You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 9 of 16 << < 7891011 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Sep 2016 01:57 AM
  •  Quote
  •  Reply

අනේ මන්දා ශා අයියා..........

අපි කිව්වට බෑ ඔනන් ඔහොමයි සිද්ද වෙලා තියෙන්නේ.

ළමෙක් ඒක්ක තනි වුන ගෑනියෙක් අායි බදින්න හොද නෑ කියලා මම හිතන්නේ.

කාව වත් විස්වාස කරන්න බෑ

 

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 02:05 AM
  •  Quote
  •  Reply
එහෙම කියන්නමත් බැහැ අපෝ දෙයියො වගේ මිනිස්සු ඉන්නවා
මම කියන්නෙ මේ සේනය මහ ජරාවක් කියල.
තමන්ගෙ බිරිදට, ලමයෙකුට අසල් වාසියෙකු වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Sep 2016 02:16 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

24. වන කොටස.

     මාත් ඇදෙන් බැහැලා ,පොත් මේසේ ළගින් ඉද ගත්තා. බෑග් එකෙන් පොත් ටිකක් අරන් දිගහැර ගත්තා. පොත් වල වැඩක් කරන්න තරම් හිතේ නිදහසක් නැති නිසා පොත දිගෑරගෙන කල්පනා කර කර හිටියා. ටිකකින් අම්මට ආයෙත් නින්ද ගිහින්. සේන බාප්පගේ ගෙරවිල්ල නතර වෙලා .ඒක නිසා මං නිකමට වටපිටාව හෝදිසියෙන් බැලුවා. 

මොකද කොහෙන් හරී බලන් ඉන්නවා වෙන්න පුලුවන්නේ.කපරාදූ නොකරපූ බිත්තීයේ පලංචී දැමීමට යොදා ගත් සිදුරූ තාම වහලා තිබුනේ නෑ. ඒවට ලෑලී කෑලී ගහලයී තිබුනේ . අහම්බෙන් වගේ මං දැක්කා පොත් මේසේ ළහ ලෑලී කෑල්ල එහාට වෙලා තියෙනවා. මං නොදැක්කා වගේ ඉදගෙන මොකද කරන්නේ කියලා කල්පනා කලා. 


    එතන බොන්න ගෙනාපූ වතුර කෝප්පේ වතුර ටිකක් ඉතුරු වෙලා තිබුනා. මං ඒකට ඩෙටෝල් බෝතලෙන් භාගයක්ම දැම්මා. කලවම් කරන ගමන් සිදුර දිහා බැලුවා. තවමත් මළ පෙරේතයෙක් වගේ බලන් ඉන්නවා. මං එකපාරටම ඩෙටොල් වතුර එක සිදුරෙන් එළියෙන් ගැහුවා. ඒ එක්කම දඩ බඩස් ගාලා පෙරලගෙන දුවනවා ඇහුනා. ඒ මූන දැක්කම එන කේන්තියට මට මිරිස් කුඩු ගැහුවොත් තමා සැනසීමක් දැනෙන්නේ.
ටික වෙලාවකින් සේන බාප්පා අම්මට කෑ ගැහුවා.

තෝ හොදට නිදී .අරකී හොර ලිව්ම් ලියනවා. ඇහරලා බලනවා. නැත්තම් ඕකිටත් නිදා ගන්න කියපන්. 

           අරෙහෙන් මෙහෙන් බලනවට බැන්නත් ,ඒක අම්මා ගනන් ගත්තේ නෑ. ලිව්ම අහු වුන නිසා අම්මට කිව්වම එයා කියන්නෙ." උබේත් හොර වැඩ නිසානේ බලන්නෙ" කියලා.

 
    අම්මා ඇහැරලා කුස්සියට ගියා, උයන්න ඕනී නිසා. සේන බාප්පගේ ඇහැ රතු වෙලා. මට ඒක දැක්කම හිනත් ගියා. අම්මා ඇහුවා ඇයී ඇහැ රතු වෙලා කියලා. සතෙක් ගිහින් කිව්වා. ඊට පස්සෙ සේන බාප්පා මං ඉන්න තැනට ආවා. ඇවිත් මගෙ පොත දිහා බලාන ඉන්නවා. 

සුදු දූ පාඩම් කරනවා වගේ..


    මං සද්ද නැතුව හිටියා. සේරම බලූ වැඩ කරලත් බබා වගේ ලැජ්ජා නැතුව මෙහෙම කතා කරන්න පුලුවන්නේ. 

හොදට පාඩම් කරන්න සුදු දූ..


සේන බාප්පා මගෙ ඔලුව අත ගාන්න උත්සහා කලා. මං එක පාරටම පුටුවත් පස්සට කරගෙන නැගිට්ටා.

එපා මාව අල්ලන්න . ලගට වත් එන්න එපා. බල්ලා.

ඇයී මේ ..මං ඔලුව අතගාන්නනේ හැදුවේ.

තෝ එන්න එපා මං ඉන්න තැනකට වත්. මගෙ දෑහටවත් පේන්න එන්න එපා.

මොකද මේ 
    අම්මත් එතනට ආවේ මගේ සද්දෙට.

අහන්නකෝ මෙයාගේ ඇහැට වුන දේ. 

මොනා වෙන්නද රොඩ්ඩක් ගියා.


   සේන බාප්පා එක පාරටම කියලා, එතනින් මගහැරලා ගියා. මට බැන බැන ලැහැත්තී වෙලා වැඩට ගියා. මාත් ඉස්කෝලේ යන්න ලැස්‍ති වුනා. දත් මදින ගමන් මං පොඩ්ඩක් ගේ වටේ ගිහින් බැලුවා. පොත් මේසේ ලග ලෑලී කෑල්ලේ එක ඇනයයී තිබුනෙ, අනිත් ඒවා ගලවලා දාලා. මගෙ පොත් මේනේ යටයී, ඇද පාමුලත් බිත්තියේ සිදුරූ හාරලා. මට මේවා දැක්කම දැනුනේ පුදුම අප්පිරියාවක් . මොන තරම් ජරා මිනිහෙක්ද්ද. මේ තරම් ඇග වැහෙන්න ඇදුම් ඇදලත් මේ මිනිහා මොනවද මේ තරම් බලන්නේ.

 
     මං අම්මටත් අඩගහලා පෙන්නුවා. එයා ඒකට මොකුත් කිව්වේ නෑ. අම්මව නම් මට් තේරුම් ගන්නම බෑ . " ඇතුලෙන් ලෑලී කෑල්ලක් ගහමු" කිව්වා විතරයී. මං හිත් වේදනාවෙන් චූටී මල්ලිගෙ අතින් අල්ලගෙන ඉස්කෝලෙට පිය මැන්නා. 
දැන් මට නැන්දලාගේ ගෙදර යන්නත් තහනම්. ක්ලාස් යන්නෙ අම්මත් එක්ක, මගේ ක්ලාස් ඇරෙනකන් අම්මා ක්ලාස් එක ලගට වෙලා හිටියා. ක්ලාස් එකටත් මගෙ සම්බන්දෙ ගැන කියලා තිබුනා.


     ක්ලාස් එකේ ටීචර්ලත් මං දිහා බැලුවෙ අමුතු තාලෙට. පාඩම් කරන්නත් විදිහක් නෑ අම්මා නිදා ගද්දී මාත් නිදා ගන්න ඕනී. ශානූ අයිය එක්ක කතා කරන්න තියා, මූන දිහා බලලාවත් සැනසීමක් ලබන්න මට දැන් අවස්ථාවක් නෑ. අපේ ගෙදරට පල්ලේ සුපුන් මල්ලී ඔත්තූ බලන්න දාලනේ තියෙන්නෙ. කේලම් කියයී කියලා බයට මං ශානූ අයියව පුලුවන් තරම් මග හැරියා. ශානූ අයියත් හුගක් දුකින් හිටියේ. විමුත් මගෙන් ඈත් කරලා. ඒකත් සේන බාප්පගේ වැඩක්. එය තමා ටීචර්ට කියලා තිබුනෙ විමූ මගෙ ඈත් කරන්න කියලා.
මං ඉස්කෝලෙට යද්දී ශානූ අයියා මග බලාගෙන ඉන්නවා. මං එයාව මග ඇරලා ගියා.

