You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Nov 2017 09:29 PM by  indika76
විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන්
 100 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 6 << < 12345 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Mar 2017 04:13 AM
මුංඇට නම් මමත් කන්න ආසයි.ස්තුතියි අයියේ මේ ලිපියට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
19 Mar 2017 07:58 AM
හරි වටින තොරතුරු අඩංගු ලිපියක්.....ස්තුතියි සමන්ත අයියේ.
මේක ඔන්න මම සේව් කර ගත්තා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
19 Mar 2017 08:41 AM
Posted By chamaramind on 19 Mar 2017 04:13 AM
මුංඇට නම් මමත් කන්න ආසයි.ස්තුතියි අයියේ මේ ලිපියට
මුං ඇට කනකොට ලැජ්ජයි එහෙම නැත්නම් බයයි.. ඔය වගේ කේස් නැද්ද චාමර මලයට? දැන ගන්න අහන්නෙ. (විහිළු කරන්නෙ මලෝ හොඳේ. තරහ ගන්න එපා.)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Mar 2017 09:40 AM
ගුණ බව දැනන් උන්නට මුන් ඇට මෙච්චර ගුණයි කියලා දන්නේ මේක කියෙවුවම ..ස්තුති මේ ලිපියට .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
24 May 2017 09:20 PM

කන්නට සුදුසු පලතුරු හඳුනා ගන්න

විවිධ රටවල සිට මෙරටට ආනයනයකරන ආහාර ද්‍රව්‍ය අතර පලතුරුවලට හිමිවන්නේ විශේෂිත ස්‌ථානයකි. ඇපල්, කහ පැහැති නාරං, දෙළුම්, මිදි වැනි පලතුරු විශේෂ මෙහිදී වඩා වැදගත්කොට සලකන අතර, තවත් බොහෝ පලතුරු වර්ග මේ අතර වේ.

මෙසේ ගෙන්වන පලතුරු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකට බෙදා දක්‌වා තිබේ. එනම්,

1. ජාන තාක්‌ෂණික විශේෂ

2. කෘෂි රසායන භාවිතයෙන් වවන විශේෂ

3. කාබනික ගොවිතැන හා සම්බන්ධ පලතුරු විශේෂ වශයෙනි.

මෙම පලතුරු විශේෂ අතරින් නාගරික ප්‍රදේශවල පදික වේදිකාවේ හා කුඩා සිල්ලර වෙළෙඳසල්aවල අලෙවි කෙරෙනුයේ ඉහත සඳහන් කළ අංක 1 - 2 යටතේ මෙරටට ගෙන්වන පලතුරු විශේෂයන්ය. මෙම පලතුරු ගෙඩි මත බොහෝවිට කුඩා ස්‌ටිකරයක්‌ අලවා තිබේ. එහි දැක්‌වෙන අංක මගින් පෙන්වා දෙන්නේ එම පලතුරු නිෂ්පාදනය කර ඇත්තේ කවර ආකාරයකින්ද යන වගයි.එනම්. ඉහත දක්‌වා ඇති ක්‍රමවේද තුනෙන් එකක්‌ ඊට අයත්ය. ජාන තාක්‌ෂණයෙන් හෝ කෘෂි රසායන භාවිතයෙන් නිපදවන පලතුරු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය, මිනිසාගේ පරිභෝජනයට සුදුසු නොවන බව නොදන්නා අයෙක්‌ මේ වනවිට නැති තරම්ය. එබැවින් අඩු මිල ගණන් යටතේ ඕනෑ තරමක ප්‍රමාණයක්‌ සපයා ගැනීමේ හැකියාව තිබුණත්, එවැනි දේ පරිභෝජනයට ගන්නවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් කීපවරක්‌ කල්පනාකර බැලීම අප කවුරුත් පාහේ කළයුතු දෙයකි.

දැන් ඉතිරිව ඇත්තේ අංක 3 යටතේ ගෙන්වන පලතුරු විශේෂයන්ය. පරිභෝජනයට වඩාත් සුදුසු වන්නේ මෙම කාණ්‌ඩයට අයත් පළතුරු විශේෂ වන නමුත්, ගෙන්වන ප්‍රමාණය සීමිතවීම, මිල අධිකවීම හා අලෙවි කෙරෙන ස්‌ථාන තෝරා ගැනීමට ඇති අපහසුව වැනි ගැටළුවලට මෙහිදී පාරිභෝගිකයාට මුහුණදීමට සිදුවේ. මේ නිසා ප්‍රමිතියෙන් යුතු හොඳ තත්ත්වයේ ආනයනික පලතුරු විශේෂ සාමාන්‍ය පාරිභෝගිකයා අතට පත්වීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව බොහෝ අඩුය.

ලෝකයේ පලතුරු වෙළෙ¹ම සහ විශේෂිත පලතුරු විශේෂ සම්බන්ධයෙන් සලකා බලනවිට ශ්‍රී ලංකාව බොහෝ යුරෝපීය රටවලට වඩා ඉදිරියෙන් සිටින රටක්‌ බව නොරහසකි. අවාසනාවකට මෙරට පලතුරු අපනයන ප්‍රතිපත්තීන්වල පවතින අඩුපාඩුකම් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අපේ පලතුරු අපනයන විශේෂ කිහිපයකට පමණක්‌ සීමාවී ඇතත්, මෙරට වැවෙන කරඹ ගෙඩියේ පටන් ගෙන බලනවිට පලතුරු විශේෂ 200 කට අධික සංඛ්‍යාවක්‌ මේ වාසනාවන්ත රට තුළ ජනිත වී තිබේ. මේ පලතුරු විශේෂ සම්බන්ධයෙන් නිසි ඇගයීමක්‌ සිදුකර ඒවා ලෝකයට හඳුන්වා දෙනවා වෙනුවට අප කරන්නේ ලෝකයේ වෙනත් රටවල වස විස මේ රටට ගෙන්වාගෙන රස බැලීමේ සංස්‌කෘතියක්‌ ගොඩනඟා ගැනීමය. මෙය මේ රටේ සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් සලකා බලනවිට අති මහත් ගැටළුවක්‌ බව අමුතුවෙන් පහදා දියයුතු කරුණක්‌ නොවේ.

අප කුඩා කාලයේ මෙන්ම අද ද බොහෝ ගම්මානවල කුඹුර, කමත, ලන්ද, බඩවැටිය මේ කොතැනක වත් කුඩා පලතුරු විශේෂ බොහොමයක්‌ තිබේ. ඉහළ පෝෂණ ගුණයකින් යුතු මේවා ගඩා ගෙඩි නමින් හඳුන්වයි. හිඹුටු, මාදං, බලුදං, බෝවිටියා, කරඹ, ඇඹිල්ල, කෝං, ඇඹුල් පේර, කොච්චි පේර, සීනි පේර, කජු පුහුලන්, පළුකං, කටුගෙඩි, වේගෙඩි, ඉඳි, එරමිණියා, කොහු, කිරිල්ල, චිංචවු, රත්මල්ගෙඩි, කිරළ, පඩගෙඩි, කොට්‌ටං, බුළු, ඇටඹ වැනි පලතුරු විශේෂ ගඩා ගෙඩි, අතර මුල්තැන ගන්නා පලතුරුය. මේවා කිසිදාක මුදල් ගෙවා මිලදී ගෙන රස විඳින පලතුරු විශේෂද නොවේ.

මේ හැරුණුවිට පලු, වීර, මොර, ගල් සියඹලා වැනි පලතුරු විශේෂ තිබුණද බොහෝවිට මේවා වර්තමානය තුළ රක්‌ෂිත වන භූමි වලට පමණක්‌ සීමාවී තිබේ. නමුත්. අද නාගරික සමාජයේ වෙසෙන දරුවෙකුට මේ පලතුරක නමක්‌ හෝ අසන්නට දකින්නට ලැබේ නම් එයද වාසනාවකි.

පිටරටවලින් ගෙන්වන පලතුරු නැතුවාට අපේ ලඳු කැලෑවල වැවෙන ගඩාගෙඩිවලින් ලැබෙන පෝෂණය පමණක්‌ම අපේ දරුවන්ට ප්‍රමාණවත්ය. මේ හැරුණුවිට දේශීය වෙළෙඳපොලෙන් හා ගෙවත්තෙන් සපයාගතහැකි දේශීය පලතුරු විශේෂ සංඛ්‍යාව සුළු පටු නොවේ. මේවා රසයෙන් හා ගුණයෙන් ඉතාමත් ඉහළය. මේ නිසා සෑම වැඩිහිටියකුගේම යුතුකම තමන් ආදරය කරන දරුවන්ව මේ රටේ වැවෙන එළවළු පලතුරු වලට හුරු කිරීමය. එය අපගේ නීරෝගීභාවයට මෙන්ම, රටේ ආර්ථිකයේ නිරෝගීභාවයටද වැදගත් වේ.

මාදම්පේ චන්ද්‍රපාල අතලගේ

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
25 May 2017 12:00 AM
බොහොම වටිනා තොරතුරු ටිකක්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
25 May 2017 08:04 AM
අපේ වත්තේ මට පුලුවන් හැම පලතුරක්ම වගේ හිටවනවා.
ගෙඩි හැදෙන නොහැදෙන එක වෙන වැඩක්. වහ නං ගෙදර ගේන්නේ නෑ.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
25 May 2017 10:56 PM
Posted By samantha on 24 May 2017 09:20 PM

මැන්ගුස් කන්න නම් මමත් ආසයි,
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
26 May 2017 12:39 AM
ආස වුනත් වස විස නැති පලතුරක් හම්බවෙන්නෙ කලාතුරකින්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
27 May 2017 08:35 AM
ගම් වල නම් තවම මේවා තියෙනවා අයියේ.
ඒක අපිට හොදයි.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
27 May 2017 05:25 PM
Posted By Ind007ka on 26 May 2017 12:39 AM
ආස වුනත් වස විස නැති පලතුරක් හම්බවෙන්නෙ කලාතුරකින්

දැන් හැම දේටම වස විස දානවා .......ඒවානම් නොකා ඉන්න තරමට හොදයි .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
27 May 2017 06:04 PM
කඩේ තියන පලතුරු වල විස කවලම් කරනවනෙ ගොඩක් . මිනිසු මිනිස්සුන්ටම වහ කවනව. අනේ මන්ද
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
27 May 2017 07:17 PM
අපි නම් දැන් කෙහෙල් ගෙඩියක් වත් කන්න බයයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
27 May 2017 08:36 PM
ස්තුතියි අයියේ වටිනා ලිපියට.මම කන්නේ කොළ පාට ඇපල්,දෙළුම්,කෙසෙල්,කොළපාට මිදී,ජම නාරං,කටු ආතා,අන්නාසි,පැශන්,කටු ලොවි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
29 May 2017 12:18 AM
මේ අන්තිම පිංතුරේ තියෙන්නෙ වැලි ආත්ත නේද ? මී පැණි වගේ රහයි මේවා
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
29 May 2017 12:22 AM
මේ අන්තිම පිංතුරේ තියෙන්නෙ වැලි ආත්ත නේද ? මී පැණි වගේ රහයි මේවා
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 Jun 2017 05:45 AM
ගෙදර හදා ගන්න දෙයක් තමා ඉතින් වසවිස නැතුව කන්න පුළුවන් .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Jun 2017 03:32 AM
Posted By Ind007ka on 27 May 2017 07:17 PM
අපි නම් දැන් කෙහෙල් ගෙඩියක් වත් කන්න බයයි
කෙසෙල්. කෙසෙල් තමයි අයියෙ දැන් අම්බානකටම විස කවල එවන්නෙ. මන් දන්න නිසයි කියන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Jun 2017 04:54 AM
එහෙනම් මෙයා වෙන්න ඇති විස කවන්නේ ,,ඔය තරම දන්නවා කියන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
07 Jun 2017 06:26 AM
Posted By Rosi on 07 Jun 2017 04:54 AM
එහෙනම් මෙයා වෙන්න ඇති විස කවන්නේ ,,ඔය තරම දන්නවා කියන්න
නෑ. අපි විස කවන්නේ නැහැනෙ. විසි නම් විසම තමා. ඒවා අපි ළඟ නැත. හැබැයි වැඩි පලදාවක් ගන්න යොදවන්න පුළුවන් විෂ ජාති වගේම කෙසෙල් ඉක්මනින් ඉදවීම සඳහාත් යොදවන ජාති වැඩිපුර දීමෙන් විෂ වෙනවා. මේවා කරන්නේ  නම් පලතුරු වෙළෙන්දෝ. ඒ වගේම කෙසෙල් වල ඇතිවෙන දිලිර සහ අනෙකුත් රෝග ඇති කරන පලිබෝධකයින් විනාශ කිරීමට සාන්ද්‍ර ප්‍රමාණයෙන් විෂ එකතු කරනවා ගොවියන් විසින්. පලදාව හොඳ මුත් ශරීරයට යම් බලපෑමක් කරන පුළුවන්.

ශාකයට අවශ්‍ය පෝෂක ලබාදීම එකක්. පලිබෝධ නාශක කියන්නේ තව ජාතියක්.

මම පොඩි පැහැදිලි කිරීමක් කළේ.