You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Apr 2016 07:45 AM by  sha733
සිංහල අලුත් අවුරුද්දේ දාර්ශනික පදනම
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2016 04:00 AM
    සිංහල අලුත් අවුරුද්දේ දාර්ශනික පදනම

    මානෑවේ විමලරතන හිමි
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    04 Apr 2016 04:01 AM

    සිංහල අලුත් අවුරුද්දේ දාර්ශනික පදනම

    මානෑවේ විමලරතන හිමි


    පුරාණයේ සූර්යාගේ උදාවීම සහ අස්‌තගතවීම සැලකිල්ලට ගෙන කාලය පිළිබඳ සම්මුතියකට එළඹ තිබේ. බුදු දහම කාලය පිළිබඳව දාර්ශනික පදනමක්‌ ඔස්‌සේ සාකච්ඡා කරන අතර සම්මුතියක්‌ හැටියට දිවා රාත්‍රි වශයෙන් ගෙවී යන බව සඳහන් කරති. (අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො) හින්දු හා සිංහල තාරකා ශාස්‌ත්‍රයට අනුව කාලය කරාසූර්ය වර්ෂය හැටියට ගෙන, මාස දින වශයෙන් ගණනය කොට තිබේ. සූර්යා ස්‌ථාන ගතවන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වශයෙන් රාශි දොළහක්‌ ඇති අතර, සෑම රාශියක්‌ම අංශක 30 බැගින් වන අතර, මේ එක රාශියක සූර්යා ගමන් කිරීම සූර්ය මාසය නමින් හඳුන්වනු ලැබේ. මේ රාශි 12 හෙම සූර්යාට ගමන් කිරීමට ගතවන කාලය දින 365 කුත් පැය 06 කුත් මිනිත්තු 12 ක්‌ සහ තත්පර 36 කට ආසන්න කාලයකි. මේ සූර්ය සිද්ධාන්තයට අනුව කරනු ලබන ගණනය කිරීමකි. ව්‍යවහාරික දින දර්ශනයට අනුව වර්ෂයට දින 365 ක්‌ සහ පැය 06 කින් යුක්‌තකි. පැය හයක්‌ යනු දවසින් සතරෙන් පංගුවකි. වසර සතරකට වතාවක්‌ පෙබරවාරි මාසයට අධික දිනයක්‌ එකතු කරන්නේ මේ නිසාය. දින 366 ක්‌ වන මේ අවුරුද්ද අධික අවුරුද්දක්‌ ලෙස සලකා හින්දු ගණයට අනුව වසරකට විනාඩි 13 ක පමණ ඉතිරියක්‌ දක්‌නට ලැබේ. අවුරුදු 120 ක්‌ වැනි කාලයක්‌ ගියවිට මේ විනාඩි ගණනක ඉතිරිය දවසක්‌ බවට පරිවර්තනය වේ. මේ අනුව අප්‍රේල් 13 පැවැත්වෙන අලුත් අවුරුද්ද තවත් දිනකින් ඉදිරියට ගෙන යා යුතුය. මෙලෙස ශත වර්ෂ ගණනාවක්‌ තුළ අලුත් අවුරුද්ද මැයි මාසයේ පවත්වන දිනයක්‌ බවටද පත්විය හැකිය.


    ස්‌වභාව ධර්මයේ හිතකර හා අහිතකර වෙනස්‌කම් අධ්‍යයන කළ මිනිසා කාලය සෘතුන් වශයෙන් බෙදා දැක්‌වීමට පුරුදුව සිටියහ. ඉන්දියානු ජනයා මේ සෘතුන්ගේ වෙනස්‌වීම හොඳින් දැන සිටිය අතර, ඒවාට ආකර්ශනය වූ අයුරුද පැරණි ඉන්දියානු සාහිත්‍යය තුළින් මොනවට පැහැදිලිය. භාරත දේශයේ සෘතුන් සයක්‌ වශයෙන් පෙනෙන්නට තිබුණද, මෙරට ස්‌වභාවයේ පැහැදිලි වෙනස්‌කම් අනුව සෘතූන් සතරක්‌ වශයෙන් ගෙන ඇත. පරිසරය පිළිබඳව සඳහන් කරන අථර්වන්වේදයට අනුව, ග්‍රීස්‌ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර, වසන්ත වශයෙන් මේ සෘතුන් නම් කොට තිබේ. ග්‍රීස්‌ම සෘතුවේදී අධික උණුසුම ද වර්ෂා සෘතු වේදි වැසිඵල ලැබීමද, ශරත් සෘතුවේදී , ගස්‌වල කොළ හැලීමද, දලුලෑමද, සිසිර සෘතුවේදී හිම පතනයද, හේමන්ත සෘතුවේදී අධික ශීතල ද, වසන්ත සෘතුවේදී ගස්‌වල මල් පිපී ඵල හට ගැනීම ද, සිදුවන බව සඳහන් වෙයි. සංස්‌කෘත සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ ද එන විවිධ සෘතුන් පිළිබඳ වර්ණනා මිනිසාගේ සිත් තුළ ප්‍රසන්න හැඟීම්, ජනිත කරවයි. සම්භාව්‍ය කාව්‍යයක්‌ වූ කාලිදාසගේ සෘතු සංහාරයේ ග්‍රීස්‌ම සෘතුවේ ඇති කටුක බව පෙන්වා දෙනු ලබන්නේ මෙසේය.

    පටුතරදවදා හෝච්ඡුෂ්ක ශස්‌ පප්‍රරෝහඃ

    පරුෂ පවත වේගොත්ක්‌ෂිප්ත සංශුෂ්ක පර්ණඃ

    දිනකර පරිත්‍රාපක්‌ෂිණඃ තෝය සමන්තාත්

    විද්ධති භයමුච්චෛර වීක්‌ෂමාණ වනන්තාඃ

    ලැව් ගින්නෙන් අවපැහැගැන්වූ ලා තණ කොල ඇති. රළුවූ වාතවේගයෙන් උඩට නැගෙන පරඬලා ඇති හිරුගේ පීඩනයෙන් ගෙවීයන දිනයක්‌ ඇති හාත්පස පෙනෙන සුවිසල් වනාන්තරයෝ දකින්නට බිය ගෙන දෙත්.

    නිරන්තර ලැව් ගින්නෙන් වනාන්තර දමා හලුකරන, ඇලදොළ ගංගා සිඳීගොස්‌ සතුන්ට පවා පීඩාවක්‌ ගෙන දෙන ග්‍රීෂ්ම සෘතුව කාලිදාසගේ නෙතින් දුටුවේ මෙලෙසිනි. තවදුරටත් ග්‍රීස්‌ම සෘතුවේ අතිශය බියකරු බව පෙන්වා දීමට කවියා අමතක නොකරයි.

    ස්‌වසිති විහග වර්ගාඃ ශීර්ණඃ පර්ණඃ ද්‍රeමස්‌ථඃ

    කොළ හැලුනු ගලස්‌වල වෙසෙන කුරුල්ලෝ පිපාසාවෙන් පීඩා විඳිති.

    කපිකුල මුපගාතික්‌ලාන්තඹෙද්‍රර් නිකුඤ්ජමි

    හිරු රැසින් ගිලන්වූ වඳුරු රැළ කඳු අතර 

    සෙවනැලි සොයා යති.

    බ්‍රමති ගවය යූථාඃ සර්වසේතාය මිච්ඡමි


    පිපාසිත ගවයෝ පැන් සොයා <g class="gr_ gr_270 gr-alert gr_spell undefined ContextualSpelling only-del replaceWithoutSep" id="270" data-gr-id="270">ඒ ඒ</g> තැන සැරි සරති. ග්&zwj;රීෂ්ම සෘතුව අවසන් කොට වැසි ලැබෙන්නට පටන්ගත් විට එය කාලිදාස විසින් වර්ණනා කරනු ලබන්නේ මෙලෙසිනි.</span><br style="color: #000000; font-family: 'Times New Roman'; font-size: large; line-height: normal;" />
    නිතාන්ත නීලොත්පල පත්‍ර කාන්තිභිඃ

    ක්‌වචිත් ප්‍රභින්නාඤ්ජන රාශි සන්තිභෛඃ

    ක්‌වචික්‌ සගර්භඃ ප්‍රමදාස්‌ත ප්‍රභෛඃ

    සමාචිතං ෙව්‍යාමඝනෛඃ සමන්තතාඃ


    නිල්මහනෙල් පෙති වන් අහසේ තැනින් තැන විසුරුණු වළාවෝය. තවත් තැනක නිල් අඳුන් කැට වැනි වළාවෝය. ගැබ්බර සතුන්ගේ පියයුරු වැනි වළාවෝද වෙති.

    වැසි සමය ආරම්භවෙත්ම ගස්‌වැල් පවා ප්‍රීතියෙන් උදම් වෙති. සතා සිව්පාවාද එළෙසමයෑ. සූත්ත නිපාතයේ එන ධනිය ගෝපාල සහ බුදුරදුන් අතර සිදුවෙන සංවාදයද වස්‌සානය පිළිබඳ අපූර්ව හැඟීම් පාඨකයා තුළ ජනිත කරවයි. මහවැනි වසින්නට ළංවෙමින් තිබියදී ධනිය මහී ගඟ මෙතෙර මනාකොට සෙවෙනි කළ තම කුටියෙහි සහවාසීන් සමඟ සතුටින් සිටියි. බුදුරදහු මහී ගං එතෙර කුඩා තෘණ කුටියක නිරාමිෂ ප්‍රීතියෙන් වැඩසිටියි. ගිම්හානය නිමාකොළ මහාවරුෂාවක්‌ ඇදහැලෙන්නට පටන් ගනී. ධනියට ඉහවහා ගිය ප්‍රීතියක්‌ ඇතිවේ. ඔහු තම ප්‍රීතිය ගීතස්‌වරයකට මුසුකරන්නේ මෙසේය.

    පක්‌කෝධතො දුග්ධ රො හමස්‌මී

    අනුතීරේ මහියා සමාන වාසෝ

    ඡන්නා කුටි අහිතො ගිනි

    අථ චෙ පත්ථයකි පවස්‌ස දේව


    ඉදුනු බත ගෙහි ඇත දෙව් කිරිද ගෙහි ඇත. කුටියද මනාකොට සෙවෙළිකොට ඇත. මහී ගං තෙර මගේ සහවාසීන් සමඟ සතුටින් වසමි. ගෙහි ගිනිද දල්වා ඇත. කුටියද නිරන්තරව උණුසුම්ය. රිසිසේ මේඝය වහින්න.

    මහී ගඟ එතෙර වැඩසිටිය බුදුන්වහන්සේ ධනියගේ ප්‍රාර්ථනාව අසා මෙසේ වදාරති.

    අක්‌කෝධනො විගත ලො හමස්‌මී

    අනුතීරේ මහියෙක රත්තී වාසො

    විවටා කුටී නිබ්බුතො ගිනි

    අළු ෙච් පත්ථයති පවස්‌ස දේව.


    මම ක්‍රෝධ රහිතවෙමි. ඉවත් කළ රාගය නමැති හූල් ඇතියෙමි. හුදකලා වාසයට ප්‍රියකරමි. මාගේ කුටිය විවෘතය රාග ගින්න නිවී ඇත. ඉදින් වැස්‌ස කැමති සේ වහින්න.

    මෙයට අමතරව තවත් කථන්දර බෞද්ධ සාහිත්‍යයේ දක්‌නට ලැබේ. වැසි සමයේ අතිශයින් ප්‍රමුදිතවූ මොනරුන්ගේ හඬින් මාගේ සිත ධ්‍යානයෙන් අවදි වූ බව චිත්තක තෙරණුවෝ පවසති. මේඝය තුළින් ඇතිවූ පාරිසරික වෙනස්‌කම් සහ වනසතුන්ගේ ප්‍රීති ප්‍රමෝදය ධ්‍යානයට සිත් යොමු කළ බව විමලතෙරණුවෝ පවසති. වැස්‌ස මෙරට ගොවියාගේ සිත් තුළ දහසකුත් බලාපොරොත්තු ඇති කරවයි.

    වැව වාං දමන්නක්‌ මෙන් ඇළ දොළ ගංගා උතුරා යන්නාක්‌ මෙන් ගොවියාගේ සිත් තුළ ඇතිවන ප්‍රීතියද දොaරේ ගලයි. නගුල, වියගස, කෙවිට, හරකා බාන සූදානම් කරන ගොවියා කුඹුරට බසින වේලාව එන තුරු බලා සිටියි. 

    වර්ෂාව සහ වර්ෂය(- 

    වර්ෂය පුරාවට දේශගුණික වශයෙන් ස්‌වභාවධර්මයේ ඇතිවෙන වෙනස්‌කම් චක්‍රාකාරව සිදුවන බැවින් සෘතු චක්‍රය නමින් හඳුන්වනු ලැබේ. මේ සෘතු ක්‍රමය පටන් ගන්නේ වස්‌සානයෙන් හෙවත් වර්ෂා සෘතුවෙනි. එක වර්ෂා කාලයක්‌ අවසන් වී නැවත වර්ෂා සමයක්‌ ආරම්භ වීම දක්‌වා ඇති කාලය හඳුන්වනු ලබන්නේ වර්ෂය හෙවත් වසර නමිනි. වර්ෂා සෘතුවකින් පටන් ගෙන නැවත වර්ෂා සෘතුවක්‌ පටන් ගැනීම සඳහා සූර්ය මාස දොළොසක්‌ ගතවේ. සෘතුන්ගේ ආගමනය මනින්නේ චන්ද්‍රයාගේ පුරපක්‍ෂය, අවපක්‍ෂය සැලකිල්ලට ගෙනය. හිරු සඳු දෙදෙනාගේ ආකර්ෂණයෙන් ජලය ලැබෙන බව පැරණි හෙළයාගේ විශ්වාසයයි. චන්ද්‍රයාගේ අටවක, අමාවක, පසළොස්‌වක වැනි දින ලබන, ගෙවෙන අවස්‌ථාවේ වැසි ලැබෙන බව විශ්වාස කරති. වර්ෂයක්‌ ආරම්භ වන්නේ සිංහල මාස ක්‍රමවලට අනුව වප් මාසයෙනි. මෙය වර්ෂා සෘතුවේ ආරම්භය නිසා වර්ෂයේ මුල් මාසය ලෙසද සලකනු ලැබේ. වප් මාසය යනු වපුරණ මාසය හෙවත් ගොවිතැන් ආරම්භ කරන මාසයයි. වර්ෂ යන වචනය අවුරුද්ද යන නාමයට යොදාගෙන ඇත්තේ අවුරුද්ද පටන් ගන්නේ වර්ෂා සෘතුවෙන් යෑයි විශ්වාස කළ බැවිනි. තවත් වැදගත් දෙයක්‌ නම් මින් ඉදිරියට වර්ෂය පුරාවට පැවැත්වෙන ආර්ථික, ආගමික, ජාතික උත්සව පටන් ගන්නේද වර්ෂා සෘතුවෙනි. මේ උත්සව කාලයාගේ ඇවෑමෙන් රාජ්‍ය උත්සව බවට පරිවර්තනය වී තිබේ. සිංහලයාටම ආවේනික වූ ආගමික හා ජාතික උත්සව කීපයක්‌ මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. 

    කඨින මහා උත්සවය 

    සිංහල අලුත් අවුරුදු මංගල්‍යය 

    අලුත් සහල් මංගල්‍යය 

    වෙසක්‌ උත්සවය 

    පොසොන් උත්සවය 

    ඇසල මහා පෙරහැර 

    වප් මඟුල් උත්සවය 

    වප් මඟුල 

    රටේ පාලකයා ක්‍ෂෙත්‍රපාල හෙවත් ක්‍ෂෙත්‍රිය නමින් හඳුන්වන්නේ ගොවිතැන පිළිබඳ මනා වැටහීමක්‌ ඇත්තෙකු වූ බැවිනි. මේ නිසාම කෘෂිකර්මාන්තය සඳහාම වෙන්වූ නිලධාරි මණ්‌ඩලයක්‌ද සිටියහ. 

    i. අත්තරංග ඇමැති - දොළොස්‌වන සියවසේදී පමණ කෘෂිකර්මාන්තය සඳහා පත්කළ ඇමැතිවරයකි. පළාතේ ඇති වැව් තටාකවල ජල ප්‍රමාණය මැන සුදුසු කාලයේ ගොවියා කෘෂි කර්මාන්තයට උනන්දු කරවීම, මේ ඇමැතිවරයාගේ කාර්යභාරයයි. වප් මඟුල් උත්සව සංවිධානය කිරීමද මේ ඇමැතිවරයාගේ කාර්යභාරයයි. සුභමොහොතින් රජුන් ලවා නැවුම් පස පෙරළු පසු වගාව ආරම්භ කිරීම මේ ඇමැතිවරයාගේ වගකීමකි.

    ii. විදානේ (වෙල්විදානේ) ඇල වේලි සකස්‌ කිරීම, ගොවීන් ලවා ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීම, වැවේ ඇති ජල ප්‍රමාණය දිය කැට පහණ මගින් දැන ඉහළ නිලධාරීනට දැනුවත් කිරීම, ජලය මුදා හැරීම, ජල පාලනය විදානෙට පැවරී ඇති කටයුතුයි. 

    iii. අමුණු මහේ රාළ - විදානෙට වඩා වගකීම් භාර නිලධාරියෙකි. ලංකාවේ ඇති සෑම වැවකම, අමුණකම, ජල ප්‍රමාණය රියන් මගින් මැන ආණ්‌ඩුවට දැනුවත් කිරීම අමුණු මහේ රාළගේ වගකීමකි. 

    iv. දියබෙදන රාළ - එක අමුණකින් යාය කීපයකට දියවර බෙදාහැරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ දිය බෙදන රාළටයි. 

    v. ගම්බාරේ - කුඹුරු අයිතිකරුගෙන් කුඹුරු ලබාගෙන ගොවීන් ලවා කඹුරු වැඩ කරවන තැනැත්තා ගම්බාරෙයි. 

    vi. බද්දේරාළ - රජයට අයත් වෙල් වාරම හෙවත් වී බද්ද ගොවින්ගෙන් අය කරගෙන රාජ්‍ය භාණ්‌ඩාගාරයට බාරදෙන තැනැත්තා බද්දේ රාළයි. රාජ්‍ය වී ගබඩාව පත්තායම නමින්ද හඳුන්වනු ලබයි. 

    ගොවි කටයුතු සම්බන්ධයෙන් මුල් වී සිටින්නේ විදානේ රාළයි. වැසි ඵල ලැබීමත් සමඟ වෙල් විදානේ සුභමොහොතින් සී සෑම ආරම්භ කරයි. මෙය වප් මඟුලක සිරිය උසුලයි. රටේ රජුගේ මැදිහත් වීමෙන් වප් මඟුල් උත්සවයක්‌ ඇත්නම් ඊට පෙර වගා කටයුතු ආරම්භ කිරීමට අවසරයක්‌ නැත. වප් මඟුල ආරම්භ වීමට මොහොතකට කලින් මේඝ හෙවත් වළාහක (පඡ්ජුන්න) දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම සිරිතකි. රජු විසින් ගොවිතැන් ආරම්භ කරනු ලබන විට හොඳින් වැසි ඵල ලැබී කන්න සරුවෙන බව ගොවියාගේ විශ්වාසයයි. වප් මාසයෙන් වී වගා කටයුතු අවසන් කළ යුතු අතර, එළඹෙන උඳුවප් මාසයේදී උඳු, මං වැනි ධාන්‍ය වර්ග වගා කරනු ලැබේ. මේ සියල්ල කරලින් බරවන්නේ එකවිටය. අස්‌වැන්න සරුවෙන විට ගොවියාගේ සිත් තුළ නැවුම් බලාපොරොත්තු ජනිත කරවයි. 

    ශරෝදශත, සංවත්සර(- 

    වස්‌සාන සමයත් සමඟ එළඹෙන සරත් සමය මිනිසාට මිහිරි අද්දැකීම් එකතු කරන කාලයකි. සරත් සමය හෙළ දීපයට ආවේනික සෘතුවක්‌ නොවුනට වසන්ත සමයේ ආරම්භයක්‌ ලෙසද සැලකිය හැකිය. බක්‌ මාසය හෙවත් භාග්‍යවත් මාසයට අවතීර්ණ වෙනවාත් සමඟම ගස්‌ වැල් වලින් අමුතුම අලංකාරයක්‌ පරිසරයට එකතු කරනු ලබයි. කෙත්වතු කරලින් බරවීම, කුරහන් යායෙන් හමන නැවුම් සුවඳ ලා දලුපත් මල් පොහොට්‌ටු අතු පතරින් බරවූ සිසිල් සෙවනැලි, කොවුල් ගීත මිනිස්‌ ගත සිත ප්‍රබොධවත් කරයි. මිනිසා පරිසරයට කෙතරම් ඇලුම් කළෙද යත් වසරේ මෙවැනි කාලයක්‌ විඳින්නට ඇත්නම් අවුරුදු සීයයක්‌ වුවත් ජීවත්වීමට කැමැති බව අවධාරණය කරති. අර්ථවත් වේදයේ ශරෝදශත වශයෙන් පෙන්වා දෙනු ලබන්නේ සරත් සෘතුවෙන් ආරම්භවෙන කාල සියයක්‌ වුවත් ජීවත්වීමට කැමැති බවයි. ශරෝදශත යන වචනයෙන් සංවත්සර යන වචනය සාදාගෙන තිබේ. ශරෝදශත, සංවත්සර, සංවච්ඡර, හවරජ, හවුරුදු, අවුරුදු වශයෙන් මෙය හෙළ බසට අවුත් තිබේ. ප්‍රීතිමත් කාලය ලෙස සැලකෙන මේ වකවානුවේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන කාලයක්‌ ලෙස සලකනු ලබයි. තරුණ සිත්වල ප්‍රේමණීය හැඟීම් ජනිත කරවයි. විවාහක කාන්තාවන්ට දරුඵල ලැබීමද භාග්‍යයක්‌ කොට සලකයි. සරත් කාලයෙන් ඇරඹී වසන්ත කාලයෙන් අවසන්වෙන මේ කාලය තුළ පහළවෙන දරුවන් නීරෝගී සහ ප්‍රඥසම්පන්න බව ගැමියෝ විශ්වාස කරති. ගොවියෝ බක්‌ මාසය ඇරඹෙත්ම සරු අස්‌වැන්නක ඵල නෙළා ගනිති. ඒවා අටුකොටුවලටද 

    පුරවා ගනිති. තවත් ගොවියාගේ අහිංසක බලාපොරොත්තුවක්‌ වන්නේ දරු සිඟිත්තක ආලෝකය ගෙදරට ලබාගැනීමයි. තම බිරිඳට දරු ඵලයක්‌ නොමැති නම් එයින් කණස්‌සල්ලට පත් නොවෙති. ඔහු සතුටට පත්වන්නේ ගමේ ගැබිණි මාතාවක තම නිවසට කැඳවා ඇයට ගරු බුහුමන් කොට මුල්ම ධාන්‍ය පැස ඇය ලවා අටුවට දම්මවා ගැනීමෙනි. එයින් තමන්ට සෞභාග්‍ය උදාවෙන බව ගැමියෝ විශ්වාස කරති. වලාහක, ගම්භාර දෙවියන් උදෙසා කිරි ඉතිරීමෙන් අනතුරුව අලුත් සහල් මංගල්‍යය පවත්වා සිංහල අලුත් අවුරුද්ද සඳහා සූදානම් වෙති. තවත් වැදගත් චාරිත්‍ර ධර්මයක්‌ බක්‌ මාසයට පෙර සිදු කරන බව පෙනෙන්නට තිබේ. තරුණ ගැමි යුවලකගේ විවාහයට පෙර සිදුවෙන චාරිත්‍ර ධර්ම මෙහි වැදගත් කොට සලකණු ලැබේ. මෙයින් පළමුවැන්න ඔරුමාල පත්තිණි පූජාවයි. තරුණ යුවලට ආශීර්වාද පතා ජලාසයක සිට කරණු ලබන දේව පූජාවකි මෙය. මේ සිරිත අද සමාජයෙන් ගිලිහී ගොස්‌ තිබේ. ඔරුමාල පත්තිනි දේව පූජාවෙන් පසු තරුණ ගැමි යුවලට මාස කීපයක්‌ ධර්මානුකූලව කටයුතු කිරීමට සිදුවේ. ඔරුමාලය යනු ජලාසයේ නොගැඹුරු තැනක කප් සිටුවා ඒ වටා මාලයක්‌ සිටින සේ ඔරු ගමන් කරමින් ගීත ගයමින් කරනු ලබන පූජාවකි. බක්‌ මාසයේ පැවැත්වෙන අලුත් අවුරුදු සිරිත් විරිත් වලින් අනතුරුව ඔවුනගේ විවාහය සිදුවෙයි.

    සියලු ගොවිතැන් කටයුතු හමාරකොට අස්‌වැන්න ගෙට ගත්තාට පසු ඔවුහු මක්‌ මහා උළෙළ සඳහා සූදානම් වෙති. මෙය රාජ්‍ය උත්සවයකි. රාජ්‍ය නැකැත්රාළ විසින් අවුරුදු දින සුබ නැකැත් වට්‌ටෝරුව සකස්‌ කරනු ලැබේ. අලුත් අවුරුද්දට හිස තෙල් ගෑම සඳහා නානුමුර හෙවත් බෙහෙත් දියර සකස්‌ කිරීමට පැවරී ඇත්තේ රාජ්‍ය බෙහෙත් ගෙහි මුහන්දිරම්ටය. දේව ආශීර්වාදය ලබාගෙන මුහන්දිරම් සතියක පටන් නානුමුර සඳහා බෙහෙත් වර්ග සපයාගනු ලැබේ. නාථදේවාලයට රැස්‌වෙන මුහන්දිරම් ඇතුළු පිරිස බෙහෙත් දියර සැකසීම කරනු ලබයි. නියමිත මාත්‍රාවට කොළ වර්ග ගෙන මිරිකා යුෂ ලබාගෙන මැටි භාජන දහසකට පමණ පුරවයි. ඒ මැටි භාජන රෙදි කඩකින් බැඳ සීල් තබා රජ මාළිගාවට යවනු ලබයි. අවුරුද්දට පෙර මේවා <g class="gr_ gr_275 gr-alert gr_spell undefined ContextualSpelling only-del replaceWithoutSep" id="275" data-gr-id="275">ඒ ඒ</g> දේවාලවලට සහ විහාරස්&zwnj;ථානවලට බෙදාහරිනු ලබයි. බෙහෙත් ගෙහි මුහන්දිරම්ට මෙන්ම රජවාසල දෛවඥයාටද අවුරුදු මංගල්&zwj;යය වෙනුවෙන් කාරණා කීපයක්&zwnj; සඳහාම නැකැත් සෑදීමේ කාර්ය භාරය පැවරී ඇත. අලුත් අවුරුද්ද ලබන මොහොත ලිපි ගිනිමොලවන වේලාව ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම, ස්&zwnj;නානය, රටේ රජුන් මහජනයා හමුවෙන වේලාව ආදී නැකැත් සාදා මහජනයාට දැනුවත් කිරීමේ කටයුතු දෛවඥයාට පැවරී ඇත. දෛවඥයාගේ නැකැත් වේලාවන්වලට අනුව අවුරුදු සංක්&zwj;රාන්තිය ලැබීමට විනාඩි කීපයකට පෙර රජතුමා සිංහාසනයට සැපත්වෙති. සංක්&zwj;රාන්ති වේලාව රට වැසියාට සංනිවේදනයක්&zwnj; මගින් දැනුම් දෙනු ලැබේ. මහනුවර සමයේ මාළිගාවේ පවත්වන ලද කාලතුවක්&zwnj;කු වෙඩි හඬින් අවුරුද්ද උදාවූ බව දැනුවත් කොට තිබේ. ආහාර අනුභවය වෙනුවෙන් රජතුමා සඳහා පිළියෙල කරන භෝජනය, දිව්&zwj;ය භෝජනය නමින් හඳුන්වනු ලැබේ. එය කිරිබතකින් හා විශේෂ කෑම වර්ග කීපයකින් සමන්විතය. රජතුමා මෙයින් ස්&zwnj;වල්පයක්&zwnj; අනුභව කොට ඇමැතිවරුන්ට දිසාපතිවරුන්ට, සියතින්ම සංග්&zwj;රහා කරති. ගනුදෙනු කරන වේලාවේ ප්&zwj;රධාන රාජ්&zwj;ය නිලධාරීහු හාල්, පොල්, හකුරු ආදී ද්&zwj;රව්&zwj;යය රාජ ගබඩාවට යවති. එසේ යවන සෑම නිලධාරියකුටම ඒ වෙනුවෙන් රාජ ප්&zwj;රසාද හිමිවේ. රජුන් බැහැදකින වේලාවේ ඒ සඳහා අවසර ඇත්තේ ප්&zwj;රධාන නිලයන් උසුලන අයට පමණි. සිංහාසනාරූඪව සිටින රජතුමාට තෙවරක්&zwnj; දණින් වැටී නමස්&zwnj;කාර කළ යුතුය. රජතුමාද මේ අයට පඬුරුවලින් සංග්&zwj;රහ කරති.</span><br style="color: #000000; font-family: 'Times New Roman'; font-size: large; line-height: normal;" />
    මේ අලුත් අවුරුදු සංක්‍රාන්තිය නිසාම බක්‌ මාසය උත්සව පැවැත්වෙන මාසයක්‌ ලෙස සලකණු ලැබේ. වැඩිහිටියෝ ළමා ලපටි සියල්ලෝම කෙළි සෙල්ලම්වල නිරත වෙමින් සතුට භුක්‌ති විඳිති. හෙළයේ පැවැති ක්‍රීඩාවලට දීර්ඝ ඉතිහාසයක්‌ ඇති බව පෙනෙන්නට තිබේ. ක්‍රිස්‌තුවර්ෂයට පෙර 4 වැනි සියවසේ පණ්‌ඩුකාභය රජ සමයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා අපේ පුරාණ කෙලිසෙල්ලම් ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවට ඉතිහාසයෙන් තහවුරුවේ. මේවා අතර පංච කෙලිය, බුහු කෙලිය, පන්දු කෙලිය, ලී කෙළිය, නෙරෙංචි කෙලිය, ඔළිඳ කෙලිය, පොල් කෙලිය, අං ඇදීම, මීගොන් පොර, මුව නැටිල්ල, රෑනදෙලේ දෙල් කැඩිල්ල, කාවය්යන් සෙල්ලම, උඩැක්‌කි සෙල්ලම, දිය කෙලිය, තට්‌ටුපැනීම, ගුඩුගැසීම, මේවර සෙල්ලම, පොරපොල් ගැසීම, අං ඇදීම වැනි ක්‍රීඩා ජනප්‍රිය වී තිබේ.

    කුරක්‌කන් කපා අහවරවූ විට ඉපනැල්ලට ගිනි තබා තල ඉසිනු ලැබේ. මේ තල වැපිරීම සිදුවන්නේ අවුරුදුවලට පෙර බක්‌ මහේ වැසි බලාපොරොත්තුවෙනි. වෙසක්‌ පෝයට තල මල් පූජාව අනිවාර්යය පෝය දින පාන්දර කිරිහැර පූජාවට අනතුරුව දහවල් දානය සඳහා ව්‍යංජන 7 - 32 වශයෙන් සකසා තලමල් පූජාවද අනිවාර්ය කෙරේ. මෙයට අමතරව නෙළුම් මානෙල්, බක්‌මී ආදී මල් වර්ගද පූජාව සඳහා සූදානම් කරනු ලැබේ. තල අස්‌වැන්න විකුණා වට වන්දනාවේ යැමටද ගොවියා ප්‍රියතාවයක්‌ දක්‌වයි. මෙය සිදුවන්නේ පොසොන් සමය උදාවත් සමගය. මිහිඳුමහරහතන් වහන්සේගේ ආගමනය සිහිගැන්වීමක්‌ හැටියට පොසොන් පෝය බෞද්ධයාට වටින්නේය. ආගමික හා ජාතික උත්සව අතර ඉතාමත් වටිනා උත්සවයක්‌ ලෙස සලකන්නේ දළදා පූජාවය.

    මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් රජුගේ කාලයේ (ක්‍රි.ව. 371) ලංකාවට වැඩම කරවන ලද දන්ත ධාතුන් වහන්සේ අගනාම පූජනීය වස්‌තුවකි. ජයසිරිමහා බෝධීන් වහන්සේට මෙන්ම දන්ත ධාතුන් වහන්සේටද රජවරු ගෞරව උපහාර දැක්‌වූහ. දළදාව අයත් වූවෝ රටේ රජකමටද සුදුස්‌සෝ වෙති. දළදාව වැඩවෙසෙන මේ භූමිය පුණ්‍ය භූමියකි. සමහර රජවරුන්ට මාඝාත නීතිය පවා පැනවීමට සිදුවූයේ මේ පූජනීය වස්‌තුව මෙරට වැඩසිටින බැවිනි. මුල්ම අවධියේ අභයගිරියේ විශේෂ මණ්‌ඩපයක්‌ සාදා තැන්පත් කළ දළදා වහන්සේ දැක්‌ම හා වාර්ෂික පූජාව පැවැත්වීම ආරම්භ විය. පාහියන්ගේ සහ හියුංසාංගේ වාර්තාවලට අනුව මේ දළදා පූජාව රාජ්‍ය උත්සවයක්‌ සේ උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත. දළදාව මහත් ගෞරවයෙන් එළියට වැඩමවා ඇතුන් පිට හිඳුවා වීථි සංචාරය කර ඇත. මේ දළදා උළෙල මහනුවර පෙරහැරත් සමග ගෞරවණීය තත්ත්වයට පත්වී තිබේ. දළදා පූජාවෙන් නිසි කලට වැසි ලැබෙන බවද බෞද්ධයෝ විශ්වාස කරති.

    වප් මගුලෙන් ආරම්භ වෙන මේ රාජ්‍ය මංගල්‍යය අවසන් වන්නේ දළදා පෙරහැරෙනි. රජ ධාර්මිකවූ කල හොඳින් වැසි ඵල ලැබේ. භවභෝග සම්පත් වැඩිවේ. රටේ සශ්‍රීකත්වය මනින්නේ කෘෂිකර්මාන්තයෙනි. පාලකයා වැව් තටාක ඉදිකොට කෙත්වතු අස්‌සද්දවා රටවැසියා දිරිමත් කරති.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Apr 2016 08:26 AM
    සමහර වචන වැඩ නෑ මල්ලි.මොකද අවුල ?????????????????????????????
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    04 Apr 2016 07:02 PM
    පුරාණයේ සූර්යාගේ උදාවීම සහ අස්‌තගතවීම සැලකිල්ලට ගෙන කාලය පිළිබඳ සම්මුතියකට එළඹ තිබේ. බුදු දහම කාලය පිළිබඳව දාර්ශනික පදනමක්‌ ඔස්‌සේ සාකච්ඡා කරන අතර සම්මුතියක්‌ හැටියට දිවා රාත්‍රි වශයෙන් ගෙවී යන බව සඳහන් කරති. (අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො) හින්දු හා සිංහල තාරකා ශාස්‌ත්‍රයට අනුව කාලය කරාසූර්ය වර්ෂය හැටියට ගෙන, මාස දින වශයෙන් ගණනය කොට තිබේ. සූර්යා ස්‌ථාන ගතවන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වශයෙන් රාශි දොළහක්‌ ඇති අතර, සෑම රාශියක්‌ම අංශක 30 බැගින් වන අතර, මේ එක රාශියක සූර්යා ගමන් කිරීම සූර්ය මාසය නමින් හඳුන්වනු ලැබේ. මේ රාශි 12 හෙම සූර්යාට ගමන් කිරීමට ගතවන කාලය දින 365 කුත් පැය 06 කුත් මිනිත්තු 12 ක්‌ සහ තත්පර 36 කට ආසන්න කාලයකි. මේ සූර්ය සිද්ධාන්තයට අනුව කරනු ලබන ගණනය කිරීමකි. ව්‍යවහාරික දින දර්ශනයට අනුව වර්ෂයට දින 365 ක්‌ සහ පැය 06 කින් යුක්‌තකි. පැය හයක්‌ යනු දවසින් සතරෙන් පංගුවකි. වසර සතරකට වතාවක්‌ පෙබරවාරි මාසයට අධික දිනයක්‌ එකතු කරන්නේ මේ නිසාය. දින 366 ක්‌ වන මේ අවුරුද්ද අධික අවුරුද්දක්‌ ලෙස සලකා හින්දු ගණයට අනුව වසරකට විනාඩි 13 ක පමණ ඉතිරියක්‌ දක්‌නට ලැබේ. අවුරුදු 120 ක්‌ වැනි කාලයක්‌ ගියවිට මේ විනාඩි ගණනක ඉතිරිය දවසක්‌ බවට පරිවර්තනය වේ. මේ අනුව අප්‍රේල් 13 පැවැත්වෙන අලුත් අවුරුද්ද තවත් දිනකින් ඉදිරියට ගෙන යා යුතුය. මෙලෙස ශත වර්ෂ ගණනාවක්‌ තුළ අලුත් අවුරුද්ද මැයි මාසයේ පවත්වන දිනයක්‌ බවටද පත්විය හැකිය.

    ස්‌වභාව ධර්මයේ හිතකර හා අහිතකර වෙනස්‌කම් අධ්‍යයන කළ මිනිසා කාලය සෘතුන් වශයෙන් බෙදා දැක්‌වීමට පුරුදුව සිටියහ. ඉන්දියානු ජනයා මේ සෘතුන්ගේ වෙනස්‌වීම හොඳින් දැන සිටිය අතර, ඒවාට ආකර්ශනය වූ අයුරුද පැරණි ඉන්දියානු සාහිත්‍යය තුළින් මොනවට පැහැදිලිය. භාරත දේශයේ සෘතුන් සයක්‌ වශයෙන් පෙනෙන්නට තිබුණද, මෙරට ස්‌වභාවයේ පැහැදිලි වෙනස්‌කම් අනුව සෘතූන් සතරක්‌ වශයෙන් ගෙන ඇත. පරිසරය පිළිබඳව සඳහන් කරන අථර්වන්වේදයට අනුව, ග්‍රීස්‌ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර, වසන්ත වශයෙන් මේ සෘතුන් නම් කොට තිබේ. ග්‍රීස්‌ම සෘතුවේදී අධික උණුසුම ද වර්ෂා සෘතු වේදි වැසිඵල ලැබීමද, ශරත් සෘතුවේදී , ගස්‌වල කොළ හැලීමද, දලුලෑමද, සිසිර සෘතුවේදී හිම පතනයද, හේමන්ත සෘතුවේදී අධික ශීතල ද, වසන්ත සෘතුවේදී ගස්‌වල මල් පිපී ඵල හට ගැනීම ද, සිදුවන බව සඳහන් වෙයි. සංස්‌කෘත සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ ද එන විවිධ සෘතුන් පිළිබඳ වර්ණනා මිනිසාගේ සිත් තුළ ප්‍රසන්න හැඟීම්, ජනිත කරවයි. සම්භාව්‍ය කාව්‍යයක්‌ වූ කාලිදාසගේ සෘතු සංහාරයේ ග්‍රීස්‌ම සෘතුවේ ඇති කටුක බව පෙන්වා දෙනු ලබන්නේ මෙසේය.

    පටුතරදවදා හෝච්ඡුෂ්ක ශස්‌ පප්‍රරෝහඃ

    පරුෂ පවත වේගොත්ක්‌ෂිප්ත සංශුෂ්ක පර්ණඃ

    දිනකර පරිත්‍රාපක්‌ෂිණඃ තෝය සමන්තාත්

    විද්ධති භයමුච්චෛර වීක්‌ෂමාණ වනන්තාඃ

    ලැව් ගින්නෙන් අවපැහැගැන්වූ ලා තණ කොල ඇති. රළුවූ වාතවේගයෙන් උඩට නැගෙන පරඬලා ඇති හිරුගේ පීඩනයෙන් ගෙවීයන දිනයක්‌ ඇති හාත්පස පෙනෙන සුවිසල් වනාන්තරයෝ දකින්නට බිය ගෙන දෙත්.

    නිරන්තර ලැව් ගින්නෙන් වනාන්තර දමා හලුකරන, ඇලදොළ ගංගා සිඳීගොස්‌ සතුන්ට පවා පීඩාවක්‌ ගෙන දෙන ග්‍රීෂ්ම සෘතුව කාලිදාසගේ නෙතින් දුටුවේ මෙලෙසිනි. තවදුරටත් ග්‍රීස්‌ම සෘතුවේ අතිශය බියකරු බව පෙන්වා දීමට කවියා අමතක නොකරයි.

    ස්‌වසිති විහග වර්ගාඃ ශීර්ණඃ පර්ණඃ ද්‍රeමස්‌ථඃ

    කොළ හැලුනු ගලස්‌වල වෙසෙන කුරුල්ලෝ පිපාසාවෙන් පීඩා විඳිති.

    කපිකුල මුපගාතික්‌ලාන්තඹෙද්‍රර් නිකුඤ්ජමි

    හිරු රැසින් ගිලන්වූ වඳුරු රැළ කඳු අතර

    සෙවනැලි සොයා යති.

    බ්‍රමති ගවය යූථාඃ සර්වසේතාය මිච්ඡමි

    පිපාසිත ගවයෝ පැන් සොයා ඒ ඒ තැන සැරි සරති. ග්‍රීෂ්ම සෘතුව අවසන් කොට වැසි ලැබෙන්නට පටන්ගත් විට එය කාලිදාස විසින් වර්ණනා කරනු ලබන්නේ මෙලෙසිනි.

    නිතාන්ත නීලොත්පල පත්‍ර කාන්තිභිඃ

    ක්‌වචිත් ප්‍රභින්නාඤ්ජන රාශි සන්තිභෛඃ

    ක්‌වචික්‌ සගර්භඃ ප්‍රමදාස්‌ත ප්‍රභෛඃ

    සමාචිතං ෙව්‍යාමඝනෛඃ සමන්තතාඃ

    නිල්මහනෙල් පෙති වන් අහසේ තැනින් තැන විසුරුණු වළාවෝය. තවත් තැනක නිල් අඳුන් කැට වැනි වළාවෝය. ගැබ්බර සතුන්ගේ පියයුරු වැනි වළාවෝද වෙති.

    වැසි සමය ආරම්භවෙත්ම ගස්‌වැල් පවා ප්‍රීතියෙන් උදම් වෙති. සතා සිව්පාවාද එළෙසමයෑ. සූත්ත නිපාතයේ එන ධනිය ගෝපාල සහ බුදුරදුන් අතර සිදුවෙන සංවාදයද වස්‌සානය පිළිබඳ අපූර්ව හැඟීම් පාඨකයා තුළ ජනිත කරවයි. මහවැනි වසින්නට ළංවෙමින් තිබියදී ධනිය මහී ගඟ මෙතෙර මනාකොට සෙවෙනි කළ තම කුටියෙහි සහවාසීන් සමඟ සතුටින් සිටියි. බුදුරදහු මහී ගං එතෙර කුඩා තෘණ කුටියක නිරාමිෂ ප්‍රීතියෙන් වැඩසිටියි. ගිම්හානය නිමාකොළ මහාවරුෂාවක්‌ ඇදහැලෙන්නට පටන් ගනී. ධනියට ඉහවහා ගිය ප්‍රීතියක්‌ ඇතිවේ. ඔහු තම ප්‍රීතිය ගීතස්‌වරයකට මුසුකරන්නේ මෙසේය.

    පක්‌කෝධතො දුග්ධ රො හමස්‌මී

    අනුතීරේ මහියා සමාන වාසෝ

    ඡන්නා කුටි අහිතො ගිනි

    අථ චෙ පත්ථයකි පවස්‌ස දේව

    ඉදුනු බත ගෙහි ඇත දෙව් කිරිද ගෙහි ඇත. කුටියද මනාකොට සෙවෙළිකොට ඇත. මහී ගං තෙර මගේ සහවාසීන් සමඟ සතුටින් වසමි. ගෙහි ගිනිද දල්වා ඇත. කුටියද නිරන්තරව උණුසුම්ය. රිසිසේ මේඝය වහින්න.

    මහී ගඟ එතෙර වැඩසිටිය බුදුන්වහන්සේ ධනියගේ ප්‍රාර්ථනාව අසා මෙසේ වදාරති.

    අක්‌කෝධනො විගත ලො හමස්‌මී

    අනුතීරේ මහියෙක රත්තී වාසො

    විවටා කුටී නිබ්බුතො ගිනි

    අළු ෙච් පත්ථයති පවස්‌ස දේව.

    මම ක්‍රෝධ රහිතවෙමි. ඉවත් කළ රාගය නමැති හූල් ඇතියෙමි. හුදකලා වාසයට ප්‍රියකරමි. මාගේ කුටිය විවෘතය රාග ගින්න නිවී ඇත. ඉදින් වැස්‌ස කැමති සේ වහින්න.

    මෙයට අමතරව තවත් කථන්දර බෞද්ධ සාහිත්‍යයේ දක්‌නට ලැබේ. වැසි සමයේ අතිශයින් ප්‍රමුදිතවූ මොනරුන්ගේ හඬින් මාගේ සිත ධ්‍යානයෙන් අවදි වූ බව චිත්තක තෙරණුවෝ පවසති. මේඝය තුළින් ඇතිවූ පාරිසරික වෙනස්‌කම් සහ වනසතුන්ගේ ප්‍රීති ප්‍රමෝදය ධ්‍යානයට සිත් යොමු කළ බව විමලතෙරණුවෝ පවසති. වැස්‌ස මෙරට ගොවියාගේ සිත් තුළ දහසකුත් බලාපොරොත්තු ඇති කරවයි.

    වැව වාං දමන්නක්‌ මෙන් ඇළ දොළ ගංගා උතුරා යන්නාක්‌ මෙන් ගොවියාගේ සිත් තුළ ඇතිවන ප්‍රීතියද දොaරේ ගලයි. නගුල, වියගස, කෙවිට, හරකා බාන සූදානම් කරන ගොවියා කුඹුරට බසින වේලාව එන තුරු බලා සිටියි.

    වර්ෂාව සහ වර්ෂය(-

    වර්ෂය පුරාවට දේශගුණික වශයෙන් ස්‌වභාවධර්මයේ ඇතිවෙන වෙනස්‌කම් චක්‍රාකාරව සිදුවන බැවින් සෘතු චක්‍රය නමින් හඳුන්වනු ලැබේ. මේ සෘතු ක්‍රමය පටන් ගන්නේ වස්‌සානයෙන් හෙවත් වර්ෂා සෘතුවෙනි. එක වර්ෂා කාලයක්‌ අවසන් වී නැවත වර්ෂා සමයක්‌ ආරම්භ වීම දක්‌වා ඇති කාලය හඳුන්වනු ලබන්නේ වර්ෂය හෙවත් වසර නමිනි. වර්ෂා සෘතුවකින් පටන් ගෙන නැවත වර්ෂා සෘතුවක්‌ පටන් ගැනීම සඳහා සූර්ය මාස දොළොසක්‌ ගතවේ. සෘතුන්ගේ ආගමනය මනින්නේ චන්ද්‍රයාගේ පුරපක්‍ෂය, අවපක්‍ෂය සැලකිල්ලට ගෙනය. හිරු සඳු දෙදෙනාගේ ආකර්ෂණයෙන් ජලය ලැබෙන බව පැරණි හෙළයාගේ විශ්වාසයයි. චන්ද්‍රයාගේ අටවක, අමාවක, පසළොස්‌වක වැනි දින ලබන, ගෙවෙන අවස්‌ථාවේ වැසි ලැබෙන බව විශ්වාස කරති. වර්ෂයක්‌ ආරම්භ වන්නේ සිංහල මාස ක්‍රමවලට අනුව වප් මාසයෙනි. මෙය වර්ෂා සෘතුවේ ආරම්භය නිසා වර්ෂයේ මුල් මාසය ලෙසද සලකනු ලැබේ. වප් මාසය යනු වපුරණ මාසය හෙවත් ගොවිතැන් ආරම්භ කරන මාසයයි. වර්ෂ යන වචනය අවුරුද්ද යන නාමයට යොදාගෙන ඇත්තේ අවුරුද්ද පටන් ගන්නේ වර්ෂා සෘතුවෙන් යෑයි විශ්වාස කළ බැවිනි. තවත් වැදගත් දෙයක්‌ නම් මින් ඉදිරියට වර්ෂය පුරාවට පැවැත්වෙන ආර්ථික, ආගමික, ජාතික උත්සව පටන් ගන්නේද වර්ෂා සෘතුවෙනි. මේ උත්සව කාලයාගේ ඇවෑමෙන් රාජ්‍ය උත්සව බවට පරිවර්තනය වී තිබේ. සිංහලයාටම ආවේනික වූ ආගමික හා ජාතික උත්සව කීපයක්‌ මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

    කඨින මහා උත්සවය

    සිංහල අලුත් අවුරුදු මංගල්‍යය

    අලුත් සහල් මංගල්‍යය

    වෙසක්‌ උත්සවය

    පොසොන් උත්සවය

    ඇසල මහා පෙරහැර

    වප් මඟුල් උත්සවය

    වප් මඟුල

    රටේ පාලකයා ක්‍ෂෙත්‍රපාල හෙවත් ක්‍ෂෙත්‍රිය නමින් හඳුන්වන්නේ ගොවිතැන පිළිබඳ මනා වැටහීමක්‌ ඇත්තෙකු වූ බැවිනි. මේ නිසාම කෘෂිකර්මාන්තය සඳහාම වෙන්වූ නිලධාරි මණ්‌ඩලයක්‌ද සිටියහ.

    i. අත්තරංග ඇමැති - දොළොස්‌වන සියවසේදී පමණ කෘෂිකර්මාන්තය සඳහා පත්කළ ඇමැතිවරයකි. පළාතේ ඇති වැව් තටාකවල ජල ප්‍රමාණය මැන සුදුසු කාලයේ ගොවියා කෘෂි කර්මාන්තයට උනන්දු කරවීම, මේ ඇමැතිවරයාගේ කාර්යභාරයයි. වප් මඟුල් උත්සව සංවිධානය කිරීමද මේ ඇමැතිවරයාගේ කාර්යභාරයයි. සුභමොහොතින් රජුන් ලවා නැවුම් පස පෙරළු පසු වගාව ආරම්භ කිරීම මේ ඇමැතිවරයාගේ වගකීමකි.

    ii. විදානේ (වෙල්විදානේ) ඇල වේලි සකස්‌ කිරීම, ගොවීන් ලවා ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීම, වැවේ ඇති ජල ප්‍රමාණය දිය කැට පහණ මගින් දැන ඉහළ නිලධාරීනට දැනුවත් කිරීම, ජලය මුදා හැරීම, ජල පාලනය විදානෙට පැවරී ඇති කටයුතුයි.

    iii. අමුණු මහේ රාළ - විදානෙට වඩා වගකීම් භාර නිලධාරියෙකි. ලංකාවේ ඇති සෑම වැවකම, අමුණකම, ජල ප්‍රමාණය රියන් මගින් මැන ආණ්‌ඩුවට දැනුවත් කිරීම අමුණු මහේ රාළගේ වගකීමකි.

    iv. දියබෙදන රාළ - එක අමුණකින් යාය කීපයකට දියවර බෙදාහැරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ දිය බෙදන රාළටයි.

    v. ගම්බාරේ - කුඹුරු අයිතිකරුගෙන් කුඹුරු ලබාගෙන ගොවීන් ලවා කඹුරු වැඩ කරවන තැනැත්තා ගම්බාරෙයි.

    vi. බද්දේරාළ - රජයට අයත් වෙල් වාරම හෙවත් වී බද්ද ගොවින්ගෙන් අය කරගෙන රාජ්‍ය භාණ්‌ඩාගාරයට බාරදෙන තැනැත්තා බද්දේ රාළයි. රාජ්‍ය වී ගබඩාව පත්තායම නමින්ද හඳුන්වනු ලබයි.

    ගොවි කටයුතු සම්බන්ධයෙන් මුල් වී සිටින්නේ විදානේ රාළයි. වැසි ඵල ලැබීමත් සමඟ වෙල් විදානේ සුභමොහොතින් සී සෑම ආරම්භ කරයි. මෙය වප් මඟුලක සිරිය උසුලයි. රටේ රජුගේ මැදිහත් වීමෙන් වප් මඟුල් උත්සවයක්‌ ඇත්නම් ඊට පෙර වගා කටයුතු ආරම්භ කිරීමට අවසරයක්‌ නැත. වප් මඟුල ආරම්භ වීමට මොහොතකට කලින් මේඝ හෙවත් වළාහක (පඡ්ජුන්න) දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම සිරිතකි. රජු විසින් ගොවිතැන් ආරම්භ කරනු ලබන විට හොඳින් වැසි ඵල ලැබී කන්න සරුවෙන බව ගොවියාගේ විශ්වාසයයි. වප් මාසයෙන් වී වගා කටයුතු අවසන් කළ යුතු අතර, එළඹෙන උඳුවප් මාසයේදී උඳු, මං වැනි ධාන්‍ය වර්ග වගා කරනු ලැබේ. මේ සියල්ල කරලින් බරවන්නේ එකවිටය. අස්‌වැන්න සරුවෙන විට ගොවියාගේ සිත් තුළ නැවුම් බලාපොරොත්තු ජනිත කරවයි.

    ශරෝදශත, සංවත්සර(-

    වස්‌සාන සමයත් සමඟ එළඹෙන සරත් සමය මිනිසාට මිහිරි අද්දැකීම් එකතු කරන කාලයකි. සරත් සමය හෙළ දීපයට ආවේනික සෘතුවක්‌ නොවුනට වසන්ත සමයේ ආරම්භයක්‌ ලෙසද සැලකිය හැකිය. බක්‌ මාසය හෙවත් භාග්‍යවත් මාසයට අවතීර්ණ වෙනවාත් සමඟම ගස්‌ වැල් වලින් අමුතුම අලංකාරයක්‌ පරිසරයට එකතු කරනු ලබයි. කෙත්වතු කරලින් බරවීම, කුරහන් යායෙන් හමන නැවුම් සුවඳ ලා දලුපත් මල් පොහොට්‌ටු අතු පතරින් බරවූ සිසිල් සෙවනැලි, කොවුල් ගීත මිනිස්‌ ගත සිත ප්‍රබොධවත් කරයි. මිනිසා පරිසරයට කෙතරම් ඇලුම් කළෙද යත් වසරේ මෙවැනි කාලයක්‌ විඳින්නට ඇත්නම් අවුරුදු සීයයක්‌ වුවත් ජීවත්වීමට කැමැති බව අවධාරණය කරති. අර්ථවත් වේදයේ ශරෝදශත වශයෙන් පෙන්වා දෙනු ලබන්නේ සරත් සෘතුවෙන් ආරම්භවෙන කාල සියයක්‌ වුවත් ජීවත්වීමට කැමැති බවයි. ශරෝදශත යන වචනයෙන් සංවත්සර යන වචනය සාදාගෙන තිබේ. ශරෝදශත, සංවත්සර, සංවච්ඡර, හවරජ, හවුරුදු, අවුරුදු වශයෙන් මෙය හෙළ බසට අවුත් තිබේ. ප්‍රීතිමත් කාලය ලෙස සැලකෙන මේ වකවානුවේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන කාලයක්‌ ලෙස සලකනු ලබයි. තරුණ සිත්වල ප්‍රේමණීය හැඟීම් ජනිත කරවයි. විවාහක කාන්තාවන්ට දරුඵල ලැබීමද භාග්‍යයක්‌ කොට සලකයි. සරත් කාලයෙන් ඇරඹී වසන්ත කාලයෙන් අවසන්වෙන මේ කාලය තුළ පහළවෙන දරුවන් නීරෝගී සහ ප්‍රඥසම්පන්න බව ගැමියෝ විශ්වාස කරති. ගොවියෝ බක්‌ මාසය ඇරඹෙත්ම සරු අස්‌වැන්නක ඵල නෙළා ගනිති. ඒවා අටුකොටුවලටද

    පුරවා ගනිති. තවත් ගොවියාගේ අහිංසක බලාපොරොත්තුවක්‌ වන්නේ දරු සිඟිත්තක ආලෝකය ගෙදරට ලබාගැනීමයි. තම බිරිඳට දරු ඵලයක්‌ නොමැති නම් එයින් කණස්‌සල්ලට පත් නොවෙති. ඔහු සතුටට පත්වන්නේ ගමේ ගැබිණි මාතාවක තම නිවසට කැඳවා ඇයට ගරු බුහුමන් කොට මුල්ම ධාන්‍ය පැස ඇය ලවා අටුවට දම්මවා ගැනීමෙනි. එයින් තමන්ට සෞභාග්‍ය උදාවෙන බව ගැමියෝ විශ්වාස කරති. වලාහක, ගම්භාර දෙවියන් උදෙසා කිරි ඉතිරීමෙන් අනතුරුව අලුත් සහල් මංගල්‍යය පවත්වා සිංහල අලුත් අවුරුද්ද සඳහා සූදානම් වෙති. තවත් වැදගත් චාරිත්‍ර ධර්මයක්‌ බක්‌ මාසයට පෙර සිදු කරන බව පෙනෙන්නට තිබේ. තරුණ ගැමි යුවලකගේ විවාහයට පෙර සිදුවෙන චාරිත්‍ර ධර්ම මෙහි වැදගත් කොට සලකණු ලැබේ. මෙයින් පළමුවැන්න ඔරුමාල පත්තිණි පූජාවයි. තරුණ යුවලට ආශීර්වාද පතා ජලාසයක සිට කරණු ලබන දේව පූජාවකි මෙය. මේ සිරිත අද සමාජයෙන් ගිලිහී ගොස්‌ තිබේ. ඔරුමාල පත්තිනි දේව පූජාවෙන් පසු තරුණ ගැමි යුවලට මාස කීපයක්‌ ධර්මානුකූලව කටයුතු කිරීමට සිදුවේ. ඔරුමාලය යනු ජලාසයේ නොගැඹුරු තැනක කප් සිටුවා ඒ වටා මාලයක්‌ සිටින සේ ඔරු ගමන් කරමින් ගීත ගයමින් කරනු ලබන පූජාවකි. බක්‌ මාසයේ පැවැත්වෙන අලුත් අවුරුදු සිරිත් විරිත් වලින් අනතුරුව ඔවුනගේ විවාහය සිදුවෙයි.

    සියලු ගොවිතැන් කටයුතු හමාරකොට අස්‌වැන්න ගෙට ගත්තාට පසු ඔවුහු මක්‌ මහා උළෙළ සඳහා සූදානම් වෙති. මෙය රාජ්‍ය උත්සවයකි. රාජ්‍ය නැකැත්රාළ විසින් අවුරුදු දින සුබ නැකැත් වට්‌ටෝරුව සකස්‌ කරනු ලැබේ. අලුත් අවුරුද්දට හිස තෙල් ගෑම සඳහා නානුමුර හෙවත් බෙහෙත් දියර සකස්‌ කිරීමට පැවරී ඇත්තේ රාජ්‍ය බෙහෙත් ගෙහි මුහන්දිරම්ටය. දේව ආශීර්වාදය ලබාගෙන මුහන්දිරම් සතියක පටන් නානුමුර සඳහා බෙහෙත් වර්ග සපයාගනු ලැබේ. නාථදේවාලයට රැස්‌වෙන මුහන්දිරම් ඇතුළු පිරිස බෙහෙත් දියර සැකසීම කරනු ලබයි. නියමිත මාත්‍රාවට කොළ වර්ග ගෙන මිරිකා යුෂ ලබාගෙන මැටි භාජන දහසකට පමණ පුරවයි. ඒ මැටි භාජන රෙදි කඩකින් බැඳ සීල් තබා රජ මාළිගාවට යවනු ලබයි. අවුරුද්දට පෙර මේවා ඒ ඒ දේවාලවලට සහ විහාරස්‌ථානවලට බෙදාහරිනු ලබයි. බෙහෙත් ගෙහි මුහන්දිරම්ට මෙන්ම රජවාසල දෛවඥයාටද අවුරුදු මංගල්‍යය වෙනුවෙන් කාරණා කීපයක්‌ සඳහාම නැකැත් සෑදීමේ කාර්ය භාරය පැවරී ඇත. අලුත් අවුරුද්ද ලබන මොහොත ලිපි ගිනිමොලවන වේලාව ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම, ස්‌නානය, රටේ රජුන් මහජනයා හමුවෙන වේලාව ආදී නැකැත් සාදා මහජනයාට දැනුවත් කිරීමේ කටයුතු දෛවඥයාට පැවරී ඇත. දෛවඥයාගේ නැකැත් වේලාවන්වලට අනුව අවුරුදු සංක්‍රාන්තිය ලැබීමට විනාඩි කීපයකට පෙර රජතුමා සිංහාසනයට සැපත්වෙති. සංක්‍රාන්ති වේලාව රට වැසියාට සංනිවේදනයක්‌ මගින් දැනුම් දෙනු ලැබේ. මහනුවර සමයේ මාළිගාවේ පවත්වන ලද කාලතුවක්‌කු වෙඩි හඬින් අවුරුද්ද උදාවූ බව දැනුවත් කොට තිබේ. ආහාර අනුභවය වෙනුවෙන් රජතුමා සඳහා පිළියෙල කරන භෝජනය, දිව්‍ය භෝජනය නමින් හඳුන්වනු ලැබේ. එය කිරිබතකින් හා විශේෂ කෑම වර්ග කීපයකින් සමන්විතය. රජතුමා මෙයින් ස්‌වල්පයක්‌ අනුභව කොට ඇමැතිවරුන්ට දිසාපතිවරුන්ට, සියතින්ම සංග්‍රහා කරති. ගනුදෙනු කරන වේලාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු හාල්, පොල්, හකුරු ආදී ද්‍රව්‍යය රාජ ගබඩාවට යවති. එසේ යවන සෑම නිලධාරියකුටම ඒ වෙනුවෙන් රාජ ප්‍රසාද හිමිවේ. රජුන් බැහැදකින වේලාවේ ඒ සඳහා අවසර ඇත්තේ ප්‍රධාන නිලයන් උසුලන අයට පමණි. සිංහාසනාරූඪව සිටින රජතුමාට තෙවරක්‌ දණින් වැටී නමස්‌කාර කළ යුතුය. රජතුමාද මේ අයට පඬුරුවලින් සංග්‍රහ කරති.

    මේ අලුත් අවුරුදු සංක්‍රාන්තිය නිසාම බක්‌ මාසය උත්සව පැවැත්වෙන මාසයක්‌ ලෙස සලකණු ලැබේ. වැඩිහිටියෝ ළමා ලපටි සියල්ලෝම කෙළි සෙල්ලම්වල නිරත වෙමින් සතුට භුක්‌ති විඳිති. හෙළයේ පැවැති ක්‍රීඩාවලට දීර්ඝ ඉතිහාසයක්‌ ඇති බව පෙනෙන්නට තිබේ. ක්‍රිස්‌තුවර්ෂයට පෙර 4 වැනි සියවසේ පණ්‌ඩුකාභය රජ සමයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා අපේ පුරාණ කෙලිසෙල්ලම් ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවට ඉතිහාසයෙන් තහවුරුවේ. මේවා අතර පංච කෙලිය, බුහු කෙලිය, පන්දු කෙලිය, ලී කෙළිය, නෙරෙංචි කෙලිය, ඔළිඳ කෙලිය, පොල් කෙලිය, අං ඇදීම, මීගොන් පොර, මුව නැටිල්ල, රෑනදෙලේ දෙල් කැඩිල්ල, කාවය්යන් සෙල්ලම, උඩැක්‌කි සෙල්ලම, දිය කෙලිය, තට්‌ටුපැනීම, ගුඩුගැසීම, මේවර සෙල්ලම, පොරපොල් ගැසීම, අං ඇදීම වැනි ක්‍රීඩා ජනප්‍රිය වී තිබේ.

    කුරක්‌කන් කපා අහවරවූ විට ඉපනැල්ලට ගිනි තබා තල ඉසිනු ලැබේ. මේ තල වැපිරීම සිදුවන්නේ අවුරුදුවලට පෙර බක්‌ මහේ වැසි බලාපොරොත්තුවෙනි. වෙසක්‌ පෝයට තල මල් පූජාව අනිවාර්යය පෝය දින පාන්දර කිරිහැර පූජාවට අනතුරුව දහවල් දානය සඳහා ව්‍යංජන 7 - 32 වශයෙන් සකසා තලමල් පූජාවද අනිවාර්ය කෙරේ. මෙයට අමතරව නෙළුම් මානෙල්, බක්‌මී ආදී මල් වර්ගද පූජාව සඳහා සූදානම් කරනු ලැබේ. තල අස්‌වැන්න විකුණා වට වන්දනාවේ යැමටද ගොවියා ප්‍රියතාවයක්‌ දක්‌වයි. මෙය සිදුවන්නේ පොසොන් සමය උදාවත් සමගය. මිහිඳුමහරහතන් වහන්සේගේ ආගමනය සිහිගැන්වීමක්‌ හැටියට පොසොන් පෝය බෞද්ධයාට වටින්නේය. ආගමික හා ජාතික උත්සව අතර ඉතාමත් වටිනා උත්සවයක්‌ ලෙස සලකන්නේ දළදා පූජාවය.

    මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් රජුගේ කාලයේ (ක්‍රි.ව. 371) ලංකාවට වැඩම කරවන ලද දන්ත ධාතුන් වහන්සේ අගනාම පූජනීය වස්‌තුවකි. ජයසිරිමහා බෝධීන් වහන්සේට මෙන්ම දන්ත ධාතුන් වහන්සේටද රජවරු ගෞරව උපහාර දැක්‌වූහ. දළදාව අයත් වූවෝ රටේ රජකමටද සුදුස්‌සෝ වෙති. දළදාව වැඩවෙසෙන මේ භූමිය පුණ්‍ය භූමියකි. සමහර රජවරුන්ට මාඝාත නීතිය පවා පැනවීමට සිදුවූයේ මේ පූජනීය වස්‌තුව මෙරට වැඩසිටින බැවිනි. මුල්ම අවධියේ අභයගිරියේ විශේෂ මණ්‌ඩපයක්‌ සාදා තැන්පත් කළ දළදා වහන්සේ දැක්‌ම හා වාර්ෂික පූජාව පැවැත්වීම ආරම්භ විය. පාහියන්ගේ සහ හියුංසාංගේ වාර්තාවලට අනුව මේ දළදා පූජාව රාජ්‍ය උත්සවයක්‌ සේ උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත. දළදාව මහත් ගෞරවයෙන් එළියට වැඩමවා ඇතුන් පිට හිඳුවා වීථි සංචාරය කර ඇත. මේ දළදා උළෙල මහනුවර පෙරහැරත් සමග ගෞරවණීය තත්ත්වයට පත්වී තිබේ. දළදා පූජාවෙන් නිසි කලට වැසි ලැබෙන බවද බෞද්ධයෝ විශ්වාස කරති.

    වප් මගුලෙන් ආරම්භ වෙන මේ රාජ්‍ය මංගල්‍යය අවසන් වන්නේ දළදා පෙරහැරෙනි. රජ ධාර්මිකවූ කල හොඳින් වැසි ඵල ලැබේ. භවභෝග සම්පත් වැඩිවේ. රටේ සශ්‍රීකත්වය මනින්නේ කෘෂිකර්මාන්තයෙනි. පාලකයා වැව් තටාක ඉදිකොට කෙත්වතු අස්‌සද්දවා රටවැසියා දිරිමත් කරති.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    04 Apr 2016 07:03 PM
    Posted By hasithad on 04 Apr 2016 08:26 AM
    සමහර වචන වැඩ නෑ මල්ලි.මොකද අවුල ?????????????????????????????
    නැවත පෝස්ට් කළා. දැන් බලන්න හසිතයියේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Apr 2016 09:47 PM
    වැදගත් ලිපියක්.. බොහොමත්ම ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Apr 2016 08:35 AM
    ගොඩක් ස්තූතියි මදුරංග මල්ලි.දැන් නම් හරියට හරි.වැදගත් ලිපියක්.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Apr 2016 05:07 PM
    හොද කරුණු කාරණා ටික ..ස්තුති මදුරංග
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Apr 2016 06:09 PM
    දැන් ඉන්න කොල්ලන්ට ගුඩු ගැසිම කියලා කිව්වම උන් හිතන්නෙ ඒක කුනුහරපයක් කියලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    05 Apr 2016 07:43 PM
    Posted By Ind007ka on 05 Apr 2016 06:09 PM
    දැන් ඉන්න කොල්ලන්ට ගුඩු ගැසිම කියලා කිව්වම උන් හිතන්නෙ ඒක කුනුහරපයක් කියලා
    උන්ට ගුඩු ගහන්නත් කුඩු ඕන ඇති. 
    දැන් ඉන්න එවුන් කොහෙද ඔය සෙල්ලම් දන්නෙ. ඒවා තියෙන්නෙ අවුරුද්දට ටීවී එකේ විතරයි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Apr 2016 07:45 AM
    රටේ තියෙන හැම සෙල්ලමකටම මොකක් හරි එකක් පටලවල තියෙන්නේ
    හැබැයි කට ගහගෙන ගියාට ඔය ටීවි එකේ දාන සමහර සෙල්ලම් මම දන්නෙත් නැහැ
    0
    You are not authorized to post a reply.