Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Aug 2017 08:59 AM by hasithad වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න. 105 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 612345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 10 Dec 2015 10:01 PM උරස් කුහරයෙන් පිටත හෘදය පිහිටා ඇති දැරිය Virsaviya.. Virsaviya ‘Bathsheba’ Borun-Goncharova දැරිය ලොව මිලියනයකින් එකකටත් අඩු ප්‍රමාණයකින් පමණක් වැළඳෙන තත්වයක් වන Penology of Cantrell තත්වයෙන් පීඩා විඳින්නීය. මේ හේතුවෙන් ඇගේ හෘදය මෙන්ම අතුණු බහන් පපු කුහරයෙන් හා ජීර්ණ පද්ධකතියෙන් පිටත පිහිටා ඇත. ඇයට ප්‍රාචීරයක් හෝ ආමාශයික මාංශ පේෂී පිහිටා නැත. ඇයගේ තුනී සමෙන් පමණක් යන්තම් ආවරණය වී ඇති හෘදය ගැහෙන ආකාරය පවා හොඳින් පෙනේ. ඇයගේ මව සිතා ඇත්තේ ඇය මෙලොවට බිහි නොවනු ඇතැයි කියායි. කෙසේ වෙතත් ඇය ඇගේ රෝගී තත්වය පිළිබඳ සෑම විටම ධනාත්මක අදහස් දරන්නීය. ඇය ප්‍රතිකාර ලබාගන්නා රෝහලේ වෛද්‍යවරුන් සතුව මෙම රෝගී තත්වය පිළිබඳ අත්දැකීම් නොමැති හෙයින් මේ රෝගයට ලොව වටා සිටින වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් සිටී. මේ නිසාම ඇයගේ මව ඇයව ඇමෙරිකාව වෙත ගෙන ගොස් ඇත. කෙසේ වෙතත් ඔවුන් පවසා ඇත්තේ අවම වශයෙන් තවත් වසර 2ක් යනතෙක් ඇයව ශල්‍යකර්මයකට බඳුන් කළ නොහැකි බවයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 10 Dec 2015 10:02 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 10 Dec 2015 10:08 PM ගොඩක් පරෙස්සම් කරගන්න වේවි මේ දරුවා.. සමහර විට දක්ෂ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් එකතු වුනොත් මේ දැරිය සියුම් ශල්‍ය කර්මයකින් සාර්ථකව සුව කර ගන්න පුළුවන් වේවි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 19 Jan 2016 10:16 PM සිරුරේ මාංශ පේශීන් අස්ථි බවට හැරවෙන දුර්ලභ රෝගයකින් පීඩා විඳින කාන්තාව (වීඩියෝ සහිතයි).. මේ ලිපියෙන් ගෙන එන Ashley Kurpiel නම් කාන්තාව ඉතා දුර්ලභ රෝගී තත්වයක් වන Fibrodysplasia Ossificans Progressiva නම් තත්වයට මුහුණපා සිටී. මෙම ව්‍යාධි තත්වයේදී ශරීරයේ ඇති සියළුම මාංශ පේශීන් ඝන අස්ථි බවට හරවයි. මෙම් රෝගී තත්වය දැනටත් ඇයගේ දකුණු අත සම්පූර්ණයෙන්ම ගොදුරු කරගෙන ඇති අතර පාදයේ චලනයන්ද අපහසු කරමින් පවතී. 32 හැවිරිදි ඇය රෝගී තත්වයෙන් දුර්ම්ඛ නොවී ඇයගේ ආසාවන් ඉටුකරගැනීමට වෙර දරන්නීය. ඇය ජීවත් වන්නේ ජෝර්ජියාවේ Peachtree City හි ය. මේ රෝගී තත්වයෙන් මේ වන විට ලෝකයේ 800 දෙනෙක් පමණ පීඩා විඳියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2016 11:33 PM ජිවිතේ කියන දේ පුදුම දෙයක් 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Jan 2016 11:38 PM අම්මො බලන්නත් බයයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 21 Jan 2016 06:48 AM මෙහෙම ගියාම ඉස්සරහට හැරෙන්න පෙරලෙන්නවත් බැරි තත්වෙකට එයිනේ. 0 RosiSuper Senior MemberPosts:5335 21 Jan 2016 06:53 AM Aneee paww . 