Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 09:56 PM by maduranga001 මුද්දර විනෝදාංශය 216 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 11 << < 12345 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 03 Sep 2016 03:06 AM මට මතකයි මට නවසීලන්තෙ මුද්දරයක් ගන්න මම මුද්දර 25 ක් දුන්නා යාලුවෙකුට එපාම වෙච්ච තැන මුද්දර ගල් ටික් කරපු අවස්ථාත් නැතුවාම නෙවෙයි මොකද මුද්දර පිස්සුව ආවම හැම කෙනාලගම මුද්දර තියෙනවනේ 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 06:06 AM ඒ කියන්නේ ෂා මල්ලිත් මුද්දර එකතුකිරීම කරල තියෙනවා.. 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 06:14 AM ශ්‍රී ලංකාවේ මුද්දර පරිච්ඡේද 1 පරිච්ඡේදය -Queen Victoria (1857 - 1900) 1857 අප්‍රේල් 1 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් විය. එහි වටිනාකම පැන්ස 6 ක් විය. (ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට ලිපියක් තැපැල් කිරීමේ එවකට ගාස්තුව වූයේ පැන්ස 6 කි) මෙතැන් සිට වසර 1900 දක්වා ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ලද සෑම මුද්දරයකම බ්‍රිතාන්‍ය මහරැජිණගේ (වික්ටෝරියා රැජිණ) රුව සිතුවම් විය. 1872 වර්ෂයේ සිට පැන්ස සහ සිලිං වෙනුවට රුපියල් ශත භාවිතා විය. 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 06:27 AM 2 පරිච්ඡේදය - King Edward VII (1903 - 1910) වික්ටෝරියා රැජිණගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුල 1901 සිට 7 වන එඩ්වඩ් රජුට හිමිවිය. එතුමන්ගේ රුව සහිත මුද්දර නිකුත් වීම ඇරඹුනේ වසර 1903 සිටය. වසර 1910 තෙක් එතුමන්ගේ රුව සිතුවම්වූ මුද්දර 36 ක් එළිදැක්විණ. 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 06:32 AM 3 පරිච්ඡේදය -King George V (1912-1935) 7 වන එඩ්වඩ් රජුගෙන් පසු කිරුළ හිමිවූයේ 5 වන ජෝජ් රජුටය. ඒ 1910 වර්ෂයේදීය. එතුමන්ගේ ශීර්ෂය සිතුවම් පළමු මුද්දර නිකුතුව සිදුවූයේ 1912 දීය. එතුමන්ගේ ශීර්ෂය සහිත මුද්දර 1935 වර්ෂය දක්වා නිකුත් විය. වැඩිම වටිනාකම් සහිත මුද්දර 4 වර්තාවනුයේ එතුමාගේ කාලයේදීය. තරමක් විශාලත්වයෙන් සකස් කරන ලද මෙම මුද්දර වල වටිනාකම වූයේ රු. 50, රු. 100, රු. 500 හා රු 1000 වශයෙනි. 1 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 06:41 AM ලාංකීය සෞන්දර්ය මුද්දර මත සිතුවම්වීම මුද්දර ඉතිහාසයේ මෙතෙක් සාම්ප්‍රදායික මගක් ඔස්සේ වසර 78 ක් පැමිණි ගමන් මගේ පරිවර්තනික වෙනසක් සනිටුහන් වනුයේ 1935 දීය. බ්‍රිතාන්‍ය රාජකීයනට පමණක් සීමාවී තිබූ මුද්දරය සැරසීමට ලංකීය අභිමානය මුසුවූයේ එම වසරේ මැයි 1 දින සිටිය. ශ්‍රී ලංකාවේ දර්ශන සහිත මුද්දර නිකුත් කිරීම ආරම්භ විය. රබර් කිරි කපන්නියකගේ රුව, ගංගාවක දර්ශනයක්, දළදා මාලිඝාව යන මුද්දර එදින නිකුත් විය. පසුව කුඹුරු යායක්, ත්‍රිකුණාමල වරාය, පුරාණ වැවක්, කොළඹ වරාය, ශ්‍රීපාද කන්ද, තේ දළු නෙලන්නිය, පොල්ගස්, ශ්‍රී ලංකාවේ අලි ඇතුලත් මුද්දර නිකුත් විය. මේ සෑම මුද්දරයකම කුඩාවට 5 වන ජෝර්ජ් රජුගේ රුවද සිතුවම් වී තිබුණි. 0 sha733Super Senior MemberPosts:7332 03 Sep 2016 06:49 AM Posted By indika76 on 03 Sep 2016 06:06 AM ඒ කියන්නේ ෂා මල්ලිත් මුද්දර එකතුකිරීම කරල තියෙනවා.. ඔව් අයියෙ දැනටත් ඒව තියෙනවා 0 hasithadSuper Senior MemberPosts:5795 03 Sep 2016 09:59 AM ඉන්දික අයියා ලස්සනට වැඩේ කරනවා. 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 08:57 PM Queen Victoria (1857 - 1900) යුගයේ නිකුත් වූ මුද්දර 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 09:02 PM King Edward VII (1903 - 1910) යුගයේ නිකුත්වූ මුද්දර 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 09:10 PM King George V (1912-1935) යුගයේ නිකුත්වූ මුද්දර 0 indika76Most Senior MemberPosts:10449 03 Sep 2016 09:21 PM 5 වන ජෝර්ජ් රජුගේ සමයේ නිකුත් වූ ශ්‍රීපාදය, ගංගාව හා දළදා මාලිගාව සිතුවම් වූ මුද්දර .. 0 maduranga001Most Senior MemberPosts:14118 05 Sep 2016 01:31 AM ඔය වගේ මුද්දර කිහිපයක් මගේ ළඟත් තිබුණ. මේ ත්‍රෙඩ් එකෙන් විශාල දැනුමක් වගේම අපේ මුද්දර අතීතෙට ආයෙත් ගෙනියනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DushanVeteran MemberPosts:2536 05 Sep 2016 05:15 AM මගේ ලගත් පැරණි මුද්දර ටිකක් තිබුනා නිවාඩු වෙලාවක හොයල බලන්න ඕනේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 05 Sep 2016 06:21 AM ඉන්දික අයියා කොල්ලගේ මුද්දර ටික අරන් මෙකට දානවා නේද. කොහොම උනත් හැමොටම බලන්න බෙදා ගන්නවට ගොඩාක් ස්තුති. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 05 Sep 2016 10:20 AM ගොඩක් අගය කලයුතු වැඩක් අයියගේ. 0 samanthaMost Senior MemberPosts:13190 05 Sep 2016 11:29 PM මේවා දකිද්දී මට හරි කණගාටුවක් ඇතිවෙනවා. මේ මුද්දර සියල්ලම මගේ නැතිවුණ මුද්දර ඇල්බමයේ තිබුණා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Sep 2016 01:16 AM අය්යො අපරාදෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 06 Sep 2016 04:02 AM Posted By samantha on 05 Sep 2016 11:29 PM මේවා දකිද්දී මට හරි කණගාටුවක් ඇතිවෙනවා. මේ මුද්දර සියල්ලම මගේ නැතිවුණ මුද්දර ඇල්බමයේ තිබුණා.. නැති උනා කියන්නෙ මොකද අයියේ උනේ කවුරැ හරි ගත්තද කොහේ හරි දාලද මොනව නමුත් අපරාදේ තමා මොකද දැන්තාලේ මුද්දර ආසාවෙන් එකතු කලත් ඒ වගේ පරණ මුද්දර හොයාගන්න නැහැ 0 hasithadSuper Senior MemberPosts:5795 06 Sep 2016 09:46 AM අවුලක් නෑ සමන්ත අයියේ, ආයේ ඔන්න ඉන්දික මහතාගෙන් බලා ගන්න පුලුවන්. 0 You are not authorized to post a reply. Page 3 of 11 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies