You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Sep 2015 06:29 PM by  Ind007ka
ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
 27 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 02:37 AM
    සිංහල ජාතියට මග පෙන්වූ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
    ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම 2014 වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට තෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය.


           1901 දී පමණ වර්තමාන ඉන්දියාවේ උතුරු බෙන්ගාලයේ ඩාර්ජිලින් නගරය ආසන්නයේ භූටියා භස්ති නම්ග්‍රාමයේ වංශවත් පවුලක උප්පත්තිය ලබන මේ කුඩා සිකිම් ළදරුවා නමින් පෙම්පා තෙන්දුප් විය. තම පරපුරෙන් සෙර්කි චෙරින් යන නාමයද මේ නමට එකතු වූයේය.  ලෝක සිතියමේ නේපාලය හා භූතානය අතර මැද තිබ්බත දේශ සීමාවට දකුණෙන් පිහිටි ඉන්දියාවට අයත් භූමිභාගය හෙවත් සිකීම් ප්‍රාන්තය අතීතයේ සිකීම් රාජ්‍යයයි. 1975 ට පෙර එය ස්වාධීන රාජ්‍යයක් විය. වර්තමානයේ එය ඉන්දියාවේ විසි දෙවන ප්‍රාන්තය වී ඇත.සිකීම්හි උතුරු කොටස සදාකාලිකව හිමෙන් වැසී ගිය කඳු පන්තියකින් සමන්විත වන අතර ලොව උසම කඳු සිඛර කීපයක් එයට ඇතුලත් වේ. ඒ අතරින් වැදගත්ම කඳු සිඛරය වන්නේ කංචන් ජුංගාය. මන නදන සොබා සොඳුරු දසුන් මවන මේ කඳු සිඛරය ලොව උසම කඳු අතරින් තෙවන ස්ථානය හිමි කර ගනී.
            සිකීම් භුමිය ජනාවාස වී ඇත්තේ ඊශාන දිග ඉන්දියාව හරහා පැමිණි මොංගොලයිඩ් ජන වර්ගයක් වන ලිප්චාවරුන් ගෙනි. ඔවුහු දහතුන් වන සියවස වන විට ගෝත්‍රික සමාජයක් ලෙසට මේ භූමියේ පදිංචිව සිටියහ. ලිප්චාවරු දඩයම් කරුවන් සේම ආහාර රැස් කරන්නන් සේ සිය ජීවිකාව පවත්වාගෙන ගියහ. 15 හා 16 වන් සියවස් වලදී තිබ්බත සම්භවයක් සහිත ජන කණ්ඩායමක් මේ භූමියට සංක්‍රමණය විය.ඔවුහු භූටියා වරු ලෙසට හැඳින්වුණි.ලිප්චාවරු හා භුටියා වරු අතර ඇති වූ සංහිඳියාව තුල සිකීම් දේශය ගොඩ නැන් වී තිබේ. 

           මහින්ද හිමියන්ගේ පියා සිකීම් හි භුටියා භස්ති විහාරයේ ප්‍රධාන පූජාචාරී තුමන්ය.ඔහු නමින් නිම්පෙන්ජෝ සෙර්කි චෙරින් විය. ඔහුට පිරිමි දරුවන් සිවු දෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩි මලා දවා සංදුප්ය.ඔහු කල්කටා විශ්ව විද්යා ලයේ ඉගෙනුම ලැබ එහිම කථිකාචාර්ය වරයෙකු විය. විසිවන සියවස ආරම්භයේ දී සිකීම් රජුගේ අනුග්‍රහයෙන් ගැන්ටොක් අගනුවර සමීපයෙහි භුටියා ලිප්චා නම් පාසලක් පිහිටුවන ලදී. එහි ප්‍රධානාචාර්යවරයා බවට පත් කරන ලද්දේ දවා සංදුප්ය. 1907 වසරේ දී මේ දරුවන්ගේ පියා මිය ගියේය. පවුලේ වගකීම වැඩිමලා වෙත පැවරුණි. සිකීම් රජු ගේ පුත් සිද්කෙඔන්ග් තුල්කු හා එස්.කේ. තාෂිනම්ග්‍යාල් යන කුමාර වරුද දවාසංදුප් ගේ දරුවන් සියලු දෙනද මේ පාසලේ දී එකට ඉගෙනුම ලදහ. ඒ අතර පෙම්චෝද්‍ර පූර්පා තෙන්දුප් හා පෙම්පා තෙන්දුප් විය.

            බෞද්ධ පූජාචාරී පරම්පරාවකින් පැවත එන තාන්ත්‍රිකාචාර්ය වරයෙකු වූ දවා සංදුප් ගේ වගකීම වූයේ සිය රට වෙනුවෙන් සහ රජ පවුලේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි. එසේම රට නවීන ලෝකය සමග ගලපා ගැනීම ද කළ යුතුව තිබුණි. මෙම  අරමුණෙන් යුතුව ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ පූර්පා තෙන්දුප් ශාසනික අධ්‍යාපනය සඳහා ලංකාවට යැවීමට තීරණය විය. මේ වන විට ලෝක ධර්ම දූත සේවයේ නිරතව සිටි ජර්මන් ජාතික ඤණාතිලෝක හිමියන් සහ දවා සංදුප් අතර හිත මිත්‍රකමක් ගොඩ නැගී තිබුණි. කල්කටා විශ්ව විද්‍යාලයේ දී ලංකාව ගැන ලැබුණු අවබොධයත් කල්කටාහි මහා බෝධි සමාගම සමග තිබූ සබඳතාවයත් නිසා ලංකාවේ දහම් අධ්‍යාපනය ගැන මනා වැටහීමක් දවා සංදුප් වෙත තිබුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1914 වසරේ දී පූර්පා තෙන්දුප් ලංකාවට පිටත් කර එවීමට කටයුතු කරන ලද්දේ ශාසනික අරමුණක් සඳහාය. පූර්පා තෙන්දුප් 1914 වසරේ දී සිකිම් පුඤ්ඤසාර නමින් පැවිදි විය. ඉන් අනතුරුව සිය බාල සොහොයුරු පෙම්පා තෙන්දුප් ද ලිප්චා ජාතික තෙම්පා රින්ෂින් ද එලෙසම ලංකාව බලා පිටත් කර හරින ලදී. මේ දරුවන් තිදෙනාටම සිකීම් රාජ්‍ය යෙන් ශිෂ්‍යවයන්ද පිරිනමන ලදී.

               සිකිම් මහින්ද හිමියන් 1914 වර්ෂයේ දී පූජ්‍ය කලි කුමාර් නම් භික්ෂූන් වහන්සේ සමග ලංකාවට පැමිණියද භාරකරු වශයෙන් සිටි ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් බ්‍රිතාන්‍යන් ගේ අත්අඩංගුවට පත් විම නිසා පැවිදි පිංකම එම වර්ෂයේදී සිදු නොවුණි. අනතුරුව 1914 සිට 1918 වන් තෙක්ම එම අවස්ථාව නොලැබුණි. අනතුරුව ටිබෙට් ළමයා මහණ කරවන ලද්දේ රජ්ගම ගල්කන්දෙගොඩ දේවප්‍රතිරාජ පිරිවෙනේදීය. ඒ ඒවකට ඉංග්‍රීසි උගත් පඩිවරෙයකු ලෙසට ප්‍රසිද්ධ ව සිටි රජ්ගම ධර්මාධාර හිමියන් සහ රජ්ගම චූලසුමන නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි. සිකිම් මහින්ද නමින් පැවිදි වුණද උන්වහන්සේට ටිබෙට් ජාතික  ඒස්. මහින්ද නාමය ලැබීමද සිහිපත් කල යුතු සිදුවිමකි. 1920 දී සිය සහෝදරයා වන සිකිම් පුඤ්ඤසාර  හිමි ආපසු සිකිම් දේශයට ගිය අතර මහින්ද සාමෙණ්ර හිමියන් අලුත්ගම ශ්රී් සීලඛන්ධ නාහිමියන් යටතේ දොඩන්දූවේ සරස්වතී මණ්ඩපයට ඇතුලත් කෙරුණි. මහින්ද හිමියන් සමග සිටි නේවාසික සාමණෙරයන් වූයේ දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. සරස්වතී මණ්ඩපයේ සාමණේර ස්වාමීන් වහණ්සේලාට වරින් වර ධර්ම දේශනා කිරීමට අවස්ථාව හිමි වෙයි. මහින්ද හිමියන්ට එම වාරය පැමිණි දිනයේ කලුලෑල්ලේ උන්වහන්සේ ගේ නමට විශේෂණයක් එකතු විය. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද නාමයයි. එය සටහන් කරන ලද්දේ මහින්ද හිමියන් ගේ මිත්‍ර දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. පසු කලෙක මේ මිත්‍රත්වය නිසා මිත්‍ර සංදේශය නමින් සංදේශ කාව්‍යයක් ද රචනා කොට ප.බ.ජි. හේවාවසම් මහතා දූතයා කොට දොඩන්දූවේ කුමාර විහාරයේ වැඩ උන් ධර්මාරාම හිමියන් වෙත යවා ඇත. අද ඒ සංදේශ කාව්‍ය පමණක් නොව දෙඩන්දූ සංදේශය හා විල් ලිහිණි සංදේශයද අප්‍රකටය. මේ තොරතුරු අපට මතක් කරන ලද්දේ ධරමාරාම හිමියන් ගේ ශිෂ්‍ය වස්කඩුවේ තිලක නා හිමියන් විසිනි.

          1924 වර්ශයේ දී අලුත්ගම සීලඛන්ධ නා හිමියන් අපවත් වූ පසු මහින්ද හිමියන් බලවත් අසීරුතාවයට පත්විය. රජ්ගම චූලසුමන හා රජ්ගම ධර්මාධාර නාහිමිවරුන් යටතේ පැවිදි බව ලැවූවද උන් වහන්සේලාද අපවත් වී සිටියෙන් උපසම්පදාව ලබා ගැනීමේ ගැටලුවක් මතු විය. මේ නිසා 1927 වර්ෂය වන විට මහින්ද හිමියන් කොළඹ ට පැමිණ පූජ්‍ය වෑකඩ ධීරානන්ද හිමියන් හමු වී කොම්පඤ්ඤ වීදියේ සෞගතවාසයේ නතරවීම උන් වහන්සේගේ පමණක් නොව ජාතියේ ද භාග්‍යයක්ම විය. 1921 වර්ෂයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කල මහින්ද හිමියන් එවකට කොළඹ මරදානේ 520 ස්ථානයේ රැඳී සිටි පී.කේ.ඩබ්. සිරිවර්ධන මහතා දැන හැඳින ගෙන කතුවරයෙකු ලෙසට ග්‍රන්ථ පළකරන්නට ආරම්භ කරන ලදී. මහා පරාක්‍රමබාහු කුමාර කාලය රාහුල කුමාරයා වැනි ගද්‍ය රචනාද නිදහසේ මන්ත්‍රය නිදහසේ දැහැන වැනි ප්‍රකට රචනාද කරන්නට පන්නරය ලැබුණේ එවකට මේ රටේ ජාතික නිදහස් සටන ඇරඹී තිබූ බැවිනි. ශ්‍රීමතී අභය ගුණවර්ධන සාගර පලන්සූරිය වැනි කිවි කිවිඳියන් පමණක් නොව පියදාස සිරිසේන වැනි මහා පුරුෂයින්ද මේ ජාතික සටනට සෘජුව දායකත්වය සපයන්නට විය.

        1927සිට 1937 දක්වා කාලය මහින්ද හිමියන් ගේ ස්වර්ණමය අවදියයි. උන් වහන්සේ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය වරයෙකු ලෙසට පත් වීමක් ලබන්නේ එවකට එහි විදුහල්පතිව සිටි පී.ද එස්. කුලරත්න මහතාගේ ඇරයුමිනි. එම යුගයේ දී උන්වහන්සේ විසින් මුද්‍රණ ද්වාරයෙන් පළ කරන ලද ලංකා මාතා නිදා සිටි සිංහලයින්ට ගසන ලද කෙවිටි පහරක් විය. උඩරට යටහලගල පෙදෙසේ වන්නම් ගැන කරන ලද පර්යේෂණයකින් පසුව උන්වහන්සේ ආනන්ද විදුහලේ ළමුන් උදෙසා දහඅට වන්නම් නම් කෘතිය පළ කරන ලදී. එයට එම විදුහලේ ආචාර්ය වරයෙකුව සිටි පී.ඊ. ප්‍රනාන්දු මහතා දක්වන ලද සහයෝගය නිසා එවකට ආනන්ද විදුහලේ ළමුන් අතර විශාල සංස්කෘතික ප්රෙබෝධයක් ඇති විය.

       1937 වර්සයේ දී සිය ගුරුදේව කිරිගල්පොත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් ගේ ඉල්ලීම පරිදි මහින්ද හිමියන් පානදුර අලුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ විහාරධිකාරී ලෙසට පැමිණීම පිණිස ආනන්ද විදුහලේ ආචාර්ය පදවියෙන් ඉවත් විය. 1937 සිට 1951 දක්වා කාලය උන්වහන්සේ ගේ සමාජ ජීවිතය ඔප් නැන්වුණු අවදියක් විය. පාසල් පෙළ පොත් පළ කිරීමෙන් උන්වහන්සේ අධ්‍යාපනඥයෙකු බවට ද පත් විය. අනතුරුව මහ බෙල්ලන විහාරස්ථානය මූලික කර ගෙන නව ලංකා නම් දහම් පාසලක් ආරම්භ කිරීමම පැහැදිලි ලෙසටම විප්ලවයක් විය. මේ විප්ලවය සමාජ ප්‍රතිශෝධනයෙහි මෙන්ම සුචරිත වර්ධනයෙහිද යොමු කරලීමට කල උත්සාහය නිසා උන්වහන්සේට එකල විවිධ විහාරස්ථාන වලින් ධර්මදේශනා සහා ඇරයුම් ලැබුණි. එකල දේශපාලන පොරපිටිය ද මහත් සේ උණුසුම් යුගයකි. ජෝන් කොතලාවල මහතාද උන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ බව සඳහන්ය. මේ නිසා දේශපාලඥයින් ගේ චන්ද ව්‍යාපාර සරු කිරීම උදෙසාද ඇතැම් අවස්ථාවලදී මහින්ද හිමියන් ගේ ධර්මදේශනා අසන්නට ලැබුණු බව උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ තෙල්වත්ත දළදාවිහාරයේ විහාරාධිපතිව වැඩ සිටි තල්වත්තේ  ඉන්ද්රම ජෝති නාහිමියන් පවසයි.

          1951 වසරේ මාර්තු මස 16 වනදින කලුතර දී පැවති ආදාහන උත්සවයක් නිමා කොට යලි සිය විහාරයට පැමිනි මහින්ද හිමියන්  එදිනම රාත්‍රී අටහමාරට පමණ අපවත් වී වදාලේ ජාති මාමකයින් සෝ සයුරේ ගිල්වමිනි.1961 වසරේ උන්වහන්සේ වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවති ගුණානුස්මරණ උත්සවයෙන් පසුව වාර්ෂිකව මේ මහා යතිවරයානන් සිහිපත් නොකර මාර්තු මාසය ගෙවී නොගිය බව කිව යුතුය. ඒ තරමටම උන්වහන්සේ ජාතියේ සම්මානයට පාත්රතව සිටියහ. උන්වහන්සේ අපවත්ව වසර හැට තුනක් ගතව තිබියදීත් වර්තමානයේද උන්වහන්සේ කළ සේවය අගය කිරීමට කෘතගුණ වාදී ජනතාව සූදානම් බව පෙන්වන්නට  තිබෙන හොඳම උදාහරණය නම් මහ බෙල්ලන සුධර්මාරාමයේ දී අභිනවයෙන් ඉඳිකරනු ලැබූ කෞතුකාගාරයයි. මෙම සද්කාර්යයට දායකත්වය සපයන ලද්දේ මැදපෙරදිග සිංහලයින් ගේ හෙළ බිම සංවිධානයයි.

    මෙතෙක් කලක් අප්‍රකටව තිබූ තොරතුරු ගවේශණයේ දී පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන් ගත්  උත්සාහය නිසා  සිකිම් ලේඛනාගාරය සතුව තිබූ මහින්ද හිමියන් ගේ පරම්පරාව පිළිබඳ අගනා තොරතුරු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ගත හැකි විය.මෙම සද් කාර්යය කර ගැනීමට මග පෙන්වන ලද්දේ ජනාධිපති  උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ය.  එහෙයින් මහබෙල්ලන සුධර්මාරාමායේ දී විවෘත වූ එස්.මහින්ද හිමි කෞතුකාගාරය හා පුස්තකාලය මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන් මගේ පැතිකඩක් පෙන්වන සිහිවටනයක් බවට පත් වන බවද කිව යුතුය.එසේම එස්.මහින්ද හිමියන් අධ්‍යාපනය ලැබූ දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරයේ මෙම අගනා තොරතුරු ගැන්පත කිරීමද 2014 මාර්තු මස 17 දින පූජ්‍ය  බෙංගමුවේ නාලක හිමියන් අතින් සිදු විය. ඒ මහින්ද හිමියන් අපවත් වී හැට තුන වසරක් පිරීම නිමිත කොට පැවති අනුස්මරණ දේශනය අවසානයේ දීය.         
                              
    -  මතුගම සෙනෙවිරුවන්
     

    Nature Forum © 2015 | All Rights Reserved

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    13 Jan 2015 02:40 AM
    ඉතා වටිනා ලිපියක්.. ආරක්ෂා කරලා තියාගන්න ඕන..
    දරුවන්ට වැදගත් වෙනවා..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 02:44 AM

    එස්‌. මහින්ද හිමි

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    පූජ්‍ය එස්. මහින්ද හිමි
    Venerable Tibet Sikkim Mahinda Thera (c.1901-1951).jpg
    උපත පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින්
    1901
    ගංටොක්, සිකිම්
    මරණය 1951 මාර්තු 16 දින
    ලංකාවේ, පානදුරේ, මහ බෙල්ලන
    නිවහන ලංකාව
    අනෙකුත් නම් සිකිම් මහින්ද හිමි,
    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
    වාර්ගිකත්වය සිකිමියානු
    අධ්‍යාපනය විද්‍යෝදය පිරිවෙන, මරදාන
    ප්‍රසිද්ධ වන්නේ කවියා,
    ගත් කතු වර,
    ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය
    සැලකිය යුතු කෘති(න්) නිදහසේ දැහැන,
    නිදහසේ මන්ත්‍රය,
    ලංකා මාතා,
    ජාතික තොටිල්ල,
    අද ලක් මාතාවගේ පුතු,
    නිදහස,
    විදේශිකයෙකුගෙන් ලක් මවට නමස්කාරයක්,
    සිංහල ජාතිය
    ආගම බෞද්ධ

    එස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.

    තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.

    මුල් දිවිය

    1901 දී පමණ සිකිම් හී උපත ලද එස්. මහින්ද හිමි නම් ලැබුයේ පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් ලෙසිනි.[1] එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන ගංටොක් හිදීය. උන්වහන්සේට සහෝදරයෝ තුන් දෙනෙක් වූහ; පළමුවැන්නා පසුව කල්කටා විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු වූ අතර, දෙවැන්නා රජුගේ අග්‍රාමාත්‍යවරයා වෙමින්, තෙවැන්නා බෞද්ධ භික්ෂු ජීවිතයට ඇකුළුවිය. [2] එතුමාගේ කුඩා කල මිතුරා ටැෂි නැම්ජිල් පසුව සිකිම් හී රජු විය. එස්. මහින්ද හිමි එතුමාගේ එම නම ශ්‍රී ලංකාව තුල ආරූඨ නාමයක් ලෙසින් භාවිතා කල අතර එය නිසා එම නම එතුමාගේ නියම නම බවට විශ්වාසයක් ඇති විය.[1]

    රුපියල් හයක වාර්ෂික දීමනාවක් හා සමගම, ලංකාවේ බුදුදහම උගෙනීමට ශිෂ්‍යත්වයක් සර්කි ලද අතර 1912 දී හෝ 1914 දී මෙහි ලඟා විය. එකල මෙම රට, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. ඒ වන විට බෞද්ධ භික්ෂුවක් වූ සිකිම් පුන්නජි නම්වූ උන්වහන්සේගේ වැඩිමහළු සොහොයුරු උන්වහන්සේ සමග මෙහි වැඩම කළහ.[2]

    බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය

    දකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2] රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]

    උන්වහන්සේ පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. 1930 ජූනි 16 දිනදී උන්වහන්සේ, ශ්‍යාමෝපාලී නිකාවෙහි යළි පැවිදිබව ලැබූ අතර එම වසරෙහි අග භාගයේදී උපසම්පදාව ලැබූහ. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, නාලන්දා විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]

    සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය

    ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]

    ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]

    • නිදහසේ දැහැන
    • නිදහසේ මන්ත්‍රය
    • ජාතික තොටිල්ල
    • අද ලක් මවගේ පුත්තු
    • විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
    • සිංහල ජාතිය
    • ලංකා මාතා
    • නිදහස


    මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. [2]අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මැයි 16 වන දා අපවත් වී වදාළහ. [6]

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 02:46 AM

    දේශ හිතෛෂී විදේශීය කවියා,ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන්

     

    ශ්‍රී ලංකාව වසර පන්සියයකට ආසන්න කාලයක්‌ විදේශීය ජාතීන් තුනක සෘජු යටත් විජිතයක්‌ව පැවතුණි. එම වකවානුවේදී විදේශීය ආක්‍රමණවලට විරුද්ධව නිදහස්‌ සටනට පණ පෙවූ ලක්‌මවගේ අතිජාත දූ පුතුහු ගිහි පැවිදි දෙපිරිසම වූහ. එහෙත් ලක්‌මගේ අතිජාත පුත්‍රයෙක්‌ ලෙස මෙරට ජන්ම ලාභය නොලැබුවත් ලක්‌මවගේ අතිජාත පුත්‍රයකු බවට පත්වී පරාධීනත්වයෙන් මෙරට වැසියා මුදා ගැනීමට තම කවිය අවියක්‌ කරගත් ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන් අපවත් වී මාර්තු මස 16 වැනි දිනට වසර හැටක්‌ සපිරේ. මෙම ලිපිය උන්වහන්සේගේ කවිය, ජාතික විමුක්‌ති අරගලයට පාර පෙන් වූ ආකාරය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

    මධ්‍යම ආසියාවේ හිමාලය කඳුවැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්‌. කේ. තෂිනම්ගසල් ලෙස නම් තබන ලදී. කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයේ ටිබෙට්‌ භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක්‌ කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට්‌ රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.

    සීකිම් පූණ්‌නජි හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.

    ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් ප්‍රාචීන මධ්‍යම විභාගයන් ද සමත් වී ඇත. 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. ඒ කිරිගල්පොත්ත ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ඉන්ද්‍රජෝති නායක හිමියන් ආචාර්ය කොටගෙනය. ඉන් වසරකට පසු මහනුවර ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගාරයේ දී සියම් නිකායේ උපසම්පදාව ලබන ලදී. 1934 දී පමණ මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට එක්‌විය.

    ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන් කොළඹ යුගයේ මුල් පරපුර නියෝජනය කළ කවියෙකි. කවියෙකු කලාකරුවෙකු ලෙස තම කාලීන යුග මෙහෙවර මනාව අවබෝධ කරගත් අප කථානායකයාණෝ නිදහස්‌ අරගලයට බටුයේ “කවිය අවියක්‌” කර ගනිsමිනි. පද්‍ය කෘති විසි නවයක්‌ පමණද ගද්‍ය කෘති එකොළහක්‌ පමණ ද රචනා කර ඇති මහින්ද හිමිපාණන්ගේ නිර්මාණ අතර බහුතරයක්‌ ළමා පද්‍ය විය. නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ලංකා මාතා වැනි පද්‍ය කෘති දේශහිතෛෂී කාව්‍ය නිර්මාණයෝ වෙති.

    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට යටත්වී විසීම ඉවසා සිටිය යුතු නොවන බවත් වහල්භාවය අපාගත වීම වැනි බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේ තම කාව්‍ය නිර්මාණ හරහාය.

    “අවීචියේ කප් දහසෙත්

    වහල්කමේ එක්‌ දවසෙත්

    වෙනසක්‌ නැති බව සිතතොත්”

    එවැනි වූ වහල් භාවයෙන් මිදීමට වෙහෙස ගැනීම සෑමදෙනාගේම යුතුකම බව උන්වහන්සේ අවධාරණය කරති.

    “මගේ රට මගේ ජාතිය මගේ ගම

    මගේ සත් සිරිත් සහ ජාතික උරුම

    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම

    මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”

    මෙලෙස නිදහස අරභයා වෙහෙස නොවන අධිරාජ්‍ය ගැති ස්‌වභාවය අගය කරන විදේශිකයා හමුවේ බැගෑපත් වන ස්‌වදේශිකයන්ට මහින්ද හිමියන්ගේ නිර්දය විවේචනය එල්ල කරනුයේ මෙලෙසිනි.

    “හංවඩු දී සූදුවෙන් ගවගාලක වූ ගවයෙක්‌ වුව දැක්‌කොත්

    සිංහ රැළක්‌ දැක දෝත නගා බඩගාන හිවල් මොටයන් සේ

    භංග තොටින් සිය වීර පුරිස්‌ ගති උනට වඳිත් දන ගාලා

    සිංහල පුත්තු ද මුන්දෑල අම්මෙනි හැමට නම් නොම තෙරේ”

    විදේශිකයා යටත් විජිතයක්‌ ලෙසට අපව පාලනය කිරීමේ පහසුව තකා ජාති, ආගම්, කුල, පක්‍ෂ ආදී භේදයන් ඇති කරමින් මෙරට ජනයා අසමගි කරන්නට කටයුතු කළ ආකාරය උන්වහන්සේ දකින්නේ තීක්‍ෂණ දේශපාලනික අවබෝධය ඇති කෙනකු ලෙසිනි.

    “භේද සුළං සැඩ ජාතික ආලෙහි

    රුක්‌ මුල මුත් සොලවන්නා

    හාද කමක්‌ අඟවාම විදේශිකයා

    ගිනි දැල් මොලවන්නා

    මෙවැනි විපත්තින් සිදුකරමින් අපව පරාධීනත්වයට පත්කොට කටයුතු කරන අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරන මෙරට ප්‍රභූ පැළැන්තිය ගර්හාවට ලක්‌කරනුයේ නිර්භීතකම ප්‍රකට කරමින්ය.

    “ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත

    දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”

    මෙලෙස ලොක්‌කන් අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනින් වැටෙන එහෙත් පොඩි මිනිසාට තම ලොකුකම පාන අයුරුත් එය මහින්ද හිමියන් නොඉවසූ බවත් මෙම පද්‍යයෙන් ප්‍රකට වේ.

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

    අධිරාජ්‍යවාදීන්ට පමණක්‌ නොව අධිරාජ්‍ය ගැති ස්‌වදේශිකයාට ද තම කවි අවිය එස වූ අයුරු යටකී පද්‍යයෙන් දක්‌නට ලැබිණි. අධිරාජ්‍යවාදී පාලනයෙන් හා එකී පාලනය අනුමත කළ මෙරට ප්‍රභූ පැළැන්තිය නිසා සමාජයේ ඇති නැති පරතරය වර්ධනය වූ අයුරුත් ගැති පිරිස්‌වලට පමණක්‌ යම් යම් වරප්‍රසාද හිමි වූ බවත්, දුගී ජනයා තව තවත් පීඩනයට පත් වූ බවත් ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් තම කවි බසින් පවසන්නේ මෙලෙසිනි.

    “දුප්පත් අයට හිමි වතුපිටි ගොඩේ මඩේ

    තක්‌කඩි කමින් කන දනපති කියන නඩේ

    එක්‌කර නොලන්නේ අර තිරිසනුන් ගොඩේ

    එක්‌ වීලා ද යම රජටත් පගා ලෙඩේ

    “එක විදිහටයි ලොව කවුරුත් උපන්නේ

    එකකුට මොකද වැඩි කොටසක්‌ බෙදන්නේ”

    මෙම සමාජ අසාධාරණයට එරෙහිවීමද සැබෑ නිදහස්‌ සටනේ කාර්යභාරය බව අවධාරණය කරනුයේ

    “උස්‌ තැන් කපා ඇද මිටි තැන් පිරවීම

    උස්‌ මිටි දෙකම වඳ කොට සම කරලීම” යනුවෙනි.

    මෙම සමාජ ව්‍යසනයන්ට මුල් වූ මෙරට ප්‍රභූ පිරිස්‌ අගයකරමින් ඔවුන් කටයුතු කරන ජනයා ද සිදු කරන්නේ එකී අධිරාජ්‍ය ගැති

    පිරිස්‌ සඳහා රුකුල් දීමක්‌ බව මෙවැනි පද්‍ය මගින් ගම්‍යමාන වේ.

    “වල්කම් කුහක කම් රටටම බෙදා දෙන

    පැල්ලම් ගැහුණු සිරිතැති මුන් බදාගෙන

    මල් වැල් පළඳවා මුලසුන පුදාලන

    බොල් දිවයිනක්‌ මෙය මිස නැත මෙදා වෙන”

    රටට ව්‍යසන වූ මොහොතක ඒ ගැන නොසිතා උත්සව සාඡ්ජ පවත්වන පිරිස්‌ කවියා අමතන්නේ ජඩයන් ලෙසිනි.

    “හත් වේලකින් එක වේලක්‌ නොදැක බැහැ

    විත් බිඳ වැටෙන මිනිසා දෙස නොලා ඇහැ

    උත්සව පවත්වන ජඩයිනි තොපේ දැහැ

    රත් යහුලකින් ඇද දැමුවත් දොසක්‌ නැහැ”

    පරාධීනත්වය, සමාජ අසාධාරණය හා ඉන් වන පීඩනය කරුමය යෑයි ඉවසා දරා ඊට විරුද්ධ නොවන ජනයාට එය මිථ්‍යාවක්‌ බව පවසමින් අරගලයට ආරාධනා කරන්නේ මෙලෙසිනි.

    “කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට

    කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස”

    “පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා

    යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා

    ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා

    බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා”

    අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අරගල කළ නොහැකිය යන්න මිථ්‍යාවක්‌ බවත් සමගිව සටන් කිරීම ජයග්‍රහණයට මාවත බවත් පෙන්වා මහින්ද හිමියන් එදා ජනී ජනයා අවදි කළේය.

    “මුළු වැර යොදා වැඩ කරතොත් ඇතුව හිත

    පුළුවනි අපට බිඳුමට ලොකු අයගෙ මැත

    කුළුගෙඩි පහර එක පිට එක හෙළන මැත

    පළු පළු නොවන ගොරහැඩි කළු ගලක්‌ නැත”

    දේශීය ජනතාව නිදහස්‌ සටනට කැඳවූ උන්වහන්සේ කලාකරුවකු ලෙස ඒ සඳහා පෙරමුණ ගත්හ. දැඩි බලපෑම් සහගත වාග් ශෛලයකින් එම පද්‍ය ඉදිරිපත් කොට ඇත්තේ අරගල කිරීම විනා නිදහස උදෙසා අන් මගක්‌ නොමැති බව ඒත්තු යන අයුරිනි.

    “රට සහ ජාති ආගම් තුන කරණ කොට

    සටනට යමව් යෑයි හඬගා කියන කොට

    මට බැහැ කීවොත් සිහලෙකු නම් ඔහුගෙ කට

    පටවනු නිසිය ගිනියම් කළ ලොහොදි කැට”

    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා

    අතත් පයත් ඔලුවත් වෙන වෙනම කපා

    කතත් කමක්‌ නැහැ නැත බිය ගතිය සපා

    අයුක්‌තියට අත් දෙක ඔසවන්න එපා”

    අධිරාජ්‍ය විරෝධී නිදහස්‌ අරගලයේදී සතුරා ඔබට පවසන්නේ අධිරාජ්‍යවාදීන් පමණක්‌ නොව අධිරාජ්‍යවාදීන්ට සහය දෙන අපේ රටට සතුරු ස්‌වදේශිකයාද සතුරෙකු ලෙස සලකා කටයුතු කළ යුතුය. ටිබෙට්‌ මහින්ද හිමිගේ නිදහස්‌ අරගලයට ලබාදුන් දායකත්වය පරිපූර්ණ එකක්‌ වන්නේ මේ සෑම ඉසව්වක්‌ කෙරෙහිම උන්වහන්සේගේ අවධානය යොමු වූ බැවිනි.

    “අපේ රටට පිළිමල් වන සතුරු මුළ

    අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල

    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල

    පිපේ එවිට ජාතික අභිමාන මල”

    “ජාතික වැඩට මරගුල් අටවමින් සිට

    නායක කමට දඟලන නිවටයන් හට

    මේ ලක එකම අමුසොහොනක්‌ කරන්නට

    සාතික වෙන්න තරුණය අද පටන් සිට”

    දේශයේ විමුක්‌තිය වෙනුවෙන් තරුණයන් නැගීසිටිය යුතුය. ඒ සඳහා දිවුරා පොරොන්දු විය යුතුයි සඳහන් කරයි. දේශයේ නිවහල් බව උදෙසා කටයුතු කළ යුත්තේ නම්බුනාම, තනතුරු, වරප්‍රසාද අපේක්‍ෂාවෙන් නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති. කවියෙකු වශයෙන් මෙන්ම බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස එදා යුගයේ කාර්ය භාරය ලෙස උන්වහන්සේ තෝරාගත්තේ නිදහස්‌ අරගලයමය.

    “සහන ලැබෙන තුරු ලංකා දීපයට

    ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට

    නහන රුපුන් නහමින් යමි ඉදිරියට

    මහණ කමත් බණ දහමත් එයයි මට”

    ශාස්‌ත්‍රපති පොල්ගහවිල ඤාණකිත්ති හිමි.
    තිලකපුර

    http://www.divaina.com/2011/03/16/badada02.html

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Jan 2015 02:46 AM

    වටිනා ලිපි පෙලක්.. අද දරුවන් ඉතිහාසය දන්නේ නැහැ. අපේ ඉතිහාසය ඉතා වැදගත්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Jan 2015 02:47 AM
    goodak wadagath lipiyak
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 02:48 AM

    “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”

    සිංහලයාට අපහාස කිරීම සඳහා අන්ය ජාතීන්ටත් වඩා ඊනියා“පොෂ්” වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසි
    න්ම යොදාගන්නා පදයක් තමයි…

     
     
     
    “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”

    යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.

    මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.

    මේ බව අවබෝධ කරගත්, උපක්රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.

    රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.

    පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.

    එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.
     
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 02:51 AM

    කවි අසිපතෙන් නැගුණ රණ හඬින් සිංහලය අවධිකල එස්. මහින්ද හිමි.

    කවි අසිපතෙන් නැගුණ රණ හඬින් සිංහලය අවධිකල එස්. මහින්ද හිමි.
    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ 63 වන ගුණ සමරුන නිමිත්තෙනි.

    පෙරදිග ලෝකයේ බබළන මුතුඇටය වන අපගේ මාතෘ භූමියට, සිංහළ භාෂාවට හා බුදු දහමට අමිල වූ සේවාවක් කරමින් සිංහළයන් තුළ ජාතික හැඟීම් පුබුදුකරවීමෙහිලා මහත් වේහේසක් දැරූ විදේශිකයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයක් ලැබෙනුයේ ටිබෙටි ජාතික සිකීම් මහින්ද හිමියන්ටය.
    සිංහලයෙකු නොවූවද ලක්බිමෙහි නොයිපදුනද සිංහල ජාතිය, බුදු දහම පිළිබඳව ක්‍රියා කල මහින්ද හිමියෝ සිය ප්‍රතිභාපූර්ණ කවීත්වය උපයෝගී කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමි මෙහෙවරක නිරත විය.
    වර්ෂ 1901 එස්.කේ ටෂිනම්ගල් කුමරා හිමාලය කඳුවැටියට යාබද සිකීම් නමි කුඩා ග්‍රාමයේ දී මෙළොව එළිය දුටුවේය. ඉන් වසර 13 ට පසු එනම් 1914 දී ටෂිනම්ගල් කුමරු ජර්මන් ජාතික හිමිනමක් සමඟ ලක්දිවට පැමිණියේ අධ්‍යාපණය සඳහාය. දක්ෂ සිසුවෙකු වූ එතුමන් දොඩන්දූව ශෛලම්බාරාමයේ සිට රත්මලානේ පුරාණ විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉංද්‍රෙජෝති හිමියන්ගේ ශීෂ්‍යකුව සිටියදී මහණ උපසම්පදාව ලැබීය.
    1935 දී "ලංකා මාතා" නැමති විශිෂ්ඨ කාව්‍ය ලියමින් සිය කවීත්වය මැනවින් ස්මතු කල උන් වහන්සේ අඛන්ඩව කවි ලියුවේ අසරණව සිටි සිංහළයාට වහල් බැමිමෙන් මිදී නිවහනට ධෛර්යය දීමටය.
    ඔවා මුතු දම නැමති කාව්‍ය මාලාව ඇතුළු කාන්‍ය ග්‍රන්ථ එකොළහක් පමණ පළකරමින් සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා උදාරතර කාර්ය්‍යක් සිදුකරණ ලදී. මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන්ද බොහෝ කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකී.
    උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 පානදුරේ මහබෙල්ලන සුධර්මාරාමයේ වැඩවෙසෙමින් අමිල වූ ශාසනික මෙහෙවරක නිරත විය.
    විදේශිකයෙකු වුවද සිංහල ජාතිය අසරණව සිටි මොහෝතක සිංහල ජාතියේ ඉතිහාසය හා ප්‍රෞඩතිවය පෙන්වා දෙමින් සිංහලයා තුල දේශණෙුරාගය හා නිවහල් හැගුම් ඇතිකරලීමට දිවිහිමියෙන් තටයුතු කල ටිබෙටි ජාතික එස් මහින්ද හිමියෝ වර්ෂ 1951 මාර්තු 16 වෙනි දා අපවත් වී වදාළය. ඒ අදින් වසර 63 ට ඉහතදීය.

     
     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 02:52 AM

    හෙළ කවියට පණදුන්
    ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

    සුප‍්‍රකට සිංහල කවියකු වූ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ගේ ගුණ සමරුව මාර්තු 16 වැනි දිනට යෙදී තිබිණි. මහින්ද හාමුදුරුවන් උපත ලබා ඇත්තේ 1901 වසරේදී ය. උන්වහන්සේ අප අතරින් වියෝ වන විට සම පණස් වියට පා තබමින් සිටියහ. ඒ 1951 වන වසරයි.

    ටිබැට් හාමුදුරුවන් ගැන කිව යුතු දෑ බොහෝ ය. ආශාවෙන් සවන් දිය හැකි අපූරු කතා විලාසයක් උන්වහන්සේ සතුව පැවැතිණි. දැක්මට පිය උපදවන රූ සපුවකින් ද උන්වහන්සේ බැබලුණහ. ආරෝහ පරිණාහ සම්පතින් අනූන වූ උන්වහන්සේ දිවයිනේ අතිශයින් ජනප‍්‍රිය ධර්ම දේශකයාණ කෙනකු වශයෙන් ද සිත් දිනාගෙන සිටියහ.

    ජීවිතයේ අවසාන භාගය පානදුර අළුබෝමුල්ලේ මහබෙල්ලන වීරගහ විහාරස්ථානයේ ගත කළ අන්දම අදමෙන් මතකය. මේ වනවිට දිවයිනේ ඉතාමත් ජනප‍්‍රිය ‘සිංහල’ කවියා ලෙස නමක් දිනාගෙන සිටි මහින්ද හාමුදුරුවන්ට ජාතික පුවත්පත්වලින් සහ සඟාවලින් සෑහෙන ප‍්‍රසිද්ධියක් ලබාදී තිබුණි. මහින්ද හිමියන්ගේ කවි ප‍්‍රබන්ධ හැකියාව විවිධ ක්‍ෂේත‍්‍රවල විහිදී ගිය එකකි.

    ස්වාභාවික සෞන්දර්යයට ඇලුම් කළ මහින්ද හිමියෝ ජාත්‍යානුරාගය දනවන කවි ලිවීමට බෙහෙවින් ප‍්‍රිය කළහ. භක්තිකාව්‍ය ක්‍ෂේත‍්‍රයට දැක්වූ ඇල්ම ද එබඳුය. පරාධීන යුගයක ජීවත් වූ සිංහල මිනිසුන් අතර ජාතික හැඟීම් ජනිත කරලීමේ වෑයමක නිරත වී සිටි බවට සාධක වශයෙන් උන්වහන්සේ ගේ සම්පාදක කර්තෘත්වය යටතේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ ලංකාමාතා, නිදහසේ මන්ත‍්‍රය, නිදහසේ දැහැන යන කාව්‍යයන් ඉදිරිපත් කළ හැකිය. ඇත්තටම සිංහල මනුෂ්‍ය වර්ගයා අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන් ද පිරිහී සිටි යුගයකි. ඒ. ගුණ නුවණින් පිරිහෙන විට දිගු කලක් පවත්වාගෙන ආ සද්චාරිත‍්‍රධර්ම ගිලිහීයාම ස්වාභාවිකය. ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිය යුරෝපීය බටහිර සංස්කෘතිය විසින් ආක‍්‍රමණය කරනු ලැබීම නිසා බෞද්ධයන් වන අප අධ්‍යාත්මය විසින් ද විනාශ වූ බව ඇත්තය. එවැනි වකවානුවකදී මහින්ද හිමියන්ගේ පිබිදීම සිංහල බෞද්ධයන්ට අතිශයින් වැදගත් එකක් විය.

    මහින්ද හිමියන් ජාතික කවියකු ලෙස පිළිගැණුනේ මේ පසුබිම යටතේය.

    මහින්ද හිමියන් විසින් රචිත ‘ලංකා මාතා’ නම් වූ කාව්‍ය ග‍්‍රන්ථය කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති තරගයකට ඉදිරිපත් කළ නිර්මාණයකි. නව කවිබස් වහරක් යොදා ගනිමින් මේ අගනා කාව්‍යය ලියා හමාර කිරීමට මහින්ද හිමියන් ගත කළේ එකම එක රාති‍්‍රයක් පමණි.

    එළිවී පහන් වන විට පොත ලියා අවසන් කර තිබිණි. මහින්ද හිමියන් සිය අතවැසි චන්ද්‍රදාස නැමැති අය ලවා මේ පොතේ කවි කියවා ඒවායේ වෘත්තය බිඳීම් ආදී ඇද පලුදු විමසා බලනු මට මතකය.

    ’ලංකා මාතා’ කවිපොත මුල සිට අවසානය දක්වා ම එකම රසගුලාවකි. මෙතෙක් අප සතුව තිබෙන වීරකාව්‍යය ද උපදේශ පුෂ්පය ද ‘ලංකා මාතා’ යයි මට සිතේ.

    මේ කවිපොත ලිවීමේ කතුවරයාගේ අභිලාෂය වූයේ කුමක්දැයි පහත පෙනෙන කවියෙන් සිතාගත හැකිය.
     

    තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!

    ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!

    හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!

    පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!

     

    අපේ මිනිසුන් හා අපේ දේශය ගැන උපන් අනුරාගය කෙබඳුද යනු සිතා ගැනීමට ‘ලංකා මාතා’ කාව්‍යයෙන් උපුටාගත් පහත පළ කරන මේ කවි කීපය වුව ද ප‍්‍රමාණවත් ය.
     

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට

    අම්මෙනි පෙම්බර ලංකා

    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්

    පුපුරන්නෙය කෝප විකාරෙන්

    ඈ සනසන්නට සිංහල ලේ ඇති

    සිංහල කොල්ලකු අය්යෝ

    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්

    දෙව්රජුනේ ලක රක්නා

     

     

    ජාතික ආලෙහි ජීවනගා කිරි

    දී වෙඬරූ රස දුන්නූ

    මේ ලක ගොයි මහගේ සතු සම්පත

    කොයිබද ඒ කිරි දෙන්නූ

    කාමුක නීච සිරිත් පුරුදු කර

    උන් මරලා ගිල දැම්මෝ

    මේ එක දේම නොවේද අහෝ අද

    ජාතික හානියෙ හේතු

     

    ස්වභාවික සෞන්දර්යය වර්ණනාව සඳහා උන්වහන්සේ දැක්වූ කුසලතා සෙසු කවීන් අභිබවා ගිය බවත් පෙනෙන්නේ ඇතැම් රචනා කියවා බලන විටය.

     

    නමුණුකුල සමන් පව් ආදි උස් පව් රදුන් හා

    සුනිලබර වෙනෙන් හා ඒ මැදින් ආ ගඟන් හා

    කලට හෙන පොදින් හා සෑම කල් දෙස් ගුණෙන් හා

    ඉතිර ගිය බිමක් ඇත්නම් උතුම් ලක්බිමයි මේ

     

     

    මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ

    ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්

    තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්

    මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්

     

    හිස පිදූ සඟබෝදි ආදි බෝසත් වරුන් ට ත්

    ගැමුණු ද පැරකුම්බා - ඈ සටන් හී රජුන් ට ත්

    ගුරුළු කුමරදසි හා රාහුලාදි කිවින් ට ත්

    ජනිත සුර බිමක්වූ යේ උතුම් ලක්බිමයි මේ

     

    සිළුමිණ පුවත්පත ආරම්භ කළ විට එහි මුල් පිටපත සඳහා සැපයුණු කවි පෙළක ඇතැම් කොටස් මට මතක හැටියට මෙසේ ය.

     

    හොඳ නොහොඳ දැනෙන්ටත්

    සෙත් සිරිත් දම් වැවෙන්ටත්

    බියගුළුව නොඉන්ටත්

    වීරයන් මෙන් නැගෙන්ටත්

     

     

    විපතෙදි නො තැවෙන්ටත්

    සම්පතින් මත් නොවෙන්ටත්

    විජයසිරි සිඹින්ටත්

    ජීවිතේ මං තැනෙන්ටත්

     

     

    නිදහස හිමි වෙන්ටත්

    ජාති ආලේ වැඩෙන්ටත්

    සමඟිය ලියලන්ටත්

    ඒ මඟින් ලෝ වැඩෙන්ටත්

     

     

    කැමති අය සිටිත් නම්

    සිංහලද්දීපයේ මේ

    සිළුමිණ කියවත් වා

    ආයුබෝවන් කියත් වා!

     

    සිංහලයන් තුළ පිහිටිය යුතු ගුණදහම් ගැන - සමඟිය ගැන – චරියා දහම් ගැන මහින්ද හාමුදුරුවන් නිරන්තරයෙන් අදහස් පළ කළහ. ධනවාදී රාමුව අහිංසකයන් දුක් විඳි යුගයෙක ජීවත් වූ ටිබැට් ජාතික එස්.මහින්ද හිමියන් ඇතැම්විට කෝපයෙන් දිලිසී කතා කළ අවස්ථා ද විය. මේ එවන් අවස්ථාවක ලියූවකි.

     

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ

    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ

    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

     

    මෑත යුගයේ මෙරට පහළ වූ දෑ හිතකාමීන් අතර එස්.මහින්ද හිමියන් අනාගත පරම්පරාව ඉදිරි කාලපරිච්ඡේදවලදී ආදරයෙන් සමරනු නිසැකය.

    ශාස්ත‍්‍රපති හීන්වැල්ලේ විමල් විජේසේකර

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    13 Jan 2015 04:16 AM

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ගායනය :සුනිල් එදිරිසිංහ
    පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය : රෝහණ වීරසිංහ 

     

     

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 05:21 PM

    ජාතික තොටිල්ල - එස් මහින්ද හිමි

    දැයක් නගන්නට තම වදන් මෙතරම් සරලව නමුදු ව්‍යක්ත ලෙස භාවිතා කල විරලතම අවස්ථාවන් අතරින් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියනගේ මේ පද පෙළ මාලාව ඉහලම තන්හි තැබිය හැකි වේ. පද ගැලපුම තුලින් ජන මන පිබිදීමෙහි ඇති කරන හැඟුම් පෙළ තම රට පිළිබඳ ඇති කරන්නේ උසස් හැඟුමක්මැයි.

    මෙහි මා දක්නා වඩා අපූර්වත්වය වන්නේ මෙහි ඉදිරිපත් කිරීමේ ශෛලියයි. එනම් මේ තරම් සිත් කුළු ගන්වන බලවත් හැඟුම් ජනිත කරවන පද පෙළ ම ජාතික තොටිල්ල තුල නැලැවෙන රටේ අනාගතයට හිමි කම් කියන සිඟිත්තාගේ දෙසවනට නැළවිල්ලක් සේ ගැයිය හැකි වන සේ සියුම් ලෙස පද ගැලපුමයි.

    තම දෙස බස රැස ගැන හැඟුමක් නැති ව වල්මත් ව තරඟයේ දුවන සියල් දනා වෙත මේ පද පෙළ නව අරුතක් ගෙන එනවා. කියවා බලන්න සංයමයෙන් පැදි පෙළ, කුමක් සිතේද ඔබට?

    මේ පැදි පෙළින් ජාතික තොටිල්ලේ නිදි ගැන්වෙන පුන්‍යවන්ත බිළින්දන් කිසිදු දිනක තම දෙස බස රැස අමතක නොකරනු බැව් මාගේ විශ්වාසයයි. එවන් බිළිඳුන් කෙතරම් වාසනාවන්තදැයි මට සිතේ!!!

    1.
    මුනි සිරිපා සිඹිමින්නේ
    සමනොළ ගිරි පෙදෙසින්නේ
    මඳ සුළඟයි මේ එන්නේ
    මගේ පුතා නිඳියන්නේ

    2.
    නිදහස මහ මුහදක් වේ
    එහි උල්පත පුත නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ

    3.
    විජය තුමා තම්මැන්නේ
    පිරිවර සෙන් සමගින්නේ
    සිටි සැටි දැන් සිහිවෙන්නේ
    මගේ පුතා නැළවෙන්නේ

    4.
    දෙන දිවි මුත් රට වෙනුවෙන්
    ජාතික දරුවන් ලැබුවෙන්
    මිදි නොයෙක් සතුරු මුවෙන්
    ලක් මව් විසුවාය සුවෙන්

    5.
    තවුසකු සේ ඇඳ පළඳා
    පඬුවස්දෙව් මහ රාජිඳා
    මාකඳුරින් ගොඩ බට දා
    මඟුලක් වී ලක මුළු දා

    6.
    දෙව් පුර මෙන් දෙවියන්නේ
    සිරි ලක දිව් බබළන්නේ
    එහි සක් දෙව් රජු මෙන්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    7.
    ලස්සන මෙන් මහ පොළවේ
    අනුරාපුර ඉදි කෙරුවේ
    දොරමඬලේ කුමරිඳු වේ
    උඹට පුතේ සුව එළවේ

    8.
    ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුනදර සුරඹුනගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ

    9.
    සිරි මහ බෝ සිඹිමින්නේ
    මහමෙවුනා පෙදෙසින්නේ
    සුළං දෑලක් මේ එන්නේ
    මුටසිව රජු සිහිවෙන්නේ

    10.
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    11.
    එදා පටන් මෙසිරි ලකේ
    සම්මා සම් බුදු මැණිකේ
    දම් එළියෙන් අඳුරු මැකේ
    මිසදුටු විසකටු නො රැකේ

    12.
    දනන් කෙරෙන් මෙලක් දිවේ
    පළමුව බොදු බැති වුවේ
    අප පියතිස් නරනිඳු වේ
    ඉගෙන ගනින් මගේ පුතේ

    13.
    ලන මෙන් මොක් පුර අරවා
    ලෝවා මහ පහ කරවා
    ඒ අප සිංහල දරුවා
    සිරිලක් මව තුටු කෙරුවා

    14.
    ගොස් මාගම් පුර පවරා
    අප මහ නා දෙරණිසුරා
    මාගම් රජ පරම්පරා
    ඇති කොට විසුවේ එ වරා

    15.
    කරදර දහසක් හමු වී
    ඉන්ටැකි නම් සිනා වෙවී
    ඔහු මෙ ලොවට පහළ දෙවී
    රජෙකැයි සලකනු මැනවී

    16.
    අවිචියේ කප් දහසෙත්
    වහල් කමේ එක් දවසෙත්
    වෙනසක් නැති බව සිතතොත්
    උඹට පුතේ වැඩ සැලසෙත්

    17.
    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ

    18.
    තිස්ස රජුන් හට රුහුණේ
    එඩිතර කුමරකු ලැබුණේ
    ඉන් පසු සිරි ලක් දෙරණේ
    ජාතික බැති මල් පිපුණේ

    19.
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    20.
    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජයගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

    21.
    රුවන්මාලි සෑ තනවා
    මුනි පුත් සඟ ගණ පිනවා
    ගිය එ රජුන් සිහි වෙනවා
    මගේ පුතා නැළවෙනවා

    22.
    එළාරගේ මළ කුණටත්
    ගරු බුහුමන් කළේ ඉමහත්
    ගැමුණු පුතාගේ මෙ සිරිත්
    පුරුදු කරන් පුතේ උඹත්

    23.
    ලියන 'තුරින් මෙ ලක් දිවේ
    පළමුව මහ පළ ලැබුවේ
    අප අනුලා දේවි වේ
    එහෙම වෙයන් උඹත් දුවේ

    24.
    සිය රට ගැන ළය උණු වී
    වැද මහ මුහදට බිලි වී
    ආ ඒ කැළණියේ දේවී
    මගේ පුතා නළවාවී

    25.
    වැද යුධ බිම නොම බිය වී
    විහාර මහ රජ දේවී
    පෑ විමන් සැටි සිහි වී
    මගේ පුතා ඔද වේවී

    26.
    තුදුස් වසක් වල් වැදිලා
    සිට දෙමළුන් බල බිඳලා
    පුරඳුරු සිරි ඇර පාලා
    ලක එක සේසත් නඟලා

    27.
    වළගම්බා නිරිඳු මහත්
    පෑ දස්කම් සිහි කෙරුවොත්
    පුතේ උඹේ ගතත් සිතත්
    වෙයි උණුසුම් ලෙයින් සුරත්

    28.
    අබය ගිරි සෑ තනවා
    දඹුලු විහාර ද කොටවා
    ලක් මවගේ ඒ දරුවා
    මුනිඳු සසුන් හෙළි කෙරුවා

    29.
    සිය රට ගළවමියි සිතා
    දිවි දුන් සැඬ රුපුන් වෙතා
    සෝමා දේවිගෙ පුවතා
    ඉගෙන ගනින් මගේ පුතා

    30.
    මහ සිළු මහ තිස් නිරිඳා
    සඟ සැට දහසකට එදා
    සැට දහසක් සිවුරු පුදා
    කළ පින්කම් සිතනු සොඳා

    31.
    සොළී පුරේ වැද ගජබා
    සොළින්ගේ දප් සිඳ නො තබා
    පෑ සිංහල විකුම් සොබා
    සිතෙන විටත් සිත් පොළඹා

    32.
    බුදු ගොස් මහ තෙරිඳු ලවා
    දහමට අටුවා ලියවා
    ඒ අප සිංහල දරුවා
    සිරි ලක් දිව හෙළි කෙරුවා

    33.
    අත්නගලු වනයේ දී
    මඟියෙකු හට හිස දන් දී
    බුදු බව පැතු සඟබොධී
    සිහි කරපන් සිත පෑදී

    34.
    අහසේ නිල් වළාකුලේ
    ගැටෙන රුවන් කොතිනුදුලේ
    දෙව්රම් මහ සෑය කෙළේ
    මහසෙන් මහ රජු ඒ කළේ

    35.
    හේමා රජ කුමරි එදා
    දළදා හිමි ගෙන ආ දා
    සාදු නදින් දෙව් සමුදා
    ගුම් ගති සිරි ලක් සමුදා

    36.
    දැක කළු ලෙඩ නයෙක් එදා
    අප බුදුදස් මහ නිරිඳා
    කළ පිළියම් සිතන සඳා
    උඹට පුතේ සැප ම සදා

    37.
    කුමාරදස් රජු පොරණේ
    බැන්දේ ජානකිහරණේ
    බමුණන්ගේ ඔද බිඳුණේ
    සිහපුන්ගේ නැණ වැඩුණේ

    38.
    මිතුරා හට දිවි පිදුවේ
    ඒ රජු ගේ ගුණ සිහි වේ
    එඩිතර සිංහල පපුවේ
    සැටි ඉන් කාටත් කියවේ

    39.
    ඉදි කොට පුර පොළොන්නරූ
    අප පැරකුම් රජ කුමරූ
    දඹදිව ජයගත් අයුරූ
    උඹට පුතේ වෙයි මියරූ

    40.
    පද රස එක් කොට මෙ ලොවේ
    කුස ජාතක කව් කෙරුවේ
    දඹදෙනි පැරකුම් රජු වේ
    ඉගෙන ගනින් මගේ දුවේ

    41.
    කළ වියකන විසුදු මගේ
    වික්මැති ඒ රජුගේ රඟේ
    සිහි වන මා පුතුගේ ඇඟේ
    ලේ උණුසුම් වෙවී නැඟේ

    42.
    ඇති නම් මා අත කඩුවක්
    මට සක් දෙව් කෙරෙයි කුමක්
    මේ බස කියු සිහල පුතෙක්
    උඹට පුතේ වෙයිද මතක්

    43.
    බලනේ කඳු මුඳුනේ දී
    පරංගියා මැරුණ විදී
    ඇසුවොත් පුත සිත පැහැදී
    රාසිං දෙවියන්ට වඳි

    44.
    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

    45.
    නිදහස් හිරු දෙව් එනවා
    දෑ බැති මල් පිබිදෙනවා
    සිරි ලක් මව් හිනැහෙනවා
    මගේ පුතා නැළවෙනවා

    46.
    නො දී වැටෙන්නට විපතේ
    තබනට නිදහස් සැපතේ
    මුළු ලක් දිව නුඹේ අතේ
    තබමි ඉතින් ඔන්න පුතේ

    47.
    විජය අබා රජ්ජුරුවෝ
    සැඬි දෙමළුන් වඳ කෙරුවෝ
    පෙර අප සිංහල දරුවෝ
    මෙ බඳු හපන්කම් කෙරුවෝ

    48.
    පඬි සක්විති තොටගමුවේ
    වීදාගම වැත්තෑවේ
    ඉපදුණ මේ ලංකාවේ
    ඉපදීමත් පිනක් ම වේ

    49.
    කැප්පැටිපොළ සෙනෙවි සුරූ
    කර රුපු සෙන් මන් දැදුරූ
    අබිරු විකුම් පෑ අයුරූ
    උඹට පුතේ වෙයි මියුරූ

    50.
    ඇඳි සළුපට ගෙන සෝදා
    දළදා සමිඳුන්ට පුතා
    කඩුවට ගෙළ දුන්නේ එදා
    ගුරුකමටයි උඹට මෙදා
     


    51.
    එබඳු උතුම් ලංකාවේ
    දුසිරිත් දසතින් බෝවේ
    මේ ගැන වැඩ කළොත් ලොවේ
    උඹෙත් මගෙත් නම කියවේ

    52.
    මැරුණොත් යළි උපදින්නේ
    අතරක නෑ පවතින්නේ
    එම මරණෙට ඉතිකින්නේ
    ඇයිද පුතේ බය වෙන්නේ

    53.
    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි

    54.
    ගන්නෝරුවේ කඳු මුදුනේ
    සිට රජසිහ එ දිනේ
    නැංවු යුද හඬ මෙ දිනේ
    රැව් දෙයි ම පුතුගේ සවනේ

    55.
    සිංහල ඊ පහර වැදී
    පරංගි සෙන් වැටුණ විදී
    සිහි කෙරුවොත් සිතින් ළැදී
    නුඹට අදත් පෙනෙයි ඇඳි

    56.
    නිදහස් ලිය ලියලන්නේ
    සම් මස් ඇට පොහොරින්නේ
    මේ සිතිවිලි සමඟින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    57.
    පිළගම දේවාලේ වැදී
    සිටි නිරිඳෙක් බයෙන් බැඳි
    රෑ සිහිනෙන් දුටු පරිදී
    පින් පැණ යුත් පුතෙක් ලදී

    58.
    ඉන් පසු සිරිලක සිරියා
    වැඩි විය සුර පුරෙක නියා
    වැටෙමින් සිටි සිංහලයා
    ගේ නම ලොව පැතිර ගියා

    59.
    "නිවටුන්ගේ බිය සහදයි"
    යනු කීවේ එ මහ රජයි
    පුත නුඹගේ ගතයි හදයි
    එ බසට යොමු කළොත් හොඳයි

    60.
    ලක එක සේසත් සෙවණේ
    තැබු ඒ නිරිඳුගේ සරණේ
    ලද ම පුතුට මුළු දෙරණේ
    වෙන සැප කිම එම පමණේ

    61.
    "අහස් දියෙන් බිඳක් පවා
    ඉවත නොගොස් නැවතේවා "
    ඉටමින් මහ වැව් කණවා
    වැඩ කෙළේ ඒ රජ දරුවා

    62.
    ලැග සිටිමින් වහල් බවේ
    මෙත් කෙරුවත් පලක් නොවේ
    පුත නුඹ හද මල් ගොමුවේ
    මේ මල් පිබිදිය යුතුවේ

    63.
    කාටත් හිමි පොදු දේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩ ගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරුකම්

    64.
    සතුරුව පෙරමුණට එතොත්
    අර මහමෙර සමඟ වුවත්
    සතුරු වෙයන් පුතේ නුඹත්
    ඒකයි හරි වීරකමත්

    65.
    මිතුරුකමින් පෙරට එතොත්
    දූවිල්ලක් එක්ක වුවත්
    මිතුරු වෙයන් පුතේ නුඹත්
    එයයි ලොවේ ගුණය මහත්

    66.
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    67.
    සිරිකත මිණි විජිනි පතින්
    පවන් සලයි නුඹට මෙතින්
    බියක් සැකක් නො ව යහතින්
    නිඳා ගනින් පුතේ ඉතින්

    68.
    බීමට එක කිරි උගුරක්
    කෑමට නිසි රස අහරක්
    නැතියෙන් උඹ වැනි දහසක්
    අනේ පුතේ විඳින දුකක්

    69.
    අපිය අපේ රට රැක්කෝ
    කියන අපේ ලොකු ලොක්කෝ
    මේ බව තව නො ම දැක්කෝ
    අපට ඉතින් බලයක් කෝ

    70.
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරි කොට සිතතොත්
    උඹයි මගේ පුතා සමත්

    71.
    විහාර මහ රජ දේවී
    ගැමුණු පුතා හා එක් වී
    සිහිනෙන් නුඹ අමතාවී
    කළ යුතු දෙය පවසාවී

    72.
    කව්සේකර ගුත්තිල දා
    සසදා සහ මුවදෙව් දා
    මේ සිංහල ගත් සමුදා
    දෙයි ම පුතුට නැණ පහදා

    73.
    මියුරු කොවුල් සැළ පරෙවී
    තිසර ගිරා සරණ අවී
    මේ ගත්වල තියෙන කවී
    රසය උරා බොනු මැනවී

    74.
    විදු සක්විති ඇදුරිඳුගේ
    බුත්සරණේ තිබෙන අගේ
    දැන ගෙන පොඩි පුතා මගේ
    වෙන්න උඹත් මතු එ වගේ

    75.
    විසතුරු පද අරුත් සොමී
    එක් කොට පඬි ගුරුළු ගැමී
    කළ දේ පොතින් වැහෙන එ මී
    මගේ පුතාටත් කවමී

    76.
    සිනිඳු මොළොක් බව මලෙහී
    පිරිසුදු බව පිනි බිඳෙහී
    එක් වී මා පුතුගේ ළෙහී
    අරක් ගනී හැම දිනෙහී

    77.
    ජාතික දෙව් ගී ගයමූ
    මුළු ලෝකෙ මත් කරමූ
    නිදහස් දෙව් දූට හමූ
    වෙන්ට අපිත් පෙරට යමූ

    78.
    කුල බේදය ලියලන්නේ
    ජාතික බැමි පුපුරන්නේ
    මේ රට මේ විපතින්නේ
    උඹ ද පුතේ ගලවන්නේ

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 05:23 PM

    මහින්ද හිමියන්ගේ කවි කලාවේ ආකර්ෂණීය ලක්ෂණ

    කවිය භාෂාවක උපතත් ආරම්භයත් එසේ ම එහි දියුණුවත් සමඟ ම එක්ව වැඩෙන්නකි, වර්ධනය වන්නකි. එය එම භාෂාවේ ම අංගයකි. එසේ ම භාෂාව පෝෂණය කිරීමට ද කවිය ඉඳුරා ම ඉවහල් වන්නේ ය. ලෝකයේ කවර භාෂාවක් ගැන අධ්‍යයනය කළ ද මෙම සත්‍යය දැකිය හැකි ය.

    සරු බිමෙක රෝපනය වන බීජයක් එහි වර්ධනයට ඇවැසිතා එනම් පසේ සරුබව, ජලය, ආලෝකය පාරිසරික වටපිටාව ආදී හිතකර සහායක ලක්ෂණ ඇතොත් ඒ තරමටම සරුව වැඩෙන්නාක් මෙන් ම යම් බසකින්, නිර්මාණශීලී පුද්ගලයකු තුළ පහළ වන රසවත් හැඟුම් වදන් වැනි ආදිය නිසි ලෙස ගොනු වී කවි ලෙසින් පහළ වන්නේ ය.

    අර්ථයෙන් රසයෙන් හා අලංකාර ආදී කාව්‍ය ලක්ෂණයන්ගෙන් පෝෂණය වෙමින් කවි ශක්තිය වැඩේ. එමගින් එම බසේ සාහිත්‍යයක් ගොඩනැෙඟන අතර එමගින් විනෝදාස්වාදය, මානසික තෘප්තිය හා ප්‍රබෝධය, දැනුම අවබෝධය හා ප්‍රඥාදීප්තිය ආදිය පහළ වේ. එමතු ද නොව මානව දයාව, භක්තිය, ආදරය, ආලය, අනුකම්පාව මෙන් ම දේශ වාත්සල්‍යය වැනි මස්තකයන් දක්වා පුද්ගල මනෝභාවයන් රැගෙන යාමට ද එය සමත් වෙයි. එවන් මනෝභාවයන්ගෙන් සපිරි අය සමාජයට වැඩදායී, යහ ගතිගුණ සපිරි පුද්ගලයෝ වෙති.

    මේ මාහැඟි අදහස මැනවින් සාක්ෂාත් කළ අතිශය දුර්ලභ ගණයේ ප්‍රතිභාවකින් හෙබි කවියකු ලෙසත්, මානව දයානුකම්පාවෙන් පිරිපුන් පරිසමාප්ත බෞද්ධ යතිවරයාණන් වහන්සේ නමක ලෙසත් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් හැඳින්වීම නිවැරැදි ය. නැෙඟනහිර හිමාලය කඳුවැටියේ කුඩා රටක් වන සිකිම්හි උපත ලබා වයස අවු. 12දී පමණ සිය පැවිදි සොහොයුරු සිකිම් පුණ්ණජි හිමියන් සහ ජර්මන් ජාතික ඥාණාතිලෝක හිමියන් සමඟ ලංකාවට සැපත් කුඩා එස්. කේ. තෂනමිගල් කුමරු දකුණු පළාතේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දී පැවිද්ද ලබා එස්. මහින්ද නාමයෙන් යුතුව හෙළ කවි කලා ඉතිහාසයේ සදානුස්මරණීය ගෞරවාන්විත නාමයක් පිහිටුවාලමින් මාහැඟි කවි මිණි මුතු රැසක් නිමවා ලොවට දායාද කළහ.

    විහාරාධිපති ධුරයක් ද හෙබ වූ උන්වහන්සේ ලෝක ශාසනාභිවෘද්ධියට ද ඉමහත් දායකත්වයක් දෙමින් සිය කවියෙන් බිළිඳු, ළමා, තරුණ, වැඩිහිටි, ගිහි පැවිදි, පාලක, පාලිත යන සමස්ත ජනයාට ඇමතූ සේක. උන්වහන්සේ ගේ කවීත්වය උන්වහන්සේට ම අනන්‍යය, බුදු දහම, සමාජ සාරධර්ම, භාෂා ප්‍රබෝධනය, රස ජනනය, මෙන්ම දේශ වාත්සල්‍යය යන උතුම් පරමාර්ථ සාධනයට කවිය අවියක් කළ උන්වහන්සේගේ සිංහල භාෂා ප්‍රවීණත්වය අතිශය ආකර්ෂණීය ය.

     

    මුනි සිරිපා සිඹිමින්නේ
    සමනොළ ගිරි පෙදෙසින්නේ
    මද සුළඟයි මේ එන්නේ
    මගේ පුතා නිදියන්නේ
    - දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල – එස්. මහින්ද හිමි

    උතුම් බුදු හිමි, මනස්කාන්ත සිරිලක ස්වාභාවික පරිසරය, මද පවන සිහි ගන්වා ළමා මනස සනසන පුබුදන උන්වහන්සේ සිය පැදි අසන දරුවන් උපන් බිමට, දැයට සිය යුතුකම ඉටු කිරීමට පොළඹවති. අදහස් දෙති. දරු නැලවිලි ගී හුදෙක් ශ්‍රවණයෙන් ම රස වින්දනයට නිමැවූවකි. එනිසා ම උන්වහන්සේ ඒ සඳහා පද පෙළෙහි ශ්‍රව්‍ය මාධූර්යය කෙරෙහි තම අවධානය මැනවින් යොමු කර ඇත.

     

    “දෙව් පුර මෙන් දෙවියන්ගේ
    සිරිලක් දිව බබළන්නේ
    එහි සක්දෙවි රජ මෙන්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ”
    - දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල

     

    සිරිලක් මව දෙව්පුරයකට සමානකරන කවිහිමි සිය නැලවිලි ගීයෙන් නැලවෙන බිළිඳා සක් දෙවිඳුට උපමා කරමින් ඔහු තුළ දැඩි ආත්මාභිමානයක් ජනනය කරති.

    එස්. මහින්ද නාහිමියන් ජීවත් වූ යුගය මෙරට නිදහස් සටන ප්‍රබලව දැල්වෙමින් තිබූ යුගයයි. රටේ දියුණුවට දැඩිසේ බාධා පමණුවමින් දේශීය නිදහස උදුරාගත් ඉංග්‍රීසීහු ස්වදේශිකයන් පෙළමින් රටේ ධනය සූරාගෙන සිය රටට ගෙන යාමෙන් ඇතිවන හානිය වැළැක්වීමට දේශ හිතෛෂීන් එක්වී කළ සටනට පෑනෙන් පණපෙවූ මහින්ද හිමියෝ දේශානුරාගය හා ජාතිවාත්සල්‍යයය සඳහා දැඩි ඇල්මෙන් සිය කවිය මෙහෙය වූහ.

     

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ
    - නිදහසේ මන්ත්‍රය

     

    දේශීය නිදහස් සටන පණ පෙවුමට තමන්වහන්සේට කළ හැකි දායකත්වය විශිෂ්ට ලෙස සැපයීමට සිය සහජ කවි බස උපයෝගී කර ගැනීමට මහින්ද හිමියෝ අතිශයින් දක්ෂ වූහ. විදෙස් රටක ඉපදුන ද සිරිලක් බිම සිය නිවෙස කරගත් උන්වහන්සේ මෙරට කෙරෙහි ඇතිකරගත් ළැදියාව බැඳීම මෙරටෙහි උපන් සැමට මහඟු ආදර්ශයකි.

    ළමා ගී පෙළින් පාසැල් දරුවන් තුළ ස්වභාවික පරිසරය, පාරිසරික සෞන්දර්යය, සොබාදහමේ විශිෂ්ට දායාද ඉස්මතු කර පෙන්වමින් ළමා මනස යථා ආස්වාදනයකට යොමුකර එවන් නිර්මාණාත්මක සිතුවිලි ළමා මනසට නිසිසේ ඇතුළු කරවීමට මහින්ද හිමියෝ සමත් වෙති.

    කවි කරණයේ දී එස්. මහින්ද හිමියන් උරුම කරගත් භාෂා විලාශය ද උන්වහන්සේට ම සුවිශේෂ ය. සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ තුළ විය. අබාධකව ගලායන දිය දහරක් පරිද්දෙන් රස හා හරයුත්, සවන මෙන්ම නයන ද පිනවන සුගම සුලලිත වදන් උන්වහන්සේගේ කවිවල දිස් වේ.

    1951 මාර්තු 16 වනදා අපවත් වන තෙක් සිය දිවියේ ගෙවූ 50 වසර තුළ මෙරට නිදහස, භාෂාව, සාහිත්‍යය, සමාජ දියුණුව ආදී ක්ෂේත්‍රයන්හි නියැලී දිවි හිමියෙන් සිය යුතුකම මැනවින් ඉටුකළ මහින්ද හිමියන් ඉහත කී සිය ගී කාව්‍ය ශක්තියෙන් අපට දුන් උරුමයත් උන්වහන්සේගේ ගෞරවාන්විත නාමයත් අපි සදාකල් සුරකිමු.

     

    විමල් රූබසිංහ
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Jan 2015 05:41 PM

    මේ ටික ඔක්කොම එකම තැනක දැම්මා නම් හොඳයි නේද?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 06:07 PM
    Posted By samantha on 13 Jan 2015 05:41 PM

    මේ ටික ඔක්කොම එකම තැනක දැම්මා නම් හොඳයි නේද?

     

    api balamu maduranga ekka katha karala ..mata one mewa google search ekata ahuwela kastiya ape site ekata ennai log wennai

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    13 Jan 2015 11:34 PM

    නිදහසේ දැහැන

     

    මිතුරුව එතොත් දූවිලි වුව වැලද ගනු

    සතුරැව එතොත් මෙර ගිර වුව පසිද ලනු

    හිතු වක්කාර කමකැයි මෙය නො අද හනු

    යුතුකම එයයි එහෙයින් එය පුරුදු වනු

     

    සැපතින් තොර ව විපතක් නො යෙදෙ න්නේ

    විපතින් තොරව සැපතක් නො ලැබෙ න්නේ

    එහෙයින් විපත හොද බව සැ‍‍ලෙකෙ න්නේ

    මෙය දන්නවුන් වෙත නිදහස එ න්නේ

     

    වික් මැති පුතුන් තව ඉපදුණෙ නැද්ද කියා

    ලක් මව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා

    එක්කෝ නිදහස නැතිනම් මරණ කියා

    එක් වව් සිංහලුනි බොරු බිය අහක තියා

     

    මගේ රට මගේ ජාතිය මගේ ග ම 

    මගේ සත් සිරිත් සහ ජාතික උරු ම

    මගේ වැර‍ෙයන් ම නිදහස් කොට තැබු ම 

    මගේ යුතුකමැයි සලකව් හැම දෙන ම

     

    කාමුක කුහක ලෙ‍ාකු අයගේ නපුරු කමින්

    බාගෙට මැරී ඉන්නා දුගියාගෙ නමින්

    මාරක විපත් හැම එකටම මුහුණ දෙමින්

    පෝරක හතක නොව දහසක නගිමි පෙමින්

     

    මුළු වැර යොදා වැඩ කරතොත්ඇතුව හිත

    පුළුවනි අපට බිදුමට ලොකු අයගේ මැත

    කුළු ගෙඩි පහර එක පි‍ට දෙක හෙලත මත

    පළු පළු නොවන ගොරසැඩි කළු කලක් නැත

     

    අල්ලපු ඉඩමෙ දුප්පත් අසරණයා ගේ 

    පැල්පත් කඩා ඇද ගන්නට වෙර වේ ගේ

    දැල්පිට දැල් දමන දනපති මරුවා‍ ගේ

    බෙල්ලට ලණුව නොවැටුණෙ වරද ද?කා ගේ

     

    දුප්පත් අයගෙ සෙවණැල්ලට පවා කිපී

    පුප්පන රවන ගොරවන අය සමග හැපී

    මක් කා වුනත් කම් නැති බව සිතා තෙපී

    එක් වව්! යමවු! ජතික සමගියෙන් දැපී

     

    ලෙක් කන් යයි කියන මේ කාමුක හැත්ත

    දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත

    නැත් තට නැති වුනත් නොබලා ඒ පැත්ත

    එක්වවු අපි අපි ම කරනට කළ යුත්ත

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    13 Jan 2015 11:53 PM

    නිදහසේ මන්ත්‍රය

     

    බලවු පොළොන්නරු අනුරාපුර පෙදෙස 
    සිතවු පැවැති නිදහස මෙහි පෙර දවස 
    නගවු තව තවත් තරසර තරුණ ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස

     

    ඉපදුණු රටට අදහන ආගමට සෙට 
    මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
    පැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිට
    පසුවන එක හොඳ ද සිංහල පුතකු හට

     

    විපතින් බියව ජාතික එඩි ගති සින් දා
    හිවලුන් ලෙසින් මෙරමා දෙපතුළ වන්දා 
    දෙවියන් සමඟ සැනැහෙන දිය දද බන්දා 
    මළවුන් නමට නොකරව් සිහලුනි නින්දා

     

    සලකවු ගැමුණු පැරකුම් සිහලුන්ගේ සෙට
    මලකුණුවලින් පොරවූ ලක් පොලව පිට 
    පැළවුණු සඳුන් පැළයක් මෙන් වැඩෙන් නට
    මැලි වී ඉඳිය යුතු නැහැ සිංහල උඹට

     

    අපේ රට අපේ ජාතිය අපේ ගම 
    අපේ අසල්වැසියා යන සියල් ලම
    අපේ අතට අවනත කරගෙන වහම
    අපේ කමට සලකමු දෙවි දෙමු මෙහෙම

     

    අපේ රටට පිළිමල් වන සතුරු මුල
    අපේ අය ම නම් බිඳනෙමු උන්ගෙ බල
    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
    පිපේ එවිට ජාතික අභිමාන මල

     

    රටක් ජාතියක් සමයක් කරණ කොට
    තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්කයක් වන්නට ඇත්නම් අපට 
    සැපක් තමයි නොනිවෙන නිවනින් මෙපිට

     

    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    24 Jul 2015 10:55 PM

    එදා මහින්ද හිමියන් එසේ කීවද ,, අද වටරැක හිමි කියන දේය බලන්න … …

    … … … … … … …

     

     බොරුවට සිවුරු ඇඟළාගත් පාහරයෙකු වන වටරැක විජිත ජාතික කොඩියට අපහාස කළ අයුරු...!!!

    ''මම නම් කියන්නේ ඇත්තටම කෙළ ගාලා නෙමෙයි, ඕක ගිනි තියලාම දාන්න ඕනේ... ඔය දැන් තියෙන ජාතික කොඩිය ගිනි තියලම දාන්න ඕනේ... හතරෙන් තුනක්ම වෙන්කරගෙන තියෙන්නේ සිංහලයට.. හතරෙන් තුනක් අපට කියලා බෝ කොළ හතරක් දාලා සිංහයෙක් මැදින් දාගෙන... බුදු දහමයි, මාක්ස් වාදයයි මේ දෙකම එකයි.. ''
    ලාංකික පුරවැසියන් ලෙසට රටේ ජාතික එක්සත් භාවයේ සංකේතය ලෙස භාවිතා කරන ජාතික කොඩිය මෙසේ හිමිනමක් විසින් නිර්ධය ලෙස විවේචනයට ලක්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    24 Jul 2015 10:56 PM
    ජාතික කොඩියට කෙල ගහලා විතරක් මදි.. ගිනි තැබිය යුතුයි.. [Video]

    ජාතික කොඩියට කෙල ගසා මදි බවත් එය ගිනි තැඉිය යුතු බවත් පූජ්‍ය වටරැුක විජිත හිමියො පවසති.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

    එම හමුව සදහා නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරැණාරත්න මහතාද එක්ව සිටියේය.

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    24 Jul 2015 11:36 PM
    Posted By Ind007ka on 24 Jul 2015 10:56 PM
    ජාතික කොඩියට කෙල ගහලා විතරක් මදි.. ගිනි තැබිය යුතුයි.. [Video]

    ජාතික කොඩියට කෙල ගසා මදි බවත් එය ගිනි තැඉිය යුතු බවත් පූජ්‍ය වටරැුක විජිත හිමියො පවසති.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

    එම හමුව සදහා නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරැණාරත්න මහතාද එක්ව සිටියේය.

    කසාවත් හැඳි පමණින් ස්වාමීන් වහන්සේ කෙනෙකු නොවේ..
    සාදු සාදු.....ගෙරිමස් සමග කසිප්පු දවල් දානෙට ඉක්මනින්ම ලැබේවා........සුනකයෙකු සේ පශ්චාත්බහාගය කුනුවෙවා...අපායේ දොර ඉක්මනින් ඇරේවා......සාදු සාදු....!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    25 Jul 2015 03:55 AM
    අපේ රටට පිළිමල් වන සතුරු මුල
    අපේ අය ම නම් බිඳනෙමු උන්ගෙ බල
    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
    පිපේ එවිට ජාතික අභිමාන මල
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>