You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 19 << < 1213141516 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2017 09:51 AM
මට අද අනාවැකිය කියන්නත් බැරිවුනා...
තරගය ඉවර උනාම කියන්නම්කෝ දිනන්නේ කවුද කියලා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jun 2017 11:53 AM
Posted By gamini on 09 Jun 2017 04:55 AM
බංගලාදේශ් කට්ටිය දිනනවා
කෝමද ගාමිණි අයියගේ අනාවැකිය. ඔයා විතරයි බංග්ලාදේශ් දිනනව කිව්වෙ. නොහිතපු විදිහට 33/4 ක් වෙලා තිබිලත් 265 ෆලෝව් කරලා ගැහුව. දැන් පසුගිය තරඟ තුනම අනපේක්ෂිත ප්‍රථිපල දුන් තරඟ තුනක් උණා.

මෙදා පාර ගාමිණි අයිය තමයි නිවැරදි අනාවැකිය කිව්වෙ. සුභ පැතුම්!


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2017 05:51 PM
ඒක නම් මාර තරගයක්...
මම නම් හිතුවේම නැහැ බංගලියෝ දිනාවි කියලා...
ගාමිණි අයියාට සුභ පැතුම්...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Jun 2017 05:58 PM
බංගලියො නෙළුානෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:12 PM
මාරම ටීම් එකක්නේ බංගලියන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jun 2017 06:21 PM
නියම තරගය
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jun 2017 09:52 PM
අද තියෙන්නෙත් තීරණාත්මක තරගයක්.
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව.
අද වැස්සොත් හෝ එංගලන්තය දිනුවොත් බන්ගලියෝ ඉදිරියට යනවා. නැත්නම් එංගලන්තය දිනුවොත් එංගලන්තය සහ ඔස්ට්‍ර්ලියව ඉදිරියට යනවා. දැනටමත් එංගලන්තය ඊළඟ වටයේ අර්ධ අවසාන වටයන් සඳහා සුදුසුකම් ලැබිල තියෙන්නෙ. අනෙකුත් කණ්ඩායම් හතම තවමත් තීරනම්ත්මක අවස්ථාවන් වල ඉන්නෙ.

අද කවුද දිනන්නෙ? සුද්දද? කන්ගරුවද? අන්වකි සඳහා විවෘතයි.

එංගලන්තය ? ඔස්ට්‍රේලියාව?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jun 2017 10:43 PM
එංගලන්තය.....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jun 2017 10:56 PM
australia
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 06:47 PM
ඉන්දියාව අද ගහනවා බන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Jun 2017 08:37 PM
අද දිනන්නේ දකුණු අප්‍රිකාව...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jun 2017 09:00 PM
දකුණු අප්‍රිකාව....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jun 2017 09:26 PM
එංගලන්තය දිනනවා කියපු ඉසුරු ඊයේ අනාවැකි වලින් දිනුම්. බන්ගලියන්ට පිනා චාන්ස් ඒකෙන්. කලින් දවසේ වැස්සේ නැත්නම් බංගලියන් කන්න තිබ්බ මැච් එකක් ඕස්ට්‍රේලියාවෙන්. වැස්ස නිසා ඕස්ට්‍රේලියාවෙන් එදා බේරුනා. අන්තිම මොහොතේ වැස්සා බන්ගලියන් පරදින්න තිබුණු තරගය. දැන් බන්ගලියන් සෙමි ඇවිත් එංගලන්තය සමග. කප එක ගනීවි කියල අනුමාන කරපු කණ්ඩායම් දෙකක්ම දැන් ඉවත් වෙලා. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව.

හොඳයි අද තරගයත් තීරණාත්මක තරගයක්. ඉන්දියාවද? දකුණු අප්‍රිකාවද? දෙන්න බලන්න අනාවැකි.

ඉන්දියාව - චාමර
දකුණු අප්‍රිකාව - ඉන්දික76,ඉසුරු
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Jun 2017 11:10 PM
South Africa
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jun 2017 03:46 AM
Posted By maduranga001 on 10 Jun 2017 09:26 PM
එංගලන්තය දිනනවා කියපු ඉසුරු ඊයේ අනාවැකි වලින් දිනුම්. බන්ගලියන්ට පිනා චාන්ස් ඒකෙන්. කලින් දවසේ වැස්සේ නැත්නම් බංගලියන් කන්න තිබ්බ මැච් එකක් ඕස්ට්‍රේලියාවෙන්. වැස්ස නිසා ඕස්ට්‍රේලියාවෙන් එදා බේරුනා. අන්තිම මොහොතේ වැස්සා බන්ගලියන් පරදින්න තිබුණු තරගය. දැන් බන්ගලියන් සෙමි ඇවිත් එංගලන්තය සමග. කප එක ගනීවි කියල අනුමාන කරපු කණ්ඩායම් දෙකක්ම දැන් ඉවත් වෙලා. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව.

හොඳයි අද තරගයත් තීරණාත්මක තරගයක්. ඉන්දියාවද? දකුණු අප්‍රිකාවද? දෙන්න බලන්න අනාවැකි.

ඉන්දියාව - චාමර
දකුණු අප්‍රිකාව - ඉන්දික76,ඉසුරු

ඕස්ටේලියාවට දිනුම දෙන්න තිබ්බා බංගලියන් එක්ක ගහපු එක
http://www.espncricinfo.com/icc-champions-trophy-2017/engine/match/1022355.html
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Jun 2017 06:24 AM
තරගයක ජය පැරදුම බලන්න එක් පිලක් අඩුම වශයෙන් පන්දුවාර 20 කට මුහුණ දී තිබිය යුතුයි..
ඕස්ට්‍රේලියාව පන්දුවාර 16 කටයි මුහුණදී තිබුනේ..තව පන්දුවාර 4 ක් සෙල්ලම් කලා නම් ඕස්ට්‍රේලියාවට දිනුම ලැබෙනවා...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Jun 2017 08:19 AM
ඉන්දියාව දැන් දිනපුවාම බංගලි⁣යො එක්ක හොද තරගයක් තියෙයි semi එකේදි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jun 2017 11:21 AM
ඊළග මැච් එක ශ්‍රී ලංකාවයි දිනන්නේ.100% ෂුවර්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Jun 2017 01:16 AM
අද ශ්‍රීලංකාව සහ පකිස්ථානය අතර තරගය කවුද දිනන්නේ කියල කියමු බලන්න එහෙනං.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Jun 2017 01:34 AM
පෙරළිකාරයන් දෙදෙනකුගේ ගලඋඩ සටන

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට එංගලන්තයට පැමිණෙද්දී ඕනෑම කණ්ඩායමක් හමුවේ පරාජය වීමට ඉඩ ඇතැයි විචාරකයන්ගේ සරදමට ලක්වූ කණ්ඩායම් දෙකක් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මේ වන විට අවසන් පූර්ව වටයේ ස්ථානයක් සොයන කණ්ඩායම් දෙකක් බවට පත්ව තිබේ.

මෙවර තරගාවලියේ පෙරළිකාරයන් දෙදෙනා වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (12) කාඩිෆ් හී පැවැත්වෙන තරගය කිසිවකු නොසිතූ පරිදි  තීරණාත්මක එකක් මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ධ අවසන් පූර්ව තරගයක මුහුණුවරක් ගන්නා තරමට උණුසුම් එකක් බවට පත්වී තිබේ. තවත් අතකින් එය හැඳින්විය හැක්කේ පෙරළිකාරයන්ගේ ගල උඩ සටනක් ලෙසිනි.

මේ දෙපිලම මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වූයේ එකිනෙකට සමාන ප්‍රකාශ දෙකකින් ඔවුනොවුන්ගේ කණ්ඩායම් අවතක්සේරුවට ලක් කළ සැමට පිළිතුරු දෙමිනි. හැම අතින්ම පහර කෑමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවීම එක් අතකින් තම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සැහැල්ලු කළ කතාවක් බව එංගලන්තයට පැමිණි මොහොතේ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කීවේය. ඒ හා සමානව ලේබල්ගතව සිටි පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් අහමඞ් කියා සිටියේ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන සිටින තම කණ්ඩායමට තවත් නැතිවෙන්නට දෙයක් නොමැති බවයි.

අවසානයේදී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් දෙවැනි තැන සිටි ඉන්දියාව පරාජයට පත්වූ අතර පෙරමුණේ පසුවූ දකුණු අප්‍රිකාව පරාජය කිරීමට අටවැනි තැන සිටි පාකිස්තානුවෝ සමත්වූහ. මේ තරග 2ම විචාරකයන්ගේ නළල් තල රැළි ගැන්වූ අතර කවුරුත් නොසිතූ පරිදි හෙට තරගයට කාගෙත් අවධානය යොමුවී තිබේ. අනිත් අතට දුර්වල යැයි කියන මේ කණ්ඩායම් දෙක පරදවා වේලාසනින්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවටත්, දකුණු අප්‍රිකාවටත් තිබූ බලාපොරොත්තු හිස් අහසේ විසිරී ගොස් තිබිණි.  

ශ්‍රී ලංකා පිල හෙට තරගයට සහභාගි වන්නේ සිය කණ්ඩායමේ තවත් පිතිකරුවකු අහිමිකරගනිමිනි. ඉන්දියාව සමග පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලිය අහිමිවූ අතර ඒ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා තිබේ. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියට අවසන් වරට ක්‍රීඩා කළ ධනංජය මැදපෙළ පිතිකරුවකු ලෙසත්, පිටදඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරයි.

ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටින ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමගම එංගලන්තයට ගොස් එහි දේශගුණයට හුරුවෙමින් පුහුණුවීම්වල නිරතව සිටි අතර චාමර කපුගෙදර ආබාධයකට ලක්වීම නිසා ධනුෂ්කට කණ්ඩායමේ දොරටු විවර විය. එහෙත් කුසල් ජනිත්ගේ ආබාධය නිසා ඩිල්රුවන් සිටියදීම ධනංජය ද සිල්වා ගෙන්වීමට සිදුවී තිබුණේ පිතිකරුවකු ආදේශ කිරීමට අවශ්‍යවූ බැවිනි. ඇරත් ධනංජය පිටදඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරන බැවින් පිටදඟ පන්දු යවන්නකු වන ඩිල්රුවන්ට තවදුරටත් පෝලිමේ සිටීමට සිදුවී තිබේ.

පෙරළිකාර ජයග්‍රහණ දෙකකින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවධානය තමා වෙත ඇද ගත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හෙට තරගයට එක්වන්නේ  ජ්‍යෙෂ්ඨ හා යොවුන් ක්‍රීඩකයන්ගේ අඩුවැඩි නැති සංකලනයක් සහිතවය. දකුණු අප්‍රිකානු තරගයේදී පාකිස්තානු පිලේ පන්දු යැවීමේ දස්කම් ඉහළින් තිබූ අතර ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය ඉහළින් තිබිණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට එක්දින තරගයක් පැවැත්වූයේ 2015 ජූලි මාසයේදීය. එවර ශ්‍රී ලංකාවේ සංචාරය කළ පාකිස්තානුවන් තරග 5ක එක්දින තරගාවලිය 3-2කින් ජයගත්තේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 14 of 19 << < 1213141516 > >>