පමණක් නොව පුත්තු ද ඥාති දියණියන් ද රබන් වැයීමේ දක්ෂයෝය. අපි ඉකුත් දා කඳනගොඩට ගියේ ඔවුන් සොයාගෙනය.පොල් කොළ, පොල්කටු අඟුරු දල්වා රත් කළ රබාන තට්ටුව මත තබා පළමුව රබානට වැඳ නමස්කාර කරන්නේය. ඉන්පසුව ඔවුහු පුටුවල වාඩි වී රබන් වැයීමට පටන් ගත්තෝය. ‘මේ’ බංකු රබන් ශාන්ති කර්මයයි.’ එහෙත් එහි බංකු දකින්නට නැත. ඇත්තේ ප්ලාස්ටික් පුටු සමූහයකි. ‘ඇයි මේ.’ ‘මෙහෙමයි. ඉස්සර නම් රබන් වැයුවේ බංකුවල වාඩිවෙලා. නමුත් අපි තැනින් තැන යන විට බංකුත් අරගෙන යන්න කරදරයි. ඒ නිසා බංකුව පුටුවට මාරු වුණා. දැන් කොහේ ගියත් පුටුවක් ඉල්ලගන්න විතරනේ තියෙන්නේ.’ කුසුමා වැලිපැන්න පවසන්නීය. රබාන රත්කරමින් ‘කඳනගොඩ ගම අද රබන් වැයුම් අතින් ප්‍රසිද්ධය. දොඩංගොඩ කඳනගොඩ ගමේ මුලින්ම රබන් වැයුවේ පොඩිසිංඤෝ හෙවත් නැපෝ සිංඤෝ අදිකාරම්ය. ඔහු චන්ද්‍රපාල අදිකාරම්ගේ බාප්පාය. අතීතය සිහිපත් කරන චන්ද්‍රපාල. “අපේ බාප්පා කොයි කාලේ මේ රබන් ශිල්පය ගමට ගෙනාවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් අපට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා බාප්පා රබන් වයනවා දැකලා තියෙනවා. මට දැන් වයස අවුරුදු හැත්තෑ හතරක් වෙනවා. මට අවුරුදු දාසයක් විතර කාලේ තමයි බාප්පගෙන් රබන් ඉගෙන ගත්තේ. මා එක්ක තව තුන් දෙනෙක් හිටියා. ඒ කියන්නේ මගේ බාලම බාප්පා කුමතේරිස්, මල්ලි සිරිපාල හා මිත්‍රයෙක් වුණ සිරිපාල රණවීර. බාප්පා රබන් ගහනකොට අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඒ බලන් ඉඳලම තමයි ආසාව ඇති වුණේ. අපි පුරුදු වුණාට පස්සේ ඒ කාලේ නිදහස් උත්සවයට, පෙරහුරුවලට එහෙම රබන් ගහන්න යනවා. මට මතකයි ඒ කාලේ අපි පෙරහරවල රබන් ගහන්න යන්නේ කරත්තයෙන්. අපිත් එක්ක රබාන රත්කරන්න ආදි සුළු සුළු වැඩවලට අත් උදව්කාරයෙකුත් යනවා. මඟුල් ගෙවල්වල රබන් වයන්න යනවා. ඒ කාලේ ඉතිං සමහර වෙලාවට තෑගි බෝගත් ලැබෙනවා. එහෙම නැත්නම් රුපියල් පහක් දහයක් ලැබෙනවා. අපි ඒ කාලේ රබන් වයන්න ගමෙන් පිට පළාත් වලටත් යනවා.” චන්ද්‍රපාල පවසන්නේ මීට වසර විස්සකට තිහකට පමණ පෙර අතීතයයි. ඔහු එකල රැකියාව ලෙස කළේ ලී ඉරීමය. ඒ අඩි දාහතක් පමණ දිග අත් කියතෙනි. රැකියාවේ හැටියට නිවාඩු ගැනීෙම් අමාරුවක් ද එකල නොතිබිණි. ඉන්පසුව ඔහු ගෝලයන් පිරිසක් බිහි කළේය. ඔහුගේ බිරිය කුසුමා ද ඔහුගෙන් රබන් වැයීමට ඉගෙන ගත් සිසුවියකි. “අපේ තාත්තා රබන් වයනවට හරිම ආසයි. තාත්තා තමයි මට රබන් උගන්නන්න කියලා ගුරුතුමාට කිව්වේ.” කුසුමා පවසන්නේ ලැජ්ජාවෙනි. අද ඇය චන්ද්‍රපාලගේ හොඳම සිසුවියයි. රබන් වැයීම වෙනුවෙන් ලැබූ සම්මාන ‘කුසුමට හොඳට වයන්න පුළුවන්. මං මගේ දරුවන්ටත් උගන්නලා තියෙන්නේ. අපි මේ වයන රබාන ලැබුණේ කුසුමගෙ ගෙදරින්. මේ වට්ටුව හුඟක් පරණයි. (ඔවුන් වට්ටුව යැයි කියන්නේ රබානේ තට්ටුවටයි) මම එක්දහස් නවසිය හැටගණන් වලදි බාප්පගෙන් අවසර ඉල්ලගෙන හතර දෙනෙකුට ඉගැන්නුවා. ඊට පස්සේ බොහෝ අය පුරුදු කෙරුවා. මේක මේ අපි රස්සාවක් හැටියට කරන දෙයක් නෙමයි. රබන් වයලා ජීවත් වෙන්න අමාරුයි. නමුත් අපි මේ කලාවට ආදරෙයි. මිනිස්සු අපිට ආදරෙයි. අපි අලුත් පරම්පරාවක් බිහි කරනවා. අපේ රබාන පුංචියි. අපිට ලොකු රබානක් ලැබෙනවා නම් ලොකු දෙයක්. එතකොට හයකට අටකට හෝ දහයකට එකවර වයන්නට පුළුවන්. නමුත් රබානක් රුපියල් තිස් දහසකට වැඩියි. අපිට එකවර ඒ වගේ මුදලක් වියදම් කරන්න අමාරුයි.’ චන්ද්‍රපාල ගුරුන්නාන්සේ පවසන්නේ කනගාටුවෙනි. ඔවුහු රබන් කලාවට ආදරය කරති. එහෙත් ඔවුන්ට අඩුපාඩුකම් බොහෝය. අවුරුදු උත්සව සමයට ඔවුන් බොහෝ තැන්වල රබන් වයන්නට යන්නේය. ඔවුන්ගේ රබන් කලාවට නම් අඩුම තරමේ හතර දෙනෙකුවත් සිටිය යුතුය. ඊට වඩා වැඩි පිරිසක් සහභාගි වීමට නම් මේ වසර ගණනක් පැරණි රබාන වෙනුවට ලොකු රබානක් ලැබිය යුතුය. එය ඔවුන්ට සිහිනයක් පමණි.අද ද මංගල උත්සව, පාසල් උත්සව හා වෙනත් ජාතික උත්සව සඳහා සහභාගි වන ඔවුන් අවුරුදු සමයට ආරාධනාවක් නැතිව වුවද ගමේ රබන් වයන්නේ ය. “ගෙදරට නෑයෝ ආවහම යාළුවෝ ආවහම රබාන රත්කරලා වයනවා. කවුරුත් ආසයි බලන් ඉන්න අහන් ඉන්න. අත්මාරු කර කර අපේ අම්මට හොඳට රබන් ගහන්න පුළුවන්. බුදුගුණ කවි වලින් ආරම්භ කරලා රබානේ උපතේ සිට කවි කියනවා. ඊට පස්සේ ගොඩ පදත් කියනවා ගහනවා. අපි අපේ දරුවන්ටත් මේ කලාව උගන්වන්න කැමතියි.” චන්ද්‍රපාලගේ දියණිය දීපිකා අදිකාරම් පවසන්නීය. (රුවිනි නිලන්ති, දිස්නා දිල්හානි පෙරේරා, කුසුමා චන්ද්‍රපාල එක්ව ගම්මුන් මැද්දේ හිද ඒ නම් ඇහැළ ලීය යොදා ගැනේ. රබාන සඳහා සොදා ගන්නේ එළුවාගේ ගැහැනු සතාගේ සමයි. “මවලා රෝදය දෙවියෝ එළුසම එළමින් වටකොට ගසලා ඇත රෝදය වට රබාන සවි කරන ලෙසට තබලා ගිනි කබලක් යට රබාන රත් කරන ලෙසට කියලා ගැසු තත් දික් තොන් යන පද කවි තාලෙට” අපි චන්ද්‍රපාලගේ නිවෙසින් පිටත්ව ආපසු එන්නට ආවෙමු. මඟින් මඟට ඈතින් ඈතට ඔවුන් වයන හඬ කඳනගොඩ ගම වටකොට ඇසෙන්නා සේය. “අන්න ඉන්නවා අනිත් කෙනා. ඒ තමයි සිරිපාල ගුරුතුමා” දයා අප නතර කරවූයේ වෙල අද්දර කඩයක් ළඟය. අපි කඩයට එබී බැලුවෙමු. එහිද තරාදිය යටින් ඇත්තේ රබානකි. “චන්ද්‍රපාල අපි එකට තමයි රබන් ඉගෙන ගත්තේ. දැන් මමත් මේ වෙනකොට බාල පරම්පරාවට උගන්නනවා. මගේ බිරිය දරුවෝ හැමෝටම රබන් වයන්න පුළුවන්. ඒත් දැන් මේ රබාන අබලන්.” අලුත් රබානක් ලැබෙනවා නම් හොඳයි. සිරිපාල ගුරුතුමා ද පවසන්නේ කණස්සල්ලෙනි. ඔහුට ඇත්තේ ද එතරම් සරුසාර කඩයක් නොවේ. එහෙත් ඔවුහු සියළු ප්‍රශ්න අමතක කොට රබානට අත තැබූ විට වයන්නේය. රබන් කවි කියන්නේය. ඒ සිංහල අවුරුද්දේ සිරියාව යළි යළිත් ගම්මානයට මතක් කර දීමටය. අතීතයේ පටන් රබන් වැයුමට ප්‍රසිද්ධියක් උසුලන කඳනගොඩ ගම්මානයේ හෙට ද අවුරුදු නැකතට බොහෝ හැඩකාරයට රබන් සුරල් වැයෙනු ඇත. ඔවුහු අවුරුදු උත්සවවල රබන් වැයුමට ගොස් පෙර ලෙසම ජයග්‍රහණය කර ගමට පැමිණෙනු ඇත. ඉනෝකා සමරවික්‍රම දයා විජේරත්න දොඩංගොඩ විශේෂ ඡායාරූප - සුදම් ගුණසිංහ 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 05:21 AM බොහොම ස්තුතියි ඉසුරු 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 06:17 AM ස්තුති ඉසුරු ... අපුරු ලිපියක් 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2015 06:55 PM බොහොම ස්තිට්යි ඉසුරු මෙ වදගත් ලිපියට ...මෙ වගෙ අපෙ පරම්පරික දෙවල් ඉඩිරියට ගෙනියන්න අය සිටිම අත්තටම සතුටට කරනාවක් ...අද කාලෙ මගුල් ගෙදරක රබන් ගහන්නෙ බොහොම කලාතුරකින් .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Apr 2015 08:25 PM උස් උස් ගස්වල දික් දික් පත් කොළ කැන්ද කැපූ කොළ කඳ මැද පත් කොළ පත් විස්සයි බොල පත් විස්සයි 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 11:35 PM තවත් රබන් පද ඉතුරු වෙලා තියෙනවද..බන් දාන්න? 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2015 12:21 AM එහෙම නම් දැන් රබාන පොළොවේ ගහපල්ලා.. අහුවුනේ නැති ඒවා ඇති ඕනේ තරම්.. අහලා නැති ඒවා කොච්චර තිබුණද මෙතනම.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 01:37 AM තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි දෝ o දොමිකිට තාත්ති අතේ දොයිය පුතේ .. තාත්ති අතේ දොයිය පුතේ .. තරිකිට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2015 02:00 AM මේක අර සන්ෆ්ලවර්ස් සමග එකද දොමිකිට..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 03:30 AM ඇයි ඇයි ..මෙකත් රබන් ගහනවා අපෙ පැත්තෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2015 05:11 AM ඔව්.. වෙන්න ඇති.. ඔය රබාන ගහන්නේ කවුද කියලත් කියන්නකෝ ඉන්දික අයියේ..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 09 Apr 2015 07:23 AM Posted By Ind007ka on 09 Apr 2015 03:30 AM ඇයි ඇයි ..මෙකත් රබන් ගහනවා අපෙ පැත්තෙ රබානේ කොයි පැත්තේද මචන්..? 0 isurusamSuper Senior MemberPosts:7342 09 Apr 2015 09:34 AM Posted By Ind007ka on 09 Apr 2015 01:37 AM තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි දෝ o දොමිකිට තාත්ති අතේ දොයිය පුතේ .. තාත්ති අතේ දොයිය පුතේ .. තරිකිට 0 RosiSuper Senior MemberPosts:5335 09 Apr 2015 11:05 AM Posted By Ind007ka on 09 Apr 2015 01:37 AM තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි දෝ o දොමිකිට තාත්ති අතේ දොයිය පුතේ .. තාත්ති අතේ දොයිය පුතේ .. තරිකිට මාර රබන් පදයක් මේක 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 07:55 PM මෙ පත්තෙ ඔය ගහන්නෙ ..මෙව ඔක්කොම දැණ් remix කරලා තම්යි රබන් වුනත් ගහෙන්නෙ ...දැණ් වයසක අම්මලා නෙව්යි කෙල්ලො තමයි රබන් ගහන්නෙ ..කොල්ලො වටෙට ඉන්දන් රබන් දිහ බලන් ඉන්නවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Apr 2015 08:08 PM Posted By Ind007ka on 09 Apr 2015 07:55 PM මෙ පත්තෙ ඔය ගහන්නෙ ..මෙව ඔක්කොම දැණ් remix කරලා තම්යි රබන් වුනත් ගහෙන්නෙ ...දැණ් වයසක අම්මලා නෙව්යි කෙල්ලො තමයි රබන් ගහන්නෙ ..කොල්ලො වටෙට ඉන්දන් රබන් දිහ බලන් ඉන්නවා 0 ImalkaVeteran MemberPosts:4533 10 Apr 2015 07:11 AM Posted By Ind007ka on 09 Apr 2015 07:55 PM මෙ පත්තෙ ඔය ගහන්නෙ ..මෙව ඔක්කොම දැණ් remix කරලා තම්යි රබන් වුනත් ගහෙන්නෙ ...දැණ් වයසක අම්මලා නෙව්යි කෙල්ලො තමයි රබන් ගහන්නෙ ..කොල්ලො වටෙට ඉන්දන් රබන් දිහ බලන් ඉන්නවා කොල්ලගේ නම කියන්නද බං..? 0 You are not authorized to post a reply. Page 5 of 8 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය