You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 20 << < 1011121314 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Feb 2016 10:14 PM
Posted By maduranga001 on 07 Feb 2016 10:07 PM
ගල් දිගේ හතිදාගෙන නගිද්දී තව ටිකෙන් ලිස්සල වැටෙනව අතර මැදදී. එහෙම උනා නම් සුනේ සුන්. ගල්වල සෙවල පාසි බැඳිලා තිබුනේ උඩට යද්දී.



… …හති දානවා නම් වහාම වයිද්ය ප්‍රතිකාර වලට යොමු වෙන්න වෙයි කොල්ලො ...ඔය වයසට එහෙම වෙන්න බැහැ ..........සෙවල පාසි වගෙ දෙවල් අතින් ඉවත් කරන්නකො ඉතින් ..අනික මුදුනට ගියාට පස්සෙ සෙවල පාසි නිසා සීතල දැනෙනකොට මහන්සිය නැති වෙනවා ......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Feb 2016 10:34 PM
Posted By indika76 on 07 Feb 2016 06:38 PM
මේක ෂා මලයගේ අඩවියේ පිහිටි ස්ථානයක්...
සොයන්න බලන්න...
දඹුලු රජ මහා විහාරය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Feb 2016 10:42 PM
සමන්ත අයියගේ උත්තරේ හරි නේද?
කෝ මේ ඉන්දික76 අයිය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Feb 2016 10:44 PM
බෝපත් ඇල්ල කියන්නේ සුන්දර වගේම භයානක තැනක්.. හිටපු ගමන් වතුර වැඩි වෙනවා .. ගොඩක් අය වතුර වැඩිවෙලා කොටු වුණ බව අහල තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Feb 2016 12:42 AM
ගල දිගේ නැගපු බැහැපු රැටපු ඒව ඔයින් නතර උනා ඇති
නැත්තං අලුතින් දාපු ඓතිහාසික පුදබිමක් වෙන දඹුල්ල රජ මහ විහාරය ගැන කථා කරන්න හිතෙන්නෙ නැතිවෙයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Feb 2016 07:41 AM
සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි...

... දඹුල්ල රජමහා විහාරය ...
දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.

දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.

ක්‍රි.පූ 7 වන සියවස තරම් ඈත අතීතයකට හිමි කම් කියන මෙය, ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයයි. අති විසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියලිව තබා ගනු රිසියෙන් ගලෙහි බිටත ඉහල මායිමෙහි කටාරම් කොටා ඇත. 1938දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපල වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සරසන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි, සිවිලිම් (වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි. මෙහි බුදු රජාණන් වහන්සේගේ සහ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ මෙන්ම බොහෝ දේවතාවුන් හා දේවතාවියන්ගේද රූප ඇත.

දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වන හා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි ඔහුට, වසර 15ක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ෂා සැපයුනේ මෙහිදීය. නැවත ඔහුගේ අගනුවර දිග්විජය කල රජතුමා, කෘතඥ ගෞරවසම්ප්‍රයුක්තව මෙහි විහාරයක් කරවීය. පසුකාලීන රජුන්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි. නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි.

පිළිම ගෙවල් බවට පරිවර්තනය කරන ලද ලෙන් පහකින්, විහාරය සමන්විත වේ. අනුරාධපුරය (ක්‍රි.පූ1වන සියවස සිට ක්‍රි.ව 993 දක්වා) සහ පොළොන්නරුව අවදීන්හීදී (1073 සිට 1250), මී150 උසැති පර්වතයෙහි පාදමෙහි තනවා ඇති ලෙන්, ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන බොහෝ ලෙන් විහාර අතුරින් අතිශය චමත්කාර ජනක වැන්නය. කිමී 19 ඔබ්බෙහි පිහිටි සීගිරිය පර්වත බලකොටුවෙහි හා, අවට තැනිතලා භූමින් හීද සිරි නරඹමින්, දඹුල්ල පර්වතයෙහි මඳ බෑවුම කරණය කිරීමෙන්, මෙයට ප්‍රවිෂ්ඨ විය හැක්කේය. ගොම්මං වේලාව එළඹෙත්ම, සියගණනින් හෙබි, වැහි ලිහිණි කඩා පනින හමුදාව ලෙන් පිවිසුම් දොරටුව වෙත සැපත් වනු දැකිය හැක. විශාලතම ලෙන නැගෙනහිර සිට බටහිරට මී52ක්ද, පිවිසුමෙහි සිට පසුපසට මී23ක්ද ලෙස විශාලත්වයක් දක්වන අතර මෙම මනස්කාන්ත ලෙන එහි මුදුන් තැනෙහිදී මී7ක් උසක් දරයි. වළගම්බා රජු සහ නිශ්ශංක මල්ල රජ යන රජුන්, සහ බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවන්ට අමතරව, හින්දු දෙවිවරුන්ද මෙහි පෙන්නුම් කර ඇත.

රංගිරි දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර කොටස 1991 වසරේ මෙය ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශට පත්කෙරිනි.

මේ සියළු පිළිම ගෙවල් සිසාරා, බුදු සසුන හා රටේ ඉතිහාසය පිළිඹිබු කෙරෙන පිළිම එකසිය පනහක් පමණ පිහිටුවා තිබෙනු දැකිය හැක. මෙම පිළිම හා සිතුවම් සිංහල මූර්ති ශිල්පයේ හා සිංහල කලාවේ බොහෝ යුග පරිච්ඡේද නිරූපණය කරයි. බුදු පිළිම වහන්සේලා පමණින් හා ඉරියව් අතින් විවිධාකාරය - විශාලතමය මීටර 15ක් දිගුය. එක් ලෙනක ශෛලමය පියස්ස (සිවිලම) සිසාරා බුදු සිරිත දැක්වෙන සිත්තම් 1,500 කට වඩා දක්නට ඇත.

තොරතුරු අන්තර්ජාලයෙනි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2016 08:02 AM
දැන් නම් මෙතැන සල්ලි ගරන තැනැක් වෙලා.. දැනට වසරකට පමණ පෙර මම මගේ ජපන් හිත වතෙක් සමඟ මෙතැනට ගියා. පංසල බලන්න ඔහුගෙන් සල්ලි ඉල්ලුවා ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Feb 2016 08:08 AM
Posted By samantha on 08 Feb 2016 08:02 AM
දැන් නම් මෙතැන සල්ලි ගරන තැනැක් වෙලා.. දැනට වසරකට පමණ පෙර මම මගේ ජපන් හිත වතෙක් සමඟ මෙතැනට ගියා. පංසල බලන්න ඔහුගෙන් සල්ලි ඉල්ලුවා ..
අපෝ... අපේ ජාතියටත් රටටත් ආගමටත් වස විලි ලැජ්ජාව. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2016 05:18 PM
ගොඩක් තැන් වල විදෙශිකයන්ගෙන් මුදල් අය කරනවා ...නමුත් එයට රිසිට් එකක් දෙනවා ...මෙ මුදල් අය කලෙ නිත්යානු කුලව නොවෙයිද සමන්ත අය්යෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2016 09:50 PM

Posted By Ind007ka on 08 Feb 2016 05:18 PM
ගොඩක් තැන් වල විදෙශිකයන්ගෙන් මුදල් අය කරනවා ...නමුත් එයට රිසිට් එකක් දෙනවා ...මෙ මුදල් අය කලෙ නිත්යානු කුලව නොවෙයිද සමන්ත අය්යෙ ?
මට මතක හැටියට  රිසිට් පතක් දුන්නා. නමුත්   මුදල්  ගෙවන්න නැවත පහලට ගොස්  ආපසු කන්ද නගින්න ඔහුට සිදුවුණා.. මේ වගේ හිරිහැර බොහෝ සිදුවෙන බවට මට බොහෝ විදෙශිකයන් කියලා තියෙනවා..  මේක දඹුල්ලේ  විතරක් නෙමෙයි, නුවර , සීගිරියෙ  හැම තැනකම වගේ  සිදුවෙන දෙයක්..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Feb 2016 10:56 PM
ඔහොම උනහම ආයෙත් මේ රටට ඒවිද ඔය මිනිස්සු. වෙන කෙනෙකුට උනත් එන්න කියන්න හිතෙනවද. ඔය මිනිස්සු එන නිසානේ ලංකාවට කියක් හරි ලැබෙන්නේ සංචාරක කර්මාන්තෙ. එපා නොවෙන්න හොඳ පිලි ගැනීමක් ඇතිව හිත සතුටු කරවලයි ගන්න දෙයක් ගන්න ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 07:27 AM
Posted By samantha on 08 Feb 2016 09:50 PM

Posted By Ind007ka on 08 Feb 2016 05:18 PM
ගොඩක් තැන් වල විදෙශිකයන්ගෙන් මුදල් අය කරනවා ...නමුත් එයට රිසිට් එකක් දෙනවා ...මෙ මුදල් අය කලෙ නිත්යානු කුලව නොවෙයිද සමන්ත අය්යෙ ?
මට මතක හැටියට  රිසිට් පතක් දුන්නා. නමුත්   මුදල්  ගෙවන්න නැවත පහලට ගොස්  ආපසු කන්ද නගින්න ඔහුට සිදුවුණා.. මේ වගේ හිරිහැර බොහෝ සිදුවෙන බවට මට බොහෝ විදෙශිකයන් කියලා තියෙනවා..  මේක දඹුල්ලේ  විතරක් නෙමෙයි, නුවර , සීගිරියෙ  හැම තැනකම වගේ  සිදුවෙන දෙයක්..


විහාරෙ ඇතුල් පැත්තෙ පඩිපෙල නේද හරි ලස්සනයි අයියේ පින්තූරෙ

ඉන්දික අයියේ මමවත් දඹුල්ලෙ ඉදල දන්නෙ නැති විස්තර ගොඩක් දාලනේ

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2016 07:42 AM
Posted By sha733 on 09 Feb 2016 07:27 AM
Posted By samantha on 08 Feb 2016 09:50 PM

Posted By Ind007ka on 08 Feb 2016 05:18 PM
ගොඩක් තැන් වල විදෙශිකයන්ගෙන් මුදල් අය කරනවා ...නමුත් එයට රිසිට් එකක් දෙනවා ...මෙ මුදල් අය කලෙ නිත්යානු කුලව නොවෙයිද සමන්ත අය්යෙ ?
මට මතක හැටියට  රිසිට් පතක් දුන්නා. නමුත්   මුදල්  ගෙවන්න නැවත පහලට ගොස්  ආපසු කන්ද නගින්න ඔහුට සිදුවුණා.. මේ වගේ හිරිහැර බොහෝ සිදුවෙන බවට මට බොහෝ විදෙශිකයන් කියලා තියෙනවා..  මේක දඹුල්ලේ  විතරක් නෙමෙයි, නුවර , සීගිරියෙ  හැම තැනකම වගේ  සිදුවෙන දෙයක්..


විහාරෙ ඇතුල් පැත්තෙ පඩිපෙල නේද හරි ලස්සනයි අයියේ පින්තූරෙ

ඉන්දික අයියේ මමවත් දඹුල්ලෙ ඉදල දන්නෙ නැති විස්තර ගොඩක් දාලනේ

ඊලඟ පාර   ආවොත්  අනිවාර්යෙන්ම මල්ලීව හමුවෙන්න එනවා..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Feb 2016 06:26 PM
මේ රූපය සොයන්න..
මෙම ගස් පේලිය දුටු විගසම මේ උද්භිද උද්‍යානය සිහියට නැගේවි...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
09 Feb 2016 07:28 PM
පේරාදෙණිය උදයානය නේද
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Feb 2016 09:21 PM
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Feb 2016 09:55 PM
දෙදෙනාම නිවැරදියි...

… පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය …
නුවර සිට කිලෝමීටර් 5.5 ක් බටහිරින් පේරාදෙණියේ පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 460 ක් පමණ උසින් පිහිටා ඇති මෙහි භූමී ප්‍රමාණය අක්කර 147 ක් වේ. මෙම උද්‍යානය ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිත උද්‍යානය ලෙස සැලකෙයි. වසරේ දින 365 න් දින 200 කම වාර්ෂික වර්ෂාපතනයක් මෙයට ලැබේ.

මෙහි ඉතිහාසය 1371 දක්වා දිවයයි. තුන්වන වික්‍රමබහූ රජුගේ රාජ සභාව පිහිටා තිබි තියෙන්නේ වර්තමානයේ මෙම උද්‍යානය පිහිටා තිබු ප්‍රදේශයේ මහවැලි ගග අසලය. එසේම මෙම භුමියේ විමලධර්ම රජු විසින් විහාරයක් ඉදිකළ බවත් පසුව ලංකාව 1815 වේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිද දමා විනාශ කළ බවත් සදහන් වෙයි. පසුව මෙහි උද්භිත උද්‍යානයක් සැකසීමට අවශ්‍ය බිම් සැකැස්ම කර ඇත්තේ 1821 ඇලෙක්සැන්ඩර් මූං විසින්ය. 1912 දී මෙහි අයිතිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පැවරී ඇත. මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු තේ පැළය සිටුවා ඇත්තේ මෙම උද්‍යානයේදීය. ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ තම විවේක කාලය නිදහසේ ගෙවීමටය.
මෙම උද්‍යානය ඕකිඩ් විශේෂයන් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එසේම මෙහි ශාක විශේෂයන් 4000 ට වඩා ඇත. ඒ අතර විශේෂයෙන්ම බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාක, තාල වර්ගයට අයත් ශාක සහා ඕකිඩ් විශේෂයන් වේ.
වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත උද්‍යාන දෙපාර්තමෙන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවත් ඒකාබද්ධවය.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Feb 2016 10:02 PM
මේ සම්බන්ධව 2015.12.01 දින දිවයින පුවත්පතේ පළවූ ලිපියක් හමුවුනා..
ඉඩ තියෙන වෙලාවක එයත් කියවන්න.. දැනුමට යමක් එකතුවේවි...



ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය

රී ලංකාවේ උද්භිද උද්‍යානය පිළිබඳ ඉතිහාසය, ගම්පොල යුගයේ අවසාන භාගයේ මෙරට පාලනය කළ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ කාලය (වර්ෂ 1371) දක්‌වා ඈතට විහිදෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1780 දී පේරාදෙණිය උද්‍යානය රාජකීය උද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරා. ඒ නිසා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රාජකීය කියන පදය අපේ රටේ රාජකීයත්වයට සම්බන්ධ වන පදයක්‌ මිස බ්‍රිතාන්‍ය රාජකීයත්වයට සම්බන්ධවන්නක්‌ නෙවෙයි. රාජාධි රාජසිංහ රජතුමාත් (1780 සිට 1798 දක්‌වා), තාවකාලික වාසස්‌ථානයක්‌ මෙහි ඉදිකරවා ගෙන එහි වාසය කරලා තිබෙනවා.

මහනුවර ආක්‍රමණයෙන් අනතුරුව ඉංග්‍රීසි ජාතීන් පසුව මෙම පේරාදෙණි උද්භිද උද්‍යානය ඉදිකෙරුණු භූමිය තුළ තිබුණු ගොඩනැඟිලි ආදිය විනාශකර දමා තිබෙනවා. මහනුවර රාජධානිය සම්පූර්ණ වශයෙන්ම අත්පත් කරගෙන වසර හයකට පසුව, එනම් 1821 දී මෙම උද්‍යානය උද්භිද උද්‍යානයක්‌ බවට පත් වුණා.

ඇත්තටම ඊට කලින් වර්ෂ 1810 දී එවකට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂව සිටි, ශ්‍රීමත් ජෝශප් බෑන්ක්‌ස්‌ මහතාගේ මඟ පෙන්වීම යටතේ කිව් නමින් උද්‍යානයක්‌ කොම්පඤ්ඤවීදියේ විවෘත කරලා තිබුණා. එහි පරිපාලකයා ලෙස විලියම් ක(ර්) මහතා පත්කර තිබුණා. කොම්පඤ්ඤවීදියේ උද්භිද උද්‍යානයේ වගාකළ හැකි ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වටිනාකමක්‌ ඇති තුරු/පැළෑටි වගා කළ හැකි බැවින් 1813 දී මෙම උද්‍යානය කළුතර උග්ගල්බොඩට ගෙන ගියා.

ක(ර්) මහතා 1814 දී මියගිය බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇලෙක්‌සැන්ඩර් මූන් මහතාගේ පාලනය යටතේ උද්භිද උද්‍යා න සඳහා වඩා ගැළපෙන හා වඩා යෝග්‍ය ස්‌ථානයක්‌ වශයෙන් තෝරාගෙන තිබූ පේරාදෙණියට උද්භිද උද්‍යානය 1821 දී රැගෙන ආවා.

උග්ගල්බොඩ උද්භිද උද්‍යානයේ තිබූ විදේශීය ශාක වර්ග පේරාදෙණිය උද්භිද උද්‍යානයට රැගෙන යාම 1843 දක්‌වා ඇලෙක්‌සැන්ඩර් මූන් මහතා විසින් සිදු කරා. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මූන් මහතා පාලක තනතුර දරන කාලය තුළ ආරම්භ වූවත්, ඒ කාලය තුළ ශුද්ධ පවිත්‍රකර ආරම්භ කරන ලද්දේ මෙම උද්‍යානයේ නිරිතදිග කොටස පමණයි. එහි ද වැඩි වශයෙන්ම සිටුවන ලද්දේ කුරුඳු හා කෝපි වැනි ආර්ථික බෝගයි. මූන් මහතා විසින් 1824 දී පලකරන ලද zකැටලොග් ඔµa සිලෝන් ප්ලාන්ට්‌ස්‌Z නම් කෘතියෙහි පැළෑටි වර්ග 1127 ක උද්භිද විද්‍යා නාම හා දේශීය නාම සඳහන් කර තිබෙනවා. 1844 දී ජෝර්ඡ් ගාඩ්නර් මහතාගේ පත්වීමෙන් පස්‌සෙ මෙම ආයතනයේ වැඩ කටයුතු වඩා සක්‍රීය ස්‌වාධීනත්වයකින් හා ප්‍රයෝජනවත් පැවැත්මකින් යුතුව ආරම්භ කෙරුණා. ඇත්තෙන්ම අක්‌කර 147 කින් යුත් මෙම උද්‍යානය ගාඩ්නර් මහතා භාරගන්න කොට වගාකර තිබුණේ අක්‌කර 40 ක්‌ පමණයි. ඒ කාලය තුළ උද්භිද උද්‍යාන භූමියෙන් ගත්ත එක්‌ ප්‍රධාන ප්‍රයෝජනයක්‌ වූණේ මහනුවර රජයේ ඒජන්ත විසින් අලෙවිකිරීම සඳහා එළවළු වගා කිරීමයි. උද්‍යානයේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ගාඩ්නර් මහතා ඉතා වැදගත් වෙනස්‌කම් රාශියක්‌ කළා. ඒත් ඔහුගේ වැදගත්ම කාර්යභාරය වුණේ දිවයින පුරා සංචාරය කරමින් ශාක එකතු කිරීමත් ඒවායේ වියළි නිදර්ශක පිළිවෙළකට සකස්‌ කිරීමත් වැනි දේවල්.

ගාඩ්නර් මහතා 1849 දී නුවරඑළියේදී මියගිය අතර ඔහුගේ පුරප්පාඩුවට ආචාර්ය ඡේ. එච්. කේ. ත්වේට්‌ස්‌ මහතා පත්වුණා. ඔහු අවුරුදු තිස්‌ එකක්‌ මෙම උද්‍යානය ඉතාමත් දක්‌ෂ අයුරින් පාලනය කරමින් දිවයිනේ ඇති ශාක පිළිබඳ ව අපගේ දැනුම වැඩි දියුණු කලා. මෙම කාලය තුළ පේරාදෙණිය උද්භිද උද්‍යානය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුන අතර සිංකෝනා වගාව දිවයිනට හඳුන්වා දීම සඳහා 1861 දී හක්‌ගල උද්‍යානයත් රබර් හඳුන්වා දීම සඳහා 1876 දී ගම්පහ (හෙනරත්ගොඩ) උද්භිද උද්‍යානයත් ඔහු විසින් ආරම්භ කරා.

ත්වේට්‌ස්‌ මහතාට පස්‌සෙ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‌ෂ ලෙස පත්වුන වෛද්‍ය හෙන්රි ට්‍රයිමන් මහතාගේ අධීක්‌ෂණය හා දක්‌ෂ පාලනය යටතේ උද්‍යායනයේ අලංකාරය හා ප්‍රයෝජනවත් බව සැලකිය යුතු අන්දමින් වැඩි දියුණු වුණා. ඔහු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ආර්ථික උද්භිද කෞතුකාගාරයක්‌ ආරම්භ කරා පමණක්‌ නොව බදුල්ල හා අනුරාධපුර ප්‍රදේශ වලත් උද්‍යාන විවෘත කරා. ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහය ඔහු විසින් ආරම්භ කළ නමුත් එය අවසන් කළේ 1896 ට්‍රයිමන් මහතාගේ මිය යැමෙන් පසු එවකට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‌ෂ ශ්‍රීමත් ජෝශප් ඩී. හූකර් මහතා විසින්. 1896 දී ට්‍රයිමන් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ආචාර්ය ෙ-. සී. විලිස්‌ මහතා පත් වුනු අතර එතැන් සිට නව විද්‍යාත්මක පදනමක්‌ යටතේ වැඩ කටයුතු ව්‍යාප්ත වුණා. ඉහතින් සඳහන් කරපු බ්‍රිතාන්‍ය පාලකයින් විවිධ රටවල උද්භිද උද්‍යාන පිහිටවූයේ ප්‍රධාන වශයෙන් ආර්ථික බෝග ගැන පරීක්‌ෂණ පවත්වන්න. උදාහරණයක්‌ වශයෙන් ඇමසන් වනාන්තරයේ තිබුණු රබර් ශාකය ගැන පරීක්‌ෂණ කරන්න ඔවුන් යොදාගත්තෙ ලංකාව. ආසියානු ශාකයක්‌වූ තේ වුණත් එහෙම තමයි. මීට අමතරට සින්කෝනා, කොකෝවා, විවිධ පලතුරු බෝග, දැව වර්ග ආදීය උද්භිද උද්‍යාන මගින් ලංකාවට ඔවුන් ගෙනාවා. මෙම ශාක හඳුන්වා දෙන්න කලින් සියලු පරීක්‌ෂණ කළේ උද්භිද උද්‍යාන තුළ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ වගේ පිට රට වලින් ගෙනාපු ශාක විශේෂ 4,500 ක්‌ විතර තියෙනවා.


සිරිල් විඡේසුන්දර
උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Feb 2016 10:03 PM
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය (2 කොටස)

උද්භිද උද්‍යාන මගින් කෙරුණු කෘෂිකාර්මික පර්යේෂණ හා අනිකුත් කටයුතු දියුණු වෙත්ම කෘෂිකර්මය පිණිස වෙනමම ආයතනයක අවශ්‍යතාව දැනිලා තමයි 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණියේ පිහිටෙව්වෙ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු උද්භිද උද්‍යාන එම දෙපාර්තමේන්තුව යටතට පත්වුණා.

දක්‌ෂ උද්‍යාන විද්‍යාඥයෙක්‌ වූ එච්. එµa. මැක්‌මිලන් (H.F.Macmillan) මහතා 1912 දී උද්භිද උද්‍යායනයේ අධිකාරී වශයෙන් පත් වුණා. මැක්‌මිලන් මහතාගේ පාලන කාලය තුළ උද්‍යානය වැඩි දියුණු කර ව්‍යාප්ත කරන ලද අතර ඔහුගේ ඉතා වැදගත් කෘතියක්‌ වන ,"A Hand Book of Tropical Planting and Gardening", පළ කරනු ලැබුවා. මැක්‌මිලන් මහතා 1925 දී විශ්‍රාම ගත්තට පස්‌සෙ උද්‍යාන භාරකරු ලෙස පත්වුනු ටී. එච්. පාර්සන්ස්‌ (T.H. Parsons) මහතා 1945 දක්‌වා ම උද්‍යාන භාරකරු වශයෙන් කටයුතු කළා.

1945 දී උද්‍යාන අධිකාරී විසින් පත්වුනු ඩී.එම්.ඒ. ජයවීර මහතා ඖෂධ පැළෑටි හා ලංකාවේ උඩවැඩියා ශාක පිළිබඳ අපගේ දැනුම පොහොසත් කිරීමට විශාල වශයෙන් දායක වුණා. 1971 දී උද්‍යාන අධිකාරී ලෙස පත් වූ ඩී.ටී. ඒකනායක මහතා ශ්‍රී ලංකාවේ විසිතුරු පැළ හා මල් වගාව කර්මාන්තයක්‌ ලෙස දියුණු කිරීම පිළිබඳ පුරෝගාමී වුණා.

දිගු කාලයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය යටතේ තිබූ ජාතික උද්භිද උද්‍යාන 1994 වර්ෂයේ දී අධ්‍යක්‌ෂවරයෙකු යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනමම අංශයක්‌ බවට පත්වුණා. ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‌ෂවරයා වශයෙන් පත්වුනු ඩී.බී. සුමිත්‍රාරච්චි මහතාත් 1998 දී සිය ධුරය හැර යන තෙක්‌ ඉතා ප්‍රයෝජනවත් උද්භිද විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති ආදිය පවත්වමින් උද්භිද උද්‍යානයේ තත්ත්වය වැඩි දියුණු කිරීමට විශාල කාර්ය භාරයක්‌ ඉටු කළා.

1912 වර්ෂයේ සිට කාෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබූ උද්භිද උද්‍යාන 2005 වසරේදී එම දෙපාර්තමේන්තුවෙන් වෙන් කර 2006 වසරේ අගෝස්‌තු මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූවා.

අද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු වන්නේ

1. ශ්‍රී ලංකාවේ ශාක විතැන් සංරක්‌ෂණය (ex situ conservation of flora of Sri Lanka),

2. ශාක සම්බන්ධව පර්යේෂණ කිරීම, නිවැරදි තොරතුරු හා තාක්‌ෂණික දැනුම ලබාදීම

3. පාරිසරික සංචාරක කර්මාන්තය නගා සිටුවමින් උද්භිද උද්‍යාන උසස්‌ ලෙස නඩත්තුව

4. නව උද්භිද උද්‍යාන පිහිටුවීම

5. ඓතිහාසික වටිනාකමකින් යුතු ශාක සංරක්‌ෂණය කිරීම හා

6. ශ්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය දියුණු කිරීම පිණිස කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන, ජාතික ශාකාගාරය, උද්භිද උද්‍යාන පොර්තමේන්තුවට අයත් ඖෂධ උයන්, ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවාස සහ කාර්යාලවලට අයත් උද්‍යාන ද පොදු රාජ්‍ය මණ්‌ඩලීය යුද සොහොන් බිම් ද නඩත්තුව මෙන්ම අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා වෙනත් ඵෙතිහාසික ශාකයන් යනාදිය රැක බලා ගැනීමේ වගකීම දරන්නේද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවයි.

කොහොම වුණත් උද්භිද උද්‍යානයක්‌ කිව්වම බොහොම දෙනෙකුට සිතට නැගෙන්නේ මල් වත්තක්‌ කියන අදහසක්‌. ලස්‌සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍රා පැළෑටි ආදිය වවා තියෙන පැළ ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විඳින විවිධ වයස්‌ කාණ්‌ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්. ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක්‌ කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ ඉතාම ටික දෙනෙක්‌ පමණයි.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යා නයේ ආචාර්ය උපාධි සහිත පස්‌දෙනෙක්‌, මාස්‌ටර්ස්‌ උපාධි සහිත අය 15 පමණ, බීඑස්‌සී උපාධි සහිත අය සහ ඩිප්ලෝමාධාරීන් සෑහෙන ගණනක්‌ සේවය කරනවා. හරියට පුංචි විශ්වවිද්‍යාලයක්‌ වගෙයි. මල්පාත්ති ටිකක්‌, තණ පිටි ටිකක්‌ නඩත්තුකරගෙන අතු පතු ගාගෙන ඉන්න එවැනි උගත් කණ්‌ඩායමක්‌ ඕනෙ නැහැනෙ.

අනිත් සෑම දෙයකටම වගේ උද්භිද උද්‍යානය කියන එකටත් අර්ථ දැක්‌වීම් කිහිපයක්‌ තියෙනවා. මෙයින් වඩාත් බහුලව පිළිගැනෙන අර්ථ දැක්‌වීමට අනුව උද්භිද උද්‍යානයක්‌ යනු විද්‍යාත්මක පරීක්‌ෂණ, සංරක්‌ෂණය,

ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්‌. (Botanic gardens are institutions holding documented collections of living plants for the purp†es of scientific research" conservation" display and education).

උද්‍යාන විද්‍යාත්මක මූල ධර්ම අනුව නානාවිධ විචිත්‍ර ශාක අලංකාරව සකසා ඇති නිසාත් ඒවා වවා ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යාන අනිවාර්යයෙන්ම සුන්දර ස්‌ථාන බවට පත් වෙනවා. නමුත් මෙම සුන්දර ස්‌ථාන වල නියම කාර්ය භාරය ඉතාමත් වැදගත්. කනගාටුවකට කරුණ අපේ රටේ උදවිය දකින්නේ මේ මතුපිටින් පේන සුන්දරත්වය පමණයි.

ඇත්තෙන්ම මල් හා විසිතුරු පැළ වගාවන් දියුණු කරලා කර්මාන්තයක්‌ දක්‌වා එය ප්‍රවර්ධනය කිරීමටත් උද්භිද උද්‍යාන ඉමහත් දායකත්වයක්‌ සැපයුවා. 1970 ගණන්වල බටහිර ජර්මානු ආධාර හා තාක්‌ෂණ දැනුම ලබා ගෙන මේ රටේ මල්වගා කර්මාන්තයට මූලික අඩිතාලම දැම්මේ උද්භිද උද්‍යානයි. අලුතින් හඳුන්වා දුන් නව උඩවැඩියා ප්‍රභේද ප්‍රචාරණය සඳහා ලංකාවේ ප්‍රථම පටක රෝපණ විද්‍යාගාරය පිහිටෙව්වෙත් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළයි. නව ප්‍රභේද නිෂ්පාදනය, ශෂ්යර විද්‍යා, ව්‍යාධි විද්‍යාව හා පසු අස්‌වනු ක්‍රම ආදිය ගැන පර්යේෂණ, මෙන්ම තාක්‌ෂණ දැණුම ලබාදීමද උද්භිද උද්‍යානවල මල් වගා අංශයෙන් කෙරෙනවා. 2005 වර්ෂයේ සිට දේශීය මල් හා විසිතුරු පැළ කර්මාන්තය නඟා සිටුවීම සඳහා උද්භිද උද්‍යාන මගින් සුවහස්‌ මල් නැමැති ජාතික මල් හා විසිතුරු පැළ සංවර්ධන ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මල් වගා ගොවීන් සංවිධිත කිරීම, සවි බල ගැන්විම හා ඔවුන්ගේ වෙළෙඳ පොළ සපයා දීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්‌කයි.

මේ රටේ සියලුම ශාක නාමකරණය කර ග්‍රන්ථාරූඪ කිරීම ද පේරාදෙනිය උද්භිද උද්‍යායනය පිහිටවූ දින සිටම උද්භිද උද්‍යානවලින් කෙරෙන ඉතා වැදගත් කටයුත්තක්‌. ශ්‍රී ලංකාවෙන් මේ දක්‌වා වාර්තාවී ඇති විවෘත බීජ, ආවෘත බීජ, මීවන හා පර්ණාංග ශාක සියල්ලම වෙලුම් 16 කින් සමන්විත ශාක සංග්‍රහයක්‌ මගින් දැනටමත් ප්‍රකාශයට පත් කරලා අවසානයි. ජාතික ශාකාගාරයෙන් මෙහෙයවන ශාක සංගණන හා අදාළ පර්යේෂණ මගින් ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවී ඇති සියලුම ශාක ගැන නිවැරදි තොරතුරු ලබා ගත හැකි අතර මේ ක්‍රියාවලියේ දී එකතු කරන ලද ශාක නිදර්ශක 168,000 ට අධික සංඛ්‍යාවක්‌ පේරාදෙණියෙ රාජකීය උද්භිද උද්‍යානය තුළ පිහිටුවා ඇති ජාතික ශාකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් එකතු කරගත් නිදර්ශකයක්‌ ජාතික ශාකාගාරයේ නිදර්ශකයක්‌ එක්‌ක සැසඳෙන්නෙ නැත්නම් එක්‌කෝ ඒක ශ්‍රී ලංකාවේ මීට කළින් වාර්තා වී නැති ශාකයක්‌. එහෙම නැත්නම් එය මුළු ලෝකටයම අලුත් ශාකයක්‌ විය හැකියි.

මෙම ශාක ගවේෂණ කටයුතුවලට අමතරව ශ්‍රී ලංකාවේ දේශීය ශාක පිළිබඳ රතු දත්ත පොත සැකසීමද ජාතික ශාකාගාරය කේන්ද්‍ර කොට ගෙන සිදුවෙනවා. මෙයට පරිසර අමාත්‍යාංශය මූල්‍යමය දායකත්වය සපයනවා.

ශ්‍රී ලංකාවේ දේශීය සපුෂ්ප ශාක විශේෂ 3,154 ක්‌ විතර තියෙනවා අලුත්ම දත්ත වලට අනුව මේවායෙන් සියයට හතලිස්‌ හතරක්‌ විතර විවිධ තර්ජනවලට ලක්‌වෙලා. මේවා ආරක්‌ෂා කරන්නට ඇති සුදුසුම ක්‍රමය ඒවා දකින්නට ලැබෙන ස්‌වභාවික පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීමයි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ඇප කැපවී විශාල මෙහෙයක්‌ ඉටු කරනවා. ඒත් ඇතැම් අවස්‌ථාවලදී මේ ස්‌ථානගත සංරක්‌ෂණ විධිය (in-situ conservation) විතරක්‌ ප්‍රමාණවත් වන්නේ නැති බව ඉහත ඡේදයෙන් පෙනෙනවා. ස්‌ථානගත සංරක්‌ෂණ විධියට සමාන්තරව ඇති අනිත් ප්‍රධාන සංරක්‌ෂණ විධි ක්‍රමය වන්නේ ස්‌වාභාවික පරිසර පද්ධතියෙන් ශාක පිටතට ගෙනැවිත් උද්භිද උද්‍යරන වැනි සුදුසු පරිසරයක වවා සංරක්‌ෂණය කිරීමයි. මෙයට විතැන් සංරක්‌ෂණය (ex-situ conservation& ) කියා කියනවා.

මා අදහස්‌ කරන අන්දමට උද්භිද උද්‍යානවල ඉතාමත්ම වැදගත් අරමුණක්‌ වන්නේ විතැන් සංරක්‌ෂණයයි. මේ රටට ආවේණික ශාක වර්ග කිහිපයක්‌ අද මිහිපිට දකින්නට ලැබෙන්නේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ විතරයි. (extinct in the wild) මේවා උද්භිද උද්‍යානයට ගෙනවිත් වවා නොතිබුණා නම් අද ඒවා මේ මිහිපිට නැති වෙන්න තිබුණා.

ඉතින් විතැන් සංරක්‌ෂණය මගින් අපේ රටේ ශාක සංරක්‌ෂණය කරන්නනම් අලුතින් තවත් උද්භිද උද්‍යාන පිහිටුවීමට අවශ්‍යයි. හේතුව මේ රටේ විවිධාකාර දේශගුණ කලාප වල විවිධ ශාක දක්‌නට ලැබෙන නිසා. හම්බන්තොට, අනුරාධපුර පැතිවල ඇති ශාක හක්‌ගල උද්‍යානයේ වවන්න යන එකවත් මස්‌කෙළියේ තියෙන ශාක ගම්පහ උද්‍යානයේ වවන්න යන එක වත් ඥාණාන්විත නැහැ. තවත් උද්භිද උද්‍යාන කිහිපයක්‌ දිවයිනේ සුදුසු තැන්වල ආරම්භ කරන්නට තීරණය කර ඇත්තේ මේ නිසායි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක, මහාචාර්ය නිමල් ගුණතිලක යුවලට අනුව මේ රට විවිධ ශාක කලාප (floral regions) 15 කට බෙදන්න පුළුවන්. අලුතින් උද්භිද උද්‍යාන ඇති කිරීමේදී මෙම කලාප නියෝජනය වෙන පරිදි ඒවාට සුදුසු ස්‌ථාන තෝරා ගැනීමටයි අදහස. ලංකාවේ ශුෂ්කම වියළි කලාපය නියෝජනය කරන්න හම්බන්තොට තෝරා ගත්තා. (දිවයිනේ අඩුම වර්ෂාපතනය (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 650 ට අඩු) ලැබෙන්නේ මේ ප්‍රදේශයටයි.) මෑතකදී මා සහ දක්‌ෂිනි පෙරේරා විසින් හඳුනාගන්නා ලද ලංකාවේ ඒක දේශික ශාක කලාප නමයෙන් එකක්‌ මෙම කලාපය වීමත් වැදගත්.

හම්බන්තොට ආසන්න මිරි-ජවිල ප්‍රදේශයේ නව උද්භිද උද්‍යානයක්‌ පිහිටුවීමේ වැඩ කටයුතු 2006 වසරේදී ආරම්භ වෙලා 2013 නොවැම්බර් මස විවෘත කරන්න යෙදුනා. එය නිදහසින් පසු ආරම්භ කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට හා අර්ධ ශුෂ්ක වියළි කලාපයට ආවේණික ශාක රැකගැනීමේ අරමුණු පෙරදැරිව අක්‌කර 300 ක භූමි භාගයක ආරම්භ කරන ලද මෙය ලංකාවේ විශාලතම උද්භිද උද්‍යානයත් වෙනවා.

හම්බන්තොට පැත්තේ උද්භිද උද්‍යානයක්‌ හදනවා කිව්වම බොහොමයක්‌ දෙනා බලන්නෙ වපර ඇහින්. මේ තරම් වියළි කලාපයක මොනවා වවන්නදැයි සමහරු අහනවා. මා ඒ අයට මතක්‌ කර දෙන්න කැමතියි විවිධ හේතු නිසා රට මැදට එන්න කලින් ශත වර්ෂ ගණනාවක්‌ අපි උද්‍යාන හැදුවේ වියළි කලාපයේ බව.

ඒ වගේම හම්බන්තොට පැත්තෙ මේ උද්‍යානය හදල තියෙනවා කිව්වම සමහරු හිතන්නේ ඒක පහුගිය කාලෙ කරපු දේශපාලනික ව්‍යාපෘතියක්‌ කියලයි. එහෙම පූර්ව නිගමනයකට ඇවිත් අසාධාරණ වගේම අසත්‍ය කරුණු මත පදනම්ව මේ උද්‍යානය විවේචනය කරන අයත් ඉන්නවා. (එම උද්‍යානයට රත්නපුරෙන් දිනකට වතුර ගැලුම් ලක්‌ෂ අටක්‌ ගේනවා, වවල තියෙන්නෙ ඔක්‌කොම තෙත් කලාපයේ ශාක ආදී අසත්‍ය කරුණු) ඒක හරිම කනගාටුදායක දෙයක්‌. බ්‍රිතාන්‍ය යුගයෙන් පස්‌සෙ දේශීය දැනුමෙන් අපේම විද්‍යාඥයින් විසින් අපේ ශාක විවිධත්වය සංරක්‌ෂණය උදෙසා අපේ රටේ ඉදිකරපු ප්‍රථම උද්භිද උද්‍යානය වන මෙයට තවදුරටත් උදව් දෙනවා වෙනුවට පටු විදියට ඒ දෙස බලන එක කොයිතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ද?

2008 වසරේ ආරම්භ කරපු අවිස්‌සාවේල්ල ඉලුක්‌ඕවිට ප්‍රදේශයේ පිහිටා තිබෙන සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය මේ වසරේ ජනතා අයිතියට පත් කළා. මෙයත් අක්‌කර 105 ක වපසරියකින් යුක්‌තයි.

බොහෝ දෙනෙක්‌ දන්නෙ නැහැ අපේ රටේ වියළි කලාපයේත් ඉතා සුවිශේෂී ශාක විවිධත්වයක්‌ තියෙන බව. ඒ වගේම වියළි කලාපයේ තරම් ස්‌වභාවික වෘක්‌ෂලතා දර්ශ විනාශවන ප්‍රදේශ තවත් නැති තරම්. වියළි හා ශුෂ්ක ප්‍රදේශවල ඇති ශාක විතැන් සංරක්‌ෂණය (ex situ conservation) කාලීනව ඉතා වැදගත්.

උද්භිද උද්‍යාන දිහා එක එක්‌කෙනා බලන්නෙ එක එක විදියට. ඒ ඒ කණ්‌ඩායම්වල තියෙන්නෙ විවිධ බලාපොරොත්තු. සාමාන්‍ය මහජනතාව බලන්නෙ ලස්‌සන මල් වවා ඇති මල්වතු විදියට. ඒ අය බලාපොරොත්තුවෙන්නෙ සුන්දර මල් පාත්ති ආදිය. කලාකාරයින් හා චිත්‍ර ශිල්පීන් වැනි අය එහි සුන්දරත්වය පසුබිම් කරගෙන විවිධ නිර්මාණ කරන්න උද්‍යානයට එනවා. කුරුල්ලන් හා අනිකුත් ජීවීන් අධ්‍යයනය කරන අය දකින්නෙ ඒ ජීවින් බහුලව දැකගන්න හා අධ්‍යයනය කරන්න කදිම තැනක්‌ කියල. උද්භිද විද්‍යාඥයින් ශාක හා ඒවායේ විවිධත්වය අධ්‍යයනය කරන්නයි උද්භිද උද්‍යානවලට එන්නෙ. විශ්වවිද්‍යාල හා අනිකුත් ශිෂ්‍යයින් හා පර්යේෂකයින් ඉගෙන ගැනීමට හා නිදර්ශක ලබාගැනීමට උද්භිද උද්‍යාන යොදාගන්නවා. උද්‍යානවල සේවය කරන විද්‍යාඥයින් ඉහත කී සෑම කණ්‌ඩායමකට උදව්කරන ගමන් ශාක විතැන් සංරක්‌ෂණය කරන සහ එවැනි කටයුතු ගැන පර්යේෂණ කෙරෙන ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්‌ථාන ලෙසයි උද්භිද උද්‍යාන දකින්නෙ. මේ සියලු කණ්‌ඩායම් එවැනි විවිධ දෑ උද්භිද උද්‍යාන වලින් බලාපොරොත්තු වෙන අතරේ බොහොමයක්‌ ප්‍රතිපත්ති සම්පාදකයින් දකින්නෙ උද්‍යානවල ඇති සංචාරක ආකර්ෂණය හා එයින් උපයාගත හැකි මුදල් ප්‍රමාණය විතරයි. සමහරුන් දකින්නෙ උද්‍යාsන කියන්නෙ රැකියා ලබාදීමට හැකි තැන් විදියටයි. තවත් සමහරෙක්‌ උද්‍යානවල තියෙන සංචාරක බංගලා ගැන විතරයි උනන්දුව. මේ කාගෙවත් වරදක්‌ කියන්න බැහැ.

උද්භිද උද්‍යාන නරඹන්න පසුගිය වසරේ (2014 ) මිලියන දෙකකට වැඩි දෙනෙක්‌ පැමිණියා. ඒ වගේම රුපියල් මිලියක 483 ක ආදායමකුත් උපයාගන්නට පුළුවන් වුණා. උද්භිද උද්‍යාන පාඩු ලබන ආයතන නොවෙයි.

සංචාරක ආකර්ෂණයක්‌ ඇති උද්භිද උද්‍යානවලින් මුදල් උපයන්න හැකි බව පෙනෙන සමහරුන්ට විවිධ අදහස්‌ හිතට එන බව පේනවා. සමහරුන්ට ඕනෑ මේ උද්භිද උද්‍යාන තේමා උද්‍යාන (theme parks) විදියට වෙනස්‌ කරලා වැඩි වැඩියෙන් මුදල් හම්බු කරන්න. මට හිතෙන්නෙ ඒක හරියට රූමත් දක්‌ෂ ගුරුවරියක්‌ එයාගෙ ලස්‌සන ගැන හිතල නාටිකාංගනාවක්‌ හරි පුරඟනක්‌ හරි කරලා වැඩියෙන් සල්ලි හම්බකරන්න යනව වගේ වැඩක්‌.

උද්භිද උද්‍යානයක්‌ ප්‍රසිද්ධ වෙලා වැඩි වැඩියෙන් ජනතාව නැරඹීමට පැමිණීමට සෑහෙන කාලයක්‌ ගතවෙනවා. හම්බන්තොට මිරි-ජවිල උද්භිද උද්‍යායනය ගැන තාම බොහෝ දෙනා දන්නේ නැති නිසා එය නරඹන්න එන සංඛ්‍යාව අඩුයි. ඇත්තටම තාමත් ගම්පහ උද්‍යා නයට එන නරඹන්නන් සංඛ්‍යාවත් එතරම් විශාල නැහැ. හක්‌ගලට ජනතාව ඉස්‌සර ආවේ අප්‍රේල් උත්සව සමය හා අගෝස්‌තු කාලය විතරක්‌ තුළදී වුණාට දැන් දැන් අවුරුද්ද පුරා පැමිණෙන නිසා ආදායම වැඩිවෙලා තියෙනවා. ආදායම ගැන විතරක්‌ හිතලා උද්භිද උද්‍යානයක වැදගත්කම මනින්න බැහැ. ඒවායෙන් වන සේවය මිල කළ නොහැකියි. අනික අපේ රටේ උද්භිද උද්‍යානවලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා ගාස්‌තු අයකරන්න පටන්ගත්තේ 1973 දී. එතකං උද්භිද උද්‍යානවලට නොමිලේ තමයි ඇතුල් වුණේ. තාමත් සමහර රටවල උද්භිද උද්‍යානනවලට ඇතුළුවීමේ ගාස්‌තුවක්‌ නැහැ.

ඒ කොහොම වෙතත් මෙම උද්භිද උද්‍යාන මගින් මේ රටේ ශාක සංරක්‌ෂණය, නිපුණතා සංවර්ධනය වෙන ගමන් වක්‍රව හා Rජුව ආර්ථික සංවර්ධනයට ද දායක වෙන බවට නම් සැකයක්‌ නැහැ.

සිරිල් විඡේසුන්දර
උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ
හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2016 10:07 PM
සෑහෙන තොරතුරු ටිකක් දැන ගත්තා. බොහොමත්ම ස්තූතියි මල්ලී. ඇත්තටම මේ හුය ඉගෙන ගන්නා අයට හරි වැද ගත්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 12 of 20 << < 1011121314 > >>