Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Apr 2023 12:28 PM by maduranga001 .... කදුලත් සැනසුමක්.... 314 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 16 << < 678910 > >> Author Messages kingDVeteran MemberPosts:3309 19 Sep 2016 03:31 AM Quote Reply ඕක තමා කියන්නෙ නිතරම ෆෝන් එක ඔන් එකේ තියා ගන්න කියල..හි හි Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 19 Sep 2016 04:03 AM Quote Reply බිසී කියල නොබල කියෙව්ව. බොහොම ස්තූතියි නංගි මේ කොටස් කිහිපයටත්. ඔය දීපු ලියුමක් බාප්පට දුන්න නම් වැඩේ ගොඩක් ලෙහෙසි වෙන්න තිබ්බ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 05:13 AM Quote Reply Posted By kingD on 19 Sep 2016 03:31 AM ඕක තමා කියන්නෙ නිතරම ෆෝන් එක ඔන් එකේ තියා ගන්න කියල..හි හි ඒක නේන්නම් .. ශානු අයියා හරි නරකයී නේද.. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 05:17 AM Quote Reply Posted By maduranga001 on 19 Sep 2016 04:03 AM බිසී කියල නොබල කියෙව්ව. බොහොම ස්තූතියි නංගි මේ කොටස් කිහිපයටත්. ඔය දීපු ලියුමක් බාප්පට දුන්න නම් වැඩේ ගොඩක් ලෙහෙසි වෙන්න තිබ්බ. ගොඩක් ස්තූතියී... ඉස්සරහට අපි ලිව්මක් දීලා බලුමුකෝ අෑ... දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 09:56 AM Quote Reply mama ada rathriyedi kiyawannam මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 1 සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 03:56 AM Quote Reply ..... කදුලත් සැනසුමක්........ 20. වන කොටස. මං කිහිප වතාවක්ම උත්සහ කලා. ඒත් පෝන් එක වැඩකරන්නෙ නෑ. අනේ වැඩ කරන්නෙ නෑ බං.. තව එකපාරක් බලපං මං ආයෙත් උත්සහ කලා. ඒ පාර රිග්ස් යනවා. හරි හරී වැඩ.. විමු සතුටින් උඩ පැන්නා. මං කතා කරලා පනිවිඩය කිව්වා. හම්බෙන තැන එයාලා හිතලා බලන්නම් කියලා . අපි දෙන්නට කොහොම හරී එයාලා එනකන් ඉන්න කිව්වා. විමුයී මායී එහෙට මෙහෙට ඇවිදිමින් කාලය ගෙවලා දැම්මා. පැය භාගයක් යද්දී ශානූ අයියලා බයික් එකේ ආවා. බයික් එක කඩයකට දාලා අපි ඉන්න තැනට ආවා. මං නම් දැන් හොදටම බයවෙලා. එවෙලෙම අපේ ටවුන් එකට නෙමෙයී අනිත් පැත්තේ ටවුන් එකට යන බස් එකක් ආවා. නගින්න නගින්න... බස් එකෙ සෙනග කිටි කිටියට. ඊ ළග බස් එකේ යන්න හිටියොත් වෙලාවට ගෙදර එන්න වෙන්නෙ නෑ. මොකද බසෙක ටවුන් එකට යන්න පැය දෙකක් වත් යනවා. ආපහු එන්නත් පැය දෙකක් ඕනිනේ. සෙනග අතරින් රිංලා ගියේ අන්තිම සිට් එක පැත්තට. හතර දෙනාටම ඉද ගන්න පුලුවන්නෙ. ටික දුරක් යද්දී බස් එකේ සෙනග අඩු වුනා. විමුයී දුලාන් අයියයී නම් ඉදගෙන. කොහොම හරි ගමනින් කාලක් විතර යද්දී අපි හතර දෙනාටම එක සීට් එකේ ඉද ගන්න ලැබුනා. ඒ බස් එකේ යන්න බයක් දැනුනේ නැ. ඒ පැත්තට අපි වැඩිය යන්නෙත් නෑ ,කවුරුත් අපිව අදුරන්නෙ නැහැ. අපි අගිය තොරතුරු කතා කරමින් ටවුන් එකටම ගියා. දූලාන් අයියයී විමුයි එකට තුරුල් වෙලා බරටම කතාව. සේරම සෙනග බැස්සා අපි බැස්සෙ නෑ, අපි ඒ බස් එකේම ආපහු එන්නයී හැදුවේ. ශානූ අයියා කඩයට ගිහින් කට්ටියටම කන්න දේවල් අරන් ආවා. අපි දෙන්නා දැන් අන්තිම සීට් එකේ එක කෙලවරක , විමූලා අනිත් කෙලවරේ. විමූට නම් මං ඉන්නවද කියලත් අමතකයී. බස් එකේ තාම සෙනගත් නෑ. මං විමූලා දිහා බලනවා දැකලා ශානූ අයියා මට විහිලූ කලා. මොනවද බලන්නේ සුදු මැනික. නිකන් බැලුවේ.... මං ජනෙල් කවුලුවෙන් පිටත බලා ගන්න ගමන් කිව්වා. ඔයත් ආසයිද එයාලා වගේ යන්න. නෑ. ඇයී තරහින්ද? සුදු මැනික. අනේ නෑ ශානූ අයියේ.. මං කැමතී නැ කාටවත් පේන්න එහෙම ළං වෙලා ඉන්න. ඒක ඔයාට හොද නැ. ඔයාට තේරෙනවනෙ. මට එහෙම ඉන්න ඕනී නෑ ශානූ අයියේ . ඔයා එක්ක කතා කරන්න තිබුනම මට ඇතී. හ්ම්ම්ම් මගෙ සුදු මැනිකට හොදටම පිස්සු. ඇයී.. මං හිනා වෙමින් එයා දිහා බැලුවා. දිලිසෙන ඇස් දෙක මං දිහාම බලන් ඉන්නවා. මං කැමතී සුදු මනික තුරුලු කරන් ඉන්න. ඒත් ඔයා අකමැති කිසිම දෙයක් මං කරන්නෙ නෑ. අතින් අල්ල ගන්නද? පුදුම කෙනෙක් තමා අතින් අල්ලන්නත් මගෙන් අහනවා. මං මොකුත් නොකියා බිම බලා ගත්තේ ,තවත් ඒ නෙත් දිහා බලන් ඉන්න බැරුව. අකමැති නෑ නේද ,සුදු මැනික. ශානු අයියගෙ අතගිලි මගෙ අතගිලි අතරට ගියා. එයාහෙ අත හුගක් උනුසුම්. ජීවිතේ මුල්ම වතාවට අාදරෙන් පිරිමි ළමෙක් අතින් ඇල්ලුව අවස්තාව. විදිල්ලක් කෙටුව වගෙ මගෙ ඇගම හිරී වැටිලා ගියා. ශානූ අයියා එයාගෙ අත්ලෙන් මගෙ අත මිරිකලා අල්ල ගත්තා. මොකද සුදු මැනික සද්ද නැත්තේ.. ම්ම්ම්ම්ම්ම්.. ඕන් මං අහලා අල්ල ගත්තේ. හරිද. ශානූ අයියා තවත් මගෙ හිතේ ලැජ්ජව වැඩි කරනවා. ඊට පස්සෙ ශානූ අයියා එයාගෙ අතක් මගෙ කරවටේ දාලා එයා මාව ළගට කර ගත්තා. පුදුම උනුසුමක් ශානු අයියා ලග තිබුනේ. මං ඇස් පියාගෙන එයාගේ උරහිසට ඔලුව තියාගෙන උනුසුම හිතින් විද ගත්තා. සියලූ දේ සුලු මොහොතයී. බස් එකට සෙනග එන්න පටන් ගත්තා. ශානූ අයියා ටක් ගලා එයාගෙ තුරුල්ලෙන් මාව මිදෙව්වා. බස් එක ආපහු එන්න පිටත් වුනා. මං ජනෙල් කවුලුවෙන් ඉවත බලාගෙන් ඒ සිදුවීම් සේරම එකින් එක හිතින් විද ගත්තා. මොනවද සුදු මැනික ඔය තරම් හිතන්නෙ. පාර දෙපැත්තේ සෙනග බලන්නද මාත් එක්ක ආවේ. ම්ම්ම්ම්ම්ම් කට නැතිද දැන් මගෙ උකුල උඩ තිබුන අත අරන් ශානූ අයියා මිරිකලා අල්ල ගත්තා. කාටවත් පේන්නට හොද නෑ කියලා මගෙ පොත් බෑග් එකෙන් අත දෙක වැහුවා.මට හිනත් ගියා පිස්සු වැඩ දැකලා. බහින තැනට එනකන් ම අත් අල්ලගෙන ආවේ ඒ විදිහට.." ඇත්තටම ශානූ අයියට පිස්සූ" මං තනියෙන් කල්පනා කලා. එයා මං ගැන හුගාක් හිතනවා .මං දවස් කීපයක්ම යනකන් ගෙදර හිටියෙ බයෙන් කොහෙන් හරී ආරංචී වෙලා ඇද්ද කියලා. ඒත් කොහෙදෝ තිබුන පිනකට ඒක ගෙදරට ආරංචි වුනේ නෑ. ************************************** අහන්බෙන් දවසක මට ගෙදර ඉන්න සිද්ද වුනා. නිදා ගන්න එකත් අවුලක්නෙ මං පොත් ටික දිගෑරගෙන අතපසු වුන නෝට් එකක් ලියන්න ගත්තා. හෙට ක්ලාස් දවසක් නිසා ශානූ අයියා දකින්න හරි ඒවිනේ කියලා ,එතකොට දෙන්න ලිව්මක් ලියන්න හිතුවා. පොත් අස්සේ හංග ගෙන වට පිට විනසිල්ලෙන් මං ලිව්ම ලිව්වා. ලියලා කොලේ කඩලා පොඩි වෙන්න නැමුවා. පොඩ්ඩක් මේ දොර අරිනවා සුද්දී.... තෝ හොදට නිදී බැල්ලී හොර ලිව්ම් ලියනවා...... එ සද්දේ ඇහෙත්ම මගෙ ඇග පිච්චිලා ගියා. මට කර ගන්න දෙයක් මතක් වුනෙත් නැ. මගෙ හදවත ඩිහ් ඩිග් ගාන සද්දය මටම ඇහෙනවා. මං ටක් ගාලා ලිවුම කටේ දා ගත්තා. ඉරන්නත් වෙලාවක් නෑ නේ. හැපුවට හැපෙන්නෙත් නැහැ. අම්මා ඇදෙන් බැහැලා ඇවිත් බලෙන්ම උදුරලා ලිව්ම ගත්තා. මං ඉවරයී. අම්මා එක්ක පොර කන්නත් බෑ, ඒවෙනකොටත් මට කම්බුල් පාරවල් කීපයක් ලැබිලා තිබුනේ. එහෙන්මම පුටුවට වාරූ වුනා. බයටම මගෙ ඇග පණ නෑ වගේ ගැහෙනවා. සුද්දී ඇරපන් දොර.. අම්මා දොර අරිනවත් එක්කම සේන බාප්පා කාමරයට ඇවිදින් ලිව්ම අම්මගෙ අතින් උදුර ගත්තා. ඒකත් අරන් කෙලින්ම පැන්නෙ මට ගහන්න. කොහෙන් ආව හයියක්ද්ද මංදා කවදාවත් නැතුව එදා මං ගුටි කාගෙන හිටියේ නැ. මට ගහද්දී මාත් ගහගෙන ගහගෙන ගියා. ලග තිබුනූ බෝතල් ,මල් පෝච්චී ,ඒවයිනුත් මං දමලා ගැහුවා. තොට අයිතියක් නෑ බල්ලො. මට ගහන්න. තෝ මගෙ කවුද. මගෙ අම්මා මාව මැරුවත් කමක් නෑ. තවත් තොගෙන් නම් මං ගුටි කයී කියලා හිතන්න එපා. බනිමින් මං පහර දුන්නා. අම්මා මැද්දට පැනලා දෙන්නගෙ පොරේ නවත් වන්න උත්සහ කලා. අම්මගෙනුත් ගුටි හම්බුනේ මට. නවත්තපං කෙල්ලෙ තොට පුලුවන්ද මිනිස්සු එක්ක ගහ ගන්න. අන්තිමට සේන බාප්පා අම්මව ඇදලා තල්ලු කලා. අම්මා විසික් වෙලා ගිහින් බිත්තියෙ ඔලුව වැදුනා. අම්මට එතනම සිහි නැති වුනා. අහල පහළ කට්ටියත් ඇවිත් හිටියේ සද්දෙ නිසා. මං කෑගහගෙන අම්මා ළගට පැන්නා. සේන බාප්පා මට බැන බැන අල්මාරියේ වීදුරුවට මොකකින්ද දමලා ගැහුවා. වීදුරුව සල සලාන් ගාලා බිම වැටුනා. ටීවී ,රේඩියෝ, කුස්සියෙ බඩු සේරම පොලවේ ගහලා චප්ප කරලා දැම්මා. පස්සෙ කට්ටිය අමාරුවෙන් සේන බාප්පව අල්ල ගත්තා. මනීෂ නංගිලාගේ අම්මා එහෙම අම්මට වතුර ඉහලා සිහිය ගත්තා. ලේ ටික හෝදලා බේත් ටිකක් දැම්මා . දැං හැමෝම දන්නවා මේ රංඩුව ඇති වුනේ මං නිසා කියලා. හැමෝම මං දිහා බැලුවේ අමුතුම තාලෙකට. සේරටම සේන බාප්පා හොද වුනා. හැමෝම හිතුවේ දරූ සෙනෙහසින් මෙහෙම වියරූ වැටුනා කියලා. සේන බාප්පා බොරුවට අඩ අඩා මට බැනලා අනිත් අයගෙ අනුකම්පාව දිනා ගත්තා. මං බල්ලා කියලා කතා කරන්නෙ කියලත් හැමෝටම කිව්වා. කවුරුත්ම ඉතුරු වුනේ නැ මගෙ පැත්තට කතා කරන්න. හැමෝම මට දොස් කිව්වා.මං ඇදට යන්න හදන කොට මගෙ කකුලේ අල්මාරියෙන් වැටුනු කණ්ණාඩී කෑල්ලකට කකුල කැපුනා. මං එහෙන්මම ඇදේ ඉද ගෙන අමාරුවෙන් වීදුරූ කටුව ගලවලා දැම්මා. කකුලෙන් ලේ ගලනවා. අතෙත් ලේ. මගෙ ඇදුමක් එතන තිබුනා. ඒකෙන් අත පිහදාගෙන කකුලේ ලේ එන තැන වැහෙන්න ගැට ගැහුවා. මං ඇදේ මුල්ලට වෙලා ඉදගෙන ඉකි ගගහා ඇඩුවා. සේන බාප්පා එක්ක පොර කාලා මගෙ ඇගම රිදෙනවා. අම්මගෙන් ගුටිකාලා මූනත් ඉදිමිලා. එහෙන් කකුල රිදෙනවා. හැමදේටම වඩා හිත රිදෙනවා .හැමදාම වගේ අදත් මට ඉතුරු මං විතරයී. එදා රැ කවුරුත්ම නිදා ගත්තේ නෑ. පාන්දර අම්මයී, සේන බාප්පයී මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. මට ඒවට උත්තර නොදී ඉන්න බැරී වුනා. සේන බාප්පා ශානූ අයියව මරනවා කියලා දිවුර දිවුර කිව්වා. මගෙ මුලු ආත්මයම ඒ වචනයත් එක්ක අලුවෙලා ගියා. සේන බාප්පා හැසිරුනේ තමන්ගේ අඹුව තව මිනිහෙක් එක්ක ඉදලා අහු වෙලා වගේ. පහුවදා උදේම නියනක් ඉනේ ගහගෙන." අද ඕකව මරන්නෙ මේකෙන් ඇනලා" කියලා පිට වෙලා ගියා. බයෙනුත් වේදනාවෙනුත් සිය දහස් වාරයක් පිච්චෙමින් ඇදටම වෙලා මුලු දවසම ඇඩුවා. මට තියෙන එකම බය ශානු අයියට මොනවා හරි කරයිද කියලා. ඊ ළග කොටසින් හමු වෙමූ😢😢😭😭 දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 20 Sep 2016 06:39 AM Quote Reply මට නම් දැන් කිසි කලබලයක් නැහැ ඉගාව කොටස දාන්න කියන්න ඔන නැහැ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 20 Sep 2016 06:52 AM Quote Reply අනේ ශානු අයිය සේනයගෙ දෙකොන මාරැ වෙන්න දුන්නනං ෂෝක් කථා පොඩ්ඩ 0 සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 10:26 AM Quote Reply Posted By sha733 on 20 Sep 2016 06:52 AM අනේ ශානු අයිය සේනයගෙ දෙකොන මාරැ වෙන්න දුන්නනං ෂෝක් කථා පොඩ්ඩ හපොයි බලමුකෝ ගහයිද කියලා නේ....... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 10:28 AM Quote Reply Posted By DanuLiyanage on 20 Sep 2016 06:39 AM මට නම් දැන් කිසි කලබලයක් නැහැ ඉගාව කොටස දාන්න කියන්න ඔන නැහැ අෑ... හී............ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 09:52 PM Quote Reply .... කදුලත් සැනසුමක්...... 21. වන කොටස. පැත්තකට වි ඇඩීම හැර කල හැකි දෙයක් තිබුනේ නෑ. ශානු අයියාගේ ජීවිතයට මොකුත් අනතුර ඇති කරන්න එපා කියලා සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලපු එක විතරයී කලේ. දහවල් එකෝළහ විතර වන විට මට ටිකක් නින්ද ගිහින් තිබුනා. තුන් වේලක් නිරාහාර මගෙ ඇගත් අප්‍රානික වෙලා. ඒත් මං එලියටවත් ආවේ නෑ. අම්මා උදේ කීප වතාවක්ම දොස් පැවරුවා . මං හැමදේම අහගෙන අඩන එකයී ,හූල්ලන එකයී විතරයී කලේ . සේන බාප්පා කාත් එක්කද කතා කරන සද්දයක් ඇහිලා මං ගැස්සිලා ඇහැරුනා. නැගිටපන් නැගිටලා වරෙන් එළියට. ආන් උබේ මාමණ්ඩී ඇවිත්. සේන බාප්පා ඒක කිව්වේ මගෙ ඉහ ඉද්දරට ඇවිත් ,රහසින් වගේ. මං ඒත් නිහඩවම හිටියා. ශානූ අයියලාගේ තාත්තා නම් මට මොකුත් කිව්වෙ නෑහැ. සේන බාප්පා මට එලියට එන්න කියලා කෑගහද්දී ශානූ අයියලාගේ තාත්තා කිව්වේ." ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න. දුවේ ඔය දේවල් අමතක කරලා හොදට ඉගෙන ගන්න, පස්සෙ මේවා කරන්න පුලුවන්නෙ" කියලා. එයාලගෙ කතා බහෙන් තේරුනා සේන බාප්පා ශානු අයියගේ තාත්තව අදුරනවා කියලා. දෙන්න කලින් එක තැන රස්සාව කරලා තියේ, දෙන්නා යාලුවෝ. සේන බාප්පා මට ආයෙත් බනින්න පටන් ගත්තේ, ඒ මාමා ගියාට පස්සෙ. " උන් හෙන දුප්පත් මොකුත්ම නැ ." මං දන්නෙ නෑ ශානූ අයියාලා දුප්පත්ද , පොහොසත්ද කියන්න. අනික ඉතිං අපිත් පෝසත් අය නෙමේනේ. සේන බාප්පා මව ආයී ඉස්කෝලේවත් , ක්ලාස් වත් යන්න දෙන්නෙත් නැ කියලා බැන්නා. මට කොහොමත් එදා ක්ලාස් එකට යන්න දුන්නෙත් නෑ, එදා ඉදන් ප්‍රශ්නතවත් වැඩි වුනා. සේන බාප්පා ඒක ප්‍රයෝජනයට අරන් මාව බය කර ගන්න හැදනවා. ඒත් මං බුරුලක් දුන්නෙම නෑ. සුද්දී අද උබේ බෑනා එනවා කිව්වා. මොන බෑනෙක්ද.. ඇයී උබේ ලොකු කෙල්ලගෙ මිනිහා. පිස්සු නොකියා ඉන්නවා ඕයී . මං තවම ඇදෙන් බැස්සෙත් නෑ. දවල්ට කන්න කිව්වෙත් කෑවේත් නෑ. ඉස්කෝලෙයී, ක්ලාසුයී යන්න දෙන්නේ නෑ කියන්නේ ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. ඒත් ඉතිං මොනවා කරන්නද ඉවසනවා ඇරෙන්න. නෑ බලපන්කෝ ..මං ඒකට කතා කලා .එනවා කිව්වේ මෙහේ. ආවම බලමුකෝ මොකද කියන්නෙ කියලා. සේන බාප්පා කේන්තියෙන් කිව්වා. හවස් වුනා, ශානූ අයියා එන බව චූටී මල්ලී මට කිව්වා. මට දැන් බයෙ බෑ , මොනවා වෙයිද කියලා.මං කියන සේරටම කන් දීගෙන හිටියා. ඇයී එන්න කිව්වේ. මේක නවත්තන්න කියන්න. මොකක් ද දැන් මේකට කරන්නේ. මොනා කරන්නද . මේ සම්බන්දය නවත්තන්න වෙනවා. බෑ.. ඔයාට පුලුවන් දෙයක් කරන්න . මං නවත්වන්නෙ නැ මේක. හා කරං ගිහින් බලහන්කෝ උබට වෙන දේ හා බලමුකෝ. ශානූ අයියා ටිකකින් යන්න ගියා . සේන බාප්පා මොනවා කිව්වත්, ශානූ අයියා නවත්වන්නෙ නෑම කිව්වා. බාප්ප්ට තවත් කේන්තී. අපි දෙන්නා යාලු වෙලා මාස තුනයී. ඒ වුනාට ශානූ අයියා හුගක් ආදරෙ කලා, විශ්වාස කලා ඒ බව මට හොදට තේරුම් ගියා. හවස අම්මා බයින නිසාම කෑම ටිකක් කන්න සිද්ද වුනා. කාලා බලා ගත්තූ අත බලන් කල්පනා කරනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. අැදිර වැටීගෙන එනවා, සේන බාප්පා ආයෙත් මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා සුදු දූ.. දැන් තීරනයක් ගත්තද. නෑ.... සම්බන්දෙ නවත්වනව නේද? නැ.. ඇයී. බැරී නිසා. ඇයී නවත්වන්න බැරි සේරම කරන් ඉවරද? ඈ අනේ මේ බල්ලෝ. උබ වගේ නෙමේ මං මට අරංචී වුනා. අරු උබව බිත්තියට හේත්තු කරන් හිටියා කියලා. ඔව් ඉතින් ඔබට මොකද ?සේරම කරා තමා .උබට මොකද? මං කේන්තියට කිව්වා. ආ එහෙමද? තොට ඕනී මිනිහෙක්නේ . ඉගෙන ගන්න ඕනී නෑනේ, බන්දලා දෙන්න තමා වෙන්නෙ. මට උබට වගේ හදිස්සියක්න්නෑ .. යකෝ.. දෙන්න එක්ක වාද වුනා . කිව්ව වුදිහටම මාව ක්ලාස් ඇරියේ නැ. අගොස්තූ නිවඩුවත් ඉවර විගෙන එනවා. මට තියෙන බය ආයී මට ඉසකෝලේ යන්න දෙන එකකුත් නෑ කියලා. අගොස්තූ අග අපි ගමේ ආවා . සීයත් නැති වෙලා මාස තුනයී. අපි තුන මාසේ දානේ කටයුතු හොදින් කරගෙන ගියා .සේන බාප්පා සිද්ද වුන දේ සියලු නෑදෑයනට කියලා එයා අනුකම්පාව දිනා ගත්තා . දැන් ඔක්කොමලා හිතන්නෙ මගෙ වැරද්ද කියලා විතරයී . ඊ ලග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 20 Sep 2016 11:08 PM Quote Reply මන් නම් හිතුවෙ තව ටිකක් කල් ගෙදරට අහුවෙන්නෙ නැතුව වැඩේ ගෙනියයි කියල... දැන් ඉතින් ඉවරයි ඔක්කොම Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 21 Sep 2016 12:40 AM Quote Reply iwarayii iwarayi senayata ahu unaa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:30 AM Quote Reply සේනයා ඒක්ක බෑ වු හොරෙන් බලන් ඉන්නවනේ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:44 AM Quote Reply ..... කදුලත් සැනසුමක්..... 22. වන කොටස. හවස් වාරුවක මං මල්ලිගේ ඔංචිල්ලාවේ වාඩී වෙලා ඈතක ඇස් රදවාගෙන හිටියා. කීපදෙනෙක් කතා බහ කරමින් එන සද්දයක් ඇහිලා මං පාර දිහා බැලුවා. ශානූ අයියගෙ අම්මයී, තාත්තයී, නංගී ඈතින් එනවා. මං එයාලා එනවා දැක්ක ගමන් ගේ ඇතුලට ගිහින් හැංගුනා. ඇදේ මුල්ලට වෙන්න ඉදගෙන එයාලා කියන දේ අහන් හිටියා. හෙට ඉස්කෝලේ පටන් ගන්න නිසයී එයාලා ඇවිත් තිබුනේ. අපේ සම්බන්දය ගෙදරට අහු වුනාට ඉස්කොලේ අය දන්නෙ නැහැනේ. මේ කතාව ඉස්කෝලේ කාටවත්ම දැන ගන්න තියන්න එපා කියන්නයි එයාලා ඇවිත් තිබුනේ. ඒකෙන් දෙන්නගෙම ඉගනීමට ප්‍රශ්නයක් වේවී කියලා. අනිත් එක ශානූ අයියා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා නිසා මේ ප්‍රශ්නය ඉස්කෝලෙට ගියොත් ලොකු අවුලක් වෙනවා. ටිකක් වෙලා කතා කරලා එයාලා යන්න ගියා. අම්මා බයින්න ගත්තා. මං සද්ද නැතුව හිටියේ තවත් කේන්තිය වැඩි කරන්න බැරී නිසා. සේන බාප්පට විස්‍තරය කිව්වා. එයා පරල වෙලා කෑ ගැහුවා. කොහොම හරී කාලය ගෙවිලා ගියා පලවෙනී සතියම මාව ඉස්කෝලේ යැව්වේ නෑ. මං දවාලක් රැයක් නැතුව ඇඩුවා. ඒ දේවල් අතරෙත් බාප්පගේ නරක හැසරීම් වල නම් අඩුවක් තිබුනේ නෑ. එයා හිතුවේ මේ හේතුව නිසා මාව බය කර ගන්න පුලුවන් වෙයී කියලා. ඉස්කෝලේ දවස් පහක් පාඩු වුනා ,සිකුරාදා රෑ සේන බාප්පා මගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න ගත්තා. මොකක්ද්ද දැන් තීරනය .හැමදාම ගේ අස්සටම වෙලා ඉන්නවද. ඔයාලගෙ කැමැත්තක්.. ඇයී දැං ඉස්කෝලේ ගියා ඇතිද? කසාදයක් කර ගන්නනේ ඕනේ. මට නම් එහෙම උවමනාවක් නෑ. ඕක නවත්වන්න බැයි නම්, ඉස්කෝලේවත් පංති වත් යවන්නෙ නෑ. ලෝකෙන්ම ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාලූ වුන කෙල්ල මං වගේනේ ඔයාලගෙ කතාව. කටවහපන් එකට එක නොකියා . අම්මා කතාව මැද්දට පැන්නා. අම්මා කියන්නෙ මෙයා කියන කරන සේරම වැඩ හරී කියලද. සදහටම මං ගේක හිර කරන් හිටියත්. ඔය සමහරුන්ට ඕනී ඒවා නම් සිද්ධ වෙන්නෙ නෑ. ඉස්සරලා ඉගෙන ගෙන හිටහන් ඔය කොල්ලව මරවන්නෙ නැතුව. අම්මා එහෙම කිව්වම මට ශානූ අයිය ගැන බයක් දැනුනා. අන්තිමට මං ශානූ අයියගෙන් ඈත් වෙන්න කැමති වුනා. ගොඩක් නීතී රීතී ගොඩකුත් එක්ක ඉස්කෝලේ යන්න ලැබුනා. ඒත් ශානූ අයියා එක්ක මොකක් හරී සම්බන්දයක් අහු වුනොත් ශානූ අයියට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයී කිව්වා. ක්ලාස් යන්න දුන්නෙත් අම්මා එක්ක එක්ක , තනියෙන් ගෙදරින් පිටට යන්නවත් දුන්නෙ නෑ. රෑට පාඩම් කරන එකත් තහනම් කලා, මං පාඩම් කරනවා නම් අම්මත් ඇහැරලා ඉන්න ඕනී කියලා කිව්වා. ඉස්කෝල් යන්න පටන් ගත්ත දවසේ හැමෝම ඇහුවා මං ඉස්කෝලේ ආවේ නැත්තේ ඇයී කියලා. මං බොරූ හේතුවක් කිව්වා. මං උදෙන්ම විමූ එක්ක නිදහ්සේ කතා කරන්න ක්‍රමයක් හෙව්වා. අපු දෙන්නා උදේ රැස්වීමට කලින් අරලිය ගස් පේලිය තියෙන පැත්තට ගියා. මට වුන හැමදේම මං වීමූට කිව්වෙ අඩමින්. හරී ශදී අඩන්න එපා. අපි දැන් මොකද කරන්නෙ. අනේ මංදා ඔබ ශානූ අයියගෙන් ඈත් වෙනවද. වෙන කරන්න දෙයක් නෑ. ඔබට පුලුවන්ද එහෙම කරන්න. ශානූ අයිය කොච්චර අවුලෙන්ද ඉන්නෙ කියලා උබ දන්නවද. මට හිතා ගන්න පුලුවන්. මං කොච්චර අ..වු..ලින්ද කියලා.. ඔබට තේරෙන්නෙ නැද්ද.. හරී බං ඒත් ඕකට විසදුම ශානූ අයියා අත් අරින එක නෙමෙයී. ඔය කෑගැහුවට ඔබලගේ බාප්පට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ..ත්.. මට.. බ.යයී.. බං.. මං .. නිසා. ශානූ අයියට.. කරදරයක් වුනොත්... ඒක.. මට ඉව..සන්න.. බෑ. අඩන්න එපා බං. බය වෙන්න එපා ආයී හුගක් පරිස්සමින් ඉමූ. එහෙම කරන්න බෑ බං. සේන බාප්පා බොන එකෙක් නිසා මොනා කරයිද කියලා විශ්වාස කරන්න බෑ. අර පහල ගෙදර කොල්ලෙක් ඉන්නවා දහයේ .වුගෙන් තමා ශානූ අයියා ගැන සේරම විස්තර අහන් තියෙන්නෙ . උන් සේරම කේලම් කියාවී.. අනේ බං උබ ශානූ අයියව අත් අරින්න එපා. දුලාන් අයියා කිව්වා. ශානූ අයියා දැනටත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ කියලා.. මටත් ශානූ අයියා අත් අරින්න බෑ. මං එයාට හැමදාමත් ආදරෙයී. ඒකයී මං ඈත් වෙන්නෙ. මට ලං වෙන අයට දුකම විතරයී. අපී දෙන්න වාද කර කර හිටිය නිසා ශානූ අයියා අපි ළගට එන එක දැක්කෙ නෑ. මං ඉක්මනින් දෑගිලී වලින් කදුලු පිස ගත්තා ශදී නංගියෝ. ඔයා හොදින් නේද .ඇයී අඩන්නෙ.. ඔයාට හුගක් වද දෙන්න ඇති අර බාප්පා . නෑ ශානූ අයියේ... මං හොදින්.. ඇයී අඩන්නේ.. අඩන්නෙ නෑ ශානූ අයියේ. ඒත් ඔයා මගෙ ජීවිතෙන් ඇත් වෙන්න. මගෙ එක්ක කතා කරන්න වත්, බලන්නවත් එපා. මට ඔයාගෙන් ඈත් වෙන්න වෙනවා මෙහෙ උත්තූකාරයෝ ඉන්නවා. එහෙම කියලා මං එතනින් පිට වුනේ හී සැරයක් වගේ. පංතියට ඇවිත් මං ආපහූ බැලුවා. ශානූ අයියා දුකින් බිම බලාගෙන විමූ කියන දේ අහගෙන ඉන්නවා. විමූ මොනවාදෝ කියවලා පංතියට ආවා. මං ඔලුව ඩෙක්ස් එකේ ඔබාගෙන අඩනවා. උදේ රැස්වීමටවත් නොයා මං පංතියට වෙලා, හිත හදා ගන්න උත්සහා කලා. පළවෙනී පීරියඩ් එක පංතී භාර ටීචර්ට තිබුනේ. එයා පංතියට ඇවිත් සේරම ළමයින්ට තෙරුවන් සරනයී කියලා ගුරු පුටුවේ ඉදගෙන රෙජිස්ටර් එක ලකුනූ කරන්න ගත්තා. පුදුමේ කියන්නෙ මං සතියක්ම ඉස්කෝලේ ආවේ නැති වුනත් ,මගෙ නොපැනීමට හේතූ ඇහුවෙ නැ. විමංශා ඔයා ගයේෂලගේ කන්ඩායමට යන්න. නිමේෂා ඉස්සරහට එන්න. ටීචර් එහෙම කියද්දී හැමෝම පුදුම වුනා. විමූයී මායී පොඩී කාලේ ඉදන් යාලුවෝ. එයාව මගෙ ළගින් යවන්නෙ ඇයී කියලා ,කටවත්ම හිතා ගන්න බෑ. ඒත් ඇයී ටීචර්.. විමංශා ප්‍රශ්න කරන්න එපා. කිව්ව දේ කරන්න. විමූ එයාගෙ ඩෙක්ස් එකත් අරන් ගයේෂා ලගට ගියා. මට මොනා කරන්නද හිතා ගන්නවත් වෙලාවක් නෑ. ශදීෂා. ඔයා කල්පනාවෙන් ඉගෙන ගන්න. අමතර දේවල් ගැන හිතන් නැතුව. ළගදී ඉදන් ඔයාගේ ඉගෙන ගැනීමේ උනන්දුව අඩු වෙලා. තේරුනාද. ගිය වාර විභාගේ ලකුනූ කවදටත් වඩා හොද වෙලත් ටීචර් මෙහෙම කියන්නෙ ඇයී කියලා මං කල්පනා කලා. ටික දවසක් ගෙවෙන කොට මට දැන ගන්න ලැබුනා. සේන බාප්පා පංතී භාර ටීචර්ට සේරම කියලා බව. තව ගයේෂත් අපි ගැන ටීචර්ට කියලා තිබුනා. ටිකෙන් ටික ටීචර්ලා අතර ආරංච්චිය පැතිර ගියා. ඊ ලග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 21 Sep 2016 04:51 AM Quote Reply ඒකනේ සේනයා කලින් තියා දැනගෙන ඉදල තියෙනවනේ. අනේ නංගියෝ ඕකව මරල දාපංකෝ ලස්සනන ලව් ස්ටෝරියක් බලන්න 0 සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 02:13 PM Quote Reply Posted By sha733 on 21 Sep 2016 04:51 AM ඒකනේ සේනයා කලින් තියා දැනගෙන ඉදල තියෙනවනේ. අනේ නංගියෝ ඕකව මරල දාපංකෝ ලස්සනන ලව් ස්ටෝරියක් බලන්න ඒකා මරලා බෑලු අප්පා.. ශදීගේ මල්ලිටත් තාත්තෙක් නැති වෙනවා. අනික අැත්ත කතාව මට වෙනස් කරන්න අයිතියක් නෑ. හී........... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:04 PM Quote Reply .....කදුලත් සැනසුමක්...... 23. වන කොටස. මුලූ ඉස්කෝලෙම කතාව පැතිරිලා ගියා. ඉස්කෝලේ මට තිබුන සැනසීමත් නැත්තටම නැති වෙලා ගිහින්. මට දැන් ශානූ අයියා දිහා බලලාවත් සැනසෙන්න තිබුන අවස්තාවත් නැතුව වෙලා. ටීචර්ලා සර්ලා අපි ගැන ඇහැගහගෙනමයී හිටියේ. මං ශානූ අයියව මගෑරියා පුලුවන් තරම්, මට කතා කරන්න බයයි සේන බාප්පාට ආරංචී වෙයී කියලා. සර්ලා ටීචර්ලා ශානූ අයියටත් දොස් කියලා තිබුනා. විමුත් මගෙන් ඈත් කරලා, මට කොයි පැත්තෙන් වත් සහනයක් නෑ. සේන බාප්පා තමා විමූ නිසා මං නරක් වෙනවා කියලා විමූව මගෙ ලග තියන්න,එපා කියලා තියෙන්නේ. ඒක නිසා විමූටයී මටයී කතා කරන්නත් ටීචර් නැති වෙලාක් හොයා ගන්න වුනා. ටීචර්ස්ලගෙ තිබුන ආදරය සැලකිල්ල එහෙන්මම නැතුව ගියා. මගෙ පොත බලන වෙලාවටත් ටීචර්ස්ලා නෝක්කාඩු කියන්න ගත්තා. ************************************ මට දැන් නැන්දලාගේ ගෙදර යන්න තහනම්, සේන බාප්පා ලිව්මේ සිද්දිය ආයුධයක් කරන් "හීන් නූලේ" මගෙ ගම නවත්වලා දැම්මා. මං දැන් හැම රෑම ගෙවන්නෙ ගෙදර . ඒක නිසා මට කවදාවත්ම හොද නින්දක් ලැබුනේ නෑ. චූටී මල්ලී ඇගේ ගෑවුනත් උඩ ගිහින් ඇහැරුනා. ඒ තරමට බයෙන් මං ඒ ගෙදර නිදා ගත්තේ. සැහැල්ලු ඇදුමක් ඇදන් නිදා ගන්න නොතිබුන නිසා දාඩියයී,රස්නෙයී මගෙ නින්දට හුගක් බාධා කලා. නිදී නැතුව ඇදේ පෙරලිලා හිටියත් මට පාඩම් කරන්න පොතක් අල්ලන්න සේන බාප්පා ඉඩ දුන්නෙ නෑ. මං රෑ පොතක් ගත්තොත් අනිවාරෙන් සේන බාප්පා අම්මට ඇහැරවලා මට බැන්නා. මං පුරුදු වෙලා හිටියේ රෑ පාඩම් කරන්න. ඒ නිදහසත් මට නැතී වුනා. මගෙ වැරදයී, අවාසනාවයී නිසා සේරම වුනේ කියලා මං හිත සනස ගන්න වෑයම් කලා. මං නින්ද නොයන නිසා ඔහේ කල්පනා කර කර හිටියා. අම්මටයී චුටී මල්ලිටයී හොදටම නින්ද ගිහින් . මං හිටියේ මැද කොට බිත්තිය අයිනේ නිදාගෙන. නින්ද නොගියත් මං ඇස් පියාගෙන කල්පනා කරමින් හිටියා. මේ තරම් ඉක්මනට මට ශානූ අයියා නැතී වුනානේ කියලා. එක පාරට දෙයක් මගෙ ඇගේ ගෑවෙනවා මට දැනුනා. මං කලබල නොවී හොරේන් අස් ඇරලා බැලුවා. කොට බිත්තියට උඩින් එස්ලෝන් බටයක් මගේ ඇග දිහාවට එල්ල වෙලා. මං මොකක්ද්ද වෙන්න යන්නේ කියලා බලාන හිටියා. ඒ බටෙන් මගේ පොරෝනය ටික ටික අයින් කරන්නයී සේන බාප්පගේ උත්සහය. කොට බිත්තිය එහා පැත්තේ තිබුන මේසෙට නැගලා, එල්ලිගෙන ,මහංසී වෙනවා. මං පැනපූ ගමන් බටේ අල්ල ගත්තා. අම්මේ අම්මේ.. සේන බාප්පා ඒ සද්දෙත් එක්කම දඩස් ගාලා මේසෙන් පැනලා ගොරව ගොරව නිදී අම්මේ.... අම්මේ... හ්ම්ම්ම්ම් මේ බලන්නකෝ .මේ බල්ලට මට නිදහසේ නිදා ගන්න දෙන්න කියන්නකෝ. ඇයී මොකද කලේ. මේ බලන්නකෝ බටේ දාලා මගෙ පොරෝවන් ඉන්න එක අයින් කරන්න හැදුවා. මොන පිස්සුද? ඔය ගොරවන්නේ එයා හොදටම නින්ද ගිහින්. ඔය ලමයගේ මනස්ගාත. අම්මා කියන්නෙ මේ බටෙත් බොරුවක් කියලද? උඩ තිබිලා වැටෙන්න ඇතී ... විකාර හිතන්න එපා ළමයෝ. නිදා ගන්න මට නින්ද යන්නේ නෑ. ඉස්කෝලේ වැඩ වගයක් තියේ ටිකක් ඉන්නවද මාත් එක්ක ඇහැරන්. මොන වදයක්ද මේක කියලා අම්මා ඇදේ ඉද ගත්තා. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 22 Sep 2016 01:03 AM Quote Reply ස්තුති සදුනි නගා ඔයා මහන්සි වෙල කතාව දාලා තියෙනව ගොඩාක් ස්තුති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 01:49 AM Quote Reply ශාදිට තාත්තෙක් නැති එකේ මල්ලිටත් නැති වුනාට කමක් නැහැ කියල හිතෙනව කථාවට ඒක හොදයි අම්මට කරදර දිදි රැ පාඩම් කරන්න ගන්න ඕනෙ එතකොට මේක වදයක් කියල පාඩුවේ නිදාගියිනේ 0 Add Reply Page 8 of 16 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit