Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Nov 2017 09:29 PM by indika76 විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 19 Aug 2017 04:18 PM ම්ම්ම්ම්ම්ම් එකත් හොදා තමා ..ස්තුති මල්ලි 0 indika76Most Senior MemberPosts:10449 19 Aug 2017 09:42 PM සරල වුනත් ඉතා සාර්ථක ක්රමයක්... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Aug 2017 10:07 PM සරලයි. නමුත් සෑහෙන්න වටිනාකමක් තියෙනවා උපදෙස. මමත් මේ වැඩේ කරනවා අද ඉඳන්. විශේෂයෙන්ම දරුවෝ දෙන්නට දෙන්න වෙන කෑම සමහර ඒවා ෆ්‍රිජ් එකේ දාල තියන්න වෙනවමයි නේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 12 Sep 2017 09:43 PM මේ දේවල් කනවා නම් බොනවා නම් බෙහෙත් වල ගුණ විනාශ වෙනවා සුනිල් ඇදුම රෝගියෙක්. ඇදුම ඇති වූ අවස්ථාවලදී ඔහු ක්ලෝම නාල පෙනහැල්ලට වාතය ගෙන යන සහ ආපසු ගෙන එන ශ්වාස නාල පුළුල් කරන විස්තාරක ඖෂධ ගැනීම ඔහුගේ සිරිතක්. එහෙත් සුනිල්ට මිදිය නොහැකි පුරුද්දක් තිබුණා. ඒ නම් දවසකට කෝපි කෝප්ප 3-4 ක් පානය කිරීම. බෙහෙත් ගත්තද ගුණයක් නැති තැන සුනිල් නැවතත් වෛද්‍යවරයෙක් හමු වුණා. සුනිල්ගේ කෑම බීම ගැන සොයා බැලූ වෛද්‍යවරයාගේ අදහස වුණේ කෝපි පානය දවසකට එක කෝප්පයකට සීමා කළහොත් බෙහෙත්වල ගුණය සුනිල්ට නිසැකවම ලැබෙණු ඇති බවයි. කෝපි / චොකලට් / කෝලා පාන කෝපි පමණක් නොව චොකලට්’ කෝලාපාන වැනි කැෆෙන් අඩංගු ආහාරපාන ගැනීම නිසා ක්ලෝම විස්තාරක ඇදුමට ලබාදෙන ඖෂධවල ක‍්‍රියාකාරීත්වය පසුබැස්සවීමට සමත්. එසේම මානසික රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධවල ගුණය අඩු කිරීමටද කැෆෙන් වලට හැකියාව ඇත. පෙර සකස් කළ චීස් , හරක් මස් ඇතුළු ආහාරත් අහිතකරයි පෙර සඳහන් කළ කැෆෙන්වල වගේම කල්ගත වූ ආහාර , අච්චාරු චට්නි ලෙස සකස් කළ ආහාර , පැසවිම මගින් සකස් කළ ආහාරවල ස්වභාවයෙන්ම ඇතිවන ද‍්‍රව්‍යයක් ලෙස ටිරමීන් හැඳින්විය හැකියි. විශේෂයෙන්ම සකස් කල චීස් කාලයක් පැවති විට වගේම පෙර සකස් කළ හරක් මස්, කුකුල් මස්, පීකදු, වියළි සොසේජස්, වෙනත් මස් නිෂ්පාදන තුළ මේ ටිරමීන් පැවතිය හැකියි. එසේම කෙසෙල් ගෙඩි , වියළි මිදි හා වෙනත් වියළි පලතුරු පමණ ඉක්මවා ඉදුණු පලතුරු තුළත් ටිරමීන් රසායනිකය දැකිය හැක. මේ ටිරමීන් අගුණ වන්නේ ඔබ ප‍්‍රතිජීවක , ඇන්ටිබයෝටික්ස් ඖෂධ සහ ප‍්‍රති විෂාදීය ඖෂධ , මානසික අවපීඩන තත්ත්වයෙන් මිදීමට ලබාදෙන ඖෂධ ගන්නේ නම් බව මතක තබා ගැනීම වැදගත්. සුදුළූණු හා ඉගුරු සුදුළූණු හා ඉගුරු බොහෝ ගුණ ඇති ශාකමය ඖෂධ බව ඇත්තය. එහෙත් ඒවා පමණක් නොව තවත් ශාකමය ඖෂධ රාශියක්ද සමහර බටහිර ඖෂධවල ක‍්‍රියාකාරීත්වය හා ගැටෙන බව හෙළිව තිබෙනවා. විශේෂයෙන්ම වොර්ෆරින් නම් රුධිරය කැටි ගැසීම වැළැක්වීමට ලබාදෙන ප‍්‍රති කැටිකාරක ඖෂධයේ ක‍්‍රියාකාරීත්වයට හරස් වීමට පුළුවන. ජින්ග්සෙන්ග් ලංකාවේද සමහරු විවිධ ප‍්‍රාතිහාර්යමය ගුණ සොයා ජින්ග්සෙන්ග් භාවිත කරන බව පෙනෙයි. වොර්ෆරින් වැනි ප‍්‍රති කැටි කාරක ඖෂධ ගන්නා විටදී රුධිර ගලනයක් ඇතිවීමේ අවදානමක් ඇති කිරීමට මෙම ජින්ග්සෙන්ග් වලට හැකියාව තිබෙනවා. ඒ වගේම ඉබුප්‍රොෆෙන් වැනි වේදනා නාශක ඖෂධ ගත් විටත් එම ඉරණම අත්කර දිය හැකියි. එපමණක් නොව සමහර ප‍්‍රති විෂාදීය ඖෂධ (ඇන්ටි ඩිප‍්‍රසෙන්ට්) ගත් විටදීද එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධ ඉහළ දැමීමටද ජින්ග්සෙන්ග් වලට හැකියි. ජින්කෝ බිලෝබා සමහර පුද්ගලයන් තම මතකය ඉහළ නංවා ගැනීමට මෙම ශාකමය නිෂ්පාදනය ගැනීම දැකිය හැකියි. එහෙත් වලිප්පුව , අපස්මාරය ආදී රෝග තත්ත්වයන්ට ලබාදෙන ඖෂධවල කාර්යක්ෂමතාව පහළ හෙළීමට ඉඩ තිබෙනවා. තවත් ඖෂධ ගණනාවක හැකියා සිඳලීමට එය සමත් නිසා යම් ලෙසකින් ඔබ ජින්කෝබිලෝබා ගන්නේ නම් වෛද්‍යවරයාට ඒ බව පැවසීම ඔබේ යුතුකමක්. පොටෑසියම් බහුල ආහාර කෙසෙල් ගෙඩි, දොඩම්, තද කොළ පැහැ එළවළු සහ සමහර ලූණු වර්ග තුළ පොටෑසියම් විශාල වශයෙන් අඩංගුය. අධි රුධිර පීඩනය පාලනය සඳහා සහ වෙනත් රෝග තත්ත්වයන් සඳහා ලබාදෙන කැප්ටොපිල් ඇතුළු ඖෂධ ගන්නා විට පොටෑසියම් අධික ආහාර ගත්විට රුධිරයේ අඩංගු පොටෑසියම් ප‍්‍රමාණය පමණ ඉක්මවා ගොස් අනතුරු ඇති කළ හැකියි. විටමින් කේ බහුල ආහාර ගෝවා කුලයේ එළවළු මල් ගෝවා, ගෝවා ඇතුළු සහ පලා වර්ග තුළ විටමින් කේ බහුලය. වෝෆරින් ප‍්‍රති කැටි කාරක ඖෂධය සතු හැකියාව අඩු කිරිමට මේ ආහාර සමත් බව මතක තබා ගැනීම වැදගත්. ගුණ වැල්මී අගුණ වන වෙලාව වැල් මී ඖෂධයක් මෙන්ම සමහර ආහාර වර්ග රස ගැන්වීමටද යොදා ගනියි. හෘදය රෝගීන් සඳහා ලබාදෙන ඩිජොක්සින් නම් ඖෂධය ලබන රෝගීන්ගේ හද ගැස්ම අක‍්‍රමවත් කිරීමට මෙන්ම සමහරවිට හෘදයාබාධයක් කුළු ගැන්වීමටද එය සමත්. එසේම හයිඩ‍්‍රක්ලෝරෝතයසයිඞ් සහ ස්පයිරනෝලැක්ටෝන් වැනි රුධිර පීඩනය පහළ පෙළීමට සහ මුත‍්‍ර කාරක වශයෙන් ලබාදෙන ඖෂධවල බලපෑම අඩු කිරීමටද වැල්මී හා වැල්මී තුළ අඩංගු ද‍්‍රව්‍ය සමත්ය. විශේෂයෙන්ම ස්ටැටින් ගණයේ කොලෙස්ටරෝල් පහළ හෙළන ඖෂධවල ක‍්‍රියාකාරීත්වය වැඩි කිරිමට සමත් වූවද, ආමාශ ආන්ත‍්‍ර පටල තුළින් රුධිර ගලනය ඇති කිරීමටල පේශි තන්තු හානි කිරීමට සමත් බව හෙළිකර ගෙන ඇත. මෙම ක‍්‍රියාව වකුගඩු කෙරෙහිද අහිතකර ලෙස බලපායි. හෘදය රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ අන්තර් ක‍්‍රියා කිරීමට මෙන්ම ඖෂධ බොහෝ ගණනාවක ඖෂධීය ශක්තිය හීන කිරීමට ගේ‍්‍රප් ෆෲට් සමත් බව පිළිගැනෙයි. මත්පැන් බී ඖෂධ පානය කොහෙත්ම හොඳ නෑ ඖෂධ සමග මත්පැන් ශරීර ගතවීම නිසා හානිකර තත්ත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ බොහෝය. පැරසිටමෝල් වැනි වේදනා නාශක, ප‍්‍රති හිස්ටමීන ඖෂධ, වෝෆරින් වැනි ප‍්‍රති කැටි කාරක ඖෂධ මෙන්ම ඇදුමට ලබාදෙන ඖෂධල කොලෙස්ටරෝල් අඩු කිරීමට සඳහා ලබාදෙන ස්ටැටින් වර්ගයේ ඖෂධල කොඬේන් වැනි මත්ගතිය ඇති කරන වේදනා නාශකල ඇතුළු ඖෂධ අති විශාල සංඛ්‍යාවක ක‍්‍රියාකාරීත්වයට හා කාර්යක්ෂමතාවට හරස් වීමට මත්පැන් සමත්ය. තුසිත මලලසේකර – උපුටා ගැනීම දිනමිණ පුවත් පත සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 05:36 AM හොදයි කියල කෑවට පැත්තකින් නරකකුත් තියෙනවා නේද හැමදේම දැනගෙන කන්න බොන්න වෙලා තියෙන්නේ ස්තූතියි අයියා දැනුවත් කිරීමට 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2017 08:11 AM කොයි දේටත් ඕනෑවට වඩා හොදා නැ කියනවා නේ ,,ස්තුති අයියේ ලිපියට . 0 hasithadSuper Senior MemberPosts:5795 14 Sep 2017 08:49 AM මේකේ කීපයක්ම දැන ගෙන හිටිය නෑ. කොයි දේ වුනත් ගානට මිම්මට වගේම ගුන අගුන දැන ගෙන ඉන්න එක හරි වටිනවා. නැත්නම් අවසානෙට ජීවිත හානි වුනත් වෙන්න පුලුවන්. 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2017 07:02 PM ස්තුතියි අයියේ.මේ කරුණු ටික නම් වැදගත්.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 24 Sep 2017 12:22 AM විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන් අද මත්වීමට යොදා ගන්නා බොහෝ පානයන් එදා ඖෂධ ලෙස භාවිතයට ගත් දේවල්ය. නමුත් අද ඒවා භාවිතයට ගන්නා ආකාරය අනුව විශේෂයෙන් ලාංකිකයන්ගේ ශරීර ශක්තිය මතක ශක්තිය දුර්වල කරන ජීවිතයේ අවසන් කාලය කෙසගව වැහිරී ගිය ශරීරයකින් සිරෝසියස් හෝ වෙනයම් වකුගඩු රෝගයකින් පීඩා විදින තැනට ඇද දමන තත්වයට පත්වී ඇත. තවත් සමහරුන්ට නීරෝගීබව වැඩි කරගන්නත් සෘජු හෝ වක්‍ර ආකාරවලින් මත්පැන් දායක වී ඇති බව අපට අසන්නට ලැබෙනවා. ඒ වඩාත් බුද්දිමත් මහත්මා ගති ඇති මිනිසුන් තමන්ට අවශ්‍යය ප්‍රමාණයට පමණක් මත්පැන් ගැනීමට දක්ෂ වීම නිසාය. ලෝකයේ වෙනත් රටවල මත්පැන් ගැනීම එක්තරා ලෙසකට චාරිත්‍රයකි. ඒ රටවල මිනිසුන් අවශ්‍යය ප්‍රමාණයට බී එයින් සියුම් උත්තේජනයක් ලබා සතුටින් විසිර යති. අපේ ගොත්ත්‍රිකයන් පෙරේතකමට බී බෙල්ල සාක්කුවේ දාගෙන කානුවක හෝ වැටී සිටී, නැතිනම් ගෙදර ගොස් ගෑනිට ළමයින්ට පරණ ප්‍රශ්න මතක් කරමින් හිරහැර කරයි. ඔබත් මෙසේ කරනවානම් ඔබේත් නොදියුණු ගොත්ත්‍රිකයෙක්ගේත් වෙනසක් නැතිබව මතක තියාගන්න. ලෝකයේ විවිධ රටවල ජනප්‍රිය මත්පැන් වර්ග පිළිබද හැදින්වීමක් හා ඒවා එකිනෙකට වෙනස් වන්නේ කොහොමද යන්න මෙම article තුලින් බලගන්න පුළුවන් . මේ map එකෙන් බලාගන්න පුළුවන් විවිධ රටවල ජනප්‍රිය පානය මොකක්ද කියලා. උපුටා ගැනීම: qz.com විස්කි උපුටා ගැනීම : sciencemag.org විස්කි යනු ලොව ප්‍රසිද්ධම නීත්‍යනුකුල සැර මත්පැන් වර්ගයයි. මෙය ධාන්‍ය වර්ග පැසවා ආසවනය කිරීමෙන් ලබාගන්නා ද්‍රවනයකි. ඒ සදහා බාර්ලි, තිරිගු ,යව,බඩඉරිගු ආදි ඕනෑම ධාන්‍ය වර්ග යොදා ගන්නා අතර ප්‍රධාන වර්ග දෙකකට විස්කි බෙදනු ලබයි. මෝල්ට් (යව) ග්‍රෙන්ස් (ධාන්‍ය) මේ ප්‍රධාන කොටස් දෙක එකට සම්මිශ්‍රණය කිරීමෙන් විවිධ අනු විස්කි වර්ග සාදා ගනු ලැබේ. උදා: (Single malt whisky, Blended malt whisky, Blended whisky) විස්කි සදහා බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ ස්කොට්ලන්තය වන අතර ස්කොට්ලන්ත විස්කි හදුන්වන්නට යොදනු ලබන කෙටි නාමයයි ස්කොච් යන්නයි. උපුටා ගැනීම : insightvacations.com තවත් වෙනසක් වන්නේ එහි විස්කි යන්න ඉංග්‍රීසි බසින් ලියනු ලබන්නේ E අකුරක් යොදා නොගෙනයි. එම මත්පැන් අවුරුදු 3 ක් හෝ ඊට වඩා කාලයක් ඕක් ලී බැරලවල ගබඩා කරමින් පරණ කරනු ලබයි. එලෙසම ස්කොට්ලන්තයේ ප්‍රධාන භූවිෂමතා කලාප අනුවද වෙනස් කම් දක්නට ඇත. වොඩ්කා (රුසියානු බසින් ජලය) උපුටා ගැනීම: gentlemansgazette.com දෙවෙනියට ලොව වැඩිම ජනප්‍රියතාවක් උසුලන සැර මත්පැන් වර්ගය වන්නේ වොඩ්කා කිවුවොත් නිවැරදියි. වොඩ්කා වල මවුරට ලෙසින් සැලකෙන්නේ පොලන්තයයි. උපුටා ගැනීම : jetLookup.com වොඩ්කා වල මුලිකවම අඩංගු වන්නේ ජලය සහ එතනෝල්ය. බොහෝ විට අර්තාපල් සහ ධාන්‍ය ආසවනය කිරීමෙන් නිෂ්පාදනය කරයි. රයි සහ තිරිගු වලින් නිපදවන වොඩ්කා ඉතා උසස් තත්වයේ වොඩ්කා ලෙස සැලකෙයි. වොඩ්කා විස්කි මෙන් අවුරුදු ගණන් ලෑලි පීප්ප වල බහා පල් කිරීමක් කරනු නොලැබේ. එම නිසා වොඩ්කා වලට වර්ණයක් නැත. වර්තමානයේදී විවිධ රසයන්ගෙන් විවිධ රසායනික සංයෝග අඩංගු කරමින් වොඩ්කා නිෂ්පාදනය කරනු ලබයි. වොඩ්කා බොහෝවිට කිසිම දෙයක් කලවම් නොකර බොන නීට් ඩ්‍රින්ක් එකක් විදියට තමයි ප්‍රසිද්ධ. සාමාන්යෙන් යුරෝපා සංගමයට අනුව වොඩ්කා එකක ඇල්කොහොල් ප්‍රමාණය 37.5% ක් හෝ ඊට වැඩිවිය යුතුය. එය ඇමරිකාවේ අවම 40%ක අගයක් ගනී. වොඩ්කා බොහෝ නැගෙනහිර යුරෝපියානු රටවල සාම්ප්‍රදායික බීමක් ලෙස ප්‍රසිද්ධය. එනම් වොඩ්කා එම රටවල ඉතිහාසගත බැදීමක් තිබෙන සංස්කෘතික පානයකි. එම රටවල් Vodka Belt ලෙස හදුන්වයි. ඒවා නම්: Russia, Belarus, Poland, Ukraine, Lithuania, Latvia, Estonia, Sweden, Norway, Finland, සහ Iceland. උපුටා ගැනීම: blog.uvinum.es බ්‍රැන්ඩි උපුටා ගැනීම: healthy-life.narod.ru බ්‍රැන්ඩි යනු ආස්‍රවණය කරන ලද වයින් වේ. ආස්‍රවනය පළිබද තාක්ෂණික දියුණුවේ ප්‍රතිපලයක් ලෙස අනෙකුත් මත්පැන් වලට පසුව මත්පැන් ලැයිස්තුවට එකතු වූ සාමාජිකයෙකි. ප්‍රධාන බ්‍රැන්ඩි වර්ග වන Cognac හා Armagnac යන ඒවා ප්‍රංශයේ විශේෂ භූ විෂමතා කලාප සහිත ප්‍රදේශ වලින් ලබාගන්නා මිදි යුෂ යොදාගෙන නිපදවනු ලබයි. බ්‍රැන්ඩි රාත්‍රී ආහාරයෙන් පසු බොන පානයක් ලෙස ප්‍රකටයි. බ්‍රැන්ඩි වල 35% සිට 60 දක්වා ඇල්කොහොල් අඩංගු වන අතර බ්‍රැන්ඩි දීර්ගකාලයක් ඕක් ලී බැරල් වල බහා තබා ප්‍රයෝජනයට ගැනීම සිදුවේ. පළතුරු යොදා ගනිමින් නිපදවන බ්‍රැන්ඩි ප්‍රංශයේ ප්‍රසිද්ධ අතර eaux de vie නමින් එය හදුන්වනු ලබයි. එය අවර්ණය. සමහර රටවල ස්ප්‍රතු සදහා විවිධ පළතුරු රසකාරක යොදා ගනිමින් බ්‍රැන්ඩි සකස් කරනු ලැබේ. උපුටා ගැනීම: Wikipedia ඉස්තරම්ම වර්ගයේ බ්‍රැන්ඩි අවු 10ක් 12ක් පමණ පරණ වේ. මෙහි පරණ බව අනුව බ්‍රැන්ඩි විවිධ පන්ති (Class) වලට බෙදනු ලැබේ. V.S. (“very special&rdquo 3stars : අවම අවු 2ක් වත් බැරල් වල බහා තබා ඇත. V.S.O.P. (“very superior old pale&rdquo 5 stars : අවම අවු 4ක් වත් බැරල් වල බහා තබා ඇත. XO (“extra old&rdquo : අවම අවු 6ක් වත් බැරල් වල බහා තබා ඇත. Hors d’âge (“beyond age&rdquo : අවම අවු 10ක් වත් බැරල් වල බහා තබා ඇත. ජින් උපුටා ගැනීම: pixabay.com ඕලන්දයෙන් / නෙදර්ලන්තයෙන් ලොවට ආපු ජින් ප්‍රධාන වශයෙන් ජුනිපර් නමින් හදුන්වන බෙරි වර්ගයෙන් ගනු ලබන සාරයෙන් නිපදවනු ලබන අතර ඊට අමතරව වෙනත් ශාක සාර එකතු කොට නිපදවනු ලබයි. උපුටා ගැනීම: wikipedia විවිද බෙරි සහ ශාක සාර සංයෝගයන් නිසා ඉතා විශාල පරාසයක විහිදුනු මත්පැන් වර්ගයක් ලෙස ජින් හැදින්වේ. මෙහි අවම ලෙස 30%ක් ඇල්කොහොල් අඩංගු විය යුතුය. රම් (නාවිකයන්ගේ පානය ) උපුටා ගැනීම: coub.com කැරිබියානු දුපත්හි ඇරඹුන බවට සැලකෙන රම් නිපදවනු ලබන්නේ උක් වලින් ලබාගන්නා අතරමැදි නිපදවීමක නැවක ආස්‍රවණය හෝ කිහිපවරක් ආස්‍රවණයෙනි. පරණ නොවු හෝ කෙටි කාලයක් පරණ වු රම් සැර ගතියෙන් අඩු අතර මිශ්‍ර පානයන් සදහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. කාලයක් ඕක් ලී බැරලවල ගබඩා කරමින් පරණ කරනු ලබයි. පරණ කල රම් වටිනාකමින් ඉහල අගයක් ගනී. රම් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ කැරිබියානු දුපත් ආශ්‍රිතවයි. රම් බටහිර ඉන්දීය කොදෙවු දුපත්වල සංකෘතිය හා ජන ජීවිතය හා බැදුණු බීමක් මෙන්ම රාජකීය නාවික හමුදාවත් කැරිබියානු මුහුදු මන්කොල්ලකාරයොත් එක්ක ඉතිහාසගත සබදතාවක් තිබෙන බීමක්. pirates of the caribbean බලපු අයට මතක ඇති jack sparrows රම් වලට මොනතරම් පෙරේතද කියලා. උපුටා ගැනීම: thesipadvisor.com අරක්කු උපුටා ගැනීම: dcslgroup.com අරක්කු යනු ප්‍රධාන වශයෙන් පුවක් මලෙන් හෝ පොල් මලෙන් ගනුලබන සාරයෙන් නිෂ්පාදනය කරන ඇල්කොහොල් අඩංගු පානයකි. මෙහි උපත ඉන්දියාවේ සිදු වූ බවක් තමයි පැවසෙන්නේ ඒ පුවක් මල් සාරය ඇසුරෙන් තමයි මුලුන්ම නිපදවලා තියෙන්නේ. හැබයි මේකට අරක්කු කියන නම ලැබිල තියෙන්නේ අරක් කියන අරාබි වචනයෙන්. අරක් යන්නෙන් පැවසෙන්නේ පැසවීමට/ ආසවනය කිරීමට සමාන අරුතක්. අරක්කු විශාල ලෙස පැතිර අත්තේ දකුණු ආසියාවේය. ඒ වගේම දකුණු නැගෙනහිර ආසියාවේද යම් තරමක් දුරට ව්‍යාප්තව පවතින මත් පැන් විශේෂයක්. ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කර නෙදර්ලන්තයට යවන අරක්කු. උපුටා ගැනීම: houstonpress.com ඒවගේම අරක්කු කිව්වම ලංකාවේ සංකෘතියට වගේම සමාජ පරිහානියට මොන තරම් බලපෑමක් ඇතිකරපු දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ලොව විශාලතම පොල් අරක්කු නිෂ්පාදකයා ශ්‍රී ලංකාව. ලංකාවේ අරක්කු ලෝකයේ රටවල් ගණනාවකට අපනයනය කරනවා ceylon arrack කියන නාමය යටතේ. උපුටා ගැනීම: rockland සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 24 Sep 2017 07:44 AM හොද විස්තරයක් සමන්ත අයියේ..ස්තුතියි මේ ලිපියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Sep 2017 08:13 PM bothal pennala pissu wattanna epa samanatha ayye..oya ena kenek athe ekak dekak ewanna balanna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 24 Sep 2017 10:21 PM Posted By Ind007ka on 24 Sep 2017 08:13 PM bothal pennala pissu wattanna epa samanatha ayye..oya ena kenek athe ekak dekak ewanna balanna මතට තිත... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Vita123Advanced MemberPosts:549 24 Sep 2017 11:22 PM බිව්වට මේවා දැනන් හිටියේ නැහැනේ... ස්තුතියි සමන්ත අය්යා ... "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 sha733Super Senior MemberPosts:7332 25 Sep 2017 03:10 AM මම හිතන් හිටියේ වෙඩ්කා තමයි 1ට තියෙන්නේ කියල ස්තූතියි අයියේ හොද පැහැදිලි කිරීමක් මේව බොන්නෙ නැති හින්ද බලන්නම හිතුනා.................. 0 hasithadSuper Senior MemberPosts:5795 26 Sep 2017 08:57 AM කට්ටියගෙ රජ පානෙ ගැන ඔන්න තේරෙන සින්හලෙන්ම. හුගක් අය බිව්වට දන්නේ නෑ වැඩි විස්තර. 0 DushanVeteran MemberPosts:2536 28 Sep 2017 05:36 AM ස්තුති මේ බෝතල් විස්තර ටිකටත් 0 RosiSuper Senior MemberPosts:5335 28 Sep 2017 09:50 AM හොද ඉතිහාසයක් බෝතල් අරින අයට ,මට නම් අදාලම නැත ස්තුති අයියේ 0 smt90Veteran MemberPosts:1736 28 Sep 2017 05:37 PM මරු බෝතල් ටිකක් නේ 0 kingDVeteran MemberPosts:3309 12 Oct 2017 11:11 PM මේව බොන්නෙ නැති උනත් විස්තර දැන ගෙන ඉන්න එක හොදයිනේ... ස්තූතියි අයියේ විස්තරේට.... Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 13 Oct 2017 12:22 AM Posted By Rosi on 28 Sep 2017 09:50 AM හොද ඉතිහාසයක් බෝතල් අරින අයට ,මට නම් අදාලම නැත ස්තුති අයියේ ඇයි..? දැන් බීම නවත්තලද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner