You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 2 of 31 << < 12345 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Jan 2016 11:13 PM
  •  Quote
  •  Reply
කෙදිනකවත් මා අහසින් බැස නොයන ...
හරිම නිර්මාණාත්මක සිතිවිල්ලක්..
ඒ වගේම අම්මාගේ ආදරය සදා ලැබෙන ආලෝකය ලෙසින් ඉතා මනාවට පෙන්වා තිබෙනවා...
ඔබේ නිර්මාණයය අප වෙත තිළිණ කලාට ගොඩක් ස්තූතියි...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:49 AM
  •  Quote
  •  Reply
මව් සෙනෙහසට ලියවුනු අපුරු නිර්මාණ......ස්තුති පොඩ්ඩි නංගි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Jan 2016 04:01 AM
  •  Quote
  •  Reply
පන්හිද අතර දිවෙන තෙලිතුඩග පුරා
අම්මේ නුඹේ ගුණම ලියවෙනා
කුස දරා ගත් දා සිට මට ආදරේ දීලා
තාමත් නුඹ වෙහෙසෙන්නේ
මා වෙනුවෙන්ම තමා .....

හරි හැටි නුඹ අහරක් ගත්තාද
හරි හැටි නුඹ ඇදුමක් ඇන්දාද
හරි හැටි නුඹ නින්දක් ලැබුවාද
නුඹේ හිත බර මා හින්දා නේද ....

දිවා රැයේ නුඹ දහ දූක් විදලා
මලක් සේම මා ඇති දැඩි කරලා
නුඹ හිනැහුණේ දියුණුව දැකලා
උදේ හවස වදිනවා මා පා සිඹලා.....

- ඩිලීකා මධුශානි -









********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
2

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Jan 2016 06:28 AM
  •  Quote
  •  Reply
අම්ම දරුවෙක් වෙනුවෙන් විඳින අපමණ දුක් ගැහැට වෙනුවෙන් උපහාරයක් ලෙස ලියවුනු ලස්සන නිසදැසක්.. ස්තුතියි පොඩ්ඩි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jan 2016 04:09 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 13 Jan 2016 04:01 AM
පන්හිද අතර දිවෙන තෙලිතුඩග පුරා
අම්මේ නුඹේ ගුණම ලියවෙනා
කුස දරා ගත් දා සිට මට ආදරේ දීලා
තාමත් නුඹ වෙහෙසෙන්නේ
මා වෙනුවෙන්ම තමා .....

හරි හැටි නුඹ අහරක් ගත්තාද
හරි හැටි නුඹ ඇදුමක් ඇන්දාද
හරි හැටි නුඹ නින්දක් ලැබුවාද
නුඹේ හිත බර මා හින්දා නේද ....

දිවා රැයේ නුඹ දහ දූක් විදලා
මලක් සේම මා ඇති දැඩි කරලා
නුඹ හිනැහුණේ දියුණුව දැකලා
උදේ හවස වදිනවා මා පා සිඹලා.....

- ඩිලීකා මධුශානි -










සුන්දර අදහසක් ...

ඒ වගේම අම්මා ඉටුකරන වගකීම මනාව පිළිබිඹු කරනවා...

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jan 2016 05:17 PM
  •  Quote
  •  Reply
හරි හැටි නුඹ අහරක් ගත්තාද
හරි හැටි නුඹ ඇදුමක් ඇන්දාද
හරි හැටි නුඹ නින්දක් ලැබුවාද
නුඹේ හිත බර මා හින්දා නේද ....

සහතික ඇත්ත ... ලස්සනයි පොඩ්ඩි නගෝ මේ නිර්මනයත් .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jan 2016 05:43 PM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි පොඩ්ඩි මේ නිර්මාණය .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2016 10:02 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 13 Jan 2016 04:01 AM
පන්හිද අතර දිවෙන තෙලිතුඩග පුරා
අම්මේ නුඹේ ගුණම ලියවෙනා
කුස දරා ගත් දා සිට මට ආදරේ දීලා
තාමත් නුඹ වෙහෙසෙන්නේ
මා වෙනුවෙන්ම තමා .....

හරි හැටි නුඹ අහරක් ගත්තාද
හරි හැටි නුඹ ඇදුමක් ඇන්දාද
හරි හැටි නුඹ නින්දක් ලැබුවාද
නුඹේ හිත බර මා හින්දා නේද ....

දිවා රැයේ නුඹ දහ දූක් විදලා
මලක් සේම මා ඇති දැඩි කරලා
නුඹ හිනැහුණේ දියුණුව දැකලා
උදේ හවස වදිනවා මා පා සිඹලා.....

- ඩිලීකා මධුශානි -










මේක ගොඩක් හිතට දැනුනා

හරිම ලස්සනයි

තාත්තා ගැනත් එකක් ලියන්න  පුලවන්නම් මේ වගේ ලස්සනට

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jan 2016 10:26 PM
  •  Quote
  •  Reply
මව්පිය සෙනෙහස තරම් සෙනෙහසක් තවත් නැහැ. ලස්සණ නිර්මානයක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 10:04 PM
  •  Quote
  •  Reply
වසන්තය එනතුරාවට .....






ගගන පුරා ගිගුම් දෙමින්
අනෝරා වැහි පතිත වෙන හඩ .....
ඇසුනද නුඹටත් කොතන හෝ ඉද....
ගැහෙන හදවතේ රිද්මය
අසන්නට අද නුඹ මගේ ළගින් නැත....
පපු ගැඹුරේ වේදනා රහසේ විදින මට
තනිකම මහා ගොඩාක් හුරු වෙලාමද....
බලන් හිදිමි මම
වස්සාන කාලය ඉවරවෙනතුරු.....
වසන්ත කාලයේ
නුඹ යළිත් එයි කියන නිසා මා සිත.....
කවි පෙළකට ගොනු කරන් දූක
හදා ගනිමි සිත ......
දෙනෙත් නොපියා මග බලන් හිද
වසන්තය එනතුරාවට .....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Jan 2016 10:21 PM
  •  Quote
  •  Reply
වස්සානය නිමාවී කඩිනමින් වසන්තය උදාවේවා...

ලස්සන නිර්මාණයක්..
මේකේ මාතෘකාව "බලාපොරොත්තුව" කියා යෙදුවානම් වඩාත් හොදයි කියා මට සිතෙනවා...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 10:32 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 19 Jan 2016 10:21 PM
වස්සානය නිමාවී කඩිනමින් වසන්තය උදාවේවා...

ලස්සන නිර්මාණයක්..
මේකේ මාතෘකාව "බලාපොරොත්තුව" කියා යෙදුවානම් වඩාත් හොදයි කියා මට සිතෙනවා
ගොඩක් ස්තුති අයියේ ඔයාගේ අදහස් වලට
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 11:31 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 19 Jan 2016 10:21 PM
වස්සානය නිමාවී කඩිනමින් වසන්තය උදාවේවා...

ලස්සන නිර්මාණයක්..
මේකේ මාතෘකාව "බලාපොරොත්තුව" කියා යෙදුවානම් වඩාත් හොදයි කියා මට සිතෙනවා...

බලාපොරොත්තුව කියන නම වඩාත්ම ගැලපෙනවා .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jan 2016 11:38 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Jan 2016 11:55 PM
  •  Quote
  •  Reply
වසන්තය හැමදාම පවතින්නේත් නැහැ.. හැබැයි ආයේ කවරදාකවත් නෑවිදින් ඉන්නෙත් නැහැ. ජීවිතයටත් එහෙම තමයි.

ලස්සන නිසදැස් නිර්මාණයට හදවතින්ම තුති..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2016 01:53 AM
  •  Quote
  •  Reply
පතිවත බිදුණු ඇය -



අනෝරා වැහි ඇදගෙන වැටෙන රාත්‍රියක
මා තුරුළු කරගත් හීන ගිලිහුණා එකිනෙක
පැමිණේවිද පෙර වසන්තය යළිත් කෙදිනක
පසුපස පැමිණියේද මා කළා වූ මහත් පවක ...

තෙතමනයක් නැති පිරිමි හිතක් ළග
බිළි කරන් මා රැකගෙන ආ පතිවත
අහෝ තවත් දිවියට හද ගැස්ම කුමට
මියැදී යන්න හිතයි ජීවිතෙන් දුරට ...

අසරණ වූ දරු පැටවූ නිසාවෙන්
පලා යන්නත් බැහැ ඉතින් දිවි
රොන්සුණු පාට තරවා මා ගත
බිළි කළ යුතුය තව කාසි සෙවුමට ...

රිදුම් දෙයි මගේ මුළු ගතම
රදවමින් කදුළු නෙතු අගම
සොවින් බර වී මා මුහුණම
පිනවිලා ඇත ඔහුගේ හදම ...

ඔහු සමු අරන් තවකෙක් පැමිණ ඇත
අකාලයේ වැන්දඹුවක්ම වූ කරුමයට
පියවි සිහිගෙන සොවින් වූ මුහුණ හැර
මුදූ සිනහා පළ කළා ඔහුගේ වෙතටම...

දාහයෙන් තෙත් වෙලා මගේ මුළු ගතම
රැය පහන් වෙන්න ලං වෙලා හරි සීරුවට
මිට මොලවාගෙන දින ගැට ගහගන්න පඩිය
යා යුතුයි දරු පැටවූ පිපිදෙන්න පෙර ගෙදර ...

අනේ ස්වාමිනි තනි කර ගියේ ඇයි අපි සැම
දැනෙනවා නුඔ ළගින් නැති අඩු ඉතින් අද
නොවෙන් මෙවන් නම් විපත් තවත් කතකට
උහුලන්න බෑ වේදනා පතිවතම බිදුණු විට ...

- ඩිලීකා මධුශානි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Jan 2016 02:13 AM
  •  Quote
  •  Reply
අපූරු අදහසක් සීරුවට නිසදැසක ගොතල වගෙයි. මේ වගේ පසුතැවෙන සිත් කොච්චර නම් මේ දරනිතලයේ ඇත්ද.. නමුත් හදා ගන්න බැරි වැරැද්දට පසුතැවිල්ල පමණක් ඉතිරිව.

බොහොම ස්තුතියි මේ නිර්මාණය ස්ටන් එකේ අපිට ගෙනාවට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 07:16 AM
  •  Quote
  •  Reply
Apurui poddi nagooo. ... ape samajaye thawath charithayak.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Mar 2016 01:46 AM
  •  Quote
  •  Reply
- සොදුරු ප්‍රේමය -

නුඹේ උණුහුම් ළයේ සතපා
සෙනෙහසින් මුව කමල සිම්ඹා
හදේ ගැඹුරුම තැනෙක රදවා
මා රජ කරන්නට හීන මැව්වා ...

තරැත් නිදනා සදුත් නිදනා
හැම රැයක් පාසා නුඹ නොනිදනා
මගේ ලතැවුල් නිවාලන්නට
සෙනෙහසින් මගේ ළගම උන්නා ...

දරු බරින් දරා නුඹේ තුන් හිත
නිවසේ දෙව් දූ ලෙසින් සැමදා
මතු බුදු වෙන්නටත් පාරමී පුරනා
සොදුරු පෙම සදාකල් නුඹම වුවා...

- ඩිලීකා මධුශානි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2016 04:57 AM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි පොඩ්ඩි ....
0
Add Reply
Page 2 of 31 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below