Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Nov 2016 02:17 PM by Rosi නිරෝගී දිවියක රහස් 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 8 << < 23456 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 23 Jun 2016 08:24 AM ලංකවේ රෝහල් වල දියවැඩියා සායන වල මේ පරීක්ෂණය කරනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 23 Jun 2016 10:28 AM මේ රෝගය මගේ තාත්තාට තියෙනවා ..අපේ සියාට ත් තිබිලා තියෙනවා ,තව තාත්තාගේ මල්ලි කෙනෙක් ටත් තියෙනවා ,,මේක ආරෙට ත් යනවා කියනවා ...එක නිසාම මාත් දුවලා ත් ගියාම අවුරුද්දකට වරක් මේක පරික්ෂා කර ගන්නවා . තාත්තා මේක නිසා හරියට පිඩා විදිනවා ,, එයාගේ එක ඇසක් බොහොම දරුණු විදියට මියගිහින් මේක නිසාම ,අනික් ඇසින් තමා වැඩ කර ගන්නේ ,නමුත් එකත් මේකට ගොදුරු වෙමින් පවතින්නේ ,,බෙහෙත් වලින් යම් දුරකට පාලනය වෙනවා . තව ලිපියක් තිබුනොත් මන් පොස්ට් කරන්නම් මදුරංග . 0 samanthaMost Senior MemberPosts:13190 23 Jun 2016 09:31 PM Posted By Rosi on 23 Jun 2016 10:28 AM මේ රෝගය මගේ තාත්තාට තියෙනවා ..අපේ සියාට ත් තිබිලා තියෙනවා ,තව තාත්තාගේ මල්ලි කෙනෙක් ටත් තියෙනවා ,,මේක ආරෙට ත් යනවා කියනවා ...එක නිසාම මාත් දුවලා ත් ගියාම අවුරුද්දකට වරක් මේක පරික්ෂා කර ගන්නවා . තාත්තා මේක නිසා හරියට පිඩා විදිනවා ,, එයාගේ එක ඇසක් බොහොම දරුණු විදියට මියගිහින් මේක නිසාම ,අනික් ඇසින් තමා වැඩ කර ගන්නේ ,නමුත් එකත් මේකට ගොදුරු වෙමින් පවතින්නේ ,,බෙහෙත් වලින් යම් දුරකට පාලනය වෙනවා . තව ලිපියක් තිබුනොත් මන් පොස්ට් කරන්නම් මදුරංග . බොහොමත්ම කණගාටුදායක පුවතක්.. සමහරවිට මේක පාරම්පරිකව යන්න ඉඩ තියෙන නිසා ප්‍රවේසම් වීම වඩා සුදුසුයි. ඒත් දැන් තියෙන වෛද්‍ය විද්‍යාවේ දියුණු තාක්ෂණ ක්‍රම අනුව මේ සඳහා නොයෙක් ප්‍රථිකර්ම තියෙන නිසා බිය විය යුතු නැහැ. නමුත් අපි ප්‍රවේසම් වීමත් , සූදානම් වීමත් වැදගත්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 24 Jun 2016 09:23 AM මේක වැඩිපුරම දියවැඩියාව තියෙන අයට තමයි වැදගත් වෙන්නේ නේද ? 0 RosiSuper Senior MemberPosts:5335 24 Jun 2016 11:17 AM ඔව් සිනි පාලන ගැන හිතන්න ඕනේ මේ රෝගීන් 0 RosiSuper Senior MemberPosts:5335 24 Jun 2016 12:04 PM 0 indika76Most Senior MemberPosts:10449 24 Jun 2016 12:50 PM ලූණු මෙච්චර වටිනවා කියලා දන්නේ අදනේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Jun 2016 06:38 PM ඒකනෙ යහපාලනයෙන් ගනන් ඇරියෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 24 Jun 2016 09:00 PM බොහෝම වටිනා ලිපියක්. බොහොමත්ම ස්තූතියි නංගී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 25 Jun 2016 08:25 AM මමත් කාලයක් සිංහල බේත් බිව්වා ඇඟ නිවෙන්න.උදේට බොන බේතට රතු ලූනු කොටලා ඒවත් එකතු කලා. ඒ තරම් වටිනවා මේ ලූනු 0 RosiSuper Senior MemberPosts:5335 25 Jun 2016 03:36 PM රතු ලුණු ගෙඩියක් දිනපතාම දවල් බත් පතට එකතු කර ගත්තත් බොහොම හොදයි . 0 RosiSuper Senior MemberPosts:5335 25 Jun 2016 03:47 PM තෙල් සහ මේදය අධිකව ඇති සිහිනෙන්වත් නොසිතන ආහාර සෑම හොදි වර්ගයකම පාහේ මේදය අධික ප්‍රමාණයක් අඩංගුය. ආහාර පිසීමේදී භාවිත කරන තෙල් වර්ග සහ මිටිකිරි කොටස එකතුවන්නේ හොද්දටය. එසේම ආහාර පිසීමේ ක්‍රියාවලියේ දී භාවිත කරන තාපය නිසා ආහාර කැබලි තුළ ඇති මේද කොටස් ද දිය වී හොද්දට හෙවත් ඉස්‌ම කොටසට එකතු වෙයි. මෙහිදී අප දැඩිව වටහාගත යුතු කාරණයක් වන්නේ හොදි ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන නිසා හොදිත් සමඟ ආහාර ගන්නා විට සැපීමේ ක්‍රියාව නිසි ලෙස සිදු නොකොට ඉතා ශීඝ්‍රයෙන් කෙටි කාලයක් තුළ වැඩි ආහාර ප්‍රමාණයක් ගිල දැමීමට ආහාර ගන්නා කෙනා පෙලඹීමයි. ව්‍යාංජනවල හොද්ද රසයෙන් වැඩි නිසා එම තත්වය තවත් උත්සන්න කෙරෙයි. එනම් හොදිත් සමඟ ආහාර ගන්නවා යනු ඉතා කෙටි කාලයක් තුළ තෙල් වැඩි ආහාර වැඩි ප්‍රමාණයක් කුසට දමාගැනීමය. එය බර වැඩි සහ තරබාරු අයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. හොදි අගුණ යෑයී කී විට හොද්ද හින්දවා ලබාගන්නා වඩා ඝණකම් හොද්ද හෙවත් "බොරය" ආහාරයට ගැනීමට සමහරු පෙලඹේ. එය හොද්දටත් වඩා භයානක බව අප අවබෝධක කර ගත යුතුය. තරබාරු අය අතර වැඩිපුරම සිටින්නේ කාන්තාවන් හෙවත් ගෘහණියන්ය. එය එසේ වීමට හේතු කීපයක්‌ම බලපාන අතර එම හේතු ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නමුත් ඉන් ප්‍රධානතම හේතුවක් අප මෙම විස්‌තර කරන කොටසට අයත් වන නිසා දැන් එය සළකා බළමු. නිවසක යම්කිසි වේලකට ව්‍යාංජන 2 ක් හෝ 3 ක් ඉව්වා යෑයි සිතමු. මෙසේ උයන ලද ව්‍යාංජන වල උඩ කොටස් ටික නිවසේ සිටිනා