You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isurusam
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 8 of 13 << < 678910 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Jun 2018 12:33 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 15 Jun 2018 05:15 AM

 මල් වට්ටියක් වෙන්දේසියක් -  විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/f089/sk6k2adnwla63zzzg.jpg?size_id=c

මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදුහිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්.....//

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන් තත්ත්වය රකීවී

මල් වට්ටියක් වෙන්දේසියක්....

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා..
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක් වෙන්දේසියක්....

          ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
         පද රචනය - සුනිල් ආර්.ගමගේ
   සංගීතය - රෝහණ වීරසිංහ



 චාමරගේ නිර්මාණ හැකියාව සහ ඒ කෙරෙහි දක්වන උනන්දුව ගැන අවංකව සතුවෙනවා. මේ දේවල් ඉතා සංවේදීව කරන්න ඕන..ලොකු කාලයක් වැයවෙනවා ඒ වගේම මේවා සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය වෙන්න ගන්නවා..නමුත් අපි නිර්මාණයක් කරන විට එයින් යහපත් හා හරවත් යමක් ලෝකෙට දෙන්න හැම වෙලාවේම උත්සාහකරන්න ඕන. මෙතන මේ ගීතයෙන් කියවෙන්නේ බුදුන්ගේ ගේ උතුම් දහම නිවැරදි නොවන ලෙස අනුගමන කරමින් කරනා පිදුමක් ගැනයි...ඒ නිසා එවන් අරුතක් ඇති ගීතයකට පසුබිම් පින්තූරයක් හෝ රූප රචනාවක් හදද්දී ඒ ගැන මන ලෙස අවබෝධයෙන් කල යුතුයි...උතුම් බුදු හිමි වැඩිය කැළණි විහාරයේ පින්බර දසුනක් මේ ගීතයට නොගැලපේ.මෙය බොදු බැති ගීයක් නොවන නිසා අරුතට වඩා ගැලපෙන පින්තූරයක් යොදාගන්න 
ඔබ පසුගාමී කරන්නට උත්සාහ කිරීමක් නොවේ...ඔබේ උත්සාහය වඩා සාර්ථක කිරීමට මගපෙන්වීමකි.
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jun 2018 01:18 AM
  •  Quote
  •  Reply
මේ සින්දුවෙන් සමාජයට හොද පනිවුඩයක් දෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jun 2018 03:38 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 21 Jun 2018 12:33 AM
Posted By chamaramind on 15 Jun 2018 05:15 AM

 මල් වට්ටියක් වෙන්දේසියක් -  විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/f089/sk6k2adnwla63zzzg.jpg?size_id=c

මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදුහිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්.....//

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන් තත්ත්වය රකීවී

මල් වට්ටියක් වෙන්දේසියක්....

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා..
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක් වෙන්දේසියක්....

          ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
         පද රචනය - සුනිල් ආර්.ගමගේ
   සංගීතය - රෝහණ වීරසිංහ



 චාමරගේ නිර්මාණ හැකියාව සහ ඒ කෙරෙහි දක්වන උනන්දුව ගැන අවංකව සතුවෙනවා. මේ දේවල් ඉතා සංවේදීව කරන්න ඕන..ලොකු කාලයක් වැයවෙනවා ඒ වගේම මේවා සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය වෙන්න ගන්නවා..නමුත් අපි නිර්මාණයක් කරන විට එයින් යහපත් හා හරවත් යමක් ලෝකෙට දෙන්න හැම වෙලාවේම උත්සාහකරන්න ඕන. මෙතන මේ ගීතයෙන් කියවෙන්නේ බුදුන්ගේ ගේ උතුම් දහම නිවැරදි නොවන ලෙස අනුගමන කරමින් කරනා පිදුමක් ගැනයි...ඒ නිසා එවන් අරුතක් ඇති ගීතයකට පසුබිම් පින්තූරයක් හෝ රූප රචනාවක් හදද්දී ඒ ගැන මන ලෙස අවබෝධයෙන් කල යුතුයි...උතුම් බුදු හිමි වැඩිය කැළණි විහාරයේ පින්බර දසුනක් මේ ගීතයට නොගැලපේ.මෙය බොදු බැති ගීයක් නොවන නිසා අරුතට වඩා ගැලපෙන පින්තූරයක් යොදාගන්න 
ඔබ පසුගාමී කරන්නට උත්සාහ කිරීමක් නොවේ...ඔබේ උත්සාහය වඩා සාර්ථක කිරීමට මගපෙන්වීමකි.

ස්තුතියි වැරැද්දක් පෙන්නුවට අයියේ.මම මීට වඩා සැළිකිළිමත් වෙනවා.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
22 Jun 2018 04:32 AM
  •  Quote
  •  Reply
ඉමල්ක කියුවා සේ චාමර මල්ලිගේ දක්ෂතාවයට අර ගැලපීම් ටිකත් සමඟම නිවැරදිවම වුනා නම් නිර්මාණ වල සාර්ථකත්වය සුපිරියටම එනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 05:59 PM
  •  Quote
  •  Reply

කඳුළ නිවන්නම් - ප්‍රියානි ජයසිංහ

http://www.mediafire.com/convkey/2bf3/kianhlimzn48vnzzg.jpg?size_id=c

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවානම්

මල් පූදින්නේ දෑගිලි අතරේ...
තැලී පෙලී මියැදෙන්න නොවේ.....//
සෙනෙහෙ පුදන්නේ..සෙනෙහෙ ලබන්නයි
හිත රිඳවා හඬවන්න නොවේ...

කඳුළ නිවන්නම් නෙත....

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි.....//
සෙනෙහෙ පුදන්නේ..අඳුරේ තනිවූ
හිතතට එළියක් ලැබදෙන්නයි...

කඳුළ නිවන්නම් නෙත....

ගායනය - ප්‍රියානි ජයසිංහ
             පද රචනය - අශෝක කෝවිලගේ
         සංගීතය - අශෝක කෝවිලගේ


ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 06:01 PM
  •  Quote
  •  Reply

සුන්දර හඳකට දී - විශාරද ප්‍රියානි ජයසිංහ

http://www.mediafire.com/convkey/5b44/db8359qmiq4s113zg.jpg?size_id=c

සුන්දර හඳකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළංකර ගැනුමට මා මේතරම්
මං කළ පින කිව මැන රත්තරං
සුන්දර හඳකට දී පෙම් වරම්....

පුන්සඳ මෝරන කොට සුන්දරයි
සුන්දර බව වැඩිවී පෙම්බරයි....//
පෙම්බර බව හැරුණම පින්බරයි..
මං ඔබ ගැන හිතුවෙත් එලෙසමයි

සුන්දර හඳකට දී පෙම් වරම්....

මන්දිර සිත තුළ අහසට උසයි
ළංකර සවනට ගියනට සිතයි.....//
සුන්දර යුගදිවියට හිත කැපයි..
පෙම්වත ළඟ එන නැකත ද සුබයි

සුන්දර හඳකට දී පෙම් වරම්....

  ගායනය - විශාරද ප්‍රියානි ජයසිංහ
   පද රචනය - අශෝක කෝවිලගේ
සංගීතය - අශෝක කෝවිලගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 06:03 PM
  •  Quote
  •  Reply

සත්සර නංවන - ඉන්ද්‍රජිත් දොලමුල්ල

http://www.mediafire.com/convkey/3544/53vgk57j6fxm7lazg.jpg?size_id=c

සත්සර නංවන නාදය ඇසුවඳ
හදවත හඬනා රාවය ඇසුණද
එක්තැන් මැඳුරක සිරවුණු ඔබම වේ
සුළඟට එක් කළ ගී හඬ ඇසුණද

සමනල් වසන්තේ නිමා වුණාදෝ
මුව පිරි සිනාහව වියෙකි ගියාදෝ....//
වලා රොදින් සඳ පමා වුණාදෝ
යළි හමුවන්නට වරම් ලැබේදෝ

සත්සර නංවන නාදය.....

පාළුව තනිකම සිතට දැනිදෝ
තෙපළු ආදර බස් සිහිවේදෝ...//
අපේ පැතුම් ලොව නටබුන් වේදෝ
සඳා මගෙන් ඔබ දුරස් කළාදෝ

සත්සර නංවන නාදය.....

ගායනය - ඉන්ද්‍රජිත් දොලමුල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2018 06:05 PM
  •  Quote
  •  Reply

සඳේ තනිය මැකු - ඉන්ද්‍රජිත් දොළමුල්ල

http://www.mediafire.com/convkey/e0db/9af5jxdr6pb18pozg.jpg?size_id=c

සඳේ තනිය මැකු පුංචි තාරුකාවියේ
අමාවකේ ඇයි නෙතඟින් වැළපෙන්නේ
මා..ළඟ උන් ඔබ අද කොයිබොදෝ ගියේ
මතක සිහින රැල් නෙතු අඟ නතර වුණේ
සඳේ තනිය මැකු පුංචි තාරුකාවියේ

පාළුව රජ යයි මගේ දිවිය තුළ
ඔබ නැති මේ යාමේ..
අල්ලා අත් වැල් ගිය හැටි මතකයි
පිණි ඉහිරුණු පාරේ....

සඳේ තනිය මැකු පුංචි තාරුකාවියේ

නෙතඟින් බලලා කී හැටි මතකයි
කුළුඳුල් සෙනෙහස මෙය කියලා
මතකය අවදිවී ඔබ ළඟ උන් විට
නෙතු අඟ කඳුලක් නතර වුණා

සඳේ තනිය මැකු......

ගායනය - ඉන්ද්‍රජිත් දොළමුල්ල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jun 2018 08:02 PM
  •  Quote
  •  Reply
දොළමුල්ලගේ අලංකාර සිංදු ටිකක් දාලා..
තරුණ සිතට රිදුම් ... ගීතයත් දාන්න මල්ලී..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jun 2018 01:34 AM
  •  Quote
  •  Reply
එද දොලමුල්ලයි අද දොලමුල්ලයි අතර මහත කොහොමද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2018 07:07 PM
  •  Quote
  •  Reply

හිස් බඩ..හිස් බඩ..

http://www.mediafire.com/convkey/5f7f/e6zvdj05fv2l911zg.jpg?size_id=c

කෝච්චි බස්..කෝච්චි බස්..
ස්කූල් වෑන්...ස්කූල් වෑන්..
චූන් පාන් බනිස්...චූන් පාන් බනිස්..
රෝල්ස් කට්ලට් ෆැටිෂ්..
කිසිත් නැතේ...කිසිත් නැතේ..
කිසිත් නැතේ...කිසිත් නැතේ..

දිය ඇල්ලේ වාෂ්පයේ..
නහය පිරෙන්නට හුස්ම ඇතේ...//
කඳු යායේ...නිල් අහසේ..
දෙනෙත් පිරෙන්නට නිල්ල ඇතේ...//

හිස් බඩ..හිස් බඩ..හිස් බඩ
පාදයි බුද්ධිය පින් මට
හිස් බඩ..හිස් බඩ..හිස් බඩ
පාදයි බුද්ධිය පින් මට
දෙන්නෙමි මං..නිසි විසඳුම්
අම්මට..තාත්තට..අක්කට
අම්මට..තාත්තට..අක්කට

පද රචනය - රසික සුරවීර ආරච්චි
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
                                             ගායනය - ජනනි ඉමත්මා,සඳරු ගිම්හාන,මධුරංග ධර්මවර්ධන

Download Pdf File | Download Song


ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2018 07:11 PM
  •  Quote
  •  Reply

තරුණ සිතට රිදුම් - ඉන්ද්‍රජිත් දොළමුල්ල

http://www.mediafire.com/convkey/c844/fcqcvywuu098z1qzg.jpg?size_id=c

තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....//

දේදුන්නේ ලියූ පෙම්පත - සේදී බොඳවීලා
රෑ පින්නේ තැබූ පියවර - සළකුණු වියැකීලා
නැඟුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ....

ඇගේ ගෙලේ පළදන්නට - ඇමිණුව කරු මාලේ
ඉබේ ලෙහී විසිරී ඇත - සඳ යහන් දැවේ..
නැඟුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....//

 ගායනය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
     පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
 සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල

 

Download Pdf File

www.mediafire.com/file/137u21xru5nw735/THARUNASITATAT-INDRAJITH.pdf/file

ඉන්දික76 අයියාගේ ඉල්ලිම පරිදි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Jun 2018 08:21 PM
  •  Quote
  •  Reply
නියමයි මල්ලී.. මම ආසම ගීතයක්...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
29 Jun 2018 01:40 AM
  •  Quote
  •  Reply
දොලමුල්ල ගෙ ලස්සන සින්දුවක් මල්ලි .. එළකිරි 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 06:31 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 28 Jun 2018 07:07 PM

හිස් බඩ..හිස් බඩ..

http://www.mediafire.com/convkey/5f7f/e6zvdj05fv2l911zg.jpg?size_id=c

කෝච්චි බස්..කෝච්චි බස්..
ස්කූල් වෑන්...ස්කූල් වෑන්..
චූන් පාන් බනිස්...චූන් පාන් බනිස්..
රෝල්ස් කට්ලට් ෆැටිෂ්..
කිසිත් නැතේ...කිසිත් නැතේ..
කිසිත් නැතේ...කිසිත් නැතේ..

දිය ඇල්ලේ වාෂ්පයේ..
නහය පිරෙන්නට හුස්ම ඇතේ...//
කඳු යායේ...නිල් අහසේ..
දෙනෙත් පිරෙන්නට නිල්ල ඇතේ...//

හිස් බඩ..හිස් බඩ..හිස් බඩ
පාදයි බුද්ධිය පින් මට
හිස් බඩ..හිස් බඩ..හිස් බඩ
පාදයි බුද්ධිය පින් මට
දෙන්නෙමි මං..නිසි විසඳුම්
අම්මට..තාත්තට..අක්කට
අම්මට..තාත්තට..අක්කට

පද රචනය - රසික සුරවීර ආරච්චි
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
                                             ගායනය - ජනනි ඉමත්මා,සඳරු ගිම්හාන,මධුරංග ධර්මවර්ධන

Download Pdf File | Download Song



හම්බ උනාට තාම බලන්න බැරි උනා මේ ෆිල්ම් එක 
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 08:00 AM
  •  Quote
  •  Reply
ඒක ෆිල්ම් එකක සින්දුවක් ද, ලස්සනයි , මොකද්ද ෆිල්ම් එක
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 08:07 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 29 Jun 2018 08:00 AM
ඒක ෆිල්ම් එකක සින්දුවක් ද, ලස්සනයි , මොකද්ද ෆිල්ම් එක

5සමත් ........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jul 2018 09:16 PM
  •  Quote
  •  Reply

සුප්..සුප්...

http://www.mediafire.com/convkey/fc21/q6xs2ic9ajl7tyazg.jpg

සුප්..සුප්...සුප්...සුප්..
ලංකාවේ වැඩියෙන් ඇත්තේ
කවුරුත් දැන් ඉල්ලන්නේ
මේ කාලේ මුල් තැන ගන්නේ
රස කර කර දැන් බොන්නේ
ලංකාවේ වැඩියෙන් ඇත්තේ
කවුරුත් දැන් ඉල්ලන්නේ
ලෙඩ්ඩුන්ටයි පෙව්වේ මේවා
ගුණ හින්දයි බිව්වේ මේවා
ලෙඩ්ඩුන්ටයි පෙව්වේ මේවා
ගුණ හින්දයි බිව්වේ මේවා
හොඳ බීමක් නෑ මේ ලෝකේ
මේ වගේ... මේ වගේ..
ෂා.
සුප්..සුප්...සුප්...සුප්..

සුප්..සුප්...සුප්...සුප්..
එළවලුනුයි මේ හැදුවේ..මස් ජාතිත් දැම්මේ
ආසයි කියලයි මේ බීවේ
වැඩි විටමින් ලැබුණේ
හෝ..ඒ හින්දයි බිව්වේ මේවා
ලොව කොතැනත් ඇත්තේ මේවා
හොඳ බීමක් නෑනේ ලෝකේ
මේ වගේ...මේ වගේ...
ෂා...
සුප්..සුප්...සුප්...සුප්..

සුප්..සුප්...සුප්...සුප්..
හරි පුදුමයි දැන් මේ කාලේ
සමහරුගේ තාලේ
හොඳ කියමන් කියනව ඇහුණේ
මල් මසුරන් වාගේ
හෝ...ආදර වැඩි බව පෙන්වන්නේ
ඒ තරමට ළෙන්ගතුවන්නේ
සෙරෙප්පු හෝදල සුප් බොන්නේ
ඒ නිසා...ඒ නිසා...
ෂා...

බණ්ඩාට මගෙ පණ හරි දෙන්නේ
අප්පුවටත් මගේ පණ දෙන්නේ.../////

පද රචනය - හේමසිරි හල්පිට
ගායනය - ශ්‍රී ලාල් අබේකෝන් ( අප්පුවා)
             සමන් ගුණවර්ධන ( බණ්ඩා)
කැසට් ඇල්බයේ නම - බැංජො රබන් 2 (සුප්..සුප්..)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jul 2018 09:19 PM
  •  Quote
  •  Reply

සුවඳාට කැමතීම නෑ

http://www.mediafire.com/convkey/6b3a/833wqg1ilmtvgh7zg.jpg

සුවඳාට කැමතීම නෑ - එළු රැවුල නිසා කැමතීම නෑ
බණ්ඩාට කැමතීම නෑ - මුගෙ තට්ටේ නිසා කැමතීම නෑ
සුවඳාට කැමතීම නෑ - එළු රැවුල නිසා කැමතීම නෑ
මටනේ ඇගේ ආදරේ - රහසින් කියා ඈ ගියා
ඉල්ලා ඇගේ ආදරේ - මේ ගොල්ලෝ පස්සෙන් ගියා
සුවඳාට කැමතීම නෑ - එළු රැවුල නිසා කැමතීම නෑ
බණ්ඩාට කැමතීම නෑ - මුගෙ තට්ටේ නිසා කැමතීම නෑ


හොරැහින් බලන්නේ...මුන් ඔච්චම් කරන්නේ
නැහැ කැමති කියන්නේ - ඇයි තෝ පස්සෙන් යන්නේ...//
මේ වාගේ දිනාලා..දැන් යාවී සොයාලා
මෝඩයන් සේ සිඟා...ආදරේ නෑ ලැබෙන්නේ..

සුවඳාට කැමතීම නෑ - එළු රැවුල නිසා කැමතීම නෑ
බණ්ඩාට කැමතීම නෑ - මුගෙ තට්ටේ නිසා කැමතීම නෑ

පෙම්වන්තු වෙන්නේ..ඇයි පැන පැනම දෙන්නේ
මේ විගඩම් පෙනෙන්නේ - වස ලැජ්ජාව හිතෙන්නේ...//
මා ඇගේ කියාලා..ඈ ආව සොයාලා
අද මාගෙයි එයා...ආදරේ මා ලබන්නේ

සුවඳාට කැමතීම නෑ....

පද රචනය - හේමසිරි හල්පිට
                  ගායනය - ශ්‍රී ලාල් අබේකෝන් ( අප්පුවා)
                               සමන් ගුණවර්ධන ( බණ්ඩා)
                                    කැසට් ඇල්බයේ නම - බැංජො රබන් 2 (සුප්..සුප්..)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jul 2018 11:28 PM
  •  Quote
  •  Reply
මම නම් මේ සින්දු අහලම නෑ, ඇත්තටම ලස්සනයි ද මේව
0
Add Reply
Page 8 of 13 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below