You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 10 of 11 << < 7891011 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Oct 2016 01:08 AM
  •  Quote
  •  Reply

හි හි.........

 

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Oct 2016 05:40 AM
  •  Quote
  •  Reply

Posted By ගීත් on 01 Oct 2016 07:18 PM
පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි



චුට්ට දවසක් දෙන්නකෝ. ඉක්මනින් දෙන්න බලන්නම්....

ස්තුතියි මල්ලියෝ්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Oct 2016 05:40 AM
  •  Quote
  •  Reply

Posted By ගීත් on 01 Oct 2016 07:18 PM
පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි



චුට්ට දවසක් දෙන්නකෝ. ඉක්මනින් දෙන්න බලන්නම්....

ස්තුතියි මල්ලියෝ්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Oct 2016 08:14 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තුති නගෝ ලස්සනම කතාවක් අපිට දුන්නට .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Oct 2016 08:54 AM
  •  Quote
  •  Reply
ඔක්කොම බැලුවද රෝසි අක්කියෝ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Oct 2016 02:07 PM
  •  Quote
  •  Reply
thnksss poddi
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Oct 2016 10:31 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 02 Oct 2016 02:07 PM
thnksss poddi


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
05 Oct 2016 01:35 AM
  •  Quote
  •  Reply
හොද වෙලාවට පොඩ්ඩි මන් හිතපු විදිහටම කතාව නිමා කරලා තියෙන්නෙ ..නැත්නම් ඉතින් බලා ගන්න තිබුන හොදේ ...
ස්තූතියි පොඩ්ඩි නංගි අපිට මේවගේ ලස්සන කථාවක් බලන්න සැලස්සුවට 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 02:11 AM
  •  Quote
  •  Reply
අපරාදේ දඩු කදේ අත්දැකීම විද ගන්න තිබුණු අවස්තාවක්නේ මම මගහැරගෙන තියෙන්නේ ... හිහි  



ස්තුතියි අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 09:59 AM
  •  Quote
  •  Reply
මගේ කතාව මමම පොඩ්ඩක් කියවලා බැලුවා ආයෙත්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Nov 2018 09:48 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අක්කි ඔක්කොම කොටස් ටික එකතු කරල දැම්ම නම් අපිටත් රස විඳින්න පුලාන්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 01:31 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 08 Nov 2018 09:48 PM
පොඩ්ඩි අක්කි ඔක්කොම කොටස් ටික එකතු කරල දැම්ම නම් අපිටත් රස විඳින්න පුලාන්


තාම ඒක කරගන්න බැරි උනානේ. දැනට ත්‍රෙඩ් එකෙන් ඔක්කොම කියවන්නකෝ නංගි 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2021 12:29 PM
  •  Quote
  •  Reply

- ආත්ම -


       පා`ඵවට ගිය ඝණ මූකලාන මැඳින් සුපුරුදු වූ අඳුර ගලාගෙන ආවත් ඒ තුළ වෙනදා තිබුන අඳුරටත් වඩා වැඩි අඳුරු බවක් තිබුණු බව මට නොසිතුනා නොවේ. ඉර එගොඩ කන්දට මුවාවෙමින් මිටියාවත පුරාවටම මලානික හිරු රැස් ඇතිරුවේ ඕනෑවට එපාවට මෙන්ය. එහි වෙනදා තිබූ චමත්කාරය දැක ගැනීමට නොහැකි වූයේ හතර වටින්ම වට කරගත් වැහි බීරම නිසා ය. කෝමලව හැමූ සුළඟ මු`ඵ පරිසරය පුරාම චංචල බව වැඩිකරවමින් නොසිතුවම ලෙස මහා කුණාටුවක් බවට පත් වූයේ නිමේෂයෙනි.
අතොරක් නොමැතිව හඬ දෙන උළෙලේණියෙකුගේ හඬ අතරෙන් ගේ මැද සාලේ එල්ලා තිබූ ඔරලෝසුවේ 12 කණිසම ටික් ටික් හඬ නැගුවේ වලව්වේ වූ දැඩි පාළුව මකන්නට මෙනි. මේ සා විශාල පාළුවක් දැනෙන්නට වූයේ මා නැවතී සිටි වලව්වේ අයිතිකාරයින් වන මැදි වියේ පසු වූ යුවළක් වන රිද්ම හා විහඟි ද හඟුරන්කෙත ඔවුන්ගේ ළඟම ඥාතියකුගේ අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කෙරෙන තෙවෙනි දවස සඳහා සහභාගිවීමට ගොසින් සිටිය නිසාම විය හැකිය.

එපිටින් වූ කනත්ත දෙසින් ආගන්තුක හඬක් මට ඇසුණත් තවත් මොහොතක් සවන් යොමාගෙන සිටියේ කවුරුන් දැයි හරියටම අවබෝධ කරගැනීමට ය. එහෙත් එසේ හඳුනා ගත නොහැකි වූ හෙයින් මා ඉහළ මාලයට නිදිමරගාතෙම ගාටන්නට වූයේ ඒ ආගන්තුක හඬ එන්න එන්නම වැඩි වූ නිසාවෙනි. විටෙක කෙඳිරිලි හඬක් ද, විටෙක ඉකිබිඳුමක් ද, තවත් මොහොතකින් ඒ ඉකිබිඳුම මහත් වූ අඳෝනාවක් තරමටම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවන්නට ද විය. තරමක රළු පිරිමි කටහඬක් වුවත්, ඔහු අදෝනා දී පවසන දේ කුමක්දැයි වටහා ගැනීමට තරම් මම සමතෙක් නොවිමි.

එකවරම පහළ මාළයෙන් බළලෙකු හෝ බැළලියක කෑගසන හඬක් ඇසුණි. මා සිටිනා නිවසේ කිසිම සුරතල් සතෙකු හෝ ඇති කරනු නොලබන අතර හූ හඬවල් තුන හතරක් වෙනතුරුම කිසිදු නිවසක් හෝ අහල පහළට වන්නට නොතිබෙනා බැවින් කැලෑ බළලෙකු වෙන්නට ඇතැයි මගේ සිතට නැඟුණු පැනයට මා විසින්ම පිළිතුරු ලබා දී විදුලි පනත අතැතිව මිදුලට බැස්සේ ඇසෙනා මිනිසාගේ ශබ්දය නෑසෙන සේ සිටිය හැකි වුවත් කවුරුන් හෝ උදව්වක් ඉල්ලනවා විය යුතු යැයි සිතාගෙනය.

මා මිදුලට බැස්ස ද නිවසේ දොර වැසීමට අමතක වූ නිසාවෙන් දොර වැසීමට ආපස්සට අඩියක් ගන්නටත් මත්තෙන් ඉතා විශාල ශබ්දයක් ද සමගින් දොර වැසුණේ නිතැතින්මය. පෙර කෑ ගැසූ බළලා යැයි සිතිය හැකි ක`ඵම ක`ඵ බළලෙකු ද වලව්ව ඇතුළේ සිට බාගෙට වසා තිබුනු ජනේලයෙන් එළියට පැන ළිඳ දිසාවට ගොස් අතුරුදහන් වී ගියේ ක්ෂණයකිනි. ඒ වන විටත් දැඩි සුළඟක් ද හමන්නට පටන් අරගෙන ය. මම නැවතත් මිනිසාගේ හඬ නැගෙන දිශාවට වේගයෙන් අඩි තබන්නට වීමි. පැමිණි සුළඟත් සමග යන්තමට කුඩු පොද වැස්සක් වැටුණ ද එය තද වැස්සක් නොවී දැඩි සුළඟ සමඟ පහව ගියද ආකාශය ගිගුම් දෙමින් විටින් විට අකුණු එළි ද මාවත ආලෝක කරන්නට වූයේ මට ඉදිරියට යන්නට මඟ පෙන්වා දෙන්නට මෙනි.

මිනිසාගේ හඬ හැරුණු කොට ඉඳහිටක කෑගසන රැහැයියන්ගේ හඬ පමණක් ඇසෙන ඝණ අඳුර වෙලාගත් කනත්තට මා පැමිණියේ සොල්දාදුවකු මහත් වූ විජයග්‍රහණයක් ලැබුවාක් මෙන් ජයග්‍රාහී විලාශයකිනි. ක්ෂණයෙන් ඇදී ආපසු ගිය විදුලි කෙටුමකින් වූ එළියෙන් සුදු හැඳගත් මිනිසකුගේ සේයාවක් දුටුවෙමි.

“කවුද... ඔතන ඉන්නෙ... කවුද... කියන්න මට...”

මගේ හිතේ තරම තිගැස්සුණු ස්වභාවයක් තිබුණද ඒ බවක් නොපෙන්වා විදුලි පන්දම ද ඒ දෙසට එල්ල කරන අතරතුර හඬ අවදි කෙරුවමි. ඔහුට මගේ හඬ ඇසෙන්නට වූ නිසාවෙන් ඔහුගේ අදෝනාව ක්‍රමයෙන් අඩු වූවා විය හැකි ය. නමුදු කිසිදු පිළිතුරක් නොවූයෙන් නැවත වරක් උගුර පාදා තරමක් උස් වූ හඬින් ඔහු ඇමතුවෙමි.

“කවුද... ඔතන ඉන්නෙ... කියන්න උදව් කරන්නම් මම...”

පෙර පරිදිම කෙඳිරිලි හඬක් ද, විටෙක ඉකි බිඳුමක් ද , තවත් මොහොතකින් ඒ ඉකිබිඳුම මහත් වූ අඳෝනාවක් තරමටම ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය.

වයස අවුරුදු 70 ක්, 75 ක් පමණ පෙනුමැති කෘෂව ගිය ශරීරයකින් හෙබි උවන පුරා පැතිරී ගිය සුදු පැහැව ගිය රැවුලක් ද හිමි වූ ඔහු, පවසන දේවල් වලින් මට හැඟී ගියේ කවුරුන් හෝ ඔවුන් විසින් මොහු අතරමඟ දමා ගොස් ඇති බවක්ය.

“පුතේ මට ගමනක් යන්න තියෙනවා එකේ යන්න එන්න පුලුවන්ද?”
ඔහු බැගෑපත් ස්වරයකින් මා ඇමතුවේය. මම ඔහුට ඇහුම්කන් දෙමින්,
“කියන්න සිහියේ කොහෙටද යන්න ඕනෙ...,”
මම ඔහුට ළං වෙමින් ඇසූවෙමි. ඔහුගේ දෙනෙත් ගොරකා මද මෙන් තද රතු පැහැ ගැන්වී තිබුණි.

“අර ඈතටම වෙන්න තියෙන සොහොනේ මගේ හාමිනේ ඉන්නේ,.. ”
දිගු සුසුමක් පිට කර ඔහු දෙකම්මුලෙන් ගලා ආ කඳු`ඵ කැට කිහිපය ද පිහ දමමින් යළිත් හඬ අවධි කළේ ය.
“එයා කවදාකවත් නොඑන ගමනක් ගිහින්... මාව එතනට එක්ක යන්න පුතේ”

ඔහු යළි යළිත් අවසිහියෙන් මෙන් එයම පුන පුනා කියවන්නට වූයෙන් මම ඔහුට දෑත දිගුකොට ඔසවා උරයට වත්තම් කර ගත්තෙමි.

ඔහුගේ දෙකම්මුලෙන් ගලා ආ කඳුළු කැට වැඩි වී එක දිගට රූරා වැටෙන්නට විය. ඔහුගේ අත් පා වෙව්ලමින් පැවති අතර ගත ඉතාමත් සීතලකින් යුක්ත වී තිබුණි. ඔහු ගැන විස්තර දැන ගැනීමට අවැසි වුවත් දුකින් ඉන්නා නිසා, හිත පාරවා වැඩි යමක් විමසන්නට හැකියාවක් කිසිසේත් ම මට නොවිණි.
ඔහු මා හා වාරු වී ටික දුරක් ගොස් බිම පතිත වී යළි අඬන්නට විය.

“මගේ මැණිකේ... හා... මිනේ....”

ඔහු සිහිසුන්ව ඇද වැටුණි. මම ඔහුව දෝතට රැගෙන කනත්තේ කොණට වෙන්නට තිබූ කුඩා ශාලාව වෙත රැගෙන ගොස් තබා ඔහු හැඳ සිටි සුදු කමිසය ගලවා එයින් පවන් ගසන්නට වීමි.

“සීයේ... සීයේ... කෝ මෙහෙ බලන්න. ඇස් අරින්න. මන් දිහා බලන්න... සීයේ... කතා කරන්න.”

බොහෝ වේලාවක දැඩි පරික්ෂමයකින් අනතුරුව ඔහුට යළිත් සිහි එලවා ගන්නට මා හට හැකි වුණි. ඔහුගේ දෙතොල් වියළී ගොසිනි. මුහුණ සුදුමැලි වී මලානික ස්වරූපයක් ගෙන තිබුණි. අසරණ වූ ඔහුව තනිකර දමා මට ආපසු යාමට ද නොහැකි ය.

“පුතේ මට වතුර ටිකක්”
ඔහු අමාරුවෙන් වචන ගලපා ගත්තේය.
අහල පහළ වෙන්නට ළිඳකුත් නැත. කනත්ත පල්ලෙහාට වෙන්නට ඇත්තේ වෙල් යායක් සමග දොළක් බව දිනක් මා නැවතී සිටි වලව්වේ රිද්ම තරුණයා කියූ බව මතක ය.මම විදුළි ප න්දම ද පෙරටු කොටගෙන වෙල් යාය දෙසට පය ඉක්මන් කළෙමි. ගල් තලයක වැදෙමින් පෙණ බුබු`ඵ නංවමින් ඇදී යන දිය පහර ආසන්නයට ගොස් ජලය ගැනීමට පහත් වුවද මා ලිස්සා ගල් තලය දෙසට විසි වී ගියෙමි.
ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ

මා එක විට තිගැස්සී ගියේ එයා අද්භූත වූ දෝංකාරය නිසාවෙනි. මු`ඵ ගතම දහඩියෙන් වෙලී ගොසිනි. හිරු කිරණ මෝදුවෙමින් මගේ දෙඇස් මත දැවටෙනා වග දැනුණු නිසා දෑස් විවර කර බැලුවෙමි. තදබල පීඩාවකින් මා සිරුර වෙලා ගත්ත ද මා විශ්මිත වූයේ ඉන්නේ කොහේදැයි දෑස් අදහාගත නොහැකි වූ බැවිණි.

පෙරදින රාත්‍රියේ කනත්තට ගිය නමුත් එම රාත්‍රිය කෙසේ නිමා වූයේ ද යන වග මා නොදනිමි. අන්තිමට මහ`ඵ මිනිසාට ජලය රැගෙන ඒමට යාමේ දී ගල්තලය මත ඇද වැටුණු බව පමණක් මතක ය.
කුඩා කාලයේ එක් දිනක් මවත්, පියත් එක පාපැදියක ද, මා වෙනම පාපැදියක නැගී පියාගේ ඥාතියෙකුගේ අවමඟුලකට සහභාගිවීමට ගිය අතර, එම නිවස පිහිටා තිබුණේ ද මෙවැනිම වූ ඝන කැලෑවක් අතට පිහිටි කනත්තක් ද මතින් වැටී ඇති වැලි පාරක් අතතරින් ටික දුරක් යන තැන ය. අවමඟුල් ගෙදරට සහභාගී වී ආපසු පැමිණෙන විට කනත්තේ මැද හරියේදී මම බයිසිකල් පැටලී වැරෙන් පෑගුවද පිටි පස්සට ඇදෙන බවක් විතරක්ම දැනුණු අතර මොහොතකින් මම බයිසිකලයක් සමගම ඇද වැටුණි. එදා සිදුවීමේ අවසනදී මට සිහි නැතිවී ගොසිනි. මා දෙනෙත් හරින විට සිටියේ වෙද මාමලාගේ ගෙදර ය.

“කොලුවාට සිහිය ඇවිත් තියෙන්නෙ... දැන් මෙන්න මේ ඖෂධ උගුර පොවල හිටිය නම් හොඳයි.”
වෙදමාමා විසින් පිළියෙල කරන ලද ඖෂධයක් අම්මා අත තැබුවේ මගේ නළලතට ද ඔහු පිටි අත්ල තබන ගමන්ම ය. එහි කල් කදුරු වැනි වූ තිත්ත රසය අදටත් මට බෙහෙත් එපා කරවීමට තරම් විය.

“කොහොමද?... දැන් ඉස්කෝලේ මහත්තයෝ... ඔයාට”

හැඩිදැඩි නමුදු කරුණාවන්ත පුද්ගලයෙක් මා අසලටවිත් මගේ නමින් ම මා අමතා සුවදුක් විමසුවේ ය. මා කිසිවක් නොපවසා සිනහවක් පමණක් ඔහු වෙතට පා සිදුවී ඇති දේ දැන ගැනීමට මෙන් ඔහුගේ දෑස් දිහා බැලුවෙමි.

“අද හැන්දෑ දොහේ ඔයාට වලව්වට යන්න පුළුවන්... රිද්ම පුතයි එයාගෙ නෝනයි එන්නම් කියලා ගියේ...”
ඔහුත් වෙදැදුරෙකි. පෙර දින රාත්‍රියේ සිදුවූ සියල්ල වෙදැදුරු විසින් මගෙන් විමසන ලද අතර, සිදු වූ සියල්ල ඔහුට ම’ විසින් එකින් එක කියන්නට වීමි.
දෙවියනේ මට අදහාගත නොහැකි විය. රාත්‍රියේ මා හට හමුවූ එම පුද්ගලයා මියගොස් සත් දවසකුත් ගෙවී ගොස්ය.
ඒ රිද්මගේ ඥාතියෙකු වූ ලොකු සීයා ය. ඔවුන් පෙරදා සහභාගි වූයේ ඔහුගේ අවමඟුල් උත්සවය සඳහා ය.
මරු වැළඳගත් ඔහුගේ බිරිඳ හා ඔහු අවුරුදු ගණනක් පුරා පදිංචිව සිට ඇත්තේ මා දැනට නැවතී සිටින වලව්වේ ය. ඔවුන්ට දාව එකදු දරුවකු වත් නොවූ අතර සිය බිරිඳ මීට අවුරුදු කිහිපයකට කලින් එම වලව්වේ දී ම මියගොස් තිබුණේ අභිරහස් ලෙස ය. තවමත් ඒ මරණය අභිරහසක් ම විනා මරණය සිදුවූ ආකාරය කිසිවකුත් නොදන්නා බවත් වෙදැදුරා විසින් මා සග පවසන ලදී.

දේපල වලට අධික තණ්හාවෙන් සිටි තැනැත්තියක් වූ ඇය තම ස්වාමියා සමග නිතර අඩදබර වන අතර ඒ හැම විටෙකම ස්වාමියා වචනයකින් විනා ඇයගේ හිතට දුකක් දී නැත. බැල්ලියක ලෙසින් කාලයක සිට ඇයගේ ආත්මය එම වලව්වේ සැරිසරන බවත් ලොකු සීයා විසින් රටේ හතර දිග් භාගයෙන්ම නොයෙකුත් වෙදැඳුරන් හා යකැඳුරන් වලව්වට ගෙන නොකළ බලි තොවිලයක් හෝ ශාන්තිකර්මක් නොමැති බවත් හා සීය අසනීප තත්ත්වයට පත්වූ පසුව වලව්වේ උරුමය රිද්මට පවරා හඟුරන්කෙත ප්‍රදේශයේ සිය නැන්දණියගේ නිවසක වාසයට ගිය බවත් වෙදැඳුරා විසින් මා සමග පවසන ලදී.
ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ


“ගුරුන් වහන්සේ අවශ්‍ය කර සියලු දේවල් ඔක්කොම ලෑස්ති කරලම තමයි ආවේ අපි. පරක්කුත් ඇති. ”

“හා ඒකට කාරි නෑ හොඳයි. අපි එහෙනම් පරක්කු නොකර යමු නේද වලව්වට ? පහුවදා උදේ ම කනත්තට යන්නත් එපැයි ළමයිනේ”

එහෙමයි වෙද මහත්තයෝ.. ඕන කරන අඩුම කුඩුම ටික හරි විදිහට එකලාසයක් කරගන්න තියෙනවනේ... කෝ පසන් මහත්තයා”

රිද්ම ඔහුගේ බිරිඳ සමඟ පැමිණියේ මාව ද විමසමින්ම ය. වැඩි වේලාවක් එහි නොසිට මාත් වෙද මහතා කැටුව ආපසු ගමනට පිටත් වුවද කිසිවෙකුගේවත් වැඩි කතාබහක් නොවිය වෙද මහතාගේ නිවස පිහිටා තිබුණේ වලව්වේ සිට කිලෝමීටර් දාහතක් පමණ දුරකිනි. ඇඳිරි වැටෙන්නට ආසන්න වූ මොහොත වන විට වලව්වට ළඟාවීමට හැකි විය.

පසු දින උදයේ මට අද්භූත වූ දෝංකාරය නැවතත් මට ඇසුණු බව පමණක් මතකය මා යළි පියවි සිහියට එන විට සිටියේ කනත්ත එපිටින් පාළුවට ගොස් තිබූ කුඩා ශාලාවේ කොණක එල්ලා තිබූ පැදුරක් මත ය. පහන් පත්තු කර තිබූ අතර, පෙරදින රාත්‍රියේ ලොකු සීයා නැමැති පුද්ගලයා විසින් පෙන්නූ සොහොන් කොත වටේට වන්නට විලක්කු හතරක් දැල්වෙණ අයුරු මට දිස්විණි.

“එයා මැරුණේ ... එයා... එයා... මැරුණෙ මගේ අතින්... මට සමාව දෙනවා ද මැණිකේ.
මට සමාව දෙන්න බැරි ද කියන්න ... මගේ හාමිනෙ...”

අවසිහියෙන් මෙන් මා එලෙස පවසමින් ඒ සොහොන දෙසට ඇදී යන බවක් මතකය. රිද්මත්, ඔහුගේ බිරිඳත් මාව දැඩි ග්‍රහණයට නතු කර ගන්නට වූයේ මාව පාලනය කර ගැනීමට විය යුතු බව පමණක් මට මතක ය.

ඒ අභිරහස් මරණය එසේ සිදුවී ඇත.
මං ගතට පිවිසි ලොකු සීයගෙ ආත්මය විසින් මීට වසර ගණනකට ඉහතදී සිදුවූ සියල්ල පාපොච්චාරණය කර ආපසු මියගිය ආත්මයට සැනසීම දී ඔහුගේ ආත්මයට ද සැනසීම ලබාගැනීම පිණිස අතුරුදහන් ගොස් ඇත. කිසිවකුත් නොසිතූ ලෙස ගුරුන් වහන්සේ විසින් එම සාත්තුව නිමාකර පසුව වලව්වට පැමිණෙන විට එදින මධ්‍යම රාත්‍රිය ද උදා වී තිබුණු අතර වලව්වට පැමිණි අපට දැකගත හැකි වූයේ මියගිය කළු බැළලියකුගේ සිරුර ගේට්ටුව අසල තිබෙන අයුරු ය.

“ඔන්න එහෙනම් ඒ ආත්මයත් අවසානයි.”

එලෙස පැවසු ගුරුන්වහන්සේ මියගොස් සිටි කළු බැළලිය දෙස බලමින් දිගු සුසුමක් පිට කළේය. අපි තිදෙනාත් ගුරුන්වහන්සේ අනුව දිගු සුසුමන් හෙලා විඩාබර වූ සිත් නිවා ගත්තෙමු.
- අවසානයි -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Apr 2021 12:42 PM
  •  Quote
  •  Reply
එක හුස්මට කියවන් ගියා.
හොද වෙලාවට දවල් කියවූයේ. රෑක නම් බයවෙනවා...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
27 Apr 2021 09:56 AM
  •  Quote
  •  Reply
ඒක මරු.. වෙනස්ම එකක්..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
27 Apr 2021 10:10 AM
  •  Quote
  •  Reply
දිග කතාවක්. අද නම් වෙලාවක් නෑ. පස්සේ කියවන්නම්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 03:12 PM
  •  Quote
  •  Reply
මොන විදියෙන් මේ විදියේ අකුරු කථා කරනවද මන්ද
කියවන අපිත් බය වෙනවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Aug 2021 11:41 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි ගොඩ කාලයකින් කතාවක් දැම්මෙත් නෑ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Sep 2021 12:46 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩියේ... කතාවක් අරං වරෝ...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Nov 2021 12:02 PM
  •  Quote
  •  Reply
දැන් පොඩ්ඩි කාර්ය බහුල වෙලානේ මල්ලී...
0
Add Reply
Page 10 of 11 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below