You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 12 of 20 << < 1011121314 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2016 01:32 AM
  •  Quote
  •  Reply
මුන් එක ගෙයි කයිද ?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3310






--
01 Feb 2016 01:51 AM
  •  Quote
  •  Reply
එක ගෙයි කන්න තරම් පැරණි කතාවක්ද බං මේක.. ??
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 01:55 AM
  •  Quote
  •  Reply
ෂා මල්ලිට බොහොම ස්තූතියි කතාව ඉදිරියට ගෙනිච්චට..

එක ගේ කන්න දෙවි සුරසේනයා.. බලන් හිටපල්ලකො. අර කළා කියන වශිය ඉල්ලලා කරගෙන ඇවිත් මුන් දෙන්නව බාවන්නේ එහෙම උනොත්..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2016 02:26 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 01 Feb 2016 01:51 AM
එක ගෙයි කන්න තරම් පැරණි කතාවක්ද බං මේක.. ??


… …පරන කතාවක් නිසානෙ බන් එකෙක් ගාවවත් mobile phone එකක් නැත්තෙ ..අද කාලෙ නම් 119 ගහලා ලමයව බෙරගන්නවනෙ බොල
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2016 02:28 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 01 Feb 2016 01:55 AM
ෂා මල්ලිට බොහොම ස්තූතියි කතාව ඉදිරියට ගෙනිච්චට..

එක ගේ කන්න දෙවි සුරසේනයා.. බලන් හිටපල්ලකො. අර කළා කියන වශිය ඉල්ලලා කරගෙන ඇවිත් මුන් දෙන්නව බාවන්නේ එහෙම උනොත්..


… … …ඒ වුනාට සිලිදුවයි බින්දුවයි එක ගෙයි කයි වගෙ බන් මෙ යන විදියට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 02:59 AM
  •  Quote
  •  Reply
අර ගෑනිගේ නම මොකක්ද බන්..? නමක් දාල නැත්නම් හොඳ සූකිරි නමක් දාපල්ලකො.

…ඒ වුනාට සිලිදුවයි බින්දුවයි එක ගෙයි කයි වගෙ බන් මෙ යන විදියට

සුරසේනයා ඔහොම හිටියට මහා වසවර්තියා. බලහල්ලකො අන්තිමට සුරසේනයා අරුන් දෙන්නව තමයි නිදන් බිල්ලට දෙන්නෙ.
එක ගේ කන්න ආවට.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2016 03:10 AM
  •  Quote
  •  Reply
ලතා කියල දාමු
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 03:42 AM
  •  Quote
  •  Reply
හොඳ සුරතල් නමක් දාහල්ලකො.
වයස කියද බන් දැන් ඔය කියන්නාවූ එක්දරු කාන්තාවට?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10454






--
01 Feb 2016 06:01 AM
  •  Quote
  •  Reply
කතාවේ මුල් හරියේදී රන් මැණිකා කියලා නමක් දාල තිබුණා..
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Feb 2016 06:05 AM
  •  Quote
  •  Reply
මේ ඉසව්වේ නේද නිදන් හොරු ඉන්නේ හැබැටම..? "ඉදිරිපසින්ම ගිය සිළිඳු ටිකක් පසුපස ගැන වැඩි විපරමකින් ඇසීය."
"උන්ට මේ කැලේ කොහෙත් එකයි ආයිබෝවන් " සූරසේන පිළිතුරු දුනි.

"මෙතන නම් කැලේ පොඩි වෙලා....හැබැවටම කවුරු හෝ ඉඳලා මේ දැන් ගිහින් තියෙනවා" බින්දු නිහඬතාවය බිඳිමින් කීවේය..

next..සීරෝ ට
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 07:53 AM
  •  Quote
  •  Reply

හ්ම් හ්ම් කවුරු කවුරුත් සද්දේ අඩු කරා නම් .... බින්දු කිවුවේ කාගේත් හොදට ය

සුරසේන ගේ  කකුලේ තුවාලේ නිසා ඔහුගේ මෙන්ම අන් අයගෙත් ගමන සෙමින් ය.. මේ අතර පොඩි එකී මේ කිසිම දෙයක් ගැන හරි හැටි අවබෝදකින් නැතිව වුවද සිලිදුගේ කර බදන් ආවේ වට පිට බලමින්ය ...

මැණිකෝ මොකෝ බන් සැරෙන් සැරෙන් පස්ස බලන්නේ ,,මන් ළමයා අරන් දුවන්නේ නැ නංගියේ ..උබ බය නැතුව ඉස්සරහට අඩිය තියන්පන්කෝ ..මේ අතර සිලිදු මැණිකට පැවසුවේ බොරු අමනාපයක් මවාගෙනය .

