You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 20 << < 1213141516 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Feb 2016 10:00 PM
බොහොමත්ම ස්තූතියි මල්ලී.. මේ වැදගත් තොරතුරු වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
22 Feb 2016 02:48 AM
Posted By samantha on 11 Feb 2016 02:46 AM

Maligawila[මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7 වන සියවස)]

මෙහි සම්පුර්ණ අයිතිය මුල් රචකය සතුය. මෙය Sri Dalada Maligawa වෙතින් උපුටා ගන්න ලද්දකි.

 

අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ..

මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි.

මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක් ලෙස ඉතිහාසයේ කියැවේ.
---------------------------------------------------------------------------------------------------------------------------------------
වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මං සන්ධියෙන් හැරී දකුණට කි. මී. 16ක් පමණ ගිය තැන හමුවන මේ බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට ස්වභාවධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත් ‍එවතට සිටි ඩනපති තුමන්ගේ මඟපෙන්වීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නගාසිටුවීමට හැකි වී ති‍බේ. සංරක්‍ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද දකුණු අත ද දෙදණහිසින් පහළ කොටස ද චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය. ‍

පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ නිසා එහි පැරණිම ස්වරූපය හඳුනාගැනීමට තිබෙන අවකාශය මදය. එහෙත් ඉතිරි වී ඇති කොටස්වලට අනුව සංරක්‍ෂණය කර නගාසිටුවා ඇති මෙය ලංකාවේ අද්විතීය පුරාවස්තුවක් බව අවිවාදයෙන් ම සඳහන් කළ හැකිය.

මේ මහා බුදු පිළිමය පිළිබඳව එන මහාවංශ විස්තරයට අනුව මෙය ක්‍රි. ව. 7 වන සියවසේ දී රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත හැකිය. ඔහු විසින් කාණගාමයේ කරවූ” ඍද්ධියෙන් මැව්වාක් වැනි මහත් වූ ශෛල ප්‍රතිමාව“ මෙය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි.

මහාවංස විස්තරයට අනුව එසේ කාණගාමයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය කෙරී ඇති අතර එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාරය නමිනි.

උසින් අඩි 45ක් තරම් වූ ප්‍රතිමාව ස්පටික හුණුගලෙන් නෙලන ලද්දකි. උරහිස් හරහා එහි පළල අඩි 10ක් වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු පොට දරා සිටින බවත් පෙන්වන ප්‍රතිමාවේ ඒකංශ පාරුපනයෙන් යුතු චීවරය සමාන්තරාකාර රැලිවලින් හැඩ ගන්වා තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණවලින් පසුව එහි මුහුණේ කරුණාභරිත බවක් පෙන්නුම් කෙරේ. රවුම් හිසකේවලින් හිස සරසා ඇතත්, උෂ්ණිෂයක් හෝ සිරස්පතක් තිබූ බවට සලකුණු දක්නට නොවේ.

ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැලපෙන සේ සකස් කොට තිබීම මෙහි ඇති තාත්විකත්වය සහ සුන්දරත්වයට බෙහෙවින් ම හේතු වී තිබේ. අඩි 4ක් තරම් වූ විශාල පද්ම පීඨයක නංවා ඇති මේ ප්‍රතිමාව වෙනත් තැනක නෙළා ගෙනවිත් මෙහි පිහිට වූ බවට නිගමනය කළ හැකි අතර ප්‍රතිමාව සඳහා පඨිමාඝරයක් ද වූ බවට සාධක හමුවේ. මේ ස්ථානය පිළිබඳව ප්‍රබල සාධක සොයා ගැනීමට නොහැකි වුවත් මෙය මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ.






ස්තුති විස්තර ටිකට..

 මාත් මේක අහල තිබුනට දැන් තමයි ගොඩක් දේවල් දැනගන්න ලැබුනේ 


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Feb 2016 06:47 PM
මේන්න ඊළග රූපය...
මේකත් උද්භිද උද්‍යානයක්.. සීතලත් සමග කැටිවූ සුන්දර අත්දැකීමක් මෙහිදී ලබාගන්න පුළුවන්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Feb 2016 09:57 PM
Posted By indika76 on 24 Feb 2016 06:47 PM
මේන්න ඊළග රූපය...
මේකත් උද්භිද උද්‍යානයක්.. සීතලත් සමග කැටිවූ සුන්දර අත්දැකීමක් මෙහිදී ලබාගන්න පුළුවන්...
හග්ගල  උද්භිද  උද්‍යානය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Feb 2016 12:01 AM
Posted By samantha on 24 Feb 2016 09:57 PM
Posted By indika76 on 24 Feb 2016 06:47 PM
මේන්න ඊළග රූපය...
මේකත් උද්භිද උද්‍යානයක්.. සීතලත් සමග කැටිවූ සුන්දර අත්දැකීමක් මෙහිදී ලබාගන්න පුළුවන්...
හග්ගල  උද්භිද  උද්‍යානය.


සමන්ත අයියා නිවැරදියි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Feb 2016 01:17 AM

සියවස් එක හමාරක් පැරැණි හග්ගල මල් වත්ත

මෙරට ඉතිහාසය තුළ මහ බල පරාක‍්‍රමයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා  දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුගේ ශිල්පීය දක්‍ෂතා නිසා දසිස් නමින් හුවා දැක්වීමට අපේ පැරැුන්නෝ උත්සාහ දරා ඇත.

මේ ප‍්‍රතාපවත් රාවණා රජු දක්‍ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ  උයන හග්ගල කන්ද  ආශ‍්‍රිතව තිබු බව කියැවේ. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්තී‍්‍රපුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්‍ෂි ආබාදයට ප‍්‍රතිකාර කළේ හග්ගල ඖෂධ උද්‍යානයේදී බව ඓතිහාසික තොරතුරු අපට කියයි. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද ”සීතාඑළිය” ලෙස  සලකුණු ලැබේ.

අවුරුදු දහස් ගණනකට පෙර අති  දක්‍ෂ වෛද්‍යවරයෙකුගේව පැවති ඖෂධ උයන 1861 වසරේදී හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූ අතර මෙම වසරට  අවුරුදු 150ක් සපිරේ. ඉංගී‍්‍රසි පාලකයන් නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී ඇරඹු දෙවන උද්භිත උද්‍යානය ලෙස හග්ගල සැළකේ.

මුහුදු මට්ටමෙන් මීටර් 2173ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව එදා 1861දී අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර ඇත.

ඉංගී‍්‍රසීහු තම යටත් විජිත රාජධානියේ සීඝ‍්‍රයෙන්  පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගල දී සිදුකර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්විය.

නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශි‍්‍රතව  පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200වේ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ඉසව්වකි.

සම මිශ‍්‍ර දේශගුණයකින් යුතු හග්ගල කඳුවැටිය පාමුල පිහිටවූ හග්ගල උද්භිද උද්‍යානය, සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ‍්‍රිතව පිහිටා අති අතර 1861 වසරේදී අක්කර 500ක් පුරා තිබුණද අද අක්කර 68කට පමණක් සීමා  වී ඇත.

සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්‍යානය ආශි‍්‍රතව මෙරට ප‍්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියැවේ.  උද්‍යානයේ පර්යේෂණ සඳහා සිටවූ  කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්‍යානයේදී නෙත ගැටේ.

වසර 150ක් පිරුණු මේ අභිමානවත් සොබාදහමේ තිළිණයක් බදු හග්ගල උද්භිද උද්‍යානයේ  සිරි අසිරිය ගැන සොයන්නට   කියන්නට ඉකුත්දා අප ඒ වෙත පියවර නැගුවෙමි. උද්‍යානය සංරක්‍ෂක එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා හදිසි  අවශ්‍යතාවකට නුවරඑළියට පිටව ගොස් සිටි අතර ඔහුගේ උපදෙස් මත උද්‍යාන සහකාර බී. මැද්දේගොඩ මහතා අපගේ සහායට එක්වූයේ ඉතා ලෙන්ගතුවය. අඩි 100-200ක්  උසැති  විවිධ වර්ගයේ ගහකොළ හෙවත් යටින් නෙක උයන් තුළින් මැද්දේගොඩ මහතා හග්ගල උද්භිද උද්‍යානයේ පිහිටි කුඩා කාර්යාලය අසල සිට හග්ගල කාඳුපාමුල දක්වා වූ උද්‍යානයේ ඉහළ ඉසව්වට අප කැඳවා ගෙන ගියේය.

”මේ තියෙන්නේ 1861 වසරේ සින්කෝනා වගාව ආරම්භ කළ  ස්ථානය. අද මේ තියෙන්නේ ආදර්ශයක් ලෙස සිටවූ ගසක්, ශ්‍රී ලංකාවට ආවේනික හා උද්‍යානයට ආවේනික ගස්වැල්වලට අමතරව විදේශයෙන් ගෙන්වා සිටවූ ශාකද  ඕනෑ තරම් මේ උද්‍යානයේදී දැක ගන්න පුළුවන්. මේ මුළු උද්‍යානයම ගහ කොළවලින් පිරුණු එකක් නිසා මහත්වූ සිසිල් බවක් උද්‍යානය පුරාම තියෙනවා”.

ගසින් ගසට විස්තර කරමින් උද්‍යාන සහකාර මැද්දේගොඩ මහතා අපට ඉතා මනස්කාන්ත වූ අපුරු හැඩතලයකින් යුත් ගස් පද්ධතියක් තුළට කැඳවාගෙන ගියහ. ඒ 1883 දී සිටවූ ලොත්සුඹුල් ශාක එකතුවටය. ඉන් අනතුරුව අප නැරඹූ 1893 වසරේ දී චීනයෙන් ගෙන්වා මේ උද්‍යානයේ රෝපණය කළ කපුරු ශාක පද්ධතියද සැබැවින්ම  ගෙනදෙන්නේ මහත්වූ සුවදායක පරිසරයකි. කපුරු ගසකින් කොළ කීපයක් කඩා පොඩිකර අප නාසයට  ළංකල මැද්දේගොඩ මහතා ”දැනෙනවද කපුරු සුවඳ” සැබවින්ම දෙවියන් මුවේ දල්වන කපුරු පෙතිවල ඇති සුවඳ අප නාස්පුඩු ඔස්සේ ඇදි ගියේය. ”දැක්කද අන්න ඉන්නවා මේ නුවරඑළිය ප‍්‍රදේශයට ආවේණික කළු වඳුරෝ. අපේ උද්‍යානයේ රංචුවක් ඉන්නවා.” කළුපාට විශාල වඳුරන් කීපදෙනකු රිලවුන් රංචුවකට බයේ ගසින් ගසට පැන ගියේ ආත්ම ආරක්‍ෂාවට විය යුතුය.

1867  වසරේදී පර්යේෂණ සඳහා ඇසමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ තේ ප‍්‍රභේද සිටවූ තේ වගාවේ පුරාණය හග්ගල උද්භිද උද්‍යානයේ ඉහළ  මායිමේදී අපට දැකගත හැකිය. ඒවා අඩි 15ක් පමණ උස් ගස් බවට පත්වී ඇති අයුරු අපුරුය.

හග්ගල  උද්‍යානයේ අපූරු නිරමාණයකි. ස්වභාවික ගිරි උයන එය 1921 දී ස්ථාපිත කළ ඉතා ආකර්ශනීය සිරි ගන්වන්නකි. විවිධවූ  ගල්කුළු වලින් පිහිටි අයුරින්ම ස්ථාපිත කරන ලද ගිරි උයන උද්‍යානයට මහත්වූ ආභරණයක් වි ඇත.  උණුසුම් වු තැනක සිට වායු සමනය කළ කාමරයකට ඇතුළු වූවා ලෙස සුවයක් ගෙන දෙන මීවන උයන තුළ ඇති සිසිල හා නෙත් පිනවන පරිසරය සොබා දහමේ අපූරුව කියන්නක් වැනිය. මීවන උයන පුරාම දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සැදුනු ලයිකන් වර්ග හා විවිධ පාසි වර්ගද මීවන උයනට සැරසිල්ලක් බඳුය.

හග්ගල උද්භිද උද්‍යානයේ විශාල භූමි පරාසයක් වසාගෙන ඇති වනෝද්‍යානය තුළ ඉතා ඉහළට විහිදී ගිය දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් රූස්ස වෘක්ෂ ලතා දැක ගත හැක. එම සෑම ශාකයකම උද්භිද  විද්‍යාත්මක නාමය කුලය හා සම්භවය දක්වන නාම පුවරුද දැක ගන්නට පුළුවන.

අක්කර 68 ක් පුරා විහිද ගිය හග්ගල උද්‍යානයේ අසිරිමත් තැන් කරා ගිය අපට මැද්දේගොඩ මහතා උද්‍යානයේ ශාකාගාරයේ  දොරගුළු විවෘත කර දුන්නේය.

”මෙම ශාකාගාරයේ වසර 100ක වඩා පැරණි ශාකවල නිදර්ශන බලා ගන්න පුළුවන්. කඳුකර වනාන්තර හා කඳුකර ප‍්‍රදේශයේ ශාකවල වියළි නිදර්ශන  ශාක කුලවලට විශේෂ වලට අනුකූලව වෙන් වෙන් වශයෙන් ආරක්‍ෂිතව තැන්පත් කර තිබෙනවා. 1000ක  පමණ නිදර්ශන දැකගන්න පුළුවන්. ශාක පිළිබඳ පර්යේෂණ කරන  ඕනෑම කෙනෙකුට මේ ශාකාගාර තුළින් බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්”

මැද්දේගොඩ මහතා ඉන්පසු අප කැඳවාගෙන ගියේ උද්‍යානයේ සලකුණු ලෙස සලකන නොක් ගිම්හාන නිවාසය වෙතය. නොක් ගිම්හාන නිවහන 1904-1909 දක්වා හග්ගල උද්භිද උද්‍යානය පාලනය කළ උද්‍යාන ආරක්‍ෂක ජේ.කේ. නොක්ස් මහතා සිහිවීම පිණිස 1912 දී ඔහුගේ මිතුරන් විසින් ඉදිකළ සිහිවටනයකි.

හග්ගල උද්භිද උද්‍යානයේ අවුරුදු 150ක ඉතිහාසය තුළ 1882-1940 දක්වා නොක්ස් පවුලේ සාමාජිකයන් තිදෙනකු අවුරුදු 58ක් කාලයක් පාලනය කර තිබීම විශේෂ සිද්ධියක් කොට සැලකිය යුතුය.

1881 වසරේදී හග්ගල  සින්කෝනා වගාවේ පාලනයට පැමිණි විලියම් නොක් 1882 සිට 1904 දක්වා උද්‍යානයේ අධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත. සින්කෝනා වගාව ඇරඹූ හග්ගල උද්‍යානය උද්භිද උද්‍යානය උද්භිද උද්‍යානයක් ලෙස පරිවර්තනය කළ විලියම් නොක් 1904  ජූලි 18 වසරේ විශ‍්‍රාම ගියේ තම පුතු වු ජේ.කේ. නොක් උද්‍යාන අධිකාරි ලෙසට පත් කරය. ජේ.කේ. නොක්ට හග්ගල උද්‍යානය පාලනය  කරන්න හැකිවූයේ අවුරුදු 5 මාස 3ක් පමණි. තම පියා  සේම ජේ.කේ. නොක්ද  උද්‍යානයට ඉමහත් සේවයක් ඉටුකළ අයෙකි.

කෙටි කාලයක් උද්‍යානය පාලනය කළ ජේ.කේ. නොක් මහතා නිවාඩුවක් ගත කිරීමට බි‍්‍රතාන්‍ය බලා නැවකින් ගමන් ගනිද්දී 1909 දෙසැම්බර් 13 දින ගමන්ගත් නැව අනතුරට ලක්වීම නිසා ඒ මහතා මියගිය අතර ඔහුගේ නෑදෑ හිත මිතුරන් නොක් මහතා සිහිවීම පිණිස මෙම ගිම්හාන  නිවෙස  1912දී ඉදිකළ බවට ගිම්හාන නිවහන තුළ පිහිටි සිහිවටන  ඵලය අපට කරුණු කියයි. මේ අපූරු මිනිසා භාවිත කළ හිස් වැසුම අදද හග්ගල උද්‍යානයේ ඇති අපූරු මතක සලකුණකි.

හග්ගල උද්‍යානයේ අසිරිමත් තැන් ස්පර්ශ කරමින් අප මැද්දේගොඩ මහතා සමග රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හා ව්‍යාප්තිය, රෝස උයන පැළ විකුණුම්  හල බල්බ උයන හා මධ්‍යම පොකුණ ආදි දැන් කෙරෙහිද නෙත් යොමු කළෙමු.

අක්කර 68ක් තුළ ඉතා අරපරිස්සමින් හෝරා කීපයක් ඇවිද අවුරුදු 150ක් සපිරි හග්ගල උද්‍යානයේ අසිරිය සොයා ගිය අප ඉස්පහසුවක් ගනිද්දී වර්තමාන හග්ගල උද්‍යාන සංරක්‍ෂක එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා උද්‍යානයේ කුඩා කාර්යාලයේදී අපට හමුවිය.

අපේ මේ උද්‍යානය තුළ ශාක 20,000ක් පමණ පවතින අතර ඒවා දේශීය විදේශීය හා ආවේණික වශයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණද අප උද්‍යානයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා ඒ නිසාමයි උද්‍යානයේ වටිනාකම ගොඩනැගෙන්නේ. 1860 සිට මේ උද්‍යානය භාරව පාලකයන් ලෙස 19 දෙනකු කටයුතු කර තිබෙනවා. ඒ අතර මේ උද්‍යානයේ 1984-1989 දක්වා උද්‍යානයේ සංරක්‍ෂක වශයෙන් කටයුතු කළ අචාර්ය ඞී.එස්.ඒ. විජේසුන්දර මහතා අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් මේ උද්‍යානය සංවර්ධනය කිරීමට අපට නිතරම අතහිත දී කටයුතු  කිරීම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

අවුරුදු 30ක් රට තුළ තිබූ යුද්ධය අවසන්වීමත් සමඟ අති විශාල පිරිසක් උද්‍යානය බලන්න එනවා. 2011 වසරේ නොවැම්බර් මස අවසානය වනවිට උද්‍යානය නැරඹූ පිරිස 460.000ක් පමණ වෙනවා. විදේශිකයන් 10,000ක් පමණ මේ වසරේදී අපේ උද්‍යානයට පැමිණ තිබෙනවා.

අද වනවිට අපේ උද්‍යානයට දැඩි ලෙස බලපාන ප‍්‍රශ්නයක් තමයි රිලවුන්ගෙන්  මතුවී ඇති ගැටලූව. ඒ විතරක් නොවේ. ගෝන්නු, ඌරෝ ශාකවලට හානි කරනවා. ඒ නිසා උද්‍යානයට ආරක්‍ෂිත  වැටක අවශ්‍යතාවයක්  තිබෙනවා. උද්‍යානයේ තිබෙන සංචාරක විවේකාගාර මදි ඇතැම් විට බස්රථ 10-12 පිරිස් උද්‍යානයට ඇතුල් වෙනවා. සමහර විට වර්ෂාව ඇදහැලූනම මේ එන පිරිසට වැස්සෙන් බේරී ඉන්න තැනක් නැහැ. දවල් ආහාර ගන්න සුදුසු ස්ථානයක් නැහැ. ඒ පිළිබඳ විවිධ පැමිණිලි අපට ලැබෙනවා. අදට වඩා හොඳ වැසිකිළි හා කැසිකිළි පද්ධතියක අවශ්‍යතාවයක් මතුවී තිබෙනවා. විශේෂයෙන් විදේශ සංචාරකයෝ නිතර ඒ පිළිබඳව අපට පැමිණිලි ඉදිරිපත් කරනවා. උද්‍යානයේ  පිවිසුමේ සිට කිලෝ මීටරයක් පමණ ඇතුළට  මාර්ගය කාපට් ඇතිරීම් කළ යුතුයි.

අප උද්‍යානයේ මුළු කාර්ය මණ්ඩලය 78 දෙනකු පමණයි සිටින්නේ. අක්කර 68ක උද්‍යානය රැකබලා ගැනීමට උපරිම අයුරින් අපේ කණ්ඩායම සේවය කරනවා. ඒත් උද්‍යානය නැරඹීමට එන ඇතැම් අය ඉතා නොසැලිකිල්ලකින් ගහ කොලට හානි කරන අවස්ථා තිබෙනවා. එසේ නොකරන ලෙස අපි ඉතා වගකීමෙන් ඉල්ලීමක්  කරනවා. අවුරුදු 150ක් පැරණි මේ උද්‍යානය අපේ රටේ මහඟු දායාදයක් ලෙස සලකන්න  ඕනි. ඒ නිසා උද්‍යානය තුළ හැසිරීම හා උද්‍යානයට  ගෙන එන පොලිතින් හා පාවිච්චි කළ ඉවත දමන දේ යළිත් ඒ එන සංචාරකයින් රැගෙන යනවානම් වටිනවා”

මෙම හග්ගල උද්භිද උද්‍යානයට වසර 150ක් පිරෙන මේ මොහොතේදී සමරු සටහනක් ලෙස එදා සිට මේ දක්වා උද්‍යානය පාලනය කළ අය පිළිබඳ කරුණු ගෙනහැර දැක්විය යුතුමය. 1860-1866 දක්වා ඩබ්. මැක්නිකෝල්, 1868-1881 දක්වා ඊ.ජේ. ක්වෙයිට්ස්, 1882-1904 දක්වා ඩබ්. නොක්, 1094-1909 දක්වා ජේ.කේ. නොක්, 1911-1940 දක්වා ජේ.ජේ. නොක්, 1940-1947 දක්වා ඊ. පෙරේරා, 1947x1956 දක්වා ඞී.එන්.ඩබ්. රණසිංහ හා ජෝර්ඞ් රණසිංහ, 1956-1960 දක්වා ඞී.ටී. ඒකනායක,

1960-1971 දක්වා එස්.බී. තෙන්නකෝන්, 1971-1976 දක්වා රාජා අත්තනායක, 1976-1979 දක්වා ඞී.බී. සුමිත‍්‍රආරච්චි, 1979-1980 දක්වා ඒ.එම්. අබේරත්න, 1980-1982 දක්වා ඩි.එස්.ඒ. විජේසුන්දර 1982-1984 දක්වා ඞී.එම්.යු.බී. ධනසේකර,  1984-1989 දක්වා ඞී.එස්.ඒ. විජේසුන්දර, 1989-1991 ඩි.එම්.යු.බී. ධනසේකර, 1991 අපේ‍්‍රල් 1991-1991 නොවැම්බර් දක්වා කේ.එන්. යාපා, 1991-1995 දක්වා ඞී.එච්.පී. පෙරමුණගම, 1995-2003 දක්වා  කේ.එන්. යාපා යන මහතුන් වේ.

ඡායාරූප සහ සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Feb 2016 01:28 AM
ඉතා වටිනා ලිපියක්.. මම නොදන්නා තොරතුරු රාශියක් තියෙනවා..
ස්තූතියි අයියේ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 01:37 AM
මේ රූපය සොයන්නකෝ...
රත්නපුර නගරය ආසන්නයේ තියෙන දිය ඇල්ලක්...

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:45 AM
කොහෙද ඈත්තටම මේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 03:03 AM
අයියෝ සිම්පල් ...
බෝ පත් ඇල්ල
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 May 2016 03:07 AM
ස්තූතියි ඉන්දික අයියගේ ත්‍රෙඩ් එක ආයෙත් පටන් ගත්තට.

එලෙවෙල් කරන කාලේ මේ බෝ කොලේ නැට්ට ලගටම බඩ ගාල තියෙනව මම යාළුවොත් එක්ක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 03:10 AM
නිශ්ශංකමල්ල රජ දවස ඉදි වූවක් සේ සලකන මෙය හදුනා ගන්න ....
කොහෙද තියෙන්නේ ?

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 03:16 AM
Posted By maduranga001 on 11 May 2016 03:07 AM
ස්තූතියි ඉන්දික අයියගේ ත්‍රෙඩ් එක ආයෙත් පටන් ගත්තට.

එලෙවෙල් කරන කාලේ මේ බෝ කොලේ නැට්ට ලගටම බඩ ගාල තියෙනව මම යාළුවොත් එක්ක.

අපි A /L  කරද්දීත් ගියා  දවස් දෙකක ට්‍රිප් එකක් ....

එතනින් සිංහරාජෙට ..

රෑ සිංහරාජේ හිටියේ ...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 03:34 AM
Posted By Poddi on 11 May 2016 03:03 AM
අයියෝ සිම්පල් ...
බෝ පත් ඇල්ල


පොඩ්ඩිගේ පිළිතුර නිවැරදියි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 03:35 AM
බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.

මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.

බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.

තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 03:58 AM
Posted By indika76 on 11 May 2016 03:35 AM
බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.

මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.

බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.

තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.

එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.

ස්තුතියි අයියේ වැඩිදුර විස්තර වලට .

මම දාපු පින්තුරෙත්  හදුනා ගන්නකො
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 May 2016 04:19 AM
Posted By Poddi on 11 May 2016 03:10 AM
නිශ්ශංකමල්ල රජ දවස ඉදි වූවක් සේ සලකන මෙය හදුනා ගන්න ....
කොහෙද තියෙන්නේ ?

මේ තියෙන්නේ පොළොන්නරුව වටදාගෙය. අටදාගෙයට සහ හැටදාගෙය ට මුහුණලා තමයි මෙය තියෙන්නේ..



0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 May 2016 12:13 AM
Posted By indika76 on 11 May 2016 04:19 AM
Posted By Poddi on 11 May 2016 03:10 AM
නිශ්ශංකමල්ල රජ දවස ඉදි වූවක් සේ සලකන මෙය හදුනා ගන්න ....
කොහෙද තියෙන්නේ ?

මේ තියෙන්නේ පොළොන්නරුව වටදාගෙය. අටදාගෙයට සහ හැටදාගෙය ට මුහුණලා තමයි මෙය තියෙන්නේ..



oyaa hari aiye
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 May 2016 12:21 AM
පොළොන්නරුව වටදාගෙය............



පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන ලද පොළොන්නරු වටදාගෙය හෙළ කළා කරුවන්ගේ කලා කෞශල්‍ය මැනවින් නිරූපණය කරයි. මහාචාර්ය එච් සී පී බෙල් මහතාගේ මතයට අනුව පොළොන්නරු වටදාගෙය බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම නිර්මාණය බව සැලකේ. එසේම පොළොන්නරු යුගයට අයත් කලාත්මකම සඳකඩ පහණ ද දැකගත හැකි වනුයේ පොළොන්නරු වටදාගෙය අභියසදී වේ.මෙම වටදාගෙයි ඇති ගල් කුළුනු සංඛ්‍යාව වනුයේ 32 කි. ගල් කුළුණු වට 4 කින් යුක්ත වන අතරම එක් වටයක් සඳහා ගල් කුළුණු 8 ක් බැගින් යොදා ඇත.එම ගල් කුළුණු වල ශීර්ෂයෝ කැටයම් කර තිබෙනු දක්නට ලැබේ. පොළොන්නරු වටදාගෙයෙහි සතර දිශාවට මුහුණ ලා සමාධි මුද්‍රාවෙන් වැඩහිඳින බුද්ධ ප්‍රතිමා සතරක් ද නිර්මාණය කර තිබීම මෙම වටදාගෙයෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයකි.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 May 2016 01:07 AM
තොරතුරුවලට ස්තූතියි නංගී...
0
You are not authorized to post a reply.
Page 14 of 20 << < 1213141516 > >>