Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Nov 2016 02:17 PM by Rosi නිරෝගී දිවියක රහස් 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 8 << < 45678 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 26 Sep 2016 08:05 AM ලිපි 3ම කියෙව්වා අක්කේ. හොද දැනුවත් කිරීමක්. අක්කලාට ගහෙන් කඩපු ගමන් ගන්න පුලුවන් ඇපල් ඕන තරම්. හැබැයි මෙහෙ ඒවා නං වහ ගොඩක්. 0 RosiSuper Senior MemberPosts:5335 26 Sep 2016 06:29 PM නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා මේ දේවල් වෙනස් කරගන්න ඔබටත් පුළුවනිද ? අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ටිකක් විතර මහන්සි වෙන්න වෙනවා. ලෙඩක් හැදෙන්න කලින් ඒක වළක්වා ගන්න නම් අනිවාර්යෙන්ම වැරදි පුරුදු වලින් මිදෙන්න වෙනවා. කෙනෙකුගේ ජීවන පුරුදු එයාගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක්. වර්තමානයේ ගොඩක් අය ගත කරන්නේ සෞඛ්‍යයට හිතකර ජීවන රටාවක් නෙවෙයි. ඒ නිසා අපි අද ඔයාලට කියන්නෙ මෙන්න මේ පුරුදු ඔයාලගේ ජීවිතේ තියෙනව නම් ටිකෙන් ටික ඒ දේවල් වලින් ඈත් වෙන්න කියලා. පොඩ්ඩක් බලන්න ඔයාලට මේ දේවල් කරන්න පුළුවන්ද කියලා. ලුණු භාවිතය සීමා කරන්න අධික ලෙස ලුණු භාවිතා කිරීම අධි රුධිර පීඩනය ඇතිවෙන්න හේතුවක් කියලා සමහර අය දන්නෙ නැතිව ඇති. කෙනෙක් දවසට ගන්න ඕන ලුණු ප්‍රමාණය ග්‍රෑම් හයක්. ඒ කියන්නෙ කැපූ තේ හැන්දක ප්‍රමාණයක්. අන්න ඒ නිසා අධිකව ලුණු අඩංගු ලුණු දෙහි, සෝස් හා පපඩම් වැනි ආහාර වර්ගවලින් ඈත්ව ඉන්න පුළුවන්නම් ඒක ගොඩක් හොඳ පුරුද්දක් වෙයි. සීනි භාවිතය අඩු කරන්න ඔබට හැකි සෑම වෙලාවකදීම සීනි භාවිතයෙන් තොරව ඉන්න පුරුදු වෙන්න ඕන. අපට දෛනිකව අවශ්‍යවන කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය සීනි වලින් නැතිව අනෙකුත් ආහාර වලින් සපුරාගන්න පුළුවන් නම් ඇත්තටම ඒක ජයග්‍රහණයක්. ඒ වගේම ඔබ නිතරම පැණිරස භාවිත කරන කෙනෙක්නම් සෞඛ්‍යයට හිතකර පැණි ආදී දේ භාවිත කරන්න පුළුවන්නම් හොඳයි. සාමාන්‍ය සීනිත් එක්ක සංසන්දනය කරනකොට පැණි එක තේ හැන්දක වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. කොහොම වුණත් සීනි භාවිතය අඩු කරනවනම් ඒක ඔබේ සෞඛ්‍යයට ගොඩක් හිතකර කාරණයක්. ශරීරයට අහිතකර රස හොයන්න යන්න එපා රසයේ කිසි වෙනසක් ඇති නොවෙන ආකාරයට යම් යම් ආහාර ශරීරයට හිතකර ආකාරයෙන් භාවිත කරන්න අපිට පුළුවන්. අල පෙති, අධි ශීතකළ පළතුරු, යොදය සහිත කිරි පිටි වෙනුවට යොදය රහිත කිරි පිටි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්නම් හොඳයි. එයට අවශ්‍ය වන්නේ අපේ නිර්මාණශීලී හැකියාව පමණයි. 