දරුවන්ටත් ගෘහමූලිකයාටත් අනෙක් අයටත් ගෘහණිය විසින් බෙදා දෙයි. ගෘහණියට ඉතුරු වන්නේ අඩියේ ඇති හොදි සහ බොරය අධික කොටසයි. බෙදා අතිරික්‌ත වී ඇති ව්‍යංජනයක් දෙස උඩින් බැලීමෙන් අප කියන මෙම කාරණය මනාව ඔප්පු කර ගත හැකිය. වඩාත්ම රසවත් මෙම අඩියේ හොද්ද, බොරය තැවරී ඇති කොටසෙන් සුළු ප්‍රමාණයක් හෝ අපතේ යනවාට ගෘහණිය කැමති වන්නේ නැත. ඒ නිසා ඇය ඇතිලියත් පිහදාගෙනම ආහාරයට ගනියි. එවිට ඒ හොදි සහ බොරය සහිත තෙල් කොටස් සියල්ලම ගෘහණියගේ ශරීරයට ඇතුළු වෙයි. එසේම ගෘහමූලිකයා සහ දරුවන් ආහාර ගෙන ඉතුරුවන කොටස් ඉවත දමන්නටත් ගෘහණියට දුකය. ඒ නිසා එම අඩු කොටස් ටිකත් යන්නේ ගෘහණියගේ සිරුර තුළටය. එවිට ඇය අන් අය අභිභවා තරබාරු විම ගැන පුදුම විය යුතු නැත. තම පවුලේ උදවිය දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේවල් අහක දමන්නට දුක සිතීම සාධාරණය. නමුත් එසේ අනවශ්‍ය අහිතකර අහාර ප්‍රමාණයක් ගැනීම නම් අපට කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එම නිසා අපතේ යැම වලක්‌වා ගැනීමට අපි ඔබට ක්‍රම දෙකක් කියාදෙන්නෙමු. 1. ඔබ යම් දිනක ආහාර පිසූ විට ඉතුරු වූවා නම් ඊළ`ග දිනයේ ඉතුරු වූ ප්‍රමාණය අඩුකර උයන්න. 2. ඒත් ඉතුරුවෙනවා නම් සුදුසු තැනක ලෑල්ලක් ගසා ඉතුරු වන ආහාර එයට දමා ගිරවෙක් වෙනත් කුරුල්ලෙක් හෝ ලේනෙක් වැනි සතුන්ට කෑමට දෙන්න. එසේත් නැත්නම් බල්ලෙකුට හෝ පූසෙකුට දෙන්න. එවිට අපතේ යාමක් සිදු නොවන අතර පින් සිදු වීමක්‌ද වෙයි. එයටත් අමතරව වත්තට සුන්දර සතුන් ඇවිත් ආහාර ගන්නා විට අපට විශාල මානසික සුවයක්‌ද දැනේ. මස් සහ බිත්තර සියලුම මස් වර්ගවල අධික මේද ප්‍රමාණයක් අඩංගු වන අතර ඒ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර සන්තෘප්ත සත්ත්ව මේදයයි. එමනිසා ශරීර බර වැඩි අයට මස් ඉතා අහිතකරය. එහෙත් මස් කෑමට දැඩි ගිජුකමක් ඇති එයින් වැළකී සිටීම ඉතා අපහසු අයට හම සහ තෙල් කෑලි ඉවත් කළ කුකුළු මස් අධික නොවන සේ සතියකට වරක් පමණ ආහාරයට එකතු කර ගත හැකිය. එහෙත් හොඳම දෙය මස් වෙනුවට සෞඛ්‍යයට ඉතා හිතකර මාළු ආහාරයට ගැනීමට හුරු වීමයි. එබැවින් අප ඔබට නිර්දේශ කරන්නේ මස් ආහාරයට ගැනීම වෙනුවට මාළු ආහාරයට ගැනීමට හුරුවන ලෙසටයි. බිත්තර කහ මදයේ අධික කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක් පවතී. එය එක් කහ මදයක මිලිග්‍රෑම් 250 ප්‍රමාණයකටත් වඩා වැඩිය. එයට අමතරව එහි අහිතකර මේදය ද විශාල ප්‍රමාණයක් එනම් කහ මදයෙන් 18 % ක් පමණ ඇති නිසා බිත්තර බර වැඩි අයට සුදුසු ආහාරයක් නොවේ. බිත්තර කෑමට දැඩි ගිජුකමක් ඇති අයට සතියට දෙතුන් වරක් බිත්තර සුදු මදය ආහාරයට ගත හැකිය. නමුත් කහමදය අහක දමා බිත්තර ආහාරයට ගන්නා කෙනෙක් නැති නිසා අප පොදුවේ බිත්තරවලින් වැළකීමට නිර්දේශ කරමු. එකම නිවසේ කෙනෙක් බිත්තර කහ මදය ඉවත්කර ආහාරයට ගතහොත් බිත්තර ආහරයට ගන්නා වෙනත් කෙනෙක් කහ මද දෙකක්‌ම ආහාරයට ගැනීමට ඉඩ ඇත. එසේ ගන්නා කෙනාට එය අනාගතයේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇත. බිත්තර නිෂ්පාදකයන් සහ සත්ත්ව නිෂ්පාදන අංශ විසින් බිත්තර සෞඛ්‍යාරක්‌ෂිත සිමාවකින් තොරව ගත හැකි ආහාරයක් සේ හුවාදක්‌වන්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් ඊනියා විද්‍යාත්මක පර්යේෂණ කතා ඔවුන් කීවත් ඔබ එවැනි ප්‍රචාරවලින් මං මුලා විය යුතු නැත. එසේ පවසන්නන් ඊනියා විද්‍යාත්මක සත්‍යය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී සිටින්නන් නොව මහා පරිමාණ සත්ත්ව නිෂ්පාදන බහුජාතික සමාගම් වල සුවච කීකරු ගැත්තන් බව පැවසිය යුතුය. සියලුම බටර් සහ මාගරින් වර්ග මේවායේ තනිකරම ඇත්තේ තෙල් සහ මේදය යි. මේවා ග්‍රෑම් 100 ක ශක්‌තිය කිලෝ කැලරි 900 ක් තරම් අධික ප්‍රමාණයක් අඩංගු වෙයි. මේවා කිලෝග්‍රෑමයක් ආහාරයට ගන්නා විට කිලෝකැලරි 9000 ක් ශරීරයට එකතු වී ශරීරයේ බර ද කිලෝග්‍රෑමයකින් වැඩි වෙයි. එමනිසා බර අඩු කර ගැනීමේ යෙදී සිටින අය මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. බහු අසන්තෘප්ත සූරියකාන්ත ආදී තෙල්වලින් සාදන ලද මාගරින් වර්ග තරබාරු අයටත් ගත හැකියි යනුවෙන් ගෙන යන ප්‍රචාරය ඔබව මහදවල් මුලාකිරීමක් පමණි. අනෙක් අතට බටර් සහ මාගරින් සෑදීමේ ක්‍රියාවලියේදී ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර zzට්‍රාන්ස් මේද අම්ලZZ නමින් හැඳින්වෙන විකෘති මේද අම්ල විශාල වශයෙන් සෑදේ. තරබාරු අයට ඒවා කිසිසේත්ම ගුණදායක වන්නේ නැත. සාමාන්‍ය අයටත් විකෘති මේද අම්ල දියවැඩියාවේ සිට හෘදයාබාධ හරහා පිළිකා ඇතිවීම ආදී ඉතා භයානක ප්‍රතිඵල අත් කර දෙයි. අයිස්‌ක්‍රීම්, කේක්, පුඩිං, වටලප්පන්, චොක්‌ලට්, පැණිරස බිස්‌කට් සහ කිරිපැණි ඇතුළත් ආහාර කාණ්‌ඩය මෙවායේ තෙල් අධික ප්‍රමාණයක් අඩංගුය. එසේම මේ සෑම එකකම සීනි ද අධික ප්‍රමාණයක් අඩංගුය. මිනිසා ලෙඩ කරවන නරකම සංඝඨක දෙක එනම් තෙල් සහ සීනි උපරිම වශයෙන් අඩංගු වන මේවා බර අඩුකර ගැනීමේ යෙදී සිටිනා ඔබට කිසිසේත්ම සුදුසු නැත. එබැවින් ඔබ මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. මෙම ආහාර ඉතාම රසවත් බව සැබෑය. එයට හේතුව වන්නේ මේවායේ මිනිසුන්ගේ රස නහර උපරිමයෙන්ම උත්තේජනය කරන තෙල් සහ සීනි උපරිමයෙන්ම අඩංගු වීමයි. zzවෙඩින් එකකට, පාටියකට ගිහිල්ලවත් අයිස්‌ක්‍රීම් කන්න හොඳ නැද්ද? මේවාට ඇති ලොල් බව නිසාම බොහෝ දෙනා අපෙන් එසේ විමසයි. අප පවසන්නේ ඔබ එසේ ඉඳහිටවත් මෙවැනි ආහාර නොගත යුතු බවයි. ඒ ඇයි කියා අපි සොයා බලමු. ඔබ අප වැඩසටහන ඉගෙන ගෙන සති 3 කට හෝ මාසයකට පසුව එවන් සාදයකට ගියා යෑයි සිතන්න. එසේ ගිය වේලේ සිට අප ඔබට කිවූ දේවල් සියල්ල අමතක කර යන විටම සංග්‍රහ කරන සීනි අධික ඩයි වතුර එකේ සිට ඔබ ආපසු එනවිට සංග්‍රහ කරන අයිස්, කිරි කෝපි එක දක්‌වා එහි තිබූ සියලුම දේවල් ආහාරයට ගත්තා යෑයි සිතන්න. ප්‍රධාන ආහාර වේලෙන් පසු කොත ගැසූ අයිස්‌ක්‍රීම් බඳුනක් හෝ විශාල වටලප්පන් කුට්‌ටියක්‌ද ගිලදැම්මා යෑයි සිතන්න. සිදුවන්නේ කුමක්‌ද? ඔබ බොහෝ මහන්සියෙන් කැපවීමෙන් අඩුකරගත් බර නැවතත් වැඩි වීමයි. ඔබේ සහ අපේ සාමූහික මහන්සිය ග`ගට ඉනි කැපුවා සේ අපතේ යාමයි. අද අපේ රටේ පවත්වන මෙවැනි සාදයකට බර අඩුකර ගන්නා කෙනෙක් ගොස් එහි රැඳී සිටින වේලාවේදී පිළියෙළ කර තිබෙන ආහාර පාන වර්ග සියල්ලම බුක්‌ති වින්ද හොත් නැවතත් කිලෝග්‍රෑමයකින් බර වැඩි වන බව අප ඉතාම පැහැදිලිව තහවුරු කරගෙන තිබේ. එබැවින් ඔබ දුක් මහන්සියෙන් ලබාගත් ප්‍රතිඵලය රැකගැනීමට මෙවන් අවස්‌ථාවලදී සිත ශක්‌තිමත් කරගත යුතුය. තව දුරටත් පවසන්නේ නම් ඔබ අයිස් ක්‍රීම් බඳුනක් ගිලදැමූ පසු එයින් සිරුරට එක් කරන කිලෝ කැලරි 500 කට අධික ශක්‌තිය දවාලන්නට පිට්‌ටනියකට බැස පැය එකහමාරක් දිගටම දුවන්නට ඔබට සිදු වෙයි. එසේත් නැත්නම් පැය භාගයේ ව්‍යායාම සැසි 3 ක් කරන්නට ඔබට සිදු වෙයි. මෙයින් අප නැවතත් ඔබට පෙන්වා දෙන්නේ ආශාවට වහල් වී තත්පර ගණනකින් සිරුරට ලබා ගන්නා ශක්‌තිය පුච්චන්නට මොන තරම් වේගයෙන් සිරුර ක්‍රියා කෙරෙව්වත් පැය ගණනක් යන බවය. වෙනත් විදිහකට කියනවානම් වැඩිකරගන්නට ඉතා පහසු බර යළි අඩුකර ගන්න යැම පණ යන තරම් අමාරු බවයි. එවන් අවස්‌ථාවලදී කෙසෙල් ගෙඩියක් හෝ පලතුරු තිබෙනවා නම් ඒවායින් ඔබට ගැළපෙන ප්‍රමාණය ආහාරයට ගෙන ඉහත කී භයානක අතුරුපසවලින් සම්පූර්ණයෙන්ම වැළකෙන්න. එවන් පලතුරක් නැත්තම් අතුරුපස නොගෙනම සිටීමට හිත හදා ගන්න. ඒත් අපේ ගොඩක් අය කරන්නේ කුමක්‌ද? පලතුරු කැබලි වර්ග කීපයක් තිබුණත් අපේ අය ඒවා කන්නේ ඊටත් වඩා අයිස්‌ක්‍රීම් ප්‍රමාණයක් ඒකට එකතු කරගෙනය. එසේ කිරීම පැහැදිලිවම ගුණ දේත් අගුණ කරගෙන කෑමකි. බර අඩු කර ගන්නට සැරසෙන ඔබට එවැනි චර්යාවන් කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. සොසේජස්, මීට්‌බෝල්ස් වත්තක් උඩින්වත් ගෙනියන්න එපා සොසේජස්, මීට්‌බෝල්ස්, හැම්, බේකන් ආදී සියලුම මස් නිෂ්පාදන මස්‌වලටත් වඩා ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකරය. මේවා නිෂ්පාදනය කරන්නේ මස්‌වල මස් විදිහට විකුණන්නට බැරි මේදය අධික කොටස් වලිනි. මේවා නිෂ්පාදනයේදී සත්ත්ව තෙල් µdම් තෙල් වැනි සන්තෘප්ත මේද අම්ල ද බහුලව යොදා ගනී. මේවායේ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර රසකාරක, වර්ණකාරක සහ කල් තබා ගන්නා රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගුය. එයට අමතරව සෝඩියම් නයිට්‌ට්‍රයිට් ආදී පිළිකා කාරක මේවායේ අඩංගුය. මේවා පිස ගැනීමේදී නැවතත් ගැඹුරු තෙලෙන් බැදිය යුතුය. එවිට සොසේජස් සහ මීට්‌බෝල්ස් යනු තුන් පාරක් ඉතාම අහිතකර මේදය අඩංගු කළ ආහාර වෙයි. එම නිසා බර වැඩි අයට ඒවා කිසි සේත්ම සුදුසු වන්නේ නැත. ලංකාවේ සොසේජස් මීට්‌බෝල්ස් ආදී මස් නිෂ්පාදනය සඳහා භාවිතකරන්නේ මානව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ මස් තොග බව ඔප්පු වන්නේ පසුගිය වකවානුවේ එවන් විශාල පරිමාණයේ මස්‌තොග රාශියක් නිෂ්පාදන සමාගම් සතුව තිබී සෞඛ්‍ය අංශ විසින් අත්අඩංගුවට ගෙන විනාශ කළ බැවිණි. සොසේජස් මීට්‌බෝල්ස් ආදිය කොතරම් සෞඛ්‍ය විරෝධී ආහාර දැයි කිවහොත් අප වගකීමෙන් ඔබට කියන්නේ ඒවා ආහාරයට ගන්නවා තබා වත්තක් උඩින් වත් ගෙනියන්නට එපා කියාය. රැගෙන ගොස් කන ආහාර ( Take Away Foods / Fast Foods) මේ ස`දහා නිදසුන් වන්නේ කොත්තු රොටී, පීසා, ප්‍රයිඩ් රයිස්, චොප්සි, ඩෙවල් ආදියයි. මේවා පිළියෙළ කිරීමට භාවිත කරන්නේ ලාඩ්, හයිකෝ වැනි ඉතා අහිතකර සන්තෘප්ත මේදය අඩංගු තෙල් වර්ගය. මේවා හදන්නේ ඉතාම ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යන නූතන පන්නයේ අවන්හල් වලය. බොහෝ දෙනා දැන් තම නිවසේ රෑට ආහාර පිළියෙළ කරන්නේම නැත. ඒ ස`දහා ක්‌ෂණික කෑම කඩවලින්ම හදා දී ඇති තර්ක බොහෝය. zzඅපි කාර්ය බහුලයි, අපිට උයන්න වෙලාවක් නෑ, මහන්සිවෙලා ගෙදර ආවට පස්‌සෙ උයන්න පුළුවන් කාටද?, අනේ අපි ගෙදර ඉව්වට ඒවගෙ රහ නෑ, අපට ෙච්න්- එකක් තියෙන්ඩ ඕනෑ, ඔය වද විඳින්න පුළුවන් කාටද? ඒ හින්ද කඩෙන් කනවා, කුස්‌සියටම නාකි වෙන්න පුළුවන් කාටද?ZZ ආදිය ඉන් කීපයකි. මෙම තර්කවලට රැවටී ඒ අනුව කටයුතු කර මෙම ක්‌ෂණික කෑම කා ලෙඩ වී බොහෝ දෙනා ආයුෂ කොට කර ගනිති. මෙම ආහාර පිළියෙළ කිරීමේදී ඒවාට යොදා ගන්නා මස් ආදී අහිතකර අමුද්‍රව්‍යවලට අමතරව විශාල තෙල් ප්‍රමාණයක් යොදා ගනිමින් ඒවායේ රස වැඩි කරයි. යොදා ගන්නා තෙල් වර්ගය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිම සීමාවක් හෝ ප්‍රමිතියක් නැත. බොහෝ විට මේවාට යොදා ගන්නේ වෙනත් හෝටල්වලින් අයින් කරන තෙල් වර්ග සහ මානව පරිභෝජනයට සුදුසු නැති අපද්‍රව්‍ය අධික තෙල් වර්ගය. මේ දිනවල කතා කරන විෂ මේද අම්ල බහුල µdම් තෙල් එයට එක් උදාහරණයකි. එම නිසා මේ ආහාර සියල්ලේම අනවශ්‍ය අධික ශක්‌ති ප්‍රමාණයක් අඩංගු වන අතර එහි ප්‍රමාණය කිසිවෙක් නොදනිති. එබැවින් බර අඩු කර ගැනීමේ වැඩසටහනක යෙදී සිටින අය මෙවැනි ආහාර තිබෙන තැනකටවත් නොයා සිටිය යුතුය. මොනෝ සෝඩියම් ග්ලුටමේට් වැනි රස උත්තේජක අධික ප්‍රමාණයක් යොදා තිබීම මේවායේ දරුණුකම තවදුරටත් වැඩිකරයි. ගෙන ගොස් දෙන ආහාර මෙම ආහාර කාණ්‌ඩය ග්‍රාමීය ප්‍රදේශවලට නාගරික ප්‍රදේශවලටත් වඩා වැඩි බලපෑමක් එල්ල කර ඇත. මෙයට අයත් වන්නේ සෑම අතුරු පාරක් පාසාමත් සෑම ගෙයක් පාසාමත් දවසට අවම වශයෙන් තුන් පාරක්‌වත් ජංගම රථවලින් ගෙනවිත් ආකර්ෂණීය සංගීත නාදයක් පතුරුවා විකුණන තෙල් අධික වස විෂ බහුල පාන්පිටි කෑමයි. zzසින්දු පාන්ZZ හෙවත් zzචූන් පාන්ZZ යනුවෙන් හඳුන්වන්නේ මේවාය. ඇතැම් ප්‍රදේශවල zzවෑන් පාන්ZZ කියාද මේවාම හඳුන්වයි. තෙලෙන් බදින ලද තෙල් අධික පාන්පිටි ආහාර වර්ග 30 කටත් වඩා මෙම රථවල ගෙන යයි. අපේ රටේ මිනිසුන් මේවාට ඉතා බරපතළ ආකාරයෙන් ඇබ්බැහි වී ඇත. අද බොහෝ දෙනා උදේට අවදිවන්නේ ද මෙම රථවල සංගීත නාදයෙනි. සංගීත නාදයෙන් අවදි වන ඔවුහු ලහි ලහියේ දොරකඩට විත් zzචූන් පාන් ZZ මිලදී ගනිති. කුඩා දරුවන් මේවායින් බේරාගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇත. මේවායේ නාදය කන වැටුණ ගමන්ම කුමන හෝ තෙල් අධික පාන්පිටි ගුලියක් මිලදී ගැනීමේ ඇවිටිල්ල දෙමවුපියන් වෙත දරුවන්ගෙන් එල්ල කෙරෙයි. මෙම රථවලින් මිලදී ගත් ආහාර නිසාම අධික වශයෙන් තරබාරු වූ දරුවන් රාශියක් අපට මුණ ගැසී ඇත. රුපියල් 10 ට විකුණන දහයේ කෑලි මේවා අතරිනුත් වඩාත්ම භයානක වේ. රුපියල් 10 ට විකුණන්නේ උදේ ඉතුරුවුණ ඒවාය. එසේ නැතිනම් බාල අමුද්‍රව්‍ය දමා වැඩිපුර පුම්බා හදන ඒවාය. නමුත් මේවා ඉතාම ලාභ නිසා මළු පුරා මිලදීගෙන අසීමිතව කන්නට බොහෝ දෙනා පෙලඹී ඇත. දහයේ ජංගම රථයේ සංගීත නාදය කනවැටුණ ගමන් ඒ වෙත ඇතමුන් රොක්‌වන්නේ කලකට පසු කෑමක් ලැබුණ කපුටු රැළක් ඒ වෙත ලංවීම සිහිපත් කරමිනි. සියලුම කිරිපිටි වර්ග කිරිපිටි වර්ගවල මේදය අධික ප්‍රමාණයක් අඩංගු වන අතර එම මේදය ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර සන්තෘප්ත සත්ත්ව මේදය ය. කිරිපිටි වර්ගවල අඩංගු මේද ප්‍රමාණය ඝණ කොටසෙන් 30% ක් තරම් අධිකය. 30% ක් යනු තුනෙන් එකකි. එහි අරුත වන්නේ ඔබ ලොකු හැඳි 3 ක් දමා කිරිපිටි විදුරුවක් සාදන විට ඉන් ඔබේ සිරුරට සත්ත්ව මේදය කොත ගැසූ ලොකු හැන්දක් එකතු වන බවය. තරබාරු අයට එය කිසිසේත්ම ගුණදායක නැත. මෑතක සිට බොහෝ දෙනා නගන තර්කයක් වන්නේ කිරිපිටි අගුණ වුවත් එළකිරි ඉතා ගුණදායක බවය. නමුත් සත්‍යය එය නොවේ. ඔබ කිරිපිටි දියකර කිරි වීදුරුවක් සාදා ගත්ත ද එළදෙනගෙන් දොවා කිරි වීදුරුවක් ලබාගත්ත ද දෙකෙහි ඇති සත්ත්ව මේද ප්‍රමාණයේ නම් කිසිම වෙනසක් නැත. මක් නිසාද යත් කිරිපිටි සාදා ඇත්තේ නැවත සෑදූ විට එළකිරි වල සංයුතිය ලැබෙන පරිදි බැවිණි. මේදය ඉවත් කළ කිරිපිටි සහ වෙනත් කිරිපිටි වර්ග නිෂ්පාදන සමාගම්වලින් සහ සමාගම් සරණ ගිය වෛද්‍යවරුන් විසින් මෙවැනි අයට නිර්දේශ කරන නිසාත් බොහෝ තරබාරු අහිංසකයන් ඒවාට රැවටී අමාරුවේ වැටෙන නිසාත් කිරිපිටි ගැන 4 වන ප්‍රධාන නරක ආහාර වර්ගය යටතේ අපි නැවතත් සාකච්ඡා කරමු . වෛද්‍ය පාලිත සමන් ජයකොඩි 0 samanthaMost Senior MemberPosts:13190 25 Jun 2016 08:26 PM කියන්න තියෙන්නේ කට පරෙස්සම් කර ගන්න කියන එක තමයි.. බොහොම වැදගත් ලිපියක්. ස්තූතියි රෝසී නංගී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 gaminiVeteran MemberPosts:4475 25 Jun 2016 08:41 PM හැකි තරම් කඩෙන් කන්න බොන්න නොගිහින් ගෙදරම හදන් කැවම හොදයි වගේ ........................................... ආදරයේ උල්පත අම්මා ...................... 0 hasithadSuper Senior MemberPosts:5795 26 Jun 2016 08:15 AM ඒක ඇත්ත අයියේ.බදින දේවල් වුනත් අපි ගෙදර කරන විදිය නෙමෙයිනෙ පිට අය කරන්නේ. 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jun 2016 06:28 PM Posted By hasithad on 26 Jun 2016 08:15 AM ඒක ඇත්ත අයියේ.බදින දේවල් වුනත් අපි ගෙදර කරන විදිය නෙමෙයිනෙ පිට අය කරන්නේ. මල්ලි හරි මල්ලි ......."අපි ගෙදර කරන විදිය නෙමෙයිනෙ පිට අය කරන්නේ" First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 24 Jul 2016 01:26 PM අඬු කෝප්පය ඔබේ ගැලවුම්කාරයා කරගන්න බර අඩුකරගැනීමේ වැඩසටහනකදී සුදුසු ආහාරවලින් ලබාගත හැකි ප්‍රමාණ බර අඩු කර ගැනීමේ වැඩසටහනක යෙදී සිටින කෙනෙක් නරක කෑම බීම වලින් කොපමණ වැළකී සිටියද තමාට හිතකර ආහාර පමණක් පරිභෝජනය කළ ද ගන්නා ආහාර ප්‍රමාණය ගැන නිසි අවධානයක් යොමු නොකළහොත් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වෙයි. සීනි සහ කොලෙස්‌ටරෝල් පාලනය කර ගත යුතු අය ස`දහාද එය එසේමය. එමනිසා ආහාර ප්‍රමාණ ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමත් ඒ අනුව පිළිපැදීමත් අත්‍යවශ්‍ය වෙයි. මෙහිදී තමාට ලබා ගැනීමට ඉඩ ඇති කැලරි ප්‍රමාණය ඉක්‌මවා නොයන සේ ආහාර ලබාගැනීමට සිදු වෙයි. සාමාන්‍යයෙන් මෙය දිනකට කිලෝ කැලරි 1500 නොඉක්‌මවිය යුතුය. තරබාරු බව බරපතල නම් දිනකට කිලෝ කැලරි 1000 නොඉක්‌මවීම වඩාත් සුදුසුය. මෙම කැලරි සීමාවන් ඉක්‌මවා නොයන සේ එක් එක් ආහාර වර්ගය කිරා මැන බලමින් පාවිච්චි කිරීම කිසිසේත්ම ප්‍රායෝගිකව කළ හැකි කටයුත්තක් නොවේ. එය ඉතා සංකීර්ණ සාමාන්‍ය මහජනයාට තබා වෛද්‍යවරයෙකුටවත් කළ නොහැකි කාර්යයකි. එහෙත් සාම්ප්‍රදායික බර අඩු කර ගැනීමේ වැඩසටහන් වල එම ප්‍රායෝගික දුෂ්කරතාව ඇතුළත් වී තිබෙනු බොහෝ විට දැක ගත හැකිය. එම වැඩසටහන් අසාර්ථක වීමට එක් ප්‍රබල හේතුවක් වන්නේ ද එය යි . මෙහිදී පෙර ස`දහන් කළ පරිදි සෑම ආහාර වර්ගයක්‌ම මැන ආහාරයට ගන්නට ගියහොත් එය ඉතාම දුෂ්කර කාර්යයක් වන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකිවන්නේද නැත. නමුත් බත් අනිවාර්යයෙන්ම මැනගැනීමෙන් පසුව ආහාරයට ගත යුතුය. මක් නිසාද යත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන පිෂ්ඨ ප්‍රභවයද ප්‍රධාන ශක්‌ති ප්‍රභවයද බත් වන නිසාය. බත් මැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පොල්කටු හැන්දය. නමුත් එය සුදුසු නොවන්නේ විවිධ ප්‍රමාණයේ පොල්කටු හැ`දි තිබෙන නිසාවෙනි. එම නිසා සෑම නිවසකම ඇති විශේෂයෙන් මිලදී ගන්නට අවශ්‍ය නොවන නිශ්චිත මිම්මක් අපි මේ ස`දහා භාවිතා කරමු. එම මිම්ම වන්නේ අ`ඩු කෝප්පයයි. මේ වන විට වෙළ`දපොලේ විවිධ ප්‍රමාණයේ අඩුකෝප්පද ඇතත් අප මෙහිදී භාවිතා කරන්නේ පීරිසි අඩුකෝප්ප කට්‌ටලයේ සාමාන්‍ය ප්‍රමාණයේ අ`ඩුකෝප්පය හෙවත් 200 පක පරිමාව සහිත සම්මත අ`ඩුකෝප්පය යි. ''බර අඩුකරගැනීමේ වැඩසටහනක යෙදී ඉන්නා අයට දවසටම ආහාරයට ගත හැක්‌කේ රතුනාඩු බත් කපාපු අ`ඩුකෝප්ප තුනක් පමණි'' අප ඉහතින් විශේෂ අවධාරණයන් සමගින් ස`දහන් කළ වාක්‍යය මෙම වැඩසටහනේ වාක්‍යය අතරින් වැදගත්ම එසේම පිළිපැදිය යුතුම වාක්‍යය වෙයි. එය පිළිපැද්දේ නැතිනම් අන් සියල්ල පිළිපැද්දත් අපට නිසි ප්‍රතිඵල නොලැබේ. අපට දිනකට ගැනීමට ඉඩ ඇති බත් කපාපු අඬුකෝප්ප 3 කෙනෙකුට තුන් වේලටම එක බැගින් සම සමව ආහාරයට ගත හැකිය. ශ්‍රී ලාංකිකයෝ සාමාන්‍යයෙන් දවල්ට ටිකක් වැඩිපුර ආහාර ගැනීමට රුචිකත්වයක් දක්‌වති. එවැනි අයට උදේට අ`ඩුකෝප්පයෙන් එකක්‌ද දවල්ට එකහමාරක්‌ද රෑට භාගයක්‌ද වන සේ බත් තෝරාගත හැකිය. මෙහිදී පහත දැක්‌වෙන ප්‍රධාන නීති දෙක බර වැඩි අය පිළිපැදිය යුතුය. 1. දවසේ බත්වල එකතුව කපාපු අ`ඩුකෝප්ප 3 නොඉක්‌මවීම. 2. රෑට නොකා සිටීමෙන් වැළකීම. අපේ රටේ ජනතාව බත් විශාල ප්‍රමාණයක් තෙල් සහ මිටිකිරි විශාල වශයෙන් යෙදූ එළවළු ව්‍යාංජන සුළු ප්‍රමාණයක් සමග ආහාරයට ගෙන බඩපුරවාගන්නට හුරු වී ඇත. එම නිසා අප නිර්දේශ කර ඉදිරිපත් කළ බත් ප්‍රමාණයෙන් බඩ පුරවාගත හැකිද? යන ප්‍රශ්නයට සෑමදෙනාම පාහේ මැදිවේ. එසේම ''ඔහොම කෑවොත් අපට ගැස්‌ට්‍රයිටිස් හැදෙයි'' ''ඔහොම කාලා අපට නින්ද යයිද?'' ''ඔහොම බඩගින්නෙ ඉන්න පු`එවන් කාටද?'' ''ඔහොම කෑවොත් අපට ශක්‌තිය ඇතිවෙයිද?'' ''ආයෙ නම් ආත්මෙට බඩ පුරව ගන්ඩ හම්බ වෙන්නෙ නෑ'' ''බඩගින්නෙ වේලි වේලි තමයි දැන් ඉතින් ඉන්න වෙන්නෙ'' ආදී තවත් ප්‍රශ්න සහ උභතෝකෝටික අදහස් රාශියක් පැන නැගෙයි. එසේ පැන නැගෙන ප්‍රශ්න ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්න බව අපි පිළිගනිමු. මක් නිසාද යත් බත් අධික ප්‍රමාණයක් ගැනීම දැන් ඔවුන්ගේ පුරුද්ද බවට පත් වී ඇති නිසාය. අප කියන්නට යන මෙම කාරණය ඔබ ඉතාම හො`දින් තේරුම් ගන්න. ''කිසිම කෙනෙකුට කොයිම වෙලාවකවත් බඩ පුරවාගන්නට එපා යෑයි අප උපදෙස් දෙන්නේ නැත'' අප පවසන්නේ වෙනදා පුරුද්දට අධික බත් ප්‍රමාණයක් බෙදා නොගෙන, අප කථා කළ හො`ද ආහාර වර්ග හො`ද විදිහට හදාගෙන ඒවායින් පංගුව පුරවාගෙන බඩ පුරවා ගන්නා ලෙසටය. එසේ නම් බර අඩු කරගැනීමේ මූලික අරමුණට බාධා නොවන සේ බඩද හො`දින් පුරවා ගැනීමට බර වැඩි සහ තරබාරු අයට පු`එවන. ඒ ස`දහා තමාගේ බත්පත වැඩිපුර පුරවා ගත යුත්තේ තැම්බූ එළවළු, දියකිරට පිසු එළවළු සහ පලා , එළවළු සහ පලාවර්ගවලින් අහිතකර නොවන ලෙස සාදාගත් සලාද, සම්බෝල, මැල්ලුම් ආදියෙනි. එවැනි හො`ද දේවල් හො`ද විදිහට සාදාගෙන පුරවාගත් පංගුව වෙනදාටත් වඩා විශාල වුවද ඉන් හානියක් වන්නේ නැත. උදේට බත් අ`ඩුකෝප්පයක් ගෙන දවල්ට බත් අ`ඩුකෝප්ප එකහමාරක් ආහාරයට ගන්නා කෙනෙකුට එදින රාත්‍රී ආහාරයට ඉතුරුවන්නේ බත් අ`ඩුකෝප්ප බාගයක් පමණි. එම බත් අ`ඩුකෝප්ප බාගයෙන් වුවද අපට බඩ පුරවාගත හැකි ක්‍රමවේදයන් තිබේ. ඒ ස`දහා එක් ඉතා ප්‍රායේගික නිදසුනක් මෙසේය. බඩ ඉතා හො`දින් පුරවාගෙන පෝෂණයත් තහවුරු කර ගැනීමට සලාදයක් ¾ ග්‍රෑම් 500 ක පිපිඤ්ඤා ගෙඩියකින් භාගයක්, ලොකු තක්‌කාලි ගෙඩියක්, ලොකු බී ලුනු ගෙඩියක් සහ මාළු මිරිස් හෝ අමු මිරිස් කරලක් දෙකක් ගන්න. ඔබට ගෙවත්තෙන් පහසුවෙන් නෙලාගත හැකි ගොටුකොල, මුකුණුවැන්න වැනි පලාවකින් මිටක්‌ද එක්‌කර ගන්න. දැන් ඔබ ළ`ග එළවළු වර්ග 5 ක් ඇත. මේවා හො`දින් සෝදා පිරිසිදු කර කැමති හැඩයකට කපාගෙන පි`ගානක අසුරාගන්න. මෙයට දෙහිගෙඩියකින් භාගයක් මිරිකන්න. මිරිස්‌කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අවශ්‍ය පමණට එකතු කරගන්න. රස ගුණ වැඩිකර ගැනීමට උම්බලකඩ ටිකක්‌ද එකතු කර ගත හැකිය. උම්බලකඩ නැති අයට මෙන්ම තියෙන අයට නැති වෙලාවට හාල්මැස්‌සෙක් කර කර කුඩු කර මෙයට එක් කළ හැකිය. මෙය අනාගත් විට විශාල ප්‍රමාණයේ රසවත් ගුණවත් එසේම පෝෂණ විද්‍යාත්මක මූලධර්ම පිළිපදිමින් සකස් කර ගත් සලාද පි`ගානක් ඔබට ලැබේ. මෙම සලාද පි`ගාන සමග ඉහත කී බත් අ`ඩුකෝප්ප භාගය ආහාරයට ගත්තද ඔබගේ කුස පිරෙනු ඇත. මෙයට තවදුරටත් හුරුල්ලෙක්, සාලයන් දෙදෙනෙක්, හාල්මැස්‌සන් කිහිප දෙනෙක් හෝ ලොකු මාළු නම් මධ්‍යම ප්‍රමාණයේ කැබැල්ලක් නරක නැති විදිහට පිසගෙන එකතු කර ගත හැකිය. ඊටත් අමතරව මෙම ආහාර වේලට දියකිරට පිසූ පරිප්පු, මුංඇට වැනි පියලි වර්ගයකින් මේස හැන්දෙන් දෙකක්‌ද එකතු කර ගත හැකිය. එවිට ඔබේ කුස අධික බත් ප්‍රමාණයකින් තොරව වුවද ඉතාම හො`දින් පිරෙන බවට සැක නැත. එසේම පෝෂණ ගුණයෙන් අනූන විවිධත්වය උපරිම වන අයුරෙන් ආහාර ප්‍රභව තෝරාගත් නිසා සිරුරට අවශ්‍ය පෝෂණයේ අඩුවක් වන්නේද නැත. මෙලෙස ආහාර ගැනීමෙන් පවා බඩ පුරවාගත නොහැකි අයට වතුර වීදුරුවක් පානය කිරීමෙන් තවදුරටත් බඩ පුරවාගත හැකිය. එවිටත් නොපිරෙන බඩ සහ බඩටත් වඩා නොපිරෙන සිත පුරවාගැනීමට අර්ධ වශයෙන් ඉදුණු පලතුරක් අතුරුපස ලෙස ආහාරයට ගත හැකිය. අපේ රටේ අය වැඩිපුරම ආහාරයට ගන්නා පලතුර කෙසෙල්ය. දියවැඩියා රෝගියෙකුට අර්ධ වශයෙන් ඉඳුණු තරමක කෙසෙල් ගෙඩි වන ඇඹුල්, සුවෙ`දල් , සීනි වැනි කෙසෙල් ගෙඩි තුනක් දිනකට ආහාරයට ගත හැකිය. මෙහි අරුත වන්නේ සෑම ආහාර වේලකටම පසුව කෙසෙල් ගෙඩියක් ආහාරයට ගත හැකි බවයි. වරකට කුඩා අඹ ගෙඩියක්‌ද විශාල ප්‍රමාණයේ අඹ නම් භාගයක්‌ද එකතු කර ගත හැකිය. පැපොල් මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් කාලක් වරකට ආහාරයට ගත හැකිය. අන්නාසි මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් වරකට හයෙන් පංගුවක් ආහාරයට එකතු කර ගත හැකිය. පැණි කොමඩු මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් අටෙන් පංගුවක් ආහාරයට එකතු කර ගත හැකිය. පේර, වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, කාමරංගා, ජම්බු, දම්, නමිනං, කජුපුහුලන්, අනෝදා වැනි පලතුරුවලට සීමාවක් අවශ්‍ය නොවන අතර සෑහීමට පත් වන පමණින් ආහාරයට එකතු කර ගත හැකිය. ආහාර පාලනයේ ප්‍රධාන සැකිල්ල අප මේ වන විටත් සාකච්ඡාකොට ඇත්තෙමු. එහෙත් බර අඩුකරගැනීමේ ආහාර පාලනයක යෙදී සිටින අයට ආහාර පිළිබ`දව තවත් අතුරු ප්‍රශ්න රාශියක් පැන නගින බව අප ප්‍රායෝගිකව දන්නා බැවින් එම ප්‍රශ්නවලටද නිසි පිළිතුරු සාකච්ඡා කළ යුතු වෙමු. එවැනි අතුරු ප්‍රශ්න කීපයක් නම් කොස්, දෙල්, අල, බතල හො`දද? , තේ බොන්නෙ කොහොමද?, අතරට බඩගින්නක් ආවොත් මොකක්‌ද කරන්නෙ?, රෑට ඉ`දිආප්ප, ආප්ප එහෙම කනAන හො`ද නැද්ද?, කඩල, කව්පි, මුංඇට උදේට කොච්චර කන්න පුළුවන්ද, කජු, රටකජු ආදිය හො`දද?, කොළ කැ`ද හො`දද? ආදියයි. ආහාර පිළිබ`ද ඔබට එළඹිය හැකි එවැනි අතුරු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු අපි ඊළ`ග සතියේ සාකච්ඡා කරමු. වෛද්‍ය පාලිත සමන් ජයකොඩි 0 samanthaMost Senior MemberPosts:13190 24 Jul 2016 09:05 PM කට පාලනය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.. බොහොමත්ම ස්තූතියි නංගී මේ වැදගත් ලිපියට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 30 Jul 2016 09:29 PM කොන්දේ අමාරුවට හේතු ගොඩක් ශරීරයේ සෙම ගතිය වැඩි වූ විට බෙල්ල ආශ්‍රිතව වේදනාවක් කැක්කුමක් ඇතිවෙන බවට ඇතැමුන් අතර මතයක් තිබුණත් එහි කිසිඳු සත්‍යතාවයක් ඇත්තේ නෑ. එහෙත් ශරීරයේ සෙම අධික වී අධික කැස්සක් මතු වූ විට එම කැස්ස නිසා බෙල්ලේ මාංශ පේෂි ඇදීමෙන් බෙල්ල ආශ්‍රිතව වේදනාවක් ඇතිවෙන්න පුළුවනි. පසුගිය සතියේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන කැක්කුම් වේදනාවන් පිළිබඳ තොරතුරු කතා බහ කළා ඔබට මතක ඇති. අද ලිපියෙන් තව දුරටත් ඒ ගැන තොරතුරු විමසා බලමූ. බෙෙල්ලෙන් පටන්ගෙන විදුලි සැරයක් වදින්නාක් මෙන් අත දිගට වේදනාවක් ඇතිවීම බොහෝ දෙනෙක් පීඩා විඳින තවත් රෝගී තත්ත්වයක්. මෙය හඳුන්වනු ලබන්නේ Radiculopathy නමින්. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ බෙල්ල වැරැදි ඉරියව්වල බොහෝ වේලාවක් තබා ගැනීමයි. බෙල්ල නිසි අයුරින් තබාගන්නේ නැතිනම්, බෙල්ල අවශ්‍ය පමණට වඩා ඉදිරියට තබාගෙන බොහෝ වේලාවක් සිටියහොත් සිදුවන්නේ බෙල්ලේ මාංශ පේෂි සහ තන්තු ඇදීමකට ලක්වීමයි. එහිදී දැඩි වේදනාවක් ඇති වෙනවා. කාලයක් තිස්සේ මෙලෙස වැරැදි ඉරියව්වක බෙල්ල තබාගෙන සිටින විට මාංශ පේෂිවල සහ තන්තුවල වෙනස්කම් සිදුවී බෙල්ලේ කැක්කුම දිගින් දිගටම ඇතිවීමට පටන් ගන්නවා. එසේම නිතර බෙල්ල ඉදිරියට නවාගෙන සිටින විට අන්තර් කශේරුකා මඩලට පීඩනය වැඩිවී එය වටා තිබෙන තන්තු කැඩීමට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ ඇතුළත තිබෙන ජෙලි වැනි ද්‍රව්‍ය, ටියුබයකින් දත් බෙහෙත් කාන්දු වන්නා සේ පිටතට කාන්දු වීමයි. එම ජෙලි වැනි ද්‍රව්‍ය මොළයේ සිට බෙල්ල හරහා අත දිගේ යන ස්නායුවල තැවරුණු විට ඇතිවන්නේ අධික වේදනාවක්, කැක්කුමක්. බෙල්ලේ සිට අත දිගට ගමන් කරන විදුලි සැර වදින්නාක් වැනි වේදනාවට හේතුව එයයි. එය පැහැදිලි ලෙසම වැරැදි ඉරියව්වක බෙල්ල තබාගෙන සිටීමේ ප්‍රතිඵලයක්. Radiculopathy රෝගී තත්ත්වය අද සමාජයේ ඉතා බහුලයි. Spondylosis නම් රෝගී තත්ත්වය උත්සන්න වී කාටිලේජ ගෙවීම දරුණු වූ විටත් මෙම Radiculopathy නම් තත්ත්වය ඇති වෙනවා. මෙම රෝගයේ විශේෂ ලක්ෂණය බෙල්ලේ කැක්කුමක් සමඟ බෙල්ලෙන් පටන්ගෙන අත දිගේ ගමන් කරන විදුලි සැර වදින්නාක් මෙන් වේදනාව වුවත් බෙල්ලේ කැක්කුමක් නැතිව වුවද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. බෙල්ලේ ඇතිවන අනෙකුත් ආබාධයන්ට වඩා මෙම රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ ඉහත රෝග ලක්ෂණ පහළ වූ සැණින් වෛද්‍යවරයකු වෙත යොමු වීමයි. මෙහිදී ප්‍රතිකාර පමා වීම අතෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වීමට පවා හේතු වෙන්න පුළුවනි. Radiculopathy රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් අත්වල ඇති ස්නායුවලට පමණක් නොව පාදවල ඇති ස්නායුවලටත් බලපෑම් එල්ල වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියාගේ තත්ත්වය Myelopathy නම් තත්ත්වයට පත්වීමයි. මෙම රෝගය බොහෝ විට ඇතිවන්නේ වයස්ගත උදවියටයි. එහිදී ඇවිදීමට පවා අපහසු වෙනවා. එසේම මෙම තත්ත්වයේදී පොළොවේ ඇති ගල් කැටයක පැටළී පවා වැටීමට ඉඩ තිබෙනවා. මෙම රෝග තත්ත්වය උත්සන්න වූ විට පාද පණ නැතිවීමට පවා ඉඩ තිබෙනවා. Myelopathy සමාජයේ ඉතා දුර්ලභ රෝගයක්. ඒ අපගේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සහ කැක්කුම්වලට බලපාන ප්‍රධාන කරුණු. ඊට අමතරව බෙල්ල ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් රෝගය ද බෙල්ලේ වේදනාව කැක්කුම ඇතිවීමට හේතුවක්. විශේෂයෙන්ම Spondio arthritis නම් ආතරයිටිස් රෝගය මේ සඳහා හේතු වෙනවා. ක්ෂය රෝගය විෂබීජය බලපාන්නේ ස්වසන පද්ධතියට පමණක් බව බොහෝ දෙනෙක් සිතුවත් එම විෂබීජයේ බලපෑම කොඳුඇට පෙළ ආශ්‍රිත අස්ථි පද්ධතියටත් තිබෙනවා. එසේම බෙල්ලේ අස්ථිවලටත් ක්ෂය රෝගය විෂබීජය ආසාදනය විය හැකියි. එවිටත් බෙල්ල ආශ්‍රිතව අධික වේදනාවක් දැනෙනවා. බෙල්ල ආශ්‍රිතව වේදනාවන් ඇතිවීමට බලපාන තවත් දුර්ලභ හේතුවක් වන්නේ, ගෙල ආශ්‍රිතව ඇතිවන පිළිකාවන්. හදිසියේම එකවර බෙල්ල චලනය කිරිම නිසා ද ඒ ආශ්‍රිතව වේදනාවක් ඇති වෙනවා. එය සිදුවන්නේ බෙල්ලේ මාංශ පේෂියක්, කාටිලේජයක් හෝ තන්තුවක් ඇදුණු විට එහි බිඳීමක් සිදුවන නිසයි. එය එම ස්ථානයේ ආසාදිත තත්ත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකියි. හදිසි ගැස්සීමකදී හෝ හදිසි චලනයකදී බෙල්ලේ වේදනාවක් ඇතිවන්නේ එතැන් පටන්. බෙල්ලේ තන්තුවල එවැනි තත්ත්වයක් මතු වූ විට ඒ අවට ඇති මාංශ පේෂි ගණ වෙනවා. ඉන් පසුව බෙල්ල හරවාගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. බෙල්ලේ ඉතා කුඩා මාංශ පේෂි කොටසක් හෝ තන්තුවක් ඇදීමකට ලක්වූ විට විශාල කැක්කුමක් ඇතිවන්නේ ඒ නිසයි. බෙල්ල ආශ්‍රිතව ඇතිවන සියලුම වේදනාවන් සඳහා අද ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ රෝගය නිවැරැදිව හඳුනා ගැනීමයි. බෙල්ලෙහි කැක්කුමකදී වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා තිබෙනවා. බෙල්ලෙහි කැක්කුම සමඟ අත දිගේ වේදනාවක් ගමන් කරනවාක් මෙන් දැනේ නම්, එය වහා ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථාවක්. එසේම බෙල්ලෙහි වේදනාව සමඟ ඇවිදීමට, වැසිකිළි යාමට, මුත්‍රා කිරීමට අපහසුවක් ඇත්නම් එය ද වෛද්‍යවරයකු වෙත වහා යොමු විය යුතු තත්ත්වයක්. එසේම කිසියම් හදිසි අනතුරකට පසුව බෙල්ලෙහි කැක්කුමක් ඇත්නම් එය ද වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයක්. ඊට අමතරව බෙල්ලෙහි කැක්කුමක් සමඟ උණ, කෑම අරුචිය, ඇඟ පණ නැති ස්වභාවය වැනි රෝග ලක්ෂණ පෙන්වයි නම්, එය ද වහා වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු තත්ත්වයක්. සාමාන්‍ය බෙල්ලෙහි කැක්කුමකදී උණු වතුරෙන් තැවීම මෙන්ම අයිස් කැට තැබීම ද වේදනාව සමනය කරගැනීමට ඉතාම සුදුසුයි. ගෙලෙහි ඇතිවන ආබාධ රෝගියා සමඟ කතා කිරීමෙන් හෝ පර්යේෂණ මඟින් වෛද්‍යවරයා හට නිවැරැදිවම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇතැම් විටක රෝගය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට M R I ස්කෑන් පරීක්ෂණයකට වූ ද රෝගියාව යොමු කිරීමට සිදු වනු ඇති. රෝගය හඳුනාගත් පසුව ඖෂධ, එන්නත්, ව්‍යායාම, භෞත චිකිත්සක ප්‍රතිකාර ආදිය මඟින් බෙල්ලෙහි වේදනාව සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ හැකියාව අද තිබෙනවා. ගාමිණි සුසන්ත බෙල්ල තබාගත යුතු නිවැරැදි ඉරියව් බෙල්ල තබාගත යුතු නිවැරැදි ඉරියව්ව එදිනෙදා වැඩ කටයුතු කරන විට බෙල්ල තබාගෙන සිටිය යුතු නිවැරැදි ඉරියව්වක් තිබෙනවා. වැරැදි ඉරියව්වකට බොහෝ කාලයක් පුරුදු වී සිටීමේ ප්‍රතිඵලය වන්නේ බෙල්ලේ තිබෙන මාංශ පේෂි, තන්තු, කශේරුකාවලට අධික ලෙස පීඩනයක් යෙදීමයි. නිවැරැදි ඉරියව්වකටනම් බෙල්ල සැම විටම තබාගත යුත්තේ හරි කෙළින්. බෙල්ල නිවැරැදි ඉරියව්වක පවත්වාගෙන සිටින විට නාසය තිබිය යුත්තේ මධ්‍ය රේඛාවේ. දෑස ද එකම මට්ටමක තිබිය යුතුයි. එසේම අපේ කන් දෙක උරහිසට උඩින් පිහිටිය යුතුයි. ප්‍රධාන වශයෙන්ම කොන්ද කෙළින් තබා ගැනීම ඉතාම වැදගත්. කොන්ද කෙළින් තබාගන්නේ නැතිනම්. බෙල්ල කෙළින් තබා ගැනීමට හැකි වන්නේ නෑ. බෙල්ලේ ඇතිවන වේදනාවන්ගෙන් මිදීම සඳහා වාඩිවී සිටින විටත්, පොතක් පතක් කියවන විටත්, ඇවිදින විටත් නිදාගන්නා විටත් නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. ගෘහිණියන් නිවෙසේ වැඩ කටයුතුවලදී බොහෝ වේලාවක් බිම බලාගෙන එක දිගට වැඩ කිරීමට පෙළඹී සිටිනවා. එය බෙල්ලේ ආබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක්. සැම විටම උත්සාහ කළ යුත්තේ බෙල්ල කෙළින් තබාගෙන වැඩ කිරීමටයි. එසේ නැතිනම් පැය 1/2කට විනාඩි 5ක් පමණ හිස කෙළින් තබාගෙන ඉරියව් වෙනස් කළ යුතුයි. පරිගණකයක වැඩ කරන අයෙක් නම්, පරිගණකයේ උඩ කෙළවර ඇහි බැමේ මට්ටමට තබා ගැනීම සුදුසුයි. එසේම පරිගණකය තබාගත යුත්තේ එක එල්ලේ මුහුණ ඉදිරිපිටයි. පරිගණකය පැත්තකට තබා ගැනීම සුදුසු වන්නේ නෑ. ඔබ පාසලක උගන්වන ගුරුවරියක නම්, තමාගේ බෙල්ල කෙළින් තබාගෙන ඇස් මට්ටමින් කළු ලෑල්ලේ ලිවීමයි සුදුසුය. ඔබ කොණ්ඩ සැකසුම් ශිල්පිනියක් නම්, ඔබට බොහෝ වේලාවක් එම කාර්යයේ එක දිගට නිරත වී සිටිය යුතු නිසා සුදුසු ආසනයක් භාවිත කිරීමෙන් දෑස් කෙළින් තබාගෙන වැඩ කිරීමට උත්සාහ ගත යුතුයි. රිය අනතුරකදී රිය අනතුරු බෙල්ලට හානි සිදුවන, බෙල්ලේ අධික වේදනාවක් ගෙන දීමට හේතු වන ප්‍රධාන සාධකයක්. රිය අනතුරුවලින් බෙල්ලට වන හානි බොහොමයක්, සීට් බෙල්ට් පැලඳීමෙන් වළක්වාගන්න පුළුවනි. එසේම කිසියම් පුද්ගලයකු රිය අනතුරකට ලක්වී වාහනයක් තුළ සිරවී ඇත්නම්, ඔහුව වාහනයෙන් එළියට ගන්නා විට ගෙල පැත්තකට හරවන්නේ නැතිව ගෙල තිබෙන ආකාරයෙන්ම එළියට ගැනීම ඉතා වැදගත්. කිසිම විටෙකත් රිය අනතුරකට ලක්වූ එවැනි පුද්ගලයකුගේ හිස පහතට වැටෙන සේ දෑත්වලින් සහ දෙපාවලින් පමණක් අල්ලා ඔසවාගෙන වාහනයෙන් එළියට ගැනීමත් එසේ පටවාගෙන රෝහලක් වෙත ගෙන යාමත් නොකළ යුතුයි. එම රෝගියාව වාහනයකට දමාගත යුත්තේ, රෝහලකට ගෙන යා යුත්තේ හිස තිරස්ව සිටින ආකාරයෙන් තබාගෙනයි. එසේ නොවුණහොත් සුසුම්නාවට හානි සිදුවී විශාල හානියක් රෝගියට සිදුවිය හැකියි. 0 hasithadSuper Senior MemberPosts:5795 02 Aug 2016 10:26 AM හොද දැනුවත් කිරීමක් අක්කේ. ස්තූතියි 0 You are not authorized to post a reply. Page 4 of 8 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner