Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by samantha රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 20 << < 1112131415 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 10 Feb 2016 01:03 AM සැහෙන කියන්නෙ සෑහෙනම ලොකු විස්තරයක් කියවන්නත් විනාඩි 15 ක් විතර ගියා 0 indika76Most Senior MemberPosts:10449 10 Feb 2016 08:16 AM මේ ස්ථානය සොයන්න... මේ ඡායාරූපය ලබාගත්තේ අන්තර්ජාලයෙන්.. මට හිතෙන විදියට මේ අවුරදු 5 කට පමණ පෙර ගත් ඡායාරූපයක් විය යුතුය. දැන් පසුබිම මෙයට වඩා තරමක් වෙනස්... වැල්ලවාය මොණරාගල මාර්ගය ආසන්නයේ මෙය තිබෙන්නේ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Feb 2016 05:14 PM මාලිගාවිලද ?..මට ඒ තරම් සුරෙ නැහ .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2016 06:03 PM අර ගොඩක් දුර පයින් ඇවිදගෙන ගිහින් ළඟා වෙන්න තියෙන්නෙ. එතනද මේ. මාලිගාවිල තමයි මට මතක විදියට එහෙම යන්න තියෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2016 09:50 PM මේ පිළිමය සොයා ගත් දවස් වල මගේ තාත්තා එතැනට ගියා මතකයි. පසුව එය ඔය ආකාරයට ඔසවා තබන අවස්ථාවේදීත් ගියා. මාව එක්කරගෙන ගියේ නැහැ. ඒ කාලේ ඔතැනට යන්න දුෂ්කර බවයි පැවසුවේ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 10 Feb 2016 11:59 PM Posted By Ind007ka on 10 Feb 2016 05:14 PM මාලිගාවිලද ?..මට ඒ තරම් සුරෙ නැහ .... මාළිගාවිල තමයි මචං... 0 indika76Most Senior MemberPosts:10449 10 Feb 2016 11:59 PM ... මාළිගාවිල ... වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ තැන්හි "මාළිගාවිල" පුදබිමට පිවිසීමට පුළුවන.වර්තමානයෙහි මාළිගාවිල අයත් වන්නේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයටයි. ඉහත කී ප්‍රදේශයේ අක්‌කර 40 ක පමණ භූමි ප්‍රදේශයක් මේ පූජනීය පින් බිමට අයත් ය. මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක් ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක් එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක් වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස් අතර පළල අඩි 10 ක් පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි. මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක් නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක් සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක් බවට විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස් ශිල්පීය ඥනය හා ශක්‌ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්‍ෂියක් ලෙස මෙය දැක්‌විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති. මාළිගාවිල ප්‍රතිමාව නැගෙනහිර දිශාවට මුහුණලා පිහිටා ඇත. එම දිශාවේ ප්‍රතිමා ගෘහයේ සිට යාර 900 ක් පමණ ඈතින් සුප්‍රසිද්ධ දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාව පිහිටා ඇත. මෙය ද මාළිගාවිල පුරාණ අරියකර විහාර සංකීර්ණයට අයත් වුවකැයි සැළකේ. රෝහණ රාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම මාළිගාවිල පිහිටි ප්‍රදේශ ජනතාවගෙන් තොර භූමි ප්‍රදේශයයන් බවට පත් විණි. අළුත්වැව සෝරත හිමියන්ගේ බෞද්ධ රෝහණය කෘතියෙහි දැක්‌වෙන පරිද්දෙන්, ජනශූන්‍ය වූ භූමි ප්‍රදේශයේ මාළිගාවිල වැනි සම්භාවනීය බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා කර ගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේ පවා නොමැති විය. අනතුරුව වසර සිය ගණනකට පසු අරියකර විහාරය සම්පූර්ණයෙන් ම