You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 15 of 16 << < 1213141516 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 05:38 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 07 Oct 2016 03:58 AM
සේනයා කොටියා


කොටියා නෙමේ ත්‍රස්තවාදියා.....
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 05:47 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Oct 2016 05:36 AM

ඔව් ශදී පව් නේද ශා අයියා.

 සේනයා ඉස්සරහට ඒයි පොඩ්ඩක් ඉවසන්න දුෂාන් අයියා.


සේනය මැදට පනිනවානං ඉස්සරහට කථාව හිතා ගන්න පුලුවන්

ශාදි යනව අම්ම ලගට

සේන ආයෙත් කරදර කරනවා

ශානුගේ ඔලුවට ආයෙත් විෂ පොවනවා.

ශානු ශාදි ගැන සැක කරනවා

ආයෙ ඔප්පු කරන්න විදියකුත් නැහැ

ශානු වෙනස් වෙනවා

ශාදි වෙන කෙනෙක්ව බදිනවා

එහෙම නේද

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 07:11 AM
  •  Quote
  •  Reply

හී

අනේ ඒක වචනයට ඔය තරම් දුර හිතන්න ඒපා.

ශානුට ශදීගෙන් තොර ලොකයක් නෑ.

ශදී මරිලා ගියත් සේන ඉන්න තැනකට නම් යන්නේ නෑ.

තව කොටස් 5නේ කතාව ඉවර වෙන්න. 

ශදීගේ ජීවිතේ වෙස් වෙයි හුගක්.

බලමුකෝ.........

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Oct 2016 12:47 PM
  •  Quote
  •  Reply
mama nam kathawe idiriya dannawa ithin
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 01:50 PM
  •  Quote
  •  Reply

අනා වැකි කියන්න දන්නවද?

පේන බලන්න දන්නවද?

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 02:09 PM
  •  Quote
  •  Reply
….කදුලත් සැනසුමක්…..

46. වන කොටස

අනේ ඇයි අඩන්නේ මගේ රත්තරනේ..

අනේ.. මාව…… එක්කන් ….යන්න ……මගෙ ශානූ ..අයියේ.

හරි රත්තරනේ එක්ක යන්නම්. අම්මාගෙන් ඇහුවද?

ඇහුවා . එයා ….කැමති නෑ…. ශානූ අයියේ…


      මම කෑගසමින් ඇඩුවා. මට ඒ ගෙදර ඉදීම එපාම වෙලා තිබුනේ. ආච්චි අම්මා දොස් කිව්වත් මං ඇඩීම නැවැත්තුවේ නෑ. මගෙ හිත කරන්න ඉල්ලන්නෙ වැරදී වැඩක් කියලා මම දන්නවා. ඒත් මට තවත් දුක් ඉවසන්න බෑ. ඉස්සරහට මොනවා වුනත් කමක් නෑ කියලයි හිත කියන්නෙ. කොහොම හරි මගෙ කකුල හොද කර ගන්න ඕනේ.. අම්මට කීප සැරයක්ම කෝල් කරලා , යන්න ඇහුවා එයා කැමති නෑ.එයා තීරනය වෙනස් කරන්නෙම නැහැ. මාත් තීරනය වෙනස් කරන්නෙම නෑ , කෑගහලා ඇඩුවා .


      වස් වෙද්දි ශානු අයියා බලෙන්ම වගේ මාව අරන් ගියා. මේ දවස් වල වියදම් වල හැටියට ත්‍රීවීල් වල යන්න සල්ලි නෑ ,බයික් එකේ කොහොම හරි යමුද ඇහුවා. මාත් හා කිව්වා. අනිත් කකුලට බර දිලා මම බයික් එකට නැග්ගා. කොහොමත් මට දැන් ඒ කකුල ඕනේ දේකට හුරුයී.අන්තිමේදී මං ශානූ අයියලාගෙ ගෙදර ගියා. ආච්චි අම්මා, අම්මට කියලා නෑ හවස මාව ශානූ අයියා එක්කන් ගිය බව. පහුවදා උදේ දැනගෙන අම්මා මට කතා කරලා හොදටම දොස් කිව්වා. 


      ශානූ අයියා පාන්දරින්ම මාමලාගේ ගෙදර ගියා. මම ශානූ අයියගෙ අම්මත් එක්ක එකතු වෙලා බේත් කෙටුවා. පස්සේ ශානූ අයියලාගෙ අම්මා බේත් බැන්දා.ශානූ අයියා දොළහා වෙද්දි එනවා. මගෙ අනිත් වැඩ සේරම වුනේ ශානූ අයියගෙ අතින්. කැව්වේ, පෙව්වේ, නෑව්වේ, රෙදි හේදුවේ මේ හැමදේම කලේ ශානූ අයියා. තව බේත් හෙව්වෙ බේත් කෙටුවෙ, බේත් බැන්දේ පුලුවන් හැම වෙලාවකම ශානූ අයියා.

 
      මාස තුනක්ම ගෙවිලා ගියා පාසල් නොයා. මට දැන් මගෙ ඉස්කෝල ගමනත් හිතින් අත්අරින්න වෙනවා. මාස තුනක් ගෙවිලත් කකුල තවම බිම තියන්න වත් බෑ. හය වෙනි වතාවටත් බෙහෙත් අහන්න වෙදගෙදර ගියා. එහෙන් කිව්වෙ කරන්න පුලුඑවන් හැමදේම කලා, තවත් මේ කකුලට දෙන්න බෙහෙත් නැහැ, තේරෙන්නෙ නෑ මේ බේත් වලට ඇයි හොද නොවුනේ “ කියලා.


     ඒ කියන්නෙ මට ආයී කවදාවත් මේ කකුල බිම තියලා ඇවිදින්න වෙන්නෙ නැහැ. වෙදගෙදරින් ශානූ අයියලාගෙර් ගෙදර ආපූ වෙලාවෙ ඉදන් මම ඇඩුවා.

අනේ… ශානූ.. අයියේ… මට ඇවිදින්න බැරී වෙයි නේද කවදාවත්ම.


පිස්සු කියන්නෙ නැතුව ඉන්න සුදු මැනික. 

වෙන බෙහෙත් නෑ කිව්වනෙ.

වෙන තැනකින් ගමූ. 

ඒත් මේ වෙදගෙදර මේ පැත්තට තියෙන හොදම තැනනේ ශානූ අයියේ. 

උයිට වඩා හොද තැන් තියේ . ලොකේ කොහෙ හරි ගිනිහින් මං ඔයාව හොද කරනවා රත්තරං. ඔයා බය වෙන්න එපා.


     මම එහෙන්මම ශානූ අයියගෙ උරහිසට ඔලුව තියාගෙන ඉකි බින්දා. ශානූ අයියා ටිකකින් ගෙදරින් පිට වෙලා ගියේ, හොද වෙද ගෙදරක් ගැන තොරතුරක් හොයා ගන්න. හවස හය පහු වුනත් ශානූ අයියා ගෙදර ආවේ නැහැ. මට බයකුත් හිතුනා, පරක්කු වෙනකොට, ශානූ අයියලාගෙ අම්ම කිව්වෙ වෙනදටත් යාලුවෝ හම්බෙන්න ගියාම රෑ වෙනවා කියලා. යන්තම් රැ අට පහු වීගෙන එද්දි ශානූ අයියා ගෙදර ආවා. මම හිටියේ සාලයේ ශානූ අයියගෙ තාත්තාගේ ඇදේ වාඩී ගෙන ටීවී බලමින්. ශානූ අයියා හිනා මුසු මුහුනින් ඇවිත් මගෙ ලගින් ඉද ගත්තා. 

සුදු මැනික බෙහෙත් කරන්න තැනක් හම්බුනා. 

අනේ කොහොද ශානූ අයියේ. හොදයිලුද එතන.


       මම ඇහුවේ හරිම හදිස්සියෙන්.

හොදයී කියන්නෙ හොදම හොදයී. අහලා තියෙද. “මරදංකඩවල යකඩයා” . අන්න ඒ වෙදමහත්තයාගෙන්.

මං අහලා තියේ අයියේ. හුගක් රිදෙනවලුනේ. එයා ඇට උනූ වෙලා හයි වෙන්න තෙලක් බදිනවලූ නේද?

ඔව් රිදෙනවා නම් තමා රත්තරං .ඒත් මගෙ යාලුවෙක් එහෙ ගිහින් එක දවසින් හොද වෙලා. 

රිදුනට කමක් නැ අයියේ හොද වෙනවා නම්.

ත්‍රීවීල් එකක් කතා කරං යමූ, සල්ලි ටිකක් හොයාන. මගෙ අතේ සල්ලි නෑ සුදු මැනික මේ ටිකේ.


බයික් එකේ යමූ අයියේ.

පැය හත අටක ගමනක්, කකුලත් බැරුව ඉදන් ඒ තරම් දුර බයික් එකේ යන්න පුලුවන්ද?.

කොහොම හරී යමූ ශානූ අයියේ. බොරුවට වියදම් කරන්න ඕනී නෑ.


       ශානු අයියා බයික් එකේ එක්ක යන්න නම් කොහොම වත් කැමති වුනේ නෑ. දවස් කීපයක්ම ගෙවිලා ගියත් සල්ලි හොයා ගන්න බැරි වුනා.අන්තිමේදී බයික් එකේ මරදංකඩවල යන්න ශානූ අයියා කැමති වුනා.


     අම්මටත් විස්තරෙ කිව්වා. එයා කිව්වෙ පුලුවන් විදිහක් කරන්න කියලා. චූටී මාමා නම් මං ගැන හොයන එක නවත්තලම දාලා තිබුනා. ආච්චි අම්මා චූටී මාමාට කියලා තිබුනේ මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නෙ කියලා. ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් තිබුනා, ලොකු අම්මත් පුතාගෙ ගෙදරට ගිහින් තිබුනා .


     අපි අටට විතර රෑ කෑමත් කාලා.මරදංකඩාවල යන්න පිටත් වුනා. මම තව නොන්ඩියෙන් පැන පැන යන්නෙ. ඒත් අනිත් කකුලේ වාරුවෙන් මම බයික් එකට නැග්ගා. වැඩි දුරක් යන්න කලින්ම. දනිස්ස නමාගෙනම ඉදලා, ඇදුම් කන්න පටන් ගත්තා.‍රෑ සීතලත් , නිදි මතත්, වේදනාවත් මැදින් අපි නිහඩව ගමන් කලා. පැය තුනක් ගත වෙත්ම මට වේදනාව තවත් ඉවසන්න බැරි වුනා.

ශානූ අයියේ. ටිකක් ඉදලා යමුද?

ඇයී.

දනිස්ස රිදෙනවා අයියේ නමන් ඉදලම. පස්සත් පිච්චෙනවා වගේ. 

ඒකනී ළමයො මං කිව්වෙ, බයික් එකේ යන්න බෑ කියලා.

යන්න බෑ කිව්වෙ නෑනේ .පොඩ්ඩක් ඉදලා යමුනේ කිව්වෙ.

තව පැය තුනයී ආවේ, තව පැය පහක විතර දුරක් යන්න තියේ.

අනේ ඉතිං.

හරි ස්ටෑන්ඩ් එකක නවත්තන්නම්. මේ පාලූ හරියේ නවත්වන්න බෑ .


      අපි තැනින් තැන නතර වෙමින්, විඩා නිවමින් දිගටම ගියා.

මම පාර හරියට දන්නෙ නෑ සුදු මැනික පාර වැරදිලා වගේ කාගෙන් හරී අහමුද?

කවුරුත්ම පාරේ නෑ නේ ශානූ අයියේ. 


     රෑ දොලහත් පහු වෙලා තිබුන නිසා පාරේ කවුරුත්ම හිටියේ නැහැ. ටික දුරක් යද්දි පොඩි රෑ කඩයක් හම්බුනා. අපි ඒකෙන් පාර ඇහුවා. 

අයියෝ පුතේ ඔයාලා පාර වරද්දගෙනනේ. මේ පාරෙනුත් ගියහැකී ඒත් දුරයි. දැං ඉතිං අහපහු ගියොත් ඊටත් වඩා දුරයී මේ පාරෙම යන්න හැබැයි එළිය වැටෙයී එහෙට යද්දී.

ගොඩක් ස්තූතියී මාමේ. පාර හරියට නොදැන ආවේ. 


     තවත් මොහොතක් කතා කරමින් සිටි අපි නැවතත් ගමන ආරම්භ කලා. පාන්දර පහ කිට්ටු වන විට අපි වෙද ගෙදරට ළගා වුනා. ඒ වෙනකොටත් වෙදගෙදර සෙනග පිරිලා. ඒ තරම් පාන්දර ගියත් අපිට ලැබුන අංකය පනස් දෙක. එතරම් ප්‍රසිද්ධ නොවන බව බැලු බැල්මට පෙනුනත්, රෝගීන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ. නාම පුවරුවක් වත් ගසා නොතිබුන වෙදගෙදර කුඩා නිවසක පැවැත්තුනා.


    හිත හයිය කරන් හිටියත් රෝගීන් එක්කෙනා දෙන්නට ප්‍රතිකාර කරද්දී මගෙ හිත් බයෙන් හිරි වැටුනා. බෙහෙත් බදින ස්ථානයෙන් ඇහුනේ විශාල අදෝනාවල්, හැඩුම්, කැගැසුම්. ප්‍රතිකාර නොගත් රෝගීන්ට ඒ පැත්තට යාම තහනම් වුනේ තද බදය වැඩු වන නිසා. ඒ තරමටම කුඩා නිවසකයී වෙදගෙදර පවත්වාගෙන ගියේ. වරකට රෝගීන් දහයක් පමන ඇතුලට ගෙන ප්‍රතිකාර අවසන් වූ විට තවත් දහ දෙනෙකු පමන ප්‍රතිකාර සදහා ගනු ලැබුවා. 


   කෙතරම් වේදනාවෙන් කෑ ගැසුවත් කිහිලිකරුවෙන් ඇතුලට ගිය රෝගියෙක් නම් පය බුරුලින් හෝ තබා ඇවිදීමට හැකියාව ලබා තිබුනා. කෙමෙන් මගේ වාරය ආසන්න වුනා.

ශානූ අයියේ මට බයයී. 

මටත් බයයී සුදු මැනික. කට්ටිය කැ ගහන තාලෙට. 

මටත් රිදෙයි නේද.

මෙච්චර දුරක් ආපු එකේ ඉවසමු.


     මගේ වාරය එළඹුනා. මගේ දනහිස පරික්ෂා කර බැලූ වෙදමහතා, පැය එක හමාරක් තෙල් පත්තුව බැද ගන්න.කියලා, පත්තුව බදින ස්ථානයට පිටත් කලා. එම ස්තානයේ රෝගීන් බිම පෙරලෙමින් කෑ මොර දෙනවා. කොන්දෙ ,උකුලේ කැඩුම් බිදුම් රෝගීන් කුඩා බංකු වලට තබා ගැට ගසලා. මගෙ ගත අප්‍රාණික වෙමින් තිබුනා. ශානූ අයියගේ වාරුවෙන් ඇවිද්ද නිසා, ශානූ අයියා මාව අල්ලගෙන හිටියේ.

ඔය අලුත් ළමයව පැදුලක් එළලා නිදි කරන්න.


     බෙහෙත් බදින පුද්ගලයා ශානූ අයියට කියා සිටියා. ශානූ අයියා පැදුරක් ගෙනත් එළලා මට ඇලවෙන්න කිව්වා. සුලු මොහොතකින් තෙල් පෙගවූ රෙදි කැබැල්ලක් දීසියකට දමාගෙන විත් දන හිසේ ආලේප කරනූ ලැබුවා. ඊට උඩින් පොලිතීන් කොලයකින් ආවරනය කර පොල් පිති පතුරු හා කැට වේදනා ඇති තැන් වලට තබා හැකි තාක් තද කර ගැට ගැසුවා.

පැය භාගයක් යද්දි ලොකු කැක්කුමක් ආවේ නැත්තම් කියන්න ,ආයෙත් තද කරන්න.


      එහෙම කියලා, පත්තු බදින පුද්ගලයා වෙනත් රෝගියෙකු වෙල ගියා. මගෙ වටේටම ඉන්න රෝගීන් කෑ ගහනවා.මම බිත්තියට හේත්තු වෙලා ඉද ගෙන අනිත් අය දිහා බැලුවා.තව ටිකකින් මාත් මේ වගෙ කෑ ගහයි. තවත් හිර කරන්න කතා කරනවා. කැටයි පතුරුයි තද වෙලා රිදිම් දෙනවා. මොන තරම් තදට ගැස ගද කිව්වොත් කකුල නෑ වගේ හිරි විටිලා තිබුනා. වේදනාව ආවත් මම කෑ ගහන්නෙ නැතුව ඉවසගෙන හිටියා.

ඔය.. ළමයා ඔහොම ඉන්නකෝ. තව ටිකකින් අපි වගේ කෑ මොන දෙයි.


    වේදනාවෙන් කෑ ගසමින් සිටි නැන්දා කෙනෙක් මා දෙස බලා කිව්වා. 

ඔය ළමය රිදෙන්නෙ නැද්ද ඉන්න තව හිර කරන්න.


     පත්‍තු බදින පුද්ගලයා තවත් පත්තුව හිර කලා. පොල් පිති කැට ඇතුලටම ගිලා බැහලා. තවත් නම් ඉවසන්න බෑ. ශානූ අයියා මගෙ ළගින් ඉදගෙන මං දිහා බලාගෙන ඉන්නවා. අවසන් පැය භාගය එළබුනා.

අනේ ශානූ… අයියේ… තවත්… ඉවසන්න බෑ… 

තව පැය භාගයනේ ඉමූ.

අනේ …අර මාමාට… එන්න කියන්න..

තව පොඩ්ඩක් ඉවසමු.

තව …ඉවසන්න … බෑ… මගෙ… ශානූ .. අයියේ.. ලිහන්න කියන්නකෝ..



ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 03:19 PM
  •  Quote
  •  Reply
….. කදුලත් සැනසුමක්…..

47. වන කොටස.


       මම ශානූ අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා. මට හොදටම දාඩිය දාලා. මට කොහොමවත් තව ඉන්න බෑ. ශානූ අයියා මට බෝඩ් එකකින් පවන් ගැහුවා. ඒත් මගෙ දාඩියත්, වේදනාවත් එන්න එන්නම වැඩි වුනා. කාලය ඉවර වුනාම පත්තුව ලිහා දැමුවා. මුලු කකුලම හිරි වැටිලා කැට , පතුරු වල අහු වුන තැන් ඇතුලට එබිලා රතුවෙලා, තිබුනා .

දැන් වෙදමහත්තයා ළගට යන්න.


       එහෙම කියපූ පත්තූ බදින පුද්ගලයා එතනින් නික්මිලා ගියා. හිරිය අඩුවෙන තුරු හිටියත්, අඩු නොවුන නිසා ශානූ අයියගෙ වාරුවෙන් වෙදමහත්තයා ළගට ගියා.

දැං කොහොමද ඔය ළමයට. බලන්න කකුල බිම තියලා ඇවිදින්න.

ඇවිදින්න.


මම පුදුමයෙන් වෙදමහතා දෙස බලමින් කිව්වා.

ඔව් බය නැතුව කකුල බිම තියන්න තියලා ඇවිදින්න.


        මම කකුල බිමින් තියලා බර දුන්නා. කලින් තරම් වේදනා නැහැ. මම පියවර කිහිපයක් තෑබුවා. එක පාරටම වේදනාවක් ආ නිසා මම වෙදමහතාට ඒ බව කිව්වා. 

හොදයී තව එක පාරක් එන්න වේවී. දනිස්සෙ ඇටේ සැරින් සැරේ පනින්න පුලුවන් ආයිත් එක පාරක් එන්න.

හොදයී වෙද මහත්තයෝ.

දැන් ඔය ළමයට ආවාට වඩා හොදයිනේ නේද. ඇවිදින්නවත් බැරුවනේ ආවේ.

එහෙමයී වෙදමහත්තයෝ. 


      ගෙදරදී සති තුනක් බැදීමට බෙහෙත් වට්ටෝරූ සමග තෙල් බෝතලයක් ලබා දුන්නා.


හොදයී එහෙනම් , ඔය බෙහෙත් ඉවර වුනාම හොද නොවුනොත් එන්න.


       ඒ බෙහෙත් වලින් මට ඇවිදීමට හැකියාව ලැබුනත් සැරින් සැරේ වේදනා ඇති වුනා. ඒක නිසා සති තුනකින් නැවතත්. මරදංකඩවල වෙදගෙදරට යන්න තීරනය කලා. 
ඒ වතාවේදීත් පැයක තෙල් පත්තුවක් නියම වුනා. පෙර මෙන්ම නිවෙසේදී බැදීමට බහෙත් වට්ටෝරු ලබා දුන්නා. දිගින් දිගටම ප්‍රතිකාර කරගෙන ගියා. අවසානයේ මාස හතර හමාරක් අවසානයේ දෙපයින් ඇවිදීමේ හැකියාව ලැබුවා. 


      මාස පහකට කිට්ටු කාලයක් මම ඉස්කෝලේ ගිහින් නැති නිසා, පාසල් යාම අතහරින්නට පවා සිත් වුනා. එත් කොහොම හරී උසස් පෙල විභාගයට පෙනීසිටීමට මට ඕනී වුනා.

     මාස ගනනාවකට පසූ මම පංති යාමට සූදානම් වුනා. ශානූ අයියා මාව පංතියට ඇලලා ආවා. මගෙ යාලුවෝ හුගක් සතුටු වුනා මම නැවත පංතී එන්න පටන් ගත්තට. හුග කාලෙකට පස්සෙ මගෙ යහලුවන් එක්ක පැය පහක් පමන ගත කලා. පංති අවසානයේ මට ගෙදර එන්නට සිදු වුනේ පාරේ බස් එකේ. මම බස් එකට නැගීමට යනවිට දනහිසේ වේදනාව නැවත ඇති වුනා. තවමත් කකුල නිට්ටාවටම සුව වී නැත් බව තේරුනා. මම නිවසට පැමිනී වහාම ශානූ අයියා සමග විස්තරය කිව්වා. 

මොකද දැන් කරන්නෙ. මට එන්නත් බෑ ඔයාව හැමදාම ඇරලන්න.

ඒකනේ. බස් එකේ යන්න බයයී ශානූ අයියේ. පඩිපෙල් නගිද්දී ඒ කකුලට බර වැටෙනවා වැඩීනේ. 

හ්ම්ම් තව බෙහෙත් ඉතුරු තියෙයී නේද.


         මට බෙහෙත් කියන කොටත් වේදනා ඇති වුනා. දනහිස බෙත් බැදලම දියපට්ට දාලා ,හම ගිහින් තිබුන නිසා, බෙහෙත් බැදන් ඉදීම මට අසීරූ කාර්යයක් වුනා.

ඔව් .

ඒ ටිකත් බදිමූ. අඩු වෙයී අනේ .පංතී ඉස්කෝලෙයි යන එක තමා අවුල.

ඉස්කෝලෙට ගිහින් කතා කරන්න වෙයී ශානූ අයියේ. මාස ගනක් ඉස්කෝලේ ගියෙ නැහැනේ. සීයට ගාන නැත්තම් ඉස්කෝලෙන් විභාගෙය යන්න දෙන්නෙ නැහැනේ.

එහෙම වුනොත් මොකද කරන්නෙ.


අනේ මංදා ශානූ අයියේ. 


        මම ඒ ගැන කල්පනා කරමින් නිහඩ වුනා.

මේ… සුභ ආරංචියක් තියේ කියන්න.


             ශානූ අයියා මගෙ මුහුනට එබෙමින් කිව්වා. 

ඒ මොකද්ද ශානූ අයියේ.

මම අර ගියෙ ඉන්ටවීව් එකෙන් කෝල් කලානේ.

තේරිලාද.


      මම එහෙම ඇහුවේ හරිම හදිස්සියෙන්. ශානූ අයියගෙ ඇස් දෙකෙන්ම තේරුනා රැකියාව හරි ගිහින් බව. පත්තරේ දැන්වීමකට ගිය සතියේ සම්මුක පරීක්ෂනට ගිහින්,ඒකෙන් කොල් කරනකන් ශානූ අයියා බලන් හිටියේ.

ඔව් මගෙ සුදු මැනික.


ශානූ අයියා මාව තුරුලූ කරගෙන සිප ගනිමින් කිව්වා.

නියමයිනේ. මොකද්ද ශානූ අයියේ එලවන්න තියෙන්නෙ. 

       සර්ගේ කාර් එක. ළමයින්ව ස්කෝලේ දාන්නයී ගේන්නයි, සර්ට ඕනී ගමන් යන්නයී.
ශානූ අයියා ලොකු විස්තරයක් කියාන ගියෙ හරිම ආසාවෙන්. මම කතාවට බාධා නොකර අහගෙන හිටියා.


හොදයී නේද.

හොදයී ශානූ අයියේ.


         ශානූ අයියා වැඩට යන්න පටන් ගත්තා. බස් වල යන්න අමාරූ නිසා මං ඉස්කෝලෙවත් ,පංතිවත් යන්න වුනේ නැහැ. මම රණසිංහ සර්ගෙට කෝල් කරලා විස්තර අහ ගත්තා. සර් කිව්වේ. ඉස්කෝලෙන් ලියන්න හදලා දෙන්න අමාරුයී. බාහිර අයදුම් කරුවෙක් විදිහට විභාගයට ඉදිරිපත් වෙමු කියලා. වෙන විදිහක් නැති නිසා මම ඒ ක්‍රමයට කැනති වුනා. 


        අම්මා මට නිතරම කතා කරලා දැන් ආපහු ගෙදර යන්න කිව්වා. ශානූ අයියා මං යනවට පොඩ්ඩක් වත් කැමති වුනේ නැහැ. මගෙ හිතෙත්, බැරි කාලෙ මාව අතෑරලා දාපූ මිනිස්සු ළගට යන්න හිත දුන්නෙ නැහැ. මම හේතූ කියමින් ගෙදර යන එක මග හැරියා.
මට දැන් විභාගය ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. විභාගේ ලියන්න විතරයී ඕනේ වුනේ. මොකද දැන් මට හුගක් පාඩම් මග හැරිලා මට ඒවා අල්ල ගන්න අමාරුයී. ශානු ආයියා දිගටම නයනිගෙන් ටිවුට් ඉල්ලලා දුන්නා.විෂයන් වලට අදාළ පොත් අරන් දුන්නා. මම ගෙදට වෙලා ඒවා බලා ගත්තා. ඒත් නොතේරෙන තැන් හුගක් තිබුනා.


      මගේ අතින් තමයී ගෙදර වැඩ සේරම සිද්ද වෙන්නෙ. ශානූ අයියලගෙ අම්මත් පාන්දර කිරි කපන්න යනවා. නංගි ඉස්කෝලේ යනවා. තාත්තා එන්නෙත් සති කිපයකට වතාවයී. ශානූ අයියත් වැඩට ගියාම ගෙදර ඉතුරු වෙන්නෙ මම විතරයී. ඒක නිසාම සේරම ගෙදර වැඩ කෙරුනේ මගෙ අතින් . පාන්දර ඇහැරලා උයන්න, මිදුල් අතු ගන්න, ගෙවල් අතුගාන්න අස් කරන්න, ගැබුරු ලිදෙන් ගෙදර වැඩ වලට වතුර අදින්න සීද්ද වුනා. මම ඒවා කරදරක් විදිහට හිතුවේ නැහැ. ඊට වඩා හුගක් දේවල් මේ ගෙදර මිනිස්සු මට කරලා දීලා තිබුනා. ඒත් අමාරුම වැඩේ වුනේ අර ලිදෙන් වතුර අදින එක. ඒ සේරම වැඩ වලින් පස්සෙ මං පොත් පත් වල වැඩ කලා. නංගිට ඉස්කෝලේ වැඩ කරන්න උදව් කලා.
කාලයක් ගෙවීගෙන ගියා මගෙ කකුල දැන් සූවයී. විභාගය අත හැරලා තුබු නිසා මම පංති යන්න උත්සහ කලේ නෑ. ශානූ අයියා නිතරම මට ආයෙත් පංතිවත් යන්න කිව්වා. ඒත් දැන් බොරුවට සල්ලි වියදම් කරන එකේ තේරුමක් නැහැ කියලයී මම හිතුවේ. ශානූ අයියගෙ අම්මා දවසක් වැස්සෙත් නැතුව කිරි කපන්න නොයා හිටියා.

අම්මේ ඇයී අද කිරී කපන්න නොගියේ. 


      මම ශානූ අයියලගේ අම්මගෙ කාමරයට හිස පොවමින්  ඇසුවා. අම්මා හිටියේ නිදාගෙන. ඔලුව උස්සලා මගෙ දිහා බලපූ අම්මා.

මගෙ අතක් ඉදිමිලා දුවේ. රිදෙනවා බෙහෙත් ගන්න වෙයි වගේ. 

මොනවා වෙලාද අම්මෙ. කොහො හරි වැදුනද.

නෑ. නිකන්මයී. නංගී ආවම ටවුන් ගිහින් බෙහෙත් අරන් එනවා.

හා අම්මෙ එහෙනම් .උයලා තියෙන්නෙ කාලා ඉන්න. 


     මම ඒක නිසා ගෙදර සේරම වැඩ හොයලා බලලා කෙරුවා. දවස් ගනනාවක් ගෙවුනත් අම්මගේ අතේ සුවයක් තිබුනේ නැහැ. නංගී ගෙදර වැඩ වලට හරිම කම්මැලී, කිසිම වැඩක් කෙරුවේ නෑ, සේරම වැඩ මගේ කරපිට වැටුනා. මම ඒ ගැන කල්පනා නොකලත් ,දවසින් දවස අමුතු දේවල් සිද්ද වුනා. 


     මම ගෙදර වැඩ සේරමත් කරලා අම්මට නාන්නත් වතුර ඇදලා තිබ්බා. හවස අම්මා නංගිත් එක්ක නාන්න ලිද ලගට ගියා. මම ටිකකින් එලියට ගිහින් බලනකොට. නංගී එක්ක කතාකරමින් , අම්මා නංගිගේයී එයාගෙයී රෙදී හෝදනවා. නංගී ලින් බැම්මට හේත්තූ වෙලා අම්මා එක්ක හුරතල් වෙමින් හිටියා. මට කේන්ති ගියේ, අත අමාරුයී කියලා ඉද්දී, රෙදී හෝදව ගන්න නිසා. අම්මා නංගිට නාන්න වතුරත් බාලා දෙනවා මම දැක්කා. මට තේරුම් ගියා අතේ අමාරුව බොරුවක් කියලා. මට පුදුම දුකක් ආවේ මේ දේවල් දැක්කම. ඒත් මං දුක් වුනේ නැහැ. මට පුලුවන් විදිහට සේරම වැඩ කලා. දවසින් දවස ගෙව්නා, ශානූ අයියලගේ අම්මා අයියට මං ගැන නොයෙක් දේවල් කියන්න
ගත්තා. ඒත් මගෙ මූනට මොකුත්ම කිව්වෙ නෑ දුවේ කියලා කට පුරා කිව්වා. මම හැමදේම ඉවසුවේ ශානූ අයියා වෙනුවෙන්. අම්මා කියපූ විදිහටම මේ ගෙදර තත්වය වෙනස් වුනා.  


අම්මේ..

ආ පුතේ ඔයා ආවාද?

කෝ අම්මේ ශදී නංගී.

නිදී ඇති පුතේ දවසම නිදියනවනේ.

අම්මා කතා කලේ නැද්ද.

නෑ.


       මම හිටියේ කාමරේ ඇතුලේ පොත් වල වැඩ කරමින්. මට ලොකු වේදනාවක් ආවා අම්මා කියපූ දේට. දවසම හොදට නිදා ගන්නෙ ඒ දෙන්නා. දැං මම නිදිලූ. මගෙ ඇස් වලින් කදුලූ කඩන් වැටුනා. මූනට දෙයක් නොකිව්වත්, මට ශානූ අයියලගෙ අම්මලා එක්ක ඉන්න ආසාවක් තිබුනේ නැහැ. ඒක නිසා වැඩ නැති හැම වෙලේකම තනියෙම කාමරයට වෙලා හිටියා. ඒක නිසා මාත් නිදා ගන්නවා ඇති කියලා අම්මා හිතනවා ඇති කියලා මං හිතුවා.

සුදු මැනික.. අම්මා කිව්වෙ ඔයා නිදි කියලා. ඇයි රත්තරං අඩන්නේ.

මොකුත් නෑ ශානූ අයියේ…


    මං කදුලූ පිස දමමින් කිව්වා.

නෑ නෑ මොකක් හරි වෙලා තියෙනවා. කියන්නකෝ.


      මම ශානූ අයියට සේරම විස්තරය කිව්වා. එයාටත් හුගක් දුක හිතිලා අම්මලගෙන් අහන්න යන්න හැදුවා.

ඉන්නකෝ මං අම්මගෙන් අහන්න .

අනේ එපා ශානූ අයියේ. 


   මම ශානූ අයියගේ අතේ එල්ලුනා.

ඊ ළග කොටසින් හමු වෙමූ

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Oct 2016 12:25 AM
  •  Quote
  •  Reply
thawa tikayi thawa tikayi
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 01:27 AM
  •  Quote
  •  Reply
ඉවර කරන්න පුලුව් වෙයිද ඔය ඉතුරැ කොටස් තුනෙන්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 02:10 AM
  •  Quote
  •  Reply

මාර වැඩේ කියන්නේ පුළුවන් වුනානේ..........

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 02:36 AM
  •  Quote
  •  Reply
අන්තිමට තියෙන්නේ

වෙනම පදිංචියකට ගිහින් සතුටින් දෙදෙනා ජීවිතය ගත කරමින් සිටී

කියල වෙන්න ඇති
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 04:01 AM
  •  Quote
  •  Reply

බලමුකෝ මේ අනාවැකි කාරයොත් ඒක්ක මොකුත් කරන්න බෑ

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 04:20 AM
  •  Quote
  •  Reply
48. වන කොටස.

….කදුලත් සැ නසුමක් …. 

කෝ ඉන්නකෝ මං ඕවා කියන්නෙ නෑ.

අනේ මොකුත් අහන්නවත් කියන්නවත් යන්න එපා ශානු අයියේ.

එත් සුදු මැණික ඔයා පව්නේ ..

කමක් නෑ ශානු අයියේ මට ඕවා පුරුදුයිනේ . මට ඔයා ඉන්න තැනක ඉන්න ලැබෙනවනේ ඒ ඇති.

අනේ මන්ද ඉතින් ....


      මම ශානු අයියට අම්මලා එක්ක ඒ ගැන කතා කරන්න දුන්නේ නැහැ . එත් අම්මලා මොනදේ කිව්වත් මට වචනයක්වත් කිව්වේ නැහැ . මම සුපුරුදු විදිහටම ගෙදර වැඩ කරන් හිටියා . අම්මයි , නංගියි මාව මාගරින බව මට හොදටම තේරුනා . මම එයාලා ඉද්දි කුස්සියට ගියොත් එයා වචනයක් දෙකක් කතා කරලා කාමරයට ගියා .ඒක නිසා මම එයාලට බාදා කරන්න ගියේ නැ. වැඩ නැති හැම වෙලාවකම කාමරයට වෙලා පොත් පත් වල වැඩක් කර ගත්තා. ශානූ අයියලාගේ අම්මා හිතන්නේ කාමරයට වෙලා මම නිදා ගන්නවා කියලා. පාළුව වැඩි කමට සමහර වෙලාවට මට නින්ද ගියා .


       නංගිට මාව ඕනි වුනේ ඉස්කොලේ වැඩක් කරගන්න ඕනේ වුනහම තමයි. ඒ වෙලාවට අක්කි මේක කියලා දෙන්නකෝ කියලා මගේ ලගට ආවා. අනිත් වෙලාවට මාව මතක නැහැ, අම්මා පොලේ ගිහින් ආපු ගමන් ගීන සේරම කාමරයට අරන් ගිහින් තනියම කැවා. මට ඒවා ගැන දුක් වුනේ නැහැ. ඒවා එයාට අයිති දේවල් කියලා මම හිතා ගත්තා. මම ඒ වෙලාවට කාමරයෙන් එලියට වත් ගියේ නැහැ. මම ඒ දේවල් හිතුවේ නෑ. ඒත් දුක හිතුන වෙලාවට හැමදේම කල්පනා වුනා. අම්මා නැති අඩුව හොදටම දැනුනා. සමහර විට ශානු අයියලාගේ අම්මලා මට වරදක් කරනවා නෙමෙයි වෙන්න පුළුවන් , එත් මට අම්මා ළග එහෙම ඉදලා නැත නිසා ඊර්ෂියා හිතනවා වෙන්නත් පුළුවන් කියලා ,වෙලාවකට මම හිතුවා.


        ඉස්කෝලෙත් නොයන නිසා මට මොකක් හරි රැකියාවක් කලොත් හොදයි කියලා හිතුනා. මම පත්තර වලින් රැකියාවක් හොයන්න උත්සහ කළා. දවල් දවසම මට වචනයක් කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මම නිහඩවම ඉදලා පුරුදු වෙලා , මට කතා කරන එක අමතකම වෙලාද කොහෙද ශානු අයියා එක්කත් කතා කලේ ඕනිම දෙයක් විතරයි.

ශානු අයියේ ..

ම්ම්ම්ම්ම් ...

මට ජොබ් එකක් කරන්න ඕනි.


      ශානු අයියා පුදුමයෙන් මන් දිහා බැලුවා . 

පිස්සුද ළමයෝ ..

කම්මැලි අයියේ ගේ අස්සට වෙලා ඉදලම .

එත් විභාගේ කරන්නේ නැද්ද එතකොට .

කරනවා ශානු අයියේ..

හා කරලා ඉන්නකෝ ජොබ් කරන්න .

මං පත්තරෙන් එකක් හෙව්වා .

ආ සේරම කරලයි මට කියන්නේ .

එක ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එකක්.

එහෙමද මොකද්ද කරන්න තියෙන්නේ.

දන්නේ නෑ . ගිහින්ම බලන්න ඔනී.

හා ගිහින් බලමුකෝ . හැබැයි ඔයා ඕවා කරන්න ඕනි නෑ . ඉස්සරලා පුළුවන් විදිහට විභාගය ලියලා ඉන්න. අනික ජොබ් කරන්න ඕනිත් නෑ.

කම්මැලි නිසානේ .

හා ගිහින් බලමු කො ගෙන්න බලන්න පත්තරේ .

        මම කියන පරක්කුවෙන් පත්තරය ගෙනත් දුන්නා. ශානු අයියයි මමයි එතනට ගියා . ස්වයං රැකියා ගොඩක් තිබුනා . ගොඩක් ඒවාට මුලින් ලොකු වියදමක් ගියා අවශ්‍ය අමු ද්‍රව්‍ය ගන්න. එක නිසා මම හදුන් කුරු හදන්න තිරණය කළා. සල්ලි දීලා අමුද්‍රව්‍ය අරන් අපිට හදලා විකුණ ගන්න කියලා එයාලා කිවුවා.


        රැකියා කරන්න උත්සහ කරපු එකෙන් මට එක හොදක් වුනා. ඒ ආයතනය මගින් විවිධ පඨමාලා කරගෙන ගියා. මමත් ඔපිස් කොර්ස් එකක් කරන්න තිරණය කළා. ඉස්කූලෙත් නොයන එකේ මම කොර්ස් එකයි, රැකියාවයි කරගෙන ගියා . දවසේ වැඩ ප්‍රමානය වැඩි වුන නිසා, මට කල්පනා කරන්න දුක් වෙන්න තිබුන වෙලාව අඩු වුනා.ඒ නිසා මම හොද තීරණයක් ගත්තේ කියලා හිත හදා ගත්තා.


        කොර්ස් එකේ විභාගයයි , උසස් පෙළ විභාගයයි ළග ළගම වැටිලා තිබුනා. මුලින් තිබුනේ කොර්ස් එකේ විභාගය . එකේ ප්‍රතිඵල එදාම ලැබුනා . මම ගෙදර ආවේ සතුටින්. ශානු අයියා එනකන් බලන් හිටියේ ප්‍රතිඵල කියන්න.

මොකද අද මගේ සුදු මැණික සතුටින් ..


     ශානු අයියා එනකන් පෙර මග බලන් ඉන්නවා දැකලා ශානු අයියා මගෙන් ඇහුවා .

අද විභාගයනේ ක්ලාස් එකේ.

ආ .. ලේසි වගේ . කවදද රිසාල්ට් එන්නේ .

අද දුන්නා.

කියන්නකෝ ඉතිං ..


        ශානු අයියා තවත් මගේ ලගට වෙමින් කිව්වා .

මම කොර්ස් එකේ ළමයින්ගෙන් දෙවෙනියා.

නියමයි..

     ශානු අයියා මාව සතුටින් තුරුල් කර ගත්තා. අපි හිටියේ ඉස්සරහා දොර ගාව නිසා මම පිට බැලුවේ ඉබේටමයි .

අනේ ශානු අයියේ කවුරු හරි එයි.


         ශානු අයියා මගේ අතින් ඇදගෙන කාමරයට ගියා.

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 03:18 PM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක් ....

49. වන කොටස.

******************************

ශානු අයියේ හෙට මට විභාගය පටන් ගන්නවා .මෙහෙ ඉදන් යන එක දුර වැඩි නිසා මම ගිත්මලගේ ගෙදර යන්න හිතුවා .

හ්ම්ම්ම් . අද හවස යනවද හෙට උදේ යනවද?

අද හවස යමු නේද අයියේ. නැත්තම් හෙට ඇදුනුත් උස්සගෙන විභාගෙට යන්න වෙනවනේ .

       මම එදා හවස ශානු අයියත් එක්ක ගීත්මලගේ ගෙදර ගියේ, ශානු අයියලාගේ ගෙදර ඉදන් විභාග ශාලාව තියෙන ස්කෝලෙට දුර නිසා. සති දෙකක් විතර එක දිගටම මම ගිත්මලගේ ගෙදර හිටියා . මට ඉතින් මේ ගෙවල් ඉදලා පුරුදු තැන්නේ . මට ගෙදර වගේම පුරුදුයි. ගිත්මා මට විභාගයේදී අනිවාරෙන් ප්‍රශ්න එන පාඩම් ගැන කිව්වා . සමහර පාඩම් මට හම්බෙලවත් තිබුනේ නැහැ . ගිත්මා මට ඒ පාඩම් ටික ටික කියල දුන්නා කෙටියෙන්. මට විභාගේ අමාරුද ලේසිද කියල වත් තේරුම් ගන්න බෑ . මොකද සමහර ප්‍රශ්න මම අහලවත් නැහැ . 


      විභාගය් ඉවර වෙලා මම ගෙදර ආවේ හරිම සැහැල්ලුවකින් ." අම්මො දැන් ඒ කරදරයත් ඉවරයිනේ" කියලා . විභාගේ කිට්ටු වුන නිසා මම හදුන්කුරු හදන එකත් නවත්තලා දාපු නිසා , ගෙදර වැඩ ඇරෙන්න කරන්න කිසිම දෙයක් තිබුනේ නැ.

සුදු දූ දැන් වත් ගෙදර යමුද?


      විභාගෙන් පස්සේ දවසක් අම්මා ශානු අයියලාගේ ගෙදර මාව බලන්න අපු වෙලාවක ඇහුවා.

මට බැ අම්මේ .. මම දිගටම මෙහෙ ඉන්නවා. 


      අම්මා කෝච්චර කිව්වත් මම ගෙදර යන්න කැමති වුනේ නැ. අම්මා ශානු අයියලාගේ අම්මතේ එක්ක අපේ විවාහය ගැන කතා කලේ විභාගේ ඉවර නිසා. හැමෝම අපේ විවාහය කල් දාලා තිබුනේ මම විභාගේ ඉවර වෙනකන් . විවාහා නොවුන ගැහැණු ළමෙක් පිරිමි ළමෙක්ගේ ගෙදර ඉන්න එක තරම් දුකද්ද කියලා මට දැනුනේ එදා . 


       විවාහය ගැන ඇහුවම ශානු අයියගේ අම්මා දුන්නේ පුදුම උත්තරයක් . " ළමයින්ගේ තාත්තා මොනවා කියයිද දන්නේ නැ. එයා නම් කිව්වේ කොල්ලා ගෙයක් හදනකන් ඔය කසාදෙ කරන්න දෙන්නේ නැ කියලා" . අම්මට ඒ කතාවට හුගක් දුක හිතිලා තිබුනා . මට හොදටම දොස් කිව්වා.

පේනවා නේද සුදු දූ ඔයාගේ මෝඩ වැඩ වලින් වෙන දේවල්.

කමක් නැ අම්මේ මගේ කකුල හරි හොද වුනානේ ..

කසාදා නොබද දිගටම මෙහෙ ඉන්නද කල්පනාව. 

කොහොම හරි කමක් නැ. මම මෙහෙන් යන්නේ නැ . 


            මම හරිම මුරණ්ඩුයි කියලා අම්ම තවත් දොස් කිව්වා . අම්මා දුක් වුනේ ශානු අයියලාගේ අම්මාලා දැන් විවාහය ඉක්මන් වෙනවට අකමැති එක . සති කිපයක් කම්මැලි කමින් ගෙවා දැමුවා. දවසක් පත්තරය බලනකොට මම දැන්වීමක් දැක්කා , එක දැක්කම මට අලුත් බලාපොරොත්තුවක් ඇති වුනා. මම හොද වෙලාවක් බලලා ශානු අයියට මගේ අදහස කිව්වා .

ශානු අයියේ මට තව කොර්ස් එකක් කරන්න ඕනේ . 

ඒක හොදයි මොකක්ද්ද කොර්ස් එක

මම ඉගෙන ගන්න ආසම දෙයක් , ජොබ් එකක් කරන්නත් ඒක හොදයි. අනික එකේ තියේ වැඩි ලකුණු ගන්න අයට එතැනින්ම ජොබ් දෙනවා කියලා.

මට හිතා ගන්න පුළුවන් මෙයා කියන කොර්ස් එක .

හා කියන්න බලන්න ..


මම ශානු අයියා දිහා බලාන හිනා වෙමින් කිවුවා. 

ගැෆික් ඩිසයින් වෙන්න ඔනී.


         ශානු අයියා මගේ හිතේ තියෙන දේ හරියටම කිව්වා . නිතරම මම ඒ ගැන කියවන නිසා එයා ඒක දැනන් හිටියා. ශානු අයියා මට කොර්ස් එක කරන්න අවසර දුන්නා. මුළු සතියම එක දිගට පංති පැවත්තුන නිසා මට විවේකයක් තිබුනෙම නැ . ශානු අයියා උදේට වැඩට යන ගමන් මාව ටවුන් එකට දාන් ගියා, හවස් වැඩ ඇරිලා එද්දී මාව ගෙදර එක්කගෙන ආවා. ඒ ආපු වෙලේ ඉදන්ම මම දවසේ ඉගෙන ගත්තු ඒවා ආයෙත් කරලා බැලුවා. 


       ශානු අයියලාගේ අම්මා නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති වුනී නෑ. මට ගෙදර වැඩ කරන්න වෙලාවක් නැති නිසා. සමහර දවස් වලට මන් එනකලුත් උයන්නේ නැතුව ඉන්නවා . කීපදවසක් මම මහන්සි නොබලා ඉව්වා . පස්සේ මම ශානු අයියට කිව්වා, ශානු අයියේ මට මේ කොර්ස් එක හොදට කර ගන්න ඕනේ , එක නිසා මට උයන්න වෙලාව නාස්ති කරන්න බැ කියලා. ශානු අයියා අම්මලට මොනවා හරි කියලද මන්ද ඊට පස්සේ ඉදන් හවස් වෙන්න කලින් උයලා තිබුනා. 


      මම කොර්ස් එක සාර්ථකව නිම කළා . එත් දැන්විමේ තිබුන විදිහට රැකියාවක් නම් දුන්නේ නැහැ . මම ආයෙත් රැකියා හොයන්න පටන් ගත්තා. අම්මා ඒ අතරේ චුටි මාමා එක්ක අපේ විවාහය ගැන කතා කරලා තිබුනා. චුටි මාමා ශානු අයියට හම්බෙන්න එන්න කියලා තිබුනා. 


      නිවාඩු දවසක ශානු අයියා පිටත වුනා චූටි මාමා හම්බවෙන්න. මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නේ කියලා අාච්චි අම්මලා හැමෝටම කියලා තිබුන නිසා ශානු අයියා මාව ඒක්කගෙන ගියෙ නැහැ.


     චුටී මාමා ශානු අයියට කියලා තිබුනේ * මම කිසි දෙයක් හොයන්නේ බලන්නේ නෑ . වෙන දේවල් මොකුත්ම දන්නේ නෑ කියලා හිතන්න ඒපා. මම සේරම දේවල් දිහා හොදට බලන් හිටියේ. ඉක්මනටම මේ කසාදේ කෙරෙන්න ඔනේ. ගෙදර අය ඒක්ක කතා කරලා කොහොමද කෙරෙනනේ කියලා මට කියන්න. මේ පැත්තෙන් වෙන්න ඔනෙ ඒවා සේරම මගේ අතින් සිද්ද වෙනවා* කියලා. 


      ශානු අයියා අම්මයි , තාත්තායි දෙන්නම ඉන්න වෙලාවක් බලලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මම අහගෙන චූටී මාමා කිහපු හැමදේම ශනු අයියා අම්මලා ඒකක් කියනවා. මම හොදට කන්දිහාගෙන හිටියේ ශානු අයියගේ තාත්තා මේ ගැන මොකද තියන්නේ කියලා අහගන්න.

ඒයා ඒහෙම කිව්වට අපට ඔවට කැමති වෙන්න බෑ. 

ඒහෙම කියලා බෑනේ තාත්තේ. අපි මේ ගැන ඉක්මනට තීරනයක් ගන්න වෙනවා.

මම නම් කැමති නෑ ඉඩමක් අරන් ගෙයක් හදනකන් ඔය කසාදේ කෙරෙනවට. අනික කොහේ තියෙන සල්ලියක්ද. පොඩ්ඩක් ඉවසලා ඉන්නවා.

 
       මට පුදුමත් හිතුනා ශානු අයියලාගේ තාත්තාගේ කතාව අැහුනම. ඒදා ශානු අයියගෙයි මගෙයි සම්බන්දේ දුර දිග ගිහින් කියලා දැන ගත්ත දවසේ නම් හැසිරුනේ පහුවදාම කසාද බන්දන්න වගේ. ඒත් අද වෙද්දී ශානු අයියලගේ තාත්තාත් හුගක් වෙනස් වෙලා තිබුනා. 

       ශානු අයියලාගේ ගෙදර අයගේ අකමැත්ත නිසාම ඒ කතාව ටිකක් යට ගියා. මම රැකියාවක් හෙව්වත් ඒකක් වත් හරි ගියේ නැහැ. මට හරියන ඒවා ශානු අයියාගේ හිතට අැල්ලුවේ නැහැ, ඒයාට හරියන ඒවා මගේ හිතට අැල්ලුවේ නැහැ.


       දින ,සති, මාස වෙලා හරිම වේගෙන් ගෙවිලා ගියා.මම සුපුරුදු විදිහට ගෙදර වැඩ කරගෙන ගෙදරට වෙලා හිටියා.


     දවසක් කම්මැලි කම නිිසාම තනියෙම කාමරයට වෙලා කල්පනා කරමින් හිටියා. මගෙ පොන් ඒක රින්ග් වෙනවා අැහිලා මම පොන් ඒක අතට අරන් බැලුවා. කෝල් ඒක අම්මගෙන් කියලා දැක්කම හරිම සතුටි කතා කරන්න පටන් ගත්තා.

අම්මේ....

සුදු දූ .. කොහොමද.

හොදින් ඉන්නවා අම්මේ.. ඒත් හරිම කම්මැලීයි..


     මට ඉබේටම වගේ කිය වුනා. මම අම්මට කියලා තිබුනේ නෑ මේ ගෙදර තත්වය,මට ගෙදර යන්න කියන නිසා, හැමදේම ඉවසුවා.

අැයි ගෙදර කවුරුත් නැද්ද.

ඉන්නවා අනේ ඒත් කම්මැලී.

       අැත්තටම ඒවෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ .ශානු අයියාගේ අම්මායි ,නංගී ටවුන් ගිහිල්ලා. කොහොමත් නිතරම මම ගෙදර හිටියේ තනියම. 

චූටී මාමා පණිවිඩයක් කියන්න කිව්වා. ඒකයි මම මේ ගත්තේ.

මොකක්ද අම්මේ..

     ශානු ළමයට කියන්න කිව්වා ගමේ ඉඩමේ මට අයිති කොටස ඔයාලට දෙනවා කියලා, වෙඩින් ඒක ගැන තීරනයක් ගන්න කියලා.

හා අම්මේ මම කියන්නම්...

  කට්ටියට තිහෙන ලොකු ප්‍රශ්නය ඉඩමනේ . ඔන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. ගෙයක් හදා ගන්නකම් මහා ගෙදර ඉන්න පුලුවන් කිව්වා. සුදු අම්මාත් දැන් චුටී මාමාලාගේ ගෙදරලු ඉන්නේ ,චූටී නැන්දා වැඩට යන නිසා.

ඒහෙනම් හොදයි.

ශානු ළමයට කියන්න, අම්මටයි තාත්තායි චූටී මාමා හම්බෙන්න ඒන්න කිව්වා කියලා .

      මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්. මම ශානු අයියා ඒනකන් මග බලන් ඉදලා පණිවිඩය කිව්වා . ශානු අයියත් හුගක් සතුටු වුනා. මේ පනිවිඩියි ශානු අයියලාගේ ගෙදර අයට කිව්වාම ලැබුනේ අපි හිනෙකින්වත් හිතපු නැති උත්තරයක්. *කවුරු මොනවා දෙනවා කිව්වත්, මේ වෙලාවේ ඔය කසාදෙට වියදම් කරන්න සල්ලී නෑ*

ඊ ළග කොටසින් හමු වෙමූ......

අවසන් කොටස සමග ඒක වන්න‍‍‍..

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Oct 2016 04:53 AM
  •  Quote
  •  Reply
ස්තුති මේ කොටස් ටිකට

අවසන් කොටස කියවන්න බලාගෙන ඉන්නවා එහෙනම්

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 08:33 AM
  •  Quote
  •  Reply

හාකෝ හාකෝ

 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 01:58 PM
  •  Quote
  •  Reply
ikmanin ekath damma nam niyamayi ne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 08:05 PM
  •  Quote
  •  Reply
මෙයාලට ඉවසුමක් නැ නේ ,,ඔන්න ඕකත් දාන්න නංගි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 11:21 PM
  •  Quote
  •  Reply

තව ටිකක් ඉවසපුදෙන් රෝසී අක්කේ හී

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 01:30 AM
  •  Quote
  •  Reply
....කදුලත් සැනසුමක්....

50. වන කොටස. ( අවසන් කොටස)

      ගෙදර අයගේ වෙස් වීම ශානු අයියාට දරා ගන්න බැරි වුනා. හැමදාමත් ශානු අයියා ගැන බැලුවේ ඒයාගේ මාමා නිසා මේ ගැන මාමා ඒක්ක කතා කරන්න ශානු අයියා තීරනය කලා. මාමා අම්මලාගේ හිත වෙනස් කරන්න පොරොන්දු වෙලා තිබුනා.


      අම්මයි, චූටී මාමායි විවාහා මංගල්‍ය පොඩියට කරන්න තීරනය කරලා තිබුනා. මමත් ඒකට කැමති වුනේ බොරු වියදම් වලට අකමැති නිසා. අම්මා අපේ හදහන් ගැලපෙනවද බලලා තිබුනේ ශානු අයියාලාගේ ගෙදරින් ඒ ගැන හුගක හිතන නිසා. ශානු අයියා ඔවා බලන්න ඔනේ නැහැ කියලා අම්මලාට දොස් කිව්වා. ඒත් අපේ හදහන් හොදට ගැලපිලා තිබුනා. 

පුතේ අපිටත් වෙන තැනකින් හදහන් බලවන්න ඔනේ.

දැන් ඒක පාරක් බැලුවා මදිද. 


      අම්මලා අායෙත් හදහන් බලන්න ඉල්ලනකොට ශානු අයියාට හොදටම කේන්ති ගියා.

ඒහෙම කියලා බෑ පුතේ අපිත් බලන්න ඔනේ.

ඔය විකාර වැඩ දැන් නවත් වන්න අම්මේ . මම දැන් ඒක පාරක් කිව්වනේ.


        ශානු අයියා අකමැති වුනත් මම අමමාගෙන් හදහන් ඉල්ලා ශානු අයියලාගේ අම්මට දුන්නා. චූටි මාමලාගේ ගෙදර තමා මගේ විවාහා උත්සවය ගන්න තීරනය කරන් තිබුනේ. සියලු වියදම් චූටී මාමා දරන්න පොරොනදු වෙලා තිබුනා.ශානු අයියලාගේ පැත්තේ කිසි උනන්දුවක් නැති නිසා උත්සවය ඒක දවසින් ඉවර කරන්න ශානු අයියා තීරණය කලා. ඒ නිසා වියදම් වලට යොදා ගන්න කියලා ශානු අයියා චූටී මාමාට සල්ලී දුන්නා.


         විවාහයට මාසයක් තියා මම චූටී මාමාලාගේ ගෙදර අාවේ අම්මාගේ අැවිටිල්ල නිසාමයි. ඒ අාවම තමා තේරුනේ චූටී මාමා විවාහට මොන තරම් මහන්සි වෙලාද කියලා. ඒයා විවහයේ අැදුම් ගැන පවා හිතලා තිබුනා. සියලු කටයුතු සාර්තකව සිදු වුනත් , තවම ශානු අයියලාගේ ගෙදරින් චූටී මාමා හම්බෙන්න නාවට මම දුක් වුනා. චූටී මාමාත් ඒ ගැන හිටියේ හරිම කේන්තියෙන්. මම නිතරම අයියාට කියලා කරදර කලේ , මේ වැඩෙන් චූටි මාමාට ශානු අයියාවත් ඒපා වෙයි කියලා බයට. විවාහා උත්සවයට ඒන්න ඒන්නම දින ලං වුනා. ශානු අයියාගේ තාත්තා නම් උත්සවයට ඒන්නේ වත් නැහැ කිව්වා කියලා ශානු අයියා මට කව්වා. මගේ හිතට සැනසීමක තිබුනේ චූටී මාමා ශානු අයියාව විස්වාස කරපු ඒක.

හෙලොව් සුදු මැණික.


      මම අඩ නින්දෙන් පෝන් ඒක කනේ තීයා ගත්තම මට අහන්න ලැබුනේ ශානු අයියාගේ කටහඩ. මට හොදටම දවල් වෙනකන් නින්ද ගිහින්.

කියන්න ශානු අයියේ.

ඔයා දැන්ද අැහැරියේ.


    ශානු අයියා මගේ කටහඩින් අදුර ගන්න අැති. මම කමැලිකමින් අැදේ වාඩි වුනා. චුටී මාමාලාගේ ගෙදර කවුරුත්ම හිටියේ නැහැ. මදූ මල්ලී , නංගී ඉස්කෝලේ ගිහින්ලා. චූටී මාමායි නැන්දයීත් වැඩට ගිල්ලා.

නින්ද ගිහින්නේ....

අනේ අනේ කම්මැලියා...

අනේ ඉතින්... මට අැහැරවන්නේ නැතුව සේරමලා ගිහින්නේ...

ඔයා පවු නිසා කට්ටිය අැහැරවන්න නැතුව අැති.


      ශානු අයියා හිනා වෙමින් කියද්දී , මොකක් ගැනද කියන්නේ කියලා මට තේරුනා. 

අැයි දන්නෑ පව්...

මාසයක් මාව දාලා ඔහේ හිටපුවාගේ .අැරියස් තියෙනවනේ නිදි මරාගෙන ගෙවන්න ඒකයි.

අා... ඒහෙමද? බලමුකෝ නේ....

පාලු නැද්ද ළමයෝ මං නැතුව.

අනේ හුගක් පාලුයි ශානු අයියේ..


තව දවස් හතරනේ මගේ සුදු මැණික. ඊට පස්සේ සදහටම මගේ ළග. ඒතකොට කාටවත්ම බෑ ඔයාව මගෙන් අෑත් කරන්න.

හැමදේම හීනක් වගේ නේද. ශානු අයියේ..


       මගේ හිත ඉබේටම අපේ පාසල් සමයට පිවිසුනා. හැමදාමත් ශානු අයියගේ දිලිසෙන අාදරබර අැස් දෙක ඒයාලාගේ පංතියේ ඉදන් මගේ දිහා බලන් හිටපු හැටි මට අායී මැවිලා පෙනුනා . මම ඒ කාලයට හුගාක් අාදරය කලා.

ඔව් මගේ රත්තරණේ.... හැදේම හීනයක් වගේ...

අපේ හීනේ හැබෑ වුනා නේද ඒහෙනම්.

සුභ අාරංචියක් කියන්න ගත්තේ.

මොකක්ද අයියේ..

හෙට අපේ ගෙදර කට්ටිය චූටි මාමා හම්බෙන්න ඒනවා කිව්වා.

අැති යාන්තම්...

මාමාගේ කටේ බලේට කැමති වුනේ.

කොහොම හරි ඒනවා නම් අැති . නැත්තම් ඔයාටයි හරි නැත්තේ.


     ශානු අයියා කියපු විදියටම අමිමායි ,තාත්තයි , මාමායි චූටී මාමා හම්බෙන්න අාවා . ඒකෙන් මගේ හිතට .ලොකු සැනසිල්ලක් දැනුනා.

***********************
     මට නින්ද යන්නෙම නෑ. චූටී මාමාලාගේ ගෙදර සෙනග පිරිලා. ගේ සරසනවා, හඩ් ගහනවා, කළබලයට වැඩ හැමෝම. මම හෙට අපි දෙන්නටම ඉදගන්න තිබුන සෙටියේ තනියෙම ඉදන් ඉද්දී මදූ මල්ලි මට විහිලු කලා.


අා.... මනමාලී නම් දැන් මම සෙටිය අල්ගෙන...


     ඒක අැහිලා හැමෝටම හිනා. මගේ මල්ලිලා දෙන්නයි , මදූ මල්ලී , නංගී, තව අහල පහල නංගිලා කීහිපදෙනෙකුයි මගෙ ලගම ගැවෙසෙමින් හිටියා.

සුදු දූ මට ඔයා ඒක්ක දෙයක් කතා කරන්න ඔනේ.


       අම්මා චූටී මල්ලිව උකුලට අරන් සෙටියෙ කොනක ඉදගනිමින් කිව්වා. අම්මා අාවම මදූ මල්ලිලා ඒතනින පිට වෙලා ගියා.

කියන්න අම්මේ...

ඔයා මට කිව්වනේ ඔයාගේ වෙඩින් ඒකට සේනව ගෙන්නන් ඒපා කියලා. ඒත් මට ඒක ඉෂ්ඨ කරන්න බැරි වෙනවා සුදු දූ....

අැයි ඒ..


   මගේ හිත පිච්චිලා ගියා.

මෙහෙ කවුරුත් ඒ කතා දන්නේ නැති නිසා චූටී මාමා ඒන්න කියන්න කිවුවා. චාරිත්‍ර වලට ඔනේ නිසා.

ඒත් මට චාරිත්‍ර වලට ඒයා ඒපා. ඒවා චූටි මාමාට කරන්න කියන්න.

ඔය ඉතින් කලබල වෙනවනේ. ඒකමයි මම කලින් කිව්වේ.

ඒත් අම්මේ...

මට සමා වෙන්න සුදු දු.. අද වගේ දවසක වත් ඔයාගේ සතුට වෙනුවෙන් මොකුත්ම කර ගන්න බැරි පව්කාර අම්මෙක් මං.


     අම්මා අැස් අගට අා.. කදුල දෑතින් පිසදාමා ගනිද්දී, මගේ හිත අම්මා ගැන හුගක් දුක් වුනා.

ඒහෙම කියන්න ඒපා අම්මේ.... අම්මා දුක් වෙන්න ඒපා. අාපුදෙන්.


    මම හිතා හදා ගන්න උත්සහ කරමින් කිව්වා.

ඒකාට අායි සුදු දූගේ ජීවිතේට ලං වෙන්න ඉඩ දැන්නේ නැහැ මම. මගේ දූ ඒ ගැන දුක් වෙන්න ඒපා. ශානු පුතාත් මගේ දූ හොදින් බලා ගන්න බව මම දන්නවා. අම්මා මාව තුරුලු කර ගනිමින් කිව්වා. මම අම්මාගේ උණුහුමට තුරුලු වුනේ හරිම අාසාවෙන්. 

සුදු දු .. සුදු දූ.. අැහැරෙන්න. අන්දන කෙනත් අැවිල්ලා.


     මම පාන්දර අැහැරුනේ අම්මාගේ කට හඩින්. මට පාන්දර වෙද්දී පැයක් දෙකක් නින්ද ගිහින් තිබුනා. මම ඉක්මනින් අැදෙන් බැහැලා මුන සෝදන් කාමරයට අාවා. පැය කීපයක් අැතුලත අන්දන්න අාපු අක්කා මාව මනාලියක් ලෙස හැඩ ගැන්නුවා. මුලින්ම මාව දැක ගන්න අාවේ චූටී මාමා, ඒයා තමා මගේ ජීවිතේ නිහඩ සෙවනැල්ල. ලස්සන සිනහාවක් මුහුනේ මාවාගෙන මගේ දිහා නිහඩව බලාන ඉදලා ඒතනින් පිට වෙලා ගියා.


    කාර් ඒක ඒන හඩින් මම තේරුම් ගත්තා ශානු අයියා අාව බව. මට ඉවසිල්ලක් නෑ ශානු අයියා දකින කන්. මට ඒළියෙන් අැහුනා පිලිගැනීමෙ ගීතයෙන් ශානු අයියා අැතුලු පිරිස පිගන්න හඩ. කාමරයේ මම විතරක් හිටි නිසා මම දොර රෙද්ද අතරින් ශානු අයියා දිහා බැලුවා. 


       ශානු අයියා අද ලස්සන මනමාළයෙක්, ලස්සන සිනහාවකින් මුව සරසාගෙන පිලි ගැනීමේ ගීතයට සවන් යොමාගෙන හිටියා. ඒත් මම දන්නවා ඒ අැස් දෙකත් හොයන්නේ මාව කියලා. අපි දෙතැනක සිටි මාසය කල්පයක් වගේ අපිට දැනුනේ.


     විවාහය ලියාපදිංචි කිරිෙමන් පසු සියලු චාරිත්‍ර නිසි අයුරින් සිදු වුනා. සියලු නෑදෑ පිරිවර, අසල්වාසීන්ගෙන් ගෙන් නිවස පිරී තිබුනා. මගේ යාලුවෝ විමූ, නයනී , ගීත්මා, වගේම අයියගේ යාලුෙවා් හුග දෙනෙක් අපිට සුභ පතන්න අැවිත් හිටියා.


        කෙමෙන් පිට වන මොහොත උදා වුනා. සුභ නැකතින් ශානු අයියයි මමයි දෑත් පටලන් නිවසින් පිට වීමට දොරටුව අභියසට පැමිනියා. අම්මා සුදු මල් දැමූ වතුරු වීදුරුවක් රැගෙන ඉදිරියට අාවා.


        අපි දෙමාපියන්ගේ දෙපා වැද අාශිර්වාද ලබා ‍ගත්තා. අම්මායී අාච්චී අම්මායි අපි දෙන්නව තුරුලු කරන් අැඩුවා මටත් ඉබේටම අැඩුම් අාවා. ශානු අයියලාගේ අම්මයි තාත්තායිත් අපිව තුරුලු කරන් සතුටු කදුලු හෙලුවා. 


      සියලු දෙනාගේ සුභාශිංෂන මැද ශානු අයියයි මමයි  අපගේ ලෝකය සොයා නික්මී ගියා....

.

..

.

.

...

.

.

.

.

.



සමාප්තයි!

 
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 15 of 16 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below