අක්කේ ඔයා අර අයියා එක්ක කතා කලේ නැත්තේ ඇයී.

නිකන්..

මං තාත්තට කියන්නෙ නෑ අක්කේ බය වෙන්න එපා.

මං දන්නවා චූටී මල්ලී.

ඇයී එහෙනම් ..

තව කට්ටිය ඉන්නවා කේලම් කියන්න. 
මට චූටී මල්ලිගේ කතාව ගැන පුදුමත් හිතුනා. පොඩි ළමෙක් වෙලත් මං ගැන මේ තරම් හිතනවා.

*************************************
     එදා සේරම ටීචර්ලා සර්ලා සේරටම විශේෂ රැස්වීමක් තිබුනා. විමුයී මායී කාලෙකින් එක තැනකට වෙලා කතා කරමින් හිටියා. පරන පුරුදූ තැනම වෙල්‍ යාය දිහා බලාන් හිටියේ. ශානූ අයියා එක පාරටම අපි ඉන්න තැනට ආවා.

ශදී නංගියෝ...

අනේ මෙතනින් යන්න මට ඔයා එක්ක කතා කරන්න බෑ.
මං කලබලෙන් වටපිට බැලුවේ . සුපුන් හරී ගයේෂා හරී පේන හරියක ඉන්නවද කියලා.

අනේ මට මෙහෙම කරන්න එපා සුදු මැනික..

අනේ ශානූ අයියේ කවුරු හරී දකී.

ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕනී.


       ශානූ අයියා හරිම වේදනාවෙන් කතා කලේ. විමු එතනින් අයින් වුනා අපිට නිදහසෙ කතා කරන්න දීලා මාත් විමූ පස්සෙන් යන්න හැරුනා.

අනේ සුදු මැනික පොඩි වෙලාවක් දෙන්න මට. මං දන්නවා ඔයා මාව මගෑරියට මට ආදරේ බව. 


        විමුත් බල කරපු නිසා මං එතන නතර වුනා. ශානූ අයියා මගේ අත් දෙක අල්ලා එයාගේ පපුවට තියා ගත්තා. 

අනේ ශානූ අයියේ..

ඇයී සුදු මැනික. 

කවුරූ හරී දකීවී.;


     ශානූ අයියගේ අත් දෙකෙන් මගෙ අත් දෙක මුදව ගන්න හිත් දුන්නේ නැහැ. ඒත් හිතේ බය ඊට වඩා ලොකුයිනේ. ශානූ අයියා අත් දෙක අතෑරලා ආදරෙන් මං දිහා බැලුවා. ඒ ඇස් දෙකේ වේදනාවත් එක්කම ලොකු ආදරයක් පිරිලා තිබුනා. 

අනේ සුදු මැනික මගෙන් ඈත් වෙන්න එපා.

මට ඔයා ගැනයී ශානූ අයියේ බය. 

මං ගැන බය වෙන්නේ ඇයී. ඒකාට මට මොකුත් කරන්න බැ. ඔයා බය වෙන්න එපා.

ඒත් ශානූ අයියේ .මට ඔයා ගැන බයයී.

අනේ සුදු මැනික මං ඔයා එක්ක ඉන්නවා. හැම දේකදිම. මගෙන් ඈත් වෙන්න එපා.

ශදී අක්කේ....
මං කලබලෙන් කටහඩ ඇහුන පැත්ත බැලුවා. දෙවියනේ සුපුන් මල්ලී. මං ඉවරයී.

ඊ ළග කොටසින් හමුවෙමූ.



දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 03:38 PM
  •  Quote
  •  Reply
ස්තුති නංගියෝ, නිදහසේ කියෙවුවා ...අපෝ හොද බාප්පලත් ඉන්නවා ,,එත් බහුතරයක් නම් විශ්වාස කරන්න බැ,ජරා යක්කු  ...
ඊලග කොටස එනකම් ඉන්න වෙනවා නේ එත්
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 12:37 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 22 Sep 2016 03:38 PM
ස්තුති නංගියෝ, නිදහසේ කියෙවුවා ...අපෝ හොද බාප්පලත් ඉන්නවා ,,එත් බහුතරයක් නම් විශ්වාස කරන්න බැ,ජරා යක්කු  ...
ඊලග කොටස එනකම් ඉන්න වෙනවා නේ එත්


කවදාත් බප්පලා විශ්වාස කරන්න බෑ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 12:50 AM
  •  Quote
  •  Reply
....කදුලත් සැනසුමක්...

25. වන කොටස.

මං බිරන්ත වී සුපුන් මල්ලි දිහා බලාන් හිටියා. 

ශදී අක්කේ.... මට සේන මාමා කිව්වා ඔයා ගැන ඇහැ ගහන් ඉන්න කියලා.

මං දන්නවා සුපුන් මල්ලි ඒක. ඔයාට ඕනි නම් අපි කතා කරනවා දැක්ක බව සේන බාප්පට කියන්න. වැඩිම වුනොත් මාව මරයී. මට දුක මං හින්දා ශානු අයියට කරදරයක් වෙයී කියලා.

ශදී නංගි මොනවද ඔය කියන කතා. ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මම. මේ කොල්ලෝ ඔබට ඕනි නම් කේලම කියපන් ..


       ශානූ අයියාට කේන්ති ගිහින් සුපුන් මල්ලිට බැන්නා. සුපුන් මල්ලී ශානූ අයියගේ යාලුවෙක්. ශානූ අයියා දැනන් ඉදලා නැ සුපුන් තමා ඔත්තු බලන්නෙ කියලා.

පොඩ්ඩක් මං කියන දේත්..

නෑ... නෑ.. සුපුන් මල්ලි. අදට විතරක් පුලුවන් නම් සේන බාප්පට නොකියා ඉන්න. ප්ලීස්... මගෙයී ශානු අයියගෙයී අතරේ දැන් කිසිම සම්බන්දයක් නෑ. අද මේ අහන්බෙන් හම්බෙලා කතා කලේ


     මං සුපුන් මල්ලිගෙ කතාවට බාදා කරමින් කිව්වා. සුපුන් ඉන්නවා දැකලා විමූත් අපි ළගට ආවා. 

ආ සුපුන් මල්ලී..

බලන්නකෝ විමූ අක්කේ. මෙයාලා මට කතා කරන්න දෙන්නෙ නෑනේ.

ඇයී මෙයාලා කේලම් කියන්න එපාලුද?;


    විමූ එහෙම කිව්වේ කට කොනකින් හිනා වෙමින්.

කවුද දැන් කේලම් කිව්වේ. ඇයී ඔයාලා මට බනින්නේ.


ඔයානේ සේන බාප්පට ශානූ අයියා ගැන සේරම කියලා තිබුනේ.

     මං කතාව මැද්දට පැන්නා.

මං කිව්වේ නෑ ශදී අක්කේ. මං දැනන් හිටියෙත් නෑ ඔයාලා යාලුයී කියලා. සේන මාමා මයී කිව්වේ ඔයාලා ගැන. මං මොකුත් කිව්වෙ නෑ. ඔයාලා ඉස්කෝලෙදී කතා කරනවද බලලා එයාට කියන්න කිව්වා.

දැන් ඔබට ඌවද? මාවද? වටින්නෙ කියහන්කෝ.


  ශානූ අයියට හොදටම කේන්තී ගිහින් සුපුන් මල්ලිගෙ සර්ට් එකෙන් අල්ල ගත්තා. 

මට වටින්නෙ උබව බං අයියේ. මං මේ ආවේ ඔයාලට ඕනී සපෝට් එකක් දෙනවා කියන්න. සේනයා මට පේන්නත් බෑ. මහ ජරා මිනිහෙක් . දවසක් අපේ ලිද ලග හැංගිලා ඉදලා ,අම්මා නානකොට. අපි දැක්කා පැනලා දුවනවා.

 
   මට පොලව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. ශානූ අයියා සුපුන් මල්ලිගෙ කරේ අතක් දාගෙන .

අනේ සොරි බං මට කේන්ති ගියා. තරහා නෑ නේද. 

අපෝ නෑ බං අයියේ. එහෙනම් උබලා කතා කර හල්ලා . මං ඔත්තූ බලන්නම්කෝ. 

      එහෙම කියලා සුපුන් මල්ලි පිට වෙලා ගියා. ශානූ අයියට මං ගෙදර තත්වය සේරම කිව්වා. ආදරේ කරන දෙන්නෙක්ට කතා කරන්න බැරී දේවලුත් අපිට කතා කරන්න වුනේ සේන බාප්පා නිසා. මට ඉබේටම ඇඩුම් ආවා. "මොන දේ වුනත් මගෙන් ඈත් වෙන්න උත්සහ කරන්න එපා "කියලා ශානූ අයියා මගෙන් පොරොන්දු ගත්තා.
**************************************
    තරමක් හොද කාලය උදා වුනා. මට ආයෙත් තනියෙන් ක්ලාස් යන්න ඉඩ දුන්නා. මං රන්ඩු කරලා නැන්දලාගේ ගෙදර රෑ ඉන්නත් පටන් ගත්තා. ටීචර්ලා සර්ලටත් දැන් ඒ කතාව ටිකක් අමතක වෙලා වගේ. 

   ශානූ අයියයී මායී හුගක් පරිස්සම් වුනා. ගයේෂා ඉද හිට ටීචර්ට කේලම් කියලා ඇවිස්සුවා. ඒක නිසා අපි කතා කරන්න උත්සහ කලේ නෑ ඉස්කෝලෙදී. 
හිස් පීරියඩ් එකක් අහු වුනොත් පොඩි ලිව්මක් ලිව්වා. ඒවා ශානූ අයියට ගිහින් දුන්නේ දයාන්. දයාන් අපිට හුගක් උදව් කලා. ශානූ අයියගෙ ලිව්ම් මට ගෙනත් දුන්නෙත් දයාන්. මං ඉස්කෝලෙදිම කියවලා ශානූ අයියටම ලිව්ම අහපව් දුන්නා. දෙන්නගෙම ලිව්ම් තිබුනේ ශානු අයියා ලග.

ශදී ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා.

 
කවදාවත් නැතුව ගයේෂා හිනා වෙමින් පනිවිඩය කියනකොට මගෙ මුලු ඇගම බයෙන් වෙවුලලා ගියා. 

ඇයී දන්නෙ නෑ නේ .ගයේෂා.

දන්නේ නෑ ගිහින් බලන්න.

මට විතරක්ද්ද එන්න කිව්වේ.

ඔව් ඇයී බයද? වැරදී නොකර හිටියා නම් ඉවරනේ.


    මං බයෙන් කල්පනා කරමින් කාර්යාලය ළගට ගියා. ටීචර්ලා සර්ලා පිරිලා. මගෙ මුලු ඇගම අප්‍රානික වෙලා වගේ. "අනේ දෙවියනේ මගෙ පාසල් ජීවිතේ අවසන් දවස අදද?" සිතමින් ලොකු සර්ගේ මේසය ලගට ගියා. අත් දෙක පිටි පස්සට කරලා අල්ලගෙන. 

සර් මට එන්න කිව්වේ?

ඔව්...


සර්ගේ වචනය ඇහෙද්දී මං ගැස්සිලා ගියා. මං බිම් බලාගෙන හිටියේ සර් දිහා බලන්න බය නිසා.

ඔය ළමයට සිංදු කියන්න පුලුවන් නේද?

ඕ..ඔ.ව් සර්.


   මගේ වචනත් පැටලුනා. 

   හෙට ලෝක ළමා දිනේට උත්සවයක් සුදානම් කරලා තියෙනවා. හෙට ඔය ළමයට සිංදුවක් කියන්න පුලුවන්ද? හැබැයී කාටවත් කියන්න එපා හෙට උත්සවය ගැන. ඒකයී මේ ලමයට තනියෙන් එන්න කිව්වෙත්. 

හරී සර් පුලිවන්..

හොදයී .. පොඩ්ඩක් සිංදුවක් කියන්න බලන්න.

දැන්ද සර්..

ඔව්

පන්සලෙ පල්ලියේ දහඩියෙන් අපි තැනූ.....


   මං ගීතයේ මුල් කොටස ගයලා ඉවර වෙද්දී කාර්යාලේ හිටපූ සේරම ගුරුවරු අත්පොලසන් දුන්නා. මං කාර්යාලයට ගිය බව ශානූ අයිය‍ටත් ආරංචී වෙලා, මුන ඇබුල් කරන් මං පංතියට එනකන් බලන් හිටියා. මං පංතියට එද්දිම දයාන් ඇයි ඇහුවා. ශානූ අයියට පනිවිඩේ දෙන්න ඕනී නිසා මං ඇත්තම කිව්වා. 
දයාන් පනිවිඩේ කියනකොට මං ශානූ අයියා දිහා බැලුවා. ශානූ අයියා මගෙ දිහා එබිලා බලලා. අතින් එළ කිරී කිව්වා, හරිම සතුටින්. මගෙ හිනාව ගයේෂගේ හිතට ලොකු වදයක් වගේ මූනත් පුලුටු වෙලා. මං ගයේෂා ලගට ගියා. 

වැරදී වැඩ කැරන්න එපා කිව්වා නේද? බලමුකෝ ඈ ඔයලත් වැරදී වැඩ කරද්දී නේ.


      ගයේෂා මට ගස්සගෙන යන්න ගියා . මං දැන් නිතර හිටියේ නිමේෂා එක්ක. මට විමූ එක්ක ඉන්න බෑ ටීචර් දොස් කියන නිසා. 

     උත්සවය ආරම්භ වුනා. හැමදාම ප්‍රධන ශාලාවේ උත්සව තියන නිසා වෙනසකටත් එන්න පිට්ටනියේ හෙවන පැත්තක පුටු තියලා තැනක් සූදානම් කරලා තිබුනා. සර්ලා ඊයෙ රෑම මේ කටයුත්ත වෙනුවෙන් ඉස්කෝලේ ඉදලා තියෙන්නේ. අද නිවේදන කටයුතු කලේ ලොකු සර්. ළමයින්ට හරිම පුදුමයී , ඒ වගේම සතුටුයී. කිහිප දෙනෙක්ගේ කතා වලින් පස්සේ ලොකු සර් මට ආරාධනා කලා. මං සිනා මුසු මුහුනින් ළමයී අතරින් ඉස්සරහට ආවා. උදේ රැස්විම වගේ නෙමෙයිනේ ළයින්ට කෑ ගහන්න ,ඕනීම දෙයක් කරන්න බාධාවක් නැති නිසා, ළමයී මගෙ නම කියලා කෑ ගැහුවා. ශානූ අයියා පිටිපස්සට වෙලා කට්ටිය එක්ක විසිල් ගහනවා මං දැක්කා. ඒ මදිවට උඩ පැන පැන අත වනනවා. ලොකු පංතිවල පිරිමි ළමයී සේරම හිටගෙන හිටි නිසා කාටවත් ශානූ අයියව අවධානයට ලක් වුනේ නෑ.මං අවසර අරන් සිංදුව පටන් ගත්තා.

" හොද හොද ළමයින් අපි වාගේ
මේ මව් බිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමූ අපෙ සිරිලක් අම්මා"


       සිංදුවට හැමෝම සතුටින් අත්පොඩී ගැහුවා. සිංදුව ඉවර කරලා මං එන්න සුදානම් වෙද්දී ළමයී තව සිංදුවක් ඉල්ලලා කෑගහන්න ගත්තා. මං ලොකු සර් දිහා බැලුවා. 

එදා ඔපිස් එකේදී කියපු සිංදුවත් කියන්න.


   ලොකු සර් මට කිව්වා. මං ආයෙත් මයික් එක අරන් සිංදුව පටන් ගත්තා.

"පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ
පිළිම දා ගැබ් පෙනේ ලෝකයක් දන් නැමූ."


     ප්‍රීතී ඝෝෂා මැද්දේ මන් මගෙ අසුනට ආවා. මටම පුදුමයී ලොකු සර් මට සිංදු කියන්න අවස්තාවක් දුන්නේ ඇයී කියලා. ඊට පස්සේ තිබුනේ ළමයී වෙනුවෙන් සූදානම් කරපූ තරග වගයක්.

 
      උත්සවය සාර්තකව නිම වුනා. තරග දිනපූ අයට තෑගී දුන්නා. සේරම ළමයින්ට කෑමයී, පොදූ තෑග්ග හැටියට පෑනකුයී ලබා දුන්නා. 
**************************************

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Sep 2016 01:03 AM
  •  Quote
  •  Reply
තවත් ලස්සන කොටසක්. මම රසවින්දා .. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 01:03 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්....

26. වන කොටස.

**************************************
    මම පරන පුරුදූ විදිහටම දැන් ආයී විමූ එක්ක ක්ලාස් යනවා. සේන බාප්පා නම් නිතරම අම්මට බැන්නා මාව තනියෙන් යවන්න එපා කියලා. මම දැන් නිමේෂා එක්ක එකතු නිසා අම්මා බය නැතුව මාව තනියෙන් ක්ලාස් ඇරියා. නිමේෂාලගේ අම්මා අපෙ අම්මගෙ හොද යාලුවෙක්, ඒක නිසා අම්මා ආවේ නිමේෂලගෙ ගෙදරට වෙනකන් විතරයී. 

ශදී..

ඇයී විමූ.

අද දුලාන් අයියා එනවා කිව්වා.

ඊයෙද කිව්වේ.

නෑ අද . මේ....


      විමූ පුංචී පෝන් එකක් මට පෙන්වමින් කිව්වා. දුලාන් අයියා විමූට පෝන් එකක් අරන් දීලා. දුලාන් අයියත් පෝන් එකක් අරන්ලූ. මටත් පෝන් අරන් දෙන්න අහලා තිබුනේ ,ඒත් සේන බාප්පා එක්ක බැරි නිසා මං එපා කිව්ව්වා.

මේ ශානූ අයියත් එනවා. උබ එනවා නේද යන්න. 

මං එන්නෙ නෑ බං . අපිට මේ තියෙන නිදහසත් නැති කර ගන්න බෑ මට. 

අහු වෙන්නෙ නෑ බං. අර කැඩුනු බස් හදන්න දාලා තියෙන තැනට එන්න කිව්වේ. ශානූ අයියලා ඒකේ අයිතී අයියවත් හොදට දන්නවලූ. 

මං නම් එන්නෙ නෑ .නිමේෂා ගෙදර ගිහින් මං ගැන මොනවද අපෙ අම්මට කියන්නේ. 


     ක්ලාස් ඇරුන වෙලේ ඉදන් වීමූ මට යමුම කියලා බලකලා. මගෙ හිතට බයයී. ඒක නිසා යන්න හිතුනේ නෑ. බැරි තැන විමූ ශානූ අයියට කෝල් එකක් අරන් දුන්නා. ශානූ අයියා බල කරන නිසා මං යන්න කැමතී වුනා. නිමේෂයී අනිත් යාලූවෙයි අපි වෙනුවෙන් ටිකක් වෙලා ඉන්න කැමති වුනා. 
අපි දෙන්නා හීන්සැරේ බස් තියෙන තැනට කිට්ටු වුනා. දෙන්නාම ඉන්නවා බස් එකක් ඇතුලේ. වටපිටාවට පේන්නෙත් නැති නිසා අපිත් බස් එක ඇතුලට ගියා . ඒක නිසා මගෙ හිතේ බය ටිකක් අඩු වුනා. උස සීට් නිසා කාටවත් පේන්නෙත් නෑ , එතන වැඩිය සෙනග ගැවසෙන තැනකුත් නෙමෙයී. 

සුදු මැනික මොනවද කල්පනා කරන්නෙ. ඇයී එන්න බෑ කිව්වේ.

ගෙදරට ආරංචී වුනොත් ආයී නම් මාව ඉස්කෝලේවත් එවන එකක් නෑ. ඒකයී. 

බය වෙන්න එපා මෙතන කාටවත්ම සැක හිතෙන්නේ නෑ. 


    ශානූ අයියා අවසරයක් නැතුවම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා. එයාගේ පපුවට තියා ගත්තා. 

සුදු මැනික පොඩ්ඩක් මං දිහාම බලන් ඉන්න පුලුවන්ද? මගෙ ඇස් දෙක දිහාම . කෝ බලන්න .


   මං මූන උස්සලා ශානූ අයියගෙ ඇස් දිහා බැලුවා. ඉස්කෝලේ හෝල් එකේ ,එහේ කෙල්වරේ ඉදන් මං දිහා බලන ඇස් , මං ළගටම ඇවිත්. මං අමාරුවෙන් ඒ බැල්ම දරාගෙන හිටියා. මගෙ හදවතට දරා ගන්න බැරී සිවුම් වේදනාවක් දැනුනා. ශානූ අයියා මගෙ අත්දෙක මුහුනට ළං කරද්දී මම අහක බලා ගත්තා. මගෙ දෑතටම එයාගේ සුසුම්වල උනුසුම දැනුනා. කිහිප වතාවක්ම ශානූ අයියා මගෙ දෑත් සිප ගත්තා . 


  ශානූ අයියා මගෙ කරවටා අතක් යවලා මං එයාගේ ඇගට ළන් කර ගත්‍තා. එදා මුල්ම දවසේ එයාගේ උනුසුම දැනුනටත් වඩා උනුසුමක් මට අද එයා ළගින් දැනෙන්නේ. සමු ගන්න මොහොත වෙනකන්ම ශානූ අයියා මාව එයාගේ තුරුලෙන් වත්, ඈතින් වත් මුදෙව්වේ නැහැ. 

ශානූ අයියේ අපි යන්නම් දැං. නිමේෂලගෙ ගෙදරට වෙලා අම්මා මග බලාගෙන ඇතී. නිමේෂලත් අපි නිසා රස්තියාදූ වෙනවනේ.

හා එහෙනම්. හුගක් පරිස්සමින් ඉන්න සුදු මැනික.

ඔයත් පරිස්සමින් ඉන්න ශානූ අයියේ. 

හරී මට ඉතිං කාගෙන් වත් කරදරයක් නෑනේ. 

යමු නේද විමූ. 


    මං එහෙම කියමින් පස්ස බැලිවා. විමුයී දුලාන් අයියයි හිටියේ අපිට පිටි පස්සේ සීට් එකේ නිසා. එක පාරටම ශානූ අයියගේ දෙතොල මගෙ කම්බුලේ ස්පර්ශ වෙද්දී මං එහෙමම ගල් ගැහුනා. මගෙ හිතේ මේවගේ ලස්සන හීන නොතිබුනා නෙමෙයී,ඒත් එක පාරට වුන දේ හැබෑවක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.

සුදු මැනික ඇයී බය වෙලා වගේ. මං වැරදී දෙයක් කරානම් සොරී . අනේ ඔහොම ඉන්න නම් එපා. 

ම්ම්ම්ම්ම්ම්ම්ම්....

මොකද ළමොයෝ. බය වෙලාද.?

නෑ..නෑ

තරහා නෑ නේද..

නැ..

එහෙනම්


   ශානූ අයියා මගෙ මුහුන කීප පොලක්ම සිප ගත්තා.මගෙ ඇගපුරාම විදිල්ලක් දිව්වා,හරිම අමුතු හැගීමක්. මගෙ ආච්චි අම්මාගෙන් පස්සෙ මාව ආදරෙන් සිප ගත්තේ මගෙ ශානූ අයියා. මට අම්මා එක්ක ඒතරම් ළං වුන සම්බන්ධතාවක් තිබුනේ නැහැ. පොඩි කාලේ ඉදන්ම මට දැනුනේ අම්මා හරිම නපුරු කෙනෙක් කියලා. ඒත් මං එයාට රිද්දන්න හිතුවේ නෑ.

අපි.. ය...න්නද?

හා යමූ..

ඉතිං යන්න දෙන්නකෝ.
ශානූ අයියා සීට් එකෙන් නැගිටිනකන් මට එතනින් එන්න බෑ. ශානූ අයියා නැගිටින්නෙත් නෑ. 

ඉතිං යන්න නැගිටලා.

ඕන් මං යනවා එහෙනම්.
මං නැගිටලා එන්න සූදානම් වුනා. ශානූ අයියා මගෙ අතින් ඇද්දා, මං ආයෙත් සීට් එකේ ඉන්ද වුනා. 

මොකද හදිස්සි .මට දීලා යන්නෙ නැද්ද.

මොනාද?

මං දීපුවා..

බෑ....


    මං මුහුනට ලැජ්ජාව නිසාම සිනහවක් මැවුනා. 
දෙන්නකෝ...

ශානූ අයියා මට මූන පෑවා. මං එයාගේ දකුනු කම්බුල සිප ගෙන සීට් එකෙන් එලියට පැන ගත්තා. 


පරිස්සමින් යන්න දෙන්නම.


   ශානූ අයියලා එතන ඉද්දී අපි දෙන්නා මුලින්ම පිට වෙලා ආවා. මං එන ගමන් විමූ අතිං අල්ලලා මිරිකුවා. " මං දැක්කා වුන දේ" විමූගේ කතාවට මගේ මූන තවත් රතු වුනා.


   ඒ මොහොත මොන තරම් සුන්දර වුනත් මං ගෙදර ආවේ හුගක් බයෙන්. ඒ වෙනකන් නම් ගෙදරට මොකුත් ආරංචී වෙලා තිබුනේ නැහැ. 
*************************************

     සේන බාප්පා ගෙදර එන්නෙ නෑ කියලා පනිවිඩයක් එවලා තිබුනා. ඒක නිසා අම්මා මට ගෙදර ඉන්න කිව්වා. මාත් නිදහසේ ගෙදරට වෙලා පොත්වල වැඩ කර ගත්තා. වීමූත් දැන් ටිකක් ඈත් වෙලා නිසා මට එයාට ලිව්මක් ලියන්න හිතුනා. 


     මං කොළයක් අරන් නිදහසේ ලියන්න පටන් ගත්තා. ඊට කලින් දවසේ ශානූ අයියව අහන්බෙන් මට හම්බුන බව මං ඒකේ ලිව්ව්වා. තව නොයෙක් තොරතුරූ ලියලා පොතක් අස්සට දාලා ,බෑග් එකට දාලා ,මං නිදා ගන්න සූදානම් වුනා.

සුද්දී...


     සේන බාප්පගේ කට හඩ ඇහිලා මං උඩ විසික් වුනා. මට කර ගන්න දෙයක් නෑ. බෑග් ඇද්දොත් සැක හිතෙන නිසා මං මොකුත් නොවුනු ගානට හිටියා. අම්මා ගිහින් දොර ඇරියා.

අද එන්නෙ නෑ කිව්වා නේද.

ඕ..ව් එන්..නේ නෑ.. කි..ව්වා.. තමා.....;


    හොදටෝම බීලා. කතා කර ගන්නවත් බෑ. 

හා හා කැවද එහෙනම් ඔහොම නිදා ගන්නවා.


   අම්මා සේන බාප්පව වාරු කරන් ඇවිත් ඉස්සරහා ඇදට දැම්මා.

කෝ මගේ පොඩී එකා. 


සේන බාප්පා නැගිටලා කාමරයට ආවා. ඇවිත් කෙලින්ම මගෙ බෑග් එක අදින්න ගත්තා.

මොකද ඔය කරන්නේ....

සුද්දී..... ඔබ කට වහන් ඉදපං

මොනවද හොයන්නෙ.

ඉදහංකෝ අරං පෙන්නන කන්.


   සේන බාප්පා බොරු වෙරියක් පෙන්නලා තියෙන්නෙ දැන් වෙරි නෑ. 

මේ තියෙන්නේ බඩූ. තෝ නිදියපිය කට ඇරන්.


    ඒ එක්කම අම්මගෙන් පිට පිට ගුටි කීපයක් ලැබුනා. සේන බාප්පා කලින් ඇවිත් හොරෙන් බලං ඉදලා තියෙනවා. ලිව්ම දිගෑරගෙන මහ හයියෙන් කියවනවා. අපේ ගෙදර නිතර රන්ඩූ නිසා අහල පහල කවුරුතම සද්දේ ඇහුනට එන්නෙ නෑ.

ආ ඔය තියෙන්නේ නවත්තපුවා. ඊයේ හවසත් හම්බ වෙලා තියෙනවා අරූව. මං සද්ද නැතුව හිටියට ආරංචී වෙන්නෙ නෑ කියලා හිතන්න එපා ඈ.

මේ බැල්ලුව නම් තබේකට විශ්වාස කරන්න බෑනේ.


    අම්මත් මට බැන්නා.

ලෑස්ති වෙයන් ඇදුම් ටිකක් දාගෙන එහෙට ගිහින් දාන්න .තෝව ආයී මෙහෙ තියා ගන්නෙ නෑ. තොට ඉගෙන ගන්න නෙමේ මිනිහෙක්නේ ඕනී.


       මං ඇඩුවෙ වත් වචනයක් කිව්වේ වත් නෑ, කියන දේ නෑහුනා වගේ හිටියා. බේරුමක් නෑ කෑගහනවා. ඇදුම් දාගන්නලූ ශානූ අයියලාගේ ගෙදර ගිහින් දාන්න. ඒ මදිවට ත්‍රීවීල් එකකුත් ගෙන්නලා. ඉවසලා ඉවසලා බැරි තැන අල්මාරිය ඇරියා ඇදුම් ටික දා ගන්න. අම්මා බැන්නා "පිස්සුද තොට "කියලා.

ඇදුම් එපා නම් නැගපයවි ගිහින් වාහනයට.


     අම්මා "තවත් කේන්තී අවුස්සන්නැතුව යමං" කිව්ව නිසා මම ත්‍රීවීල් එකට ගොඩ වුනා. ත්‍රීවීල් එක වේගයෙන් ශානූ අයියලාගේ ගෙවල් තියෙන පැත්තට ඇදීලා ආවා.

ඊ ළග කොටසින් හමුවෙමු.

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Sep 2016 01:12 AM
  •  Quote
  •  Reply
ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම්
ගොඩක් ස්තුති කතාවට
ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 04:00 AM
  •  Quote
  •  Reply
Posted By Dushan on 23 Sep 2016 01:12 AM
ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම්
ගොඩක් ස්තුති කතාවට
ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම
කොන්තරාත් ඒක බාර ගන්නවද? 

දුශාන්  අයියා.....


දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Sep 2016 05:25 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 23 Sep 2016 04:00 AM
Posted By Dushan on 23 Sep 2016 01:12 AM
ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම්
ගොඩක් ස්තුති කතාවට
ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම
කොන්තරාත් ඒක බාර ගන්නවද? 

දුශාන්  අයියා.....



ඔව් මේ කොන්ත්‍රාත් එක ලැබෙනකන් හිටියේ මං 

ඊලග කොටසත් දාන්නකෝ බලන්න එහෙනම් 

1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2016 05:29 AM
  •  Quote
  •  Reply
කථාව හරිම ෂෝක් . හොදටම නැගල යන වෙලාවෙ කථාව නැවැත්තුවානේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 05:43 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 23 Sep 2016 05:29 AM
කථාව හරිම ෂෝක් . හොදටම නැගල යන වෙලාවෙ කථාව නැවැත්තුවානේ

අනේ  අනේ  ශා අයියේ.... 

ඔයාට හරි අාසයි වගේ වලි වලට.

ශදී පව්...

තාත්තෙක් වගේ හිතන්න ඒපා.. කොල්ලෙක් වගේ හිතලා මේ කතාව කියවන්න. නැත්තම් මේ කතාවේ වැරදි අාදරශයක් වගේ පෙනේවි ඉස්සරහට....

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 06:19 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්....

27. වන කොටස.

    මං ත්‍රීවීල් එකේ කොනක ඉදගෙන කල්පනා කලේ ඊළගට මොනවගේ දෙයක් සිදු වේවිද කියලා. ශානූ අයියලාගේ අම්මා තාම මාව හරියට දැකලත් නෑ. මේ වෙන්න යන්නෙ හොදක් ද නරකක්ද්ද කියලා මට හිතා ගන්න බෑ. ත්‍රීවීල් එක ශානූ අයියලාගේ ගේ පේන මානෙන් නැවැත්තුවා. මං අද මයී ශානූ අයියලගේ ගෙ තියෙන තැන හරියට දැන ගත්තෙත්.සේන බාප්පයී අම්මයී ත්‍රීවීල් එකෙන් බැස්සා. මට ටිකක් ත්‍රීවීල් එකේ ඉන්න කියලා ,එයාලා ශානූ අයියලාගේ ගෙවල් පැත්තට ගියා.මං චූටී මල්ලිව ඇගට හේත්තූ කරගෙන  කල්පනා කරන්න වුනා. 

උබේ නැන්දම්මා දොර ඇරියෙත් නෑ. ඔබව භාර ගන්න බැරිලූ.


     සේන බාප්පා කේන්තියෙන් එහෙම කියලා ත්‍රීවීල් එකට නැග්ගා. ත්‍රීවීල් එක පදවන මාමා ඇයී ඇහුවා." මේ රෑ මෙහෙ ආවේ" සේන බාප්පා ඒ මනුස්සයත් එක්ක ඔක්කොම විස්තරය කිව්වා. මං ඉන්න තැන මෙහෙම කියනවා නම් නැති තැන මොනවා කියනවා ඇද්ද. වෙන පවුල් වල ගෑනූ ළමෙක්ගේ මේවගේ සම්බන්දයක් අහු වුනාම කාටත් හොර රහසේ හිමින් ඒක විසද ගන්නේ. ඒකට මෙහෙ" අණ බෙර ගහනවා". සේන බාප්පට ඕනී මාව බේර ගන්න නෙමෙයී. එයා මං ගැන හොයන බව ලෝකෙට කියන්නයී, එයාට අවශ්‍ය දේ කර ගන්නයී විතරයී.


    දවස් කීපයක් ඉස්කෝලේ ඇරියේ නෑ. අවසාන වාර විභාගය ලග නිසා ටීචර්ලා මල්ලි අතේ ගෙදරට පනිවිඩ එව්වා. පස්සේ ආයෙත් සේන බාප්පා පංති භාර ටීචර්ට සිද්දිය කියලා තිබුනා. ටීචර් පංතියට ආවොත් මට ඇනුම් පද කියන්න තියා ගත්තා .


     අම්මා මැදිහත් වෙලා පංතී වලටත් එක්කන් ගියා. ඒත් නැන්දලාගේ ගෙදර නම් යන්න දුන්නෙ නෑ. රෑ ඇහැරගෙන පාඩම් කරන්න දුන්නෙත් නෑ.
ශානූ අයියා නිසාද කොහෙද මං සේන බාප්පා කියන කිසිම දෙයක් චුට්ටක් වත් මායිම් කලේ නෑ. කියන කියන දේට එකට එක කිව්වා. ඒවෙලාවට අම්මාගෙන් ගුටි ලැබුනා .ඒත් මං කට වහන් හිටියේ නෑ .ගුටි කාගෙන මට ඕනී දේ කියලමයී නතර වුනේ. 


    විභාගය ළග නිසා ඉස්කෝලේ ඇරිලා හය වෙනකන් පාඩම් කරන්න ලමයින්ව තියා ගන්න ඉස්කෝලෙන් සැලසුම් කරලා තිබුනා. හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න ලැබීමම මට සැනසීමක් වුනා. ගෙදර ආවත් සැනසීමේ පොතක් අල්ලන්න නැති එකේ ,ඒක හොදයී කියලා හිතුවා. දවසින් දවස විෂයන් බෙදලා කාල සටහක් හදලා තිබුනා. දවස ගානේ හවසට ළමයිට තේ දෙන්න අම්මලට බෙදලා දීලත් තිබුනා.

 
     මේ පාර සිද්දියෙන් පස්සෙ අපිට කොහොමවත් කතා කරන්න , හම්බෙන්න ,ලැබුනේ නැහැ. ලිව්මක් ලියන එකත් හුගක් අමාරූ වැඩක් වුනා. විමූටයී මටයී එකට ඉන්න නැති නිසා කෝල් එකක් වත් ගන්න ලැබුනේ නෑ. විමූලට නම් ඒ තරම් ලොකු අවුලක් තිබුනේ නෑ එයාලගෙ ගෙදරිනුත් දුලාන් අයියා ගැන දැනන් හිටියා. ඒක අපේ ගෙදරට ආරංචී වුනාම අපේ ගෙදර අය කිව්වේ "ඒකිට නම් හරී ගියා අපේ එකීනේ මේ හිගන්නෙක් අල්ලගෙන තියෙන්නේ" කියලා. 

ශදී...


    විමූ එක පාරටම මං ළගට දුවන් ආවේ හදිස්සියක් වගේ. 
ඇයී බං හදිස්සියක්ද්ද?

නෑ නෑ මට හොද අයිඩියා එකක් ආවා .

ඒ මොකක්ද්ද.

අපිට දැන් ඉස්කෝලේ ඇරිලා පාඩම් කරන්න ඉන්න නිසා ඇරුන ගමන් පැය කාලෙක ඉන්ටවල් එකක් දෙනවනේ ඒකේ හම්බෙමූ.

කොහොමද ඒක කරන්නෙ .මට නම් බයයී. ඔබ පලයං.

පොඩී පංති පැත්තට යමං. ශානූ අයියලට ඒ පැත්තේන් තියෙන කැලෑ පාරෙන් යන්න පුලුවන් අහු වෙන්නෙ නෑ. 

හරී එහෙනම් කියලා බලමුකෝ.


  විමුයී මායී පොඩි කොල කෑල්ලක විස්තරය ලියලා දයාන් අතේ යැව්වා. ශානූ අයියලා ඒක කියවලා, සතුටින් කෑ ගහනවා අපි පංතියේ ඉදන් බලන් හිටියා. මේ ක්‍රමය නිසා අපිට නිතරම මුන ගැහෙන්න අවස්තාව උදා වුනා. සුලු මොහොතක් හරී ශානූ අයියගේ ළගින් ඉන්න එක මට ලොකු සැනසීමක් වුනා. අපි හමු වුන හැම වතාවෙම මං ශානූ අයියගේ උනුහුමට තුරුලූ වුනා. ජීවිතේ උපරිම ආදරෙ ශානූ අයියගෙන් ලැබෙනවා කියලා මට හිතුවා.
*************************************

    සාමාන්‍ය පෙල විභාගයට තව හරියටම මාසයයී. මං හවස් වරුවක පොත් වල වැඩ වගයක් කරමින් හිටියා. සේන බාප්පා ගෙදර එනවා මට ඇහුනා, අම්මා වතුර ගේන්න ගිහින්. සේන බාප්පා කාමරයට ආවා

සුදු දූ....


   මං කතා කරන්නෙ නෑ සේන බාප්පා එක්ක, මං ඇහුනේ නෑ වගේ හිටියා.

සුදු දූ.. මොකද ළමයෝ ඔහොම ඉන්නේ. මං කියන දේට පොඩ්ඩක් කැමති වුනානම් ඔය කොල්ලව ඔයා ළගටම ගෙනත් දෙනවනේ.


  ඒ කතාවට නම් මගේ ඇගේ ලේ කුප්ත වුනා.

ආ... එහෙමද. වරෙන්කෝ .තෝ නම් මහ ජරා බල්ලෙක්. බල්ලන්ටත් විලිලැජ්ජාවයී.

කෑ ගහන්න එපා . සුදු දූ.


   සේන බාප්පා ඔලුව අත ගාන්න උත්සහ කලා.

යනවා යන්න මෙතනින්. පලයං.

අනේ අනේ සුදු දූ..

යන්න නේද කිව්වේ. තොගෙ කැමැත්ත මට ඕනී නෑ. මට ඕනී දේ මං කරන්නේ..

ආ... එහෙමද බලමුකෝ කරලා.

මොනවා බලන්නද පලයං යන්න දෑහැට නොපෙනී.


     ඒත් සේන බාප්පා කියවමින් එතනම රැදී සිටියා. මට කේන්තිය උහුල ගන්න බැරි තැන මේස උඩ තිබුන සේරම පොළවෙ ගැහුවා. හවස කඩේ ගිහින් ගෙනාපූ බඩු කවරෙත් පොලවෙ ගැහුවා. කාමරය පුරාම සීනී කවරයක් ඉහිරිලා ගියා.

මොකද කෙල්ලේ ඔය කරන්නෙ. අපරාදේ හවස ගෙනාව සීනී ටික. උබේ කේන්තියට සීනී පලි නෑනේ. 


  එහෙම කියාගෙන අම්මා අපි අතරට ආවා. 

අම්මා අහන් හිටියද මුගෙ බලු කතාව. අම්මත් ඉතිං මුගෙ පැත්තනේ. මට හෙන ගැහුවත් එකෙක්ටවත් ගානක් නෑ. 


ඒ එක්කම චටාස් ගාලා පාරක් වැදුනා. සේන බාප්පත් මට ගහන්න පැනගෙන ආවා. මාත් ඇරියෙ නෑ මට පුලුවන් උපරිම ශක්තිය දාලා මාත් සේන බාප්පට ගැහුවා. ඔය පොරය අස්සෙ සේන බාප්පගෙ සරම කඩන් වැටුනා, ඉක්මනට සරම උස්සගෙන එලියට දිව්වා. විනාඩි දෙකෙන් සේන බාප්පා ඇතුලට ආවේ කේන්තියෙන් . 

පලයං යන්න මේ ගෙදරිං .මං කියන දේ නාහන එවුන් මෙහෙ ඉන්න ඕනී නෑ.

තෝ කියන්නෙ කරන්න පුලුවන් ඒවද බල්ලෝ.

පලයං එලිබැහැලා මගෙන් මැරුම් නොකා. 

යනවා තමයී යකෝ. මටත් තෝ ඉන්න තැනක ඉන්න කිසි ආසාවක් නෑ.

 දකිනකොටත් තිත්තයී.


     සේන බාප්පා මට ගහන්න පැන්නා. මං පාර පැත්තට පැනලා දිව්වා. ගේ ඇතුලේ වලිය ඇහෙනවා. ඒත් මං ගේ පැත්තට ගියෙ නෑ. මගෙන් ගන්න බැරී වාඩුව, සේන බාප්පා ගන්නේ අම්මගෙන්. අම්මට ගහනවා ඇතී හිතුනත්, තවත් පොර කන්න බැරි නිසා මං ගෙදරට එන පාර මැද්දට වෙලා ඉදගෙන හිටියා.
කට්ට කරුවලයි, සතෙක් සර්පයෙක් හිටියත් පේන්නෙ නෑ. සේන බාප්පා එහෙ මෙහෙ වෙනකන් ඉදලා ගේ පිලිකන්නට ආවා. මහ රැවෙලා ගෙට ආවේ සේන බාප්පට නින්ද ගියහම. එලිවෙනකන් ඇහැරලා ඉදලා ඇදුම් කීපයකුයී ,සේරම පොතුයී බැග් එකට දාන් මං ගෙදරින් පිට වෙලා ආවා.


      විමුලගේ ගෙදර යන්න හිතුවත් අම්මා අකමැතී නිසා, නිමේෂලාගේ ගෙදර නතර වුනා. නිමේෂලගෙ අම්මා අපෙ අම්මට කොල් කරලා මං මෙහෙ බව කිව්වා. නිමේෂට හිටියේ නංගිලාම දෙන්නෙක්. ඒ ගෙදර මට කිසිම කරදරයක් නැ.හවස් වෙනකොට අම්මා රෙදී කෑමයී අරන් ආවා. මට ගෙදර එන්න කිව්වේ නෑ. නිමේෂයී මමයී රැ ඇහැරන් පාන්දර වෙනකන් පාඩම් කලා. හුගක් සතුටින් විනෝදයෙන් කාලය ගෙවිලා ගියා. ශානූ අයියා කිව්වේ විභාගේ ඉවර වෙනකන් මෙහෙ ඉදලා, ඊට පස්සෙ ගමේ යන්න කියලා .


     සති දෙකකට පස්සෙ දවසක් හවස අම්මා මාව එක්කන් යන්න ආවා. මං යන්නම බෑ කිව්වා. " මං අරූගෙන් මැරුම් කනවට කැමති නම් ඉන්නවා. බලනවා මගෙ දත" කියලා අම්මා කට පෙන්නුවා. ඉස්සරහා දතේ කෑල්ලක් කැඩිලා ගිහින්.


     මම ආයෙත් ගෙදර ආවා. පාඩම් කරන්න විදිහක් නෑ. මං උත්සහ කලෙත් නෑ .හිතේ නිදහසක් නැතුව පාඩම් කරන්නත් බෑනේ.අවසාන වාර විභාගයත් පටන් ගත්තා. නිවාඩුවට කලින් ලකුනූ දෙන්න හැම ටීචර් කෙනෙක්ම උනන්දු වුනා. විභාගේ නිසා අපිට කලින් ගෙදර යන්න වුනා. අපි ගෙදර යන්න එනකොට නිශාන්ත සර් අපිව ප්‍රශ්න කරන්න අල්ල ගත්තා.


    කොහොම හරී ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකන් අපිට යන්න දුන්නෙ නෑ. විමූටයි මටයී බොරු ගොඩක් කියන්නට සිද්ද වුනා සර්ට. ඉස්කෝලේ ඇරිලා, අද බස් එකේ යනවා කියලා මාත් විමූ එක්ක නතර වුනා.
ටික වෙලාවකින් ලොකු සර්ගෙ වෑන් එක අපි පහු කරන් ගිහින් ටිකක් එහායින් නතර කලා. නතර කරලා අපිට අතින් අඩ ගැහුවා. විමුයී මායී සර්ගේ වෑන් එක ලගට ගියා. වැන් එකේ ටීචර්ලා පිරිලා. නිශාන්ත සර්රුත් වෑන් එක ඇතුලේ හිටියා.

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Sep 2016 06:45 AM
  •  Quote
  •  Reply
සේන බාප්පට ගහමුකෝ අල්ලගෙන STUN එකේ කට්ටියම එකතුවෙලා හරි

බොහොම ස්තුති ඒ කොටසටත්
ඊලග කොටසත් එනකන් බලන් ඉන්නවා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Sep 2016 07:25 AM
  •  Quote
  •  Reply
තවත් කොටස් කීපයම ඇවිත් ..ස්තුති නංගියෝ .
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Sep 2016 07:59 AM
  •  Quote
  •  Reply
Posted By Dushan on 23 Sep 2016 06:45 AM
සේන බාප්පට ගහමුකෝ අල්ලගෙන STUN එකේ කට්ටියම එකතුවෙලා හරි

බොහොම ස්තුති ඒ කොටසටත්
ඊලග කොටසත් එනකන් බලන් ඉන්නවා
හම්මෝ ස්ටන් ඒකේ ඉන්නේ පාතාලේ අයද?

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 02:25 PM
  •  Quote
  •  Reply
ගහන්න බැහැ මරමු අපි සේනයව
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 01:09 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 23 Sep 2016 02:25 PM
ගහන්න බැහැ මරමු අපි සේනයව

ධනු අයියා පාතාල නායකයෙක් වගේ...........
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 01:19 AM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්.....

28. වන කොටස.

ඔය ළමයී මොකද විභාගේ ඉවර වෙලා ගෙදර නොගියේ. එකොළහා වසරේ සේරම ගෙදර ගිහින්නේ. 

ඒක තමා සර්.. මේ ගොල්ලෝ ඉස්කොලේ හිටියෙත් නෑ. අර කොල්ලෝ දෙන්නා එක්ක කොහෙ හරි යන්න ඇති. 


   අපිට උත්තර දෙන්න ඉඩ නොදී ලොකු සරුයි ටීචර්ලයී දොස් කියන්න ගත්තා.

ඇයි සද්ද නැත්තේ ඔය ළමයී කොහෙද හිටියෙ.

සර් අපි නිශාන්ත සර් එක්කනේ හිටියේ. බොරුනම් සර්ගෙන් අහන්නකෝ.
මං උත්තර දුන්නෙ නිශාන්ත සර් දිහා බලමින්.

මේ ඔය ළමයා තවත් බොරු කියන්න ලැහැත්ති වෙන්න එපා. ලැජ්ජාවක් නෑ ඉස්කෝලේ නමත් කනවා.


     අපේ පංති භාර ටීචර් මට ඇගිල්ල දික් කරලම කිව්වා. නිශාන්ත සර් සද්ද නෑ ,මොකුත් නොදන්න ගානට ඉන්නවා. ලොකු සර් එක්ක කටගහන් යන්න බැරි නිසා නිහඩව හිටියා. ටීචර්ලා සර්ලා අපිට දොස් කියලා ආයී ඉස්කෝලේ ඒම තහනම් කලා. වට පිටාවේ ළමයිනුයී ,කඩවල් වල ඉන්න සෙනගයි මැජික් වගේ බලන් ඉන්නවා. තව විභාගයට සතියයි නිසා අපි ආයී ඉස්කෝලේ ගියෙ නෑ. ගෙදරට කිව්වා ඉස්කෝලේ එනවා නම් එන්න නැත්තම් ගෙදරට වෙලා පාඩම් කරන්න කිව්වා කියලා. ඒත් පස්සෙ ගෙදරට සිද්දිය ආරංචි වෙලා තිබුනා. අම්මා මට හොදටම බැන්නා"රෙද්දක් ඇදන් ආයී ඉස්කෝලේ යන්න පුලුවන්ද "කියලා . මං කිව්වා " මට කරන්න දෙයක් නෑ අපි කොහොවත් ගියේ නැ නිශාන්ත සර් එක්ක හිටියේ "කියලා. 


     නිශාන්ත සර් එහෙම කලේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ. එයා ටිකක් අමුතු විදියක් උගන්වන්නෙත් නැ, ඕපදූප හොයනවා විතරයී.ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ අපි දෙන්නම ඉස්කෝලේ ගියා. අපි හිතුවේ ටීචර්ලා අපිට බනිවී කියලා, කට්ටිය මොකුත් නොවුනූ තාලෙට හිටියා. ශානූ අයියා කොහොම හරී මාව හම්බෙන්න අවස්තාවක් හදා ගත්තා.

සුදු මැනික .

ශානූ අයියේ.


    අපි අරලිය ගස් පේලිය ළග ඉන්නකොට ශානූ අයියා අපි ළගට ආවා. නිවාඩු දෙන දවස නිසා ළමයි සේරම නිදැල්ලෙ හිටියේ. සමහර පංති වල සාද පැවැතුනා. අපේ පංතියෙත් හවස සාදයක් ලැහැත්ති කරලා තිබුනා. 

අදින් පස්සෙ අපි ආයී හම්බෙන එකක් නෑ නේද සුදු මැනික. 

ඔව් මාව ගෙයින් එළියට වත් එවන එකක් නෑ.

ඔයා ගමේ යන්න. 

අනේ මංදා යන්න දෙන එකක් නෑ. යන්න තමා හිතාන ඉන්නේ. 

මං ඔයාට තෑග්ගක් ගෙනාවා. බර්ද්ඩේ එකත් ලගයිනේ. අපිට එදාට හම්බෙන්න වෙන්නෙත් නෑනේ. 

මොනාද? 

පැක් කරලා ගෙනාවෙ නෑ . ඔයාට තියා ගන්නත් අමාරුයිනේ. 

ඒකට කමක් නෑ. 

අද බස් එකේ යන්න ඉන්න. බස් එකේදී දෙන්නම් සුදු මැනික.


    ශානු අයියා ටිකක් වෙලා මං ළගට වෙලා ඉදලා පිට වෙලා ගියා. හවස ළමයි සේරම කැදවලා ලොකු සර් රැස්වීමක් තිබ්බා. රැස්වීම වෙලාවේ කිප වතාවක්ම මං ශානූ අයියා දිහා බැලුවා. එයාගෙ මුහුනේ සිනහව තිබුනත්, ඇස් වල දුක ගැබ් වෙලා තිබුනා. අපි දෙන්නම දන්නෙ නෑ ,අපිට ආයී කවද හම්බෙන්න ලැබෙයිද කියලා.


     ශානූ අයියා බස් එකේදී සෙනග අතරින් තෙරපොලා ඇවිත් ලේන්සුවක ඔතපු පොඩි තෑග්ග මගෙ අතේ තිබ්බා. "හුගක් පරිස්සමින් තියා ගන්න අපිට වෙන ක්‍රමයක් නෑ " ශානූ අයියා හුගක් දුකින් එහෙම කියලා සෙනග අතරින් ඉස්සරහට ගියා. මං ගෙදර එනකොට කවුරුත්ම හිටියේ නෑ. මං හිමින් සැරේ ලෙන්සුව දිගහැරලා බැලුවා. දෙවියනේ පෝන් එකක්. සතුටට වඩා දැනුනේ බයක් දැන් කොහොමද මේක තියා ගන්නෙ කියලා. මං ඉක්මනටම පෝන් එක බැලුවා. ඒ වෙනකොටත් මැසේජ් එකක් ඇවිත් තිබුනා

" සුදු මැනික .. හුගක් පරිස්සමින් තියා ගන්න. ඔයා යන තැනක අරන් යන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයී සුදු මැනික. ඔයත් හුගක් පරිස්සම් වෙන්න. කවුරුත්ම නැති වෙලාවක් බලලා මැසේජ් එකක් දාන්න. මං බලන් ඉන්නවා."


    මට ශානූ අයියා ගැන හුගක් දුක හිතුනා. මං ඉක්මනටම පෝන් එක මේස ලාච්චුවෙ හැංගුවා. 
     සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුනා. විභාගය දවස් ටික නම් සාමදානව ගෙවිලා ගියා. සේන බාප්පා බීලා ඇවිත් පොඩි සද්දයක් දැම්මා. අම්මා බැන්න නිසා සද්ද නැතුව හිටියා. 
**************************************
     සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දවස මං ගෙදර ආවේ හුගක් දුකින්. දැං ඉතිං ගෙටම කොටු වෙලා ඉන්න වෙයිනේ කියලා. ඒත් ශානූ අයියා මට පෝන් එකක් දුන්න නිසා මගෙ හිතට පොඩි සැනසීමක් තිබුනා.


    විභාගෙත් ඉවර නිසා අම්මයී චූටී මල්ලි එක්ක නැන්දලාගේ ගෙදර ගියා. අද සේරමලා ගෙදර ,චූටී බාප්පත් ගෙදර හිටියා. සිතාරා අක්කා හොරෙන්ම මගෙ පෝන් එක ඉල්ලගෙන කාමරේට ගියා. මං සාලේ සැටියේ ඉදගෙන ටීවී බලමින් හිටියා. හැමෝම මගෙන් විභාගය ගැන ඇහුවා.


     සේන බාප්පා එතකොටම නැන්දලාගේ ගෙදරට ආවා. ටිකක් වෙලා කැරකී කැරකි ඉදලා එයාගේ පෝන් එකත් අරන් මගෙ ළග තිබුන පුටුවෙන් ඉද ගත්තා. කෝල් එකක් අරන් ස්පීකර දැන්මා.

කට්ටියම අහගන්න දෝනීඇන්දගේ වැඩ.


   සේන බාප්පා එහෙම කියද්දී මගෙ ඇගම පොච්චිලා ගියේ මේ කොල් කරන්නෙ ශානු අයියටද කියලා. සිතාරා අක්කත් එළියට ආවා , චූටී බාප්පත් සෙටියෙ ඉදගෙන හිටියේ. 

හෙලෝව්..

හෙලෝව්..

කවුද මේ..

අදුරන්න බැයිද බං මං ශානු අයියා.


     සේන බාප්පා ශානූ අයියා වගෙ මගෙ යාලුවෙක්ට කොල් කරන්නෙ . ආපු කේන්තියට මට බෙල්ල මිරිකන්න හිතුනා. මං අමාරුවෙන් කේන්තිය ඉවසන් හිටියා. 

අනේ ශානු අයියා කොහෙන්ද ඔයාට අපේ ගෙදර නම්බරේ.

ශදීගෙන් ඉල්ල ගත්තේ. මේ ඒක නෙමේ උදව්වක් කරන්න බැයිද? .

මොකක්ද්ද ? ඔනී උදව්වක් දෙන්නම් කියන්නකෝ.

උබ දන්නවනේ දැන් අපිට හම්බෙන්න විදිහක් නෑ කියලා. දවසක ශදී මායි ඔයාලා ගේ ගෙදර එන්නද. ඔයාලගෙ ගෙදර දවල්ට කවුරුත් නෑනේ.

හානේ .. එන්න ඉතිං.

හරි තෑන්ක්ස් ඈ උදව්වට. බුදු සරණයී .පස්සේ කතා කරන්නම්කෝ.

හරී බුදු සරනයී ශදී මතක් කලා කියන්න..


      සේන බාප්පා පෝන් එක සාක්කුවෙ දාගෙන මං දිහා බැලුවා.

දැං උබ මොකද කියන්නේ.....

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 9 of 16 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below