You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 20 << < 56789 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Dec 2015 06:37 PM
මේ රූපය සොයන්න බලන්න (ටිකක් අමාරුවෙයි ද දන්නේ නෑ)
මේක තියෙන්නේ පොළොන්නරුවේ.. ඉහත දාගැබ හා සම්බන්ධයකුත් තියෙනවා..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Dec 2015 07:03 PM
තුපාරාම
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Dec 2015 08:11 PM
Posted By Rosi on 02 Dec 2015 07:03 PM
තුපාරාම

නංගී නියමයිනේ. ථූපාරමය තමයි.

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Dec 2015 08:13 PM
... පොළොන්නරුව ථූපාරාමය ...
මෙම පිළිම ගෙය ඉදිකරවන ලද්දේ 1වන විජයබාහු රජු විසින් යැයි මතයක් පවතී. දළදා මළුවෙහි වම් කෙළවරේ මෙම විහාරය පිහිටා ඇත.
මෙහි වහලය නිම කොට ඇත්තේ ගඩොලින්මය. විහාරය ඇතුලත හුණුගලින් නිමකළ බුද්ධ ප්‍රතිමා 8ක් දක්නට ඇත.
මෙම විහාරයෙහි දිග අඩ් 84 අඟල් 6ක්ද පළල අඩ් 56 අඟල් 2ක්ද වේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Dec 2015 08:22 PM
ථුපාරාම පිළිම ගේ, ථුපාරාම ගෙඩිගේ කියලත් කියනවද..? දැනගන්න අහන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Dec 2015 09:16 PM
Posted By maduranga001 on 02 Dec 2015 08:22 PM
ථුපාරාම පිළිම ගේ, ථුපාරාම ගෙඩිගේ කියලත් කියනවද..? දැනගන්න අහන්නේ..

ඔව් මල්ලි ගෙඩිගේ කියලත් කියනවා. ඒ කියන්නේ මේක ගෙඩිගේ සම්ප්‍රදාය අනුව හැදුව ගොඩනැගිල්ලක්..

ඒ කියන්නේ ගොඩනැගිල්ලේ වහලයට තිබෙන්නෙත් ගඩොල්. ආරුක්කුවක් හැඩයට මෙහි වහලය නිර්මාණය කරලා තියෙනවා.

ථූපාරාම ගෙඩිගේ වගේම නාලන්ද ගෙඩිගේත් ප්‍රසිද්ධ ස්ථානයක්..

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Dec 2015 09:23 PM
දැන් කස්ටියගේ දැනුම නියමයි. ඉන්දික මල්ලීගේ මේ ත්‍රෙඩ් එක සෑහෙන්න වැදගත් ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Dec 2015 07:15 AM
Visthara walata nam godak sthuthi
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
03 Dec 2015 08:23 AM
Posted By indika76 on 02 Dec 2015 09:16 PM
Posted By maduranga001 on 02 Dec 2015 08:22 PM
ථුපාරාම පිළිම ගේ, ථුපාරාම ගෙඩිගේ කියලත් කියනවද..? දැනගන්න අහන්නේ..

ඔව් මල්ලි ගෙඩිගේ කියලත් කියනවා. ඒ කියන්නේ මේක ගෙඩිගේ සම්ප්‍රදාය අනුව හැදුව ගොඩනැගිල්ලක්..

ඒ කියන්නේ ගොඩනැගිල්ලේ වහලයට තිබෙන්නෙත් ගඩොල්. ආරුක්කුවක් හැඩයට මෙහි වහලය නිර්මාණය කරලා තියෙනවා.

ථූපාරාම ගෙඩිගේ වගේම නාලන්ද ගෙඩිගේත් ප්‍රසිද්ධ ස්ථානයක්..


පැහැදිළි කරලා දුන්නට ගොඩක් ස්තුතියි 76 අයියේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Dec 2015 02:52 AM
මෙන්න් ඊළග රූපය...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Dec 2015 03:29 AM
Posted By indika76 on 04 Dec 2015 02:52 AM
මෙන්න් ඊළග රූපය...
කැළණිය  රජ මහ  විහාරය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Dec 2015 03:35 AM
"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ.."
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Dec 2015 04:33 AM
... කැළණිය රජ මහ විහාරය ...
බුදුන් වහන්සේ සම්‍යක් සම්‍බෝධි‍‍යෙන් අටවෙනි වසර වෙසක් පුර පොහෝ දින නාග සමූහයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් මණිඅක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් ලංකාවට වැඩිසේක.

එසේ වැඩ උන්වහන්සේ කැළණි ග‍ඟේ ජල ස්නානය කර මණිඅක්ඛිත නා රජුගේ ආයාචනයෙන් ගඟේ රැළිත් මුවාවෙන තැන ගං පතුලේ ශ්‍රී පාදලාංඡනය තබා අනතුරුව මණිඅක්ඛිත නා රජු ඇතුළු නාග සමූහයන් විසින් වැද අයදින ලද ඒ ශාස්තෘන් වහන්සේ මණි මණ්ඩපය ට වැඩි සේක.

බුදු රදුන් ඇතුළු මහ තෙරුන් වහන්සේලා සමඟ වැඩ හිද දහම් දෙසූ තැන උන්වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට තැනූ සෑය කැළණි චෛත්‍යය යි.මේ සෑය මුලින්ම කුඩාවට බැන්දේ මණි අක්ඛිත නා රජු විසිනි.ඉන්පසු ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී යථාලතිස්ස රජු විසින් සැටරියනක් උසට ඉදිකරන ලදී.

කැළණි විහාරයේ නිර්මාතෘවරයා මණි අක්ඛිත නා රජුය.ඉන්පසු මායා රට රජ කළ උත්තිය කුමරු කැළණි විහාරය අලුත් වැඩියා කරන ලදී.මහා නාග කුමරුගේ පුත් ය‍ටාලතිස්සයන් ද කැළණි විහාරයට දැක්වූයේ නොමද ගෞරවයකි.එබැවින් එහි පස් මහල් ප්‍රාසාදයක් ඉදිවිය.කැළණි විහාරයේ පෝය ගෙයක් ඉදි කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි:ව 3 වන සියවසේදී රජ කළ කනිට්ඨතිස්ස රජුට ය.


පොලොන්නරුව රජ කළ පරාක්‍රමබාහු රජතුමා එක් යුධ කඳවුරක් කැළණියේ පැවැත්වූ බව කියවේ.නිශ්ශංකමල්ල රජු ද කැළණිය වැඳ පුදා ගැනීමට පැමිණි බව සෙල්ලිපි වල සඳහන් ‍ය.මාඝ නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙන් රට බේරාගත් තෙවන විජයබාහු කැළණි විහාරය දියුණු කිරීමට පියවර ගත් බව මහාවංශයේ සඳහන් වේ.විජයබාහු රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු කුමරුන් දිනපතා පහන් පූජා කිරීමට කැළණි විහාරයට මහා පොල් උයනක් කරවා විහාරයට පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ.

එළු බෝධිවංශය නිකාය සංග්‍රහය වාගේ පොත් ලියවුණේ කැළණියේ වැඩ සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා විසිනි.හයවන පරාක්‍රමබාහු රජු විසින් බුරුම රටට උපසම්පදාව මෙන්ම සිංහල සාහිත්‍යයේ පෝෂණය සඳහා ද කැළණි විහාර භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වෙයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Dec 2015 06:27 AM
කැලණිය නේද මේ සැරේ ... ස්තුති මේ විස්තර වලටත් අයියා .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2015 07:29 AM
මෙන්න ඊළග රූපය .. බදුල්ල දිස්ත්‍රික්කයෙන්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Dec 2015 08:50 AM
Posted By indika76 on 06 Dec 2015 07:29 AM
මෙන්න ඊළග රූපය .. බදුල්ල දිස්ත්‍රික්කයෙන්...
මුතියංගණ  රජ මහා විහාරය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2015 10:51 AM
සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි..

... මුතියංගන සෑ රදුන් ...
සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම ප්‍රශ්නකාරී වෙයි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි. බෝධි වංශයේ ද එය එසේමය. ධාතු වංශයේ දී ද මුතියංගනය පිළිබඳව නො කියැ වෙයි. එහෙත් මෙම ඉතිහාස ග්‍රන්ථයන්ට වඩා පැරැණි වූ සමන්තපාසාදිකා වෙහි සදහන් වන්නේ මෙසේය. “සම්බුදුහු මෙදුවට ධරමාන කාලයෙ මැ තෙවරක් වැඩියහ. තෙවන වර පන්සියයක් මහණ පිරිවර ඇති වැ අවුත් මහා චෛත්‍යස්ථානයේ ද ථූපාරාම චෛත්‍ය ස්ථානයේ ද මහා බෝධි ප්‍රතිෂ්ඨිතස්ථානයේ ද මුතියංගන චෛත්‍යස්ථානයේ ද දීඝාවාපි චෛත්‍යස්ථානයේ ද කල්‍යාණී චෛත්‍යස්ථානයේ ද නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක”.

