Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Feb 2017 05:35 PM by chamaramind වීර කැප්පෙටිපොල හා පුරන් අප්පු 21 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:26 PM වීර කැප්පෙටිපොල හා පුරන් අප්පු Posted by Amila Thushara On 07:35 සෙංකඩගල නුවර ඉංග්‍රීසීන්ට අයත් වීමෙන් ලක් මාතාවගේ සෞභාග්‍යයත්, සමෘද්ධියත් පිරිහීමේ ප්‍රපාතයට ඇද වැටී තිබියදී, පරගැති බවේ දැඩි රිවි තාපයෙන් මිදී, නිදහස් සිසිල් පවනින් ආශ්වාදයක් ලබාගැනීමටත්, උඩරට රදළවරුන්ගේ බල තල නැවත ලබා ගැනීමටත්, ක්‍රි. ව. 1818 දී ඉංග්‍රීසීන්ගේ දිසාපති කෙනෙක්‌ව සිටි වීර සිංහල සෙනෙවි කැප්පෙට්‌ටිපොළ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇරඹූ ඌව කැරැල්ල ව්‍යාර්තවීමෙන් පසු නැවත වරක් ඉංග්‍රීසීන් මෙරටින් සහමුලින් තුරන් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළකින් යුත් කැරැල්ලක් ක්‍රි. ව. 1848 දී භික්‍ෂූන් වහන්සේලාගේද, රදළවරුන්ගේද සහයෝගය ඇතිව සාමාන්‍ය ජනයා විසින් මෙහෙයවන ලදී. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ පහත රට රණකාමී ගෝත්‍රයකට අයත් ධෛර්ය සම්පන්න වූ, නිර්භීත වූ පුරන් අප්පු නමැත්තෙකි. වර්ෂ 1848 ටේ ජුලි මස 28 වැනි දින මහනුවර වාසීන් විසින් ඔවුන්ගේ රජු වශයෙන් පිළිගන්නා ලද්දේද මේ පුරන් අප්පුය. ජාතිය උදෙසා දිවිපිදූ පුරන් අප්පු හෙවත් ප්‍රැන්සිස්‌කු ක. ප්‍රනාන්දු ශ්‍රී මහා බෝධි ශාඛාව සමග පැමිණිය වුන්ගේ පරපුරකින් පැවත ආ උඩරට වෙළෙ¹මේ නියුක්‌තව සිටි වතු හිමියකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ කලිස්‌තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක් විජය සිංකිත් වර්ණ මාණ්‌ණ දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස් යන දම්පතින්ගේ එකම දරුවා විය. ඔහු හොඳින් ඇතිදැඩි කිරීමට මව්පිය දෙදෙනා හැම උත්සහයක්‌ම දැරූහ. කුඩා කල සිටම ඒ දරුවාගේ උදාර නිර්භීත ගති පැවැතුම් පෙනෙන්නට විය. සමුදාසන්න ප්‍රදේශයක් වන මොරටු පෙදෙසට අයත් උයන නම් ග්‍රාමයෙහි ක්‍රි. ව. 1812 නොවැම්බර් මස 7 වැනි දින හේ මෙලොව එළිය දුටුවේය. පුරන් අප්පු සුදුසු වයස එළඹි කල ඉගෙනීමේ යෙදිණි. පුරන් අප්පුගේ පියා ඔහු මොරටුවේ ඉඩමේ පිහිටි වැස්‌ලියන් පාඨශාලාවේ මුල් ගුරුතුමාට සිංහල චාරිත්‍රානුකූලව භාර දිණි. එතුමන් විසින් ළමයාට තල්කොළ සිංහල හෝඩියේ අකුරු කියවා ඔහු උප ගුරුතුමා වෙත යවන ලදී. පංතියට ඇතුළත් වූ නොබෝ දිනකින් පන්ති ගුරුවරයාගේ සිත් දිනා ගත් පුරන් අප්පු ක්‍රමයෙන් ඉහළ පන්ති කරා පිවිසියේ ය. දස හැවිරිදි පුරන් අප්පු පාසලෙන් අස්‌වී තම මවගේ ග්‍රාමය වන ලක්‍ෂපතියේ නැවතී සිටියේය. ඒ අතරතුරදී ඔහුගේ උපක්‍රම ශක්‌තියෙන් හේ සුද්දන් සමග ආශ්‍රයට වැටිණ. ක්‍රි. ව. 1824 දී ලංකා ආණ්‌ඩුකාරයාවී සිටි ලෙප්ටිනන්ට් ජෙනරාල් එඩ්වර්ඩ් බාන්ස්‌තුමා සමග, ගල්කිස්‌ස කැකුණලන්ද (අද මෝල්පෙ) සහ බොල්ගොඩ ප්‍රදේශවල දඩයමෙහි යන්නට පුරුදුවී සිටියේය. එයින් සුද්දන්ගේ යුතු අයුතුකම්, ගතිපැවතුම් මැනවින් දැනගන්නට අවස්‌ථාවක් ඇති විය. ක්‍රි. ව. 1825 දී ලක්‍ෂපතියේ සිටි පොලිස් විදානේ විසින් තමාට සෑහෙන කරුණු නැතිව නිකරුණේ පහරදීමෙන් කෝපයට පත් දහතුන් හැවිරිදි පුරන් අප්පු ඔහුට ප්‍රතිප්‍රහාර දී බදුල්ලට පැනගොස් සිය මාමා කෙනෙකුගේ නිවසෙහි නැවතී සිටියේය. විශේෂයෙන්ම සුදු මිනිසුන්ගේ අණසක පැවති සමයේදී ඔවුන්ගේ බල පුළුවන්කාරකම් නිසා සාමාන්‍ය ජනතාවට මුහුණපාන්නට වූ හිරිහැර අපමණය. මේ දුක් කරදර සියෑසින් දුටු පුරන් අප්පු කෙසේ හෝ සිංහළ ජාතියේ උද්දීප්තිය සඳහා මුළු ජීවිතයම පූජා කර තමාගේ ජාතිය බේරා ගැනීම සඳහා බලවත් සටනක් ගෙන යන්නට ඉටා ගත්තේය. සිංහල ජාතියේ අපරාජිත ස්‌වෛරී බලයත්, මාතෘ භූමියේ ලේ උරුමයත්, ජනතාවගේ අභිමානයත්, තම යකඩ සපත්තුවට පාගා හිරකර ගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ ආපසු ලබා ගත යුතු යෑයි ඔහු තීරණය කළේය. එකළ පුරන් අප්පුට සුද්දන්ගෙන් මංකොල්ල කෑමෙන් හා වෙනත් ක්‍රම වලින් විශාල ධනයක් ඇදී එන්නට පටන් ගත්තේය. ඔහු ලැබූ ධනයෙන් තමාගේ මව්පියන්ට ශතයකවත් ප්‍රයෝජනයක් නොවීය. ඒ විශාල ධන සම්භාරය දුප්පතුන්ට බෙදා දුන්නේය. මෙකල රටේ ඇතිවූ හැම සත් ව්‍යාපාරයකම පුරන් අප්පු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. මොරටු ප්‍රදේශයට වඩා ඔහු සිත් ඇදී ගියේ උඩරට, ඌව යන පළාත් වලටය. එහි වැසියන් සමග සතුටු සාමීචි කතා කිරීමද මිල මුදලින් උපකාර කිරීමද ආණ්‌ඩුව සමග මහජනයා කරන රාජකාරී වලදී ඔවුන්ට උදව් දීමද ඔහුට ප්‍රීතියක් විය. පුරන් අප්පු ගම් වැසියන්ට පියකු හා සමාන විය. ඔවුනගේ නැතිබැරි කම් මගහැර වීමට පුරන් අප්පු කප්රුකක් විය. සුද්දන්ට එරෙහිව සටන ගෙනයැමට තමාට පමණක් නොහැකි හෙයින් දුගී මහ ජනයාගෙන් හිතවත් පිරිසක් ඔහු රැස් කර ගත්තේය. ප්‍රථමයෙන් ඔහු විසින් දුප්පතුන්ගේ සුබසිද්ධිය සඳහා ගෙන යන ලද ව්‍යාපාරය සඵල නොවූයේ සුදු ජනයාගේ නොහික්‌මුණු, නොදැමුණු ගති නිසාය. තමන්ගේ සටන අතරමගදී කඩාකප්පල් වනු දුටු ඔහුගේ හද ශෝකයෙන් දැවෙන්නටත් අනුකම්පාවෙන් සැලෙන්නටත් විය. අන්තිමේදී දුප්පතකුගේ උවමනාවක් ඉටුකර ගැනීම පිණිස එකල බදුල්ලේ පොලිස් මහෙස්‌ත්‍රාත් වරයා වූ ඩෝසන් මහතා වෙත ඉදිරිපත් කළ කරුණු ගැන යුක්‌තිය ඉටු නොවූයෙන් පුරන් අප්පු ඔහු කෙරෙහි තදින්ම උරණ විය. ඒ අතර පුරන් අප්පු බොරු චෝදනාවකට අසුකොට මේජර් රොඡ්ර්ස් විසින් උසාවියට ගෙනයන ලදී. හෙතෙම එහිදී මේජර් රොජර්ස්‌ට ශාප කළේය. පුරන් අප්පු තුළ පලිගැනීමේ ෙච්තනාව කෙමෙන් ලියලන්නට වූ හෙයින් ඩෝසන් පොලිස් නඩුකාර මහතාගේ මැදුර බිඳීමට අන්තිමේදී හේ තීරණය කළේය. ඒ මැදුර කොල්ලකෑම නිසා ඉංග්‍රීසින්ගේ නීති දණ්‌ඩනය යටතේ පුරන් අප්පු ඳඟ ගෙට යවනු ලැබීය. ඳඟ ගෙයිදී අනෙක් හිරකරුවන් සමග එකතු වූ හෙතෙම ඳඟ ගෙය කඩා එයින් පැන ගියේය. මේ සිද්ධියෙන් පසු කෙසේ හෝ තම මාතෘ භූමිය ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ මුදා ගන්නා බව ස්‌ථීරව අධිෂ්ඨාන කරගත් ඔහු ඔවුන්ට විරුද්ධව නොයෙක ව්‍යාපාර ඇතිකිරීමට ප්‍රයත්න දැරීය. කලකට පසු පුරන් අප්පු යළිත් ඳඟගෙට යවනු ලැබීය. එහිදී දෙවැනි වරටත් හේ ඳඟගෙය කඩා පැන ගියේය. පුරන් අප්පු එතැන් සිට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" මං පහරන්නා, කොල්ල කන්නා යන උප නාමයන්ගෙන් ප්‍රසිද්ධ වූයෙන් වැඩි කල් නොගොස් දාමරිකයෙක් විය. පුරන් අප්පු නොයෙක් සටන් ව්‍යාපාර ඇති කිරීමට යන බව දැනගත් ඉංග්‍රීසීහු කෙසේ හෝ ඒවා නැති කිරීමට සූක්‍ෂම වැඩපිළිවෙළක් යෙදූහ. නිලතල දීමෙන් හෝ නම්බුනාම දීමෙන් හෝ පුරන් අප්පුගේ සටන ඇන හිටින්නේ නැති බව ඉංග්‍රීසීහු හොඳින්ම දැන සිටියහ. ඔවුන්ගේ සටන මොට්‌ට කිරීමට ඇති එකම මාර්ගය ඔහු අල්ලා ඳඟ ගෙයි දැමීම බව ඔවුන්ට කල්පනා විය. ඒ තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිම වරදක් නොමැතිව මේජර් රොජර්ස් තුමා විසින් පුරන් අප්පුව බදුල්ලේ උසාවියට පමුණුවන ලදී. එහිදී මෙසේ නිකරුණේ චෝදනා කිරීම නිසා උසාවියේදී ඩෝසන් පොලිස් නඩුකාරතුමා අමතා හේ මෙසේ කීවේය. "මොහු මට නිකරුණේ කළ වරදට ශාප වේවාෘ" පිටරැටියන් විසින් ස්‌වකීය සහෝදර රට වැසියාට කරන අසාධාරණ, නීච ක්‍රියා ගැන විරෝධත්වය දැක්‌වීමට යන අවස්‌ථාවකදී කිසිම වරදක් නොමැතිව උසාවිය ඉදිරියට ගෙනයැම ඉතා නින්දිත ක්‍රියාවක් හැටියට සැලකූ පුරන් අප්පු මේ සිද්ධියෙන් පසු උග්‍රලෙස දේශවාත් සල්‍යයෙන් සටන් ව්‍යාපාරවල යෙදීමට තරයේම ඉටා ගත්තේය. මේ අතර ඉතා වැදගත් සිදුවීමක් විය. ක්‍රි. ව. 1845 ජුනි මස 7 වැනි දින මේජර් රොජර්ස්‌තුමාට නුවර එළිය අසලදී හෙණයක් වැදිණි. රොජර්ස් තුමාට මේ විපත සිදුවූයේ පුරන් අප්පු විසින් කරන ලද ශාපය නිසායෑයි මහජනයා අතර කසු කුසු පැතිර ගියේය. මේ අවස්‌ථාවේදී පුරන් අප්පු උතුම් පුද්ගලයෙක් වශයෙන් මහජනයා විසින් පිළිගනු ලැබීය. ඔහුගේ ස්‌වරූපය ඉතා ආකර්ෂණීය විය. උතුම් පුද්ගලයකු තුළ පැවතිය යුතු විශිෂ්ඨ ගුණාංගයන්ගෙන්ද හේ පොහොසත් විය. රජකුට උරුම උසස් ගුණ ධර්ම ඔහු තුළ නිසගයෙන්ම විද්‍යමාන විය. ධීරවීර ගති ඇතිව ඔහු පෙරමුණටම ගියේ අනෙකක් නිසා නොව නිසැකයෙන්ම ඔහු තූළ පැවති ආත්ම ශක්‌තිය නිසාය. ඔහුට සංඝරත්නයේ ආධාර අනුබලද නොඅඩුව ලැබෙන්නට විය. මේ අතර 35 හැවිරිදි පුරන් අප්පු 1847 ජනවාරියේදී හාරිස්‌පත්තුවේ ගුණ්‌නෑපාන ආරච්චිගේ දියණියක් වන බණ්‌ඩාර මැණිකේ නම් කාන්තාව හා විවාහ විය. වර්ෂ 1847 ඔක්‌තෝම්බර් 1 වෙනිදා ලෙනදොරදී බණ්‌ඩාර මැණිකෙටද පුත් රුවනක් ලැබුණෙන් ඕ "සිරිබ මැණිකා" යි නම් ලැබුවාය. ක්‍රි. ව. 1848 දී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල විප්ලව ඇරඹිණි. මේ අවස්‌ථාවේම මාතලේද කැරැල්ලක් ඇති විය. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසීන් මෙරටින් පළවා හැරීමත්, සිංහල ජනයාගේ ඓතිහාසික නිදහස් උරුමය රැක ගැනීම සහ සිංහල නරපතියකු පත්කර ගැනීමත්ය. ආණ්‌ඩුව මුලදී දුප්පත් ගොවියාගේ බඩ රැකෙන ගොවි කර්මාන්තයත්, වාරි මාර්ගත් දියුණු කිරීම සඳහා බොහෝ වෙහෙස දැරීය. එහෙත් පසු කාලයක දී ආණ්‌ඩුවේ මුදල් වැඩි වශයෙන් වැවිලි කර්මාන්ත දියුණු කිරීම් සඳහා යෙදවිණි. සිවිල් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේ වැවිලි කර්මාන්තය සඳහාය. මේ හේතුකොට ගෙන දුප්පත් ජනයාගේ වුවමනාවන් ගැන වග විභාග කරලීමට ඔවුන්ට අවස්‌ථාවක් නොලැබිණි. ඔවුන්ට වුවමනාවක් ද නොවීය. ඉංග්‍රීසීන් විසින් මේ රටේ වැඩවසම් ක්‍රමය අවලංගු කොට ඔවුන්ගේ නව පාලන ක්‍රම මේ රටේ යෙදවූ අතර විශේෂයෙන් ම උඩරට සිංහල ජනයා කිපුණහ. පාතරැටියකු වූ පුරන් අප්පුගේ මන දොල පුරවා ගැනීමට මෙය කදිම අවස්‌ථාවක් විය. අධිරාජ්‍යට යටත් වීමෙන්a පසු කොයි රටවලත් රදළ ආණ්‌ඩු ක්‍රමය වෙනස් වීමත් සමගම අලුත් ධනවාදී ආර්ථික මාර්ගය ගොඩ නැගෙන්නේය. පුරන් අප්පුගේ කැරැල්ල පටන් ගැනීමට වර්ෂ කීපයකට පෙර එනම් වර්ෂ 1843 දී පමණ ලංකාවේ වැඩවසම් ක්‍රමය ඒ සමගම මේ අවධියේ දී ඇතිවුණු යුරෝපයේ කලබල වලින් ලංකාවේ කෝපි වෙළ¹මට පහරක් වැදුණේය. වැඩවසම් ක්‍රමය අවලංගු කිරීමෙන් ආණ්‌ඩුවේ ආදායම පහත වැටීමත් නිසා අලුත් අයබදු ක්‍රමයක පිහිට සොයන්නට ද විය. සර් කොලින් කැමල් තුමාගෙන් පසු ක්‍රි.ව 1847 දී ටොරින්ටන් සාමිවරයා ලංකාවේ ආණ්‌ඩුකාර ධුරයට පත් වූයේය. මේ නවක ආණ්‌ඩුකාරතුමාට දේශපාලන කටයුතු පිළිබඳ පළපුරුද්දක් නොතිබුණේය. ක්‍රි.ව. 1835 හේ සිට 1845 දක්‌වා අතර කාලයෙහි ඇතිවූ ප්‍රතිසංස්‌කරණයන් ගැනත් උඩරැටියෝ කලකිරී සිටියහ. ස්‌වකීය බලය අඩුවූ නිසා රදළවරු වඩාත්ම කිපී ආණ්‌ඩුවට විරුද්ධව නැගී සිටියහ. රටවලින් පැමිණි ඉන්දීය කුලී කරුවන්ගේ වැඩිවීම් ගැනද,බොහෝ දෙනෙක් විරුද්ධ වූහ. බුද්ධාගම හා බුද්ධාගමේ කටයුතු ගැන උඩරට ගිවිසුමට ඇතුළත් කළ වගන්ති කල් යැමේදී ඉවත් කළ නිසා වැසියෝ තව තවත් නොසන්සුන් වූහ. වර්ෂ 1848 දී ටොරිංටන් සාමි විසින් තුවක්‌කු බදු, බලු බදු, පාර බදු, ඔරු බදු, කඩ බදු, කරත්ත බදු පනාදී ඉන් පෙර ලාංකිකයන් අසා නුපුරුදු බදු බනවන ලදී. තවත් නොයෙක් විකාර බදු ගැන කටකතා පැතිරෙන්නට වීම නිසා වැසියා තුළ සංවේගයත්, කෝපයත් ලියලන්නට විය. පාර බද්ද ගැන වැසියෝ වඩාත්ම කිපුණහ. ආණ්‌ඩුවේ උසස් නිලධාරීන් හැර අවුරුදු 18 ත් 60 ටත් අතරෙහි වූ පිරිමින්ට දවස් 06 ක් පාරේ වැඩ කිරීමට නියම විය. එහෙත් අවුරුද්දකට සිලිම් 3 ක් බදු වශයෙන් ගෙවා ඔවුන්ට එයින් නිදහස් විය හැකි විය. උඩරැටියන්ට පුදුමයක් වූ පාර බද්ද ක්‍රි. ව 1832 දී නැතිකර දමන ලද රාජකාරියේ නෂ්ටාව ශේෂයක් යෑයි උඩරැටියෝ සිතූහ. මේ නොයෙක් විකාර බදු ගැන එවකට ලංකාවේ පදිංචිව සිටි යුරෝපියෝ ද විරුද්ධ වූහ. යුරෝපියෝ ඔවුන්ගේ විරුද්ධත්වය පළමුව ආණ්‌ඩුකාරතුමාට දන්වා සිටියහ. එයින් සහනයක් නොලැබුණු නිසා ඔවුහු එංගලන්තයේ උසස් නිලධාරීන්ට ද ඒ ගැන පැමිණිලි කළහ. ක්‍රි. ව. 1848 මුල් කාලයේදී අලුත් බදු පැනවීම ගැන අප්‍රසාදය දැක්‌වීම පිණිස ලංකාවේ නොයෙක් පලාත් වල රැස්‌වීම් කීපයක්‌ම පවත්වන ලද නමුත් කිසිදු ඵලයක් නොවීය. මේ රැස්‌වීම් බොහෝමයක් සංවිධානය කොට විරුද්ධත්වය පෑවෝ පුරන් අප්පුත් ගොංගාලේගොඩ බණ්‌ඩාත් ය. මෙයින් කලබලයවූ ටොරිංටන් සාමි මදුරාසියෙන් යුද්ධ භටයන් ගෙන්වා කුරුණෑගල, දඹුලු යන ප්‍රදේශවල යුද්ධ නීතිය පනවා රට දෙවනත් කළේය. පුරන් අප්පුව රදළයන්ගේ අනු බලය ලැබේදොaයි බිය පත් වූ නිලධාරීහු පුරන් අප්පු රජවීමට උත්සහ කරන බව පතුරුවා හැරියේය. එහෙත් ඒ වන විට රදළ බලය පිරිහී තිබිණි. මේ අතර අය බදු වැඩි කිරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමටත් මෙයට ගන්නා පියවර කුමක්‌ද යන්න තීරණය කර ගැනීමටත් විශාල රහස් සාකච්ඡාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේ කර ගත් තීරණය කච්ෙච්රියට ගොස් තේරුම් කර දීම සඳහාත්, එවකට ප්‍රසිද්ධව සිටි පුරන් අප්පු තෝරා පත්කරගන්නා ලදී. වර්ෂ 1848 ජූලි 6 වැනි දින පුරන්අප්පු තවත් බලවත් පිරිසක් හා සමග මේ දුක් ගැනවිලි මහනුවර කච්ෙච්රියේ එවකට ඒජන්ත තුමාව සිටි සී. ආර්. බුලර් මහතාට පැවසීමට ගියේය. එහෙත් ඒ ගමනින් කිසිම ප්‍රතිඵලයක් නොලැබිණි. පළමු සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් නෙලැබුණු හෙයින් ජූලි මස 8 වැනි දින මහනුවර මගුල් මඩුවේදී සාකච්ඡා සභාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේදී රටවැසියා වෙනුවෙන් පුරන් අප්පුගේ භාර්යාවගේ ඥති සහෝදරයක වන ගුන්නෑපාන ආරච්චි කරුණු සැලකර සිටියේය. මේ කරන ලද සාකච්ඡාවෙන් ද කිසිම ප්‍රතිඵලයක් නොලද හෙයින් ජනයාගේ හැඟීම් ක්‍රමයෙන් උත්සන්න විය. දෙවරක් ම මෙසේ කරුණු සැලකර සිටියදී අධිරාජ්‍යවාදී උසස් නිලධාරීහු ඒ ගැන කිසිම තැකීමක් නොකළහ. මහා ජනකායගේ එකම බලාපොරොත්තුවක් වත් ඉටු නොකළ මෙම බ්‍රිතාන්‍ය පාලකයන්ට මහජනයා තදින්ම විරුද්ධ වූහ. එපමණක් නොව ජනයාගේ කුපිතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ තද නොසන්සුන් භාවයක් ඇති වූයෙන් විදේශික පාලන යන්ත්‍රය සහමුලින් මුලිනුපුටා දැමීම සඳහා කැරැල්ලක් ඇති කිරීමට විධි විධාන යොදන ලදී. අනාගතයේදී ජීවිත පවා පරිත්‍යාග කිරීම සඳහා දැඩි ධෛර්යයෙන් යුක්‌තව ජාත්‍යාලයෙන් උදම්වී ජාතික අනුරාගයෙන් ඔද වැඩි මේ කැරැල්ල සර්ව සම්පූර්ණයෙන් සාර්ථක කර ඉන් නියම ඵල නෙලා ගැනීමට සිංහලයෝ ඉටා ගත්හ. මේ කැරැල්ල තමාට පමණක් තනිව කළ හැකි හෙයින් මුළු ජනතාවගේ ආධාර - උපකාර අවශ්‍ය බවත් ඔහුට ප්‍රත්‍යකAෂ විය. මේ නිසා පුරන් අප්පු සංචාර ගමනක යෙදුනේ විශේෂයෙන්ම ගම්මානවල සිටි මුලාදෑනින්ගේ සහ නායකයන්ගේ උදව් මේ කැරැල්ල සඳහා ඉල්ලා සිටියේය. ඔහුට ඒ සඳහා භික්‌ෂූන් වහන්සේලාගේ සහ උඩරට ජනතාවගේද සහයෝගය ද නොමසුරුව ලැබිණි. පුරන් අප්පු සංඝයා වහන්සේගේ සහය පතා හැම ආරාමයක් කරාම ගියේය. විශේෂයෙන් කුරුණෑගල, දඹුල්ල,අනුරාධපුරය, මාතලේ වැනි එවකට ප්‍රසිද්ධව තිබූ ඉපැරණි යටගියාවක් ඇති මේ නගර හරහා ඔහුගේa දෙපා වෙහෙසුණේය. බෞද්ධ ශාසනයේ නියම සංවර්ධනයක් මේ කාලය තුළ නොතිබුණු හෙයින් සිංහල ජාතියට, උරුමයට කැක්‌කුමක්, ලැදියාවක් ඇති මහා සංඝයා වහන්සේ තම සහාය පුරන් අප්පුවට දෙන බව ගිවිසුම් දුන්හ. සංඝයා වහන්සේගේ ඇට මස් රුහිරු ඔස්‌සේ ශාසනය හා සිංහල භාෂාව ආරක්‌ෂා කිරීමේ පරම අධිෂ්ඨාන ඇතිව කුමන දේශපාලන විප්ලවයකට හෝ ආධාර උපකාර දීමටත් මහජනයාගේ ජාතික හැඟීම් වලට පුනර්ජීවනයක් දීමටත් ක්‍රියා කළහ. ගම්මුලාදෑනින්ගේත් රදළවරුන්ගෙත් මහා සංඝයා වහන්සේගෙත්a, අවශේෂ ජනයාගේත් නොමසුරු උපකාරය ලැබූණු හෙයින් මේ කැරැල්ල දියුණු තියුණු අඩියකට ගෙන ඒමට පුරන් අප්පුට හැකි විය. ඔහුගේ ජාතික කැක්‌කුම පුළුල් වීමට හේතුව වූයේද මහජනයාගේ උද්‍යාaගය සහ උනන්දුව ඔහු කරා ගලා ඒම නිසාය. මේ සංචාරය අතරතුර පුරන් අප්පු කුරුණෑගලට ගොස් ඩිංගිරාළ නමැති තැනැත්තාගෙන් යුද්ධ සේනාවක් සකස් කරන ලෙස ඉල්ලා ස්‌ථිර කරගත් නියමිත දිනයේදී මාතලේට පැමිණෙන ලෙස දැන්වීය. නැවත දඹුල්ලට ගොස් භික්‌ෂූන් වහන්සේලාගෙන් තමා කරන්නට යන කටයුතු පිළිබඳ වැඩිදුරටත් කැමැත්ත විමසුවේය. ජූලි 17 වැනි දින ඔහු ලෙන දොරට පැමිණ ඔහුගේ බිරිඳ සහ දරුවා බිරිඳගේ නැන්දනියගේ නිවසෙහිදී දැක ගත්තේය. ජූලි 18, 19 වැනි දිනවල මුළු මහත් ලංකාවේ අප්‍රසාදය ඉංග්‍රීසීන්ට පළ කිරීමට කැරැල්ලක් මෙහෙයවීමට සෑම සංවිධානයක්‌ම යොදා තිබිණි. කැරැල්ල මෙහෙයවීම සඳහා එහි සම්පූර්ණ වගකීම භාර ගැනීමට ප්‍රධානියකු සිටිය යුතු නිසාත් සිංහලයන්ට රජෙකු අවශ්‍ය වී තිබූ නිසාත් පැමිණ සිටි ජනයා ප්‍රමුඛ කොට රජකු පත්කර ගැනීමට අදහස් කළහ. නැසීගිය රජුගේ ඥතිවරයන් දෙදෙනකි. මේ කාලයේ සිටි බැවින් ඔවුන්ගෙන් කෙනෙකුට රජකම පවරා මේ කැරැල්ල ඉංගී්‍රසින්ට විරුද්ධව මෙහෙය වන ලෙස භික්‌ෂූන් වහන්සේ හා රදළවරුන් විසින් ඉල්ලීමක් කරන ලදී. එහෙත් ඒ ඉල්ලීම නැසී ගිය රජුගේ ඥතිවරයෝ ප්‍රතික්‌ෂේප කළහ. රජකම බාරගෙන මේ කැරැල්ල මෙහෙය වීමට කිසිදු උඩරැටියෙක් ඉදිරිපත් නොවූයේය. නැපෝලියන් බොනපාට් ප්‍රංශ ජාතිකයකු නොවූවද ප්‍රංශයේ අසහාය ස්‌වාමිත්වය ලබා ගත්තා සේ පුරන්අප්පු පහත රැටියකු වුවත් මේ වගකීම හෙවත් රජකම් ඔහු වෙත දුව ආවේය. උඩරැටියන් පුරන්අප්පුට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" "මංපහරන්නා" "කොල්ලකන්නා" යනුවෙන් ව්‍යවහාර කළත් ඔහු ඔවුන්ගේ රජු වශයෙන් පත්කර ගැනීමට එය බාධාවක් නොවීය. එසේ සැලකුවේ චෝරනාග රජුත්, චන්ද්‍රගුප්ත රජුත් පළමුව හොරුන් වශයෙන් ක්‍රියා කළ බව ඔවුන් දැන සිටිය නිසා වන්නට ඇත. පුරාණයේ පහත රැටියෝ උඩරට රජවරුන් යටතේද, උසස් පදවි ඉසිලූහ. ක්‍රි ව. 1590 දී පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ අගමැතිවරයාද ක්‍රි. ව. 1618 දී ඌව ප්‍රදේශයේ රජු වශයෙන් ක්‍රියාකළ කුරුවිට රාළද දෙවැනි රාජසිංහ රජුගේ මහා දිසාවද පහත රැටියෝය. පුරන්අප්පු පහත රැටියකු වුවද, ගතිගුණ සහ ක්‍රියා අතින් උඩරැටියන් පැරද වූයේය. සල්ලප්පු ආරච්චි, කොනප්පු බණ්‌ඩාර, තෝමෙ අප්පු, කුරුවිට බණ්‌ඩාර යන උඩරට නාමයන්ට සමාන ස්‌වරූපයක් ගන්නා නිසාත් පුරන්අප්පු යන නාමය උඩුරැටියෝ ව්‍යවහාර කළහ. සෑම සටනකදීම උඩරැටියන් සමග උරෙන් උර ගැටී ඉංගී්‍රසීන්ට විරුද්ධව සටන් කළ නිසාත් ඔහුට රජකම අත්වීම පුදුමයක් නොවේ. එකල සිංහල සිරිත වූයේ නියම රජු විසින් පත් කර ගන්නා ලද රූකඩ රජවරුන්ගේ නම් පළමුව ප්‍රසිද්ධ කිරීමය. නියම රජ කෙනෙකු රහසින් තෝරා ගන්නා ලද නමුත් ඒ නම් ප්‍රසිද්ධ කරන්නේ කැරැල්ලේ නියම ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසුවය. මේ රහසින් තෝරා ගන්නා ලද නියම රජු, තමාට සුදුසු යෑයි හැඟෙන රූකඩ රජවරුන් පත් කර ගනී. කැරැල්ලෙහි සම්පූර්ණ වැඩපිළිවෙළ සකස් කරන්නේ රහසින් තෝරා ගන්නා ලද රජතුමා විසිනි. මේ සිරිත ලංකාවේ පමණක් නොව ස්‌කොට්‌ලන්තයේ ද භාවිත වූ බැව් පත පොතින් පෙනේ. ලංකාවේ එකල පැවැති මේ සිරිත අනුව රූකඩ රජවරු තිදෙනෙක් පුරන්අප්පු විසින් පත්කර ගන්නා ලදහ. මේ රූකඩ රජුන් තිදෙනාගේ නායකයා වශයෙන් ඩේවිඩ් නොහොත් ගොන්ගාලේ ගොඩ බණ්‌ඩා පත්කර ගන්නා ලදී. අනෙක් රූකඩ රජවරුන් වශයෙන් ඩිංගිරාළ ද දිනෙස් නමැත්තෙක්‌ද වූහ. මේ කැරැල්ල මෙහෙයවීමට ප්‍රථමයෙන් එය කෙසේ කළ යුතුද යන්න විසඳිය යුතු විය. විශේෂයෙන්ම පහරදීමේ වැඩපිළිවෙළ සකස් වූ ආකාරය ඉතා වැදගත්ය. නැපෝලියන් බොනපාට් විසින් රටවල් යටත් කර ගැනීමට කුමන වැඩ පිළිවෙළක් සකස් කර ගනු ලැබූවේද, එයට සමාන වැඩපිළිවෙළක් මාතලේ කැරැල්ලේදී පුරන්අප්පු අතින් සකස් විය. තමන්ට සහාය දීම සඳහා ජුඩාන් සහ මොරිව් යන සෙන්පතියන් දෙදෙනාට මාර්ග දෙකකින් රණබිමට එනසේ නියෝග කොට නැපෝලියන් ප්‍රධාන මඟින් රණබිමට විපිසියා සේ, පුරන්අප්පු ද මාතලේ අල්ලා ගැනීමට ගොංගාලෙ ගොඩ බණ්‌ඩා, ඩිංගිරාළ සහ දිනෙස් යන රූකඩ රජවරුන්ට අතුරු මාර්ගයන් ඔස්‌සේ එන ලෙස නියෝග කොට තෙමේ ප්‍රධාන මඟින් රණබිමට පිවිසියේය. මෙතරම් ක්‍රියාශීලී, බුද්ධිමත් වැඩ පිළිවෙළක් පුරන්අප්පු විසින් ක්‍රියාත්මක කිරීම ඉතාම අගය කොට සැලකිය යුතුය. තවද ඔවුන්ගේ රණකාමිත්වය හා බුද්ධි මහිමයද මෙයින් මැනගත හැකිය. පහත රැටියෙකු මෙවැනි වැඩ පිළිවෙළක් සකස් කිරීමත් අවසානය දක්‌වා එය ක්‍රියාත්මක කිරීමට තැත් කිරීමත් සිංහලයන් සදා ගෞරවයෙන් සිහිකළ යුතුසේ පෙනේ. පුරන්අප්පු පළමු වැනි වලිසිංහ යන නමින් රජ බවට පැමිණ රූකඩ රජවරුන් ද පත්කොට ඔටුණු පැළඳීමේ උත්සවය දඹුලු විහාරයේදී පවැත්වීමට තීරණය විය. ඔටුණු පැළඳීමේ මංගල්‍යයේදී ප්‍රධාන ඔටුන්න සහ අනෙක් ඔටුණුද පළඳවන ලද්දේ එවකට දඹුලු විහාරයේ වැඩ සිටි කුඩාපොළ ස්වාමීන් වහන්සේ විසිනි. මේ අවස්‌ථාවේ දී පුරන්අප්පුට පළඳවන ලද ප්‍රධාන ඔටුන්න නිශ්ශංකමල්ල රජුට අයත් වූවකි. මෙය හා දඹුලු විහාරයේ තිබී සොයා ගන්නා ලද්දකි. පුරන්අප්පුට සහ අනෙක් රජවරුනට ඔටුණු පැළඳවීම එදිනට යෙදුණු සුබ මොහොතින් චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි. භික්‌ෂූන් වහන්සේද රදළවරුද, සාමාන්‍ය ජනතාවද මේ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ සිටියහ. ඔටුණු පළදන සුබ මෙහොත එළැඹෙත්ම භික්‌ෂූන් වහන්සේ පිරිත් දේශනා කරද්දී පුරන්අප්පු රජුට සහ අනෙක් රූකඩ රජවරුනට ඔටුණු පැළඳ විය. ඔටුණු පළඳවා අවසානයේදී කුඩාපොළ ස්වාමීන් වහන්සේ පුරන්අප්පු සිංහලයන්ගේ රජු වශයෙන්ද ඔටුණු පැළඳු බැව් ප්‍රකාශ කළහ. වැසියෝ එක්‌ව ප්‍රධාන රජුවූ පුරන්අප්පු රන් දෝලාවකින් ද රූකඩ රජවරුන් අවශේෂ දෝලාවලින්ද ගෙන ගියහ. කලින් තීරණය කරගත් පරිදි ජුලි මස 26 වැනි දින පුරන්අප්පු ලක්‌ෂයක් පමණ සේනාවක් සමග දඹුල්ලෙන් පිටත්වීමටත් රූකඩ රජවරුන් තිදෙනාද පිළිවෙළින් දඹුල්ල කුරුණෑගල හා හඟුරන්කෙතින් පිටත් වීමටත් තීරණය විය. රජතුමාගේ අණ පරිදි රූකඩ රජවරුන්ගේ ප්‍රධානියා වූ ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ජුලි 26 වැනි දින යුද සේනාවක් සමග දඹුල්ලෙන් පිටත්ව සෙල්ලමංගල සහ කෝන්ගහවෙල පසුකොට පල්ලේ පත්තුවට පැමිණ 27 වැනිදා රාත්‍රියේ එහි නැවැතී සිට මාතලේ හරහා නොගොස් වෙනත් මාර්ගයකින් ඊට දකුණු පැත්තෙන් වාරියපොළට යැමට ගියේය. එකල මාතලේ දිසාපතිතුමාට මේ භයානක තත්ත්වය අවබෝධ විය. පනහකින් යුක්‌ත පොලිස් භට හමුදාවක් ඔහු විසින් මහනුවර පෙදෙසට වහා යවන ලදී. තවත් පොලිස් බල ඇණියක් මාතලේට යෑවිණි. මේ අතර නගරයේ ඇති කලබල ස්‌වභාවය තේරුම් ගත් මාතලේ සිටි මහෙස්‌ත්‍රාත්වරයා වාරියපොළ අතහැර ගිය නමුදු ඔහුගේ දියණියන් වන වෝරින් මෙනවිය මේ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයාට ගෙන යැමට නොහැකි විය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස පොලිස් නඩුකාර මහතාගේ මැදුරට පැමිණෙන විට ඕ බීර පීප්පයකින් බීර ගනිමින් සිටියාය. ඕ මේ කෝපාවිෂ්ට පිරිස දුටු විට අශ්වයකු පිටනැඟී නගරය අතහැර ගියාය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස වොරින් මෙනවිය අල්ලා පුරන් අප්පු වෙත ගෙන ගියෙන් පුරන්අප්පු වොරින් මෙනවියට කිසි හිරිහැරයක් කරන්නට ඉඩ නොදී හල්පේ මහතාට අයිති දෝලාවකින් ඇගේ පියාවෙත යවන ලදී. මෙයින් පැහැදිලි වන්නේ පුරන්අප්පුට වුවමනා කළේ අසරණ, අහිංසක ඉංගී්‍රසීන්ගෙන් පලිගැනීම නොව, දරදඩු ඉංගී්‍රසි පාලනයෙන් පලිගැනීමටය. සූදානම් කරගත් අයුරු ජුලි 26 වැනි බදාදා පුරන්අප්පු ප්‍රභූඋඩරැටියන් ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් රාජකීය දෝලාවකින් ගෙන යන ලදී. පුරන්අප්පුගේ සේනාවද අති මහත්ය. එසේම ඔහු පහර දෙන්නට යන මාර්ගය ඉතාම දුෂ්කර වූද අති භයංකාර වූද එකක් විය. මේ සේනාව ඉදිරියෙහි පුරන්අප්පුගේ පෙළපතෙහි ඉපැරැණි කොඩිය වන රණදැල් කොඩියද විය. පුරන්අප්පු ඔහුගේ සේනාව සමග ඉදිරියට ගමන් කරන විට පාර දෙපස ජනයා අත්පොළසන් දෙමින් ස්‌වකීය ප්‍රීතිය ප්‍රකාශ කරමින් ඔහුගේ සේනාවට එක්‌වූහ. මේ කාලය තුළදී එවකට මාතලේ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් තැනව සිටි දුනුවිල්ලේ ලොකු බණ්‌ඩා නමැත්තෙකි. මේ තත්ත්වය පරීක්‌ෂා කරනු සඳහා පැමිණ සිටියේය. මාතලේ හා ඒ අවට ප්‍රදේශවලින් යුද්ධ හමුදාවෝ ගලා ආහ. ජුලි 27 වැනිදා බ්‍රහස්‌පතින්දා පුරන්අප්පු තමාගේ බලය තහවුරු කර ගනිමින් සිටියේය. එකල සිංහල සිරිත අනුව රටක් හෝ ප්‍රදේශයක් යටත් කිරීමේදී යුද්ධයට යන අනිකුත් අවශේෂ සේනාව බෙර ගැසීමද, නළා හොරණෑ පිඹීමද සිරිත විය. මේ යුද සේනාවද මෙසේ ප්‍රීතියෙන් කාලය ගෙවමින් තමන්ට හමුවන හැම මන්දිරයක්‌ම හැම ආයතනයක්‌ම හැම රාජකීය සේවා කාර්යාලයක්‌ම එහි ඇති රාජකීය ලියකියවිලි සියල්ලක්‌ම විනාශ කොට සුන්බුන් කොට ලෙනදොර කවුඩුපැලැල්ල, නාලන්ද පළාපත්වෙල රඹුක්‌කන සහ අළුවිහාරය යන ප්‍රදේශයන් හරහා මධ්‍යාහ්න වේලාවේ මාතලේට පැමිණ "මැක්‌ඩෝවල්" කොටුව බිඳ දමා මාතලේ නගරය අල්ලා ගත්හ. ඒ අවස්‌ථාවේදී මාතලේ නගරය ශ්‍රී විභූතියෙන් ඇලලී ගියේය. පීති නාදයෙන් මිශ්‍රවූ ඔල්වර හඬ මාතලය නගරයෙන් නික්‌මී කඳු පාන්තයන්හි නැඟී රැව් පිළිරැව් දිණි. ජාතික ප්‍රබෝධයෙන් මත්වූ සිංහලයෝ හතරරියන් දේහයක් ඇති පුරන්අප්පු රජු පිරිවරා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ඒ ඔවුන්ගේ බලවත් ජයග්‍රහණයෙන් ලැබූ ස්‌ව ජාතික හැඟුම් තුළින් විහිදුන ප්‍රීතිය නිම්හිම් නැති විය. මේ ජයග්‍රහණයෙන් උදම් වූ ජනකාය විසින් ඔවුන් තෝරාගත් නියම රජාගේ නම පුරන්අප්පු බැව් ජුලි මස 28 වැනිදා සිකුරාදා ප්‍රසිද්ධ කරන ලදී. මේ වනතුරු නියම රජතුමා කවරෙක් දැයි බ්‍රිතාන්‍යයෝ නොදැන සිටියහ. සිංහලයන්ගේ ඊළඟ පියවර වූයේ මහනුවර ඉංගී්‍රසි යුද හමුදාවේ ශක්‌තිය හීන කරවීමය. ජනතාව මැඬ පැවැත්වීමට යුද හමුදාව ඔවුන් හා මුහුණට මුහුණ ලා විථි කරා ආ කල්හි ජනතාවගේ පරමාර්ථයන් මුදුන් පැමිණෙන තුරු ආපසු නොයන බවට සිංහලයෝ ඉටා ගත්හ. මේ කැරැල්ල යටගිය කැරලිවලට වඩා උත්සන්න වූයේ අනෙකක් නිසා නොව අනිත් යුද සේනාවන්ගේද ආධාර ඇතිව ප්‍රධාන නගරය වූ මහනුවර අල්ලා ගැනීම මේ කැරැල්ලේ නායකයාගේ අධිෂ්ඨානය වූ හෙයිනි. ජුලි මස 29 වැනිදා සෙනසුරාදා පෙරවරු කාලයෙහි පුරන්අප්පු රජු සහ ඔහුගේ පිරිස ප්‍රීති ප්‍රමෝදයෙන් මාතලේ සිට මහනුවර බලා ගමන් කළෝය. බලකඩුව දුර්ගය අසලදී ඉංගිරිසින්ට විරුද්ධව දෙන ලද පහර එතරම් සඵල නොවූයේ බලාපොරොත්තු සේනාවන් නොපැමිණි නිසාය. බලාපොරොත්තු වූ යුද සේනාවන් ඇතුළු රූකඩ රජවරුන් ඔවුනොවුන්ගේ වුවමනාවන් සඳහා මහා මාර්ගයන්හි නැවතී සිට සුරා පානය කළ නිසා නියම වේලාවට සහ ස්‌ථීර කරගත් දිනයට පැමිණීමට නොහැකි විය. මේ කරුණු හේතු කොටගෙන පුරන්අප්පුට සටන ජයග්‍රහණය කරා ගෙන ඒමට නොහැකි විය. මේ අවස්‌ථාවේදී රජුට ආධාර දීම සඳහා සිටි අගමැති රත්වත්තේ අදිකාරී මහතා ඇතුළු විශාල පිරිසක් පැන ගියෝය. වර්ෂ 1848 අගෝස්‌තු මස 2 වැනිදා පුරන්අප්පු රජු ඉංගී්‍රසින් විසින් අල්ලා ගන්නා ලදී. පුරන්අප්පු 1848 අගෝස්‌තු 2 වැනි දින මාතලේ සිට මහනුවර බලා යන මාර්ගයේදී අල්ලා ගනු ලැබීය. මහනුවරට ළඟාවන පුරන්අප්පු අතරමඟදී ඔහුගේ ඥති සහෝදරයකු වූ ඩබ්ලිව්. ඇලෙක්‌සන්ඩර් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ අමතා "සහෝදරය" මා වගේ තව පුතෙක් මගේ මවට සිටියේ නම් මේ සිංහල රාජධානිය කිසිකලෙක සුදු ගෙරියාට නොදෙමි යි කීවේය. ඔහු තවදුරටත් මා විසින් ඔබට බාරදෙන ලද ඒ පූජනීය වස්‌තුව ඔබගේ නේත්‍රා සේ ආරක්‌ෂා කර ගන්නා ඔබගෙන් පැවත එන්නෙකුට කවදා හෝ අවශ්‍ය වේ යෑයිද පවසා යමක් භාර දුන්නේය. විශේෂ යුද්ධාධිකරණයක් ඉදිරියෙහි පුරන් අප්පුට විරුද්ධව නඩු විභාගයක් අගෝස්‌තු 8 දා අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපහන්ව් මහතා විසින් මහනුවරදී පවත්වන ලදී. ඔහුට විරුද්ධව නගන ලද චෝදනා නම්, ඔහු මහනුවර රජ වශයෙන් ප්‍රකාශ කරලීමත්, වික්‌ටෝරියා අගරැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්‌ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්‍ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට් තුමාට නිර්භීත ලෙස ප්‍රකාශ කළේය. මේ වචන අග්‍ර විනිශ්චයකාරතුමාට ශ්‍රවණය වූ විගසෙහිම ප්‍රකෝපයට පැමිණ ඔහු වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කළේය. යුද්ධාධිකරණ නඩු විභාගයෙන් දින හයකට පසු රජ වූ පුරන් අප්පු වෙඩි තබා මරණ ලෙස නියෝග කළෙන් බෝගම්බර වැව අසල පිහිටි කන්ද ළඟට ගෙන යන ලදී. වෙඩි තැබීමට මෙසේ පුරන් අප්පු ගෙන ගියත් මරණය පිළිබඳ ඔහු තුළ කිසිම බියක් නොවීය. ඔහු ශෝක වූයේ කනගාටු වුයේ මරණයට බියෙන් නොව සිංහලයන්ට අහිතකර වූ සුද්දන්ගෙන් මෙරට පාලන ක්‍රමය සිංහලයන් අතට ගන්ට බැරිවූ නිසාය. වෙඩි තැබීමට ස්‌වල්ප මොහොතකට පෙර එතැනට රැස්‌වූ ජනකාය අමතා මා වාගේ විර්යවත්, ධෛර්යවත් වීරයන් හතර දෙනෙක් සිටියේ නම් මේ වීර සන්නද්ධයා සුදු ගෙරියා මෙරටින් පන්නා දමනවා ඇතැයි පුරන් අප්පු කීවේය. වෙඩි පහරවල් දොළහක්‌ම එක පිට එක ඔහුගේ සිරුර පසා කරගෙන යද්දී සුද්දන් මේ රටින් එලවීමේ පරම අධිෂ්ඨානය ඔවුගේ සිතේ තිබුණු නිසා එඩිතර බව හා නිර්භීත භාවය හේ පෙන්වීය. එහෙත් දහතුන් වැනි වෙඩි පහර වැදෙත්ම මේ ශ්‍රෝෂ්ඨ සිංහලයාගේ හද දෙපළු වූයෙන් (වර්ෂ 1848 අගොස්‌තු මස 8 වැනි අඟහරුවාදා) අවසාන හුස්‌ම හෙළීය. කුඩාපොළ ස්‌වාමීන් වහන්සේට විරුද්ධව යුද්ධාධිකරණයේදී නගන ලද චෝදනාව නම් උන්වහන්සේ මාතලේ කැරැල්ලට ආධාර දීමත්, පුරන් අප්පු රජු වශයෙන් පිළිගෙන ඔටුණු පැළඳවීමත්, වික්‌ටෝරියා අග රැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට වැරැදිකරු ලෙස පිළිගත් යුද්ධාධිකරණය විසින් කුඩාපොල ස්‌වාමීන් වහන්සේ වෙඩි තබා මරා දමන ලෙස නියම කළේය. ඒ නිසා වර්ෂ 1848 අගෝස්‌තු 26 වැනිදා බෝගම්බර වැව අසලට ගෙන ගොස් සිවුරු පිටින්ම ආගම් විරෝධී ලෙස වෙඩි තබා මරණ ලදී. යුද්ධාධිකරණයෙහි නඩු විභාගයෙන් පසු කැරැල්ලට ආධාර දීම නිසාත් පුරන් අප්පු රජු බවට පත් කළ නිසාත් ගොන්ගාලේගොඩ බණ්‌ඩා මරණීය දණ්‌ඩනයට නියම වූ නමුදු අන්තිමේදී ඉන් නිදහස් කොට කස පහර සියයක් තළා මලක්‌කාවට පිටුවහල් කරන ලදී. ඩිංගිරාල කෝරල හතක පාලකයා වශයෙන් ප්‍රසිද්ධවූ නිසා හෙතම යුද්ධාධිකරණය ඉදිරිපිටදී වරදකරුවූ හෙයින් ඔහු අගෝස්‌තු මස 5 වැනිදා වෙඩි තබා මරණ ලදුව කුරුණෑගල නුග ගසක ඔහුගේ මළකඳ දින හතරක්‌ම එල්ලා තබන ලදී. රණබිමෙන් පැන ගිය දිනේ වෙඩි තබා මරණ ලදී. පුරන්අප්පු විසින් මෙහෙය වන ලද කැරැල්ල සිංහල ජනතාව එකම බැම්මකින් බැඳ තැබීමට හේතුවුවා පමණක් නොව ඉන් ජාතික ප්‍රබෝධයක්‌ද ඇති විය. ස්‌වදේශීය අනුරාගයෙන් පීඩිත ජනතාවගේ කම්කටොලු දැක කරන ලද මේ කැරැල්ල හේතුකොට ගෙන සිංහලයන්ගේ එකමුතු බවක් ඇති විය. එකල යුද්ධ නීතිය පනවා තිබීම ගැන එංගලන්ත පාර්ලිමේන්තුවට ලංකාවාසී ප්‍රභූ ජනයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කරුණු සෙවීමට කොමිටියක් ද පත් කරන ලදී. ඒ කොමිටියේ නිගමනය අනුව එකල ආZණ්‌ඩුකාරයා වූ ටොරිංටන් සාමි, සැම් සර් එමර්සන් ටෙනන්ට් හා පී.ඊ. වුඩ්හවුස් යන මහත්වරුන් මෙරටින් පිට මං කරන ලදී. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:28 PM වීර පුරන්අප්පු ශී‍්‍ර ලංකාව තරම් විදේශ ආක‍්‍රමණිකයන්ගෙන් තාඩන පීඩනවලට ලක්වූ රටක් මේ මහ පොළොවේ නැති තරම්ය. මෙම තාඩන පීඩන මැද සම්බුද්ධ ශාසනය ද රැකගෙන විදේශ ආක‍්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි උදාර වීරවරයන් සිටියහ. සිංහල ජාතිය රැකගැනීමට උරදුන් මෙවැනි වීරවරයන් සිහිිකිරීම අපගේ යුතුකමකි.මාතෘ භූමියේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදීන් හමුවේ අභීතව නැගී සිටිමින් සිංහල ජාතියට නායකත්වය දෙමින් තම ලේ දහරින් මාතෘ භූමිය තෙත් කළ සිංහල වීරවරයන්ගේ සුවඳ අදත් මේ දෙරණේ හමායන සුළඟේ ගැබ් වී තිබේ.වසර 1848 විමුක්ති අරගල තුළින් ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සටහන් කළ උදාර වීර පුරුෂයෙකි වීර පුරන් අප්පු.මොරටුවේ උයන නම් ග‍්‍රාමයේ විසූ සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප්රනාන්දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ දම්පති දාව 1812 නොවැම්බර් 07 වැනිදා පුතෙකු උපත ලැබීය. වීරහැන්නදිගේ ප‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්‍දු යන නම ඔහුට තැබීය. ඔහු වැදගත් පවුලකට උරුමකම් කියන්නෙක් විය.කුඩා කාලයේ පටන්ම එඩිතර භාවය ඔහු තුළින් කැපී පෙනුනේය. දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු කි‍්‍රයා කළේය. එකල ගම්මුලාදෑනිවරු ගැමි ජනතාව තලා පෙලා අත්තනෝමතික ලෙස ගම් පාලනය කළේය. අයුක්තිය, අසාධාරණය හමුවේ නැගී සිටි ප‍්‍රැන්සිස්කු ලක්‍ෂපතියේ ගම්පතියාට දෙවතාවක්ම පහර දුන්නේය. ගම්මුලාදෑනියාගේ පළිගැනීම්වලින් බේරීම සඳහා ඔහු තම ගම අතහැර ගියේය. ඔහු ඉන්පසුව රත්නපුර, බදුල්ල, මහනුවර ප‍්‍රදේශවලට පලාගියේය. තම විදේශ නම අතහැර පුරන් අප්පු නමින් ඔහු පෙනී සිටියේය.1847 ලංකාණ්ඩුකාර ධුරයට පත් වූ ටොරින්ටන් සාමිවරයා විසින් 1848 දී ජනතාව මත බදු හතක් පැනවීය. එනම් ඉස්තෝප්පු, ඔරු, බලු, කරත්ත, කඩ, තුවක්කු හා ඇඟ බද්දය. බදු විරෝධී හඬ රට පුරා පැතිරෙන්නට විය. බදු බර නිසා සුද්දන්ට විරුද්ධව කැරැල්ලක් ඇති විය. බි‍්‍රතාන්‍ය පාලනය බිඳ දැමීමේ අරමුණින් පුරන් අප්පු සිය සේනාව සමඟ පෙරමුණ ගත්තේය. ඔහු ජූලි 28 වැනිදා මැක්ඩොවල් කොටුව විශිෂ්ට අයුරින් බිඳ දමා මාතලේට පැමිණියේය.පුරන් අප්පු සිංහලේ රජු වශයෙන් 1848 ජූලි 22 වැනිදා දඹුල්ලේදීත්, 28 මහනුවර දීත් අභිෂේක ලැබීය. මාතලේටත් නුවරටත් අතර පැවති සටනක දී වීර පුරන් අප්පු වීරවරයා ඉංගී‍්‍රසීන්ගේ සිරකරුවෙකු ලෙස මහනුවරට ගෙන එන ලදී. මහනුවර රජතුමා ඔහු බවත්, වික්ටෝරියා රැජිනට විරුද්ධව කැරලි ගැසීම ඔහුට තිබූ චෝදනා විය. අධිරාජ්‍යවාදීන්ගේ නඩු විභාගයෙන් පසු පුරන් අප්පු වැරදිකරු වී මරණ දණ්ඩනය නියම කරන ලදී. එම තීන්දුව අනුව ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් 1848 අගෝස්තු 08 වැනිදා වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය.මරණ දණ්ඩනය නියම කිරීමට කාලය පැමිණියේය. ඔහුගේ ඇස් වසා දෑත් විලංගු දමා වෙඩි තැබීමට ඉංග්‍රීසි හේවායෝ සූදානම් විය. සිංහලයන් මරණයට බිය නැහැ. මාගේ දෑස් නිරාවරණය කොට විලංගු ඉවත් කරන ලෙස පුරන් අප්පු ඔවුන්ට පැවසීය. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබිණි.ඉංගී‍්‍රසි හේවායන් හා නියොග දීමේ නිලධාරියා ඉදිරිපිට දී ඔහු මෙසේ ද පැවසීය. ‘මෙම සටනට නායකත්වය දෙන්න මා වැනි තවත් හය දෙනෙකු සිටියා නම් නුවර අඩවියේ එක සුද්දෙකුවත් ජීවත් වෙන්නේ නැහැ’ යැයි නිර්භීතව පැවසීය.බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් කළ පුරන් අප්පු 1848 නිදහස් සටනේ නායකයා ලෙස ද සිංහල දේශය වෙනුවෙන් ද සිංහල ජාතිය වෙනුවෙන් ද සටන් කර දිවි පිදූ ජාතික වීරවරයකු ලෙස ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත. ආත්මා සුරේන්ද්‍ර First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 13 Jan 2015 05:30 PM අපේ රටේ හිටපු ජාතික වීරවරයෝ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 13 Jan 2015 05:32 PM Posted By samantha on 13 Jan 2015 05:30 PM අපේ රටේ හිටපු ජාතික වීරවරයෝ 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:34 PM Weera Puran Appu – වීර පුරන් අප්පු 1812 නොවැම්බර් මස 7වන දින මෙලොව එලිය දුටු පුරන් අප්පු වීර හැන්නදිගේ සැලිස්නෝරු ප්‍රනාන්දුගේ හා හෙලේනා මැතිණියගේ පුතනුවන්ය.මොහු කුඩා කාලයේදී මොරටුව වෙස්ලි විදුහලට ඇතුලත් කරනු ලැබීය.කුඩා කාලයේ සිටම මොහු නිර්භීත ,යුක්තිගරුක,සාධාරණය ප්‍රිය කල අයුක්තිය හමුවේ නිර්භීතව ක්‍රියා කල අයෙක් විය.දිනක් ඔහු ගම්මුලාදෑනියා සමඟ ඇති කර ගත් ගැටුමක් නිසා වයස අවුරුදු 13දී පමණ ගමෙන් පිටව ගියේය. ඔහු මොරටුව සිට රත්නපුරයටත්,එතැනින් බදුල්ලටත් ,එයින් මහනුවරටත් ගියේය.බදුල්ලේ නඩුකාරයකුව සිටි ඩෝසන් නැමැත්තාගේ ගේ කොල්ලකෑම නිසා මොහු කා අතරත් ප්‍රසිද්ධියට පත් විය.එය ජනතාව වීර ක්‍රියාවක් ලෙස සැලකූහ.මෙම ක්‍රියාව නිසා පුරන් අප්පුට එරෙහිව නඩු දමා ඔහු වරදකරු කිරීමට ඩෝසන් නැමැත්තාට හැකිවිය.ඒ අනුව මොහුට සිර දඬුවම් නියම විය.නමුත් මොහු සිර මැදිරිය කඩාගෙන එලියට පැන්නේය.ඔහු අල්ලා ගැනීම කිසිවෙකුටත් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.මේ අතරතුර මොහු මහනුවරදී ගුන්නෑපාන ආරච්චිගේ දියණිය වූ බණ්ඩාරමැණිකේ සමඟ යුග දිවියට එලඹියේය. මේ කාලය වන විට සුදු ජාතීන් ලංකාව ආක්‍රමණය කර වසර 32ක පමණ කාලයක් ගත වී තිබුණි.එම නිසා ඔවුන්ගෙන් සිංහල රටවැසියාට නිරන්තරයෙන් දුක් ගැහැට එල්ල විය. වීර පුරන් අප්පු නිර්භීත,එඩිතර අසාධාරණයට එරෙහිව ක්‍රියා කල අයෙකු වූ නිසා ඔහු වටා එඩිතර සිංහල තරුණයෝ රැසක් එකතු වූහ.ගම් වැසියෝද ඔහු අනුගමනය කලහ.සුදු ජාතීන් පලවා හැර බුදුදහම රැක ගැනීමේ අරමුණින් ජනතාව සන්නද්ද වූහ. දඹුලු විහාරස්ථානයේ වැඩ සිටි කුඩාපොල හිමියන්ගේ සහයත්,ආශිර්වාදයත් ලබා ගත් සිංහල තරුණයෝ පුරන් අප්පුගේ නායකත්වයෙන් 1848 ජූලි 20 වැනි දින නිදහස් සටනකට ඇදී ගියහ.මොවුන් ජූලි 28 වන දින දඹුල්ලෙන් ගමන් ආරම්බ කොට කැරලි ගැසීමට පටන් ගත්හ. එමනිසා පාලකයන් විසින් යුධ නීතිද ප්‍රකාශ කර කැරල්ල මර්ධනය කිරීමට දැඩිව ක්‍රියා කලහ.සුදු ජාතීන් නවීන යුධ ආම්පන්න ව්ලින් පහර දීම නිසා සිංහල තරුණයින්ට දුණු,ඊතල වලින් පහර දීම මදක් අසීරු විය.නමුත් ඔවුන් ජාතික සටන නොනවත්වා ඉදිරියට කරගෙන ගියහ.කටුගස්තොටදී එකතු වීම පිණිස පැමිණි සිංහල සේනාංක 2ක් අතර මගදී සුදු ජාතීන් විසින් නතර කල නිසා පුරන් අප්පු ඇතුලු තරුණ පිරිස මහත් පසුබෑමකට ලක් විය.මේ නිසා ආත්ම ආරක්ෂාව පතා පුරන් අප්පු වාරියපොල ප්‍රදේශයට පලා ගියේය.එහිදී ජාතිද්‍රෝහී සිංහලයකුගේ පාවාදීම නිස පුරන් අප්පු අතඩංගුවට ගැනීමට සුදු ජාතීන්ට හැකිවිය.ඒ අනුව ඔහුට 1848 අගෝස්තු මස 8 වැනි දින් මරණීය දණ්ඩනය නියම විය. වීර පුරන් අප්පු මරණයට බිලි වන අවස්තාවේ කියා සිටියේ “මගේ අම්මා මා වැනි තව පුතුන් 6 දෙනෙකු වැදුවා නම් මේ මුලු ලංකාවම පර සුද්දාගෙන් බේරා ගන්නවා “කියාය.තිස්පස් හැවරිදි වියේ සිටි වීර පුරන් අප්පු අධිරාජ්‍යයවාදී සුද්ධකු තබන ලද වෙඩි පහරින් මිය ගියේය.