You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Jun 2016 08:28 AM by  hasithad
අනගාරික ධර්මපාලතුමන් ගේ 151 වැනි ජන්ම දින සමරු උළෙල අද
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Sep 2015 06:33 PM
    අනගාරික ධර්මපාලතුමන් ගේ
    151 වැනි ජන්ම දින සමරු උළෙල අද


    මෙරට ජාතික පුනර්ජීවනය සහ බුදු දහමේ අභිවෘද්ධිය තකා ජීවිතය කැප කළ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම අදට (17 දාට) යෙදී තිබේ.

    මේ නිමිත්තෙන් රට පුරා දම්පල් සමරු උත්සව පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක්‌ අද පෙ.ව. 10.00 ට කොළඹ 10 පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවතේ මහා බෝධි මූලස්‌ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්‌ස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි එම උළෙල සංවිධානය කර තිබේ.
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    16 Sep 2015 06:55 PM
    ධර්මපාල තුමාගේ ජීවිතයෙන් අද කාලේ තරුණ පරපුරටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.. එතුමාගේ අවශ්‍යතාවය එදාට වඩා අදටයි වැදගත් කියලත් හිතෙනවා.
    අහල තියෙන විදියට ලංකාවේ එකම පුද්ගලයකුගේ වැඩිම පිළිම සංඛ්‍යාවක් ඉදිවෙලා තියෙන්නේ අපේ අනගාරික ධර්මපාල තුමාගේ කියල කියනවා..

    එතුමාගේ වැදගත්කම වගේම විදේශයේ ඉන්න ලාංකිකයන්ට එතුමන්ව කොපමණ ප්‍රමාණයකින් දැනිලා තියෙනවද කියන එක ලොකු ශාක්ෂියක්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    16 Sep 2015 07:03 PM
    ගව මස් නොකව්

    මේ උතුම් මිනිසා ගෑනන්නම් කියන්න වදන් නෑහෑ
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    25 Sep 2015 10:27 PM
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    08 Jun 2016 07:39 PM
    පුතාට ඉස්කෝලේ ගෙනියන්න ජාතික වීරයින් ගැන විස්තර ටිකක් ඕන වෙලා මේ ලිපි (ජාතික වීරයන්ටි ගැන ලියවී තිබෙන) ටිකෙන් ප්‍රයෝජනය ගත්තා...
    මේක දිගටම කරගෙන යන්න.. කාට හෝ යම් වේලාවක අවශ්‍ය වේවි..
    එක තැනක තිබෙන නිසා තොරතුරු සොයාගන්න ලේසියි...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Jun 2016 08:31 PM
    මම මෙක ඩිගටම කරගෙන ආවා ..නමුත් සම්හරු මෙවට කොමෙන්ට් දන්නෙ නැහැ ..ජාති වාදෙ ඇවිස්සෙයි කියලා බයට වෙන්න ඇති ..එහෙමත් නැත්නම් පිට රටවල් වලින් මෙහෙට ඇවිත් අය වෙන්න ඇති ...සින්හලයො වෙලා ඉපදිලා සින්හලයො ගැනම කතා කරන්න බය අයට මොක්කු කියලද කියන්නෙ ?? අඩුම ගානෙ රට යටත්විජතයිගෙන් බෙරගන්න කටයුතු කල වීරයන් ගැනවත් කියන්න බැරි අය ?..හැම ඩෙයක්ම දෙශපලනය කරගෙන ඉන්නෙ අපෙ මොඩ මිනිස්සු ...තමන්ගෙ රට ජාතිය අමතකරලා ........නිවටයන් වගෙ නිශ්ශබ්ද වෙලා අපෙ සින්හලයන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jun 2016 08:52 PM
    අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්‍රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුල ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

    ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපෙ‍්‍ර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

    කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.

    සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

    පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

    වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.

    ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.
    මෑත කාලය තුල පලමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කලේය.

    තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද‍්ඝෝෂණයක් ඇති කලේය.

    1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම්කලේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි.

    ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

    1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකල වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේදී අපවත් විය.
    බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

    1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.

    1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

    කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

    සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

    අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

    එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jun 2016 08:53 PM
    ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූවද ශ්‍රී ලංකාව වරින් වර විදේශ බලපෑම් වලට ලක් විය. එවන් වූ කූට අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට මෙරට යටත්ව තිබූ යුගයක දේශයේ වාසනාවට මෙන්  ශ්‍රීමත් අනගාරික ධර්මපාල නම් වූ ඒ මහ යුග පුරුෂයා ක්‍රියාත්මක විය. එවකට, ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් වපුරා තිබූ පරගැති චින්තනය බිඳහෙළමින් සිහල ජාතිය, බෞද්ධාගම, අධ්‍යාපනය, ආර්ථිකය, දේශයේ සංස්කෘතිය, ජාතික අභිමානය යළිත් පුනර්ජීවනය කිරීමට එතුමා තරම් ආත්මීය හැගීමෙන් වෙහෙස වූ තවත් අයෙකු මෑත ඉතිහාසයේ නැති තරම්ය.

    අනගාරික ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ යන දෙපළගේ පුත් රුවනක් ලෙස දොන් ඩේවිට් හේවාවිතාරණ නමින් කොළඹදී උපත ලැබීය.

    කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය. 

    තම අධ්‍යාපන කටයුතු නිම වීමෙන් පසු එතුමා රජයේ ලිපිකරුවෙකු ලෙස පත්වීම් ලැබීය. එහෙත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලද අයට පමණක් හිමි වූ රජයේ ලිපිකරු තනතුර “මම අධිරාජ්‍යවාදී ගැත්තෙක් නොවෙමි” කියමින් ප්‍රතික්ෂේප කළ ධර්මපාලයන්, මුළුමනින්ම ආගමික, සාමාජීය මෙහෙවරේ නිරත වීමට, එකල සිටි තවත් මහා හෙළයෙක් වූ රටට අනගි මෙහෙවරක් කළ  ඕල්කට්තුමා සමඟ එක් වූයේය. 

    එතැන් පටන් අධිරාජ්‍යවාදී ගැති මාකසිකත්වයෙන් මිදී නිදහස් ජාතියක් ලෙස හිස එසවීම සඳහා සියල්ලන්ට අධ්‍යාපනය ලබාදීමටත් සිංහල භාෂාව හා හෙළ සිරිත් විරිත් රැක ගැනීමටත් ජනතාව පුබුදු කරලීම සඳහා එතුමා අප්‍රමාණ වෙහෙසක් දැරීය. එතුමාගේ සිංහල ජාතික ආගමිකත්වය පිළිබඳ හැඟීම කොතරම්ද යත් දොන් ඩේවිට් හේවා විතාරණ යන ඉංග්‍රීසි නාමය අත්හැර ධර්මපාල යන බෞද්ධ නාමය තමන් වෙත ‍
    ආරෝපණය කර ගත්තේය. 

    සැබෑ නායකයෙක් වූ අනගාරිකධර්මපාල තුමාට පටු දේශපාලනික අරමුණු වෙනත් ආත්මාර්ථකාමී අරමුණු තිබුණේ නැත. එතුමා තුලතිබුණේ ඒ රටත්, ජතියත්, ආගමත්, පරදේශක්කාරයන්ගෙන් බේරා ගැනීමේ අරමුණ පමණි. ඒ  උදෙසා එතුමා මුළු ජීවිතයම කැප කළේය. බලයට පැමිණීම, ප්‍රසිද්ධිය උදෙසා එතුමා නායකත්වය නොගත්තේය.


    ධර්මපාලතුමාගේ කැපවීම හා අවංකත්වය දුටු පිරිස් එතුමා වටා එක්වූයේද ඒ අවංකත්වයෙන්මය. ඒ අනුව ධර්මපාලතුමා මුල්කරගනිමින් මහා බල වේගයක් රටතුළ නිර්මාණය විය.

    ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් මෙවැනි බලවේගයන් ගොඩනැගුණේ  සන්නිවේදන මාධ්‍ය පවා හරිහැටි නොදියුණු යුගයකදීය.මෙමගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ අවංක දේශප්‍රේමීත්වයේ හඬ යි.අන්‍ය ජාතියකින්, අන්‍ය ආගමකින් මේ පුංචි දිවයින බේරා ගැනීමට හැකිවූයේ මෙවැනි සැබෑ දේශමාමකයින්ගේ ප්‍රතිඵලයක් ලෙසය.

    වර්තමානයේ මෙරට දේශපාලකයන් ට ධර්මපාලතුමාගෙන් ආදර්ශයට ගත හැකි දෑ බොහෝය.

    රටේ ආර්ථික අභිවෘද්ධිය පිළබඳවද අවධානය යොමු කළ ධර්මපාල තුමා අනාගත ලෝකයටත් සරිලන සේ දූරර්ශීව දේශීය ආර්ථිකය නැංවීමට ක්‍රම‍වේද සකස් කළේය. විදේශීය බලවේග සතර අත දිවෙද්දී එතුමා පිටරටින් බඩු ගෙන්වීමට විරුද්ධ වෙමින් නිරන්තරයෙන් දේශීය කර්මාන්ත ගොඩනැංවීම කෙරෙහි ජනතාව යොමු කරන්නට වෙහෙසුණි. 

    පරගැති සංස්කෘතිය, චින්තනය ගැමි හදින් තුරන් කර හෙළ ජාතිකත්වය ඔවුන්ගේ මනසට ඇතුල් කිරීමට එතුමා පුදුමාකාර ලෙස කතා කළේය. කරුණු පැහැදිලි කළේය. 

    ධර්මපාලතුමා නොනවත්වා‍ ගෙන ගිය මේ අව්‍යාජ දේශානුරාගී ක්‍රියාකලාපය නිසා ගරා වැටී තිබූ සිංහලකම යළිත් අවධිවන්නට පටන් ගත්හ. බුද්ධ ශාසනය ප්‍රාණවත් වන්නට විය. නිදහස් රටක පුරවැසියන්වීමේ දැවෙන ආශාව ලාංකිකයන්ගේ සිත් තුළ නළියන්නට පටන් ගත්හ. ඒ අනුව අනගාරික ධර්මපාල තුමා නිදහස් සටනේ විශිෂ්ඨ  පුරෝගාමියෙකු  වන්නේය. 

    අධිරාජ්‍යවාදීන් සිංහළයා මත පතිත කළ මනුෂ්‍යත්වය පරිහානියට පත් කරන්නා වූ ගවමස් කෑම සහ සුරා පානය ද එතුමාගේ දැඩි විවේචනයට, පිළිකුලට ලක් විය.  

    සිංහල ජාතියට ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝක වාසී බෞද්ධයා වෙනුවෙන් බෞද්ධාගම ලෝකය වටා බබලවන්නට එතුමා කටයුතු කළේය. 

    සියවස් ගණනාවක් ඉන්දියාව තුළ අරාජිකව තිබූ බුදුදහම නැවත ස්ථාපිත කරන්නට අති දැවැන්ත පුරොගාමී මෙහෙවරක් ඉටු කිරීමට එතුමාට හැකි විය. ඒ අනුව හින්දු භක්තිකයන්ගේ ග්‍රහණයේ පැවති බුද්ධ ගයාව බේරා ගැනීමට හෙතෙම කටයුතු කළේය.

    ඒ සඳහා 1891 මහබෝධි සමාගම පිහිටුවීය.  “බෞද්ධයා “ සඟරාව ආරම්භ කළේය. බෞද්ධයා සතු ‘බුද්ධ ගයාව’ බේරා ගතයුතු පණිවිඩය නොනවත්වා ලොව පුරා රැගෙන ගියේය. මේ මහත් ආගමික අරගලයෙන් පසුව ‍ බෞද්ධයින් වෙනුවෙන් නිදහස් වූ බුද්ධ ගයාවේ 1896 දී ප්‍රථම වතාවට වෙසක් උත්සවයක් පැවැත්වුණි. 

    අද වන විට ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ස්ථාපිතව මෙන්ම බටහිර ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමා‍ගේ ධර්මදූත සේවයට පමණි. 

    දිනු මව්බිමට නිවහල් ලෙස         වැජඹෙන්න
    තම ජාතියට අභිමන් ලෙස          නැගිටින්න
    ඉපදුනු රටට නොමියෙන ලෙස      මිය යන්න
    ඔබ කළ මෙහෙය ඇති හැම සිත්        පුබුදන්න
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jun 2016 08:55 PM

    අනගාරික ධර්මපාල තුමා කරන ලද ප්‍රකාශයක්.

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. 
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. 
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. 
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. 
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. 
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. 
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. 
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න 
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. 
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. 
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jun 2016 08:56 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Jun 2016 09:20 PM
    මේ ට්‍රේඩ් එක දිගටම කරගෙන යන්න .ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් දැනුමට එක් කරගන්න පුලුවන් .
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Jun 2016 11:05 PM
    Posted By isurusam on 08 Jun 2016 09:20 PM
    මේ ට්‍රේඩ් එක දිගටම කරගෙන යන්න .ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් දැනුමට එක් කරගන්න පුලුවන් .


    … …දැනුමට විතරක් නෙවෙයි මල්ලි සින්හලයෙක් වගෙ හිතන්න පුරුදු වෙන්න ..එදා අනගාරික දර්මපාල තුමන් කිව්ව දෙවල් අද එකින් එක වෙන හැටි බලන්න ....සින්හල අපි කවදත් අනෙක් ජාතින්ට සැලකුවා ...නමුත් අනෙක් ජාතින් ආගම මුල් කරගෙන අපිට කෙලියා ...දෙශපාලුවො උන්ගෙ බඩ වඩා ගන්න , බලයට කැඩර කමට අනෙක් ජාතින්ට සින්හලය අමු අමුවෙ පාවල දෙනවා ...අපි කොයි තරම් උත්සහ කලත් මුස්ලිම් කෙල්ලෙක්ව උන්ගෙ අගමට නොගිහින් සින්හල කොල්ලෙක්ට බදින්න දෙන්නෙ නැහැ ඒ අගමෙන් ..නමුත් අපෙ සින්හල කෙල්ලො තම්බින්ව බැදගෙන ඒ අගමට ගිහින් මුන වහගෙන ඔය පාරෙ යන්නෙ ...මෙකෙ වරද සින්හල අපෙද ? … …දැනට මෙ ලන්කාවෙ සමස්ත ආර්තිකයෙන් අඩක් පමන අයිති මුස්ලිම් අයට ..ඉතාම නුදුරෙ මුස්ලිම් ජාතිය මෙ රටෙ දනවත් ජාතිය වී අන් ජාතින් දුප්පත් පහත් ජාතින් වෙනවා ...එදාට වෙනදෙ කුමක්ද අදත් මෙහෙම නම් සින්හල අපට ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Jun 2016 04:15 AM
    ඉන්දික අයියගෙ කථාව සහතික ඇත්ත
    අපිට ලමයෙක් හදන්නත් බයයි මොකද අපි ඉස්සරහට ඉන්නෙ නැති වෙයි නමුත් ඉදිරියට යන උන්ට මොනවාට මුහුණ දෙන්න වෙයිද කියල අපි දන්නෙ නැහැ

    ඒව හරි අනගාරික ධර්මපාලතුමා පිලිබද විස්තරයක් කල සැමට බොහොමත්ම ස්ත!තියි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Jun 2016 09:19 AM
    සිංහලයට සිංහලකම කියා දුන්නු මහා යුග පුරුෂයා ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 Jun 2016 09:24 PM
    Posted By samantha on 08 Jun 2016 08:55 PM

    අනගාරික ධර්මපාල තුමා කරන ලද ප්‍රකාශයක්.

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. 
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. 
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. 
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. 
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. 
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. 
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. 
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න 
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. 
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. 
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

    එතුමා දැනට වසර  90 කට පෙර කියපු දේවල්  ටික සිදුවෙලා අවසානයි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Jun 2016 09:47 PM
    Posted By samantha on 09 Jun 2016 09:24 PM
    Posted By samantha on 08 Jun 2016 08:55 PM

    අනගාරික ධර්මපාල තුමා කරන ලද ප්‍රකාශයක්.

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. 
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. 
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. 
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. 
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. 
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. 
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. 
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න 
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. 
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. 
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

    එතුමා දැනට වසර  90 කට පෙර කියපු දේවල්  ටික සිදුවෙලා අවසානයි..


    … … …මෙ වගෙ ලොකු අකුරෙන් මෙ වගෙ ලියන්න තරම් එඩිතර වීම ගැන අඩම්බරයි ඔබ ගැන .......නමුත් දෙශපාලනය විසින් අපෙ රටෙ සැම ප්‍රශනයක්ම විසදන්නෙ ........මෙ ඉන්න කාප්ලු දෙශපාලුවො අතරින් සින්හලයට වැඩි තැනක් දෙන දෙශපාලන නායකයෙක් වටා එකයි මම වගෙ හිතන අය එක් වෙන්නෙ .....
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    10 Jun 2016 12:19 AM
    දේශපාලනඥයෝ කොයි එකත් එකයි. මිනිස්සුන්ට දැනෙන මොනවා හෝ සංවේදී ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නය ඔඩු දුවන්න දීල හමන්ගේ බලය රැක ගන්න හෝ බලය ලබා ගන්න තුරුම්පුවක්ලෙ ඒ ප්‍රශ්නයම පාවිච්චි කරනවා කියන එකයි මගේ මතය. එදා අනගාරික ධර්මපාල තුමා මේ දේවල් කිව්වේ එතුමාට අපෙන් අබ ඇටයක තරම් වත් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. රට ගැන සැබෑ කැක්කුමක් ආදරයක් හිතේ තියාගෙන. මේ වගේ මිනිස්සු අදටත් ගිහි පැවිදි දෙපක්ෂයේම සිටිනවා. හැබැයි දේශපාලුවන් හැමෝම කරන්නේ එක්කෝ එහෙම පිරිස් බිලි බාගන්න එක. එහෙම නැත්නම් ඒ අය නිහඬ කරවන එක.

    අනෙත් ජාති ආගම් වලට අපි කෑ ගහල වැඩක් නැහැ. උන් දිනුවොත් දිනන්නේ ඔවුන්ගේ හැකියාව නිසා නෙවෙයි. සිංහල අපේ දුර්වලතාවයන් නිසා. කිසිම එකමුතුවක් අපේ සිංහලයාගේ නැහැ. හැමෝටම තියෙන්නේ පටු අරමුණු. එක්කෝ තමන්ට බලයට පත් වෙන්න. එහෙම නැත්නම් තමන්ගේ කෙනෙක් බලයට පත් කරවන්න.

    සිංහල අපේ ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් ලැබෙන්න නම් දේශපාලනයෙන් තොර සැබෑ ජාත්‍යාලයක් ඇති ගිහි පැවිදි නායකයන් එකතු වෙන්න ඕන. දෙතුන් දෙනෙක් විතරක් එකතු වෙලා ඒ වැඩේ කරන්න බැහැ. එහෙම උනොත් එතනට සැබෑ සිංහලයා එකතු වේවි.දේශපාලන අරමුණු ආපු හැටියේ වෙන්නේ ඒ සටන එතනම හබක් වෙන එක. පහුගිය කාලයේ සිද්ද උනෙම ඒක.

    සිංහල කියල ලේබල් ගහගෙන ආපු හැමෝම එකෝ පස්සේ චන්දෙ ඉල්ලුවා. නැත්නම් දේශපාලන පක්ෂ පිහිටුවා ගත්තා. නැත්නම් කාට හරි දේශපාලුවෙකුට හේත්තු උනා. මේ ප්‍රශ්නය ගැන සිංහලයත් කලකිරිලා ඉන්නෙ මෙන්න මේ හේතු නිසා. අවංක මිනිස්සු ඉදිරියට එන්නේ නැද්ද, නැත්නම් ඉදිරියට එන්න දෙන්නේ නැද්ද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Jun 2016 12:34 AM
    Posted By hasithad on 09 Jun 2016 09:19 AM
    සිංහලයට සිංහලකම කියා දුන්නු මහා යුග පුරුෂයා ....


    එ විතරක් නෙවෙ හසිත අයියෙ බුද්දාගම වෙනුවෙන් කරපු සේවය කොතෙක් කියලද, මෙ වගෙ දෙයක් වත් දෑනගන්න දෑන් ඉන්න එවුන් මෙ වගෙ තෑනකට එන්නෙ නෑහෑ. මෙවා කියවනකොට තමා මෙ සයිට් එකෙ වෑදගත් කම දෑනෙන්නෙ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Jun 2016 02:10 AM
    එදා දැක්ක පාටලි චම්පික මහතාද ඔබ අද දකින්නෙ ? එද සිටි රතන හිමි අද කො ? සොබිත හිමිත් සමග සින්හල චන්ද පදනම ජනවාරි 8 වෙන්දා කනපිට පෙරලන්න දායක වුන මෙ අය අද කො ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>