මේ අනුව මුතියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ ද සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස හඳුනා ගත හැකි වෙයි. සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී මෙම ස්ථානයට වඩින විට මෙම ප්‍රදේශය ජනාවාසයක්ව පැවැති බව කියැ වෙයි. පෙර යක්‍ෂ ගෝත්‍රය විසූ බිම්තැනි ප්‍රදේශයටම අයත්ව තිබූ මුතියංගනය සම්බුදු දහමේ පහසින් ආලෝකය ලද පූජනීය වූ පුද බිමකි.

එසේම ලාංකේය බෞද්ධ ඉතිහාස කතාව පිරික්සීමේදී මව්බිමේ සද්ධාවන්ත බෞද්ධයින්ට විශේෂිත වූ පුදබිම් නිර්ණය කිරීමේ දී විහාරස්ථානයක වටිනාකම් තක්සේරු කිරීමට, එහි ඇති චෛත්‍යය, බෝධීන් වහන්සේ, විහාර මන්දිර ආදී අංගයන්ගේ ඉපැරණි බව ඒවායේ විශේෂතා, ආදිය ද සැළකිල්ලට භාජනය වෙයි. විහාරස්ථානයක, පුද බිමක, අෂ්ටඵල දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය වී ඇතිනම් එම පුදබිමෙහි පූජනීයත්වය තව තවත් වර්ධනය වේ. ඓතිහාසික වටිනාකම ද වැඩිවේ.

මෙම මුතියංගන පුද බිමෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බව කියැ වෙයි. ලංකාව පුරා ඇති විහාරස්ථාන අති බහුතරයක් අතර එවන් වූ ස්ථානයන් ඇත්තේ තිස් දෙකක් පමණක් වීම එහි ඇති විශේෂයයි.

බෞද්ධාගම, බෞද්ධ ආකල්ප, මෙම දිවයිනේ සතර දිග් භාගය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මෙසේ දෙතිස්ඵල රුහ බෝධීන් රෝපණය කර ඇත. ඉන් අපේක්‍ෂා කළේ බුද්ධාගම දීප ව්‍යාප්ත කිරීම ය. ඒ සඳහා සුවිශේෂී වූ පිවිතුරු බිම් තෝරාගෙන එයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය.

මේ අනුව ක්‍රි.පූර්ව තුන්වන සියවසේ දී මෙහි සර්වඥ ධාතූන් නිධන්කර දේවානම්පියතිස්ස රජතුමා විසින් මුතියංගන මහා සෑය කළ බව ථූපවංශය ආදී වංශ කතා වලට අනුව සනාථ කරගත හැකි වෙයි. පසුව ජෙට්ඨතිස්ස රජතුමා එම ස්තූපය තවත් විශාල කර බන්ධවා ඇත. පසු කලෙක සතුරු ආක්‍රමණයන්ගෙන් විනාශ වීම් වලට විහාරස්ථානය බඳුන් වී තිබේ. එය දෙවන රාජසිංහ වැනි රජවරුන්ගේ අනුග්‍රහයෙන් අලුත්වැඩියා කළ බවද සඳහන් වෙයි.

ජනප්‍රවාදයට අනුව මුතියංගන පුදබිම එ දවස රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බව විශ්වාස කෙරෙයි. බෞද්ධ ඉතිහාස කතාව හා දක්වන සම්බන්ධතාවය නිසා මුතියංගනය රජමහා විහාරය ලංකාවේ සිද්ධස්ථාන අතර ප්‍රධාන සිද්ධස්ථානයකි. ඌව පළාතේ විහාරස්ථානයන් අතර මෙය දෙවැනි වන්නේ මහියංගනයට පමණි. ගිරි මේඛලාවකින් වටවූ සොභාව සෞන්දර්යයෙන් සපිරි බදුලු පුරවරයේ සොඳුරු පරිසරය සැදැහැති ලකුණෙන් පහන් කරවීමට මේ ඓතිහාසික මුතියංගන මහා සෑ රදුන් සමන් වී සිටියි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Dec 2015 03:06 PM
sthuthi thorathuru walata..math methanata gihin thiyenwa.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Dec 2015 08:28 PM
ඉන්දික මේ ගැන විස්තරයකුත් හොයා ගෙනම එන එක තමයි මේකෙ තියෙන වැදගත්ම දේ .. 
ගුඩ් වර්ක් මචෝ ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Dec 2015 09:14 PM
මෙන්න ඊලග රූපය...

මේකේ පෙම්වතුන්ට සම්බන්ධ රූපයක් තියෙනවා.. (ඒක තියෙන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලත) ඒක දුටුවානම් කට්ටිය ටක් ගාලා කියවි..
0
You are not authorized to post a reply.
Page 7 of 20 << < 56789 > >>