නටබුන් ගොඩක් බවට පත් වන්නේය. 1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක් ද පැවැසේ. මාළිගාවිල පිළිමය නිම කැර තිබුණේ හුණුගල් විශේෂයකින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. මේ හේතුවෙන් ම පිළිමයේ ඉතා සියුම් අංග ලක්‍ෂණයන් පවා ඉස්‌මතු කරලීමට හැකියාව ලැබී ඇති බව සඳහන් ය. ප්‍රතිමාවේ මතු පැවැත්මට හානියක්‌ව ඇත්තේ ද මේ හුණුගල් තාක්‍ෂණයයි. කළුගල් මෙන් දැඩි පාෂාණයක් නොවන බැවින් පරණවිතාන ශූරීන් සොයා ගන්නා මොහොතේදී එය කැබැලි වශයෙන් කැඩී බිඳී යැමට හේතු වී ඇතැයි පැවසේ. පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්‌ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ට උත්සාහයෙනි. කැඩී බිඳී ගොස් තිබූ කැබිලි නව තාක්‍ෂණය ඔස්‌සේ එකලස් කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක් නැවත ඔසවා ස්‌ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක් තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක් නොමැතිවය. වෙනකක් තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. ප්‍රතිමාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක් දක්‌වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. මේ සියල්ල පිළිබඳව අවබෝධ කරගන්නට ජනතාවගේ අධ්‍යයනය පිණිස ඒ හා සබැඳි වාර්තා හා ඡායාරූප රැසක්‌ද වෙති. මාළිගාවිල විහාර සංකීර්ණය පිහිටා ඇති ප්‍රදේශය මහාවංශයෙහි සඳහන්ව ඇත්තේ "කාණාගාම" ලෙසින් ය. මෙහි ගිලනුන් සඳහා වූ ශාලා පරිශ්‍රයක් තිබූ බව ද ඊට කාණාගාම නම යෙදී ඇත්තේ දෙනෙත් අඳ පිරිස් වාසය කළ හෙයිනි යෑයි ද විවිධ මත පළ වේ. මහාවංශය පවා ඉඟි පළකරන්නේ එවැනි මතයකට යොමු වන පරිද්දෙනි. ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වුවද වර්තමානයෙහි ප්‍රතිමාවේ ආරක්‍ෂාව පිණිස ඉදිකෙරුණු ප්‍රතිමා ඝරය දක්‌නට නැත. එමෙන්ම මෙහි ගඩොල්වලින් නිර්මාණය කරන ලද අණ්‌ඩාකාර වහලක් ද තිබී ඇති බවක් පෙනෙන්නට ඇතැයි ඉතිහාසඥයන්ගේ මත පළ කරති. 0 samanthaMost Senior MemberPosts:13190 11 Feb 2016 02:44 AM මාලිගාවිල ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශසයට අයත් ඔක්කම්පිටිය මාළිගාවිල ගමෙහි පිහිටා ඇත. කොළඹ මොණරාගල ප්‍රධාන මාර්ගයේ 154 වැනි සැතපුම් කණුව අසළ කුඹුක්කන හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ සැතපුම් 08 ක් පමණ ගියවිට මෙම ස්ථානය හමු වේ. ක්‍රි.ව.6 වන සියවසේ සිට 08 වන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකෙන අක්කර 300 ක පමණ වපසරියකින් යුත් මාළිගාවිල පුදබිමෙහි පිළිම ගෙයක නටබුන් සහ ආරාම සංකීර්ණයක නටබුන් දක්නට ලැබේ පුරාවිද්‍යාඥයින්‍ගේ අදහස අනුව වංශකතාවල සඳහන් ‘අරියකර විහාරය’ ලෙස මෙය සැලකේ. චුලවංශයට අනුව ක්‍රි.ව.667-683 රජ කළ අග්ගබෝධි රජු විසින් රූහුණු රටේ කණගාමයෙහි අන්ධයින් හා ගිලනුන් උදෙසා රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් කළ අතර එය මෙම ස්ථානය ලෙස විශ්වාස කෙරේ. නටබුන්ව ඇති පිළිම ගෙය ගෙඩි ගෙයක් ලෙස නිමවා තිබෙන්නට ඇති බවත්, ප්‍රදක්ෂිණා පථයක් තිබුණු බවත්, හමුවන සාධක අනුව පැහැදිලි වේ. ක්‍රි.ව7-8 සියවසට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 37 අඟල් 10 ක් වේ. සමභංග හිටි ඉරියව්‍වෙන් යුත් ප්‍රතිමාවෙන් අභය මුද්‍රාව නිරූපිතය. ප්‍රතිමා ගෘහය ඉදිරිපිට වු සඳකඩ පහණ සුවිශේෂී නිර්මාණයකි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 11 Feb 2016 02:46 AM Maligawila[මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7 වන සියවස)] මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ.. මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි. මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක් ලෙස ඉතිහාසයේ කියැවේ. --------------------------------------------------------------------------------------------------------------------------------------- වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මං සන්ධියෙන් හැරී දකුණට කි. මී. 16ක් පමණ ගිය තැන හමුවන මේ බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට ස්වභාවධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත් එවතට සිටි ඩනපති තුමන්ගේ මඟපෙන්වීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නගාසිටුවීමට හැකි වී තිබේ. සංරක්‍ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද දකුණු අත ද දෙදණහිසින් පහළ කොටස ද චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය. පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ නිසා එහි පැරණිම ස්වරූපය හඳුනාගැනීමට තිබෙන අවකාශය මදය. එහෙත් ඉතිරි වී ඇති කොටස්වලට අනුව සංරක්‍ෂණය කර නගාසිටුවා ඇති මෙය ලංකාවේ අද්විතීය පුරාවස්තුවක් බව අවිවාදයෙන් ම සඳහන් කළ හැකිය. මේ මහා බුදු පිළිමය පිළිබඳව එන මහාවංශ විස්තරයට අනුව මෙය ක්‍රි. ව. 7 වන සියවසේ දී රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත හැකිය. ඔහු විසින් කාණගාමයේ කරවූ” ඍද්ධියෙන් මැව්වාක් වැනි මහත් වූ ශෛල ප්‍රතිමාව“ මෙය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි. මහාවංස විස්තරයට අනුව එසේ කාණගාමයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය කෙරී ඇති අතර එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාරය නමිනි. උසින් අඩි 45ක් තරම් වූ ප්‍රතිමාව ස්පටික හුණුගලෙන් නෙලන ලද්දකි. උරහිස් හරහා එහි පළල අඩි 10ක් වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු පොට දරා සිටින බවත් පෙන්වන ප්‍රතිමාවේ ඒකංශ පාරුපනයෙන් යුතු චීවරය සමාන්තරාකාර රැලිවලින් හැඩ ගන්වා තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණවලින් පසුව එහි මුහුණේ කරුණාභරිත බවක් පෙන්නුම් කෙරේ. රවුම් හිසකේවලින් හිස සරසා ඇතත්, උෂ්ණිෂයක් හෝ සිරස්පතක් තිබූ බවට සලකුණු දක්නට නොවේ. ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැලපෙන සේ සකස් කොට තිබීම මෙහි ඇති තාත්විකත්වය සහ සුන්දරත්වයට බෙහෙවින් ම හේතු වී තිබේ. අඩි 4ක් තරම් වූ විශාල පද්ම පීඨයක නංවා ඇති මේ ප්‍රතිමාව වෙනත් තැනක නෙළා ගෙනවිත් මෙහි පිහිට වූ බවට නිගමනය කළ හැකි අතර ප්‍රතිමාව සඳහා පඨිමාඝරයක් ද වූ බවට සාධක හමුවේ. මේ ස්ථානය පිළිබඳව ප්‍රබල සාධක සොයා ගැනීමට නොහැකි වුවත් මෙය මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 03:05 AM ස්තූතියි අයියලා දෙන්නටම ඉන්දික අයිය වගේම සමන්ත අයියත් ලොකු විස්තරයක් දාලනේ තනල ගෙනවිත් පිහිටුවන එකේ රූපය වෙන්න ඇති ඔය 3 වෙනි රූපයේ තියෙන්නෙ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 03:08 AM මේ ලබා දුන් තොරතුරු වලට ගොඩක් ස්තූතියි. අපේ දුව ලැබෙන්න ඉන්නකොට මමයි මගේ නෝනයි මෙතනට ගියා මේ දුර පයින් ගෙවාගෙන. ආයෙත් එන්න පිටත් වෙනකොට කෝල් එකකින් දැනගන්න ලැබුණා දෙබරයක් ඇවිස්සිලා එන මාර්ගයේ කට්ටියකට විදලා කියලත්. අපි දෙන්න විතරයි පේන තෙක් මානයක හිටියෙත්. බිරිඳගේ තත්ත්වය අනුව දුවන්නත් බැහැ. මට කර තියා ගෙන දුවන්නත් බැහැ. හද්ද අසරණ උනා. අපි වාහනය සිටින තැනට ආවත් කිසිම දෙබරෙක් අපි ලඟට ආවේ නැහැ. වාහන නවත්වන