You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2012345 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
14 Nov 2015 09:26 PM

    මේක අලුත් වැඩක් ...

    මම ඉදිරිපත් කරන ඡායාරූපය මොකක්ද කියලා කියන්න..

    මේකෙන් විනෝදයක් මෙන්ම දැනුමක්ද ලැබේවි...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    14 Nov 2015 09:27 PM

    එහෙනම් මේක සොයන්නකෝ...

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Nov 2015 10:39 PM
    Posted By indika76 on 14 Nov 2015 09:27 PM

    එහෙනම් මේක සොයන්නකෝ...

    ගාලු  කොටුව..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    14 Nov 2015 11:00 PM
    සමන්ත අයියා නිවැරදියි...

    ... ගාලු කොටුව ...
    ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    14 Nov 2015 11:03 PM

    මේක හඳුනාගන්නකෝ..

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 Nov 2015 11:23 PM
    Posted By indika76 on 14 Nov 2015 11:03 PM

    මේක හඳුනාගන්නකෝ..

    අනුරාධපුර  රුවන්වැලි  මහාසෑය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    14 Nov 2015 11:30 PM
    ... රුවන්වැලි සෑය ...
    ක්‍රි: පූ 161 - 137 අතර කාලයේ රජ කළ දුටුගැමුණු රජතුමා විසින් සිය රාජ්‍ය සමයේ අවසාන කාලයේ මෙම ස්තූපය සාදවන ලදී. බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මිහිදු හිමියන් විසින් අනාගතයේදී පහළ වන දුටුගැමුණු නම් රජෙකු මහා ථූපයක් සාදවන බවට අනාවැකියක් ප්‍රකාශ කර තිබුණි. එය සඳහන් කර රජගෙහි තැම්පත් කර තිබූ රන් පතක් හා මහා සෑය ඉදිවන ස්ථානයේ පිහිටුවා තිබූ ගල් ටැඹක් දැක රජුට මෙම මහා සෑ ඉදිකිරීම ආරම්භ කිරීමට අදහස ඇතිවූ බව මහාවංසයේ සඳහන් වේ.
    සියලු සම්පත් සපයා ගැනීමෙන් පසුව ගැමුණු රජු මහා සංඝයාගේ මූලිකත්වයෙන් වෙසක් පුර පසළොස්වක පොහාය දිනයකදී, විසා නැකතින් මෙම මහා ස්තූපයේ වැඩ ආරම්භ කළේය. නමුත් රජුට සිය ජීවිත කාලයේදී මෙහි වැඩ නිම කිරීමට හැකි වූයේ නැත. රජුට නිම කළ නොහැකි වූ ස්තූපයේ ඉහළ කොටසේ කටයුතු හා ඇත් පවුර පසුව රජ පැමිණි සද්ධාතිස්ස රජතුමා විසින් කරවන ලදී. අද අපි දකින්නේ එදා ගැමුණු රජු කරවූ මුල් රුවන්වැලි සෑයේ නූතන අවස්ථාවයි. රාජධානි නිරිතට සංක්‍රමණය වීමත් සමඟ ගරා වැටුණු මහා ථූපය යළි අද තිබෙන ආකාරයෙන් ගොඩනැගුනේ නාරංගොඩ සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන්ය. ඒ උන් වහන්සේ විසින් 1902 දී පිහිටවූ රත්නමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය හරහාය. එම සමිතිය විසින් වසර ගණනාවක් පුරා කළ කටයුතු වල වැදගත්ම අවස්ථාව වූයේ 1940 ජූනි මස 17 වන දින, පොසොන් පොහොය දා ස්තූපයට කොත පැලැන්ද වීමයි. වර්තමානයේ රුවන්වැලි සෑය වටා ඇති ඇත් පවුර ද මෑතකදී සෑදුවකි. එහෙත් ස්තූපයේ බස්නාහිර පැත්තේ තවමත් පැරණි ඇත් පවුරේ කොටසක් සංරක්ෂණය කර ඇත.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    14 Nov 2015 11:55 PM

    මේකත් සොයන්නකෝ...

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    15 Nov 2015 06:22 AM
    ඉන්දික අයියත් මරැ දේවල් කරන්නේ හොදයි හොදයි ස්ටන් එකට අලුත් දේවල් අරගෙන එන එක
    මේ පොටෝ එකේ තියෙන එකනං මීටර් නැහැ
    ඉස්සරහට බලමුකෝ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    15 Nov 2015 08:17 AM
    Posted By indika76 on 14 Nov 2015 11:55 PM

    මේකත් සොයන්නකෝ...

    පොළොන්නරුව  රජ මාළිගාව.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    15 Nov 2015 04:50 PM
    danuma wedi wenna hoda tharagayak ,,,,
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    15 Nov 2015 06:29 PM
    පිළිතුර නිවැරදියි...

    ... වෛජයන්ත ප්‍රාසාදය (පරාක්‍රමබාහු රාජ මාලිගය) ...
    වෛජයන්ත ප්‍රාසාදය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද එතුමාගේ රජ මාළිගය යි. ඉන්ද්‍ර දෙවියන්ගේ දේව භවන හදුන්වනු ලබන්නේද “වෛජන්ත” නමිනි. මෙම නම අණුකරනය කරමින් වෛජයන්ත ප්‍රාසාදය ලෙස නම් කරන්න ඇතැයි සැලකේ. චූල වංශයට අණුව මෙම ගොඩනැගිල්ල සත් මහලකින් යුක්ත වුවකි. ගොඩනැගිල්ලේ පාදම සහ බිත්ති නිරීක්ෂණය කරන්නෙකුට මේ බව තහවුරු කර ගැණිමටද හැක. දැනට ඉතිරිව ඇත්තේ මහල් තුනක් පමණකි. පහත මාලයේ සිට එක් බිත්තියක උස අඩි තිහක් පමණවේ. පියගැට පෙළක කොටස්ද තවමත් දක්නට ඇත. මෙම බිත්ති වල දැවමය බාල්ක යොදා තිබු විවර දකින්නට ඇත. ඒවායේ ප්‍රමාණය අනුව ඉහල මාලයන් සදහා දැව උපයෝගීකර ගන්නට ඇතැයි උපකල්පනය කරනු ලැබේ.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    15 Nov 2015 06:33 PM

    මෙන්න ඊලග රූපය

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    15 Nov 2015 10:31 PM
    Posted By indika76 on 15 Nov 2015 06:33 PM

    මෙන්න ඊලග රූපය

    නාගදීප රජමහා විහාරය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    15 Nov 2015 11:25 PM
    අදමනෙ බොලන් මම මෙක දැක්කෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    16 Nov 2015 02:01 AM
    සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    16 Nov 2015 02:04 AM
    නාගදීප පුරාණ රජමහා විහාරය
    නයනතිවු දුපත

    නාගදීප පුරාණ රජමහා විහාරය ශ්‍රිලාංකික බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවු අතිපුජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි. බුද්ධ වර්ෂ පළමු වන සියවසේ පටන් වන්දනාකරුවන් විසින් නාගදීපයේ පිහිටි පුරාණ රාජායතන චෛත්‍ය වැදපුදා ගැනිමට පැමිණි බවට වාර්තා ඇත.

    මිණිපළගක අයිතිය මුල්කරගෙන චුලෝදර හා මහෝදර නාරජුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමතයකට පත් කිරිම පිණිස බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක් මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකා ගමනයයි. සටන් පැවති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිද බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසුහ. එයින් සතුටට පත් නාගයෝ ගැටුමට මුල්වු මිණිපළග බුදුරජුන් හට පිදුහ. උන්වහන්සේ වැඩ සිටිමෙන් පාරිභෝගික වස්තුවක් බවට පත්වු මිණිපළග නැවතත් නාරජුන් වෙත පිරිනැමුණු අතර පසුව ඔවුන් විසින් එය තැන්පත් කොට රාජායතන චෛත්‍ය ගොඩනගන ලදී. දේවානම් පියතිස්ස දුටුගැමුණු රජසමයන්හිදී නාගදීප රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට මනාව සංවර්ධනය වු පූජනීය ස්ථානයක් බවට පත් කරන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි පාලන සමයන්හිදී මුහුදු බඩ ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරිමත් සමගම නාගදීප විහාරස්ථානයද විනාශයට පත්කෙරුණු අතර දිර්ඝ කාලයක් පුරා බෞද්ධ ජනතාවට එය වැදපුදා ගැනීමේ භාග්‍ය අහිමි විය.

    වර්ෂ 1931දී අම්බලන්ගොඩ සෝමසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේ නාගදීපයට වැඩම කොට රාජායතන චෛත්‍යයේහි නටබුන් හා කිරිපලු නුගරුක දැක මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේ වැඩහිද ධර්ම දේශනා කළ මිණිපළග නැත්පත් කොට ඉදිකරන ලද රාජායතන චෛත්‍ය පිහිටි ස්ථානය බව තහවුරු කොට ගෙන පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන් ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාව සදහා නැවත වන්දනා කිරිමේ භාග්‍යය උදා කර දෙන ලදි.

    උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ නාගදීප පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරන අතර උන්වහන්සේ අපවත්වී වදාළ අමරපුර නිකායේ මහනායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය නමකි.

    ශ්‍රිලංකාවේ විවිධ ජනවර්ගීන් අතර සුසංගමය ඔපනංවන්නාවු ප්‍රකට නිදසුනක් වු නාගදීප පුරාණ රජමහා විහාරය විවිධ වකවානු වලදී වැඩිදියුණු කෙරුණු අතර වර්තමානයේදී එය සැදැහැවත් බෞද්ධයන්ගේ අතිපුජනීය වන්දනා ස්ථානයක් බවට පත්වී ඇත.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    16 Nov 2015 02:17 AM
    Posted By indika76 on 16 Nov 2015 02:04 AM

    හෙට අනිද්දට නාගදීපය වෙනුවට අපට කියන්න වෙන්නෙ නයිනතිව් කියලා දෙමල නමක් ......මොනවා කරන්නද යහපාලනය තමයි .......අපො.... ජාති වාදය අවිස්සෙයිද දන්නෙ නැහැ ....
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449

    --
    16 Nov 2015 07:05 PM
    ඔව් බං මේවා ගැන කතා කරන්නත් බයයි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118

    --
    17 Nov 2015 10:33 PM
    ඉන්දික76 අයියගේ අලුත් ත්‍රෙඩ් එක නම් පංකාදුයි.. අළුත් වැඩක්.. අලුත් දෙයක්.. බොහොම ස්තුතියි සටන් එකට අලුත් දෙයක් අරගෙන ඇවිත් කරනා මෙහෙයට..!
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2012345 > >>