You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Rosi
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 812345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2016 09:20 AM


    හුගක් වෙලාවට අපි අහලා තියෙන දෙයක් තමයි ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිපලදායක  ව්‍යායාමයක් කියන එක, ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිපල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතු වෙනවා. 

    තව කියවන්න ,වයායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලූ සහිත එබෙන සුලූ ස්තරයක් මොකද සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත නොහැකිවෙනවා යාලූවනේ.නමුත් ඔබ තණකොළ, වැලි බොරලූ හෝ කොහු සහිත බිමක ඇවිදිනවා නම් ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙනවා.අපි එකින් එක බලමු මොනවාද වාසි කියලා.


    *ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙනවා, විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇග පණ නැති වන අයට වැදගත් වෙනවා.

    *දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල්

    වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යය වෙනවා. මේ වගේ ආබාධ තියෙනවානම් හරි දන්නා කෙනෙකුට තියෙනවානම් හරි ඔවුන්ව දැනුවත් කරන්න.

    *වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙනවා.

    *තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙන සුලූ තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.

    *කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.

    *ශරීරය හැඩ කරයි.

    *මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත් (කඳු ප‍රදේශ බොරලූ
    පාරක, මුහුදු තීරයක)

    *නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලූ තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.

    *එබෙනසුලූ බව නිසා විළුඹේ ඇගිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.

    *තණකොළ බිමකදී නම් ශරීරය අග ලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලූකර, බෙල්ල හා කොන්ද වැනි ප‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.

    *ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.

    *ආර්තවය සම්බන්ධ ගැටලූ, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශි‍්‍රත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙනවා.

    උපුටා ගැනීමකි

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Jan 2016 07:10 AM
    රෝග රැසකට ගුණ දායකයි.. බොහොමත්ම ස්තූතියි නංගී මේ පිළිබඳව දැනුවත් කලාට. දැනගෙන හිටියේ නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    28 Jan 2016 07:34 AM
    උදේට තණකොළ බිස්සක ඇවිද්දම තියෙන සනීපෙ.. ආයේ මොකට කියනවද ඒ ගැන. අනිවා ඉතින් ඒක සෞඛ්‍යට විසේශයෙන්ම ස්නායු පද්දතියට නම් එකෙන්ම හොඳයි තමයි. නමුත් ඉන් ඇත වෙන සියලුම වාසි මේ ලිපියෙන් දැනගන්න ලැබුණා. වටිනා ලිපියක්. ඔබට ස්තූතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    28 Jan 2016 08:35 AM
    වැදගත් තොරතුරු ටිකක් ....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Jan 2016 04:49 PM
    මමත් කරලා බලන්න ඕන මටත් ඇග පත අමාරුව තියෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    28 Jan 2016 05:20 PM
    Posted By chamaramind on 28 Jan 2016 04:49 PM
    මමත් කරලා බලන්න ඕන මටත් ඇග පත අමාරුව තියෙනවා
    චාමර උදේට වෙනිවැල් ටිකකුත් තම්බල බීලම උදේට තණකොළ ගොඩක ඇවිදින්න ඇඟ පත අමාරුව නම්. 
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    28 Jan 2016 05:21 PM
    අපිට කොහෙද තනකොල පැගෙන්නෙ ...උදෙට සපත්තු දගෙන හවසට ගෙඩර ඇවිත් නෙ ගලවන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    26 Mar 2016 06:44 AM

    සැප කාමර තුළ සැප පුටු මත මැරී වැටෙන 'ෆුල් ඔෆ්ෂන්' මිනිස්‌සු

    මෙලෝ වැඩක්‌ නොකර කකා බිබී නිදාගැනීම පමණක්‌ කරන කුසීතයන් දුටු විට අපේ පැරැන්නන් කීවේ 'කම්මැලියා ගොන් අලියා' කියාය. ඒ ගොනාටවත් අලියාටවත් නින්දා අපහාස කිරීමට නොව කම්මැලි වීමේ ආදිනව මිනිසුන්ට පෙන්වා දී කම්මැලිකමෙන් සමාජය මුදවා ගැනීම සඳහාය. එසේම 'කම්මැලියාට අනාගතයක්‌ නැත' යන්න අප කවුරුත් දන්නා ප්‍රකට කියමනකි. සෝවියට්‌ සමාජවාදී සමූහාණ්‌ඩුව තුළ ප්‍රකටව තිබූ කියමනක්‌ වන ' වැඩක්‌ නොකරන්නා නොකයි' යන කියමනෙන් ද ප්‍රකට වන්නේ කම්මැලිකමේ දුර්විපාකයන්ය. අප කුඩා කල උගත් මහලු ගොවියා සිය කම්මැලි පුතුන්ගේ කම්මැලිකම දුරු කිරීමට මරණ මංචකයේදී යෙදූ උපායෙන් ද පැහැදිලි වන්නේ ලොකුම නිධානය පහළ වන්නේ කම්මැලි නොවී වැඩ කළ විට යන්නයි.


    මෙයින් අපට පෙනීයන්නේ කම්මැලිකමේ දුර්විපාකයන් පිළිබඳව දුරාතීතයේ සිටම සමාජය මනා අවබෝධයකින් කටයුතු කළ බවත් ඕනෑම සමාජ ක්‍රමයක කම්මැලිකම මහා විනාශයක්‌ සහ සමාජ අගතියක්‌ සේ සලකා සමාජයෙන් එය දුරු කරන්නට කටයුතු කළ බවත්ය. නමුත් මේ වන විට දියුණු යෑයි කියන තාක්‌ෂණික ලෝකයේ ජීවත්වන මහා කාර්ය බහුල ජීවිතයක්‌ ගත කරනවායෑයි කියන නූතන මිනිසා ලොව එදා මෙදා තුර ජීවත් වූ සුපිරිම කම්මැලියා බවට පත් වී ඇත. අද නූතන සමාජයේ ජීවත්වන අති බහුතරයක්‌ දෙනා කිසිම විටක පයක්‌ හොල්ලන්නේ නැති අතර අත සොළවන එකම කාරණය වන්නේ අධිරෝගකාරක ආහාර කටට දමාගැනීම සඳහා පමණි. තාක්‌ෂණ දියුණුවේ හිණිපෙත්තට නැඟීමත් සමඟ ඒ ටික කිරීමත් රොබෝ යන්ත්‍රයකට භාරකරන දිනය වැඩි ඈතක නොවේ.

    මෑතක්‌ වන තුරු පැවති සමාජවල කම්මැලිකම මහා විනාශයක්‌ සහ සමාජ අගතියක්‌ ලෙස සලකා එය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද නූතන සමාජයේ තාක්‌ෂණික දියුණුව සහ ඊට සමගාමීව කරලියට විත් ඇති ඊනියා කාර්ය බහුලත්වය ඉදිරියේ කම්මැලිකම සාධාරණීකරණය කෙරී ඇත. නිදසුනක්‌ ලෙස නූතන වාහන ඉතා සුඛෝපභෝගී හෙවත් 'ෆුල් ඔෆ්ෂන්' වන අතර ඒවා පැදවීමේදී ශරීරය කිසිදු ක්‍රියාකාරකමකට භාජන වන්නේ නැත. පැරණි වාහනවල අගුල් දැමීමේදී වාහනය වටා රවුමක්‌ ගොස්‌ ඒ සියල්ලම අත භාවිතයෙන් යතුර කරකවා අගුල් දැමිය යුතුය. නමුත් දැන් බොත්තමක්‌ ස්‌පර්ශ කළ සැණින් ඒ කටයුත්ත සිදු වන්නේය. වාහන පමණක්‌ නොව සියලු යන්ත්‍ර සූත්‍ර සහ විදුලි උපකරණ සැප පුටුවක වාඩි වී දුරස්‌ථ පාලක මගින් ක්‍රියාත්මක කළ හැකි 'ෆුල් ඔප්ෂන්' තත්ත්වයට පත් කර ඇත. අද වන විට 'ෆුල් ඔප්ෂන්' උන්මාදය කොතරම් ඉහ වහා ගොස්‌ ඇති දැයි කිවහොත් මිනිසුන්ගේ සිරුරතA දියවැඩියාව, කෙලෙස්‌ටරෝල් වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, අක්‌මාවේ තෙල් තැන්පත් වීම, වකුගඩු රෝග ආදී මෙකී නොකී රෝගාබාධ වැළඳී 'ෆුල් ඔෆ්ෂන්' තත්ත්වයට පත් වී ඇත. නූතන අඥාන මිනිසුන් විසින් 'ෆුල් ඔප්ෂන්' භාවිතය ආඩම්බරයට හේතුවක්‌ කර ගෙන ඇතුවා සේම ශරීරය ලෙඩ වලින් 'ෆුල් ඔෆ්ෂන්' වීම ගැන ද කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.

    නූතන සමාජයේ මිනිසුන් විසින් කිසිම ව්‍යායාමයක්‌ පයින් යැමක්‌ හෝ කය වෙහෙසා කරන කිසිදු කටයුත්තක්‌ කරන්නේ නැත. ඒවා නොකළත් ඔවුහු උපරිම නිරෝගීභාවය අපේක්‍ෂා කරති. එසේ අපේක්‍ෂා කරන්නේද අධිරෝගකාරක ආහාර දිනපතාම තොර තෝංචියක්‌ නැතිව ඉස්‌මුරුත්තාවට එනතුරුම ගිලදමන අතරේ වීම වඩාත් හාස්‍යජනකය. ඔවුන් සිතන්නේ නූතන තාකAෂණික පර්යේෂණ සහ මෙවලම් විසින් ද, විශේෂඥ වෛද්‍යවරුන් විසින්ද, විශ්මිත ඖෂධ විසින් ද තමන්ට නිරෝගීභාවය උදාකරනු ඇත යන්නය. නමුත් එය මහ දවල් මුළාවක්‌ බව ඔවුන්ට වැටහෙන්නේ මරණ මංචකයේදීය. එසේ නැති නම් පිළිකා ආදී අන්ත දුක්‌ත ලෙඩ රෝග සාදාගෙන අපා දුක්‌ විඳින අතරේදීය. එවිට පෙරහැර ගොස්‌ අවසානය.

    ලෝකයේ දියුණුම සතා යෑයි ස්‌වයං ලේබල් අලවාගෙන ස්‌වයං මෝහනයට පත් වී සිටින නූතන මිනිසාට ශරීර ක්‍රියාකාරකම් සහ ව්‍යායාමවල අත්‍යවශ්‍යතාව වටහාගැනීමට අවශ්‍ය නම් තමන් විසින්ම නොදියුණු යෑයි ලේබල් අලවා ඇති සත්ත්ව ප්‍රජාව නිරීක්‌ෂණය කළ යුතුය.

    මා ජීවත් වන නිවසට ආසන්නයේ ඇති අත්තනගල්ල රජමහා විහාරය ඉදිරියේ ඇති පොල් වත්තේ එම විහාරයට අයිති අලියෙක්‌ බැඳ සීටී. එම අලියා ශරීර ක්‍රියාකාරකමක්‌ නොකර නිකං සිටිනා අවස්‌ථාවක්‌ දැකගන්නට සෑමදාම මේ අලියා නිරීක්‌ෂණය කරමි. වසර 4 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් අලියා ශරීර ක්‍රියාකාරකමකින් තොරව නිකං සිටිනා අවස්‌ථාවක්‌ සොයා ගන්නට තවමත් නොහැකි විය. එක්‌කෝ ඌ කන් සොලවයි. එක්‌කෝ හොඬවැළ හෝ වලිගය සොලවයි. එක්‌කෝ ඇඟ පද්දවයි. එක්‌කෝ කකුල් සොලවමින් එකතැන ඇවිදියි. එසේත් නැති නම් කිතුල් කොටයකට පයින් අනියි. බොහෝ විට උගේ ආහාරයක්‌ සපයි. එක්‌කෝ මේ සියල්ලම හෝ ඉන් කීපයක්‌ එකවර සිදුකරයි.

    බල්ලා පිළිබඳව අප දන්නා කියමනක්‌ද ඇත. '' බල්ලට ඇති වැඩකුත් නෑ. හෙමින් ගමනකුත් නෑ'' යන්න එම කියමනයි. එහි අරුත වන්නේ නූතන මිනිසාට කදිම ආදර්ශයක්‌ සපයමින් බල්ලා සෑමවිටම කඩිසරව ඇවිදින බවය.

    අලියා, බල්ලා පමණක්‌ නොව මිනිසා හැර වෙනත් ඕනෑම සතෙක්‌ සැලකුව ද නින්දේදී හැර අන් කිසිම වේලාවක ශරීර ක්‍රියාකාරකම්වලින් තොරව ගත කරන්නේ නැත. සත්ත්වයන් පමණක්‌ නොව ශාක පවා සිය නිරෝගී පැවැත්ම වෙනුවෙන් නිරන්තර චලනයන්හි යෙදේ. සොබාදහම ව්‍යායාම හෙවත් ශරීර ක්‍රියාකාරකම් ගැන මිනිසාට උගන්වන පාඩම එයයි. නමුත් අප පෙරදී පෙන්වා දුන් පරිදි එම පාඩම ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්නට නූතන අඥාන උඬගු මිනිසා කිසිසේත්ම සූදානම් නැත.

    දම්වැල් හෝ කඹ වලින් බැඳ දමා, කූඩුවකට දමා හෝ වෙනත් ක්‍රමයකට සතුන්ගේ ශරීර ක්‍රියාකාරකම්වල යෙදීමේ හෙවත් ව්‍යායාම කිරීමේ අයිතියත් අහුරා ඇති නූතන අඥාන මිනිසා සැමවිටම හඹා යන්නේ අධි සුඛෝපභෝගිත්වය යි. අධි සුඛෝපභෝගී වාහනද, අධි සුඛෝපභෝගී නිවාසද, අධි සුඛෝපභෝගී ආසන ද, අධි සුඛෝපභෝගී කාර්යාල ද, අධිසුඛෝපභෝගී හෝටල් සහ අවන්හල් ද ආදී වශයෙන් වූ සකල සබ්බ මනාවම අධිසුඛෝපභෝගීය. එපමණක්‌ නොව ඔවුන් ව්‍යායාම සඳහා සොයන්නේ ද අධිසුඛෝපභෝගී මෙවලම් සහ ක්‍රීඩාගාරය.

    මෙසේ අධිසුඛෝපභෝගී අක්‍රීය කුසීත ජීවිත ගත කරන්නන්ගේ බෙල්ල, කඳ, බඩ මහත් වී, දියවැඩියාව සෑදී, කිරීටක ධමනි කොලෙස්‌ටරෝල් වලින් අවහිර වී, හෘදයාබාධ වැළඳී, සැප කාමරය තුළදීම ඔවුන් හි`දගෙන සිටින සැප පුටුව මතම බෙල්ල කඩාවැටී මිය යන අවස්‌ථා අද ඉතාම සුලබය. රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම නිලධාරීන්, පුද්ගලික අංශයේ විධායක නිලධාරීන් සහ බැංකු ක්‌ෂේත්‍රයෙA ඉහළම නිලධාරීන් මෙම ඉරණමට ගොදුරු වන ප්‍රවණතාව ඉතාම ඉහලය. බයිපාස්‌ හෘද සැත්කම් සහ කිරීටක ධමනි පුම්බන උපකරණ (Sඑeබඑ) ඇතුල් කිරීමේ තාක්‌ෂණයන් නිසා හෘදයාබාධ නිසා වන මරණ සංඛ්‍යාවේ යම් අඩුවීමක්‌ තිබුණ ද මෙවැනි අලකලංචියකට ලක්‌ නොවූ ඉහළ නිලදරුවකු අද බේතකටවත් සොයාගන්නට නොහැකිය. උදාහරණයක්‌ ලෙස අප ශ්‍රී ලංකාවේ මූලස්‌ථාන පොලීසියක්‌ තුළ පැවැත්වූ වැඩමුළුවකට පසුව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ මහත් උජාරුවෙන් පැවසුවේ ඔහුගේ කිරීටක ධමනිවල අවහිරවීම් 17 ක්‌ තිබූ බවත් ඒ නිසා ඔහුට බයිපාස්‌ සැත්කමක්‌ කරන්නට සිදු වූ බවත්ය.

    සමස්‌ත මිනිස්‌ සමාජයම ශරීර ක්‍රියාකාරකම් සහ ව්‍යායාම හෙළාදකින අධිසුඛෝපභෝගිත්වයම වර්ණනා කරමින් හඹායන අදූරදර්ශී අඥාන පිළිවෙතින් වහ වහා බැහැර විය යුතුය. එසේ නොවන්නේ නම් මිනිස්‌ සමාජයට ඇත්තේ පැවැත්මක්‌ නොව නැවැත්මකි. මෙම අඥාන පිළිවෙතින් බැහැර වීම ස`දහා අප මුලින් කී සොබාදහමෙන් පමණක්‌ නොව අපේම අතීත මුතුන් මිත්තන්ගෙන්ද පාඩම් රාශියක්‌ ඉගෙනගත හැකිය. එසේම මෙහිදී වාණිජ බලවේගවල උවමනාවන්ට නොරැවටී සෑම මිනිසෙකුම සතු සරල තර්ක බුද්ධියද උපරිම වශයෙන් භාවිත කළ යුතු වෙයි.

    මෙහිදී අවධාරණය කළ යුතු තවත් ඉතා වැදගත් පැතිකඩක්‌ තිබේ. අතක්‌ පයක්‌ හෝ ශරීරයේ වෙනත් ඕනෑම අවයවයක්‌ භාවිතයට නොගෙන තිබුණහොත් එම අවයවයට අදාළ මාංශපේශි දියවී වැහැරී අස්‌ථි දුර්වල වී දරුණු අකර්මණ්‍යතාවකට පත් වෙයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ භාවිතයට නොගැනීම නිසා සිදුවන වැහැරීම ලෙසය. අංශභාග රෝගීන්ගේ මෙය ඉතා පැහැදිලිව දැක ගත හැකිය. ස්‌නායු අක්‍රිය වීම නිසා ශරීරයේ එක්‌ පැත්තක්‌ සොලවන්නට බැරි වූ විට දින කීපයක්‌ තුළ ඒ පැත්තේ මස්‌ දිය වී වැහිරී ඒ පැත්තම දරුණු ලෙස කේඬෑරි වී යයි. එය වළක්‌වන්නට නම් වහ වහා ඒ පැත්තට ව්‍යායාම ලබා දිය යුතුය. කුසීතකම නිසා සමස්‌ත ශරීරයම අක්‍රීයභාවයට පත් වූ විට සමස්‌ත ශරීරයට අත් වන්නේද ඒ ඉරණමය. ඇත්ත වශයෙන්ම මාංශපේශී වැහැරීම ප්‍රකට නොවන්නේ නූතන මිනිසා ගේ ශරීරය තුළ තැන්පත් වී ඇති අනවශ්‍ය ඝණකම් තෙල් තට්‌ටුව නිසාය.

    මිනිසා අකාලයේ ලෙඩකර දස දුක්‌ දී මරා දමන මෙම සුපිරි කම්මැලිකමෙන් මිනිස්‌ සමාජය මුදවාගැනීම සඳහා වසර ගණනාවක්‌ තිස්‌සේ වෙහෙසී අත්හදා බලා ඉතාම ප්‍රායෝගික තලයට ඔසවා තබන ලද ක්‍රමවේද 3 ක්‌ භාවිත කළ හැකිය. මෙම ක්‍රමවේද 3 ගොඩනැඟීමේදී ඉහතින් ස`දහන් කළ සොබාදහමේ පාඩම්, අතීත මුතුන් මිත්තන්ගේ පාඩම් සහ සරල තර්ක බුද්ධිය මැනවින් සංයෝජනය කර ඇත. එම ක්‍රමවේද 3 මෙසේය,

    1.විධිමත් ක්‍රමවත් ව්‍යායාම

    2.එදිනෙදා ගමන් බිමන් ව්‍යායාම බවට පත් කර ගැනීම.

    3.එදිනෙදා වැඩ කටයුතු ව්‍යායාම බවට පත් කර ගැනීම. 

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Mar 2016 07:40 AM
    මෙහෙම හිටියොත් 40 වෙද්දි ටිකට් එක හම්බ වෙනවා.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Mar 2016 08:06 AM
    ඉදිරි අනාගතයේදී මේ වගේ ජීවිත් බහුලව දකින්න ලැබේවි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Mar 2016 01:49 AM
    හරි හමන් විදියට කට්ටක් කාගෙන සල්ලි හම්බ කරන්නෙ නැතුව නිකංම ගෙදරට කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි ආවොත් අපිටත් මේ ටිකම වෙයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Mar 2016 08:04 AM
    කරන්න වැඩක් ගෙදර ඇත්තෙම නැත්නම් ගේ වටේ හරි දුවන එක කරන්න ඕනා.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    27 Mar 2016 06:19 PM
    ඉදිරි අනාගතයෙ මෙ වගෙ මිනිස්සු තමයි බිහි වෙන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Mar 2016 09:39 PM
    ජපන් සුමෝ වගේ පිරිසක් නැවත බිහිවේවි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Mar 2016 08:09 AM
    මේ වගේ මිනිස්සු හින්දා සංවර්ධනයට තියෙන මුදල් බේත් හේත් වලට වියදම් කරන්න තමයි ආන්ඩුවට වෙන්නේ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    30 Mar 2016 03:29 AM
    Posted By hasithad on 27 Mar 2016 08:04 AM
    කරන්න වැඩක් ගෙදර ඇත්තෙම නැත්නම් ගේ වටේ හරි දුවන එක කරන්න ඕනා.


    ඒක කරන්නෙ නැති එකනේ මෙතන තියෙන වැඩේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    29 Apr 2016 03:18 PM

    අවුරුදු කෑමබීමවලින් පසු ගතයුතු ආහාර පාන

    කොල්ලු කැඳ හෘද රෝගවලට ගුණදායකය. පෙනහළු රෝගවලින් පෙළෙන අයට සෙම් රෝග පීඩා සුවපත් කරගත හැකිය. පිළිකා නසන ගුණ ඇත. සම පැහැපත් වේ. ස්‌නායු දුර්වලතා නැති කරයි. ලිංගික දුබලතා නැති කරයි.

    "කදර් කයිනාදමිහි සූර්ය මංගල භාගා කුයිනාදන්හි කදර්හි කයිනාදන්" ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් සූර්ය මංගල උදාව හෙවත් අලුත් අවුරුදු උදාව ගැන සඳහන් කර ඇත්තේ ජනතාව කා බී ප්‍රීති වෙමින් සූර්ය මංගල්‍යය සමරන බවය.

    අතීතයේදී සිංහල දෙමළ ජනතාව සූර්ය මංගල උදාව සැමරීමේදී ආහාර පාන ගෙන ප්‍රීති වීමට පමණක්‌ නොව අටු කොටු පිරෙන්න අස්‌වැන්න නෙළාගත් කමතේ ජන ක්‍රීඩාවල යෙදෙමින්ද සූර්ය මංගල උදාව සෑමරූහ. වර්තමානයේ බක්‌මහ උළෙල පැවැත්වූවත් ඊට සහභාගීවන පිරිස සීමා සහිතය. එදාමෙන් මුළු ගම එක්‌ නොවෙති. එනිසා වැඩිපිරිසක්‌ කැවුම්, කොකිස්‌, මුං කැවුම්, අතිරස ආදී කැවිලි පෙවිලි අනුභව කළද ක්‍රීඩා කටයුතුවල නොයෙදෙති. ඉන් සිදුවන්නේ ඔවුන්ගේ ශරීරයේ නැත්පත් වන සීනි ප්‍රමාණය, තෙල් ප්‍රමාණය අවුරුදු සමයේදී ඉහළ යාමය.

    අවුරුදු යෑයි කියමින් පිරිමි පාර්ශවයද වෙනදාට වඩා මත් පැන් පානයට යොමුවෙති. මත් පැන්වලද සීනි අධිකව පවතින නිසා රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යා හැකිය.

    එනිසා අවුරුද්දෙන් පසු වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. එසේ නොවුනහොත් සිදුවන්නේ අලුත් අවුරුදු සමරා, ලෙඩවී රෝහල් ගත වීමටය.

    අලුත් අවුරුද්දෙන් පසු ගත යුතු ආහාර පාන

    අලුත් අවුරුද්ද සමරන්න පැණි රස කෑම තෙල් කෑම වැඩිපුර කෑවානම් දැන් ඒවායේ සැර බාලවන ආහාර පාන ගතයුතුය.

    ඒ සඳහා හීනටි හාල් හෝ තණ හාල් වලින් බැදි හාල් කැඳ සාදාගෙන උදැසනට ගත හැකිය.

    මෙම බැදි හාල් කැඳ පානය මඟින් ශරීරයේ ඇති විෂ නසයි. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි.

    කොල්ලු කබලේ බැද කුරහන් ගලක හෝ ගල් වංගෙඩියක දමා පිටිකර ගෙන එම පිටි වලින් සාදාගත් කැඳ උදැසනට ආහාරයට ගැනීම සුදුසුය.

    කොල්ලු කැඳ හෘද රෝගවලට ගුණදායකය. පෙනහළු රෝගවලින් පෙළෙන අයට සෙම් රෝග පීඩා සුවපත් කරගත හැකිය. පිළිකා නසන ගුණ ඇත. සම පැහැපත් වේ. ස්‌නායු දුර්වලතා නැති කරයි. ලිංගික දුබලතා නැති කරයි.

    දහවල් ආහාරය සඳහා ගනු ලබන ව්‍යංජන අතරට වට්‌ටක්‌කා, කලුපොල් මැල්ලුමක්‌ එක්‌කර ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

    අඟුලාන ලියන්වෙල
    සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
    වෛද්‍ය මහාචාර්ය
    ජිනසිරි ලියන්වෙල

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    30 Apr 2016 08:08 AM
    ලිපියට ස්තූතියි අක්කේ.
    අවුරුද්දට කෑවා මිසක් ඕවා ගැන හිතුවේ නෑනෙ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Apr 2016 06:32 PM
    හ්ම්ම්ම්ම් දැන් හිතන්න කලේ හරි නේ ...අපෝ මන් එකයි හැම එකෙන්ම චුට්ට චුට්ට හැදුවේ ,,නැත්නම් ඕවා ඔක්කොම ත් අපේ බඩේ නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    30 Apr 2016 08:18 PM
    බොහොමත්ම වැදගත් ලිපියක්. ස්තූතියි නංගී මේ තුලින් කට්ටිය දැනුවත් කලාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0
    You are not authorized to post a reply.
    Page 1 of 812345 > >>