0 indika76Most Senior MemberPosts:10449 26 Sep 2016 09:39 PM රෝසි නංගී කියලා තියෙන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Sep 2016 10:32 PM ලුණු දෙහි නම් නිතරම කනවා. ඔය කියන විදියට ඒකත් සීමා කරන්න වෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 26 Sep 2016 11:16 PM ලුණු කැපු තේ හැන්දක් කෑම වේල් 3 ට වැටෙනවද ? පපඩම් නම් කනවා හැමදාම ... ටිකක් විතර පැණි රසට තේ 3 ක් පෙවෙනවා දවසට.. Business, you know, may bring money, But friendship hardly ever does. 0 hasithadSuper Senior MemberPosts:5795 27 Sep 2016 10:09 AM මේ දේවලට හුරු වෙන්න අමාරුයි. උත්සාහ කලොත් බැරිත් නෑ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Sep 2016 12:29 PM මම නම් දැන් සීනි අඩු කලා. අපේ අම්ම බොන බෙහෙත් ප්‍රමානය දැක්කම බයේ බැහැ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 02:05 AM ලුණු සීනි නම් අඩු කරනවා හැබැයි අහිතකර කෑම බීම තමා අඩු කර ගන්න බැරැව ඉන්නේ 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 04:17 PM සොබාදහමට සමීප වෙමු- සෘතු චර්යාව අප ජිවත් වන ලෝකයේ ජීවී අජීවී සමස්ථයටම සෘතු විපර්යාසය බලපායි. සෘතු චර්යාව යනු එක් එක් සෘතුනට අනුව ජිවන චර්යාව සකසා ගැනීම වේ.අපරදිගයෝ සෘතු 4ක් අනුගමනය කරති.එනම් වසන්ත(Spring),ග්‍රීෂ්ම(Summer), ශරත්(Autumn),ශීත(winter) කාලයන්ය. පෙරදිගයන්ට අනුව අවුරුද්දට සෘතු 6කි. 1.වසන්ත = බක් /වෙසක් 2.ග්‍රීෂ්ම = පොසොන්/ඇසළ 3.වර්ෂා = නිකිණි/බිනර 4.සරත් = වප්/ඉල් 5.හේමන්ත = උදුවප්/දුරුතු 6.ශිශිර = නවම්/මැදින් මිනිසා ගන්නා වූ අහාර පාන ආදිය හේතුවෙන් මිනිසාගේ ආයුෂ ,බල,වර්ණය ,ආදිය වර්ධනය වේ. වර්ෂා හා ග්‍රීෂ්ම කාලය ශාරීරික හා මානසික වශයෙන් මිනිසුන් දුර්වල කෙරේ. සරත් ,වසන්ත කාලයේ මධ්‍යම බලයක්ද , හේමන්ත /ශිශිරයේ වඩාත් වැඩි බලයක්ද පවතී. 1.වසන්ත කාලය පිපුන මලින් හා පලතුරෙන් අවකාශය පිරීයන කාලයයි.අප රටේ නම් අටු කොටු සහලින් බරවන සමයයි.රට වැසියන්ගේ සිත් ප්‍රබෝධමත් වන කාලයයි.උද්‍යාන වල සැරිසැරිම හා විනෝද ගමන් සදහා උචිත වූ කාලය මෙයයි. හේමන්තයේ රැස්වූ සෙම කෝප වී සිරුරේ රෝග උපදවාලන බැවින්,ධූම පානය(ඖෂධීය),අදුන් ගෑම,උණු දිය භාවිතය,සුදුසුය.දහවල නිදීම සුදුසු නැත. මේ කාලයේ පැපොල,සරම්ප ,පිඩකා සහිත වසන්ත රෝග හට ගනී.එම නිසා බෝවන රෝග වලින් මිදීමට ,සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කල යුතුය. අල්ප මද්‍යසාර භාවිතය හා ඉගුරු තම්බා ගත් ජලය පානය යෝග්‍යය. ව්‍යායාම හා ජල ක්‍රීඩා සදහා සුදුසු කාලය මෙයයි.අගිල් ,කපුරු ,සදුන් ආලේප කර ස්නානය සුදුසුයි.කැවිලි වර්ග,ඇබුල් ආහාර,පැණි රස අහාර ගැනීම යහපත්. 2.ග්‍රීෂ්ම කාලය මේ කාලයේදී සුර්ය කිරණ කෙලින්ම පොලවට පතිත වෙන කාලයකි.පරිසරයේ වියලි ස්වභාවයක් දක්නට ලැබේ.සෙම වියලී ,වා පිත් කෝප වේ. එබැවින් මත්පැන් පානය,ව්‍යායාම,කුළුබඩු යෙදු ආහාර, අච්චාරු වැනි අම්ල අහාර,කරවල වැනි ලවණ අහාර ගැනීම සුදුසු නොවේ. සිනි සහිත මීකිරි ,කොමඩු වැනි පලතුරු ආහාර මිහිරි දියාරු සිනිදු ආහාරයෝ ඉතා යහපත්ය. ළිං ජලය ස්නානය හා කුබුක් ගස් ආශ්රිත සිසිල් ජලයේ සිරුරේ උණුසුම පහවන තුරු ගිලි නෑම යහපත් වේ. මත්පැන්,ව්‍යායාම,දහවල නිදීම,උෂ්ණාධික නිවෙස් වල විසීම අයහපත්ය. වියලි දුවිල්ල වැඩි හෙයින් දහවල නිවෙස් වල වා කවුළු වසා රාත්‍රියට ඇරිය යුතුය. මේ කාලයේ දද, දහදිය බිබිලි වැනි හමේ රෝග ඇතිවේ. දහදිය බිබිලි සදහා රත්මල්,ගන්සුරිය ,පින්න ආදී කොළ තම්බා ස්නානය සුදුසුය.රෙදි කඩක් තෙමා ශරීරය වරින් වර පිස දැමීම සුදුසුයි. වද මල්,බෙලි මල්,රණවරා ආදී ඖෂධීය පානය ඉතා සුදුසුය. තේ ,කෝපි වර්ජනය කරන්නේ නම් මැනවි. 3.වර්ෂා කාලය ඇළ දොළ ජලයෙන් පිරි යන කාලයයි . බඩගින්න අඩු වන අතර ,එබැවින් ශරීරය දුර්වල වේ.වර්ෂාව ,බිමින් නගින ජල වාෂ්ප හේතුවෙන් වා පිත් සෙම් ආදී වූ තුන් දොස කිපී යයි. එමනිසා දිය මුසු ආහාර,(කොමඩු,මීකිරි) ,ශීත ආහාර අනුභවය,දහවල් නින්ද,ව්‍යායාම,අවුවේ ගමන් යෑම,ආදී දේ අහිතකරය. වැසි සහිත සිතල දින වලදී ශරීරයේ අග්නිය සුරකිමට,අම්ල,ලවණ බහුල ආහාර ගැනීම,උණුදිය භාවිතය සුදුසුය.පවිත්‍ර සියුම් වස්ත්‍ර ඇදීම හා කහ ඇග ගැල්විම සුදුසුය.බුදු දහමේ පවා මේ කාලයේදී භික්ෂුන් සදහා පරිහරණයට ,”” වැසි සළුව” නම් වෙනම රෙදි කඩක් නිර්දේශ කර ඇත.දහවල වා කවුළු වසා තබා රාත්‍රියට ඇරිය යුතුය. ළිං ජලය හා වර්ෂා ජලය උණු කොට පානය කල යුතුය.සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය. 4.සරත් කාලය ගස් වැල් මලින් බරය ,අහස වලාකුළු වලින් බරය.රුක් අත්තන මල් පිපි සුවද හමන කාලය මෙයයි.මේ කාලයේ විශේෂ ලක්ෂණය නම් ,වර්ෂා කාලයේ රැස් වූ පිත සරත් කල ප්‍රකාශයට පත් වීමයි.එබැවින් පිත සංසිද වන අහාර හා විහරණ මගින් පිත් රෝග සැදීමෙන් ආරක්ෂා විය හැක. මිහිරි වුත් කසට වූත් අහාර පාන ගැනීම හා ඔසු පැන්,බාර්ලි ,සවි පානය විශේෂයෙන් කිතුල් පිටි කැද යහපත්ය.සැවන්දරා ,සුදු හදුන් යෙදු ජලය ස්නානය කුබුක් පොතු /කොලොම් කොළ අබරා ඇග ගල්වා ස්නානය යහපත්ය. රාත්රියේදී සද රැස් සේවනය යහපත් වේ. නෙලුම් මල් පිරි වැව් ජලය ස්නානය,නෙලුම් අල,කෙකටිය ,කොහිල වැනි ජලය ආශ්රිත අහාර ,පලා වර්ග වැඩිපුර අහාරයට ගැනීම,ජලජ මාංස,දීකිරි ,ගිතෙල් අහාර යහපත්ය. පිරිසිදු ඇදුම් ඇදිය යුතුය.අවු රැස් සේවනය අයහපත්ය. 5.හේමන්ත හා ශිශිර කාලය සිසිල් සුළන් හමන කාලයකි.දහවල කෙටිය.අහාරය වේගයෙන් දිරවයි.ශරීරය වියලි වන අතර ,සිතල වායුව වාත කෝප කරවයි.මාංශ වර්ග ගිතලෙන් පිස,අම්ල,ලවණ රස යොදා අනුභව කරන්න.පැණි රස , එළකිරි ,හකුරු ,මි පැණි, තෙල් භාවිතය,අලුත් සහල් බත් හා උණු දිය පානය යහපත්. මේ කාලයේදී ඖෂධිය තෙල් ඇග ගල්වා සම්බාහනය කිරීම,අවුව තැපීම,උණුසුම් ගෙවල් වල විසීම හා ඝන ඇදුම් උචිතය. එළිමහනේ ව්‍යායාම කිරීම,අලුත් ධාන්‍ය,පලා වර්ග සුදුසුය. අප බොහෝ දෙනා රෝගී වන්නේ වැරදි ආහාරපාන හා විහරණ නිසාය.එබැවින් එක් එක් සෘතුන් හිදී ඒ ඒ සෘතු චර්යා අනුගමනය කිරීමෙන් රෝග බොහොමයක් වලක්වා ගත හැක.ආයුර්වේදය යනු මිනිසාගේ නිරෝගිකම සුරකින විද්‍යාවකි. වර්තමානයේ අප රටේ සෘතුන්හි විෂමතා පවතී. විශේෂයෙන් ග්‍රීෂ්මය දරුණු වී ඈත,සිදු වන වන සංහාරය හමුවේ එක් ගසක් හෝ සිටු වීමෙන් මිනිසාට විදීමට සිදුවන පාරිසරික අසමතුලිතතා බොහෝ දුරට වලක්වා ගත හැක. 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 05:01 PM අපේ රටේ මේ සෘතු සේරම තියෙද අනේ. දැන්නම් සෘතු වෙනස් වීම හරියට වෙන්නේ නෑ පෑව්ල්ල තමා වැඩී. ඒන ඒන පැත්තට ගහ උළු අස්සා කිව්වලු. හී බොහොම ස්තූතියී රෝසි අක්කා. මම කියෙව්වා. බොහොම වැදගත් විස්තරයක් දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:32 AM රොසි ආච්චි දුන්නොත් වැදගත් දෙයක්ම තමා ඉතින් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 04:24 AM අවුරැද්ද ඔහේ ගෙවිල ගියාට මේව ගැ හොයල බලන්නෙ නැහැනේ නමුත් මිනිස් ක්‍රියාකාරකම් වැඩි වෙන්න වෙන්න මේ සෘතු මාසයන් වෙනස් වෙන අවස්ථාත නැතුවාම නෙවෙයි 0 DushanVeteran MemberPosts:2536 07 Oct 2016 04:37 AM Posted By Rosi on 06 Oct 2016 04:17 PM සොබාදහමට සමීප වෙමු- සෘතු චර්යාව අප ජිවත් වන ලෝකයේ ජීවී අජීවී සමස්ථයටම සෘතු විපර්යාසය බලපායි. සෘතු චර්යාව යනු එක් එක් සෘතුනට අනුව ජිවන චර්යාව සකසා ගැනීම වේ.අපරදිගයෝ සෘතු 4ක් අනුගමනය කරති.එනම් වසන්ත(Spring),ග්‍රීෂ්ම(Summer), ශරත්(Autumn),ශීත(winter) කාලයන්ය. පෙරදිගයන්ට අනුව අවුරුද්දට සෘතු 6කි. 1.වසන්ත = බක් /වෙසක් 2.ග්‍රීෂ්ම = පොසොන්/ඇසළ 3.වර්ෂා = නිකිණි/බිනර 4.සරත් = වප්/ඉල් 5.හේමන්ත = උදුවප්/දුරුතු 6.ශිශිර = නවම්/මැදින් මිනිසා ගන්නා වූ අහාර පාන ආදිය හේතුවෙන් මිනිසාගේ ආයුෂ ,බල,වර්ණය ,ආදිය වර්ධනය වේ. වර්ෂා හා ග්‍රීෂ්ම කාලය ශාරීරික හා මානසික වශයෙන් මිනිසුන් දුර්වල කෙරේ. සරත් ,වසන්ත කාලයේ මධ්‍යම බලයක්ද , හේමන්ත /ශිශිරයේ වඩාත් වැඩි බලයක්ද පවතී. 1.වසන්ත කාලය පිපුන මලින් හා පලතුරෙන් අවකාශය පිරීයන කාලයයි.අප රටේ නම් අටු කොටු සහලින් බරවන සමයයි.රට වැසියන්ගේ සිත් ප්‍රබෝධමත් වන කාලයයි.උද්‍යාන වල සැරිසැරිම හා විනෝද ගමන් සදහා උචිත වූ කාලය මෙයයි. හේමන්තයේ රැස්වූ සෙම කෝප වී සිරුරේ රෝග උපදවාලන බැවින්,ධූම පානය(ඖෂධීය),අදුන් ගෑම,උණු දිය භාවිතය,සුදුසුය.දහවල නිදීම සුදුසු නැත. මේ කාලයේ පැපොල,සරම්ප ,පිඩකා සහිත වසන්ත රෝග හට ගනී.එම නිසා බෝවන රෝග වලින් මිදීමට ,සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කල යුතුය. අල්ප මද්‍යසාර භාවිතය හා ඉගුරු තම්බා ගත් ජලය පානය යෝග්‍යය. ව්‍යායාම හා ජල ක්‍රීඩා සදහා සුදුසු කාලය මෙයයි.අගිල් ,කපුරු ,සදුන් ආලේප කර ස්නානය සුදුසුයි.කැවිලි වර්ග,ඇබුල් ආහාර,පැණි රස අහාර ගැනීම යහපත්. 2.ග්‍රීෂ්ම කාලය මේ කාලයේදී සුර්ය කිරණ කෙලින්ම පොලවට පතිත වෙන කාලයකි.පරිසරයේ වියලි ස්වභාවයක් දක්නට ලැබේ.සෙම වියලී ,වා පිත් කෝප වේ. එබැවින් මත්පැන් පානය,ව්‍යායාම,කුළුබඩු යෙදු ආහාර, අච්චාරු වැනි අම්ල අහාර,කරවල වැනි ලවණ අහාර ගැනීම සුදුසු නොවේ. සිනි සහිත මීකිරි ,කොමඩු වැනි පලතුරු ආහාර මිහිරි දියාරු සිනිදු ආහාරයෝ ඉතා යහපත්ය. ළිං ජලය ස්නානය හා කුබුක් ගස් ආශ්රිත සිසිල් ජලයේ සිරුරේ උණුසුම පහවන තුරු ගිලි නෑම යහපත් වේ. මත්පැන්,ව්‍යායාම,දහවල නිදීම,උෂ්ණාධික නිවෙස් වල විසීම අයහපත්ය. වියලි දුවිල්ල වැඩි හෙයින් දහවල නිවෙස් වල වා කවුළු වසා රාත්‍රියට ඇරිය යුතුය. මේ කාලයේ දද, දහදිය බිබිලි වැනි හමේ රෝග ඇතිවේ. දහදිය බිබිලි සදහා රත්මල්,ගන්සුරිය ,පින්න ආදී කොළ තම්බා ස්නානය සුදුසුය.රෙදි කඩක් තෙමා ශරීරය වරින් වර පිස දැමීම සුදුසුයි. වද මල්,බෙලි මල්,රණවරා ආදී ඖෂධීය පානය ඉතා සුදුසුය. තේ ,කෝපි වර්ජනය කරන්නේ නම් මැනවි. 3.වර්ෂා කාලය ඇළ දොළ ජලයෙන් පිරි යන කාලයයි . බඩගින්න අඩු වන අතර ,එබැවින් ශරීරය දුර්වල වේ.වර්ෂාව ,බිමින් නගින ජල වාෂ්ප හේතුවෙන් වා පිත් සෙම් ආදී වූ තුන් දොස කිපී යයි. එමනිසා දිය මුසු ආහාර,(කොමඩු,මීකිරි) ,ශීත ආහාර අනුභවය,දහවල් නින්ද,ව්‍යායාම,අවුවේ ගමන් යෑම,ආදී දේ අහිතකරය. වැසි සහිත සිතල දින වලදී ශරීරයේ අග්නිය සුරකිමට,අම්ල,ලවණ බහුල ආහාර ගැනීම,උණුදිය භාවිතය සුදුසුය.පවිත්‍ර සියුම් වස්ත්‍ර ඇදීම හා කහ ඇග ගැල්විම සුදුසුය.බුදු දහමේ පවා මේ කාලයේදී භික්ෂුන් සදහා පරිහරණයට ,”” වැසි සළුව” නම් වෙනම රෙදි කඩක් නිර්දේශ කර ඇත.දහවල වා කවුළු වසා තබා රාත්‍රියට ඇරිය යුතුය. ළිං ජලය හා වර්ෂා ජලය උණු කොට පානය කල යුතුය.සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය. 4.සරත් කාලය ගස් වැල් මලින් බරය ,අහස වලාකුළු වලින් බරය.රුක් අත්තන මල් පිපි සුවද හමන කාලය මෙයයි.මේ කාලයේ විශේෂ ලක්ෂණය නම් ,වර්ෂා කාලයේ රැස් වූ පිත සරත් කල ප්‍රකාශයට පත් වීමයි.එබැවින් පිත සංසිද වන අහාර හා විහරණ මගින් පිත් රෝග සැදීමෙන් ආරක්ෂා විය හැක. මිහිරි වුත් කසට වූත් අහාර පාන ගැනීම හා ඔසු පැන්,බාර්ලි ,සවි පානය විශේෂයෙන් කිතුල් පිටි කැද යහපත්ය.සැවන්දරා ,සුදු හදුන් යෙදු ජලය ස්නානය කුබුක් පොතු /කොලොම් කොළ අබරා ඇග ගල්වා ස්නානය යහපත්ය. රාත්රියේදී සද රැස් සේවනය යහපත් වේ. නෙලුම් මල් පිරි වැව් ජලය ස්නානය,නෙලුම් අල,කෙකටිය ,කොහිල වැනි ජලය ආශ්රිත අහාර ,පලා වර්ග වැඩිපුර අහාරයට ගැනීම,ජලජ මාංස,දීකිරි ,ගිතෙල් අහාර යහපත්ය. පිරිසිදු ඇදුම් ඇදිය යුතුය.අවු රැස් සේවනය අයහපත්ය. 5.හේමන්ත හා ශිශිර කාලය සිසිල් සුළන් හමන කාලයකි.දහවල කෙටිය.අහාරය වේගයෙන් දිරවයි.ශරීරය වියලි වන අතර ,සිතල වායුව වාත කෝප කරවයි.මාංශ වර්ග ගිතලෙන් පිස,අම්ල,ලවණ රස යොදා අනුභව කරන්න.පැණි රස , එළකිරි ,හකුරු ,මි පැණි, තෙල් භාවිතය,අලුත් සහල් බත් හා උණු දිය පානය යහපත්. මේ කාලයේදී ඖෂධිය තෙල් ඇග ගල්වා සම්බාහනය කිරීම,අවුව තැපීම,උණුසුම් ගෙවල් වල විසීම හා ඝන ඇදුම් උචිතය. එළිමහනේ ව්‍යායාම කිරීම,අලුත් ධාන්‍ය,පලා වර්ග සුදුසුය. අප බොහෝ දෙනා රෝගී වන්නේ වැරදි ආහාරපාන හා විහරණ නිසාය.එබැවින් එක් එක් සෘතුන් හිදී ඒ ඒ සෘතු චර්යා අනුගමනය කිරීමෙන් රෝග බොහොමයක් වලක්වා ගත හැක.ආයුර්වේදය යනු මිනිසාගේ නිරෝගිකම සුරකින විද්‍යාවකි. වර්තමානයේ අප රටේ සෘතුන්හි විෂමතා පවතී. විශේෂයෙන් ග්‍රීෂ්මය දරුණු වී ඈත,සිදු වන වන සංහාරය හමුවේ එක් ගසක් හෝ සිටු වීමෙන් මිනිසාට විදීමට සිදුවන පාරිසරික අසමතුලිතතා බොහෝ දුරට වලක්වා ගත හැක. හොද පැහැදිලි කිරීමක් බොහොමත් ස්තුති 0 gaminiVeteran MemberPosts:4475 07 Oct 2016 06:09 AM සොබාදහමට සමීප වෙමු- සෘතු චර්යාව හරිම වැදගත් අපි නොදන්නා දේවල් කොපමණද? ස්තුති අවන්කවම යමක් දැනගත්තා කියා නොබිවම කියනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 hasithadSuper Senior MemberPosts:5795 07 Oct 2016 09:55 AM අරක මේක කිව්වට මේ සෘතු කාල ගැන හරි දෙයක් දැන ගත්තේ අද. 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 03:05 PM තරුණ අය ‘ඇන්ටිබයොටික්ස්‘ ගැනීම අවදානමක් ඇන්ටිබයොටික්ස්‘ (ප්‍රතිජීවක) වැඩි වශයෙන් ගන්නා තරුණ දරුවන්ට නව යොවුන් වියේදී පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ පෙන්වාදෙති. ප්‍රතිජීවක ඖෂධවලින් ආමාශයේ ඇති ක්ෂුද්‍ර ජීවි පරිසර පද්ධතිය විනාශයට පත්වන කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම් සිදු කර ඇත්තේ ග්‍රීසියේ ඇතැන්ස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පාසලේ පර්යේෂකයෝ පිරිසකි. ප්‍රතිජීවක ඖෂධ ආමාශයේ ඇති ක්ෂුද්‍ර ජීවින්ගෙන් ලැබෙන ප්රතිලාභ අඩු කරන බවත් පෝෂපදාර්ථ සිරුරට අවශෝෂණය කර ගැනීම හා සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට ද අහිතකර බලපෑම් කරන එම පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ නිසා පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති කරන බවත් විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වයක් ඇතිවන බවත් පර්යේෂකයෝ අවධාරණය කරති. පූර්ව දියවැඩියා තත්ත්වයේදී රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යයි. එහෙත් එය දියවැඩියා මට්ටමට පැමිණෙන්නේ නැත. මේ තත්ත්වය දෙවැනි වර්ගයේ දියවැඩියාව, හදවත් රෝග හා ආඝාත ඇතිවීමේ අවදානම වැඩි කරයි. පූර්ව දියවැඩියාව ඇති පුද්ගලයන්ගෙන් සියයට 30කට පමණ වසර පහක් ඇතුළත දෙවැනි වර්ගයේ දියවැඩියාව අවදානමක් ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගතහොත් මේ තත්ත්වයෙන් මිදිමේ හැකියාව ඇත. පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බවට වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු තුනේ පසුවන විට එම වසරේදී තුන් වතාවකට වැඩියෙන් ප්‍රතිජීවක ගත් දරුවන්ය. 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 03:08 PM රස වුණාට බලාගෙනයි දිව පිනවන, සිත පිනවන ආහාර වේලක් ගත්තට ලොකු පොඩි කොයි කවුරුත් දක්වන්නේ අසීමිත කැමැත්තක්. සමහරුන්ට නම් ආහාර ප්‍රණීත ලෙස පිසීමේ හැකියාව සහජයෙන්ම ලැබී තිබෙනවා. ඒත් තවත් සමහරුන්ට නම් ඒ හැකියාව පිහිටලාම නෑ. ඒ නිසා, වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙක් තම ආහාරවේලට ක්ෂණික රසකාරක යොදා රසවත් කිරීමට දෙවරක් හිතන්නේ නෑ. “සුප් කැටත්” එවැනි රසකාරකයක්. ලෙහෙසියෙන් , පහසුවෙන් ආහාර රසවත් කරන මෙහි අන්තර්ගත දෑවලින්, සෞඛ්‍යයට වන අහිතකර බලපෑම පිළිබඳ ඔබ දැනුවත්ද? ප්‍රථම වතාවට 1908 වර්ෂයේදී ලෝකයට සුප් කැට හඳුන්වා දී තිබෙනවා. ඉන් අනතුරුව බොහෝ දෙනෙක් මෙහි ඇති සුවිශේෂී රසය හා පහසුව හේතු කරගෙන. දිගින් දිගටම මෙය පරිභෝජනය කරන්නට පෙලඹුණා. අධි සාන්ද්‍රණ ලුණු, මොනසෝඩියම් ග්ලූටමේට් (MSG), ෆාම් තෙල් , කැරමල් , වර්ණ කාරක, කුළුබඩු, මාංසමය රසකාරක, සෝයා සහ හයිඩ්රජනීකෘත තෙල් යනාදී අමුද්‍රව්‍ය භාවිත කර මේ සුප් කැට නිෂ්පාදනය කර තිබෙනවා. මොනසෝඩියම් ග්ලූටමේට් නමැති සංඝටකය අධික ලෙස අන්තර්ගතවී ඇති සුප් කැට, දීර්ඝ කාලිනව ආහාරවලට අඩංගු කර ගැනීමෙන් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිය අශ්‍රිත රෝගාබාධ සෑදීමට පුළුවන්. හිරි වැටීම්, කොලෙස්ට්‍රරෝල් මට්ටම ඉහළ යාම වැනි දේ සිදුවිය හැකි බව ද විදෙස් වෛද්‍ය පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, සුප් කැටවල අන්තර්ගත අධික ලුණු සාන්ද්‍රණය හේතුවෙන්, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවධානම බොහෝ සෙයින් වැඩි වී ඇති බව සොයාගෙන තිබෙනවා. පුද්ගලයෙක් දිනකට ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් (තේ හැන්දක ප්රමාණයකි). එහෙත්, සෑම ආහාරයකටම සුප් කැට එකතු කිරීමෙන්, දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය වැඩි වීමට පුළුවන්. දිනපතා සුප් කැට අහාරයට ගැනීමෙන් ඇතිවන රුධිර පීඩන තත්ත්වය, කාලයක් ගියවිට අංශභාග තත්ත්වයට පරිවර්තනය වීමට පුළුවන් බව දේශීය වෛද්‍ය පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. ඒ නිසා, අනවශ්‍ය ආකාරයෙන් ආහාර රසවත් කිරීමට සුප් කැට යොදා නොගෙන, ඉඳහිට භාවිත කළහොත්, සෞඛ්‍යයට වන බලපෑම අවම කරගත හැකියි. උපදෙස් - කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණ අංශයේ ප්‍රධානී,පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස සහ අන්තර්ජාලය ඇසුරිනි 0 සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 03:34 PM සුප් කැට වල කතාව නම් කලිනුත් අහලා තිබුනා අක්කේ. මම නම් ගෙදර පැත්ත පලාතටවත් ගේන්නේ නෑ. ස්තූතීයි රොසී අක්කේ ලිපියට. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 12:19 AM අපො අපි කොච්චර සුප් කැට කනවද, දැන්ම නවත්තන්න ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 04:25 AM අපි කොච්චර මේ දේවල් ගැන දැනුවත්ව සිටියත් හදිස්සියට, ඒ කියෙන අමුතු රසට මේව භාවිතා කරනවා ඇත්තටම අපිත් භාවිතා කරනවා. ඒ තියෙන රස ගන්න වෙන මොනව දැම්මත් ගන්න බැහැ ඒකයි අඩු කරන්න වෙනව මේ කියන දේවල් අනුව මේ භාවිතය 0 You are not authorized to post a reply. Page 7 of 8 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner