You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Mar 2016 02:01 AM by  sha733
අතීතයෙන් කතාවක්...
 47 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 03:34 PM
  •  Quote
  •  Reply

උළුවහු තබන නැකතට කොණ්ඩය කපා වූ හදිය

“මන්තර බලෙන් බස් රිය නැවැත්වූ ගල් දෙවටේ හිමියෝ...” “මුට්ටියේ තියෙන දේ අපිත් වළඳනවා” යනුවෙන් පසුගිය අතීතයෙන් කතාවක් ලිපියේ සඳහන් වුණු ගල්දෙවටේ හිමි පිළිබඳ තවත් කතාවකි මේ.

පූජ්‍ය ගල්දෙවටේ හිමියන් විසින් තනා දුන් බලගතු නැකතක් නිසා මුළු ජීවිතයම අඳුරෙනුත් අඳුරට වැටුණු යෞවනියක ගැන කියන්නයි මේ සූදානම‍. ඇය හරිම ලස්සනයි කියලා නොකීවොත් ඒ ඇයට කරන ලොකු අසාධාරණයකි.

මෙහිදී කිව යුතු තවත් විශේෂ යමක් ද වෙයි. ඇගේ ජීවිතය අඳුරු ව‍ූයේ ගල්දෙවටේ හාමුදුරුවන්ගේ වරදින්වත්, උන්වහන්සේ තනා දුන් බලගතු නැකතේ වරදින්වත් නොවේ. ඇගේ ජීවිතය අද අන්ධකාරයෙන් අන්ධකාරය දක්වා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේත් ගල් දෙවටේ හාමුදුරුවන්ගේ නැකැත් ශාස්ත්‍රයේ ඇති අසමසම ප්‍රබලත්වයමයි.

ගම්වැසියන් නැකත අකුරටම පිළිපඳින ජීවිතයේ සෑම කඩඉමක් ම නැකතක් හා සම්බන්ධ ය. ජීවිතය අද අඳුරට පත්ව ඇති අපේ තරුණ කථානායිකාව එදා කටේ කිරි පුසුඹ තැවරුණ, කිරි කැටික්කියකි.

වසර තුන ඉක්ම යන්නට පෙර නැකතට කොණ්ඩය කැපිය යුතු ය. ඇගේ කොණ්ඩය කැපීමට නැකතක් සාදවා ගැනීමට ඇගේ පියා ගල්දෙවටේ හිමියන් බැහැ දැකීමට යෑමට සූදානම් විය.

ඒ දවස්වල එම නිවසේ අලුත්වැඩියා කටයුත්තක් ද සිදුවෙමින් පැවතිණි.“ඈ... මහත්තයෝ.‍.. කුස්සියෙ දොර උළුවහු තියන්නත් නැකතක් අදම බලවාගෙන ආවොත් ලේසියි නේද?...” දැරියගේ මව ඇසුවා ය.

“ලේසියි නේන්නම්... ලේසියි නේන්නම්... ගමන් දෙකක් යන්න ඕනෑ... නැහැනේ... යැයි කියූ ඔහු ගල්දෙවටේ හාමුදුරුවන් බැහැ දැක නැකැත් දෙක ම පිළියෙල කරගෙන ආවේ ය.

දැරියගේ මවටත් පියාටත් යළි නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක් සිදුවිය.

 කැවුම්, කිරිබත් පිළියෙල කර දැරියගේ කොණ්ඩය කපා තිබුණේ දොර උළුවහු තබන නැකතට ය.‍උළුවහු තබනවා කියන්නේ හොඳට සිරකිරීමකි. එම නැකතින් කළේ දැරියගේ ද කතාව සිරකිරීම ය. ඇය අදත් ගොළු ය.

1

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 03:34 PM
  •  Quote
  •  Reply
මළ දරුවකු සමඟ ත්‍රිරෝද රථ ගමනක්

රන්ගිරි දඹුල්ලේ ගොමංහන්දිය තිබූ අවදියේ මේ නගරය නොනිදන නගරයක් බවට පත්වේවි යැයි නොසිතූහ.

නොනිදන නගරය ලෙසින් නම් ලද දඹුල්ලේ ත්‍රිරෝද රථ රියැදුරෙක් සමඟ මා කතා කර කර ගියේ අලුයම එකට පමණ ය. අමතක නොවන ත්‍රීවීල් අත්දැකීමක් වේ නම් පවසන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියේ නිදිමත යෑමටත් සමඟ ය.

“කතා නම් අනන්තයි. මං මැරෙන තුරු අමතක වෙන්නෙ නැති කතාවකුත් ඒ අතරෙ තියෙනවා මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා.”

“ඉස්සර වෙලා ඒක කියන්න කො...”

“එදා... වෙලාව ඇති දවල් දෙකට විතර... මං හන්දියේ ඉන්නකොට මිනිහෙක් මං ළඟට දුවගෙන ආවා. මිනිහා කතා කළේ හති ඇර... ඇර...”

“ඉස්පිරිතාලෙ ගේට්ටුව ඉස්සරහ ඉන්නවා පුංචි බබෙක් තුරුලු කරගත්ත අම්මා කෙනෙක්. වැඩි වයසකුත් නෑ‍. ඇත්තෙන් ම පුතා... මං ඒ ගෑනු ළමයා අඳුරන්නෙ නෑ... මමත් මේ ඉස්පිරිතාලෙන් බේත් අරගෙන යන ගමන්...

දරුවත් වඩාගෙන ටවුමට එන්න අමාරු නිසයි ඒ ගෑනු ළමයා මට කීවේ වීල් එකක් එවන්න කියලා... පව් නේද”? කියලත් මිනිහා මගෙන් ඇහුවා.

මමත් ඉතින් ඉක්මනට ම ඉස්පිරිතාලෙ ළඟට ගියා. ලොකු තුවායක් පෙරවගත්ත දරුවෙක් තුරුල් කරගෙන ඉන්න ගෑනු කෙනෙක් මං ඈත තියාම දැක්කා.

“වයස කීයක් විතර ඇද්ද?”

“අවුරුදු විස්සක් ඇති. එක පාරක් බැලුවොත් තව පාරක් බලන්න හිතෙනවා. හරි ම ලස්සනයි. එයා දරුව තුරුල් කරගෙන ම වීල් එකට නැග්ගා.

“ඔයා නම් අනේ... මනුස්සකම් තියෙන මනුස්සයෙක්... ඔයා නාව නම් ඉතින් මේ ගිනි කූටක අව්වේ මේ දරුවත් තුරුල් කරගෙන මං හන්දියට පයින් යන්න එපායැ... ” කියලා එයා මාව අගය කළා.

“මේක ඉතින් ඒ තරම් ලොකු උදව්වක් යැ මිස් අනිත් එක මේක මගෙ රස්සාවනෙ. ඇයි? බබාට මොකද? ” කියල මං ඇහුවා.

“බබාට හොඳටම උණ. එක්කගෙන එන්න කවුරුත් හිටියෙත් නෑ. ඉතින් මං තනියම ආවා...”

“ඩොක්ටර්... මොකද කීවේ...

“පරෙස්සම් කරගන්න කීවා... වසංගතයක් වගේ හැම තැනම මැලේරියාවනෙ... අයියෙ...” කියලා එයා කීවා. අපි ගියෙ කණ්ඩලම පාරේ. පාරේ වළවල් පිරිලා. වීල් එක බෝට්ටුවක් වගේ පැද්දෙනවා. ලෙඩින් ඉන්න බබා ගැන හිතලා මං පුළුවන් තරම් වළවල් බේරුවා. ඒ කාලෙ කණ්ඩලම හෝටලයට මුල්ගලවත් තියලා නෑ එදා කණ්ඩලම පාරෙ අද වගේ ඉගිල්ලෙන්න බෑ.

අය්යේ අර කළුපාට ගේට්ටුව ඉස්සරහින් නවත්තන්න ” කීවම මං නැවැත්තුවා. කීයක් ඕනි ද කියලා එයා ඇහුවා. අපි ආවේ දුර ගමනක් ඒ කාලේ විදියට මං රුපියල් තුන් සීයක් ගත්තා.

මං වීල් එක හරවගනිද්දී එයා... මහ හයියෙන් විලාප තියාගෙන ගේට්ටුවෙන් ඇතුළට දිව්වා. “අනේ...? මගෙ රත්... ත.. ර... න් පැටියෝ ඔයාට මේ මොකද? වුණේ....” කියලා එයා කෑගැහුවා. ඒත් එක්කම ගෙදර අයත් විලාප තියන්න ගත්තා. මං දැනගත්තා මෙතැන මොකක් හරි පලහිලව්වක් වෙලා තියෙනවා... කියලා. මේ පරිප්පුවම නැතත් වෙන වෙන පරිප්පු මං කාල තියෙනවනේ. මට නම් හිතුණෙ නඩුකාර හාමුදුරුවන් ඉස්සරහට යන්න වෙයි කියලා.

දවාලක හින්ද හොඳයි. රෑක නම් මං බයවෙනවා. පුංචි එකෙකුගෙ වු‍ණත් මළ මිනියක්නෙ මං පටවගෙන ඇවිත් තියෙන්නෙ. මළ මිනි ගේන්න වෙනම වාහන තියනවනේ. නැත්නම් පාරෙ යන බස් වලත් මිනිස්සු මිනී පටවාගෙන යයිනෙ නේද?

“හරි වැඩක්නේ... ඔයා හිතන්නෙ ඒ ගෑනු ළමයා ඇයි? එහෙම කළේ...”

“මෙන්න මෙහෙමයි වැඩේ වෙන්න ඇත්තේ.‍.. ඉස්පිරිතාලයට යන්න ඉස්සර වෙලා... අම්මාගෙ අතේම දරුවගෙ පණ ගියා. මැරිච්ච දරුවත් අරගෙන ඉස්පිරිතාලයට ගියා නම් මිනිය කෙළින් ම ‘මෝචරිය’ ට දානවා. ඊළඟට මූණ දෙන්න වෙන ප්‍රශ්න මං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මං රුපියල් තුන් සීයට මිනිය පටවාගෙන ආවට මිනී ගේන වාහනයක ගෙනාවා නම් කීයක් ගනීවිද? මේ සේරම කල්පනා කරල තමයි ඒ ගෑනු ළමයා බොහොම දක්ෂ විදියට මේ රඟපෑම කළේ. බැරි වෙලාවත්... එයා... වීල් එක ඇතුළෙ විලාප තිබ්බ නම්... බය වැඩිකමට මගෙ අතින් වීල් එක පෙරළෙනවා...”

ඔහු පැවසුවේ නිදිබර සහ විඩාබර දෑසින් පසුපසට හැරී මදෙස බලමිනි.

මෙත්සිරි බී. හේරත්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Nov 2015 05:49 PM
  •  Quote
  •  Reply
තැන්ක්ස් රෝසි අක්කේ අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නවට .
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
24 Nov 2015 06:23 PM
  •  Quote
  •  Reply
share kara gattata thanks
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Nov 2015 07:14 PM
  •  Quote
  •  Reply
මල මිණියක් වාහනයක රැගෙන ගියා කියා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ...
සිත තමයි හැමදේටම බලපාන්නේ..
රසවත් කතා ටිකක් .. එක හුස්මට කියවූවා..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Nov 2015 02:01 AM
  •  Quote
  •  Reply
මැරුණු බබෙක්ව ඔය වගේ අරගෙන බස් එකේ ආපු අපේ ගමේ හිටපු කාන්තාවක් ගැන අපේ අම්මත් සත්‍ය කතාවක් මට කියල තියෙනවා..

බොහොම ස්තුතියි රෝසි අලුත් නුලකින් අතීත කතා ගොන්නක් එකතු කිරීමට එකතු උනාට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:30 AM
  •  Quote
  •  Reply
අතිපූජ්‍ය රත්මලාලේ ශ්‍රී ධර්මාරාම හිමි අපේ උගත් පඬි හිමිවරුන් අතර වැඩ විසූ තවත් ශ්‍රේෂ්ඨ හිමිනමකි. උන්වහන්සේගේ ගෝළහිමිවරු සංඝ - සෝභන ගුණයෙන් යුතු වූහ. සසුනට රටට වැඩදායක වූහ.

ගුරු හාමුදුරුවන්ගේ සිත් දිනාගෙන සිටි එක් ශිෂ්‍ය හිමිනමක් තමන්වහන්සේ මුණගැසෙන ලෙස දන්වා පන්සල සමඟ සමීප සබඳතා පවත්වන උපාසක මහත්මයෙකුට පණිවුඩයක් යැවූහ. ඔහු පොඩි හාමුදුරුවන් මුණගැසුණේය.

“දායක මහත්මයෝ මං එන්ඩ කිව්වේ වැදගත් කාරණාවක් ගැන කතාකරන්ඩ...”

“අපෙ පොඩි හාමුදුරුවනේ... කිව්ව නම් බලන්ඩ...”

“මං ඉක්මනටම සිවුරු අරිනවා... දායක මහත්තයෝ...”

“මොනවා... පොඩි හාමුදුරුවනේ...” උපාසක මහත්මයා කලබල විය.

“ඔව්.. දායක මහත්තයෝ... ඒක ස්ථිරයි...”

“එහෙම කරන්ඩ එපා... අපෙ පුංචි හාමුදුරුවනේ...”

“නෑ... මං ඉන්නෙ මං ගත්ත තීරණයේමයි... ඒක වෙනස් කරන්නෙ නෑ... උපාසක මහත්මයාගෙන් මට පුංචි උපකාරයක් ඕනෑ...”

“මගෙන් මොනවද? කෙරෙන්න ඕනැ.. අපෙ හාමුදුරුවනේ...”

“මං සිවුරු අරිනවා.. කියලා අපෙ නායක හාමුදුරුවන්ගේ මූණ බලාගෙන කියන්න තරම් ආත්ම ශක්තියක් මට නෑ... දායක මහත්තයෝ. සිවුර කටු අකුලක එල්ලලා හොරෙන් යන්නත් මං කැමති නෑ. නායක හාමුදුරුවන්ට කියන්න මං සිවුරු අරින්නෙ මං යාළුවෙලා ඉන්න කෙල්ල කසාද බැඳ    ගන්ඩ ඕනෑ හින්දයි කියලා...”

දායක මහත්මයා කී දේ අසා නායක හාමුදුරුවන් කලබල වූයේ නැත. කොළයක් අතට ගත් උන්වහන්සේ මේ ගාථාව එහි සටහන් ක‍ළහ.

‍Óලෝල බාලිස රෝම රංජිත
සිප්පියානන සන්නිහං
සෝනිතාකුල පූතිගන්ධිය
ඌරුමන්තර සන්ටිතං
ඊදිසාසුචි මාර මන්දිර
සේවනාලය මානසං
කාමතෝජන සාධු වණ්නිත
ශාසනාවාචරෝ භව....

“දායක මහත්මයෝ... මේං මේ කොළේ පොඩිනමට ගිහින් දෙනවා හොඳයි... මං දුන්නා කියලා...”

එම ගාථාව පොඩි හාමුදුරුවෝ කියවා බැලූහ.

“දායක මහත්මයෝ... මං කවමදාකවත් සිවුරු අරින්නේ නෑ. මං අපවත් වෙන්නෙත් සිවුර පෙරවගෙන...” පොඩි හාමුදුරුවන් පැවසුවාලු.

(සිරුරෙහි ඇති අප්‍රසන්නතාවය මෙම ගාථාවෙන් පැහැදිලිවම විවරණය කෙරේ.)

(මාතලේ අතිරේක - මෙත්සිරි බී. හේරත්)

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2015 06:33 AM
  •  Quote
  •  Reply
පොඩි හාමුදුරුවෝ තමන් වහන්සේගේ අදහස දායක මහත්තයට කියපු නිසා හොඳට ගියා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Nov 2015 06:34 AM
  •  Quote
  •  Reply
ස්තූතියි මේ ලිපියට.....මේ කොටස අද කාලේ බොහෝ ලොකු පොඩි හාමුදුරු ඇත්තන්ට වැදගත් වෙයි......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Nov 2015 09:20 PM
  •  Quote
  •  Reply
පුළුවන් කමක් තියෙනවා නම් සහ සොයා ගන්න පුළුවන් නම් මේ ගාථාවේ සිංහල තේරුම දන්නා කෙනෙක් කියනවද..? අනිවාර්යයෙන්ම හොඳ අදහසක් ඇති ගාථාවක් විය යුතුයි.
පොඩි හාමුදුරුවොත් හොඳ බුද්ධිමත් හාමුදුරු නමක් විය යුතුයි.. නැත්නම් ගාථාවකින් කියූ පමණින් ඒක වටහා ගන්න තරම් බුද්ධියක් තියෙන්න විදියක් නැහැ.

ස්තුතියි මේ කතාවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Nov 2015 12:40 PM
  •  Quote
  •  Reply
මට නම් හොයා ගන්න බැරි වුනා මදුරංග ,,බලමු තව කවුරු හරි හොයා ගනීද කියලා නේද .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Nov 2015 12:42 PM
  •  Quote
  •  Reply
සාදා රිටින් ඇන රිට්ටා ඇති තැන රජුට පෙන්වයි

ඒ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු රජ කරන අවදියයි. කාලයක් ම උඩරට පුරා බුදුදහම - බුද්ධ ශාසනය - උපසම්පදාව - පිරිවෙන් අධ්‍යාපනය - බෞද්ධ සංස්කෘතිය යටපත් වී සිඳී ගොස් තිබූ යුගය හමාර කරමින් සියම් උපසම්පදාව ලබාගෙන වැලිවිට සරණංකර සඟරජුගේ උපදෙස් අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය ඉහළ ම තලයට නංවාලුවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. ඒ සඳහා සරණංකර සඟරජු නිතර අර්ථයෙන් ධර්මයෙන් රජුට මඟ පෙන්වූයේය. උඩරට පුරා විසිර තිබු නටබුන් පැරණි වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කර වූ රජු අලුතින් වෙහෙර විහාර - පිරිවෙන් රැසක් ආරම්භ කළේය. සියම් උපසම්පදාව රැගෙන ආ උපාලි හිමි ඇතුළු සියම් භික්ෂුන්ට රජුගේ ම රාජකීය මල්වත්තේ මල්වතු විහාරය කරවා පූජා කළේ රජුය. කීර්ති ශ්‍රී රජු කළ සියම් උපසම්පදාව රැගෙන වරින්වර සියම් භික්ෂු දූත කණ්ඩායම් තුනක් පැමිණ ඇත.

උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු රජ කරන විට පහතරට පැතිර තිබුණේ ඕලන්ද බලයයි. කපටි ශූර වෙළෙඳ ඉවක් තිබු ලන්දේසිහු උඩරට රජු සමඟ කපටි උපායෙන් රජුගේ හොඳහිත දිනාගෙන උඩරට සමඟ වෙළෙඳ ගනුදෙනු කිරීමට හා උඩරට තිබු කුළුබඩු ලබා ගැනීමට කටයුතු යෙදූහ. වෑන්ඊක් යටතේ 1765 ඕලන්දවරු උඩරට වටලා සටන් වැදීම කළ එක ම අවස්ථාව හැර උඩරට සමඟ මිත්‍ර ප්‍රතිපත්තිය රැක ගැනීමට කටයුතු කළහ. මෙකල පහතරට ප්‍රභූන්ගේ ආධාර උදවු ඇතිව ඇතිවූ සංස්කෘතික ප්‍රබෝධය “මාතර යුගය” ලෙසින් සාහිත්‍ය ඉතිහාසයේ දී දැක්වේ. මාතර යුගයේ සංස්කෘතික ප්‍රබෝධයේ බලකණු වූයේ කටුවානේ දිසානායක - ගජමන් නෝනා - බරණ ගණිතයා - රංචාගොඩ ළමයා - අන්දරේ ආදීන්ය.

මාතර සාහිත්‍යයේ ප්‍රකට ම කවියෙකු වූ බරණ ගණිතයා හෙවත් සාදා ප්‍රකට නක්ෂත්‍රකරුවෙකි. වස්කවි - සෙත්කවි සෑදීමේ උපන් හපන්කම් විය. “නීල කොබෝ සන්දේශය” - “වායස නිමිත්ත” හෙවත් “කපුටු ශාස්ත්‍රය” කවි පොත් ලීවේ බරණයාය. මාතර ඉපිද මාතර කවිය පෝෂණය කළ ඔහු උඩරටට පැමිණ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු කළ උඩරට නැවතී තම නක්ෂත්‍ර දැනුම වැඩිදියුණු කරගෙන ඇත. නක්ෂත්‍රයේ පරතෙර දැනුමට ගිය සාදා හෙවත් බරණ ගණිතයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ සභාවේ සේවය සඳහා රජු හමු වී බැගෑපත් ඉල්ලීමක් රජු හමුවේ දණින් වැටී ඉදිරිපත් කළේය. ඔහු දෙස හොඳින් බලා සිටි රජු ඔහුගේ නක්ෂත්‍ර දැනුම උරගා බලන්නට උපායක් කල්පනා කළේය.

“තොපගේ නක්ෂත්‍ර දැනුම පරීක්ෂා කර බැලීමට මහවාසල එකඟයි. අද රිට්ටා ඇති තැන තොපට පෙන්විය හැකි ද?”

“එහෙමයි, දේවයන් වහන්ස, පෙන්විය හැකියි.”

“ඒ සඳහා තොපට අවශ්‍ය දේ කවරේ ද?”

“උස් මේසයක් - දිග රිටක් තිබුණොත් හොඳටම ඇති.”

මොහොතක් ගත විය. රාජ සේවකයෝ උස් මේසයක් හා රිටක් රජු ඉදිරියට රැගෙන ආහ. හෙවණැල්ල පාගා පියවර මැන වේලාව සාදාගත් සාදා ගල් පිළිමයක් මෙන් මොහොතක් නොසැලී දෑස් පියාගෙන කල්පනා කරන්නට විය. ඉන්පසු රජු ළඟට ගිය සාදා රජුගේ පාමුල වැඳ වැටී රජුගේ අවසරය ලබා ගත්තේය.

“තව සුළු මොහොතකින් ඔබ වහන්සේට රිට්ටා ඇති ස්ථානය දැකගත හැකි වනු ඇත.‍”

“හොඳමයි. තොපට ඒ සඳහා අවසරයි.”

රජු හා ඇමැතිවරු රාජ සභාව දෑස් නොසොල්වා බලා සිටිද්දී සාදා නියමිත නැකැත් මොහොතේ අසල වූ මේසය මත නැඟ දිග රිටක් ගෙන හිස් අහසට දිගු කරන්නට විය. ගතවූයේ තත්පර කීපයකි. සාදා දිගු කළ හිස් රිට කෙළවර මහා ගින්නක් රාජ සභාවට ඉහළින් හිස් අහසේ ඉබේ දැල්වෙන්නට විය.

“තොපගේ හපන්කම් ඉතා ඉහළයි. රාජ සභාවේ නැකැත්තෙකු ලෙස සේවයට තොප ඉතාම සුදුසුයි.”

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ගම්වරයක් හා පටබැඳි නමක් සාදා ගත් සාදා සෙන්කඩගල නුවර කිට්ටුව නැවතී රජ වාසලට තම නක්ෂත්‍ර දැනුම ලබා දීමට මුල පිරුවේය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්. කේ. ජයවර්ධන



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Nov 2015 07:15 PM
  •  Quote
  •  Reply
දකුණේ මිනිස්සු, මාතර මිනිස්සු ලග තමයි ඔය නක්ෂත්‍රය වගේම හැදී හූනියම් වස් කවි සෙත් කවි වැඩට හපන්නු හිය කියල කියන්නෙ.. අද ඒවා ක්‍රමයෙන් නැති වෙලා අඩුවෙලා ගිහින්. මේ සාස්තර හොදින්ම දන්නා ය නැතුව වගෙයි අද. අංශු මාත්‍රයක් දන්නා කෙනත් එක මාකටින් කරගෙන වානිජකරණය වෙලා මුදල් ගරන ජාවාරම් කරගෙන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Nov 2015 09:41 PM
  •  Quote
  •  Reply
අද මේ සාස්තරයක්ම මුදලට යටවෙලා වවාගෙන කන්න තමයි බලන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Nov 2015 11:57 PM
  •  Quote
  •  Reply
බුදු අම්මො ගගෙන් එහා පැත්තෙ එවද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Dec 2015 05:54 AM
  •  Quote
  •  Reply
ගුරු සේවයේ රසකතා

සරම නැතිව ආ විදුහල්පති


ලග්ගල ප්‍රදේශය අදත් නොදියුණුය. දුෂ්කරය. අතීතයේ තත්ත්වය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ලග්ගල විදුහල්පතිතුමෙකු බිරිය සමඟ පදිංචි වී සිටියේ ගුරු නිවෙසේමය. පෙර දින රෑ ප්‍රදේශයට ඇද හැළුණේ අනෝරා වැස්සක්ය. ප්‍රබෝධවත් කුරුලු කූජනය ද ඒ නිසාමය. විදුහල්පතිතුමාගේ ගතට සිතට දැනුණේ ද ලොකු ප්‍රබෝධයක්ය. එතුමාට එතුමාගේ බඩඉරිඟු හේන සිහි විය. “බඩඉරිඟු පැළවලට පස් ඩිංගක් කිට්ටු කරගන්න ඇත්නම් කොච්චර හොඳ ද?” එතුමා සිතුවේය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තිවල නඟන හඬ මැද්දේ විදුහල්පතිතුමා ගුරු නි‍ෙවසට ගියේය. අමුඩ කෙටිය ගහගත්තේය. උදළු කෙටිය කරට ගත් විදුහල්පතිතුමා හේනට ගොස් බඩඉරිඟු පැළවලට පස් කිට්ටු කළේය.

පැයක් හමාරක් ගත විය. විදුහල්පතිතුමාගේ බිරිය හේනට දුවගෙන ආවේ හති හරිමින්ය.

“නුවර අධ්‍යාපන කන්තෝරුවෙ ලොකු මහත්තුරු වගයක් ඇවිත්... ඔයා කොයි කියලා ඇහුවා. මං කීවා ඔයාගේ අම්මට හදිසියේ අසනීප වුණා කියල පණිවිඩයක් ඇවිත්... ඉක්මනට අම්මව බලල එන්නම් කියලා ගියා කියලා...”

“දෙය්යො... සාක්කි... දැං... මොකෑ... කොරන්නේ” කියමින් විදුහල්පතිතුමා දිව්වේය. ගුරු නිවෙසේ පිටුපස දොරින් ඇතුළු වූ විදුහල්පතිතුමා ඉක්මනින්ම ජාතික බැනියම ඇදගෙන ලොකු මහත්වරුන් ළඟට දිව්වේය.

“විදුහල්පතිතුමා... මේ මොකද?” නිලධාරියෙක් ඇසුවේය. “මොකුත් නෑ... අයිබොවං...” කියමින් බය පක්ෂපාතීකම පෙන්වා විදුහල්පතිතුමා හිස කැසුවේය.

සියල්ලෝම සිනාසෙති. විදුහල්පතිතුමා කලබලේට ජාතික බැනියම ඇඳ තිබුණේ සරමක් නැතිවය.



මෙත්සිරි බී. හේරත් - මාතලේ අතිරේක



එයත් අපේ එකෙක්!



මේ සිදුවීම මීට වසර විසිපහකට පමණ පෙර සිදු වූවකි. වෙරළබඩ පාසල්වල ළමයි ඉතාම නිරෝගීය. ඔවුහු තම ශක්තිය වැය කරගැනීමට පොර කෑම ගහගැනීම හා සණ්ඩු සරුවල් කිරීම විනෝදාංශයක් ලෙස සලකා කරති. මෙය ළමයින්ගේ චර්යාවේ ඇති විවිධ වෙනස්කම් නිසා නිතර ඔළු පළාගෙන තුවාල සිදු කර ගැනීම සාමාන්‍ය දෙයකි.

මෙසේ තුවාල සිදුකළ ශිෂ්‍යයකුට දිනක් විදුහල්පතිවරයා වේවැලින් පාර කීපයකින් දඬුවම් කළේ දරුවාගේ දඩබ්බරකමට ප්‍රතිකර්මයක් වශයෙනි. දඬුවමින් සිත රිදුණු ශිෂ්‍යයා කෙළින්ම පාසලින් පැන ගියේ තම නි‍ෙවසටය. සිදුවීම දරුවා මවට කීවේය. මවගේ ඉහමොළ රත් විය. ඇඳිවතට උඩින් තවත් රෙද්දක් බාගෙට ඇඳ ඇඳම පාරට පැන්නාය. “අද මම ප්‍රින්සිපලයාට හොඳ පාඩමක් උගන්වනවා” කියා තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් පාසලට ළඟා වූයේ නාලාගිරි ඇතා වගේය.

ශබ්දය සමඟ ගෝරනාඩුවට සවන් දුන් විදුහල්පතිවරයා කාමරයේ මුල්ලේ තිබුණු වේවැලත් රැගෙන මේ බැණ වදිමින් ඉදිරියට එන කාන්තාව ඉදිරියට ගියේය.

“දුවපිය යන්න” කියා හොඳ තිත්ත කුණු හරුප දෙකක් කියමින් වේවැල උස්සත්ම කාන්තාව ආවට වඩා වේගයෙන් ආපසු දිව්වාය.

විදුහල්පතිවරයා සිනාමුසු මුහුණින් ජයග්‍රාහී ලීලාවෙන් කාර්යාලයට ගොඩ වැදුණේය.

ටික දිනකට පසු එම කාන්තාව තමාට වූ ලැජ්ජාව වසා ගැනීමට කළේ “එයත් අපේ එකෙක්” කියා විදුහල්පතිවරයාවත් තමන්ගේ ගොඩට දමා ගැනීමය.



ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු

වේවැල් කසාය

මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය පනස් එකේ වර්ෂයයි. එවකට මම අවුරුදු දොළහක පමණ පාසල් සිසුවෙක්මි. මා ඉගෙන ගත්තේ හලා/ බණ්ඩිරිප්පුව රෝමානු කතෝලික පිරිමි ප්‍රාථමික පාසලේය. මේ සිද්ධිය වන විට මා ඉගෙනුම ලැබුවේ පස්වැනි පන්තියේය. මේ කතාවට සම්බන්ධ පාත්‍ර ජනයා දැනට මිය ගොස් ඇති නිසා සිද්ධියට සම්බන්ධ නම් ගම් එලෙසම සඳහන් කරමි.

මේ පාසලේ මුල් ගුරු මහතා වූයේ එවකට අංක ගණිත විශේෂඥ ගුරු පියකු වූ පී. ජේ. මාස්ටර්ය. දුඹුරු පාට ටුවිඩ් රෙද්ද ඇඳ, ඊට උඩින් සුදු කබායක් හැඳි එතුමා අඩි පහමාරක් පමණ උස මහත දෙහෙත පෞද්ගලයෙකි. හිස කෙස් රහිත රවුම් හිස සහ පුළුල් නළල් තලය මට අදටත් මැවී පෙනේ.

දහවල් විවේකයෙන් පසු සෑම සිකුරාදාවකම දහවල් දොළහට සියලුම ළමයින් මුල් ගුරුතුමාගේ මේසය වටේ වාඩි විය යුතුය. නඩු අසන්නේ ඉන් පසුවය.

එදා නඩු කීපයක් අසා වරදකරුවනට දඬුවම් කළ මුල් ගුරුතුමා ඊළඟ නඩුව කැඳවීය. විත්තිකාරයා වූයේ අපේ පන්තියේ රිචඩ් හෙවත් රිචාය. රිචාගේ හැසිරීම පාසලටම හිරිහැරයක් බව ගුරු මණ්ඩලයේ ද අදහස විය. පැමිණිල්ල වූයේ තුනේ පන්තියේ ළමයකුට ගසා ඔහු ළඟ තිබූ දිවුල් ගෙඩියක් උදුරා ගැනීමය. මේ වගේ දේවල් රිචාට අලුත් දෙයක් නූණත් ලොකු මහතාගේ වේවැලට නම් ඔහු දක්වන්නේ පුදුම බයකි. අඩි තුනක් පමණ දිග මාපට ඇඟිල්ල තරම් මහත වේවැල දකින හැම ළමයකුටම ඇත්තේ මහත් බියකි. සාක්කි විභාගයේදී රිචා වරදකරු විය.

ලොකු මහත්තයා වේවැලත් ගෙන නැගිට රිචා ළඟට ගොස් ඔහුගේ අතකින් අල්ලාගෙන පස්ස පැත්තට පහරක් ගැසීය. එහෙත් රිචා අනෙක් පැත්තට පැන්නෙත් ඒ පාර වැදුණේ මුල් ගුරුතුමාගේ ටුවිඩ් රෙද්දටය. එහෙත් දෙවන වේවැල් පහර නම් දැඟලීම නිසා රිවාගේ පිටකොන්ද හරහා වැදුණි.

ඒ සමඟම අමු තිත්ත කුණු හරුපයක් කියා ලොකු මහතාගේ අත සපා කා එළියට පැන්න රිචා තවත් කුණු හරුප වැලක් කියමින් අඬ අඬා පැන දිව්වේය. එහෙත් කිසිවෙක් ඔහු හඹා නොගියේ ඔහුගේ හැටි දන්නා නිසාය. නඩු විභාගය එතෙකින් අවසන් විය. ඒ වගේම රිචඩ්ගේ අධ්‍යාපනය ද එතෙකින් අවසන් විය. මේ මුල් ගුරුතුමාණෝ සුප්‍රසිද්ධ කතෝලික පියනමක් වූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පියාණෝය.



ඊ. එෆ්. කෲස්

විශ්‍රාමලත් විදුහල්පති

කුමාර කට්ටුව
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Dec 2015 06:49 AM
  •  Quote
  •  Reply
මෙහෙත් ඉන්නවද අපේ එකෙක්.. නියම කථා ටික..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Jan 2016 02:52 PM
  •  Quote
  •  Reply
ගුරු සේවයේ රසකතා
පරීක්ෂකතුමා ගැන වාක්‍ය රචනයක්


වයඹ පළාතේ වැල්ලවට නුදුරු පාසලක වසර තිස්ගණනකට පෙර සිදුවීමකි. ඒ කාලයේ පාසලට පරීක්ෂක මහතා පැමිණෙනවා යැයි කීවොත් කවුරුත් හෙල්ලිලාය. ගුරු සිසු දෙපසම එතුමාට දැක්වූයේ බිය රැඳි ගෞරවයකි.

දවසක් මේ කියන පාසලට පරීක්ෂක මහතා පැමිණි අතර සුපුරුදු පරිදි හත්වන පන්තියට ගියේය. “මේ වෙලාවෙ ගුරුවරයා උගන්වමින් සිටියේ සිංහල භාෂාව පාඩමය. මේ ගුරුතුමා මේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන නිසා දැන් හොඳට රචනා ලියන්න දන්නව ඇතිනෙ?”

“ඔව් ඉස්පෙක්ටර් මහත්තයා අපිට හොඳට ලියන්න පුළුවන්.” පන්තියේ සිසුහු එක්වරම පැවසූහ.

පරීක්ෂක මහතා මඳක් කල්පනා කර බලා දරුවන්ට රචනයක් ලිවීමට පැවරුවේය.

“හොඳයි දරුවනේ, මං ගැන රචනයක් ලියන්න. මගේ සේවය, තරාතිරම දන්නව ඇතිනේ.” සිසු පිරිස නිහඬව රචනය ලිවීම ඇරැඹූහ.

පරීක්ෂකතුමා අඩහෝරාවක් පමණ ගිය පසු එක් පිරිමි ළමයකුට අණකළේ තමා ලියූ රචනය කියවන ලෙසයි.

පුටුවෙන් නැගී සිටි සිසුවා “අපේ පරීක්ෂක මහත්තයා මාසයකට වරක් විතර ඇවිත් පන්තිවල වැඩ බලයි. වැරදි තැන් පෙන්වාදී ගුරුවරුන්ට ද අවවාද දෙන මෙතුමා වෙලාවකට යක්ෂයෙක් වගෙයි. අනෙක් වෙලාවට මීයෙක් ගානයි. ආපහු යනකොට ඉස්කෝල වත්තෙ එළවළු පොල් ඔක්කොම කාර් එකේ පටවගෙන යනවා. අපේ සර් නිතර ම බණිනව ඒකට. මොනව කරන්නද බලපුළුවන්කාරකමනෙ කියල....” දරුවා කියවාගෙන ගියේය.

“ඇති ඇති නවත්තනව තමුසෙගෙ මලඉලව්ව. මොනවද මේ අප්‍රභංස? මෙහෙමද උගන්වලා තියෙන්නෙ?”

“අපේ සර් කියල තියෙන්නෙ නැති දේවල් ලියනවට වැඩිය මාතෘකාවේදි අපි දකින දේවල් ලියන්න කියල තමයි”. ඔළුව කසමින් ඔහු බියමුසු බැල්මක් පරීක්ෂක මහතා වෙත හෙළමින් පැවසීය. පරීක්ෂක මහතා ද ගුරුතුමා වෙත හෙළුවේ තමාගේ වෛරක්කාරයෙකුට යොදන බැල්මකි.

‍‍‍‍‍ඔහු ඉන්පසු මේ පාසලට පැමිණියත් හත්වන පන්තියට නොයන්නට වගබලා ගත්තේය.

කරුණාදාස සපුතන්ත්‍රී
නිකදළුපොත


පඩික්කම්වල ගෙනා පරිප්පු

මහියංගණයෙන් එහා අති දුෂ්කර පාසලකට නව පත්වීම් ලැබ ගිය තරුණ ගුරු මහත්වරු දෙපළක්, විදුහලේ තත්ත්වය වෙනස් කිරීමට ලොකු උත්සාහයක් දැරූහ.

විදුහලේ ආරක්ෂිත වැටේ කණු ගැලවී බිම වැටී තිබුණු අතර හා, මීමිනි, ඉත්තෑ හා හෝතඹුවෝ ද ඉඳහිට අලි ද, පාසල් වත්තට අනවසරයෙන් ඇතුළු වූහ. හත් අවුරුද්දකින්වත් සමර හෝ හුණු බිඳක් ආලේප කර නොතිබුණු විදුහලේ ගොඩනැඟිලිවල බිත්ති, තැනින් තැන පුපුරා, ඉරිතළා තිබුණි. ගරා වැටී තිබූ වැසිකිළි, කැසිකිළි වටා ඉහටත් උඩින් වල් පඳුරු වැවී තිබුණු අතර පාසල් භූමියේ වැවී තිබුණේ මල් නොව වල් පඳුරුය.

විදුහලේ වෙනසක් ඇති කළ යුත්තේ ආරක්ෂිත වැට සකස් කිරීමෙන් බව තීරණය කළ මේ තරුණ ගුරු මහත්වරු ඒ බව විදුහල්පතිතුමාට දැනුම් දුන්හ. දෙමවුපියන් පාසලට කැඳවා ශ්‍රමදානයක් මඟින් පාසලේ ආරක්ෂිත වැට සැකසීමට තීරණය කෙරිණ. එළඹෙන සෙනසුරාදා දිනය මේ සඳහා යොදා ගත් අතර, ශ්‍රමදානයට සහභාගි වන්නන් සඳහා උදේ ආහාරය සැපයීමට ද කීප දෙනෙක් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූශ.

සෙනසුරාදා උදෑසන සිට ශ්‍රමදානය ඉතා හොඳින් සිදුකෙරුණු අතර, දහවල් එකොළහට පමණ, කෙටි විවේකයක් ලබා දෙන ලද්දේ උදේ ආහාරය සඳහාය. සැවොම කුඹුක් ගස් සෙවණේ වාඩි වූහ. පිඟන්වලට රතු කැකුළු බත්, පොල් සම්බලය සමඟ බෙදන ලදී. ඊළඟට කොළ මැල්ලුමද, හතු මාළුවද බෙදන ලද අතර, අවසානයට ගෙන ආ පරිප්පු වෑංජනය දුටු සැවොම පිළිකුළෙන් මෙන් පිඟන් අහකට ගත්හ. ඉතාමත් ළෙන්ගතුව, කරුණාවෙන් බෙදන්නට හැදූ පරිප්පු වෑංජනය හැම දෙනාම ප්‍රතික්ෂේප කළේ ඇයි?

පරිප්පු වෑංජනය ගෙනැවිත් තිබුණේ අලුත් ම සුදුපාට පඩික්කම්වලය!

ආනන්ද සරත් ගුණසේන
කන්දෙගෙදර
හාලිඇල හරහා



අපේ නමට ඉස්සර වෙලා සර්ගෙ නම කියන්න

මා අසූවේ දශකයේ දී දකුණු පළාත් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක පුහුණුකරුවකු වශයෙන් සේවය කරන කල සිදුවීමකි මේ.

එදා මාත් සමඟ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශකවරයකු පන්ති කාමරයට ගියේ ගුරුවරයකු ඒ වෙලාවේ නොසිටි බැවිනි.

'ගුඩ් මෝනිං'

'ගුඩ් මෝනිං'

'දැන් මොනවද තියෙන්නෙ' ගුරු උ‍පදේශක ඇසීය.

'ඉංග්‍රීසි'

'කෝ මිස්'

'තව ටිකකින් ඒවි'

එතෙක් ගුරු උපදේශක එක් එක් ළමයාගෙන් 'වට් ඉස් යුවර් නේම්' යයි ඇසීය. ළමයි උත්තර නොදෙති.

මේ අතර ගුරුවරිය ද පන්ති කාමරයට ආවාය.

'එස්කියුස් මී, මං අපේ ඩිපියුටි ප්‍රින්සිපල් හම්බවෙන්න ගියා රාජකාරියකට.'

'කමක් නෑ මිස්; මිස්ද ඉංග්‍රීසි උගනවන්නෙ'

'මං දැන් තව පාරක් ප්‍රශ්නයක් අහනවා.'

නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුණ නමුත් උත්තර නැත. එක් ළමයෙක් වහාම නැගිට්ටේය.

'සර්..... එක්ස්කියුස් මී, සර් අපේ නම අහන්න කලින් සර්ගෙ නම කියල ඉන්න ඕනේ.'

'හා එහෙනම් මගේ නම...................'

'දැන් හරි, අපේ මිස් උගන්නල තියෙන්නෙ ඒ විදියට තමයි. පොතේ තියෙන්නෙත් එහෙම තමයි.'

'හා බොහොම හොඳයි.'

'සර්.... ඒවට කියන්නෙ මැනර්ස් කියල. වැඩි දුරටත් ඔහු කීවේය.

ගුරු උපදේශකගේ වාර්තාවේ ඉංග්‍රීසි ගුරුවරියට මහත් සේ ප්‍රශංසා කර තිබිණි.

ඩී.සී. ද සිල්වා
කැස්බෑව
පිළියන්දල

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jan 2016 08:21 PM
  •  Quote
  •  Reply
රසවත් කතා ටිකක්.. අර පරීක්ෂක තුමාගේ කතාවත් මරු.. බොහොම ස්තුතියි සිනා කතා ටිකට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Jan 2016 10:09 PM
  •  Quote
  •  Reply
අපිත් ඒකාලේ මේ පාඨශාලා පරීක්ෂක වරු එන දවසට හරි බයෙන් තමයි පාසැලට ගියේ. තවමත් ඒ සොඳුරු අතීතය මතක් වෙනවා. බොහොමත්ම ස්තූතියි ඒ අතීතයට නැවත ගෙනගියාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below