You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 19 of 31 << < 1718192021 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Dec 2016 10:26 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Dec 2016 08:51 PM
Posted By Poddi on 25 Dec 2016 08:31 PM
ඔයා එනතුරු මඟ බලන් උන්නා
හිතත් රිදුණා නෙතු කදුළු පිරුණා
සිහින රැදි පැතුම් සිනහා බිදුණා
ජිවිතය මගදි නුඹෙ දෑත ලිහුණා

- පොඩ්ඩි-
සිහින තේරුම් ගත් කෙනා ළඟම එනවා ඇති. සිත නොරිදන කඳුළු නොගෙනෙන කෙනෙක්.

ලස්සන නිසදැසක් නංගි.



mmmmmm ekane aiye....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Dec 2016 10:49 PM
  •  Quote
  •  Reply
තාම ආවේ නැද්ද පොඩ්ඩී ඔය සිහින කුමරාන. මම හිතුවේ එන්න ඇති කියල
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:06 PM
  •  Quote
  •  Reply
නෙත් දාහක් අතරින් නුඹවම සෙව්වා
හිත් අතරේ නොගොසින් නුඹෙ හිත පැතුවා
පෙම් දැහැනේ වෙලෙමින් අපි පෙම දැරුවා
දුන් ආලේ සුවයෙන් හිත දිරි ලැබුවා ...

-සමුද්‍ර ඝෝෂ විරිතෙන් -

-ඩිලීකා -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:10 PM
  •  Quote
  •  Reply
පැතුම් පැතුව හින්දා නුඹ හිතෙහි දරා
නොයන් දුරක රැදිලා ඉනු දිවිය තුරා
භවෙන් භවය හැමදා මේ බැඳුම පුරා
තවත් සසර හමුවේ පෙම හදෙහි සරා

-සමුද්‍ර ඝෝෂ විරිතෙන් -

-ඩිලීකා -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:11 PM
  •  Quote
  •  Reply
කදුළක සැනසුම දේ, නෙතු මත පේවී
හදවත ඉකිලනු නෑ , දුක සැප ඒවී
අදුරක දුර යනු බෑ , මග නොදැනේවී
වැටහෙන දිනයක ඒ, දුක නැති වේවී ....

මත් 8 කින් පසු ගුරක් හා යතියක්.., මත් 4 කින් පසු ගුරු 2 ක්
( කිඳුරුකෙළි විරිතෙන් )

-, Dil -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:15 PM
  •  Quote
  •  Reply
යුග යුග බැඳෙමින්
පෙම්දම් පුරමින්
පැතුමන් පතමින්
වෙලෙමුද හැගුමින්

- පොඩ්ඩි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:16 PM
  •  Quote
  •  Reply
දිරා ගිය නෙරලු අතු අග නො......................රදවමින්
වැහි බිදු ඇදුණේ බිත්තියේ ........................රෑටමින්
අසරණ බව හිත අස්සේම ...................... සගවමින්
පෙණ කැටි ලෙස කදුලු තැවරුණෙ ........හිනැහෙමින්

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:17 PM
  •  Quote
  •  Reply
කඩුපුල් සුපිපෙන බිස්සේ
සදකැන් දිදුළයි රහසේ
තරුවැල් හිනැහෙන අහසේ
පෙම්වත් හැගුමකි පහසේ .....
- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:19 PM
  •  Quote
  •  Reply
පෙමින් පාර කියන තාරකාවී
නොනිදනා රැයේ
වළාකුළක සැගවී රහසේ
මා මං මුලා කළේ....

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:20 PM
  •  Quote
  •  Reply
මහ හුගක් ආදරේ
හිත තියන් සෙනෙහසින්
තවම නුඹෙ පෙම යදිනවා
කිම පමා ඔය නෙත් අගින්...

ගිලිහෙනා කදුලු නෙත් අග
උණුහුමට දැනෙන විට
කකියනා ළය තදින්
තවත් නුඹෙ නමට පෙම් බදී...

මුණ ගැසුණු මේ සසර
අපි අපේ වෙන්නට
කියන් අවසරය කෙසේ ලබන්ද
කාගෙන් වුවද යදිම් මම...

තරු පොකුරු පිරි අහස
නමුදු සද නිදිබරිත අද
පුර හදක් නැගෙන දින
හමු වෙමුද එක වරක් පෙමින...

නුඹේ රලු උරතලේ උණුසුමට ගුලිවෙලා
එකම එක දිග සුසුමක් හෙලා
සෙහනහස මට හිමි නොවනා හින්දා
මියෙන්නම් මතු සසර හමුවෙනු සිතා....

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:21 PM
  •  Quote
  •  Reply
දකිනමුත් හැබෑ නොවනා හීනයක් ළග
අතරමං වෙලා හඩනා ගීතයක් මග
නොවසනා දෑස් නොදකී ප්‍රේමයක් වග
සත්තමයි නුඹේ ආලය මිරිගුවක් දිග ...

- පොඩ්ඩි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:21 PM
  •  Quote
  •  Reply
තෙමා නෙත් යුග කදුලු කර කැටයම්
හොවා උර මත සැනසු හද එතරම්
දමා යනු නැත සසර යුග මනරම්
සදා ළග ඉනු සෙනෙහෙ පුද මෙතරම්

-පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:22 PM
  •  Quote
  •  Reply
සීත පිණිමල් තුරු සිඹින පවනැල්ලේ
මාද විකසිත විය සොදුරු සිතුවිල්ලේ
පෑව හසරැලි නෙතු මතට දැගලිල්ලේ
ආල සිතුවම් නැගි හදට අරුණැල්ලේ

-ඩිලීකා-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:23 PM
  •  Quote
  •  Reply
නුබ ගැබෙහි තරු දිලෙන
හද සෙනෙහෙ කිති කවන
සිත පැතුම තව යදින
නුඹෙ පෙමම මා පතන...

-ඩිලීකා-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:23 PM
  •  Quote
  •  Reply
පෙරුම්දම් පුරාගෙන
පැමිණි මේ සසර මඟ
නුඹයි මට හිමි කුමරු
මියෙනතුරු ළඟ රැදෙන ...

වසන්තය උදා වී
සියලු දුක් පහව ගොස්
දසන්තය වෙත සිනාසෙමු
පටලවා දෙඅත් එකිනෙකට...

නුඹයි මට දෙවන පිය
පිතු සෙනෙහෙන්ම මා රකින
නුඹයි මට සොයුරුදම
විහිළු තහළුත් නිති දෙවන...

විටෙක කිරි දරුවෙකු ලෙසින
උණුසුම සොයා ළය මත රැදෙන
පෙම පුදන මුළු විශ්වය වගෙම
නුඹයි ජීවය හිත උපන් පෙමින ...

වගෙයි මගෙ මුළු දිවියෙම පහන
දිදුළමින් දැල්විලා නුඹෙ පෙමට
නිවා ෂණදුරු පතුරලා කිරණ
ළඟ රැදෙමි සුසුම් සරණා තෙක්ම ...

හිත රිදුම් වෙනු ඇතත්
අසම සම පෙම නිසාවෙන්
නොවෙන් අමනාප කිසිම දින
සමාවෙනු මට දහස්වර සොදුර ...

දෙදණ නවා නුඹේ පා සිඹිමි සෙමින්
මියෙනතුරු නුඹෙ නමට පේ වෙමින්
නුඹෙ ජීවිතේ ආලයෙන් සරසමින්
සෙනෙහසින් හාදු දෙතොළඟ රදවමින් ...

- පොඩ්ඩි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:25 PM
  •  Quote
  •  Reply
ඔයා එනතුරු මඟ බලන් උන්නා
හිතත් රිදුණා නෙතු කදුළු පිරුණා
සිහින රැදි පැතුම් සිනහා බිදුණා
ජිවිතය මගදි නුඹෙ දෑත ලිහුණා

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jan 2017 10:01 PM
  •  Quote
  •  Reply
ඇරියස් කවර් කරල වගේ නේද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 12:44 AM
  •  Quote
  •  Reply
hee ow kalu aiyee....

'' aye kawada enna weyida dan nene,, heee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 08:57 AM
  •  Quote
  •  Reply
අනෝරාවක හති දමාගෙන
ගැලුව දිය බිදු වේගයෙන්
සැගව ඇත්තේ කොහේදෝ දැන්
පොලෝ තලයම හරි ශෝකයෙන්
වේලිලා ගොස් ඉරි තැලී ඇත
දිය බිදක් නොදුටුව ශාපයෙන්...

ශ්වේත වළාවන් පිරි නුබ ගැබ
දිනිදු දහරින් සරදමින්
මේඝවළා සගවන්නේ ඇයිදැයි
දිය බිදක් නොදෙනා කෝපයෙන්
හරිත වර්ණතුරුලිය
වියැලිළා ඇත නියගයෙන්...

‍- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 09:18 AM
  •  Quote
  •  Reply
..................= අම්මා=..................

හඩන්නට කදුලු නෙතු මතට
දරන්නට නොදුන් ඇය මෙමට
නගන්නට දිවිය හරි යසට
සිතන්නට සවිය විය හොදට....

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 19 of 31 << < 1718192021 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below