You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 7 of 20 << < 56789 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jan 2016 03:40 AM
  •  Quote
  •  Reply
ලබන පෙබරවාරි 05 වෙනිදා වෙන කම් මම  නම් සෑහෙන කාර්‍ය බහුලයි. ඒ නිසා මාව මේ කථාවෙන් නිදහස් කරන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 03:41 AM
  •  Quote
  •  Reply
ගමන් වෙහෙස නිවා ගත් ඔවුන් නැවත වරක් ගමන් ඇරඹුයේ කෙසේ හෝ දැරියගේ පියා ඔවුන්ව සොයා නැවත පැමිණෙන්නට හැකියාවක් ඇති නිසාවෙනි.

මදක් දුර ඇවිද ගිය ඔවුන්ට ඉතා පැහැදිලි අයුරින් තැනුනු අඩි පාරක් හමු වූයෙන් ඔවුන්ගේ නිගමනය නිවැරදි බව සනාථ විය.

දරැවාට සහ ගැහැණිය මදක් ඉදිරියට යන තුරැ සිට සිලිදුව නවතා ගත් බින්දු

''මේ දැන් අපි මේ දෙන්නත් එක්ක මේ ගම්මානෙ මැද්දට ගියොත් අපේ ගමන යන්න වෙන්නෙ නැහැ''

''පිස්සුද උඹට මේ දෙන්න තනියම මේක මැද්දට යවන්නෙ කොහොමද බේරගෙන ආපු එකේ තේරැමක් තියෙනවද''

සිලිදුගේ කේන්තියට උර දුන් මේ කියමන මැද්දෙන් නැවතත්

''අනික මට උඹ මට කිවුවද මේ යන්නෙ කොහෙද කියලවත්''

කියමින් නැවතත් ගමනට එලඹුණු සිලිදු පිටු පස බින්දුද කල්පනාවක යෙදෙමින් ඇදෙන්නට විය...............

(ඔන්න කථාව රස කරන්න සමන්ත අයියට බාර කරනවා)
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2016 03:45 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Jan 2016 03:41 AM
ගමන් වෙහෙස නිවා ගත් ඔවුන් නැවත වරක් ගමන් ඇරඹුයේ කෙසේ හෝ දැරියගේ පියා ඔවුන්ව සොයා නැවත පැමිණෙන්නට හැකියාවක් ඇති නිසාවෙනි.

මදක් දුර ඇවිද ගිය ඔවුන්ට ඉතා පැහැදිලි අයුරින් තැනුනු අඩි පාරක් හමු වූයෙන් ඔවුන්ගේ නිගමනය නිවැරදි බව සනාථ විය.

දරැවාට සහ ගැහැණිය මදක් ඉදිරියට යන තුරැ සිට සිලිදුව නවතා ගත් බින්දු

''මේ දැන් අපි මේ දෙන්නත් එක්ක මේ ගම්මානෙ මැද්දට ගියොත් අපේ ගමන යන්න වෙන්නෙ නැහැ''

''පිස්සුද උඹට මේ දෙන්න තනියම මේක මැද්දට යවන්නෙ කොහොමද බේරගෙන ආපු එකේ තේරැමක් තියෙනවද''

සිලිදුගේ කේන්තියට උර දුන් මේ කියමන මැද්දෙන් නැවතත්

''අනික මට උඹ මට කිවුවද මේ යන්නෙ කොහෙද කියලවත්''

කියමින් නැවතත් ගමනට එලඹුණු සිලිදු පිටු පස බින්දුද කල්පනාවක යෙදෙමින් ඇදෙන්නට විය...............

(ඔන්න කථාව රස කරන්න සමන්ත අයියට බාර කරනවා)
සමන්ත අයියට කතාව කියන්න බැලු කළු හි හි 

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jan 2016 03:55 AM
  •  Quote
  •  Reply
දැන් ඉතිං මොනවා කරන්නද? බැඳ ගත්තු බෙරේ ගහන්න එපායෑ.. මෙහෙම කියපු සිළිඳු හිමින් හිමින් ගම දෙසට පා නඟන්න විය.
…
දැන් මේක කාටද දෙන්නේ.. ??? >>>>>ඔන්න එහෙනම් ඉසුරු මලයට භාරයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jan 2016 03:59 AM
  •  Quote
  •  Reply
නමකුත් අයියම සදහන් කොරන්නකෝ. වැඩේ ගොඩ පොඩ්ඩිට හු......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jan 2016 04:01 AM
  •  Quote
  •  Reply
ඉසුරුව තමයි අද කතාව නොලිය අයිස් ගහල ඉන්නෙ. දෙමු ඉසුරු මලයට එහෙනම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jan 2016 04:01 AM
  •  Quote
  •  Reply
ඔන්න එහෙනම් ඉසුරු මලයට භාරයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Jan 2016 07:13 PM
  •  Quote
  •  Reply
(කෝ ඉසුරු මල්ලී...)
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jan 2016 07:22 PM
  •  Quote
  •  Reply
ඉසුරු. මේ කතාව දැන් එකතැන නතර වෙලා තියෙන්නෙ. මේකේ පේලි දෙකක් ලියල වෙන කෙනෙකුට දෙන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jan 2016 09:07 PM
  •  Quote
  •  Reply
අඩි පාර දිගේ පැමිණි ඔවුන් ගම්මානයට ලගා වුනි .අතරතුර ගැහැනියට පවසා සිටියා යම් කිසි රාජකාරියක් සදහා රත්නපුරේට යමින් සිටින බවයි .අයියලට අපි නිසා ගමනට ප්‍රමාද උනා නේද කරපු උදවුවට ගොඩක් පින් ............


ඉමල්ක
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jan 2016 09:25 PM
  •  Quote
  •  Reply

"දර අක්කිව" රත්නපුරේ උස්සන් යන්නද කොහෙද මේ පොට නම්.

ඉමල්කයෝ.. ඊට පස්සෙ මොකැයි වෙන්නේ කියල කියහන් අපට එහෙනං..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Jan 2016 09:39 PM
  •  Quote
  •  Reply
ඉමල්කයා නැති නිසා මම ලියන්නම්...

"ඒ වුනාට ඔයාත් දරුවත් බේරගන්න ලැබුන එක ලොකු දෙයක්නේ". බිංදු කිවේය.

"එහෙනම් නංගි ඉදිරියට යන්නකෝ " .. සිළිදු ද ඔවුන්ට සමුදුනි..
එසේ කියා සමුගැනීමට සැරසුනු විට වියරු වැටුනු ව්‍යාග්‍රයන් මෙන් කාන්තාවගේ සැමියාත් අනෙක් දෙදෙනාත් කඩු දෙකක් අතතිව ඔවුන් වෙත කඩා පනින ලදී.
එක් කඩු පහරකින් කාන්තාවට තුවාල සිදුවිය.

ඔවුන් සූදානම් වූයේ දරුවාව මරා දැමීමටයි.
එකිනෙහිම ඉදිරියට පැන්න සිළිදු දරුවා දෑතට නැවතත් වනාන්තරය දෙසට දුවන්නට විය. බිංදු ද කාන්තාව ඇදගෙන ඒ පසු පස දිව යන්නට විය.
කඩු අතින් ගත් රුදුරු මිනිසුන්ද ඔවුන් පසු පස හඹා එන්නට විය. ඔවුන්ගේ කරෙහි රැදි බෑග් නිසා සිළිදු හා බිංදු වෙත ළගාවීමට අපහසු විය.


කෙසේ හෝ බිංදු ත් සිළිදුත්, කාන්තාවත් ළදැරියත් රුදුරු මිනිසුන් මගහැර නැවතත් වනාන්තරයට සේන්දු විය. කාන්තාවගේ අතෙහිවූ තුවාලයට කෑලෑ කොළ යොදා වෙලන ලදී. ඒ අතර ජලය සෙවීම සඳහා සිළිදු ගස් අතර නොපෙනී ගියේය.

එකිනෙහිම ඔවුන්ට දකින්න ලැබුනේ වියරු වැටී සිටි කාන්තාවගේ සැමියා කඩුව ලෙලවමින් ඔවුන් වෙත දිව එන අයුරුය. ඔවුන්ට දිව යාමට ඉඩක් නොලැබුණි. ක්ෂණයකින් ඔහු ඔවුන් වෙත ළගා විය.

ඩෝං..
කැලය දෙදරමින් ඇසුණු ශබ්දයත් සමග කඩුව අතින් ගත් මිනිසා බුදු අම්මෝ ගාමින් කකුල අල්ලාගෙන ඇද වැටුනි.
සිළිදු අත වූ ගිනි අවිය දක්නට ලැබුනේ එවිටයි.


"මූ ට ලොකු අමාරුවක් නෑ. මේ වෙලාවේ මේකෙන් වැඩ ගත්තේ නැත්නම් වැඩක් නෑ..
මම කුකුලටයි වෙඩි තිබ්බේ. සද්දේ ඇහිලා අනෙක් අය එන්න කලින් අපි මෙතනින් පැනගමු".


(දැන් ඉමල්කට..)
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jan 2016 10:11 PM
  •  Quote
  •  Reply
එල.. එල ඉන්දික76 අයියේ..
ඔන්න ඉමල්කයෝ ඇති බිහිසුණු ජවනිකා ඇති සීන් කෝන් එකක් උඹට ඇවිත් තියෙන්නෙ.. ගොතල දීහන් අපට ඉස්සරහට මොකෝ වෙන්නේ කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Jan 2016 11:05 PM
  •  Quote
  •  Reply
"අනේ මගේ මනුස්සයට අමාරුද දන්නේ නැහැ.....මට ටිකකට බලන්න ඕනේ...." ගැහැණිය ඉතා දුක්මුසුව කියන්න වුනි..
"මේ ඔහෙවත් මරලා මේ කිරිසප්පයවත් මරන්න හදපු අසත්පුරුසයට අනුකම්පා කරන්න හදන මෝඩ ගෑනි...." සිළිඳු කේන්තියෙන් ගුගුලේය....
"හොඳ වෙලාවට කෙල්ල ඒකාව දැක්කේ නැත්තේ...නැත්නම් ඒකී තාත්තේ තාත්තේ කියකිය අඬන්න ගනීවි.." බින්දු ඔහු අස්වැසීය..