0 samanthaMost Senior MemberPosts:13190 07 Jun 2016 10:23 PM කොන්දෙ කැක්කුමද? බල බල ඉන්නෙ නැතිව මේ ව්‍යායාම 5 කරල ඉක්මනටම සුව වෙන්න පිට කොන්ද අමාරුව කියන්නෙ ඉතාමත්ම කරදරකාරී තත්ත්වයක්. එදිනෙදා වැඩ කටයුතු අඩාල කරන්නත් මානසික පීඩනයක් වෙන්නත් තරම් සමත් වන රෝගී තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නෙ. කොන්දෙ අමාරුවට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. වැරදි ඉරියවු, නිතර හිඳගෙන සිටීම, ආතතිය, වැරදි ව්‍යායාම සහ අපි භාවිත කරන ගෘහ භාණ්ඩ සහ නිදන මෙට්ට වැනි දේවල් වල අඩුපාඩුකමුත් මෙයට බලපාන්න පුලුවන්. කොන්දෙ අමාරුවක් හැදුනම මොනව හරි බාම් ජාතියක් ගාගෙන විවේකෙන් ඉන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නෙ. ඒත් ඇඳකට වෙලා ඕනෑවට වඩා විවේක සුවයෙන් පසුවෙනවට වඩා ව්‍යායාම මගින් මේ තත්වය සුවපත් කරන එක තමයි වඩාත් සාර්ථක. අපි මේ කියල දෙන්න හදන්නෙ පිට කොන්ද ආශ්‍රිත වේදනාවන් තියන අයට කරන්න පුලුවන් පහසු ව්‍යායාම කීපයක්. මේ ව්‍යායාම දිගටම කිරීම මගින් දවසේ වැඩි කාලයක් වැය නොකොට ඉක්මනින් සුවපත් වෙන්න පුලුවන් වේවි. හැබැයි දරුණු කොන්දෙ අමාරුවක් තියන කෙනෙකුටනම් මේ ක්‍රම අනුගමනය කරන්න කලින් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කරන්න කියලත් අපි ඉල්ලනවා. ව්‍යායාම අංක 1 – දණහිස් ඉදිරියට නැමීම සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න. මේ ඉරියව්ව තමයි ඔබේ ව්‍යායාමයේ ආරම්භක ඉරියව්ව වන්නේ. දැන් පහත දැක්වෙන උපදෙස් වලට අනුව ව්‍යායාමය අරඹන්න: දෑතම භාවිතා කර ඔබේ එක් දණහිසක් පපුව දෙසට අදින්න. ඒ ඉරියව්වෙන් තත්පර 15-30ක් අතර කාලයක් රැඳී සිටින්න. අනෙක් දණහිස මුල් ඉරියව්වෙන්ම තිබිය යුතු වනවා. නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න. දැන් අනෙක් කකුලේ දණහිසත් පෙර ආකාරයටම පපුව දෙසට ඇද තත්පර 15-30ක කාලයක් අල්ලාගෙන සිටින්න. ඉන්පසු නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න. දැන් දෙකකුලේම දණහිස් දෑත් යොදා පපුව දෙසට අදින්න. පෙර කාලයම ඒ ඉරියව්වෙන් ගතකොට ආරම්භක ඉරියව්වට එන්න. මේ ක්‍රියාවලියම 3, 4 වතාවක් නැවත නැවත කරන්න. උදේ සහ රාත්‍රී වශයෙන් දිනකට දෙවරක් කිරීම වඩා හොඳ ප්‍රතිඵල ගෙනදේවි. ව්‍යායාම අංක 2- දණහිස් දෙපසට නැමීම පළමු ව්‍යායාමයේ පරිද්දෙන්ම පසු ප්‍රදේශය පොලවට සිටින සේ වැතිර දෙපතුල් බිම ගෑවෙන සේ දණහිස් නවන්න. උරහිස් මුල් ඉරියව්වේ ආකාරයටම තබාගෙන දණහිස් එක පැත්තකට නවන්න (වමට හෝ දකුණට). එසේ නවාගෙන තත්පර 5-10ක් පමණ සිටින්න. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න. දැන් නැවත ඔබේ දෙදණ ප්‍රතිවිරුද්ධ දිශාවට නවා කලින් ගතකල කාලයම ඒ ඉරියව්වෙන් රැඳී සිටින්න. මුල් ඉරියව්වට පැමිණෙන්න. 2,3න් වරක් මේ ක්‍රියාවලියම නැවත කරන්න. මේ ව්‍යායාමයත් දිනකට දෙවරක් කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනවා. ව්‍යායාම අංක 3 – Wall sits නිවසේ බිත්තියකට පිටුපා අඩියක් පමණ දුරකින් සිටගන්න. දැන් ඔබේ පිට ප්‍රදේශය බිත්තියට හේත්තු කරන්න (හරි කෙළින් මුලු පිටම ස්පර්ෂ වන පරිද්දෙන්) උදරයේ මාංශපේෂි තදකරගෙන අංශක 80කින් පමණ දණහිස් නවමින් පහත්වන්න. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න. 10 වරක් පමණ මෙය නැවත නැවත කරන්න. නිවැරදිව මේ ව්‍යායාමය කරන ආකාරය මේ වීඩියෝවෙන් ඔබට දැකබලාගත හැකි වේවි ව්‍යායාම අංක 4 – Piriformis Stretch සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න. කකුලක් පිට කකුලක් දමාගන්න. දැන් පහතින් ඇති කකුලට දෑත යොදමින් කකුල් දෙකම පපුව දෙසට අදින්න, තත්පර 20ක් පමණ ඒ ඉරියව්වෙන් ගත කරන්න. දැන් කකුල් නැවත උඩ යට මාරු කරගෙන පෙර ලෙසටම පපුව දෙසට ඇද අල්ලාගෙන සිටින්න. මේ ආකාරයෙන් 5 වරක් පමණ නැවත නැවත කරන්න. මේ වීඩියෝව නැරඹීම මගින් වඩාත් පැහැදිලි අදහසක් ගත හැකි වේවි. ව්‍යායාම අංක 5 – Press-up Back Extensions McKenzie Press-Up කියල හඳුන්වන මේ ව්‍යායාමයත් හරිම පහසු එකක්. සමතලා බිමක මුනින් අතට වැතිරගෙන දෙවැලමිට ආධාරයෙන් ශරීරයේ උඩ කොටස මදක් ඉහලට එසවීම තමයි මෙමගින් කෙරෙන්නේ. තමන්ට අපහසුවක් නොදැනෙන තරම් වේලාවක් මේ ඉරියව්වෙන් ගත කිරීම යෝග්‍යයි. පහත වීඩියෝවෙන් ඔබට ඒ ව්‍යායාමයත් නැරඹිය හැකියි. *ව්‍යායාම් හා ඒ ආශ්‍රිත දේ කිරීම පටන් ගැන්මට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.* සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 08 Jun 2016 07:53 AM මේක හුගක්ම බෙහෙත් දෙන තැන්වල තියෙනවා මම දැකලා තියෙනවා. මේවා කරන්න ගිහින් තියෙන ටිකත් නැති වෙයිද දන්නෑ. 0 gaminiVeteran MemberPosts:4475 08 Jun 2016 10:29 AM Posted By samantha on 07 Jun 2016 10:23 PM කොන්දෙ කැක්කුමද? බල බල ඉන්නෙ නැතිව මේ ව්‍යායාම 5 කරල ඉක්මනටම සුව වෙන්න පිට කොන්ද අමාරුව කියන්නෙ ඉතාමත්ම කරදරකාරී තත්ත්වයක්. එදිනෙදා වැඩ කටයුතු අඩාල කරන්නත් මානසික පීඩනයක් වෙන්නත් තරම් සමත් වන රෝගී තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නෙ. කොන්දෙ අමාරුවට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. වැරදි ඉරියවු, නිතර හිඳගෙන සිටීම, ආතතිය, වැරදි ව්‍යායාම සහ අපි භාවිත කරන ගෘහ භාණ්ඩ සහ නිදන මෙට්ට වැනි දේවල් වල අඩුපාඩුකමුත් මෙයට බලපාන්න පුලුවන්. කොන්දෙ අමාරුවක් හැදුනම මොනව හරි බාම් ජාතියක් ගාගෙන විවේකෙන් ඉන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නෙ. ඒත් ඇඳකට වෙලා ඕනෑවට වඩා විවේක සුවයෙන් පසුවෙනවට වඩා ව්‍යායාම මගින් මේ තත්වය සුවපත් කරන එක තමයි වඩාත් සාර්ථක. අපි මේ කියල දෙන්න හදන්නෙ පිට කොන්ද ආශ්‍රිත වේදනාවන් තියන අයට කරන්න පුලුවන් පහසු ව්‍යායාම කීපයක්. මේ ව්‍යායාම දිගටම කිරීම මගින් දවසේ වැඩි කාලයක් වැය නොකොට ඉක්මනින් සුවපත් වෙන්න පුලුවන් වේවි. හැබැයි දරුණු කොන්දෙ අමාරුවක් තියන කෙනෙකුටනම් මේ ක්‍රම අනුගමනය කරන්න කලින් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කරන්න කියලත් අපි ඉල්ලනවා. ව්‍යායාම අංක 1 – දණහිස් ඉදිරියට නැමීම සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න. මේ ඉරියව්ව තමයි ඔබේ ව්‍යායාමයේ ආරම්භක ඉරියව්ව වන්නේ. දැන් පහත දැක්වෙන උපදෙස් වලට අනුව ව්‍යායාමය අරඹන්න: දෑතම භාවිතා කර ඔබේ එක් දණහිසක් පපුව දෙසට අදින්න. ඒ ඉරියව්වෙන් තත්පර 15-30ක් අතර කාලයක් රැඳී සිටින්න. අනෙක් දණහිස මුල් ඉරියව්වෙන්ම තිබිය යුතු වනවා. නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න. දැන් අනෙක් කකුලේ දණහිසත් පෙර ආකාරයටම පපුව දෙසට ඇද තත්පර 15-30ක කාලයක් අල්ලාගෙන සිටින්න. ඉන්පසු නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න. දැන් දෙකකුලේම දණහිස් දෑත් යොදා පපුව දෙසට අදින්න. පෙර කාලයම ඒ ඉරියව්වෙන් ගතකොට ආරම්භක ඉරියව්වට එන්න. මේ ක්‍රියාවලියම 3, 4 වතාවක් නැවත නැවත කරන්න. උදේ සහ රාත්‍රී වශයෙන් දිනකට දෙවරක් කිරීම වඩා හොඳ ප්‍රතිඵල ගෙනදේවි. ව්‍යායාම අංක 2- දණහිස් දෙපසට නැමීම පළමු ව්‍යායාමයේ පරිද්දෙන්ම පසු ප්‍රදේශය පොලවට සිටින සේ වැතිර දෙපතුල් බිම ගෑවෙන සේ දණහිස් නවන්න. උරහිස් මුල් ඉරියව්වේ ආකාරයටම තබාගෙන දණහිස් එක පැත්තකට නවන්න (වමට හෝ දකුණට). එසේ නවාගෙන තත්පර 5-10ක් පමණ සිටින්න. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න. දැන් නැවත ඔබේ දෙදණ ප්‍රතිවිරුද්ධ දිශාවට නවා කලින් ගතකල කාලයම ඒ ඉරියව්වෙන් රැඳී සිටින්න. මුල් ඉරියව්වට පැමිණෙන්න. 2,3න් වරක් මේ ක්‍රියාවලියම නැවත කරන්න. මේ ව්‍යායාමයත් දිනකට දෙවරක් කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනවා. ව්‍යායාම අංක 3 – Wall sits නිවසේ බිත්තියකට පිටුපා අඩියක් පමණ දුරකින් සිටගන්න. දැන් ඔබේ පිට ප්‍රදේශය බිත්තියට හේත්තු කරන්න (හරි කෙළින් මුලු පිටම ස්පර්ෂ වන පරිද්දෙන්) උදරයේ මාංශපේෂි තදකරගෙන අංශක 80කින් පමණ දණහිස් නවමින් පහත්වන්න. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න. 10 වරක් පමණ මෙය නැවත නැවත කරන්න. නිවැරදිව මේ ව්‍යායාමය කරන ආකාරය මේ වීඩියෝවෙන් ඔබට දැකබලාගත හැකි වේවි ව්‍යායාම අංක 4 – Piriformis Stretch සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න. කකුලක් පිට කකුලක් දමාගන්න. දැන් පහතින් ඇති කකුලට දෑත යොදමින් කකුල් දෙකම පපුව දෙසට අදින්න, තත්පර 20ක් පමණ ඒ ඉරියව්වෙන් ගත කරන්න. දැන් කකුල් නැවත උඩ යට මාරු කරගෙන පෙර ලෙසටම පපුව දෙසට ඇද අල්ලාගෙන සිටින්න. මේ ආකාරයෙන් 5 වරක් පමණ නැවත නැවත කරන්න. මේ වීඩියෝව නැරඹීම මගින් වඩාත් පැහැදිලි අදහසක් ගත හැකි වේවි. ව්‍යායාම අංක 5 – Press-up Back Extensions McKenzie Press-Up කියල හඳුන්වන මේ ව්‍යායාමයත් හරිම පහසු එකක්. සමතලා බිමක මුනින් අතට වැතිරගෙන දෙවැලමිට ආධාරයෙන් ශරීරයේ උඩ කොටස මදක් ඉහලට එසවීම තමයි මෙමගින් කෙරෙන්නේ. තමන්ට අපහසුවක් නොදැනෙන තරම් වේලාවක් මේ ඉරියව්වෙන් ගත කිරීම යෝග්‍යයි. පහත වීඩියෝවෙන් ඔබට ඒ ව්‍යායාමයත් නැරඹිය හැකියි. *ව්‍යායාම් හා ඒ ආශ්‍රිත දේ කිරීම පටන් ගැන්මට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.* හරි වටිනවා මෙය, මටත් අනිවා එකෙන් මේ ලිපි එවනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 09 Jun 2016 05:10 AM මටත් කොන්දෙ කැක්කුමක් ලාවට වගේ එනව මේ ව්‍යායාම ටික කරල දාන්න ඕනෙ 0 hasithadSuper Senior MemberPosts:5795 09 Jun 2016 08:52 AM කොට්ට පැදුරු නැතිව බිම නිදා ගන්න.ඒකත් හොදයි. 0 sha733Super Senior MemberPosts:7332 10 Jun 2016 09:33 PM හැම කොන්දකටම ඒක හරියන්නෙ නැහැ අයියේ 0 hasithadSuper Senior MemberPosts:5795 11 Jun 2016 07:14 AM මම කිව්වේ 60 පැනපු අයට නෙමෙයි. ඔයාලා වගේ අයට. 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 Jun 2016 07:27 AM konde kekkuma haduna kaaleka wath karamu neda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 12 Jun 2016 01:51 AM Posted By hasithad on 11 Jun 2016 07:14 AM මම කිව්වේ 60 පැනපු අයට නෙමෙයි. ඔයාලා වගේ අයට. එහෙනං කොරල බලමු. ඒන කොන්දෙ අමාරැවට වඩා අමාරැයිද දන්නෙ නැහැ 0 samanthaMost Senior MemberPosts:13190 04 Jul 2016 10:49 PM අක්මාවේ මේද තැන්පත් වීම ගැන දන්නවාද? බොහෝ දෙනක් තමන්ගේ ශරීරයේ සමට ආසන්නයේ මේද තැන්පත් වීම ගැන නම් දන්නවා. නමුත් ඔබේ දන්නවාද අක්මාවේ මේද තැන්පත් වීම දිනෙන් දින බොහෝ රෝගීන් මුහුණ දෙන තත්ත්වයක් බව? දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව, අධික රුධිර පීඩනය වැනි රෝග සමග මෙය ඇති විය හැකියි. ඒ වගේම නිසි ප්‍රථිකාර නොලැබුනොත් සිරෝසිස් නමැති තත්ත්වයට ලක් වී අක්මාව අඩපන වීමටත්, ඒ සමගම ජීව ක්‍රියා බොහොමයක් අවුල් වී ජීවිතය පවා නැති වෙන පුළුවන්… මේ ගැන ජාතික රූපවාහිණියේ වැඩසටහනක මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සමග කල සාකච්ඡාවකින් උපුටා ගත වීඩියෝවක් පහත දැක්වෙනවා… සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 kingDVeteran MemberPosts:3309 05 Jul 2016 08:37 PM Posted By samantha on 04 Jul 2016 10:49 PM අක්මාවේ මේද තැන්පත් වීම ගැන දන්නවාද? බොහෝ දෙනක් තමන්ගේ ශරීරයේ සමට ආසන්නයේ මේද තැන්පත් වීම ගැන නම් දන්නවා. නමුත් ඔබේ දන්නවාද අක්මාවේ මේද තැන්පත් වීම දිනෙන් දින බොහෝ රෝගීන් මුහුණ දෙන තත්ත්වයක් බව? දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව, අධික රුධිර පීඩනය වැනි රෝග සමග මෙය ඇති විය හැකියි. ඒ වගේම නිසි ප්‍රථිකාර නොලැබුනොත් සිරෝසිස් නමැති තත්ත්වයට ලක් වී අක්මාව අඩපන වීමටත්, ඒ සමගම ජීව ක්‍රියා බොහොමයක් අවුල් වී ජීවිතය පවා නැති වෙන පුළුවන්… මේ ගැන ජාතික රූපවාහිණියේ වැඩසටහනක මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සමග කල සාකච්ඡාවකින් උපුටා ගත වීඩියෝවක් පහත දැක්වෙනවා… ස්තුතියි මේ ගැන දැනුවත් කලාට Business, you know, may bring money, But friendship hardly ever does. 0 hasithadSuper Senior MemberPosts:5795 06 Jul 2016 07:59 AM වීඩියෝ එකකින් තියෙන හින්දා තවත් හොදයි. ස්තූතියි අයියේ. 0 You are not authorized to post a reply. Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner