You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 21 of 31 << < 1920212223 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 06:03 PM
  •  Quote
  •  Reply
((හත් වෙනි වතාවටත් ))

සතුටුයි මට අයියේ ..

ස්තුතියි .!!!
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jan 2017 06:39 PM
  •  Quote
  •  Reply
මමත් කිහිප වතාවක්ම කියවූවා..
හරිම නිර්මාණාත්මක හැකියාවක් ඔයාට තියෙනවා..
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2017 03:59 AM
  •  Quote
  •  Reply
thank you Indika 76 ayiye..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2017 04:27 AM
  •  Quote
  •  Reply
කිසිවෙක් මෙහි මග නොඇරී ඇති හෙයින් මෙය ස්තූතී කථාවදෝ කියලත් මට හිතෙනවා
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2017 04:37 AM
  •  Quote
  •  Reply
''ස්තුති කතාව '' නම් ඉතින් කවුද ....????

සු .........රේ ...ෂ් අයියා මිසක ......
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jan 2017 08:26 AM
  •  Quote
  •  Reply

රණ්ඩුවට මගක් ඇත
හරිම නපුරුයි ''ධනු '' එයා
පෑව හැටි මුලදී ලොකුකම්

තාම මට මතකයි මෙයා ...

අක්කේ මම නපුරුද ...?

මගේ ලොකු කම් තිබුනද ....?


 

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2017 07:34 AM
  •  Quote
  •  Reply
පොලගා අහිංසකද?
හී හී

මුලින්ම නම් ලොකුකම් තමයි දැම්මේ මට
( විහිලු ඉතිං ළමයෝ)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 11:03 PM
  •  Quote
  •  Reply
අපෝ ඔව් ඔය පොලග ගොඩක් අහින්සකයි රටක් වටී
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 04:34 PM
  •  Quote
  •  Reply
උදයේ සීත පවනේ රැගෙන ආ ආසිරි දමින්
සුමුදු පෙති අග තැවරෙනා පිණි බිදු පෙමින්
තෙරුවන්ගේ බලයෙන් සිතට සැණසුම දෙමින්
උදාවේවා මිහිරි දවසක් මුවට සිනහා කැන්දමින්

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2017 05:00 PM
  •  Quote
  •  Reply
ලස්සන කවියක් හිමිදිරිය ගැන ස්තුතියි පොඩ්ඩි අක්කි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 05:21 PM
  •  Quote
  •  Reply
සසර දුර ගමනක් මේ ගෙවා යන
කෙලෙස්දම් එකිනෙක පටලවා ගෙන
අහෝ කොහේදැයි නැවතුමකට තැන
ඇත මුලා වී මිනිසුන් මග නො දැන

සත්‍ය සගවා වෙලාගෙන වෙස්
රගන මිනිසුන්ගේ මොලේ හිස්
පවට පින සොයනවා කොහෙ ගොස්
අනේ මිනිසුනි අරිනු දැන් ඇස්

- පොඩ්ඩි-

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 05:40 PM
  •  Quote
  •  Reply
නන්නාදුනන සිහිනයක් වී
දැවටිලා නුඹ මේ හිතේ
බොහො දුරක් සැරි සැරූ හැටි
හිමි වෙලා ඔය ජීවතේ
මහ හුගක් ආදරේ පුරවලා
කවිකාර මගෙ නෙතේ
සිහිනයේ සැතපිලා හිදිනෙමි
නුඹ සගවා සිතේ....

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 05:46 PM
  •  Quote
  •  Reply
ගැහෙනතුරු සදා මගෙ හද ගැස්ම
රැදෙනවාද පණ නිති මා ළගම
ලෙන්ගතු වූ නුඹෙ හිත පුදමින්ම
පවසන්න ආදරේ රහසින්ම

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Feb 2017 05:48 PM
  •  Quote
  •  Reply
නැවුම් වසන්තයේ සිරි දකින්න
ඇවිත් මා ළගින්ම නුඹ හිදින්න
ඔය ජිවිතේ මටමදැයි කියන්න
සොදුරේ මට ආදරේ පුදන්න...//

නෙත් මතට හීන ගෙනත් රැදෙන්න
මුලු ජිවිතේ ආදරෙන් විදින්න
සැම දුක් හැරදා සතුට ලබන්න
සොදුරේ මට ආදරේ පුදන්න...//

මිහිරි තෙපුල් මතට සුවද හාදු ගෙනෙන්න
අවසරදැයි නුඹේ පපු ගැබරේ වෙලෙන්න
ඔය සුසුම් ස්වරය මටම නේද කියන්න
සසරේම පුරා මට ආදරේ පුදන්න...//

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:29 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අක්කා ඇවිත් ලස්සන පද ටිකක් දාලා ගිහින් නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 06:58 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගාගේ හදවතේ රැව් දෙන ආදරේ ගැනනේ මේ කියල තියෙන්නේ
හරිම ලස්සනයි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Feb 2017 05:59 PM
  •  Quote
  •  Reply
සංසාර ආදරය
රන්දමින් හිත් පත්ලෙ,
මියෙනතුරු
මම නුඹට,
පෙම් කරමි
සත්තකින් රත්තරන්.....

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Feb 2017 06:00 PM
  •  Quote
  •  Reply
කාලයක් බලන් උන්නෙ නුඹ මගේ වෙයි කියා
රූපයක් වෙනින් දැක්කෙ අහම්බෙන්දෝ ඔයා
ආලයක් කිසිත් නොපුදා මාව රිදවා ගියා
ආවොතින් පිළිගමි නළලතේ හාදුවක් තියා

- ඩිලීකා -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 03:46 AM
  •  Quote
  •  Reply
හිරු මඩලේ උණුසුම ගෙන හිනැහෙන් පුතුනේ
සදු මඩලේ සිසිලස ගෙන සැනසෙන් පුතුනේ
තරු පොකුරේ දිලිසුම ලැබ බැබළෙන් පුතුනේ
මගේ උකුළේ සෙනෙහස විඳ නැලවෙන් පුතුනේ
- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jun 2017 04:08 AM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණ ටිකක් පොඩ්ඩි .
0
Add Reply
Page 21 of 31 << < 1920212223 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below