අනේ නැ අයියේ කැලේ මැදින් යන නිසාද මන්දා මගේ පපුව ගැහෙන්න ගත්තා නිකම්ම .. කියන්මින් ලේගන්තු බැල්මක් එයට එක් කලාය.

මාමේ මාමේ අර ...... පොඩි එකී යමකිසි දෙයක් දිහා වට අත දික් කරේ සැවොමගේ අවධානය ඒ දිහාවට යොමු කරමින්ය

 

මීලගට 76 අයිය්යට

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10454






--
01 Feb 2016 10:25 AM
  •  Quote
  •  Reply
සියළු දෙනාගේම දෙනෙත් ක්ෂණයකින් ඒ වෙත යොමුවිය.
ඔවුන් දුටුවේ දැවන්ත ඇතකු නිසොල්මන්ව ගිමන් හරින අයුරුය.

“අපි ඉක්මනටම දිසාව වෙනස් කරමු. තනියාට මිනිස් ඉව වැටුනොත් අපි ඔක්කොම ඉවරයි” සූරසේන පැවසීය.
සියල්ලෝම කඩිනමින් දිශාව වෙනස් කර ගමන් කිරීමට ‍පටන් ගත්තේය.


ඔවුන් දුටුවේ වේගවත්ව හමා යන දිය දහරකි. එයින් පිපාසාව සංදිද ගත් ඔවුන් රැගෙන ආ ආහර අනුභව කරන ලදී.
“දැන් අපි කොහොමද මේ ගග තරණය කරන්නේ” රන් මැණිකා ඇසුවාය.


“අපි මේක තරණය කරන්නේ නෑ. පාරුවක් සාදාගෙන ගග දිගේ පහළට යමු” බිංදු කීවේය.
මේ වදන් ඇසී සියල්ලන්ගේම ඉහේ මලක් පිපුණි.


(ගඟ දිගේ යන අතරේ සිදුවූ දේ මධුරංගගෙන් දැන ගනිමු...)
0

kingD
Veteran Member
Veteran Member
Posts:3310






--
01 Feb 2016 07:46 PM
  •  Quote
  •  Reply
වව් නියමයිනේ දැන් කතාව...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:03 PM
  •  Quote
  •  Reply
"ඒත් කොහොමද බන් මේ හදිස්සියෙ පාරු හදන්නෙ. හොඳ කලක් යාවි මෙතැන පාරු හද හද හිටියොත්." සිළිඳු තරමක් නොසන්සුන්ව ඇසීය.

"එහෙම නැත්නම් සිලිඳුවෝ උඹ කියන්නෙ මේ දැරිවියි මැණිකයි කර තියාගෙන ගගෙන් එතෙර වෙන්න කියලද?" බිංදු තරමක් කේන්තියෙන් යුතුව ඇසීය.

"ඒ වැඩේ ලෙහෙසියි වගේ මෙතන පාරු හද හද ලත වෙනවට වඩා.." සිලිඳුද අත හරින පාටක් නැත.

"එහෙනම් උඹ මේ කෙල්ලව කර තියාගනින්කෝ. මැණිකව මම අරගෙන යන්නම්." බිංදු සිලිඳුට ඇසෙන්න කනට කර තරමක් තදින් කීවේය.

"දැන් කට්ටිය කර තියාගෙන යන්නද කල්පනාව." සුරසේන මද සිනහවකින් යුතුව ඇසීය.

"ඔව්. එහෙම හොඳයි කියලනේ මේ කියන්නේ. ඒ නිසා එහෙම කරමු. හැබැයි මේකේ ඉන්න කිඹුල් තඩියා ආවම දෙයියො බුදුන් සිහි කරගෙන ඇස් පියා ගනිල්ල. ගඟ මැද්දේ දුවන්න ඕනේ නැහැ. ඌට අහුවෙච්ච එකෙක් වත් ආයෙත් ගොඩට ඇවිල්ල නැහැ."

"කිඹුලා.. කිඹුල් තඩියා.." සිලිඳුගේ ඇස් උඩ ඉන්දුනේය. සුරසේන ගේ මද සිනහව පහව ගියේය. මැණිකාගේ උගුර වේලි ගියේය.

"එහෙනම් ඉතින් පාරුවක් හදාගෙනම ගොඩට යමු. කිඹුල් බඩට යනවට වඩා ඒක හොඳයි. " සිළිඳු පරාජය භාර ගත්තේය.

(පාරුව හදන හැටි සහ හදන්න ගිහින් වෙච්චි දේ දැන ගන්න වෙන්නෙ අපේ පොඩ්ඩි නගා ගෙන් තමයි. පොඩ්ඩි එන්න කලින් කෙනෙක් භාර ගන්නවා නම් ඔන්න චාන්ස් එක. එහෙම වෙලාවට ඊලග කොටස භාර ගන්න බවට කොමෙන්ටුවක් දාල වැඩේ භාර අරගෙනම ලියන්න. නැත්නම් දෙන්නෙක්ම කතාව ලියවී.)
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2016 09:24 PM
  •  Quote
  •  Reply
කොහොම හරි මනිකව උස්සන්න බිදුවා සෙට් වුනා නෙද ?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3310






--
01 Feb 2016 09:31 PM
  •  Quote
  •  Reply
මේ මැණිකාගේ වයස කීයක් විතර ද බන්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Feb 2016 04:07 AM
  •  Quote
  •  Reply
මෙගා නාට්‍ය ලියන්න නැති රටක මා යලි ඉපදේවා.....!!!!!!!
හිහි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Feb 2016 05:34 PM
  •  Quote
  •  Reply
ඔන්න ෂා මල්ලියේ.. ඊලග කොටස ඔබටයි..
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Feb 2016 08:02 PM
  •  Quote
  •  Reply
ඈත වූ කෙසෙල් පදුරක් දැක සිලිදු එය සතුටින් අනිත් සගයන්ටත් පෙන්වුයේ පාරුවක් හදාගැනීමට පහසු වෙන නිසාය ...
ඒ අනුව කෙසෙල් පදුරු දිශාවට බින්දු හා සිලිදු ගියේ කෙසෙල් බොඩ කපා ගැනීම පිණිසය... මදක් කිට්ටුවට යන විට දුටුවේ එය කෙසෙල් වගාවක් බවය,,, ටිකක් එහාට වෙන්නට පොඩි පැල් කොටයක්ද දක්නට ලැබුණි. මිනිසෙකුගේ කිවිසුම් හඩක් ඇසුණු නිසාම බින්දු සිලිදුව මදක් නතර කර වුයේ ඒ කිවිසුම් හඩ ඇසුණු පුද්ගලයා කවුරුද යන්න හරියටම දැන ගන්නා තෙක්ය .


''වයසක උන්දැ කෙනෙක්නෙ '' සිලිදු දෙස බලමින් බින්දු තොල් මතුරන්නට වුයේය .



අපි ඔහුට නොපෙනෙන්නට වහන් වී සිටියද ඔහු අප සිටි දෙසට ආ නිසාවෙන් තව දුරටත් වහන් වී සිටීමට අවස්ථාවක් නොලැබුණි ..

''මේ දරුවෝ මොකද මුකලානේ කරන්නේ ...'' ඔහු දෙඇස් ලොකු කරමින් කියා සිටියේ අප යම්කිසි වරදක් කර ඇති සේ සිතාම විය හැකිය ...

''අනේ නෑ මාමේ .. මේ මේ '' සිලිදු තෙපලන්නට වූ නිසාමද මන්දා බින්දු තරමක් තම කට ඉස්සර කොට තමන්ට උවමනා වූ දේ ලබ්බ ගලේ ගැහුවා සේ කියා සිටියේය ..

''අයියෝ දරුවනේ උබලා නිරපරාදෙනේ රස්තියාදු උනේ.. තව ටිකක් එහාට වෙන්න වැල් පාලමක් තියෙනවා .. යස අගේට එතෙර වෙන්නට පුළුවන් නෙවැ ..''

එය ඇසු බින්දුගේත් සිලිදුගේත් හිත සතුටින් පිරි ගියහ.


''හරි මාමේ එහෙනම් බොහොම ස්තුතියි . ,,'' බින්දු කියනවාත් සමග .
.'''අපි ගොහින් එන්නම් '' සිලිදු කියන්නට විය ..

'' එක නෙවේ දරුවෝ .. මම අහපුදේ නෑහුනා වගේ නෙවැ ..'''

නැවතත් ඔහු පුන පුනා ඇසුවේ අප මෙහි කුමක් කරන්නේද යන වගයි ...


( පාරු හදන්න දැන් නේ වැල් පාලමෙන් එගොඩ වෙමු නේද ....???
ඉතිරි ටික ශාන් අයියට .......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Feb 2016 08:09 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 02 Feb 2016 04:07 AM
මෙගා නාට්‍ය ලියන්න නැති රටක මා යලි ඉපදේවා.....!!!!!!!
හිහි
එහෙනම් පොඩ්ඩිට ඉපදෙන්න ඉන්දියාව වගේ රටක් හොදද? 

0
Add Reply
Page 12 of 20 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below