"මේ අපි ඉක්මන් කලොත් හොඳයි".....සිළිඳු නැවත පැවසීය.....

මේ අතර වෙඩි වැදුණු මිනිසා වේදනාවන් කෑගසන්නට විය...... මුනින් අතට වැටී සිටියේය...ඔහු ගාවට සෙමින් ඇදුනු බින්දු ඔහුගේ කඩුව වහාම උදුරාගත්තේය....තවදුරටත් විපරම් කල බින්දු ඔහුගේ කරෙහි රැඳී ජීවම් කල මන්තරයක් ඇති සුරයක් වැනි වැනි දෙයක් හොඳින් නිරීක්ෂණය කළේය, මිනිස් අස්ථියක කොටසකුත් කරෙහි එල්ලා තිබුණි..

next
පොඩි නගාට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jan 2016 11:31 PM
  •  Quote
  •  Reply
එල.. එල.. දැන් බලමු පොඩ්ඩි නගා කොතැනටද අපි කතාවේ ගෙනියන්නෙ කියල. පොඩ්ඩි නගා ආපු වෙලාවක අපට ඔන්න කතාවත් ගොතල දීල යන්න හොඳේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2016 12:56 PM
  •  Quote
  •  Reply
කතාව අලුත්ම පැත්තකට ගිහින් ,,නියමයි .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2016 10:57 PM
  •  Quote
  •  Reply
බින්දුගේත් සිලිදුගේත් බෙරිහන් දීම නිසාමත් තම දරුවාගේ දිවිය බේරා ගැනීමට වුවමනා වූ නිසාමත් ගැහැණිය තම ස්වාමියා දෙස බලා හුල්ලමින් නැවතත් ආපසු හැරුණා ය ...
දැරිය සිටියේ හොදටම තැති ගැන්මකිනි... කාන්තාව දැරිය වඩා ගැනීමට උත්සාහ කලද සිලිදුගේ දෙවුර තදින් වෙලා ගත් ඇය තම මව වෙතට යාම ප්‍රතික්ෂේප කළා ය .....
'' දරුවා සිලිදු අතේ හිටපුදෙන් ... ඔයාට නංගි තුවලෙත් එක්ක දරුවාව වඩාගෙන ඉක්මනින් යන්න අමාරුයිනේ.'' බින්දු පවසන්නට වුයෙන් එයට ඇහුම්කන් දුන් ඇය බින්දු හා සිලිදු පසු පසම ඇදෙන්නට වුවාය.. ...

නැවත ගම්මානයට නොගොසින් කැලේ දෙසින්ම ගොස් රත්නපුරේ ගමන නිමාවක් කරන්නට සිතු ඔවුන් ඉදිරියටම ඇදුන නමුත් රෑ බෝවන්නට වූ නිසාවෙන් දැරිය හා ගැහැණිය ද රැගෙන කළුවරේ කැලේ මැදින් යාම තරමක් අනාරක්ෂිත යැයි තීරණය කර නැවත්තත් වෙනත් මගක් ඔස්සේ ගම්මානයකට යාමට හැකි බව කාන්තාව ප්‍රකාශ කල නිසාවෙන් ගම්මානයට ඒ මග ඔස්සේ ඇදුණි...

කාලය නම් කෙතරම් ඉක්මනින් ගෙවී යන්නේද? හිතන පතන දේවල් ඒ වෙලාවටම ඒ අයුරින්ම ඉෂ්ට කර ගන්නට ඇත්නම් කෙතරම් අපුරුද ? නමුත් වෙනත් වූ කිසියම් දෙයක් සිදු වෙනවා නම් ඒ දේ සිදුවෙන්නේත් නරකකට මිස නොව හොදටමය .... සිතමින් බින්දු ප්‍රමාද වූ ගමන ගැන තනියම සතුටු වුයේ ගැහැණිය හා දරුවා තමන්ට බේරා ගැනීමට හැකි වූ නිසයි .

'' ගම්මානයකට පැමිණි ඔවුන් මග නොරැදීම ගමන් කලේ තවත් රෑ වෙන්නට කලින් ගමනින් බාගයක් හෝ ඉවර කර ගැනීමේ අදිටනිනි....

බොහෝ දුරක් ඇවිද ගිය ඔවුන්ට අතර මගදී කරත්තයක් මුණ ගැසුණි... ඒ පුද්ගලයා සමග කතා කොට පසුව ඔහුද රත්නපුරය ආසන්නයටම යන බව දැන ගත් අතර ඔහු සමග යාමට හැකි බව තරමක් අකමැත්තෙන් නමුදු පැවසුවේ ය .. .. ඒ අනුව ගැහැණියත් දරුවත් කරත්තට ගොඩ කර පසුව සිලිදු හා බින්දු ද කරත්තයට ගොඩ වුනි ..

කරත්තය මතදී තවත් ප්‍රෙහෙලිකාවකි .. කරත්තය තුල කුමන හෝ රහසිගත දෙයක් පටවාගෙන යන බව බින්දුට වැටහුණේ ගැල් කරුවාගේ කතා විලාසයද තරමක් නොසන්සුන් වී ඇති නිසාමය ... එත් දැන් කුමක් කරන්නද ? සිදු වෙන ඕනෑම දෙයකට මුහුණ දෙන්න වෙනවා... සිතමින් බින්දු සිලිදුටද අතින් ඉගි කරමින් ගැල තුල මොනවා රැගෙන යනු ඇතිදැයි ප්‍රශ්නර්තයක් ඉතිරි කළේය .

රැය පහන් වීමටත් අසන්න වීමට මත්තෙන් බොහෝ දුරක් පැමිණි සිටි අතර ඒ වන විට ගැහැණිය හා දරුවට හොදටම නින්ද ගිහින් තිබුනේ ඉතා වෙහෙසකාරීව පසුව සිටි නිසාම විය යුතුය ...

ගැල් කරුවාගේ වැඩි කථා බහක් නොවිණි .

නැවුම් හිරු කිරණ බිමට එලිය රැගෙන එමින් තිබුණි ..




''මහත්තයෝ දැන් නම් මහන්සි ,මෙතන නතර වෙලා , කහට ඩිංගක් බීලම ගමන යමු නේද ?''

බින්දුත් සිලිදුත් එය අනුමත කරමින් ගැහැනියව අවදි කලේ තේ බිමටය .. අගේ ඇස් කියන්න බැරි තරම් ගොඩක් රතු වෙලා තිබුනි ..

''නංගි තේ එකක් බොන්න යමු ''

'' හා අයියේ මම පොඩි එකිවත් කුද්දගෙන එන්නම් ,, අයියලා එතකම් යමු ...''

ඒ වන විටත් සිලිදු ගොස් කහට කෝප්ප දෙකක් අතැතිව ගැල දෙසට ආවේ ය.

''නංගි මේ තේ එක බිවනම් ...අතන ළිදක් තියෙනවා මුණ කට හෝදගෙන එන්නකෝ කෙලිවත් කුද්දගෙන ..'' සිලිදු කියන්නට වුයෙන් ගැහැණිය තම දරුවවත් කුද්දගෙන ළිද දෙසට ගියාය ...

'' ඇය යනකම් ඉද සිලිදු ,,, බින්දුවෝ අපි යන ගමන මේ ගනිවත් එක්කගෙන යන්නමද කල්පනාව,,, ''

'' උබ ඉදපන්කෝ කට වහගෙන .... අපි යන ගමනට මේකි බාධාවක් නෙවේ '' බින්දු ටිකක් සැර විය ..

''එහෙනම් කියපන්කො මේ අපි කොහෙද යන්නේ .. මොනවටද යන්නේ කියලවත් .... '' සිලිදු බැගෑපත් වූ නමුත් බින්දු එය කනකටවත් ගණන් නොගෙන තම බෑගය ඇද බැලුවේ ගෙනා පුස්කොල පොත සුරක්ෂිතව තිබේද කියලයි ...

සිලිදුත් බින්දුත් තේ බිමට ගියේ ගැහැණිය හා දැරිය කරත්තය දෙසට එන්නට වූ නිසාවෙනි..

තේ බි අහවර වූ සියල්ල නැවතත් ගමන පිටත් වීමට සුදානම් විය... බොහෝ දුර පැමිණි පසු මහත්තයෝ මගේ ගමන නම් මෙතනින් නිම වෙනවා... ඉතිරි ටික යන්න ක්‍රමයක් හොයා ගන්න වෙයි කියමින් ගල්කරු බින්දුට පවසා සිටියේ ය....

ඔහු නතර වූයේ තරමක් පාලුවට ගොස් තිබුණු නිවසක් අසලින්ය .. ඒ නිවාස දෙසින් පිරිමි දෙතුන් දෙනෙකුගේ කට හඩවල් තරමක් උස් හඩින් ඇසෙන්නට විය ...

ඒ දේ හඩවල් කුමක් වුවත් ගැල්කරු කුමක් කරන්නට හැදුවත් දැන් බිංදුගේ හිතේ තිබුනේ තමන් පැමිණි රාජකාරිය ගැනම පමණි ..

''මේ කරපු උදවුවට ගොඩක් පින් අයියේ .... අපිටත් තව ඒ හැටි දුරක් නෑ ... කියමින් ගැල් කරුට තුති පුද කළේය ...''

එහෙනම් අපි යනවා කියමින් සිලිදු ඉක්මන් වුයේ මේ අපු ගමනේ කෙළවරක් දකින්නටයි ...

බොහෝ දුරක් ඇවිද පසුව දුරින් පෙනුණු පන්සලක් නිසාවෙන් '' ගමනින් බාගයක් ඉවරයි කියල හිතා ගනින්කෝ එහෙනම් සිලිදුවෝ...'' කියමින් බින්දු සැනසුම් සුසුමක් හෙලීය..



'' දෙයියනේ කියලා ඇති එහෙනම් .. එත් අපි කොහෙටද මේ යන්නේ සිලිදු හෙමින් බින්දුට කෙදිරුවේය .. බින්දු දැස් වලින් දුරින් තියෙන පන්සල සිලිදුට පෙන්වීමට උත්සාහ කලේ ඒ නිසාමය ..

''අපුරු තේ දළු ටික'' කියමින් ගැහැණිය අවට සිරි බැලුවේ පෙර දිනයේ සිදුවූ වේදනාවන් තරමක් පහව ගොස් තිබුණ නිසාමද මන්දා ...

වැටි තිබුණු ගල් පඩි ඔස්සේ යමින් ඔවුන් විහාර මලුව වෙත ලග වුණි ...



එත් සමගම විහාර මළුවේ වැඩ සිටි පොඩි ස්වාමින් වහන්සේ නමක් වෙත ගොස් බින්දු පාද නැමද විමසා සිටියේ ලොකු ස්වාමින් වහන්සේ ගැනයි..

ලොකු ස්වාමින් වහන්සේ ආවාස ගෙයෙහි විවේකි සුවයෙන් පසුවන බව අසා බින්දු හා සිලිදු අවාස ගෙය දෙසට යන්නට වුයේ කාන්තාව ඒ වන විටත් බෝ මළුවට ගොස් බුදුන් නමදින් සිටි නිසාවෙනි...



'''' අහ් බින්දු උපාසක මහත්තයා කියමින් ලොකු ස්වාමින් වහන්සේ බින්දුව වහා හැදින ගන්නට විය...'' ...

'' එහෙමයි නායක හාමුදුරුවනේ '' බින්දු හා සිලිදු ලොකු ස්වාමින් වහන්සේ නැමද එකත්පසක හිද ගත්හ..

''ඉතින් ඉතින් ලොකු උන්දැ එහෙම සනීපෙන් ඉන්නවාද?''

''එහෙමයි ලොකු හාමුදුරුවනේ ..තවමත් සියා වෙදකම කරගෙන යනවා. ගොඩක් ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන් නායක හාමුදුරුවනේ අපි මේ තකහනියක්ම මෙහෙ අවේ '' බින්දු එසේ කියමින් බැගයේ වූ පුස්කොල පොත හිමින් සීරුවේ එලියට අදින්නට වුයේ ය ..

සිලිදු ඇස් ලොකු කරගෙන බලා සිටියේ ය ..

කියන්න උපාසක මහත්තයෝ එදා ඉදන්ම වේද පරම්පරාව රැක ගන්න මේ පන්සලෙන් නොකරපු දෙයක් නෑනේ..

'' එහෙමයි '' බින්දු හිස නමින් කියා සිටියේය ..

හාමුදුරුවනේ මේකේ බෙහෙත් පැලෑටියක් තියෙනවා තමත් හොයා ගන්න බැරි වුණා. ඒ බෙහෙතින් පිළිකාවක් නිට්ටාවටම සුව කරන්න පුලුවනිලු කියලා මේ පුස්කොල පොතේ සදහන් වෙලා තියෙනවා...

බින්දු පැවසු දෙයට සවන් දුන් ලොකු හාමුදුරුවෝ පුස්කොල පොත පිටුවෙන් පිටුව පෙරලා බැලුවේ ඉතාමත් පරිස්සමිනි ...

''උපාසක මහත්තයෝ මේ බේත හොයා ගන්න නම් ටිකක් වෙහෙස වෙන්න වෙයි,, නමුත් තමුන් පැමිණි කරනවා ඉෂ්ට වුණා කියලා හිත ගත්තොත් හොදයි...''

''සිංහරාජ වනන්තරේ තියෙනවා ඔය බෙහෙත .. හැබැයි හොයා ගන්න නම් ටිකක් දුෂ්කරයි... ''

''එහෙමයි අපේ හාමුදුරුවනේ.. ගොඩක් ලොකු සතුටක් ඒ බේත තියෙනවා කියලා දන ගන්න ලැබීමත් මට '' බින්දු පැවසිය

ඒ වන විටත් පන්සලේ ඇබිත්තියා විසින් සිලිදු හා බින්දුට කෑම ගැනීමට පැමිණෙන ලෙස කියා සිටියේ ය .. ඒ අනුව ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරගෙන දැරියත් කාන්තාවත් කැටිව දාන ශාලාව වෙත ඇදුණේ ඉතාමත් බඩගිනේ ඔවුන් පසු වූ නිසාමය ...

----------- කථාව 1 කොටස නිමි අනේ -----------------

2 කොටස imalka අයියේ පටන් ගන්න ...

( බේත් හොයාගෙන ගැහැණියත් එක්කගෙන ගමට යන හැටි )









********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Jan 2016 11:44 PM
  •  Quote
  •  Reply
මද විරාමයක්.. හොඳයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jan 2016 02:04 AM
  •  Quote
  •  Reply

බින්දු හා සිළිඳු     මෙන්ම දැරිය හා ඇගේ මව සමග ලැබුණු ආහාර වේල අනුභව කොට දාන ශාලාවෙන් පිටතට පැමිණෙන අතරතුර 

ලොකු හාමුදුරුවන් වහන්සේ විහාර හෙය ඉදිරිපස ඔබ  මොබ සක්මන් කරමින් සිටිනු දැකීය....

"මහත්තයල දෙන්නට ලොකු හාමුදුරුවෝ ඇබින්ඩකට කතා කොරනවා" 
 ඒ  ඇබිත්ත කොලුවාගේ   හඬයි.
 
"එහෙමයි..මම එන්නම්" බින්දු තම කර රැඳී තුවා කෑල්ල අනිත් කරට මාරු කරමින් කීය...,

බින්දු හා සිළිඳු ලොකු හාමුදුරවෝ පසුපසින් හිටගෙන සිටිද්දී  ම පසුපස නොබලාම සිලිඳුට ආමන්ත්‍රණය කළහ,  මට ඔය මහත්තුරු 
  කියන්නට කාරණාවක් තියෙනවා කියන්නට. 
 " ඔය මහත්තුරු  මාව මුණගැහෙන්න එන බව මම දැනගෙන හිටියා...."
හාමුදුරුවෝ එසේ කියද්දී සිළිඳු හා බින්දු එකිනෙකාගේ මුහුණු බලාගත්හ 
ඒ කොහොමද හාමුදුරුවනේ..? සිළිඳු ඇසීය.
දුර දිග නොබලා එසේ විමසීම අනුවන ක්‍රියාවක් බව සිලිඳුට වැටහුණු නිසා 
'සමාවෙන්න හාමුදුරුවනේ"  යයි යටහත්ව පැවසීය,
කෑ නොගහ ඉඳින්...මේ හාමුදුරුවන්ට සමහර දේවල් ගැන කලින් කියන්න පුළුවන් බින්දු සිලින්දුගේ කනට කර කීවේය 

"මෙහේ ආවේ බෙහෙත් වට්ටෝරුවට බෙහෙත් හොයන්නට කියලා මට කලින්ම කිව්වා නෙව ...

 

ඒ එන අතරතුර ඒ ගැන කිසිම කෙනෙකුට කියන්නට එපා යයි එගොඩහ උඹලගේ සේතන්  ගුරුන්නාන්සේ කිවා නේද...? "
එහෙමයි අපේ හාමුදුරුවනේ...බින්දු සිළිඳු දෙස බලමින් ක්ෂණිකව පිළිතුරු දුන්නේය.

තමුන්  ඒ ගැන මේ හාදෙයටවත් කිව්වේ නැහැ කියලා මට වැටහෙනවා.
 "එහෙමයි එහෙමයි........" බින්දු එය තහවුරු කළේය.
"බින්දු  මට ඒ ගැනේ හාන්කවිස්සියක්වත් නොකිව්වේ එකයි එහෙනම්" සිළිඳු දිගු සුසුමක් හෙලමින් බිම ඉඳගත්තේය,

"හොඳා හොඳා...මම මේ බෙහෙත් ටික  සූදානම් කරලා දෙන්නම් හෙටම.

මේ බෙහෙත් ටික දුන්නහම බෙහෙත් කොරන කෙනාට  වෙයි," ස්වාමීන් වහන්සේ ඔවුන් දෙල හැරෙමින් පැවසූහ.

"අර   තැනැත්තිය නුඹලාට මුනගැහුනේ කොහෙදිද..? මටදැනෙන  විදිහට මහා කරදරේක වැටුණු වෙලාව උ උන්දැට පිහිට වෙලා තියෙන්නේ...."

"අර දැරිවි ගේ මහා අපලයක් තිබිලා තියෙනවා මට පේන හැටියට..."

"ඒ කිගේ වෙලාපත්කඩේ වත් තිබුනා නම් හරියටම බලන්නට තිබුනා..ඒත්  ඉතින් ඒවා කොහෙන් හොයන්නද මේ වෙලාවේ "

"මේ තැනැත්තියගේ තුවාලයට  බෙහෙතක්  කරන්න වෙයි. ඒක ටිකක් බැරෑරුම් කාරියක්, "

කෝකටත් මම ගුණදාස උපාසක උන්නැහේගේ හාමිනේට එන්න කියලා පණිවුඩයක් යවන්නම්.මේ ඇත්තිට ප්‍රතිකාර කරන්න උදවු වට. මගෙන් මේ වෙදකම් සාස්තරේ ඉගෙනගත්තු අයගෙන් මේ ගමේ ජීවත් වෙන්නේ ගුණදාස වේද මහත්තයයි හාමිනෙයි  විතරයි දැන්..."

 

"එහෙමයි අපේ හාමුදුරුවනේ" සිළිඳු පැවසීය 

"පන්සලේ උපාසක ඇත්තිවයි ගැහැණු දරුවයි නතරකරගන්න බැහැ නේ., අපි බෙහෙත් කොරලා හෙට දිහාට මේ අය පිටත් කරමු." එතකල් ගුණදාස වෙද  හාමිනේ ලගේ ගෙදර නතර කරවමු" 

 

"උඹල දෙන්නා ට මෙහෙ ඉන්න පුළුවන් නේ."

 

 

.
පැය කිහිපයකින් උපාසිකා වෙද හාමිනේ පන්සලට පැමිණියේ තම කුඩා  මිණිබිරිය  ද කැටුවය...

උපාසක හාමිනේ ආව ඒක හොඳයි....මේ මගේ හිතවත් කෙනෙක්ගේ දරුවෝ දෙන්නා මහා කැලේ  මෙහෙ එද්දී කරදරේක පැටලිච්ච ගැහැණු කෙනෙක් එක්ක පොඩි දැරිවියක් බේරාගෙන ඇවිල්ල ඉන්නවා....මහා උන්දැ තුවල වෙලා...අපි අද උපාසක හාමිනේගේ ගෙදර නතර කරගෙන බෙහෙත් ටිකක් කරලා පිටත් කරමු"  

 

එහෙමයි අපේ හාමුදුරුවනේ "උපාසිකා වෙදහාමිනේ පිළිතුරු දුනි"

"කෝ....අපේ ගුණදාස මහත්තයා පෙන්න නැත්තේ? 

වෙනදා පන්සල පැත්තේ නොවරදවාම එනවනේ.." 

හාමුදුරුවෝ විමසීය ..


"ඒකනෙ හාමුදුරුවනේ...මම එපා කියද්දී  කැළෑ මහත්තුරු එක්ක කැලේ මොකද්ද කලබැගෑනියක් බලන්න ගියා. නිධානයක් ගන්න මිනිස්සු වගයක් ඇවිත් වෙඩි තියාගෙන කියලා ආරංචිය....

ඒක වෙඩි වැදිච්ච මිනිහෙකුට අත් බෙහෙත් කරන්න තමයි අපේ මහත්තයව  ගියේ.." 

"ඔව් ඔව්...ගුණදාස උපාසක මහත්තයට යස අගේට බෙහෙත් එහෙම හදන්න පුළුවන් නෙව...."

"ඔය ගුණදාස ඉලන්දාරියා කාලේ මම කොච්චර උනන්දු උනාට ඕකට වෙදකම උගන්නන්නට.....දහම් පාසලේ හොඳම ශිෂ්‍යයා ඒවගේම පස්සේ හොඳම ගිහි ගුරු මහත්තයා..., ආණ්ඩුවේ රස්සාවට ගියා මිසක මේවට උනන්දුවක් තිබ්බේනැහැ ඒ කාලේ." හාමුදුරුවෝ බිත්තියේ චිත්‍රයක් දෙස බලා ගෙනම පැවසූහ. 

ඒ විතරක් යැ ගුරුකම් වලට ත් මේ පළාතේ ගුණදාස උන්නැහේට එහා ගිය කෙනෙක් නැහැ නෙව  

 "දැන් හවස තුනයි නේ.."

මෙලහකටත්   එනවා ඇති මයේ හිතේ."  හාමිනේ කට හඬය අවදි කාලය 

 

සිළිඳු හා බින්දු තැති ගත් ස්වරූපයකින් ලොකු ආමුදුරුවන් වහන්සේ  දෙස බලද්දී උන්වහන්සේ ද ඔවුන් දෙස බැලීය.....

 

""හොඳයි... මේ ........කොලුවෝ.....

"වේද හාමිනේ ට උදවු කරපන්.....අර ඇත්තිට වෙදකම් කරන්න.....මම එන්න ටිකකින්" 

හිමියන් ඇබිත්ත කොලුවා සමග වේද හාමිනේ ලෙඩා ලඟට පිටත් කරවූහ .

මේ අතර වේද හාමිනේගේ කුඩා මිණිබිරිය දාන සාලාව අසල ගොස් එහි සිටි කුඩා දැරිය සමග අත් අල්ලාගෙන කතා කරනු පෙනින...

 

" ආ දෝනිට  නංගි කෙනෙකුත් හම්බවෙලා තියෙන්නේ......" කියමින් කුඩා දැරියන් දෙදෙනාගේ හිස් අතගාමින් ඔවුන්පසුකර දාන ශාලාව ඇතුලට ගියාය.

    


හාමුදුරුවෝ බින්දු  ගේත් සිලිදුගේත් දීර්ඝ විස්තරය අසා නළල රැලි කරගෙන මෙසේ  පැවසූහ ..
එහෙනම් ආයේ දෙකක් නැහැ ඔය අර ගහනුකෙනාගේ මිනිහා තමයි වෙඩි වැදිලා ඉන්නවා කිව්වේ..."
කෝකටත් ගුණදාස උන්නැහේ ආවම ඕක හරියට දැනගන්න පුළුවන්.

මම මේ ගැහැණු උදවිය දැන්මම ගුණදාස නෝනගේ ගෙදරට පිටත් කරලා. ඔය කියන වෙඩි වැදුණු පෝරිසාදයා පන්සලට ගෙන්නාගෙන බෙහෙත් කරවන්නම්.."

 

"උඹල බයනොවී ඉන්දහල්ලා.."

"නිදන් හාරන්න ආව නිසා ඒ අය ගැන පොලීසියේ මහත්තුරු දැනටමත් ඒගැන පරීක්සන කටයුතු කොරනවා ඇතිනේ."

"කාරී නැහැ......කාරී නැහැ.." 

මේ අතර මැදිවියේ කෙනෙක් පන්සලට පැමිණියේය...

"ආ ගුණදාස  මහත්තයා " ආ ඒක හොඳයි  මේ මගේ හිතවතෙක් ගේ උවමනාවට මේ බෙහෙත් වට්ටෝරුව ඕනවෙලා තියෙනවා.මට මේ තුන්දුවේ තියෙන කළමනා ටික සූදානම් කරලා දෙන්න කියල බැලුවේ "
"එහෙමයි අපේ හාමුදුරුවනේ." ගුණ දාස උපාසක පිළිතුරු දුනි.
"කොහොමද අර වෙඩි වැදුණු කෙනාට ??" 
"මට හාමිනේ කිව්වා  විස්තරේ " ඒ මිනිහගේ පවුලයි දරුවයි මෙහෙ ඉන්නේ දැන්"

"අනේ එහෙමද..?"
ඒ මිනිහ අහිංසකයෙක්..නිදන් හොරු බන්ධනයක් කරලා ඒ මිනිහගේ සිහිව වෙනස් කරලා...ගෑනිවයි තමුන්ගේ දරුවයි  බිලි දෙන්න ගිහිල්ල තියෙන්නේ"
"මෙලහකටත් පොලීසියේ මහත්තුරුයි කැළෑ මහතුරුයි මිනිහගෙන් කටඋත්තර ගන්නවා ඇති "
හොඳ වෙලාවට කවුදෝ මිනිස්සු දෙන්නෙක් ඇවිත් උන් දෙන්නව බේරාගෙන ගිහිල්ල" ගුණදාස උපාසක එසේ කියද්දී 
සිළිඳු හා බින්දු මහත් අස්වැසිල්ලකින් යුතුව එහෙ මෙහෙ බැලීය.
" දැන් කෝ ඒ මිනිහා මහත්තයෝ...?" බින්දු ඇසීය
මිනිහගේ බන්ධනේ මම කැපුවා..දැන් හොඳයි...දණහිසට වෙඩි වැදුණු තුවාලේ නිසා ටිකක් අමාරුයි. "

"අපි ඒ මනුස්සයා පන්සලට ගෙනත් බෙහෙත් කරමු නේද ගුණදාස උපාසක උන්නැහේ ? ලොකු  හාමුදුරුවෝ ඇසීය 
" ඔව් ඒක තමයි මමත් කල්පනා කරේ" ගුණදාස උපාසක පිළිතුරු දුනි.
"හොඳා..එහෙනම් ලෙඩාගේ බෙහෙත් ටික හොයාගෙන එනගමන්  මේ බෙහෙත් තුණ්ඩුව සූදානම් කෙරුව නම් "  කියමින් ලොකු හාමුදුරුවෝ බෙහෙත් වට්ටෝරුවක් ගුණදාස උපාසක ඇත තැබීය.
සිලින්දුත් බින්දුත් ගුණදාස උපාසක කටුව යන්න උත්සාහ කලත්, හාමුදුරුවෝ ඔවුන් පන්සලේ නතර කරවගත්තේය.
"බෙහෙත් ඇන්න එන්න යද්දී කතා බැහැ අය්බෝවන්" ඇබිත්ත කොලුවා පිහියත් පන් මල්ලත් අරගෙන  ගුණදාස උපාසක ගිය මග දුවන්නට පටන් ගන්නට පෙර  සමග බින්දු ගේ කනට රහසින් කීවේය.


ඔවුන් පිටත්වගිය පසු ලොකු හාමුදුරුවෝ පුස්කොල පොතක් රැගෙන පොත් ගුල වෙත වැඩම කල කළේය.
බින්දුත් සිලින්දුත් හෙමින් හෙමින් දාන සාලාව දිහාට පියමැන්නේ ඔවුන් හා පැමිණි කාන්තාවගේ තත්වය දන ගැනීමටය.


ඊගාව කොටස මදුරන්ගට

 


 


 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 02:32 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Jan 2016 03:59 AM
නමකුත් අයියම සදහන් කොරන්නකෝ. වැඩේ ගොඩ පොඩ්ඩිට හු......................
nari kaluda .. heeee hu kiyanne nari.....

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 7 of 20 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below