You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 20 << < 89101112 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jan 2016 05:13 PM
සතුටුයි ... කෝ තව රුපයක් දාන්න අයියා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jan 2016 07:17 PM
... 'ඩෙවොන්' ඇල්ල ' Devon' Falls ...

ඩෙවොන් දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් එක් රමණීය දිය ඇල්ලකි. තලවාකැලේ නගරයට කිලෝ මීටර් 6ක් පමණ බටහිරින් පිහිටා ඇති මෙම දිය ඇල්ල උසින් මීටර් 97ක් පමණ වේ.
උස අනුව ගත් කල ශ්‍රී ලංකාවේ පිහිටි 19වන දිය ඇල්ල ලෙස මෙය නම් කල හැකිය.
ප්‍රසිද්ධ ඉංග්‍රීසි කෝපි වැවිලිකරුවකු වන ඩෙවොන් සිහිවීම පිණිස මෙම දිය ඇල්ලට 'ඩෙවොන්' යන නම ලැබී ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 1140ක් උසින් පිහිටා තිබෙන ඩෙවොන් ඇල්ල කොටස් 3කින් යුක්තයි. මහවැලි ගඟට සම්බන්ධ අතු ගංගාවක් වන කොත්මලේ ඔය ඩෙවොන් ඇල්ලට ජීවය ලබා දෙයි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jan 2016 07:21 PM
මේ රූපය සොයන්න...
මේකත් බදුල්ල ආසන්නයේ තිබෙන සුන්දර දිය ඇල්ලක්...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2016 05:44 AM
Posted By indika76 on 14 Jan 2016 07:21 PM
මේ රූපය සොයන්න...
මේකත් බදුල්ල ආසන්නයේ තිබෙන සුන්දර දිය ඇල්ලක්...

පාසල් කාලයේ සියතින් දුටු මෙවෙනි ඉස්තාන නැවත පින්තුරකින් හරි දැක ගන්නට ඔබ උදාකර දුන් අවස්ථාව අගය කරනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Jan 2016 02:52 PM
මෙය නම් දුන්හිද ඇල්ල වගේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jan 2016 09:06 PM
Posted By Rosi on 15 Jan 2016 02:52 PM
මෙය නම් දුන්හිද ඇල්ල වගේ

රෝසි නංගී දුරු රට සිටියට ලංකාව ගැන හොදට දන්නවානේ...

දුන්හිඳ ඇල්ල තමයි ඒ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jan 2016 09:08 PM
... දුන්හිඳ ඇල්ල ...

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jan 2016 10:21 PM
මමත් කිහිපවරක්ම මෙතැනට ගිහින් තියෙනවා.. මේ දිය ඇල්ල ලඟට යන්න තියෙන පාර ඒ කාලයේ නම් තරමක් දුෂ්කරයි. දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ. මට මතක හැටියට මේ පාරේ ලිස්සල වැටිලා කිහිපදෙනෙක් ජීවිතෙන් සමුගත්තා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2016 10:35 PM
Posted By samantha on 15 Jan 2016 10:21 PM
මමත් කිහිපවරක්ම මෙතැනට ගිහින් තියෙනවා.. මේ දිය ඇල්ල ලඟට යන්න තියෙන පාර ඒ කාලයේ නම් තරමක් දුෂ්කරයි. දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ. මට මතක හැටියට මේ පාරේ ලිස්සල වැටිලා කිහිපදෙනෙක් ජීවිතෙන් සමුගත්තා.

මම මේ පැත්තෙ ගිහින්ම නැහැ

ට්‍රිප් එකක් යන්න ඔනේ ලගදිම දවසක


0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jan 2016 05:57 AM
මාත් ලංකාවේ ඉද්දි දෙපාරක්ම ගිහින් තියෙනව
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2016 07:17 PM
මේ රූපය සොයන්නකෝ...

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Feb 2016 07:27 PM
Ambuluwawa.....................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2016 09:21 PM
ඉසුරු මල්ලී නිවැරදියි...

... අම්බුළුවාව ...
ස්වභාව ධර්මයේ දායාද හා මිනිසුන්ගේ කුසලතා එක්තැන් වූ විට මතුවන්නේ විශ්වකර්ම නිර්මාණයන්ය. ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ද එවන් වූ සුන්දර නිර්මාණයකි. “ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය” නමින් ජාතියට දායාද කළ ඒ මහඟු සම්පතේ නිර්මාතෘවරයා දි.මු. ජයරත්න මහතාය. අම්බුළුවාව කන්දට දෙපාර්ශ්වයකින් ළඟාවිය හැක. ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ කි.මී. 3 ක් පමණ ගිය විට මෙම කන්දට ප‍්‍රවේශ වන මාර්ගය හමුවන අතර, කොළඹ - මහනුවර මාර්ගයේ මාවනැල්ලෙන් හෙම්මාතගමට පැමිණ හෙම්මාතගම - ගම්පොළ මාර්ගයෙන් ද මෙම ස්ථානයට ප‍්‍රවේශ විය හැක.අද අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය බැලු බැල්මට රාජකීය උද්‍යානයක් සේ පෙනුණ ද, එය හෙළයේ මහා සංස්කෘතික කැඩපත ලෙස හැඳින්වීම වඩාත් නිවැරැදිය. මෙහි පිවිසුම් දොරටුව මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇත. මෙම තොරණ මහල් තුනකින් යුක්ත වන අතර, අපූරු සුන්දරත්වයකින් හෙබි මෙහි නිමැවුම් අපගේ පෙ‍්‍රෟඪ ඉතිහාසය හා සංස්කෘතිය මැනැවින් පෙන්නුම් කරයි. පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී මදක් ඔබ්බට ගමන් කරන විට ගලා යන සිසිල් දිය දහරාවත් සමඟ මුලින් ම හමුවන්නේ අපනයන බෝග වගා කළ අලංකාර භූමි භාගයකි. ගම්මිරිස්, කෝපි, එනසාල්, කුරුඳු වැනි බෝග සරුවට වැඩී ඇති අයුරු මෙහිදී දැකගත හැකිය.ස්වභාවික වනාන්තරය මැදින් වැටී ඇති මාර්ගයේ ගමන් කරන්නකුට දැනෙන සිසිලස හා සුවය අපූරුය. මෙම මාර්ගයේ අතරමඟ පිහිටා ඇති පොලිස් මුරපොළ පසුකළ විට හමුවන්නේ අම්බුළුවාව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි පහත මාලයේ මුළුතැන් ගෙයක් සහිත සියලු පහසුකම්වලින් සමන්විත වූ නිදන කාමර 17 කි. ඉහළ මාලයේ එකවර 500 දෙනකුට අසුන් ගත හැකි සම්මන්ත‍්‍රණ ශාලාවය. පහත මාලයේ කොටසක අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ආකෘතිය ප‍්‍රදර්ශනය කෙරෙන අතර, කුඩා කාමරයක පුස්තකාලයක් ද ඉදිකර ඇත්තේය.සම්මන්ත‍්‍රණ ශාලාව පසුකර දැවැන්ත කළුගල් පර්වතය හරහා ඉදිකර ඇති මාර්ගයේ ඉදිරියට ගමන්කරද්දී මුලින් ම හමුවන්නේ ශෛලමය උද්‍යානයකි. ස්වභාවික ගල්පර අතරේ වගාකර ඇති විවිධ මාදිලියේ මල් වර්ගවලින් ශෛලමය උද්‍යානය ඉතාමත් අලංකාරව පවතී. මෙහි විසිතුරු පැළෑටි වගා රටාව තුළින් සුන්දරත්වයක් පිළිබිඹු කරන අතර, මේ ප‍්‍රදේශයේ ඉදිකර ඇති කුඩා ජලාශයන් දෙක ද ජෛව විවිධත්ව සංකීර්ණයේ වටිනාකම මතුකර පෙන්වයි. විශේෂයෙන් මේ ප‍්‍රදේශයේ ඉදිකිරීම්වලදී මතුවූ විශාල ගල් පර්වත මහා ගල් කුලුනු ලෙස තැන්පත් කර ඇති දර්ශනය ද ඉතාමත් අලංකාරය.උද්‍යානය අසලින් වම්පසට වැටී ඇති මාර්ගයේ ගමන් කළ විට හමුවන්නේ ගොවිජන පුහුණු මධ්‍යස්ථානයයි. එය ඉදිරිපිටි භූමියේ අලංකාර ලෙස ඉදිකළ වතුර මලක් ද, ඒ අවට භූමිය විසිතුරු පැළෑටි වර්ග වගා කොට අලංකාර කර ඇත. විසිතුරු පැළෑටි වර්ග මෙන්ම ලෝකයේ ඇති තාල වර්ගයේ එකතුවක් ද මෙහිදී දැකගත හැකිය. අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ප‍්‍රධාන සංචාරක මන්දිරය ඉදිකර ඇත්තේ ද මෙම ප‍්‍රදේශයේමය.ශෛලමය උද්‍යානය අසලින් දකුණට හැරී ගමන් කරන විට හමුවන්නේ කඳු මුදුනෙහි පිහිටි ගොවිජන චෛත්‍යයයි. මෙම චෛත්‍යයට ප‍්‍රවේශ වීමේ මාර්ග තුනකි. එක් ප‍්‍රවේශ මාර්ගයක් පිහිටා ඇත්තේ උමගක් ඔස්සේය. මෙම උමගෙහි දෙපස බිත්තිවල සිතුවම් ඇඳීමට අපේක්ෂිතය. දෙවැනි ප‍්‍රවේශ මාර්ගය ජය ශී‍්‍ර මහා බෝධි අංකුරය රෝපණය කර ඇති ස්ථානය හරහා වැටී ඇත. තෙවැන්න ප‍්‍රධාන මාර්ගයෙන් ආරම්භ වේ. මෙහි ඉදිකර ඇති චෛත්‍යය වැනි චෛත්‍යයක් ලෝකයේ කිසිම බෞද්ධ රටක නොමැති බවත්, තමා එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා වශයෙන් කෘෂිකර්මය පදනම් කරගෙන “ගොවිජන සෑය” නමින් මෙය නම්කර ඇති බවත් එහි නිර්මාතෘ අමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.මෙම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සක හැඩයෙන් නිර්මාණය කර ඇති අතර, ගර්භය වට්ටක්කා ගෙඩියක හැඩයෙන්ද, ඉහළ කොටස කොකෝවා ගෙඩියක හැඩයෙන්ද යුක්ත වේ. අවසාන කොටස චූඩා මාණික්‍යයයි. මෙය අප රටේ වී ගොවිතැන, එළවළු හා පලතුරු වගාව සංකේතවත් කරයි.උසින් අඩි 243 ක් පමණ වන මෙම චෛත්‍යයේ කොත්වහන්සේගේ උස ප‍්‍රමාණය අඩි 17 1/2 කි. චෛත්‍යයේ ගර්භය තුළ එකවර 500 කට අධික පිරිසකට රැඳී සිටිය හැකි අතර, ගර්භය තුළ පඩිපෙළ දිගේ ඉහළට ගමන් කළ හැකි අයුරින් නිර්මාණය කර ඇත. රාති‍්‍ර කාලයේදී විදුලි බුබුළුවලින් අලෝකවත් වූ මෙම සෑය ඈත සිට බලන්නකුට දිස්වන්නේ අහසේ පාවෙන කේතුවක් ලෙසිනි. ලෝකයේ බෞද්ධ රටවල දාගැබ් වර්ග 13 ක් තිබෙන අතර, 14 වන දාගැබ් විශේෂය වශයෙන් ගොවිජන චෛත්‍යය දාගැබ් ඉතිහාසයට එක්වන බව එහි නිර්මාතෘවරයා පවසයි.ගොවිජන චෛත්‍යයට ඔබ්බෙන් පිහිටි විවෘත දෙමහල් ගොඩනැගිල්ල නැරැඹුම් මැදිරියයි. දිග මීටර් 20 ක් හා පළල මීටර් 15 කි. ඉහළ මාලයේ මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවූ වහලක් ඇත. මෙහි දුරදක්න හා කඳු මාපක උපකරණ සවිකර ඇති අතර, එක මහලක එකවර 200 ක පමණ පිරිසකට ගැවැසිය හැකිය. නැරැඹුම් මැදිරියේ සිට අවට කඳු 40 කට අධික සංඛ්‍යාවක සිරි නැරැඹිය හැකිය.බුරුමයට හා තායිලන්තයට වැඩම කරවන ලද ජය ශී‍්‍ර මහා බෝධි අංකුර දෙකකින් එකක් එහි රෝපණය නොකර ආපසු ශී‍්‍ර ලංකාවට වැඩම කරවා ඇත. එම අංකුරය මෙම චෛත්‍යය අබියස තැනිතලා භූමියේ රෝපණය කර මේ වන විට මැනැවින් වැඩී ඇත. මේ අතර දර්ශනීය බුදු මැඳුරක් ඉදිකර ඇති අතර, අඩි 18 ක් පොළොව යට උවසු උවැසියන් 500 කට සහභාගි විය හැකි පරිදි භාවනා මධ්‍යස්ථානයක් ද ඉදිකර ඇත. එමෙන් ම ජාති ආගම් භේදයෙන් තොරව හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හා කි‍්‍රස්තියානි දෙව් මැඳුරක් ද ඉතාමත් දර්ශනීයාකාරයෙන් ඉදිකර ඇත්තේය. මේ අතර ලංකාවේ කිසිදු ප‍්‍රදේශයක නොමැති කෘෂිකර්මය පදනම් කරගත් සඳකඩ පහනක් ද කළුගලින් නිමවා ස්ථාපිත කර ඇත.අම්බුළුවාව කඳු මුදුන් කොටසේ වැව් ති‍්‍රත්වයක් වේ. කඳු පාමුල දක්වාම ජල අවශ්‍යතා සපුරා ගැනීම අරමුණු කොට ගෙන එම වැව් ඉදි කළා සේ පෙනේ. ප‍්‍රධාන හා විශාලම වැව ඉහළින් පිහිටා ඇති අතර, වැව් නිර්මාණය කිරීමෙන් ප‍්‍රදේශයේ ජෛව විවිධත්වය නංවාලීමට ජලය උපයෝගී කරගැනීමටත් සියලු ජල අවශ්‍යතාවන් සපුරාගැනීමටත් පියවර ගෙන ඇත. මෙම සංකීර්ණයේ විශාල වැව් 2 ක් හා පොකුණු 18 ක් තිබෙන අතර, එය සංකීර්ණයේ වෙසෙන වන සතුන්ටද ඉමහත් පිළිසරණක් වී ඇත.

මූලාශ්‍රය: http://ambuluwaawa.blogspot.com/201...-post.html
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Feb 2016 09:24 PM
බොහොම වැදගත් තොරතුරු ටිකක්.. මේ පිටුපස තවත් අසුභ පුවතක් තියෙන බවත් මම අහලා තිබුණා. නිධන් හාරපු කථාවක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 07:18 AM
මමත් එක සැරයක් ගිහින් තියෙනවා මෙහෙ.
ඒ දවස් වල චෙත්‍යෙය් මැද හිඩැස්වල ආරක්ෂිත වැටවල් එහෙමත් නැහැ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2016 05:46 AM
මෙන්න ඊළග රූපය ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 06:38 AM
අභයගිරිය ස්තූපය
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2016 07:14 AM
නෑ මල්ලි අභයගිරි‍ය නෙමෙයි. ඊට ආසන්නවම පිහිට් චෛත්‍යයක්..
දෙකම එක වගේ තමයි පේන්නේ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 07:17 AM
එහෙනං මේ ජේතවනාරාමය නේද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2016 07:19 AM
ඹව් මල්ලි ජේතවනාරාමය...
0
You are not authorized to post a reply.
Page 10 of 20 << < 89101112 > >>