තැන පවා හිටපු අයට විදල තිබුන. ඒ වෙනකොට ගොඩක් අය ඉස්පිරිතලෙත් ගෙනියල. හැමෝම පුදුම උනා අපි නිරුපද්‍රිතව ආවේ කොහොමද කියල ඒ පාර දිගේ. ඒ පාරේ ආපු හැමෝටම එලවඑලව පහර දීල තියෙනව. මාලිගාවිල කියද්දී අපි දෙන්නටම ඔය කාරණාව මතක් වෙනව. පුතා ලැබෙන්න එනකොටත් මේ කතාව මගේ නෝන කිව්ව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 11 Feb 2016 06:30 PM Posted By samantha on 11 Feb 2016 02:46 AM Maligawila[මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7 වන සියවස)] මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි. අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ.. මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි. මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක් ලෙස ඉතිහාසයේ කියැවේ. --------------------------------------------------------------------------------------------------------------------------------------- වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මං සන්ධියෙන් හැරී දකුණට කි. මී. 16ක් පමණ ගිය තැන හමුවන මේ බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට ස්වභාවධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත් එවතට සිටි ඩනපති තුමන්ගේ මඟපෙන්වීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නගාසිටුවීමට හැකි වී තිබේ. සංරක්‍ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද දකුණු අත ද දෙදණහිසින් පහළ කොටස ද චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය. පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ නිසා එහි පැරණිම ස්වරූපය හඳුනාගැනීමට තිබෙන අවකාශය මදය. එහෙත් ඉතිරි වී ඇති කොටස්වලට අනුව සංරක්‍ෂණය කර නගාසිටුවා ඇති මෙය ලංකාවේ අද්විතීය පුරාවස්තුවක් බව අවිවාදයෙන් ම සඳහන් කළ හැකිය. මේ මහා බුදු පිළිමය පිළිබඳව එන මහාවංශ විස්තරයට අනුව මෙය ක්‍රි. ව. 7 වන සියවසේ දී රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත හැකිය. ඔහු විසින් කාණගාමයේ කරවූ” ඍද්ධියෙන් මැව්වාක් වැනි මහත් වූ ශෛල ප්‍රතිමාව“ මෙය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි. මහාවංස විස්තරයට අනුව එසේ කාණගාමයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය කෙරී ඇති අතර එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාරය නමිනි. උසින් අඩි 45ක් තරම් වූ ප්‍රතිමාව ස්පටික හුණුගලෙන් නෙලන ලද්දකි. උරහිස් හරහා එහි පළල අඩි 10ක් වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු පොට දරා සිටින බවත් පෙන්වන ප්‍රතිමාවේ ඒකංශ පාරුපනයෙන් යුතු චීවරය සමාන්තරාකාර රැලිවලින් හැඩ ගන්වා තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණවලින් පසුව එහි මුහුණේ කරුණාභරිත බවක් පෙන්නුම් කෙරේ. රවුම් හිසකේවලින් හිස සරසා ඇතත්, උෂ්ණිෂයක් හෝ සිරස්පතක් තිබූ බවට සලකුණු දක්නට නොවේ. ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැලපෙන සේ සකස් කොට තිබීම මෙහි ඇති තාත්විකත්වය සහ සුන්දරත්වයට බෙහෙවින් ම හේතු වී තිබේ. අඩි 4ක් තරම් වූ විශාල පද්ම පීඨයක නංවා ඇති මේ ප්‍රතිමාව වෙනත් තැනක නෙළා ගෙනවිත් මෙහි පිහිට වූ බවට නිගමනය කළ හැකි අතර ප්‍රතිමාව සඳහා පඨිමාඝරයක් ද වූ බවට සාධක හමුවේ. මේ ස්ථානය පිළිබඳව ප්‍රබල සාධක සොයා ගැනීමට නොහැකි වුවත් මෙය මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ. ස්තූතියි සමන්ත අයියේ තොරතුරුවලට... ඉතා වැදගත් තොරතුරු රාශියක් මෙහි තියෙනවා.. 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2016 06:59 AM මෙන්න ඊලග රූපය .. මේක තියෙන්නේ යාපනය-පේදුරුතුඩුව මාර්ගය අාසන්නයේ.. මේක ළිදක්.. මේකට පතුල නොපෙනෙන ලිද කියාත් කියනවා.. 0 RosiSuper Senior MemberPosts:5335 19 Feb 2016 05:22 PM ම්ම්ම්ම්ම් මෙහෙම ළිදක් ගැන නම් ඇහුවෙත් අදමයි .. 0 hasithadSuper Senior MemberPosts:5795 20 Feb 2016 07:01 AM වැටුනොත් වැටුනා එනවා සුම්මා..... 0 sha733Super Senior MemberPosts:7332 20 Feb 2016 09:26 PM මේක යාපනයේ නිලාවරේ ලිදනේ........................ පතුල නොපෙනෙන ලිද උනාට මේකෙ පතුලත් හොයාගෙන කියල පුවතක් තියෙනවා දැක්ක 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2016 06:45 PM පතුල පෙනෙන්නේ නැත්නම් මම නම් බහින්නේ නැහැ බන් මේකට. අර උඩ ඉන්න සෙට් එකෙන් එකෙක් එහෙනම් මමත්. පතුල නොපෙනෙන මුහුදේ නනවට වඩා භයානකයි වගේ මේකේ නාන එක. ලිඳක් කිව්වට ඒත් නාන එවුන් නම් ඔක්කොම ලිදේ බැහැලම වගේ නාන්නේ නේද. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 21 Feb 2016 07:04 PM Posted By sha733 on 20 Feb 2016 09:26 PM මේක යාපනයේ නිලාවරේ ලිදනේ........................ පතුල නොපෙනෙන ලිද උනාට මේකෙ පතුලත් හොයාගෙන කියල පුවතක් තියෙනවා දැක්ක ෂා.. මල්ලි ෂා.. ෂා.. මල්ලිගෙ පිළිතුර නිවැරදියි.. 0 indika76Most Senior MemberPosts:10449 21 Feb 2016 07:41 PM ... නිලාවරේ ළිඳ ... නිලාවරේ ළිඳ යාපනය පේදුරුතුඩුව මාර්ගය ආසන්නයේ පිහිටා ඇත්තේය. නිලාවරේ ළිඳ හින්දු භක්‌තිකයන් සංචාරකයන් හා වන්දනාකරුවන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පතුල නොපෙනෙන ළිඳ වශයෙනි. උතුරු පළාතේ සංචාරය කරන සංචාරකයන් වැඩි දෙනකූ මෙම ළිඳ නැරඹීමට යාමට අමතක නොකරති. සැබවින්ම මෙම ළිඳ හා බැඳී ඇති ජනප්‍රවාද රාශියකි. හින්දු භක්‌තිකයෝ ඒවා දැඩි ලෙස විශ්වාස කරති. රාම රාවණා කථා වස්‌තුව ද මෙම ළිඳ හා බැඳී ඇති ජනප්‍රවාදයකි. රාමා යුද්ධ කරමින් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහු විඩාව සංසිඳුවා ගැනීමට එහි නතර වී තිබේ. හේ තමන් ළග තිබූ ඊය ඇණ ඒ අසල වාඩි වී ඇත. පසුව නැගිට ඊය ගැලවීමේදී එම ස්‌ථානයෙන් දිය බුබුළු මතු වී මෙම ළිඳ නිර්මාණය වූ බවට හින්දු භක්‌තිකයෝ විශ්වාස කරති. එපමණක් නොව, මෙම ළිදේ ජලය පතුලේ ඇති දෝනා මඟින් කිලෝමීටර් 4 පමණ වයඹ දෙසින් ඇති කීනමලේ පොකුණට යන බවත් ඉන්පසු මුහුදට ගලායන බවත් තවත් දෝනා මාතලේ ප්‍රදේශය දක්‌වා විහිදීයන බවත් ජනතාව අතර මතයක් පවතී. දෙහි ගෙඩි ළිඳට දැමූ විට එවා මුහුදින් මතුවී ඇති බවත් ඇතැම්හු කියති. පතුල නොපෙනෙන මෙම ළිඳේ පතුල සෙවීමට ගත් උත්සාහයන් අසාර්ථක වු බවත් එක්‌තරා අවස්‌ථාවකදි ළිං පතුල සෙවීමට ගිය විදේශිකයකු නැවත ගොඩට නොපැමිණි බවත් ගම්මු පවසති. ඔහුගේ සිරුර පවා හමු නොවු බවද ඔවුහු කියති. මේ සියල්ල කථාන්දරයන්ය. මෙම කථාවල ඇත්ත නැත්ත පිළිබද සැකහැර දැනගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යා නිලධාරීන්ට හැකිවිය. 0 indika76Most Senior MemberPosts:10449 21 Feb 2016 07:42 PM පතුල සොයාගත් මේ පුවත දිවයින පුවත්පතෙනි. මෙම කථාවල ඇත්ත නැත්ත පිළිබද සැකහැර දැනගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යා නිලධාරීන්ට කලක සිටම දැඩි අවශ්‍යතාවක් පැවතිණි. උතුරු පළාතේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතූ සඳහා මොවුන් සම්බන්ධ වන්නේ මේ අතරතුරේදීය. ඒ නිසා නිලාවරේ ළිඳ පිළිබඳ මේ පුරාවිද්‍යා කණ්‌ඩායමේ අවධානය යොමු විය. මෙහි ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පතුල නොපෙනෙන ළිඳ පරික්‍ෂා කිරීමට ඔවුහු එම ස්‌ථානයට ගියහ. "ළිඳ පරීක්‌ෂා කිරීමට ගිය අප හට මුලින්ම දැකගත හැකි වූයේ මෙය ළිඳක් වශයෙන් භාවිතා කළ ද එය ස්‌වාභාවිකව නිර්මාණය වූ හුණුගල් ආවාටයක් බවයි. ළිඳේ පළල පෙන්වන්නේ මිටර් 15ක් විශාල ආවාටයකින්. පිරිසිදු නිල්වන් දියෙන් මෙම ළිඳ පිරී තිබුණා. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් අවුරුදු සියගණනක් තිස්‌සේ සපුරා ගනිමින් තියෙන්නේ මෙම ළිඳෙන්. මේ ආසන්නයේ පැරණි චෛත්‍යයක නටබුන් මෙන්ම හින්දු කෝවිල් කිහිපයක් ද දක්‌නට තියෙනවා. පැරණි චෛත්‍ය ගොඩනැඟිල්ල නිසා තමයි මෙම ළිඳ පිහිටි භූමිය පුරාවිද්‍යා රක්‌ෂිතයක් ලෙස නම් කොට තියෙන්නේ." යෑයි මුහුදු පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ කිවේය. යාපනය අර්ධද්වීපය නිර්මාණය වී ඇත්තේ හුණුගල් ස්‌ථරයකිනි. වසර දහස් ගණනක් පුරා පැවති ඛාදන ක්‍රියාවලිය නිසා නිර්මාණය වූ මෙම හිරිගල් ආවාටය තුළ ඛාදනය හේතුවෙන්ම තිරස් අතට නිර්මාණය වූ ගුහා හෝ දෝනාවන් තිබිය හැක. එම හේතුව නිසාම ළිඳ පතුල ගවේෂණය කිරීමේදී විශේෂ ආරක්‍ෂක උපක්‍රම භාවිතා කළ යුතු බව මුහුදු පුරාවිද්‍යා කණ්‌ඩායම තීන්දු කළහ. එමෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් මෙම ගවේෂණ කටයුත්ත සංවිධානය කරන අතරතුරේදීම හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිතව කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයෙකු වන රුසියානු ජාතික වසීලි කලෂ්කිනොව් සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියෙකු වන හික්‌කඩුවේ එම්. ජී. ප්‍රියන්ත සම්බන්ධ කරගැනීමට කටයුතු කළහ. වසිලි වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං සහ හිරිගල් ගුහා තුළ කිමිදුම් කටයුතු කිරීමේ හොඳ පළපුරුදුකාරයෙකි. හේ කිමිදුම් උපදේශකයෙකු මෙන්ම තාක්‌ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකු ද වේ. නිශ්චිත ආරක්‌ෂක සීමාවන් ඇතුළත ක්‍රියාත්මක වන සාමාන්‍ය කිමිදුම් ක්‍රියාකාරකමකදී සෑම විටම කිමිදුම්කරුගේ ඉහළින් විවෘත අවකාශය හෝ වායුගෝලය තිබීම අනිවාර්ය වේ. එම සීමාවෙන් ඉවත්වන එනම් තිරස් අතට ඇති කුහරයක් හෝ ආවරණ කලාපයක් ඇතුළට කිමිදුම් කටයුතු කිරීමට විශේෂ තාක්‌ෂණික පුහුණුවක් ලබා තිබිය යුතු වේ. හිරිගල් ගුහා තුළ කිමිදුම් කටයුතු කිරීම එවැන්නකි. ඉක්‌බිත ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ කණ්‌ඩායම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කාර්යාලයේ නිළධාරීන් ගවේෂණ කටයුතු සඳදහා නිලාවරේ ළිඳද අසලට පැමිණියහ. "මූලික අදියරේ කටයුතු වශයෙන් මේ ළි`ද පිළිබ`ද පවතින ජනප්‍රවාද සහ ඉතිහාස ගත තොරතුරු සොයා බැලීමක් කළා. ළි`ද අවට කලාපයේ භෞතික සහ පරිසරික තත්ත්වය වාර්තාගත කිරීමත් සිදු කළා. ළි`ද සහ ඒ අවට ඉදිකිරීම් සහ අවශේෂ මිණුම්ගත කරන අතරතුර අපි ගවේෂණ කටයුතු ස`දහා සූදානම් වුණා. හිරිගල් ගුහා තුළට කිමිදීම පිළිබ`දව පෙර පුහුණුවක් අපහට තිබුණේ නැහැ. හරස් අතට ළිඳේ පතුළ සොයා ගත්පසු පමණක් කිමිදුම් කටයුතු කිරීමටත් වසීලි මහතාගේ කිමිදුම් කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අප සැලසුම් කළා." පතුල නොපෙනෙන ළිෙ`ද් ගවේෂණ කටයුතුවලට මුල පිරු අයුරු රසික මුතූකූමාරණ විස්‌තර කරන්නේය. වසීලි සහ ප්‍රියන්ත මුලින්ම ළි`දට බැස අවට පරීක්‍ෂා කිරීමටත් හරස් අතට යම් දෝනාවක් තිබේ නම් දෙවන වරට කිමිදුම් කර එම දෝනාවෙහි ඉතා ආරක්‌ෂාකාරීව කෙටිදුරක් යාමත් ගවේෂණ කණ්‌ඩායමේ මුලික අරමුණ විය. එවන් දෝනාවක් වේ නම් වෙනත් දිනක දීර්ඝ වශයෙන් කිමිදුම් කටයුතු සිදුකිරීමටත් තීරණය විය. කිමිදුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ළිෙ`ද් මැදට ස්‌ථානගත වන ලෙස ප්ලාස්‌ටික් ජීවිතාරක්‌ෂක වළල්ලක් නයිලෝන් කඹ භාවිතා කර පිහිටුවන ලදී. ඉන් පසු එම වළල්ල මැදින් ළි`ද පතුලට වැටෙන සේ සිහින් ලණුවක ගැටගසන ලද කිලෝග්‍රෑම් 1 පමණ බරැති ඊයම් කුට්‌ටියක් පතුලට දමනු ලැබිය . මෙම ඊයම් බරුව සහිත ලණුව ඉතා පරීක්‌ෂාකාරිව හසුරුවනු ලැබු අතර, එය පතුලට ළ`ගාවූ බව දැනුණු පසු නැවත ගොඩගනු ලැබීය. ඊයම්බරුව මීටර 40 ක් පමණ පතුලට ගොස් තිබිණ. ඒ අනුව මෙම ළි`දට යම් ආකාරයක පතුලක් මීටර් 40 පමණ ගැඹුරේ ඇති බව ගවේෂණ කණ්‌ඩායමට අවබෝධ විය. ඒ කොයිහැටි වුවද ළිෙ`දහි ජලය නිශ්චලව පවතින්නේ ද නැත්නම් පතුලේ ඇති දෝනා තුළින් ගලායන්නේ ද යන්න පිළිබ`දව සැලකිලිමත් විය යුතු විය. මේ හේතුව නිසා නැවතත් එම ආරක්‌ෂිත වළල්ල මැදින් නයිලෝන් කඹයක් යෑවීමටත් එම කඹය අල්ලා ගනිමින් ආරක්‌ෂිතව ළි`ද පතුලට යාමටත් සැලසුම් කරන ලැබිය. මේ සැලසුමට අනුව, වසීලි මුලින්ම ළිඳේ කිමිදුම් කටයුතු ආරම්භ කළේය. මිනිත්තු 8 ක් වැනි කෙටිකාලයක් තුළ ළිෙ`දහි පහළට ගොස් ළිඳේ තත්ත්වය පරීක්‍ෂාකොට හේ මතුපිටට පැමිණියේය. ඔහුගේ නිරීක්‌ෂණය අනුව ළිෙ`දහි වතුර නිශ්චලව පවතින අතර, ආරක්‌ෂක තත්ත්වයක් ද පැවතූණි. එහෙත් මීටර් 10 ත් 20 ත් අතර, ගැඹුරේ දී ජලය අපැහැදිලි වන අතර, එම ජලයේ මඩ අංශු සහිත බවක් දක්‌නට ලැබ තිබිණි. පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි වන නමුත් මැද ස්‌ථරයේ ඇති අපහැදිලිතාවය හේතුවෙන් හිරුරැස් පතුළට ළ`ගාවීම නැවතී තිබිණි. එහෙයින් පතුලේ තිබුණේ දැඩි අන්ධකාරයකි. මූලික නිරීක්‌ෂණයෙන් පසු කිමිදුම් කටයුතු ආරම්භ කරමින් වසීලි සහ ප්‍රියන්ත දෙපළ ක්‍රමයෙන් ළි`ද තුළට බහින්නට වුහ. ඔවුන් අනුගමනය කරමින් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ.දයානන්ද , එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාර යන තිදෙනා ද ළිෙ`ද් පහළට කිමිදීම ආරම්භ කළහ. මොවුන් දිය යට භාවිතා කරන විදුලි පන්දම් සහ වීඩියෝ කැමරාවක් ද රැගෙන ළිං පතුල සෙවීමේ මෙහෙයුමට පිවිසියහ. "ජලය මඳක් කිවුල් සහිත වුණා. නමුත් ජලය පිරිසිදුයි. එහෙත් මීටර් 10 - 20 අතර, ප්‍රමාණයේ දී ජලයේ පැහැදිලිතාවය ක්‍රමයෙන් අඩුවන්නට වුණා. ලා දුඹුරු පැහැති මඩ වැනි අංශු එම ජලයේ මිශ්‍ර වී තිබූණා. ජලයේ කිවුල් ගතිය ම`දක් වැඩි වුණා. ගැඹුර මිටර 20 පසු කරන විට යළිත් ජලයේ පැහැදිළීතාවය වැඩිවන්නට වුණා. මීටර 23 ත් 25 ත් අතර ප්‍රදේශය ජලය ඉතා පැහැදිලි තත්ත්වයක තිබුණා. ඒ එක්‌කම එක්‌වරම ජලයේ ලවණ ගතිය විශාල වශයෙන් වැඩි වුණා. මම හුස්‌ම ගැනීම ස`දහා භාවිතා කරන මුඛ ආවරණය සහිත කොටස ඉවත් කර වතුර උගුරක් කටට ගත්තා. ඒ නිසා එය පැහැදිලි වුණා." "ළිෙ`ද් මීටර 25 න් යට ප්‍රදේශය සම්පුර්ණයෙන්ම මුහුදු ජලයට සමානයි. මෙම ප්‍රදේශයේ සිට පතුලට යනතුරු ළි`ද ඇතුළ කට්‌ට කරුවලයි. විදුලි පන්දම් නොමැතිව කිමිදුම් කටයුතු කිරීම අපහසු සහ අවදානම් කටයුත්තක් වුණා. මුහුදු ජලයේ ඝනත්වය වැඩි නිසා ළිෙ`ද් පතුලෙ කැළඹීමක් නෑ. හරිම තැන්පත්. මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම් පැහැදිලිව දක්‌නට ලැබුණා. ඒ තැන්වල විදුලි පන්දම් එළියෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය පෙනුණෙ පුදුම තරම් ලස්‌සනට. එමෙන්ම ළි`දට වැටී ඇති ප්ලාස්‌ටික් වතුර බෝතල් සහ බෑග් කිහිපයක් එම ස්‌ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහලටත් ගමන් නොකර හිටිවනම තිබුණා." ළිං පතුලේදී ජලය ඉතා නිශ්චල වුණා. මීටර 40 ක් පමණ ගැඹුරට කිමිෙ`දන විට ළිෙ`ද් පතුළ හමුවුණා. එහි අවුරුදු සිය ගණනක් පුරා ළි`දට වැටුණු අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ළි`ද අසල ඇති බෝ ගසින් සහ අවට ඇති ශාඛයන්ගෙන් වැටුණු පත්‍ර හා රිකිලිවලින් පිරී ඇති බව දක්‌නට ලැබුණා. මෙම අපද්‍රව්‍ය ළිෙ`ද් මැදට වන්නට ගොඩැල්ලක් මෙන් සකස් වී තිබුණා. ඒ අනුවේ ළිදේ ගැඔqර අඩුම ස්‌ථානය ළිෙ`ද් මැදම කොටස වුණා. වටේ ගැඔqර ඊට වඩා වැඩි බව දක්‌නට ලැබුණා. එහෙත් එම ස්‌ථාන වෙත ළ`ගාවීම පසුවට කල් තැබු අප පළමුවන කිමිදුම් වාරය අවසන් කළා. පතුල නොපෙනෙන ළිඳේ පතුල සොයාගිය පුරාවිද්‍යා කණ්‌ඩායමේ රසික මුතුකුමාරණ ඒ අත්දැකීම අපට විස්‌තර කළේ ඒ අයුරිනි. ඉක්‌බිති ගවේෂණ කණ්‌ඩායම තවත් පැය තුනකට පමණ පසු නැවත කිමිදුම් කටයුතු ආරම්භ කළහ. ළිෙ`ද් ජලය ආශ්‍රිත පරිසරය ආරක්‌ෂිත බව තහවුරු වී තිබීම නිසා මෙවර කඔය අල්ලා ගනිමින් කිමිදුම් කිරීම නොකර ළිෙ`ද් බටහිර දෙසින් බිත්තිය දිගේ පතුලට බැසීමට මොවුහු කතිකා කර ගත්හ. ළිෙ`ද් කිමිදෙන අපි මුලින්ම දැක්‌කෙ දැවැන්ත හුණුගල් බිත්ති. ළිෙ`දහි කට ප්‍රදේශයෙහි පළලට වඩා ඇතුළත වට ප්‍රමාණය ඉතා විශාල බව පෙනුණා. ඒ අනුව පහළට යත්ම ගුහාවක් ඇතුළට පිවිසෙන ආකාරයක් තමයි දැනුණෙ. මීටර 15 පමණ ගියවිට ඉහළින් ලැබෙන ආලෝකය නතර වුණා. බිත්ති හිරිගල්වලින් නිර්මාණය වී තිබු නිසා ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැ`දී තිබුණා. ඒවා ඉතා සුළු කැළඹීමකින් වුවුද ලිහිල් වුණා. ජලය බොරවීමේ ඉඩකඩ ඉතා වැඩි වුනා. ඒ හේතුවෙන් කිමිදුම් කටයුතු ඉතා පරිස්‌සමින් හැකි තරම් නිශ්චලව කිරීමට අපි වග බලා ගත්තා. පස්‌සෙ මේ හුණුගල් ස්‌ථරයේ ස්‌වභාවය සහ සැකැස්‌ම පරීක්‌ෂා කරමින් ක්‍රම ක්‍රමයෙන් අප පතුල කරා ගමන් ගත්තා. අවශ්‍ය ස්‌ථානයන්හි ඡායාරූප ලබාගත්තා. වීඩියෝ කළා. බටහිර මායිමේ පතුලෙහි ගැඹූර මීටර 55 ක උපරිමයක් වුණා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 - 30 අතර පැවතුනා. එම හිරිගල් බිත්තියේ සාම්පල් කිහිපයක් ලබාගත්තා. ඒ හුණුගල් සාම්පල්වල කවච සහිත මුහුදු බෙල්ලන්ගේ අවශේෂ (පොසිල) දැක ගත හැකිවුණා. විනාඩි 40 පමණ කාලයක් තුළ අපගේ කිමිදුම් වාරය අවසන් කලා. ඒ වන විට ම`දක් සවස් වී තිබුණා. අපගේ කාර්ය සාර්ථක කර ගැනීමට උපකාරී වූ බොහෝ දෙනෙක් ඒ වන විටත් ළි`ද වටා එක් රැස් වී සිටියා. ඒ අතරින් ආරක්‌ෂක අංශයේ සාමාජීකයින්, පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශේෂයෙන් සිහිපත් කළයුතු වෙනවා. ගවේෂණයේ ප්‍රතිඵල පිළිබ`දව කෙටියෙන් ඔවුන් සියලුදෙනා දැනුවත් කිරීමට පියවර ගත්තා. යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ දී ද එදින රාත්‍රියේ මෙම ගවේෂණ පිළිබ`ද විශේෂ දේශනයක් සිදු කරනු ලැබුවා. ළිෙ`ද් අනෙකුත් කොටස විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර බිත්ති ආශ්‍රිතව ද නැවත වෙනත් අවස්‌ථාවක කිමිදුම් කටයුතු කර පරීක්‌ෂා කර බැලීම අපගේ බලාපොරොත්තුවයි. රසික මුතූකූමාරණ කිවේය. ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්‌ථානභාර නිලධාරි ඩබ්ලිව් එම්. චන්ද්‍රරත්න, පර්යේෂණ නිලධාරින් වන එස්. එම්. නන්දදස, ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, එම්. ජී. ප්‍රියන්ත (කිමිදුම් උපදේශක -හික්‌කඩුව) වසීලි කලෂ්කිනොව් ((කිමිදුම් උපදේශක - රුසියාව) රුක්‌ෂාන් ප්‍රියන්දන, ඉන්දික උපුල් හේවගේ, චමල් කේ. ගමගේ, සමීර ප්‍රසංග කරුණාරත්න, නදීකා කුමාරි, මහින්ද කරුණාරත්න සහ චමිලා කුමාරි යන පර්යේෂණ නිලධාරින් මෙන්ම නිලධාරිනියන් ගවේෂණ කටයුතූ සඳහා එක්‌වුහ. ලලිත් චාමින්ද 0 You are not authorized to post a reply. Page 13 of 20 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies