You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Rosi
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Sep 2016 07:06 PM
නොදන්න දේවල් ටිකක් දැන ගත්තා ස්තුතියි රෝසි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 04:48 AM
මේ දතක් අපේ ගෙවල් ලග නංගි කෙනෙකුගෙ ඉවත් කරා
අහල බලන්න ඕනෙ අත් දැකීම් කොහොමද කියල
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Sep 2016 07:00 PM

දරුවාගේ උදෑසන ආහාරවේල ගැන වෙනස්‌ විදිහට හිතන්න... 

ලොකු අය වගේ පුංචි ළමයි උදේට බත්, පාන් කන්න ඒ තරම් කැමති නැහැ. ඒ නිසා අම්මලට සිද්ධ වෙනව එයාල වෙනුවෙන් වෙනස්‌ කෑමක්‌ හදල දෙන්න. මෙන්න මේ වගේ පෝෂ්‍යදායී සහ දරුවන් ප්‍රිය කරන ආහාර වේලක්‌ ඔබේ දරුවාට ලබාදෙන්න පුළුවන්නම් කවදාවත් අපේ රටේ දරුවන්ට පෝෂණ ඌනතාවය ඇතිවෙන එකක්‌ නැහැ. 

ඔයාට පුළුවන්ද යෝගට්‌ පාර්ෆේට්‌ හදන්න. මේකට ඕනි යෝගට්‌ එකක්‌ සහ පලතුරු කැබලි කිහිපයක්‌ පමණයි. ශීතකරණයේ තබා දරුවාට දෙන්න පුළුවන් මේ කෑම වේල පිසින්න අවශ්‍ය නැහැ. මෙය දරුවාගේ සෞඛ්‍යයට හිතකරයි වගේම දරුවාගේ ශක්‌තියත් වැඩි කරනවා. 

ඒ වගේම තමයි ටෝස්‌ කරගත් පාන් සමඟ පලතුරු මිශ්‍ර කරගත් ආහාර වේල. තිරිඟු පිටි පාන් ගන්නවනම් ඒවායේ බටර් තවරා කෙසෙල් ගෙඩි කැබලි වශයෙන් සකස්‌කර දරුවාට දෙන්න පුළුවන්. බටර්වලට අකමැති කෙනෙකුට නම් ඒකට වෙනත් පෝෂ්‍යදායී ආහාරයක්‌ භාවිත කරන්න පුළුවන්. 

සීරියල් වර්ගත් මේ කාලෙ ගොඩක්‌ ජනප්‍රියයි. දරුවොත් මේවගේ කෑම කන්න හරිම ප්‍රියයි. ශීතකරණයෙන් ඉවතට ගත්තු නැවුම් කිරි සමඟ සීරියල් ආහාරයට ගන්න පුළුවන්. කැමතිනම් පලතුරුත් එකතු කරගෙන ආහාරයක්‌ වගේම පානයක්‌ ලෙසත් අපිට සීරියල් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. 

ඔයාල දන්නවද හොදින් තම්බාගත් බිත්තරයක්‌ දරුවාට උදෑසන ආහාර වේල වශයෙන් එකතුකරගන්න ඉඩ දුන්නොත් ඒ තුළින් දරුවාගේ දෛනික ප්‍රොaටීන් අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම බිත්තර තම්බල කන්න අකැමැති දරුවන්ට ඔම්ලට්‌ විදියට බිත්තර ලබාදෙන්නත් පුළුවන්. එහෙම ලබාදෙනව නම් ඒකට ටෝස්‌ට්‌ කරගත්තු පාන් පෙත්තක්‌ එහෙම නැතිනම් පලතුරු කැබලිත් ඔයාට එකතු කරගන්න හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාගෙ බබාගෙ උදෑසන ආහාර වේල සකස්‌ කරගන්න පුළුවන්නම් දරුවට පෝෂණ ඌනතාවය තියනව කියල වෛද්‍යවරු ඔබට චෝදනා කරන එකක්‌ නැහැ. ඒ වගේම දරුවත් වෙනද නැති කැමැත්තකින් කෑම වේල රස විඳියි. ඔයත් මේ දේවල් අත්හදා බලන්නකො. ලොකු වෙනසක්‌ දකින්න ලැබෙයි ටික දවසකින්ම. 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Sep 2016 11:01 AM
මොනවා කලත් අපේ එක්කෙනා නම් කන්නෙම නෑ.
අප්පිරියා වෙනවා කවන්න ගියාම.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Sep 2016 03:22 PM

පළතුරු සහ ගුණ

 

 

 

 

 

 

 

 

 

0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
20 Sep 2016 08:09 PM
Posted By Rosi on 20 Sep 2016 03:22 PM

පළතුරු සහ ගුණ

 

 

 

 

 

 

 

 

 


ස්තූතියි රෝසි අක්කේ වටිනා තොරතුරු රැසක් ගෙනාවට.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Sep 2016 08:54 PM
වෙරලු තමයි මම ආසම ...වෙරලු අච්චාරුව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 12:55 AM
අලි පේර තමා මම නම් ආසම මොන ලොකේ ගියත් බොනවා.ස්තුති ලිපියට නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 04:43 AM
මම මෙත ආස නැති එකයි තියෙන්නෙ ඒ තමයි ලාවුලු
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Sep 2016 10:41 AM
මටත් නම් ලාවුලු හරි නෑ.ඒකෙ පිටි ගතිය ඉතාම වැඩියි.ඒක හින්දා කන කොට අප්පිරියා වෙනවා.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 04:02 PM
අනේ මන් හින් දන් කාලා නැ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2016 09:02 PM
ඇයි අනේ දන් කැලවල් වල ගිහිල්ලම නැද්ද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Sep 2016 12:12 AM
දෙළුම් එහෙම මරු ඉතින්
ස්තුති විස්තර ටිකට
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Sep 2016 06:57 AM
Posted By Ind007ka on 22 Sep 2016 09:02 PM
ඇයි අනේ දන් කැලවල් වල ගිහිල්ලම නැද්ද ?


නැනේ අයියෝ 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Sep 2016 10:16 AM
දං මෙහෙනේ තියෙන්නේ.කාලා නෑ කිව්වට දෙන්න පුලුවන් ලගපාතකත් නෙමෙයිනෙ ඉන්නේ

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 02:17 PM
කහ මාමගේ ඇටේ පොලිෂ් ඛෑවෙ නැහැ ගොඩාක් කාලෙකින්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Sep 2016 02:13 PM

සුරතල් බළලා ඔබේ මාරයාය.

 

ඔබ බළලුන් සුරතල් කරන්නෙක්ද? එසේනම් ප්‍රවේශම්වන්න.  මන්ද ඔබේ සුරතල් බළලා ඔබේ මාරයා විය හැකි බැවිනි.

බළලුන් තුරුලු කර ගැනීමෙන් ඔවුන් නාසයට ළංකර ගැනීමෙන්, ඔවුන් සිප ගැනීමෙන් හා ඔවුන්ගේ සීරීම්වලින් මිනිසාට ලෙඩ රෝග බෝවෙයි. ඒ ලෙඩ රෝග බොහෝ විට මාරාන්තික වෙයි.

මේ කරුණු අනාවරණය වන්නේ ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ  මධ්‍යස්ථානය මගින් ඉතා පුළුල් වශයෙන් කරන ලද සමීක්ෂණයකිනි.

බළලුන් සහ ඉබාගාතේ යන සතුන් ඉතා ඉක්මනින් බැක්ටීරියා පැතිරවීමට සමත් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. වසර අටක් තිස්සේ කරන ලද මෙම සමීක්ෂණයේදී බළලුන් සීරීමේ සිදුවීම් දහතුන් දහසක් පරීක්ෂණයට ලක් කර ඇත. බළලුන්ගෙන් ඇතිවන ආසාදනය උණුසුම් ප්‍රදේශවලදී ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

එසේම වයස  අවුරුදු පහත් නවයත් අතර දරුවන් අතර මෙම ආසාදන පැතිර යාමේ අවදානම වැඩි බවද අනාවරණය වී ඇත. තම කුඩා දරුවන්ට බළලුන් සිප ගැනීමට, තුරුළු කර ගැනීමට ඉඩ නොදීමට දෙමාපියන් වග බලා ගත යුතුයයිද

සුරතල් සතුන් වශයෙන් බළලුන් ඇතිකරන  වැඩි හිටි අය පවා ඔවුන් අතපත ගෑමෙන් පසු විශබීජ නාශක යොදා අත් සෝදාගත යුතු බවද  වෛද්‍යවරු පවසති.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Sep 2016 02:18 PM

 

කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි

 

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනය  කර ඇත්තේ බටහිර ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි.

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ  මෘත්‍යුතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි. 

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇතිිෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘ෆ්ලේවනොයිඩ්ස් යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි. 

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති. 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Sep 2016 02:22 PM

දියවැඩියාව ආයු කාලය අඩුකරයි?

පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය පුද්ගලයකුගේ ආයූ කාලයෙන් වසර 12ක කාලයක් අඩු කරන බව නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණයේදී 1997 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ ඕස්ටේ්‍රලියාවේ සිටි පළමු දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන් තොරතුරු විශ්ලේෂණය කර ඇත.

සෑම වසරක්ම පාසා ලොව පුරා දරුවන් 78,000කට වැඩි පිරිසක් මේ ආකාරයෙන් රෝග චිකිත්සාවකට ලක් කළ ද 1990 සිට එම තත්ත්වයේ වර්ධනයක් වී නැතැයි එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

ඔවුන්ගේ ආයු කාලය වැඩි වී ඇත්තේ ඉතා සුළු අගයකිනි. එය එරට අනෙක් ජනතාවගේ ආයු අපේක්ෂාවට වඩා අඩු අගයකි. මෙල්බර්න්හි දියවැඩියා ආයතනය මෙම පර්යේෂණය සිදු කර ඇතග. එහිදි පළමු වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අයු අපේක්ෂාව සියයට 68.6ක් යැයි අනාවරණය වී ඇති අතර එය සාමාන්‍ය වැසියකුගේ ආයූ අපේක්ෂාවට වඩා වසර 12.2කින් අඩු බව අනාවරණය වී ඇතග

පළමු වර්ගයේ දියවැඩියා රෝගයට සිරුරේ ප්‍රතිශක්තීකරණයට පද්ධතියට වෙනස් කළ නොහැකි සාමාන්‍යයෙන් ළමා වියේදී ඇතිවන තත්ත්වයකි. පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඉන්සියුලීන් නිපදවීම නවත්වයි.

පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇති වීමට හේතු මෙතෙක් සොයාගෙන නොමැති අතර එය ජානවලින් පැමිණෙන බව පවසයි. දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය මෙන් ජීවන ක්‍රමය පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වයට බලපාන්නේ නැත.

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
26 Sep 2016 06:24 AM
Posted By Rosi on 25 Sep 2016 02:18 PM

 

කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි

 

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනය  කර ඇත්තේ බටහිර ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි.

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ  මෘත්‍යුතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි. 

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇතිිෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘ෆ්ලේවනොයිඩ්ස් යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි. 

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති. 

 

මෙහෙ ඇපල් කෑවොත් නම් ඉතින් ඈත් කර ගන්නව කෙසේ වෙතත් මරණය ලංකර ගන්න තමයි වෙන්නෙ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>