You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 20 << < 910111213 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
06 Feb 2016 07:21 AM
... ජේතවනාරාම දාගැබ ...
ජේතවනාරාමයේ දාගැබකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
06 Feb 2016 07:24 AM
මෙන්න ඊළග රූපය ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
06 Feb 2016 07:25 AM
මෙය මුලින් තිබුනේ මේ විදියට ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
06 Feb 2016 11:19 PM
බොහොමත්ම වටිනා තොරතුරු ටිකක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
07 Feb 2016 12:06 AM
… අභයගිරි විහාරය …

අභයගිරි විහාරය ක්‍රි.පූ. පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.

මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද, පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ.  මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රාසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල, සඳකඩපහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකා‍රාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ අක්‍රමණය නිසා වල්වැදි ගියේය.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Feb 2016 04:16 AM
මම කලින් කියපු සෑයත් දාලා තියෙන්නේ
අභයගිරිය ජේතවනාරමය දෙකම එක වගේ තමයි
පින්තූර වලට වගේම විස්තර වලටත් බොහොම ස්තූතියි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 05:41 AM
මේ ත්‍රෙඩ් එක ඉතාමත් වටිනා තොරතුරු හොයා ගන්න තියෙන ත්‍රෙඩ් එකක්. මේ පින්තුර සහ තොරතුරු හොයමින් අපට ඉතා රසවත් ආකාරයකට ඉදිරිපත් කරන ඔබට මගේ අවංක ස්තුතිය. මට ඉදිරියේදී විවේක ලැබුණු මොහොතක අනිවාර්යයෙන්ම මේ ත්‍රෙඩ් එක මුල සිට බලන්න ඉන්නෙ. මොකද මුලින් කියපුව සාමාන්‍ය මතකයක් සහ සාමාන්‍ය බුද්ධියක් තියෙන අපි වගේ අයට අමතක වෙන එකත් සාමාන්‍ය දෙයක් නිසා. මතක තබා ගතයුතු වගේම දන ගත යුතු කරුණු ගොඩක් මෙතන තියෙනවා ලංකාවේ ප්රාධාන සිද්ධස්ථාන ගැන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
07 Feb 2016 06:01 AM
බලාගන්න පහසුවෙන්න පොඩි සමරියකුත් දැම්මා..

ගාලු කොටුව
රුවන්වැලි සෑය
වෛජයන්ත ප්‍රාසාදය
නාගදීප පුරාණ රජමහා විහාරය
සෝමාවතිය
මහියංගනය රජ මහා විහාරය
මිරිසවැටිය දාගැබ
පොළොන්නරුව කිරි වෙහෙර
මහවැලි ගඟ
යාපහුව
සිගිරිය
ලංකාරාමය
ථූපාරාමය
පොළොන්නරුව ථූපාරාමය
කැළණිය රජ මහ විහාරය
මුතියංගන සෑ රදුන්
ඉසුරුමුණිය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
ශ්‍රී පාදස්ථානය
කළුතර බෝධිය
දෙවුන්දර විෂ්ණු ‍දේවාලය
ඩෙවොන් ඇල්ල
දුන්හිඳ ඇල්ල
අම්බුළුවාව
ජේතවනාරාමය
අභයගිරිය
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
07 Feb 2016 06:06 AM
මේ දිය ඇල්ල සොයන්න...
රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන්නේ...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 06:16 AM
බෝපත් ඇල්ල ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 07:01 AM
Posted By indika76 on 07 Feb 2016 06:01 AM
බලාගන්න පහසුවෙන්න පොඩි සමරියකුත් දැම්මා..

ගාලු කොටුව
රුවන්වැලි සෑය
වෛජයන්ත ප්‍රාසාදය
නාගදීප පුරාණ රජමහා විහාරය
සෝමාවතිය
මහියංගනය රජ මහා විහාරය
මිරිසවැටිය දාගැබ
පොළොන්නරුව කිරි වෙහෙර
මහවැලි ගඟ
යාපහුව
සිගිරිය
ලංකාරාමය
ථූපාරාමය
පොළොන්නරුව ථූපාරාමය
කැළණිය රජ මහ විහාරය
මුතියංගන සෑ රදුන්
ඉසුරුමුණිය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
ශ්‍රී පාදස්ථානය
කළුතර බෝධිය
දෙවුන්දර විෂ්ණු ‍දේවාලය
ඩෙවොන් ඇල්ල
දුන්හිඳ ඇල්ල
අම්බුළුවාව
ජේතවනාරාමය
අභයගිරිය
අයියෙ. ඔයාට පුළුවන් නම් ඔය ලිස්ට් එක මේ ත්‍රෙඩ් එකේ පලවෙනිම පොස්ටුවේ දාන්න.
http://www.sl-stun.com/Forum/aft/644
අලුතෙන් එකතුවෙන ඒවා ඒ පෝස්ටුවෙත් අලුත් කරන්න. එතකොට ඕනෑම කෙනෙකුට බලාගන්න පහසුයි. හොයා ගන්නත් පහසුයි මොන ස්ථාන ගැනද මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරලා තියෙන්නෙ කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Feb 2016 07:17 AM
ඔව් මේ දේ පුලු පුලුවන් හැම ත්‍රෙඩ් එකකම වෙනවනං ගොඩක් හොදයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 07:23 AM
Posted By sha733 on 07 Feb 2016 07:17 AM
ඔව් මේ දේ පුලු පුලුවන් හැම ත්‍රෙඩ් එකකම වෙනවනං ගොඩක් හොදයි

දැනට මේ දේ මගේ ත්‍රෙඩ්ස් වල කරගෙන යනවා මල්ලි. අනෙත් අයත් ඔය දිගට කරගෙන යන එවන් වැදගත් තොරතුරු තියෙන නැවත සොයා ගැනීමේ පහසුවට මේ වැඩේ කරන්න කියල මමත් ඉල්ලනවා. අංක පිළිවෙලට දැම්මම ත්‍රෙඩ්එකේ ඒ ගැන සඳහන් වෙන්නේ කොහෙද කියන එක සොයා ගන්න පහසුයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
07 Feb 2016 04:22 PM
... බෝපත් ඇල්ල ...

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය. බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.

මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.

බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.

තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
07 Feb 2016 05:29 PM
මෙතන දැන් ගොඩක් හොදයි ...පොලිස් මුරපොලක් පිහිටලා තියෙනවා ..බීලා පිස්සු කෙලින් උන්ට ඉඩක් නැහැ .......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
07 Feb 2016 06:38 PM
මේක ෂා මලයගේ අඩවියේ පිහිටි ස්ථානයක්...
සොයන්න බලන්න...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
07 Feb 2016 06:39 PM
අනේ මම නම් දන්නෙ නැහැ අය්යො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 07:48 PM
Posted By indika76 on 07 Feb 2016 04:22 PM
... බෝපත් ඇල්ල ...

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය. බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.

මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.

බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.

තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.

මේ දිය ඇල්ලේ මුඳුනටම නැගල තියෙනවා මම ගල් දිගේ බඩ ගගා. ඔය ඉස්කෝලේ යාලුවොත් එක්ක. 

බොහොම ස්තූතියි තොරතුරු ගෙනාවට බෝපත් ඇල්ල ගැන..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
07 Feb 2016 10:03 PM
Posted By maduranga001 on 07 Feb 2016 07:48 PM

… …ඉතින් ඔක කියන්නත් දෙයක්ද ? ඉස්කොලෙ යන කාලෙ කොයි කොල්ලත් මුදුනට යන්නෙ ගල් දිගෙ බඩ ගාගෙන තමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Feb 2016 10:07 PM
ගල් දිගේ හතිදාගෙන නගිද්දී තව ටිකෙන් ලිස්සල වැටෙනව අතර මැදදී. එහෙම උනා නම් සුනේ සුන්. ගල්වල සෙවල පාසි බැඳිලා තිබුනේ උඩට යද්දී.