Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 12 of 31 << < 1011121314 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 06 Sep 2016 10:55 PM Quote Reply මොනවද බන් මෙ කියවන්නේ තෙරෙන දෙයක් කියල දීපන්කො මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 ImalkaVeteran MemberPosts:4533 06 Sep 2016 11:17 PM Quote Reply අඩේ 76 මචන්.....උඹ අර මත් සහ විරිත් ගැන කියවන්න ගිහිල්ලා....මත් වෙලා කියපු මොකක්හරි එකක් ද බං මේ..?? මේක කියවලා මගෙත් ඔලුව මත්වෙලා වගේ. පැනඩෝල් දෙකක් ගහන්න වෙයි වගේ හිටං ප. ලි. එළකිරි ටොයිස් නිර්මාණයක් මචන්. 0 samanthaMost Senior MemberPosts:13190 06 Sep 2016 11:30 PM Quote Reply පියුම් ගී විරිත විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 8 බැගින් ද, සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද වේ. (8, 11, 8, 14) මුළු මත් ගණන 41යි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 03:52 AM Quote Reply Posted By Poddi on 06 Sep 2016 09:59 PM අනේ මන්දා ඉතින් කළු අයියේ.. හිමිට හිමිට තේරුම් කරලා දෙන්නම්කො මම ... ලඝු , ගුරු කියලා අක්ෂර වර්ග 2 ක් තියෙනවනේ... අන්න ඒ අකුරු වලට අනුව මත් තියලා කවි හදලා තියෙන්නේ.. මහ පියුම් විරිත හැදෙන හැටි මට පුළුවන් විදිහට කියන්නම්කො කවියක පද 4 ක් නේ තියෙන්නේ ... ඒ පද 4 සම පාද විෂම පාද කියලා බෙදෙනවා .. ඉන්දික අයියා කියපු විදිහට , ''මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද, සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා.. '' කවියේ පලවෙනි පදෙයි , තුන් වෙනි පදෙයි මත් 9 බැගින් හා දෙවෙනි පදෙයි හතර වෙනි පදෙයි මත් පිලිවෙලින් 11 හා 14 එන විදිහට ලියන කවි වලට තමයි මහ පියුම් විරිත කියන්නේ ... සිංහල කිවුවට අපි සිංහල නෙවේ වගේ මේ දේවල් අහනකොට මෙහෙම තේරෙන්නෙත් නැහැ නගෝ තේරැමි ගන්නනං හෝඩියේ ඉදල යන්න වෙනවා 0 PoddiVeteran MemberPosts:2100 07 Sep 2016 04:03 AM Quote Reply heee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 04:37 AM Quote Reply ටීච සිංහල පන්තියකුත් දාමුද හී හී ගගා ඉන්නෙ නැතුව 0 hasithadSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:52 PM Quote Reply තාම විරිත්,මත්, පාද ඉවරනෑනෙ.මට නම් හොල්මන්ද පොල් මද වගේ 0 isurusamSuper Senior MemberPosts:7342 07 Sep 2016 01:20 PM Quote Reply Posted By sha733 on 07 Sep 2016 04:37 AM ටීච සිංහල පන්තියකුත් දාමුද හී හී ගගා ඉන්නෙ නැතුව දාමු සිංහල පාඩමක් පොඩ්ඩි .......... 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 12:58 AM Quote Reply Posted By hasithad on 07 Sep 2016 12:52 PM තාම විරිත්,මත්, පාද ඉවරනෑනෙ.මට නම් හොල්මන්ද පොල් මද වගේ ඒකෙත් පොඩි ගතියක් තියෙනව අයියේ. 0 PoddiVeteran MemberPosts:2100 08 Sep 2016 01:04 AM Quote Reply ඒක නම් ඇත්ත තමයි කළු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 kingDVeteran MemberPosts:3309 08 Sep 2016 01:43 AM Quote Reply Posted By Poddi on 31 Jul 2016 02:56 AM දහසක් දේ ඇත පවසන්නට ඔබේ සවන් මා වෙත වේ නම් .. කල්ප කාල යුග බැම්මක් විලසට ඔබ මා මේ ලෙස හමු වූයේ නම් .. පෙම් වදනින් දෙසවන් සනසන්නට නිති නුඹ ළග හිද මුමුණන්නම් .. මංගල තැලිපිලි පළදා එළැඹෙන දිනයට නුඹෙ ආදර මනමාලිය වෙන්නම් .. මම නුඹෙ හිමිකාරිය වෙන්නම්.. මුලු දිවියම ළග හිද සනසන්නම්.. පෙම් වදනින් සනසා කොදූරන්නම්.. ඔබේ සවන් මා වෙත වේ නම්.. - ඩිලීකා - හරිම ලස්සන අර්ථවත් කවි පෙළක්,,, ස්තුතියි පොඩ්ඩි නගෝ.. Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2016 04:39 AM Quote Reply පොඩ්ඩිගෙ නිසදැස් කවි කථා කියවන්නත් බයයි ඕවලෙ හංගල අපිට බනිනවද දන්නෙත් නැහැ දන්නෙ ඉතින් දෙයියො තමයි 0 maduranga001Most Senior MemberPosts:14118 09 Sep 2016 04:49 AM Quote Reply ඔක්කොම මත් වෙලා ඉන්නේ පොඩ්ඩි ගේ මත් පාඩම කියවල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 10 Sep 2016 05:29 AM Quote Reply දෝණි :- ගෙවී යන රෑ දවා තුන් තිස් පැයම ඒ රුදුරු ගිනිදැල් ඇවිලෙනා බිම අප්පච්චි නුඹ හිටියේ කොහොම කප්පරක් දුක් හිතේ දරාගෙනම අප්පච්චි :- අනන්තය වෙතම නුඹ ගෙන යන්නට හීන ඇත දුවේ නුඹේ ලොව තනන්නට නුඹ වගෙම තව පුංචි දුපුතුන් සැමහට මගේ පුංචි පැතුමයි හෙටක් තනන්නට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2016 07:30 AM Quote Reply Posted By Poddi on 10 Sep 2016 05:29 AM දෝණි :- ගෙවී යන රෑ දවා තුන් තිස් පැයම ඒ රුදුරු ගිනිදැල් ඇවිලෙනා බිම අප්පච්චි නුඹ හිටියේ කොහොම කප්පරක් දුක් හිතේ දරාගෙනම අප්පච්චි :- අනන්තය වෙතම නුඹ ගෙන යන්නට හීන ඇත දුවේ නුඹේ ලොව තනන්නට නුඹ වගෙම තව පුංචි දුපුතුන් සැමහට මගේ පුංචි පැතුමයි හෙටක් තනන්නට සුන්දර දසුනක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 07:35 AM Quote Reply ෆොටෝ එකත් එක්කම දුන්න හින්ද හීන ලෝකෙක අතරමං උනා වගේ දැනුන හරිම ලස්සනයි පොඩ්ඩි 0 PoddiVeteran MemberPosts:2100 14 Sep 2016 01:10 AM Quote Reply ස්නේහයෙන් වැළද ගමි නුඹ දෝත දරා රැගෙන ආ ආදරේ ... ජීවිතය නුඹ නමින් පුදමි පෙම් කවක් හදේ ගලපනා අතරේ ... මියෙනතුරා නුඹ ළගින් හිදිමි එයයි මගේ එකම පැතුම සොදුරේ ... හමු වෙන්න යළිත් පතමි දිවි මග ඉපදෙනා හැම සසරේ.... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 kingDVeteran MemberPosts:3309 14 Sep 2016 01:20 AM Quote Reply Posted By Poddi on 10 Sep 2016 05:29 AM දෝණි :- ගෙවී යන රෑ දවා තුන් තිස් පැයම ඒ රුදුරු ගිනිදැල් ඇවිලෙනා බිම අප්පච්චි නුඹ හිටියේ කොහොම කප්පරක් දුක් හිතේ දරාගෙනම අප්පච්චි :- අනන්තය වෙතම නුඹ ගෙන යන්නට හීන ඇත දුවේ නුඹේ ලොව තනන්නට නුඹ වගෙම තව පුංචි දුපුතුන් සැමහට මගේ පුංචි පැතුමයි හෙටක් තනන්නට මේකනම් ලස්සනයි පොඩ්ඩි Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 01:27 AM Quote Reply හමු වෙන්න යළිත් පතමි දිවි මග ඉපදෙනා හැම සසරේ.... අපි හැමොම මෙක තමා ප්‍රාර්තනා කරන්නේ. ඒත් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,? මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 14 Sep 2016 04:36 AM Quote Reply balamu malli ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 12 of 31 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit