You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Apr 2016 08:08 AM by  sha733
කසළ ගොඩේ සිට කොහා හඬන වත්මන් සිංහල අලුත් අවුරුද්දේ මායාව
 11 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2016 03:54 AM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    04 Apr 2016 03:55 AM

    කසළ ගොඩේ සිට කොහා හඬන වත්මන් සිංහල අලුත් අවුරුද්දේ මායාව





    තවත් සිංහල අලුත් අවුරුද්දක් බොහෝ ‘වේගයෙන්’ ළංවමින් තිබේ. මෙහිදී මා ‘වේගය’ යනුවෙන් අදහස් කරන ලද්දේ කාලය හා සම්බන්ධ යෙදුමක් නොවේ. සිංහල අලුත් අවුරුද්ද ආසන්න වෙමින් පැවතීම නිසා ජනතා සිත්සතන් ශීඝ්‍රයෙන් උණුසුම් වෙමින් පැවතීමය.
    අතීතයේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ අපට මුලින්ම සංඥාව ගෙන එනු ලැබුයේ කොහාය. නමුත් වර්තමානය වන විට විවිධ පාරිසරික විපර්යාසයන් හේතු කොට ගෙන මෙම ‘කොහා’ ගමෙන් නගරයට සංක්‍රමණය වී ඇති බැව් පෙනේ. නගරාශ්‍රිතව කසළ ගොඩවල් අසල කොහෝ ගහනය වැඩි වෙමින් පවතින බැව් පරිසරවේදීහු කියති.

    සැබැවින්ම අප්‍රේල් මාසය යනු කොහාගේ අභිජනන සමයයි. එය කාලයක් තිස්සේ සිදුවූයේ ගම්බද පාරිසරික තත්ත්වය තුළ වුවත් අද දවසේ කොහා බහුලව දක්නට ලැබෙන්නේ බහුල වශයෙන් නගරාශ්‍රිතව කසළ රඳවන ආශ්‍රිතවය. කෙසේ වෙතත් කොහා නගරයට පැමිණියද, ගමෙන් ඈත් වුවද අප දෙසවන්වලට ‘කොහෝ’ නාදය කිසිදු අඩුපාඩුවක් නොමැතිවම නිතර දෙවේ‍ලේ අසන්නට ලැබෙයි. රබන් සුරල් හඬ, ඔන්චිලි වාරම් ආදිය පිළිබඳව සඳහන් කළ හැක්කේ ද එයමය.
    එහෙත්, මේ සියල්ල අප දෙසවන් මත පතිත වනුයේ ඉලෙක්ටේ‍රානික මාධ්‍ය ඔස්සේය. කෘත්‍රිමව අපට ඇසෙන්නට සලස්වන මෙම හඬ මගින් අදාළ පාර්ශ්වයන් උත්සාහ කරනුයේ ජනතා සිත්සතන් තුළ කිසියම් උද්දීපනයක් ඇති කිරීමට බව නොරහසකි. මෙවැනි උද්දීපනයක් ජනතාව තුළ ඇති කරනු ලබන්නේ කවුරුන් විසින්ද, කුමක් අරබයා ද යන්න පහසුවෙන් අවබෝධ කොට ගත යුතුය. මේ පිළිබඳ මැදහත් සිතින් සොයා බැලීමේදී පෙනී යන්නේ අපට ‘අවුරුදු කැවීමට’ බහුජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව ඉමහත් තදියමකින් පසුවන බවය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සිංහල අලුත් අවුරුද්ද මුල්කොට පාරිභෝගික උන්මාදයක් ජනතාව තුළ ඇතිකිරීමය. ඒ ඔස්සේ මෙය හුදෙක් පාරිභෝගික සැණකෙළියක් බවය පත්කිරීමටය.
    අතීතයේ දක්නට ලැබුණු කෘෂි ආර්ථික සමාජ ක්‍රමයක ‘පසු අස්වනු උත්සවයක්’ ලෙස පැවැති සිංහල අලුත් අවුරුද්ද අද වන විට සහමුලින්ම පාරිභෝගික සැණකෙළියක් බවට පත්කිරීමේ දැවැන්ත මෙම යාන්ත්‍රණයේ අරමුණ අතීතයේ පැවැති කෘෂි ආර්ථිකයත් සමග බැඳුණු සරල ගැමි සිතුම් පැතුම් ඉදිරියට රැගෙන යාම සඳහා දිරි දීමක් නොවේ. ඒවා සියල්ල කුඩුපට්ටම් කරමින් ජනතාව අධි පරිභෝජනවාදී උමතුවක් ඇතිකිරීමය.
    සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව චාරිත්‍රාංග අටක් (8)ක් පමණ තිබේ. මනඃකල්පිතයක් වන සූර්ය වර්ෂය මුල්කර ගත් අලුත් අවුරුද්ද නවතාවයකින්, නැවුම් ආකාරයකින් ආරම්භ කළ යුතුය යන සංකල්පය මත පිහිටමින් ‘ගනුදෙනු කිරීම’ නම් චාරිත්‍රය මේ අතර කැපී පෙනෙයි.

    සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වන්නට පෙර සියලු ණය තුරුස්වලින් නිදහස්වීමේ පුරුද්දක් අතීත ජනතාව අතර තිබිණි. මේ සියලු ණය තුරුස්වලින් නිදහස්වී අලුත් අවුරුද්දේ ගනුදෙනු ආරම්භ කරනුයේ නැවුම් ආරම්භයක් සිත්හි දරාගෙනය. නමුත් ව්‍යාපාරික ප්‍රජාව විසින් ජන විඥානයට ඇතුළු කරන ලද ‘උත්සව සමය’ (Festival Season) යන සංකල්පය මුල් කොට ගෙන ජනතාවට ‘ගෙවීමේ ක්‍රමයට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රම’ හඳුන්වා දෙනු ලබයි. මේ භාණ්ඩවලට ජංගම දුරකථන, පරිගණක, මහන මැෂින්, ගෑස් කුකර්, ගෘහ උපකරණ, යතුරුපැදි, ත්‍රිරෝද රථ ආදී මෙකී නොකී සියලු ගෙදර දොර උපකරණ අයත් ය. අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වට්ටම් ලබා දෙන බව ද මෙම සමාගම් නිතර ප්‍රචාරය කරයි. කෙසේ නමුත් ‘ගෙවීමේ පහසු ක්‍රමය’ නම් ආකර්ෂණීය නම ඉවත් කළහොත් මේ පසුපස ඇති සැබෑ අරුත දිස්වන්නට පටන් ගනී. මෙය පසුපස සඟවා ඇති සැබෑ අරුත ‘ණය ගැනීම’ය. මේ අනුව ව්‍යාපාරික ප්‍රජාව අපට වක්‍රව පවසනුයේ අලුත් අවුරුද්දේ ණයකරුවකු බවට පත්විය යුතු බවය. මෙය අලුත් අවුරුද්දේ මූලික සංකල්පවලට පටහැනි තත්ත්වයකි. ණය තුරුස් නොවී සිටිය යුතු යැයි අතීතයේ පැවැති සම්ප්‍රදාය මෙහිදී නැසී, වැනසී යයි.

    සූර්ය වර්ෂය සැමරීමේ කතාව කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුද්ද යනු අප රටේ පැවැති කෘෂි ආර්ථිකයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන මාස් කන්නය අවසානයේ පවත්වන ලද උත්සවයකි. අස්වනු නෙළාගැනීමෙන් පසු සියලු දෙනාගේම පාහේ අටුකොටු පිරී පවතී. නමුත්, වර්තමානයේ කෘෂි ආර්ථිකය මුල් කොට ගත් සමාජයක් දක්නට නොමැති අතර, ඒ නිසාම අතීතයේදී අටුකොටු පිරීම සමරනු ලැබූ අලුත් අවුරුද්ද මේ වන විට අවුරුදු සැමරීම සඳහා අටුකොටු පුරවා ගත යුතු තත්ත්වයක් දක්වා වෙනස් වී තිබේ.
    වර්තමාන ජනතාව ජීවත් වන්නේ අධි පරිභෝජනවාදය මත පදනම් වූ සමාජයකය. සිංහල අවුරුද්ද මුල්කොට ගනිමින් ව්‍යාපාරික ප්‍රජාව ජනතාව මෙම අධි පරිභෝජනවාදී ව්‍යුහය තුළ ජනතාව ගිල්වා තැබිමට වෙර දරන බවක් පෙනේ. එමෙන්ම සිංහල අලුත් අවුරුද්ද උදාවීමේදී ‘සියලු දෙයම අලුතින් ලබාගත යුතුය’ නම් මිථ්‍යාව ජනතාව තුළ වපුරන්නට ව්‍යාපාරික ප්‍රජාව සමත්ව සිටී. බොහෝ සේවා ස්ථානවලින් සේවකයන් හට ප්‍රසාද දීමනා, උත්සව අත්තිකාරම් ආදිය ලබා දෙන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් පසුවන ව්‍යාපාරික ප්‍රජාව ජනතාව තුළ මෙවැනි අසීමිත ආකල්ප ඇතිකරන්නට දරන වෙහෙස දවසින් දවස ඉහළ නැංවීම ජාතික ඛිෙදවාචකයකි. මේ නිසා අතීතයේ ජනතා සිත්සතන්වල පැවැති සැහැල්ලු බව, සහනශීලී බව නිතැතින්ම තුරන්ව යයි.
    වර්තමාන සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාවලිය තුළින් පැහැදිලි සදාචාරාත්මක පසුබිමක් විද්‍යමාන නොවේ. බුදු සමය මුල්කොට ගත් අප තුළ පවත්නා සදාචාරාත්මක ශික්ෂණය මුල්කොට බෞද්ධ ආකල්ප සහ සංස්කාතිකාංග එයට ඈඳා ඇත්තේ බලහත්කාරයෙනි. නමුත් බලහත්කාරයෙන් බෞද්ධ සිරිත් සිංහල අලුත් අවුරුද්ද තුළට වද්දා ගත්ත ද පුණ්‍ය කාලයේ දී බෞද්ධයන් දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්වල යෙදෙන බවක් පෙනෙන්නට ද නැත.
    ආහාර පිසීම, වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම නම් චාරිත්‍ර මිස මව්පිය වන්දනා ආදියට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සංදර්භය තුළ විශේෂ තැනක් හිමි කොට නැත. එවන් පැහැදිලි සදාචාරාත්මක පසුබිමක් නොමැති සිංහල අලුත් අවුරුද්ද තුළට දුරාචාරය පිවිසුවීමට පහසු හැකියාවක් පවතින බව රහසක් නොවේ.

    වර්තමාන සිංහල අලුත් අවුරුද්දේ ආහාර රටාව දෙස මදක් අවධානය යොමුකොට බලමු. මෙහිදී අප පරිභෝජනය කරන කෑම බිමවලට ඇත්තේ ද සියවස් කිහිපයක ඉතිහාසයකි. කැවුම්, කොකිස්, අතිරස, අලුවා ආදී මෙම කෑමබිම පිළිබඳ අවධානය යොමු කළ විට පෙනෙන්නේ මේ සෑම රසකැවිල්ලක් තුළම පවතින ප්‍රධාන සංඝටකය සීනි බවය. එමෙන්ම තෙල් ද පාන් හෝ හාල් පිටි ද මේවායේ අඩංගුව තිබේ. අතීතයේ පැවැති කෘෂි ආර්ථික රටාව තුළ කය වෙහෙසා වැඩකටයුතු කළ ජනතාවට මෙවැනි ආහාර වර්ග පරිභෝජනය කිරීමේ ගැටලුවක් නොතිබිණ. නමුදු වර්තමානය වන විට මෙම ද්‍රව්‍ය අඩංගු රසකැවිලි වර්ග කෑමට ගැනීමෙන් ජනතාව අධික රුධිර පීඩනය, කෙලෙස්ටරොල්, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට බඳුන් වන බව ප්‍රසිද්ධ කරුණකි. එවැනි රෝගාබාධවලින් පෙළෙන්නවුන්ට මෙම රසකැවිලි අනුභවයෙන් වැළකී සිටීමට හෝ ඒවා සීමා කරන්නට හෝ ඒවා වර්ජනය කරන්නට හෝ සිදුව තිබේ. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මේවා පිසුවද බොහෝ ගෘහණියන් සිය පවු‍ලේ සාමාජිකයන් හට අවවාද කරනුයේ මෙවැනි රසකැවිලි අනුභවය හැකිතාක් සීමා කරන ලෙසය.

    මෙකී නොකී බොහෝ කරුණු මුල්කොට වර්තමානයේ පවතින සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් දියත් කිරීමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව පෙනෙන්නට තිබේ. සිංහල අලුත් අවුරුදු සමයේ බොහෝ විද්වතුන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මෙවැනි කරුණු පිළිබඳ විවෘත කතිකාවකට පැමිණෙන්නට මැලිකමක් දක්වනු පෙනෙයි. ඔවුන් කරනුයේ අතීතයේ පැවැති සිංහල අලුත් අවුරුද්දේ සුන්දර බව ගැන අදහස් දක්වමින් ජනතාව තුළ අතීතකාමය අවදි කිරීම පමණි. ඒ හැරුණු කොට වත්මන් සිංහල අලුත් අවුරුද්දේ කටුක යථාර්ථය පිළිබඳ කිසිවක් මෙහිදී ප්‍රකාශයට පත් නොකෙරේ. මේවා පිළිබඳ දැඩි විවේචනයන්ට යා නොහැක්කේ මෙවැනි මාධ්‍ය වැඩසටහන් සඳහා අනුග්‍රහය දක්වනුයේ අධි පරිභෝජනවාදය පසුපස වෙළෙඳ ප්‍රජාව වීමය. කෙසේ නමුත් මෑත ඉතිහාසයේ මුල්වරට මෙම තත්ත්වය දැඩි විවේචනයකට ලක් කරමින් ‘සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය’ නමින් කෘතියක් පළකිරීමට මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් ඉදිරිපත් වී තිබේ. ඔහු වර්තමානයේ පවතින සිංහල අවුරුද්ද තුළ පවතින මේ අර්බුදකාරී තත්ත්වය ගැඹුරින් විමර්ශනය කරමින් එය දැඩිව විවේචනය කරයි. මෙම කෘතිය අපගේ සංස්කෘතිය හා සභ්‍යත්වයට එල්ල කළ මරු පහරක් යැයි යමෙකුට එක්වරම සිතෙන්නට පුළුවන. නමුත් අතීතයේ පැවැති සිංහල අවුරුද්දේ ඓතිහාසික, මානව හා සමාජ විද්‍යාත්මක කරුණු පැහැදිලි ලෙස මෙහි සාකච්ඡාවට බඳුන්කොට තිබේ. ඒ කෙසේ හෝ මේ එළැඹ ඇත්තේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ පුළුල් කතිකාවකට වඩාත් සුදුසුතම යුගයක් බැව් පැහැදිලිවම කිව යුතුය.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Apr 2016 04:26 AM
    අප්‍රෙල් කියන්නෙ සශ්‍රීක මාසයක් ගස් වැල් වල දලු දානවා අස්වනු ගෙට ගන්නවා එයින් අතමිට සරැ වෙනවා
    හරි අමුතුම මාසයක්

    ඒත් මේ කොහා කෝ කියල තමා අපිත් බැලුවේ ඌ තාම නැහැ. බැලින්නං මේක ටවුන් ගිහිල්ලනේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Apr 2016 08:11 AM
    ගමේ ඉන්න අපිට උනත් ඉස්සර වගේ කොහාගේ හඩ දැන් මෙහෙත් නෑ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    15 Apr 2016 04:51 PM
    අවුරුදු කාලෙට අපි හැමෝටම වඩා සතුටු වෙන්නේ ව්‍යාපාරිකයෝ තමයි ඉතින් ... එයාලට තමා ඉතින් කටත් වඩා සැබෑ අවුරුදු
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 Apr 2016 08:25 AM
    ඒක නම් ඇත්ත...... වෙනදා 100ට තිබ්බ ඒවා මේ දවස් වල 250යි, 300යි.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Apr 2016 03:13 AM
    පරණ ස්ටොක් ලෝඩ් පිටින් පිට කරන්න පුලුවන් කාලෙනේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Apr 2016 07:13 AM
    ඒක හරි. ඔය කාලෙට ඕනම එකක් දීගන්න පුලුවන්නෙ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2016 10:28 PM

    පෙරදී කෙරුණ දැන් නොකෙරෙන ඔබ දැනගත යුතු අවුරුදු චාරිත්‍ර 5ක්

     

    අලුත් අවුරුද්ද කියන්නේ අපේ සාම්ප්‍රදායික චාරිත්‍රවලට අලුත් අගයක් ලබෙන කාලය. අපි අපේ අතීත වටිනාකම් ගැන දැනුවත් වෙලා ඒ අනුව දෙවියන්ගෙන් සාමය සමඟිය සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන කාලය. ඒත් වර්තමානයේ අපේ තියෙන කාර්යබහුල බවත් එක්ක අපිට මේ අපූරු චාරිත්‍ර කරන්න වෙලාවක් නැති වෙලා.

    එත් ඉතින් අපි ඒ චාරිත්‍ර නොකළ විට වෙන්නේ මේවා කෙමෙන් කෙමෙන් අපේ මතකයෙන් යටපත් වෙලා ගිහින් නැතිවෙලාම යන එකයි. අපේ රටටම ආවේනික වූ මේ චාරිත්‍ර රැකගැනීමට අපට විශේෂ යුතුකමක් තියෙනවාද? මේ උදාවන අවුරුදු සමයේ අනිවා අපි ඔබට කියන්න යන්නේ එලෙස ඔබ අනිවා දැනගතයුතු යටපත් වූ චාරිත්‍ර කිහිපයක් ගැනයි.

     

    1. ළිඳත් සමඟ ගනුදෙනු කිරීම
    Source - wikibooks.org

    Source – wikibooks.org

    අපි එකිනෙකා එක්ක අවුරුද්දට නැකතට ගනුදෙනු කලාට, ඉස්සර වැඩිහිටියෝ තමන් නැකතට ගනුදෙනු කලේ ලිඳ හෝ ගෙවල් අසල තියෙන වක්කඩත් එක්කයි. ලිඳෙන් හෝ වක්කඩෙන් අඟුරු කැබැල්ලක් තඹ සල්ලි පිච්චමල් එක්ක වතුරට දමා වැඳ නමස්කාර කරලා අලුත් කළයකට දිය පුරවා ගනී. එය මංකඩ / ලිඳ සමඟ ගණු දෙනු කිරීම නම් වේ. බොහෝ අවස්ථා වල නැකතට කලයට පුරවා ගන්නා දිය ප්‍රමාණය ඊළඟ වසර වෙනතුරු තබා පරණ අවුරුද්දට හිස් කර ගනුදෙනු පටන්ගන්නේ නැකතට අලුත් වතුර පුරවා ගනීමෙන්. මෙහෙම කරන එකෙන් සෞභාග්‍යය වසර පුරාම ඔවුන් හා සිටින බවට විශ්වාස කරනවලු.

     

    2. මුට්ටි මංගල්‍යය
    Source - totally.me

    Source – totally.me

    මුට්ටි මංගල්‍යය කියන්නේ මහකන්නයේ ලබාගත් තමන්ගේ ගොවිතැනේ අස්වැන්න දෙවියන් වෙනුවෙන් වෙන් කල කොටස් අරගෙන සංහිදේ කිරි ඉතිරවීමේ චාරිත්‍රයයි. ගොවියන් අතර පවා ඉතාම සුළු අයුරින් ඉටු කරන මේ චාරිත්‍රය තුල ගොවියන් දෙවියන් වෙනුවෙන් වෙන්කළ කොටස පූජා කරන තුරු අලුත් සහල් භාවිතයට ගන්නේ නැහැ. මේ නිසා සෞභාග්‍ය උදාවෙනවායයි විශ්වාස කරන බක් මාසය උදාවන විට සංහිදේ කිරි උතුරා මුට්ටි මංගල්‍යය පවත්වන්නේ ජීවිතයට ජය වේවා කියලා කියන්නම තමයි.

     

    3. අවුරුදු ක්‍රීඩා
    Source - sundaytimes.lk

    Source – sundaytimes.lk

    අපි අවුරුදු ක්‍රීඩා පවත්වනවා. ඒත් හැම අවුරුදු උත්සවයකම එකම ආකාරයේ කඹ අදීම, බනිස් කෑම, අවුරුදු කුමරා කුමරිය තේරීම වගේ කොමන් තරඟ කිහිපයක් තිබ්බට, අතීතයේ බොහොම අගනා ලස්සන තරඟ අපේ මුතුන්මිත්තෝ පවත්වලා තියෙනවා, අවුරුදු උත්සව වෙන්නම ඕනේ නැහැ මේවා පවත්වන්න නෑයෝ ටිකක් හරි යාළුවො ටිකක් හරි එකතු වෙලා වළ කජු ගැසීම, ඔංචිල්ලා පැදීම, ගුඩු කෙළිය, එළුවන් කෙළිය, පංච කෙළිය, පොරපොල් කෙළිය, අං කෙළිය, මඟුල් පරක්කුව වගේ සෙල්ලම් ඒ කාලේ කළා.

     

    4. කුණු මුත්තා පිදීම
    Source - minimops.wordpress.com

    Source – minimops.wordpress.com

    අවුරුද්දට කලින් දවස හඳුන්වන්නේ පරණ අවුරුද්ද කියලයි. එකේදී අපි ගෙවල් දොරවල් සුද්ද කරලා අපිත් නාගෙන පිරිසිදු වෙනවා අලුත් අවුරුද්ද පිළිගන්න. ඉතින් මෙහෙම ගෙවල් පිරිසුදු කරනකොට නිවසේ එකතුවෙන රොඩු එහෙම නිකං ඉවත් කරන්නේ නැහැ. රාත්‍රී වෙන්න කලින්, අහස කරුවල කරන්න කලින් නිවසේ මුළුතැන්ගෙයි එකතුවෙන කුණු අරගෙන ගසක් හෝ වන අකුලක් වෙතට ඉවත් කරනවා. මෙය හඳුන්වන්නේ “කුනුමුත්තා පිදීම” විදිහටයි. ඔබ මේක නම් කරනවා ඇති, එත් නම ඇහුවේ අදමයි නේද?

     

    5. අටු පිරිම සැමරීම
    Source - traveljournals.net

    Source – traveljournals.net

    අටු පිරිම කියන්නේ අවුරුදු වලට කලින් ගොයම් කපලා වී පුරවපු අටුව පිරියම කිරීමයි. තමන්ගේ වටිනාම සම්පත වන වී ගබඩා කර තබන අටුව නිතරම ශක්තිමත්ව තියෙන්නට උවමනා බව ගොවියන් නිතර අදහන දෙයක්. හදිසියේ වත් අටුව කඩා වැටුනොත් එය නරක මග සලකුණක් ලෙස අතීතයේ සැලකුව. ඒ නිසා අවුරුද්ද උදාවට කලින් අටු පිරිම සමරනවා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    18 Apr 2016 11:01 PM
    ලිදත් එක්ක ගනු දෙනුව නම් තාමත් ගොඩක් පැති වල තියෙනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    19 Apr 2016 12:01 AM
    බලං ගියාම මේ ටික නම් මාත් දැනගෙන හිටියේ නැනේ එකක් දෙකක් ඇරුනම
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Apr 2016 08:08 AM
    සමන්ත අයිය ඉතින් දුන්නොත් දෙන්නේ වටිනාම දෙයක් තමයි
    0
    You are not authorized to post a reply.