ඔහු සිංහල ජාතිය වෙනුවෙන් ජීවිතය බිලි දුන් ශ්‍රේෂ්ඨ වීරයෙකි. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:40 PM ඒ මෙරට බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවැති අවධියයි. අග නගරයට නුදුරු මොරටුව ප්‍රදේශයේ උයන ග්‍රාමයේ විසූ සන්නද්ධ වීර බල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප්රනාන්දු හා වර්ණමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ යුවළට දාව 1812 නොවැම්බර් 07 දා පුතකු ඉපදිණි. වීර හැන්නදිගේ ෆ‍්‍රැන්සිස්කු ප්‍රනාන්දු යන නම දරුවාට තැබිණි. කුඩා කල පටන්ම නිර්භීතභාවය පෙන් වූ මේ දරුවා යෞවනයට එළඹෙද්දී දුටුවේ සුද්දන්ගේ අන්තේවාසිකයන් සේ කටයුතු කළ ගම්පතිවරුන් අහිංසක ගැමියන් තලමින් පෙළමින් ගම්මානවල රජවරුන් ලෙස වැජඹෙන බවය. මේ තත්ත්වය නොඉවසූ ෆ‍්‍රැන්සිස්කු තරුණයා සිය ග්‍රාමයේ ගම්පතියාට දෙවරක්ම පහර දුන්නේය. ගම්මුලාදෑනියාගේ පලිගැනීම්වලින් බේරී ගනු පිණිස මොරටුව ප්‍රදේශයෙන් පලා ගිය ඔහු රත්නපුර, මහනුවර, බදුල්ල, වැනි පළාත්වල විවිධ ව්‍යාපාර කටයුතුවල නියැළුණේය. ඒ අතරතුර ඔහු විදේශීය ඌරුවක් සහිත ෆ‍්‍රැන්සිස්කු යන නම අතැර පුරන් අප්පු යන නම භාවිත කිරීම ඇරඹුවේය. අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටින්නට ඔහුට තමන් වෙසෙන ප්‍රදේශය බලපෑවේ නැත. එහෙයින්ම ඔහු ගිය ගිය තැන සුදු පාලකයන් සමඟ ආරවුල් ඇති කර ගත්තේය. ඩෝසන් නමැති පොලිස් මහේස්ත්‍රාත්වරයාගෙන් වරක් දුප්පතකු වෙනුවෙන් පුරන් අප්පු ආයාචනා කළේය. එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරිණි. ඊට පළිගනු පිණිස ඔහු ඩෝසන් නමැති සුදු ජාතිකයාගේ නිවෙස කොල්ල කෑවේය. අත් අඩංගුවට පත් පුරන් අප්පුට සිර දඬුවම් නියම වුණත් ඔහු හිරෙන් පැන ගියේ තවත් සිරකරුවන් කිහිප දෙනකු සමඟිනි. යළි අත් අඩංගුවට පත් වුව ද ඔහු එවර ද බන්ධනාගාරයෙන් පැන ගියේය. ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් පුරන් අප්පු රාජ ද්‍රෝහියකු ලෙස නම් කළේ එවිටය. එසේ නම් කිරීම පුරන් අප්පුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළීමක් ද වූයේය. නීති විරෝධීන් කණ්ඩායමක් සමඟ එක් වූ ඔහු කණ්ඩායමේ නායකත්වයට පත්ව වතු හිමි සුදු ජාතිකයන්ට, සුදු ජාතික සෙබළුන්ට හා ඌව ප්‍රදේශයේ සුදු නිලධාරීන්ට එරෙහිව විවිධ ක්‍රියාවන්හි නිරත වූයේය. ක්‍රමයෙන් පුරන් අප්පු යන නාමය පීඩිත සිංහල ජනතාව අතර ප්‍රකට වූයේය. ජනතාව ඔහුට වීරයකුට මෙන් සැලකුම් කළේය. බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි දේශීය ජනතාවට විමුක්තිය ලැබිය හැක්කේ ඔවුන් මෙරටින් පළවා හැරීමෙන් පමණක් බව අවබෝධ කර ගත් පුරන් අප්පු 1845 වසරේදී මහියංගන හා මුතියංගන විහාරයන්හි ස්වාමීන් වහන්සේලා බැහැ දැක නිදහස් අරගලයට උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය. මේ වන විට පුරන් අප්පුගේ ජීවිතයට ආදරයේ සුවඳ ද ඇතුළු වී තිබිණි. හාරිස්පත්තුවේ බණ්ඩාර මැණිකේ ඔහුගේ හදවත දිනා ගත් තැනැත්තිය වූවාය. ඇය හා විවාහ වූ ඔහු දියණියකගේ පියකු වූවාය. සමකාලීනව ලංකාවෙන් අපනයනය කළ ප්‍රධාන ද්‍රව්‍යය වූයේ කෝපිය. ලෝක වෙළෙඳ පොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් අඩු වී ගෙන යද්දී මෙරට ආර්ථිකය ද කඩා වැටෙන්නට වූයේය. 1847 දී මෙරට ආණ්ඩුකාර පදවියට පත් ටොරිංටන් සාමිවරයා 1848 දී මෙරට ආණ්ඩුවේ භාණ්ඩාගාරය පුරවා ගනු පිණිස ජනතාව වෙත අලුත් බදු හතක් පැටවීමට නියෝග කළේය. බලු බද්ද, ඉස්තෝප්පු බද්ද, ඔරු බද්ද, කරත්ත බද්ද, කඩ බද්ද, තුවක්කු බද්ද හා ඇඟ බද්ද අලුතෙන් පැන වූ බදු වූයේය. ඇඟ බද්ද ජනතාවට වඩාත් හානිකර බද්ද වූයේය. සිලිං තුනක් වසරකට ආණ්ඩුවට නොගෙවන අය වසරකට දින හයක් මාවත්වල බර වැඩ කළ යුතු විය. ස්වාමීන් වහන්සේලාට පවා එම බද්දෙන් නිදහස් විය නොහැකි වූයේය. අලුත් බදු බර නිසා ජනතාව අතර ඇති වූයේ නොසන්සුන් බවකි. එම ජනතාවගේ නායකත්වය පුරන් අප්පුට පිරිනැමිණි. 1848 ජූලි මාසයේ දේශප්‍රේමීහු රංගිරි දඹුලු විහාරයට එක් වූහ. සෙත් පිරිත් සජ්ජායනයකින් පසු කුඩාපොළ ස්වාමීන් වහන්සේ විසින් පුරන් අප්පුට ‘වලිසිංහ රජු’ යන පටබැඳි නමින් සේනා නායකත්වය පැවරුවේය. අදිකාරම් තනතුර රත්වත්තේ බණ්ඩාට හිමි වූ අතර පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේ ගොඩ බණ්ඩා ප්‍රධාන තිදෙනකුට යුව රජ තනතුරු පැවරිණි. විවිධ පළාත්වල සේනා සංවිධානය ඔවුනට භාර වූ රාජකාරිය විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසන් වග ප්‍රකාශයට පත් කළ පුරන් අප්පු හෙවත් වලිසිංහ රජු සේනා පිරිවරාගෙන පැමිණ 1848 ජූලි 28 දා මාතලේ මැක්ඩොවල් බලකොටුවට ප්‍රහාර එල්ල කොට ජය ලැබුවේය. ජයග්‍රහණයෙන් උදම් වූ සිංහල ජනතාව පුරන් අප්පු කන්ද උඩරට රජු ලෙස පිළි ගත්තේය. එහෙත් සිංහල සේනාව නුපුහුණු සෙබළුන්ගෙන් සැදුම් ලත්, හොඳ ආයුධ රහිත එකක් වූයේය. එමෙන්ම යුව රජවරු ද සංවිධාන ශක්තිය සහිත අය නොවූහ. යළි සංවිධානය වූ ඉංග්‍රිසි හා මැලේ ජාතික භටයෝ මාතලේ මහනුවර මාර්ගයේදී පුරන් අප්පු ඇතුළු පිරිසට ප්‍රහාර එල්ල කළහ. පුරන් අප්පු සිරභාරයට ගෙන මහනුවරට ගෙනැවිත් යුද්ධාධිකරණයට ඉදිරිපත් කෙරිණි. 1848 අගෝස්තු 8 දා නඩු විභාගය ඇරඹුණේ වික්ටෝරියා රැජනට එරෙහිව කැරලි ගැසීම හා යුද කිරීම යන චෝදනා යටතේය. පුරන් අප්පු අභීතව එම චෝදනා පිළිගත්තේය. ඒ අනුව එදිනම පස්වරු 2 ට බෝගම්බර වැව් ඉවුරේදී පුරන් අප්පුට වෙඩි තබා මරා දැමීමට නියම කෙරිණි. දොළොස් දෙනකුගෙන් යුත් ඉංග්‍රීසි සෙබළ මුලක් පුරන් අප්පුට වෙඩි තැබූහ. එම වීර පුරුෂයාගේ අවසන් වදන් වූයේ ‘මං වගේ වීරයන් හය දෙනෙක් සිටියා නම් මේ පර සුද්දන් ලංකාවෙන් එළවා දමනවාමයි’ යන්නයි. වසර 65 සපිරෙන හෙළ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ සිංහල චිත්‍රපට නාමාවලියේ ‘වීර පුරන් අප්පු’ නාමය ද සටහන්ව තිබේ. එම වීර පුරුෂයාගේ චරිතය ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘වීර පුරන් අප්පු’ සිනමා පටය 1978 අගෝස්තු 8 දා තිරගත විය. පුරන් අප්පු ඝාතනයෙන් වසර 130 ක් පිරුණේ එදිනය. එවකට පැවැති චිත්‍රපට පෝළිමෙන් ඉවත් කර වෙනම සිනමා මණ්ඩලයක් (පස්වැනි මණ්ඩලය) පිහිටුවා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම එකල මහත් විවාදයට තුඩු දුන්නක් වූයේය. හිටපු ඇමැතිවරයකු වු ටිරෝන් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ පුරන් අප්පු ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද, කුඩාපොළ හිමි ලෙස තිස්ස අබේසේකර, රඟපෑහ. මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන, ධර්මසිරි බණ්ඩාරනායක, රොබින් ප්‍රනාන්දු, ජාන් පියර් ඕටාන්, සෝමසිිරි දෙහිපිටිය වැනි නළු නිළියන් රැසක් රඟපෑ මෙය කළු - සුදු පුළුල් තිර සිනමා නිර්මාණයක් වූයේය. කුමාර සිරිවර්ධන First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:44 PM 1848 විමුක්ති අරගලයේ නියමුවකු වු වීර පුරන් අප්පුගේ පිළිරුව මාතලේ කොහොබිලිවලවල කුණු කාණුවක් අසල ඇත. 1812 නොවැම්බර 7 වැනිදා මොරටුව ලක්ෂපතියේදී උපන් පුරන්අප්පු ඇතුළු සිංහල වීරයින් බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගෙන පිරිස විසිරවීම සදහා 1948 ජුලි 29 වැනිදා මෙම ස්මාරකය ඉදි කැරිණි. ‘මෙය පුරා විද්‍යා ස්මාරකයකි .අපිරිසිදු කිරීමෙන් වළකින්න‘ යන දැන්වීම් පුවරුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතැන සවි කැර ඇත. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:48 PM වීර කැප්පෙටිපොළ නාමය අපේ හදේ සදා රැඳිය යුතුයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරිකොබ්බෑකඩුව ඉන්ද්‍රාණි තෝරදෙණිය සහ තිලක් පුෂ්පකුමාර රටට හා ජාතියට තමා විසින් සිදුකළ යුතු මෙහෙය වගකීමක් හා යුතුකමක් ලෙස ග්‍රහණය කර ගනිමින් සිය ජීවිතය කැප කළ වීර කැප්පෙටිපොළ නිලමේ තුමන් ශ්‍රී ලාංකීය සියලු හදවත් තුළ සදා රැඳවිය යුතු චරිතයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ ඊයේ (26) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ මහමලළුවේ මොනරවිල කැප්පෙටිපොළ පිළිරුව අභියස පවත්වන්නට යෙදුන කැප්පෙටිපොළ විරුවානන්ගේ 195 වන ගුණානුස්මරණ සැමරුම් දේශනය පවත්වමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය. අප ශ්‍රී ලංකා මාතෘභූමියට විදේශීය බලපෑම් එල්ල වූ සෑම අවස්ථාවකම ඉන් අප රට මුදවා ගැනීම සඳහා බිහි වූ ජාතික වීරවරයන්ගෙන් හෙළ ඉතිහාසය හිස් නොවීය. සොලීන්ගෙන් රට බේරා ගැනීම සඳහා දුටු ගැමුණු මහා පරාක්‍රමබාහු, විජයබාහු යන නරපතීන් විසින් ජාතියට දුන් නායකත්වය නොවන්නට අද මේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ඉතිරි නොවන්නට ඉඩ නොතිබූ බව මම විශ්වාස කරනවා. සිංහලේ අවසන් රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඉතා දුර්භාග්‍ය සම්පන්න කාල සීමාවක් වුණා. වඩුග රාජ්‍ය පරම්පරාවකින් පැවත එන ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් සිදු කරන ලද දුර්දාන්ත තීරණ නිසා කන්ද උඩරට වැසියෝ රජු කෙරෙහි බලවත් කළකිරීමෙන් පසු වූහ. ඉතාමත් අභාග්‍යසම්පන්න සිදුවීම් රැසක ප්‍රතිඵලයක් ලෙස ලංකා ඉතිහාසයේ මහා ඛේදවාචකයක් වන වීර මද්දුම බණ්ඩාර හා ඇහැළේපොළ පවුල මුළුමනින්ම විනාශ කෙරුණා. මුළු රටම ශ්‍රී වික්රම රාජසිංහ රජුට එරෙහි වූ අතර උඩරට රදළ නායකයින්ට ඉංග්‍රීසීන්ගේ පිළිසරණ පතා යෑමට සිදුවුණා. මෙම අභාග්‍ය සම්පන්න වාතාවරණය යටතේයි 1815 දී උඩරට ගිවිසුම් අත්සන් කරන ලද්දේ. එය රට පාවා දීමේ ගිවිසුමක් ලෙස හැඳින්වුවද ඉන් උඩරට ප්‍රභූත් බලාපොරොත්තු වූයේ උන්මත්තක රාජ්‍ය පාලකයෙකු ඉවත් කර සිංහල ජාතියත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමයි. එහෙත් රොබට් බ්‍රව්න්රිග් නැමැති කපටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගිවිසුමෙන් අපේක්ෂිත කොන්දේසි අමු අමුවේම උල්ලංඝනය කරමින් ඉංග්‍රීසීන්ගේ අභිමතාර්ථයන් අනුව කටයුතු කිරීමට පියවර ගත්තා. තමන් උගුලක අසුවී ඇති බව ගිවිසුම් අත්සන් කළ උඩරට නායකයින්ට තේරුම් ගියේ මෙහිදීය. මෙම ගිවිසුමට කැප්පෙටිපොළ නිලමේතුමා ද අත්සන් කල අතර ඉංග්‍රීසින් විසින් එතුමා මාතලේ දිසාව භාර අධිකාරම්වරයා ලෙස පත්කරන්නට යෙදුණා. 1815න් පසු කන්ද උඩරට රාජධානිය තුළ ඉංග්‍රීසින්ගේ නොපනත්කම් දිනෙන් දින උත්සන්න වුණා. ගොවීන් සතු අටු කොටු පැහැර ගන්නා ලද අතර ඔවුන්ගේ හරකා බාන ද ගැමියන් ඉදිරියේදීම මරා අනුභව කිරීමටත්, සිංහල තරුණියන් සිය දෙමාපියන් ඉදිරියේ දූෂණය කිරීමට තරම් නිහීන වුණා. මේ අපරාධයට විරුද්ධව ඌව ප්‍රදේශවාසීන් 1817 නිදහස් සටන දියත් කරන ලද අතර මෙම කැරැල්ලේ දී ඌව දිසාපතිවරයාව සිටි විල්සන් හා ඔහුට සහාය දුන් ප්‍රධානියෙකු වන හජ්ජි මුහන්දිරම් කැරලිකරුවන් විසින් මරා දැමුණා. මෙම කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඌවේ එවකට ජනප්‍රියව සිටි කැප්පෙටිපොළ නිලමේතුමා ඌවට යැවීමට ඉංග්‍රීසි රජය විසින් තීරණය කරන ලද අතර හමුදාවත් රැගෙන අප වීරයාණන් බදුල්ල බලා පිටත් වුණා. කැරැල්ල මෙහෙය වූ දේශප්‍රේමියෙකු වන බුටෑවේ රටේරාළ විසින් තම සටනේ නායකත්වය භාර ගන්නා ලෙස කැප්පෙටිපොල නිලමේතුමන්ට ආරාධනා කළා. එම ආරාධනය භාරගත් කැප්පෙටිපොළ නිලමේතුමන් ඉංග්‍රීසි හමුදාව ආපසු හරවා යැවීමටත් නියම යුද වීරවරයෙකු මෙන් ඉංග්‍රීසි හමුදාව සතු සියලු අවිආයුධ ආපසු හරවා යැව්වේ සතුරාගේ ආයුධවලින් සතුරාට පහර දීම නියම සිංහලයෙකුගේ කාර්යයක් නොවන බව දක්වමිනි. නැවතත් ඌව වෙල්ලස්ස සිංහලයා සතු වූ අතර දිනෙන් දින කැරැල්ල උග්‍ර අතට හැරෙමින් රටේ විශාල ප්‍රමාණයක් කැප්පෙටිපොල නිලමේතුමාගේ මෙහෙයවීම යටතේ සිංහල හමුදාව විසින් අත්පත් කර ගැනීමට සමත් වුව ද 1818 ඔක්තොබර් 28 නිදහස් සටනට නායකත්වය දුන් කැප්පෙටිපොළ නිලමේතුමා හා ඔහුගේ සගයින් ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගැනීමට යෙදුණා. ඒ අනුව 1818 නොවැම්බර් 01 වැනි දින අධිකරණය විසින් නීති ප්‍රකාරව එංගන්තයේ මහ රජු විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි රජය පෙරලා දැමීමට ක්‍රමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත කැප්පෙටිපොළ හා මඩුගල්ලේ යන නිලමේවරුන් හිස ගසා මරා දැමීමට නියම කළා. ඒ අනුව අප වීරවරයන් විශේෂ සිර මැදිරියක රැඳවූ අතර එතුමාගේ පැරණි මිත්‍රයෙක් වන ඉංග්‍රීසි ජාතික මාෂල් නැමති රාජ්‍ය නිලධාරියා කියා සිටියේ කැරැල්ල සාර්ථක වුණා නම් නිතැතින්ම කැප්පෙටිපොල නිලමේතුමන් සිංහල ඉතිහාසය වෙනස් කරන බවයි. 1818 නොවැම්බර් 26 වන දින තුන් හෙළයටම අඳුරු දිනයක් විය. අප වීරයාණන් තමන්ට අත් වන ඉරණම හොඳින්ම දැන සිටිය ද දෛනික වතාවත් ඒ අයුරින් සිදු කර වදකස්ථානයට යාමට කිසිදු වෙනසකින් තොරව සූදානම් වුණා. එතුමන්ගේ මුහුණේ කිසි ලෙසකින්වත් මරණ බියක් දිස් වූයේ නැත. තමා සතු එකම වත්කම වූ හැඳ සිටි තුප්පොට්ටිය මැනවින් නවා දළඳා සමිදුන්ට මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කළ එතුමා ජීවිතයේ දුක්ඛිත අවස්ථාවන්හිදී කියවීමට පුරුදුව සිටි ධම්ම පදය ග්‍රන්ථය තමාගේ හිතවතෙකු වූ සෝයර්ස් නම් ඉංග්‍රිසී ජාතිකයාට ලබා දීමට කටයුතු කලා. මේ මොහොතේ මහත් මරණ භයෙන් කම්පිතව සිටි මඩුගල්ලේ දිසාවට මෙපමණ දිනක් වීරයන්ව සිටි අප මේ අවසන් මොහොතේ හඬා වැටීම ලැජ්ජාවට කරුණක් බවට තරයේ කියා සිටියා. අනතුරුව තමාම මිහිතලය වෙත දන ගසා දන්ගෙඩියට ගෙල තබා එක කඩු පහරින් ගෙල සිදින ලෙස ගහලයාට පවසා සිටියා. ඉමහත් භක්තියෙන් යුක්තව බුද්ධ නමස්කාර ගාථාව සජ්ඣායනය කළ අප රණවීරයා අරහං සම්මා සම්බුද්ධෝ යන වචනය කියා අවසන් වනවාත් සමග වධකයා එතුමන්ගේ බෙල්ලට එල්ල කළ පහර නිසි ලෙස නොවැදීම නිසා බෙල්ල කැපී වෙන් නොවූ හෙයින් තමාගේ බෙල්ලට එල්ල කළ යුතු පහර ගැසිය යුතු ස්ථානය ගහලයාට පෙන්වා දීමට තරම් එතුමන් නිර්භීත වුණා. ගහලයාගේ දෙවන කඩුපහරින් මේ ශ්‍රේෂ්ඨ රණවිරුවාගේ ගෙලවෙන් වූ පසු අප මාතෘ භූමියේ ගැලවුම්කාරයෙකු විය යුතුව තිබූ වීරෝදාර සිංහලයෙකුගේ නිමාව සනිටුහන් වුණා. මෙම සියලු සිදුවීම් දෙස බලා සිටි ඉංග්‍රීසි පාලකයින් මේ උදාර පුද්ගලයාගේ හිස වැලලීම නුසුදුසු යැයි තීරණය කර තම රටට ගෙන ගොස් සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. 1818 නොවැම්බර් 26 වන දින වසර 1500කට අධික කාලයක් අප මාතෘභූමියේ පැවති ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය මුළුමනින්ම අවසන්ව කැප්පෙටිපොල රණවිරුවාගේ මරණයත් සමග සමස්ත ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වුණා. තම ජීවිතයේ අවසන් මොහොත කෙතරම් කෲරතර එකක් වූව ද උපන් රටට හා ජාතියට තමාවිසින් සිදු කළ යුතු මෙහෙය සිය වගකීමක් හා යුතුකමක් ලෙස ග්‍රහණය කර ගනිමින් සිංහල ජාතිය හා බුදු සමය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ වීර කැප්පෙටිපොළ නිළමේතුමන් ශ්‍රී ලාංකීය සියලු හදවත් තුළ සදා රැඳවිය යුතු ශ්‍රේෂ්ඨ චරිතයක් ලෙස හඳුන්වා දීමට කැමතියි. එතුමන් පිළිබඳව වන්දනීය මතකයන් සියලු ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදා තැන්පත් කර ගත යුතු බව මම තරයේ විශ්වාස කරනවා. මේ උතුම් යුග පුරුෂයා අද අප විසින් ස්මරණය කළ යුත්තේ එතුමන් විසින් අප සිංහල ජාතිය ලොව කිනම් ජාතියකට වුව ද නොදෙවෙනිය යන්න ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසාය. මෙම ශ්‍රේෂ්ඨ රණවිරුවා දැයෙන් සමුගෙන වසර 195ක් ගතවෙන මේ මොහොතේ අද ශ්‍රී ලංකාව මුහුණපා ඇති තත්ත්වය ද අපේවිශේෂ අවධානයට යොමුවිය යුතු යැයි මම විශ්වාස කරනවා. එදා 1815 උඩරට ගිවිසුම මඟින් වංචනික ලෙස අප මාතෘභූමිය ඩැහැගත්තාක් මෙන් අද ද අධිරාජ්‍යවාදී බූවල්ලන් විසින් තිස් වසරක් මෙරට වෙලා ගත් රුදුරු ත්‍රස්තවාදය පරාජය කර ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස විනාශ කරන්නට කැස කවන පිරිසකගේ උත්සාහයක් අදත් ඉස්මතු වන බවක් පෙනී යන බව සඳහන් කරන්නට කැමතියි. එදා රොබට් බ්‍රවුන්රිග් උඩරට ගිවිසුම මඟින් කළ දෙය ඒ අයගේම පරපුරේ අනුප්‍රාප්තිකයින් විසින් මානව හිමිකම් හා යුධ අපරාධ වැනි ප්‍රලාපයන් ඉදිරියට දමමින් අද කරන්නට යන්නේ ද එකම දෙයකැයි මට සිතෙනවා. එපමණක් නොව එදා එක්නැලිගොඩලා මොල්ලිගොඩලා හජ්ජි මුහන්දිරම්ලා කළ දෙය අදත් මානව හිමිකම් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මිලි බෑන්ඩ්ලා මැක්රේලා හා එක සයනයෙහි නිදන අප රට වෙසෙන ඇතැම් දේශද්‍රෝහීන් කරන්නේ එකම කාර්යභාරයක් නොවේ දැයි මම ප්‍රශ්න කරනවා. වීර කැප්පෙටිපොල පරපුරේ වත්මන් පුරුක් ලෙස අප සතු වගකීම නැවත මතක් කර ගැනීමට මෙම අභීත රණවිරුවා ස්මරණය කරන මොහොතේ රටට ආදරය කරන අප සැමගේ යුතුකමක් ලෙස ද මම දක්වන්නට කැමතියි. නැවතත් අප මාතෘ භූමිය එදා බ්‍රවුන්රිග්ලා කළ විනාශය වෙනත් ආකාරයකින් සිද්ධ කරන්නට කැස කවන දේශීය හා විදේශීය බලවේගයන්ට ඉඩ නොතබමින් දේශීය චින්තනයක් සහ අප මාතෘ භූමිය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති වත්මන් නායකත්වය සමඟ ඉදිරියට යාම අප සැමගේ කාලීන අවශ්‍යතාවය බව අප සියලු දෙනා විසින් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. 194 වැනි වීර කැප්පෙටිපොල ගුණානුස්මරණ උත්සවයේදී මවිසින් දක්වන්නට යෙදුණු එතුමාගේ හිස් කබල එම ස්ථානයෙන්ඉවත් කිරීමට යම් උත්සාහයක් වේ නම් එය ව්‍යර්ථ කිරීමටත් 1818 නොවැම්බර් 18 වන දින බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද අරගලයට සම්බන්ධ ප්‍රධානීන් රාජද්‍රෝහීන් ලෙස නම් ෙකාට දේපල රාජ සන්තක කරන බවට නිකුත්කර ඇති රාජාඥාව අවලංගු කිරීමටත් කටයුතු කළ යුතු බවට වූ මගේ යෝජනා නැවතත් සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වීර කැප්පෙටිපොල මොණරවිල වැනි ජාතිමාමක නායකයින් දහස් ගණනින් අප මාතෘභූමියෙහි ජනිත වේවායි ප්‍රාර්ථනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ගරුතර මහා සංඝරත්නය දියවඩන නිලමේ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. . First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 13 Jan 2015 05:51 PM ඉන්දික මල්ලී වීර පුරන් අප්පු. කැප්පෙටිපොල, මහින්ද හිමි, සූර සරදියෙල් මේ ලිපි ඔක්කොම එකම තැනක දැම්මා නම් හොඳයි නේද.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:54 PM මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් Posted by: daham , November 25, 2012 අභීත සෙන්පතියෙකු ලෙසින් සිය දිවි පිදූ මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ 194 වැනි ගුණානුස්‌මරණය අදට (26 දාට) යෙදී ඇත.ඒ වෙනුවෙන් පින්සිරි ගෙන එන විශේෂ ලිපියෙකි මේ…ජාතිය අවදි කරමින් මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් සිහි කරන අද වැනි දිනක මුළු මහත් ජාතියේම ගෞරවය ඔහුට හිමිවිය යුතුය. මොණරවිල වීර කැප්පෙටිපොල නිළමේතුමා…විශේෂ ලිපි තුනකින් අද මෙමෙ විශේෂාංගය සමන්විත වෙනවා .දුර්ලබ තොරතුරු රැසක් ද මිට අයත් . කැප්පෙටිපොළ මහ දිසාවගේ අත්සන වීරයෝ අමරණීයයි. ඒ ඔවුන් මිය නොයන නිසා නොවේ. මිය ගියත් මරණයෙන් පසුව ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙන නිසාය. සමරු ඵලකවල සටහන් වන නිසාය. ශ්‍රී ලාංකීය ඉතිහාසය රණවිරුවන්ගේ, දේශ මාමකයින්ගෙන් පිරී තිබේ. ඒ අතර අද්විතීය නාමයකි මොණරවිල කැප්පෙටිපොල දිසාව. මේ අභීත රණවිරුවා දේශය වෙනුවෙන් දිවි පුදා නොවැම්බර් 26 දිනට අවුරුදු 194 කි. ශ්‍රී වික්රම රාජසිංහ රජුගේ පීඩාකාරී පාලනයෙන් මිදීම සඳහා ඉංග්‍රීසීන්ගේ සහාය පැතීමෙන් සටකපට උපක්‍රම ශීලී පිළිවෙතක් අනුගමනය කළ ඉංග්‍රීසීහු 1815 මාර්තු මස 02 දා සම්මත කරගත් ගිවිසුමට අනුව උඩරට රාජ්‍ය පිළිබඳ බලතලද පවරා ගනු ලැබීණ. කැප්පෙටිපොළ හිස් කබල නැවත ලංකාවට භාරදුන් අවස්ථාව. වම් පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ සිව්වෙනි පරම්පරාවේ උපාලි මොනරවිල කැප්පෙටිපොළ ගිවිසුම් පත්‍රයට අනුව සිංහල චාරිත්‍ර වාරිත්‍ර කඩ නොකරන බවට ඉංග්‍රීසීන් පොරොන්දු වූවද ගිවිසුම් ප්‍රකාර කඩ වන දෙස කැප්පෙටිපොල නිළමේ බලා හුන්නේ දැඩි වේදනාවෙනි. ශ්‍රී වික්‍රම රජුගෙන් සිදු වූ ගැහැටවලින් මිදීමට, ආශිර්වාදයක් ලබන්නට අදහස් කරගනිමින් ඉංග්‍රීසීන් ගිවිසුමක් කන්ද උඩරටද පැවැරුවද ඉංග්‍රීසීන්ගේ විවිධ බදු බර, පීඩාවන් නිසාම තෘප්තිමත් නොවූ වෙල්ලස්‌සේ ගිණි පුපුරු දලුලන්නට වීය. මහනුවර කෞතුකාගාරයේ තබා ඇති කැප්පෙටිපොළ මහ දිසාවේගේ නිල ඇඳුම ඌව වෙල්ලස්‌ස පුරා පැතිරුණු කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසී හමුදාවෝ අසමත්වූහ. මේ නිසාම කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා 1817 නොවැම්බර් මස 01 දින කැප්පෙටිපොල නිළමේ සමග භට පිරිසක් ඌව වෙල්ලසට පිටත් කරනු ලැබ ඇත. එහිදී කැරැලි කරුවන් සමග එක් වූ මේ අභීත රණවිරුවා දේශය වෙනුවෙන් සිය මෙහෙවර ඇවැසි යුගයක් දැයි සිතා එක්‌වන්නට ඇතැයි සිතන්නට ඇත. මේ බව දත් ඉංග්‍රීසි පාලකයෝ දැඩි ලෙස කුපිතවුහ. 1818 ජනවාරි මාසයේදී නිළමේ සතු සියලු දේපළ රාජසන්තක කරන්නට ඉංග්‍රීසීහු තීරණය කළහ. කැප්පෙටිපොල නිළමේතුමා අල්ලා දෙන්නෙකුට පගෝදි දහසක් පිරිනමන බවටද ඉංග්‍රීසීහු ප්‍රකාශයට පත් කළහ. එහෙත් ඌව වෙල්ලස්‌ස, වියලුව වලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වූ කැරැල්ල මැඩපැවැත්වීමට ඔවුනට නොහැකි වූහ . ඌව වෙල්ලස්‌ස ජනතාව එක්‌ව කිවුලේගෙදර මොහොට්‌ටාල විසින් ගෙනැවිත් තිබූ රාජාභරණ පළදවා රාජ්‍යත්වයට පත් කරනු ලැබූ දොරේසාමි කුමරු උඩරට ප්‍රදේශය පුරා සංචාරය කරවමින් කැරැල්ලට නව පණක් දෙන්නට තරම් කැප්පෙටිපොල නිළමේතුමා කටයුතු කර ඇත. එහිදී තුන් දහසකට අධික ජනතාවක් එක්‌රොක්‌ව සිටි බවද සඳහන් වේ. මේ නිසාම 1818 ජූනි මාසය වන විට ඉංග්‍රීසීන් මහනුවර අතහැර මුහුදුකරයට පසු බසිනු ඇතැයි විශ්වාස කළද අගෝස්‌තු මාසය වන විට නොසිතූ ලෙස කැරැල්ලේ වාසිය ඉංග්‍රීසීන් අතට පත්විය. මදුරාසියේ සිට අතිරේක බළ ඇණි ලැබීමක් සමග දේපළ වනසමින් අහිංසක වැසින් ඝාතනය කරමින් ඉංග්‍රීසීහු උඩරට බරපතල ව්‍යවසනක් සිදු කළහ. කැරැලි කරුවන් අතර ඇති වූ විවිධ මත භේද නිසාම කැප්පෙටිපොල නිළමේතුමා සහ දොරේසාමි ඉංග්‍රීසී හමුදා අතට පත්විය. ඉංග්‍රීසී හමුදාවෝ ලද තොරතුරක් මත කහල්ල ප්‍රදේශයේ නිවසක් වටලා එහිදී කැප්පෙටිපොල, පිළිමතලාවේ සහ මඩුගල්ලේ නිළමේවරුන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබ ඇත. මඩුගල්ලේ මෙහිදී ඉංග්‍රීසීන්ගෙන් මිදී පලා ගිය බවද සඳහන්වේ. එහිදී මමයි කැප්පෙටිපොල යනුවෙන් දෙවරක්‌ම ප්‍රකාශ කරමින් හමුදා නිළධාරීයෙකුගේ අතගත් මේ අභීත රණවිරුවා ඒ අවස්‌ථාවට මුහුණදී ඇත. කැප්පෙටිපොල අත්අඩංගුවට ගත් බව දැනගත් ඉංග්‍රීසී පාලකයෝ මහත් සතුටට පත් වූ බව ද සඳහන් වේ. ඒ අනුව නොවැම්බර් මාසයේදී යුදාධිකරණ හමුවට ඉදිරිපත් කළ අභීත රණවිරු කැප්පෙටිපොල සහ පිළිමතලාවේ රණවිරුවාගේ හිස ගසා මරා දමන ලෙස අණ ලැබිණි. ඒ අවාසනාවන්ත දිනය ලෙස නොවැම්බර් මස 26 දා තීරණය කෙරිණි. බෝගම්බරදී හිස ගසා ජීවිතාක්‍ෂයට පත් කිරීමටද නියම කෙරිණි. දිනය උදාවීය. නිළමේවරුන්ගේ ඉල්ලීම මත එදින උදෑසනම දළදා මාළිගාවට රැගෙන එනු ලැබීය. එහිදී ඌවේ ඒජන්ත සමග කතා බහ කළ කැප්පෙටිපොල නිළමේතුමා දළදා වහන්සේ ඉදිරියේ දණ නමස්‌කාර කර තමන් කරන ලද පිංකම් සිහිපත් කළේය. තමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කළ මේ අභීත රණවිරුවා තමන් සතුව ඉතිරිව තිබූ එකම වස්‌තුව වූ තුප්පොට්‌ටිය ගලවා දළදා සමිදුන්ට පූජා කළේය. ඒ පිනෙන් කොටසක් ඌවේ ඒජන්ත සයිමන් සෝයර්ස්‌ටද අනුමෝදන් කරන්න අමතක නොකළහ. ඒ අභීත සිංහලයින්ගේ ගතිගුණ කෙලෙහි ගුණ දන්නා පිරිසක් බව අඟවමිනි. අනතුරුව මේ අභීත රණවිරුවන් දෙදෙනා බෝගම්බර වධකාගාරය වෙත රැගෙන එනු ලැබීය. කැප්පෙටිපොල අභීත රණවිරුවා සිය කෙස් වැටිය හිස පිටුපසට කොට පා ඇඟලිවලින් කුඩා පඳුරක් අල්ලා හිඳ ගත්තේය. ඉනේ රදවාගෙන සිටි කුඩා පුස්‌කොළ පොතක් අතට ගත් රණවිරුවා එහි ලියා තිබූ ගාථා කීපයක් කියවා සිත සන්සුන් කර ගත්තේය. මිත්‍රත්වය අමතක නොවන්නට ඒ පුස්‌කොළ පොත ඌවේ එජන්තවරයාට තිළිණ කළේය. අවසානයේදී ගහලයාගෙන් ඉල්ලීමක් කරමින් මම බුදු ගුණ සිහි කරමින් ගාථා කියවද්දී හිස ගසා දමන්නැයි ද බුදු ගුණ ගාථා කියමින්ම ගහලයාට හිස පෑමට තරම් ඒ අභීත රණවිරුවා එඩිතරවූහ. මේ හිස එකවර ගසා දමන්නට නොහැකිවීය. තව කඩු පහරක් වැදිනි. හිස කදින් වෙන් වූ පසුව සිරිතක් ලෙස හිස කවන්ධය මත තබනු ලැබීය. විශිෂ්ටත්වයේ, පෞඪත්වයේ, අභීත, එඩිතරකමේ එඩිය පෑ මේ අභීත රණවිරුවාගේ හිස් කබල මහ පොළවට යට නොකර විශේෂ පර්යේෂණ සඳහා ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට ගෙන ගොස් එහි කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබීය. මේ හිස් කබල ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා ලංකාවට ගෙනවුත් කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. එහෙත් මෙම හිස් කබල ඥාතීන්ගේත් මහජනතාවගෙත් දැඩි විරෝධයද නොතකා 1954 නොවැම්බර් මස 26 වැනි දින ශ්‍රී දළදා මාළිගාව අභියස කොන්ක්‍රීට් අතුරනයක් යට සැඟවීය. එදා සිට නොවැම්බර් මස 26 දින හිස් කබල යට කර ඉදි කළ ස්‌මාරකය අභියසදී ගුණ ගායනා කරනු ලැබුවද මේ අභීත රණවිරුවාගේ මෙහෙවර අනාගත පරපුරට සිහිපත් කිරීමට අවැසි කටයුතු නොකරන බව කියයි. ඒ සඳහා කළ යුතු එකම මෙහෙවර හිස් කබල ගොඩ ගෙන කෞතුකාගාරයේ තැන්පත් කිරීම යෑයිද ඥාතීහු ඉල්ලීමක් කරති. ඒ ඉල්ලීම සඳහා අභීත රණවිරු කැප්පෙටිපොල විරුවාගේ 194 සමරුම් දිනයේදී බළධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයිද ඥාතීන් අපේක්‍ෂාවෙන් දෑස් දල්වාගෙන සිටිති. …………………………………………………………………………………………………………………………………………………….. 1815 ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්‍රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික නියෝජිතයා වුණු ජෝන් ඩොයිලි අතේ තමා අවසන් බලය රැදිලා තිබුණේ.. ජෝන් ඩොයිලි මේ විදිහට ටික දවසක් යනකොට රදළ නායකයන් වගේම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතරත් නොසන්සුන්තාවයක් ඇතිවුණා කියලා කියන්න පුලුවන්. මේකට බලපාපු කරුණු කීපයක්ම දැකගන්න පුලුවන්. මූලික කරුණ විදිහට මම හිතන්නේ උඩරට නායකයන්ව ඉංග්‍රීසින් විසින් බරපතළ රැවටීමකට ලක් කිරීම. මොකද ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයට රදළයන් සහය දෙන්නේ කෲර රජතුමා බලයෙන් පහ කරලා යහපත් සිංහල පාලනයක් ඇතිකරන්න ඉංග්‍රීසීන් සහය දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ඉංග්‍රීසින් උඩරට සිංහලයන්ට එහෙම භාර දෙන්න කල්පනා කළේ නැහැ. ඒ වගේම තවත් හේතුවක් තමා උඩරට රදළ බලය ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම ක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තු එක. තව හේතුවක් විදිහට දක්වන්නේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය වුණු “මෙකී රටවල්වල [සිංහලේ] මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතු සංඝයාද විහාර ස්ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ.” ඉංග්‍රීසීන් නිසියාකාරව ඉටු නොකිරීම මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් රජතුමා අනෙක් කාරණය විදිහට මට හිතෙන්නේ උඩරට මිනිස්සු අනාදිමත් කාලයක ඉදන් තමන්ගේ ඇහැට දකින්න ලැබුණු රජතුමෙක්ටයි ගරු කළේ තමන්ගේ පාලකයා විදිහට. ඒ රජතුමා තමන්ගේම මනුස්සයෙක් වුණු නිසා තමන්ගේ දුක් ගැනවිල්ලක් වුණත් රජතුමාට කියන්න පුලුවන් කියන විශ්වාසේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අලුත් රජතුමා වුණු මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් ඇහැට දක්න්න බැරි තමන්ගේ භාෂාව කතා නොකරපු මනුස්සයෙක් වීමත් ප්‍රශ්නයක් වෙන්න ඇති. කැරැල්ලට ආසන්නතම හේතුව වෙන්නේ 1817 දී හජ්ජි මුහන්දිරම් නමින් වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් අයෙක් මුහන්දිරම්වරයෙක් පත්කිරීම. මේ හජ්ජි මුහන්දිරම්ව මරා දැමීමෙන් සහ ඊට පස්සේ බදුල්ලේ ඒජන්ත විල්සන්ව මරා දැමිමෙන් තමා උඩරට මහ කැරැල්ල පටන් ගන්නේ. මේ කැරැල්ල සම්බන්ධව කතා කරන්නවත් කැරැල්ලට මුල්වුණු හේතු කතා කරනවත් නෙමේ මේ සටහන ලියන්නේ. ඒක නිසා ඒ කරුණු බොහොම සාරාංශ ගත කරලා තමා කතා කෙරෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ සටහනෙන් මූලිකව කතා කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ සහ කැරැල්ලේ මූලිකයා විදිහට කතා කෙරෙන ව්‍යාජ රජතුමා ගැන. ව්‍යාජ රජතුමා ගැන මුලින් කතා කළොත් කැරැලිකරුවන්ගේ උද්‍යෝගයට හේතුවෙන විදිහට වගේම මහජන පක්ෂපාතීත්වය දිනාගන්න සූර්ය වංශික රාජ ලේ තිබෙන කුමාරයෙක් විදිහට පෙනී සිටින්නේ දොරේසාමි නමින් හඳුන්වපු පුද්ගලයා. ඔහු රාජාධිරාජසිංහ රජතුමාගේ මස්සිනා විදිහටත් ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නෑයෙක් වුණු කලුනායක්කර්ගේ පුතෙක් විදිහටත් තමා කැරලි නායකයන් විශ්වාස කළේ. ඒ අනුව අභිෂේක මංගල්‍යයක් පවත්වලා වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල නමින් රාජ්‍යත්වයට පත් කරන්නත් කැප්පෙටිපොළ ඇතුළු පිරිස කටයුතු කරනවා. රුහුණු කතරගම මහා දේවාලයේ කොඩිය විශේෂම කරුණක් විදිහට දක්වන්න පුලුවන් වෙන්නේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල ඇතුලු කැරලි නායකයන් කැරැල්ල සිදු කරන්නේ තමන්ට ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් වරමක් ලැබුණු බව දක්වමින්. ව්‍යාජ රජු හිටිය සෑම ස්ථානයකටම රැගෙන ගිය කතරගම දේවාලයෙන් වැඩම කෙරවුණු දේවාභරණ කීපයක් වියන් යට තබමින් පුද සත්කාර කල බව කියවෙනවා. සංග්‍රාමික දෙවි කෙනෙක් විදිහට කතරගම දෙවියනට ලැබී තිබුණු පිළිගැනීමත් එක්ක මේ කතරගම දේව වරම පිළිබඳ කතාව පැතිරුණා කියන එක හිතන්න පුලුවන්. මේ ව්‍යාජ රජතුමා රජ වාසළ නිලධාරීන් පත් කරනවා වගේම දිසාවේවරුත් පත් කරන්න කටයුතු කරනවා. ඒත් අවසානයේදී ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ ව්‍යාජ රජතුමාගේ දෙවෙනි අදිකාරම් විදිහට පත් කරලා තිබුණු මඩුගල්ලේ මහ නිලමේ විසින් මොහු රාජ උරුමයක් නොමැති විල්බාවේ නම් සිවුරු හළ අයෙක් බව සොයා ගැනීමත් එක්ක. මඩුගල්ලේ නිලමේ ව්‍යාජ රජතුමාව වගේම කැප්පෙටිපොළ මහ නිලමේත් දුම්බරදී අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. එතනින් හංවැල්ලට අරන් ගිය හංවැල්ලේ අටුවේ සිරකර ඉන්න කොහොම නමුත් ව්‍යාජ රජතුමා එතනින් නුවර කලාවියට පලා ගිහින් විවාහ වෙලා දරු පවුලකුත් එක්ක ඉද්දී තමා 1830 අල්ලා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙන්නේ. ඒ මොහු අල්ලා දෙන අයෙක්ට ත්‍යාගයක් දෙන බව කියලා තිබුණු නිසා හාරිස්පත්තුවේ භගවා ගල්ලෙනේ විසූ පුස්සේගොඩ උන්නාන්සේ වැද්දෙක්ගෙන් විල්බාවේ ගැන තොරතුරු දැනගෙන ඒවා ඉංග්‍රීසින්ට ලබාදීමෙන්. 1830 මාර්තු 23 විල්බාවේ කලාගන් තුලානේ දලුදොඹ වැව ගමේදී අල්ලා ගන්න ඉංග්‍රීසීන්ට පුලුවන් වෙනවා. පස්සේ 1830 ජූලි ඉදන් 1832 දක්වා කෙරුණු විවිධාකාරයේ සාකච්ඡා ගණනාවකින් පස්සේ ඉංග්‍රීසි පාලකයන් තීරණය කරනවා විල්බාවේට නිදහස ලබාදෙන්න. ඒකට හේතුවෙන්න විල්බාවේ දුන්නු සාක්ෂිය වගේම විත්තිකරුට පක්ෂව තිබුණු අනෙකුත් සාක්ෂි සලකලා බැලීමෙන්. විල්බාවේගේ සාක්ෂිය කෙටියෙන් දක්වන්නම්. විල්බාවේ කියන්නේ මෙහෙම කතාවක්. තමන් භික්ෂුවක් විදිහට අල්ගම උන්නාන්සේ සහ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් පස් නමක් එක්ක කතරගම වන්දනා කරලා දඹුල්ලට යන්න මහියංගණය හරහා එද්දී වැදි පිරිසක් එක්ක ආපු කිවුලේගෙදර මොහොට්ටාල තමන්ව අල්ලා ගෙන සිවුරු හරවලා ගිහි ඇඳුම් අන්දවනවා. පස්සේ විල්බාවේව රජතුමා නමින් හඳුන්වපු පුද්ගලයෙක් ගාවට ගෙනියනවා. ඒ පුද්ගලයා විල්බාවේව රජ පවුලට අයත් කෙනෙක් විදිහට දක්වන්න ගියත් විල්බාවේ අකමැති වීම නිසා ඔහු විල්බාවේව මුණින් අතට දිගා කරවලා තලලා දඬුකඳේ ගහලා තියෙනවා. අවසානයේදී ඒ රජු විදිහට ඉන්න කෙනා වැද්දෙක් විදිහට වෙස් වලා ගැනීමත් එක්කම විල්බාවේව මාළිගයට ඇතුල් කරලා අවසානයේදි කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් විල්බාවේට කිරුළු පැලැඳවීමත් සිදුවෙනවා. ඒත් අවසානයේදී තමන්ගෙන් පළමු අදිකාරම්කම ඉල්ලපු මඩුගල්ලේට විල්බාවේ තමන් ගැන ඇත්ත කරුණු හෙළි කිරීමත් එක්ක මඩුගල්ලේ විල්බාවේව අත් අඩංගුවට ගන්නවා. ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසීන් තීරණය කරන්නේ අනුන්ගේ පෙළඹවීම මත විල්බාවේව රජු විදිහට පත් කරගත්තු බවත් ව්‍යාජ රජතුමා නිකුත් කළ නියෝග සැබවින්ම නිකුත් කරන්න ඇත්තේ කැප්පෙටිපොළ ඇතුළු නායකයන් කියලා. මේ අනුව බලද්දී විල්බාවේ නිදහස් කිරීමේ කිසියම් සාධාරණ පැත්තකුත් පේන්න තියෙනවා. කැප්පෙටිපොළ මහ දිසාවේ මේ කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් කැප්පෙටිපොළ පරම්පරාව ගැනත් කියන්න ඕනේ. 18 වන සියවසේ මුල් භාගයේ බත්වඩන නිළමේ, දියවඩන නිළමේ, මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ තනතුරු දරපු රාජපක්ෂ වික්‍රමසේකර [පසුව වාසගම වික්‍රමසිංහ බණ්ඩාරනායක] මුදියන්සේ රාළහාමි තමන්ගේ නිජ භූමිය වුණු සතර කෝරළේ කැප්පෙටිපොළ ඉදන් මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිලට ඇවිත් මොනරවිල තමන්ගේ වාස භූමිය කරගන්නවා. එහෙම තමා මොනරවිල කියලා කොටසකුත් කැප්පෙටිපොළ පරපුරට එකතු වෙන්නේ. වික්‍රමසේකර මුදියන්සේ රාළහාමිගේ පුත්‍රයා වුණු ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ රාජාධිරාජසිංහ රජතුමාගේ දියවඩන නිළමේ විදිහට කටයුතු කරනවා. මේ නිළමේ විවාහ වෙන්නේ මොනරවිල කුමාරිහාමිත් එක්ක. ඔවුන්ගේ දරුවෝ වුණේ වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ සහ දියණිය පසුකාලෙක ඇහැලේපොළ මහාදිකාරම් හා විවාහ වුණු ඇහැලේපොළ කුමාරිහාමි. 1815 ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමත් එක්ක ඒ සඳහා පිළියෙල කෙරුණු උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන් කරන රදළයන් කීප දෙනාගෙන් එක් කෙනෙක් වෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. ඌවේ දිසාවේ විදිහට තමා එතුමා කටයුතු කරන්නේ. මේ අතරවාරයේදී තමා 1818 මහ කැරැල්ල පටන් ගන්නේ. 1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ අලුපොත ප්‍රදේශයේදී කැරලිකරුවන් සමඟ එකතු වෙන්නේ. 5000 ක විතර පිරිසක් එක්ක ගමන් කරපු කැප්පෙටිපොළට කොහුකුඹුරේ රටේරාළ හෝ බූටෑවේ රටේරාළ හමුවෙනවා. එහිදී රටේරාළ මහ දිසාවේගෙන් ආයාචනය කරනවා අඳුරේ තියෙන රට ආලෝකමත් කරන්න පහළ වෙලා ඉන්න රජතුමාට එකතු වෙන්න කියලා. මේ ඉල්ලීමත් එක්ක තමන්ගේ පිරිසත් එක්ක කැරලිකරුවන්ට කැප්පෙටිපොළ නිළමේතුමා එකතු වුණා වගේම තමන් එක්ක හිටිය ඉංග්‍රීසි සොල්දාදුවන් ඔවුන්ගේ ආයුධත් එක්ක නිරුපද්‍රිතව පිටත් කරන්නත් එතුමා කටයුතු කරනවා. වීර වික්‍රම කීර්ති ශ්‍රී මහවාසළ රජතුමාගේ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය කැප්පෙටිපොළ මහා දිසාවේට පිරිනැමෙනවා කැප්පෙටිපොළගේ මේ වෙන්වීමෙන් ඉංග්‍රීසින්ට ලොකු භයක් ඇතිවෙනවා උඩරට රදළයන් හුඟ දෙනෙක් කැප්පෙටිපොළගේ නෑදෑයන් වීමත් එක්ක ඔවුනුත් කැරලිකරුවන්ගේ පක්ෂෙට එකතු වෙයිද කියන එකෙන්. ඇහැලේපොළ මහ නිලමේ කැප්පෙටිපොළගේ මස්සිනා වීමත් මෙහිදී විශේෂයි. මේ නිසාමයි ඇහැලේපොළ මහ නිලමේව කොළඹට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. කැරලි මර්දනයට වෙලිංටං ආදිපාදවරයාගේ 19 වෙනි රෙජිමේන්තු භටයින් සැරසුණු ආකාරය 1818 ජනවාරි 1 ආණ්ඩුකාරයා කැප්පෙටිපොළ නිළමේ ඇතුළු තවත් රදළ නායකයන් 17 දෙනෙක් කැරලිකරුවන් එක්ක එකතු වුණු නිසා තනතුරුවලින් නෙරපලා දේපළ රාජසන්තක කරනවා. ඉංග්‍රීසීන් මාර්තු 19 නිකුත් කරපු ආඥාවක් අනුව රාජද්‍රෝහී වුනු කැප්පෙටිපොළ නිළමේ අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 2000 කුත් අනෙක් ප්‍රධාන කැරලි නායකයන් වුණු මඩුගල්ලේ නිලමේ සහ පිළිමතලාවේ නිලමේවරු අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 1000 බැගිනුත් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා මේ අතරවාරයේ වාරිපොළ සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් දළදාව තමන් යටතට ගන්න කැප්පෙටිපොළ නිළමේතුමා සමත් වීමත් එක්ක හඟුරන්කෙතදී දළදාව ප්‍රදර්ශනය කරපු කැප්පෙටිපොළ නිළමේතුමා තමන්ගේ රජුගේ උරුමය තහවුරු වී තිබෙන බවත් ජයග්‍රහණය අත ළඟ බවත් දක්වනවා.දළදා ප්‍රදර්ශනයේ තිබෙන වැදගත්කම තමා මේ වගේ අවස්ථාවක මහජන පක්ෂපාතීත්වය දිනාගන්න පුලුවන් වෙන එක. දඹදෙණියේ රාජ්‍යය කරපු II පරාක්‍රමබාහු රජතුමාත් කාලිංග මාඝ එක්ක යුද්ධයට යන්න කලින් දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමෙන් අපේක්ෂා කලේ මෙදා කැප්පෙටිපොළ නිළමේතුමා අපේක්ෂා කරපු දේම තමා.සටන් දිගටම යන නිසා උපායශීලී වුණු ඉංග්‍රීසීන් රහස් සාකච්ඡා මඟිනුත් හුඟක් රදළයන් තමන්ට පක්ෂපාතී කරගත්තා වගේ අගෝස්තු 1 ඉදන් සැප්තැම්බර් 20 වෙනකම් පොදු සමා කාලයකුත් ප්‍රකාශයට පත් කරනවා.ඒත් 1818 අග භාගය වෙද්දී රජතුමා ව්‍යාජ අයෙක් බව හෙළිවීමත් නියම දොරේසාමි කුමාරයා මදුරාසියේ සිටින බව ඉංග්‍රීසීන් ප්‍රචාරය කිරීමත් එක්ක කැරලි හමුදාව බිඳ වැටෙන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 පනවන ලද යුධ නීතියත් එක්කම ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රතිපත්ති [හරක බාන, වතු පිටි හැමදේම ගිනි තබලා විනාශ කලාලුනේ] වගේම සූක්ෂම වැඩ නිසාත් කලින් කියපු කැරැල්ලේ හිටපු රදළයන් භේද වීමත් එක්ක කැරැල්ල බිඳ වැටෙනවා. මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්‍රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක. ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා…ඒ යටතේ ඔක්තෝබර් 28 ලුතිනන් ඔනීල් ඇතුළු කණ්ඩායම නුවර කලාවියේ පරවහගම වලව්වකදී කැප්පෙටිපොළ නිළමේ සහ පිළිමතලාවේ නිළමේ අල්ලගන්න සමත් වෙනවා. ලුතිනන් ඔනීල් වලව්වට ඇතුළු වුණු ගමන් ඔහුගේ අතින් අල්ල ගත්තු කැප්පෙටිපොළ නිළමේතුමා “මම තමා කැප්පෙටිපොළ” කියලා දෙපාරක් කියනවා. ඒ වෙද්දී පිළිමතලාවේ අසනීප වෙලා ඇඳේ ඉන්නේ. මේ අවස්ථාවේ මඩුගල්ලේ ඇතුළු පිරිසක් පලායන්න සමත් වෙනවා. කැප්පෙටිපොළ සහ පිලිමතලාවේ නිළමේවරු අල්ලාගත් පලාගල පරවහගම ඉදිකර ඇති ස්මාරකය ඒත් මීළඟට නොවැම්බර් මාසයේදී හිඟන්නෙක් විදිහට බින්තැන්නේ හිටිය කිවුලේගෙදර මොහොට්ටාලත් ඊටත් පසුව මඩුගල්ලේ නිලමේවත් අල්ලගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. දළදාවත් නැවත වරක් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමත් එක්ක කැරැල්ල අවසන් වෙනවා…අවසානයේදී නොවැම්බර් 13 මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතීත්වයෙන් පැවැත්වුණු යුද්ධාධිකරණයෙන් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිළමේවරුන්ට මරණ දඬුවම නියම කෙරෙනවා. පිළිමතලාවේටත් මරණ දඬුවම නියම කෙරුණත් පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන්න නියම වෙනවා.ඒ හැරෙන්න තවත් කැරැල්ලට සම්බන්ධ වුණු රදළ නායකයින් 40 කට විතර මරණ දඬුවම නියම කරනවා වගේම භික්ෂූන් වහන්සේලා 10 නමක් යාපන බන්ධනාගාරයට පිටත් කරනවා මේ කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය සම්බන්ධව ඇසින් දුටු අයෙක් වෙන ඒ කාලයේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වෙන Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English දක්වපු සටහනෙන් උපුටා දැක්වීම් කීපයක්. වෛද්‍ය ජෝන් මාර්ෂල් තම කෘතියේ දක්වන කැප්පෙටිපොළ මහා දිසාවේ ඔහු දක්වන විදිහට අන් නිළමේවරුන්ටත් වඩා යුරෝපීයන් එක්ක අවංකව, ශෝභනව, ප්‍රියශීලීව කටයුතු කරපු අයෙක් තමා කැප්පෙටිපොළ නිළමේ. කැප්පෙටිපොළ නිළමේ මුලදීම අත් එන්නත් කර ගත්තු වැදගත් ප්‍රධානියා වුනා වගේම තමන්ගේ දරුවන්ගේත් අත් එන්නත් කරවා ගන්නවා යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියම වෙලා සිරභාරයේ ඉද්දී මේ වෛද්‍යවරයා කීප වරකම නිලමේතුමාව හමුවෙනවා. බොහොම ශාන්තව හිටිය එතුමා වරක් ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද පෙන්වලා සිනාසෙමින් කියනවා “මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නවානේ” කියලා කැරැල්ල ගැන එතුමා කතා නොකළත් කරුණු දෙකක් සම්බන්ධව තමන් වැරදිකාරයෙක් කියලා කැප්පෙටිපොළ නිළමේ කියනවා. ඒ ව්‍යාජ රජතුමාගෙන් පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බර් 20 වෙනකම් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම කියන ඒවා. තමන්ගේ මරණ දඬුවම ඌවේ ඒජන්ත සෝවර්ස් මහතා හරහා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මඟින් පිටුවහල් කරවා ගැනීමකට වෙනස් කරගන්නත් කැප්පෙටිපොළ උත්සහ කළත් ඒක අසාර්ථක වෙනවා. තමා අවාසනාවන්තයෙක් වුනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා අසාර්ථක වීමෙන් කියලත් එතුමා කියනවා. මරණ දඬුවම නියමව තිබුණු නොවැම්බර් 26 අලුයම් කාලයේ කැප්පෙටිපොළගේ සහ මඩුගල්ලගේ ඉල්ලීමට දළදාව වන්දනා කරන්න පිටත් වෙනවා. ඒ අවස්ථාවට කැප්පෙටිපොළ නිළමේගේ හිතවතෙක් වුණු ඌව ඒජන්ත සෝවර්ස් එකතු වෙනවා. දළදාව වැඩ සිටින මාළිගාවේ එළිපත්තේ ඉදන් වන්දනා කරන කැප්පෙටිපොළ නිළමේ තමන් කරපු පින්කම් ගැන විස්තර කරලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතො චතොහං වර ජම්බුදීපේ හිමාලයේ හෙමමයයහිකූටේ කප්පායුකො දෙව වසත්වහුත්වා මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා “ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා” කියලා. අවසානයේදී තමන්ගේ පිනෙන් කොටසක් සෝවර්ස්ටත් අනුමෝදන් කරවන කැප්පෙටිපොළ නිළමේ තමන් ඉණේ ඔහාගෙන හිටිය තුප්පොට්ටිය ගලවලා “අපිරිසිදු වැරහැල්ලක් වුණත් මා සන්තක එකම දෙය පිදූ නිසා පිනෙන් අඩුවක් නැහැ” කියලා ඒ වස්ත්‍රය දළදාවට පූජා කරනවා.පස්සේ වධක භූමියට යන්න සෝවර්ස්ටත් නිළමේ කතා කළත් ඔහු එන්නේ නැහැ. මඩුගල්ලේ නිළමේත් මේ විදිහට වන්දනාමාන කළත් භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ දළදාව වැඩ සිටින මාළිගාවට පැනලා දළදා වහන්සේගේ නාමයෙන් සමාව ඉල්ලනවා. අවසානයේදී ලුතිනන් මැකන්සි ඇතුලු පිරිස මඩුගල්ලේව වැඩ සිටින මාළිගාවෙන් පිටතට ගන්නවා. යුධ භූමියේ නිර්භීත වුණු තම සගයාගේ මේ හැසිරීම ගැන කැප්පෙටිපොළ නිළමේ කියන්නේ “මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා” කියලා. සෝවර්ස් ඒජන්තවරයාට අතට අත දීලා සමුගත්තු කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස වධකභූමියට පිටත් වෙනවා.. දළදා මාළිගාවට හැතැම්මක් පමණ දුරින් බෝගම්බර වැව ගාව තිබුණු වධක පිටියට ගිය නිළමේවරුන් දෙදෙනා වතුර ඉල්ලනවා. අවසානයේදී සුලු මොහොතක් ආගම සිහි කරපු කැප්පෙටිපොළ නිළමේ මුහුණ සහ අත් දෝවනය කරලා හිස කෙස් හිස මුදුනේ කොණ්ඩයක් වෙන්න බැඳගෙන කුඩා පඳුරක් ළඟ වාඩිවෙලා ඒක කකුලේ ඇඟිලිවලින් අලාගෙන ඉණේ තිබුණු පුස්කොළ පොත් ධම්මපදයෙන් ගාථා කීපයක් කියවලා ඒ පොත තමාගේ මිත්‍රයා වුණු ඌවේ ඒජන්ත සෝවර්ස්ට තමන්ට දක්වපු මිත්‍රත්වය හා කරුණාව වෙනුවෙන් දෙන්න කියනවා. නිළමේවරුන්ගේ හිස් සිඳින්නට භාවිතා කරන්නට ඇත්තේ මෙවන් අසිපතක් නිළමේ පාලි ගාථා සජ්ඣායනය කරද්දී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගසනවා. ඒ අවස්ථාවේදී කැප්පෙටිපොළ නිළමේතුමා “අරහං” කියන බුදුන්ට භාවිතා වන නම කියනවා. දෙවෙනි පහරෙන් හිස නැති කඳ බිමට වැටෙනවා. පස්සේ බිම දිගා කරපු ශරිරයේ හදවත උඩින් හිස තබනවා. මඩුගල්ලේ නිළමේ දිගටම බියසුළුකමක් දක්වන නිසා කොණ්ඩය බඳින්නෙත් හිරගේ කංකානම්. අවසානයේදී එක පහරින් තමන්ව මරන්න කියලා අරහං කියන පදය ඔහුත් කියනවා. තමන්ගේ හිස පහත් කරගන්න මඩුගල්ලේට බැරිවුණු නිසා වධකයෙක් බෙල්ල අල්ලගෙන ඉද්දී දීපු පළමු කඩු පහරින් මඩුගල්ලේ පස්සට වැටෙනවා. දෙවෙනි පහරින් තමා ඔහුත් මියයන්නේ. කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස් කබල ,මරණය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා කැප්පෙටිපොළ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී වෛද්‍ය හිල් කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ විශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ. කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා. 1272 – 1305 අතර කාලයේ ජීවත් වුණු ශ්‍රීමත් විලියම් වොලස් එවකට එංගලන්ත රජතුමා වුණු I එඩ්වඩ් ස්කොට්ලන්තය තුළ කරපු ආක්‍රමණවලට එරෙහිව නැගී සිටිනවා. කැරලි නායකයා විදිහට එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරන වොලස්ගේ බිරිඳව අල්ලා ගත්තු එංගලන්ත සොල්දාදුවන් ඇයව ම්ලේච්ඡ විදිහට මරා දමනවා. අවසානයේදී වොල්ස් සමඟම හිටිය පිරිසක් වොලස්ව පාවා දෙනවා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල තිබුණු ඔහුට එරෙහ් අධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, මාළිගා කොල්ලකෑම, ලේ වැගිරවීම වගේ චෝදනාවලට පිළිතුරු විදිහට වොලස් කියන්නේ “මම කිසි කලකත් ද්‍රෝහියෙක් නොවීමි” [සිංහලෙන් නෙමේ හරිද ) ] කියලා. අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම වෙනවා. 1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයින්ගේ වලිගවල බැඳලා වධක භූමියට ඇදගෙන යන වොලස්ව එල්ලුම් ගහක එල්ලනවා. ඒත් ඔහු මියයන්න කලින් ඔහුගේ බඩවැල් එළියට අරගෙන ඇස් ඉදිරිපිටම පුලුස්සා දමනවා. ඒ වගේමයි මිය ගියාට පසුව සිරුර කැබලි හතරකට වෙන් කරනවා. ඔහුත් මරණයට මුහුණ දීපු ආකාරය අනුවයි කැප්පෙටිපොළ නිළමේට සමාන කරන්නේ. කැප්පෙටිපොළ වළව්ව කැප්පෙටිපොළ මහ දිසාවේගේ පවුලේ අයට මොකද වුනේ කියලාත් කිව්වොත් මාතලේදී ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා කැප්පෙටිපොළ නිළමේතුමාගේ බිරිඳ වුණු දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගන්නවා. ඔවුන්ව 1818 අග භාගයේදී මීගමුවට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා. 1819 මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා. නැවතත් කැප්පෙටිපොළ නිළමේගේ කතාවට ආවොත් එංගලන්තයට අරගෙන ගිය හිස් කබල නැවත ලංකාවට 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා රැගෙන එනවා. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් කරලා තිබෙන කැප්පෙටිපොළ හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වෙනිදා ඥාතීන්ගේ වගේම මහජනතාවගෙත් විරෝධය මැද මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවලා ඒ තුළ තැන්පත් කරනවා. මහනුවර දළදා මළුවේ ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය ඒත් තවමත් එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම වෙන්නේ එතුමාගේ හිස් කබල මතු පරපුරට දැකගන්න පුලුවන් වෙන්න ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියන එක. කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් සමහර විට 1818 කැරැල්ල අතර වාරයේදී ශ්‍රී කීර්ති මහ වාසල ව්‍යාජ රජෙක් බව කැප්පෙටිපොළ දැනගන්න ඇති. ඒත් ඉංග්‍රීසී ආදිපත්‍යයෙන් රට මුදවා ගන්න එක ඒ අවස්ථාවේ කළ යුත්තක් නිසා නිහඬව සිටියා වෙන්නත් පුලුවන්. සූර්ය වංශික රාජ කුමාරයෙක් ඒ හදිස්සියේ සොයා ගන්න බැරි නිසා ඒ අවස්ථාවට උචිත විදිහට එතුමා කටයුතු කළා වෙන්නත් පුලුවන්. ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා. පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 05:58 PM විමුක්‌ති සටන හා වීර මොණරවිල නිලමේ (වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාගේ 19 වැනි ගුණානුස්‌මරණය නොවැම්බර් මස 26 දිනට යෙදී තිබේ. ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොල ස්‌මාරකය අභියසදී එදිනට ගුණානුස්‌මරණ උත්සවයක් පැවැත්වීමටද නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) ශ්‍රී ලංකාවේ පළමුවැනි විමුක්‌ති අරගලය ලෙස ඉතිහාසයට එක්‌වී ඇති වෙල්ලස්‌සේ සටන මෙහෙයවූ අභීත සිංහල නායකයා වශයෙන් අමරණීයත්වයට පත් කැප්පෙටිපොල නිලමේ ජාතියේ පිනටම පහළ වූ යුග පුරුෂයෙකි. මොණරවිල කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නම් වූ මෙතුමාගේ පියා රාජාධි රාජසිංහ රජුගේ කාලයේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරූ ගොලහැල නිලමේ වන අතර, මව මොරණරවිල කුමාරිහාමි විය. ඇහැලේපොල කුමාරිහාමි මෙතුමාගේ එකම සොහොයුරිය වූ අතර, අවාසනාවන්ත ලෙස ශ්‍රී වික්රම රාජසිංහ රජුගේ නියෝගයක් පිට බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලදී. ශ්‍රී වික්රම රාජසිංහ රජුගේ දුර්දාන්ත පාලනයෙන් මිදීම සඳහා උඩරට රදළයෝ සහ වැසියෝ විකල්ප මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කළ අතර, ඒ සඳහා අකමැත්තෙන් වුවද ඉංග්‍රීසීන්ගේ සහාය පැතූහ. නමුත් ඉංග්‍රීසින් උඩරට රාජධානියේ ස්‌වාමිත්වයට පත්වනවා දැකීමේ අභිප්‍රායයක් ඔවුන් තුළ නොවීය. නමුත් 1815 මාර්තු 2 දා මහනුවර ශ්‍රී දළදා මාලිsගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමින් ඉතා සට කපට ලෙස ඉංග්‍රීසීහු උඩරට රාජධානියේ ස්‌වාමිත්වයට පත්වූ බව ඉතා පැහැදිලි කාරණයකි. ඉංග්‍රීසිහු උඩරටින් පන්නා සිහසුනට රජ කෙනෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාවය ඉතා කෙටි කලකින්ම උඩරට වැසියන්ට දැනෙන්නට විය. ගිවිසුම අත්සන්කොට මාස 3 ක් යන්නටත් පෙර මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට උඩරට රදළයන් සහ ගරුතර භික්‌ෂූන් වහන්සේලා රහස් එකඟතාවයකට පැමිණීමෙන් එය තවදුරටත් සනාථ වෙයි. කැප්පෙටිපොල නිලමේතුමා ඇතුළු තවත් දෙදෙනෙක් ගිවිසුමට අත්සන් කළේ සිංහල අක්‌ෂරයෙන් වුවද අනෙක් සියල්ලෝම දෙමළ හා ඉංග්‍රීසි බසින් අත්සන් තැබූහ. මේ තුළින් ද කැප්පෙටිපොල නිලමේතුමාගේ ජාති මාමක ගතිය ඉස්‌මතුවී පෙනෙයි. රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව තිබූ දළදා වහන්සේ සම්බන්ධයෙන් ඉංග්‍රීසීන්ගේ අවධානය යොමුවී තිබූ අතර ගරුතර ස්‌වාමීන් වහන්සේලාගේ සහ උඩරට ජනප්‍රධානීන්ගේ අවධානය ඊට වඩා ඒ කෙරෙහි යොමුවී තිබිණි. දළදා වහන්සේ කොත්මලේ සඟවා තැබූ අතර, රන්කඩුව, ඔටුන්න ඇතුළු රාජාභරණ කැප්පෙටිපොල නිලමේ විසින් වෙනත් ස්‌ථානයක සඟවා තැබීය. කැප්පෙටිපොල නිලමේත් ඔහුගේ මස්‌සිනා වූ ඇහැලේපොල නිලමේත් ඉංග්‍රීසීන්ගේ සැකයට පාත්‍ර වනුයේ මේ රාජ්‍යාභරණ සඟවා තැබීමේ සිද්ධිය උඩය. ගිවිසුම ප්‍රකාර "සිංහලේ චාරිත්‍ර වාරිත්‍ර කඩ නොකර පවත්වන්නට ඕනෑ බවට ඉංග්‍රීසිහු සපථ කර සිටිය ද එය ඒ ආකාරයට ඉටු නොවීම ගැන කැප්පෙටිපොල නිලමේ තුළ දැඩි වේදනාවක් හා කෝපයක් විය. දිසාව භාර නිලධාරියෙක් වශයෙන් තමන්ට ලැබිය යුතු ගරු බුහුමන්ද ඉංග්‍රීසීන්ගෙන් තමන්ට නොලැබෙන බව එතුමාට පැහැදිලි විය. සිංහල පවුල්වලට පැවරුණු රාජකාරී මුස්‌ලිම් මිනිසුන් අතට පත්වන අවස්‌ථා ද විය. ඌවේ කටුගහ මොහොට්‌ටාල දිසාවේ නමින් හඳුන්වා ගැනීම පිළිබඳව කැප්පෙටිපොල නිලමේ තුල තදබල කලකිරීමක් විය. මේ අතර ආරච්චිවරු සහ විදානේවරු කැප්පෙටිපොල නිලමේට විරුද්ධව ඉංග්‍රීසීන්ට විවිධ පැමිණිලි කරන්නට වූහ. ඉංග්‍රීසීන්ගේ පීඩාකාරී පාලනය කෙරෙහි කලකිරීම් උඩ වෙල්ලස්‌සෙන් පැන නැඟුනු අරගලය අහම්බෙන් සිදුවූවක් නොවන අතර, 1817 නොවැම්බර් මාසය වනවිට එහි ගිණිපුපුරු මතුවන්නට විය. 1815 ඉංග්‍රීසීන් සමඟ කන්ද උඩරටට පැමිණි පිරිස් මුළු ඌවම කොල්ල කෑ අතර, එය වළක්‌වාලීමට ඉංග්‍රීසිහු අසමත් වූහ. මුහුන්දරම් තනතුරක් හඡ්ජි නම් වූ මුස්‌ලිම් අයෙකුට දීම ඌව වෙල්ලස්‌ස වැසියෝ දැඩි කෝපයට පත්වූහ. හඡ්ජි මුහන්දිරම් මරා දමනු ලැබූ වෙල්ලස්‌සේ ජනතාව මේ ගැන සොයා බැලීමට පැමිණි බදුල්ලේ ඒජන්ත තැනද මරා දැමූහ. වෙල්ලස්‌සේ මේ අරගලය මර්දනය කිරීම පිණිස ඉංග්‍රීසීන් විසින් 1817 නොවැම්බර් 01 දින කැප්පෙටිපොල නිලමේ සමඟ භට පිsරිසක් යෑවූහ. කැප්පෙටිපොල නිලමෙතුමා අරගලය මර්දනය කිරීම පසෙකලා කැරලිකරුවන් සමඟ එක්‌විය. රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින දොරේසාමි විසින් කැප්පෙටිපොල නිලමේතුමා මහඅදිකාරම් තනතුරට පත්කරගනු ලැබීය. උඩරට ඉහළපෙලේ නායකයකු කැරැල්ලට නායකත්වය දීමට ඉදිරිපත්වීම නිසා එහි ආකර්ෂණය සහ උණුසුම ලැව් ගින්නක් මෙන් උඩරට පුරාම විහිදී යන්නට විය. කැප්පෙටිපොල, නිලමේතුමාගේ තීරණය හදිසි තීරණයක්‌ද, නොඑසේ නම් කල්තියා සූදානම් කරන ලද සැලසුමක්‌ද යන්න අපැහැදිලිය. නමුත් ඒ තීරණය රට, ජාතිය හා ආගම වෙනුවෙන් ඒ අවස්‌ථාවේ හැටියට ගන්නට තිබූ අභිමානවත් එමෙන්ම අති ශ්‍රේෂ්ඨ වූ තීරණයක් බවට ගැටලුවක් නැත. කැප්පෙටිපොල නිලමේතුමාගේ නික්‌මයාම ඉංග්‍රීසීන්ට තර්ජනයක් මෙන්ම ගැටලුවක් ද විය. ඇහැලේපොල මහ නිලමේ කැප්පෙටිපොල නිලමේතුමාගේ මස්‌සිනාවීමත්, උඩරට සෑම රදල පවුලක් සමඟම කැප්පෙටිපොල නිලමේගේ ඥාති සම්බන්ධතාවයක් තිබීමත් උඩ කැප්පෙටිපොල නිලමේගේ නික්‌මයාම උඩරට සුදු ආදිපත්‍ය දෙදරා යැමට ප්‍රබල හේතු සාධකයක් විය. උඩරට සටන ප්‍රබල ලෙස ඇවිලී යද්දී කැප්පෙටිපොල නිලමේ දරුණු පාචන රෝගයකට ගොදුරු විය. හඟුරන්කෙත පැවැත්වූ දළදා පූජාවට ගෙන ගොස් ඇත්තේ වත්තන් කරගෙනයි. මේ අතර කැරලිකරුවන් තුළ මතභේද ඇතිවිය. කැරලිකරුවන්ගෙන්ම කොටසක් දොරේසාමි හා කැප්පෙටිපොල අල්ලා සිර කළ අතර, කැරැල්ලේ නව නායකත්වයක් ලියලන්නට විය. කැරලි නායකයෝ ක්‍රම ක්‍රමයෙන් ඉංග්‍රීසීන්ට යටත් වන්නට විය. ලුතිනන් විලියම් ඕනිල්ට මුස්‌ලිම් වැසියකුගෙන් ලැබුණු ඔත්තුවක් අනුව ඔක්‌තෝබර් 28 දින කහල්ල නම් ස්‌ථානයේදී නිවසක් වටලනු ලදුව කැප්පෙටිපොල නිලමේතුමා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. 1818 නොවැම්බර් 16 දින යුද්ධාධිකරණ තීන්දුවක් උඩ නොවැම්බර් 26 දින බෝගම්බරදී කැප්පෙටිපොල හා මඩුගල්ල නිලමේගේ හිස ගසා මරා දමන ලෙස තීන්දු විය. එය ඒ ආකාරයටම සිදුවිය. කැප්පෙටිපොල සහ මඩුගල්ලේ නිලමේගේ ඉල්ලීමක් උඩ නොවැම්බර් 26 දින උදෑසන දෙදෙනාව දළදා මාලිගයට ගෙන එන ලදී. දළදා වහන්සේ ඉදිරියේ වැටී තම අවසන් දළදා වැඳීම කළ කැප්පෙටිපොළ නිලමේ ඉතා හොඳ සිහියෙන් හා කල්පනාවෙන් නොබියව සිටි බව එහිදී ඔහු විසින් සිදු කරන ලද කරුණු කාරණාවලින් පැහැදිලිවම පෙනී යයි. තමා ඇඳ සිටි තුප්පොට්‌ටිය ගලවා දළදා වහන්සේට පූජා කළ කැප්පෙටිපොල නිලමේ තමා අසල සිටි ඌවේ ඒජන්ත තනතුර දැරූ සයිමන් සෝයර්ස් මහතාටද පිං අනුමෝදන් කළේය. මඩුගල්ලේ නිලමේගේ හැසිරීම ඊට ඉඳුරාම වෙනස් විය. දළදා කුටිය දෙසට දිව ගොස් ඔහු සැඟවීමට තැත් කරන විට මෝඩයෙක් මෙන් නොහැසිරෙන ලෙස කැප්පෙටිපොල නිලමේ ඔහුට තදින්ම අවවාද කළේය. මේ දෙදෙනාගේම දේහයන්, බෝගම්බර වැව් ඉවුරේ භූමිදාන කරන ලදී. කැප්පෙටිපොල නිලමේතුමාගේ හිස පරීක්‍ෂණ කටයුතු සඳහා මාර්ෂල් විසින් එංගලන්තයේ එඩින්බර්ග් නුවර වෛද්‍ය සංගමයට පරිත්‍යාග කළ අතර, 1948 දී නැවත ලංකාවට ගෙනවිත් මහනුවර දළදා මාලිගයේ ඓතිහාසික මහමලුවේ ස්‌මාරකයක් තනා තැන්පත් කරන ලදී. (1954 සැප්තැම්බර් 14 දින) ඇතැම්විට කැප්පෙටිපොල නිලමේතුමාගේ විමුක්‌ති අරගලය ජයග්‍රහණය කලේ නම් අපේ ඉතිහාසයේ ගමන් මග මීට වඩා හාත්පසින්ම වෙනස්‌වීමට ඉඩ තිබිණි. හරියටම වසර 191 කට පෙර දවසක බෝගම්බරදී දංගෙඩියට හිස දුන් සිංහලයේ මුල්ම විමුක්‌ති අරගලය මෙහෙයවූ අභීත නායක වීර සෙන්පති මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමාට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු. ශ්‍රී දළදා මාලිගාවේ ඩේවිඩ් හේවාපතිරණ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2015 06:03 PM ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු සෙංකඩගල නුවර ඉංග්‍රීසීන්ට අයත් වීමෙන් ලක් මාතාවගේ සෞභාග්‍යයත්, සමෘද්ධියත් පිරිහීමේ ප්‍රපාතයට ඇද වැටී තිබියදී, පරගැති බවේ දැඩි රිවි තාපයෙන් මිදී, නිදහස් සිසිල් පවනින් ආශ්වාදයක් ලබාගැනීමටත්, උඩරට රදළවරුන්ගේ බල තල නැවත ලබා ගැනීමටත්, ක්‍රි. ව. 1818 දී ඉංග්‍රීසීන්ගේ දිසාපති කෙනෙක්‌ව සිටි වීර සිංහල සෙනෙවි කැප්පෙට්‌ටිපොළ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇරඹූ ඌව කැරැල්ල ව්‍යාර්තවීමෙන් පසු නැවත වරක් ඉංග්‍රීසීන් මෙරටින් සහමුලින් තුරන් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළකින් යුත් කැරැල්ලක් ක්‍රි. ව. 1848 දී භික්‍ෂූන් වහන්සේලාගේද, රදළවරුන්ගේද සහයෝගය ඇතිව සාමාන්‍ය ජනයා විසින් මෙහෙයවන ලදී. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ පහත රට රණකාමී ගෝත්‍රයකට අයත් ධෛර්ය සම්පන්න වූ, නිර්භීත වූ පුරන් අප්පු නමැත්තෙකි. වර්ෂ 1848 ටේ ජුලි මස 28 වැනි දින මහනුවර වාසීන් විසින් ඔවුන්ගේ රජු වශයෙන් පිළිගන්නා ලද්දේද මේ පුරන් අප්පුය. ජාතිය උදෙසා දිවිපිදූ පුරන් අප්පු හෙවත් ප්‍රැන්සිස්‌කු ක. ප්‍රනාන්දු ශ්‍රී මහා බෝධි ශාඛාව සමග පැමිණිය වුන්ගේ පරපුරකින් පැවත ආ උඩරට වෙළෙ¹මේ නියුක්‌තව සිටි වතු හිමියකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ කලිස්‌තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක් විජය සිංකිත් වර්ණ මාණ්‌ණ දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස් යන දම්පතින්ගේ එකම දරුවා විය. ඔහු හොඳින් ඇතිදැඩි කිරීමට මව්පිය දෙදෙනා හැම උත්සහයක්‌ම දැරූහ. කුඩා කල සිටම ඒ දරුවාගේ උදාර නිර්භීත ගති පැවැතුම් පෙනෙන්නට විය. සමුදාසන්න ප්‍රදේශයක් වන මොරටු පෙදෙසට අයත් උයන නම් ග්‍රාමයෙහි ක්‍රි. ව. 1812 නොවැම්බර් මස 7 වැනි දින හේ මෙලොව එළිය දුටුවේය. පුරන් අප්පු සුදුසු වයස එළඹි කල ඉගෙනීමේ යෙදිණි. පුරන් අප්පුගේ පියා ඔහු මොරටුවේ ඉඩමේ පිහිටි වැස්‌ලියන් පාඨශාලාවේ මුල් ගුරුතුමාට සිංහල චාරිත්‍රානුකූලව භාර දිණි. එතුමන් විසින් ළමයාට තල්කොළ සිංහල හෝඩියේ අකුරු කියවා ඔහු උප ගුරුතුමා වෙත යවන ලදී. පංතියට ඇතුළත් වූ නොබෝ දිනකින් පන්ති ගුරුවරයාගේ සිත් දිනා ගත් පුරන් අප්පු ක්‍රමයෙන් ඉහළ පන්ති කරා පිවිසියේ ය. දස හැවිරිදි පුරන් අප්පු පාසලෙන් අස්‌වී තම මවගේ ග්‍රාමය වන ලක්‍ෂපතියේ නැවතී සිටියේය. ඒ අතරතුරදී ඔහුගේ උපක්‍රම ශක්‌තියෙන් හේ සුද්දන් සමග ආශ්‍රයට වැටිණ. ක්‍රි. ව. 1824 දී ලංකා ආණ්‌ඩුකාරයාවී සිටි ලෙප්ටිනන්ට් ජෙනරාල් එඩ්වර්ඩ් බාන්ස්‌තුමා සමග, ගල්කිස්‌ස කැකුණලන්ද (අද මෝල්පෙ) සහ බොල්ගොඩ ප්‍රදේශවල දඩයමෙහි යන්නට පුරුදුවී සිටියේය. එයින් සුද්දන්ගේ යුතු අයුතුකම්, ගතිපැවතුම් මැනවින් දැනගන්නට අවස්‌ථාවක් ඇති විය. ක්‍රි. ව. 1825 දී ලක්‍ෂපතියේ සිටි පොලිස් විදානේ විසින් තමාට සෑහෙන කරුණු නැතිව නිකරුණේ පහරදීමෙන් කෝපයට පත් දහතුන් හැවිරිදි පුරන් අප්පු ඔහුට ප්‍රතිප්‍රහාර දී බදුල්ලට පැනගොස් සිය මාමා කෙනෙකුගේ නිවසෙහි නැවතී සිටියේය. විශේෂයෙන්ම සුදු මිනිසුන්ගේ අණසක පැවති සමයේදී ඔවුන්ගේ බල පුළුවන්කාරකම් නිසා සාමාන්‍ය ජනතාවට මුහුණපාන්නට වූ හිරිහැර අපමණය. මේ දුක් කරදර සියෑසින් දුටු පුරන් අප්පු කෙසේ හෝ සිංහළ ජාතියේ උද්දීප්තිය සඳහා මුළු ජීවිතයම පූජා කර තමාගේ ජාතිය බේරා ගැනීම සඳහා බලවත් සටනක් ගෙන යන්නට ඉටා ගත්තේය. සිංහල ජාතියේ අපරාජිත ස්‌වෛරී බලයත්, මාතෘ භූමියේ ලේ උරුමයත්, ජනතාවගේ අභිමානයත්, තම යකඩ සපත්තුවට පාගා හිරකර ගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ ආපසු ලබා ගත යුතු යෑයි ඔහු තීරණය කළේය. එකළ පුරන් අප්පුට සුද්දන්ගෙන් මංකොල්ල කෑමෙන් හා වෙනත් ක්‍රම වලින් විශාල ධනයක් ඇදී එන්නට පටන් ගත්තේය. ඔහු ලැබූ ධනයෙන් තමාගේ මව්පියන්ට ශතයකවත් ප්‍රයෝජනයක් නොවීය. ඒ විශාල ධන සම්භාරය දුප්පතුන්ට බෙදා දුන්නේය. මෙකල රටේ ඇතිවූ හැම සත් ව්‍යාපාරයකම පුරන් අප්පු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. මොරටු ප්‍රදේශයට වඩා ඔහු සිත් ඇදී ගියේ උඩරට, ඌව යන පළාත් වලටය. එහි වැසියන් සමග සතුටු සාමීචි කතා කිරීමද මිල මුදලින් උපකාර කිරීමද ආණ්‌ඩුව සමග මහජනයා කරන රාජකාරී වලදී ඔවුන්ට උදව් දීමද ඔහුට ප්‍රීතියක් විය. පුරන් අප්පු ගම් වැසියන්ට පියකු හා සමාන විය. ඔවුනගේ නැතිබැරි කම් මගහැර වීමට පුරන් අප්පු කප්රුකක් විය. සුද්දන්ට එරෙහිව සටන ගෙනයැමට තමාට පමණක් නොහැකි හෙයින් දුගී මහ ජනයාගෙන් හිතවත් පිරිසක් ඔහු රැස් කර ගත්තේය. ප්‍රථමයෙන් ඔහු විසින් දුප්පතුන්ගේ සුබසිද්ධිය සඳහා ගෙන යන ලද ව්‍යාපාරය සඵල නොවූයේ සුදු ජනයාගේ නොහික්‌මුණු, නොදැමුණු ගති නිසාය. තමන්ගේ සටන අතරමගදී කඩාකප්පල් වනු දුටු ඔහුගේ හද ශෝකයෙන් දැවෙන්නටත් අනුකම්පාවෙන් සැලෙන්නටත් විය. අන්තිමේදී දුප්පතකුගේ උවමනාවක් ඉටුකර ගැනීම පිණිස එකල බදුල්ලේ පොලිස් මහෙස්‌ත්‍රාත් වරයා වූ ඩෝසන් මහතා වෙත ඉදිරිපත් කළ කරුණු ගැන යුක්‌තිය ඉටු නොවූයෙන් පුරන් අප්පු ඔහු කෙරෙහි තදින්ම උරණ විය. ඒ අතර පුරන් අප්පු බොරු චෝදනාවකට අසුකොට මේජර් රොඡ්ර්ස් විසින් උසාවියට ගෙනයන ලදී. හෙතෙම එහිදී මේජර් රොජර්ස්‌ට ශාප කළේය. පුරන් අප්පු තුළ පලිගැනීමේ ෙච්තනාව කෙමෙන් ලියලන්නට වූ හෙයින් ඩෝසන් පොලිස් නඩුකාර මහතාගේ මැදුර බිඳීමට අන්තිමේදී හේ තීරණය කළේය. ඒ මැදුර කොල්ලකෑම නිසා ඉංග්‍රීසින්ගේ නීති දණ්‌ඩනය යටතේ පුරන් අප්පු ඳඟ ගෙට යවනු ලැබීය. ඳඟ ගෙයිදී අනෙක් හිරකරුවන් සමග එකතු වූ හෙතෙම ඳඟ ගෙය කඩා එයින් පැන ගියේය. මේ සිද්ධියෙන් පසු කෙසේ හෝ තම මාතෘ භූමිය ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ මුදා ගන්නා බව ස්‌ථීරව අධිෂ්ඨාන කරගත් ඔහු ඔවුන්ට විරුද්ධව නොයෙක ව්‍යාපාර ඇතිකිරීමට ප්‍රයත්න දැරීය. කලකට පසු පුරන් අප්පු යළිත් ඳඟගෙට යවනු ලැබීය. එහිදී දෙවැනි වරටත් හේ ඳඟගෙය කඩා පැන ගියේය. පුරන් අප්පු එතැන් සිට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" මං පහරන්නා, කොල්ල කන්නා යන උප නාමයන්ගෙන් ප්‍රසිද්ධ වූයෙන් වැඩි කල් නොගොස් දාමරිකයෙක් විය. පුරන් අප්පු නොයෙක් සටන් ව්‍යාපාර ඇති කිරීමට යන බව දැනගත් ඉංග්‍රීසීහු කෙසේ හෝ ඒවා නැති කිරීමට සූක්‍ෂම වැඩපිළිවෙළක් යෙදූහ. නිලතල දීමෙන් හෝ නම්බුනාම දීමෙන් හෝ පුරන් අප්පුගේ සටන ඇන හිටින්නේ නැති බව ඉංග්‍රීසීහු හොඳින්ම දැන සිටියහ. ඔවුන්ගේ සටන මොට්‌ට කිරීමට ඇති එකම මාර්ගය ඔහු අල්ලා ඳඟ ගෙයි දැමීම බව ඔවුන්ට කල්පනා විය. ඒ තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිම වරදක් නොමැතිව මේජර් රොජර්ස් තුමා විසින් පුරන් අප්පුව බදුල්ලේ උසාවියට පමුණුවන ලදී. එහිදී මෙසේ නිකරුණේ චෝදනා කිරීම නිසා උසාවියේදී ඩෝසන් පොලිස් නඩුකාරතුමා අමතා හේ මෙසේ කීවේය. "මොහු මට නිකරුණේ කළ වරදට ශාප වේවාෘ" පිටරැටියන් විසින් ස්‌වකීය සහෝදර රට වැසියාට කරන අසාධාරණ, නීච ක්‍රියා ගැන විරෝධත්වය දැක්‌වීමට යන අවස්‌ථාවකදී කිසිම වරදක් නොමැතිව උසාවිය ඉදිරියට ගෙනයැම ඉතා නින්දිත ක්‍රියාවක් හැටියට සැලකූ පුරන් අප්පු මේ සිද්ධියෙන් පසු උග්‍රලෙස දේශවාත් සල්‍යයෙන් සටන් ව්‍යාපාරවල යෙදීමට තරයේම ඉටා ගත්තේය. මේ අතර ඉතා වැදගත් සිදුවීමක් විය. ක්‍රි. ව. 1845 ජුනි මස 7 වැනි දින මේජර් රොජර්ස්‌තුමාට නුවර එළිය අසලදී හෙණයක් වැදිණි. රොජර්ස් තුමාට මේ විපත සිදුවූයේ පුරන් අප්පු විසින් කරන ලද ශාපය නිසායෑයි මහජනයා අතර කසු කුසු පැතිර ගියේය. මේ අවස්‌ථාවේදී පුරන් අප්පු උතුම් පුද්ගලයෙක් වශයෙන් මහජනයා විසින් පිළිගනු ලැබීය. ඔහුගේ ස්‌වරූපය ඉතා ආකර්ෂණීය විය. උතුම් පුද්ගලයකු තුළ පැවතිය යුතු විශිෂ්ඨ ගුණාංගයන්ගෙන්ද හේ පොහොසත් විය. රජකුට උරුම උසස් ගුණ ධර්ම ඔහු තුළ නිසගයෙන්ම විද්‍යමාන විය. ධීරවීර ගති ඇතිව ඔහු පෙරමුණටම ගියේ අනෙකක් නිසා නොව නිසැකයෙන්ම ඔහු තූළ පැවති ආත්ම ශක්‌තිය නිසාය. ඔහුට සංඝරත්නයේ ආධාර අනුබලද නොඅඩුව ලැබෙන්නට විය. මේ අතර 35 හැවිරිදි පුරන් අප්පු 1847 ජනවාරියේදී හාරිස්‌පත්තුවේ ගුණ්‌නෑපාන ආරච්චිගේ දියණියක් වන බණ්‌ඩාර මැණිකේ නම් කාන්තාව හා විවාහ විය. වර්ෂ 1847 ඔක්‌තෝම්බර් 1 වෙනිදා ලෙනදොරදී බණ්‌ඩාර මැණිකෙටද පුත් රුවනක් ලැබුණෙන් ඕ "සිරිබ මැණිකා" යි නම් ලැබුවාය. ක්‍රි. ව. 1848 දී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල විප්ලව ඇරඹිණි. මේ අවස්‌ථාවේම මාතලේද කැරැල්ලක් ඇති විය. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසීන් මෙරටින් පළවා හැරීමත්, සිංහල ජනයාගේ ඓතිහාසික නිදහස් උරුමය රැක ගැනීම සහ සිංහල නරපතියකු පත්කර ගැනීමත්ය. ආණ්‌ඩුව මුලදී දුප්පත් ගොවියාගේ බඩ රැකෙන ගොවි කර්මාන්තයත්, වාරි මාර්ගත් දියුණු කිරීම සඳහා බොහෝ වෙහෙස දැරීය. එහෙත් පසු කාලයක දී ආණ්‌ඩුවේ මුදල් වැඩි වශයෙන් වැවිලි කර්මාන්ත දියුණු කිරීම් සඳහා යෙදවිණි. සිවිල් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේ වැවිලි කර්මාන්තය සඳහාය. මේ හේතුකොට ගෙන දුප්පත් ජනයාගේ වුවමනාවන් ගැන වග විභාග කරලීමට ඔවුන්ට අවස්‌ථාවක් නොලැබිණි. ඔවුන්ට වුවමනාවක් ද නොවීය. ඉංග්‍රීසීන් විසින් මේ රටේ වැඩවසම් ක්‍රමය අවලංගු කොට ඔවුන්ගේ නව පාලන ක්‍රම මේ රටේ යෙදවූ අතර විශේෂයෙන් ම උඩරට සිංහල ජනයා කිපුණහ. පාතරැටියකු වූ පුරන් අප්පුගේ මන දොල පුරවා ගැනීමට මෙය කදිම අවස්‌ථාවක් විය. අධිරාජ්‍යට යටත් වීමෙන්a පසු කොයි රටවලත් රදළ ආණ්‌ඩු ක්‍රමය වෙනස් වීමත් සමගම අලුත් ධනවාදී ආර්ථික මාර්ගය ගොඩ නැගෙන්නේය. පුරන් අප්පුගේ කැරැල්ල පටන් ගැනීමට වර්ෂ කීපයකට පෙර එනම් වර්ෂ 1843 දී පමණ ලංකාවේ වැඩවසම් ක්‍රමය ඒ සමගම මේ අවධියේ දී ඇතිවුණු යුරෝපයේ කලබල වලින් ලංකාවේ කෝපි වෙළ¹මට පහරක් වැදුණේය. වැඩවසම් ක්‍රමය අවලංගු කිරීමෙන් ආණ්‌ඩුවේ ආදායම පහත වැටීමත් නිසා අලුත් අයබදු ක්‍රමයක පිහිට සොයන්නට ද විය. සර් කොලින් කැමල් තුමාගෙන් පසු ක්‍රි.ව 1847 දී ටොරින්ටන් සාමිවරයා ලංකාවේ ආණ්‌ඩුකාර ධුරයට පත් වූයේය. මේ නවක ආණ්‌ඩුකාරතුමාට දේශපාලන කටයුතු පිළිබඳ පළපුරුද්දක් නොතිබුණේය. ක්‍රි.ව. 1835 හේ සිට 1845 දක්‌වා අතර කාලයෙහි ඇතිවූ ප්‍රතිසංස්‌කරණයන් ගැනත් උඩරැටියෝ කලකිරී සිටියහ. ස්‌වකීය බලය අඩුවූ නිසා රදළවරු වඩාත්ම කිපී ආණ්‌ඩුවට විරුද්ධව නැගී සිටියහ. රටවලින් පැමිණි ඉන්දීය කුලී කරුවන්ගේ වැඩිවීම් ගැනද,බොහෝ දෙනෙක් විරුද්ධ වූහ. බුද්ධාගම හා බුද්ධාගමේ කටයුතු ගැන උඩරට ගිවිසුමට ඇතුළත් කළ වගන්ති කල් යැමේදී ඉවත් කළ නිසා වැසියෝ තව තවත් නොසන්සුන් වූහ. වර්ෂ 1848 දී ටොරිංටන් සාමි විසින් තුවක්‌කු බදු, බලු බදු, පාර බදු, ඔරු බදු, කඩ බදු, කරත්ත බදු පනාදී ඉන් පෙර ලාංකිකයන් අසා නුපුරුදු බදු බනවන ලදී. තවත් නොයෙක් විකාර බදු ගැන කටකතා පැතිරෙන්නට වීම නිසා වැසියා තුළ සංවේගයත්, කෝපයත් ලියලන්නට විය. පාර බද්ද ගැන වැසියෝ වඩාත්ම කිපුණහ. ආණ්‌ඩුවේ උසස් නිලධාරීන් හැර අවුරුදු 18 ත් 60 ටත් අතරෙහි වූ පිරිමින්ට දවස් 06 ක් පාරේ වැඩ කිරීමට නියම විය. එහෙත් අවුරුද්දකට සිලිම් 3 ක් බදු වශයෙන් ගෙවා ඔවුන්ට එයින් නිදහස් විය හැකි විය. උඩරැටියන්ට පුදුමයක් වූ පාර බද්ද ක්‍රි. ව 1832 දී නැතිකර දමන ලද රාජකාරියේ නෂ්ටාව ශේෂයක් යෑයි උඩරැටියෝ සිතූහ. මේ නොයෙක් විකාර බදු ගැන එවකට ලංකාවේ පදිංචිව සිටි යුරෝපියෝ ද විරුද්ධ වූහ. යුරෝපියෝ ඔවුන්ගේ විරුද්ධත්වය පළමුව ආණ්‌ඩුකාරතුමාට දන්වා සිටියහ. එයින් සහනයක් නොලැබුණු නිසා ඔවුහු එංගලන්තයේ උසස් නිලධාරීන්ට ද ඒ ගැන පැමිණිලි කළහ. ක්‍රි. ව. 1848 මුල් කාලයේදී අලුත් බදු පැනවීම ගැන අප්‍රසාදය දැක්‌වීම පිණිස ලංකාවේ නොයෙක් පලාත් වල රැස්‌වීම් කීපයක්‌ම පවත්වන ලද නමුත් කිසිදු ඵලයක් නොවීය. මේ රැස්‌වීම් බොහෝමයක් සංවිධානය කොට විරුද්ධත්වය පෑවෝ පුරන් අප්පුත් ගොංගාලේගොඩ බණ්‌ඩාත් ය. මෙයින් කලබලයවූ ටොරිංටන් සාමි මදුරාසියෙන් යුද්ධ භටයන් ගෙන්වා කුරුණෑගල, දඹුලු යන ප්‍රදේශවල යුද්ධ නීතිය පනවා රට දෙවනත් කළේය. පුරන් අප්පුව රදළයන්ගේ අනු බලය ලැබේදොaයි බිය පත් වූ නිලධාරීහු පුරන් අප්පු රජවීමට උත්සහ කරන බව පතුරුවා හැරියේය. එහෙත් ඒ වන විට රදළ බලය පිරිහී තිබිණි. මේ අතර අය බදු වැඩි කිරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමටත් මෙයට ගන්නා පියවර කුමක්‌ද යන්න තීරණය කර ගැනීමටත් විශාල රහස් සාකච්ඡාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේ කර ගත් තීරණය කච්ෙච්රියට ගොස් තේරුම් කර දීම සඳහාත්, එවකට ප්‍රසිද්ධව සිටි පුරන් අප්පු තෝරා පත්කරගන්නා ලදී. වර්ෂ 1848 ජූලි 6 වැනි දින පුරන්අප්පු තවත් බලවත් පිරිසක් හා සමග මේ දුක් ගැනවිලි මහනුවර කච්ෙච්රියේ එවකට ඒජන්ත තුමාව සිටි සී. ආර්. බුලර් මහතාට පැවසීමට ගියේය. එහෙත් ඒ ගමනින් කිසිම ප්‍රතිඵලයක් නොලැබිණි. පළමු සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් නෙලැබුණු හෙයින් ජූලි මස 8 වැනි දින මහනුවර මගුල් මඩුවේදී සාකච්ඡා සභාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේදී රටවැසියා වෙනුවෙන් පුරන් අප්පුගේ භාර්යාවගේ ඥති සහෝදරයක වන ගුන්නෑපාන ආරච්චි කරුණු සැලකර සිටියේය. මේ කරන ලද සාකච්ඡාවෙන් ද කිසිම ප්‍රතිඵලයක් නොලද හෙයින් ජනයාගේ හැඟීම් ක්‍රමයෙන් උත්සන්න විය. දෙවරක් ම මෙසේ කරුණු සැලකර සිටියදී අධිරාජ්‍යවාදී උසස් නිලධාරීහු ඒ ගැන කිසිම තැකීමක් නොකළහ. මහා ජනකායගේ එකම බලාපොරොත්තුවක් වත් ඉටු නොකළ මෙම බ්‍රිතාන්‍ය පාලකයන්ට මහජනයා තදින්ම විරුද්ධ වූහ. එපමණක් නොව ජනයාගේ කුපිතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ තද නොසන්සුන් භාවයක් ඇති වූයෙන් විදේශික පාලන යන්ත්‍රය සහමුලින් මුලිනුපුටා දැමීම සඳහා කැරැල්ලක් ඇති කිරීමට විධි විධාන යොදන ලදී. අනාගතයේදී ජීවිත පවා පරිත්‍යාග කිරීම සඳහා දැඩි ධෛර්යයෙන් යුක්‌තව ජාත්‍යාලයෙන් උදම්වී ජාතික අනුරාගයෙන් ඔද වැඩි මේ කැරැල්ල සර්ව සම්පූර්ණයෙන් සාර්ථක කර ඉන් නියම ඵල නෙලා ගැනීමට සිංහලයෝ ඉටා ගත්හ. මේ කැරැල්ල තමාට පමණක් තනිව කළ හැකි හෙයින් මුළු ජනතාවගේ ආධාර - උපකාර අවශ්‍ය බවත් ඔහුට ප්‍රත්‍යකAෂ විය. මේ නිසා පුරන් අප්පු සංචාර ගමනක යෙදුනේ විශේෂයෙන්ම ගම්මානවල සිටි මුලාදෑනින්ගේ සහ නායකයන්ගේ උදව් මේ කැරැල්ල සඳහා ඉල්ලා සිටියේය. ඔහුට ඒ සඳහා භික්‌ෂූන් වහන්සේලාගේ සහ උඩරට ජනතාවගේද සහයෝගය ද නොමසුරුව ලැබිණි. පුරන් අප්පු සංඝයා වහන්සේගේ සහය පතා හැම ආරාමයක් කරාම ගියේය. විශේෂයෙන් කුරුණෑගල, දඹුල්ල,අනුරාධපුරය, මාතලේ වැනි එවකට ප්‍රසිද්ධව තිබූ ඉපැරණි යටගියාවක් ඇති මේ නගර හරහා ඔහුගේa දෙපා වෙහෙසුණේය. බෞද්ධ ශාසනයේ නියම සංවර්ධනයක් මේ කාලය තුළ නොතිබුණු හෙයින් සිංහල ජාතියට, උරුමයට කැක්‌කුමක්, ලැදියාවක් ඇති මහා සංඝයා වහන්සේ තම සහාය පුරන් අප්පුවට දෙන බව ගිවිසුම් දුන්හ. සංඝයා වහන්සේගේ ඇට මස් රුහිරු ඔස්‌සේ ශාසනය හා සිංහල භාෂාව ආරක්‌ෂා කිරීමේ පරම අධිෂ්ඨාන ඇතිව කුමන දේශපාලන විප්ලවයකට හෝ ආධාර උපකාර දීමටත් මහජනයාගේ ජාතික හැඟීම් වලට පුනර්ජීවනයක් දීමටත් ක්‍රියා කළහ. ගම්මුලාදෑනින්ගේත් රදළවරුන්ගෙත් මහා සංඝයා වහන්සේගෙත්a, අවශේෂ ජනයාගේත් නොමසුරු උපකාරය ලැබූණු හෙයින් මේ කැරැල්ල දියුණු තියුණු අඩියකට ගෙන ඒමට පුරන් අප්පුට හැකි විය. ඔහුගේ ජාතික කැක්‌කුම පුළුල් වීමට හේතුව වූයේද මහජනයාගේ උද්‍යාaගය සහ උනන්දුව ඔහු කරා ගලා ඒම නිසාය. මේ සංචාරය අතරතුර පුරන් අප්පු කුරුණෑගලට ගොස් ඩිංගිරාළ නමැති තැනැත්තාගෙන් යුද්ධ සේනාවක් සකස් කරන ලෙස ඉල්ලා ස්‌ථිර කරගත් නියමිත දිනයේදී මාතලේට පැමිණෙන ලෙස දැන්වීය. නැවත දඹුල්ලට ගොස් භික්‌ෂූන් වහන්සේලාගෙන් තමා කරන්නට යන කටයුතු පිළිබඳ වැඩිදුරටත් කැමැත්ත විමසුවේය. ජූලි 17 වැනි දින ඔහු ලෙන දොරට පැමිණ ඔහුගේ බිරිඳ සහ දරුවා බිරිඳගේ නැන්දනියගේ නිවසෙහිදී දැක ගත්තේය. ජූලි 18, 19 වැනි දිනවල මුළු මහත් ලංකාවේ අප්‍රසාදය ඉංග්‍රීසීන්ට පළ කිරීමට කැරැල්ලක් මෙහෙයවීමට සෑම සංවිධානයක්‌ම යොදා තිබිණි. කැරැල්ල මෙහෙයවීම සඳහා එහි සම්පූර්ණ වගකීම භාර ගැනීමට ප්‍රධානියකු සිටිය යුතු නිසාත් සිංහලයන්ට රජෙකු අවශ්‍ය වී තිබූ නිසාත් පැමිණ සිටි ජනයා ප්‍රමුඛ කොට රජකු පත්කර ගැනීමට අදහස් කළහ. නැසීගිය රජුගේ ඥතිවරයන් දෙදෙනකි. මේ කාලයේ සිටි බැවින් ඔවුන්ගෙන් කෙනෙකුට රජකම පවරා මේ කැරැල්ල ඉංගී්‍රසින්ට විරුද්ධව මෙහෙය වන ලෙස භික්‌ෂූන් වහන්සේ හා රදළවරුන් විසින් ඉල්ලීමක් කරන ලදී. එහෙත් ඒ ඉල්ලීම නැසී ගිය රජුගේ ඥතිවරයෝ ප්‍රතික්‌ෂේප කළහ. රජකම බාරගෙන මේ කැරැල්ල මෙහෙය වීමට කිසිදු උඩරැටියෙක් ඉදිරිපත් නොවූයේය. නැපෝලියන් බොනපාට් ප්‍රංශ ජාතිකයකු නොවූවද ප්‍රංශයේ අසහාය ස්‌වාමිත්වය ලබා ගත්තා සේ පුරන්අප්පු පහත රැටියකු වුවත් මේ වගකීම හෙවත් රජකම් ඔහු වෙත දුව ආවේය. උඩරැටියන් පුරන්අප්පුට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" "මංපහරන්නා" "කොල්ලකන්නා" යනුවෙන් ව්‍යවහාර කළත් ඔහු ඔවුන්ගේ රජු වශයෙන් පත්කර ගැනීමට එය බාධාවක් නොවීය. එසේ සැලකුවේ චෝරනාග රජුත්, චන්ද්‍රගුප්ත රජුත් පළමුව හොරුන් වශයෙන් ක්‍රියා කළ බව ඔවුන් දැන සිටිය නිසා වන්නට ඇත. පුරාණයේ පහත රැටියෝ උඩරට රජවරුන් යටතේද, උසස් පදවි ඉසිලූහ. ක්‍රි ව. 1590 දී පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ අගමැතිවරයාද ක්‍රි. ව. 1618 දී ඌව ප්‍රදේශයේ රජු වශයෙන් ක්‍රියාකළ කුරුවිට රාළද දෙවැනි රාජසිංහ රජුගේ මහා දිසාවද පහත රැටියෝය. පුරන්අප්පු පහත රැටියකු වුවද, ගතිගුණ සහ ක්‍රියා අතින් උඩරැටියන් පැරද වූයේය. සල්ලප්පු ආරච්චි, කොනප්පු බණ්‌ඩාර, තෝමෙ අප්පු, කුරුවිට බණ්‌ඩාර යන උඩරට නාමයන්ට සමාන ස්‌වරූපයක් ගන්නා නිසාත් පුරන්අප්පු යන නාමය උඩුරැටියෝ ව්‍යවහාර කළහ. සෑම සටනකදීම උඩරැටියන් සමග උරෙන් උර ගැටී ඉංගී්‍රසීන්ට විරුද්ධව සටන් කළ නිසාත් ඔහුට රජකම අත්වීම පුදුමයක් නොවේ. එකල සිංහල සිරිත වූයේ නියම රජු විසින් පත් කර ගන්නා ලද රූකඩ රජවරුන්ගේ නම් පළමුව ප්‍රසිද්ධ කිරීමය. නියම රජ කෙනෙකු රහසින් තෝරා ගන්නා ලද නමුත් ඒ නම් ප්‍රසිද්ධ කරන්නේ කැරැල්ලේ නියම ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසුවය. මේ රහසින් තෝරා ගන්නා ලද නියම රජු, තමාට සුදුසු යෑයි හැඟෙන රූකඩ රජවරුන් පත් කර ගනී. කැරැල්ලෙහි සම්පූර්ණ වැඩපිළිවෙළ සකස් කරන්නේ රහසින් තෝරා ගන්නා ලද රජතුමා විසිනි. මේ සිරිත ලංකාවේ පමණක් නොව ස්‌කොට්‌ලන්තයේ ද භාවිත වූ බැව් පත පොතින් පෙනේ. ලංකාවේ එකල පැවැති මේ සිරිත අනුව රූකඩ රජවරු තිදෙනෙක් පුරන්අප්පු විසින් පත්කර ගන්නා ලදහ. මේ රූකඩ රජුන් තිදෙනාගේ නායකයා වශයෙන් ඩේවිඩ් නොහොත් ගොන්ගාලේ ගොඩ බණ්‌ඩා පත්කර ගන්නා ලදී. අනෙක් රූකඩ රජවරුන් වශයෙන් ඩිංගිරාළ ද දිනෙස් නමැත්තෙක්‌ද වූහ. මේ කැරැල්ල මෙහෙයවීමට ප්‍රථමයෙන් එය කෙසේ කළ යුතුද යන්න විසඳිය යුතු විය. විශේෂයෙන්ම පහරදීමේ වැඩපිළිවෙළ සකස් වූ ආකාරය ඉතා වැදගත්ය. නැපෝලියන් බොනපාට් විසින් රටවල් යටත් කර ගැනීමට කුමන වැඩ පිළිවෙළක් සකස් කර ගනු ලැබූවේද, එයට සමාන වැඩපිළිවෙළක් මාතලේ කැරැල්ලේදී පුරන්අප්පු අතින් සකස් විය. තමන්ට සහාය දීම සඳහා ජුඩාන් සහ මොරිව් යන සෙන්පතියන් දෙදෙනාට මාර්ග දෙකකින් රණබිමට එනසේ නියෝග කොට නැපෝලියන් ප්‍රධාන මඟින් රණබිමට විපිසියා සේ, පුරන්අප්පු ද මාතලේ අල්ලා ගැනීමට ගොංගාලෙ ගොඩ බණ්‌ඩා, ඩිංගිරාළ සහ දිනෙස් යන රූකඩ රජවරුන්ට අතුරු මාර්ගයන් ඔස්‌සේ එන ලෙස නියෝග කොට තෙමේ ප්‍රධාන මඟින් රණබිමට පිවිසියේය. මෙතරම් ක්‍රියාශීලී, බුද්ධිමත් වැඩ පිළිවෙළක් පුරන්අප්පු විසින් ක්‍රියාත්මක කිරීම ඉතාම අගය කොට සැලකිය යුතුය. තවද ඔවුන්ගේ රණකාමිත්වය හා බුද්ධි මහිමයද මෙයින් මැනගත හැකිය. පහත රැටියෙකු මෙවැනි වැඩ පිළිවෙළක් සකස් කිරීමත් අවසානය දක්‌වා එය ක්‍රියාත්මක කිරීමට තැත් කිරීමත් සිංහලයන් සදා ගෞරවයෙන් සිහිකළ යුතුසේ පෙනේ. පුරන්අප්පු පළමු වැනි වලිසිංහ යන නමින් රජ බවට පැමිණ රූකඩ රජවරුන් ද පත්කොට ඔටුණු පැළඳීමේ උත්සවය දඹුලු විහාරයේදී පවැත්වීමට තීරණය විය. ඔටුණු පැළඳීමේ මංගල්‍යයේදී ප්‍රධාන ඔටුන්න සහ අනෙක් ඔටුණුද පළඳවන ලද්දේ එවකට දඹුලු විහාරයේ වැඩ සිටි කුඩාපොළ ස්වාමීන් වහන්සේ විසිනි. මේ අවස්‌ථාවේ දී පුරන්අප්පුට පළඳවන ලද ප්‍රධාන ඔටුන්න නිශ්ශංකමල්ල රජුට අයත් වූවකි. මෙය හා දඹුලු විහාරයේ තිබී සොයා ගන්නා ලද්දකි. පුරන්අප්පුට සහ අනෙක් රජවරුනට ඔටුණු පැළඳවීම එදිනට යෙදුණු සුබ මොහොතින් චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි. භික්‌ෂූන් වහන්සේද රදළවරුද, සාමාන්‍ය ජනතාවද මේ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ සිටියහ. ඔටුණු පළදන සුබ මෙහොත එළැඹෙත්ම භික්‌ෂූන් වහන්සේ පිරිත් දේශනා කරද්දී පුරන්අප්පු රජුට සහ අනෙක් රූකඩ රජවරුනට ඔටුණු පැළඳ විය. ඔටුණු පළඳවා අවසානයේදී කුඩාපොළ ස්වාමීන් වහන්සේ පුරන්අප්පු සිංහලයන්ගේ රජු වශයෙන්ද ඔටුණු පැළඳු බැව් ප්‍රකාශ කළහ. වැසියෝ එක්‌ව ප්‍රධාන රජුවූ පුරන්අප්පු රන් දෝලාවකින් ද රූකඩ රජවරුන් අවශේෂ දෝලාවලින්ද ගෙන ගියහ. කලින් තීරණය කරගත් පරිදි ජුලි මස 26 වැනි දින පුරන්අප්පු ලක්‌ෂයක් පමණ සේනාවක් සමග දඹුල්ලෙන් පිටත්වීමටත් රූකඩ රජවරුන් තිදෙනාද පිළිවෙළින් දඹුල්ල කුරුණෑගල හා හඟුරන්කෙතින් පිටත් වීමටත් තීරණය විය. රජතුමාගේ අණ පරිදි රූකඩ රජවරුන්ගේ ප්‍රධානියා වූ ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ජුලි 26 වැනි දින යුද සේනාවක් සමග දඹුල්ලෙන් පිටත්ව සෙල්ලමංගල සහ කෝන්ගහවෙල පසුකොට පල්ලේ පත්තුවට පැමිණ 27 වැනිදා රාත්‍රියේ එහි නැවැතී සිට මාතලේ හරහා නොගොස් වෙනත් මාර්ගයකින් ඊට දකුණු පැත්තෙන් වාරියපොළට යැමට ගියේය. එකල මාතලේ දිසාපතිතුමාට මේ භයානක තත්ත්වය අවබෝධ විය. පනහකින් යුක්‌ත පොලිස් භට හමුදාවක් ඔහු විසින් මහනුවර පෙදෙසට වහා යවන ලදී. තවත් පොලිස් බල ඇණියක් මාතලේට යෑවිණි. මේ අතර නගරයේ ඇති කලබල ස්‌වභාවය තේරුම් ගත් මාතලේ සිටි මහෙස්‌ත්‍රාත්වරයා වාරියපොළ අතහැර ගිය නමුදු ඔහුගේ දියණියන් වන වෝරින් මෙනවිය මේ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයාට ගෙන යැමට නොහැකි විය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස පොලිස් නඩුකාර මහතාගේ මැදුරට පැමිණෙන විට ඕ බීර පීප්පයකින් බීර ගනිමින් සිටියාය. ඕ මේ කෝපාවිෂ්ට පිරිස දුටු විට අශ්වයකු පිටනැඟී නගරය අතහැර ගියාය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස වොරින් මෙනවිය අල්ලා පුරන් අප්පු වෙත ගෙන ගියෙන් පුරන්අප්පු වොරින් මෙනවියට කිසි හිරිහැරයක් කරන්නට ඉඩ නොදී හල්පේ මහතාට අයිති දෝලාවකින් ඇගේ පියාවෙත යවන ලදී. මෙයින් පැහැදිලි වන්නේ පුරන්අප්පුට වුවමනා කළේ අසරණ, අහිංසක ඉංගී්‍රසීන්ගෙන් පලිගැනීම නොව, දරදඩු ඉංගී්‍රසි පාලනයෙන් පලිගැනීමටය. සූදානම් කරගත් අයුරු ජුලි 26 වැනි බදාදා පුරන්අප්පු ප්‍රභූඋඩරැටියන් ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් රාජකීය දෝලාවකින් ගෙන යන ලදී. පුරන්අප්පුගේ සේනාවද අති මහත්ය. එසේම ඔහු පහර දෙන්නට යන මාර්ගය ඉතාම දුෂ්කර වූද අති භයංකාර වූද එකක් විය. මේ සේනාව ඉදිරියෙහි පුරන්අප්පුගේ පෙළපතෙහි ඉපැරැණි කොඩිය වන රණදැල් කොඩියද විය. පුරන්අප්පු ඔහුගේ සේනාව සමග ඉදිරියට ගමන් කරන විට පාර දෙපස ජනයා අත්පොළසන් දෙමින් ස්‌වකීය ප්‍රීතිය ප්‍රකාශ කරමින් ඔහුගේ සේනාවට එක්‌වූහ. මේ කාලය තුළදී එවකට මාතලේ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් තැනව සිටි දුනුවිල්ලේ ලොකු බණ්‌ඩා නමැත්තෙකි. මේ තත්ත්වය පරීක්‌ෂා කරනු සඳහා පැමිණ සිටියේය. මාතලේ හා ඒ අවට ප්‍රදේශවලින් යුද්ධ හමුදාවෝ ගලා ආහ. ජුලි 27 වැනිදා බ්‍රහස්‌පතින්දා පුරන්අප්පු තමාගේ බලය තහවුරු කර ගනිමින් සිටියේය. එකල සිංහල සිරිත අනුව රටක් හෝ ප්‍රදේශයක් යටත් කිරීමේදී යුද්ධයට යන අනිකුත් අවශේෂ සේනාව බෙර ගැසීමද, නළා හොරණෑ පිඹීමද සිරිත විය. මේ යුද සේනාවද මෙසේ ප්‍රීතියෙන් කාලය ගෙවමින් තමන්ට හමුවන හැම මන්දිරයක්‌ම හැම ආයතනයක්‌ම හැම රාජකීය සේවා කාර්යාලයක්‌ම එහි ඇති රාජකීය ලියකියවිලි සියල්ලක්‌ම විනාශ කොට සුන්බුන් කොට ලෙනදොර කවුඩුපැලැල්ල, නාලන්ද පළාපත්වෙල රඹුක්‌කන සහ අළුවිහාරය යන ප්‍රදේශයන් හරහා මධ්‍යාහ්න වේලාවේ මාතලේට පැමිණ "මැක්‌ඩෝවල්" කොටුව බිඳ දමා මාතලේ නගරය අල්ලා ගත්හ. ඒ අවස්‌ථාවේදී මාතලේ නගරය ශ්‍රී විභූතියෙන් ඇලලී ගියේය. පීති නාදයෙන් මිශ්‍රවූ ඔල්වර හඬ මාතලය නගරයෙන් නික්‌මී කඳු පාන්තයන්හි නැඟී රැව් පිළිරැව් දිණි. ජාතික ප්‍රබෝධයෙන් මත්වූ සිංහලයෝ හතරරියන් දේහයක් ඇති පුරන්අප්පු රජු පිරිවරා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ඒ ඔවුන්ගේ බලවත් ජයග්‍රහණයෙන් ලැබූ ස්‌ව ජාතික හැඟුම් තුළින් විහිදුන ප්‍රීතිය නිම්හිම් නැති විය. මේ ජයග්‍රහණයෙන් උදම් වූ ජනකාය විසින් ඔවුන් තෝරාගත් නියම රජාගේ නම පුරන්අප්පු බැව් ජුලි මස 28 වැනිදා සිකුරාදා ප්‍රසිද්ධ කරන ලදී. මේ වනතුරු නියම රජතුමා කවරෙක් දැයි බ්‍රිතාන්‍යයෝ නොදැන සිටියහ. සිංහලයන්ගේ ඊළඟ පියවර වූයේ මහනුවර ඉංගී්‍රසි යුද හමුදාවේ ශක්‌තිය හීන කරවීමය. ජනතාව මැඬ පැවැත්වීමට යුද හමුදාව ඔවුන් හා මුහුණට මුහුණ ලා විථි කරා ආ කල්හි ජනතාවගේ පරමාර්ථයන් මුදුන් පැමිණෙන තුරු ආපසු නොයන බවට සිංහලයෝ ඉටා ගත්හ. මේ කැරැල්ල යටගිය කැරලිවලට වඩා උත්සන්න වූයේ අනෙකක් නිසා නොව අනිත් යුද සේනාවන්ගේද ආධාර ඇතිව ප්‍රධාන නගරය වූ මහනුවර අල්ලා ගැනීම මේ කැරැල්ලේ නායකයාගේ අධිෂ්ඨානය වූ හෙයිනි. ජුලි මස 29 වැනිදා සෙනසුරාදා පෙරවරු කාලයෙහි පුරන්අප්පු රජු සහ ඔහුගේ පිරිස ප්‍රීති ප්‍රමෝදයෙන් මාතලේ සිට මහනුවර බලා ගමන් කළෝය. බලකඩුව දුර්ගය අසලදී ඉංගිරිසින්ට විරුද්ධව දෙන ලද පහර එතරම් සඵල නොවූයේ බලාපොරොත්තු සේනාවන් නොපැමිණි නිසාය. බලාපොරොත්තු වූ යුද සේනාවන් ඇතුළු රූකඩ රජවරුන් ඔවුනොවුන්ගේ වුවමනාවන් සඳහා මහා මාර්ගයන්හි නැවතී සිට සුරා පානය කළ නිසා නියම වේලාවට සහ ස්‌ථීර කරගත් දිනයට පැමිණීමට නොහැකි විය. මේ කරුණු හේතු කොටගෙන පුරන්අප්පුට සටන ජයග්‍රහණය කරා ගෙන ඒමට නොහැකි විය. මේ අවස්‌ථාවේදී රජුට ආධාර දීම සඳහා සිටි අගමැති රත්වත්තේ අදිකාරී මහතා ඇතුළු විශාල පිරිසක් පැන ගියෝය. වර්ෂ 1848 අගෝස්‌තු මස 2 වැනිදා පුරන්අප්පු රජු ඉංගී්‍රසින් විසින් අල්ලා ගන්නා ලදී. පුරන්අප්පු 1848 අගෝස්‌තු 2 වැනි දින මාතලේ සිට මහනුවර බලා යන මාර්ගයේදී අල්ලා ගනු ලැබීය. මහනුවරට ළඟාවන පුරන්අප්පු අතරමඟදී ඔහුගේ ඥති සහෝදරයකු වූ ඩබ්ලිව්. ඇලෙක්‌සන්ඩර් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ අමතා "සහෝදරය" මා වගේ තව පුතෙක් මගේ මවට සිටියේ නම් මේ සිංහල රාජධානිය කිසිකලෙක සුදු ගෙරියාට නොදෙමි යි කීවේය. ඔහු තවදුරටත් මා විසින් ඔබට බාරදෙන ලද ඒ පූජනීය වස්‌තුව ඔබගේ නේත්‍රා සේ ආරක්‌ෂා කර ගන්නා ඔබගෙන් පැවත එන්නෙකුට කවදා හෝ අවශ්‍ය වේ යෑයිද පවසා යමක් භාර දුන්නේය. විශේෂ යුද්ධාධිකරණයක් ඉදිරියෙහි පුරන් අප්පුට විරුද්ධව නඩු විභාගයක් අගෝස්‌තු 8 දා අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපහන්ව් මහතා විසින් මහනුවරදී පවත්වන ලදී. ඔහුට විරුද්ධව නගන ලද චෝදනා නම්, ඔහු මහනුවර රජ වශයෙන් ප්‍රකාශ කරලීමත්, වික්‌ටෝරියා අගරැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්‌ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්‍ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට් තුමාට නිර්භීත ලෙස ප්‍රකාශ කළේය. මේ වචන අග්‍ර විනිශ්චයකාරතුමාට ශ්‍රවණය වූ විගසෙහිම ප්‍රකෝපයට පැමිණ ඔහු වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කළේය. යුද්ධාධිකරණ නඩු විභාගයෙන් දින හයකට පසු රජ වූ පුරන් අප්පු වෙඩි තබා මරණ ලෙස නියෝග කළෙන් බෝගම්බර වැව අසල පිහිටි කන්ද ළඟට ගෙන යන ලදී. වෙඩි තැබීමට මෙසේ පුරන් අප්පු ගෙන ගියත් මරණය පිළිබඳ ඔහු තුළ කිසිම බියක් නොවීය. ඔහු ශෝක වූයේ කනගාටු වුයේ මරණයට බියෙන් නොව සිංහලයන්ට අහිතකර වූ සුද්දන්ගෙන් මෙරට පාලන ක්‍රමය සිංහලයන් අතට ගන්ට බැරිවූ නිසාය. වෙඩි තැබීමට ස්‌වල්ප මොහොතකට පෙර එතැනට රැස්‌වූ ජනකාය අමතා මා වාගේ විර්යවත්, ධෛර්යවත් වීරයන් හතර දෙනෙක් සිටියේ නම් මේ වීර සන්නද්ධයා සුදු ගෙරියා මෙරටින් පන්නා දමනවා ඇතැයි පුරන් අප්පු කීවේය. වෙඩි පහරවල් දොළහක්‌ම එක පිට එක ඔහුගේ සිරුර පසා කරගෙන යද්දී සුද්දන් මේ රටින් එලවීමේ පරම අධිෂ්ඨානය ඔවුගේ සිතේ තිබුණු නිසා එඩිතර බව හා නිර්භීත භාවය හේ පෙන්වීය. එහෙත් දහතුන් වැනි වෙඩි පහර වැදෙත්ම මේ ශ්‍රෝෂ්ඨ සිංහලයාගේ හද දෙපළු වූයෙන් (වර්ෂ 1848 අගොස්‌තු මස 8 වැනි අඟහරුවාදා) අවසාන හුස්‌ම හෙළීය. කුඩාපොළ ස්‌වාමීන් වහන්සේට විරුද්ධව යුද්ධාධිකරණයේදී නගන ලද චෝදනාව නම් උන්වහන්සේ මාතලේ කැරැල්ලට ආධාර දීමත්, පුරන් අප්පු රජු වශයෙන් පිළිගෙන ඔටුණු පැළඳවීමත්, වික්‌ටෝරියා අග රැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට වැරැදිකරු ලෙස පිළිගත් යුද්ධාධිකරණය විසින් කුඩාපොල ස්‌වාමීන් වහන්සේ වෙඩි තබා මරා දමන ලෙස නියම කළේය. ඒ නිසා වර්ෂ 1848 අගෝස්‌තු 26 වැනිදා බෝගම්බර වැව අසලට ගෙන ගොස් සිවුරු පිටින්ම ආගම් විරෝධී ලෙස වෙඩි තබා මරණ ලදී. යුද්ධාධිකරණයෙහි නඩු විභාගයෙන් පසු කැරැල්ලට ආධාර දීම නිසාත් පුරන් අප්පු රජු බවට පත් කළ නිසාත් ගොන්ගාලේගොඩ බණ්‌ඩා මරණීය දණ්‌ඩනයට නියම වූ නමුදු අන්තිමේදී ඉන් නිදහස් කොට කස පහර සියයක් තළා මලක්‌කාවට පිටුවහල් කරන ලදී. ඩිංගිරාල කෝරල හතක පාලකයා වශයෙන් ප්‍රසිද්ධවූ නිසා හෙතම යුද්ධාධිකරණය ඉදිරිපිටදී වරදකරුවූ හෙයින් ඔහු අගෝස්‌තු මස 5 වැනිදා වෙඩි තබා මරණ ලදුව කුරුණෑගල නුග ගසක ඔහුගේ මළකඳ දින හතරක්‌ම එල්ලා තබන ලදී. රණබිමෙන් පැන ගිය දිනේ වෙඩි තබා මරණ ලදී. පුරන්අප්පු විසින් මෙහෙය වන ලද කැරැල්ල සිංහල ජනතාව එකම බැම්මකින් බැඳ තැබීමට හේතුවුවා පමණක් නොව ඉන් ජාතික ප්‍රබෝධයක්‌ද ඇති විය. ස්‌වදේශීය අනුරාගයෙන් පීඩිත ජනතාවගේ කම්කටොලු දැක කරන ලද මේ කැරැල්ල හේතුකොට ගෙන සිංහලයන්ගේ එකමුතු බවක් ඇති විය. එකල යුද්ධ නීතිය පනවා තිබීම ගැන එංගලන්ත පාර්ලිමේන්තුවට ලංකාවාසී ප්‍රභූ ජනයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කරුණු සෙවීමට කොමිටියක් ද පත් කරන ලදී. ඒ කොමිටියේ නිගමනය අනුව එකල ආZණ්‌ඩුකාරයා වූ ටොරිංටන් සාමි, සැම් සර් එමර්සන් ටෙනන්ට් හා පී.ඊ. වුඩ්හවුස් යන මහත්වරුන් මෙරටින් පිට මං කරන ලදී. පී. විල්මට් පීරිස් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 14 Jan 2015 01:28 AM මේවා කියවද්දී මොහොම දුකයි......කොපි කරලා තියාගන්නවා පස්සේ හෙමීට කියවන්න......බොහොම පිං මේ ලිපි ෂෙයාර් කරගත්තට 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2015 10:18 PM රට වෙනුවෙන් ජීව්තය පූජාකළ කැප්පෙටිපොළ වීරයා 2014 දෙසැම්බර් මස 12 11:31:15 | ලංකාදීප කර්තෘ මණ්ඩලය මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ සදා අමරණීය වීරයෙකි. අදින් වසර එකසිය අනූහයකට (196) ප‍්‍රථම දේශය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ එතුමා, මෙම මස 26 දින සැමරීමට නියමිතය. පරදේශක්කාර ජාතියකට යටත්ව, නිවට, නියාලූ අයුරින් ජීවත් වීම මදිකමක් ලෙස සිතූ ඔහු, තම ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය එඩිතරව පූජා කළ වීරයෙකි. එතුමා කඩුව ඔසවමින් ඌව වෙල්ලස්ස විමුක්ති සටනට නායකත්වය ලබාදෙමින් සටන මෙහෙය වූයේ, එවකට ලෝකයේ අවි ආයුධවලින් සන්නද්ධ ප‍්‍රබල යුද සේනාවක් සමඟය. ක‍්‍රි.ව 1817 සැප්තැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඇරඹුණි. කැප්පෙටිපොළ පරපුර කැප්පෙටිපොළ පරපුරෙහි ඉතිහාසය පිළිබඳ ජනප‍්‍රවාදයෙහි කතා කිහිපයක්ම පැවතිය ද, විශ්වාස කළ හැකි සාධක හමුවන්නේ මහනුවර යුගයෙනි. එය අවසාන සිංහල රජු වන වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය (ක‍්‍රි.ව. 1707-1739) දක්වා වූ ඈත අතීතයට දිව යයි. මෙම රජුගේ සලූවඩන පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොළ පරපුරේ ආදීම පුරුෂයෙක් වන රාජපක්ෂ වික‍්‍රමසේකර මුදියන්සේය. එම පදවියට අමතරව තමන්කඩුව, මාතලේ හා සත්කෝරලයේ දිසාපති පදවිය ද පිරිනමා තිබේ. සම්භාව්‍ය රදළ පවුලකි. සතරකෝරලයේ කැප්පෙටිපොළ උපන් ගම අතහැර මාතලේ මොණරවිලට පැමිණ තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ඉන්පසුව පැවත එන පරපුරේ නිලමේවරු කැප්පෙටිපොළ සහ මොණරවිල යන නම් දෙකෙන්ම හැදින්වීමට පටන් ගත්හ. මාතලේ උඩසියපත්තුවේ මොණරවිල ගම පිහිටා තිබෙන්නේ උඩුගොඩ ගොලහැල ග‍්‍රාමයට සම්බන්ධවය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේගේ පියා කැප්පෙටිපොළ හෙවත් ගොලහැල නිලමේය. මව මොණරවිල කුමාරිහාමිය. පියා රාජාධි රාජසිංහ රාජ සමයේ (කි‍්‍ර.ව. 1781-1798) දියවඩන නිලමේ තනතුර හෙබ වූහ. ඔහු ශ‍්‍රී දළදා මාලිගාවේ සොල්දර තට්ටුවෙන් වැටී මියගිය බව කියැවේ. මෙතුමාට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියේය. ශ‍්‍රී වික්රම රාජසිංහ රජු විසින් දියේ ගිල්වා අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත් කරනු ලබන ඇහැලේපොළ කුමාරිහාමි මෙතුමාගේ සහෝදරී වන අතර, ඇය විවාහවී සිටියේ ඇහැලේපොළ මහනිලමේ සමගය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ විවාහවී සිටියේ සබරගමුවේ කුල කාන්තාවක් වූ දෙල්වල එතනා සමඟිනි. ඔවුන්ට කැප්පෙටිපොළ ලොකු බණ්ඩා නමින් පුත‍්‍රයෙක් ද සිටියේය. සෙංකඩගල පුරවරයේ කැප්පෙටිපොළ දිසාව සතුව වලව්වක් තිබුණේ නැත. මහනුවරට පැමිණෙන අතරමඟදී, නැවතුණේ වර්තමානයේ ඉතිරිව පවතින මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේය. එය කාමර 16 කින් යුත් සුවිශේෂී ගෘහ නිර්මාණශිල්පයේ අලංකෘත දෙමහල් ගොඩනැගිල්ලකි. සඳලූ තල දෙකකි. හය වැනි පරම්පරාවේ මිණිබිරියක් වන ධනංජනී මොණරවිල කැප්පෙටිපොළ මහත්මිය තම ස්වාමිපුරුෂයා සමඟ අද මෙහි ජීවත්වෙති. මහනුවර දී තම නැඟනිය (දියේ ගිල්වා මරණයට පත් කළ ඇහැලේපොළ කුමාරිහාමි) විවාහවී සිටි ඇහැළේපොළ මහාඅදිකාරම්ගේ වලව්වේ නැවතුණි. කැප්පෙටිපොළ පරපුර පිළිබඳ තවත් කතා කිහිපයක්ම ජනප‍්‍රවාදයේ පවතී. ඉන් එකක් නම් මෙසේය. එය ශ‍්‍රී විජය රාජසිංහ රජ දවස (කි‍්‍ර.ව 1739-1749) දක්වා වූ ඈත අතීතයට දිව යයි. එදවස, සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් අත්තනායක නම් එක්තරා රදළ පවුලක් සතරකෝරලයේ අඹහැර ගමෙහි සිට මහනුවරට පැමිණ සුදුහුම්පොළ ගමේ පදිංචිවී ඇත. මෙම සහෝදරිය අතිශය රූමත් ළඳකි. එක්වරක් දුටුව කෙනෙක් නැවත වරක් දැකීමට තරම් සිතෙන ආකාරයේ රූපශ්‍රීයෙන් යුක්ත විය. සහෝදරයන් ඇයව සඟවා ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ කළ ද, ඇයගේ රූමත් බව ශ‍්‍රී විජය රාජසිංහ රජතුමාට ද දැනගැනීමට ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජතුමා ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය. තම එකම නැඟනිය වඩුග රජකුට විවාහ කර දීමට සහෝදරයන් කැමැත්තක් දැක්වූයේ නැත. අනාගතයේ දී රජුගෙන් ඇය ආරක්ෂා කර ගත හැකි ක‍්‍රමයක් ද සොයා ගත නොහැකි විය. සහෝදරියගේ ජීවිතය නැති කරනවා හැර සිදු කළ හැකි වෙනත් විකල්පයක් ද ඔවුන්ට නොතිබිණි. අකමැත්තෙන් වුවත්, සහෝදරිය මරා දමන සොහොයුරන් දෙදෙනා මාවනැල්ල ප‍්‍රදේශයට පලාගොස් එක් අයෙක් බැද්දෙවෙල, අනෙක් සහෝදරයා කැප්පෙටිගාලෙහි ද (පසුව කැප්පෙටිපොළ ලෙස ව්‍යවහාරයට පැමිණියේය) සැඟවිණි. එවකට මාවනැල්ල කැළෑබද ප‍්‍රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක‍්‍රි.ව 1604-1635) එනම් ක‍්‍රි.ව 1630 වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි. මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව -සිංහලයන් පාගා දමමින් සිංහලයන්ම විනාශ කිරීමට සිංහලයන් භාවිත කරන විදේශිකයන් කෙදිනක හෝ ඔබවත් විනාශ කරනු ඇත. ඔවුන් විශ්වාස නොකරන්න, මෙම දේශය අපගේය. අප මෙම දේශය ආරක්ෂා කර නොගතහොත් පාපයකි. එමනිසා පෘතුගීසීන් පරාජය කිරීමට සහාය වන්න’’ යනුවෙනි. මෙම හසුන්පත ලැබීමත් සමඟ ඔහුගේ දේශපේ‍්‍රමීත්වය මතුව ආවේය. දින කිහිපයක් ගත විය. පෘතුගීසි නිලධාරියකුගේ හිසක් රජතුමා වෙත යවන ලදී. ඒ තමන් රජුට සහාය වන බව දැන්වීමටය. පසුව සෙනරත් රජතුමා සමඟ එක්වී පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දේශය ඔවුන්ගෙන් මුදාගන්නා ලදී. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් -වික‍්‍රමසිංහ කුලතුංග” නාමයත්, ඌවේ පිහිටි කටුගහ වලව්ව සහ එය අවට පිහිටි ඉඩම් නින්දගම් වශයෙන් ඔහුට පිරිනමා තිබේ. උඩරට පාලනය බි‍්‍රතාන්‍යයන්ට හිමිවූ පසු ඒ වන විට ඉංග‍්‍රීසීන් විසින් හජ්ý මුහන්දිරම් කෙනෙක් වෙල්ලස්ස පාලනය සඳහා පත්කර තිබුණි. සිංහලයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැත. රදළ නායකයන්ට වඩා මෙම තත්ත්වය බෙහෙවින් දැනෙන්නට පටන් ගත්තේ සාමාන්‍ය මහජනතාවටය. සිය නායකයන් කළ වැරැුද්ද අවබෝධ කරගත් කිවුළේ ගෙදර, කොහු කුඹුරේ, ඇහැලේපොළ, ඉහගම ආදීහු ප‍්‍රමුඛත්වය ගත්හ. කැප්පෙටිපොළ දිසාව ද මෙයට රහසින් ආධාර කළේ අවස්ථාව ලද වහාම සම්බන්ධවීමේ අදහසිනි. (මේ බව ලූතිතන් ටි්‍යුලොක් කැප්පෙටිපොළ පවුලේ අය සිර භාරයට ගෙන දේපළ රාජසන්තක කළ අවස්ථාවේ දී, එහි පෙට්ටගමක තිබී හමු වූ ලිපි නිසාය. මේ බව ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් විසින් යටත් විජිත භාර ලේකම්වරයාට යවන ලද වාර්තාවල සඳහන් වේ*. -දොරේසාමී” (විල්බාව ගමේ උපත ලබා ඇති සිවුරු හල (හීරලවකු) කෙනෙකි) නම් වූ අමුත්තෙකු වෙල්ලස්සේ කොකාගල නම් ගමට පැමිණෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහු පැමිණියේ තනිවම නොවේ. භික්ෂූන්වහන්සේ අටනමක් ද සමඟය. වෛද්‍ය හෙන්රි මාෂල්ගේ සටහනට අනුව මේ බව බදුල්ලේ උපරෙසිඩන්ට් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ට දැන ගැනීමට ලැබෙන්නේ ක‍්‍රි.ව 1817 ඔක්තෝම්බර් මස 10 වෙනි දිනදීය. දොරේසාමි අල්ලාගෙන ඒමේ වගකීම පැවරෙන්නේ හජ්ජි මුහන්දිරම්ටය. හජ්ජි තම සොහොයුරා සහ වෙල්ලස්සේ මරක්කල මිනිසුන් කිහිපදෙනකු සමඟ පිටත් විය. වෙල්ලස්සේ කඩවතට පැමිණි හජ්ජි ඇතුඵ පිරිසට සිංහලයන් කණ්ඩායමක් ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කළ අතර, ඔවුන්ගෙන් හතර දෙනකු අල්ලාගෙන බදුල්ලට යැවීය. මේ බව ආරංචි වූ වෙල්ලස්සේ සිංහල තරුණයන් පිරිසක් දුනු හී අතැතිව ඉදිරියට පැමිණෙමින් සිටින හජ්ජිගේ සොහොයුරාට තුවාල කර හජ්ජි අල්ලා ගත්හ. හජ්ජිගේ පිරිසෙන් කිහිප දෙනෙක් බදුල්ලට පළා ගියහ. 12 වැනි දින මෙම පුවත බදුල්ලට දැන ගැනීමට ලැබුු අතර, 14 දින උපරෙසිඩන්ට් විල්සන් සහ ලයිතන් නිව්මන් යටතේ ජා හේවා කණ්ඩායමක් සමඟ භාෂා පරිවර්තකයකු සහ දේශීය භටයෝ කිහිප දෙනෙකු ද වෙල්ලස්සට පිටත් වූහ. ඔවුහු පළමු රැුය අලූපොත ද, දෙවැනි දවසේ වෛනවැල්ලට ද ගොස් බුත්තල රාත‍්‍රිය ගත කළහ. පසුවදා සිංහල භට පිරිස් සමඟ සාකච්ජා කිරීමට උත්සාහ කළ ද, ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවක් විය. ඒ ඔවුන් සිංහල ජාතියට බොහෝ කෙණහිළිකම් කර තිබූ නිසාය. ඒ වන විට වෙල්ලස්සේ අතිදක්ෂ දුනු හේවායකු වූ මීගහපිටිය වලව්වේ හිටිහාමි රටේරාළගේ නායකත්වයෙන් යුත් භට පිරිසක් ඉංග‍්‍රීසින් වටකර සිටියේය. එකවරට කැලෑව දෙසින් ඉංග‍්‍රීසීන් වෙත පැමිණියේ ඊ වර්ෂාවකි. හිටිහාමි රටේරාළගේ ඉලක්කය විල්සන් වෙතය. තවත් මොහොතකින් විල්සන් ඇතුඵ කිහිප දෙනෙක් මැරී ඇද වැටුණි. මොණරවිල කැප්පෙටිපොළ දිසාව සටනට එක්වීම වෙල්ලස්සේ දිසාව ලෙස එවකට පත්කර සිටියේ මහලූ වයසේ පසු වූ මිල්ලවය. මහලූව සිටීම පමණක් නොව රෝගාබාධව සිටි නිසා රාජකාරී නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් විය. මේ නිසා මෙම දිසාව ද, ඌවේ දිසාව යටතට පත් කරන ලදී. මේ වන විට ඌව දිසාවේ ලෙස පත්ව සිටියේ මොණරවිල කැප්පෙටිපොළ නිලමේය. බදුල්ලේ අණදෙන නිලධාරී මේජර් මැක්ඩොනල්ඞ්ගේ අනුමැතිය ඇතිව වෙල්ලස්ස පළාත සමතයකට පත් කිරීමේ වගකීම කැප්පෙටිපොළට පවරා ඔහුගේ අතවැස්සන් දොළොස් දෙනකුට තුවක්කුව බැගින් හා වෙඩි බෙහෙත් ලබා දුන්න ද, යුද හමුදාවක් රැුගෙන ගියේ නැත. එහෙත් පරම්පරා ගණනාවක සිට පැවත එන ශ්‍රේෂ්ඨ යුද බෙර වයන්නකු වූ තිත්තවෙල මහ පනික්කියා ද ඔහු සමඟ ගියේය. ක‍්‍රි.ව 1817 නෙවැම්බර් මස 01 දින කැප්පෙටිපොළ මහ නිලමේට අඵපොතදී කොහුකුඹුරේ රටේරාළ ඇතූඵ සටන් පිරිස හමුවිය. සටන් සංවිධානය කොහුකුඹුරේ රටේරාළ භාරයේ පැවති අතර, පිලිමතලව්වේ අධිකාරම, මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල සටන් පෙරමුණේ වූහ. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ. කලින් යොදාගත් සැළැස්මක් ක‍්‍රියාත්මක වීමකි. එහෙත් ඒ බව පෙන්වීමට රටේරාළ කැමති වූයේ නැත. ”අපේ රට මෙතෙක් දවස් අඳුරේ තිබුණත්, දැන් සූර්ය දිව්‍ය රාජයාට සමාන රජ කෙනෙක් පහළවී සිටිනවා. එතුමා කෙරේ විශ්වාසය ඇතිනම් අප හා එකතු වෙන්න. නැතිනම් ඔබ මෙතැනදීම මරා දමා හිස රජතුමා ළගට රැගෙන යනවා..” රටේරාළ පැවසීය. ”රජතුමා කෙරෙහි මගේ විශ්වාසයක් නැතිනම්.. මම එන්නේ හේවායන් සමඟයි.. හිතවත් කෙනෙක් හැටියටයි මම ආවේ”.. යැයි කැප්පෙටිපොළ නිලමේ පිළිතුරු ලබා දුන්නේය. ඒ වන විට කැප්පෙටිපොළට පක්ෂපාත පිරිස පන්දහසක් පමණ වූහ. රටේරාළ සතුව සිටියේ දෙසිය පනහක පමණ පිරිසකි.. මේ නිසා කැප්පෙටිපොළ නිලමේට අවශ්‍යතාවක් තිබුණා නම්, බේරී පළා යාමට පවා ඉඩ තිබුණි. එහෙත් එසේ නොකර, සිංහල විමුක්කි සේනාවට එක්වූ කැප්පෙටිපොළ නිලමේ, ඔහු සමඟ පැමිණි ඉංග‍්‍රීසී හේවා පිරිසේ කිසිවකුටවත් කිසිදු ආකාරයෙන් හිංසා නොකර ඔවුන්ගේ අවි ආයුධ ද සමඟ ආණ්ඩුකාරයා වෙත පිටත් කර යවන ලද්දේ මහත්මා ගතිගුණ පෙන්වමිනි. මොණරවිල කැප්පෙටිපොළ මේ ආකාරයෙන් සිංහල සේනාවට එක්වීමත් සමඟ සටන් පෙරමුණේ නායකත්වය ඔහුට හිමි විය. මේ බව දැනගත් රොබට් බ‍්‍රවුන්රිග් කෝපයෙන් වියරු වැටුණි. බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සටන් වැද සිටින සිංහල රණකාමීන්ගේ දේපළ රාජසන්තක කළේය. එපමණකින් සෑහීමකට පත් නොවූ ඔහු සංග‍්‍රාමික උපක‍්‍රමයක් වූ -බිම්පාඵ ප‍්‍රතිපත්තිය” ක‍්‍රියාත්මක කරමින් කෙත්වතු, ධාන්‍ය ගබඩා ගිනිතබා විනාශ කරන ලෙස මේජර් මැක්ඩොනල්ඞ් ඇතුඵ හමුදා නායකයන්ට උපදෙස් දුන්නේය. ඉංග‍්‍රීසි හා කුලී හේවායෝ සිංහලයන් සතු කෙත්වතු, ගෙවල් දොරවල්, ගව සම්පත කොල්ලකෑමෙන් නොනැවතී ගිනි තබා විනාශ කළහ. සටන ඉන් මර්දනය වූයේ නැත. තවත් උග‍්‍ර අතට හැරුණි. ඌව වෙල්ලස්සින් ඇරඹි සටන කන්ද උඩරට දක්වා ව්‍යාප්ත විය. ඌව වෙල්ලස්සෙන් කි‍්‍ර.ව 1817 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සටන 1818 පෙබරවාරි මාසය වන විට බින්තැන්න, වලපනේ, දුම්බර හේවාහැට, හත්කෝරළේ, හාරිස්පත්තුව, මාතලේ, නුවර කලාවිය හා සබරගමුවේ එක් කොටසක් පුරා පැතිර ගියේය. ඉංගී‍්‍රසීන්ට කන්ද උඩරටින් පිටවීමට නියෝග කෙරේ කැරැල්ලට සම්බන්ධ සියලූම සිංහලයන් රාජද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කරන මෙන් ප‍්‍රකාශයට පත් කළහ. මොණරවිල කැප්පෙටිපොළ ඌවේ දිසාව ඇතුඵ දහතුන් දෙනෙක් ප‍්‍රධාන රාජද්‍රෝහීන් ලෙස නම් කරමින්, ඔවුන් සතු දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළේය. එහෙත් සිංහලයන්ගේ විමුක්ති සටන පාලනය කිරීමට ඉංග‍්‍රීසි හේවායෝ අසමත් වූහ. ඉංග‍්‍රීසීන්ට උඩරටින් ඉවත් වන්නට සිදුවන තත්ත්වයක් ඇති විය. බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාගෙන් සහ ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙන් අමතර හේවා බළඇණි සමඟ යුද අවිද ඉල්ලා සිටියහ. ඒ සමඟම මෙම නිදහස් සටනේ නායකයා වූ කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට තාර්කා පගෝදි 2000 ක් ගෙවන බවට ප‍්‍රසිද්ධ වුණි. පෙබරවාරි, මාර්තු ඉතාමත් දරුණු ආකාරයෙන් සටන් පැවති කාලයකි. තම හමුදා සේනාංක ඉවත් කර ගන්නා මෙන් යටත් විජිතභාර ලේකම් මෙරට ආණ්ඩුකාරවරයාට නියෝග කළේය. එහෙත් එම නියෝගය ලැබුණේ සතියක කාලයක් ප‍්‍රමාද වීමෙනි. එම ප‍්‍රමාදය අතර කාලයේ බලාපොරොත්තු රහිත ලෙස ඉන්දියාවෙන් හමුදාවක් පැමිණියේ ඉංග‍්‍රීසින්ගේ වාසනාවටය. ඉන් ඉංග‍්‍රීසින් දිරිමත් විය. මාස කිහිපයක් සටන් පැවතිණි. ඉංග‍්‍රීසින්ගේ මිලේච්ජ ක‍්‍රියා පමණක් නොව ආහාර, අවි ආයුධ හිඟකම ද සටන අඩාළ වීමට බලපෑවේය. මෙවන් කි‍්‍රයා සිදුවන අතරතුර කැප්පෙටිපොළ දිසාව අසනීපයෙන් පසුවිය. පෙරමුණ ගත් නායකයෝ එකිනෙකා ඇද වැටෙමින් මරු වැළඳ ගත්හ. සමහර නායකයන් ඉංග‍්‍රීසින් සිර භාරයට පත්විය. මෙවන් අයහපත් වාතාවරණයක් මධ්‍යයේ වුවද, කැප්පෙටිපොළ මහනිලමේ සටන අත්හැරියේ නැත. ජෝන් ඩොයිලිට තොරතුරු සැපයූ උඩුගම උන්නාන්සේ නැමැති දුසිල්වත් සාමණේරයාණන්ගෙන් ලබාගත් ඔත්තුවකට අනුව, තමා සමඟ විල්බාවේ පන්සලේ වාසය කළ සිවුරු හැරගිය භික්ෂුවක්, දොරේසාමී නමින් රජෙකු ලෙස පෙනී සිටින බව පැවසීය. බ‍්‍රවුන්රිග් මේ බව ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කැප්පෙටිපොළ මහනිලමේ සහ අභිනව රජතුමා (දොරේසාමී) කණිෂ්ඨ පිළිමතලව්වේ ඇතුඵ රදළ නායකයන් විසින් සිරභාරයට ගන්නා ලද්දේ විල්බාවේ රදළයෙකු නොවන නිසා ඔහුට රජ වීමට අනුබල දුන් බව පවසමිනි. සැබවින්ම කැප්පෙටිපොළ ඒ බව දැන සිටියේ නැත. ඒ අතරේ පිළිමතලව්වේ ඩොයිලි සමඟ රහසේ සාකච්ජාවක් පැවතුණි. ඒ, කැප්පෙටිපොළ ඉංග‍්‍රීසින්ට භාරදී මහඅදිකාරම් තනතුර සහ නැති වූ දේපළ ලබා ගැනීමේ අරමුණෙනි. මෙවන් සාකච්ජා පවතින අතරතුරේ කැප්පෙටිපොළ සහ විල්බාවේ ඔවුන්ගෙන් මිදී පලාගොස් නුවර කලාවියේ, පරවහගම වලව්වේ නැවතුණි. මේ නිසා පිළිමතලව්ව සහ ඩොයිලි අතර පැවති සාකච්ජා අසාර්ථක විය. නැවතත් පිළිමතලව්වට, කැප්පෙටිපොළ නිලමේ සොයා යාමට සිදුවිය. එහෙත් සිංහල ජාතියේ අවාසනාවට -ජා” පොට්ටනි වෙළෙන්දකු ලබාදුන් ඔත්තුවක් නිසා පරවහගම වලව්වෙහිදී ඔවූහු සියලූ දෙන ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වූහ. (ජා වෙළෙන්දාගේ ඉල්ලීම පරිදි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා, ඔහුගේ ආගම ඇදහීම සඳහා පල්ලියක් ඉදිකිරීමට, මහනුවර බෝගම්බර භූමියේ පර්චස් කිහිපයක ඉඩමක් ලබා දුන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ -කිරිමුහුදට” පහළින් අක්කරයක පමණ ප‍්‍රදේශයක පිහිටා ඇත්තේ එම පල්ලිය වේ.) පරවහගම වලව්වේ කැප්පෙටිපොළ දිසාව පමණක් නොව, තවත් නායකයෝ රැසක් ද සිටියහ. මඩුගල්ලේ දිසාව ඇතුඵ සටන් පෙරමුණේ නායකයන් රැුසකට සැඟවී පළා යාමට අවස්ථාව ලබා දුන් මෙම වීරයා, ඒ වන විට ඔත්පලව ලෙඩ ඇඳේ වැතීරි සිටි පිළිමතලව්වේ තනිකර දමා නිවටයකු ලෙසින් පළා ගියේ නැත. ලූතිනන් ඕනිල් වලව්වට ඇතුඵවන විටම.. -මා තමා කැප්පෙටිපොළ” යනුවෙන් උස් හඩින් පවසමින් ඔහු ඉදිරියට ගියේය. ඔවුන් අත්අඩංගුවට ගෙන දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන ආවේය. නොවැම්බර් දෙවැනි දින ඇළහැර දී මඩුගල්ලේ දිසාව ද ඉංග‍්‍රීසීන්ට හසුවිය. නොවැම්බර් මස 13 වැනි දින යුද අධිකරණයක් ඉදිරියට කැඳවා මෙම වීරයන්ට මරණ දඬුවම ලබාදුන්හ. එය ක‍්‍රියාත්මක කරන ලද්දේ ක‍්‍රි.ව 1818 නොවැම්බර් මස 26 දින බෝගම්බරදීය. උදේ පෙරවරු 0800 බෝගම්බර වධක භූමියට කැඳවාගෙන පැමිණි කැප්පෙටිපොළ සහ මඩුගල්ල දිසාව අවසන් ගමන් ගියේ සෙංකඩගල පුරවරයම හඬවමිනි. ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබීය. මොණරවිල කැප්පෙටිපොළ වීරයකු වන්නේ ඌව වෙල්්ලස්ස සටන මෙහෙයවීම නිසාම පමණක් නොවේ. එයට නායකත්වය ලබාදෙමින් විදේශීකයන්ගෙන් තම රට මුදා ගැනීමට කළ උදාර මෙහෙය වෙනුවෙන් කනගාටුවෙමින් සමාව නොගත් බැවිනි. එදා රජයේ ගැසට් පත‍්‍රයේ මෙසේ සඳහන් විය. -මොණරවිල කැප්පෙටිපොළ දිසාව වීරයකු ලෙස සන්සුන්ව හැසිරුණේය. ජාතිය වෙනුවෙන් තමා ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා යන හැඟීමෙන් යුතුව මරණයට මුහුණ දුන්නේය” යනුවෙනි. කැප්පෙටිපොළ මහනිලමේ මරණයට පත් කිරීමට ප‍්‍රථමව ඉතා රහසිගතව බිරිඳ වූ දෙල්වල කුමාරිහාමිට අවසාන කැමැත්ත දන්වා යවන ලදී. එහි සඳහන් කර තිබුණේ කැප්පෙටිපොළ වලව්ව සහ හැටපස් අමුණක ඉඩම් ද, සඟ සතුකර පූජා කරන ලෙසත්, කුමාරිහාමිට සහ තම දරුවාට සිය මව්පියන් වෙත ගොස් ජීවත්වන ලෙසත්ය. වර්තමානයේ මාවනැල්ලේ කැප්පෙටිපොළ විහාරය නමින් හඳුන්වන්නේ එයයි. ඒ වන විටත් තම මොණරවිල ගමට ආසන්නයේ (පල්ලේපොළ) විහාරස්ථානයක් ඉදිකර සංඝරත්නයට පූජා කර තිබේ. එය පල්ලේපොළ වේළුවන පිරිවෙන ලෙස හැදින්වේ. කැප්පෙටිපොළ වීරයා එඩිතර විලාසයෙන් මරණයට මුහුණ දුන් ආකාරය විශ්මය දනවන්නකි. එබැවින්, ඔහුගේ හිස පරීක්ෂණයකට ලක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යාමට දොස්තර හෙන්රි මාෂල් අවසර ලබා ගත්තේය. ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්තු විද්‍යාඥයින් එම හිස් කබල පරීක්ෂා කිරීමෙන් පසු නිගමනය කළේ -කැප්පෙටිපොළ මහනිලමේ ලෝකයේ අතිශයින් විරල ගනයේ රණශූරයෙක්” බවය. පසුව එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමත් සමඟ ආපසු අපට ලැබුණ ද මහනුවර දළදා මාළිගා භූමියේ කි‍්‍ර.ව 1954 නොවැම්බර් මස 26 දින භූමදානය කර ඇත. එහෙත් ඒ ගැන විවිධ මත පළවෙමින් පවතී. බොහෝ දෙනකුගේ අදහස වනුයේ එය මතු පරපුරට දැක ගැනීම සඳහා මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කළා නම් වඩාත් සුදුසු බවය. ස්තුතිය- මහනුවර උලූක්කොණ්ඬේ නීිතිඥ අබේරත්න බණ්ඩාර කන්දේගම, මාතලේ, හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේ ධනරංජනී මොණරවිල කැප්පෙටිපොළ සහ වින්සර් හුලංගමුව යන මහත්ම මහත්මීන්ටය. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 10:33 PM godak kal wela aragena kiyavanna ona watina lipi pelak. pintura tika nam save kara gatta. thanks ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2015 11:06 PM ඉතාම වටිනා ළිපි පෙළක් තමයි.. මේ සයිට් එකේ වැඩ ටික ඉවර කරලා මුල ඉදන් කියවන්න ඕනේ.. ඊට පස්සේ මගේ කොමෙන්ටු දානවා.. මමත් බොහොම කැමති විෂයක් මේක.. මේ චරිත වලින් අප හැමදෙනාගේම ජීවිත වලට යමක් ගත හැකියි යන්න මගේ විශ්වාසයයි.. (සමහර පින්තුර ලෝඩ් වෙන්නේ නැහැ. ඒ ගැනත් බලන්න ඉන්දික අයියේ.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 12 Feb 2015 01:50 AM niwadu paduwa inna welaweka kiyawala balanna one.(pluanam me deal ekama tred ekak danna) 0 samanthaMost Senior MemberPosts:13190 12 Feb 2015 05:19 AM කියවන්න වටිනා ලිපි පෙළක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Aug 2015 07:19 PM First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2017 07:41 PM වීරත්වය නීතියෙන් යටපත් කළ නොහැකිය Tweet අභිමානවත් 69 වන නිදහස සැමරීම සිදු කරන මොහොතේ සිහිපත් කළ යුතු වීරයන් රාශියකි. එම වීරයන් අතර මෙවර නිදහස් දිනයේ විශේෂයෙන් අවධානය යොමු විය යුතු වීරයන් පිරිසක්ද සිටිති. සිය මාතෘ භූමියේ නිදහස උදෙසා කැපවීම හේතුවෙන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද එහෙත් මෙරට ජනතාවගේ හදවත් තුළ සදානුස්මරණ ඔවුන් 1818 ඉංග්‍රීසින්ට විරුද්ධව නැඟී සිටි අභීත ලංකා පුත්‍රයෝ පිරිසකි. ලොවම සසල කළ ඉංග්‍රීසින් ඉදිරියේ නොසැලී සිටි ඔවුන් නම් මොරණවිල කැප්පෙටිපොළ මහ දිසාවේ ප්‍රමුඛ කැරලි නායකයින් 19 දෙනෙකි. ඔවුන් දේශද්‍රෝහීන් කරනු ලැබුවේ මෙරට මහජනතාව නොව පරදේශික ඉංග්‍රීසින් විසිනි. ඒ 1818 ජනවාරි මස 10 වන දින එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කරන ලද අංක 851 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. ඉංග්‍රීසින්ගේ අයුක්ති සහගත පාලනයෙන් නිදහස්ව ස්වකීය මාතෘ භූමිය තුළ නිදහස්ව නිවහල්ව දිවිගෙවන්නට මෙරට ජනතාවට ඇති අයිතිය දිනා ගන්නට ඔවුහු සටන් කළහ. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1818 කැරැල්ලට සම්බන්ධ වී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජාකළ සහ දණ්ඩනයට පාත්‍රවූ කැරලි නායකයින් 19 දෙනෙකු දේශද්‍රෝහීන් බවට නම්කර තිබුඑම ඓතිහාසික වරද නිවැරදි කරමින් කැප්පෙටිපොළ මහ දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහ ඛෙත්ම රටේරාල, කතරගම කුඩා ඛෙත්ම රටේරාල, පළංගොල්ලේ මොහොට්ටාල, වන්නෙකාලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාල, පොසේරවත්තේ විදානෙ, කිවුලේගෙදර මොහොට්ටාල, කළුගමුවේ මොහොට්ටාල, උඩුමාදුර මොහොට්ටාල, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුර වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේරාල, මහබදුල්ලේ ගම්මානේ රටේරාල,බුලූපිටියේ මොහොට්ටාල,පල්ලේ මල්හෙයායේ ගම්තිරාලේ යන නායකයින් රෝම ලන්දේසි නීතිය යටතේම ජාතික වීරයන් ලෙස නම් කරන ලදී. මෙම ජාතික වීරයන් නැවත නෛතිකව ජාතික වීරයන් බවට පත් කිරීමට අපට ගතවූ කාලය වසර දෙසීයකි. මේ තුළින් කියැවෙන්නේ අප සත්‍ය වශයෙන්ම ජාතික වීරයන් කෙරෙහි දක්වන සැලකිල්ල නොවේද? යන්න සිතා බැලීමට අප මනස වෙහෙසවීමට හොඳම දිනය මෙවර ජාතික නිදහස් දිනයයි. 1815 මාර්තු 2 වැනිදා ස්වදේශීය ප්‍රභූවරුන් හා ඉංග්‍රීසින් අතර ඇතිකරගත් ගිවිසුම් අනුව මෙරට ජනතාවටත් බුදු දහමටත් ඉංග්‍රීසින් විසින් ඉටු කළයුතු කරුණු කාරණා අන්තර්ගතවී තිබු,නමුත් 1815 ඉංග්‍රීසින් විසින් පොරොන්දුවූ දේවල් ඉටු නොකරන බවටත් හා ස්වදේශිකයන් මුළා වූ බවටත් අවබෝධ වීමට එතරම් කලක් ගතවූයේ නැත. ඉංග්‍රීසින්ට විරුද්ධව ස්වදේශිකයන් ආරම්භ කළ පළමු කැරැල්ල 1818 දී ඇති වූ අතර කැරැල්ල දරුණු ස්වරූපයක් ගන්නා විට ඉංග්‍රීසීන් එය මර්දනය කිරීමට මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ඇතුළු සේනාවක් පිටත් කරනු ලැබීය. එසේ කැප්පෙටිපොළ දිසාව මෙම කැරැල්ල මර්දනය කිරීමට එවීමට හේතුවූයේ එතුමා විසින් ගොඩනඟා ගෙන තිබූ යුදමය කීර්තිය හේතුවෙන් විය යුතුය. නමුත් ඉංග්‍රීසි ආණුඩුකාරවරයාගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් කැරලි නායකයින්ගේ ඉල්ලීම් තේරුම් ගනිමින් එතුමා සිය සේනාව හා යුද උපකරණ ආපසු යවා කැරලිකරුවන්ට එක් විය. එය ඉංග්‍රීසින් ලැබූ පරාජයක් මෙන්ම කැරලිකරුවන් ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් වූයේ යුද උපාය පිළිබඳව හසල දැනුමක් කැප්පෙටිපොළ දිසාවේ වෙත තිබූ බැවිනි. කැප්පෙටිපොළ විරුවාණන් සිය උත්තුංග පෞරුෂය විදහාපාමින් තමන් සමඟ පැමි,එකදු ඉංග්‍රීසි ජාතික සෙබළෙකුට හෝ හානියක් නොකොට ඔවුන්ගේ අවි ආයුධත් සමඟ ආපසු පිටත් කර තිබේ. එසේම ඔහු හා සටනට එන සිංහල නායකයින් සමඟ සුහදව කතාකර යථාර්ථය අවබෝධකර ගැනීමට තරම් නිහතමානි විය. තමන්ට පැවති සියලූ වරප්‍රසාද අතහැර දමා මාතෘ භූමියේ විමුක්තිය උදෙසා කැපවී ක්‍රියාකළේය. ඔහු හා පෙරමුණේ සටන් කළ අනෙකුත් විරුවන් ද කියා පෑවේ මාතෘ භූමියේ විමුක්තිය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීමට තරම් ඔවුන් සතුව පැවති ආත්ම අභිමානයයි. මෙහිදී අප සිහිපත් කළ යුතු අනෙක් කරුණ වන්නේ උක්ත නායකයින් සමඟ අසාධාරණ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව නැඟී සිටි අනෙකුත් සියලූම ලංකා පුත්‍රයින්ය. ඔවුන් ද නමින් නොපතල නමුත් සිය මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පවා පූජාකරමින් සටන් කළෝය. 2016 දෙසැම්බර් 8 වන දින උක්ත නායකයින් 19 දෙනා වෙත පනවා තිබූ දේශද්‍රෝහී චෝදනාව ඉවත්කර ඔවුන් නැවත වීරයන් ලෙස නම් කරන ලදී. මේ සඳහා වසර 200කට ආසන්න කාලයක් ගතවීම මෙන්ම මෙරට නායකයින් රාජ්‍ය නායකත්වයට පත්වී බොහෝ කලක් ගතවීම සැබවින්ම ඛේදවාචකයකි. නමුත් එය ඔවුන්ට කරන ලද අපහාසයක් ලෙස සැලකීම උගහටය. එසේ වන්නේ ඉංග්‍රීසින් විසින් ඔවුන් දේශද්‍රෝහින් කළ ද අපේජනතාවට ඔවුන් සෑම විටම ජාතික වීරයන් වූ බැවිනි.ඉංග්‍රීසින් විසින් නිකුත්කරන ලද ගැසට් පත්‍රය මෙරට මහජනතාව ඉදිරියේ හුදු නාමික ලියවිල්ලක් පමණක්ම විය. 1818 වර්ෂයේ සිට වර්තමානය දක්වාත් තවත් දිගු කලක් යන තුරුත් ඔවුන් අපේ මාතෘ භූමියේ වීරයන් ලෙසින් සෑම විටම ගරු බුහුමනට ලක්වීම කිසිවෙකුට වැළැක්වීමට හැකියාවක් නොමැති බව ප්‍රත්‍යකෂ කරුණකි. නමුත් අප අවබෝධ කරගත යුතු කරුණු රාශියක් තිබේ. එනම් ඉංග්‍රීසින් විසින් සිදුකළ බොහෝ වැරදි තවමත් අප නිවැරදි කරගෙන නොමැති බවයි. එම වැරදි නිවැරදි කර ගැනීමට අප රටේ පාලකයින්, පූජ්‍ය පක්ෂය සහ මහජනතාව පෙරමුණ ගතයුතු වේ. මීට සියවස් දෙකකට පෙර අපේ ජනතාව මුහුණ දුන් ගැටලූවලට තවමත් අප මුහුණ දෙන බව විටක සිතේ. එනම් අදටත් ශ්‍රී ලංකාව විදේශිකයින් ඉදිරියේ ද,න් වැටීමයි. ඒ සඳහා නොයෙකුත් හේතු සාධක ඉදිරිපත් විය හැකිය. අපේ ආර්ථීක ශක්තිය දුර්වල බව අපේ හැකියාවන් අවම බව අපට වඩා විදේශිකයින් දියුණු ජීවිත ගත කරන බව වැනි ශෝකාලාප නිරත්නරයෙන් අසන්නට ලැඛෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න මතුකළ යුතු පැනයකි. අප අන්‍යයන් හා සන්සන්දනය කිරීම තුළින උකටලී වීම හැර අන් කුමක් සිදුවේද? අප කළ යුත්තේ විදේශයන් අධ්‍යයනය කිරීමයි එම රටවල තාක්ෂණය අධ්‍යයනය කිරීමයි. ඒ හරහා අපේ දුර්වලතාවන් බිඳ දැමීම නොවේද? ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ මාතෘභූමිය වෙනුවෙන් සැබැවින්ම කැපවුණ නායකයින් වේ. මේ ලංකාද්වීපය සිය සෞභාග්‍ය උදෙසා නායකයින් සොයන අවධියයි. එම නායකත්වය නිවසක නායකත්වය, ගමක,නගරයක නායකත්වයක් ලෙස සෑම තරාතිරමක නායකත්වයන් වෙත ආරෝපණය විය යුතු වේ. ශ්‍රී ලංකාවට නායකයින් අවශ්‍ය කර තිඛෙන මොහොතක සෑම පුරවැසියකුම තමන්ගේ හා තම සමාජ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ යුතු වේ. හුදු නාම මාත්‍රික ලියවිල්ලක් බවට පත් ඉංග්‍රීසි ගැසට් පත්‍රය අපට කියා දුන්නේ එම නායකත්වයේ අභිමානයයි. සැබෑ නායකයින් සැමදා විරුවන් වේ. ඔවුන් කළ මහා කැපකිරීම්වල ප්‍රතිලාභයන් මේ ධර තලයේ සෑම අයෙකුගේම හිත සුව පිණිස වේ. එබැවින් කාලයේ වැලි තලාවෙන් වැසී නොයන නිවැරදි නායකයින් දේශයට පහළ වීමට අවකාශය සලසා දීමට ඔබ අප කැප වීම යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Sri Lankan History National Heroes