Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by samantha රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 20 << < 1314151617 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 12 May 2016 06:51 AM වටදාගෙයට විස්තරයකුත් නංගිගෙන්.ස්තූතියි. 0 samanthaMost Senior MemberPosts:13194 12 May 2016 07:04 AM කෝ දැන් ඊලඟ රූපය. 0 indika76Most Senior MemberPosts:10457 12 May 2016 08:38 PM මේ කුළුණ මොකක්ද කියලා කියන්නකෝ.. තියෙන්නේ කඩුගන්නාව නගරය ආසන්නයේ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 12 May 2016 08:44 PM ඩොසන් 0 samanthaMost Senior MemberPosts:13194 12 May 2016 08:59 PM කපිතාන් ඩෝසන් සිහිකරනු වස් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට බ්‍රිතාන්‍ය ලංකාව වූ ශ්‍රී ලංකාවේ කොළඹ-මහනුවර මාර්ගයේ කඩුගන්නාව පිහිටි කපොල්ල ආසන්නයෙන් ඉදිකොට තිබෙන සුදු ස්මාරක කණුව ඩෝසන් කුළුණ ලෙස හඳුන්වයි 0 samanthaMost Senior MemberPosts:13194 12 May 2016 09:01 PM බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදිකල මුල්ම මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මාර්ගයේ වැඩ කටයුතු 1820 වර්ෂයේදී අරඹන ලදී. එම මාර්ගයේ වරකාපොල සිට අඹන්පිටිය දක්වා වූ සැතපුම් 11 ක් පමණ දුර ප්‍රමාණයක ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ (Thomas Skinner) අධීක්ෂණය යටතේද, මාර්ගයේ ඉතිරි සම්පූර්ණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේද සිදුකිරීමට නියමිතව තිබුණි. මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියත් අවාසනාවකට මෙන් එය සම්පූර්ණ කිරීමට පෙර, කැප්ටන් ඩෝසන් හදිසියේ අසනීප වීම නිසා ඔහුට ප්‍රතිකාර කරනු පිණිස කොළඹට රැගෙන යන ලදී. කෙසේ වූවත් 1829 මාර්තු 28 වැනි දින කොළඹදී කැප්ටන් ඩෝසන් අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කල යුතු යැයි සිතූ ඔහුගේ මිතුරෝ පිරිසක්, ඊට අදාල යෝජනාවක් එවක ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විට නික්ම ගොස් සිටියත්, ඉන් පසුව පැමිණි සර් රොබට් හොර්ටන් (Sir Robert Horton) ආණ්ඩුකාරවරයා, කැප්ටන් ඩෝසන් විසින් සිදු කරන ලද වටිනා සේවය දැකහඳුනාගනිමින්, ඉදිරිපත් කරන ලද එම යෝජනාවට සිය අනුමැතිය ලබා දෙන ලදී. මේ අනූව වැඩකටයුතු සිද්ධවෙමින්, කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ඉදිකරනා ස්මාරකය, කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව පිහිටුවීමට සැලසුම් කල අතර ඊට මුල් ගල තැබීම, එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කරනු වස් ලන්ඩනයේ හයිඩ් පාක්හී තැනූ කුළුණට මුල් ගල තැබූ දිනයේම සිදු කරන ලදී. ඉදිකර නිමකරනු ලැබූ ඩෝසන් කුළුණෙහි උස, ලන්ඩන් වෙලින්ටන් කුළුණේ උසට (අඩි 200) සමානවම තනා ඇති බැව් සඳහන් වෙයි 0 samanthaMost Senior MemberPosts:13194 12 May 2016 09:03 PM ළබැඳියකු වෙනුවෙන් ඉදි වූ කැප්ටන් ඩෝසන් කුලුන කොළඹ සිට නුවර බලා ගමන් කරන්නකුට කඩුගන්නාව දුර්ගය පසුකරනවාත් සමඟම මාර්ගයේ වම්පසට වන්නට අහස උසට විහිදුණු සුදු උස කුලුනක් නෙත ගැටෙනු නිසැකය. එය බොහෝ දෙනා හඳුන්වනුයේ ‘ඩෝසන් කුලුන’ යන නමිනි. අඩි 200ක් තරම් ඉහළට එසවී දුක්බර ඓතිහාසික පුරාවෘත්තයක් නිහඬ මුවින් යුගයෙන් යුගයට කියාපාන මෙම කුලුන ඉදිවූයේ සුදු අධිරදයේ තරුණ රාජකීය ඉංජිනේරුවකු වු කපිතාන් විලියම් ෆ‍්‍රැන්ඩ්ස් ඩෝසන් සිහිකරනු සඳහාය. ඉතා තුරුණු වියේදීම මෙරට දී, තම ජීවිතය හැර ගිය ඉතා සුපසන් මිනිසකු වු නිසාම ඔහු වෙනුවෙන් මෙම ස්මාරකය ගොඩනැඟුණු අතර තවමත් එය කඩුගන්නාව ගිරිදුර්ගයට ඔබ්බෙන් අපට දර්ශනය වේ. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට මුළුමනින්ම පාහේ අත්පත්වීමෙන් අනතුරුව කොළඹ සහ මහනුවර අතර සමීප සබඳතා පැවැත්වීමට ඉංග්‍රීසින්ට වුවමනා විය. ඒ යුද හමුදාවට මෙන්ම ප්‍රභූන්ටද මහනුවර සහ කොළඹ අතර යාම් ඊම් නිරන්තරයෙන්ම සිදුවූ නිසාය. එවකට සිරිලක අාණ්ඩුකාර පදවිය හෙබ වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් මේ සඳහා උපක්‍රමයක් යොදා ගැනීමට කල්පනා කළේ කොළඹ සිට මහනුවර බලා මහාමාර්ගයක් තැනීමට කටයුතු කිරීමය. එයට පෙර මහනුවරට යාමට යොදාගත් පැරැණි මාර්ගය නිසා ඉතා දුෂ්කර මෙන්ම දීර්ඝ කාලයක් ගතවු එකක් විය. කැලණි නිම්නය හරහා රුවන්වැල්ල ඔස්සේ මාඔය නදී තීරය දිගේ ගම්පොළට පැමිණ ඉන්පසු මහනුවර ළඟාවීමට හැකියාව තිබිණි. කෙසේ වූවද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා කොළඹ සිට මහනුවර බලා යාමට මහාමාර්ගයක් තැනීමේ ඉතා භාරදූර කර්තව්‍යය පැවරුණේ රාජකීය ඉංජිනේරු මේජර් ස්කිනර්ට හා ඔහුගේ සහායක කපිතාන් ඩෝසන්ටය. මහාමාර්ග තැනීමේ ශ්‍රේෂ්ඨයකු ලෙස පිළිගැනුණු මේජර් ස්කිනර්ට මෙය භාර කෙරුණද ඉන්පසු මෙම වගකීම මුළුමනින්ම දැරීමට සිදුවුයේ කපිතාන් ඩෝසන්ටය. ඉතා සුහදශීලී ප්‍රියමනාප කාගේත් ගෞරවයට පාත්‍ර වු තරුණ කපිතාන්වරයකු වු විලියම් ඩෝසන් ඇතුළු පිරිස මෙම දුෂ්කර වනාන්තර කඳු හෙල් මිටියාවත් ගංඟා තරණය කරමින් මහා මාර්ගය ඉක්මනින් තනා අවසන් කිරීමේ අපේක්ෂාවෙන් මෙහි මිනුම් කටයුතු සිදුකිරීමට පටන් ගත්හ. එයද ඉතා දුෂ්කර කටයුත්තක්ම විය. වඩාත්ම දුෂ්කර බාධකය වූයේ වන සිවුපාවුන්ගෙන් හා විසකුරු නාගයන් වැනි උරග සතුන්ය. ක්‍රි.ව.1820 දී මෙම මාර්ගයේ තැනීමේ කටයුතු ආරම්භ කළ අතර එය ඉංග්‍රීසින් විසින් මෙරට තැනූ මුල්ම මහා මාර්ගය ලෙසද ඉතිහාසයට එක්විය. කෙසේ වුවද තමන්ට පැවරූ කාර්ය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කිරීමත්, අධික උණුසුම් දේශගුණයත් ඔරොත්තු නොදීමත් මානසික ආතතියත් යන හේතු නිසා පිරිහී ගිය සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පාර තැනීමේ කටයුතුවල යෙදී සිටියදීම කපිතාන් ඩෝසන් තදබල ලෙස රෝගාතුර වූවේය. තදබල ලෙස රෝගාතුර වීම නිසාම කොළඹට රැගෙන ආවද සුවනොවීම නිසාම 1829 මාර්තු මාසයේ දිනක් කැප්ටන් ඩෝසන් සදහටම තම හිතවතුන්ගෙන් සමුගෙන දෙනෙත් පියා ගත්තේය.පසු කලෙක කොළඹ මහනුවර මහාමාර්ගය 1832 වසරේදී විවෘත වු නමුත් එම විජයග්‍රාහී අවස්ථාව සියැසින් නැරඹීම සඳහා කපිතාන් විලියම් ෆ‍්‍රැන්සිස් ඩෝසන් මෙලොව සිටියේ නැත. මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇරඹුණද කාලයත් සමඟම කපිතාන් ඩෝසන්ගේ හිතමිතුරන්ට ඔහුගේ මිතුදම අමතකව ගියේ නැත. තමන් සමඟ එකට වැඩ කළ හිතවතුන් හා මිතුරන්ගේ පරිත්‍යාගයන් එක්කොට කඩුගන්නාවේ ‘ගලවිදපු’ තැනට නුදුරින් තම හිතවතා සිහිවීම පිණිස අඩි 200 ක උසින් යුතු යෝධ සමරු කුලුනක් ඉදිකළහ. 1815 දී ප්‍රංශ අධිරාජ්‍යා වූ නැපෝලියන් ‘වෝටර් ලු’ සටනින් පරාජය කළේ වෙලින්ටන් ආධිපාදවරයා විසිනි. එය සිහිගැන්වීම උදෙසා ලන්ඩනයේ හයිඩ්පාක් හි අඩි 200 ක් යුතු කුලුනක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ දිනම කපිතාන් ඩෝසන් සිහිවීම පිණිස මෙම කුලුනට ද මුල්ගල තැබීම විශේෂයකි. එහෙත් එය සිදුවුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් නොවුණද කුලුනට මුල්ගල තැබුණේ එවකට ආණ්ඩුකාර රොබට් හෝර්ටන් විසිනි. දිගු ඉතිහාසයක් නොකියූ මුවින් සඟවාගෙන කොළඹ නුවර මහා මාර්ගය අදත් නිහඬව වැතිර සිටින්නේ අනාගතයට අරුණලු විහිදුවාලමිනි. ඒ අතර, සිංහලයේ අවසන් රජු සමය දක්වාම සතුරන් එනමඟ විමසිලිමත්ව රැක සිටි බලන කපොල්ල අසල ගලවිද බිම්ගෙයක් තැනූ ඩෝසන් එම විශ්මකර්මය කළේ මහාමාර්ගය තැනීමටය. එම ස්ථානයේ මාර්ගය තැනීම කරගෙන යාමේදී විශාල වශයෙන් නාගයින්ගෙන් හිරිහැර වු බව අසන්නට ඇත. එම නිසාම නාගයින් බොහෝ ගණනක් මරා දැමීමට සිදුවූ බවද පැවැසේ. කැප්ටන් ඩෝසන් මරුමුවට පත්වුයේ ද නාගයකු දෂ්ට කිරීමෙන් බවද තවත් මුලාශ්‍රයක සඳහන් වේ. නන්දි අලුත්ගේ රත්නවීර . 0 indika76Most Senior MemberPosts:10457 13 May 2016 11:19 PM සමන්ත අයියා සම්පූර්ණ විස්තරයම දාලා තියෙන්නේ... ස්තූතියි අයියේ.. 0 PoddiVeteran MemberPosts:2100 13 May 2016 11:51 PM මේ පන්සල අදුරනවද බලන්න 0 samanthaMost Senior MemberPosts:13194 14 May 2016 12:11 AM අම්බුළුවාව නේද? 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 12:18 AM ambuluwawa neweyi 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 12:18 AM අම්බුළු පන්සල මේ තියෙන්නේ... 0 samanthaMost Senior MemberPosts:13194 14 May 2016 10:06 PM මට වැරදුණා. 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 10:16 PM hmmm 0 indika76Most Senior MemberPosts:10457 16 May 2016 01:44 AM Posted By Poddi on 13 May 2016 11:51 PM මේ පන්සල අදුරනවද බලන්න මේ තියෙන්නේ දිඹුලාගල රජමහා විහාරය... 0 samanthaMost Senior MemberPosts:13194 16 May 2016 09:01 PM කෝ මේ පොඩ්ඩී... 0 PoddiVeteran MemberPosts:2100 24 Jul 2016 02:43 AM මෙන්න ඊළඟ රූපය. 0 PoddiVeteran MemberPosts:2100 24 Jul 2016 02:51 AM Posted By indika76 on 16 May 2016 01:44 AM Posted By Poddi on 13 May 2016 11:51 PM මේ පන්සල අදුරනවද බලන්න මේ තියෙන්නේ දිඹුලාගල රජමහා විහාරය... දිබුලාගල හරි 0 samanthaMost Senior MemberPosts:13194 24 Jul 2016 11:15 AM මේ ගැන පොඩි හැඳිවීමක් කරන්න පොඩ්ඩී.. 0 PoddiVeteran MemberPosts:2100 20 Sep 2016 04:19 AM Yapahuwa thamayi 0 You are not authorized to post a reply. Page 15 of 20 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies